යෙදුමෙන් කියවන්න

පඤ‍්චවීසතිඅවහාරකථා අට‍්ඨකථා

පඤ‍්චවීසතිඅවහාරකථා

පඤ්චවීසතිඅවහාරකථා

අපිච ඉමානි ඡ පදානි වණ‍්ණෙන‍්තෙන පඤ‍්ච පඤ‍්චකෙ සමොධානෙත්‍වා පඤ‍්චවීසති අවහාරා දස‍්සෙතබ‍්බා. එවං වණ‍්ණයතා හි ඉදං අදින‍්නාදානපාරාජිකං සුවණ‍්ණිතං හොති. ඉමස‍්මිඤ‍්ච ඨානෙ සබ‍්බඅට‍්ඨකථා ආකුලා ලුළිතා දුවිඤ‍්ඤෙය්‍යවිනිච‍්ඡයා. තථා හි සබ‍්බඅට‍්ඨකථාසු යානි තානි පාළියං “පඤ‍්චහාකාරෙහි අදින‍්නං ආදියන‍්තස‍්ස ආපත‍්ති පාරාජිකස‍්ස, පරපරිග‍්ගහිතඤ‍්ච හොතී”තිආදිනා නයෙන අවහාරඞ‍්ගානි වුත‍්තානි, තානිපි ගහෙත්‍වා කත්‍ථචි එකං පඤ‍්චකං දස‍්සිතං, කත්‍ථචි “ඡහාකාරෙහී”ති ආගතෙහි සද‍්ධිං ද‍්වෙ පඤ‍්චකානි දස‍්සිතානි. එතානි ච පඤ‍්චකානි න හොන‍්ති. යත්‍ථ හි එකෙකෙන පදෙන අවහාරො සිජ‍්ඣති, තං පඤ‍්චකං නාම වුච‍්චති. එත්‍ථ පන සබ‍්බෙහිපි පදෙහි එකොයෙව අවහාරො. යානි ච තත්‍ථ ලබ‍්භමානානියෙව පඤ‍්චකානි දස‍්සිතානි, තෙසම‍්පි න සබ‍්බෙසං අත්‍ථො පකාසිතො. එවමිමස‍්මිං ඨානෙ සබ‍්බඅට‍්ඨකථා ආකුලා ලුළිතා දුවිඤ‍්ඤෙය්‍යවිනිච‍්ඡයා. තස‍්මා පඤ‍්ච පඤ‍්චකෙසමොධානෙත්‍වා දස‍්සියමානා ඉමෙ පඤ‍්චවීසති අවහාරා සාධුකං සල‍්ලක‍්ඛෙතබ‍්බා.

අනෙකක් වේ: මේ පදසය වර්‍ණනා කරන්නහු විසින් පඤ්චක පස එක්කොට පස්විසි අවහාරද දැක්විය යුතුය. මෙසේ වර්‍ණනා කරන්නහු විසින්ම මේ අදින්නාදාන පාරාජිකය මැනවින් වර්‍ණනා කරන ලද්දේ වේ. මෙතැනද සියලු අර්‍ත්‍ථකථා අවුල්වූවාහු කැළඹීගියාහු දැනගත නොහැකි විනිශ්චය ඇත්තාහ. ඒ එසේමය. සියලු අර්‍ත්‍ථකතාවන්හි පෙළෙහි ‘පඤ්චහි ආකාරහි අදින්නං ආදියන්තස්ස ආපත්ති පාරාජිකස්ස පරපරිග්ගහිතඤ්ච හොති’ යනාදි ක්‍රමයෙන් යම් ඒ අවහාරඞ්ග දක්වන ලද්දේද, ඒ අවහාරාඞ්ගද ගෙන කිසිතැනක එක් පඤ්චකයක් දක්වන ලද්දේය කිසිතැනක ‘ඡහාකාරෙහි’යි ආවුන් සමග පඤ්චක දෙකක් දක්වන ලද්දේය. මොවුහුම පඤ්චකයෝ නොවෙත්. යම්තැනෙක වනාහි එක්එක් පදයකින් අවහාරය සිදුවේද, එය පඤ්චක නමැයි කියනු ලැබේ. ‘පඤ්චහාකාරෙහි’ යන මෙහි වනාහි ‘පරපරිග්ගහිතං’ යනාදී වූ සියලු පදයන්ගෙන්ම එක්ම අවහාරයක් ගැනේ. එහි ලැබෙන යම්ම පඤ්චක කෙනෙක් දක්වන ලද්දාහුද, ඒ සියලුම පඤ්චකයන්ගේද අර්‍ත්‍ථය නොදක්වන ලද්දේය. මෙසේ මෙතන්හි සියලු අර්‍ත්‍ථකථාවෝ අවුල් වූවාහු කැළඹී ගියාහු දැනගත නොහැකි විනිශ්චය ඇත්තාහුද එහෙයින් පඤ්චකපස එක්කොට දක්වන මේ පස්විසිඅවහාරයෝ මනාකොට සලකා බැලිය යුත්තාහ.

පඤ‍්ච පඤ‍්චකානි නාම – නානාභණ‍්ඩපඤ‍්චකං, එකභණ‍්ඩපඤ‍්චකං, සාහත්‍ථිකපඤ‍්චකං, පුබ‍්බපයොගපඤ‍්චකං , ථෙය්‍යාවහාරපඤ‍්චකන‍්ති. තත්‍ථ නානාභණ‍්ඩපඤ‍්චකඤ‍්ච එකභණ‍්ඩපඤ‍්චකඤ‍්ච “ආදියෙය්‍ය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපථං විකොපෙය්‍ය, ඨානා චාවෙය්‍යා”ති ඉමෙසං පදානං වසෙන ලබ‍්භන‍්ති. තානි පුබ‍්බෙ යොජෙත්‍වා දස‍්සිතනයෙනෙව වෙදිතබ‍්බානි. යං පනෙතං “සඞ‍්කෙතං වීතිනාමෙය්‍යා”ති ඡට‍්ඨං පදං, තං පරිකප‍්පාවහාරස‍්ස ච නිස‍්සග‍්ගියාවහාරස‍්ස ච සාධාරණං. තස‍්මා තං තතියපඤ‍්චමෙසු පඤ‍්චකෙසු ලබ‍්භමානපදවසෙන යොජෙතබ‍්බං. වුත‍්තං නානාභණ‍්ඩපඤ‍්චකඤ‍්ච එකභණ‍්ඩපඤ‍්චකඤ‍්ච.

පස්පඤ්චක නම්: නානාභණ්ඩපඤ්චක - එකභණ්ඩපඤ්චක - සාහත්‍ථිකපඤ්චක - පුබ්බපයොගපඤ්චක - ථෙය්‍යාවහාරපඤ්චක යන මේය. එහි නානාභණ්ඩ පඤ්චකය හා එකභණ්ඩපඤ්චකයද, ආදියෙය්‍ය, හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපථං විකොපෙය්‍ය, ඨානාචාවෙය්‍ය’ යන මේ පදයන්ගේ වසයෙන් ලැබෙන්නේය. ඔවුහු පෙර යොදා දැක්වු ලෙසින්ම දතයුත්තාහ. යම් මේ ‘සංකෙතං වීතිනාමෙය්‍ය’ යන මේ සවනපදයක්වේද, එය පරිකප්පාවහාරයටද, නිස්සග්ගියාවහාරයටද සාධාරණ වේ. එහෙයින් ඒ සවන පදය තෙවන පස්වන සාහත්‍ථික - ථෙය්‍යවහාර පඤ්චකයන්හි ලැබෙන පදයන්ගේ වසයෙන් යෙදිය යුතුය. නානාභණ්ඩපඤ්චකය හා එකභණ්ඩපඤ්චකය කියන ලද්දේය.

කතමං සාහත්‍ථිකපඤ‍්චකං? පඤ‍්ච අවහාරා – සාහත්‍ථිකො, ආණත‍්තිකො, නිස‍්සග‍්ගියො, අත්‍ථසාධකො, ධුරනික‍්ඛෙපොති. තත්‍ථ සාහත්‍ථිකො නාම පරස‍්ස භණ‍්ඩං සහත්‍ථා අවහරති. ආණත‍්තිකො නාම “අසුකස‍්ස භණ‍්ඩං අවහරා”ති අඤ‍්ඤං ආණාපෙති. නිස‍්සග‍්ගියො නාම අන‍්තොසුඞ‍්කඝාතෙ ඨිතො බහිසුඞ‍්කඝාතං පාතෙති, ආපත‍්ති පාරාජිකස‍්සාති, ඉමිනා ච සද‍්ධිං “සඞ‍්කෙතං වීතිනාමෙය්‍යා”ති ඉදං පදයොජනං ලභති. අත්‍ථසාධකො නාම “අසුකං නාම භණ‍්ඩං යදා සක‍්කොසි, තදා අවහරා”ති ආණාපෙති. තත්‍ථ සචෙ පරො අනන‍්තරායිකො හුත්‍වා තං අවහරති, ආණාපකො ආණත‍්තික‍්ඛණෙයෙව පාරාජිකො හොති, අවහාරකො පන අවහටකාලෙ. අයං අත්‍ථසාධකො. ධුරනික‍්ඛෙපො පන උපනික‍්ඛිත‍්තභණ‍්ඩවසෙන වෙදිතබ‍්බො. ඉදං සාහත්‍ථිකපඤ‍්චකං.

සාහත්‍ථිකපඤ්චකය කවරේද යත්:- සාහත්‍ථික - ආණත්තික - නිස්සග්ගිය අත්‍ථසාධක - ධුරනික්‍ඛෙපයි අවහාර පසක් වේ. එහි සාභර්‍ත්‍ථිකනම්, අන්හු අයත් භාණ්ඩයක් සියතින් ගැනීමය. ආණත්තිකනම්, අසුවල් තැනැත්තහුගේ භාණ්ඩය ගනුවයි ඇණවීමය. නිස්සග්ගියනම්, අයබදු ගන්නා තැන ඇතුළත සිටියේ පාරාජිකයට පමණවන භාණ්ඩයක් අයබදු ගන්නා තැනින් පිටතට හෙළාද, පාරාජිකාපත්තිය වන්නීය, යන මේ සමග ‘සඞ්කෙතං වීතිනාමෙය්‍ය’ යන මේ පදය යෙදීම ලබාද ඒ ය. අත්‍ථසාධකනම්, ‘අසුවල් භාණ්ඩය යම් කලක ගතහැක්කේද එකල්හි ගණුවයි අණ කෙරේද ඒ ය. එහි අණ ලදුයේ අන්තරායක් නැතිව එය ගනීද, අණකළ තැනැත්තේ ඇණවූ කෙණෙහිම පාරාජික වේ. අවහාරකතෙමේ සොරාගත් කල්හි පාරාජික වේ. මේ අත්‍ථසාධකයයි. ධුරනික්‍ඛෙපය වනාහි රැකීම පිණිස තමන් වෙත තැබූ භාණ්ඩය වසයෙන් දතයුතුය. මේ සාහර්‍ත්‍ථක පඤ්චකයයි.

කතමං පුබ‍්බපයොගපඤ‍්චකං? අපරෙපි පඤ‍්ච අවහාරා – පුබ‍්බපයොගො, සහපයොගො, සංවිදාවහාරො, සඞ‍්කෙතකම‍්මං, නිමිත‍්තකම‍්මන‍්ති. තත්‍ථ ආණත‍්තිවසෙන පුබ‍්බපයොගො වෙදිතබ‍්බො. ඨානා චාවනවසෙන සහපයොගො. ඉතරෙ පන තයො පාළියං (පාරා· 118-120) ආගතනයෙනෙව වෙදිතබ‍්බාති. ඉදං පුබ‍්බපයොගපඤ‍්චකං.

පුබ්බපයොගපඤ්චකය කවරේදයත්: පුබ්බපයොග - සහපයොග - සංවිදාවහාර - සඞ්කෙතකම්ම - නිමිත්තකම්මයි අන්‍යවූද අවහාර පසක් වේ. එහි අණකිරීම් වසයෙන් පුබ්බපයොගය දතයුතුය. තුබූතැනින් පහකිරීම් ආදීහුද මෙහි ඇතුළත් වෙත්. සංවිදාවහාරාදී වූ අන්‍ය වූ ත්‍රිවිධ ප්‍රයොග පෙළෙහි ආලෙසින් දතයුත්තේය. මේ පූර්‍වප්‍රයොගපඤ්චකයයි.

කතමං ථෙය්‍යාවහාරපඤ‍්චකං? අපරෙපි පඤ‍්ච අවහාරා – ථෙය්‍යාවහාරො, පසය‍්හාවහාරො, පරිකප‍්පාවහාරො , පටිච‍්ඡන‍්නාවහාරො, කුසාවහාරොති. තෙ පඤ‍්චපි “අඤ‍්ඤතරො භික‍්ඛු සඞ‍්ඝස‍්ස චීවරෙ භාජියමානෙ ථෙය්‍යචිත‍්තො කුසං සඞ‍්කාමෙත්‍වා චීවරං අග‍්ගහෙසී”ති (පාරා· 138) එතස‍්මිං කුසසඞ‍්කාමනවත්‍ථුස‍්මිං වණ‍්ණයිස‍්සාම. ඉදං ථෙය්‍යාවහාරපඤ‍්චකං. එවමිමානි පඤ‍්ච පඤ‍්චකානි සමොධානෙත්‍වා ඉමෙ පඤ‍්චවීසති අවහාරා වෙදිතබ‍්බා.

ථෙය්‍යාවහාරපඤ්චකය කවරේද යත්: ථෙය්‍යාවහාර - පස්යහාව හාර - පරිකප්පාවහාර - පටිච්ඡන්නාවහාර - කුසාවහාර යි අන්‍යවූද අවහාරපසක් වේ. එහි යමෙක් ගෘහසන්‍ධි බිඳීම් ආදියකොට අන්හු විසින් නොදක්නා ලද්දේ ගනීද, තුලාකූට - මානකූට - කහවණු ආදියෙන් අන්හු රවටා හෝ ගනීද, මෙසේ ගැනීම ථෙය්‍යාවහාර නමි. මැඩලා බලාත්කාරකම් කොට ගැනීම පසය්හාවහාර නමි. භාණ්ඩ වසයෙන් හා අවකාස වසයෙන් කල්පනා කොට ගැණීම පරිකප්පාවහාර නමි. තණපත් ආදියෙන් ඇඟිලි මුදු ආදිය වසාදමා පසුව ගැනීම පටිච්ඡන්නාවහාර නමි. කුසපත්කොට පෙරළා ගැනීම කුසාවහාර නමි. ඒ අවහාරපසද ‘අඤ්ඤතරො භික්‍‍‍ඛු සඞ්ඝස්ස චීවරෙ භාජීයමානෙ ථෙය්‍යචිත්තො කුසං සඞ්කාමෙත්‍වා චීවරං අග්ගහෙසි’ යන මේ කුසසඞ්කාමණ වස්තුවෙහිදී විස්තර වශයෙන් කියන්නෙමු. මේ ථෙය්‍යාවහාර පඤ්චකයයි. මෙසේ මේ පඤ්චකපස එක්කොට පස්විසිඅවහාර දතයුතුය.

ඉමෙසු ච පන පඤ‍්චසු පඤ‍්චකෙසු කුසලෙන විනයධරෙන ඔතිණ‍්ණං වත්‍ථුං සහසා අවිනිච‍්ඡිනිත්‍වාව පඤ‍්ච ඨානානි ඔලොකෙතබ‍්බානි. යානි සන්‍ධාය පොරාණා ආහු –

පඤ්චකපසෙහි දක්‍ෂ වූ විනයධරයා විසින් අවතීර්‍ණ වස්තුව වහා විනිශ්චය නොකොට කරුණු පසක් බැලිය යුතුය. ඒ කරුණුපස පුරාණයෝ මෙසේකීහු:

“වත්‍ථුං කාලඤ‍්ච දෙසඤ‍්ච, අග‍්ඝං පරිභොගපඤ‍්චමං; තුලයිත්‍වා පඤ‍්ච ඨානානි, ධාරෙය්‍යත්‍ථං විචක‍්ඛණො”ති.

‘වත්‍ථුං කාලඤ්ච දෙසඤ්ච - අග්ඝං පරිභොගපඤ්චමං, තුලයිත්‍වා පඤ්චඨානාති - ධාරෙය්‍යත්‍ථං විචක්‍ඛණො’යි

විචක්‍ෂණතෙමේ වස්තුවද කාලයද දෙශයද අගයද පස්වනපරිභොගයද යන කරුණුපස පරීක්‍ෂාකොට බලා අර්‍ත්‍ථය දරන්නේය.

තත්‍ථ වත්‍ථුන‍්ති භණ‍්ඩං; අවහාරකෙන හි “මයා ඉදං නාම අවහට”න‍්ති වුත‍්තෙපි ආපත‍්තිං අනාරොපෙත්‍වාව තං භණ‍්ඩං සස‍්සාමිකං වා අස‍්සාමිකං වාති උපපරික‍්ඛිතබ‍්බං. සස‍්සාමිකෙපි සාමිකානං සාලයභාවො වා නිරාලයභාවො වා උපපරික‍්ඛිතබ‍්බො. සචෙ තෙසං සාලයකාලෙ අවහටං, භණ‍්ඩං අග‍්ඝාපෙත්‍වා ආපත‍්ති කාතබ‍්බා. සචෙ නිරාලයකාලෙ , න පාරාජිකෙන කාරෙතබ‍්බො. භණ‍්ඩසාමිකෙසු පන භණ‍්ඩං ආහරාපෙන‍්තෙසු භණ‍්ඩං දාතබ‍්බං. අයමෙත්‍ථ සාමීචි.

එහි වත්‍ථු නම් භාණ්ඩයයි. අවහාරකයා විසින් වනාහි ‘මා විසින් මෙනම් භාණ්ඩය පැහැරගන්නා ලදැ’යි කියූකල්හිද ඇවැත නොනගාම ‘ඒ භාණ්ඩය සස්වාමිකද අස්වාමිකදැ’යි පරීක්‍ෂා කටයුතුය. සස්වාමික භාණ්ඩයෙහිද හිමියන්ගේ ආලය සහිතබව හා ආලය රහිතබව පරීක්‍ෂා කටයුතුය. ඉදින් හිමියන්ගේ ආලය තුබූකාලයෙහි ඒ භාණ්ඩය පැහැරගන්නා ලද්දේනම් භාණ්ඩයෙහි වටිනාකම සොයාබලා හාණ්ඩය අගයකරවා ඇවැත නැගිය යුතුය. ඉදින් නිරාලය කාලයෙහි ගන්නා ලද්දේ නම් පාරාජිකාපත්තියෙන් ඇවැත් නොනැගිය යුතුය. භාණ්ඩ හිමියන් භාණ්ඩය ඉල්ලා සිටි කල්හි භාණ්ඩය ගෙවනකල්හි භාණ්ඩය ඔවුනට දියයුතුය. මේ මෙහි වතයි.

ඉමස‍්ස පනත්‍ථස‍්ස දීපනත්‍ථමිදං වත්‍ථු – භාතියරාජකාලෙ කිර මහාචෙතියපූජාය දක‍්ඛිණදිසතො එකො භික‍්ඛු සත‍්තහත්‍ථං පණ‍්ඩුකාසාවං අංසෙ කරිත්‍වා චෙතියඞ‍්ගණං පාවිසි; තඞ‍්ඛණමෙව ච රාජාපි චෙතියවන්‍දනත්‍ථං ආගතො. තත්‍ථ උස‍්සාරණාය වත‍්තමානාය මහාජනසම‍්මද‍්දො අහොසි. අථ සො භික‍්ඛු ජනසම‍්මද‍්දපීළිතො අංසතො පතන‍්තං කාසාවං අදිස‍්වාව නික‍්ඛන‍්තො; නික‍්ඛමිත්‍වා ච කාසාවං අපස‍්සන‍්තො “කො ඊදිසෙ ජනසම‍්මද‍්දෙ කාසාවං ලච‍්ඡති, න දානි තං මය‍්හ”න‍්ති ධුරනික‍්ඛෙපං කත්‍වා ගතො. අථඤ‍්ඤො භික‍්ඛු පච‍්ඡා ආගච‍්ඡන‍්තො තං කාසාවං දිස‍්වා ථෙය්‍යචිත‍්තෙන ගහෙත්‍වා පුන විප‍්පටිසාරී හුත්‍වා “අස‍්සමණො දානිම‍්හි, විබ‍්භමිස‍්සාමී”ති චිත‍්තෙ උප‍්පන‍්නෙපි “විනයධරෙ පුච‍්ඡිත්‍වා ඤස‍්සාමී”ති චින‍්තෙසි.

මේ අර්‍ත්‍ථය පැහැදිලි කරනු පිණිස මේ වස්තුව දතයුතුය. භාතිය රජුගේ කාලයෙහි මහසෑය පුදනු පිණිස දකුණුදිගින් එක්මහණෙක් සත්රියනක් පමණ වූ කසාවතක් කරගෙන සෑමිදුලට පැමිණියේය. එකෙණෙහිම රජතෙමේද සෑය වඳිනු පිණිස එහි පැමිණියේය. එහෙයින් එහි මිනිසුන් ඈත් මෑත් කරන කල්හි මහජනයාගේ මහත් කැළඹීමක් වූයේය. එකල්හි ඒ මහණතෙමේ මහජනයාගේ කැළඹීමෙන් පෙළුනේ කරින් ඇදවැටෙන කසාවත නොදැකම එතැනින් නික්මුනේය. නික්මගොස්ද කසාවත නොදක්නේ ‘කවරෙක් මෙබඳු මහජන කැළඹීමක් පවත්නා කල්හි කසාවත ලබාද, දැන් ඒ වස්ත්‍රය මාගේ නොවේය’යි බලාපොරොත්තුව අතහැර ගියේය. එහිම අන් මහණෙක් පසුව එනුයේ ඒ කසාවත දැක සොරසිතින් එය ගෙන නැවත එහි විපිළිසරව ‘මම දැන් අශ්‍රමණයෙක් වෙමි, සිවුරු හැර යන්නෙමි’යි සිත් උපන්කල්හි විනයධරයන් විචාරා දැනගන්නෙමියි සිතුයේය.

තෙන ච සමයෙන චූළසුමනත්‍ථෙරො නාම සබ‍්බපරියත‍්තිධරො විනයාචරියපාමොක‍්ඛො මහාවිහාරෙ පටිවසති. සො භික‍්ඛු ථෙරං උපසඞ‍්කමිත්‍වා වන්‍දිත්‍වා ඔකාසං කාරෙත්‍වා අත‍්තනො කුක‍්කුච‍්චං පුච‍්ඡි. ථෙරො තෙන භට‍්ඨෙ ජනකායෙ පච‍්ඡා ආගන‍්ත්‍වා ගහිතභාවං ඤත්‍වා “අත්‍ථි දානි එත්‍ථ ඔකාසො”ති චින‍්තෙත්‍වා ආහ – “සචෙ කාසාවසාමිකං භික‍්ඛුං ආනෙය්‍යාසි, සක‍්කා භවෙය්‍ය තව පතිට‍්ඨා කාතු”න‍්ති. “කථාහං, භන‍්තෙ, තං දක‍්ඛිස‍්සාමී”ති? “තහිං තහිං ගන‍්ත්‍වා ඔලොකෙහී”ති. සො පඤ‍්චපි මහාවිහාරෙ ඔලොකෙත්‍වා නෙව අද‍්දක‍්ඛි. තතො නං ථෙරො පුච‍්ඡි – “කතරාය දිසාය බහූ භික‍්ඛූ ආගච‍්ඡන‍්තී”ති? “දක‍්ඛිණදිසාය, භන‍්තෙ”ති. “තෙන හි කාසාවං දීඝතො ච තිරියඤ‍්ච මිනිත්‍වා ඨපෙහි. ඨපෙත්‍වා දක‍්ඛිණදිසාය විහාරපටිපාටියා විචිනිත්‍වා තං භික‍්ඛුං ආනෙහී”ති. සො තථා කත්‍වා තං භික‍්ඛුං දිස‍්වා ථෙරස‍්ස සන‍්තිකං ආනෙසි. ථෙරො පුච‍්ඡි – “තවෙදං කාසාව”න‍්ති? “ආම, භන‍්තෙ”ති. “කුහිං තෙ පාතිත”න‍්ති? සො සබ‍්බං ආචික‍්ඛි. ථෙරො පන තෙන කතං ධුරනික‍්ඛෙපං සුත්‍වා ඉතරං පුච‍්ඡි – “තයා ඉදං කුහිං දිස‍්වා ගහිත”න‍්ති? සොපි සබ‍්බං ආරොචෙසි. තතො නං ථෙරො ආහ – “සචෙ තෙ සුද‍්ධචිත‍්තෙන ගහිතං අභවිස‍්ස, අනාපත‍්තියෙව තෙ අස‍්ස. ථෙය්‍යචිත‍්තෙන පන ගහිතත‍්තා දුක‍්කටං ආපන‍්නොසි. තං දෙසෙත්‍වා අනාපත‍්තිකො හොහි. ඉදඤ‍්ච කාසාවං අත‍්තනො සන‍්තකං කත්‍වා එතස‍්සෙව භික‍්ඛුනො දෙහී”ති. සො භික‍්ඛු අමතෙනෙව අභිසිත‍්තො පරමස‍්සාසප‍්පත‍්තො අහොසීති. එවං වත්‍ථු ඔලොකෙතබ‍්බං.

ඒ කාලයෙහි සර්‍වපර්‍ය්‍යාප්තිධර විනයාචාර්‍ය්‍යන් අතුරෙහි ප්‍රධාන වූ චූලසුමන නම් මහාස්ථවිරයන් වහන්සේ මහාවිහාරයෙහි වැඩවසන සේක. ඒ මහණතෙමේ ඒ මහතෙරුන් වෙත එළඹ ඉඩ ලබාගෙන තමන්ගේ කුකුස ගැන විචාළේය. ස්ථවිරයන් වහන්සේ මහජනයා පහවගිය කල්හි ඔහු විසින් පසුව අවුත් ගත්බව දැන දැන් මෙහි ඉඩක් ඇතැ’යි සිතා ‘ඉදින් කසාවත හිමි මහණහු ගෙනඑන්නෙහිනම්, තට පිහිටක් කරන්නට හැකිය’යි කීහ. ‘ස්වාමීනි! මම දැන් ඔහු කෙසේ දකින්නෙම්දැ’යි විචාළ කල්හි ‘ඒ ඒ තැන ගොස් සොයා බලවු’යි කීහ. ඒ මහණතෙමේ පස්මහ වෙහෙරෙහිද සොයාබලනුයේ කසාවත හිමි මහණහු නොදුටුයේය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ ‘කවර දිසාවකින් බොහෝ භික්‍ෂූහු පැමිණෙත්දැ’යි ඔහුගෙන් ඇසූහ. ‘ස්වාමීනි! දකුණු දිසාවෙනැ’යි ඒ මහණතෙමේ කියේය. ‘එසේනම් කසාවත දිගින්ද පළලින්ද මැන තබව, තබා දකුණු දිසාවෙහි වෙහෙර පිළිවෙළින් සොයාබලා ඒ මහණ කැඳවාගෙන එව’යි කීහ. ඒ මහණතෙමේ එසේකොට කසාවත හිමි මහණහු දැක ඒ මහණහු තෙරුන් වෙතට කැඳවාගෙන ආයේය. ස්ථවිරයන් වහන්සේ ඔහු විසින් කරනලද ධුරනිඃක්‍ෂෙපය අසා කසාවත අවුලාගත් මහණහු අතින් ‘මේ කසාවත කොතැනකදී දැකගන්නා ලදදැ’යි විචාළාහුය. ඔහුද සියලු තොරතුරු කියාසිටියේය. ඉක්බිති ස්ථවිරයන් වහන්සේ ‘තා විසින් මේ කසාවත පිරිසිදු සිතින් ගන්නා ලද්දේ වන්නේනම්, තට අනාපත්තියම වන්නීය, සොර සිතින් ගත්බැවින් දුක්කටයට පැමිණියේ වෙහිය, එහෙයින් එය දෙසා ඇවැත් නැත්තෙක් වෙව, මේ කසාවතද තමන් සතුකොට මේ මහණහුට දෙව’යි ඔහුටම කීහ. ඒ මහණතෙමේ අමායෙන් අභිෂෙක කරන ලද්දෙකු සේ පරමාස්වාදයට පැමිණියේය. මෙසේ වස්තුව බැලිය යුතුය.

කාලොති අවහාරකාලො. තදෙව හි භණ‍්ඩං කදාචි සමග‍්ඝං හොති, කදාචි මහග‍්ඝං. තස‍්මා තං භණ‍්ඩං යස‍්මිං කාලෙ අවහටං, තස‍්මිංයෙව කාලෙ යො තස‍්ස අග‍්ඝො හොති, තෙන අග‍්ඝෙන ආපත‍්ති කාරෙතබ‍්බා. එවං කාලො ඔලොකෙතබ‍්බො.

කාලනම් සොරා ගත් කාලයයි. ඒ භාණ්ඩයම සමහර කලක මදක් අගනේය. සමහර කලක මහත් සේ අගනේය. එහෙයින් ඒ භාණ්ඩය යම් කලක සොරාගන්නා ලද්දේද, ඒ කාලයෙහි ඒ භාණ්ඩයෙහි යම් ඇගීමක්වේද, ඒ ඇගීම අනුව ඇවැත නැගිය යුතුය. මෙසේ කාලය බැලිය යුතුය.

දෙසොති අවහාරදෙසො. තඤ‍්හි භණ‍්ඩං යස‍්මිං දෙසෙ අවහටං, තස‍්මිංයෙව දෙසෙ යො තස‍්ස අග‍්ඝො හොති, තෙන අග‍්ඝෙන ආපත‍්ති කාරෙතබ‍්බා. භණ‍්ඩුට‍්ඨානදෙසෙ හි භණ‍්ඩං සමග‍්ඝං හොති, අඤ‍්ඤත්‍ථ මහග‍්ඝං.

දෙසනම් අවහාරදෙශයයි. ඒ භාණ්ඩය යම් දෙශයක්හිදී සොරා ගන්නා ලද්දේවේද, ඒ දෙශයෙහිම එම භාණ්ඩයෙහි යම් ඇගීමක්වේද, ඒ අගය කරනකොට ඇවැත කටයුත්තීය. බඩු උපදින දෙශයෙහි භාණ්ඩය මදක් අගනේ වේ. අන්තන්හි මාහැගි වේ.

ඉමස‍්සාපි ච අත්‍ථස‍්ස දීපනත්‍ථමිදං වත්‍ථු – අන‍්තරසමුද‍්දෙ කිර එකො භික‍්ඛු සුසණ‍්ඨානං නාළිකෙරං ලභිත්‍වා භමං ආරොපෙත්‍වා සඞ‍්ඛථාලකසදිසං මනොරමං පානීයථාලකං කත්‍වා තත්‍ථෙව ඨපෙත්‍වා චෙතියගිරිං අගමාසි. අථඤ‍්ඤො භික‍්ඛු අන‍්තරසමුද‍්දං ගන‍්ත්‍වා තස‍්මිං විහාරෙ පටිවසන‍්තො තං ථාලකං දිස‍්වා ථෙය්‍යචිත‍්තෙන ගහෙත්‍වා චෙතියගිරිමෙව ආගතො. තස‍්ස තත්‍ථ යාගුං පිවන‍්තස‍්ස තං ථාලකං දිස‍්වා ථාලකසාමිකො භික‍්ඛු ආහ – “කුතො තෙ ඉදං ලද‍්ධ”න‍්ති? “අන‍්තරසමුද‍්දතො මෙ ආනීත”න‍්ති. සො තං “නෙතං තව සන‍්තකං, ථෙය්‍යාය තෙ ගහිත”න‍්ති සඞ‍්ඝමජ‍්ඣං ආකඩ‍්ඪි. තත්‍ථ ච විනිච‍්ඡයං අලභිත්‍වා මහාවිහාරං අගමිංසු. තත්‍ථ භෙරිං පහරාපෙත්‍වා මහාචෙතියසමීපෙ සන‍්නිපාතං කත්‍වා විනිච‍්ඡයං ආරභිංසු. විනයධරත්‍ථෙරා අවහාරං සඤ‍්ඤාපෙසුං.

මේ අර්‍ත්‍ථයාගේ දැක්වීම පිණිස මේ මතු කියනු ලබන වස්තුව වේ: මුහුද මැද දිවයිනෙක එක් මහණක්තෙමේ තමන්ට ලැබුනු මනාසටහන් ඇති නාලිකෙර ඵලයක් ලියනපට්ටලයට නගා සක්තලියක් වැනි මනරම් පැන්තලියක්කොට එහිම තබා සෑගිරියට ගියේය. අන් මහණෙක්තෙමේ මුහුද මැද ඒ දිවයිනට ගොස් එහි වූ විහාරයෙහි වසනුයේ ඒ තලිය දැක සොරසිතින් එය ගෙන සෑගිරියටම ගියේය. එහිදී කැඳ වළඳන ඒ මහණහු අතතුබූ ඒ තලිය දැක තලිය හිමි මහණතෙමේ ‘මේ තලිය කොතැනින් ලදදැ’යි ඔහුගෙන් ඇසීය. ‘මා විසින් මෙය මුහුද මැද දිවයිනෙන් ගෙන එන ලදැ’යි ඔහු කීයේය. එකල්හි තලිය හිමි මහණ තෙමේ ‘මේ තලිය තාසතු නොවේ, මෙය තා විසින් සොරසිතින් ගන්නා ලදැ’යි ඔහු සඟමැදට ඇදගත්තේය. එහිදී විනිශ්චයක් නොලැබ මහාවිහාරයට ගියහ. එහි අණබෙර ගස්වා මහාසෑය සමීපයෙහි රැස්වීම කොට විනිශ්චය ඇරඹුහ. විනයධර ස්ථවිරයන් වහන්සේලා එහි අවහාරය පැණවූහ.

තස‍්මිඤ‍්ච සන‍්නිපාතෙ ආභිධම‍්මිකගොදත‍්තත්‍ථෙරො නාම විනයකුසලො හොති. සො එවමාහ – “ඉමිනා ඉදං ථාලකං කුහිං අවහට”න‍්ති? “අන‍්තරසමුද‍්දෙ අවහට”න‍්ති. “තත්‍රිදං කිං අග‍්ඝතී”ති? “න කිඤ‍්චි අග‍්ඝති. තත්‍ර හි නාළිකෙරං භින්‍දිත්‍වා මිඤ‍්ජං ඛාදිත්‍වා කපාලං ඡඩ‍්ඩෙන‍්ති, දාරුඅත්‍ථං පන ඵරතී”ති. “ඉමස‍්ස භික‍්ඛුනො එත්‍ථ හත්‍ථකම‍්මං කිං අග‍්ඝතී”ති? “මාසකං වා ඌනමාසකං වා”ති. “අත්‍ථි පන කත්‍ථචි සම‍්මාසම‍්බුද‍්ධෙන මාසකෙන වා ඌනමාසකෙන වා පාරාජිකං පඤ‍්ඤත‍්ත”න‍්ති. එවං වුත‍්තෙ “සාධු! සාධු! සුකථිතං සුවිනිච‍්ඡිත”න‍්ති එකසාධුකාරො අහොසි. තෙන ච සමයෙන භාතියරාජාපි චෙතියවන්‍දනත්‍ථං නගරතො නික‍්ඛමන‍්තො තං සද‍්දං සුත්‍වා “කිං ඉද”න‍්ති පුච‍්ඡිත්‍වා සබ‍්බං පටිපාටියා සුත්‍වා නගරෙ භෙරිං චරාපෙසි – “මයි සන‍්තෙ භික‍්ඛූනම‍්පි භික‍්ඛූනීනම‍්පි ගිහීනම‍්පි අධිකරණං ආභිධම‍්මිකගොදත‍්තත්‍ථෙරෙන විනිච‍්ඡිතං සුවිනිච‍්ඡිතං, තස‍්ස විනිච‍්ඡයෙ අතිට‍්ඨමානං රාජාණාය ඨපෙමී”ති. එවං දෙසො ඔලොකෙතබ‍්බො.

ඒ රැස්වීමෙහිදී විනයයෙහි දක්‍ෂ වූ ආභිධම්මිකගොදත්ත මහාස්ථවිරයන් වහන්සේ ‘මොහු විසින් මේ තලිය කොතැනකදී සොරාගන්නා ලදදැ’යි ඇසූහ. මුහුදමැද දිවයිනෙහිදී ගන්නා ලදැයි කියූකල්හි, නැවත ‘මේ තලිය එහි කෙතෙක් අගීදැ’යි ඇසූහ. ‘මෙය එහි කිසිත් නොඅගියි, එහි පොල්ගෙඩිය බිඳ මිදුලු කා පොකටුව බැහැරලන්නාහ, දරපිණිස වන්නේය’යි කීහ. ‘මේ මහණහු විසින් මෙහි කළ අත්කම් කොතරම් අගීදැ’යි ඇසූහ. ‘මස්සක් හෝ උනුමස්සක් හෝ වටීයයි කීයේය. එකල්හි ‘සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින් මස්සකින් හෝ උනුමස්සකින් පණවන ලද පාරාජිකයක් ඇත්තේදැ’යි මෙසේ කියූ කල්හි ‘මැනවි, මැනවි, මැනවින් කියන ලද්දේය, මැනවින් විනිශ්චය කරන ලද්දේය’යි එහි එක්ම සාධුකාරයක් වූයේය. එදවස භාතිය රජතෙමේද සෑය වඳිනු පිණිස නුවරින් නික්මුනේ ඒ සාධුනාදය අසා ‘මේ කිමැ’යි විචාරා සියලු තොරතුරු පිළිවෙළින් අසා ජීවත්ව ඉන්දදී ආභිධම්මිකගොදත්ත මහාස්ථවිරයන් වහන්සේ විසින් භික්‍ෂූන්ගේද භික්‍ෂුණීන්ගේද ගිහියන්ගේද අධිකරණය විනිශ්චය කරන ලද්දේ මනාකොටම විනිශ්චය කරන ලද්දේය, එහෙයින් උන්වහන්සේගේ විනිශ්චයෙහි නොසිටින්නහු රජඅණෙහි තබමි’යි නුවර අණබෙර ගැස්විය. මෙසේ දෙශය බැලිය යුතුය.

අග‍්ඝොති භණ‍්ඩග‍්ඝො. නවභණ‍්ඩස‍්ස හි යො අග‍්ඝො හොති, සො පච‍්ඡා පරිහායති; යථා නවධොතො පත‍්තො අට‍්ඨ වා දස වා අග‍්ඝති, සො පච‍්ඡා භින‍්නො වා ඡිද‍්දො වා ආණිගණ‍්ඨිකාහතො වා අප‍්පග‍්ඝො හොති තස‍්මා න සබ‍්බදා භණ‍්ඩං පකතිඅග‍්ඝෙනෙව කාතබ‍්බන‍්ති. එවං අග‍්ඝො ඔලොකෙතබ‍්බො.

අග්ඝනම් භාණ්ඩයන්ගේ අගයයි. අලුත් භාණ්ඩයක් යම් අගයක්වේද, ඒ අගය පසුව පිරිහීයයි. අලුත සේදූ පාත්‍රය අටක් හෝ දසයක් හෝ යම්සේ අගීද, එය පසුව බිඳුනේ හෝ සිදුරුවූයේ හෝ ගැටයකින් පහරන ලද්දේ හෝ මදඅගය ඇත්තේවේද, එහෙයින් සියලුකල්හි භාණ්ඩය පියවි අගයෙන්ම නොකටයුතුය. මෙසේ අගය බැලිය යුතුය.

පරිභොගොති භණ‍්ඩපරිභොගො. පරිභොගෙනාපි හි වාසිආදිභණ‍්ඩස‍්ස අග‍්ඝො පරිහායති. තස‍්මා එවං උපපරික‍්ඛිතබ‍්බං, සචෙ කොචි කස‍්සචි පාදග‍්ඝනකං වාසිං හරති, තත්‍ර වාසිසාමිකො පුච‍්ඡිතබ‍්බො – “තයා අයං වාසි කිත‍්තකෙන කීතා”ති? “පාදෙන, භන‍්තෙ”ති. “කිං පන තෙ කිණිත්‍වාව ඨපිතා, උදාහු තං වළඤ‍්ජෙසී”ති? සචෙ වදති “එකදිවසං මෙ දන‍්තකට‍්ඨං වා රජනඡල‍්ලිං වා පත‍්තපචනකදාරුං වා ඡින‍්නං, ඝංසිත්‍වා වා නිසිතා”ති. අථස‍්සා පොරාණො අග‍්ඝො භට‍්ඨොති වෙදිතබ‍්බො. යථා ච වාසියා එවං අඤ‍්ජනියා වා අඤ‍්ජනිසලාකාය වා කුඤ‍්චිකාය වා පලාලෙන වා ථුසෙහි වා ඉට‍්ඨකචුණ‍්ණෙන වා එකවාරං ඝංසිත්‍වා ධොවනමත‍්තෙනාපි අග‍්ඝො භස‍්සති. තිපුමණ‍්ඩලස‍්ස මකරදන‍්තච‍්ඡෙදනෙනාපි පරිමජ‍්ජිතමත‍්තෙනාපි, උදකසාටිකාය සකිං නිවාසනපාරුපනෙනාපි පරිභොගසීසෙන අංසෙ වා සීසෙ වා ඨපනමත‍්තෙනාපි, තණ‍්ඩුලාදීනං පප‍්ඵොටනෙනාපි තතො එකං වා ද‍්වෙ වා අපනයනෙනාපි, අන‍්තමසො එකං පාසාණසක‍්ඛරං උද‍්ධරිත්‍වා ඡඩ‍්ඩිතමත‍්තෙනාපි, සප‍්පිතෙලාදීනං භාජනන‍්තරපඅවත‍්තනෙනාපි, අන‍්තමසො තතො මක‍්ඛිකං වා කිපිල‍්ලිකං වා උද‍්ධරිත්‍වා ඡඩ‍්ඩිතමත‍්තෙනාපි, ගුළපිණ‍්ඩකස‍්ස මධුරභාවජානනත්‍ථං නඛෙන විජ‍්ඣිත්‍වා අණුමත‍්තං ගහිතමත‍්තෙනාපි අග‍්ඝො භස‍්සති. තස‍්මා යංකිඤ‍්චි පාදග‍්ඝනකං වුත‍්තනයෙනෙව සාමිකෙහි පරිභොගෙන ඌනං කතං හොති, න තං අවහටො භික‍්ඛු පාරාජිකෙන කාතබ‍්බො. එවං පරිභොගො ඔලොකෙතබ‍්බො. එවං ඉමානි තුලයිත්‍වා පඤ‍්ච ඨානානි ධාරෙය්‍යත්‍ථං විචක‍්ඛණො, ආපත‍්තිං වා අනාපත‍්තිං වා ගරුකං වා ලහුකං වා ආපත‍්තිං යථාඨානෙ ඨපෙය්‍යාති.

පරිභොගනම් භාණ්ඩයන්ගේ පරිභොගයයි. පරිභොගය හෙතුකොටද වෑ පොරෝ ආදි භාණ්ඩයන්ගේ අගය පිරිහීයයි. එහෙයින් මෙසේ පරීක්‍ෂා කටයුතුය: ඉදින් කිසිවෙක් කිසිවෙක්හුගේ පාදයක් අගනා වෑයක් පැහැරගනීද, එහිදී ‘තා විසින් මේ වෑය කොපමණ මුදලකින් ගන්නා ලදදැ’යි වෑහිමියා විචාළ යුතුය. ‘ස්වාමීනි! පාදයෙකිනැ’යි කියූකල්හි ‘කිම තා විසින් මිලදී ගෙනම තබනලදද නොහොත් එය ප්‍රයෝජන ගත්තෙහිදැ’යි විචාළ යුතුය. ‘ස්වාමීනි! එක් දවසක් මා විසින් දැහැට්ටක් හෝ පඬුපතුරු හෝ පාපිසනදර හෝ සිඳින ලද්දේ මුවහත් තබන ලදැ’යි ඔහු කියානම් එකල්හි ඒ වෑයෙහි මුලින් තිබූ අගය පිරිහී ගියේයයි දතයුතුය. වෑයෙහි යම්සේද එසේ අඳුන්කුලාවෙහි හෝ අඳුන්කූරෙහි හෝ කෙස්සෙහි හෝ පිදුරෙන් හෝ වීපොතුවලින් හෝ ගඩොල් කුඩුවලින් හෝ එක් වරක් ගටා සේදූ පමණින්ද අගය පිරිහෙන්නේය. ඊයම් ගුළියෙහි මෝර දත් කැපීමෙන්ද පිරිමැදීම් පමණින්ද, දියසළුව වරක් හැඳීමෙන් හා පෙරවීමෙන්ද ප්‍රයෝජන ගැනීම් වසයෙන් උරහිසෙහි හා හිසෙහි තැබූ පමණින්ද සහල් ආදිය පොළාලීමෙන්ද ඒ සහලින් සහල්ඇට එකක් හෝ දෙකක් බැහැර කිරීමෙන්ද, යටත්පිරිසෙයින් එහි වැටීහුන් මැස්සෙකු හෝ කුඹියෙකු හෝ උදුරාදැමූ පමණින්ද, හකුරුපිඩක මිහිරිබව දැනගනු පිණිස නියෙන් ඇණ කඩා ඉතා මදකුත් නගාගත් පමණින්ද අගය ගිලිහෙන්නේය. එහෙයින් පාදයක් අගනා යම් කිසිවක් කියූනයින්ම හිමියන් විසින් කළ පරිභොගය හේතුකොට අගය අඩුකරන ලද්දේවේද, එය සොරාගත් මහණහට පාරාජිකාපත්තිය නොකටයුතුය. මෙසේ පරිභොගය බැලිය යුතුය. මෙසේ මේ කරුණු පස පරීක්‍ෂාකොට විචක්‍ෂණතෙමේ අර්‍ත්‍ථය දරන්නේය. ආපත්තිය හෝ අනාපත්තිය හෝ ගරුකාපත්තිය හෝ ලහුකාපත්තිය හෝ යථාස්ථානයෙහි තබන්නේය.

නිට‍්ඨිතො “ආදියෙය්‍ය…පෙ… සඞ‍්කෙතං වීතිනාමෙය්‍යා”ති. ඉමෙසං පදානං විනිච‍්ඡයො.

ආදියෙය්‍ය -පෙ- සඞ්කෙතං වීතිනාමෙය්‍ය යන මේ පද විනිශ්චය නිමි.

ඉදානි යදිදං “යථාරූපෙ අදින‍්නාදානෙ”තිආදීනි විභජන‍්තෙන “යථාරූපං නාමා”තිආදි වුත‍්තං. තත්‍ථ යථාරූපන‍්ති යථාජාතිකං. තං පන යස‍්මා පාදතො පට‍්ඨාය හොති, තස‍්මා “පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා”ති ආහ. තත්‍ථ පාදෙන කහාපණස‍්ස චතුත්‍ථභාගං අකප‍්පියභණ‍්ඩමෙව දස‍්සෙති. පාදාරහෙන පාදග‍්ඝනකං කප‍්පියභණ‍්ඩං. අතිරෙකපාදෙන උභයම‍්පි. එත‍්තාවතා සබ‍්බාකාරෙන දුතියපාරාජිකප‍්පහොනකවත්‍ථු දස‍්සිතං හොති.

දැන් ‘යථාරූප අදින්නාදානෙ’ යනාදිය බෙදා දක්වන්නහු විසින් යම් මේ ‘යථාරූපං නාම’ යනාදිය වදාරණ ලද්දේද, එහි ‘යථාරූපං’ යම්බඳුවූ ස්වභාව ඇත්තේය. එය වනාහි යම්හෙයකින් පාදය පටන්වේද, එහෙයින් ‘පාදං වා පදාරහං වා අතිරෙක පාදං වා’ යනු වදාළ සේක. එහි පාදයෙන් නිල් කහවණුවක සිවුවන කොටස තරම් වූ අකැප භාණ්ඩයක්ම දක්වන සේක. පදාරහ යන මෙයින් පාදයක් අගනා කැප භාණ්ඩයක්ද අතිරෙකපාද යන මෙයින් ඒ දෙකම දක්වන සේක. මෙපමණකින් සියලු අයුරින් දෙවන පාරාජිකාවට පොහොනා වස්තුව දක්වා වදාරණ ලද්දේය.

පථබ්‍යා රාජාති සකලපථවියා රාජා දීපචක‍්කවත‍්තී අසොකසදිසො, යො වා පනඤ‍්ඤොපි එකදීපෙ රාජා, සීහළරාජසදිසො. පදෙසරාජාති එකදීපස‍්ස පදෙසිස‍්සරො, බිම‍්බිසාර-පසෙනදි-ආදයො විය. මණ‍්ඩලිකා නාම යෙ දීපපදෙසෙපි එකමෙකං මණ‍්ඩලං භුඤ‍්ජන‍්ති. අන‍්තරභොගිකා නාම ද‍්වින‍්නං රාජූනං අන‍්තරා කතිපයගාමසාමිකා. අක‍්ඛදස‍්සාති ධම‍්මවිනිච‍්ඡනකා, තෙ ධම‍්මසභායං නිසීදිත්‍වා අපරාධානුරූපං චොරානං හත්‍ථපාදච‍්ඡෙජ‍්ජාදිං අනුසාසන‍්ති. යෙ පන ඨානන‍්තරප‍්පත‍්තා අමච‍්චා වා රාජකුමාරා වා කතාපරාධා හොන‍්ති, තෙ රඤ‍්ඤො ආරොචෙන‍්ති, ගරුකං ඨානං සයං න විනිච‍්ඡිනන‍්ති. මහාමත‍්තාති ඨානන‍්තරප‍්පත‍්තා මහාඅමච‍්චා; තෙපි තත්‍ථ තත්‍ථ ගාමෙ වා නිගමෙ වා නිසීදිත්‍වා රාජකිච‍්චං කරොන‍්ති. යෙ වා පනාති අඤ‍්ඤෙපි යෙ රාජකුලනිස‍්සිතා වා සකිස‍්සරියනිස‍්සිතා වා හුත්‍වා ඡෙජ‍්ජභෙජ‍්ජං අනුසාසන‍්ති, සබ‍්බෙපි තෙ ඉමස‍්මිං අත්‍ථෙ “රාජානො”ති දස‍්සෙති.

‘පථබ්‍යා රාජා’ මුළු පොළොවෙහි රජතෙමේය. ද්වීපච්චක්‍රවර්ති අශොක රජු හා සමාන වූයේය. සිංහල රජු සමාන වූ එක් දිවයිනක රජවූ යම් අන්‍යයෙක් හෝ වේ. ‘පදෙස රාජා’ එක් දිවයිනක පෙදෙසිරජතෙමේය. බිම්බිසාර - පසෙනදි ආදීන් මෙනි. යම්කෙනෙක් දිවයින් - පෙදෙස්හි එක් එක් දනවු වළඳත්ද, ඔවුහු මණ්ඩලිකයහ. රජුන් දෙදෙනකුට අයත් වූ ප්‍රදේශ දෙකක් අතර පිහිටි ගම් කිහිපයක අධිපතීහු අන්තරභොගිකයහ. ධර්‍මවිනිශ්චය කරන්නෝ අක්‍ඛදස්සයහ. ඔවුහු විනිශ්චය සභාවෙහි හිඳ අපරාධයන්ට සුදුසු පරිදි සොරුන්ගේ අත්පාසිඳීම් ආදිය නියමකරත්. ස්ථානාන්තර ප්‍රාප්ත වූ යම් අමාත්‍යයෝ හෝ රාජකුමාරයෝ හෝ කළ අපරාධ ඇත්තාහුවෙත්ද, ඔවුන් ගැන රජුට දන්වත්. බැරෑරුම් වූ කරුණු තුමූ විනිශ්චය නොකරත්. ‘මහාමත්තා’ ස්ථානාන්තරප්‍රාප්ත මහාමාත්‍යයෝය. ඔවුහුද ඒ ඒ ගම්හි හෝ නියම්ගම්හි හෝ හිඳ රාජකෘත්‍යය කරත්. ‘යෙ වා පන’ අන්‍යවූද යම්කෙනෙක් රාජකුලයන් ඇසුරු කළාහු හෝ සියඉසුරු ඇසුරු කළාහු හෝ සිඳීම් බිඳීම් නියමකරත්ද, ඒ සියල්ලෝද මේ අර්‍ත්‍ථයෙහි රජහුයි ගැනෙත්.

හනෙය්‍යුන‍්ති පොථෙය්‍යුඤ‍්චෙව ඡින්‍දෙය්‍යුඤ‍්ච. පබ‍්බාජෙය්‍යුන‍්ති නීහරෙය්‍යුං. චොරොසීති එවමාදීනි ච වත්‍වා පරිභාසෙය්‍යුං; තෙනෙවාහ – “පරිභාසො එසො”ති. පුරිමං උපාදායාති මෙථුනං ධම‍්මං පටිසෙවිත්‍වා පාරාජිකං ආපත‍්තිං ආපන‍්නං පුග‍්ගලං උපාදාය. සෙසං පුබ‍්බෙ වුත‍්තනයත‍්තා උත‍්තානපදත්‍ථත‍්තා ච පාකටමෙවාති.

‘හනෙය්‍යුං’ තැළීමද කරන්නාහුය. සිඳීමද කරන්නාහුය. ‘පබ්බාජෙය්‍යුං’ රටින් නෙරපන්නාහුය. ‘චොරොසි’ සොරවෙහි, යන මේ ආදිය කියා පරිභව කරන්නාහුය. එහෙයින්ම ‘පරිභාසො එසො’යි වදාළ සේක. ‘පුරිමං උපාදාය’ මෙවුන්දම් සේවනය කොට පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා පටන් සෙස්ස පෙරකියූ නය ඇති බැවින්ද පැහැදිලි අර්‍ත්‍ථ ඇතිබැවින්ද ප්‍රකටමය.

එවං උද‍්දිට‍්ඨසික‍්ඛාපදං පදානුක‍්කමෙන විභජිත්‍වා ඉදානි යං තං ආදියෙය්‍යාතිආදීහි ඡහි පදෙහි සඞ‍්ඛෙපතො ආදානං දස‍්සෙත්‍වා සඞ‍්ඛෙපතොඑව “පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා”ති ආදාතබ‍්බභණ‍්ඩං දස‍්සිතං, තං යත්‍ථ යත්‍ථ ඨිතං, යථා යථා ආදානං ගච‍්ඡති, අනාගතෙ පාපභික‍්ඛූනං ලෙසොකාසනිරුන්‍ධනත්‍ථං තථා තථා විත්‍ථාරතො දස‍්සෙතුං “භූමට‍්ඨං ථලට‍්ඨ”න‍්තිආදිනා නයෙන මාතිකං ඨපෙත්‍වා “භූමට‍්ඨං නාම භණ‍්ඩං භූමියං නික‍්ඛිත‍්තං හොතී”තිආදිනා නයෙන තස‍්ස විභඞ‍්ගං ආහ.

මෙසේ උදෙසූ ශික්‍ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දැන් යම් ඒ ‘ආදියෙය්‍ය’ යනාදී වූ සපදයෙන් සැකෙවින් ගතයුත්ත දක්වා සැකෙවින්ම ‘පාදං වා පාදාරහං වා අතිරෙකපාදං වා’යි ගතයුතු භාණ්ඩයම දක්වන ලද්දේය. ඒ භාණ්ඩය යම් යම් තැනක සිටියේද, යම් යම්ලෙසකින් ගැනීමට පැමිණේද, අනාගතයෙහි පාපී භික්‍ෂූන්ට යම්තමකිනුදු ගැනීමට ඇති ඉඩපහසුකම් වළකාලනු පිණිස ඒ ඒ ලෙසින් විස්තර වශයෙන් දක්වාලන්නට ‘භුම්මට්ඨං ථලට්ඨං’ යනාදි ක්‍රමයෙන් මාතෘකාව තබා ‘භුම්මට්ඨං නාම භණ්ඩං භූමියං නික්‍ඛිත්තං හොති’ යනාදි ක්‍රමයෙන් එහි විභඞ්ගය ගෙනහැර දැක්වූ සේක.

පඤ‍්චවීසතිඅවහාරකථා නිට‍්ඨිතා.