යෙදුමෙන් කියවන්න

පදභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

පදභාජනීයවණ‍්ණනා

පදභාජනීයවණ්ණනා

ගාමො නාමාති එවමාදි “ගාමා වා අරඤ‍්ඤා වා”ති එත්‍ථ වුත‍්තස‍්ස ගාමස‍්ස ච අරඤ‍්ඤස‍්ස ච පභෙදදස‍්සනත්‍ථං වුත‍්තං. තත්‍ථ යස‍්මිං ගාමෙ එකා එව කුටි, එකං ගෙහං සෙය්‍යථාපි මලයජනපදෙ; අයං එකකුටිකො ගාමො නාම. එතෙන නයෙන අපරෙපි වෙදිතබ‍්බා. අමනුස‍්සො නාම යො සබ‍්බසො වා මනුස‍්සානං අභාවෙන යක‍්ඛපරිග‍්ගහභූතො; යතො වා මනුස‍්සා කෙනචි කාරණෙන පුනපි ආගන‍්තුකාමා එව අපක‍්කන‍්තා. පරික‍්ඛිත‍්තො නාම ඉට‍්ඨකපාකාරං ආදිං කත්‍වා අන‍්තමසො කණ‍්ටකසාඛාහිපි පරික‍්ඛිත‍්තො. ගොනිසාදිනිවිට‍්ඨො නාම වීථිසන‍්නිවෙසාදිවසෙන අනිවිසිත්‍වා යථා ගාවො තත්‍ථ තත්‍ථ ද‍්වෙ තයො නිසීදන‍්ති, එවං තත්‍ථ තත්‍ථ ද‍්වෙ තීණි ඝරානි කත්‍වා නිවිට‍්ඨො. සත්‍ථොති ජඞ‍්ඝසත්‍ථසකටසත්‍ථාදීසු යො කොචි. ඉමස‍්මිඤ‍්ච සික‍්ඛාපදෙ නිගමොපි නගරම‍්පි ගාමග‍්ගහණෙනෙව ගහිතන‍්ති වෙදිතබ‍්බං.

‘ගාමො නාම’ යන මේආදිය ‘ගාමා වා අරඤ්ඤ වා’ යන මෙහි කියන ලද ගමෙහි හා වනයෙහි ප්‍රභෙද දක්වනු පිණිස වදාරණ ලද්දේය. එහි යම්කිසි ගමක මලයජනපදයෙහි මෙන් එක්ම කිළියක් එක්ක ගෙයක්වේද, මෙය එක්කුටිකගාම නම්වේ. මේනයින් අන්‍ය ග්‍රාමයෝ ද දතයුත්තාහ. යම් ග්‍රාමයක් මිනිසුන්ගේ අභාවයෙන් මුළුමනින් යකුන් විසින් පිරිගා කරන ලද්දේ ද මනුෂ්‍යයෝ යම්කිසි කරුණක් නිසා නැවත එනු කැමතිවම යම්කිසි තැනකින් නික්මගියාහු වෙත්ද, එතැන අමනුස්සගාම නම්වේ. පරික්‍ඛිත්ත නම් ගඩොලින් කළ පවුරු ආදිකොට යටත්පිරිසෙයින් කටු අතුවලින් හෝ වටකරණ ලද්දේය. වීථි පිහිටුවීම් ආදි වසයෙන් නොපිහිටුවා ගසේ ගෙරිහු දෙතුන්දෙන ඒ ඒ තැන ලගිත්ද මෙසේ ඒ ඒ තැන ගෙවල් දෙක තුනක්කොට විසූතැන ගොනිසාදිනිවිට්ඨගාම නම්වේ. ‘සත්‍ථො’ පා ගමනින් යන වෙළඳ සමූහය. ගැල්නැග යන වෙළඳ සමූහය යන මොවුන් අතුරෙහි යම්කිසි වෙළෙඳ සමූහයක් සත්‍ථ නම් වේ. මේ ශික්‍ෂාපදයෙහිද නිගම හා නගරද ග්‍රාමග්‍රහණයෙන් ගන්නා ලදැයි දතයුතුය.

ගාමූපචාරොතිආදි අරඤ‍්ඤපරිච‍්ඡෙදදස‍්සනත්‍ථං වුත‍්තං. ඉන්‍දඛීලෙ ඨිතස‍්සාති යස‍්ස ගාමස‍්ස අනුරාධපුරස‍්සෙව ද‍්වෙ ඉන්‍දඛීලා, තස‍්ස අබ‍්භන‍්තරිමෙ ඉන්‍දඛීලෙ ඨිතස‍්ස; තස‍්ස හි බාහිරො ඉන්‍දඛීලො ආභිධම‍්මිකනයෙන අරඤ‍්ඤසඞ‍්ඛෙපං ගච‍්ඡති. යස‍්ස පන එකො, තස‍්ස ගාමද‍්වාරබාහානං වෙමජ‍්ඣෙ ඨිතස‍්ස. යත්‍රාපි හි ඉන්‍දඛීලො නත්‍ථි, තත්‍ර ගාමද‍්වාරබාහානං වෙමජ‍්ඣමෙව “ඉන්‍දඛීලො”ති වුච‍්චති. තෙන වුත‍්තං – “ගාමද‍්වාරබාහානං වෙමජ‍්ඣෙ ඨිතස‍්සා”ති. මජ‍්ඣිමස‍්සාති ථාමමජ‍්ඣිමස‍්ස, නො පමාණමජ‍්ඣිමස‍්ස, නෙව අප‍්පථාමස‍්ස, න මහාථාමස‍්ස; මජ‍්ඣිමථාමස‍්සාති වුත‍්තං හොති. ලෙඩ‍්ඩුපාතොති යථා මාතුගාමො කාකෙ උඩ‍්ඩාපෙන‍්තො උජුකමෙව හත්‍ථං උක‍්ඛිපිත්‍වා ලෙඩ‍්ඩුං ඛිපති, යථා ච උදකුක‍්ඛෙපෙ උදකං ඛිපන‍්ති, එවං අඛිපිත්‍වා යථා තරුණමනුස‍්සා අත‍්තනො බලං දස‍්සෙන‍්තා බාහං පසාරෙත්‍වා ලෙඩ‍්ඩුං ඛිපන‍්ති, එවං ඛිත‍්තස‍්ස ලෙඩ‍්ඩුස‍්ස පතනට‍්ඨානං. පතිතො පන ලුඨිත්‍වා යත්‍ථ ගච‍්ඡති, තං න ගහෙතබ‍්බං.

‘ගාමූපචාරො’ යනාදිය වනයෙහි සීමාව දක්වනු පිණිස වදාරණ ලද්දේය. ‘ඉන්‍දඛීලෙ ඨිතස්ස’ අනුරාධපුරයෙහි මෙන් යම් ගමක දොරටු, එලිපත්, කණු දෙකක්වේද, එහි ඇතුල්එලිපත වෙත සිටියාවූ එහි පිටතඑලිපත් කණුව වනාහි අභිධර්‍ම නයින්වන සඞ්ක්‍ෂෙපයට යන්නේය. යම් ගමක එක් එලිපත් කණුවක් නැත්තේද එහි ගම් දොරබා මැදම ඉන්‍දඛීලයි කියනු ලැබේ. ‘ගාමද්වාරබාහානං වෙමජ්ඣෙ ඨිතස්ස’ යනු එහෙයින් කියනලදී. ‘මජ්ඣිමස්ස’ මැදුම්බල ඇති පුරුෂයක්හුගේ ප්‍රමාණයෙන් මද්ධ්‍යම පුරුෂයක්හුගේ නොවේ. අල්පශක්ති ඇත්තහුගේ නොවේ. මහත්ශක්ති ඇත්තහුගේ නොවේ. මද්ධ්‍යමශක්ති ඇත්තහුගේය’යි කියන ලද්දේ වේ. ‘ලෙඩ්ඩූපාතො’ යම්සේ මාගමක් කවුඩන් පලවාහැරීමට කෙලින්ම අත ඔසොවා කැටක් දමාගසාද, යම්සේ උදකුක්‍ඛෙපයෙහිදී දිය දමාගසත්ද, මෙසේ දමා නොගසා යම්සේ තරුණ මනුෂ්‍යයෝ තමන්ගේ ශක්තිය දක්වමින් අත දිගුකොට කැටය දමාගසත්ද, මෙසේ දමාගැසූ කැටය වැටුනු තැනය. වැටුනු තැනින් පෙරැළීගොස් යම් තැනක රැඳේද, එතැන නොගතයුතුය.

අපරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස ඝරූපචාරෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතොති එත්‍ථ පන නිබ‍්බකොසස‍්ස උදකපාතට‍්ඨානෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස සුප‍්පපාතො වා මුසලපාතො වා ඝරූපචාරො නාම. තස‍්මිං ඝරූපචාරෙ ඨිතස‍්ස ලෙඩ‍්ඩුපාතො ගාමූපචාරොති කුරුන්‍දට‍්ඨකථායං වුත‍්තං. මහාපච‍්චරියම‍්පි තාදිසමෙව. මහාඅට‍්ඨකථායං පන “ඝරං නාම, ඝරූපචාරො නාම, ගාමො නාම, ගාමූපචාරො නාමා”ති මාතිකං ඨපෙත්‍වා නිබ‍්බකොසස‍්ස උදකපාතට‍්ඨානබ‍්භන‍්තරං ඝරං නාම. යං පන ද‍්වාරෙ ඨිතො මාතුගාමො භාජනධොවනඋදකං ඡඩ‍්ඩෙති, තස‍්ස පතනට‍්ඨානඤ‍්ච මාතුගාමෙනෙව අන‍්තොගෙහෙ ඨිතෙන පකතියා බහි ඛිත‍්තස‍්ස සුප‍්පස‍්ස වා සම‍්මුඤ‍්ජනියා වා පතනට‍්ඨානඤ‍්ච, ඝරස‍්ස පුරතො ද‍්වීසු කොණෙසු සම‍්බන්‍ධිත්‍වා මජ‍්ඣෙ රුක‍්ඛසූචිද‍්වාරං ඨපෙත්‍වා ගොරූපානං පවෙසනනිවාරණත්‍ථං කතපරික‍්ඛෙපො ච අයං සබ‍්බොපි ඝරූපචාරො නාම. තස‍්මිං ඝරූපචාරෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතබ‍්භන‍්තරං ගාමො නාම. තතො අඤ‍්ඤස‍්ස ලෙඩ‍්ඩුපාතස‍්ස අබ‍්භන‍්තරං ගාමූපචාරො නාමාති වුත‍්තං. ඉදමෙත්‍ථ පමාණං. යථා චෙත්‍ථ, එවං සබ‍්බත්‍ථ යො යො අට‍්ඨකථාවාදො වා ථෙරවාදො වා පච‍්ඡා වුච‍්චති සො පමාණතො දට‍්ඨබ‍්බො.

‘අපරික්‍ඛිත්තස්ස ගාමස්ස ඝරූපචාරෙ ඨිතස්ස මජ්ඣිමස්ස පුරිසස්ස ලෙඩ්ඩූපාතො’ යන මෙහි වනාහි පියසි කෙළවරින් දියවැටෙන තැන සිටි බලමැදුම් පුරුෂයකු විසින් දැමූ කුල්ල වැටුනුතැන හෝ මොහොල වැටුනු තැන හෝ ඝරූපචාර නම්වේ. ඒ ඝරූපචාරයෙහි සිටියහු විසින් දමා ගැසූ කැටය වැටුනු තැන ගාමූපචාරයි කුරින්‍දි අටුවාවෙහි කියන ලදී. මහාපච්චරියෙහිද කියන ලද්ද එබඳුමය. මහාඅර්‍ත්‍ථකථාවෙහි වනාහි ‘ඝර, ඝරූපචාර, ගම, ගාමූපචාරයි මාතෘකා තබා පියසි අගින් දියවැටෙන තැනින් ඇතුළත ඝර නමැයිද, පියසි අගින් දියවැටෙන තැනින් ඇතුළත දොරකඩසිටි මාගමක් බඳුන් සේදූ යම්දියක් දමාද, ඒ දිය වැටුනුතැනද, ඇතුළතගෙයි සිටි මාගමක විසින්ම පියවිගතියෙන් පිටතට දමා කුල්ල හෝ මුස්න හෝ වැටුනු තැනද, ගෙරින්ගේ ඇතුල්වීම වළකනු පිණිස ගේ ඉදිරියෙහි දෙකෙන් සම්බන්‍ධකොට මැද කඩොලක් තබා කළ වැටෙන් පරික්‍ෂෙපයද යන මේ සියලු තැන් ඝරූපචාර නමි. ඒ ඝරූපචාරයෙහි සිටි බල මැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනින් ඇතුළත ගාමනමි. එතැන්හි සිට දමා ගැසූ අන් කැටක් වැටුනු තැනින් ඇතුළත ගාමූපචාර නමැයිද කියන ලද්දේය. මේ මෙහි පමණ වේ. මෙහි යම්සේද එසේ සියලු තන්හි යම් යම් අර්‍ත්‍ථකථාවාදයක් හෝ ස්ථවිරවාදයක් හෝ පසුව කියනු ලැබේ, එම ප්‍රමාණ වශයෙන් දතයුතුය.

යඤ‍්චෙතං මහාඅට‍්ඨකථායං වුත‍්තං, තං පාළියා විරුද‍්ධමිව දිස‍්සති. පාළියඤ‍්හි – “ඝරූපචාරෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතො”ති එත‍්තකමෙව වුත‍්තං. අට‍්ඨකථායං පන තං ලෙඩ‍්ඩුපාතං ගාමසඞ‍්ඛෙපං කත්‍වා තතො පරං ගාමූපචාරො වුත‍්තොති? වුච‍්චතෙ – සච‍්චමෙව පාළියං වුත‍්තං , අධිප‍්පායො පනෙත්‍ථ වෙදිතබ‍්බො. සො ච අට‍්ඨකථාචරියානමෙව විදිතො. තස‍්මා යථා “ඝරූපචාරෙ ඨිතස‍්සා”ති එත්‍ථ ඝරූපචාරලක‍්ඛණං පාළියං අවුත‍්තම‍්පි අට‍්ඨකථායං වුත‍්තවසෙන ගහිතං. එවං සෙසම‍්පි ගහෙතබ‍්බං.

මහාඅර්‍ත්‍ථකථාවෙහි යම් මේ ප්‍රමාණයක් කියන ලද්දේද, එය පෙළට විරුද්ධ වූවක් සේ පෙණේ. පෙළෙහි ‘ඝරූපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි මෙපමණක්ම දක්වන ලද්දේය. අර්‍ත්‍ථකථාවෙහි වනාහි ඒ කැටය වැටුනු තැන, ග්‍රාමසඞ්ක්‍ෂෙපයකොට එයින් ඔබ්බ ගාමුපචාරයි කියන ලදය. මේ සියල්ල පෙළෙහි වදාරණ ලදැයි කියනු ලැබේ. මෙහි අදහස දතයුතුය. හෙද අර්‍ත්‍ථකථාචාර්‍ය්‍යයන් විසින්ම දන්නා ලද්දේය. එහෙයින් යම්සේ ‘ඝරූපචාරෙ ඨිතස්ස’යි ඝරූපචාරලක්‍ෂණය පෙළෙහි නොවදාරණ ලද්දේ නමුත් අර්‍ත්‍ථකථාවෙහි කියූලෙසින් ගන්නා ලද්දේය. සෙස්සද මෙසේ ගතයුතුය.

තත්‍රායං නයො – ඉධ ගාමො නාම දුවිධො හොති – පරික‍්ඛිත‍්තො ච අපරික‍්ඛිත‍්තො ච. තත්‍ර පරික‍්ඛිත‍්තස‍්ස පරික‍්ඛෙපොයෙව පරිච‍්ඡෙදො. තස‍්මා තස‍්ස විසුං පරිච‍්ඡෙදං අවත්‍වා “ගාමූපචාරො නාම පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස ඉන්‍දඛීලෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතො”ති පාළියං වුත‍්තං. අපරික‍්ඛිත‍්තස‍්ස පන ගාමස‍්ස ගාමපරිච‍්ඡෙදො වත‍්තබ‍්බො. තස‍්මා තස‍්ස ගාමපරිච‍්ඡෙදදස‍්සනත්‍ථං “අපරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස ඝරූපචාරෙ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතො”ති වුත‍්තං. ගාමපරිච‍්ඡෙදෙ ච දස‍්සිතෙ ගාමූපචාරලක‍්ඛණං පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සක‍්කා ඤාතුන‍්ති පුන “තත්‍ථ ඨිතස‍්ස මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස ලෙඩ‍්ඩුපාතො”ති න වුත‍්තං. යො පන ඝරූපචාරෙ ඨිතස‍්ස ලෙඩ‍්ඩුපාතංයෙව “ගාමූපචාරො”ති වදති, තස‍්ස ඝරූපචාරො ගාමොති ආපජ‍්ජති. තතො ඝරං, ඝරූපචාරො, ගාමො , ගාමූපචාරොති එස විභාගො සඞ‍්කරීයති. අසඞ‍්කරතො චෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො විකාලෙ ගාමප‍්පවෙසනාදීසු. තස‍්මා පාළිඤ‍්ච අට‍්ඨකථඤ‍්ච සංසන්‍දිත්‍වා වුත‍්තනයෙනෙවෙත්‍ථ ගාමො ච ගාමූපචාරො ච වෙදිතබ‍්බො. යොපි ච ගාමො පුබ‍්බෙ මහා හුත්‍වා පච‍්ඡා කුලෙසු නට‍්ඨෙසු අප‍්පකො හොති, සො ඝරූපචාරතො ලෙඩ‍්ඩුපාතෙනෙව පරිච‍්ඡින්‍දිතබ‍්බො. පුරිමපරිච‍්ඡෙදො පනස‍්ස පරික‍්ඛිත‍්තස‍්සාපි අපරික‍්ඛිත‍්තස‍්සාපි අප‍්පමාණමෙවාති.

එහි මේ ක්‍රමය වේ. මෙහි පවුරු ආදියෙන් වටකළ ගම, වටනොකළ ගමැයි ගම දෙවැදැරුම් වේ. එහි වටකළ ගමෙහි වටකිරීමම පිරිසිඳීම වේ. එහෙයින් ඒ ගමෙහි පිරිසිඳීම වෙනම නොකියා ‘ගාමූපචාරයනම් වටකළ ගමෙහි එල්පත් කණුවෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. වටනොකළ ගමෙහි ග්‍රාමපරිච්ඡෙදය කියයුතු වන්නේය. එහෙයින් ඒ ගමෙහි පරිච්ඡෙදය දක්වනු පිණිස ‘වටනොකළ ගමෙහි ඝරුපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. වටනොකළ ගමෙහි පරිච්ඡේදය දක්වනු පිණිස ‘වටනොකළ ගමෙහි ඝරුපචාරයෙහි සිටි බලමැදුම් පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි පෙළෙහි වදාරණ ලද්දේය. ගමෙහි පිරිසිඳීම දැක්වූ කල්හි ගාමූපචාර ලක්‍ෂණය පෙර කියූ ලෙසින්ම දතහැකියයි නැවත ‘එහි සිටි මැදුම්බලැති පුරුෂයෙකු විසින් දමාගැසූ කැටය වැටුනු තැනැ’යි නොවදාරණ ලද්දේය. යමෙක් වනාහි ඝරූපචාරයෙහි සිටියහුගේ ලෙඩ්ඩුපාතයම ගාමූපචාරයයි කියාද, ඔහුට ඝරූපචාරය ගමවන්නේය. එහෙයින් ඝර - ඝරූපචාර - ගාමූපචාර යන මේ විභාගය මිශ්‍රකරණු ලැබේ. අමිශ්‍ර වශයෙන්ම මෙහි නොකල්හි ගම්වැදීම් ආදියෙහි විනිශ්චය දතයුතුය. එහෙයින් පෙළද අටුවාවද සසඳා කියූ ලෙසින්ම මෙහි ගාම - ගාමූපචාර දතයුතුය. යම් ගමක් පෙර මහත්ව තුබුයේ පසුකාලයෙහි කුලයන් නැසීගියකල්හි කුඩාවේද, ඒ ගම ඝරූපචාරයෙහි සිට දමාගැසූ කැටය වැටුනු තැන සිටම පිරිසිඳිය යුතුය. වටකළ නොකළ මේ ගමෙහි පළමු පිරිසිඳීම පමණනොවේමය.

අරඤ‍්ඤං නාම ඨපෙත්‍වා ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්චාති ඉමං යථාවුත‍්තලක‍්ඛණං ගාමඤ‍්ච ගාමූපචාරඤ‍්ච ඨපෙත්‍වා ඉමස‍්මිං අදින‍්නාදානසික‍්ඛාපදෙ අවසෙසං “අරඤ‍්ඤං” නාමාති වෙදිතබ‍්බං. අභිධම‍්මෙ පන “අරඤ‍්ඤන‍්ති නික‍්ඛමිත්‍වා බහි ඉන්‍දඛීලා සබ‍්බමෙතං අරඤ‍්ඤ”න‍්ති (විභ· 529) වුත‍්තං. ආරඤ‍්ඤකසික‍්ඛාපදෙ “ආරඤ‍්ඤකං නාම සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිම”න‍්ති (පාරා· 654) වුත‍්තං. තං ඉන්‍දඛීලතො පට‍්ඨාය ආරොපිතෙන ආචරියධනුනා පඤ‍්චධනුසතප‍්පමාණන‍්ති වෙදිතබ‍්බං. එවං භගවතා “ගාමා වා අරඤ‍්ඤා වා”ති එතස‍්ස අත්‍ථං විභජන‍්තෙන “ඝරං, ඝරූපචාරො, ගාමො, ගාමූපචාරො අරඤ‍්ඤ”න‍්ති පාපභික‍්ඛූනං ලෙසොකාසනිසෙධනත්‍ථං පඤ‍්ච කොට‍්ඨාසා දස‍්සිතා. තස‍්මා ඝරෙ වා ඝරූපචාරෙ වා ගාමෙ වා ගාමූපචාරෙ වා අරඤ‍්ඤෙ වා පාදග‍්ඝනකතො පට‍්ඨාය සස‍්සාමිකං භණ‍්ඩං අවහරන‍්තස‍්ස පාරාජිකමෙවාති වෙදිතබ‍්බං.

‘අරඤ්ඤං නාම ඨපෙත්‍වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච’ යනු විසින් යථොක්ත ලක්‍ෂණ ඇති මේ ගාම - ගාමූපචාර හැර මේ අදින්නාදාන ශික්‍ෂා පදයෙහිදී ඉතිරි පෙදෙස අරණ්‍යනමැයි දතයුතුය. අභිධර්‍මයෙහි වනාහි ‘අරඤ්ඤං’ යනු එලිපත් කණුවෙන් පිටතට නික්මසිටි යම් පෙදෙසක්වේද, මේ සියලු පෙදෙස අරණ්‍යයි කියන ලද්දේය. ආරණ්‍යක ශික්‍ෂාපදයෙහි ආරණ්‍යක සෙනාසනය නම් දුනු පන්සියයක් ඇති පශ්චිම සෙනාසන යයි කියන ලදී. ඒ සෙනාසනය ගම් එලිපත් කණුව පටන් නගාගන්නාලද ඇදුරු දුන්නෙන් පන්සියයක් දුනු පමණයයි දතයුතුය. මෙසේ ‘ගාමා වා අරඤ්ඤා වා’ යන මෙහි අර්‍ත්‍ථය බෙදා දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ විසින් ඝර-ඝරූපචාර ගාම-ගාමූපචාර අරඤ්ඤ යි පාපභික්‍ෂූන්ට ‘මා විසින් ගමින් නොගන්නා ලදය, වනයෙන් ගන්නා ලදය’ යනාදි ලෙසින් යම්තමකිනුත් ඉඩ නොතබනු පිණිස පස් කොටසක්කොට දක්වා වදාරණ ලද්දේය. එහෙයින් ගෘහයෙහිදී හෝ ගෘහොපචාරයෙහිදී හෝ ග්‍රාමයෙහිදී හෝ ග්‍රාමොපචාරයෙහිදී හෝ වනයෙහිදී හෝ පාදයක් වටිනා භාණ්ඩයෙහි පටන් සස්වාමික වූ භාණ්ඩයක් සොර සිතින් ගන්නහුට පාරාජිකයකැයි දතයුතුය.

ඉදානි “අදින‍්නං ථෙය්‍යසඞ‍්ඛාතං ආදියෙය්‍යා”තිආදීනං අත්‍ථදස‍්සනත්‍ථං “අදින‍්නං නාමා”තිආදිමාහ. තත්‍ථ අදින‍්නන‍්ති දන‍්තපොනසික‍්ඛාපදෙ අත‍්තනො සන‍්තකම‍්පි අප‍්පටිග‍්ගහිතකං කප‍්පියං අජ‍්ඣොහරණීයං වුච‍්චති. ඉධ පන යංකිඤ‍්චි පරපරිග‍්ගහිතං සස‍්සාමිකං භණ‍්ඩං, තදෙතං තෙහි සාමිකෙහි කායෙන වා වාචාය වා න දින‍්නන‍්ති අදින‍්නං. අත‍්තනො හත්‍ථතො වා යථාඨිතට‍්ඨානතො වා න නිස‍්සට‍්ඨන‍්ති අනිස‍්සට‍්ඨං. යථාඨානෙ ඨිතම‍්පි අනපෙක‍්ඛතාය න පරිච‍්චත‍්තන‍්ති අපරිච‍්චත‍්තං. ආරක‍්ඛසංවිධානෙන රක‍්ඛිතත‍්තා රක‍්ඛිතං. මඤ‍්ජූසාදීසු පක‍්ඛිපිත්‍වා ගොපිතත‍්තා ගොපිතං. “මම ඉද”න‍්ති තණ‍්හාමමත‍්තෙන මමායිතත‍්තා මමායිතං. තාහි අපරිච‍්චාගරක‍්ඛණගොපනාහි තෙහි භණ‍්ඩසාමිකෙහි පරෙහි පරිග‍්ගහිතන‍්ති පරපරිග‍්ගහිතං. එතං අදින‍්නං නාම.

දැන් ‘අදින්නං ථෙය්‍යසඞ්ඛාතං ආදියෙය්‍ය’ යනාදීන්ගේ අර්‍ත්‍ථ දක්වනු පිණිස ‘අදින්නං නාම’ යනාදිය වදාළ සේක. එහි අදින්නං යනු දන්තපොනශික්‍ෂාපදයෙහි තමන් සතු වූද නොපිළිගත් කැපය වැළඳිය යුතුයයි කියනු ලැබේ. මෙහි වනාහි අන්සතු සස්වාමික වූ යම්කිසි භාණ්ඩයක්වේද, ඒ මේ භාණ්ඩය ඒ හිමියන් විසින් කයින් හෝ වචනයෙන් හෝ නොදෙන ලද්දේනුයි අදින්න නම්වේ. තමන්ගේ අතින් හෝ පෙර තුබූතැනින් හෝ බැහැර නොකරන ලද්දේනුයි අනිසට්ඨ නම් වේ. පෙර තුබූතැන තුබුනේද බලාපොරොත්තු රහිත බැවින් නොහරණ ලද්දේනුයි අපරිච්චත්ත නම්වේ. ආරක්‍ෂා සංවිධානයෙන් රක්නාලද බැවින් රක්‍ඛිත නම්වේ. කරඬු පෙට්ටගම් ආදියෙහි බහා රක්නාලද බැවින් ගොපිත නම්වේ. ‘මේ මාගේ යයි තෘෂ්ණාමමත්‍වයෙන් මමායනය කළ බැවින් මමායිත නම්වේ. ඒ අපරිත්‍යාගරක්‍ෂණ ගොපනයන්ගෙන් ඒ භාණ්ඩස්වාමී වූ අන්‍යයන් විසින් පරිගෘහීත බැවින් පරපරිග්ගහිත නම්වේ. මේය අදින්න නම්.

ථෙය්‍යසඞ‍්ඛාතන‍්ති එත්‍ථ ථෙනොති චොරො, ථෙනස‍්ස භාවො ථෙය්‍යං; අවහරණචිත‍්තස‍්සෙතං අධිවචනං. “සඞ‍්ඛා, සඞ‍්ඛාත”න‍්ති අත්‍ථතො එකං; කොට‍්ඨාසස‍්සෙතං අධිවචනං, “සඤ‍්ඤානිදානා හි පපඤ‍්චසඞ‍්ඛා”තිආදීසු (සු· නි· 880) විය. ථෙය්‍යඤ‍්ච තං සඞ‍්ඛාතඤ‍්චාති ථෙය්‍යසඞ‍්ඛාතං, ථෙය්‍යචිත‍්තසඞ‍්ඛාතො එකො චිත‍්තකොට‍්ඨාසොති අත්‍ථො. කරණත්‍ථෙ චෙතං පච‍්චත‍්තවචනං, තස‍්මා ථෙය්‍යසඞ‍්ඛාතෙනාති අත්‍ථතො දට‍්ඨබ‍්බං. යො ච ථෙය්‍යසඞ‍්ඛාතෙන ආදියති, සො යස‍්මා ථෙය්‍යචිත‍්තො හොති, තස‍්මා බ්‍යඤ‍්ජනං අනාදියිත්‍වා අත්‍ථමෙව දස‍්සෙතුං ථෙය්‍යචිත‍්තො අවහරණචිත‍්තොති එවමස‍්ස පදභාජනං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

‘ථෙය්‍යසඞ්ඛාතං’ යන මෙහි ථෙනො යනු සොරතෙමේය. සොරහුගේ භාවය ථෙය්‍ය නම්. පැහැර ගැනීම පිණිස උපදින සිතට මේ නමක් වේ. සඞ්ඛාසඞ්ඛාතං, යනු අර්‍ත්‍ථ වශයෙන් එකක් වේ. කොටසට මේ නමකි. ‘සඤ්ඤා නිදානා හි පපඤ්චසඞ්ඛා’ යනාදිතන්හි මෙනි. ථෙය්‍යවූයේත් හේමය, සඞ්ඛාත වූයේත් හේමනුයි ථෙය්‍යසඞ්ඛාත නමි. ථෙය්‍යචිත්තසඞ්ඛ්‍යාත වූ එක් චිත්තකොට්ඨාසයක් අර්‍ත්‍ථයි. මෙය කරණාර්‍ත්‍ථයෙහි ප්‍රථමාවචනයි. එහෙයින් සොරබැවින්යුත් සිත් කොටසිනැයි අර්‍ත්‍ථ වශයෙන් දතයුතුය. යම් මහණෙක් සොරසිත් කොටසින් පැහැරගනීද, ඒ මහණ යම්හෙයකින් සොරසිත් ඇත්තේවේද, එහෙයින් අකුරු නොසලකා අර්‍ත්‍ථයම දක්වන්නට ‘ථෙය්‍යචිත්තො අවහරණචිත්තො’යි මෙසේ මේ පදයේ පදභාජනය දක්වන ලදැයි දතයුතුය.

ආදියෙය්‍ය , හරෙය්‍ය, අවහරෙය්‍ය, ඉරියාපථං විකොපෙය්‍ය, ඨානා චාවෙය්‍ය, සඞ‍්කෙතං වීතිනාමෙය්‍යාති එත්‍ථ පන පඨමපදං අභියොගවසෙන වුත‍්තං, දුතියපදං අඤ‍්ඤෙසං භණ‍්ඩං හරන‍්තස‍්ස ගච‍්ඡතො වසෙන, තතියපදං උපනික‍්ඛිත‍්තභණ‍්ඩවසෙන, චතුත්‍ථං සවිඤ‍්ඤාණකවසෙන, පඤ‍්චමං ථලෙ නික‍්ඛිත‍්තාදිවසෙන, ඡට‍්ඨං පරිකප‍්පවසෙන වා සුඞ‍්කඝාතවසෙන වා වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. යොජනා පනෙත්‍ථ එකභණ‍්ඩවසෙනපි නානාභණ‍්ඩවසෙනපි හොති. එකභණ‍්ඩවසෙන ච සවිඤ‍්ඤාණකෙනෙව ලබ‍්භති, නානාභණ‍්ඩවසෙන සවිඤ‍්ඤාණකාවිඤ‍්ඤාණකමිස‍්සකෙන.

‘ආදියෙය්‍ය -පෙ- සඞ්කෙතං විතිනාමෙය්‍ය’ යන මෙහි වනාහි ප්‍රථමපදය අභියොග වසයෙන් වදාරණ ලද්දේය. ද්වීතීය පදය අත්හු අයත් භාණ්ඩයක් පැහැරගන්නට යන්නහුගේ වසයෙන්, තෘතීයපදය රැකීමට තැබූ භාණ්ඩයන්ගේ වසයෙන්, චතුර්‍ත්‍ථපදය සවිඥානක වස්තූන්ගේ වසයෙන්, පඤ්චම පදය ගොඩබිම බහාතබනලද භාණ්ඩයන්ගේ වසයෙන්, ෂෂ්ඨපදය කල්පනා කිරීම් වසයෙන් හෝ අයබදු ගැනීම් වසයෙන් හෝ වදාරණ ලදැයි දතයුතුය. මෙහි යෙදීම වනාහි එක භාණ්ඩයක් වසයෙන්ද, නානාභාණ්ඩයන්ගේ වසයෙන්ද වේ. එක් භාණ්ඩයක් වසයෙන්ද ලැබෙනුයේ සවිඥානකයන්ගේ වසයෙන්ම ලැබේ. නානාභාණ්ඩයන්ගේ වසයෙන්ද ලැබෙනුයේ සවිඥානක අවිඥානකයන්ගේ මිශ්‍රයෙන් හෝ ලබයි.

තත්‍ථ නානාභණ‍්ඩවසෙන තාව එවං වෙදිතබ‍්බං – ආදියෙය්‍යාති ආරාමං අභියුඤ‍්ජති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සාමිකස‍්ස විමතිං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. සාමිකො “න මය‍්හං භවිස‍්සතී”ති ධුරං නික‍්ඛිපති, ආපත‍්ති පාරාජිකස‍්ස.

එහි නානාභාණ්ඩයන්ගේ වසයෙන් යෝජනාව පළමුකොට මෙසේ දතයුතුය. ‘ආදියෙය්‍ය’ අන්හු අයත්වූ පුෂ්පාරාම ඵලාරාමාදි වූ යම්කිසි තැනක් හෝ දෙයක් අන්හුඅයත්යි දැන දැන තමන් සතු කරගැනීමෙහි සොරසිතින් අභියොග කෙරේද, ඔහුට දුක්කටාපත්තිය වේ. මොහු හා යුක්ති කියා මා සතුදැය ලබම්ද, නොලබම්දැයි වස්තු හිමියාට විමති උපදවාද ථුල්ලච්චයාපත්තිය වේ. හිමිතෙමේ ‘මට නොවන්නේය’යි බලාපොරොත්තුව අත්හරීද පාරාජිකාපත්තිය වේ.

හරෙය්‍යාති අඤ‍්ඤස‍්ස භණ‍්ඩං හරන‍්තො සීසෙ භාරං ථෙය්‍යචිත‍්තො ආමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඵන්‍දාපෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. ඛන්‍ධං ඔරොපෙති, ආපත‍්ති පාරාජිකස‍්ස.

‘හරෙය්‍ය’ අන්හු අයත් භාණ්ඩයක් හිසින් ගෙන යනුයේ හිසෙහි වූ ඒ භාණ්ඩය සොරසිත් ඇත්තේ ආමර්‍ශනය කෙරේද, දුක්කටාපත්තිය වේ. සොලවාද ථුල්ලච්චයාපත්තිය වේ. කරට බාගනීද පාරාජිකාපත්තිය වේ.

අවහරෙය්‍යාති උපනික‍්ඛිත‍්තං භණ‍්ඩං “දෙහි මෙ භණ‍්ඩ”න‍්ති වුච‍්චමානො “නාහං ගණ‍්හාමී”ති භණති, ආපත‍්ති දුක‍්කටස‍්ස. සාමිකස‍්ස විමතිං උප‍්පාදෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. සාමිකො “න මය‍්හං දස‍්සතී”ති ධුරං නික‍්ඛිපති, ආපත‍්ති පාරාජිකස‍්ස .

‘අවහරෙය්‍ය’ රැකීම පිණිස වෙත තැබූ භාණ්ඩයක් නැවත එහි හිමියා විසින් ‘මාගේ භාණ්ඩය දෙව’යි කියනු ලබන්නේ ‘මම නොගනිමි’යි කියාද, දුක්කටාපත්තිය වේ. හිමියාට විමති උපදවාද, ථුල්ලච්චයාපත්තිය වේ. හිමිතෙමේ ‘එය මට නොදෙන්නේය’යි බලාපොරොත්තුව අත්හරීද, පාරාජිකාපත්තිය වේ.

ඉරියාපථං විකොපෙය්‍යාති “සහභණ‍්ඩහාරකං නෙස‍්සාමී”ති පඨමං පාදං සඞ‍්කාමෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං සඞ‍්කාමෙති, ආපත‍්ති පාරාජිකස‍්ස.

‘ඉරියාපථං විකොපෙය්‍ය’ අන්හු අයත් භාණ්ඩයක්, ගෙන යන්නහුත් සමග රවටාගෙන යන්නෙමියි පළමුපිය මාරු කෙරේද, ථුල්ලච්චයාපත්තිය වේ. දෙවනපිය මාරුකෙරේද පාරාජිකාපත්තිය වේ.

ඨානා චාවෙය්‍යාති ථලට‍්ඨං භණ‍්ඩං ථෙය්‍යචිත‍්තො ආමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. ඵන්‍දාපෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. ඨානා චාවෙති, ආපත‍්ති පාරාජිකස‍්ස.

‘ඨානා චාවෙය්‍ය’ ගොඩබිම තුබූ භාණ්ඩය සොරසිත් ඇත්තේ ආකර්‍ශනය කෙරේද, දුක්කටාපත්තිය වේ. සොලවාද, ථුල්ලච්චයාපත්තිය වේ. තුබූ තැනින් පහකෙරේද පාරාජිකාපත්තිය වේ.

සඞ‍්කෙතං වීතිනාමෙය්‍යාති පරිකප‍්පිතට‍්ඨානං පඨමං පාදං අතික‍්කාමෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති, ආපත‍්ති පාරාජිකස‍්ස. අථ වා පඨමං පාදං සුඞ‍්කඝාතං අතික‍්කාමෙති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙති, ආපත‍්ති පාරාජිකස‍්සාති – අයමෙත්‍ථ නානාභණ‍්ඩවසෙන යොජනා.

‘සඞ්කෙතං වීතිනාමෙය්‍ය’ සලකා ගත්තැනින් පළමුපිය ඉක්මවාද ථුල්ලච්චයාපත්තිය වේ. දෙවනපිය ඉක්මවාද පාරාජිකාපත්තිය වේ. තවද පළමු පිය අයබදුගන්නා තැන ඉක්මවා තබාද, ථුල්ලච්චයාපත්තිය වේ. දෙවනපිය ඉක්මවා තබාද පාරාජිකාපත්තිය වේ. මේ මෙහි නානාභාණ්ඩයන්ගේ වසයෙන් යෝජනාය.

එකභණ‍්ඩවසෙන පන සස‍්සාමිකං දාසං වා තිරච‍්ඡානං වා යථාවුත‍්තෙන අභියොගාදිනා නයෙන ආදියති වා හරති වා අවහරති වා ඉරියාපථං වා විකොපෙති, ඨානා වා චාවෙති, පරිච‍්ඡෙදං වා අතික‍්කාමෙති – අයමෙත්‍ථ එකභණ‍්ඩවසෙන යොජනා.

එක් භාණ්ඩයක් වසයෙන් වනාහි සස්වාමික වූ දාසයෙකු හෝ තිරිසන් හෝ පෙර කියු අභියොගාදි ක්‍රමයකින් ගනයි හෝ ගෙනයයි හෝ පැහැරගනීයි හෝ ඉරියවු වෙනස්කරයි හෝ තුබූතැනින් පහකරයි හෝ පිරිසිඳීම ඉක්මවයි හෝ යනු මේ මෙහි එක් භාණ්ඩයක් වසයෙන් යොජනාය.