යෙදුමෙන් කියවන්න

ථලට‍්ඨකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

ථලට‍්ඨකථා

ථලට්ඨකථා

ථලට‍්ඨෙ ථලෙ නික‍්ඛිත‍්තන‍්ති භූමිතලෙ වා පාසාණතලපබ‍්බතතලාදීසු වා යත්‍ථ කත්‍ථචි පටිච‍්ඡන‍්නෙ වා අප‍්පටිච‍්ඡන‍්නෙ වා ඨපිතං ථලට‍්ඨන‍්ති වෙදිතබ‍්බං. තං සචෙ රාසිකතං හොති, අන‍්තොකුම‍්භියං භාජනගතකරණමුට‍්ඨිච‍්ඡෙදනවිනිච‍්ඡයෙන විනිච‍්ඡිනිතබ‍්බං. සචෙ එකාබද‍්ධං සිලෙසනිය්‍යාසාදි පක‍්කමධුඵාණිතවිනිච‍්ඡයෙන විනිච‍්ඡිනිතබ‍්බං. සචෙ ගරුකං හොති භාරබද‍්ධං ලොහපිණ‍්ඩි-ගුළපිණ‍්ඩි-තෙලමධුඝටාදි වා, කුම‍්භියං ඨානාචාවනවිනිච‍්ඡයෙන විනිච‍්ඡිනිතබ‍්බං. සඞ‍්ඛලිකබද‍්ධස‍්ස ච ඨානභෙදො සල‍්ලක‍්ඛෙතබ‍්බො. පත්‍ථරිත්‍වා ඨපිතං පන පාවාරත්‍ථරණසාටකාදිං උජුකං ගහෙත්‍වා ආකඩ‍්ඪති, පාරිමන‍්තෙ ඔරිමන‍්තෙන ඵුට‍්ඨොකාසං අතික‍්කන‍්තෙ පාරාජිකං. එවං සබ‍්බදිසාසු සල‍්ලක‍්ඛෙතබ‍්බං. වෙඨෙත්‍වා උද‍්ධරති, කෙසග‍්ගමත‍්තං ආකාසගතං කරොන‍්තස‍්ස පාරාජිකං. සෙසං වුත‍්තනයමෙවාති.

ථලට්ඨ කථාවෙහි ‘ථලෙ නික්‍ඛිත්තං’ බිම්තෙලෙහි හෝ ප්‍රාසාද පර්‍වත තලාදීන් අතුරෙහි වැසුනු හෝ නොවැසුනු යම්කිසි තැනක තැබු භාණ්ඩය ථලට්ඨ යයි දතයුතුය. ඉදින් ඒ භාණ්ඩය රැස්කරන ලද්දක්වේද, සැළිය තුළ භාණ්ඩය, බඳුන් ගතකරන, මිට සිඳින විනිශ්චයෙන් විනිශ්චය කටයුත්තේය. ඉදින් එකාබද්ධ වූයේනම් සිලෙස නීය්‍යාසාදි පක්කමධුඵාණිත විනිශ්චයෙන් විනිශ්චය කටයුතුය. ලෝපිඬු ගුළපිඬු තෙල් මී කළ ආදීවූ ගරුසාර භාණ්ඩයක්වේද, එය සැළිය පිළිබඳ ඨානාචාවන විනිශ්චයෙන් විනිශ්චය කටයුතුය. හැකිල්ලෙන් බැඳුනු භාණ්ඩයාගේ ස්ථානභෙදයද සැලකිය යුතුය. අතුරාතැබූ උතුරුසළු ආදිය සෘජුව ගෙන අදීද, ඈත කෙළවර මෑත කෙළවරින් පැහැසූ අවකාශය ඉක්මවූකල්හි පාරාජිකය වේ. සියලු දිශාවන්හි මෙසේ සැලකිය යුතුය. වෙළා උදුරාද, කෙසගක් පමණ අහස්ගත කරන්නහුට පාරාජිකය වේ. සෙස්ස කියූනය ඇත්තේමය.

ථලට‍්ඨකථා නිට‍්ඨිතා.

ථලට්ඨකථා නිමි.

ආකාසට‍්ඨකථා

ආකාසට්ඨකථා

ආකාසට‍්ඨෙ මොරස‍්ස ඡහි ආකාරෙහි ඨානපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො – පුරතො මුඛතුණ‍්ඩකෙන, පච‍්ඡතො කලාපග‍්ගෙන, උභයපස‍්සෙසු පක‍්ඛපරියන‍්තෙහි, අධො පාදනඛසිඛාය, උද‍්ධං සිඛග‍්ගෙනාති. භික‍්ඛු “සස‍්සාමිකං ආකාසට‍්ඨං මොරං ගහෙස‍්සාමී”ති පුරතො වා තිට‍්ඨති, හත්‍ථං වා පසාරෙති, මොරො ආකාසෙයෙව පක‍්ඛෙ චාරෙති, වාතං ගාහාපෙත්‍වා ගමනං උපච‍්ඡින්‍දිත්‍වා තිට‍්ඨති. තස‍්ස භික‍්ඛුනො දුක‍්කටං. තං අඵන්‍දෙන‍්තො හත්‍ථෙන ආමසති, දුක‍්කටමෙව. ඨානා අචාවෙන‍්තො ඵන්‍දාපෙති, ථුල‍්ලච‍්චයං. හත්‍ථෙන පන ගහෙත්‍වා වා අග‍්ගහෙත්‍වා වා මුඛතුණ‍්ඩකෙන ඵුට‍්ඨොකාසං කලාපග‍්ගං, කලාපග‍්ගෙන වා ඵුට‍්ඨොකාසං මුඛතුණ‍්ඩකං අතික‍්කාමෙති, පාරාජිකං. තථා වාමපක‍්ඛපරියන‍්තෙන ඵුට‍්ඨොකාසං දක‍්ඛිණපක‍්ඛපරියන‍්තං, දක‍්ඛිණපක‍්ඛපරියන‍්තෙන වා ඵුට‍්ඨොකාසං වාමපක‍්ඛපරියන‍්තං අතික‍්කාමෙති, පාරාජිකං. තථා පාදනඛසිඛාය ඵුට‍්ඨොකාසං සිඛග‍්ගං, සිඛග‍්ගෙන වා ඵුට‍්ඨොකාසං පාදනඛසිඛං අතික‍්කාමෙති, පාරාජිකං.

ආකාසට්ඨාවෙහි - ඉදිරිපසින් මුවතුඩින් පසුපසින් පිල්කලප් අගින් දෙපසෙහි පියාපත් කෙළවරින් යට පානිය සිළුවෙන් මතුවෙහි සිළුඅගින්යි මොනරාගේ ස්ථාන පරිච්ඡෙදය සයයුරකින් දතයුතුය. මහණතෙමේ අහස්හි සිටි සස්වාමික වූ මොනරෙකු අල්ලා ගන්නෙමියි ඉදිරියෙහි හෝ සිටීද, අත හෝ දිගු කෙරේද, මොනරා අහසෙහිම පියාපත් සලාද, හුළං ගන්වා ගමන් හැර සිටීද, ඒ මහණහුට දුක්කටය වේ. ඒ මොනරු සිටිතැනින් නොසොල්වෙමින් අතින් පහසානම් දුක්කටයම වේ. සිටිතැනින් පහනොකරමින් සොලවාද, ථුල්ලච්චය වේ. අතින් අල්වාගෙන හෝ අල්වානොගෙන හෝ මුවදඩ කෙළවරින් පැහැසූ අවකාශය වූ පිල්කලබ් කෙළවර, පිල්කලබ් කෙළවරින් පැහැසූ අවකාශය වූ මුවතුඩ ඉක්මවාද පාරාජිකය වේ. එසේ වම්පස පියාපත් කෙලවරින් පැහැසූ අවකාශය වූ දකුණුපස පියාපත් කෙළවර, දකුණුපස පියාපත් කෙළවරින් පැහැසූ අවකාශය වූ වම්පස පියාපත් කෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. එසේ පානිය සිළුවෙන් පැහැසූ අවකාශය වූ සිළුඅග, සිළුඅගින් පැහැසූ අවකාශය වූ පානිය සිළුව ඉක්මවාද පාරාජිකය වේ.

ආකාසෙන ගච‍්ඡන‍්තො මොරො සීසාදීසු යස‍්මිං අඞ‍්ගෙ නිලීයති, තං තස‍්ස ඨානං. තස‍්මා තං හත්‍ථෙ නිලීනං ඉතො චිතො ච කරොන‍්තොපි ඵන්‍දාපෙතියෙව, යදි පන ඉතරෙන හත්‍ථෙන ගහෙත්‍වා ඨානා චාවෙති, පාරාජිකං . ඉතරං හත්‍ථං උපනෙති, මොරො සයමෙව උඩ‍්ඩෙත්‍වා තත්‍ථ නිලීයති, අනාපත‍්ති . අඞ‍්ගෙ නිලීනභාවං ඤත්‍වා ථෙය්‍යචිත‍්තෙන එකං පදවාරං ගච‍්ඡති, ථුල‍්ලච‍්චයං. දුතියෙ පාරාජිකං.

අහසින් යන මොනරා ශීර්‍ෂාදීන් අතුරෙහි යම් අවයවයෙක සැඟවේද, ඒ මොනරුගේ ස්ථානය ඒය. එහෙයින් අතෙහි ලැගුනු ඒ මොනරු ඒ අතින්ම ඈත් මෑත් කරනුයේද සොලවාමය. ඉදින්වනාහි අනික් අතින් ගෙන හුන් තැනින් පහකෙරේද, පාරාජිකය වේ. අනික් අත ලංකෙරේද මොනරා තමාම අහසට නැග ඒ අතෙහි සැඟවේද ඇවැත් නොවේ. අවයවයෙහි ලැගුනු බව දැන සොරසිතින් එක් පියවරක් යේද, ථුල්ලච්චය වේ. දෙවන පියවරෙහිදී පාරාජිකය වේ.

භූමියං ඨිතමොරො ද‍්වින‍්නං වා පාදානං කලාපස‍්ස ච වසෙන තීණි ඨානානි ලභති. තං උක‍්ඛිපන‍්තස‍්ස යාව එකම‍්පි ඨානං පථවිං ඵුසති, තාව ථුල‍්ලච‍්චයං. කෙසග‍්ගමත‍්තම‍්පි පථවියා මොචිතමත‍්තෙ පාරාජිකං. පඤ‍්ජරෙ ඨිතං සහ පඤ‍්ජරෙන උද‍්ධරති, පාරාජිකං. යදි පන පාදං න අග‍්ඝති, සබ‍්බත්‍ථ අග‍්ඝවසෙන කාතබ‍්බං. අන‍්තොවත්‍ථුම‍්හි චරන‍්තං මොරං ථෙය්‍යචිත‍්තෙන පදසා බහිවත්‍ථුං නීහරන‍්තො ද‍්වාරපරිච‍්ඡෙදං අතික‍්කාමෙති, පාරාජිකං. වජෙ ඨිතබලීබද‍්දස‍්ස හි වජො විය අන‍්තොවත්‍ථු තස‍්ස ඨානං. හත්‍ථෙන පන ගහෙත්‍වා අන‍්තොවත්‍ථුස‍්මිම‍්පි ආකාසගතං කරොන‍්තස‍්ස පාරාජිකමෙව. අන‍්තොගාමෙ චරන‍්තම‍්පි ගාමපරික‍්ඛෙපං අතික‍්කාමෙන‍්තස‍්ස පාරාජිකං . සයමෙව නික‍්ඛමිත්‍වා ගාමූපචාරෙ වා වත්‍ථූපචාරෙ වා චරන‍්තං පන ථෙය්‍යචිත‍්තො කට‍්ඨෙන වා කථලාය වා උත්‍රාසෙත්‍වා අටවිමුඛං කරොති, මොරො උඩ‍්ඩෙත්‍වා අන‍්තොගාමෙ වා අන‍්තොවත්‍ථුම‍්හි වා ඡදනපිට‍්ඨෙ වා නිලීයති, රක‍්ඛති. සචෙ පන අටවිමුඛෙ උඩ‍්ඩෙති වා ගච‍්ඡති වා “අටවිං පවෙසෙත්‍වා ගහෙස‍්සාමී”ති පරිකප‍්පෙ අසති පථවිතො කෙසග‍්ගමත‍්තම‍්පි උඩ‍්ඩිතමත‍්තෙ වා දුතියපදවාරෙ වා පාරාජිකං. කස‍්මා? යස‍්මා ගාමතො නික‍්ඛන‍්තස‍්ස ඨිතට‍්ඨානමෙව ඨානං හොති. කපිඤ‍්ජරාදීසුපි අයමෙව විනිච‍්ඡයො.

බිම සිටි මොනරා දෙපාදයන්ගේ හා පිල් කලාපයේ වසයෙන් තුන්තැනක් ලබයි. ඒ මොනරු ඔසොවන මහණහුට යම්තාක් ඒ මොනරාගේ එක් තැනෙකුදු පොළොව පහසාද, ඒතාක් ථුල්ලච්චය වේ. කෙසගක් පමණකුදු පොළොවෙන් මිදී ගිය කල්හි පාරාජිකය වේ. මැදිරියෙහි සිටි මොනරු මැදිරිය සමග ඔසොවාද, පාරාජිකය වේ. ඉදින් පාදයක් නොඅගීනම් සියලු තැන ඇගීම් වසයෙන් විනිශ්චය කටයුතුය. පවුරු ඈ යමකින් වටකළ වත්ත තුළ හැසිරෙන මොනරෙකු සොරසිතින් පා ගමනින් පිටත වත්තකට ගෙන යන්නේ දොර ඉම ඉක්මවාද පාරාජිකය වේ. ගොවුදෙහි සිටි ගොනුට ගොවුද මෙන් ඔහුට වත්ත ඇතුළ ස්ථාන වේ. අතින් ගෙන වත්ත ඇතුළතදීම අහස්ගත කරන්නහුට පාරාජිකයම වේ. ගම තුළ හැසිරෙන්නෙකු දැක ගම්පවුර ඉක්මවා යන්නහුට පාරාජිකය වේ. මොනරුම නික්මගොස් පිටත ග්‍රාමොපචාරයෙහි වස්තූපචාරයෙහි හෝ හැසිරෙන්නහු වනාහි සොරසිත් ඇත්තේ දරකඩකින් කැටකින් හෝ තැතිගන්වා වන මුඛයට අභිමුඛ කෙරේද, මොනරා පියාහඹා ගොස් ගම තුළ හෝ වත්ත තුළ හෝ සෙවෙනිපිටක හෝ සැඟවී ගනීද, ඒ තාක් රකියි. ඉදින් වනාහි වනයට අභිමුඛව පියාහඹාද, ගමන් හෝ කෙරේද, ‘වනයට ඇතුල්කොට ගන්නෙමි’යි අදහසක් නැති කල්හිද පොළොවෙන් කෙසගක් පමණකුදු අහසට නැගීගත් ඇසිල්ලෙහි හෝ දෙවන පියවරෙහි හෝ පාරාජිකය වේ. කුමක් හෙයින්ද යත්: යම්හෙයකින් ගමින් නික්මුනහුට සිටිතැනම ස්ථානයවේද, එහෙයිනි. ඔවුනොවුන් කොටවනු පිණිස නුවණ නැති මිනිසුන් විසින් වැඩූ වටු ආදීවූ පක්‍ෂි ජාතීන් අතුරෙහිද මෙම විනිශ්චය වේ.

සාටකං වාති වාතවෙගුක‍්ඛිත‍්තං පථවිතලෙ පත්‍ථරිත්‍වා ඨපිතමිව ආකාසෙන ගච‍්ඡන‍්තං ඛලිබද‍්ධං සාටකං අභිමුඛාගතං හත්‍ථෙන එකස‍්මිං අන‍්තෙ ගණ‍්හාති, ඉතො චිතො ච ඨානං අවිකොපෙන‍්තොයෙව ගමනුපච‍්ඡෙදෙ දුක‍්කටං. ඨානාචාවනං අකරොන‍්තො චාලෙති, ඵන්‍දාපනෙ ථුල‍්ලච‍්චයං. ඨානා චාවෙති, පාරාජිකං. ඨානපරිච‍්ඡෙදො චස‍්ස මොරස‍්සෙව ඡහි ආකාරෙහි වෙදිතබ‍්බො.

‘සාටකං වා’ පොළෝතෙලෙහි අතුරා තබන ලද්දක් මෙන් වාත වේගයෙන් නගන ලදුව අහසින් යන පිටිතලපයෙන් බැඳි ඉදිරියට පැමිණ සළුවක් එක් කෙළවරකින් අතින් ගනීද, ඈතින් මෑතින් තුබූතැන වෙනස් නොකරනුයේම සොලොවාද, ගමන් වැළකීම නිමිතිකොට දුක්කටය වේ. තුබූතැනින් පහනොකරනුයේ සොලොවාද සෙලවීම නිමිතිකොට ථුල්ලච්චය වේ. තුබූතැනින් පහකෙරේද, පාරාජිකය වේ. මේ සළුවෙහි ස්ථාන පරිච්ඡෙදය මොනරු පිළිබඳ ස්ථාන පරිච්ඡෙදය මෙන් සයයුරකින් දතයුතුය.

අබද‍්ධසාටකො පන එකස‍්මිං අන‍්තෙ ගහිතමත‍්තෙව දුතියෙනන‍්තෙන පතිත්‍වා භූමියං පතිට‍්ඨාති, තස‍්ස ද‍්වෙ ඨානානි හොන‍්ති – හත්‍ථො චෙව භූමි ච. තං යථාගහිතමෙව පඨමං ගහිතොකාසප‍්පදෙසතො චාලෙති, ථුල‍්ලච‍්චයං. පච‍්ඡා භූමිතො දුතියහත්‍ථෙන වා පාදෙන වා උක‍්ඛිපති, පාරාජිකං. පඨමං වා භූමිතො උද‍්ධරති, ථුල‍්ලච‍්චයං. පච‍්ඡා ගහිතොකාසප‍්පදෙසතො චාවෙති, පාරාජිකං. ගහණං වා අමුඤ‍්චන‍්තො උජුකමෙව හත්‍ථං ඔනාමෙත්‍වා භූමිගතං කත්‍වා තෙනෙව හත්‍ථෙන උක‍්ඛිපති, පාරාජිකං. වෙඨනෙපි අයමෙව විනිච‍්ඡයො.

නොබඳිනලද සළුව වනාහි එක්කෙළවරක් ගත්ඇසිල්ලෙහිම දෙවන කෙළවරින් වැටී බිම පිහිටාද, අතද, බිමදැයි එයට දෙතැනක් වේ. ඒ සළුව අල්ලාගත් පරිදිම අල්ලා ගත් පෙදෙසින් අල්ලාගෙන සොලොවාද ථුල්ලච්චය වේ. පසුව දෙවන අතින් හෝ පයින් පොළොවෙන් ඔසොවාගනීද පාරාජිකය වේ. පළමුකොට හෝ පොළොවෙන් නගාගනීද ථුල්ලච්චය වේ. පසුව අල්ලාගත් අවකාශ ප්‍රදේශයෙන් පහකෙරේද පාරාජිකය වේ. ගැනීම නොමුදමින් හෝ සෘජුවම අතනවා බිමවූවක්කොට ඒ අතින්ම ඔසොවාද, පාරාජිකය වේ. වෙළුමෙහිද මේ විනිශ්චය වේ.

හිරඤ‍්ඤං වා සුවණ‍්ණං වා ඡිජ‍්ජමානන‍්ති මනුස‍්සානං අලඞ‍්කරොන‍්තානං ගීවෙය්‍යකාදිපිළන්‍ධනං වා සුවණ‍්ණසලාකං ඡින්‍දන‍්තානං සුවණ‍්ණකාරානං සුවණ‍්ණඛණ‍්ඩං වා ඡිජ‍්ජමානං පතති, තඤ‍්චෙ භික‍්ඛු ආකාසෙන ආගච‍්ඡන‍්තං ථෙය්‍යචිත‍්තො හත්‍ථෙන ගණ‍්හාති, ගහණමෙව ඨානං. ගහිතප‍්පදෙසතො හත්‍ථං අපනෙති, පාරාජිකං. චීවරෙ පතිතං හත්‍ථෙන උක‍්ඛිපති, පාරාජිකං. අනුද‍්ධරිත්‍වාව යාති, දුතියෙ පදවාරෙ පාරාජිකං. පත‍්තෙ පතිතෙපි එසෙව නයො. සීසෙ වා මුඛෙ වා පාදෙ වා පතිට‍්ඨිතං හත්‍ථෙන ගණ‍්හාති, පාරාජිකං. අග‍්ගහෙත්‍වාව යාති, දුතියෙ පදවාරෙ පාරාජිකං. යත්‍ථ කත්‍ථචි පතති, තස‍්ස පතිතොකාසොව ඨානං, න සබ‍්බං අඞ‍්ගපච‍්චඞ‍්ගං පත‍්තචීවරං වාති.

‘හිරඤ්ඤං වා සුවණ්ණං වා ඡිජ්ජමානං’ අබරණලා සැරසෙන මිනිසුන්ගේ ග්‍රීවාභරණාදී වූ පලඳනාවක් හෝ රන්කූරක් සිඳින රන්කරුවන්ගේ රන්කඩක් හෝ සිඳිනු ලබන්නේ වැටේද. මහණතෙමේ අහසින් එන ඒ රන්කඩ, සොරසිත් ඇත්තේ අතින් ගනීද, ගැනීමම ස්ථානය වේ. අල්ලාගත් පෙදෙසින් අත පහකෙරේද, පාරාජිකය වේ. සිවුර මතුවෙහි වැටුනක් අතින් ඔසොවාද පාරාජිකය වේ. නොඋදුරාම යේද දෙවන පියවරෙහි පාරාජිකය වේ. පාත්‍රයෙහි වැටුනු කල්හිද මෙම ක්‍රමය වේ. හිසෙහි හෝ මුවෙහි හෝ පයෙහි හෝ පිහිටියක් අතින් ගනීද පාරාජිකය වේ. නොගෙනම යේද, දෙවන පියවරෙහි පාරාජිකය වේ. යම්කිසි තැනක වැටේද, එය පිහිටාගත් අවකාශයම ස්ථානය වේ. සියලු අඟපසඟ පාසිවුරු ස්ථාන නොවේ.

ආකාසට‍්ඨකථා නිට‍්ඨිතා.

ආකාසට්ඨකථා නිමි.

වෙහාසට‍්ඨකථා

වෙහාසට්ඨකථා

වෙහාසට‍්ඨෙ මඤ‍්චපීඨාදීසු ඨපිතං භණ‍්ඩං ආමාසං වා හොතු අනාමාසං වා, ථෙය්‍යචිත‍්තෙන ආමසන‍්තස‍්ස දුක‍්කටං. මඤ‍්චපීඨෙසු ඨපිතභණ‍්ඩෙසු පනෙත්‍ථ ථලට‍්ඨෙ වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො. අයං පන විසෙසො – සචෙ ඛලියා බද‍්ධසාටකො මඤ‍්චෙ වා පීඨෙ වා පත්‍ථටො මජ‍්ඣෙන මඤ‍්චතලං න ඵුසති, මඤ‍්චපාදෙව ඵුසති, තෙසං වසෙන ඨානං වෙදිතබ‍්බං. පාදානං උපරි ඵුට‍්ඨොකාසමෙව හි අතික‍්කමිතමත‍්තෙන තත්‍ථ පාරාජිකං හොති. සහ මඤ‍්චපීඨෙහි හරන‍්තස‍්ස පන මඤ‍්චපීඨපාදානං පතිට‍්ඨිතොකාසවසෙන ඨානං වෙදිතබ‍්බං.

වෙහාසට්ඨ කථාවෙහි - ඇඳ පුටු ආදියෙහි තැබූ භාණ්ඩයක් පැහැසියයුතු හෝ වේවා නොපැහැසියයුතු හෝ වේවා, එය සොරසිතින් පහසන්නහුට දුක්කටය වේ. ඇඳ පුටුවල තැබූ භාණ්ඩයන්හිද මෙහි ථලට්ඨයෙහි කියූලෙසින්ම විනිශ්චය දතයුතුය. මේ වනාහි විශේෂය වේ: ඉදින් පිටිතලපයෙන් බැඳි සළුව ඇඳක හෝ පුටුවක හෝ එලන ලද්දේ මැදින් ඇඳෙහි තට්ටුව නොපහසාද ඇඳපාම පහසාද ඔවුන්ගේ වසයෙන් ස්ථානය දතයුතුය. මා මතුවෙහි පැහැසූ අවකාශයම ඉක්මවූ ඇසිල්ලකින් එහි පාරාජිකය වේ. ඇඳ පුටු සමග ගෙන යන්නහුට වනාහි ඇඳ පුටුවල පා පිහිටි අවකාශයාගේ වසයෙන් ස්ථානය දතයුතුය.

චීවරවංසෙ වාති චීවරඨපනත්‍ථාය බන්‍ධිත්‍වා ඨපිතෙ වංසෙ වා කට‍්ඨදණ‍්ඩකෙ වා. තත්‍ථ සංහරිත්‍වා පාරතො අන‍්තං ඔරතො භොගං කත්‍වා ඨපිතචීවරස‍්ස පතිට‍්ඨිතොකාසෙන ඵුට‍්ඨොකාසොව ඨානං, න සබ‍්බො චීවරවංසො. තස‍්මා ථෙය්‍යචිත‍්තෙන තං භොගෙ ගහෙත්‍වා ආකඩ‍්ඪන‍්තස‍්ස පාරතො වංසෙ පතිට‍්ඨිතොකාසං ඔරතො චීවරෙන වංසස‍්ස ඵුට‍්ඨප‍්පදෙසං අතික‍්කාමෙන‍්තස‍්ස එකද‍්වඞ‍්ගුලමත‍්තාකඩ‍්ඪනෙනෙව පාරාජිකං. අන‍්තෙ ගහෙත්‍වා ආකඩ‍්ඪන‍්තස‍්සාපි එසෙව නයො. තත්‍ථෙව පන චීවරවංසෙ වාමතො වා දක‍්ඛිණතො වා සාරෙන‍්තස‍්ස වාමන‍්තෙන දක‍්ඛිණන‍්තට‍්ඨානං දක‍්ඛිණන‍්තෙන වා වාමන‍්තට‍්ඨානං අතික‍්කන‍්තමත‍්තෙ දසද‍්වාදසඞ‍්ගුලමත‍්තසාරණෙනෙව පාරාජිකං. උද‍්ධං උක‍්ඛිපන‍්තස‍්ස කෙසග‍්ගමත‍්තුක‍්ඛිපනෙන පාරාජිකං. චීවරවංසං ඵුසන‍්තං වා අඵුසන‍්තං වා රජ‍්ජුකෙන බන්‍ධිත්‍වා ඨපිතචීවරං මොචෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං, මුත‍්තෙ පාරාජිකං. මුත‍්තමත‍්තමෙව හි තං “ඨානා චුත”න‍්ති සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. වංසෙ වෙඨෙත්‍වා ඨපිතං නිබ‍්බෙඨෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං, නිබ‍්බෙඨිතමත‍්තෙ පාරාජිකං. වලයං කත්‍වා ඨපිතෙ වලයං ඡින්‍දති වා මොචෙති වා එකං වා වංසකොටිං මොචෙත්‍වා නීහරති, ථුල‍්ලච‍්චයං . ඡින‍්නමත‍්තෙ මුත‍්තමත‍්තෙ නීහටමත‍්තෙ ච පාරාජිකං. තථා අකත්‍වාව චීවරවංසෙ ඉතො චිතො ච සාරෙති, රක‍්ඛති තාව. වලයස‍්ස හි සබ‍්බොපි චීවරවංසො ඨානං. කස‍්මා? තත්‍ථ සංසරණධම‍්මතාය. යදා පන නං හත්‍ථෙන ගහෙත්‍වා ආකාසගතං කරොති, පාරාජිකං. පසාරෙත්‍වා ඨපිතස‍්ස පතිට‍්ඨිතොකාසෙන ඵුට‍්ඨොකාසොව ඨානං. තත්‍ථ සංහරිත්‍වා ඨපිතෙ වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො. යං පන එකෙනන‍්තෙන භූමිං ඵුසිත්‍වා ඨිතං හොති, තස‍්ස චීවරවංසෙ ච භූමියඤ‍්ච පතිට‍්ඨිතොකාසවසෙන ද‍්වෙ ඨානානි. තත්‍ථ භූමියං එකෙනන‍්තෙන පතිට‍්ඨිතෙ අබද‍්ධසාටකෙ වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො. චීවරරජ‍්ජුයාපි අයමෙව විනිච‍්ඡයො.

‘චීවරවංසෙ’ සිවුරු තැබීම පිණිස බැඳතැබු හුණදඬුවෙහි හෝ දැවදඬුවෙහි හෝ එහි සිවුර හකුළා හුණදඬුවෙන් පරභාගයෙහි නමා එක්කළ නුවා කෙළවරද, තමා සිටිපසෙහි, නැමූ සිවුරෙහි මැද කොටසද කොටතැබූ සිවුර පිහිටි අවකාශයෙන් පැහැසූ අවකාශයම ස්ථාන වේ. සිවුරුලන සියලු හුණදඬුවම ස්ථාන නොවේ. එහෙයින් සොරසිතින් නවාතුබූ සිවුරෙහි මැද කොටස අල්ලාගෙන සිවුර අදින හුණදඬුවෙහි පරභාගයෙන් හුණදඬුවෙහි පිහිටි අවකාශයද, නමාසිටි දිශාවෙන් සිවුරෙන් හුණදඬුවෙහි පහසලද අවකාශයද ඉක්මවන්නහුටද එකඟුල් පමණ ඇදීමෙන්ම පාරාජිකය වේ. කෙළවර ගෙන අදින්නහුටද මෙම නයවේ. එහිම සිවුරලන හුණදඬුවෙහි වමින් හෝ දකුණෙන් හෝ ඈතමෑත කරන්නහුට වම් කෙළවරින් දකුණු කෙළවර, දකුණු කෙළවරින් හෝ වම්කෙළවර ඉක්මනු ඇසිල්ලෙහි දසදොළොස් අඟුල් පමණ ඈතමෑත හැසිරවීමෙන්ම පාරාජිකය වේ. උඩට ඔසවන්නහුට කෙසගක් පමණ එසවීමෙන් පාරාජිකය වේ. සිවුරලන හුණදඬුව පහසන්නාවූ හෝ නොපහසන්නාවූ හෝ රැහණින් බැඳ තැබූ සිවුර එයින් මුදන්නහුට ථුල්ලච්චය වේ. මිදුනුකල්හි පාරාජිකය වේ. මිදුනු ඇසිල්ලම ඒ සිවුර ස්ථානයෙන් ගිලිහුනේය යන ගිණීමට යන්නේය. හුණදඬුවෙහි වෙළා තබන ලද්ද වෙළුම හරින්නහුට ථුල්ලච්චය වේ. වෙළීම හළ ඇසිල්ලෙහි පාරාජිකය වේ. වලල්ලක්කොට තැබූකල්හි වලල්ල සිඳියි හෝ මුදයි හෝ එක් වලල්ලක් හෝ හුණදඬුකෙළවරින් මුදා බැහැරට ගනීද, ථුල්ලච්චය වේ. සුන්ඇසිල්ලෙහි මිදුනු ඇසිල්ලෙහි බැහැරටගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. එසේ නොකොටම සිවුරුලන හුණදඬුවෙහි ඈතමෑත හසුරුවාද, ඒතාක් රකින්නේය. වලල්ලට වනාහි සියලු හුණදඬුව ස්ථාන වේ. කුමක්හෙයින්දයත්: එහි හැසිරෙන සැහැවි ඇති බැවිනි. ඉදින්වනාහි ඒ වලල්ල අතින්ගෙන අහස්ගතවූවක් කෙරේද, පාරාජිකය වේ. දිගහැර තැබූ සිවුරට පිහිටි අවකාශයෙන් පැහැසු අවකාශයම ස්ථාන වේ. එහි හකුළා තැබූකල්හි විනිශ්චයතෙමේ කියූනයින් දතයුතුය. යම් සිවුරක් වනාහි එක් කෙළවරකින් බිම පහසා සිටියේද ඒ සිවුරට හුණදඬුවෙහිද පොළොවෙහි ද පිහිටි අවකාශ වශයෙන් ස්ථාන දෙකක් වේ. එහි පොළොවෙහි එක් කෙළවරකින් පිහිටි කල්හි අබද්ධසාටකයෙහි කියූ ලෙසින්ම විනිශ්චය දතයුතුය. සිවුරුලන රැ හණෙහිද මේ විනිශ්චය වේ.

අඞ‍්කුසකෙ ලග‍්ගෙත්‍වා ඨපිතභණ‍්ඩං පන භෙසජ‍්ජඝටො වා භෙසජ‍්ජත්‍ථවිකා වා සචෙ භිත‍්තිං වා භූමිං වා අඵුසිත්‍වා ඨපිතං ලග‍්ගනකං ඝංසන‍්තස‍්ස නීහරතො අඞ‍්කුසකොටිතො නික‍්ඛන‍්තමත‍්තෙ පාරාජිකං. ලග‍්ගනකං බද‍්ධං හොති, බුන්‍දෙන උක‍්ඛිපිත්‍වා ආකාසගතං කරොන‍්තස‍්ස අඞ‍්කුසකොටිතො අනික‍්ඛන‍්තෙපි පාරාජිකං. භිත‍්තිනිස‍්සිතං හොති, පඨමං අඞ‍්කුසකොටිතො නීහරති, ථුල‍්ලච‍්චයං. පච‍්ඡා භිත‍්තිං මොචෙති, පාරාජිකං. පඨමං භිත‍්තිං මොචෙත්‍වා පච‍්ඡා අඞ‍්කුසතො නීහරන‍්තස‍්සාපි එසෙව නයො. සචෙ පන භාරියං භණ‍්ඩං නීහරිතුං අසක‍්කොන‍්තො සයං භිත‍්තිනිස‍්සිතං කත්‍වා අඞ‍්කුසතො නීහරති, පුන භිත‍්තිං අමොචෙත්‍වාපි අඞ‍්කුසතො නීහටමත‍්තෙයෙව පාරාජිකං. අත‍්තනා කතට‍්ඨානඤ‍්හි ඨානං න හොති. භූමිං ඵුසිත්‍වා ඨිතස‍්ස පන ද‍්වෙ එව ඨානානි. තත්‍ථ වුත‍්තොයෙව විනිච‍්ඡයො . යං පන සික‍්කාය පක‍්ඛිපිත්‍වා ලග‍්ගිතං හොති, තං සික‍්කාතො නීහරන‍්තස‍්සාපි සහ සික‍්කාය අඞ‍්කුසතො නීහරන‍්තස‍්සාපි පාරාජිකං. භිත‍්තිභූමිසන‍්නිස‍්සිතවසෙන චෙත්‍ථ ඨානභෙදොපි වෙදිතබ‍්බො.

අකුස්සෙහි එල්වා තැබූ භාණ්ඩය වනාහි බෙහෙත් කළයක් හෝ වේවා, බෙහෙත් පසුම්බියක් හෝ වේවා, ඉදින් බිත්තිය හෝ පොළොව හෝ නොපහසා සිටි එල්බෙන්නක් ගටමින් පහකරන්නහුට අකුස් කෙළවරින් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. එල්බෙන්නක් බැඳුනක්වේද, මුලින් ඔසොවා අහස්ගතවූවක් කරන්නහුට අකුස් කෙළවරින් නොමිදුනු කල්හිද පාරාජිකය වේ. බිත්තියෙහි ලැගීසිටි එය පළමුකොට අකුස් කෙළවරින් පහකෙරේද, ථුල්ලච්චය වේ. පසුව බිත්තිය මුදාද, පාරාජිකය වේ. පළමුකොට බිත්තිය මුදා පසුව අකුස්සෙන් බැහැර කරන්නහුටද මේ ක්‍රමය වේ. ඉදින්වනාහි බර ඇති භාණ්ඩයක් බැහැරට ගන්නට නොහැක්කේ, තෙමේ බිත්තිය ඇසුරුකළ එකක්කොට අකුස්සෙන් බැහැර කෙරේද, නැවත බිත්තිය නොමුදාම අකුස්සෙන් බැහැරට ගත් ඇසිල්ලෙහිම පාරාජිකය වේ. තමන් කළතැන වනාහි ස්ථානය නොවේ. බිම පහසාසිටි භාණ්ඩයට ස්ථාන දෙකක් වේ. එහි විනිශ්චය කියන ලද්දේමය. යම් භාණ්ඩයක් වනාහි සහල්ලෙකලා එල්වන ලද්දේවේද, ඒ භාණ්ඩය සහල්ලෙන් බැහැරට ගන්නහුටද සහල්ල සමග අකුස්සෙන් බැහැරට ගන්නහුටද පාරාජිකය වේ. භික්තිභූමිනිශ්ශ්‍රිත වශයෙන්ද මෙහි ස්ථානභෙදයද දතයුතුය,

භිත‍්තිඛීලොති උජුකං කත්‍වා භිත‍්තියං ආකොටිතො වා තත්‍ථජාතකො එව වා; නාගදන‍්තො පන වඞ‍්කො ආකොටිතො එව. තෙසු ලග‍්ගෙත්‍වා ඨපිතං අඞ‍්කුසකෙ වුත‍්තනයෙනෙව විනිච‍්ඡිනිතබ‍්බං. ද‍්වීසු තීසු පන පටිපාටියා ඨිතෙසු ආරොපෙත්‍වා ඨපිතං කුන‍්තං වා භින්‍දිවාලං වා අග‍්ගෙ වා බුන්‍දෙ වා ගහෙත්‍වා ආකඩ‍්ඪති, එකමෙකස‍්ස ඵුට‍්ඨොකාසමත‍්තෙ අතික‍්කන‍්තෙ පාරාජිකං. ඵුට‍්ඨොකාසමත‍්තමෙව හි තෙසං ඨානං හොති, න සබ‍්බෙ ඛීලා වා නාගදන‍්තා වා. භිත‍්තිඅභිමුඛො ඨත්‍වා මජ‍්ඣෙ ගහෙත්‍වා ආකඩ‍්ඪති, ඔරිමන‍්තෙන ඵුට‍්ඨොකාසං පාරිමන‍්තෙන අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං. පරතො පෙල‍්ලෙන‍්තස‍්සාපි එසෙව නයො. හත්‍ථෙන ගහෙත්‍වා උජුකං උක‍්ඛිපන‍්තො කෙසග‍්ගමත‍්තම‍්පි ආකාසගතං කරොති, පාරාජිකං. භිත‍්තිං නිස‍්සාය ඨපිතං භිත‍්තිං ඝංසන‍්තො ආකඩ‍්ඪති, අග‍්ගෙන ඵුට‍්ඨොකාසං බුන්‍දං, බුන්‍දෙන වා ඵුට‍්ඨොකාසං අග‍්ගං අතික‍්කාමෙන‍්තස‍්ස පාරාජිකං . භිත‍්තිඅභිමුඛො ඨත්‍වා ආකඩ‍්ඪන‍්තො එකෙනන‍්තෙන ඵුට‍්ඨොකාසං අපරන‍්තං අතික‍්කාමෙති, පාරාජිකං. උජුකං උක‍්ඛිපන‍්තො කෙසග‍්ගමත‍්තං ආකාසගතං කරොති, පාරාජිකං.

‘භිත්තිඛීලො’ යනු සෘජුකොට බිත්තියෙහි ගසන ලද්දක් හෝ එහි හටගත්තේම හෝ වේ. ‘නාගදන්තො’ නාගදන්තය වනාහි වක්ව ගසන ලද්දක්මය. ඒ තන්හි එල්වා තැබූ භාණ්ඩය අකුස්සෙහි කියූනයින්ම විනිශ්චය කටයුතුය. දෙකක් තුනක් පිළිවෙළින් තැබූ නාදැතිවල නගා තැබූ කුන්තයක් හෝ භිණ්ඩිවාලයක් හෝ අග හෝ මුල ගෙන අදීද, එකක් එකක්හුගේ පැහැසූ අවකාශමාත්‍රය ඉක්මනු කල්හි පාරාජිකය වේ. පැහැසූ අවකාශමාත්‍රයම ඔවුනට ස්ථාන වේ. සියලු හුල් හෝ නාදැති හෝ ස්ථාන නොවේ. බිත්තියට අභිමුඛව සිට මැද අල්ලාගෙන අදීද, මෑත කෙළවරින් පැහැසූ අවකාශය ඈත කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. බිත්ති දෙසට මූණදී පරභාගයෙන් පෙළන්නහුටද මෙම ක්‍රමය වේ. අතින් අල්ලාගෙන සෘජුව ඔසොවනුයේ කෙසගක් පමණකුදු අහස්ගත වූවක් කෙරේද, පාරාජිකය වේ. බිත්තිය ඇසුරුකොට තබන ලද්දක් බිත්තිය ගටමින් අදීද, අගින් පැහැසූ අවකාශය වූ මූල හෝ මුලින් පැහැසූ අවකාශය වූ අග හෝ ඉක්මවන්නහුට පාරාජිකය වේ. බිත්තියට අභිමුඛව සිට අදිනුයේ එක් කෙළවරකින් පැහැසූ අවකාශය අනික් කෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. සෘජුව ඔසොවනුයේ කෙසඟක් පමණ අහස්ගතවූවක් කෙරේද, පාරාජිකය වේ.

රුක‍්ඛෙ වා ලග‍්ගිතන‍්ති තාලරුක‍්ඛාදීසු ආරොපෙත්‍වා ලග‍්ගිතෙ අඞ‍්කුසකාදීසු වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො. තත්‍ථජාතකං පන තාලපිණ‍්ඩිං චාලෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. යස‍්මිං ඵලෙ පාරාජිකවත්‍ථු පූරති, තස‍්මිං බන්‍ධනා මුත‍්තමත‍්තෙ පාරාජිකං. පිණ‍්ඩිං ඡින්‍දති, පාරාජිකං. අග‍්ගෙන පණ‍්ණන‍්තරං ආරොපෙත්‍වා ඨපිතා ද‍්වෙ ඨානානි ලභති – ඨපිතට‍්ඨානඤ‍්ච වණ‍්ටට‍්ඨානඤ‍්ච; තත්‍ථ වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො. යො පන “ඡින‍්නමත‍්තා පතමානා සද‍්දං කරෙය්‍යා”ති භයෙන සයං අග‍්ගෙන පණ‍්ණන‍්තරං ආරොපෙත්‍වා ඡින්‍දති, ඡින‍්නමත‍්තෙ පාරාජිකං . අත‍්තනා කතට‍්ඨානඤ‍්හි ඨානං න හොති. එතෙන උපායෙන සබ‍්බරුක‍්ඛානං පුප‍්ඵඵලෙසු විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

‘රුක්‍ඛෙ වා ලග්ගිතං’ තල්රුක් ආදියෙහි නගා එල්වා තබන ලද්දෙහි. විනිශ්චය අකුස් ආදියෙහි කියූ ලෙසින්ම දතයුතුය. එහි හටගන්නා වූ තල්ගෙඩිවල්ල වනාහි සොලවන්නහුට ථුල්ලච්චය වේ. යම් ඵලයකින් පාරාජික වස්තුව පිරේද, ඒ ඵලය නටුවෙන් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ගෙඩිවල්ල කපාහරීද, පාරාජිකය වේ. අගින් කොළ අතරෙහි නගා තබන ලද්දේ, තැබූතැනද නටුවදැයි දෙතැනක් ලබයි. එහි විනිශ්චය කියූනයින් දතයුතුය. යමෙක් වනාහි සිඳි පමණ ඇති තල්ගෙඩිවල්ල බිම වැටෙන්නේ හඬ නගන්නේයයි බියෙන්, තෙමේ එය අගින්ගෙන කොළ අතරට නගා කපාහරීද, කැපූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. තමන් කළ තැනම ස්ථාන නොවේ. මේ උපායෙන් සියලු වෘක්‍ෂයන්ගේ පුෂ්ප ඵලයන්හි විනිශ්චය දතයුතුය.

පත‍්තාධාරකෙපීති එත්‍ථ රුක‍්ඛාධාරකො වා හොතු වලයාධාරකො වා දණ‍්ඩාධාරකො වා යංකිඤ‍්චි පත‍්තට‍්ඨපනකං පච‍්ඡිකාපි හොතු පත‍්තාධාරකො ත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. තත්‍ථ ඨපිතපත‍්තස‍්ස පත‍්තෙන ඵුට‍්ඨොකාසො එව ඨානං. තත්‍ථ රුක‍්ඛාධාරකෙ පඤ‍්චහාකාරෙහි ඨානපරිච‍්ඡෙදො හොති. තත්‍ථ ඨිතං පත‍්තං මුඛවට‍්ටියං ගහෙත්‍වා චතූසු දිසාසු යතො කුතොචි කඩ‍්ඪන‍්තො එකෙනන‍්තෙන ඵුට‍්ඨොකාසං අපරන‍්තං අතික‍්කාමෙති, පාරාජිකං. උද‍්ධං කෙසග‍්ගමත‍්තං උක‍්ඛිපතො පාරාජිකං. සහාධාරකෙන හරන‍්තස‍්සාපි එසෙව නයොති.

‘පත්තාධාරකෙපි’ මෙහි වෘක්‍ෂාධාරයෙක් හෝ වේවා, වලයාධාරයෙන් හෝ වේවා, දණ්ඩාධාරයෙක් හෝ වේවා, පාත්‍රය තබන යම් කිසිවක් වේ. පැසක් හෝ වේවා පාත්‍රාධරකයි ගිනීමට යන්නේය. එහි තැබූ පාත්‍රයට පාත්‍රයෙන් පැහැසූ අවකාශයම ස්ථාන වේ. එහි වෘක්‍ෂාධාරකයෙහි පස් අයුරකින් ස්ථාන පිරිසිඳීම වේ. එහි තැබූ පාත්‍රය මුවවිටින් ගෙන සිවුදිසා අතුරෙහි යම්කිසි දිසාවකින් අදින්නේ එක් කෙළවරකින් පැහැසූ අවකාශය අනික් කෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. කෙසගක් පමණ උඩට ඔසොවන්නහුට පාරාජිකය වේ. පාත්‍රාධාරකය සමග ගෙනයන්නහුටද මේ නයවේ.

වෙහාසට‍්ඨකථා නිට‍්ඨිතා.

වෙහාසට්ඨකථා නිමි.

උදකට‍්ඨකථා

උදකට්ඨකථා

උදකට‍්ඨෙ – උදකෙ නික‍්ඛිත‍්තං හොතීති රාජභයාදිභීතෙහි උදකෙන අවිනස‍්සනධම‍්මෙසු තම‍්බලොහභාජනාදීසු සුප‍්පටිච‍්ඡන‍්නං කත්‍වා පොක‍්ඛරණීආදීසු අසන්‍දනකෙ උදකෙ නික‍්ඛිත‍්තං. තස‍්ස පතිට‍්ඨිතොකාසොයෙව ඨානං, න සබ‍්බං උදකං. ගච‍්ඡති වා ආපත‍්ති දුක‍්කටස‍්සාති අගම‍්භීරෙ උදකෙ පදසා ගච‍්ඡන‍්තස‍්ස පදවාරෙ පදවාරෙ දුක‍්කටං. ගම‍්භීරෙ හත්‍ථෙහි වා පාදෙහි වා පයොගං කරොන‍්තස‍්ස හත්‍ථවාරෙහි වා පදවාරෙහි වා පයොගෙ පයොගෙ දුක‍්කටං. එසෙව නයො කුම‍්භිගහණත්‍ථං නිමුජ‍්ජනුම‍්මුජ‍්ජනෙසු. සචෙ පන අන‍්තරා කිඤ‍්චි උදකසප‍්පං වා වාළමච‍්ඡං වා දිස‍්වා භීතො පලායති, අනාපත‍්ති. ආමසනාදීසු භූමිගතාය කුම‍්භියා වුත‍්තනයෙනෙව විනිච‍්ඡයො වෙදිතබ‍්බො . අයං පන විසෙසො – තත්‍ථ භූමිං ඛණිත්‍වා කඩ‍්ඪති, ඉධ කද‍්දමෙ ඔසාරෙති. එවං ඡහාකාරෙහි ඨානපරිච‍්ඡෙදො හොති.

උදකට්ඨකථායෙහි - ‘උදකෙ නික්‍ඛිත්තං හොති’ රාජභයාදියෙන් බියපත් වූවන් විසින් දියෙන් නොනස්නා සැහැවි ඇති තඹලෝ බඳුන් ආදීන්හිලා මැනවින් පිළිසන්කොට වැව් පොකුණු ආදියෙහි ගලානොබස්නා දියෙහි බහාලන ලද්දේද, ඒ භාණ්ඩයට පිහිටි අවකාශයම ස්ථාන වේ. සියලුදිය ස්ථාන නොවේ. ‘ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ නොගැඹුරු දියෙහි පයින් යන්නහුට පියවරක් පියවරක් පාසා දුක්කට වේ. ගැඹුරු දියෙහි අත්වලින් හෝ පාවලින් හෝ අත්පාවලින් හෝ ප්‍රයෝග කරන්නහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. සැළිය නගාගැනීම පිණිස දියෙහි ගැලීම් ඉපිලීම්හි මෙම ක්‍රමය වේ. ඉදින් වනාහි මේ අතර කිසි දිය නයෙකු හෝ සැඬමසෙකු හෝ දැක බියපැමිණියේ පලායේද, අනාපත්තිය වේ. ආමර්‍ශනාදියෙහිලා භූමිගතවූ සැළියෙහි කියූනයින්ම විනිශ්චය දතයුතුය. මේවනාහි විශෙෂය වේ: එහි බිම කැන යටින් අදියි. මෙහි මඩෙහි කිඳාබස්වයි. මෙසේ සයයුරකින් ස්ථාන පරිච්ඡෙදය වේ.

උප‍්පලාදීසු යස‍්මිං පුප‍්ඵෙ වත්‍ථුං පූරෙති, තස‍්මිං ඡින‍්නමත‍්තෙ පාරාජිකං. උප‍්පලජාතිකානඤ‍්චෙත්‍ථ යාව එකස‍්මිම‍්පි පස‍්සෙ වාකො න ඡිජ‍්ජති, තාව රක‍්ඛති. පදුමජාතිකානං පන දණ‍්ඩෙ ඡින‍්නෙ අබ‍්භන‍්තරෙ සුත‍්තං අච‍්ඡින‍්නම‍්පි න රක‍්ඛති. සාමිකෙහි ඡින්‍දිත්‍වා ඨපිතානි උප‍්පලාදීනි හොන‍්ති, යං වත්‍ථුං පූරෙති, තස‍්මිං උද‍්ධටෙ පාරාජිකං. හත්‍ථකබද‍්ධානි හොන‍්ති, යස‍්මිං හත්‍ථකෙ වත්‍ථු පූරති, තස‍්මිං උද‍්ධටෙ පාරාජිකං. භාරබද‍්ධානි හොන‍්ති, තං භාරං ඡන‍්නං ආකාරානං යෙන කෙනචි ආකාරෙන ඨානා චාවෙන‍්තස‍්ස භූමට‍්ඨකුම‍්භියං වුත‍්තනයෙන පාරාජිකං. දීඝනාළානි උප‍්පලාදීනි හොන‍්ති, පුප‍්ඵෙසු වා නාළෙසු වා වෙණිං කත්‍වා උදකපිට‍්ඨෙ රජ‍්ජුකෙසු තිණානි සන්‍ථරිත්‍වා ඨපෙන‍්ති වා බන්‍ධන‍්ති වා, තෙසං දීඝතො පුප‍්ඵග‍්ගෙන ච නාළන‍්තෙන ච තිරියං පරියන‍්තෙහි හෙට‍්ඨා පතිට‍්ඨිතොකාසෙන උද‍්ධං උපරි ඨිතස‍්ස පිට‍්ඨියාති ඡහාකාරෙහි ඨානා චාවනපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො.

උපුල් පියුම්, හෙලපියුම් ආදීන් අතුරෙහි යම් පුෂ්පයක වස්තුව පිරේද, ඒ පුෂ්පය සිඳි ඇසිල්ලෙහි පාරාජිකය වේ. මෙහි උත්පල ජාතීන්ගේ එකද පසෙක්හි යම්තාක් එකද වැහැරියක් නොසිඳේද, ඒ තාක් රකියි. පද්ම ජාතීන්ගේ වනාහි පියුම්දඬුව සිඳිකල්හි ඇතුළත හුයක් නොසිඳ පැවැත්තේද, නොරකියි. හිමියන් විසින් සිඳතැබූ උත්පලාදීහු වෙත්ද යමක් පාරාජික වස්තුව පුරාද, ඒ පුෂ්පය ඉදුරූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. මල්දසයක් එක්කොට මිටි බඳින ලද්දේ යම් මිටියක පාරාජික වස්තුව පිරේද, ඒ මිටිය ඉදුරූ කල්හි පාරාජිකය වේ. මහත් මිටිකොට බඳින ලද්දාහු වෙත්ද, ඒ මහත් මිටිය උඩ යටදිග් හා සිවුදිගද යන සයයුරින් යම් අයුරකින් තුබූතැනින් පහකරන්නට බිමසිටි සැළියෙහි කියූ ලෙසින් පාරාජිකය වේ. දිග්දඬු ඇති උපුල් ආදීහු වෙත්ද, මල්වල හෝ දඬුවල වැටිකොට දියපිට රැහැන්හි තණ අතුරා තබත් හෝ බඳිත් හෝ ඔවුන්ගේ දිගින් මල් අගින්ද දඬු කෙළවරින්ද සරසද කෙළවරින් යට පිහිටි අවකාශයෙන්ද, උඩද මතුවෙහි සිටියහුගේ පිටින්දැයි සයයුරකින් ඨානාචාවනපරිච්ඡෙදය දතයුතුය.

යොපි උදකපිට‍්ඨියං ඨපිතපුප‍්ඵකලාපං උදකං චාලෙත්‍වා වීචිං උට‍්ඨාපෙත්‍වා කෙසග‍්ගමත‍්තම‍්පි යථාඨිතට‍්ඨානතො චාවෙති, පාරාජිකං. අථ පන පරිකප‍්පෙති “එත්‍ථ ගතං ගහෙස‍්සාමී”ති, රක‍්ඛති තාව; ගතට‍්ඨානෙ පන උද‍්ධරතො පාරාජිකං. උදකතො අච‍්චුග‍්ගතස‍්ස පුප‍්ඵස‍්ස සකලමුදකං ඨානං, තං උප‍්පාටෙත්‍වා උජුකං උද‍්ධරන‍්තස‍්ස නාළන‍්තෙ කෙසග‍්ගමත‍්තං උදකතො අතික‍්කන‍්තෙ පාරාජිකං. පුප‍්ඵෙ ගහෙත්‍වා අපනාමෙත්‍වා ආකඩ‍්ඪන‍්තො උප‍්පාටෙති, න උදකං ඨානං, උප‍්පාටිතමත‍්තෙ පාරාජිකං. කලාපබද‍්ධානි පුප‍්ඵානි උදකට‍්ඨානෙ වා රුක‍්ඛෙ වා ගච‍්ඡෙ වා බන්‍ධිත්‍වා ඨපෙන‍්ති, බන්‍ධනං අමොචෙත්‍වා ඉතො චිතො ච කරොන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං, බන්‍ධනෙ මුත‍්තමත‍්තෙ පාරාජිකං. පඨමං බන්‍ධනං මොචෙත්‍වා පච‍්ඡා හරති, එත්‍ථ ඡහාකාරෙහි ඨානපරිච‍්ඡෙදොති ඉදං උභයං මහාපච‍්චරියාදීසු වුත‍්තං. පදුමිනියං පුප‍්ඵානි සහ පදුමිනිංයා ගණ‍්හිතුකාමස‍්ස පුප‍්ඵනාළෙහි ච පත‍්තනාළෙහි ච ඵුට‍්ඨඋදකවසෙන උද‍්ධඤ‍්චෙව තිරියඤ‍්ච ඨානපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො. තං පනස‍්ස පදුමිනිං අනුප‍්පාටෙත්‍වා පුප‍්ඵානි වා පත‍්තානි වා අත‍්තනො අභිමුඛං ආකඩ‍්ඪන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. උප‍්පාටිතමත‍්තෙ පාරාජිකං.

යම් මහණ දියමතුපිට තැබූ මල්මිටියක් දිය සොලොවා රැළ ගනන්වා කෙසගක් පමණ නමුදු තුබූතැනින් පහකෙරේද, පාරාජික වේ. නැවත ‘මෙහි වූවක් ගන්නෙමි’යි තැන පිරිසිඳ කල්පනා කෙරේද, ඒ තාක් රකියි. ගියතැනදී එය උදුරාගන්නහුට පාරාජිකය වේ. දියෙන් ඉතා උඩට නැගුනු මලට දඬුව හා පැහැසී සිටි දිය සමග එකාබද්ධ වූ සියලු දිය ස්ථාන වේ. එය උපුටා සෘජුව උදුරන්නහුට මල් දඬුවෙහි කෙළවර කෙසඟක් පමණ දියෙන් ඉක්මුනු කල්හි පාරාජිකය වේ. මල් අල්ලාගෙන නවා අදිනුයේ උපුටාගනීද, දියස්ථාන නොවේ. උපුටාගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. මිටිකොට බඳින ලද මල් දිය තිබෙන තැන හෝ රුකක හෝ ගසක හෝ බැඳතබත්ද, බැඳීම නොමුදා ඈත මෑත කරන්නහුට ථුල්ලච්චය වේ. බැඳීම බිඳීගිය කල්හි පාරාජිකය වේ. පළමු බැඳීම මුදාහැර පසුව ගෙනයේද, මෙහි සයයුරකින් ස්ථාන පරිච්ඡෙදය වේ. මෙදෙක මහාපච්චරී ආදියෙහි කියන ලද්දේය. පියුම් ගසෙහි හටගත් මල් පියුම් ගස සමග ගනු කැමැත්තහුට මල්නටුවෙන්ද, පත්නටුවෙන්ද, පැහැසූ ජලයෙහි වසයෙන් උඩ හා සරසද ස්ථානපරිච්ඡෙදයයි දතයුතුය. ඒ පියුම්ගස නොඋපුටා මල් හෝ පත් හෝ තමාට අභිමුඛව අදින්නාවූ මොහුට ථුල්ලච්චය වේ. උපුටාගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ.

පුප‍්ඵපත‍්තනාළෙ ඨානතො අචාවෙත්‍වාපි පඨමං පදුමිනිං උප‍්පාටෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. පච‍්ඡා පුප‍්ඵපත‍්තනාළෙසු ඨානා චාවිතෙසු පාරාජිකං. උප‍්පාටිතාය පදුමිනියා පුප‍්ඵං ගණ‍්හන‍්තො පන භණ‍්ඩං අග‍්ඝාපෙත්‍වා කාරෙතබ‍්බො. බහි ඨපිතෙ රාසිකතකලාපබද‍්ධභාරබද‍්ධපුප‍්ඵෙපි එසෙව නයො. භිසං වා මුළාලං වා යෙන වත්‍ථු පූරති, තං උප‍්පාටෙන‍්තස‍්ස පාරාජිකං. කද‍්දමෙ ඵුට‍්ඨොකාසවසෙන චෙත්‍ථ ඨානං පරිච‍්ඡින්‍දිතබ‍්බං. තානි උප‍්පාටෙන‍්තස‍්ස සුඛුමම‍්පි මූලං අච‍්ඡින‍්නං හොති, රක‍්ඛති තාව. භිසපබ‍්බෙ ජාතං පත‍්තං වා පුප‍්ඵං වා හොති, තම‍්පි රක‍්ඛතීති මහාඅට‍්ඨකථායමෙව වුත‍්තං. භිසගණ‍්ඨිම‍්හි පන කණ‍්ටකො හොති යොබ‍්බනප‍්පත‍්තානං මුඛපිළකා විය, අයං අදීඝත‍්තා න රක‍්ඛති. සෙසං උප‍්පලාදීසු වුත‍්තනයමෙව.

මල් පත් නටු තුබූ තැනින් තොර නොකොටද පළමුකොට පියුම්ගස උපුටන්නහුට ථුල්ලච්චය වේ. පසුව මල් පත් නටු තුබූ තැනින් පහවූ කල්හි පාරාජිකය වේ. උපුටනලද පියුම් ගසෙහි මලක් ගන්නේ වනාහි භාණ්ඩය අගය කරවා කරවිය යුත්තේය. පිටත තැබූ රැස්කළ අතට තරම්වන සේ මිටිකොට බඳින ලද මලෙහිද මේ නයමවේ. නෙළුඹලක් හෝ නෙළුඹුදැල්ලක් හෝ යන යමකින් පාරාජිකවස්තුව පුරාද, එය උපුටන්නහුට පාරාජිකය වේ. මඩෙහි වැදීසිටි අවකාශය වසයෙන්ද මෙහි ස්ථානය පිරිසිඳිය යුතුය. ඒ පියුම් අල උදුරන්නහුට සියුම් මුලක් නමුදු නොසිඳුනේවේද, ඒතාක් රකියි. නෙළුඹල පුරුකෙහි හටගත් පත්‍රයක් හෝ පුෂ්පයක් හෝවේද, එද රකීයයි මහාඅර්‍ත්‍ථකථාවෙහිම කියන ලදී. නෙළුඹල ගැටයෙහි වනාහි යොවුන්බවට පැමිණියවුන්ගේ මුවපිළිකා මෙන් කටුවක්වේද, මෙය නොදිග් බැවින් නොරකියි. සෙස්ස උත්පලාදීන්හි කියූනය ඇත්තේමය.

මච‍්ඡකච‍්ඡපානං සස‍්සාමිකානං වාපිආදීසු සකලමුදකං ඨානං. තස‍්මා යො පටිජග‍්ගනට‍්ඨානෙ සස‍්සාමිකං මච‍්ඡං බළිසෙන වා ජාලෙන වා කුමනෙන වා හත්‍ථෙන වා ගණ‍්හාති, තස‍්ස යෙන මච‍්ඡෙන වත්‍ථු පූරති, තස‍්මිං කෙසග‍්ගමත‍්තම‍්පි උදකතො උද‍්ධටමත‍්තෙ පාරාජිකං. කොචි මච‍්ඡො ගය‍්හමානො ඉතො චිතො ච ධාවති, ආකාසං වා උප‍්පතති, තීරෙ වා පතති, ආකාසෙ වා ඨිතං තීරෙ වා පතිතං ගණ‍්හතොපි පාරාජිකමෙව. කච‍්ඡපම‍්පි බහි ගොචරත්‍ථං ගතං ගණ‍්හතො එසෙව නයො. උදකට‍්ඨං පන උදකා මොචයතො පාරාජිකං.

සස්වාමික වූ මත්ස්‍යකච්ඡපයන්ට වැව් ආදියෙහි සියලු ජලය ස්ථානවේද, එහෙයින් යම් මහණෙක් පෝෂණය කරන තැනක සස්වාමික වූ මසෙකු බිලියකින් හෝ දැලකින් හෝ කුමිනකින් හෝ අතින් හෝ අල්ලාගනීද, ඒ මහණහුට යම් මසකු කරණකොට පාරාජික වස්තුව පිරේද, ඒ මසු කෙසගක් පමණකුදු දියෙන් උඩටගත් ඇසිල්ලෙහි පාරාජිකය වේ. කිසියම් මත්ස්‍යයෙක් අල්ලාගනු ලබන්නේ ඈත මෑත දුවාද, අහසට හෝ පනීද, ඉවුරෙහි හෝ වැටේද, අහසෙහි හෝ සිටි ඉවුරෙහි හෝ වැටුනු ඒ මසු අලාගන්නහුටද පාරාජිකයම වේ. පිටත ගොදුරු සොයාගිය කැස්බහුද අල්ලාගන්නහුටද, මෙම නයවේ. ජලයෙහි සිටියෙකු ජලයෙන් මුදන්නහුට පාරාජිකය වේ.

තෙසු තෙසු පන ජනපදෙසු සබ‍්බසාධාරණස‍්ස මහාතළාකස‍්ස නිද‍්ධමනතුම‍්බං නිස‍්සාය සබ‍්බසාධාරණමෙව කුන‍්නදීසදිසං උදකවාහකං ඛණන‍්ති. තතො ඛුද‍්දකමාතිකායො නීහරිත්‍වා මාතිකාකොටියං අත‍්තනො අත‍්තනො වළඤ‍්ජනත්‍ථාය ආවාටෙ ඛණන‍්ති. තෙසං පන යදා උදකෙන අත්‍ථො හොති, තදා ආවාටෙ ඛුද‍්දකමාතිකායො උදකවාහකඤ‍්ච සොධෙත්‍වා නිද‍්ධමනතුම‍්බං උග‍්ඝාටෙන‍්ති. තතො උදකෙන සද‍්ධිං මච‍්ඡා නික‍්ඛමිත්‍වා අනුපුබ‍්බෙන ආවාටෙ පත්‍වා වසන‍්ති. තත්‍ථ තළාකෙ ච උදකවාහකෙසු ච මච‍්ඡෙ ගණ‍්හන‍්තෙ න වාරෙන‍්ති. ඛුද‍්දකාසු පන අත‍්තනො අත‍්තනො මාතිකාසු උදකආවාටෙසු ච පවිට‍්ඨමච‍්ඡෙ ගණ‍්හිතුං න දෙන‍්ති, වාරෙන‍්ති; තත්‍ථ යො තළාකෙ වා නිද‍්ධමනතුම‍්බෙ වා උදකවාහකෙ වා මච‍්ඡෙ ගණ‍්හාති, අවහාරෙන සො න කාරෙතබ‍්බො. ඛුද‍්දකමාතිකාසු පන ආවාටෙසු වා පවිට‍්ඨං ගණ‍්හන‍්තො ගහිතස‍්ස අග‍්ඝවසෙන කාරෙතබ‍්බො. සචෙ තතො ගය‍්හමානො මච‍්ඡො ආකාසෙ වා උප‍්පතති, තීරෙ වා පතති, තං ආකාසට‍්ඨං වා තීරට‍්ඨං වා උදකවිනිමුත‍්තං ගණ‍්හතො අවහාරො නත්‍ථි. කස‍්මා? යස‍්මා අත‍්තනො පරිග‍්ගහට‍්ඨානෙ ඨිතස‍්සෙව තෙ සාමිකා. එවරූපා හි තත්‍ථ කතිකා. කච‍්ඡපෙපි එසෙව නයො.

ඒ ඒ ජනපදයන්හි සියල්ලන්ට සාධාරණ වූ මහාවිලක දිය බැහැර කරන මග ඇසුරුකොට සියල්ලන්ට සාධාරණවූම කුඩා ගඟක් සමාන මහා දියඇළක් කනිත්. එයින් කුඩාදිය ඇළවල් බැහැරකොට දිය ඇළ කෙළවර තමතමන්ගේ ප්‍රයෝජනය පිණිස වල් සාරත්. ඔවුන්ට වනාහි යම් දවසක ජලයෙන් ප්‍රයෝජනයක්වේද, එකල්හි වල්ද කුඩාදිය ඇළවද මහදියඇළ ද ශුද්ධකොට වැවෙන් දිය බැහැරකරන මග ඇරදමත්. එයින් දිය සමග මත්ස්‍යයෝ නික්ම අවුත් වළෙහි වැටී වසත්. එහි විලෙහිද මහාදිය ඇළෙහිද මසුන් අල්ලාගන්නවුන් නොවළකත්. තමතමන්ගේ කුඩාදිය ඇළවලද, උදකාවාටයන්හිද, පිවිසි මසුන් අල්ලාගන්නට නොදෙත්. වළකාලත්. එහි යම් මහණෙක් විලෙහි හෝ දිය නික්මෙන මාර්‍ගයෙහි හෝ මහාදිය ඇළෙහි හෝ මසුන් අල්ලාගනීද, ඒ මහණ අවහාරයෙන් නොකරවිය යුත්තේය. කුඩාදිය ඇළවල හෝ ආවාටයෙහි හෝ පිවිසියකු අල්ලාගන්නේ අල්ලාගත් මසුගේ අගය වසයෙන් කරවිය යුත්තේය. ඉදින් එයින් අල්ලා ගනු ලබන මත්ස්‍යයා අහස්හි පනීද, ඉවුරෙහි හෝ වැටේද, අහස්ගතවූ හෝ ඉවුර වැටුනාවූ හෝ ජලයෙන් මිදුනු ඒ මසු අල්ලාගන්නට අවහාරයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: යම්හෙයකින් ඔහු තමාට අයත්තන්හි සිටියහුගේ හිමියෝ වෙත්ද, එහෙයිනි. එහි ව්‍යවස්ථා එබඳුමවූය. කැස්බු කෙරෙහිද මෙම නයවේ.

සචෙ පන මච‍්ඡො ගය‍්හමානො ආවාටතො ඛුද‍්දකමාතිකං ආරුහති, තත්‍ථ නං ගණ‍්හතොපි අවහාරොයෙව. ඛුද‍්දකමාතිකාතො පන උදකවාහකං, තතො ච තළාකං ආරූළ‍්හං ගණ‍්හතො අවහාරො නත්‍ථි. යො ආවාටතො භත‍්තසිත්‍ථෙහි පලොභෙත්‍වා මාතිකං ආරොපෙත්‍වා ගණ‍්හාති, අවහාරොව. තතො පන පලොභෙත්‍වා උදකවාහකං ආරොපෙත්‍වා ගණ‍්හන‍්තස‍්ස අවහාරො නත්‍ථි. කෙචි පන කුතොචිදෙව සබ‍්බසාධාරණට‍්ඨානතො මච‍්ඡෙ ආනෙත්‍වා පච‍්ඡිමවත්‍ථුභාගෙ උදකාවාටෙ ඛිපිත්‍වා පොසෙත්‍වා දිවසෙ දිවසෙ ද‍්වෙ තීණි උත‍්තරිභඞ‍්ගත්‍ථාය මාරෙන‍්ති. එවරූපං මච‍්ඡං උදකෙ වා ආකාසෙ වා තීරෙ වා යත්‍ථ කත්‍ථචි ඨිතං ගණ‍්හතො අවහාරො එව. කච‍්ඡපෙපි එසෙව නයො.

ඉදින්වනාහි අල්ලාගනු ලබන මත්සයා ආවාටයෙන් කුඩා ඇළට නගීද, එහිදී ඒ මසු ගන්නහුටද අවහාරයම වේ. කුඩා ඇළෙන් මහා ඇළටද, මහඇළෙන් විලටද නැගුනහු ගන්නට අවහාරයක් නැත්තේය. යම් මහණෙක් බත්හුළුවලින් මසු පොළොඹවා වළෙන් කුඩාඇළට නන්වාගනීද, අවහාරයම වේ. එයින්ද මසු පොළොඹවා මහඇළට නන්වා ගන්නට අවහාරයෙක් නැත්තේය. කිසිකෙනෙක් වනාහි කොතැනින් හෝ සියල්ලන්ට සාධාරණ තැනකින් මසුන් ගෙනවුත් පශ්චිමවාස්තුභාග වූ දියවළෙහි බහා වඩා දවසක් දවසක් පාසා මසුන් දෙතුන්දෙනෙකු මාළු ව්‍යංජන පිණිස මරත්. දියෙහි හෝ අහසෙහි හෝ ඉවුරෙහි හෝ යන යම්කිසි තැනක සිටි මෙබඳු මසකු ගන්නහුට අවහාරය වේමය. කැසුබු කෙරෙහිද මෙම නයවේ.

නිදාඝකාලෙ පන නදියා සොතෙ පච‍්ඡින‍්නෙ කත්‍ථචි නින‍්නට‍්ඨානෙ උදකං තිට‍්ඨති, තත්‍ථ මනුස‍්සා මච‍්ඡානං විනාසාය මදනඵලවසාදීනි පක‍්ඛිපිත්‍වා ගච‍්ඡන‍්ති, මච‍්ඡා තානි ඛාදන‍්තා මරිත්‍වා උත‍්තානා උදකෙ ප‍්ලවන‍්තා තිට‍්ඨන‍්ති. යො තත්‍ථ ගන‍්ත්‍වා “යාව සාමිකා නාගච‍්ඡන‍්ති, තාවිමෙ මච‍්ඡෙ ගණ‍්හිස‍්සාමී”ති ගණ‍්හාති, අග‍්ඝවසෙන කාරෙතබ‍්බො. පංසුකූලසඤ‍්ඤාය ගණ‍්හතො අවහාරො නත්‍ථි, ආහරාපෙන‍්තෙ පන භණ‍්ඩදෙය්‍යං. මච‍්ඡවිසං පක‍්ඛිපිත්‍වා ගතමනුස‍්සා භාජනානි ආහරිත්‍වා පූරෙත්‍වා ගච‍්ඡන‍්ති, යාව “පුනපි ආගච‍්ඡිස‍්සාමා”ති සාලයා හොන‍්ති, තාව තෙ සස‍්සාමිකමච‍්ඡාව. යදා පන තෙ “අලං අම‍්හාක”න‍්ති නිරාලයා පක‍්කමන‍්ති, තතො පට‍්ඨාය ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං. පංසුකූලසඤ‍්ඤිස‍්ස අනාපත‍්ති. යථා ච මච‍්ඡකච‍්ඡපෙසු, එවං සබ‍්බායපි ඔදකජාතියා විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

නියං කාලයෙහි නදියෙහි සැඩපහර සිඳී ගිය කල්හි කිසි වළතැනෙක දිය රඳා පවතීද, එහි මිනිස්සු මසුන්ගේ විනාශය පිණිස කුකුරුමාන්ගෙඩි විෂ ආදිය බහා යෙත්. මත්ස්‍යයෝ ඒවා කා මැරී උඩුහුරුව දියෙහි ඉල්පෙමින් සිටිත්. යම්මහණෙක් එහි ගොස් අයිතිකරුවෝ යම්තාක් එහි නොඑත්ද, ඒතාක් මේ මසුන් ගන්නෙමියි ගනීද, එහිදී ඇගීම් වසයෙන් කරවිය යුතුය. පාංශුකුල සංඥා වශයෙන් අල්ලාගන්නහුට අවහාරයක් නැත්තේය. ගෙන්වන කල්හි භණ්ඩදෙය්‍ය වේ. මසුන්ට විෂ දමාගිය මිනිස්සු බඳුන් ගෙනවුත් පුරවාගෙන යත්. ‘නැවත එන්නෙමු’යි යම්තාක් ආලයසහිත වෙත්ද, ඒ තාක් ඒ මත්ස්‍යයෝ සස්වාමික මත්ස්‍යයෝ වෙත්. යම්කලෙක වනාහි ඒ මිනිස්සු ‘අපට කම් නැතැ’යි ආලය රහිතව යෙත්ද, එතැන් පටන් සොරසිතින් ගන්නහුට දුක්කටය වේ. පාංශුකුලසංඥා ඇත්තහුට අනාපත්ති වේ. මස් කැසුබුන් කෙරෙහි යම්සේද සියලු දියෙහි උපදින සතුන් කෙරෙහිද විනිශ්චය මෙසේ දතයුතුය.

උදකට‍්ඨකථා නිට‍්ඨිතා.

උදකට්ඨකථා නිමි.

නාවට‍්ඨකථා

නාවට්ඨකථා

නාවට‍්ඨෙ – පඨමං තාව නාවං දස‍්සෙන‍්තො “නාවා නාම යාය තරතී”ති ආහ. තස‍්මා ඉධ අන‍්තමසො රජනදොණිකාපි වෙණුකලාපකොපි “නාවා”ත්‍වෙව වෙදිතබ‍්බො. සීමාසම‍්මන‍්නනෙ පන ධුවනාවා අන‍්තො ඛණිත්‍වා වා ඵලකෙහි බන්‍ධිත්‍වා වා කතා සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන තිණ‍්ණං වාහනිකා එව වට‍්ටති. ඉධ පන එකස‍්සපි වාහනිකා “නාවා” ත්‍වෙව වුච‍්චති. නාවාය නික‍්ඛිත‍්තන‍්ති යංකිඤ‍්චි ඉන්‍ද්‍රියබද‍්ධං වා අනින්‍ද්‍රියබද‍්ධං වා; තස‍්ස අවහාරලක‍්ඛණං ථලට‍්ඨෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. නාවං අවහරිස‍්සාමීතිආදිම‍්හි ච දුතියපරියෙසනගමනආමසනඵන්‍දාපනානි වුත‍්තනයානෙව. බන්‍ධනං මොචෙතීති එත්‍ථ පන යා බන්‍ධනෙ මුත‍්තමත‍්තෙ ඨානා න චවති, තස‍්සා බන්‍ධනං යාව න මුත‍්තං හොති, තාව දුක‍්කටං. මුත‍්තෙ පන ථුල‍්ලච‍්චයම‍්පි පාරාජිකම‍්පි හොති, තං පරතො ආවි භවිස‍්සති. සෙසං වුත‍්තනයමෙව. අයං තාව පාළිවණ‍්ණනා.

නාවට්ඨ කථාවෙහි, පළමුකොට නැව දක්වන්නේ ‘නාවා නාම යාය තරති’ යනු කීය. එහෙයින් මෙහි යටත්පිරිසෙයින් රඳන් දෙණද උණ ලීයෙන් කළ පහුරද නාවායි දතයුතුය. සීමාසම්මතයෙහිදී වනාහි නිතර හැසිරෙන නෞකා ඇතුළත කැන හෝ පුවරුවලින් බැඳ හෝ කරන ලද්දී යටත් පිරිසිඳීමෙන් තුන් දෙනෙකු උසුලන්නීම වටී. මෙහිවනාහි එකකු උසුලන්නීද නාවායි කියනු ලැබේ. ‘නාවාය නික්‍ඛිත්තං’ ඉන්‍ද්‍රියබද්ධ වූ හෝ ඉන්‍ද්‍රිය බද්ධ නොවූ හෝ යම්කිසිවක්වේද, එහි අවහාර ලක්‍ෂණය ඵලට්ඨයෙහි කියූනයින්ම දතයුතුය. ‘නාවං අවහරිස්සාමි’ යනාදියෙහිද දෙවැන්නෙකු සෙවීම සෑම පැහැසීම සෙලවීම යන මොවුහු කියූනය ඇත්තාහුම වෙත්. ‘බන්‍ධනං මොචෙති’ යන මෙහිවනාහි යම්තාක් බැම්ම මිදුනු ඇසිල්ලෙහි තුබූ තැනින් පහ නොවේද, ඒ නැවෙහි බැම්ම යම්තාක් නොමිදුනේවේද, ඒ තාක් දුක්කටය වේ. මිදුනු කල්හි වනාහි ථුල්ලච්චයද පාරාජිකයද වේ. එය ඉදිරියෙහි පහළ වන්නේය. සෙස්ස කියූනය ඇත්තේමය. මේවනාහි පාලිවර්‍ණනාය.

අයං පනෙත්‍ථ පාළිමුත‍්තකවිනිච‍්ඡයො – චණ‍්ඩසොතෙ බන්‍ධිත්‍වා ඨපිතනාවාය එකං ඨානං බන්‍ධනමෙව , තස‍්මිං මුත‍්තමත‍්තෙ පාරාජිකං. තත්‍ථ යුත‍්ති පුබ‍්බෙ වුත‍්තා එව. විප‍්පනට‍්ඨා නාවා පන යං යං උදකප‍්පදෙසං ඵරිත්‍වා ඨිතා හොති, ස‍්වාස‍්සා ඨානං. තස‍්මා තං උද‍්ධං වා උච‍්චාරෙන‍්තස‍්ස, අධො වා ඔපිලාපෙන‍්තස‍්ස, චතූසු වා දිසාසු ඵුට‍්ඨොකාසං අතික‍්කාමෙන‍්තස‍්ස අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං. නිච‍්චලෙ උදකෙ අබන්‍ධනං අත‍්තනො ධම‍්මතාය ඨිතනාවං පුරතො වා පච‍්ඡතො වා වාමදක‍්ඛිණපස‍්සතො වා කඩ‍්ඪන‍්තස‍්ස එකෙනන‍්තෙන ඵුට‍්ඨොකාසං අපරෙන උදකෙ පතිට‍්ඨිතන‍්තෙන අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං. උද‍්ධං කෙසග‍්ගමත‍්තං උදකතො මොචිතෙ අධො නාවාතලෙන ඵුට‍්ඨොකාසං මුඛවට‍්ටිං අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං. තීරෙ බන්‍ධිත්‍වා නිච‍්චලෙ උදකෙ ඨපිතනාවාය බන්‍ධනඤ‍්ච ඨිතොකාසො චාති ද‍්වෙ ඨානානි. තං පඨමං බන්‍ධනා මොචෙති, ථුල‍්ලච‍්චයං. පච‍්ඡා ඡන‍්නං ආකාරානං අඤ‍්ඤතරෙන ඨානා චාවෙති, පාරාජිකං. පඨමං ඨානා චාවෙත්‍වා පච‍්ඡා බන්‍ධනමොචනෙපි එසෙව නයො. ථලෙ උස‍්සාදෙත්‍වා උක‍්කුජ‍්ජිත්‍වා ඨපිතනාවාය ඵුට‍්ඨොකාසොව ඨානං. තස‍්සා පඤ‍්චහාකාරෙහි ඨානපරිච‍්ඡෙදො වෙදිතබ‍්බො.

මෙහිවනාහි මේ පාලිමුක්තක විනිශ්චයයි: සැඩ දියපහරෙහි බැඳතැබූ නැවට එක් ස්ථානයක් වේ. ඒ නම් බැඳීමය. ඒ බැඳීම මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. එහි යුක්තිය මළපුඩුවෙහි බැඳි ශූකරයාගේ විනිශ්චයයෙහිලා කියන ලද්දීය. විෂමවාතාදියෙන් විනාශයට පැමිණ දියෙහි ගැලී පොළෝතලයට නොපැමිණ මැද සිටි නැව යම් යම් දිය පෙදෙසක් පැතිරගෙන සිටියාවේද, ඒ පෙදෙස මේ නැවට ස්ථානය වේ. එහෙයින් ඒ නැව උඩට හෝ ඔසොවා සොලොවන්නහුට, යටට හෝ ගිල්වන්නහුට, සිවුදිසාවෙහි හෝ පහසලද අවකාශය ඉක්මවන්නහුට ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. නිශ්චල ජලයෙහි නොබැඳුනු තමන්ගේ සැහැවියෙන් සිටි නැව ඉදිරියෙන් හෝ පසුපසින් හෝ වම්දකුණුපසින් හෝ අදින්නහුට, එක් කෙළවරකින් පහසන ලද අවකාශය, දියෙහි පිහිටි අනික් කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. උඩට කෙසඟක් පමණ දියෙන් මිදීසිටිකල්හි යට නැව්තෙලෙන් පහසනලද අවකාශය මුවවිට ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉවුරෙහි බැඳ නිශ්චල ජලයෙහි තැබූ නැවට බැඳීම හා නැව සිටි අවකාශයදැයි ස්ථාන දෙකක් වේ. ඒ නැව පළමුකොට බැඳුමෙන් මුදාද, ථුල්ලච්චය වේ. පසුව සයයුරෙන් එක්තරා අයුරකින් තුබූතැනින් පහ කෙරේද පාරාජිකය වේ. පළමුකොට තුබූතැනින් පහකොට පසුව බැඳීම මුදා හැරීමෙහිද මෙම නයවේ.

නික‍්කුජ‍්ජිත්‍වා ඨපිතනාවාය පන මුඛවට‍්ටියා ඵුට‍්ඨොකාසොව ඨානං, තස‍්සාපි පඤ‍්චහාකාරෙහි ඨානපරිච‍්ඡෙදං ඤත්‍වා යතො කුතොචි ඵුට‍්ඨොකාසං උද‍්ධඤ‍්ච කෙසග‍්ගමත‍්තං අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං වෙදිතබ‍්බං. ථලෙ පන උස‍්සාදෙත්‍වා ද‍්වින‍්නං දාරුඝටිකානං උපරි ඨපිතනාවාය දාරුඝටිකානං ඵුට‍්ඨොකාසොයෙව ඨානං, තස‍්මා තත්‍ථ මඤ‍්චපාදමත්‍ථකෙසුයෙව පත්‍ථටබද‍්ධසාටකෙ නාගදන‍්තෙසු ඨපිතභින්‍දිවාලෙ ච වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ගොඩබිමට නගා උඩහුරුකොට තැබූ නැවට පහසන ලද අවකාශයම ස්ථාන වේ. පස් අයුරකින් ඒ නැවෙහි ස්ථාන පරිච්ඡෙදය දතයුතුය. යටිහුරුකොට තැබූ නැවට වනාහි මුවවිටින් පවසනලද අවකාශයම ස්ථාන වේ. ඒ නැවෙහිද පස් අයුරකින් ස්ථාන පරිච්ඡෙදය දැන යම්කිසි තැනකින් පහසලද අවකාශය උඩට කෙසගක් පමණ ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය දතයුතුය. ගොඩබිමට නගා දැවගැට දෙකක් මතුවෙහි තැබූ නැවෙහි ඒ දාරුඝටිකයන්ගේ පහස ලද අවකාශයම ස්ථාන වේ. එහෙයින් එහි ඇඳපා මතුවෙහිම එලූ බැඳුනු සළුවෙහිද නාගදන්තයන්හි තැබූ භිණ්ඩිවාලයෙහිද කියූනයින් විනිශ්චය දතයුතුය.

යොත‍්තබද‍්ධාය පන නාවාය සට‍්ඨිසත‍්තතිබ්‍යාමප‍්පමාණං යොත‍්තං අමොචෙත්‍වාව ආකඩ‍්ඪිත්‍වා පථවිලග‍්ගං කත්‍වා සහ යොත‍්තෙන ථලෙ ඨපිතාය නාවාය න ඵුට‍්ඨොකාසමත‍්තමෙව ඨානං. අථ ඛො යොත‍්තකොටිතො පට‍්ඨාය යාව නාවාය පථවියං පතිට‍්ඨිතොකාසස‍්ස පච‍්ඡිමන‍්තො තාව දීඝතො, තිරියං පන නාවාය ච යොත‍්තස‍්ස ච පථවියං පතිට‍්ඨිතපරියන‍්තප‍්පමාණං ඨානන‍්ති වෙදිතබ‍්බං. තං දීඝතො වා තිරියතො වා කඩ‍්ඪන‍්තස‍්ස එකෙනන‍්තෙන ඵුට‍්ඨොකාසං අපරෙන පථවියං පතිට‍්ඨිතන‍්තෙන අතික‍්කන‍්තමත‍්තෙ, උද‍්ධං කෙසග‍්ගමත‍්තං සහ යොත‍්තෙන පථවිතො මොචිතෙ පාරාජිකං. යො පන තිත්‍ථෙ ඨිතනාවං ආරුහිත්‍වා ථෙය්‍යචිත‍්තො අරිත‍්තෙන වා ඵියෙන වා පාජෙති, පාරාජිකං. සචෙ පන ඡත‍්තං වා පණාමෙත්‍වා චීවරං වා පාදෙහි අක‍්කමිත්‍වා හත්‍ථෙහි උක‍්ඛිපිත්‍වා ලඞ‍්කාරසදිසං කත්‍වා වාතං ගණ‍්හාපෙති, බලවා ච වාතො ආගම‍්ම නාවං හරති, වාතෙනෙව සා හටා හොති; පුග‍්ගලස‍්ස නත්‍ථි අවහාරො. පයොගො අත්‍ථි, සො පන ඨානා චාවනපයොගො න හොති. යදි පන තං නාවං එවං ගච‍්ඡන‍්තිං පකතිගමනං උපච‍්ඡින්‍දිත්‍වා අඤ‍්ඤං දිසාභාගං නෙති, පාරාජිකං. සයමෙව යංකිඤ‍්චි ගාමතිත්‍ථං සම‍්පත‍්තං ඨානා අචාවෙන‍්තොව වික‍්කිණිත්‍වා ගච‍්ඡති, නෙව අත්‍ථි අවහාරො. භණ‍්ඩදෙය්‍යං පන හොතීති.

යොතින් බැඳි නැවෙහි වනාහි හැටහැත්තෑ බඹපමණ දිගයොත නොමුදාම ඇද පොළොවෙහි ලැගුනක්කොට යොත සමග ගොඩබිම තැබූ නැවට පැහැසූ අවකාශමාත්‍රයම ස්ථාන නොවේ. තවද යොතෙහි කෙළවර පටන් නැව පොළොවෙහි පිහිටි අවකාශය පිළිබඳ පශ්චිමාන්තය යම්තාක්ද, ඒතාක් දිගින්ද, සරස වනාහි නැව හා යොතද පොළොවෙහි පිහිටි කෙළවර පමණක් ස්ථානයයි දතයුතුය. ඒ නැව දිගින් හෝ සරසින් අදින්නහුට එක් කෙළවරකින් පහසලද අවකාශය, පොළොවෙහි පිහිටි අනික් කෙළවරින් ඉක්මුනු ඇසිල්ලෙහි උඩින් කෙසගක් පමණ යොත සමග පොළොවෙන් මිදුනු කල්හි පාරාජිකය වේ. යම් මහණෙක් තොට තුබූ නැවකට නැගී සොරසිත් ඇත්තේ රිටකින් හෝ පළුපතකින් හෝ පදීද, පාරාජික වේ. ඉදින්වනාහි කුඩය හෝ දිග හැර සිවුර හෝ පාවලින් පාගාගෙන අත්වලින් ඔසොවා රුවල සමාන කොට හුළං ගන්වාද බලවත් වාතයකින් නැව ගෙනයේද, වාතයෙන්ම ඒ නැව ගෙනයන ලද්දේ වේ. පුද්ගලයාහට අවහාරයක් නැත්තේය. ප්‍රයොගය ඇත්තේය. ඒවනාහි ඨානාචාවන ප්‍රයොගය නොවේ. ඉදින් වනාහි මෙසේ යන ඒ නැව පියවි ගමන සිඳදමා අන් දිසාභාගයකට පමුණුවාද, පාරාජික වේ. තෙමේම යම්කිසි ගම්තොටකට පැමිණි නැව තුබූතැනින් පහනොකරණුයේ විකුණායේද අවහාරයක් නැත්තේය. භණ්ඩදෙය්‍ය වේ.

නාවට‍්ඨකථා නිට‍්ඨිතා.

නාවට්ඨකථා නිමි.

යානට‍්ඨකථා

යානට්ඨකථා

යානට‍්ඨෙ – යානං තාව දස‍්සෙන‍්තො “යානං නාම වය‍්හ”න‍්තිආදිමාහ. තත්‍ථ උපරි මණ‍්ඩපසදිසං පදරච‍්ඡන‍්නං සබ‍්බපලිගුණ‍්ඨිමං වා ඡාදෙත්‍වා කතං වය‍්හං. උභොසු පස‍්සෙසු සුවණ‍්ණරජතාදිමයා ගොපානසියො දත්‍වා ගරුළපක‍්ඛකනයෙන කතා සන්‍දමානිකා. රථො ච සකටඤ‍්ච පාකටමෙව. තෙසු යත්‍ථ කත්‍ථචි සවිඤ‍්ඤාණකං වා අවිඤ‍්ඤාණකං වා රාසිආදිවසෙන ඨපිතං භණ‍්ඩං ථෙය්‍යචිත‍්තෙන ඨානා චාවෙන‍්තස‍්ස නාවට‍්ඨෙ ච ථලට‍්ඨෙ ච වුත‍්තනයෙනෙව පාරාජිකං වෙදිතබ‍්බං.

යානට්ඨ කථාවෙහි, යානය පළමුකොට දක්වන්නේ ‘යානං නාම වය්හං’ යනාදිය කීය. එහි මතුවෙහි මණ්ඩපයක් වැනිවූ පුවරුවැසුම සියල්ල වෙළුනක්කොට හෝ වසා කරන ලද්ද වය්හ නම්වේ. දෙපස රන් රිදී ආදියෙන් කළ ගොනැස් දී ගුරුළු පියාපත් ලෙසින් කරන ලද්දී සන්‍දමානිකා නම්වේ. රියද ගැලද ප්‍රසිද්ධමය. ඒ යානයන් අතුරෙහි යම්කිසි යානයක සවිඤ්ඤාණක වූ හෝ අවිඤ්ඤාණක වූ රාසි ආදි වසයෙන් තැබූ භාණ්ඩයක් සොරසිතින් තුබූ තැනින් පහකරන්නහුට නාවට්ඨයෙහිද ථලට්ඨයෙහිද කියූනයින්ම පාරාජිකය දතයුතුය.

අයං පන විසෙසො – යානට‍්ඨං තණ‍්ඩුලාදිභණ‍්ඩං පිටකෙන ගණ‍්හතො පිටකෙ අනුක‍්ඛිත‍්තෙපි පිටකං අපහරිත්‍වා තණ‍්ඩුලාදීනං එකාබද‍්ධභාවෙ විකොපිතෙ පාරාජිකං. ථලට‍්ඨාදීසුපි අයං නයො ලබ‍්භති. යානං අවහරිස‍්සාමීතිආදිම‍්හි දුතියපරියෙසනාදීනි වුත‍්තනයානෙව. ඨානා චාවෙතීති එත්‍ථ පන දුකයුත‍්තස‍්ස යානස‍්ස ද‍්වින‍්නං ගොණානං අට‍්ඨ පාදා, ද‍්වෙ ච චක‍්කානීති දස ඨානානි. තං ථෙය්‍යචිත‍්තස‍්ස ධුරෙ නිසීදිත්‍වා පාජයතො ගොණානං පාදුද‍්ධාරෙ ථුල‍්ලච‍්චයං. චක‍්කානං පන පථවියං පතිට‍්ඨිතප‍්පදෙසතො කෙසග‍්ගමත‍්තෙ අතික‍්කන‍්තෙ පාරාජිකං. සචෙ පන ගොණා “නායං අම‍්හාකං සාමිකො”ති ඤත්‍වා ධුරං ඡඩ‍්ඩෙත්‍වා ආකඩ‍්ඪන‍්තා තිට‍්ඨන‍්ති වා ඵන්‍දන‍්ති වා, රක‍්ඛති තාව. ගොණෙ පුන උජුකං පටිපාදෙත්‍වා ධුරං ආරොපෙත්‍වා දළ‍්හං යොජෙත්‍වා පාචනෙන විජ‍්ඣිත්‍වා පාජෙන‍්තස‍්ස වුත‍්තනයෙනෙව තෙසං පාදුද‍්ධාරෙ ථුල‍්ලච‍්චයං. චක‍්කාතික‍්කමෙ පාරාජිකං.

මේවනාහි විශෙෂය වේ: යානයෙහි තුබූ සහල්ආදී බඩුවක් පැසින් ගන්නහුට පැස නොඑසවූ කල්හිද, ඇසට පහරා සහල් ආදීන්ගේ එකටබැඳි බව වෙන්කළ කල්හිද පාරාජිකය වේ. ගොඩබිම තුබූ භාණ්ඩාදියෙහිද මේ නයලැබේ. ‘යානං අවහරිස්සාමි’ යානයක් සොර සිතින් ගන්නෙමියි යනාදියෙහි දෙවැන්නෙකු සෙවීම් ආදීහු කියනලදනය ඇත්තාහුමය. ‘ඨානා චාවෙති’ තුබූ තැනින් පහකෙරේය යන මෙහි වනාහි ගොනුන් දෙදෙනෙකු යෙදූ යානයට, ගොනුන් දෙදෙනාගේ පාඅටද රියසක් දෙකදැයි ස්ථාන දසයෙක් වේ. වියගසෙහි හිඳ ඒ යානය පදවන්නාවූ සොරසිත් ඇති මහණහුට ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. පොළොවෙහි පිහිටි පෙදෙසින් රෝද දෙක කෙසගක් පමණ ඉක්මුනු කල්හි පාරාජිකය වේ. ඉදින්වනාහි ගොන්නු ‘මෙතෙමේ අපගේ හිමියා නොවන්නේය’යි දැන වියගස හැරපියා අදිමින් යම්තාක් සිටිත් හෝ වෙත්ද, සොලවත් හෝ වෙත්ද, ඒතාක් රකියි. ගොනුන් නැවත කෙලින් සිටුවා පිළියෙල කොට වියගස නන්වා දැඩිකොට යොදා කැවිටෙන් ඇන පදවන මහණහුට කියූ ලෙසින්ම ඒ ගොනුන්ගේ පානැගීමෙහිදී ථුල්ලච්චය වේ. රියසක් පොළොවෙහි පිහිටි පෙදෙසින් කෙසගක් පමණකුදු ඉක්මනු කල්හි පාරාජිකය වේ.

සචෙපි සකද‍්දමෙ මග‍්ගෙ එකං චක‍්කං කද‍්දමෙ ලග‍්ගං හොති, දුතියං චක‍්කං ගොණා පරිවත‍්තෙන‍්තා පවත‍්තෙන‍්ති, එකස‍්ස ඨිතත‍්තා න තාව අවහාරො හොති . ගොණෙ පන පුන උජුකං පටිපාදෙත්‍වා පාජෙන‍්තස‍්ස ඨිතචක‍්කෙ කෙසග‍්ගමත‍්තං ඵුට‍්ඨොකාසං අතික‍්කන‍්තෙ පාරාජිකං. චතුයුත‍්තකස‍්ස පන අට‍්ඨාරස ඨානානි, අට‍්ඨයුත‍්තකස‍්ස චතුත‍්තිංසාති – එතෙනුපායෙන යුත‍්තයානස‍්ස ඨානභෙදො වෙදිතබ‍්බො.

ඉදින් මඩ සහිත මගෙහි එක් සකක් මඩෙහි එරුණේවේද, දෙවන සක ගොනුන් පෙරළමින් අදිත්ද, එක් සකක් සිටි බැවින් අවහාරයක් නොවේ. ගොනුන් කෙළින් සිටිනසේ පිළියෙලකොට පදවන මහණහුට පිහිටා සිටි සක පැහැසූ පෙදෙසින් කෙසගක් පමණ ඉක්මවූ කල්හි පාරාජිකය වේ. ගොනුන් අටදෙනකු යෙදූ යානයට, සිවුතිසෙකැයි මේ උපායයෙන් ගොනුන් යෙදූ යානය පිළිබඳ ස්ථානභෙදය දතයුතුය.

යං පන අයුත‍්තකං ධුරෙ එකාය පච‍්ඡතො ච ද‍්වීහි උපත්‍ථම‍්භිනීහි උපත්‍ථම‍්භෙත්‍වා ඨපිතං, තස‍්ස තිණ‍්ණං උපත්‍ථම‍්භිනීනං චක‍්කානඤ‍්ච වසෙන පඤ‍්ච ඨානානි. සචෙ ධුරෙ උපත්‍ථම‍්භිනී හෙට‍්ඨාභාගෙ කප‍්පකතා හොති, ඡ ඨානානි. පච‍්ඡතො පන අනුපත්‍ථම‍්භෙත්‍වා ධුරෙ උපත්‍ථම‍්භිතස‍්සෙව උපත්‍ථම‍්භිනීවසෙන තීණි වා චත‍්තාරි වා ඨානානි. ධුරෙන ඵලකස‍්ස වා දාරුකස‍්ස වා උපරි ඨපිතස‍්ස තීණි ඨානානි. තථා පථවියං ඨපිතස‍්ස. තං ධුරංකඩ‍්ඪිත්‍වා වා උක‍්ඛිපිත්‍වා වා පුරතො ච පච‍්ඡතො ච ඨානා චාවෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. චක‍්කානං පතිට‍්ඨිතට‍්ඨානෙ කෙසග‍්ගමත‍්තං අතික‍්කන‍්තෙ පාරාජිකං. චක‍්කානි අපනෙත්‍වා ද‍්වීහි අක‍්ඛසීසෙහි දාරූනං උපරි ඨපිතස‍්ස ද‍්වෙ ඨානානි. තං කඩ‍්ඪන‍්තො වා උක‍්ඛිපන‍්තො වා ඵුට‍්ඨොකාසං අතික‍්කාමෙති, පාරාජිකං. භූමියං ඨපිතස‍්ස ධුරෙන ච චතූහි ච අක‍්ඛුද‍්ධීහි පතිට‍්ඨිතවසෙන පඤ‍්ච ඨානානි. තං ධුරෙ ගහෙත්‍වා කඩ‍්ඪතො උද‍්ධීනං පච‍්ඡිමන‍්තෙහි පුරිමන‍්තෙ අතික‍්කන‍්තෙ පාරාජිකං. උද‍්ධීසු ගහෙත්‍වා කඩ‍්ඪතො උද‍්ධීනං පුරිමන‍්තෙහි පච‍්ඡිමන‍්තෙ අතික‍්කන‍්තෙ පාරාජිකං. පස‍්සෙ ගහෙත්‍වා කඩ‍්ඪතො උද‍්ධීනංයෙව තිරියං පතිට‍්ඨිතට‍්ඨානස‍්ස අතික‍්කමෙන පාරාජිකං. මජ‍්ඣෙ ගහෙත්‍වා උක‍්ඛිපතො කෙසග‍්ගමත‍්තං පථවිතො මුත‍්තෙ පාරාජිකං. අථ උද‍්ධිඛාණුකා න හොන‍්ති, සමමෙව බාහං කත්‍වා මජ‍්ඣෙ විජ‍්ඣිත්‍වා අක‍්ඛසීසානි පවෙසිතානි හොන‍්ති, තං හෙට‍්ඨිමතලස‍්ස සමන‍්තා සබ‍්බං පථවිං ඵුසිත්‍වා තිට‍්ඨති. තත්‍ථ චතූසු දිසාසු උද‍්ධඤ‍්ච ඵුට‍්ඨට‍්ඨානාතික‍්කමවසෙන පාරාජිකං වෙදිතබ‍්බං. භූමියං නාභියා ඨපිතචක‍්කස‍්ස එකමෙව ඨානං, තස‍්ස පඤ‍්චහාකාරෙහි පරිච‍්ඡෙදො. නෙමිපස‍්සෙන ච නාභියා ච ඵුසිත්‍වා ඨිතස‍්ස ද‍්වෙ ඨානානි. නෙමියා උට‍්ඨිතභාගං පාදෙන අක‍්කමිත්‍වා භූමියං ඵුසාපෙත්‍වා අරෙසු වා නෙමියා වා ගහෙත්‍වා උක‍්ඛිපන‍්තස‍්ස අත‍්තනා කතට‍්ඨානං ඨානං න හොති, තස‍්මා තස‍්මිං ඨිතෙපි අවසෙසට‍්ඨානෙ අතික‍්කන‍්තමත‍්තෙ පාරාජිකං.

ගොනුන් නොයෙදූ යම් ස්ථානයක් වියගසෙහි ඉදිරිපස හා පසුපස පිටිවහල්දඬු එකකින් හා පිටිවල්දඬු දෙකකින් රුකුල් දී තබන ලද්දේද, ඒ යානයට රුකුල්දුන් තුන්දඬුකඩ හා දෙසක්හුගේ වසයෙන් පස්තැනක් වේ. ඉදින් වියගසෙහි රුකුල්දඬුව යටපෙදෙසෙහි යම්සේ දෙකොටසකින් යට පිහිටාද, ස්ථාන සයක් වේ. පසුපසින් රුකුල් නොදී වියගසෙහි රුකුල් දෙන ලද්දහුගේම රුකුල්දීම් වසයෙන් ස්ථාන තුනක් හෝ සතරක් වේ. වියගසින් පුවරුයෙක හෝ දැවක හෝ මතුවෙහි තබන ලද්දහුට ස්ථාන තුනක් වේ. පොළොවෙහි තැබූ යානයට එසේය. ඒ යානය ඇද හෝ ඔසවා ඉදිරිපසින් හා පසුපසින්ද තුබූතැනින් පහකරන්නහුට ථුල්ලච්චය වේ. සක් පිහිටිතැන කෙසගක් පමණ ඉක්මුනු කල්හි පාරාජිකය වේ. සක් බැහැරකොට දෙඅක්හිසින් දැවමතුවෙහි තැබූ යානයට ස්ථාන දෙකක් වේ. ඒ යානය අදිනුයේ හෝ ඔසවනුයේ හෝ පැවැසූ අවකාශය ඉක්මවාද පාරාජිකය වේ. බිම තැබු යානයට වියගසින්ද ගැල්බා දෙකෙහි අක්දඬු ශක්තිමත් කරනු පිණිස දෙඇඟිලි මෙන් වැද්දූ දැව ඇණ සතරින්ද පිහිටා සිටීම් වශයෙන් ස්ථාන පසක් වේ. වියගස අල්ලාගෙන ඒ යානය අදින මහණහුට ඒ ඇණවල පැසුළු කෙළවරින් පළමුකෙළවර ඉක්මනු කල්හි පාරාජිකය වේ. ඇණ අල්ලාගෙන අදින මහණහුට ඇණවල ඉදිරිකෙළවරින් පැසුළුකෙළවර ඉක්මනුකල්හි පාරාජිකය වේ. ඒ ඒ පාර්‍ශවයන් ගෙන අදින මහණහුට ඇණවලම සරස පිහිටි තැන ඉක්මීමෙන් පාරාජිකය වේ. මැදින් අල්ලාගෙන ඔසවන මහණහුට කෙසඟක් පමණ පොළොවෙන් මිදුනු කල්හි පාරාජිකය වේ. නැවත උද්ධිකණු නොවේද, සමවම බාහුවකොට මැදින් විද අක්හිස් වද්දන ලද්දේවේද, ඒ යානය යටතලයෙහි හාත්පසින් සියලු පොළොව පහසා සිටීද, එහි සිවුදිසාවෙහි උඩද පැහැසූ තැන් ඉක්මීම් වසයෙන් පාරාජිකය වේයයි දතයුතුය. නැබින් පොළොවෙහි තැබූ සකටයට එක්ම ස්ථානයක් වේ. එහි පිරිසිඳීම පස්අයුරකින් වේ. නිම්වළලු පසින්ද නැබින්ද පහසා සිටි සකටයට ස්ථාන දෙකක් වේ. නිම්වළල්ලෙන් නැගීසිටි පෙදෙස පයින් පාගා බිම පහසවා අර හෝ නිම්වළල්ල හෝ අල්ලාගෙන ඔසවන්නහුට තමන් පෑගුතැන ස්ථාන නොවේ. එහෙයින් එහි සිටි කල්හිද සෙසු තැන් ඉක්මුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.

භිත‍්තිං නිස‍්සාය ඨපිතචක‍්කස‍්සාපි ද‍්වෙ ඨානානි. තත්‍ථ පඨමං භිත‍්තිතො මොචෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. පච‍්ඡා පථවිතො කෙසග‍්ගමත‍්තුද‍්ධාරෙ පාරාජිකං. පඨමං භූමිතො මොචෙන‍්තස‍්ස පන සචෙ භිත‍්තියං පතිට‍්ඨිතට‍්ඨානං න කුප‍්පති, එසෙව නයො. අථ අරෙසු ගහෙත්‍වා හෙට‍්ඨා කඩ‍්ඪන‍්තස‍්ස භිත‍්තිං ඵුසිත්‍වා ඨිතොකාසස‍්ස උපරිමො අන‍්තො හෙට‍්ඨිමං අතික‍්කමති, පාරාජිකං. මග‍්ගප‍්පටිපන‍්නෙ යානෙ යානසාමිකො කෙනචිදෙව කරණීයෙන ඔරොහිත්‍වා මග‍්ගා ඔක‍්කන‍්තො හොති, අථඤ‍්ඤො භික‍්ඛු පටිපථං ආගච‍්ඡන‍්තො ආරක‍්ඛසුඤ‍්ඤං පස‍්සිත්‍වා, “යානං අවහරිස‍්සාමී”ති ආරොහති, තස‍්ස පයොගං විනායෙව ගොණා ගහෙත්‍වා පක‍්කන‍්තා, අවහාරො නත්‍ථි. සෙසං නාවායං වුත‍්තසදිසන‍්ති.

බිත්තිය ඇසුරුකොට තැබූ චක්‍රයටද ස්ථාන දෙකක් වේ. එහි පළමුකොට බිත්තියෙන් මුදන්නහුට ථුල්ලච්චය වේ. පසුව පොළොවෙන් කෙසගක් පමණ නගාගත්කල්හි පාරාජිකය වේ. පළමුකොට පොළොවෙන් මුදන්නහුට ඉදින් බිත්තියෙහි පිහිටිතැන වෙනස්නොවේනම්, මේ නයමවේ. නැවත අර අල්ලාගෙන යටට අදින්නහුට බිත්තිය පැහැසසිටි අවකාශයෙහි උඩ කෙළවර යටකෙළවර ඉක්මවාද, පාරාජිකය වේ. මගට බැස සිටි යානයෙහි යාන හිමියා කිසියම් කටයුත්තක් හේතුකොට බැස මගින් ඉවත්වූයේවේද, එකල්හි අන් මහණෙක් පෙරමග එනුයේ රකින්නකු නැති යානය දැක ‘යානය අවහරණය කරන්නෙමි’යි නගීද, ඔහුගේ ප්‍රයොගයක් නැතිවම ගොන්නු එය ගෙන ගියාහුද අවහිරයක් නැත්තේය. සෙස්ස නැවෙහි තුබූ භාණ්ඩයෙහිලා කියනලද්ද සමාන වේ.

යානට‍්ඨකථා නිට‍්ඨිතා.

යානට්ඨකථා නිමි.

භාරට‍්ඨකථා

භාරට්ඨකථා

ඉතො පරං භාරොයෙව භාරට‍්ඨං. සො සීසභාරාදිවසෙන චතුධා දස‍්සිතො. තත්‍ථ සීසභාරාදීසු අසම‍්මොහත්‍ථං සීසාදීනං පරිච‍්ඡෙදො වෙදිතබ‍්බො. තත්‍ථ සීසස‍්ස තාව පුරිමගලෙ ගලවාටකො, පිට‍්ඨිගලෙ කෙසඤ‍්චි කෙසන‍්තෙ ආවට‍්ටො හොති, ගලස‍්සෙව උභොසු පස‍්සෙසු කෙසඤ‍්චි කෙසා ඔරුය‍්හ ජායන‍්ති, යෙ කණ‍්ණචූළිකාති වුච‍්චන‍්ති, තෙසං අධොභාගො චාති අයං හෙට‍්ඨිමපරිච‍්ඡෙදො, තතො උපරි සීසං. එත්‍ථන‍්තරෙ ඨිතභාරො සීසභාරො නාම.

මෙයින් මතු භාරයම භාරට්ඨ නම්වේ. ඒ භාරය. සීසභාරාදීන්ගේ වසයෙන් සිවුපරිද්දෙකින් දක්වන ලද්දේ වේ. එහි සීසභාරාදියෙහි නොමුළාබව පිණිස ශීර්‍ෂාදීන්ගේ පිරිසිඳීම මෙසේ දතයුතුය. එහි හිස පිළිබඳ ඉදිරියෙහි බෙල්ලෙන් මතු ගලවළුය. කිසිවකුන්ගේ බෙල්ලෙහි පිටිපස කෙසයන්ගේ කෙළවර සුළියක් වේ. බෙල්ලෙහිම දෙපස කිසිවකුන්ගේ කෙසයෝත් පහතට බැස හටගනිත්. ඔවුහු කර්‍ණචූළිකායි කියනු ලබත්. ඔවුන්ගේ යට කොටසදැයි මේ යටපසින් පිරිසිඳීමය. එයින් උඩ හිසය. මේ අතර සිටි භාරය සීසභාර නම්වේ.

උභොසු පස‍්සෙසු කණ‍්ණචූළිකාහි පට‍්ඨාය හෙට‍්ඨා, කප‍්පරෙහි පට‍්ඨාය උපරි, පිට‍්ඨිගලාවත‍්තතො ච ගලවාටකතො ච පට‍්ඨාය හෙට‍්ඨා, පිට‍්ඨිවෙමජ‍්ඣාවත‍්තතො ච උරපරිච‍්ඡෙදමජ‍්ඣෙ හදයආවාටතො ච පට‍්ඨාය උපරි ඛන්‍ධො. එත්‍ථන‍්තරෙ ඨිතභාරො ඛන්‍ධභාරො නාම.

දෙපස කන්සිළුපටන් යට, වැලමිටපටන් උඩ, බෙල්ලෙහි පිට මැදසුළිය පටන්ද, ගලවළුයෙහි පටන්ද යට, පිට මැද සුළිය පටන්ද, උරහිස පිරිසිඳීම පිළිබඳ මැද හෘදයාවාටය පටන්ද, මතුයෙහි ස්කන්‍ධයයි. මේ අතර සිටි භාරය ඛන්‍ධභාර නම්වේ.

පිට‍්ඨිවෙමජ‍්ඣාවත‍්තතො පන හදයආවාටතො ච පට‍්ඨාය හෙට‍්ඨා යාව පාදනඛසිඛා, අයං කටිපරිච‍්ඡෙදො. එත්‍ථන‍්තරෙ සමන‍්තතො සරීරෙ ඨිතභාරො කටිභාරො නාම.

පිටමැද සුළියෙන්ද හෘදයාවාටයෙන්ද පටන්, යට පානිය සිළුව දක්වා වූ පෙදෙස කටිය පිළිබඳ පිරිසිඳීමය. මේ අතර හාත්පස සිරුරෙහි සිටි භාරය කටිභාර නම්වේ.

කප‍්පරතො පට‍්ඨාය පන හෙට‍්ඨා යාව හත්‍ථනඛසිඛා, අයං ඔලම‍්බකපරිච‍්ඡෙදො. එත්‍ථන‍්තරෙ ඨිතභාරො ඔලම‍්බකො නාම.

වැලමිට පටන් යට අත්නියසිළු දක්වා වූ මේ පෙදෙස ඔලම්බකපරිච්ඡෙදයයි. මේ අතර සිටිභාරය ඔලම්බක නම්වේ.

ඉදානි සීසෙ භාරන‍්තිආදීසු අයං අපුබ‍්බවිනිච‍්ඡයො – යො භික‍්ඛු “ඉදං ගහෙත්‍වා එත්‍ථ යාහී”ති සාමිකෙහි අනාණත‍්තො සයමෙව “මය‍්හං ඉදං නාම දෙථ, අහං වො භණ‍්ඩං වහාමී”ති තෙසං භණ‍්ඩං සීසෙන ආදාය ගච‍්ඡන‍්තො ථෙය්‍යචිත‍්තෙන තං භණ‍්ඩං ආමසති, දුක‍්කටං. යථාවුත‍්තසීසපරිච‍්ඡෙදං අනතික‍්කාමෙන‍්තොව ඉතො චිතො ච ඝංසන‍්තො සාරෙතිපි පච‍්චාසාරෙතිපි, ථුල‍්ලච‍්චයං. ඛන්‍ධං ඔරොපිතමත‍්තෙ කිඤ‍්චාපි සාමිකානං “වහතූ”ති චිත‍්තං අත්‍ථි, තෙහි පන අනාණත‍්තත‍්තා පාරාජිකං. ඛන්‍ධං පන අනොරොපෙත්‍වාපි සීසතො කෙසග‍්ගමත‍්තං මොචෙන‍්තස‍්ස පාරාජිකං. යමකභාරස‍්ස පන එකො භාරො සීසෙ පතිට‍්ඨාති, එකො පිට‍්ඨියං, තත්‍ථ ද‍්වින‍්නං ඨානානං වසෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො. අයං පන සුද‍්ධසීසභාරාදීනංයෙව වසෙන දෙසනා ආරද‍්ධා. යො චායං සීසභාරෙ වුත‍්තො, ඛන්‍ධභාරාදීසුපි අයමෙව විනිච‍්ඡයො.

දැන් ‘සීසභාරං’ යනාදි තන්හි පෙර නොකියූ මේ විනිශ්චය වේ. යම් මහණෙක් ‘මෙය ගෙන මෙහි යව’යි අයිතිකරුවන් විසින් නොඅණවන ලදුයේ, තෙමේම ‘මට මෙනම් භාණ්ඩය දෙවු, මම තොපගේ භාණ්ඩය උසුලමි’යි ඔවුන්ගේ භාණ්ඩය හිසින් ගෙන යනුයේ සොරසිතින් ඒ භාණ්ඩය පහසාද, දුක්කටය වේ. පෙර කියූ සීසපරිච්ඡෙදය නොඉක්මවන්නේම හිසෙන් නොඔසවමින්ම ඈත මෑත ගටමින් හසුරුවාද, නැවත නැවත හසුරුවාද, ථුල්ලච්චය වේ. කරට බාගත් ඇසිල්ලෙහි ‘උසුලාවා’යි අයිතිකරුවන්ට සිතක් ඇත්තේද, ඔවුන් විසින් ඒ පිණිස නොඅණවනලද බැවින් පාරාජිකය වේ. කරට නොනගාම හිසින් කෙසගක් පමණ මුදන්නහුට පාරාජිකය වේ. බර දෙකක් අතුරෙහි එක් බරක් හිසෙහිද එක් වරක් පිටෙහිද පිහිටියේ වේ. එහි දෙතැනක්හුගේ වසයෙන් විනිශ්චය දතයුතුය. මේවනාහි සුද්ධසීසභාරාදීන්ගේ වසයෙන්ම දේශන අරඹන ලද්දීය. යම් මේ විනිශ්චයක් සීසභාරයෙහි කියන ලද්දේද, බන්‍ධභාරාදියෙහිද මේ විනිශ්චය වේ.

හත්‍ථෙ භාරන‍්ති එත්‍ථ පන හත්‍ථෙන ගහිතත‍්තා ඔලම‍්බකො “හත්‍ථෙ භාරො”ති වුත‍්තො. සො පඨමංයෙව භූමිතො වා ගහිතො හොතු, සුද‍්ධචිත‍්තෙන සීසාදීහි වා, “හත්‍ථෙ භාරො” ත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති . තං ථෙය්‍යචිත‍්තෙන තාදිසං ගහනට‍්ඨානං දිස‍්වා භූමියං වා ගච‍්ඡාදීසු වා නික‍්ඛිපන‍්තස‍්ස හත්‍ථතො මුත‍්තමත‍්තෙ පාරාජිකං. භූමිතො ගණ‍්හාතීති එත්‍ථ පන තෙසං භාරානං යංකිඤ‍්චි පාතරාසාදිකාරණා සුද‍්ධචිත‍්තෙන භූමියං නික‍්ඛිපිත්‍වා පුන ථෙය්‍යචිත‍්තෙන කෙසග‍්ගමත‍්තං උද‍්ධරන‍්තස‍්ස පාරාජිකන‍්ති.

‘හත්‍ථෙ භාරං’ යන මෙහි වනාහි අතින්ගත් බැවින් එල්බෙන බර, අතෙහි බරැයි කියන ලද්දේය. ඒ අතෙහි වූ බර, පළමුකොටම බිමින් හෝ ගන්නා ලද්දේ වේවා, පිරිසිදු සිතින් සීසාදියෙන් හෝ ගන්නා ලද්දේ වේවා, අතෙහි බරැයි කියාම ගිනීමට යන්නේය. ඒ අතෙහි බර සොරසිතින් එබඳු වූ ග්‍රහණස්ථානයක් දැක බිම හෝ ගස් ආදීන් අතුරෙහි හෝ තබන්නහුට අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. ‘භූමිතො ගණ්හාති’ යන මෙහිවනාහි ඒ බරඅතුරෙහි යම්කිසිවක් උදය වැළඳීම් ආදී වූ කරුණක් හේතුකොට පිරිසිදු සිතින් බිම තබා නැවත සොර සිතින් කෙසගක් පමණ නගාගන්නහුට පාරාජිකය වේ.

භාරට‍්ඨකථා නිට‍්ඨිතා.

භාරට්ඨකථා නිමිය.

ආරාමට‍්ඨකථා

ආරාමට්ඨකථා

ආරාමට‍්ඨෙපි – ආරාමං තාව දස‍්සෙන‍්තො “ආරාමො නාම පුප‍්ඵාරාමො ඵලාරාමො”ති ආහ. තෙසු වස‍්සිකාදීනං පුප‍්ඵනකො පුප‍්ඵාරාමො. අම‍්බඵලාදීනං ඵලනකො ඵලාරාමො. ආරාමෙ චතූහි ඨානෙහි නික‍්ඛිත‍්තස‍්ස විනිච‍්ඡයො භූමට‍්ඨාදීසු වුත‍්තනයො එව.

ආරාමට්ඨකථායෙහිද - ආරාමය පළමුකොට දක්වන්නේ, ‘ආරාමො නාම පුප්ඵාරාමො ඵලාරාමො’ යනු කීයේය. ඔවුනතුරෙහි සීනිද්ද ආදීන්ගේ මල් පිපෙනුයේ පුෂ්පරාම නම්වේ. ආම්‍රඵලාදීන් පලගැනෙන පෙදෙස ඵලාරාම නම්වේ. ආරාමයෙහි සිවුතැනෙකින් තැබූ භාණ්ඩයේ විනිශ්චය භුම්මට්ඨාදියෙහි කියූනයම වේ.

තත්‍ථජාතකෙ පන මූලන‍්ති උසීරහිරිවෙරාදිකං යංකිඤ‍්චි මූලං, තං උප‍්පාටෙත්‍වා වා උප‍්පාටිතං වා ගණ‍්හන‍්තස‍්ස යෙන මූලෙන වත්‍ථු පූරති, තස‍්මිං ගහිතෙ පාරාජිකං. කන්‍දොපි මූලෙනෙව සඞ‍්ගහිතො. උප‍්පාටෙන‍්තස‍්ස චෙත්‍ථ අප‍්පමත‍්තකෙපි අච‍්ඡින‍්නෙ ථුල‍්ලච‍්චයමෙව. තත්‍ථ විනිච‍්ඡයො භිසෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. තචන‍්ති භෙසජ‍්ජත්‍ථාය වා රජනත්‍ථාය වා උපයොගගමනූපගං යංකිඤ‍්චි රුක‍්ඛත‍්තචං; තං උප‍්පාටෙත්‍වා වා උප‍්පාටිතං වා ගණ‍්හන‍්තස‍්ස මූලෙ වුත‍්තනයෙන පාරාජිකං. පුප‍්ඵන‍්ති වස‍්සිකමල‍්ලිකාදිකං යංකිඤ‍්චි පුප‍්ඵං, තං ඔචිනිත්‍වා වා ඔචිනිතං වා ගණ‍්හන‍්තස‍්ස උප‍්පලපදුමෙසු වුත‍්තනයෙන පාරාජිකං. පුප‍්ඵානම‍්පි හි වණ‍්ටං වා බන්‍ධනං වා අච‍්ඡින‍්නං රක‍්ඛති. වණ‍්ටබ‍්භන‍්තරෙ පන කෙසඤ‍්චි සූචිකා හොති, සා න රක‍්ඛති. ඵලන‍්ති අම‍්බඵලතාලඵලාදිකං යංකිඤ‍්චි, තං රුක‍්ඛතො ගණ‍්හන‍්තස‍්ස විනිච‍්ඡයො රුක‍්ඛෙ ලග‍්ගිතකථායං වුත‍්තො. අපනෙත්‍වා ඨපිතං භූමට‍්ඨාදිසඞ‍්ගහිතමෙව.

එහි හටගත්තෙහි වනාහි ‘මූලං’ යනු සුවඳට ඉරිවෙරාදී වූ යම්කිසි මූලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට යම් මූලකින් පාරාජික වස්තුව පිරේද, එය ගත්කල්හි පාරාජිකය වේ. අලයද මූල යන වචනයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය. උපුටන්නහුටද මෙහි ස්වල්පමාත්‍රයක් නමුත් නොසිඳුනුකල්හි ථුල්ලච්චයම වේ. එහි විනිශ්චය නෙළුඹලයෙහි කියූනයින් දතයුතුය. ‘තචං’ යනු බෙහෙත් පිණිස හෝ සිවුරු රඳන් පිණිස හෝ ප්‍රයෝජනයට ගැනීමට සුදුසු යම්කිසි රුක්සුඹුලෙකි. එය උපුටා හෝ උපුටන ලද්දක් හෝ ගන්නහුට මූලයෙහි කියූනයින් පාරාජිකය වේ. ‘පුප්ඵං’ යනු දසමන් බෝලිද්ද ආදීවූ යම්කිසි මලෙකි. එය නෙලා හෝ නෙලන ලද්දක් හෝ ගන්නහුට උපුල් පියුම්හි කියූනයින් පාරාජිකය වේ. මල්වල නටුව හෝ බැඳීම හෝ නොසිඳුනේනම් රකියි. කිසියම් මලක නටුව තුළ හිද්දක්වේද, ඕතොමෝ ඔහු නොදරකියි. ‘ඵලං’ යනු අඹඵල තල්ඵල ආදීවූ යම්කිසි ඵලයකි. එය රුකකින් නෙලාගන්නහුගේ විනිශ්චය රුකෙහි එල්ලූ බඩු පොදි ආදිය පිළිබඳ කථාවෙහි කියන ලද්දේය. බැහැරකොට තබන ලද්ද භුම්මට්ඨාදියෙහි සඞ්ග්‍රහ කරන ලද්දේමය.

ආරාමං අභියුඤ‍්ජතීති පරසන‍්තකං “මම සන‍්තකො අය”න‍්ති මුසා භණිත්‍වා අභියුඤ‍්ජති, අදින‍්නාදානස‍්ස පයොගත‍්තා දුක‍්කටං. සාමිකස‍්ස විමතිං උප‍්පාදෙතීති විනිච‍්ඡයකුසලතාය බලවනිස‍්සිතාදිභාවෙන වා ආරාමසාමිකස‍්ස සංසයං ජනෙති. කථං? තඤ‍්හි තථා විනිච‍්ඡයප‍්පසුතං දිස‍්වා සාමිකො චින‍්තෙති – “සක‍්ඛිස‍්සාමි නු ඛො අහං ඉමං ආරාමං අත‍්තනො කාතුං, න සක‍්ඛිස‍්සාමි නු ඛො”ති. එවං තස‍්ස විමති උප‍්පජ‍්ජමානා තෙන උප‍්පාදිතා හොති, තස‍්මා ථුල‍්ලච‍්චයං ආපජ‍්ජති.

‘ආරාමං අභියුඤ්ජති’ යනු අන්සතුවූවක් ‘මෙය මා සතුය’යි බොරු කියා අන්සතු බව දැන දැන තමන් සතුයයි යුක්තිබැණ අයත් කරගනු පිණිස සොරසිතින් සහායභාවාදිය පිණිස දෙවැන්නෙකු සෙවීම් වසයෙන් අභියෝග කෙරේද, අදින්නාදානයෙහි ප්‍රයොග බැවින් දුක්කටය වේ. ‘සාමිකස්ස විමතිං උප්පාදෙති’ විනිශ්චයෙහි දක්‍ෂබැවින් හෝ බලවතුන් ඇසුරු කිරීම් ආදියෙන් හෝ අරම්හිමියා හට සැක උපදවා යනුයි. කෙසේදයත්: එසේ විනිශ්චයෙහි යෙදුනු ඔහු දැක අරම්හිමිතෙමේ මෙසේ සිතයි. ‘මම මේ ආරාමය තමන් සතු කරගන්නට හැකිවන්නෙම්ද නොහැකි වන්නෙම්දැයි මෙසේ ඔහුට උපදින විමතිය ඔහු විසින් උපදවන ලද්දී වන්නීය. එහෙයින් ථුල්ලච්චයට පැමිණේ.

ධුරං නික‍්ඛිපතීති යදා පන සාමිකො “අයං ථද‍්ධො කක‍්ඛළො ජීවිතබ්‍රහ‍්මචරියන‍්තරායම‍්පි මෙ කරෙය්‍ය, අලං දානි මය‍්හං ඉමිනා ආරාමෙනා”ති ධුරං නික‍්ඛිපති, අභියුඤ‍්ජකො පාරාජිකං ආපජ‍්ජති. සචෙ සයම‍්පි කතධුරනික‍්ඛෙපො හොති, අථ ච පන සාමිකෙන ධුරෙ නික‍්ඛිත‍්තෙපි අභියුඤ‍්ජකො ධුරං අනික‍්ඛිපිත්‍වාව “ඉමං සුට‍්ඨු පීළෙත්‍වා මම ආණාපවත‍්තිං දස‍්සෙත්‍වා කිඞ‍්කාරප‍්පටිස‍්සාවිභාවෙ නං ඨපෙත්‍වා දස‍්සාමී”ති දාතබ‍්බභාවෙ සඋස‍්සාහො හොති, රක‍්ඛති තාව. අථාපි අභියුඤ‍්ජකො “අච‍්ඡින්‍දිත්‍වා න දානි නං ඉමස‍්ස දස‍්සාමී”ති ධුරං නික‍්ඛිපති, සාමිකො පන න ධුරං නික‍්ඛිපති, පක‍්ඛං පරියෙසති, කාලං ආගමෙති, “ලජ‍්ජිපරිසං තාව ලභාමි, පච‍්ඡා ජානිස‍්සාමී”ති පුන ගහණෙයෙව සඋස‍්සාහො හොති, රක‍්ඛතියෙව. යදා පන සොපි “න දස‍්සාමී”ති, සාමිකොපි “න ලච‍්ඡාමී”ති – එවං උභොපි ධුරං නික‍්ඛිපන‍්ති, තදා අභියුඤ‍්ජකස‍්ස පාරාජිකං. අථ පන අභියුඤ‍්ජිත්‍වා විනිච‍්ඡයං කුරුමානො අනිට‍්ඨිතෙ විනිච‍්ඡයෙ සාමිකෙනපි ධුරනික‍්ඛෙපෙ අකතෙ අත‍්තනො අස‍්සාමිකභාවං ජානන‍්තොයෙව තතො කිඤ‍්චි පුප‍්ඵං වා ඵලං වා ගණ‍්හාති, භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො.

‘ධුරං නික්‍ඛිපති’ යම්කලෙක වනාහි හිමිතෙමේ ‘මෙතෙමේ තදය, කැකුළුය, මාගේ ජීවිතයට හා බ්‍රහ්මචර්‍ය්‍යයට අනතුරු කරන්නේය, දැන් මට මේ ආරමයෙන් කම්නැතැ’යි ධුරනිඃක්‍ෂෙප කෙරේද චොදක තෙමේ පාරාජිකාවට පැමිණේ. ඉදින් තෙමේත් කළ ධුරනිඃක්‍ෂෙප ඇත්තේවේද, තවද හිමියා විසින් ධුරනිඃක්‍ෂෙපය කළ කල්හිද, චොදක තෙමේ ධුරය නිඃක්‍ෂෙප නොකොටම ‘මොහු මොනවට පෙළ මාගේ අණ පැවැත්ම දක්වා කුම්කරම්දැයි විචාරන්නෙකුගේ තත්ත්‍වයෙහි ඔහු තබාදෙන්නෙමි’යි දියයුතුබැව්හි උත්සාහසහිතවේද, ඒතාක් රකියි. නැවතත් චොදකතෙමේ අසිඳැ ‘දැන් මොහුට එය නොදෙන්නෙමි’යි ධුරනිඃක්‍ෂෙපය කෙරේද, හිමිතෙමේ ධුරනිඃක්‍ෂෙපය නොකෙරේද, පක්‍ෂයක් සොයාද, ලජ්ජි පිරිසක් ලබම්ද, පසුව දැනගන්නෙමියි ඒතාක් කල්බලා ඉඳීද, නැවත ගැනීමෙහිම උත්සාහ ඇත්තේවේද, රකීමය. යම්කලෙක වනාහි හෙතෙමේද ‘නොදෙන්නෙමි’යිද හිමිතෙමේත් ‘නොලබමි’යිද මෙසේ දෙදෙනම ධුරය බහාතබත්ද, එකල්හි චොදකයා හට පාරාජිකය වේ. නැවත අභියොගකොට විනිශ්චය කරන්නේ විනිශ්චය නොනිම්කල්හි හිමියා විසිනුදු ධුරනිඃක්‍ෂෙපය නොකළ කල්හි තමන්ගේ අස්වාමිකභාවය දන්නේම එයින් කිසිමලක් හෝ ඵලයක් හෝ ගනීද, බඩුවෙහි අගය විසින් කරවිය යුත්තේය.

ධම‍්මං චරන‍්තොති භික‍්ඛුසඞ‍්ඝෙ වා රාජකුලෙ වා විනිච‍්ඡයං කරොන‍්තො. සාමිකං පරාජෙතීති විනිච‍්ඡයිකානං උක‍්කොචං දත්‍වා කූටසක‍්ඛිං ඔතාරෙත්‍වා ආරාමසාමිකං ජිනාතීති අත්‍ථො. ආපත‍්ති පාරාජිකස‍්සාති න කෙවලං තස‍්සෙව, සඤ‍්චිච‍්ච තස‍්ස අත්‍ථසාධනෙ පවත‍්තානං කූටවිනිච‍්ඡයිකානම‍්පි කූටසක‍්ඛීනම‍්පි සබ‍්බෙසං පාරාජිකං. එත්‍ථ ච සාමිකස‍්ස ධුරනික‍්ඛෙපවසෙනෙව පරාජයො වෙදිතබ‍්බො. අනික‍්ඛිත‍්තධුරො හි අපරාජිතොව හොති. ධම‍්මං චරන‍්තො පරජ‍්ජතීති සචෙපි ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන විනිච‍්ඡයස‍්ස පවත‍්තත‍්තා සයං පරාජයං පාපුණාති; එවම‍්පි මුසාවාදෙන සාමිකානං පීළාකරණපච‍්චයා ථුල‍්ලච‍්චයං ආපජ‍්ජතීති.

‘ධම්මං චරන්තො’ භික්‍ෂුසඞ්ඝයාගේ සමීපයෙහි හෝ රාජකුලයෙහි හෝ විනිශ්චය කරන්නේ. ‘සාමිකං පරාජෙති’ විනිශ්චය කරන්නවුන්ට අල්ලස් දී කූටසාක්‍ෂි බස්වා අරම්හිමියා දිනාය යන අර්‍ත්‍ථයි. ‘ආපත්ති පාරාජිකස්ස’ පාරාජිකාපත්තිය වන්නීය. හුදෙක් ඔහුටම නොවේ. දැන සිතා ඔහුගේ අර්‍ත්‍ථ සිද්ධියෙහි පැවති කූටවිනිශ්චයෙහි නියුක්ත විනයධරයන්ටද, කුට සාක්‍ෂිකයන්ටද, යන සියල්ලන්ට පාරාජිකය වේ. මෙහිද හිමියාගේ ධුරනිඃක්‍ෂෙප වශයෙන්ම පරාජය දතයුතුය. අත්නොහළ ධුරය ඇත්තේ නොපරදවන ලද්දේම වේ. ‘ධම්මං චරන්තො පරජ්ජති’ ඉදින් ධර්‍මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් විනිශ්චය පැවති බැවින් තෙමේ පරාජයට පැමිණේද, මෙසේද මුසාවාදයෙන් හිමියන්ට පීඩාකිරීම හේතුවෙන් ථුල්ලච්චයට පැමිණේ.

ආරාමට‍්ඨකථා නිට‍්ඨිතා.

ආරාමට්ඨකථා නිමි.

විහාරට‍්ඨකථා

විහාරට්ඨකථා

විහාරට‍්ඨෙපි – චතූහි ඨානෙහි නික‍්ඛිත‍්තං වුත‍්තනයමෙව. අභියොගෙපි චෙත්‍ථ චාතුද‍්දිසං සඞ‍්ඝං උද‍්දිස‍්ස භික‍්ඛූනං දින‍්නං විහාරං වා පරිවෙණං වා ආවාසං වා මහන‍්තම‍්පි ඛුද‍්දකම‍්පි අභියුඤ‍්ජතො අභියොගො න රුහති. අච‍්ඡින්‍දිත්‍වා ගණ‍්හිතුම‍්පි න සක‍්කොති. කස‍්මා? සබ‍්බෙසං ධුරනික‍්ඛෙපාභාවතො. න හෙත්‍ථ සබ‍්බෙ චාතුද‍්දිසා භික‍්ඛූ ධුරනික‍්ඛෙපං කරොන‍්තීති . දීඝභාණකාදිභෙදස‍්ස පන ගණස‍්ස එකපුග‍්ගලස‍්ස වා සන‍්තකං අභියුඤ‍්ජිත්‍වා ගණ‍්හන‍්තො සක‍්කොති තෙ ධුරං නික‍්ඛිපාපෙතුං. තස‍්මා තත්‍ථ ආරාමෙ වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

විහාරට්ඨ කථාවෙහිද - සිවු තැනින් බහා තැබූ භාණ්ඩය කියූනය ඇත්තේමය. යුක්ති කියා පෑමෙහිදී සිවුදිසා වැසි සඞ්ඝයා උදෙසා භික්‍ෂූන්ට දෙනලද මහත්වූද කුඩාවූද විහාරයකට හෝ විහාරය තුළ වෙන් වෙන්ව පවුරින් වටකළ තැනකට හෝ මහත්වූද කුඩාවූද ආවාසයකට හෝ යුක්තිය කියාපාන්නහුගේ යුක්තිය කියාපෑම නොනගියි. අසිඳ ගන්නටද නොහැකි වේ. කුමහෙයින්දයත්: සියල්ලන් පිළිබඳ ධුරනිඃක්‍ෂෙපය නොකෙරෙත් යයි දීර්‍ඝභාණකාදි භෙද ඇති ගණයක් සතුවූවකට හෝ එක් පුද්ගලයක් හට සතුවූවකට හෝ යුක්තිය කියා පාන්නේ ඔවුන්ලවා ධුරනිඃක්‍ෂෙප කරවන්නට හැකිවේද, එහෙයින් එහි ආරාමයෙහි කියූනයින් විනිශ්චය දතයුතුය.

විහාරට‍්ඨකථා නිට‍්ඨිතා.

විහාරට්ඨකථා නිමි.

ඛෙත‍්තට‍්ඨකථා

ඛෙත්තට්ඨකථා

ඛෙත‍්තට‍්ඨෙපි – ඛෙත‍්තං තාව දස‍්සෙන‍්තො “ඛෙත‍්තං නාම යත්‍ථ පුබ‍්බණ‍්ණං වා අපරණ‍්ණං වා ජායතී”ති ආහ. තත්‍ථ පුබ‍්බණ‍්ණන‍්ති සාලිආදීනි සත‍්ත ධඤ‍්ඤානි; අපරණ‍්ණන‍්ති මුග‍්ගමාසාදීනි; උච‍්ඡුඛෙත‍්තාදිකම‍්පි එත්‍ථෙව සඞ‍්ගහිතං. ඉධාපි චතූහි ඨානෙහි නික‍්ඛිත‍්තං වුත‍්තනයමෙව. තත්‍ථජාතකෙ පන සාලිසීසාදීනි නිරුම‍්භිත්‍වා වා එකමෙකං හත්‍ථෙනෙව ඡින්‍දිත්‍වා වා අසිතෙන ලායිත්‍වා වා බහූනි එකතො උප‍්පාටෙත්‍වා වා ගණ‍්හන‍්තස‍්ස යස‍්මිං බීජෙ වා සීසෙ වා මුට‍්ඨියං වා මුග‍්ගමාසාදිඵලෙ වා වත්‍ථු පූරති, තස‍්මිං බන්‍ධනා මොචිතමත‍්තෙ පාරාජිකං. අච‍්ඡිජ‍්ජමානො පන දණ‍්ඩකො වා වාකො වා තචො වා අප‍්පමත‍්තකොපි රක‍්ඛති.

ඛෙත්තට්ඨ කථාවෙහිද කෙත පළමුකොට දක්වන්නේ ‘ඛෙත්තං නාම යත්‍ථ පුබ්බන්නං වා අපරන්නං වා ජායති’ යනු කීයේය. එහි ‘පුබ්බන්නං’ යනු සාලි ආදි සප්තවිධ ධාන්‍යයෝය. ‘අපරන්නං’ යනු මුං, මෑ ආදීහුය. උක්, කෙත් ආදියද මෙහිම ඇතුළත්ය. මෙහිද සිවු තැනින් තබන ලද්ද කියූනය ඇත්තේමය. එහි හටගත්තෙහි වනාහි ඇට පමණක් අතට එන ලෙසින් හැල්කරල් ආදිය සූරාගෙන හෝ එකෙකක් අතින්ම සිඳ හෝ දෑකැත්තෙන් ලියා හෝ බොහෝ කරල් එකට උපුටා හෝ ගන්නහුට, යම් බිජුවටක හෝ කරලෙක හෝ මිටෙක හෝ මුං, මෑ, ඈපලයක හෝ පාරාජික වස්තුව පිරේද, එය බැඳුමෙන් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. දණ්ඩ හෝ පට්ටය හෝ සිවිය හෝ ස්වල්පමාත්‍ර වූයේ නොසිඳුනේනම් රකියි.

වීහිනාළං දීඝම‍්පි හොති, යාව අන‍්තොනාළතො වීහිසීසදණ‍්ඩකො න නික‍්ඛමති, තාව රක‍්ඛති. කෙසග‍්ගමත‍්තම‍්පි නාළතො දණ‍්ඩකස‍්ස හෙට‍්ඨිමතලෙ නික‍්ඛන‍්තෙ භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. අසිතෙන ලායිත්‍වා ගණ‍්හතො පන මුට‍්ඨිගතෙසු හෙට‍්ඨා ඡින‍්නෙසුපි සචෙ සීසානි ජටිතානි, රක‍්ඛන‍්ති තාව. විජටෙත්‍වා පන කෙසග‍්ගමත‍්තම‍්පි උක‍්ඛිපතො සචෙ වත්‍ථු පූරති, පාරාජිකං. සාමිකෙහි පන ලායිත්‍වා ඨපිතං සභුසං වා අභුසං වා කත්‍වා ගණ‍්හතො යෙන වත්‍ථු පූරති, තස‍්මිං ගහිතෙ පාරාජිකං. සචෙ පරිකප‍්පෙති “ඉදං මද‍්දිත්‍වා පප‍්ඵොටෙත්‍වා සාරමෙව ගණ‍්හිස‍්සාමී”ති රක‍්ඛති තාව. මද‍්දනපප‍්ඵොටනෙසු ඨානා චාවෙන‍්තස‍්සාපි පාරාජිකං නත්‍ථි, පච‍්ඡා භාජනගතෙ කතමත‍්තෙ පාරාජිකං. අභියොගො පනෙත්‍ථ වුත‍්තනයො එව.

වී නටුව දිග්වූයේවේද, යම්තාක් ඇතුල් නළින් වී කරලෙහි දඬුව නොනික්මේද, ඒතාක් රකියි. කෙසගක් පමණ නමුදු නළින් දඬුවෙහි යටතලය නික්මුනු කල්හි භාණ්ඩයාගේ අගය වසයෙන් කරවිය යුතුය. දෑකැත්තෙන් සිඳගැනීමෙන් වනාහි මිටින් අල්ලාගත්තවුන් යටින් සිඳිකල්හිද, ඉදින් කරල් නොසිඳීසිටි කරල් සමග අවුල් වූයේද, බැඳුනේද ඒතාක් රකියි. අවුල් හැර කෙසගක් පමණකුදු ඔසවන්නහුට පාරාජික වස්තුව පුරාද, පාරාජිකය වේ. හිමියන් විසින් දෑකැත්තෙන් සිඳතබන ලද්දක් බොල් සහිතකොට හෝ බොල් රහිතකොට හෝ ගන්නහුට යමකින් පාරාජික වස්තුව පුරාද, එය ගත්කල්හි පාරාජිකය වේ. ‘මේ වී කරල් මැඩ බොල්ආදිය පොළාහැර හරබිජු ගන්නෙමි’යි කල්පනාකෙරේද, ඒ තාක් රකියි. මැඩීම් පොළාලීම්හි තුබූ තැනින් පහකරන්නහුටද පාරාජිකයක් නැත්තේය. පසුව ඒ වී බඳුනට දැමූ ඇසිල්ලෙහි පාරාජිකය වේ. මෙහි අභියොගය කියූනය ඇත්තේමය.

ඛීලසඞ‍්කමනාදීසු පථවී නාම අනග‍්ඝා. තස‍්මා සචෙ එකෙනෙව ඛීලෙන ඉතො කෙසග‍්ගමත‍්තම‍්පි පථවිප‍්පදෙසං සාමිකානං පස‍්සන‍්තානං වා අපස‍්සන‍්තානං වා අත‍්තනො සන‍්තකං කරොති, තස‍්මිං ඛීලෙ නාමං ඡින්‍දිත්‍වා වා අච‍්ඡින්‍දිත්‍වා වා සඞ‍්කාමිතමත‍්තෙ තස‍්ස ච, යෙ චස‍්ස එකච‍්ඡන්‍දා, සබ‍්බෙසං පාරාජිකං. සචෙ පන ද‍්වීහි ඛීලෙහි ගහෙතබ‍්බං හොති, පඨමෙ ඛීලෙ ථුල‍්ලච‍්චයං; දුතියෙ පාරාජිකං. සචෙ තීහි ගහෙතබ‍්බං හොති, පඨමෙ දුක‍්කටං, දුතියෙ ථුල‍්ලච‍්චයං, තතියෙ පාරාජිකං. එවං බහුකෙසුපි අවසානෙ ද‍්වෙ ඨපෙත්‍වා පුරිමෙහි දුක‍්කටං, අවසානෙ ද‍්වින‍්නං එකෙන ථුල‍්ලච‍්චයං, ඉතරෙන පාරාජිකං වෙදිතබ‍්බං. තඤ‍්ච ඛො සාමිකානං ධුරනික‍්ඛෙපෙන. එවං සබ‍්බත්‍ථ.

හුල් සිටුවීම් ආදියෙහිලා පොළොව වනාහි අගය නොකටහැකිය. එහෙයින් එක්ම හුලින් කෙසගක් පමණ නමුදු පෘථිවි ප්‍රදේශය හිමියන් බලාසිටියදී හෝ නොබලා සිටියදී තමන් සතුකෙරේද ඒ හුලෙහි නමකොටා හෝ නම නොකොටා හෝ පොළොව කැන හුල පිහිටුවාලූ ඇසිල්ලෙහි ඔහුටද, මෙහිදී යම්කෙනෙක් එකච්ඡන්‍ද වෙයිද, ඒ සියල්ලන්ටද පාරාජිකය වේ. ඉදින් හුල් දෙකකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. දෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. ඉදින් හුල් තුනකින් ගතයුතුවේනම්, පළමු හුල නිමිතිකොට දුක්කටය වේ. දෙවන හුල නිමිතිකොට ථුල්ලච්චය වේ. තෙවන හුල නිමිතිකොට පාරාජිකය වේ. මෙසේ බොහෝ මුල් පිහිටුවාලූකල්හිද අවසන්හිවූ හුල් දෙක හැර, පළමු හුල් නිමිතිකොට දුක්කට වේ. අවසන්හිවූ හුල් දෙකින් එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේයයි දතයුතුය. හෙදවනාහි හිමියන්ගේ ධුරනිඃක්‍ෂෙපයෙන් වේ. සියලු තන්හි මෙසේය.

රජ‍්ජුං වාති “මම සන‍්තකං ඉද”න‍්ති ඤාපෙතුකාමො රජ‍්ජුං වා පසාරෙති, යට‍්ඨිං වා පාතෙති, දුක‍්කටං. “ඉදානි ද‍්වීහි පයොගෙහි අත‍්තනො සන‍්තකං කරිස‍්සාමී”ති තෙසං පඨමෙ ථුල‍්ලච‍්චයං, දුතියෙ පාරාජිකං.

‘රජ්ජුං වා’ ‘මෙය මාසතුය’යි හඟවනු කැමැත්තේ රැහණක් හෝ අදීද, මනිනයටක් හෝ හෙළාද, දුක්කටය වේ. දැන් ප්‍රයොග දෙකකින් තමන්සතු කරන්නෙමියි යෙදූ ඔවුන් අතුරෙහි පළමුවැන්න නිමිතිකොට ථුල්ලච්චය වේ. දෙවැන්න නිමිතිකොට පාරාජිකය වේ.

වතිං වාති පරස‍්ස ඛෙත‍්තං පරික‍්ඛෙපවසෙන අත‍්තනො කාතුකාමො දාරූනි නිඛණති, පයොගෙ පයොගෙ දුක‍්කටං. එකස‍්මිං අනාගතෙ ථුල‍්ලච‍්චයං, තස‍්මිං ආගතෙ පාරාජිකං. සචෙ තත‍්තකෙන අසක‍්කොන‍්තො සාඛාපරිවාරෙනෙව අත‍්තනො කාතුං සක‍්කොති, සාඛාපාතනෙපි එසෙව නයො. එවං යෙන යෙන පරික‍්ඛිපිත්‍වා අත‍්තනො කාතුං සක‍්කොති, තත්‍ථ තත්‍ථ පඨමපයොගෙහි දුක‍්කටං. අවසානෙ ද‍්වින‍්නං එකෙන ථුල‍්ලච‍්චයං, ඉතරෙන පාරාජිකං වෙදිතබ‍්බං.

‘වතිං වා’ අන්හු අයත් කෙතක් වටකිරීම් වසයෙන් තමන්ට අයත්කරනු කැමැත්තේ දැව කැන සිටුවාද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. එක් ප්‍රයොගයක් නොයෙදුනු කල්හි ථුල්ලච්චය වේ. එද යෙදුනු කල්හි පාරාජිකය වේ. ඉදින් එපමණකින් නොහැකිවන්නේ ශාඛාපරිවාරයෙන්ම තමාට කරන්නට හැකිවේදැයි සිතා කොළ අතු කපා හෙළීමෙහිද මේනයම වේ. මෙසේ යමකින් යමකින් වටකොට තමන්ට අයත්කරන්නට හැකිවේද, ඒ ඒ තන්හි ප්‍රථම ප්‍රයොගයන්ගෙන් දුක්කටය වේ. අවසන්හි ප්‍රයොග දෙක අතුරෙහි එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේයයි දතයුතුය.

මරියාදං වාති පරස‍්ස ඛෙත‍්තං “මම ඉද”න‍්ති ඤාපෙතුකාමො අත‍්තනො ඛෙත‍්තමරියාදං කෙදාරපාළිං යථා පරස‍්ස ඛෙත‍්තං අතික‍්කමති, එවං සඞ‍්කාමෙති, පංසුමත‍්තිකාදීහි වා වඩ‍්ඪෙත්‍වා විත්‍ථතං කරොති, අකතං වා පන පතිට‍්ඨාපෙති, පුරිමපයොගෙහි දුක‍්කටං. ද‍්වින‍්නං පච‍්ඡිමානං එකෙන ථුල‍්ලච‍්චයං, ඉතරෙන පාරාජිකන‍්ති.

‘මරියාදං වා’ අන්හු අයත් කෙතක් ‘මේ මාගේය’යි හඟවනු කැමැතිව තමන්ගේ කෙතෙහි ඉමවූ කෙත් නියර, යම්සේ අන්හු අයත් කෙත ඉක්මවායේද, මෙසේ හුල් සිටුවාද, පස් මැටි ආදියෙන් වඩාපළල් කෙරේද, පෙර නොකළ ඉමක් පිහිටුවාද, පළමු ප්‍රයොගයන්ගෙන් දුක්කට වේ. පැසුළු ප්‍රයොග දෙකින් එකකින් ථුල්ලච්චය වේ. අනිකෙන් පාරාජිකය වේ.

ඛෙත‍්තට‍්ඨකථා නිට‍්ඨිතා.

ඛෙත්තට්ඨකථා නිමි.

වත්‍ථුට‍්ඨකථා

වත්ථුට්ඨකථා

වත්‍ථුට‍්ඨෙපි – වත්‍ථුං තාව දස‍්සෙන‍්තො වත්‍ථු නාම “ආරාමවත්‍ථු විහාරවත්‍ථූ”ති ආහ. තත්‍ථ බීජං වා උපරොපකෙ වා අරොපෙත්‍වාව කෙවලං භූමිං සොධෙත්‍වා තිණ‍්ණං පාකාරානං යෙන කෙනචි පරික‍්ඛිපිත්‍වා වා අපරික‍්ඛිපිත්‍වා වා පුප‍්ඵාරාමාදීනං අත්‍ථාය ඨපිතො භූමිභාගො ආරාමවත්‍ථු නාම. එතෙනෙව නයෙන එකවිහාරපරිවෙණආවාසානං අත්‍ථාය ඨපිතො භූමිභාගො විහාරවත්‍ථු නාම. යොපි පුබ‍්බෙ ආරාමො ච විහාරො ච හුත්‍වා පච‍්ඡා විනස‍්සිත්‍වා භූමිමත‍්තො ඨිතො, ආරාමවිහාරකිච‍්චං න කරොති, සොපි ආරාමවිහාරවත්‍ථුසඞ‍්ගහෙනෙව සඞ‍්ගහිතො. විනිච‍්ඡයො පනෙත්‍ථ ඛෙත‍්තට‍්ඨෙ වුත‍්තසදිසොයෙවාති.

වත්‍ථුට්ඨ කථායෙහිද වාස්තුව පළමුකොට දක්වන්නේ ‘වත්‍ථු නාම ආරාමවත්‍ථු විහාරවත්‍ථු’ යනු කීයේය. එහි බිජුවට හෝ රොපණය කටයුතු පැල හෝ රොපණය නොකොටම හුදෙක් බිම පිරිසිදුකොට ගඩොල් ගල් දැව යන මෙයින් කළ තෙවැදැරුම් පවුරු අතුරෙන් යම්කිසි පවුරකින් වටකොට හෝ වටනොකොට හෝ මල්වතු ආදිය පිණිස තැබූ බිම්පෙදෙස ආරාමවත්‍ථු නම්වේ. මේ නයින්ම එක් විහාරයක් එක් පිරිවෙණක් එක් ආවාසයක් යන මොවුන් සඳහා තැබූබිම්පෙදෙස විහාරවත්‍ථු නම්වේ. යම් බිම් පෙදෙසක් පෙර ආරාමයක්ව විහාරයක්ව තුබුනේ, පසුව නැසීගොස් බිම පමණක් සිටියේ ආරාම විහාර කෘත්‍යය නොකෙරේද, ඒ බිම්පෙදෙසද ආරාම විහාරවාස්තු සඞ්ග්‍රහයෙන්ම සඞ්ග්‍රහ කරන ලද්දේය. මෙහි විනිශ්චය ඛෙත්තට්ඨයෙහි කියනලද්ද සමානවේමය.

වත්‍ථුට‍්ඨකථා නිට‍්ඨිතා.

වත්‍ථුට්ඨකථා නිමි.

ගාමට‍්ඨෙ යං වත‍්තබ‍්බං තං වුත‍්තමෙව.

ගාමට්ඨ කථාවෙහි යමක් කියයුතුද, එය කියන ලද්දේමය.

අරඤ‍්ඤට‍්ඨකථා

අරඤ්ඤට්ඨකථා

අරඤ‍්ඤට‍්ඨෙ – අරඤ‍්ඤං තාව දස‍්සෙන‍්තො “අරඤ‍්ඤං නාම යං මනුස‍්සානං පරිග‍්ගහිතං හොති, තං අරඤ‍්ඤ”න‍්ති ආහ. තත්‍ථ යස‍්මා අරඤ‍්ඤං නාම මනුස‍්සානං පරිග‍්ගහිතම‍්පි අත්‍ථි, අපරිග‍්ගහිතම‍්පි; ඉධ පන යං පරිග‍්ගහිතං සාරක‍්ඛං, යතො න විනා මූලෙන කට‍්ඨලතාදීනි ගහෙතුං ලබ‍්භන‍්ති, තං අධිප‍්පෙතං. තස‍්මා “යං මනුස‍්සානං පරිග‍්ගහිතං හොතී”ති වත්‍වා පුන “අරඤ‍්ඤ”න‍්ති වුත‍්තං. තෙන ඉමමත්‍ථං දස‍්සෙති – “න පරිග‍්ගහිතභාවො අරඤ‍්ඤස‍්ස ලක‍්ඛණං. යං පන අත‍්තනො අරඤ‍්ඤලක‍්ඛණෙන අරඤ‍්ඤං මනුස‍්සානඤ‍්ච පරිග‍්ගහිතං, තං ඉමස‍්මිං අත්‍ථෙ අරඤ‍්ඤ”න‍්ති. තත්‍ථ විනිච‍්ඡයො ආරාමට‍්ඨාදීසු වුත‍්තසදිසො.

අරඤ්ඤට්ඨ කථාවෙහි අරණ්‍යය පළමුකොට දක්වන්නේය. ‘අරඤ්ඤං නාම යං මනුස්සානං පරිග්ගහිතං හොති තං අරඤ්ඤං’යි කීයේය. එහි යම්හෙයකින් මිනිසුන් විසින් අයත් කරගත් අරණ්‍ය ඇත්තේද, මිනිසුන් විසින් අයත්කර නොගත් අරණ්‍ය ඇත්තේද, මෙහි වනාහි මිනිසුන් විසින් අයකර ගත් ආරක්‍ෂා සහිතවූ යම් අරණ්‍යයක්වේද, යම් තැනකින් මිල නොදී දැව වැල් ආදිය ගන්නට නොලබත්ද ඒ අරණ්‍යය අදහස් කරන ලදය. එහෙයින් ‘යං මනුස්සානං පරිග්ගහිතං හොති’ කියා නැවත ‘අරඤ්ඤං’ යනු කියන ලද්දේය. එයින් මේ අර්‍ත්‍ථය දක්වාලන්නේය: මිනිසුන් විසින් අයත්කරගත්බව අරණ්‍යයය පිළිබඳ ලක්‍ෂණය නොවේ. යම් තැනක් තමන්ගේ අරණ්‍ය ලක්‍ෂණයෙන් අරණ්‍යවේද, මිනිසුන් විසිනුදු අයත්කරගන්නා ලද්දේද, එතැන මේ අර්‍ත්‍ථයෙහි අරණ්‍යයවේය. එහි විනිශ්චය ආරාමට්ඨාදියෙහි කියන ලද්ද සමාන වේ.

තත්‍ථජාතකෙසු පනෙත්‍ථ එකස‍්මිම‍්පි මහග‍්ඝරුක‍්ඛෙ ඡින‍්නමත‍්තෙ පාරාජිකං. ලතං වාති එත්‍ථ ච වෙත‍්තොපි ලතාපි ලතා එව; තත්‍ථ යො වෙත‍්තො වා ලතා වා දීඝා හොති, මහාරුක‍්ඛෙ ච ගච‍්ඡෙ ච විනිවිජ‍්ඣිත්‍වා වා වෙඨෙත්‍වා වා ගතා, සා මූලෙ ඡින‍්නාපි අවහාරං න ජනෙති අග‍්ගෙ ඡින‍්නාපි, යදා පන අග‍්ගෙපි මූලෙපි ඡින‍්නා හොති, තදා අවහාරං ජනෙති. සචෙ පන වෙඨෙත්‍වා ඨිතා හොති, වෙඨෙත්‍වා ඨිතා පන රුක‍්ඛතො මොචිතමත‍්තා අවහාරං ජනෙති.

එහි හටගත් ගස්කොළන් අතුරෙහි වනාහි මෙහි එකද මාහැඟි රුකක් සිඳලූ කල්හි පාරාජිකය වේ. ‘ලතං වා’ යන මෙහි වේවැලද ලියද ලතාමය. එහි යම් වේවැලක් හෝ ලියක් හෝ දිග්වේද, මහරුක් හා ගස්ද විනිවිද හෝ වෙළා හෝ ගියාවේද, ඒ ලිය මුලින් සිඳින ලද්දී වේද, අවහාරය නොද උපදවයි. අගින් සිඳින ලද්දීද, අවහාරය නොද උපදවයි. යම්කලෙක්හි අගත් මුලත් සිඳින ලද්දීවේද, එකල්හි අවහාරය උපදවයි. ඉදින් වනාහි මහරුක් ඈ වෙළාගෙන සිටියාවේද, එසේ වෙළාගෙන සිටි ලිය, රුකෙන් මිදූ පමණ ඇත්තී අවහාරය උපදවයි.

තිණං වාති එත්‍ථ තිණං වා හොතු පණ‍්ණං වා, සබ‍්බං තිණග‍්ගහණෙනෙව ගහිතං; තං ගෙහච‍්ඡදනාදීනමත්‍ථාය පරෙහි ඡින‍්නං වා අත‍්තනා ඡින්‍දිත්‍වා වා ගණ‍්හන‍්තො භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. න කෙවලඤ‍්ච තිණපණ‍්ණමෙව, අඤ‍්ඤම‍්පි යංකිඤ‍්චි වාකඡල‍්ලි ආදි, යත්‍ථ සාමිකා සාලයා, තං ගණ‍්හන‍්තො භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. තච‍්ඡෙත්‍වා ඨපිතො අද‍්ධගතොපි රුක‍්ඛො න ගහෙතබ‍්බො. යො පන අග‍්ගෙ ච මූලෙ ච ඡින‍්නො හොති, සාඛාපිස‍්ස පූතිකා ජාතා, ඡල‍්ලියොපි ගළිතා, “අයං සාමිකෙහි ඡඩ‍්ඩිතො”ති ගහෙතුං වට‍්ටති. ලක‍්ඛණච‍්ඡින‍්නස‍්සාපි යදා ලක‍්ඛණං ඡල‍්ලියා පරියොනද‍්ධං හොති, තදා ගහෙතුං වට‍්ටති. ගෙහාදීනං අත්‍ථාය රුක‍්ඛෙ ඡින්‍දිත්‍වා යදා තානි කතානි අජ‍්ඣාවුත්‍ථානි ච හොන‍්ති, දාරූනිපි අරඤ‍්ඤෙ වස‍්සෙන ච ආතපෙන ච විනස‍්සන‍්ති, ඊදිසානිපි දිස‍්වා “ඡඩ‍්ඩිතානී”ති ගහෙතුං වට‍්ටති. කස‍්මා? යස‍්මා අරඤ‍්ඤසාමිකා එතෙසං අනිස‍්සරා. යෙහි අරඤ‍්ඤසාමිකානං දෙය්‍යධම‍්මං දත්‍වා ඡින‍්නානි, තෙ එව ඉස‍්සරා, තෙහි ච තානි ඡඩ‍්ඩිතානි, නිරාලයා තත්‍ථ ජාතාති.

‘තිණං වා’ යන මෙහි තණ හෝ වේවා පත් හෝ වේවා, ඒ සියල්ල තෘණග්‍රහණයෙන් සඞ්ග්‍රහ කරන ලද්දේය. ගෙවල් සෙවනි ආදිය කරනු පිණිස ඒ තණ අන්හු විසින් සිඳින ලද්දේ හෝ තෙමේ සිඳ හෝ ගන්නේ භාණ්ඩයාගේ අගය වසයෙන් කරවිය යුත්තේය. හුදෙක් තණපත්ම නොවේ. අනිකුදු යම්කිසි වැහැරිසුඹුලු ආදියක් වේද, යම්තැනෙක හිමියෝ ආලය සහිතවෙත්ද එය ගන්නේ බඩු අගය විසින් කරවිය යුත්තේය. සැසතැබූ කල්ගිය රුකද නොගත යුතුය. යම්රුකක් අගින්ද මුලින්ද සිඳින ලද්දේවේද, මේ රුකෙහි අතුද කුණුවී ගියාද සුඹුලුද ගිලිහී වැටුනාද මේ රුක හිමියන් විසින් හැර දැමුයේද ගන්නට වටියි. අකුරු ඇඳ ලකුණු කැපූ රුකක්හුගේද යම්කලෙක ඒ ලකුණු සුඹුලුයෙන් වැසී නොපෙනී ගියේවේද, එකල්හි ගැනීම වටියි. ගෙවල් ගොඩනැගීම පිණිස රුක්සිඳ, යම්කලෙක ගෙවල් ගොඩනගන ලද්දාහු මිනිසුන් වසන ලද්දාහු වෙත්ද, දැවද අරණ්‍යයෙහි වැස්සෙන් හා අව්වෙන් නැසීයන්නාහුද, මෙබඳු දැව දැක හැරදමන ලදහයි ගැනීම වටියි. කුමක්හෙයින්දයත්: යම්හෙයකින් අරණ්‍ය ස්වාමීහු මේ දැවට ස්වාමීහු නොවෙත්ද එහෙයිනි. යම්කෙනකු විසින් වන හිමියන්ට දියයුතු මිල දී සිඳින ලදද, ඔවුහුම එහි ස්වාමීහුය. ඔවුන් විසිනුදු ඒ දැව හැරදමන ලදහ. ඔවුහු එහි ආලය නැත්තෝ වූහ.

යොපි භික‍්ඛු පඨමංයෙව අරඤ‍්ඤපාලානං දෙය්‍යධම‍්මං දත්‍වා අරඤ‍්ඤං පවිසිත්‍වා යථාරුචිතෙ රුක‍්ඛෙ ගාහාපෙති, තස‍්ස තෙසං ආරක‍්ඛට‍්ඨානං අගන‍්ත්‍වාපි යථාරුචිතෙන මග‍්ගෙන ගන‍්තුං වට‍්ටති. අථාපි පවිසන‍්තො අදත්‍වා “නික‍්ඛමන‍්තො දස‍්සාමී”ති රුක‍්ඛෙ ගාහාපෙත්‍වා නික‍්ඛමන‍්තො තෙසං දාතබ‍්බං දත්‍වා ගච‍්ඡති, වට‍්ටති එව. අථාපි ආභොගං කත්‍වා ගච‍්ඡති “දෙහී”ති වුත‍්තෙ “දස‍්සාමී”ති, “දෙහී”ති වුත‍්තෙ දාතබ‍්බමෙව. සචෙ කොචි අත‍්තනො ධනං දත්‍වා “භික‍්ඛුස‍්ස ගන‍්තුං දෙථා”ති වදති, ලද‍්ධකප‍්පමෙව, ගන‍්තුං වට‍්ටති. සචෙ පන කොචි ඉස‍්සරජාතිකො ධනං අදත්‍වාව “භික‍්ඛූනං භාගං මා ගණ‍්හථා”ති වාරෙති, අරඤ‍්ඤපාලා ච “මයං භික‍්ඛූනං තාපසානඤ‍්ච භාගං අගණ‍්හන‍්තා කුතො ලච‍්ඡාම, දෙථ, භන‍්තෙ”ති වදන‍්ති, දාතබ‍්බමෙව.

යම් මහණෙක් පළමුකොටම වනපල්ලන්ට දියයුතු මිල දී වනයට පිවිස තමන් කැමති රුක් ගන්වාද, ඔහුට ඒ වනපල්ලන්ගේ ආරක්‍ෂා ස්ථානයට නොගොස් තමන් කැමති මගකින් යන්නට වටීද, තවද වනයට පිවිසෙන්නේ ඔවුන්ට දියයුතුමිල දී යේද, වටීමය. තවද ‘දෙව’යි කියූකල්හි දියයුතුමය. ඉදින් කිසිවෙක් තමන්ගේ ධනය දී මහණහුට යන්නට දෙවු’යි කියානම් ලද දෙය කැපමය. යෑම වටියි. ඉදින්වනාහි කිසියම් ඉසුරුද ඇතියෙක් ධනය නොදීම ‘මහණුන්ගේ කොටස නොගනිවු’යි වළකානම් වනපල්ලෝද ‘අපි මහණුන්ගේ හා තවුසන්ගේ කොටස නොගන්නමෝ නම්, කොතැනින් ලබමුද, වහන්ස! දෙවු’යි කියත්නම් දියයුත්තේමය.

යො පන අරඤ‍්ඤපාලෙසු නිද‍්දායන‍්තෙසු වා කීළාපසුතෙසු වා කත්‍ථචි පක‍්කන‍්තෙසු වා ආගන‍්ත්‍වා “කුහිං අරඤ‍්ඤපාලා”ති පක‍්කොසිත්‍වාපි අදිස‍්වා ගච‍්ඡති, භණ‍්ඩදෙය්‍යං. යොපි ආරක‍්ඛට‍්ඨානං පත්‍වා කම‍්මට‍්ඨානාදීනි මනසිකරොන‍්තො වා අඤ‍්ඤවිහිතො වා අස‍්සතියා අතික‍්කමති, භණ‍්ඩදෙය්‍යමෙව. යස‍්සාපි තං ඨානං පත‍්තස‍්ස චොරො වා හත්‍ථී වා වාළමිගො වා මහාමෙඝො වා වුට‍්ඨහති, සො ච තම‍්හා උපද‍්දවා මුච‍්චිතුකම්‍යතාය සහසා තං ඨානං අතික‍්කමති, රක‍්ඛති තාව, භණ‍්ඩදෙය්‍යං පන හොති. ඉදං පන අරඤ‍්ඤෙ ආරක‍්ඛට‍්ඨානං නාම සුඞ‍්කඝාතතොපි ගරුකතරං. සුඞ‍්කඝාතස‍්ස හි පරිච‍්ඡෙදං අනොක‍්කමිත්‍වා දූරතොව පරිහරන‍්තො දුක‍්කටමෙව ආපජ‍්ජති. ඉදං පන ථෙය්‍යචිත‍්තෙන පරිහරන‍්තස‍්ස ආකාසෙන ගච‍්ඡතොපි පාරාජිකමෙව. තස‍්මා එත්‍ථ අප‍්පමත‍්තෙන භවිතබ‍්බන‍්ති.

යම් මහණෙක් වනපල්ලන් නිදිගත්කල්හි හෝ කෙළිසෙල්ලම්හි නියැලුනුකල්හි හෝ කිසිතැනක ගියකල්හි හෝ අවුත් ‘වනපල්ලෝ කොහිදැ’යි කැඳවා නොදැක යේද, භණ්ඩදෙය්‍ය වේ. යම් මහණෙක් ආරක්‍ෂා ස්ථානයට පැමිණ කර්‍මස්ථානාදිය මෙනෙහි කරමින් හෝ අන් තන්හි කළ සිහිඇතිව හෝ නොසිහියෙන් එතැන ඉක්මවාද, භණ්ඩදෙය්‍යම වේ. එතැනට පැමිණි යමක්හට සොරෙක් හෝ ඇතෙක් හෝ චණ්ඩමෘගයෙක් හෝ මහාමෙඝයක් හෝ නගීද, ඒ මහණතෙමේද, ඒ උවදුරෙන් මිදෙනු කැමැති බැවින් වහා එතැන ඉක්මවාද, ඒ තාක් රකියි. භණ්ඩදෙය්‍ය වේ. වනයෙහි මේ ආරක්‍ෂා ස්ථානයනම් සුංවත් ගන්නා තැනටද වඩා ගරුතර වේ. සුංවත් ගන්නා තැන සීමාව නොඉක්මවා දුරින්ම යන්නේ දුක්කටයටම පැමිණේ. සොරසිතින් මෙතැන හරිමියි යන්නහුටද එතැන ඉක්මවීම් වසයෙන් අහසින් යන්නහුටද, පාරාජිකයම වේ. එහෙයින් මෙහි අප්‍රමත්තයෙකු වියයුතුය.

අරඤ‍්ඤට‍්ඨකථා නිට‍්ඨිතා.

අරඤ්ඤට්ඨකථා නිමි.

උදකකථා

උදකකථා

උදකෙ පන – භාජනගතන‍්ති උදකදුල‍්ලභකාලෙ උදකමණිකාදීසු භාජනෙසු සඞ‍්ගොපෙත්‍වා ඨපිතං; තං යස‍්මිං භාජනෙ ඨපිතං හොති, තං භාජනං ආවිඤ‍්ඡිත්‍වා වා ඡිද‍්දං කත්‍වා වා තත්‍ථ පොක‍්ඛරණීතළාකෙසු ච අත‍්තනො භාජනං පවෙසෙත්‍වා ගණ‍්හන‍්තස‍්ස සප‍්පිතෙලෙසු වුත‍්තනයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ජලයෙහි වනාහි ‘භාජනගතං’ යනු ජලය දුර්‍ලභ කාලයෙහි ප්‍රයෝජන ගනු පිණිස කුසමහත්වූ දියඇළි ආදියෙහි ආරක්‍ෂාකොට තැබූ ජලයයි. ඒ ජලය යම්බඳුනක තබන ලද්දේවේද, ඒ බඳුන තමා හෝ සිදුරක්කොට ගන්නහු පිළිබඳ විනිශ්චය ගිතෙල් තෙල්හි කියූනයින් දතයුත්තේය.

මරියාදච‍්ඡෙදනෙ පන තත්‍ථ ජාතකභූතගාමෙන සද‍්ධිම‍්පි මරියාදං ඡින්‍දන‍්තස‍්ස අදින‍්නාදානපයොගත‍්තා දුක‍්කටං. තඤ‍්ච පන පහාරෙ පහාරෙ හොති. අන‍්තොඨත්‍වා බහිමුඛො ඡින්‍දන‍්තො බහි අන‍්තෙන කාරෙතබ‍්බො. බහි ඨත්‍වා අන‍්තොමුඛො ඡින්‍දන‍්තො අන‍්තොඅන‍්තෙන කාරෙතබ‍්බො. අන‍්තො ච බහි ච ඡින්‍දිත්‍වා මජ‍්ඣෙ ඨපෙත්‍වා තං ඡින්‍දන‍්තො මජ‍්ඣෙන කාරෙතබ‍්බො. මරියාදං දුබ‍්බලං කත්‍වා ගාවො පක‍්කොසති, ගාමදාරකෙහි වා පක‍්කොසාපෙති, තා ආගන‍්ත්‍වා ඛුරෙහි මරියාදං ඡින්‍දන‍්ති, තෙනෙව ඡින‍්නා හොති. මරියාදං දුබ‍්බලං කත්‍වා ගාවො උදකෙ පවෙසෙති, ගාමදාරකෙහි වා පවෙසාපෙති, තාහි උට‍්ඨාපිතවීචියො මරියාදං භින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති. ගාමදාරකෙ වා “උදකෙ කීළථා”ති වදති, කීළන‍්තෙ වා උත්‍රාසෙති, තෙහි උට‍්ඨාපිතවීචියොපි මරියාදං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති. අන‍්තොඋදකෙ ජාතරුක‍්ඛං ඡින්‍දති, අඤ‍්ඤෙන වා ඡින්‍දාපෙති, තෙනපි පතන‍්තෙන උට‍්ඨාපිතවීචියො මරියාදං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති, තෙනෙව ඡින‍්නා හොති. මරියාදං දුබ‍්බලං කත්‍වා තළාකරක‍්ඛණත්‍ථාය තළාකතො නිබ‍්බහනඋදකං වා නිද‍්ධමනතුම‍්බං වා පිදහති, අඤ‍්ඤතො ගච‍්ඡන‍්තං වා උදකං යථා එත්‍ථ පවිසති, එවං පාළිං වා බන්‍ධති, මාතිකං වා උජුකං කරොති, තස‍්ස උපරිභාගෙ ඨිතං අත‍්තනො තළාකං වා භින්‍දති, උස‍්සන‍්නං උදකං මරියාදං ගහෙත්‍වා ගච‍්ඡති, තෙනෙව ඡින‍්නා හොති. සබ‍්බත්‍ථ නික‍්ඛන‍්තඋදකග‍්ඝානුරූපෙන අවහාරෙන කාරෙතබ‍්බො.

සීමා සිඳ හැරීමෙහිදී වනාහි එක් හටගත් ගස් වැල් පැලෑටි ආදීවූ භූතගාමය සමගද සීමාව බිඳින්නහුට අදින්නාදාන ප්‍රයොගය බැවින් දුක්කටය වේ. ඒ දුක්කටයද පහරක් පහරක් පාසා සිදුවේ. ඇතුළත සිට පිටතට මුහුණ දී සිඳින්නේ පිටත කෙළවර හෙතුකොට කරවිය යුත්තේය. පිටතසිට ඇතුළට මුහුණු දී සිඳින්නේ ඇතුළත කෙළවර හෙතුකොට කරවිය යුත්තේය. ඇතුළත හා පිටත සිඳින්නේ මැදහැර එය සිඳින්නේ මැද හෙතුකොට කරවිය යුත්තේය. වේල්ල දුර්‍වලකොට ගෙරින් කැඳවාද, ගම්දරුවන් ලවා හෝ කැඳවාලන්නේද, ඒ ගෙරිහු අවුත් කුරවලින් වේල්ල සිඳිත්ද, ඔහු විසින්ම සිඳින ලද්දී වේ. වේල්ල දුර්‍වලකොට ගෙරින් ජලයෙහි ප්‍රවේශ කෙරේද, ගම්දරුවන් ලවා හෝ ප්‍රවෙශ කරවාද, ඒ ගෙරින් විසින් නංවනලද රැළ, වේල්ල සිඳයෙත්ද ‘ජලයෙහි ක්‍රීඩා කරවු’යි ගම්දරුවන්ට හෝ කියාද, ක්‍රීඩා කරන්නවුන් තැතිගන්වාද, ඔවුන් විසින් නැගු රැළද වේල්ල බිඳයෙත්ද, ජලය තුළ හටගත් රුකක් සිඳහරීද, අනිකෙකු ලවා හෝ සිඳවාද, එහි ඇදවැටෙන ඒ රුකෙන්ද නැගූ රැළ වේල්ල සිඳයෙත්ද, ඔහු විසින්ම වේල්ල සිඳින ලද්දී වේ. වේල්ල දුර්‍වලකොට වැව රකිනු පිණිස වැවෙන් එහි එක් පසකින් බැහැරකළ ජලය හෝ ගොයම් ආදිය පිණිස ජලය නික්මෙන කාණුව හෝ වසාද අන්අතකින් පිටවී යන ජලය යම්සේ මෙහි ඇතුල්වේද, එසේ වේල්ලක් හෝ බඳිද, ඇල හෝ සෘජු කෙරේද, එහි මතුභාගයෙහි තුබූ තමන්ගේ වැව හෝ බිඳීද, නැගීගිය ජලය වේල්ල බිඳගෙනයේද, ඔහු විසින්ම සිඳින ලද්දී වේ. සියලු තන්හි පිටවීගිය ජලයෙහි ඇගීමට අනුරූප වූ අවහාරයෙන් කරවිය යුත්තේය.

නිද‍්ධමනපනාළිං උග‍්ඝාටෙත්‍වා නීහරන‍්තස‍්සාපි එසෙව නයො. සචෙ පන තෙන මරියාදාය දුබ‍්බලාය කතාය අත‍්තනො ධම‍්මතාය ආගන‍්ත්‍වා වා අනාණත‍්තෙහි ගාමදාරකෙහි ආරොපිතා වා ගාවියො ඛුරෙහි මරියාදං භින්‍දන‍්ති, අත‍්තනොයෙව ධම‍්මතාය අනාණත‍්තෙහි වා ගාමදාරකෙහි උදකෙ පවෙසිතා වීචියො උට‍්ඨාපෙන‍්ති, ගාමදාරකා වා සයමෙව පවිසිත්‍වා කීළන‍්තා උට‍්ඨාපෙන‍්ති අන‍්තොඋදකෙ වා රුක‍්ඛො අඤ‍්ඤෙන ඡිජ‍්ජමානො පතිත්‍වා උට‍්ඨාපෙති, උට‍්ඨාපිතා වීචියො මරියාදං ඡින්‍දන‍්ති, සචෙපි මරියාදං දුබ‍්බලං කත්‍වා සුක‍්ඛතළාකස‍්ස උදකනිබ‍්බහනට‍්ඨානං වා උදකනිද‍්ධමනතුම‍්බං වා පිදහති, අඤ‍්ඤතො ගමනමග‍්ගෙ වා පාළිං බන්‍ධති, සුක‍්ඛමාතිකං වා උජුකං කරොති, පච‍්ඡා දෙවෙ වුට‍්ඨෙ උදකං ආගන‍්ත්‍වා මරියාදං භින්‍දති, සබ‍්බත්‍ථ භණ‍්ඩදෙය්‍යං.

ජලය නික්ම යන කාණුව ඇර ජලය බැහැරකරන්නහුටද මේ නයමවේ. ඉදින්වනාහි ඔහු විසින් නියර දුර්‍වලකළ කල්හි තමන්ගේම ධර්‍මතාවෙන් අවුත් හෝ නොපණවන ලද ගම්දරුවන් විසින් නංවන ලද්දාවූ හෝ දෙන්නු කුරවලින් නියර සිඳිත්ද තමන්ගේම ධර්‍මතාවෙන් නොඅණවන ලද්දා වූ ගම්දරුවන් විසින් හෝ ජලයෙහි බස්වන ලද්දාවූ දෙන්නු රැළ නංවත්ද, ගම්දරුවෝ හෝ තුමූම ඇතුල්ව ක්‍රීඩා කරන්නාහු රැළ නංවත්ද, ජලය තුළ හෝ අන්‍යයෙකු විසින් සිඳිනු ලබන ගසක් වැටී රැළ නංවාද, නංවනලද ඒ රැළ නියර සිඳිත්ද, ඉදින් නියර දුර්‍වලකොට වියලි විළෙහි දිය බැහැරකරන ඇල හෝ දිය පිටවන කාණුව හෝ වසාද, අන් තැනකින් යන මගෙහි හෝ නියරක් බඳීද, වියලි ඇල හෝ සෘජුකෙරේද, පසුව වැසිවටකල්හි දිය ගලාඅවුත් නියර බිඳීද, සියලු තැන භණ්ඩදෙය්‍ය වේ.

යො පන නිදාඝෙ සුක‍්ඛවාපියා මරියාදං යාව තලං පාපෙත්‍වා ඡින්‍දති, පච‍්ඡා දෙවෙ වුට‍්ඨෙ ආගතාගතං උදකං පලායති, භණ‍්ඩදෙය්‍යං. යත‍්තකං තප‍්පච‍්චයා සස‍්සං උප‍්පජ‍්ජති, තතො පාදමත‍්තග‍්ඝනකම‍්පි අදෙන‍්තො සාමිකානං ධුරනික‍්ඛෙපෙන අස‍්සමණො හොති.

යම් මහණෙක් වනාහි නියං කාලයෙහි වියලි විලෙහි නියර යම්තාක් පතුලට පමුණුවා සිඳීද, පසුව වැසි වට කල්හි එහි ආ ආ දිය බැහැරට ගලායේද භණ්ඩදෙය්‍ය වේ. ඒ හේතුකොට යම්පමණ ගොයම් හටගනීද, එයින් පාදයක් අගනා පමණකුත් නොදෙනුයේ අයිතිකරුවන්ගේ ධුරනිඃක්‍ෂෙපයෙන් අශ්‍රමණයෙක් වේ.

යං පන සබ‍්බසාධාරණං තළාකං හොති; තළාකෙ උදකස‍්ස සබ‍්බෙපි මනුස‍්සා ඉස‍්සරා. හෙට‍්ඨතො පනස‍්ස සස‍්සානි කරොන‍්ති, සස‍්සපාලනත්‍ථං තළාකතො මහාමාතිකා නික‍්ඛමිත්‍වා ඛෙත‍්තමජ‍්ඣෙන යාති, සාපි සදා සන්‍දනකාලෙ සබ‍්බසාධාරණා. තතො පන ඛුද‍්දකමාතිකා නීහරිත්‍වා අත‍්තනො අත‍්තනො කෙදාරෙසු උදකං පවෙසෙන‍්ති. තං අඤ‍්ඤෙසං ගහෙතුං න දෙන‍්ති. නිදාඝසමයෙව උදකෙ මන්‍දීභූතෙ වාරෙන උදකං දෙන‍්ති, යො උදකවාරෙ සම‍්පත‍්තෙ න ලභති, තස‍්ස සස‍්සානි මිලායන‍්ති; තස‍්මා අඤ‍්ඤෙසං වාරෙ අඤ‍්ඤො ගහෙතුං න ලභති. තත්‍ථ යො භික‍්ඛු පරෙසං ඛුද‍්දකමාතිකාතො වා කෙදාරතො වා උදකං ථෙය්‍යචිත‍්තෙන අත‍්තනො වා පරස‍්ස වා මාතිකං වා කෙදාරං වා පවෙසෙති, අටවිමුඛං වා වාහෙති, අවහාරො වස‍්ස හොති.

සියල්ලන්ට සාධාරණවූ යම් විලක් වේද, ඒ විලෙහි යටි පෙදෙසෙහි ගොයම් කරත්. ගොයම් රකිනු පිණිස විලෙන් මහා දියඇලක් නික්ම කෙත මැදින් යයි. ඒ දිය ඇලද බැසයන හැමකල්හි සර්‍වසාධාරණ වේ. එයින් කුඩාදියඇල කපා බැහැරකොට තමතමන්ගේ කුඹුරුවලට ජලය ඇතුල් කෙරෙත්. ඒ ජලය අන්හට ගන්නට නොදෙත්. නියං කාලයෙහිම ජලය මඳවූ කල්හි වාරයෙන් වාරය ජලය දෙත්. යමෙක් උදකවාරය පැමිණි කල්හි ජලය නොලබාද, ඔහුගේ ගොයම් මැලවීයේද, එහෙයින් අන්‍යයන්ගේ වාරයෙහි අනෙකෙක් දියගන්නට නොලබයි. එහි යම් මහණෙක් අනුන් අයත් කුඩාදිය ඇලකින් හෝ කුඹුරකින් හෝ ජලය, සොරසිතින් තමන්ගේ හෝ අන්‍යයන්ගේ හෝ ඇලකට හෝ කුඹුරකට හෝ ඇතුල් කෙරේද, වනමුවට හෝ පමුණුවාද මොහුට අවහාරයම වේ.

යොපි “චිරෙන මෙ උදකවාරො භවිස‍්සති, ඉදඤ‍්ච සස‍්සං මිලායතී”ති පරෙසං කෙදාරෙ පවිසන‍්තස‍්ස උදකස‍්ස පවිසනමග‍්ගං පිදහිත්‍වා අත‍්තනො කෙදාරං පවෙසෙති, අවහාරො එව. සචෙ පන තළාකතො අනිග‍්ගතෙ පරෙසං මාතිකාමුඛං අසම‍්පත‍්තෙව උදකෙ සුක‍්ඛමාතිකංයෙව යථා ආගච‍්ඡන‍්තං උදකං අඤ‍්ඤෙසං කෙදාරෙ අප‍්පවිසිත්‍වා අත‍්තනොයෙව කෙදාරං පවිසති, එවං තත්‍ථ තත්‍ථ බන්‍ධති. අනික‍්ඛන‍්තෙ බද‍්ධා සුබද‍්ධා, නික‍්ඛන‍්තෙ බද‍්ධා, භණ‍්ඩදෙය්‍යං. තළාකං ගන‍්ත්‍වා සයමෙව නිද‍්ධමනපනාළිං උග‍්ඝාටෙත්‍වා අත‍්තනො කෙදාරං පවෙසෙන‍්තස‍්සාපි නත්‍ථි අවහාරො. කස‍්මා? තළාකං නිස‍්සාය ඛෙත‍්තස‍්ස කතත‍්තා. කුරුන්‍දියාදීසු පන “අවහාරො”ති වුත‍්තං. තං “වත්‍ථුං කාලඤ‍්ච දෙසඤ‍්චා”ති ඉමිනා ලක‍්ඛණෙන න සමෙති. තස‍්මා මහාඅට‍්ඨකථායං වුත‍්තමෙව යුත‍්තන‍්ති.

යම් මහණෙක් ‘මට බොහෝ කලක් ගිය කල්හි උදකවාරය වන්නේය, මේ ගොයම්ද මැලවේය’යි අන්‍යයන්ගේ කුඹුරට ඇතුල් කෙරේද, ඔහුටද අවහාරයම වේ. ඉදින්වනාහි විලෙන් ජලය පිටට ගලානොගියකල්හිද, අන්‍යයන්ගේ ඇලමුවට ජලය ගලානොආකල්හි හෝ වියලි ඇලටම ගලා එන ජලය අන්‍යයන්ගේ කුඹුරට නොවැද තමන්ගේම කුඹුරට යම්සේ වදීද, මෙසේ ඒ ඒ තැන බඳීද, විලෙන් ජලය ගලානොගියකල්හි බඳින ලද්දීනම් භණ්ඩදෙය්‍ය වේ. විලට ගොස් තෙමේම ජලය නිකුත්වන කාණුව ඇරදමා තමන්ගේ කුඹුරට ජලය ඇතුල් කරන්නහුටද අවහාරයක් නැත්තේය. කුමක්හෙයින්දයත්: විල ඇසුරු කොට කුඹුර කළබැවිනි. කුරුන්‍දි ආදියෙහි වනාහි අවහාරය කියන ලද්දේය. එය ‘වත්‍ථුං කාලඤ්ච දෙසඤ්ච’ යන මේ ලක්‍ෂණය හා සමනොවේ. එහෙයින් මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දම සුදුසු වේ.

උදකකථා නිට‍්ඨිතා.

උදකකථා නිමි.

දන‍්තපොනකථා

දන්තපොනකථා

දන‍්තපොණං ආරාමට‍්ඨකවිනිච‍්ඡයෙන විනිච‍්ඡිනිතබ‍්බං. අයං පන විසෙසො – යො සඞ‍්ඝස‍්ස වෙතනභතො හුත්‍වා දෙවසිකං වා පක‍්ඛමාසවාරෙන වා දන‍්තකට‍්ඨං ආහරති, සො තං ආහරිත්‍වා ඡින්‍දිත්‍වාපි යාව භික‍්ඛුසඞ‍්ඝං න සම‍්පටිච‍්ඡාපෙති, තාව තස‍්සෙව හොති. තස‍්මා තං ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හන‍්තො භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. තත්‍ථජාතකං පන ගරුභණ‍්ඩං, තම‍්පි භික‍්ඛුසඞ‍්ඝෙන රක‍්ඛිතගොපිතං ගණ‍්හන‍්තො භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. එසෙව නයො ගණපුග‍්ගලගිහිමනුස‍්සසන‍්තකෙපි ඡින‍්නකෙ අච‍්ඡින‍්නකෙ ච. තෙසං ආරාමුය්‍යානභූමීසු ජාතං සාමණෙරා වාරෙන භික‍්ඛුසඞ‍්ඝස‍්ස දන‍්තකට‍්ඨං ආහරන‍්තා ආචරියුපජ‍්ඣායානම‍්පි ආහරන‍්ති, තං යාව ඡින්‍දිත්‍වා සඞ‍්ඝං න පටිච‍්ඡාපෙන‍්ති, තාව සබ‍්බං තෙසංයෙව හොති. තස‍්මා තම‍්පි ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හන‍්තො භණ‍්ඩග‍්ඝෙන කාරෙතබ‍්බො. යදා පන තෙ ඡින්‍දිත්‍වා සඞ‍්ඝස‍්ස පටිච‍්ඡාපෙත්‍වා දන‍්තකට‍්ඨමාළකෙ නික‍්ඛිපන‍්ති, “යථාසුඛං භික‍්ඛුසඞ‍්ඝො පරිභුඤ‍්ජතූ”ති; තතො පට‍්ඨාය අවහාරො නත්‍ථි, වත‍්තං පන ජානිතබ‍්බං. යො හි දෙවසිකං සඞ‍්ඝමජ‍්ඣෙ ඔසරති, තෙන දිවසෙ දිවසෙ එකමෙව දන‍්තකට‍්ඨං ගහෙතබ‍්බං. යො පන දෙවසිකං න ඔසරති, පධානඝරෙ වසිත්‍වා ධම‍්මසවනෙ වා උපොසථග‍්ගෙ වා දිස‍්සති, තෙන පමාණං සල‍්ලක‍්ඛෙත්‍වා චත‍්තාරි පඤ‍්චදන‍්තකට‍්ඨානි අත‍්තනො වසනට‍්ඨානෙ ඨපෙත්‍වා ඛාදිතබ‍්බානි. තෙසු ඛීණෙසු සචෙ පුනපි දන‍්තකට‍්ඨමාළකෙ බහූනි හොන‍්තියෙව, පුනපි ආහරිත්‍වා ඛාදිතබ‍්බානි. යදි පන පමාණං අසල‍්ලක‍්ඛෙත්‍වා ආහරති, තෙසු අක‍්ඛීණෙසුයෙව මාළකෙ ඛීයන‍්ති, තතො කෙචි ථෙරා “යෙහි ගහිතානි, තෙ පටිආහරන‍්තූ”ති වදෙය්‍යුං, කෙචි “ඛාදන‍්තු, පුන සාමණෙරා ආහරිස‍්සන‍්තී”ති, තස‍්මා විවාදපරිහරණත්‍ථං පමාණං සල‍්ලක‍්ඛෙතබ‍්බං. ගහණෙ පන දොසො නත්‍ථි. මග‍්ගං ගච‍්ඡන‍්තෙනාපි එකං වා ද‍්වෙ වා ථවිකාය පක‍්ඛිපිත්‍වා ගන‍්තබ‍්බන‍්ති.

දන්තපොනය ආරාමට්ඨක විනිශ්චයයෙන් විනිශ්චය කටයුතුය. මේ වනාහි විශෙෂය වේ: යමෙක් සඞ්ඝයාගේ වැටුපෙන් තරවූවෙක්ව දවස්පතා හෝ පක්‍ෂමාස වාරයෙන් හෝ දැහැටිගෙන ඒද, හෙතෙමේ එය ගෙන අවුත් සිඳීද භික්‍ෂු සඞ්ඝයාහට යම්තාක් නොපිළිගන්වාද, ඒතාක් එය ඔහුගේම වේ. එහෙයින් එය සොරසිතින් ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. එහි හටගත්තේ ගරුභාණ්ඩයක් වේ. භික්‍ෂු සඞ්ඝයා විසින් රක්‍ෂිත ගොපිත වූ ඒ භාණ්ඩය ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. ගණ පුද්ගල ගෘහස්ථ මනුෂ්‍යයන් සතුයෙහිද සිඳින ලද්දෙහි හා නොසිඳින ලද්දෙහිද, ඔවුන්ගේ අරම්උයන්හි හටගත්තෙහිද මෙම නයවේ. සාමණේරයෝ භික්‍ෂු සඞ්ඝයාහට වාරයෙන් වාරය දැහැටිගෙන එන්නාහු ආචාර්‍ය්‍ය උපාද්ධ්‍යායන් හටත් ගෙනඑත්. ඒ දැහැටි සිඳ යම්තාක් සඞ්ඝයාහට නොපිළිගන්වත්ද, ඒතාක් ඒ සියල්ල ඔවුන්ගේම වේ. එහෙයින් එද සොරසිතින් ගන්නේ බඩු ඇගීමෙන් කරවිය යුත්තේය. යම්කලෙක වනාහි ඔවුහු දැහැටි සිඳ සඞ්ඝයාහට පිළිගන්වා ‘භික්‍ෂුසඞ්ඝයා පහසු පරිද්දකින් පරිභොග කෙරේවා’යි දන්තකට්ඨමාලකයෙහි තබත්ද, එතැන්පටන් ගන්නහුට අවහාරයක් නැත්තේය. දැහැටිවත දතයුතුය. යමෙක් දවස්පතා සඟමැදට බසීද, ඔහු විසින් දවසක් දවසක් පාසා දැහැටි එකක්ම ගතයුතුය. යමෙක්වනාහි සඟමැදට දවස්පතා නොබසීද, ප්‍රධන්ගෙයි වැස බණ ඇසීමෙහිදී හෝ පොහෝ ගෙයිදී හෝ දක්නා ලැබේද, ඔහු විසින් පමණ සලකා දැහැටි සතරක් පහක් තමන් වසනතැන තබාගෙන පරිභොග කළයුතුය. ඒ දැහැටි අවසන්වූ කල්හි නැවතද ඉදින් දන්තකට්ඨමාලකයෙහි දැහැටි බොහෝවේනම්, නැවතද ගෙනගොස් පරිභොග කළයුතුය. ඉදින්වනාහි පමණ නොසලකා ගෙන ඒනම්, ඒ දැහැටි අවසන් නොවූ කල්හිම දන්තකට්ඨමාලකයෙහි දැහැටි අවසන්වේද, ඉන්පසු ඇතැම් තෙරහු ‘යම් කෙනෙකුන් විසින් දැහැටි ගන්නා ලද්දේද, ඔවුහු නැවත ගෙනඑත්වායි කිසිකෙනෙක් පරිභොග කරත්වා, නැවත හෙරණහු ගෙනඑන්නාහ’යි කියන්නාහුද, එහෙයින් විවාදපරිහාරය පිණිස පමණ සලකා ගැනීමෙහි දොසයක් නැත්තේය. මග යන්නහු විසින්ද දැහැටි එකක් හෝ දෙකක් හෝ ථවිකයෙහි බහාගෙන යායුතුය.

දන‍්තපොනකථා නිට‍්ඨිතා.

දන්තකට්ඨකථා නිමි.

වනප‍්පතිකථා

වනප්පතිකථා

වනස‍්ස පතීති වනප‍්පති; වනජෙට‍්ඨකරුක‍්ඛස‍්සෙතං අධිවචනං. ඉධ පන සබ‍්බොපි මනුස‍්සෙහි පරිග‍්ගහිතරුක‍්ඛො අධිප‍්පෙතො අම‍්බලබුජපනසාදිකො. යත්‍ථ වා පන මරිචවල‍්ලිආදීනි ආරොපෙන‍්ති, සො ඡිජ‍්ජමානො සචෙ එකායපි ඡල‍්ලියා වා වාකෙන වා සකලිකාය වා ඵෙග‍්ගුනා වා සම‍්බද‍්ධොව හුත්‍වා භූමියං පතති, රක‍්ඛති තාව.

වනස්පති යනු වනයෙහි ස්වාමිතෙමේය. වනදෙටු රුකට මේ නමෙකි. මෙහිවනාහි මිනිසුන් විසින් අයත් කරගත් අඹ, දෙල්, කොස් ආදී වූ සියලුම රුක් අදහස් කරන ලද්දේය. යම් රුක්මුලෙක මිරිස්වැල් ආදිය රොපණය කෙරෙත්ද ඒ රුක සිඳිනු ලබන්නේ එක්ම පතුරකින් හෝ වැහරියකින් හෝ කැබල්ලකින් හෝ ඵලයෙන් හෝ සම්බන්‍ධය ඇත්තේම බිම වැටේද, ඒතාක් රකියි.

යො පන ඡින‍්නොපි වල‍්ලීහි වා සාමන‍්තරුක‍්ඛසාඛාහි වා සම‍්බද‍්ධො සන්‍ධාරිතත‍්තා උජුකමෙව තිට‍්ඨති, පතන‍්තො වා භූමිං න පාපුණාති, නත්‍ථි තත්‍ථ පරිහාරො, අවහාරො එව හොති. යොපි කකචෙන ඡින‍්නො අච‍්ඡින‍්නො විය හුත්‍වා තථෙව තිට‍්ඨති, තස‍්මිම‍්පි එසෙව නයො.

යම්රුකක් සිඳින ලද්දේ නමුත් වැල්වලින් හෝ අවට සිටි ගස් අතුවලින් හෝ දරාසිටි බැවින් කෙළින්ම සිටීද, වැටෙන්නේ හෝ බිම නොවැටේද, එහි පරිහාරයක් නැත්තේය. අවහාරයම වේ. කියතින් සිඳිනලද යම්රුකක් නොසිඳින ලද්දක් මෙන්වී එසේම සිටීද, එහිද මේ නයමවේ.

යො පන රුක‍්ඛං දුබ‍්බලං කත්‍වා පච‍්ඡා චාලෙත්‍වා පාතෙති, අඤ‍්ඤෙන වා චාලාපෙති; අඤ‍්ඤං වාස‍්ස සන‍්තිකෙ රුක‍්ඛං ඡින්‍දිත්‍වා අජ‍්ඣොත්‍ථරති, පරෙන වා අජ‍්ඣොත්‍ථරාපෙති; මක‍්කටෙ වා පරිපාතෙත්‍වා තත්‍ථ ආරොපෙති, අඤ‍්ඤෙන වා ආරොපාපෙති; වග‍්ගුලියො වා තත්‍ථ ආරොපෙති, පරෙන වා ආරොපාපෙති; තා තං රුක‍්ඛං පාතෙන‍්ති, තස‍්සෙව අවහාරො.

යමෙක් වනාහි රුක දුර්‍වලකොට පසුව සොලොවා බිම හෙළාද, අනිකකුලවා හෝ සොලොවාලන්නේද, මේ රුක සමීපයෙහි අන් රුකක් සිඳදමා එය යටපත් කෙරේද, අනිකෙකුලවා හෝ යටපත්කරවාද, වඳුරන් හෝ හෙළා එහි නගාද, අනිකෙකුලවා හෝ නංවාද වවුලන් හෝ එහි නගාද, අනිකෙකුලවා හෝ නංවාද, ඒ වවුලෝ ඒ රුක බිමහෙලත්ද, ඔහුටම අවහාරය වේ.

සචෙ පන තෙන රුක‍්ඛෙ දුබ‍්බලෙ කතෙ අඤ‍්ඤො අනාණත‍්තො එව තං චාලෙත්‍වා පාතෙති, රුක‍්ඛෙන වා අජ‍්ඣොත්‍ථරති, අත‍්තනො ධම‍්මතාය මක‍්කටා වා වග‍්ගුලියො වා ආරොහන‍්ති, පරො වා අනාණත‍්තො ආරොපෙති, සයං වා එස වාතමුඛං සොධෙති, බලවවාතො ආගන‍්ත්‍වා රුක‍්ඛං පාතෙති; සබ‍්බත්‍ථ භණ‍්ඩදෙය්‍යං. වාතමුඛසොධනං පනෙත්‍ථ අසම‍්පත‍්තෙ වාතෙ සුක‍්ඛමාතිකාය උජුකරණාදීහි සමෙති, නො අඤ‍්ඤථා. රුක‍්ඛං ආවිජ‍්ඣිත්‍වා සත්‍ථෙන වා ආකොටෙති, අග‍්ගිං වා දෙති, මණ‍්ඩුකකණ‍්ටකං වා විසං වා ආකොටෙති, යෙන සො මරති, සබ‍්බත්‍ථ භණ‍්ඩදෙය්‍යමෙවාති.

ඉදින්වනාහි ඔහු විසින් රුක දුර්‍වල කළකල්හි නොඅණවන ලද්දාවූම අනිකෙක් එය සොලොව හෙළාද, රුකකින් හෝ යටපත් කෙරේද, තමන්ගේ ධර්‍මතාවෙන් වඳුරෝ හෝ වවුලෝ හෝ එයට නගිත්ද, නොඅණවනලද අනිකෙක් හෝ එහි නගීද, තෙමේ හෝ මෙතෙමේ හුළං එනමග ශුද්ධ කෙරේද, සැඩ සුළඟක් නැග අවුත් රුක බිමහෙළාද, සියලු තන්හි භණ්ඩදෙය්‍ය වේ. මෙහි වාමුව පිරිසිදු කිරීම වනාහි හුළං නොහැමූකල්හි වියලි දියඇල ඍජුකිරීම් ආදිය හා සමවේ. අන්පරිද්දක් හා සමනොවේ. රුක විද ආයුධයකින් හෝ කොටාද, ගිනි හෝ තබාද මඩු කටු හෝ විස හෝ කොටාද, යන යමකින් රුක මැරේද, සියලු තන්හි භණ්ඩදෙය්‍යම වේ.

වනප‍්පතිකථා නිට‍්ඨිතා.

වනස්පතිකථා නිමි.

හරණකකථා

හරණකකථා

හරණකෙ – අඤ‍්ඤස‍්ස හරණකං භණ‍්ඩං ථෙය්‍යචිත‍්තො ආමසතීති පරං සීසභාරාදීහි භණ‍්ඩං ආදාය ගච‍්ඡන‍්තං දිස‍්වා “එතං හරිස‍්සාමී”ති වෙගෙන ගන‍්ත්‍වා ආමසති, එත‍්තාවතා අස‍්ස දුක‍්කටං. ඵන්‍දාපෙතීති ආකඩ‍්ඪනවිකඩ‍්ඪනං කරොති, සාමිකො න මුඤ‍්චති, තෙනස‍්ස ථුල‍්ලච‍්චයං. ඨානා චාවෙතීති ආකඩ‍්ඪිත්‍වා සාමිකස‍්ස හත්‍ථතො මොචෙති, තෙනස‍්ස පාරාජිකං. සචෙ පන තං භණ‍්ඩසාමිකො උට‍්ඨහිත්‍වා පොථෙත්‍වා පුන තං භණ‍්ඩං මොචාපෙත්‍වා ගණ‍්හෙය්‍ය, භික‍්ඛු පඨමග‍්ගහණෙනෙව පාරාජිකො. සීසතො වා කණ‍්ණතො වා ගීවතො වා හත්‍ථතො වා අලඞ‍්කාරං ඡින්‍දිත්‍වා වා මොචෙත්‍වා වා ගණ‍්හන‍්තස‍්ස සීසාදීහි මොචිතමත‍්තෙ පාරාජිකං. හත්‍ථෙ පන වලයං වා කටකං වා අනීහරිත්‍වා අග‍්ගබාහං ඝංසන‍්තොව අපරාපරං වා සාරෙති, ආකාසගතං වා කරොති, රක‍්ඛති තාව. රුක‍්ඛමූලචීවරවංසෙසු වලයමිව න පාරාජිකං ජනෙති. කස‍්මා? සවිඤ‍්ඤාණකත‍්තා. සවිඤ‍්ඤාණකකොට‍්ඨාසගතඤ‍්හි යාව තතො න නීහටං, තාව තත්‍ථෙව හොති. එසෙව නයො අඞ‍්ගුලිමුද‍්දිකපාදකටකකටූපගපිළන්‍ධනෙසු.

හරණකයෙහි ‘අඤ්ඤස්ස හරණකං භණ්ඩං ථෙය්‍යචිත්තො ආමසති’ ශීර්‍ෂභාරාදියෙන් භාණ්ඩයක් ගෙන යන අනිකෙකු දැක ‘මේ භාණ්ඩය ගන්නෙමි’යි වේගයෙන් ගොස් පහසාද මෙපමණකින් මොහුට දුක්කටය වේ. ‘එන්‍දාපෙති’ ඉදිරියට පස්සට ඇදීම කෙරේද, හිමියා අත්නොහරීද, එයින් මේ මහණහුට ථුල්ලච්චය වේ. ‘ඨානා චාවෙති’ ඇද හිමියාගේ අතින් මුදා ගනීද, එයින් මේ මහණහුට පාරාජිකය වේ. ඉදින්වනාහි භාණ්ඩ ස්වාමිතෙමේ නැගිට ඔහුට තළා නැවත ඒ භාණ්ඩය මුදවාගන්නේනම්, මහණතෙමේ පළමු ගැණීමෙන්ම පාරාජික වේ. හිසින් හෝ කණින් හෝ බෙල්ලෙන් හෝ අතින් හෝ ආභරණයක් සිඳ හෝ මුදා හෝ ගන්නහුට ශීර්‍ෂාදියෙන් මිදුකල්හි පාරාජිකය වේ. අතෙහිවූ නොඇදකොට මටකළ වලල්ලක් හෝ ඇදකොට බුබුලු ආදිය නගා කළ වලල්ලක් හෝ අතින් බැහැරට නොගෙන වැලමිට පටන් බාහුඅග ගටමින්ම ඈතමෑත හෝ හසුරුවාද, අහස්ගතවූවක් හෝ කෙරේද, ඒතාක් රකියි. රුක්මුල්හිද සිවුරුහුණෙහි දැවු වලල්ල මෙන් පාරාජිකය නොඋපදවයි. කුමක් හෙයින්දයත්: සවිඥාණක බැවිනි. සවිඥාණක කොට්ඨාශගත වූවෙක් යම්තාක් එයින් බැහැරට නොගන්නා ලදද, ඒතාක් එහිම වේ. ඇඟිලිමුදු නුරුවලා උකුළු පලඳනාවන්හි මේනයම වේ.

යො පන පරස‍්ස නිවත්‍ථසාටකං අච‍්ඡින්‍දති, පරො ච සලජ‍්ජිතාය සහසා න මුඤ‍්චති, එකෙනන‍්තෙන චොරො කඩ‍්ඪති, එකෙනන‍්තෙන පරො, රක‍්ඛති තාව. පරස‍්ස හත්‍ථතො මුත‍්තමත‍්තෙ පාරාජිකං. අථාපි තං කඩ‍්ඪන‍්තස‍්ස ඡිජ‍්ජිත්‍වා එකදෙසො හත්‍ථගතො හොති, සො ච පාදං අග‍්ඝති පාරාජිකමෙව. සහභණ‍්ඩහාරකන‍්ති “සභණ‍්ඩහාරකං භණ‍්ඩං නෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා “ඉතො යාහී”ති භණ‍්ඩහාරකං තජ‍්ජෙති, සො භීතො චොරෙන අධිප‍්පෙතදිසාභිමුඛො හුත්‍වා එකං පාදං සඞ‍්කාමෙති, චොරස‍්ස ථුල‍්ලච‍්චයං; දුතියෙ පාරාජිකං. පාතාපෙතීති අථාපි චොරො භණ‍්ඩහාරකස‍්ස හත්‍ථෙ ආවුධං දිස‍්වා සාසඞ‍්කො හුත්‍වා පාතාපෙත්‍වා ගහෙතුකාමො එකමන‍්තං පටික‍්කම‍්ම සන‍්තජ‍්ජෙත්‍වා පාතාපෙති, පරස‍්ස හත්‍ථතො මුත‍්තමත‍්තෙ පාරාජිකං.

යම්මහණෙක් තෙමේ අනිකෙකු විසින් අඳින ලද සළුවක් අසිඳගනීද, අන්‍යයාද ලජ්ජාසහිත බැවින් වහා නොමුදාද, සොරතෙමේ එක් කෙළවරකින් අදීද, අන්‍යයා එක් කෙළවරකින් අදීද, එතෙක් රකියි. එය අන්‍යයාගේ අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ. තවද එසේ අදින වස්ත්‍රය සිඳීගොස් එහි එක්කොටසක් අතට ආයේද, ඒ කොටස පාදයක් අගීද, පාරාජිකයම වේ. ‘සහභණ්ඩහාරකං’ භාණ්ඩය ගෙනයන්නහු සමග භාණ්ඩය ගෙනයන්නෙමියි සිතා ‘මෙතැනින් යව’යි භාණ්ඩය ගෙනයන්නහුට තර්‍ජනය කෙරේද, බියවූ හෙතෙමේ සොරමහණහු විසින් අදහස්කළ දෙසට මූණදී එක් පයක් ඉදිරියට තබාද, සොරමහණහුට ථුල්ලච්චය වේ. දෙවන පය තැබූ කල්හි පාරජිකය වේ. ‘පාතාපෙති’ තවද සොර මහණතෙමේ භාණ්ඩය ගෙන යන්නහුගේ අතෙහි ආයුධයක් දැක සැක ඇතිව හෙළවාගනු කැමැත්තේ එකත්පසෙක නැවත සිට තැතිගන්වා හෙළවාද, අන්‍යයාගේ අතින් මිදුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.

පාතාපෙති, ආපත‍්ති දුක‍්කටස‍්සාතිආදි පන පරිකප‍්පවසෙන වුත‍්තං. යො හි භණ‍්ඩං පාතාපෙත්‍වා “යං මම රුච‍්චති, තං ගහෙස‍්සාමී”ති පරිකප‍්පෙත්‍වා පාතාපෙති, තස‍්ස පාතාපනෙ ච ආමසනෙ ච දුක‍්කටං, ඵන්‍දාපනෙ ථුල‍්ලච‍්චයං. පාදග‍්ඝනකස‍්ස ඨානා චාවනෙ පාරාජිකං. තං පච‍්ඡා පටිපාතියමානස‍්ස මුඤ‍්චතොපි නත්‍ථියෙව සමණභාවො. යොපි භණ‍්ඩහාරකං අතික‍්කමන‍්තං දිස‍්වා අනුබන්‍ධන‍්තො “තිට‍්ඨ, තිට‍්ඨ, භණ‍්ඩං පාතෙහී”ති වත්‍වා පාතාපෙති, තස‍්සාපි තෙන හත්‍ථතො මුත‍්තමත‍්තෙ පාරාජිකං.

‘පාතාපෙති ආපත්ති දුක්කටස්ස’ යනාදිය වනාහි ‘මේ දැය ගනිමි’යි පරිකල්ප වශයෙන් වදාරණ ලද්දේය. යමෙක් භාණ්ඩය හෙළවා ‘යමක් මට රුචිවේනම්, එය ගන්නෙමි’යි කල්පනාකොට හෙළවාද, ඔහුට එය එළවාලීමෙහිද, පැහැසීමෙහිද දුක්කටය වේ. සොලොවාලීම නිමිතිකොට ථුල්ලච්චය වේ. පාදයක් අගනා භාණ්ඩයක් තුබූතැනින් පහකිරීම නිමිතිකොට පාරාජිකය වේ. එය පසුව හෙලන ලදුව මුදන්නහුට ශ්‍රමණභාවයක් නැත්තේමය. යමෙක් භාණ්ඩය ගෙන ඉක්මයන්නහු දැක ලුහුබඳින්නේ ‘සිටුව, සිටුව, භාණ්ඩය හෙළව’යි කියා හෙළවාද, ඔහුටද ඔහු විසින් භාණ්ඩය අතින් මිදූ ඇසිල්ලෙහි පාරාජිකය වේ.

යො පන “තිට‍්ඨ තිට‍්ඨා”ති වදති, “පාතෙහී”ති න වදති; ඉතරො ච තං ඔලොකෙත්‍වා “සචෙ එස මං පාපුණෙය්‍ය, ඝාතෙය්‍යාපි ම” න‍්ති සාලයොව හුත්‍වා තං භණ‍්ඩං ගහනට‍්ඨානෙ පක‍්ඛිපිත්‍වා “පුන නිවත‍්තිත්‍වා ගහෙස‍්සාමී”ති පක‍්කමති, පාතනපච‍්චයා පාරාජිකං නත්‍ථි. ආගන‍්ත්‍වා පන ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හතො උද‍්ධාරෙ පාරාජිකං. අථ පනස‍්ස එවං හොති – “මයා පාතාපෙන‍්තෙනෙව ඉදං මම සන‍්තකං කත”න‍්ති තතො නං සකසඤ‍්ඤාය ගණ‍්හාති; ගහණෙ රක‍්ඛති, භණ‍්ඩදෙය්‍යං පන හොති. “දෙහී”ති වුත‍්තෙ අදෙන‍්තස‍්ස සාමිකානං ධුරනික‍්ඛෙපෙ පාරාජිකං. “සො ඉමං ඡඩ‍්ඩෙත්‍වා ගතො, අනජ‍්ඣාවුත්‍ථකං දානි ඉද”න‍්ති පංසුකූලසඤ‍්ඤාය ගණ‍්හතොපි එසෙව නයො. අථ පන සාමිකො “තිට‍්ඨ තිට‍්ඨා”ති වුත‍්තමත‍්තෙනෙව ඔලොකෙන‍්තො තං දිස‍්වා “න දානි ඉදං මය‍්හ”න‍්ති ධුරනික‍්ඛෙපං කත්‍වා නිරාලයො ඡඩ‍්ඩෙත්‍වා පලායති, තං ථෙය්‍යචිත‍්තෙන ගණ‍්හතො උද‍්ධාරෙ දුක‍්කටං. ආහරාපෙන‍්තෙ දාතබ‍්බං, අදෙන‍්තස‍්ස පාරාජිකං. කස‍්මා? තස‍්ස පයොගෙන ඡඩ‍්ඩිතත‍්තාති මහාඅට‍්ඨකථායං වුත‍්තං. අඤ‍්ඤෙසු පන විචාරණා එව නත්‍ථි. පුරිමනයෙනෙව සකසඤ‍්ඤාය වා පංසුකූලසඤ‍්ඤාය වා ගණ‍්හන‍්තෙපි අයමෙව විනිච‍්ඡයොති.

යමෙක්වනාහි ‘සිටුව, සිටුව’යි කියාද, හෙළව’යි නොකියාද, අන්‍යයාද ඔහු දෙස බලා ‘ඉදින් මෙතෙමේ මා කරා පැමිණෙන්නේ නම්, මා නසන්නේය’යි ආලය සහිතවම ඒ භාණ්ඩය ගහණස්ථානයක බහා නැවත පෙරළා අවුත් ගන්නෙමියි බැහැරයේද, එහි හෙළීම් හේතුවෙන් පාරාජිකයන් නැත්තේය. අවුත් සොරසිතින් ගන්නහුට ඉදිරීම නිමිතිකොට පාරාජිකය වේ. නැවත ඔහුට ‘භාණ්ඩය හෙළවන්නාවූම මා විසින්ම භාණ්ඩය මා සතුකරන ලදැ’යි මෙබඳු අදහසක් වේ. ඉන්පසු එය තමාගේ යයි හැඟීමෙන් ගනීද, ගැනීමෙහිදී රකියි. භණ්ඩදෙය්‍ය වේ. ‘දෙව’යි කියූකල්හි නොදෙන්නහුට හිමියන්ගේ ධුරනිඃක්‍ෂෙපයෙන් පාරාජිකය වේ. හෙතෙමේ මේ භාණ්ඩය හැරදමා ගියේය. දැන් මෙය අන්‍යයන් විසින් අයත්කරන ලද්දක් නොවේයයි පාංශුකූල සංඥාවෙන් ගන්නහුටද මෙම නයවේ. තවද හිමියා ‘සිටුව, සිටුව’යි කියූ ඇසිල්ලකින්ම බලනුයේ, ඔහු දැක ‘දැන් මේ භාණ්ඩය මාගේ නොවේය’යි ධුරනිඃක්‍ෂෙපකොට ආලය රහිතව දමා පලායේද, එය සොරසිතින් ගන්නහුට නගාගැණීම නිමිතිකොට දුක්කටය වේ. ගෙන්වන කල්හි දියයුතුය. නොදෙන්නහුට පාරාජිකය වේ. කුමක්හෙයින්ද යත්: ඔහුගේ ප්‍රයොගයෙන් හැරදැමූ බැවිනැයි මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය. අන්‍යවූ මහාපච්චරී ආදි අර්‍ත්‍ථකථාවන්හි මෙහිලා විමසීමක් නැත්තේය. පෙර කියූනයින්ම තමා සතුයයි හැඟීමෙන් හෝ පාංශුකූල සංඥාවෙන් හෝ ගන්නා කල්හිද මේ විනිශ්චයම වේ.

හරණකකථා නිට‍්ඨිතා.

හරණකකථා නිමි.