යෙදුමෙන් කියවන්න

භූමට‍්ඨකථා අට‍්ඨකථා

භූමට‍්ඨකථා

භූමට්ඨකථා

තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනාය සද‍්ධිං විනිච‍්ඡයකථා. නිඛාතන‍්ති භූමියං ඛණිත්‍වා ඨපිතං. පටිච‍්ඡන‍්නන‍්ති පංසුඉට‍්ඨකාදීහි පටිච‍්ඡන‍්නං. භූමට‍්ඨං භණ‍්ඩං…පෙ… ගච‍්ඡති වා, ආපත‍්ති දුක‍්කටස‍්සාති තං එවං නිඛණිත්‍වා වා පටිච‍්ඡාදෙත්‍වා වා ඨපිතත‍්තා භූමියං ඨිතං භණ‍්ඩං යො භික‍්ඛු කෙනචිදෙව උපායෙන ඤත්‍වා “ආහරිස‍්සාමී”ති ථෙය්‍යචිත‍්තො හුත්‍වා රත‍්තිභාගෙ උට‍්ඨාය ගච‍්ඡති, සො භණ‍්ඩට‍්ඨානං අප‍්පත්‍වාපි සබ‍්බකායවචීවිකාරෙසු දුක‍්කටං ආපජ‍්ජති. කථං? සො හි තස‍්ස ආහරණත්‍ථාය උට‍්ඨහන‍්තො යං යං අඞ‍්ගපච‍්චඞ‍්ගං ඵන්‍දාපෙති, සබ‍්බත්‍ථ දුක‍්කටමෙව. නිවාසනපාරුපනං සණ‍්ඨපෙති, හත්‍ථවාරෙ හත්‍ථවාරෙ දුක‍්කටං. “මහන‍්තං නිධානං න සක‍්කා එකෙන ආහරිතුං, දුතියං පරියෙසිස‍්සාමී”ති කස‍්සචි සහායස‍්ස සන‍්තිකං ගන‍්තුකාමො ද‍්වාරං විවරති, පදවාරෙ ච හත්‍ථවාරෙ ච දුක‍්කටං. ද‍්වාරපිදහනෙ පන අඤ‍්ඤස‍්මිං වා ගමනස‍්ස අනුපකාරෙ අනාපත‍්ති. තස‍්ස නිපන‍්නොකාසං ගන‍්ත්‍වා “ඉත්‍ථන‍්නාමා”ති පක‍්කොසති, තමත්‍ථං ආරොචෙත්‍වා “එහි ගච‍්ඡාමා”ති වදති, වාචාය වාචාය දුක‍්කටං. සො තස‍්ස වචනෙන උට‍්ඨහති, තස‍්සාපි දුක‍්කටං. උට‍්ඨහිත්‍වා තස‍්ස සන‍්තිකං ගන‍්තුකාමො නිවාසනපාරුපනං සණ‍්ඨපෙති, ද‍්වාරං විවරිත්‍වා තස‍්ස සමීපං ගච‍්ඡති, හත්‍ථවාරපදවාරෙසු සබ‍්බත්‍ථ දුක‍්කටං. සො තං පුච‍්ඡති “අසුකො ච අසුකො ච කුහිං, අසුකඤ‍්ච අසුකඤ‍්ච පක‍්කොසාහී”ති, වාචාය වාචාය දුක‍්කටං. සබ‍්බෙ සමාගතෙ දිස‍්වා “මයා අසුකස‍්මිං නාම ඨානෙ එවරූපො නිධි උපලද‍්ධො, ගච‍්ඡාම තං ගහෙත්‍වා පුඤ‍්ඤානි ච කරිස‍්සාම, සුඛඤ‍්ච ජීවිස‍්සාමා”ති වදති, වාචාය වාචාය දුක‍්කටමෙව.

එහි මේ නොපැහැදිලි පදයන්ගේ වර්‍ණනාව සමග විනිශ්චය කථාය: ‘නිඛාතං’ බිම කැන තබන ලද්දය. ‘පටිච්ඡන්නං’ පස්, ගඩොල් ආදියෙන් වසන ලද්දය. ‘භුම්මට්ඨං භණ්ඩං -පෙ- ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ මෙසේ බිම කැන හෝ වසා හෝ තුබූ බැවින් බිම තුබූ ඒ භාණ්ඩය යම් මහණෙක් කිසියම් උපායකින් දැනගෙන එන්නෙමියි සොරසිත් ඇත්තේ රාත්‍රි කාලයෙහි නැගිටයේද, හෙතෙමේ ඒ භාණ්ඩය තුබූතැනට නොපැමිණද සියලු කායවාක් විකාරයන්හි දුක්කටයට පැමිණේ. කෙසේදයත්: හෙතෙමේ වනාහි එය ගෙනෙනු පිණිස නැගී සිටිනුයේ යම් යම් අඟපසඟක් සොලොවාද ඒ සියලු තැන දුක්කටය වේ. අඳනය පොරෝණය හඳීද, පොරොවාද, අත්වරක් අත්වරක් පාසා දුක්කටය වේ. මහත් නිධානයක් එකෙකු විසින් ගෙනඑනු නොහැකිය. ඒ පිණිස දෙවැන්නෙකු සොයන්නෙමියි කිසියම් යහළුවෙකුගේ සමීපයට යනු කැමැත්තේ දොර හරීද, පියවරෙහිද අත්වරෙහිද දුක්කටය වේ. දොරවැසීම නිමිතිකොටද අන්තන්හි යෑමට උපකාර නොකිරීම නිමිතිකොටද ඇවැත් නොවේ. ඔහු හොත්තැනට ගොස් ‘මෙනම් ඇත්තේ’යි කැඳවාද, එබව සැලකොට ‘එව යමු’යි කියාද, වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. නැගිට ඔහු වෙතට යනු කැමැත්තේ අඳනය පොරෝණය අඳීද, පොරොවාද දොර හැර ඔහු වෙතටයේද, අත්වර පියවර දෙක්හි සියලු තැන දුක්කටය වේ. ඔහු ‘අසුවල් තැනැත්තේ කොහිද, අසුවල් තැනැත්තේ කොහිදැ’යි ඔහුගෙන් විචාරයි. ‘අසුවලාත් අසුවලාත් කැඳවා’යි කියන වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. රැස්වූ සියලුදෙනා දැක ‘මා විසින් අසුවල්තැන මෙබඳු නිධානයක් දන්නා ලද්දේය, යමු එය ගෙන පින්ද කරන්නෙමු, සුවසේ ජීවත්ද වන්නෙමු’යි කියාද, වචනයක් වචනයක් පාසා දුක්කටයම වේ.

එවං ලද‍්ධසහායො කුදාලං පරියෙසති. සචෙ පනස‍්ස අත‍්තනො කුදාලො අත්‍ථි, “තං ආහරිස‍්සාමී”ති ගච‍්ඡන‍්තො ච ගණ‍්හන‍්තො ච ආහරන‍්තො ච සබ‍්බත්‍ථ හත්‍ථවාරපදවාරෙසු දුක‍්කටං ආපජ‍්ජති . සචෙ නත්‍ථි, අඤ‍්ඤං භික‍්ඛුං වා ගහට‍්ඨං වා ගන‍්ත්‍වා යාචති, යාචන‍්තො ච සචෙ “කුදාලං මෙ දෙහි, කුදාලෙන මෙ අත්‍ථො , කිඤ‍්චි කාතබ‍්බමත්‍ථි, තං කත්‍වා පච‍්චාහරිස‍්සාමී”ති මුසා අභණන‍්තො යාචති, වාචාය වාචාය දුක‍්කටං. සචෙ “මාතිකා සොධෙතබ‍්බා අත්‍ථි, විහාරෙ භූමිකම‍්මං කාතබ‍්බං අත්‍ථී”ති මුසාපි භණති, යං යං වචනං මුසා, තත්‍ථ තත්‍ථ පාචිත‍්තියං. මහාඅට‍්ඨකථායං පන සච‍්චෙපි අලිකෙපි දුක‍්කටමෙව වුත‍්තං, තං පමාදලිඛිතන‍්ති වෙදිතබ‍්බං. න හි අදින‍්නාදානස‍්ස පුබ‍්බපයොගෙ පාචිත‍්තියට‍්ඨානෙ දුක‍්කටං නාම අත්‍ථි. සචෙ පන කුදාලස‍්ස දණ‍්ඩො නත්‍ථි, “දණ‍්ඩං කරිස‍්සාමී”ති වාසිං වා ඵරසුං වා නිසෙති, තදත්‍ථාය ගච‍්ඡති, ගන‍්ත්‍වා සුක‍්ඛකට‍්ඨං ඡින්‍දති තච‍්ඡති ආකොටෙති, සබ‍්බත්‍ථ හත්‍ථවාරපදවාරෙසු දුක‍්කටං. අල‍්ලරුක‍්ඛං ඡින්‍දති, පාචිත‍්තියං. තතො පරං සබ‍්බපයොගෙසු දුක‍්කටං. සඞ‍්ඛෙපට‍්ඨකථායං පන මහාපච‍්චරියඤ‍්ච තත්‍ථ ජාතකකට‍්ඨලතාඡෙදනත්‍ථං වාසිඵරසුං පරියෙසන‍්තානම‍්පි දුක‍්කටං වුත‍්තං. සචෙ පන තෙසං එවං හොති “වාසිඵරසුකුදාලෙ යාචන‍්තා ආසඞ‍්කිතා භවිස‍්සාම, ලොහං සමුට‍්ඨාපෙත්‍වා කරොමා”ති. තතො අරඤ‍්ඤං ගන‍්ත්‍වා ලොහබීජත්‍ථං පථවිං ඛණන‍්ති, අකප‍්පියපථවිං ඛණන‍්තානං දුක‍්කටෙහි සද‍්ධිං පාචිත‍්තියානීති මහාපච‍්චරියං වුත‍්තං. යථා ච ඉධ, එවං සබ‍්බත්‍ථ පාචිත‍්තියට‍්ඨානෙ දුක‍්කටා න මුච‍්චති. කප‍්පියපථවිං ඛණන‍්තානං දුක‍්කටානියෙව. බීජං පන ගහෙත්‍වා තතො පරං සබ‍්බකිරියාසු පයොගෙ පයොගෙ දුක‍්කටං.

මෙසේ ලැබූ සහායයක් ඇත්තේ උදැල්ලක් සොයාද, ඉදින් වනාහි මොහුට තමන්ට අයත් උදැල්ලක් ඇත්තේද එය ගෙන එන්නෙමියි යන්නේද, ගන්නේද, ගෙන එන්නේද සියලු තන්හි අත්වර පියවරෙහි දුක්කටයට පැමිණේ. ඉදින් උදැල්ලක් නැත්තේනම් අන් මහණෙකු කරා හෝ ගිහියෙකු කරා හෝ ගොස් ඉල්ලාද, ඉල්ලනුයේද ‘මට උදැල්ලක් දෙව, උදැල්ලෙන් මට ප්‍රයෝජන ඇත්තේය, කිසි කටයුත්තක් ඇත්තේය, ඒ කටයුත්තකොට නැවත ගෙන එන්නෙමි’යි බොරු නොකියමින් ඉල්ලාද, වචනයක් වචනයක් පාසා දුක්කටය වේ. ඉදින් පිරිසිදු කළයුතු දිය අගලක් ඇත්තේය, විහාරයෙහි භූමිකර්‍මාන්තයක් ඇත්තේය’යි බොරු කියානම්, එහි යම් යම් වචනයක් අසත්‍යවේද, ඒ ඒ හැම වචනය නිමිතිකොට පාචිත්තිය වේ. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි සත්‍ය වචනය හා අසත්‍ය වචනය නිමිතිකොට දුක්කටයම කියන ලද්දේය. එය ප්‍රමාද ලිඛිතයෙකැයි දතයුතුය. අදින්නාදානය පිළිබඳ පූර්‍වප්‍රයොගයෙහි පාචිත්තිය ස්ථානයෙහි දුක්කටයක්නම් නැත්තේය. ඉදින් උදැල්ලට මිටක් නැත්තේනම් මිටක් කරන්නෙමියි වෑයක් හෝ පොරොවක් මුවහත් තබාද, ඒ පිණිසයේද, ගොස් වියලි දරකඩක් සිඳීද, සසීද, තළාද, සියලු තැන අත්වර පියවරෙහි දුක්කටය වේ. අමුරුකක් සිඳීනම් පාචිත්තිය වේ. එයින්පසු සියලු ප්‍රයොගයන්හි දුක්කටය වේ. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථකථාවෙහි හා මහාපච්චරියෙහිද එහි හටගත් දැවවැල් කැපීම පිණිස වෑ පොරෝ සොයන්නවුන්ටද දුක්කටය කියන ලද්දේය. ඉදින්වනාහි ‘අපි යමක්හු වෙතින් වෑ පොරෝ උදලු ඉල්ලන්නමෝ නම්, ඔවුන් විසින් අපි සැකකරන ලද්දමෝ වන්නෙමු. එහෙයින් ලොහයක් නගාගෙන කරමු’යි ඔවුන්ට මෙබඳු අදහසක්වේද, එතැනින් ලොහ උපදින තැනකට ගොස් ලොහබීජ නගාගැනීම පිණිස පොළොව කනිත්, එකල්හි අකැප පොළොව කනින්නා වූ ඔවුන්ට දුක්කට සමග පාචිත්තියාපත්තීහු වෙතියි මහාපච්චරියෙහි කියන ලදී. මෙහි යම්සේද මෙසේ සියලු පාචිත්තිය ස්ථානයෙහි දුක්කටයෝම වෙත්. ලොහබීජ ගෙන ඉන්පසු කරන සියලු ක්‍රියාවන්හි ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටය වේ.

පිටකපරියෙසනෙපි හත්‍ථවාරපදවාරෙසු වුත‍්තනයෙනෙව දුක‍්කටං. මුසාවාදෙ පාචිත‍්තියං. පිටකං කාතුකාමතාය වල‍්ලිච‍්ඡෙදනෙ පාචිත‍්තියන‍්ති සබ‍්බං පුරිමනයෙනෙව වෙදිතබ‍්බං. ගච‍්ඡති වා ආපත‍්ති දුක‍්කටස‍්සාති එවං පරියිට‍්ඨසහායකුදාලපිටකො නිධිට‍්ඨානං ගච‍්ඡති, පදවාරෙ පදවාරෙ දුක‍්කටං. සචෙ පන ගච‍්ඡන‍්තො “ඉමං නිධිං ලද‍්ධා බුද‍්ධපූජං වා ධම‍්මපූජං වා සඞ‍්ඝභත‍්තං වා කරිස‍්සාමී”ති කුසලං උප‍්පාදෙති, කුසලචිත‍්තෙන ගමනෙ අනාපත‍්ති. කස‍්මා? “ථෙය්‍යචිත‍්තො දුතියං වා…පෙ… ගච‍්ඡති වා, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති වුත‍්තත‍්තා. යථා ච ඉධ, එවං සබ‍්බත්‍ථ අථෙය්‍යචිත‍්තස‍්ස අනාපත‍්ති. මග‍්ගතො ඔක‍්කම‍්ම නිධානට‍්ඨානං ගමනත්‍ථාය මග‍්ගං කරොන‍්තො භූතගාමං ඡින්‍දති, පාචිත‍්තියං. සුක‍්ඛකට‍්ඨං ඡින්‍දති, දුක‍්කටං.

මුසාවාදය නිමිතිකොට පාචිත්තිය වේ. පැසක් කරනු කැමැත්තෙන් වැල් කැපීම නිමිතිකොට පාචිත්තිය වේ. සියල්ල පෙර කියූනයින්ම දතයුතුය. ‘ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ මෙසේ සොයාගත් යහළු උදලු - පැස් ඇතිව නිධානය තිබෙන තැනට යේද, පියවරක් පියවරක් සාසා දුක්කට වේ. ඉදින් යන්නේ වනාහි මේ නිධානය ගෙන බුද්ධ පූජාවක් හෝ ධර්‍මපූජාවක් හෝ සඟබතක් හෝ කරන්නෙමි’යි කුසල්සිත් උපදවානම්, කුසල් සිතින් යෑමෙහි අනාපත්ති වේ. කුමක් හෙයින්දයත්: ‘ථෙය්‍යචිත්තො දුතියං වා -පෙ- ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’යි වදාළ බැවිනි. මෙහි යම්සේද, එසේ සියලු තන්හි සොරසිත් නැත්තහුට අනාපත්ති වේ. මගින් ඉවත්ව නිධානය තිබෙන තැනට යනු පිණිස මග පිළියෙල කරනුයේ රුක්ලිය ආදිය කපාහරීද, පාචිත්තිය වේ. වියලි දරකඩ කපාද, දුක්කටය වේ.

තත්‍ථජාතකන‍්ති චිරනිහිතාය කුම‍්භියා උපරි ජාතකං. කට‍්ඨං වා ලතං වාති න කෙවලං කට‍්ඨලතමෙව, යංකිඤ‍්චි අල‍්ලං වා සුක‍්ඛං වා තිණරුක‍්ඛලතාදිං ඡින්‍දන‍්තස‍්ස සහපයොගත‍්තා දුක‍්කටමෙව හොති.

එහි ‘ජාතකං’ බොහෝකල් තබනලද නිදන්සැලිය මතුවෙහි හටගත් ‘කට්ඨා වා ලතා වා’ හුදෙක් දරකඩ වැල්ම නොවේ. තෙත්වූ හෝ වියලුනු යම්කිසි තණරුක්වැල් ආදියක් සිඳින මහණහුට සහප්‍රයොග බැවින් දුක්කටම වේ.

අට‍්ඨවිධං හෙතං දුක‍්කටං නාම ඉමස‍්මිං ඨානෙ සමොධානෙත්‍වා ථෙරෙහි දස‍්සිතං – පුබ‍්බපයොගදුක‍්කටං , සහපයොගදුක‍්කටං, අනාමාසදුක‍්කටං, දුරුපචිණ‍්ණදුක‍්කටං, විනයදුක‍්කටං, ඤාතදුක‍්කටං, ඤත‍්තිදුක‍්කටං, පටිස‍්සවදුක‍්කටන‍්ති. තත්‍ථ “ථෙය්‍යචිත‍්තො දුතියං වා කුදාලං වා පිටකං වා පරියෙසති ගච‍්ඡති වා, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති ඉදං පුබ‍්බපයොගදුක‍්කටං නාම. එත්‍ථ හි දුක‍්කටට‍්ඨානෙ දුක‍්කටං, පාචිත‍්තියට‍්ඨානෙ පාචිත‍්තියමෙව හොති. “තත්‍ථජාතකං කට‍්ඨං වා ලතං වා ඡින්‍දති, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති ඉදං සහපයොගදුක‍්කටං නාම. එත්‍ථ පන පාචිත‍්තියවත්‍ථු ච දුක‍්කටවත්‍ථු ච දුක‍්කටට‍්ඨානෙයෙව තිට‍්ඨති. කස‍්මා? අවහාරස‍්ස සහපයොගත‍්තාති. යං පන දසවිධං රතනං, සත‍්තවිධං ධඤ‍්ඤං, සබ‍්බඤ‍්ච ආවුධභණ‍්ඩාදිං ආමසන‍්තස‍්ස දුක‍්කටං වුත‍්තං, ඉදං අනාමාසදුක‍්කටං නාම. යං කදලිනාළිකෙරාදීනං තත්‍ථජාතකඵලානි ආමසන‍්තස‍්ස දුක‍්කටං වුත‍්තං, ඉදං දුරුපචිණ‍්ණදුක‍්කටං නාම. යං පන පිණ‍්ඩාය චරන‍්තස‍්ස පත‍්තෙ රජෙ පතිතෙ පත‍්තං අප‍්පටිග‍්ගහෙත්‍වා අධොවිත්‍වා වා තත්‍ථ භික‍්ඛං ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං වුත‍්තං, ඉදං විනයදුක‍්කටං නාම. “සුත්‍වා න වදන‍්ති, ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (පාරා· 419) ඉදං ඤාතදුක‍්කටං නාම. යං එකාදසසු සමනුභාසනාසු “ඤත‍්තියා දුක‍්කට”න‍්ති (පාරා· 414) වුත‍්තං, ඉදං ඤත‍්තිදුක‍්කටං නාම. “තස‍්ස, භික‍්ඛවෙ, භික‍්ඛුනො පුරිමිකා ච න පඤ‍්ඤායති, පටිස‍්සවෙ ච ආපත‍්ති දුක‍්කටස‍්සා”ති (මහාව· 207) ඉදං පටිස‍්සවදුක‍්කටං නාම. ඉදං පන සහපයොගදුක‍්කටං. තෙන වුත‍්තං – “යංකිඤ‍්චි අල‍්ලං වා සුක‍්ඛං වා තිණරුක‍්ඛලතාදිං ඡින්‍දන‍්තස‍්ස සහපයොගත‍්තා දුක‍්කටමෙව හොතී”ති.

අටවැදෑරුම්වූම මේ දුක්කටය ධර්‍මසඞ්ග්‍රාහක ස්ථවිරයන් වහන්සේලා විසින් මෙතැන එක්කොට දක්වන ලදී: පුබ්බපයොග දුක්කට - සහපයොගදුක්කට - අනාමාසදුක්කට -දුරුපචිණ්ණදුක්කට - විනයදුක්කට - ඤාතදුක්කට - ඤත්තිදුක්කට - පටිස්සවදුක්කටයි. එහි ‘ථෙය්‍යචිත්තො දුතියං වා පරියෙසති කුද්දාලං වා පිටකං වා පරියෙසති, ගච්ඡති වා ආපත්ති දුක්කටස්ස’ යන මෙය පුබ්බපයොග දුක්කට නම්වේ. මෙහි දුක්කටතන්හි දුක්කටය වේ. පාචිත්තියතන්හි පාචිත්තියම වේ. ‘තත්‍ථ ජාතකං කට්ඨං වා ලතං වා ඡින්‍දති ආපත්ති දුක්කටස්ස’ යන මෙය සහපයොගදුක්කට නම්වේ. මෙහි වනාහි පාචිත්තිය වස්තුව හා දුක්කට වස්තුව දුක්කට තන්හිම සිටියි. කුමක් හෙයින්දයත්: අවහාරය තමා සහප්‍රයොග බැවිනි. දශවිධරත්න, සප්තවිධධාන්‍ය, සියලු ආවුධ භාණ්ඩාදිය පහසන මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය අනාමාසදුක්කට නම්වේ. කෙහෙල් පොල් ආදීන්ගේ එහි හටගත් ඵල පහසක මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය දුරුපචිණ්ණදුක්කට නම්වේ. පිඬුපිණිස හැසිරෙන මහණහුගේ පාත්‍රයෙහි රජස වැටුනු කල්හි පාත්‍රය නොපිළිගෙන හෝ නොසෝදා හෝ එහි භික්‍ෂාව ගන්නා මහණහුට යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය විනයදුක්කට නම්වේ. ‘සුත්‍වා න වදන්ති ආපත්ති දුක්කටස්ස’ යන මෙය ඤාතදුක්කට නම්වේ. ‘එකාදස්සු සමනුභාසනාසු ඤත්තියා දුක්කටං’යි යම් දුක්කටයක් වදාරණ ලද්දේද, මෙය ඤත්තිදුක්කට නම්වේ. ‘තස්ස භික්‍‍‍ඛවෙ භික්‍‍‍ඛුනො පුරිමිකා ච න පඤ්ඤායති, පටිස්සවෙ ච ආපත්ති දුක්කටස්ස’ යන මෙය පටිස්සවදුක්කට නම්වේ. මේවනාහි සහපයොගදුක්කටයයි. එහෙයින් ‘යං කිඤ්චි අල්ලං වා සුක්‍ඛං වා තිණරුක්‍ඛලතාදිං ජින්‍දන්තස්ස සහපයොගත්තා දුක්කටමෙව හොති’යි වදාරණ ලද්දේය.

සචෙ පනස‍්ස තත්‍ථජාතකෙ තිණරුක‍්ඛලතාදිම‍්හි ඡින‍්නෙපි ලජ‍්ජිධම‍්මො ඔක‍්කමති, සංවරො උප‍්පජ‍්ජති, ඡෙදනපච‍්චයා දුක‍්කටං දෙසෙත්‍වා මුච‍්චති. අථ ධුරනික‍්ඛෙපං අකත්‍වා සඋස‍්සාහොව පංසුං ඛණති, ඡෙදනදුක‍්කටං පටිප‍්පස‍්සම‍්භති, ඛණනදුක‍්කටෙ පතිට‍්ඨාති. අකප‍්පියපථවිං ඛණන‍්තොපි හි ඉධ සහපයොගත‍්තා දුක‍්කටමෙව ආපජ‍්ජති. සචෙ පනස‍්ස සබ‍්බදිසාසු ඛණිත්‍වා කුම‍්භිමූලං පත‍්තස‍්සාපි ලජ‍්ජිධම‍්මො ඔක‍්කමති, ඛණනපච‍්චයා දුක‍්කටං දෙසෙත්‍වා මුච‍්චති.

ඉදින්වනාහි මේ මහණහුට එහි හටගත් තණ, රුක්, වැල් ආදිය සිඳ දැමූ කල්හි ලජ්ජිධර්‍මය එළඹසිටිද, සංවරය උපදීද, සිඳීම් හේතුවෙන් වන දුක්කටය දෙසා මිදෙන්නේය. නැවත ධුරනිඃක්‍ෂෙපය නොකොට උත්සාහය ඇතිවම පස් කනීද, එකල්හි සිඳීමෙන් වන දුක්කටය සන්සිඳී යන්නේය. කැනීමෙන් වන දුක්කටයෙහි පිහිටාගනියි. අකැප පොළොව කනිනුයේද, මෙහි සහප්‍රයොග බැවින් දුක්කටයටම පැමිණේ. ඉදින්වනාහි හැමපැත්ත කැන නිදන්සැළිය මුලට පැමිණි මොහුට ලජ්ජිධර්‍මය එළඹසිටීද, කැනීම හේතුකොටවන දුක්කටය දෙසීමෙන් මිදෙන්නේය.

බ්‍යූහති වාති අථ පන සඋස‍්සාහොව පංසුං වියූහති, එකපස‍්සෙ රාසිං කරොති, ඛණනදුක‍්කටං පටිප‍්පස‍්සම‍්භති, වියූහනදුක‍්කටෙ පතිට‍්ඨාති. තඤ‍්ච පංසුං තත්‍ථ තත්‍ථ පුඤ‍්ජං කරොන‍්තො පයොගෙ පයොගෙ දුක‍්කටං ආපජ‍්ජති. සචෙ පන රාසිං කත්‍වාපි ධුරනික‍්ඛෙපං කරොති, ලජ‍්ජිධම‍්මං ආපජ‍්ජති , වියූහනදුක‍්කටං දෙසෙත්‍වා මුච‍්චති. උද‍්ධරති වාති අථ පන සඋස‍්සාහොව පංසුං උද‍්ධරිත්‍වා බහි පාතෙති, වියූහනදුක‍්කටං පටිප‍්පස‍්සම‍්භති, උද‍්ධරණදුක‍්කටෙ පතිට‍්ඨාති. පංසුං පන කුදාලෙන වා හත්‍ථෙහි වා පච‍්ඡියා වා තහිං තහිං පාතෙන‍්තො පයොගෙ පයොගෙ දුක‍්කටං ආපජ‍්ජති. සචෙ පන සබ‍්බං පංසුං නීහරිත්‍වා කුම‍්භිං ථලට‍්ඨං කත්‍වාපි ලජ‍්ජිධම‍්මං ආපජ‍්ජති, උද‍්ධරණදුක‍්කටං දෙසෙත්‍වා මුච‍්චති. අථ පන සඋස‍්සාහොව කුම‍්භිං ආමසති, උද‍්ධරණදුක‍්කටං පටිප‍්පස‍්සම‍්භති, ආමසනදුක‍්කටෙ පතිට‍්ඨාති. ආමසිත්‍වාපි ච ලජ‍්ජිධම‍්මං ආපජ‍්ජන‍්තො ආමසනදුක‍්කටං දෙසෙත්‍වා මුච‍්චති. අථ සඋස‍්සාහොව කුම‍්භිං ඵන්‍දාපෙති, ආමසනදුක‍්කටං පටිප‍්පස‍්සම‍්භති, “ඵන්‍දාපෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති වුත‍්තථුල‍්ලච‍්චයෙ පතිට‍්ඨාති.

‘වියූහති වා’ නැවත උත්සාහය ඇත්තේම පස් රැස්කෙරේද, එක්පසෙක රැස්කෙරේද, කැනීම නිමිතිකොටවන දුක්කටය සන්සිඳෙන්නේය. රැස්කිරීම නිමිතිකොටවන දුක්කටයෙහි පිහිටාගනියි. ඒ පස්ද ඒ ඒ තැන ගොඩගැසීම කරණුයේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටයට පැමිණේ. ඉදින් රැස්කොටද ධුරනි:ක්‍ෂෙපය කෙරේද, ලජ්ජීධර්‍මයට පැමිණේද, රැස්කිරීම නිමිතිකොට වන දුක්කටය දෙසීමෙන් මිදෙන්නේය. ‘උද්ධරති වා’ නැවත උත්සාහය ඇත්තේම පස් උදුරා පිටතහෙලාද, රැස්කිරීම නිමිතිකොට වන දුක්කටයෙහි පිහිටාගනියි. පස් වනාහි උදැල්ලෙන් හෝ අතින් හෝ පැසෙන් හෝ ඒ ඒ තැන හෙලනුයේ ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කටයට පැමිණේ. ඉදින්වනාහි පස් බැහැරකොට නිදන්සැළිය ගොඩසිටියක් කොටද ලජ්ජිධර්‍මයට පැමිණේද, ඉදිරීම නිමිතිකොට වන දුක්කටය දෙසීමෙන් මිදෙන්නේය. නැවත උත්සාහය ඇත්තේම නිදන්සැලිය පහසාද, ඉදිරීම නිමිතිකොට වන දුක්කටය සන්සිඳෙන්නේය. පැහැසීම නිමිතිකොට වන දුක්කටයෙහි පිහිටාගනියි. පහසාද ලජ්ජිධර්‍මයට පැමිණෙනුයේ, පැහැසීම නිමිතිකොට වන දුක්කටය දෙසීමෙන් මිදෙන්නේය. නැවත උත්සාහය ඇත්තේම නිදන්සැළිය සොලවාද, පැහැසීම නිමිතිකොට වන දුක්කටය සන්සිඳෙන්නේය.

තත්‍රායං දුක‍්කටථුල‍්ලච‍්චයානං ද‍්වින‍්නම‍්පි වචනත්‍ථො – පඨමං තාවෙත්‍ථ දුට‍්ඨු කතං සත්‍ථාරා වුත‍්තකිච‍්චං විරාධෙත්‍වා කතන‍්ති දුක‍්කටං. අථ වා දුට‍්ඨං කතං, විරූපා සා කිරියා භික‍්ඛුකිරියානං මජ‍්ඣෙ න සොභතීති එවම‍්පි දුක‍්කටං. වුත‍්තඤ‍්චෙතං –

‘එන්‍දාපෙති ආපත්ති ථුල්ලච්චයස්ස’ යන දෙදෙනාගේ වචනාර්‍ත්‍ථය වේ: පළමුකොට වනාහි මෙහි නින්‍දිතකොට කරන ලද්දේය, බුදුරජුන් විසින් වදාළ කෘත්‍යය වරදවා කරන ලද්දේනුයි දුක්කට නම්වේ. නොහොත් නපුරුකොට කරන ලද්දේය. විරූප වූ ඒ ක්‍රියාව භික්‍ෂූන් විසින් කළයුතු ක්‍රියාවන්ගේ මද්ධ්‍යයෙහි නොහොබීනුයි මෙසේද දුක්කට නම්වේ. මෙය පරිවාරයෙහි මෙසේ වදාරණ ලද්දේය:

“දුක‍්කටං ඉති යං වුත‍්තං, තං සුණොහි යථාතථං; අපරද‍්ධං විරද‍්ධඤ‍්ච, ඛලිතං යඤ‍්ච දුක‍්කටං.

‘දුක්කටන්ති ච යං වුත්තං - තං සුණොහි යථාතථං, අපරද්ධං විරද්ධං ච - ඛලිතං යඤ්ච දුක්කටං,

“යං මනුස‍්සො කරෙ පාපං, ආවි වා යදි වා රහො; දුක‍්කටන‍්ති පවෙදෙන‍්ති, තෙනෙතං ඉති වුච‍්චතී”ති. (පරි· 339);

යං මනුස්සො කරෙ පාපං - ආවී වා යදි වා රහො, දුක්කටන්ති පවෙදෙන්තී - තෙනෙතං ඉති වුච්චතීති’යි

‘දුක්කට’යි යමක් වදාරණ ලදද, ඒ අර්‍ත්‍ථය තතුසේ අසව, ශාස්තෲන් වහන්සේ විසින් වදාළ පරිදි නොකොට නපුරුකොට කරනලද කුශලයට ප්‍රතිපක්‍ෂව වැරදි ලෙසින් කරන ලද ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාවට නොනැගුනු බැවින් වැරදීගිය යම් දුක්කටයක්වේද.

මිනිස්තෙමේ ප්‍රකටව හෝ රහසිගතව යම් පාපයක් කරන්නේද, එය දුක්කටයි ප්‍රකාශ කෙරෙත්. එහෙයින් මේ ආපත්තිය දුක්කටාපත්තියි කියනු ලැබේ.

ඉතරං පන ථූලත‍්තා, අච‍්චයත‍්තා ච ථුල‍්ලච‍්චයං. “සම‍්පරායෙ ච දුග‍්ගති” (සං· නි· 1.49), “යං හොති කටුකප‍්ඵල”න‍්තිආදීසු (ධ· ප· 66; නෙත‍්ති· 91) විය චෙත්‍ථ සංයොගභාවො වෙදිතබ‍්බො. එකස‍්ස සන‍්තිකෙ දෙසෙතබ‍්බෙසු හි අච‍්චයෙසු තෙන සමො ථූලො අච‍්චයො නත්‍ථි. තස‍්මා වුත‍්තං “ථූලත‍්තා අච‍්චයත‍්තා ච ථුල‍්ලච‍්චය”න‍්ති. වුත‍්තඤ‍්චෙතං –

අනිකවනාහි මහත්බැවින්ද, වරද බැවින්ද ථුල්ලච්චය නම්වේ. ‘සම්පරායෙ ච දුග්ගතිං තං හොති කටුකප්ඵලං’ යනාදි තන්හි මෙන් මෙහි සංයොගභාවය දතයුතුය. එකක්හුගේ සමීපයෙහි දෙසියයුතු වරද අතුරෙහි ඒ හා සමවූ මහත් වරදක් නැත්තේය. එහෙයින් මහත්බැවින්ද, වරදබැවින්ද ථුල්ලච්චයයි කියන ලද්දේය. මෙද පරිවාරයෙහි මෙසේ වදාරණ ලද්දේය:

“ථුල‍්ලච‍්චයන‍්ති යං වුත‍්තං, තං සුණොහි යථාතථං; එකස‍්ස මූලෙ යො දෙසෙති, යො ච තං පටිග‍්ගණ‍්හති; අච‍්චයො තෙන සමො නත්‍ථි, තෙනෙතං ඉති වුච‍්චතී”ති. (පරි· 339);

‘ථුල්ලච්චයන්ති යං වුත්තං - තං සුණොහි යථාතථං, එකස්ස මූලෙ දෙසෙති - යො ච නං පතිගණ්හති, අච්චයො තෙන පමො නත්‍ථි - තෙනෙතං ඉති වුච්චතීති’යි

‘ථුල්ලච්චය’යි යමක් වදාරණ ලදද, ඒ අර්‍ත්‍ථය තතුසේ අසව. එකක්හුගේ සමීපයෙහි දෙසාද, යමෙක් එය පිළිගනීද, ඒහා සමවූ වරදක් නැත්තේද, එබැවින් මෙය ථුල්ලච්චයයි මෙසේ කියනු ලැබේ.

ඵන්‍දාපෙන‍්තස‍්ස ච පයොගෙ පයොගෙ ථුල‍්ලච‍්චයං. ඵන්‍දාපෙත්‍වාපි ච ලජ‍්ජිධම‍්මං ඔක‍්කන‍්තො ථුල‍්ලච‍්චයං දෙසෙත්‍වා මුච‍්චති. සහපයොගතො පට‍්ඨායෙව චෙත්‍ථ පුරිමා පුරිමා ආපත‍්ති පටිප‍්පස‍්සම‍්භති. සහපයොගං පන අකත්‍වා ලජ‍්ජිධම‍්මං ඔක‍්කන‍්තෙන යා පුබ‍්බපයොගෙ දුක‍්කටපාචිත‍්තියා ආපන‍්නා, සබ‍්බා තා දෙසෙතබ‍්බා. සහපයොගෙ ච තත්‍ථජාතකච‍්ඡෙදනෙ බහුකානිපි දුක‍්කටානි පංසුඛණනං පත්‍වා පටිප‍්පස‍්සම‍්භන‍්ති. එකං ඛණනදුක‍්කටමෙව හොති. ඛණනෙ බහුකානිපි වියූහනං, වියූහනෙ බහුකානිපි උද‍්ධරණං, උද‍්ධරණෙ බහුකානිපි ආමසනං, ආමසනෙ බහුකානිපි ඵන්‍දාපනං පත්‍වා පටිප‍්පස‍්සම‍්භන‍්ති. පංසුඛණනාදීසු ච ලජ‍්ජිධම‍්මෙ උප‍්පන‍්නෙ බහුකාපි ආපත‍්තියො හොන‍්තු, එකමෙව දෙසෙත්‍වා මුච‍්චතීති කුරුන්‍දට‍්ඨකථායං වුත‍්තං. පුරිමාපත‍්තිපටිප‍්පස‍්සද‍්ධි ච නාමෙසා “ඤත‍්තියා දුක‍්කටං, ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා පටිප‍්පස‍්සම‍්භන‍්තී”ති (පාරා· 414) එවං අනුසාවනාසුත‍්තෙසුයෙව ආගතා. ඉධ පන දුතියපාරාජිකෙ අට‍්ඨකථාචරියප‍්පමාණෙන ගහෙතබ‍්බාති.

නිදන්සැළිය සොලවන්නහුටද ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා ථුල්ලච්චය වේ. සොලවාද ලජ්ජිධර්‍මයට පැමිණියේ ථුල්ලච්චය දෙසීමෙන් මිදෙන්නේය. සහස්‍රයොගය පටන්ම මෙහි පළමු පළමු ඇවැත සන්සිඳී යයි. සහප්‍රයොගය නොකොට ලජ්ජීධර්‍මයට පැමිණියහු විසින් පූර්‍වප්‍රයොගයෙහි යම් දුක්කටපාචිත්තියාපත්තීහු පැමිණියාහුද, ඒ සියල්ලෝ දෙසිය යුත්තාහ. සහප්‍රයොගයෙහිද එහි හටගත් රුක්, වැල් ආදිය සිඳීමෙහි බොහෝවූද දුක්කටාපත්තීහු පස් කැපීමට පැමිණ සන්සිඳෙන්නාහ. කැනීම නිමිතිකොට එක්ම දුක්කටයක් වේ. කැනීම නිමිතිකොට උපන් බොහෝවූද දුක්කටාපත්තීහු පස් ගොඩගැසීමටද, පස් ගොඩගැසීම නිමිතිකොට උපන් බොහෝවූද දුක්කටාපත්තීහු පස් ඉදිරීමටද, පස් ඉදිරීම නිමිතිකොට උපන් බොහෝවූද දුක්කටාපත්තීහු පැහැසීමටද, පැහැසීම නිමිතිකොට උපන් බොහෝවූද දුක්කටාපත්තීහු සෙලවීමටද පැමිණ සන්සිඳෙන්නාහ. පස් කැනීම් ආදියෙහිදී ලජ්ජිධර්‍මය උපන්කල්හි බොහෝවූද ආපත්තීහු වෙත්වා, එකක්ම දෙසීමෙන් සියල්ලෙන් මිදෙන්නේ’යයි කුරුන්‍දාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. මේ පළමු ඇවැත් සන්සිඳීමද ඤත්තියෙන් දුක්කටයද, කර්‍මවාක්‍ය දෙකින් ථුල්ලච්චයෙන්ද සන්සිඳෙත්යි මෙසේ සූත්‍රයෙහි අනුශ්‍රාවණයන්හිම ආයේය. මේ ද්විතීය පාරාජිකයෙහි අර්‍ත්‍ථකථාචාර්‍ය්‍ය ප්‍රමාණයෙන් ගතයුතුය.

ඨානා චාවෙති, ආපත‍්ති පාරාජිකස‍්සාති යො පන ඵන්‍දාපෙත්‍වාපි ලජ‍්ජිධම‍්මං අනොක‍්කමිත්‍වාව තං කුම‍්භිං ඨානතො අන‍්තමසො කෙසග‍්ගමත‍්තම‍්පි චාවෙති, පාරාජිකමෙව ආපජ‍්ජතීති අත්‍ථො. ඨානා චාවනඤ‍්චෙත්‍ථ ඡහි ආකාරෙහි වෙදිතබ‍්බං. කථං? කුම‍්භිං මුඛවට‍්ටියං ගහෙත්‍වා අත‍්තනො අභිමුඛං ආකඩ‍්ඪන‍්තො ඉමිනා අන‍්තෙන ඵුට‍්ඨොකාසං කෙසග‍්ගමත‍්තම‍්පි පාරිමන‍්තෙන අතික‍්කාමෙති, පාරාජිකං. තථෙව ගහෙත්‍වා පරතො පෙල‍්ලෙන‍්තො පාරිමන‍්තෙන ඵුට‍්ඨොකාසං කෙසග‍්ගමත‍්තම‍්පි ඉමිනා අන‍්තෙන අතික‍්කාමෙති, පාරාජිකං. වාමතො වා දක‍්ඛිණතො වා අපනාමෙන‍්තො වාමන‍්තෙන ඵුට‍්ඨොකාසං කෙසග‍්ගමත‍්තම‍්පි දක‍්ඛිණන‍්තෙන අතික‍්කාමෙති, පාරාජිකං. දක‍්ඛිණන‍්තෙන වා ඵුට‍්ඨොකාසං කෙසග‍්ගමත‍්තම‍්පි වාමන‍්තෙන අතික‍්කාමෙති, පාරාජිකං. උද‍්ධං උක‍්ඛිපන‍්තො කෙසග‍්ගමත‍්තම‍්පි භූමිතො මොචෙති, පාරාජිකං. ඛණිත්‍වා හෙට‍්ඨතො ඔසීදෙන‍්තො බුන්‍දෙන ඵුට‍්ඨොකාසං කෙසග‍්ගමත‍්තම‍්පි මුඛවට‍්ටියා අතික‍්කාමෙති, පාරාජිකන‍්ති එවං එකට‍්ඨානෙ ඨිතාය කුම‍්භියා. යදි පන කුම‍්භිමුඛවට‍්ටියා පාසං කත්‍වා ලොහඛාණුං වා ඛදිරසාරාදිඛාණුං වා පථවියං ආකොටෙත්‍වා තත්‍ථ සඞ‍්ඛලිකාය බන්‍ධිත්‍වා ඨපෙන‍්ති, එකිස‍්සා දිසාය එකාය සඞ‍්ඛලිකාය බද‍්ධාය ද‍්වෙ ඨානානි ලබ‍්භන‍්ති, ද‍්වීසු තීසු චතූසු දිසාසු චතූහි සඞ‍්ඛලිකාහි බද‍්ධාය පඤ‍්ච ඨානානි ලබ‍්භන‍්ති.

‘ඨානා චාවෙති ආපත්ති පාරාජිකස්ස’ යම් මහණෙක් නිදන්සැළිය සොලවාද ලජ්ජීධර්‍මයට නොපැමිණම ඒ නිදන්සැළිය තුබූතැනින් යටත්පිරිසෙයින් කෙසගක් පමණකුදු පහකෙරේද, පාරාජිකයටම පැමිණේය යන අර්‍ත්‍ථයි. මෙහි තුබූතැනින් පහකිරීමද සයයුරකින් දතයුතුය. කෙසේදයත්: සැළමුවවිට ගෙන තමන්ගේ ඉදිරියට අදිනුයේ තමන්ට ලංවූ මේ මෑතකෙළවරින් පැහැසූ තැන, කෙසගක් පමණකුදු ඈත කෙළවරින් ඉක්මවා සිටීද, පාරාජිකය වේ. එසේම සැළිමුවවිට ගෙන පසුභාගයෙන් පෙළනුයේ ඈත කෙළවරින් පැහැසූ තැන, කෙසගක් පමණකුදු අවහාරකයාට ලංවූ මෑත කෙළවරින් ඉක්මවා සිටීද, පාරාජිකය වේ. වමින් හෝ දකුණෙන් හෝ පහකරණුයේ වම් කෙළවරින් පැහැසූ තැන, කෙසගක් පමණකුදු දකුණු කෙළවරින් ඉක්මවා සිටීද, පාරාජිකය වේ. දකුණු කෙළවරින් හෝ පැහැසූ තැන, කෙසගක් පමණකුදු වම්කෙළවරින් ඉක්මවා සිටීද, පාරාජිකය වේ. උඩට නගා ගනුයේ කෙසගක් පමණකුදු පොළොවෙන් මුදාද, පාරාජිකය වේ. පොළොව සාරා යටට කිඳාබස්වනුයේ සැළියෙහි යටතලින් පැහැසූ තැන, කෙසගක් පමණකුදු මුවවිටින් ඉක්මවා සිටීද, පාරාජිකය වේ. එක්තැනක තුබූ සැළිය පිළිබඳව මෙසේය. ඉදින්වනාහි සැළමුවවිටෙහි මළපුඩුවක්කොට ලොහොකණුවක් හෝ කිහිරිහර ආදියෙන් කළ කණුවක් පොළොව කැන සිටුවා එහි හැකිල්ලකින් බැඳතබත්ද, එක් දිසාවෙක එකහැකිල්ලකින් බඳින ලද්දී නම්, දෙතැනෙක් ලැබේ. දෙදිසාවක, තුන් දිසාවක, සිවු දිසාවෙහි හැකිලි සතරකින් බඳින ලද්දී නම්, පස්තැනක් ලැබේ.

තත්‍ථ එකඛාණුකෙ බද‍්ධකුම‍්භියා පඨමං ඛාණුකං වා උද‍්ධරති, සඞ‍්ඛලිකං වා ඡින්‍දති, ථුල‍්ලච‍්චයං. තතො කුම‍්භිං යථාවුත‍්තනයෙන කෙසග‍්ගමත‍්තම‍්පි ඨානා චාවෙති, පාරාජිකං. අථ පඨමං කුම‍්භිං උද‍්ධරති, ථුල‍්ලච‍්චයං. තතො ඛාණුකං කෙසග‍්ගමත‍්තම‍්පි ඨානා චාවෙති, සඞ‍්ඛලිකං වා ඡින්‍දති, පාරාජිකං. එතෙන උපායෙන ද‍්වීසු තීසු චතූසු ඛාණුකෙසු බද‍්ධකුම‍්භියාපි පච‍්ඡිමෙ ඨානාචාවනෙ පාරාජිකං. සෙසෙසු ථුල‍්ලච‍්චයං වෙදිතබ‍්බං.

එහි එක් කණුවක බඳින ලද නිදන්සැළියෙහි වූ පළමුකොට කණුව හෝ උදුරාද, හැකිල්ල හෝ කපාහරීද, ථුල්ලච්චය වේ. ඉන්පසු සැළිය පෙර කියූලෙසින් කෙසගක් පමණකුදු තුබූතැනින් පහකෙරේද, පාරාජිකය වේ. නැවත පළමුකොට සැළිය තුබූතැනින් නගා ගනීද ථූල්ලච්චය වේ. ඉන්පසු කණුව හෝ කෙසගක් පමණකුදු තුබූතැනින් පහකෙරේද, හැකිල්ල හෝ කපාහරීද, පාරාජිකය වේ. මේ උපායෙන් කණු දෙකක තුනෙක සතරෙක බඳිනලද සැළියෙහිද පැසුළුවූ ඨානා චාවනයෙන් පාරාජිකය වේ. සෙස්සෙහි ථුල්ලච්චය දතයුතුය.

සචෙ ඛාණු නත්‍ථි, සඞ‍්ඛලිකාය අග‍්ගෙ වලයං කත්‍වා තත්‍ථජාතකෙ මූලෙ පවෙසිතං හොති, පඨමං කුම‍්භිං උද‍්ධරිත්‍වා පච‍්ඡා මූලං ඡෙත්‍වා වලයං නීහරති, පාරාජිකං. අථ මූලං අච‍්ඡෙත්‍වා වලයං ඉතො චිතො ච සාරෙති, රක‍්ඛති. සචෙ පන මූලතො අනීහරිත්‍වාපි හත්‍ථෙන ගහෙත්‍වා ආකාසගතං කරොති, පාරාජිකං. අයමෙත්‍ථ විසෙසො. සෙසං වුත‍්තනයමෙව.

ඉදින් කණුවක් නැත්තේනම් හැකිල්ලෙහි කෙළවර වලල්ලක්කොට එහි හටගත් මුලෙක ඒ වලල්ල ඇතුල් කරන ලද්දේවේද, පළමුකොට සැළිය ගොඩනගා පසුව මුල කපාහැරම වලල්ල බැහැරකෙරේද පාරාජිකය වේ. නැවත මුල නොකපා වලල්ල ඔබිමොබ හසුරුවාද රකින්නේය. ඉදින්වනාහි මුලෙන් පහනොකොටද, අතින් ගෙන අහස්ගතවූවක් කෙරේද පාරාජිකය වේ. මේ මෙහි විශේෂය වේ. සෙස්ස කියූනය ඇත්තේමය.

කෙචි පන නිමිත‍්තත්‍ථාය කුම‍්භිමත්‍ථකෙ නිග්‍රොධරුක‍්ඛාදීනි රොපෙන‍්ති, මූලානි කුම‍්භිං විනන්‍ධිත්‍වා ඨිතානි හොන‍්ති, “මූලානි ඡින්‍දිත්‍වා කුම‍්භිං ගහෙස‍්සාමී”ති ඡින්‍දන‍්තස‍්ස පයොගෙ පයොගෙ දුක‍්කටං. ඡින්‍දිත්‍වා ඔකාසං කත්‍වා කුම‍්භිං කෙසග‍්ගමත‍්තම‍්පි ඨානා චාවෙති, පාරාජිකං. මූලානි ඡින්‍දතොව ලුඨිත්‍වා කුම‍්භී නින‍්නට‍්ඨානං ගතා, රක‍්ඛති තාව. ගතට‍්ඨානතො උද‍්ධරති, පාරාජිකං. සචෙ ඡින‍්නෙසු මූලෙසු එකමූලමත‍්තෙන කුම‍්භී තිට‍්ඨති, සො ච තං “ඉමස‍්මිං මූලෙ ඡින‍්නෙ පතිස‍්සතී”ති ඡින්‍දති, ඡින‍්නමත‍්තෙ පාරාජිකං. සචෙ පන එකමූලෙනෙව පාසෙ බද‍්ධසූකරො විය ඨිතා හොති, අඤ‍්ඤං කිඤ‍්චි ලග‍්ගනකං නත්‍ථි, තස‍්මිම‍්පි මූලෙ ඡින‍්නමත‍්තෙ පාරාජිකං. සචෙ කුම‍්භිමත්‍ථකෙ මහාපාසාණො ඨපිතො හොති, තං දණ‍්ඩෙන උක‍්ඛිපිත්‍වා අපනෙතුකාමො කුම‍්භිමත්‍ථකෙ ජාතරුක‍්ඛං ඡින්‍දති, දුක‍්කටං. තස‍්සා සමීපෙ ජාතකං ඡෙත්‍වා ආහරති, අතත්‍ථජාතකත‍්තා තං ඡින්‍දතො පාචිත‍්තියං.

සමහරකෙනෙක් වනාහි නිමිති පිණිස සැළිය මතුවෙහි නුගරුක් ආදිය රොපණය කරත්. මුල්, සැළිය වසාගෙන සිටියේය. මුල් කපාහැර සැළිය ගන්නෙමියි මුල් කපන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා දුක්කට වේ. කපාහැර ඉඩ ලබාගෙන කෙසගක් පමණකුදු තුබූතැනින් සැළිය පහකෙරේද පාරාජිකය වේ. මුල් කපාහැරීමෙන්ම පෙරැළීගොස් සැළිය පහත්තැනක වැටුනීද, ඒතාක් රකියි. වැටුනු තැනින් නගාගනීද, පාරාජිකය වේ. ඉදින් මුල් කපා හෙලූ කල්හි එක් මුලකින් පමණක් සැළිය බැඳීසිටීද, ඒ මහණතෙමේද ‘මේ මුලකපා හළකල්හි සැළිය වැටෙන්නේය’යි සිතා කපාහරීද, කපා හල ඇසිල්ලෙහි පාරාජිකය වේ. ඉදින්වනාහි එක් මුලකින්ම මළපුඬුවෙහි බැඳුනු හූරකු මෙන් නිදන්සැළිය බැඳීසිටියාවේද, රැඳීසිටුනා අන්කිසිතැනක් නැත්තේද, ඒ මුලද කපාහළ ඇසිල්ලෙහි පාරාජික වේ. ඉදින් සැළිය මතුවෙහි මහත් ගලක් තබන ලද්දේවේද, ඒ ගල දඬුකඩකින් ඔසොවා බැහැර කරනු කැමැත්තේ සැළිය මතුවෙහි හටගෙන තිබූ රුකක් කපාහරීද, දුක්කටය වේ. ඒ සැළිය සමීපයෙහි හටගත් රුකක් කපාගෙන ඒද, එහි නොහටගත් බැවින් ඒ රුක කපාහරින මහණහුට පාචිත්තිය වේ.

අත‍්තනො භාජනන‍්ති සචෙ පන කුම‍්භිං උද‍්ධරිතුං අසක‍්කොන‍්තො කුම‍්භිගතභණ‍්ඩග‍්ගහණත්‍ථං අත‍්තනො භාජනං පවෙසෙත්‍වා අන‍්තොකුම‍්භියං පඤ‍්චමාසකං වා අතිරෙකපඤ‍්චමාසකං වා අග‍්ඝනකං ථෙය්‍යචිත‍්තො ආමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. පරිච‍්ඡෙදො චෙත්‍ථ පාරාජිකනියමනත්‍ථං වුත‍්තො. ථෙය්‍යචිත‍්තෙන පන ඌනපඤ‍්චමාසකම‍්පි ආමසන‍්තො දුක‍්කටං ආපජ‍්ජතියෙව.

‘අත්තනො භාජනං’ ඉදින්වනාහි සැළිය නගාගන්නට නොහැකිවනුයේ සැළිය තුළ වූ බඩු ගැනීම පිණිස තමන්ගේ බඳුනක් එහි ඇතුල්කොට සැළිය තුළ ඇති පස් මස්සක් හෝ පස් මස්සකට වඩා වටිනාකම් ඇති යම් වස්තුවක් සොරසිත් ඇත්තේ පහසාද, දුක්කටාපත්තිය වන්නීය. මෙහි පිරිසිඳීමද පාරාජිකය නියම කරනු පිණිස කියන ලද්දේය. සොරසිතින් වනාහි පස් මස්සකට අඩුතරම් වූ වස්තුවක් පහසනුයේ දුක්කටයට පැමිණේමය.

ඵන්‍දාපෙතීති එත්‍ථ යාව එකාබද‍්ධං කත්‍වා අත‍්තනො භාජනං පවෙසෙති, තාව ඵන්‍දාපෙතීති වුච‍්චති. අපි ච ඉතො චිතො ච අපබ්‍යූහන‍්තොපි ඵන්‍දාපෙතියෙව, සො ථුල‍්ලච‍්චයං ආපජ‍්ජති. යදා පන එකාබද‍්ධභාවො ඡින‍්නො, කුම‍්භිගතං කුම‍්භියමෙව, භාජනගතම‍්පි භාජනෙයෙව හොති, තදා අත‍්තනො භාජනගතං නාම හොති. එවං කත්‍වා කුම‍්භිතො අනීහතෙපි ච භාජනෙ පාරාජිකං ආපජ‍්ජති.

‘එන්‍දාපෙති’ යන මෙහි යම්තාක් එකට බැඳුනක්කොට තමන්ගේ බඳුන එහි ඇතුල්කෙරේද, ඒ තාක් ‘එන්‍දාපෙති’යි කියනු ලැබේ. තවද යටතුබූ වස්තුව ගන්නෙමියි අතින් ගසා සැළිය දෙපලුකෙරේනම් සොලොවාමැයි කියනු ලැබේ. ඔහු ථුල්ලච්චයට පැමිණේ. යම්කලකදී වනාහි එකට බැඳී සිටිබව සිඳීගියේද, එකල්හි සැළියෙහි තුබූ වස්තුව සැළියෙහිම, බඳුනෙහි තුබූ වස්තුව බඳුනෙහිම වේ. එකල්හි තමාගේ බඳුනෙහිවූයේ නම් වේ. මෙසේ කොට සැළියෙන් බඳුන පිටතට නොගත්කල්හිද, පාරාජිකයට පැමිණේ.

මුට‍්ඨිං වා ඡින්‍දතීති එත්‍ථ යථා අඞ‍්ගුලන‍්තරෙහි නික‍්ඛන‍්තකහාපණා කුම‍්භිගතෙ කහාපණෙ න සම‍්ඵුසන‍්ති, එවං මුට‍්ඨිං කරොන‍්තො මුට‍්ඨිං ඡින්‍දති නාම; සොපි පාරාජිකං ආපජ‍්ජති.

‘මුට්ඨිං වා ඡින්‍දති’ මෙහි යම්සේ ඇඟිලි අතරින් ගිලිහුනු කහවණු සැළියෙහි තුබූ කහවණු ස්පර්‍ශ නොකෙරේද, මෙසේ මිටෙහි කරනුයේ මිට සිඳීනම්, ඔහුද පාරාජිකයට පැමිණේ.

සුත‍්තාරූළ‍්හන‍්ති සුත‍්තෙ ආරූළ‍්හං; සුත‍්තෙන ආවුතස‍්සාපි සුත‍්තමයස‍්සාපි එතං අධිවචනං . පාමඞ‍්ගාදීනිහි සොවණ‍්ණමයානිපි හොන‍්ති රූපියමයානිපි සුත‍්තමයානිපි, මුත‍්තාවලිආදයොපි එත්‍ථෙව සඞ‍්ගහං ගතා. වෙඨනන‍්ති සීසවෙඨනපටො වුච‍්චති. එතෙසු යංකිඤ‍්චි ථෙය්‍යචිත‍්තො ආමසති, දුක‍්කටං. ඵන්‍දාපෙති, ථුල‍්ලච‍්චයං. පාමඞ‍්ගාදීනි කොටියං ගහෙත්‍වා ආකාසට‍්ඨං අකරොන‍්තො උච‍්චාරෙති, ථුල‍්ලච‍්චයං.

‘සුත්තාරූළ්හං’ හුයෙහි අවුණන ලද්දේය. හුයෙන් අවුණන ලද්දහුටද හුයෙන් කරන ලද්දහුටද මේ නමකි. ඉණ බඳින හවඩි ආදීහු රනින් කරන ලද්දාහුද රිදියෙන් කරන ලද්දාහුද හුයෙන් කරන ලද්දාහුද වෙත්. මුතුවැල් ආදීහුද මෙහිම සඞ්ග්‍රහයට ගියහ. ‘වෙඨනං’ හිස් වෙළුම්පට කියනු ලැබේ. මොවුන් අතුරෙහි යම් කිසිවක් සොරසිත් ඇත්තේ පහසාද, දුක්කටය වේ. සොලවාද, කෙළවර ගෙන අහස්හි වූවක් නොකරමින් නගාගනීද ථුල්ලච්චය වේ.

ඝංසන‍්තො නීහරතීති එත්‍ථ පන පරිපුණ‍්ණාය කුම‍්භියා උපරි සමතිත‍්තිකං කුම‍්භිං කත්‍වා ඨපිතං වා එකං කොටිං බුන්‍දෙ එකං කොටිං මුඛවට‍්ටියං කත්‍වා ඨපිතං වා ඝංසන‍්තස‍්ස නීහරතො ථුල‍්ලච‍්චයං. කුම‍්භිමුඛා මොචෙන‍්තස‍්ස පාරාජිකං. යං පන උපඩ‍්ඪකුම‍්භියං වා රිත‍්තකුම‍්භියං වා ඨපිතං, තස‍්ස අත‍්තනො ඵුට‍්ඨොකාසොව ඨානං, න සකලා කුම‍්භී, තස‍්මා තං ඝංසන‍්තස‍්සාපි නීහරතො පතිට‍්ඨිතොකාසතො කෙසග‍්ගමත‍්තෙ මුත‍්තෙ පාරාජිකමෙව. කුම‍්භියා පන පරිපුණ‍්ණාය වා ඌනාය වා උජුකමෙව උද‍්ධරන‍්තස‍්ස හෙට‍්ඨිමකොටියා පතිට‍්ඨිතොකාසා මුත‍්තමත‍්තෙව පාරාජිකං. අන‍්තොකුම‍්භියං ඨපිතං යංකිඤ‍්චි පාරාජිකප‍්පහොනකං භණ‍්ඩං සකලකුම‍්භියං චාරෙන‍්තස‍්ස, පාමඞ‍්ගාදිඤ‍්ච ඝංසිත්‍වා නීහරන‍්තස‍්ස යාව මුඛවට‍්ටිං නාතික‍්කමති, තාව ථුල‍්ලච‍්චයමෙව. තස‍්ස හි සබ‍්බාපි කුම‍්භී ඨානන‍්ති සඞ‍්ඛෙපමහාපච‍්චරියාදීසු වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “ඨපිතට‍්ඨානමෙව ඨානං, න සකලා කුම‍්භී. තස‍්මා යථාඨිතට‍්ඨානතො කෙසග‍්ගමත‍්තම‍්පි මොචෙන‍්තස‍්ස පාරාජිකමෙවා”ති වුත‍්තං, තං පමාණං. ඉතරං පන ආකාසගතං අකරොන‍්තස‍්ස චීවරවංසෙ ඨපිතචීවරවෙඨනකනයෙන වුත‍්තං, තං න ගහෙතබ‍්බං. විනයවිනිච‍්ඡයෙ හි ආගතෙ ගරුකෙ ඨාතබ‍්බං, එසා විනයධම‍්මතා. අපිච “අත‍්තනො භාජනගතං වා කරොති, මුට‍්ඨිං වා ඡින්‍දතී”ති වචනතො පෙතං වෙදිතබ‍්බං.

‘ඝංසන්තො නීහරති’ මෙහි පිරුණු සැළිය මතුවෙහි මුවවිට සමව පිරුණු සැළියක්කොට තබන ලද්දක් හෝ එක්කෙළවරක් නිදන් සැළිය මුලද, එක් කෙළවරක් මුවවිටෙහිදකොට තබන ලද්දක් හෝ ගටමින් ගන්නහුට ථුල්ලච්චය වේ. සැළිමුවෙන් මුදන්නහුට පාරාජිකය වේ. අඩක් පිරුණු සැළියෙහි හෝ හිස් සැළියක යමක් තබන ලද්දේද, ඒ වස්තුවට තමන්ගේ පහස ලද අවකාශයම ස්ථාන වේ. මුළුසැළිය නොවේ. එහෙයින් ඒ පාමඞ්ගදාමය ගටමින්ද පිටතට ගන්නට පිහිටි අවකාශයෙන් කෙසගක් පමණ මිදුනු කල්හි පාරාජිකයම වේ. පිරුණු සැළියෙන් හෝ අඩුව සිටි සැළියෙන් හෝ කෙළින්ම නගාගන්නහුට, යටකෙළවර පිහිටි තැනින් මිදුනුකල්හිද පාරාජිකයම වේ. සැළිය තුළ තබනලද පාරාජිකයට පොහොණා යම්කිසි භාණ්ඩයක් මුළුසැළියෙහි හසුරුවන්නහුටද, පාමඞ්ගාදියද ගටා බැහැරට ගන්නහුටද, යම්තාක් සැළියෙහි මුවවිට නොඉක්මවාද ඒ තාක් ථුල්ලච්චයම වේ. ඒ වස්තුවට වනාහි මුළුසැළියම ස්ථානවේයයි සඞ්ක්‍ෂෙප - මහාපච්චරී අර්‍ත්‍ථකථාවන්හි කියන ලද්දේය. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘තුබූ තැනම ස්ථානය වේ, මුළුසැළිය ස්ථාන නොවේ. එහෙයින් තුබූතැනින් කෙසගක් පමණකුදු මුදන්නට පාරාජිකයකැ’යි කියන ලද්දේය. මහාඅර්‍ත්‍ථකථාවෙහි දැක්වූ ඒ ස්ථාන නියමය ප්‍රමාණ වේ. අනිකවනාහි අහස්ගත නොකරන්නහුට සිවුරලන උණදඬුවෙහි තැබූ සිවුරු වෙළුම් නයින් කියන ලද්දේය. එය නොගත යුතුය. විනයවිනිශ්චයෙහි ආවාවූ ගරුකයෙහි සිටියයුතුය. මේවනාහි විනයධර්‍මතාය. සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථ කථාදියෙහි කියන ලද්ද පෙළ සමනොවේයයි දක්වනුයේ ‘අපි ච’ යනාදිය කීහ. තවද ‘අත්තනො භාජනගතං වා කරොති මුට්ඨිං වා ඡින්‍දති’යි කීබැවින්ද මුළුසැළිය ස්ථාන නොවේ. තැබූතැනම ස්ථානවේය යන මේ කරුණ දතයුතුය.

යථා අන‍්තොකුම‍්භියං ඨිතස‍්ස න සබ‍්බා කුම‍්භී ඨානන‍්ති. සප‍්පිආදීසු යංකිඤ‍්චි පිවතො එකපයොගෙන පීතමත‍්තෙ පාරාජිකන‍්ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. මහාපච‍්චරියාදීසු පන අයං විභාගො දස‍්සිතො – “මුඛං අනපනෙත්‍වා ආකඩ‍්ඪන‍්තස‍්ස පිවතො සචෙ පරගලගතං පාදං න අග‍්ඝති, මුඛගතෙන සද‍්ධිං අග‍්ඝති, රක‍්ඛති තාව. කණ‍්ඨෙන පන පරිච‍්ඡින‍්නකාලෙයෙව පාරාජිකං හොති. සචෙපි ඔට‍්ඨෙහි පරිච‍්ඡින්‍දන‍්තො ඔට‍්ඨෙ පිදහති, පාරාජිකමෙව. උප‍්පලදණ‍්ඩවෙළුනාළිනළනාළිආදීහි පිවන‍්තස‍්සාපි සචෙ පරගලගතමෙව පාදං අග‍්ඝති, පාරාජිකං. සචෙ සහ මුඛගතෙන අග‍්ඝති, න තාව පාරාජිකං හොති. උප‍්පලදණ‍්ඩාදිගතෙන සද‍්ධිං එකාබද‍්ධභාවං කොපෙත්‍වා ඔට‍්ඨෙහි පරිච‍්ඡින‍්නමත‍්තෙ පාරාජිකං. සචෙ උප‍්පලදණ‍්ඩාදිගතෙන සද‍්ධිං අග‍්ඝති, උප‍්පලදණ‍්ඩාදීනං බුන්‍දෙ අඞ‍්ගුලියාපි පිහිතමත‍්තෙ පාරාජිකං. පාදග‍්ඝනකෙ පරගලං අප‍්පවිට‍්ඨෙ උප‍්පලදණ‍්ඩාදීසු ච මුඛෙ ච අතිරෙකපාදාරහම‍්පි එකාබද‍්ධං හුත්‍වා තිට‍්ඨති, රක‍්ඛතියෙවා”ති. තං සබ‍්බම‍්පි යස‍්මා “අත‍්තනො භාජනගතං වා කරොති , මුට‍්ඨිං වා ඡින්‍දතී”ති ඉමං නයං භජති, තස‍්මා සුදස‍්සිතමෙව. එස තාව එකාබද‍්ධෙ නයො.

යම්සේ සැළිය තුළ තිබූ වස්තුවට මුඑසැළිය ස්ථාන නොවේයයි කියන ලද්දේද, එසේ ගිතෙල් ඈඅතුරෙහි යම්කිසිවක් බොන්නහුට එක් ප්‍රයොගයකින් බී ඇසිල්ලෙහි පාරාජිකයවේ යයි මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලදී. ඉදින් මුව පහනොකොට ඇදබොන්නහුගේ බොටුවට පැමිණයක් පාදයක් නොඅගීද, මුඛයට ගෙන තුබූදැය හා අගීද, එය මුවෙහි තිබෙනතුරු රකියි. බොටුවෙන් පිරිසිඳුනු කල්හිම අනුභවකළ කල්හිම පාරාජිකය වේ. ඉදින් දෙතොලින් පිරිසිඳින්නේ දෙතොල වසාද, පාරාජිකයම වේ. උපුල්දඬු හුණනළ බටනළ ආදියෙන් බොන්නහුගේද ගෙලෙන් පහතට වැටුනක්ම පාදයක් අගීද, පාරාජිකය වේ. ඉදින් මුඛගතය හාම අගීද, ඒ තාක් පාරාජිකය නොවේ. උපුල්දඬු ආදියෙහි රැදුනහු සමග එකාබද්ධභාවය වෙන්කොට දෙතොලින් පිරිසිඳි ඇසිල්ලෙහි පාරාජිකය වේ. උපුල්දඬු ආදියෙහි රැඳුනහු හා අගීනම් උපුල්දඬු ආදීන්ගේ මුල ඇඟිල්ලෙන් වැසුකල්හි පාරාජිකය වේ. පාදයක් අගනා ගිතෙල් ඈ යමක් බොටුවෙන් පහතට ඇතුල්නොවූ කල්හි උපුල්දඬු ආදියෙහිද මුවෙහිද පාදයට වැඩිතරමක් එකාබද්ධව සිටීද රකීමයයි මහාපච්චරි ආදියෙහි මේ විභාගය දක්වන ලද්දේය. ඒ සියල්ලම යම්හෙයකින් ‘අත්තනො භාජනගතං වා කරොති මුට්ඨිං වා ජින්‍දති’යි කියූ මේ ක්‍රමය සෙවුනේද, එහෙයින් මැනවින් දක්වන ලද්දේම වේ. මේවනාහි එකාබද්ධයෙහි නයය.

සචෙ පන හත්‍ථෙන වා පත‍්තෙන වා ථාලකාදිනා වා කෙනචි භාජනෙන ගහෙත්‍වා පිවති, යම‍්හි පයොගෙ පාදග‍්ඝනකං පූරෙති, තම‍්හි ගතෙ පාරාජිකං. අථ මහග‍්ඝං හොති, සිප‍්පිකායපි එකපයොගෙනෙව පාදග‍්ඝනකං ගහෙතුං සක‍්කා හොති, එකුද‍්ධාරෙයෙව පාරාජිකං. භාජනං පන නිමුජ‍්ජාපෙත්‍වා ගණ‍්හන‍්තස‍්ස යාව එකාබද‍්ධං හොති, තාව රක‍්ඛති. මුඛවට‍්ටිපරිච‍්ඡෙදෙන වා උද‍්ධාරෙන වා පාරාජිකං. යදා පන සප‍්පිං වා තෙලං වා අච‍්ඡං තෙලසදිසමෙව මධුඵාණිතං වා කුම‍්භිං ආවිඤ‍්ඡෙත්‍වා අත‍්තනො භාජනෙ පවෙසෙති, තදා තෙසං අච‍්ඡතාය එකාබද‍්ධතා නත්‍ථීති පාදග‍්ඝනකෙ මුඛවට‍්ටිතො ගළිතමත‍්තෙ පාරාජිකං.

ඉදින්වනාහි අතින් හෝ පාත්‍රයෙන් හෝ තළුතැටි ඈ යම්කිසි බඳුනකින් හෝ ගෙන පානය කෙරේද, යම් ප්‍රයොගයක්හිදී පාදයක ඇගීම පිරේද, ඒ ප්‍රයොගය කළ කල්හි පාරාජිකය වේ. තවද මහත්සේ අගීද, එක් ප්‍රයොගයකින්ම බෙලිකටුවකිනිදු පාදයක වටිනා තරමක් ගන්නට හැකිවේද, එක්ම නගාගැනීමෙහිදීම පාරාජිකය වේ. බඳුන ගිල්වා ගන්නහුට යම්තාක් එකාබද්ධවේද, ඒතාක් රකියි. මුවවිට පිරිසිඳීමෙන් හෝ නගා ගැනීමෙන් හෝ පාරාජිකය වේ. යම්කලෙක වනාහි ගිතෙල් හෝ තෙල් හෝ පහන් තෙලක් වැනිවූම මීහකුරු හෝ සැළිය පෙරළා නවා තමන්ගේ බඳුනට ඇතුල්කෙරේද, එකල්හි ඔවුන්ගේ ප්‍රසන්නභාවය හෙතුකොට එකට බැඳීමක් නැත්තේය. පාදයක වටිනා තරම් ගිතෙල් ආදියක් මුවවිටින් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.

පචිත්‍වා ඨපිතං පන මධුඵාණිතං සිලෙසො විය චික‍්කනං ආකඩ‍්ඪනවිකඩ‍්ඪනයොග‍්ගං හොති, උප‍්පන‍්නෙ කුක‍්කුච‍්චෙ එකාබද‍්ධමෙව හුත්‍වා පටිනීහරිතුං සක‍්කොති, එතං මුඛවට‍්ටියා නික‍්ඛමිත්‍වා භාජනෙ පවිට‍්ඨම‍්පි බාහිරෙන සද‍්ධිං එකාබද‍්ධත‍්තා රක‍්ඛති, මුඛවට‍්ටිතො ඡින‍්නමත‍්තෙ පන පාරාජිකං. යොපි ථෙය්‍යචිත‍්තෙන පරස‍්ස කුම‍්භියා පාදග‍්ඝනකං සප‍්පිං වා තෙලං වා අවස‍්සපිවනකං යංකිඤ‍්චි දුකූලසාටකං වා චම‍්මඛණ‍්ඩාදීනං වා අඤ‍්ඤතරං පක‍්ඛිපති, හත්‍ථතො මුත‍්තමත‍්තෙ පාරාජිකං.

පිසතබන ලද යමක්වනාහි මීහකුරු මැලියම් මෙන් ඉතා ඝනව ඈතට මෑතට ඇදීමට යොග්‍යව සිටියේවේද, කුකුස උපන්කල්හි එකට බැඳුනක්වම තමන්ගේ බඳුනෙන් බැහැරට ගන්නට හැකිවේද, මුවවිටින් පිටතට නික්ම බඳුනෙහි ඇතුල්ව සිටි මෙය බැහැර සිටියක් සමග එකට බැඳීසිටි බැවින් රකියි. මුවවිටින් සුන් ඇසිල්ලෙහි පාරාජිකය වේ. යමෙක් සොර සිතින් අන්හු අයත් සැළියෙහි පාදයක් අගිනා ගිතෙල් හෝ තෙල් හෝ එකකින් බීගන්නා වූ යම්කිසි දුහුල් වතක් හෝ සම්කඩ ඈඅතුරෙහි එක්තරා එකක් හෝ බහාද, අතින් ගිලිහුනු ඇසිල්ලෙහි පාරාජිකය වේ.

රිත‍්තකුම‍්භියා “ඉදානි තෙලං ආකිරිස‍්සන‍්තී”ති ඤත්‍වා යංකිඤ‍්චි භණ‍්ඩං ථෙය්‍යචිත‍්තො පක‍්ඛිපති, තං චෙ තත්‍ථ තෙලෙ ආකිණ‍්ණෙ පඤ‍්චමාසකඅග‍්ඝනකං පිවති, පීතමත‍්තෙ පාරාජිකන‍්ති මහාඅට‍්ඨකථායං වුත‍්තං. තං පන තත්‍ථෙව සුක‍්ඛතළාකෙ සුක‍්ඛමාතිකාය උජුකරණවිනිච‍්ඡයෙන විරුජ‍්ඣති, අවහාරලක‍්ඛණඤ‍්චෙත්‍ථ න පඤ‍්ඤායති, තස‍්මා න ගහෙතබ‍්බං. මහාපච‍්චරියාදීසු පන තස‍්ස උද‍්ධාරෙ පාරාජිකං වුත‍්තං, තං යුත‍්තං.

හිස් සැළියෙක ‘දැන් තෙල් වක්කරන්නාහ’යි දැන යම්කිසි භාණ්ඩයක් සොරසිත් ඇත්තේ බහාද, ඒ භාණ්ඩය එහි තෙල් වක්කළකල්හි පස්මස්සක් අගනා තෙල් බීගනීද, බීගත් ඇසිල්ලෙහි පාරාජිකවේයයි මහාඅර්‍ත්‍ථකථාවෙහි කියන ලද්දේය. ඒ වනාහි එහිම වියලීගිය විලෙක, වියලී ගිය දිය ඇලක් සෘජුකිරීම පිළිබඳ විනිශ්චය හා විරුද්ධ වන්නේය. මෙහි අවහාර ලක්‍ෂණයක්ද නොපෙනේ. එහෙයින් නොගතයුතුය. මහාපච්චරී ආදියෙහි වනාහි ඒ භාණ්ඩය සැළියෙහි පහස ලද තැනින් කෙසගක් පමණ නමුදු ඉදිරීම නිමිතිකොට පාරාජිකය කියන ලදී. ඨානාවාචනප්‍රයොගය ලැබෙන බැවින් ඒ ගතයුතු වේ.

පරස‍්ස රිත‍්තකුම‍්භියා සඞ‍්ගොපනත්‍ථාය භණ‍්ඩං ඨපෙත්‍වා තත්‍ථ තෙලෙ ආකිණ‍්ණෙ “සචෙ අයං ජානිස‍්සති, මං පලිබුජ‍්ඣිස‍්සතී”ති භීතො පාදග‍්ඝනකං තෙලං පීතං භණ‍්ඩං ථෙය්‍යචිත‍්තෙන උද‍්ධරති, පාරාජිකං. සුද‍්ධචිත‍්තෙන උද‍්ධරති, පරෙ ආහරාපෙන‍්තෙ භණ‍්ඩදෙය්‍යං. භණ‍්ඩදෙය්‍යං නාම යං පරස‍්ස නට‍්ඨං, තස‍්ස මූලං වා තදෙව වා භණ‍්ඩං දාතබ‍්බන‍්ති අත්‍ථො. නො චෙ දෙති, සාමිකස‍්ස ධුරනික‍්ඛෙපෙ පාරාජිකං. සචෙ පරස‍්ස කුම‍්භියා අඤ‍්ඤො සප‍්පිං වා තෙලං වා ආකිරති, තත්‍ර චායං ථෙය්‍යචිත‍්තෙන තෙලපිවනකං භණ‍්ඩං පක‍්ඛිපති, වුත‍්තනයෙනෙව පාරාජිකං. අත‍්තනො රිත‍්තකුම‍්භියා පරස‍්ස සප‍්පිං වා තෙලං වා ආකිරණභාවං ඤත්‍වා ථෙය්‍යචිත‍්තෙන භණ‍්ඩං නික‍්ඛිපති, පුබ‍්බෙ වුත‍්තනයෙනෙව උද‍්ධාරෙ පාරාජිකං. සුද‍්ධචිත‍්තො නික‍්ඛිපිත්‍වා පච‍්ඡා ථෙය්‍යචිත‍්තෙන උද‍්ධරති, පාරාජිකමෙව. සුද‍්ධචිත‍්තොව උද‍්ධරති, නෙව අවහාරො, න ගීවා; මහාපච‍්චරියං පන අනාපත‍්තිමත‍්තමෙව වුත‍්තං. “‘කිස‍්ස මම කුම‍්භියං තෙලං ආකිරසී’ති කුපිතො අත‍්තනො භණ‍්ඩං උද‍්ධරිත්‍වා ඡඩ‍්ඩෙති, නො භණ‍්ඩදෙය්‍ය”න‍්ති කුරුන්‍දියං වුත‍්තං. ථෙය්‍යචිත‍්තෙන මුඛවට‍්ටියං ගහෙත්‍වා කුම‍්භිං ආවිඤ‍්ඡති තෙලං ගළෙතුකාමො, පාදග‍්ඝනකෙ ගළිතෙ පාරාජිකං. ථෙය්‍යචිත‍්තෙනෙව ජජ‍්ජරං කරොති “සවිත්‍වා ගමිස‍්සතී”ති පාදග‍්ඝනකෙ සවිත්‍වා ගතෙ පාරාජිකං. ථෙය්‍යචිත‍්තෙනෙව ඡිද‍්දං කරොති ඔමට‍්ඨං වා උම‍්මට‍්ඨං වා වෙමට‍්ඨං වා, ඉදං පන සම‍්මොහට‍්ඨානං; තස‍්මා සුට‍්ඨු සල‍්ලෙක‍්ඛෙතබ‍්බං. අයඤ‍්හෙත්‍ථ විනිච‍්ඡයො –

අනිකක්හුගේ හිස්සැළියෙහි රැකීම පිණිස භාණ්ඩයක් තබා එහි තෙල් වක්කළ කල්හි ඉදින් මෙතෙමේ දන්නේ නම් මා වළකාලන්නේයයි බියවූයේ පාදයක් අගනා තෙල් බීගත් භාණ්ඩය සොරසිතින් උදුරාද, පාරාජිකය වේ. පිරිසිදු සිතින් උදුරාද, අන්‍යයා එය ගෙවනකල්හි භණ්ඩදෙය්‍යය වේ. භණ්ඩදෙය්‍ය නම්: අන්හට අයත් යමක් නැසුනේද, ඒ නැසුනු වස්තුවෙහි මිල හෝ ඒ භාණ්ඩයම හෝ දියයුතුය යන අර්‍ත්‍ථයි. ඉදින් නොදේනම් භාණ්ඩ හිමියාගේ ධුරනිඃක්‍ෂෙපයෙහිදී පාරාජිකය වේ. ඉදින් අනෙකෙකු අයත් සැළීයෙහි අනෙකෙක් ගිතෙල් හෝ තෙල් වක්කෙරේද, එහිද මෙතෙමේ සොර සිතින් තෙල් බොන භාණ්ඩයක් බහාද, කියූලෙසින්ම එය අතින් මිදුනු ඇසිල්ලෙහිම පාරාජිකය වේ. තමන්ගේ හිස් සැළියෙහි අනෙකෙකු ගිතෙල් හෝ තෙල් වක්කරනබව දැන සොරසිතින් භාණ්ඩයක් තබාද, පෙර කියූ ලෙසින්ම නගාගැනීම නිමිතිකොට පාරාජිකය වේ. පිරිසිදු සිත් ඇත්තේ බහාතබා පසුව සොරසිතින් නගාගනීද පාරාජිකයම වේ. පිරිසිදු සිත්ඇත්තේම නගාගනීද අවහිරයක් නොවේ. ග්‍රීවාද නොවේ. මහාපච්චරියෙහි වනාහි අනාපත්තිමාත්‍රයක්ම කියනලදී. ‘කුමකට මාගේ සැළියෙහි තෙල් වත්කෙළෙහිදැ’යි කිපියේ තමාගේ භාණ්ඩය උදුරා දමාද, එකල්හි භණ්ඩදෙය්‍ය නොවේයයි කුරුන්‍දියෙහි කියනලදී. සොරසිතින් මුවවිට ගෙන තෙල් පහකරනු කැමැතිව සැළිය ඇද ඇලකෙරේද, පාදයක් අගනා තෙල් වැගිරීගිය කල්හි පාරාජිකය වේ. සොරසිතින්ම වැගිරීයන්නේයයි සැළිය දැදුරු කෙරේද, පාදයක් අගනා තෙල් වැගිරීගිය කල්හි පාරාජිකය වේ. සොරසිතින්ම යටිකුරුවූ හෝ උඩුකුරුවූ හෝ නොඇදවූ හෝ සිදුරක් කෙරේද, මේවනාහි මුළාවන තැනක් වේ. එහෙයින් මැනවින් සලකා බැලිය යුතුය. මේ මෙහි විනිශ්චය වේ:

ඔමට‍්ඨං නාම අධොමුඛඡිද‍්දං; උම‍්මට‍්ඨං නාම උද‍්ධංමුඛඡිද‍්දං; වෙමට‍්ඨං නාම උළුඞ‍්කස‍්සෙව උජුගතඡිද‍්දං. තත්‍ර ඔමට‍්ඨස‍්ස බහි පට‍්ඨාය කතස‍්ස අබ‍්භන‍්තරන‍්තතො පාදග‍්ඝනකෙ තෙලෙ ගළිතෙ බහි අනික‍්ඛන‍්තෙපි පාරාජිකං. කස‍්මා? යස‍්මා තතො ගළිතමත‍්තමෙව බහිගතං නාම හොති, න කුම‍්භිගතසඞ‍්ඛ්‍යං ලභති. අන‍්තො පට‍්ඨාය කතස‍්ස බාහිරන‍්තතො පාදග‍්ඝනකෙ ගළිතෙ පාරාජිකං. උම‍්මට‍්ඨස‍්ස යථා තථා වා කතස‍්ස බාහිරන‍්තතො පාදග‍්ඝනකෙ ගළිතෙ පාරාජිකං. තඤ‍්හි යාව බාහිරන‍්තතො න ගළති, තාව කුම‍්භිගතමෙව හොති. “වෙමට‍්ඨස‍්ස ච කපාලමජ‍්ඣතො ගළිතවසෙන කාරෙතබ‍්බො”ති අට‍්ඨකථාසු වුත‍්තං. තං පන අන‍්තො ච බහි ච පට‍්ඨාය මජ‍්ඣෙ ඨපෙත්‍වා කතඡිද‍්දෙ තළාකස‍්ස ච මරියාදභෙදෙන සමෙති. අන‍්තො පට‍්ඨාය කතෙ පන බාහිරන‍්තෙන, බහි පට‍්ඨාය කතෙ අබ‍්භන‍්තරන‍්තෙන කාරෙතබ‍්බොති ඉදමෙත්‍ථ යුත‍්තං. යො පන “වට‍්ටිත්‍වා ගච‍්ඡිස‍්සතී”ති ථෙය්‍යචිත‍්තෙන කුම‍්භියා ආධාරකං වා උපත්‍ථම‍්භනලෙඩ‍්ඩුකෙ වා අපනෙති, වට‍්ටිත්‍වා ගතාය පාරාජිකං. තෙලාකිරණභාවං පන ඤත්‍වා රිත‍්තකුම‍්භියා ජජ‍්ජරභාවෙ වා ඡිද‍්දෙසු වා කතෙසු පච‍්ඡා නික‍්ඛන‍්තතෙලප‍්පමාණෙන භණ‍්ඩදෙය්‍යං හොති. අට‍්ඨකථාසඋ පන කත්‍ථචි පාරාජිකන‍්තිපි ලිඛිතං, තං පමාදලිඛිතං.

ඔමට්ඨ නම්: යටිකුරුවූ මුවසිදුරය. උම්මට්ඨ නම්: උඩුකුරුවූ සිදුරය. වෙමට්ඨ නම්: කිනිස්සක මෙන් සෘජුව කළ සිදුරය. එහි කළ යටිකුරුමුව සිදුරෙහි පිටත පටන් ඇතුල් කෙළවරින් පාදයක් අගනා තෙල් වැගිරීගිය කල්හි පිටතට නොනික්මුනු කල්හිද පාරාජිකය වේ. කුමක්හෙයින්දයත්: යම්හෙයකින් ඇතුල් කෙළවරින් වැගිරීම් පමණක්ම ඇති ඒ තෙල් පිටතට ගියේනම්වේද, කුම්භිගත සඞ්ඛ්‍යාව නොලබාද එහෙයිනි. ඇතුළත පටන්කළ සිදුරෙහි බැහැරි කෙළවරින් පාදයක් අගනා තෙල් වැගිරීගිය කල්හි පාරාජිකය වේ. යම් ඒ ලෙසකින් කළ අඩුකුරු මුවසිදුරෙහි බැහැර කෙළවරින් පාදයක් අගනා තෙල් වැගිරීගිය කල්හි පාරාජිකය වේ. ඒවනාහි යම්තාක් බැහැරි කෙළවරින් නොවැගිරේද, ඒතාක් සැළියෙහි වූයේම වේ. නොඇදව සෘජුව කළ සිදුරෙහි කබල මැදින් වැගිරීම් වසයෙන් කරවිය යුතුයයි අර්‍ත්‍ථකථාවන්හි කියනලදී. එය වනාහි කබලෙහි ඇතුළතද පිටතද පටන් කබල මැද හැර ඉතිරිකොට කළ සිදුරෙහි තටාකයක්හුගේ සීමා බිඳීම හා සමාන වේ. ඇතුළත පටන් කළ සිදුරෙහි වනාහි බැහැරි කෙළවරින්ද, පිටත පටන්කළ සිදුරෙහි ඇතුළත කෙළවරින්ද කරවිය යුත්තේය යන මෙය මෙහි යුක්තියයි. යම් මහණෙක්තෙමේ පෙරළී යන්නේයයි සොරසිතින් සැළිය තබා තුබූ දරණුව හෝ පිටිවහල පිණිස තැබූ ගල්කැට හෝ පහකෙරේද, සැළිය පෙරළී ගිය කල්හි පාරාජිකය වේ. තෙල් වැගිරෙන බව දැන හිස් සැළියෙහි දැදුරු බවෙහි හෝ සිදුරු හෝ කළකල්හි පසුව නික්මගිය තෙල් පමණින් භණ්ඩදෙය්‍ය වේ. අර්‍ත්‍ථකථාවන්හි වනාහි කිසිතැනක පාරාජිකයයිද කියන ලදී. එය ප්‍රමාදයෙන් කියන ලද්දක් වේ.

පරිපුණ‍්ණාය කුම‍්භියා උපරි කථලං වා පාසාණං වා “පතිත්‍වා භින්‍දිස‍්සති, තතො තෙලං පග‍්ඝරිස‍්සතී”ති ථෙය්‍යචිත‍්තෙන දුබ‍්බන්‍ධං වා කරොති, දුට‍්ඨපිතං වා ඨපෙති, අවස‍්සපතනකං තථා කරොන‍්තස‍්ස කතමත‍්තෙ පාරාජිකං. රිත‍්තකුම‍්භියා උපරි කරොති, තං පච‍්ඡා පුණ‍්ණකාලෙ පතිත්‍වා භින්‍දති, භණ‍්ඩදෙය්‍යං. ඊදිසෙසු හි ඨානෙසු භණ‍්ඩස‍්ස නත්‍ථිකාලෙ කතපයොගත‍්තා ආදිතොව පාරාජිකං න හොති. භණ‍්ඩවිනාසද‍්වාරස‍්ස පන කතත‍්තා භණ‍්ඩදෙය්‍යං හොති. ආහරාපෙන‍්තෙසු අදදතො සාමිකානං ධුරනික‍්ඛෙපෙන පාරාජිකං.

පිරීසිටි සැළිය මතුවෙහි කැටක් හෝ ගලක් වැටීමෙන් සැළිය බිඳෙන්නීය, එයින් තෙල් වැගිරෙන්නේ යයි දැන සොරසිතින් නොමනා බැඳීමක් හෝ කෙරේද, නොමනාව තබන ලද්දක්කොට හෝ තබාද, එකකින් තෙල් වැගිරෙන්නක්කොට හෝ තබාද, එසේ කරන්නහුට කළ ඇසිල්ලෙහි පාරාජිකය වේ. හිස්සැළිය මතුවෙහි මෙසේ වූ යමක් කෙරේද, පසුව එය පිරීගියකල්හි වැටී බිඳේද, භණ්ඩදෙය්‍ය වේ. මෙබඳු තන්හි භාණ්ඩයක් නැති කල්හි කළ ප්‍රයොගය බැවින් පළමුකොටම පාරාජිකය නොවේ. භාණ්ඩ විනාශයට දොරටුවක් කළ බැවින් භණ්ඩදෙය්‍ය වේ. ගෙන්වන කල්හි නොදෙන්නහුට අයිතිකරුවන්ගේ ධුරනිඃක්‍ෂෙයෙන් පාරාජිකය වේ.

ථෙය්‍යචිත‍්තෙන මාතිකං උජුකං කරොති “වට‍්ටිත්‍වා වා ගමිස‍්සති, වෙලං වා උත‍්තරාපෙස‍්සතී”ති ; වට‍්ටිත්‍වා වා ගච‍්ඡතු, වෙලං වා උත‍්තරතු, උජුකරණකාලෙ පාරාජිකං. ඊදිසා හි පයොගා පුබ‍්බපයොගාවහාරෙ සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. සුක‍්ඛමාතිකාය උජුකතාය පච‍්ඡා උදකෙ ආගතෙ වට‍්ටිත්‍වා වා ගච‍්ඡතු, වෙලං වා උත‍්තරතු, භණ‍්ඩදෙය්‍යං. කස‍්මා? ඨානා චාවනපයොගස‍්ස අභාවා. තස‍්ස ලක‍්ඛණං නාවට‍්ඨෙ ආවි භවිස‍්සති.

‘පෙරළී හෝ යන්නේය, වේල්ල හෝ උතුරුවා ලන්නේය’යි සොර සිතින් සොරොව්ව ඍජුකරන කාලයෙහි පාරාජිකය වේ. මෙබඳු ප්‍රයෝග පූර්‍වප්‍රයොගාවහාරයෙහි සඞ්ග්‍රහයට යති. වියලි සොරොව්ව සෘජුකළ කල්හි පසුව ජලය ගලා ආකල්හි පෙරළී හෝ යේවා, වේල්ල හෝ උතුරායේවා, භණ්ඩදෙය්‍ය වේ. කුමහෙයින්දයත්: ඨානාචාවනප්‍රයොගය නැති බැවිනි. එහි ලක්‍ෂණ නැවෙහි තුබූ භාණ්ඩ විනිශ්චයෙහි ප්‍රකාශ වන්නේය.

තත්‍ථෙව භින්‍දති වාතිආදීසු අට‍්ඨකථායං තාව වුත‍්තං – “භින්‍දති වාති මුග‍්ගරෙන පොථෙත්‍වා භින්‍දති. ඡඩ‍්ඩෙති වාති උදකං වා වාලිකං වා ආකිරිත්‍වා උත‍්තරාපෙති. ඣාපෙති වාති දාරූනි ආහරිත්‍වා ඣාපෙති. අපරිභොගං වා කරොතීති අඛාදිතබ‍්බං වා අපාතබ‍්බං වා කරොති; උච‍්චාරං වා පස‍්සාවං වා විසං වා උච‍්ඡිට‍්ඨං වා කුණපං වා පාතෙසි, ආපත‍්ති දුක‍්කටස‍්සාති ඨානාචාවනස‍්ස නත්‍ථිතාය දුක‍්කටං, බුද‍්ධවිසයො නාමෙසො. කිඤ‍්චාපි දුක‍්කටං, ආහරාපෙන‍්තෙ පන භණ‍්ඩදෙය්‍ය”න‍්ති. තත්‍ථ පුරිමද‍්වයං න සමෙති. තඤ‍්හි කුම‍්භිජජ‍්ජරකරණෙන ච මාතිකාඋජුකරණෙන ච සද‍්ධිං එකලක‍්ඛණං. පච‍්ඡිමං පන ද‍්වයං ඨානා අචාවෙන‍්තෙනාපි සක‍්කා කාතුං. තස‍්මා එත්‍ථ එවං විනිච‍්ඡයං වදන‍්ති – “අට‍්ඨකථායං කිර ‘ඨානා චාවනස‍්ස නත්‍ථිතාය දුක‍්කට’න‍්ති ඉදං පච‍්ඡිමද‍්වයං සන්‍ධාය වුත‍්තං. ඨානා චාවනං අකරොන‍්තොයෙව හි ථෙය්‍යචිත‍්තෙන වා විනාසෙතුකාමතාය වා ඣාපෙය්‍යපි, අපරිභොගම‍්පි කරෙය්‍ය. පුරිමද‍්වයෙ පන වුත‍්තනයෙන භින්‍දන‍්තස‍්ස වා ඡඩ‍්ඩෙන‍්තස‍්ස වා ඨානා චාවනං අත්‍ථි, තස‍්මා තථා කරොන‍්තස‍්ස විනාසෙතුකාමතාය භණ‍්ඩදෙය්‍යං, ථෙය්‍යචිත‍්තෙන පාරාජික”න‍්ති. පාළියං “දුක‍්කට”න‍්ති වුත‍්තත‍්තා අයුත‍්තන‍්ති චෙ? න; අඤ‍්ඤථා ගහෙතබ‍්බත්‍ථතො. පාළියඤ‍්හි ථෙය්‍යචිත‍්තපක‍්ඛෙ “භින්‍දති වාති උදකෙන සම‍්භින්‍දති, ඡඩ‍්ඩෙති වාති තත්‍ථ වමති වා පස‍්සාවං වා ඡඩ‍්ඩෙතී”ති එවමෙකෙ වදන‍්ති.

‘තත්‍ථෙව භින්‍දති වා’ යනාදියෙහි අර්‍ත්‍ථකථාවෙහි වනාහි මෙසේ කියන ලදී. ‘භින්‍දති වා’ මුගුරෙන් තළා බිඳීද, ‘ඡඩ්ඩෙති වා’ ජලය හෝ වැලි වගුරුවා උතුරවා හරීද, ‘ඣාපෙති වා’ දර ගෙනවුත් දවාද, ‘අපරීභොගං වා කරොති’ නොකෑයුත්තක් හෝ නොපිව යුත්තක් හෝ කරාද, මල හෝ මුත්‍ර හෝ විසක් හෝ ඉඳුල් හෝ කුණපයක් හෝ හෙලාද, ‘ආපත්ති දුක්කටස්ස’ තුබූතැනින් ගිලිහීමක් නැති බැවින් දුක්කටාපත්තිය වේ. මේ විනිශ්චය බුද්ධවිෂය නම්වේ. කෙසේ නමුත් දුක්කටය වේ. ගෙන්වන කල්හි භණ්ඩදෙය්‍යයි කියන ලදී. එහි බිඳීම හා බැහැරලීම යන පළමු දැක්වූ දෙක සමනොවේ එය සැළිය දැදුරුකිරීම සමගද සොරොව්ව සෘජුකිරීම සමගද එකලක්‍ෂණ වේ. දැවීම පරිභොග නොකිරීම යන පැසුළු කියූ දෙක තුබූතැනින් පහනොකරන්නහු විසින්ද, කටහැක්කේය. එහෙයින් මෙහි මෙසේ විනිශ්චය කියත්. අර්‍ත්‍ථකථාවෙහි වනාහි තුබූතැනින් පහකිරීමක් නැති බැවින් දුක්කටයි මේ පශ්චිමද්වය සඳහා කියන ලදී. තුබූතැනින් පහකිරීම නොකරනුයේම තමන් හෝ අන්හු හෝ හෙලනු කැමැත්තෙන් උපන් සොරසිතින් හෝ අත්පා සිඳින්නාක් මෙන් හුදෙක් විනාශ කරනු කැමැත්තෙන් හෝ එය දැවීමද කරන්නේය. අපරිභොගයද කරන්නේය. පළමු දෙක්හි කියූලෙසින් මුගුරෙන් තළා බිඳින්නහුටද, දිය වත්කර උතුරුවන්නහුටද ඨානාචාවනය ඇත්තේද එහෙයින් එසේ කරන්නහුට, නසනු කැමති බැවින් භණ්ඩදෙය්‍ය වේ. සොරසිත කරනකොට පාරාජිකය වේ. පාළියෙහි ‘දුක්කට’යි කියූබැවින් අයුතුදයත්: අයුතුනොවේ. අන්පරිද්දෙකින් ගතයුතු අර්‍ත්‍ථ ඇති බැවිනි. පෙළෙහි වනාහි ථෙය්‍යචිත්තපක්‍ෂයෙහි ‘භින්‍දති වා’ ජලයෙන් බිඳියි. ‘ඡඩ්ඩෙති වා’ එහි මල හෝ මූත්‍ර හෝ දමා, යන මෙහි ඇතැම්හු මෙසේ කියත්.

අයං පනෙත්‍ථ සාරො – විනීතවත්‍ථුම‍්හි තිණජ‍්ඣාපකො විය ඨානා අචාවෙතුකාමොව කෙවලං භින්‍දති, භින‍්නත‍්තා පන තෙලාදීනි නික‍්ඛමන‍්ති, යං වා පනෙත්‍ථ පත්‍ථින‍්නං, තං එකාබද‍්ධමෙව තිට‍්ඨති. අඡඩ‍්ඩෙතුකාමොයෙව ච කෙවලං තත්‍ථ උදකවාලිකාදීනි ආකිරති, ආකිණ‍්ණත‍්තා පන තෙලං ඡඩ‍්ඩීයති. තස‍්මා වොහාරවසෙන “භින්‍දති වා ඡඩ‍්ඩෙති වා”ති වුච‍්චතීති. එවමෙතෙසං පදානං අත්‍ථො ගහෙතබ‍්බො. නාසෙතුකාමතාපක‍්ඛෙ පන ඉතරථාපි යුජ‍්ජති. එවඤ‍්හි කථියමානෙ පාළි ච අට‍්ඨකථා ච පුබ‍්බාපරෙන සංසන්‍දිත්‍වා කථිතා හොන‍්ති. එත‍්තාවතාපි ච සන‍්තොසං අකත්‍වා ආචරියෙ පයිරුපාසිත්‍වා විනිච‍්ඡයො වෙදිතබ‍්බොති.

මේ මෙහි සාරය වේ: විනීතවස්තුවෙහි තණ දැවු මහණහු මෙන් තුබූතැනින් පහකරණු නොකැමැත්තේම එකලාව බිඳියි. බිඳුනු බැවින් තෙල් ආදිය නික්මෙයි. යමක් මෙහි පැතුරුණේද එය එකටම බැඳීසිටියි. බැහැරලනු නොකැමැත්තේම එකලාව එහි දිය වැලි ආදිය වගුරවයි. වගුරණ ලද බැවින් වනාහි තෙල් පහවී යයි. එහෙයින් ව්‍යවහාර වශයෙන් ‘භින්‍දති වා ඡඩ්ඩෙති වා’යි කියනු ලැබේනුයි මෙසේ පදයන්ගේ අර්‍ත්‍ථය ගතයුත්තේය. නාසෙතුකාමතා පක්‍ෂයෙහි වනාහි සොරසිත් නැති බැවින් ඨානාචාවනය කරනු කැමැත්තහුටද අන් අයුරකින්ද දුක්කටය යෙදේ. මෙසේ වනාහි කියනු ලබන කල්හිද අර්‍ත්‍ථකථාවද පූර්‍වාපරය හා සසඳා මනාකොට කියන ලද්දහු වෙත්. මෙපමණකුදු සතුටට නොපැමිණ ගුරුන් ඇසුරුකොට විනිශ්චය දතයුතුය.

භූමට‍්ඨකථා නිට‍්ඨිතා.

භුම්මට්ඨකථාව නිමි.