උපනිධිකථා අට‍්ඨකථා
උපනිධිකථා
උපනිධිකථා
උපනිධිම‍්හි – නාහං ගණ‍්හාමීති සම‍්පජානමුසාවාදෙපි අදින‍්නාදානස‍්ස පයොගත‍්තා දුක‍්කටං. “කිං තුම‍්හෙ භණථ? නෙවිදං මය‍්හං අනුරූපං, න තුම‍්හාක”න‍්තිආදීනි වදන‍්තස‍්සාපි දුක‍්කටමෙව. “රහො මයා එතස‍්ස හත්‍ථෙ ඨපිතං, න අඤ‍්ඤො කොචි ජානාති, ‘දස‍්සති නු ඛො මෙ නො’”ති සාමිකො විමතිං උප‍්පාදෙති, භික‍්ඛුස‍්ස ථුල‍්ලච‍්චයං. තස‍්ස ඵරුසාදිභාවං දිස‍්වා සාමිකො “න මය‍්හං දස‍්සතී”ති ධුරං නික‍්ඛිපති, තත්‍ර සචායං භික‍්ඛු “කිලමෙත්‍වා නං දස‍්සාමී”ති දානෙ සඋස‍්සාහො, රක‍්ඛති තාව. සචෙපි සො දානෙ නිරුස‍්සාහො, භණ‍්ඩස‍්සාමිකො පන ගහණෙ සඋස‍්සාහො , රක‍්ඛතෙව. යදි පන සො දානෙ නිරුස‍්සාහො භණ‍්ඩසාමිකොපි “න මය‍්හං දස‍්සතී”ති ධුරං නික‍්ඛිපති, එවං උභින‍්නං ධුරනික‍්ඛෙපෙන භික‍්ඛුනො පාරාජිකං . යදිපි මුඛෙන “දස‍්සාමී”ති වදති, චිත‍්තෙන පන අදාතුකාමො, එවම‍්පි සාමිකස‍්ස ධුරනික‍්ඛෙපෙ පාරාජිකං. තං පන උපනිධි නාම සඞ‍්ගොපනත්‍ථාය අත‍්තනො හත්‍ථෙ පරෙහි ඨපිතභණ‍්ඩං, අගුත‍්තදෙසතො ඨානා චාවෙත්‍වා ගුත‍්තට‍්ඨානෙ ඨපනත්‍ථාය හරතො අනාපත‍්ති. ථෙය්‍යචිත‍්තෙනපි ඨානා චාවෙන‍්තස‍්ස අවහාරො නත්‍ථි. කස‍්මා? අත‍්තනො හත්‍ථෙ නික‍්ඛිත‍්තත‍්තා, භණ‍්ඩදෙය්‍යං පන හොති. ථෙය්‍යචිත‍්තෙන පරිභුඤ‍්ජතොපි එසෙව නයො. තාවකාලිකග‍්ගහණෙපි තථෙව. ධම‍්මං චරන‍්තොතිආදි වුත‍්තනයමෙව. අයං තාව පාළිවණ‍්ණනා.
උපනිධියෙහි ‘නාහං ගණ්හාමි’ මම නොගනිමියි දැන බොරුකීමෙහිද අදින්නාදානයේ ප්‍රයොග බැවින් දුක්කටය වේ. ‘තෙපි කුමක් කියහුද, මේ භාණ්ඩය මට සුදුසු නොවේ, තොපටද සුදුසු නොවේ’ යනාදිය කියන්නහුටද දුක්කටයම වේ. ‘මා විසින් රහසින් මොහුගේ අතෙහි තබන ලද්දේය, අන් කිසිවෙක් නොදනියි, මට මෙය දෙන්නේද, නොදෙන්නේදැ’යි භාණ්ඩ ස්වාමි විමතිය උපදවානම්, මහණහුට ථුල්ලච්චය වේ. ඒ මහණහුගේ ඵරුෂාදිභාවය දැක ස්වාමිතෙමේ ‘මෙය මට නොදෙන්නේය’යි ධුරනිඃක්‍ෂෙපය කෙරේද, එහිදී ඉදින් මේ මහණතෙමේ වෙහෙසට පත්කොට එය දෙන්නෙමියි දීමෙහි උත්සාහ සහිත වූයේනම්, ඒ තාක් රකියි. ඉදිනුදු ඔහු දීමෙහි උත්සාහ රහිතවූයේද, භාණ්ඩ ස්වාමිතෙමේ ගැනීමෙහි උත්සාහ සහිතවූයේද රකීමය. ඉදින්වනාහි ඔහු දීමෙහි උත්සාහ රහිතකල්හි භාණ්ඩ ස්වාමිතෙමේ ‘මට නොදෙන්නේය’යි ධුරනිඃක්‍ෂෙපය කෙරේද, මෙසේ දෙදෙනාගේ ධුරනිඃක්‍ෂෙපයෙන් මහණහුට පාරාජිකය වේ. ඉදිනුදු මුවෙන් දෙන්නෙමියි කියාද සිතින් වනාහි නොදෙනු කැමැත්තේද. මෙසේද හිමියාගේ ධුරනිඃක්‍ෂෙපයෙහිදී පාරාජිකය වේ. ඒ උපනිධි නම්වූ රැකීම පිණිස අන්‍යයන් විසින් තමාගේ අත තැබූ භාණ්ඩය, ආරක්‍ෂා රහිත තැනින් ඨානාචාවනය කොට රක්‍ෂාස්ථානයක තැබීම පිණිස ගෙන යන්නහුට ඇවැත් නොවේ. සොරසිතිනුදු තුබූතැනින් පහ කරන්නහුට අවහාරයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: තමන්ගේ අතෙහි තුබූ බැවිනි. භණ්ඩදෙය්‍ය වේ. සොරසිතින් පරිභොග කරන්නහුටද මේනයම වේ. තාවකාලිකකොට ගැනීමෙහිද එසේමය. ‘ධම්මං චරන්තො’ යනාදිය කියූනය ඇත්තේමය. මේ වනාහි පාලිවර්‍ණනාවය.
පාළිමුත‍්තකවිනිච‍්ඡයො පනෙත්‍ථ පත‍්තචතුක‍්කාදිවසෙන එවං වුත‍්තො – එකො කිර භික‍්ඛු පරස‍්ස මහග‍්ඝෙ පත‍්තෙ ලොභං උප‍්පාදෙත්‍වා තං හරිතුකාමො ඨපිතට‍්ඨානමස‍්ස සුට‍්ඨු සල‍්ලක‍්ඛෙත්‍වා අත‍්තනොපි පත‍්තං තස‍්සෙව සන‍්තිකෙ ඨපෙසි. සො පච‍්චූසසමයෙ ආගන‍්ත්‍වා ධම‍්මං වාචාපෙත්‍වා නිද‍්දායමානං මහාථෙරමාහ – “වන්‍දාමි, භන‍්තෙ”ති. “කො එසො”ති? “අහං, භන‍්තෙ, ආගන‍්තුකභික‍්ඛු, කාලස‍්සෙවම‍්හි ගන‍්තුකාමො, අසුකස‍්මිඤ‍්ච මෙ ඨානෙ ඊදිසෙන නාම අංසබද‍්ධකෙන ඊදිසාය පත‍්තත්‍ථවිකාය පත‍්තො ඨපිතො. සාධාහං, භන‍්තෙ, තං ලභෙය්‍ය”න‍්ති ථෙරො පවිසිත්‍වා තං ගණ‍්හි. උද‍්ධාරෙයෙව චොරස‍්ස පාරාජිකං. සචෙ ආගන‍්ත්‍වා “කොසි ත්‍වං අවෙලාය ආගතො”ති වුත‍්තො භීතො පලායති, පාරාජිකං පත්‍වාව පලායති. ථෙරස‍්ස පන සුද‍්ධචිත‍්තත‍්තා අනාපත‍්ති. ථෙරො “තං ගණ‍්හිස‍්සාමී”ති අඤ‍්ඤං ගණ‍්හි, එසෙව නයො. අයං පන අඤ‍්ඤං තාදිසමෙව ගණ‍්හන‍්තෙ යුජ‍්ජති, මනුස‍්සවිග‍්ගහෙ ආණත‍්තසදිසවත්‍ථුස‍්මිං විය. කුරුන්‍දියං පන “පදවාරෙන කාරෙතබ‍්බො”ති වුත‍්තං, තං අතාදිසමෙව ගණ‍්හන‍්තෙ යුජ‍්ජති.
පෙළින් මිදුනු විනිශ්චය මෙහි පත්තචතුක්කාදි වසයෙන් මෙසේ කියන ලද්දේය: එක් මහණෙක් වනාහි මෙරමාගේ මාහැගි පාත්‍රයෙහි ලොභ උපදවා එය ගෙනයනු කැමැත්තේ මේ පාත්‍රය තුබූතැන මොනවට සලකා තමන්ගේ පාත්‍රයද ඒ පාත්‍රය ලඟම තැබූයේය. ඒ මහණතෙමේ උදෑසන අලුයම් කාලයෙහි අවුත් ධර්‍මය කියවා නිදන මහතෙරුන්ට ‘ස්වාමීනි! වඳිමි’යි කීයේය. උන්වහන්සේ මේ කවරෙක්දැ’යි ඇසූහ. ‘ස්වාමීනි! මම ආගන්තුක මහණෙක්මි, කල්ඇතිවම යනු කැමැත්තෙමි, ස්වාමිනි! මා විසින් අසුවල් තැන මෙබඳු අස්වැටියක් හා මෙබඳු පාපසුම්බියක් හා පාත්‍රයක් තබන ලද්දේය. ‘ස්වාමීනි! එය ලබන්නෙම්නම් මැනවැ’යි ඔහු කීයේය. ස්ථවිරයන් වහන්සේ එහි ඇතුල්ව එය ගත්හ. එය නගාගැනීමෙහිදීම සොරමහණහුට පාරාජිකය විය. ඉදින් අවුත් ‘නොකල්හි ආවාවූ තෝ කවරෙක් වෙහිදැ’යි ඇසූකල්හි බියවූයේ පලායේද, පාරාජිකයට පැමිණ පලායයි. තෙරුන්ට වනාහි පිරිසිදු සිත්ඇති බැවින් ඇවැත් නොවේ. ස්ථවිරයන් වහන්සේ ‘ඒ පාත්‍රය ගන්නෙමි’යි අන්‍ය පාත්‍රයක් ගත්තාහුද මෙම නයවේ. මෙයවනාහි අන්‍ය වූ එබඳු වූවක්ම ගන්නා කල්හි යෙදෙන්නේය. මනුෂ්‍ය විග්‍රහයෙහි ආණත්තිසදිස වස්තුවෙහි මෙනි. කුරුන්‍දියෙහි වනාහි තෙරුන් විසින් ගෙනෙන ලද පාත්‍රය ගෙන යන්නහුගේ පියවරින් කරවිය යුතුයයි කියන ලද්දේය. එය ඒ හා සමාන නොවූවක් ගන්නා කල්හි යෙදෙන්නේය.
තං මඤ‍්ඤමානො අත‍්තනො පත‍්තං ගණ‍්හිත්‍වා අදාසි, චොරස‍්ස සාමිකෙන දින‍්නත‍්තා පාරාජිකං නත්‍ථි, අසුද‍්ධචිත‍්තෙන පන ගහිතත‍්තා දුක‍්කටං. තං මඤ‍්ඤමානො චොරස‍්සෙව පත‍්තං ගණ‍්හිත්‍වා අදාසි, ඉධාපි චොරස‍්ස අත‍්තනො සන‍්තකත‍්තා පාරාජිකං නත්‍ථි, අසුද‍්ධචිත‍්තෙන පන ගහිතත‍්තා දුක‍්කටමෙව. සබ‍්බත්‍ථ ථෙරස‍්ස අනාපත‍්ති.
ඒ පාත්‍රයයි හඟිමින් තමන්ගේ පාත්‍රය ගෙනදුන්නේය. හිමියා විසින් දුන්බැවින් සොරුට පාරාජිකයක් නැත්තේය. අපිරිසිදු සිතින් ගත්බැවින් දුක්කටය වේ. ඒ පාත්‍රයයි හඟිමින් සොරුගේම පත්‍රය ගෙනදුන්නේය. මෙහිද සොරුට තමන් සතු බැවින් පාරාජිකයක් නැත්තේය. අපිරිසිදු සිතින් ගත්බැවින් දුක්කටයම වේ. සියලු තන්හි තෙරුන්ට ඇවැත් නැත්තේය.
අපරො “පත‍්තං චොරෙස‍්සාමී”ති තථෙව නිද‍්දායමානං ථෙරං වන්‍දි. “කො අය”න‍්ති ච වුත‍්තෙ ‘අහං, භන‍්තෙ, ගිලානභික‍්ඛු, එකං තාව මෙ පත‍්තං දෙථ, ගාමද‍්වාරං ගන‍්ත්‍වා භෙසජ‍්ජං ආහරිස‍්සාමී”ති. ථෙරො “ඉධ ගිලානො නත්‍ථි, චොරො අයං භවිස‍්සතී”ති සල‍්ලක‍්ඛෙත්‍වා “ඉමං හරතූ”ති අත‍්තනො වෙරිභික‍්ඛුස‍්ස පත‍්තං නීහරිත්‍වා අදාසි, ද‍්වින‍්නම‍්පි උද‍්ධාරෙයෙව පාරාජිකං. “වෙරිභික‍්ඛුස‍්ස පත‍්තො”ති සඤ‍්ඤාය අඤ‍්ඤස‍්ස පත‍්තං උද‍්ධරන‍්තෙපි එසෙව නයො. සචෙ පන “වෙරිස‍්සාය”න‍්ති සඤ‍්ඤාය චොරස‍්සෙව පත‍්තං උද‍්ධරිත්‍වා දෙති, වුත‍්තනයෙනෙව ථෙරස‍්ස පාරාජිකං, චොරස‍්ස දුක‍්කටං. අථ “වෙරිස‍්සාය”න‍්ති මඤ‍්ඤමානො අත‍්තනො පත‍්තං දෙති, වුත‍්තනයෙනෙව උභින‍්නම‍්පි දුක‍්කටං.
අනිකෙක් ‘පාත්‍රයක් සොරකම් කරන්නෙමි’යි එසේම නිදන තෙරුන් වැන්දේය. මේ කවරෙක්දැ’යි තෙරුන් විචාළ කල්හි ‘ස්වාමීනි! මම ගිලන් මහණෙක්මි, මට එක් පාත්‍රයක් දුනමැනව, ඇතුළුගමට ගොස් බෙහෙතක් ගෙන එන්නෙමි’යි ඔහු කීයේය. ස්ථවිරතෙමේ ‘මෙහි ගිලනෙක් නැත්තේය, මෙතෙමේ සොරෙක් වන්නේය’යි සලකා ‘මේ පාත්‍රය ගෙනයේවා’යි තමාට වෛරී භික්‍ෂුනමකගේ පාත්‍රයක් ගෙනවුත් දුන්නේය. එය නගා ගන්නා කල්හිද මෙම නයවේ. ඉදින්වනාහි ‘මේ පාත්‍රය වෛරීහුගේමය’ යන හැඟීමෙන් සොරහුගේම පාත්‍රය නගාදේද, කියූනයින්ම තෙරුන්ට පාරාජිකය වේ. සොරුට දුක්කටය වේ. නැවත ‘වෛරීහුගේය’යි හඟිමින් තමන්ගේ පාත්‍රය දේද, කියූනයින්ම දෙදෙනාහටම දුක්කටය වේ.
එකො මහාථෙරො උපට‍්ඨාකං දහරභික‍්ඛුං “පත‍්තචීවරං ගණ‍්හ, අසුකං නාම ගාමං ගන‍්ත්‍වා පිණ‍්ඩාය චරිස‍්සාමා”ති ආහ. දහරො ගහෙත්‍වා ථෙරස‍්ස පච‍්ඡතො පච‍්ඡතො ගච‍්ඡන‍්තො ථෙය්‍යචිත‍්තං උප‍්පාදෙත්‍වා සචෙ සීසෙ භාරං ඛන්‍ධෙ කරොති, පාරාජිකං නත්‍ථි. කස‍්මා? ආණත‍්තියා ගහිතත‍්තා. සචෙ පන මග‍්ගතො ඔක‍්කම‍්ම අටවිං පවිසති, පදවාරෙන කාරෙතබ‍්බො. අථ නිවත‍්තිත්‍වා විහාරාභිමුඛො පලායිත්‍වා විහාරං පවිසිත්‍වා ගච‍්ඡති, උපචාරාතික‍්කමෙ පාරාජිකං. අථාපි මහාථෙරස‍්ස නිවාසනපරිවත‍්තනට‍්ඨානතො ගාමාභිමුඛො පලායති, ගාමූපචාරාතික‍්කමෙ පාරාජිකං. යදි පන උභොපි පිණ‍්ඩාය චරිත්‍වා භුඤ‍්ජිත්‍වා වා ගහෙත්‍වා වා නික‍්ඛමන‍්ති, ථෙරො ච පුනපි තං වදති – “පත‍්තචීවරං ගණ‍්හ, විහාරං ගමිස‍්සාමා”ති. තත්‍ර චෙ සො පුරිමනයෙනෙව ථෙය්‍යචිත‍්තෙන සීසෙ භාරං ඛන්‍ධෙ කරොති, රක‍්ඛති තාව. අටවිං පවිසති, පදවාරෙන කාරෙතබ‍්බො. නිවත‍්තිත්‍වා ගාමාභිමුඛො එව පලායති, ගාමූපචාරාතික‍්කමෙ පාරාජිකං. පුරතො විහාරාභිමුඛො පලායිත්‍වා විහාරෙ අට‍්ඨත්‍වා අනිසීදිත්‍වා අවූපසන‍්තෙනෙව ථෙය්‍යචිත‍්තෙන ගච‍්ඡති, උපචාරාතික‍්කමෙ පාරාජිකං. යො පන අනාණත‍්තො ගණ‍්හාති, තස‍්ස සීසෙ භාරං ඛන්‍ධෙ කරණාදීසුපි පාරාජිකං. සෙසං පුරිමසදිසමෙව.
එක්මහාස්ථවිර නමක් උපස්ථායක වූ එක් තරුණ භික්‍ෂු නමක්හට ‘පා සිවුරු ගනුව, අසුවල් ගමට ගොස් පිඬු පිණිස හැසිරෙන්නෙමු’යි කීයේය. තරුණ භික්‍ෂුතෙමේ තෙරුන් පසුපස යනුයේ සොරසිත් උපදවා හිස තුබූ බර කරටගනීද, පාරාජිකයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: අණින් ගත්බැවිනි. ඉදින් වනාහි මගින් ඈත්ව වනයට පිවිසේද, පදවාරයෙන් කරවිය යුත්තේය. නැවත නැවතී විහාරයට අභිමුඛව පලාගොස් විහාරයට පිවිසියේද, උපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. තවද මහතෙරුන් අඳනය මාරුකරන තැනින් ගමට අභිමුඛව පලායේද ග්‍රාමොපවාරය ඉක්මවීමෙහි දී පාරාජිකය වේ. ඉදින්වනාහි දෙදෙනම පිඬු පිණිස හැසිර වළඳා හෝ ගෙන හෝ නික්මෙත්ද, ස්ථවිරතෙමේද, එහිදී නැවතත් ‘පාසිවුරු ගනුව, විහාරයට යන්නෙමු’යි ඔහුට කියයි, එහිදී ඔහු පෙරකියූ නයින්ම සොරසිතින් හිස තුබූ බර කරට ගනීද, ඒතාක් රකියි. වනයට පිවිසේද, පදවාරයෙන් කරවිය යුතුය. නැවතී ගමට අභිමුඛවම පලායේද, ග්‍රාමොපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. ඉදිරියෙහි විහාරයට අභිමුඛව පලාගොස් විහාරයෙහි නොසිට නොඉඳ නොසන්සිඳුනාවූම සොරසිතින් යේද, උපචාරය ඉක්මීමෙහිදී පාරාජිකය වේ. යමෙක්වනාහි නොඅණවන ලදුයේ ගණීද, ඔහුට හිසෙහි බර කරෙහි තැබීම් ආදියෙහිද පාරාජිකය වේ. මගින් පහවීම විහාරයට අභිමුඛව යෑම යනාදී වූ සියල්ල පෙරකියන ලද්දම සමාන වේ.
යො පන “අසුකං නාම විහාරං ගන‍්ත්‍වා චීවරං ධොවිත්‍වා රජිත්‍වා වා එහී”ති වුත‍්තො “සාධූ”ති ගහෙත්‍වා ගච‍්ඡති, තස‍්සපි අන‍්තරාමග‍්ගෙ ථෙය්‍යචිත‍්තං උප‍්පාදෙත්‍වා සීසෙ භාරං ඛන්‍ධෙ කරණාදීසු පාරාජිකං නත්‍ථි. මග‍්ගා ඔක‍්කමනෙ පදවාරෙන කාරෙතබ‍්බො. තං විහාරං ගන‍්ත්‍වා තත්‍ථෙව වසන‍්තො ථෙය්‍යචිත‍්තෙන පරිභුඤ‍්ජන‍්තො ජීරාපෙති, චොරා වා තස‍්ස තං හරන‍්ති, අවහාරො නත්‍ථි, භණ‍්ඩදෙය්‍යං පන හොති. තතො නික‍්ඛමිත්‍වා ආගච‍්ඡතොපි එසෙව නයො.
යමෙක් වනාහි ‘අසුවල් විහාරයට ගොස් සිවුර සෝදා හෝ රඳන් ගන්වා හෝ එව’යි කියන ලද්දේ ‘යහපතැ’යි ගෙනයේද, ඔහුටද අතරමගදී සොරසිත් උපදවා හිසෙහි තුබූ බර, කරෙහි තැබීම් ආදියෙහිදී පාරාජිකයක් නැත්තේය මගින් ඉවත්වීමෙහිදී පදචාරයෙන් කරවිය යුතුය. ඒ විහාරයට ගොස් එහිම වසන්නේ සොරසිතින් එය පරිභොග කරන්නේ දිරුම්කඩට පමුණුවාද, සොරු හෝ මොහුගේ ඒ සිවුර ගෙනයත්ද, අවහාරයක් නැත්තේය. භණ්ඩදෙය්‍ය වේ. එතැනින් නික්ම එන්නහුටද මේ නයමවේ.
යො පන අනාණත‍්තො ථෙරෙන නිමිත‍්තෙ වා කතෙ සයමෙව වා කිලිට‍්ඨං සල‍්ලක‍්ඛෙත්‍වා “දෙථ, භන‍්තෙ, චීවරං; අසුකං නාම ගාමං ගන‍්ත්‍වා රජිත්‍වා ආහරිස‍්සාමී”ති ගහෙත්‍වා ගච‍්ඡති; තස‍්ස අන‍්තරාමග‍්ගෙ ථෙය්‍යචිත‍්තං උප‍්පාදෙත්‍වා සීසෙ භාරං ඛන්‍ධෙ කරණාදීසු පාරාජිකං. කස‍්මා? අනාණත‍්තියා ගහිතත‍්තා. මග‍්ගා ඔක‍්කමතොපි පටිනිවත‍්තිත්‍වා තමෙව විහාරං ආගන‍්ත්‍වා විහාරසීමං අතික‍්කමතොපි වුත‍්තනයෙනෙව පාරාජිකං. තත්‍ථ ගන‍්ත්‍වා රජිත්‍වා පච‍්චාගච‍්ඡතොපි ථෙය්‍යචිත‍්තෙ උප‍්පන‍්නෙ එසෙව නයො. සචෙ පන යත්‍ථ ගතො, තත්‍ථ වා අන‍්තරාමග‍්ගෙ විහාරෙ වා තමෙව විහාරං පච‍්චාගන‍්ත්‍වා තස‍්ස එකපස‍්සෙ වා උපචාරසීමං අනතික‍්කමිත්‍වා වසන‍්තො ථෙය්‍යචිත‍්තෙන පරිභුඤ‍්ජන‍්තො ජීරාපෙති, චොරා වා තස‍්ස තං හරන‍්ති, යථා වා තථා වා නස‍්සති, භණ‍්ඩදෙය්‍යං. උපචාරසීමං අතික‍්කමතො පන පාරාජිකං.
යමෙක් වනාහි නොඅණවන ලදුයේ තෙරුන් විසින් ‘මාගේ සිවුර කිලිටි වූයේය, කවරෙක් රඳන්කොට දෙන්නේදැ’යි නිමිති හෝ කළ කල්හි, තෙමේ හෝ කිලිටිබව සලකා ‘ස්වාමීනි! සිවුර දෙනුමැනව, අසුවල් ගමට ගොස් රඳන්කොට ගෙනඑන්නෙමි’යි ගෙනයේද, ඔහුට අතරමගදී සොරසිත් උපදවා හිසෙහි බර කර තැබීම් ආදීන්හි පාරාජිකය වේ. කුමක්හෙයින්දයත්: නොඇණවීමෙන් ගත්බැවිනි. මගින් ඉවත් වන්නහුට පෙරළා ඒ විහාරයටම අවුත් විහාර සීමාව ඉක්මවන්නහුටද කියනලද නය ඇත්තාවූම පාරාජිකය වේ. එහි ගොස් රඳන්කොට පෙරළා එන්නහුටද සොරසිත් උපන්කල්හි මේ නයම වේ. ඉදින්වනාහි යම්තැනෙක ගියේද, එහි හෝ අතරමග විහාරයක හෝ ඒ විහාරයටම පෙරළා අවුත් ඒ විහාරයෙහි එක් පසෙක හෝ උපචාර සීමාව නොඉක්මවා වසනුයේ සොර සිතින් පරිභොග කරනුයේ එය දිරීමට පමුණුවාද, සොරු හෝ මොහුගේ ඒ සිවුර ගෙනයෙත්ද, යම් ඒ ලෙසකින් නැසේද, භණ්ඩදෙය්‍ය වේ. උපචාර සීමාව ඉක්මවන්නහුට වනාහි පාරාජිකය වේ.
යො පන ථෙරෙන නිමිත‍්තෙ කයිරමානෙ “දෙථ, භන‍්තෙ, අහං රජිත්‍වා ආහරිස‍්සාමී”ති වත්‍වා “කත්‍ථ ගන‍්ත්‍වා, භන‍්තෙ, රජාමී”ති පුච‍්ඡති. ථෙරො ච නං “යත්‍ථ ඉච‍්ඡසි, තත්‍ථ ගන‍්ත්‍වා රජාහී”ති වදති, අයං “විස‍්සට‍්ඨදූතො” නාම. ථෙය්‍යචිත‍්තෙන පලායන‍්තොපි න අවහාරෙන කාරෙතබ‍්බො. ථෙය්‍යචිත‍්තෙන පන පලායතොපි පරිභොගෙන වා අඤ‍්ඤථා වා නාසයතොපි භණ‍්ඩදෙය්‍යමෙව හොති. භික‍්ඛු භික‍්ඛුස‍්ස හත්‍ථෙ කිඤ‍්චි පරික‍්ඛාරං පහිණති – “අසුකවිහාරෙ අසුකභික‍්ඛුස‍්ස දෙහී”ති, තස‍්ස ථෙය්‍යචිත‍්තෙ උප‍්පන‍්නෙ සබ‍්බට‍්ඨානෙසු “අසුකං නාම විහාරං ගන‍්ත්‍වා චීවරං ධොවිත්‍වා රජිත්‍වා වා එහී”ති එත්‍ථ වුත‍්තසදිසො විනිච‍්ඡයො.
යමෙක් වනාහි තෙරුන් විසින් නිමිතිකරනු ලබන කල්හි ‘ස්වාමීනි! දුනමැනව, මම රඳන්කොට ගෙනඑන්නෙමි’යි කියා, ‘ස්වාමිනි! කොතැන ගොස් රඳන් කරම්දැ’යි විචාරයි. ස්ථවිරතෙමේද ඔහුට යම්තැනක කැමැත්තෙහි නම්, ‘එහි ගොස් රඳන් කරව’යි කියාද, මෙතෙමේ හරණලද දූත නම්වේ. සොර සිතින් පලායනුයේද අවහාරයෙන් නොකරවිය යුත්තේයි. සොර සිතින් පලායන්නහුටද පරිභොගයෙන් හෝ අන්අයුරකින් හෝ නසන්නහුටද භණ්ඩදෙය්‍යම වේ. මහණෙක් මහණක්හුගේ අත කිසි පිරිකරක් ‘අසුවල් විහාරයෙහි අසුවල් මහණහුට දෙව’යි යවාද, ඔහුට සොරසිත උපන්කල්හි සියලුතන්හි ‘අසුකං නාම විහාරං ගනත්‍වා චීවරං ධොචිත්‍වා රජිත්‍වා වා එහි’ යන මෙහි කියන ලද්ද සමාන වූ විනිශ්චය වේ.
අපරො භික‍්ඛුං පහිණිතුකාමො නිමිත‍්තං කරොති – “කො නු ඛො ගහෙත්‍වා ගමිස‍්සතී”ති, තත්‍ර චෙ එකො – “දෙථ, භන‍්තෙ, අහං ගහෙත්‍වා ගමිස‍්සාමී”ති ගහෙත්‍වා ගච‍්ඡති, තස‍්ස ථෙය්‍යචිත‍්තෙ උප‍්පන‍්නෙ සබ‍්බට‍්ඨානෙසු “දෙථ, භන‍්තෙ, චීවරං, අසුකං නාම ගාමං ගන‍්ත්‍වා රජිත්‍වා ආහරිස‍්සාමී”ති එත්‍ථ වුත‍්තසදිසො විනිච‍්ඡයො. ථෙරෙන චීවරත්‍ථාය වත්‍ථං ලභිත්‍වා උපට‍්ඨාකකුලෙ ඨපිතං හොති. අථස‍්ස අන‍්තෙවාසිකො වත්‍ථං හරිතුකාමො තත්‍ර ගන‍්ත්‍වා “තං කිර වත්‍ථං දෙථා”ති ථෙරෙන පෙසිතො විය වදති; තස‍්ස වචනං සද‍්දහිත්‍වා උපාසකෙන ඨපිතං උපාසිකා වා, උපාසිකාය ඨපිතං උපාසකො වා අඤ‍්ඤො වා, කොචි නීහරිත්‍වා දෙති, උද‍්ධාරෙයෙවස‍්ස පාරාජිකං. සචෙ පන ථෙරස‍්ස උපට‍්ඨාකෙහි “ඉමං ථෙරස‍්ස දස‍්සාමා”ති අත‍්තනො වත්‍ථං ඨපිතං හොති. අථස‍්ස අන‍්තෙවාසිකො තං හරිතුකාමො තත්‍ථ ගන‍්ත්‍වා “ථෙරස‍්ස කිර වත්‍ථං දාතුකාමත්‍ථ, තං දෙථා”ති වදති. තෙ චස‍්ස සද‍්දහිත්‍වා “මයං, භන‍්තෙ, භොජෙත්‍වා දස‍්සාමාති ඨපයිම‍්හ, හන්‍ද ගණ‍්හාහී”ති දෙන‍්ති. සාමිකෙහි දින‍්නත‍්තා පාරාජිකං නත්‍ථි, අසුද‍්ධචිත‍්තෙන පන ගහිතත‍්තා දුක‍්කටං, භණ‍්ඩදෙය්‍යඤ‍්ච හොති.
අන් මහණෙක් මහණකු යවනු කැමැත්තේ ‘කවරෙක් වනාහි ගෙනයන්නේදැ’යි නිමිති කරයි. එහිදී ඉදින් එකෙක් ‘ස්වාමීනි! දුනමැනව, මම ගෙනයන්නෙමි’යි ගෙනයේනම් ඔහුට සොර සිත උපන්කල්හි සියලු තන්හි ‘දෙථ භන්තෙ අමුකං නාම ගාමං ගනත්‍වා රජිත්‍වා ආහරිස්සාමි’ යන මෙහි කියන ලද්ද සමාන වූ විනිශ්චය වේ. තෙරුන් විසින් සිවුරු පිණිස වස්ත්‍රයක් ලබා උපස්ථායක කුලයෙක තබන ලද්දේවේද, නැවත මොහුගේ අතැවැස්සෙක් වස්ත්‍රය ගෙනයනු කැමැත්තේ එහි ගොස් ‘ඒ වස්ත්‍රය දෙවු’යි තෙරුන් විසින් යවන ලද්දෙකු මෙන් කියාද ඔහුගේ වචනය අදහා උපාසකයා විසින් තබන ලද්ද, උපාසිකාව හෝ උපාසිකාව විසින් තබන ලද්ද උපාසකයා හෝ අන්කිසිවෙක් හෝ ගෙන අවුත් දේද, නගාගැනීමෙහිදීම මොහුට පාරාජිකය වේ. ඉදින්වනාහි තෙරුන්ගේ උපස්ථායකයන් විසින් ‘මේ වස්ත්‍රය තෙරුන්ට දෙන්නෙමු’යි තමන්ගේ වස්ත්‍රයක් තබන ලද්දේවේද, ඉක්බිති මේ තෙරුන්ගේ අතවැස්සෙක් ඒ වස්ත්‍රය ගෙනයනු කැමැත්තේ එහි ගොස් ‘තෙරුන්ට වස්ත්‍රය දෙනු කැමැත්තහුනම් එය දෙවු’යි කියාද ඔවුහුද මේ අතවැස්සාගේ වචනය අදහා ‘ස්වාමීනි! අපි වළඳවා දෙන්නෙමු’යි තැබුම්හ, එහෙයින් ගනිවු’යි දෙත්ද, හිමියන් විසින් දුන්බැවින් පාරාජිකයක් නැත්තේය. අපිරිසිදු සිතින් ගත්බැවින් දුක්කටය වේ. භණ්ඩදෙය්‍යද වේ.
භික‍්ඛු භික‍්ඛුස‍්ස වත්‍වා ගාමං ගච‍්ඡති, “ඉත්‍ථන‍්නාමො මම වස‍්සාවාසිකං දස‍්සති, තං ගහෙත්‍වා ඨපෙය්‍යාසී”ති. “සාධූ”ති සො භික‍්ඛු තෙන දින‍්නං මහග‍්ඝසාටකං අත‍්තනා ලද‍්ධෙන අප‍්පග‍්ඝසාටකෙන සද‍්ධිං ඨපෙත්‍වා තෙන ආගතෙන අත‍්තනො මහග‍්ඝසාටකස‍්ස ලද‍්ධභාවං ඤත්‍වා වා අඤත්‍වා වා “දෙහි මෙ වස‍්සාවාසික”න‍්ති වුත‍්තො “තව ථූලසාටකො ලද‍්ධො, මය‍්හං පන සාටකො මහග‍්ඝො, ද‍්වෙපි අසුකස‍්මිං නාම ඔකාසෙ ඨපිතා, පවිසිත්‍වා ගණ‍්හාහී”ති වදති. තෙන පවිසිත්‍වා ථූලසාටකෙ ගහිතෙ ඉතරස‍්ස ඉතරං ගණ‍්හතො උද‍්ධාරෙ පාරාජිකං. අථාපි තස‍්ස සාටකෙ අත‍්තනො නාමං අත‍්තනො ච සාටකෙ තස‍්ස නාමං ලිඛිත්‍වා “ගච‍්ඡ නාමං වාචෙත්‍වා ගණ‍්හාහී”ති වදති, තත්‍රාපි එසෙව නයො. යො පන අත‍්තනා ච තෙන ච ලද‍්ධසාටකෙ එකතො ඨපෙත්‍වා තං එවං වදති – “තයා ච මයා ච ලද‍්ධසාටකා ද‍්වෙපි අන‍්තොගබ‍්භෙ ඨපිතා, ගච‍්ඡ යං ඉච‍්ඡසි, තං විචිනිත්‍වා ගණ‍්හාහී”ති. සො ච ලජ‍්ජාය ආවාසිකෙන ලද‍්ධං ථූලසාටකමෙව ගණ‍්හෙය්‍ය, තත්‍රාවාසිකස‍්ස විචිනිත්‍වා ගහිතාවසෙසං ඉතරං ගණ‍්හතො අනාපත‍්ති. ආගන‍්තුකො භික‍්ඛු ආවාසිකානං චීවරකම‍්මං කරොන‍්තානං සමීපෙ පත‍්තචීවරං ඨපෙත්‍වා “එතෙ සඞ‍්ගොපෙස‍්සන‍්තී”ති මඤ‍්ඤමානො න‍්හායිතුං වා අඤ‍්ඤත්‍ර වා ගච‍්ඡති. සචෙ නං ආවාසිකා සඞ‍්ගොපෙන‍්ති, ඉච‍්චෙතං කුසලං. නො චෙ, නට‍්ඨෙ ගීවා න හොති. සචෙපි සො “ඉදං, භන‍්තෙ, ඨපෙථා”ති වත්‍වා ගච‍්ඡති, ඉතරෙ ච සකිච‍්චප‍්පසුතත‍්තා න ජානන‍්ති, එසෙව නයො. අථාපි තෙ “ඉදං, භන‍්තෙ, ඨපෙථා”ති වුත‍්තා “මයං බ්‍යාවටා”ති පටික‍්ඛිපන‍්ති, ඉතරො ච “අවස‍්සං ඨපෙස‍්සන‍්තී”ති අනාදියිත්‍වා ගච‍්ඡති, එසෙව නයො. සචෙ පන තෙන යාචිතා වා අයාචිතා වා “මයං ඨපෙස‍්සාම, ත්‍වං ගච‍්ඡා”ති වදන‍්ති; තං සඞ‍්ගොපිතබ‍්බං. නො චෙ සඞ‍්ගොපෙන‍්ති, නට‍්ඨෙ ගීවා. කස‍්මා? සම‍්පටිච‍්ඡිතත‍්තා.
මහණෙක් මහණක්හට ‘මෙනම් ඇත්තේ මට වස්සාවාසිකයක් දෙන්නේය, එය ගෙන තබව’යි කියා ගමට යන්නේය. ඒ මහණතෙමේ ‘යහපතැ’යි ඔහු විසින් දෙන ලද මාහැගි සළුව තමන්ලත් මඳක් අගනා සළුව සමග තබා ඒ පැමිණි ඔහු විසින් තමන්ට මාහැගිසළුවක් ලැබුනු බව දැන හෝ නොදැන හෝ ‘මාගේ වස්සාවාසිකය දෙව’යි කියන ලද්දේ ‘තට ලැබුණු සළුව දළය, මට ලැබුණු සළුව මාහැගිය, ඒ දෙකම අසුවල්තැන තබන ලදය, එහි ගොස් ගනුව’යි කියාද, ඔහු එහි පිවිස දළ සළුව ගත්කල්හි ඉතිරි සළුව ගන්නා වූ අන්හට නගාගැනීම නිමිතිකොට පාරාජිකය වේ. තවද ඔහුගේ සළුවෙහි තමන්ගේ නමද තමන්ගේ සළුවෙහි ඔහුගේ නමද ලියා ‘යව, නම කියවාගනුව’යි කියාද, එහිද මේ නයමවේ. යමෙක් තමන් විසින්ද ඔහු විසින්ද ලත් සළු එකට තබා ‘තා විසින්ද මා විසින්ද ලත් සළුදෙකම ඇතුළුගෙයි එකට තබන ලද්දේය, යව, යමක් ගනු කැමැත්තෙහිද එය පරීක්‍ෂාකොට ගනුව’යි ඔහුට මෙසේ කියයි, ඔහුද ලජ්ජාවෙන් ආවාසිකයා විසින් ලත් දළසළුවම ගන්නේද එහි සොයා බලා ගන්නා ලද්දෙන් ඉතිරි වූ අනික් සළුව ගන්නා වූ ආවාසිකයා හට ඇවැත් නොවේ. ආගන්තුක මහණෙක් සිවුරුකම් කරන්නා වූ ආවාසිකයන්ගේ සමීපයෙහි පාසිවුරු තබා ‘මොවුහු රකින්නාහ’යි හඟින්නේ නාන්නට හෝ අන්තැනක හෝ යන්නේය. ඉදින් එය ආවාසිකයෝ රකිත්නම්, මේ මැනවි. නොරකිත්නම් නැසුනු කල්හි ග්‍රීවා නොවේ. නැවතද ඒ මහණතෙමේ ‘ස්වාමීනි! මේ පාසිවුරු තබහු’යි කියායේද, අන්‍යයෝද කටයුතුවල යෙදීසිටිය බැවින් ඔහු විසින් කියූ වචනය නොඇසුනු බැවින් නොදනිත්ද, සිතින් නොපිළිගනිත්ද, මෙම නයවේ. නැවතද ඔවුහු ‘ස්වාමීනි! මේ පාසිවුරු තබහු’යි කියන ලද්දහු ‘අපි කටයුතුවල ව්‍යාවෘත වූම්හ’යි ප්‍රතික්‍ෂෙප කෙරෙත්ද, අනික් තැනැත්තේද ‘අවශ්‍යයෙන් තබන්නෙමි’යි නොගෙනෙයේද, එහිද මේ නයවේ. ඉදින්වනාහි ඔහු විසින් යාච්ඤා කරන ලද්දාහු හෝ යාච්ඤා නොකරන ලද්දාහු හෝ ‘අපි තබන්නෙමු, තෝ යව’යි කියත්ද, ඒ පාසිවුරු රැකිය යුතුය. ඉදින් නොරකිත්නම් නැසීගිය කල්හි ග්‍රීවා වේ. කුමක්හෙයින්ද යත්: පිළිගත් බැවිනි.
යො භික‍්ඛු භණ‍්ඩාගාරිකො හුත්‍වා පච‍්චූසසමයෙ එව භික‍්ඛූනං පත‍්තචීවරානි හෙට‍්ඨාපාසාදං ඔරොපෙත්‍වා ද‍්වාරං අපිදහිත්‍වා තෙසම‍්පි අනාරොචෙත්‍වාව දූරෙ භික‍්ඛාචාරං ගච‍්ඡති; තානි චෙ චොරා හරන‍්ති, තස‍්සෙව ගීවා. යො පන භික‍්ඛූහි “ඔරොපෙථ, භන‍්තෙ, පත‍්තචීවරානි; කාලො සලාකග‍්ගහණස‍්සා”ති වුත‍්තො “සමාගතත්‍ථා”ති පුච‍්ඡිත්‍වා “ආම, සමාගතම‍්හා”ති වුත‍්තෙ පත‍්තචීවරානි නීහරිත්‍වා නික‍්ඛිපිත්‍වා භණ‍්ඩාගාරද‍්වාරං බන්‍ධිත්‍වා “තුම‍්හෙ පත‍්තචීවරානි ගහෙත්‍වා හෙට‍්ඨාපාසාදද‍්වාරං පටිජග‍්ගිත්‍වා ගච‍්ඡෙය්‍යාථා”ති වත්‍වා ගච‍්ඡති. තත්‍ර චෙකො අලසජාතිකො භික‍්ඛු භික‍්ඛූසු ගතෙසු පච‍්ඡා අක‍්ඛීනි පුඤ‍්ඡන‍්තො උට‍්ඨහිත්‍වා උදකට‍්ඨානං මුඛධොවනත්‍ථං ගච‍්ඡති, තං ඛණං දිස‍්වා චොරා තස‍්ස පත‍්තචීවරං හරන‍්ති, සුහටං. භණ‍්ඩාගාරිකස‍්ස ගීවා න හොති.
යම් මහණෙක් භාණ්ඩාගාරිකව උදෑසන කාලයෙහිම භික්‍ෂූන්ගේ පාසිවුරු යටපහයට බස්වා දොරනොවසා ඔවුනටද නොදන්වාම දුරතැනක පිඬු සිඟීමට යේද, ඒ පාසිවුරු සොරු ගෙනයෙත්නම් ඔහුටම ග්‍රීවා වේ. යම් මහණෙක් භික්‍ෂූන් විසින් ‘ස්වාමීනි! පාසිවුරු බස්වනු මැනවි, ලභ ගැණීමට කාලය වේය’යි කියන ලද්දේ ‘රැස්වූවහුදැ’යි විචාරා ‘එය රැස්වූම්හ’යි. කියූ කල්හි පාසිවුරු බැහැරට ගෙන බහා තබා භාණ්ඩාගාරයෙහි දොර බැඳ ‘තෙපි පාසිවුරු ගෙන යටපහයෙහි දොර පිළිදැගුම්කොට යවු’යි කියායේද, එහිද අලස ස්වභාවය ඇති එක් මහණෙක් භික්‍ෂූන් ගිය කල්හි පසුව ඇස් පිසලමින් නැගිට දිය තිබෙන තැනකට මුව දෝනා පිණිස හෝ යේද, ඒ මොහොත දැක සොරු ඔහුගේ පාසිවුරු ගෙනයෙත්නම් මනාකොට ගෙනයන ලද්දේ වේ. භාණ්ඩාගාරිකයා හට ග්‍රීවා නොවේ. ඉදිනුදු කිසිවෙක් භාණ්ඩාගාරිකයා හට ආරොචනය නොකොටම භාණ්ඩාගාරයෙහි තමන්ගේ පිරිකර තබාද, ඒ පිරිකරද නටකල්හි භාණ්ඩාගාරිකයා හට ග්‍රීවා නොවේ.
සචෙපි කොචි භණ‍්ඩාගාරිකස‍්ස අනාරොචෙත්‍වාව භණ‍්ඩාගාරෙ අත‍්තනො පරික‍්ඛාරං ඨපෙති, තස‍්මිම‍්පි නට‍්ඨෙ භණ‍්ඩාගාරිකස‍්ස ගීවා න හොති. සචෙ පන භණ‍්ඩාගාරිකො තං දිස‍්වා “අට‍්ඨානෙ ඨපිත”න‍්ති ගහෙත්‍වා ඨපෙති, නට‍්ඨෙ තස‍්ස ගීවා. සචෙපි ඨපිතභික‍්ඛුනා “මයා, භන‍්තෙ, ඊදිසො නාම පරික‍්ඛාරො ඨපිතො, උපධාරෙය්‍යාථා”ති වුත‍්තො “සාධූ”ති සම‍්පටිච‍්ඡති, දුන‍්නික‍්ඛිත‍්තං වා මඤ‍්ඤමානො අඤ‍්ඤස‍්මිං ඨානෙ ඨපෙති, තස‍්සෙව ගීවා. “නාහං ජානාමී”ති පටික‍්ඛිපන‍්තස‍්ස පන නත්‍ථි ගීවා. යොපි තස‍්ස පස‍්සන‍්තස‍්සෙව ඨපෙති, භණ‍්ඩාගාරිකඤ‍්ච න සම‍්පටිච‍්ඡාපෙති , නට‍්ඨං සුනට‍්ඨමෙව. සචෙ තං භණ‍්ඩාගාරිකො අඤ‍්ඤත්‍ර ඨපෙති, නට‍්ඨෙ ගීවා. සචෙ භණ‍්ඩාගාරං සුගුත‍්තං, සබ‍්බො සඞ‍්ඝස‍්ස ච චෙතියස‍්ස ච පරික‍්ඛාරො තත්‍ථෙව ඨපීයති, භණ‍්ඩාගාරිකො ච බාලො අබ්‍යත‍්තො ද‍්වාරං විවරිත්‍වා ධම‍්මකථං වා සොතුං, අඤ‍්ඤං වා කිඤ‍්චි කාතුං කත්‍ථචි ගච‍්ඡති, තං ඛණං දිස‍්වා යත‍්තකං චොරා හරන‍්ති, සබ‍්බං තස‍්ස ගීවා. භණ‍්ඩාගාරතො නික‍්ඛමිත්‍වා බහි චඞ‍්කමන‍්තස‍්ස වා ද‍්වාරං විවරිත්‍වා සරීරං උතුං ගාහාපෙන‍්තස‍්ස වා තත්‍ථෙව සමණධම‍්මානුයොගෙන නිසින‍්නස‍්ස වා තත්‍ථෙව නිසීදිත්‍වා කෙනචි කම‍්මෙන බ්‍යාවටස‍්ස වා උච‍්චාරපස‍්සාවපීළිතස‍්සාපි තතො තත්‍ථෙව උපචාරෙ විජ‍්ජමානෙ බහි ගච‍්ඡතො වා අඤ‍්ඤෙන වා කෙනචි ආකාරෙන පමත‍්තස‍්ස සතො ද‍්වාරං විවරිත්‍වා වා විවටමෙව පවිසිත්‍වා වා සන්‍ධිං ඡින්‍දිත්‍වා වා යත‍්තකං තස‍්ස පමාදපච‍්චයා චොරා හරන‍්ති, සබ‍්බං තස‍්සෙව ගීවා. උණ‍්හසමයෙ පන වාතපානං විවරිත්‍වා නිපජ‍්ජිතුං වට‍්ටතීති වදන‍්ති. උච‍්චාරපීළිතස‍්ස පන තස‍්මිං උපචාරෙ අසති අඤ‍්ඤත්‍ථ ගච‍්ඡන‍්තස‍්ස ගිලානපක‍්ඛෙ ඨිතත‍්තා අවිසයො; තස‍්මා ගීවා න හොති.
ඉදින්වනාහි භාණ්ඩාගාරික තෙමේ ඒ පිරිකර දැක නොසුදුසු තැන තබන ලදැයි ගෙනතබාද, නටකල්හි ඔහුට ග්‍රීවා වේ. ඉදිනුදු තැබූ මහණහු විසින් ‘ස්වාමීනි! මා විසින් මෙබඳු පිරිකරක් තබන ලද්දේය, පරීක්‍ෂා කරනු මැනැව’යි කියූ කල්හි ‘යහපතැ’යි පිළිගණීද, නොමනාව තබන ලදැයි හඟින්නේ අන්තැනක තබාද, ඔහුටම ග්‍රීවා වේ. ‘මම නොදනිමි’යි ප්‍රතික්‍ෂෙප කරන්නහුට ග්‍රීවාවක් නැත්තේය. යමෙක් ඔහු බලා සිටියදීම තබාද භාණ්ඩාගාරිකයා හටද නොපිළිගන්වාද නැසුනේ, මොනවට නැසුනේම වේ. ඉදින් හාණ්ඩාගාරික තෙමේ එය අන්තැනක තබාද, නැසුනු කල්හි ඔහුට ග්‍රීවා වේ. ඉදින් භාණ්ඩාගාරය මොනවට රක්නා ලද්දේවේද, සඞ්ඝයාගේද චෛත්‍යයාගේද සියලු පිරිකර එහිම තබනු ලැබේද, භාණ්ඩාගාරික තෙමේත් අඥවූයේ අව්‍යක්තවූයේ භාණ්ඩාගාරයෙහි දොර ඇරතබා ධර්‍මකථාවක් අසන්නට හෝ අන්කිසිවක් හෝ කරන්නට කිසිතැනක යේද ඒ මොහොත බලා සොරු යම්පමණ ගෙනයෙත්ද ඒ සියල්ල ඔහුට ග්‍රීවා වේ. භාණ්ඩාගාරයෙන් නික්ම පිටත සක්මන් කරන්නාවූ හෝ, දොර හැරදමා සිරුර උතුගන්වන්නාවූ හෝ එහිම ශ්‍රමණ ධර්‍මානුයෝගයෙන් හුන්නාවූ හෝ, එහිම හිඳ කිසි කර්‍මාන්තයක යෙදීගන්නාවූ හෝ, මලමූ දෙකින් පෙළුනා වූ හෝ, එහිම භාණ්ඩාගාරය සමීපයෙහි මලමූ කරන තැනක් තිබියදී පිටත යන්නාවූ හෝ, අන්කිසි අයුරකින් ප්‍රමත්ත වූ හෝ ඔහුගේ ප්‍රමාදය හේතුකොට දොරහැර හෝ හළදොර ඇති ගෙටම පිවිස හෝ ගෘහසන්‍ධි බිඳ සොරු යම්පමණ ගෙනයෙත්ද, ඒ සියල්ල ඔහුටම ග්‍රීවා වේ. උෂ්ණ කාලයෙහි වාකවුළු හැරදමා නිදන්නට වටීය’යි කියත්. මලකිසෙන් පෙළුනු එහි සමීපයෙහි මලමූ කරන තැනක් නැති කල්හි අන් තැනකට යන්නහුට ගලානපක්‍ෂයෙහි සිටි බැවින් විසය නොවේ. එහෙයින් ග්‍රීවා නොවේ.
යො පන අන‍්තො උණ‍්හපීළිතො ද‍්වාරං සුගුත‍්තං කත්‍වා බහි නික‍්ඛමති, චොරා ච නං ගහෙත්‍වා “ද‍්වාරං විවරා”ති වදන‍්ති, යාව තතියං න විවරිතබ‍්බං. යදි පන තෙ චොරා “සචෙ න විවරසි, තඤ‍්ච මාරෙස‍්සාම, ද‍්වාරඤ‍්ච භින්‍දිත්‍වා පරික‍්ඛාරං හරිස‍්සාමා”ති ඵරසුආදීනි උක‍්ඛිපන‍්ති. “මයි ච මතෙ සඞ‍්ඝස‍්ස ච සෙනාසනෙ විනට‍්ඨෙ ගුණො නත්‍ථී”ති විවරිතුං වට‍්ටති. ඉධාපි අවිසයත‍්තා ගීවා නත්‍ථීති වදන‍්ති. සචෙ කොචි ආගන‍්තුකො කුඤ‍්චිකං වා දෙති, ද‍්වාරං වා විවරති, යත‍්තකං චොරා හරන‍්ති, සබ‍්බං තස‍්ස ගීවා. සඞ‍්ඝෙන භණ‍්ඩාගාරගුත‍්තත්‍ථාය සූචියන‍්තකඤ‍්ච කුඤ‍්චිකමුද‍්දිකා ච යොජෙත්‍වා දින‍්නා හොති, භණ‍්ඩාගාරිකො ඝටිකමත‍්තං දත්‍වා නිපජ‍්ජති, චොරා විවරිත්‍වා පරික‍්ඛාරං හරන‍්ති, තස‍්සෙව ගීවා. සූචියන‍්තකඤ‍්ච කුඤ‍්චිකමුද‍්දිකඤ‍්ච යොජෙත්‍වා නිපන‍්නං පනෙතං සචෙ චොරා ආගන‍්ත්‍වා “විවරා”ති වදන‍්ති, තත්‍ථ පුරිමනයෙනෙව පටිපජ‍්ජිතබ‍්බං. එවං ගුත‍්තං කත්‍වා නිපන‍්නෙ පන සචෙ භිත‍්තිං වා ඡදනං වා භින්‍දිත්‍වා උමඞ‍්ගෙන වා පවිසිත්‍වා හරන‍්ති, න තස‍්ස ගීවා. සචෙ භණ‍්ඩාගාරෙ අඤ‍්ඤෙපි ථෙරා වසන‍්ති, විවටෙ ද‍්වාරෙ අත‍්තනො අත‍්තනො පරික‍්ඛාරං ගහෙත්‍වා ගච‍්ඡන‍්ති, භණ‍්ඩාගාරිකො තෙසු ගතෙසු ද‍්වාරං න ජග‍්ගති, සචෙ තත්‍ථ කිඤ‍්චි අවහරීයති, භණ‍්ඩාගාරිකස‍්ස ඉස‍්සරතාය භණ‍්ඩාගාරිකස‍්සෙව ගීවා. ථෙරෙහි පන සහායෙහි භවිතබ‍්බං. අයං තත්‍ථ සාමීචි.
යමෙක් ඇතුළත උෂ්ණයෙන් පෙළුනේ දොර මොනවට රක්නා ලද්දක්කොට පිටතට නික්මේද, සොරුද ඔහු අල්ලාගෙන ‘දොර හරව’යි කියත්ද, තුන්යළ තෙක් දොර නොහැරිය යුතුය. ඉදින්වනාහි ඒ සොරු ‘ඉදින් දොර නොහරින්නෙහි නම් තාද මරන්නෙමු, දොරද කඩා බිඳදමා පිරිකර ගෙන යන්නෙමු’යි පොරෝ ආදිය ඔසවත්ද, මාද මළකල්හි සඞ්ඝයාගේ සෙනසුන නැසීගිය කල්හි ගුණයක් නැතැයි දොර හැරීම වරද නැත්තේය. මෙහිද අවිසය බැවින් ග්‍රීවා නැතැයි කියත්. ඉදින් කිසි ආගන්තුකයෙක් යතුරක් හෝ දේද, දොර හෝ විවෘත කෙරේද, සොරු යම්පමණ ගෙනයෙත්ද, ඒ සියල්ල ඔහුට ග්‍රීවා වේ. සඞ්ඝයා විසින් හෝ ගණයා විසින් භාණ්ඩාගාරය රැකීම පිණිස හිදියතුරක්ද යතුරු මුදුවක්ද යොදාදෙන ලද්දීවේද, භාණ්ඩාගාරික තෙමේ අගුල පමණක් දී නිදාද, සොරු දොර හැර පිරිකර ගෙනයෙත්ද, ඔහුටම ග්‍රීවා වේ. හිදියතුරද යතුරුමුදුවද යොදා නිදිගත් මොහුට ඉදින් සොරු අවුත් ‘දොර හරුව’යි කියත්ද, එහිදී පළමු ක්‍රමයෙන්ම පිළිපැදිය යුතුය. මෙසේ ආරක්‍ෂාකොට නිදිගත්කල්හි බිත්තිය හෝ වහල්පලය හෝ බිඳ උමගින් හෝ පිවිස පිරිකර ගෙනයෙත්ද, ඔහුට ග්‍රීවා නොවේ. ඉදින් භාණ්ඩාගාරයෙහි අන්‍යවූත් තෙරහු වසත්ද, දොර ඇරිය කල්හි තමතමන්ගේ පිරිකර ගෙනයෙත්ද, භාණ්ඩාගාරික තෙමේ ඔවුන් ගිය කල්හි දොර නොවසාද, ඉදින් එහිවූ කිසිවක් සොරා ගෙනයනු ලැබේද, භාණ්ඩාගාරිකගේ ඊශ්වරත්‍වය නිසා භාණ්ඩාගාරිකයා හටම ග්‍රීවා වේ. තෙරුන් සහායයන් වියයුතුය. මේ වනාහි භාණ්ඩාගාරයෙහි වසන්නහුගේ වතය.
යදි භණ‍්ඩාගාරිකො “තුම‍්හෙ බහි ඨත්‍වාව තුම‍්හාකං පරික‍්ඛාරං ගණ‍්හථ, මා පවිසිත්‍ථා”ති වදති, තෙසඤ‍්ච එකො ලොලමහාථෙරො සාමණෙරෙහි චෙව උපට‍්ඨාකෙහි ච සද‍්ධිං භණ‍්ඩාගාරං පවිසිත්‍වා නිසීදති චෙව නිපජ‍්ජති ච, යත‍්තකං භණ‍්ඩං නස‍්සති, සබ‍්බං තස‍්ස ගීවා. භණ‍්ඩාගාරිකෙන පන අවසෙසත්‍ථෙරෙහි ච සහායෙහි භවිතබ‍්බං. අථ භණ‍්ඩාගාරිකොව ලොලසාමණෙරෙ ච උපට‍්ඨාකෙ ච ගහෙත්‍වා භණ‍්ඩාගාරෙ නිසීදති චෙව නිපජ‍්ජති ච, යං තත්‍ථ නස‍්සති, සබ‍්බං තස‍්සෙව ගීවා. තස‍්මා භණ‍්ඩාගාරිකෙනෙව තත්‍ථ වසිතබ‍්බං. අවසෙසෙහි අප‍්පෙව රුක‍්ඛමූලෙ වසිතබ‍්බං, න ච භණ‍්ඩාගාරෙති.
ඉදින් භාණ්ඩාගාරික තෙමේ ‘තෙපි පිටත සිටම තොපගේ පිරිකර ගනිවු, නොපිවිසෙවු’යි කියාද, ඔවුන් අතුරෙහි එක් ලොල් මහතෙරනමක් සාමණෙරයන්ද උපස්ථායකයන්ද සමග භාණ්ඩාගාරයට ඇතුල්ව හිඳීද, නිදාද, ඒ අතර යම්පමණ භාණ්ඩ නැසීයේද, ඒ සියල්ල ඔහුට ග්‍රීවා වේ. භාණ්ඩාගාරික හා සෙසු තෙරුන්ද සහායයන් වියයුතුය. නැවත භාණ්ඩාගාරික තෙමේම ලොල් හෙරණුන්ද උපස්ථායකයන්ද ගෙන භාණ්ඩාගාරයෙහි හිඳීද, නිදාද, එහි යමක් නැසීයේද සියල්ල ඔහුටම ග්‍රීවා වේ. එහෙයින් භාණ්ඩාගාරිකම එහි විසිය යුතුය. සෙස්සන් මැනවැයි රුක්මුල විසිය යුතුය. භාණ්ඩාගාරයෙහි නොවිසිය යුතුය.
යෙ පන අත‍්තනො අත‍්තනො සභාගභික‍්ඛූනං වසනගබ‍්භෙසු පරික‍්ඛාරං ඨපෙන‍්ති, පරික‍්ඛාරෙ නට‍්ඨෙ යෙහි ඨපිතො, තෙසංයෙව ගීවා. ඉතරෙහි පන සහායෙහි භවිතබ‍්බං. යදි පන සඞ‍්ඝො භණ‍්ඩාගාරිකස‍්ස විහාරෙයෙව යාගුභත‍්තං දාපෙති, සො ච භික‍්ඛාචාරත්‍ථාය ගාමං ගච‍්ඡති, නට‍්ඨං තස‍්සෙව ගීවා. භික‍්ඛාචාරං පවිසන‍්තෙහි අතිරෙකචීවරරක‍්ඛණත්‍ථාය ඨපිතවිහාරවාරිකස‍්සාපි යාගුභත‍්තං වා නිවාපං වා ලභමානස‍්සෙව භික‍්ඛාචාරං ගච‍්ඡතො යං තත්‍ථ නස‍්සති, සබ‍්බං ගීවා. න කෙවලඤ‍්ච එත‍්තකමෙව, භණ‍්ඩාගාරිකස‍්ස විය යං තස‍්ස පමාදප‍්පච‍්චයා නස‍්සති, සබ‍්බං ගීවා.
යම්කෙනෙක් තමතමන්ගේ සහාය භික්‍ෂූන් වසන ඕවරකයන්හි පිරිකර තබත්ද, ඒ පිරිකර නැසුනු කල්හි යම්කෙනෙකුන් විසින් පිරිකර තබන ලද්දේද, ඔවුන්ටම ග්‍රීවා වේ. අන්හු සහායයන් වියයුතුය. ඉදින්වනාහි සඞ්ඝතෙමේ භාණ්ඩාගාරික හට විහාරයෙහිදීම කැඳබත් දෙවාද, ඔහුද භික්‍ෂාචාරය පිණිස ගමට යේද, පිරිකර නැසුනේ ඔහුටම ග්‍රීවා වේ. භික්‍ෂාචාරයට පිවිසෙන්නන් විසින් වැඩි සිවුරු රැකීම පිණිස සිටුවනලද විහාරචාරිකයාහටද කැඳබත් හෝ බත් වැටුප් හෝ ලබන්නාවූම භික්‍ෂාචාරයට යන්නහුටද එහිදී යමක් නස්නේද සියල්ල ග්‍රීවා වේ. හුදෙක් මෙපමණෙක්ම නොවේ. භාණ්ඩාගාරිකයා හට මෙන් ඔහුගේ ප්‍රමාදය හේතුකොට යමක් නස්නේද, සියල්ල ග්‍රීවා වේ.
සචෙ විහාරො මහා හොති, අඤ‍්ඤං පදෙසං රක‍්ඛිතුං ගච‍්ඡන‍්තස‍්ස අඤ‍්ඤස‍්මිං පදෙසෙ නික‍්ඛිත‍්තං හරන‍්ති, අවිසයත‍්තා ගීවා න හොති. ඊදිසෙ පන විහාරෙ වෙමජ‍්ඣෙ සබ‍්බෙසං ඔසරණට‍්ඨානෙ පරික‍්ඛාරෙ ඨපෙත්‍වා නිසීදිතබ‍්බං. විහාරවාරිකා වා ද‍්වෙ තයො ඨපෙතබ‍්බා. සචෙ තෙසං අප‍්පමත‍්තානං ඉතො චිතො ච රක‍්ඛතංයෙව කිඤ‍්චි නස‍්සති, ගීවා න හොති. විහාරවාරිකෙ බන්‍ධිත්‍වා හරිතභණ‍්ඩම‍්පි චොරානං පටිපථං ගතෙසු අඤ‍්ඤෙන මග‍්ගෙන හරිතභණ‍්ඩම‍්පි න තෙසං ගීවා. සචෙ විහාරවාරිකානං විහාරෙ දාතබ‍්බං යාගුභත‍්තං වා නිවාපො වා න හොති, තෙහි පත‍්තබ‍්බලාභතො අතිරෙකා ද‍්වෙ තිස‍්සො යාගුසලාකා, තෙසං පහොනකභත‍්තසලාකා ච ඨපෙතුං වට‍්ටති. නිබද‍්ධං කත්‍වා පන න ඨපෙතබ‍්බා, මනුස‍්සා හි විප‍්පටිසාරිනො හොන‍්ති, “විහාරවාරිකායෙව අම‍්හාකං භත‍්තං භුඤ‍්ජන‍්තී”ති. තස‍්මා පරිවත‍්තෙත්‍වා ඨපෙතබ‍්බා. සචෙ තෙසං සභාගා සලාකභත‍්තානි ආහරිත්‍වා දෙන‍්ති, ඉච‍්චෙතං කුසලං; නො චෙ දෙන‍්ති, වාරං ගාහාපෙත්‍වා නීහරාපෙතබ‍්බානි. සචෙ විහාරවාරිකො ද‍්වෙ තිස‍්සො යාගුසලාකා, චත‍්තාරි පඤ‍්ච සලාකභත‍්තානි ච ලභමානොව භික‍්ඛාචාරං ගච‍්ඡති, භණ‍්ඩාගාරිකස‍්ස විය සබ‍්බං නට‍්ඨං ගීවා හොති. සචෙ සඞ‍්ඝස‍්ස විහාරපාලානං දාතබ‍්බං භත‍්තං වා නිවාපො වා නත්‍ථි, භික‍්ඛූ විහාරවාරං ගහෙත්‍වා අත‍්තනො අත‍්තනො නිස‍්සිතකෙ ජග‍්ගෙන‍්ති, සම‍්පත‍්තවාරං අග‍්ගහෙතුං න ලභන‍්ති, යථා අඤ‍්ඤෙ භික‍්ඛූ කරොන‍්ති, තථෙව කාතබ‍්බං. භික‍්ඛූහි පන අසහායකස‍්ස වා අත‍්තදුතියස‍්ස වා යස‍්ස සභාගො භික‍්ඛු භත‍්තං ආනෙත්‍වා දාතා නත්‍ථි, එවරූපස‍්ස වාරො න පාපෙතබ‍්බො.
ඉදින් විහාරය මහත්වේද, අන් පෙදෙසක් රකින්නට යන්නහුට අන් පෙදෙසෙක්හි තබනලද යමක් සොරු ගෙනයෙත්ද, අවිසය බැවින් ග්‍රීවා නොවේ. මෙබඳු විහාරයක මැද සියල්ලන් රැස්වන තැන පිරිකර තබා හිඳිය යුතුය. විහාරචාරිකයෝ හෝ දෙතුන් දෙනෙක් තැබිය යුත්තාහ. ඉදින් අප්‍රමන්ත වූ ඔවුන් විසින් අතන මෙතනලා රක්නාලද යම්කිසිවක් නැසේද ග්‍රීවා නොවේ. විහාරචාරිකයන් බැඳ තබාගෙන යන ලද භාණ්ඩයද සොරුන්ගේ පෙරමගට ගිය කල්හි අන් මගකින් ගෙනයන ලද භාණ්ඩය ඔවුන්ට ග්‍රීවා නොවේ. ඉදින් විහාරචාරිකයන්හට විහාරයෙහිදී දියයුතු කැඳබත් හෝ බත්වැටුප් නොවේද, ඔවුන් විසින් ලැබියයුතු වූ ලාභයට වඩා වැඩිවූ දෙකක් තුනක් කැඳ සලාකද ඔවුන්ට පොහොනා බත් සලාකද තබන්නට වටියි. අසුවල් කාලයෙහි කැඳබත් විහාරචාරිකයන්ට මැයි නිබඳකොට නොතැබිය යුතුය. මනුෂ්‍යයෝ විහාරචාරිකයෝම අපගේ බත් බුදිත්ය’යි විපිළිසර ඇත්තාහුවෙත්ද, එහෙයින් පෙරළා තැබිය යුතුය. ඉදින් ඔවුන්ගේ සභාගයෝ ලභබත් ගෙනදෙත්ද මෙසේ මෙය යහපත්ය. ඉදින් නොදෙත්නම් වාරය ගන්වා ගෙන්විය යුත්තාහ. ඉදින් විහාරචාරිකතෙමේ දෙක තුනක් කැඳ සලාකද, සතරක් පහක් ලභබත්ද, ලබන්නේම භික්‍ෂාචාරයටයේද භාණ්ඩාගාරිකහට මෙන් සියල්ල නටුයේ ග්‍රීවා වේ. ඉදින් සඞ්ඝයාහට විහාරපාලකයන්හට දිය යුතු බත් හෝ බත්වැටුප් නැත්තේද, භික්‍ෂූහු විහාරවාරය ගෙන තමතමන්ගේ නිශ්ශ්‍රිතකයන් ලවා පෝෂණය කරවත්ද, පැමිණිවාරය නොගන්නට නොලබයි. අන්‍ය භික්‍ෂූහු යම්සේ කරත්ද, එසේම කටයුතුය. භික්‍ෂූන් විසින් සහකාරයකු නැත්තාවූ හෝ දෙවැන්නෙකු නැත්තාවූ හෝ යමක්හට බත්ගෙන දෙන්නාවූ සභාගභික්‍ෂුනමක් නැත්තේද, මෙබඳුවූවහුට වාරය නොපැමිණවිය යුතුය.
යම‍්පි පාකවත‍්තත්‍ථාය විහාරෙ ඨපෙන‍්ති, තං ගහෙත්‍වා උපජීවන‍්තෙන ඨාතබ‍්බං. යො තං න උපජීවති , සො වාරං න ගාහාපෙතබ‍්බො. ඵලාඵලත්‍ථායපි විහාරෙ භික‍්ඛුං ඨපෙන‍්ති, ජග‍්ගිත්‍වා ගොපෙත්‍වා ඵලවාරෙන භාජෙත්‍වා ඛාදන‍්ති. යො තානි ඛාදති, තෙන ඨාතබ‍්බං. අනුපජීවන‍්තො න ගාහාපෙතබ‍්බො. සෙනාසනමඤ‍්චපීඨපච‍්චත්‍ථරණරක‍්ඛණත්‍ථායපි ඨපෙන‍්ති, ආවාසෙ වසන‍්තෙන ඨාතබ‍්බං. අබ‍්භොකාසිකො පන රුක‍්ඛමූලිකො වා න ගාහාපෙතබ‍්බො.
නිතර පිසියයුතු වූ කැඳබත් වියදම පිණිස යමක් විහාරයෙහි තබත්ද, ආරාමිකාදීන් විසින් දෙනලද ඒ පාකවට්ටය ගෙන ජීවත්වන්නා වූ අබ්භොකාසික රුක්‍ඛමූලිකාදීන් විසින් පාසිවුරු රක්නා පිණිස විහාරවාරය පැමිණි කල්හි සිටියයුතුය. යමෙක් ඒ කොටස ගෙන ජීවත්නොවේද, වාරය නොගැන්විය යුතුය. ඵලාඵල පිණිසද විහාරයෙහි මහණෙකු තබත්ද, දැගුම්කොට ආරක්‍ෂාකොට ඵලවාරයෙන් බෙදා අනුභව කරත්ද, යමෙක් ඒ ඵලාඵල අනුභවකෙරේද, ඔහු සිටිය යුතුය. ඵලාඵල නිසා ජීවත්නොවන්නෙක් නොගැන්විය යුත්තේය. සෙනසුන් ඇඳ පුටු, පසතුරුණු රැකීම පිණිස තබත්ද ආවාසයෙහි වසන්නෙකු සිටිය යුතුය. අබ්භොකාසිකයෙක් හෝ රුක්‍ඛමූලිකයෙක් නොගැන්විය යුත්තේය.
එකො නවකො හොති, බහුස‍්සුතො පන බහූනං ධම‍්මං වාචෙති, පරිපුච‍්ඡං දෙති, පාළිං වණ‍්ණෙති, ධම‍්මකථං කථෙති, සඞ‍්ඝස‍්ස භාරං නිත්‍ථරති, අයං ලාභං පරිභුඤ‍්ජන‍්තොපි ආවාසෙ වසන‍්තොපි වාරං න ගාහෙතබ‍්බො. “පුරිසවිසෙසො නාම ඤාතබ‍්බො”ති වදන‍්ති.
බොහෝ ඇසූපිරූ තැන් ඇති නවක භික්‍ෂු නමක්වේද බොහෝදෙනාට පාලිධර්‍මය කියවාද, පිළිවිසීම කෙරේද, පෙළ විස්තර කෙරේද, ධර්‍මකථා කියාද, සඞ්ඝයාගේ බර උසුලාද, මෙතෙමේ ලාභය බුදින්නේද, ආවාසයෙහි වසන්නේද, වාරය නොගැන්විය යුත්තේය. පුරුෂ විශෙෂයනම් දතයුතුයයි කියත්.
උපොසථාගාරපටිමාඝරජග‍්ගකස‍්ස පන දිගුණං යාගුභත‍්තං දෙවසිකං තණ‍්ඩුලනාළි සංවච‍්ඡරෙ තිචීවරං, දසවීසග‍්ඝනකං කප‍්පියභණ‍්ඩඤ‍්ච දාතබ‍්බං. සචෙ පන තස‍්ස තං ලභමානස‍්සෙව පමාදෙන තත්‍ථ කිඤ‍්චි නස‍්සති, සබ‍්බං ගීවා. බන්‍ධිත්‍වා බලක‍්කාරෙන අච‍්ඡින‍්නං පන න ගීවා. තත්‍ථ චෙතියස‍්ස වා සඞ‍්ඝස‍්ස වා සන‍්තකෙන චෙතියස‍්ස සන‍්තකං රක‍්ඛාපෙතුං වට‍්ටති. චෙතියස‍්ස සන‍්තකෙන සඞ‍්ඝස‍්ස සන‍්තකං රක‍්ඛාපෙතුං න වට‍්ටති. යං පන චෙතියස‍්ස සන‍්තකෙන සද‍්ධිං සඞ‍්ඝස‍්ස සන‍්තකං ඨපිතං හොති, තං චෙතියසන‍්තකෙ රක‍්ඛාපිතෙ රක‍්ඛිතමෙව හොතීති එවං වට‍්ටති. පක‍්ඛවාරෙන උපොසථාගාරාදීනි රක‍්ඛතොපි පමාදවසෙන නට‍්ඨං ගීවායෙවාති.
පොහෝගේ පිළිමගේ පිළිදැගුම් කරන්නහුට වනාහි දෙකොටසක් කැඳබත්ද, දවස්පතා සහල් නැළියක්ද, අවුරුද්දක් පාසා තුන්සිවුරුද දසයක් විස්සක් අගනා කැපබඩුවක්ද දියයුතුය. ඉදින්වනාහි එය ලබන්නාවූම ඔහුගේ ප්‍රමාදයෙන් එහි කිසිවක් නැසේද සියල්ල ග්‍රීවා වේ. බැඳදමා බලාත්කාරයෙන් සිඳගන්නා ලද්ද වනාහි ග්‍රීවා නොවේ. එහි චෛත්‍යය සතු වූ හෝ සඞ්ඝයා සතු වූ දැයින් චෛත්‍යය සතුවූවක් රක්වන්නට වටින්නේය. චෛත්‍යසන්තකය සමග සඞ්ඝයා සතුවූ යමක් තබන ලද්දේද, එය චෛත්‍යසන්තකය රැක්කවූකල්හි රක්නා ලද්දේමවේයයි මෙසේකිරීම සුදුසු වේ. පක්‍ෂවාරයෙන් පොහෝගේ ආදිය රකින්නහුටද ප්‍රමාදයෙන් නැසුනුදැය ග්‍රීවා වේ.
උපනිධිකථා නිට‍්ඨිතා.
උපනිධිකථා නිමි.