පාළිමුත්තකවිනිච්ඡයො අට්ඨකථා
පාළිමුත්තකවිනිච්ඡයො
පාළිමුත්තකවිනිච්ඡයො
තත්රායං පාළිමුත්තකො කප්පියාකප්පියපරික්ඛාරවිනිච්ඡයො – කෙචි තාලපණ්ණච්ඡත්තං අන්තො වා බහි වා පඤ්චවණ්ණෙන සුත්තෙන සිබ්බන්තා වණ්ණමට්ඨං කරොන්ති, තං න වට්ටති. එකවණ්ණෙන පන නීලෙන වා පීතකෙන වා යෙන කෙනචි සුත්තෙන අන්තො වා බහි වා සිබ්බිතුං ඡත්තදණ්ඩග්ගාහකං සලාකපඤ්ජරං වා විනන්ධිතුං වට්ටති. තඤ්ච ඛො ථිරකරණත්ථං, න වණ්ණමට්ඨත්ථාය. ඡත්තපණ්ණකෙසු මකරදන්තකං වා අඩ්ඪචන්දකං වා ඡින්දිතුං න වට්ටති. ඡත්තදණ්ඩෙ ගෙහථම්භෙසු විය ඝටකො වා වාළරූපකං වා න වට්ටති. සචෙපි සබ්බත්ථ ආරග්ගෙන ලෙඛා දින්නා හොති, සාපි න වට්ටති. ඝටකම්පි වාළරූපම්පි භින්දිත්වා ධාරෙතබ්බං. ලෙඛාපි ඝංසිත්වා වා අපනෙතබ්බා, සුත්තකෙන වා දණ්ඩො වෙඨෙතබ්බො. දණ්ඩබුන්දෙ පන අහිච්ඡත්තකසණ්ඨානං වට්ටති. වාතප්පහාරෙන අචලනත්ථං ඡත්තමණ්ඩලිකං රජ්ජුකෙහි ගාහෙත්වා දණ්ඩෙ බන්ධන්ති, තස්මිං බන්ධනට්ඨානෙ වලයමිව උක්කිරිත්වා ලෙඛං ඨපෙන්ති, සා වට්ටති.
එහි මේ පෙළින් මිදුනු කැප අකැප පිරිකර පිළිබඳ විනිශ්චයයි: කිසිකෙනෙක් තල්පතින් කළ ඡත්රයක් ඇතුළත හෝ පිටත හෝ පස්පැහැති හුයින් මසා ඔපමට්ටම් කෙරෙත්ද, ඒ ඡත්රය දැරීම සුදුසු නොවේ. නිල් හෝ කසාවන් හෝ යම්කිසි එක් පැහැති හුයකින් ඇතුළත හෝ පිටත මසන්නට කුඩමිට මතුවෙහි ගන්වන නනපෙළ වෙළන්නට වටියි. ඒ එක් පැහැතිහුයින් නනපෙළ වෙළීමද ස්ථිරකරණු පිණිසය. පැහැය ඔප වැඩිකිරීම පිණිස නොවේ. ඡත්‍රයෙහි කොළපත්හි මෝරුදත් සටහනක් හෝ අඩසඳ සටහනක් හෝ කැපීම නොවටියි. කුඩමිටෙහි ගෙවල කණුවල මෙන් ඝටකයක් හෝ ව්‍යාලරූප හෝ කිරීම නොවටියි. ඉදින් ඡත්රදණ්ඩෙහි සියලු තන්හි ලියන කටුමුවෙන් ඉරි ගසන ලද්දී වේද, එද සුදුසු නොවේ. ඝටකයත් ව්යලරූපයත් බිඳහැර දැරියයුතුය. ඉරිද ගටා හෝ පහකට යුතුය. හුයකින් හෝ ඡත්රදණ්ඩ වෙළිය යුතුය. දඬුමුල නයිහතු සටහන වරද නැත. හුළන් පහරින් නොසැලෙනු පිණිස කුඩමඩුල්ල හුයින් ගන්වා කුඩමිටෙහි බඳිත්ද, ඒ බඳින තැන වලල්ලක් මෙන් නගා ඉරක් ගසත්ද එය වටියි.
චීවරමණ්ඩනත්ථාය නානාසුත්තකෙහි සතපදීසදිසං සිබ්බන්තා ආගන්තුකපට්ටං ඨපෙන්ති, අඤ්ඤම්පි යංකිඤ්චි සූචිකම්මවිකාරං කරොන්ති, පට්ටමුඛෙ වා පරියන්තෙ වා වෙණිං වා සඞ්ඛලිකං වා, එවමාදි සබ්බං න වට්ටති, පකතිසූචිකම්මමෙව වට්ටති. ගණ්ඨිකපට්ටකඤ්ච පාසකපට්ටඤ්ච අට්ඨකොණම්පි සොළසකොණම්පි කරොන්ති, තත්ථ අග්ඝියගයමුග්ගරාදීනි දස්සෙන්ති, කක්කටක්ඛීනි උක්කිරන්ති, සබ්බං න වට්ටති, චතුකොණමෙව වට්ටති. කොණසුත්තපිළකා ච චීවරෙ රත්තෙ දුවිඤ්ඤෙය්යරූපා වට්ටන්ති. කඤ්ජිකපිට්ඨඛලිආදීසු චීවරං පක්ඛිපිතුං න වට්ටති. චීවරකම්මකාලෙ පන හත්ථමලසූචිමලාදීනං ධොවනත්ථං කිලිට්ඨකාලෙ ච ධොවනත්ථං වට්ටති. ගන්ධං වා ලාඛං වා තෙලං වා රජනෙ පක්ඛිපිතුං න වට්ටති.
සිවුරු සැරසීම පිණිස නන්පැහැති හුයින් සියපාසපුන් සමානකොට මහන්නාහු අමුතුපත් තබත්ද, අනිකුදු යම්කිසි හිදිකම් වියරු කරත්ද, පත් දෙක එක්කොට මහණ තැන හෝ හුවා කෙළවර හෝ හමුකරල් අයුරින් මැසීම හෝ බලල් හැකිලි අයුරින් මැසීම හෝ කරත්ද, මේ ඈ සියල්ල නොවටියි. පියවිහිදිකම්ම වටියි. ගණ්ඨිකපට්ටය හා පාසකපට්ටය අටකොන්ද සොළොකොන්ද තබා කරත්ද, සෑසටහන් ගදාමුගුරු සටහන් දක්වත්ද, කකුළුඇස් නගාතබත්ද, මේ හැම නොවටියි. සිවුකොන් තබා මැසීමම වටියි. ගණ්ඨිපාස වැටියෙහි කෙළවරින් පිටතට නික්මුනු හූ හා පිළකා ආකාරයෙන් සිටි හූකොන් සිවුරු රඳන් ගැන්වූකල්හි නොදතහැකි ස්වරූප ඇත්තේනම් වටියි. කැඳ පිටිතලප ආදියෙහි සිවුරු බැහීම නොකටයුතුය. සිවුරුකම් කරන කාලයෙහි වනාහි අත්මල හිදිකටුමල ආදිය සෝදාහැරීම හා කිලිටි කාලයෙහි කිලිටි සෝදාහැරීමත් කටයුතුය. සුවඳක් හෝ ලතුවක් හෝ තෙලක් රඳන් දියෙහි බැහීම නොවටියි.
චීවරං රජිත්වා සඞ්ඛෙන වා මණිනා වා යෙන කෙනචි න ඝට්ටෙතබ්බං. භූමියං ජාණුකානි නිහන්ත්වා හත්ථෙහි ගහෙත්වා දොණියම්පි න ඝංසිතබ්බං. දොණියං වා ඵලකෙ වා ඨපෙත්වා අන්තෙ ගාහාපෙත්වා හත්ථෙහි පහරිතුං පන වට්ටති; තම්පි මුට්ඨිනා න කාතබ්බං. පොරාණකත්ථෙරා පන දොණියම්පි න ඨපෙසුං. එකො ගහෙත්වා තිට්ඨති; අපරො හත්ථෙ කත්වා හත්ථෙන පහරති. චීවරස්ස කණ්ණසුත්තකං න වට්ටති, රජිතකාලෙ ඡින්දිතබ්බං. යං පන “අනුජානාමි, භික්ඛවෙ, කණ්ණසුත්තක”න්ති (මහාව· 344) එවං අනුඤ්ඤාතං, තං අනුවාතෙ පාසකං කත්වා බන්ධිතබ්බං රජනකාලෙ ලග්ගනත්ථාය. ගණ්ඨිකෙපි සොභාකරණත්ථං ලෙඛා වා පිළකා වා න වට්ටති, නාසෙත්වා පරිභුඤ්ජිතබ්බං.
සිවුර රඳන් ගන්වා සකකින් හෝ මැසිරිගල් ඈ ගලකින් යන යම්කිසිවකින් නොගැටිය යුතුය. බිම දෙදනින් හිඳ සිවුර අතින් ගෙන රන්දෙණෙහිද නොගැටිය යුතුය. දෙණෙහි හෝ ලෑලිකඩෙක තබා කොන් අල්ලාගෙන අතින් පැහැරීම වටියි. ඒ පැහැරීමද මිටින් නොකටයුතුය. පැරණි තෙරහු වනාහි පඬුදෙණෙහිද නොතැබූහ. එකෙක් අල්ලාගෙන සිටියි. අනෙකෙක් අතෙහි තබා අතින් පහරයි. සිවුරෙහි කොන්වල වූ බැඳීම නොසුදුසුය. රඳන් ගැන්වූ කල්හි සිඳහැරිය යුතුය. ‘මහණෙනි! කොන්හි බඳින හයක් අනුදනිමි’යි මෙසේ යමක් අනුදන්නා ලද්දේද, එහෙයින් ඒ කොන්වල බැඳි නූල් රඳන් ගන්වන කාලයෙහි රඳන් ගන්නා සිවුර එල්ලීම පිණිස නුවාවෙහි මලපුඬුවක්කොට බැඳිය යුතුය. ගණ්ඨියෙහිද ගණ්ඨිය ශෝභාවත් කරනු පිණිස ඉරිගැසීම හෝ බින්දු බින්දුකොට පිළිකා තැබීම හෝ නොකටයුතුය. ඒ සියල්ල සිඳහැර පරිභොග කටයුතුය.
පත්තෙ වා ථාලකෙ වා ආරග්ගෙන ලෙඛං කරොන්ති, අන්තො වා බහි වා න වට්ටති. පත්තං භමං ආරොපෙත්වා මජ්ජිත්වා පචන්ති – “මණිවණ්ණං කරිස්සාමා”ති, න වට්ටති; තෙලවණ්ණො පන වට්ටති. පත්තමණ්ඩලෙ භිත්තිකම්මං න වට්ටති, මකරදන්තකං පන වට්ටති.
පාත්‍රයෙහි හෝ තලියෙහි ඇතුළත හෝ පිටත හෝ නියන්කටු අගින් ඉරිගසත් නොවටියි. පාත්‍රය ලියනකඳට නගා පිරිමැද මිණි පැහැතියක් කරන්නෙමුයි පිළිස්සීම කරත්ද නොවටියි. ශ්රමණසාරුප්ප්ය බැවින් තෙල්පැහැති පත්‍රය සුදුසු වේ. අනිකෙකු විසින් කරනලද මිණිපැහැති පත්‍රයක් ලැබුනුකල්හි එය පරිභොග කිරීම වරද නැතැයි සමහරු කියත්. පාත්‍රය තබන දරණුවෙහි භිත්තිකර්ම කිරීම නොසුදුසුය. මෝරු දත් සටහන තැබීම වනාහි වරද නැත්තේය.
ධමකරණඡත්තකස්ස උපරි වා හෙට්ඨා වා ධමකරණකුච්ඡියං වා ලෙඛා න වට්ටති, ඡත්තමුඛවට්ටියං පනස්ස ලෙඛා වට්ටති.
ඩබරා මුවවිටෙහි උඩ හෝ යට හෝ ඩබරා කුසතුළ හෝ ඉරිගැසීම නොහොබනේය. ඩබරාවෙහි සත්මුවවිටෙහි ඉරිගැසීම වරදක් නොවේ.
කායබන්ධනස්ස සොභනත්ථං තහිං තහිං දිගුණං සුත්තං කොට්ටෙන්ති, කක්කටච්ඡීනි උට්ඨපෙන්ති, න වට්ටති. උභොසු පන අන්තෙසු දසාමුඛස්ස ථිරභාවාය දිගුණං කොට්ටෙතුං වට්ටති. දසාමුඛෙ පන ඝටකං වා මකරමුඛං වා දෙඩ්ඩුභසීසං වා යංකිඤ්චි විකාරරූපං කාතුං න වට්ටති. තත්ථ තත්ථ අච්ඡීනි දස්සෙත්වා මාලාකම්මලතාකම්මාදීනි වා කත්වා කොට්ටිතකායබන්ධනම්පි න වට්ටති. උජුකමෙව පන මච්ඡකණ්ටකං වා ඛජ්ජුරිපත්තකං වා මට්ඨපට්ටිකං වා කත්වා කොට්ටිතුං වට්ටති. කායබන්ධනස්ස දසා එකා වට්ටති, ද්වෙ තීණි චත්තාරිපි වට්ටන්ති; තතො පරං න වට්ටන්ති. රජ්ජුකකායබන්ධනං එකමෙව වට්ටති. පාමඞ්ගසණ්ඨානං පන එකම්පි න වට්ටති. දසා පන පාමඞ්ගසණ්ඨානාපි වට්ටති. බහුරජ්ජුකෙ එකතො කත්වා එකෙන නිරන්තරං වෙඨෙත්වා කතං බහුරජ්ජුකන්ති න වත්තබ්බං, තං වට්ටති.
සිවුරපටිය හොබවනු පිණිස ඒ ඒ තැන හුය දිගුණකොට කොටත්. කකුළු ඇස් නගත්. නොවටියි, දෙකෙළවරෙහි දාවලුමුව තරකරණු පිණිස දිගුණකොට තැළීම වටියි. දාවලුමුවෙහි ඝටකයක් හෝ මෝරුමුව සටහනක් හෝ දියබරිමුව සටහනක් හෝ යන යම්කිසි වියරු රුවක් කිරීම සුදුසු නොවේ. ඒ ඒ තන්හි ඇතුන්ගේ ඇස් සටහන් දක්වා මල්කම් ආදිය හෝ කොට තැලූ සිවුරු පටියද පරිභොගයට නොවටියි. අන් වියරු රූ නොකොට සෘජුවම මස්කටු සටහනක් හෝ ඉදිපත් සටහනක් හෝ මටපිඬු සටහනක් හෝ කොට තළන ලද්දේනම් වරද නැත්තේය. කාබානට එක් දාවල්ලක් වටියි. දාවලු දෙකක් තුනක් සතරක් කළ කාබානද පරිභොගයට වටියි. ඉන් වැඩියක් කිරීම සුදුසු නොවේ. රැහැන් කාබාන එක් ගුණකොටම බැඳිය යුතුය. හවඩි සටහන් ඇති කාබාන එක් ගුණකොටද බැඳීම නොහොබනේය. දාවල්ල වනාහි හවඩි සටහන් ඇත්තේද වරද නැත. බොහෝ රැහන් එකතු කොට එකෙකින් අතර නොතබා වෙළා කරන ලද්ද බහුරජ්ජුකයි නොකිය යුතුය. ඒ කාබාන පරිභොගයට ගැනීම වරදක් නොවේ.
කායබන්ධනවිධෙ අට්ඨමඞ්ගලාදිකං යංකිඤ්චි විකාරරූපං න වට්ටති, පරිච්ඡෙදලෙඛාමත්තං වට්ටති. විධකස්ස උභොසු අන්තෙසු ථිරකරණත්ථාය ඝටකං කරොන්ති, අයම්පි වට්ටති.
දත් ඇට ආදියෙන් කළ කාබාන්විතෙහි අෂ්ටමඞ්ගලාදී වූ යම් කිසි විකාර රුවක් දැක්වීම නොවටියි. එහි දෙකෙළවරෙහි කටයුතු වූ පරිච්ඡෙදලේඛා මාත්‍රයක්ම පමණවේ වීඨයාගේ දෙකෙළවරෙහි ස්ථිරකිරිම පිණිස ඝටකයක් කරත්නම් එයද වටීයි.
අඤ්ජනියං ඉත්ථිපුරිසචතුප්පදසකුණරූපං වා මාලාකම්ම-ලතාකම්මමකරදන්තක-ගොමුත්තකඅඩ්ඪචන්දකාදිභෙදං වා විකාරරූපං න වට්ටති. ඝංසිත්වා වා ඡින්දිත්වා වා යථා වා න පඤ්ඤායති, තථා සුත්තෙන වෙඨෙත්වා වළඤ්ජෙතබ්බා. උජුකමෙව පන චතුරංසා වා අට්ඨංසා වා සොළසංසා වා අඤ්ජනී වට්ටති. හෙට්ඨතො පිස්සා ද්වෙ වා තිස්සො වා වට්ටලෙඛායො වට්ටන්ති. ගීවායම්පිස්සා පිධානකබන්ධනත්ථං එකා වට්ටලෙඛා වට්ටති.
අඳුන්කුලාවෙහි ස්ත්රීපුරුෂචතුෂ්පදපක්ෂිරූප හෝ මාලාකර්ම ලතාකර්ම මකරදන්ත ගොමුත්‍ර අර්ද්ධචන්ද්රාදිභෙදවත්වූ විකාරරූප නොකටයුතුය. ගටා හෝ සිඳහැර හෝ යම්සේ හෝ නොපෙණේද, එසේ හුයකින් වෙළා හෝ පරිභොග කටයුතුය. සිවුරැස්වූ හෝ අටැස්වූ හෝ සොළොසැස්වූ හෝ අඳුන්කුලා එකතින්ම වටියි. අඳුන් කුලාවෙහි යටද දෙකක් තුනක්වට රෙඛා කිරීම වරද නොවේ. මෙහි ගැට්ටෙහි වියන්පත බැඳීම පිණිස එක් වටලෙඛාවක් කටයුතුය.
අඤ්ජනිසලාකායපි වණ්ණමට්ඨකම්මං න වට්ටති. අඤ්ජනිත්ථවිකායම්පි යංකිඤ්චි නානාවණ්ණෙන සුත්තෙන වණ්ණමට්ඨකම්මං න වට්ටති. එසෙව නයො කුඤ්චිකාකොසකෙපි. කුඤ්චිකාය වණ්ණමට්ඨකම්මං න වට්ටති, තථා සිපාටිකායං. එකවණ්ණසුත්තෙන පනෙත්ථ යෙන කෙනචි සිබ්බිතුං වට්ටති.
අඳුන් කූරෙහිද පැහැය ඔපදැමීම නොවටියි. අඳුන්කුලා බහාලන පසුම්බියෙහිද නන් පැහැති හුයින් යම්කිසි පැහැයක ඔප දැමීමෙක්වේද, එද සුදුසු නොවේ. යතුරුලන කොපුවෙහිද මේ ක්‍රමය වේ. යතුරෙහිද පැහැය ඔපදැමීම නොයෙදෙයි. කතුරු ඈ බඩු බහාලන පසුම්බියෙහිද එසේය. මෙහි එක් පැහැති යම්කිසි හුයකින් මැසීම පමණ වේ.
ආරකණ්ටකෙපි වට්ටමණිකං වා අඤ්ඤං වා වණ්ණමට්ඨං න වට්ටති. ගීවායං පන පරිච්ඡෙදලෙඛා වට්ටති. පිප්ඵලිකෙපි මණිකං වා පිළකං වා යංකිඤ්චි උට්ඨපෙතුං න වට්ටති. දණ්ඩකෙ පන පරිච්ඡෙදලෙඛා වට්ටති. නඛච්ඡෙදනං වලිතකංයෙව කරොන්ති, තස්මා තං වට්ටති. උත්තරාරණියං වා අධරාරණියං වා අරණිධනුකෙ වා උපරිපෙල්ලනදණ්ඩකෙ වා මාලාකම්මාදිකං යංකිඤ්චි වණ්ණමට්ඨං න වට්ටති, පෙල්ලනදණ්ඩකස්ස පන වෙමජ්ඣෙ මණ්ඩලං හොති, තත්ථ පරිච්ඡෙදලෙඛාමත්තං වට්ටති. සූචිසණ්ඩාසං කරොන්ති, යෙන සූචිං ඩංසාපෙත්වා ඝංසන්ති, තත්ථ මකරමුඛාදිකං යංකිඤ්චි වණ්ණමට්ඨං න වට්ටති, සූචිඩංසනත්ථං පන මුඛමත්තං හොති, තං වට්ටති.
පුස්තකාදිය සකස් කිරීම පිණිස කරණලද දිග් මුවහත්ඇති ආයුධයෙහිද වටකුරුකොට අග කෙළවර නගන බුබුල හෝ අනෙකක් හෝ ඔපදැමීම නොහොබියි. ගෙලෙහි පිරිසිඳීම දක්වනු පිණිස ඉරිගැසීම වරද නැත්තේය. කඩකතුරෙහි එකට බැඳුනු මැණිකක් හෝ අබ පමණ මුතු ඇට රැසක් හෝ සමාන යම්කිසි රෙඛාවක් හෝ නැගීම නොවටියි. ශස්ත්රදණ්ඩෙහි වනාහි පිරිසිඳීම පිණිස රෙඛාවක් කිරීම වටියි. නිය සිඳින කල්හි අල්ලා ගැනීමට මැද රැලියක් නගා කෙරෙත්ද, එහෙයින් එය වටියි. ගිනිගාන දඬු දෙක අතුරෙහි මතු දඬුවෙහි හෝ යට දඬුවෙහි හෝ අරණි දුන්නෙහි හෝ මත්තෙහි පෙලන දඬුවෙහි හෝ මාලාකර්මාදී වූ යම්කිසි පැහැය ඔපදැමක්වේද එද නොවටියි. පෙලන දඬුවෙහි මැද ගිනිගානා මතුදඬුව ඇතුල් කරනු පිණිස ආවාට මණ්ඩලයක් වේද, එය පිරිසිඳීමට ඉරිගැසීම පමණක් කටයුතුය. ඉදිඅඬුවක් කෙරෙත්ද යමකින් ඉදිකටුව ඩැහැගන්වා ගටත්ද එහිමුවර මුව ආදීවූ යම් කිසිවක් කොට පැහැ මටකෙරේ නම් එද නොසුදුසුය. ඉදිකටුව ඩැහැගන්නා පිණිස මුඛය පමණක්ම වේනම් ඒ වටියි.
දන්තකට්ඨච්ඡෙදනවාසියම්පි යංකිඤ්චි වණ්ණමට්ඨං න වට්ටති, උජුකමෙව කප්පියලොහෙන උභොසු වා පස්සෙසු චතුරංසං වා අට්ඨංසං වා බන්ධිතුං වට්ටති. කත්තරදණ්ඩෙපි යංකිඤ්චි වණ්ණමට්ඨං න වට්ටති, හෙට්ඨා එකා වා ද්වෙ වා වට්ටලෙඛා උපරි අහිච්ඡත්තකමකුළමත්තඤ්ච වට්ටති.
දැහැටි සිඳින වෑයෙහිද පැහැ මටකිරීම සුදුසු නොවේ. සෘජුවම කැප ලෝහයෙන් දෙපස හෝ එක් පසෙක හෝ සිවුරස්කොට හෝ අටස්කොට හෝ බැඳිය යුතුය. කතුරුදඬුවෙහිද යම්කිසි සැරසීමක් නොයෙදිය යුතුය. එහි යට එකක් හෝ දෙකක් හෝ වටරෙඛා තැබීම හෝ මත්තෙහි නයිහතු කැකුළක් පමණ තැබීමද වටියි.
තෙලභාජනෙසු විසාණෙ වා නාළියං වා අලාබුකෙ වා ආමණ්ඩසාරකෙ වා ඨපෙත්වා ඉත්ථිරූපං පුරිසරූපඤ්ච අවසෙසං සබ්බම්පි වණ්ණමට්ඨකම්මං වට්ටති.
තෙල් බඳුන් අතුරෙහි අඟෙහි හෝ කුලාවෙහි හෝ ලබුකබලෙහි හෝ නෙල්ලිපල අඹරා ඒ කල්කයෙන් කළ බඳුනෙහි හෝ ස්ත්‍රී රූපයද පුරුෂ රූපයද හැර සෙසු සියලු සටහනක් නගා වණමටකම් කිරීම වරදක් නොවේ.
මඤ්චපීඨෙ භිසිබිම්බොහනෙ භූමත්ථරණෙ පාදපුඤ්ඡනෙ චඞ්කමනභිසියා සම්මුඤ්ජනියං කචවරඡඩ්ඩනකෙ රජනදොණිකාය පානීයඋළුඞ්කෙ පානීයඝටෙ පාදකථලිකාය ඵලකපීඨකෙ වලයාධාරකෙ දණ්ඩාධාරකෙපත්තපිධානෙ තාලවණ්ටෙ වීජනෙති – එතෙසු සබ්බං මාලාකම්මාදිවණ්ණමට්ඨකම්මං වට්ටති. සෙනාසනෙ පන ද්වාරකවාටවාතපානකවාටාදීසු සබ්බරතනමයම්පි වණ්ණමට්ඨකම්මං වට්ටති.
ඇඳපුටුවෙහි ගුදිරිකොට්ටයෙහි බුමතුරුණෙහි පාපිස්නෙහි බිමලා සක්මන්කරන බිස්සෙහි මුස්නෙහි කසළ බහන බඳුනෙහි පඬුඔරුවෙහි පැන් ගන්නා කිණිස්සෙහි පැන් කළයෙහි නොසේදූ පාතබන දඬුකඩෙහි සේදූ පා තබන පුවරු පුටුවෙහි කළ තබන දරණුවෙහි දඬුමුවා බිම්වලල්ලෙහි පාපිස්නෙහි තල්වැටෙහි සිවුරක් විජිනිපතෙහි යන මෙතන්හි ස්ත්‍රීරූපය හැර සියලු මල්කම් ආදියෙන් වණමටකම් කිරීම වටියි.
සෙනාසනෙ කිඤ්චි පටිසෙධෙතබ්බං නත්ථි, අඤ්ඤත්ර විරුද්ධසෙනාසනා. විරුද්ධසෙනාසනං නාම අඤ්ඤෙසං සීමාය රාජවල්ලභෙහි කතසෙනාසනං වුච්චති, තස්මා යෙ තාදිසං සෙනාසනං කරොන්ති, තෙ වත්තබ්බා – “මා අම්හාකං සීමාය සෙනාසනං කරොථා”ති. අනාදියිත්වා කරොන්තියෙව, පුනපි වත්තබ්බා – “මා එවං අකත්ථ, මා අම්හාකං උපොසථපවාරණානං අන්තරායමකත්ථ, මා සාමග්ගිං භින්දිත්ථ, තුම්හාකං සෙනාසනං කතම්පි කතට්ඨානෙ න ඨස්සතී”ති. සචෙ බලක්කාරෙන කරොන්තියෙව, යදා තෙසං ලජ්ජිපරිසා උස්සන්නා හොති, සක්කා ච හොති ලද්ධුං ධම්මිකො විනිච්ඡයො, තදා තෙසං පෙසෙතබ්බං – “තුම්හාකං ආවාසං හරථා”ති. සචෙ යාව තතියං පෙසිතෙ හරන්ති, සාධු; නො චෙ හරන්ති, ඨපෙත්වා බොධිඤ්ච චෙතියඤ්ච අවසෙසසෙනාසනානි භින්දිතබ්බානි, නො ච ඛො අපරිභොගං කරොන්තෙහි, පටිපාටියා පන ඡදන-ගොපානසී-ඉට්ඨකාදීනි අපනෙත්වා තෙසං පෙසෙතබ්බං – “තුම්හාකං දබ්බසම්භාරෙ හරථා”ති. සචෙ හරන්ති, සාධු; නො චෙ හරන්ති, අථ තෙසු දබ්බසම්භාරෙසු හිමවස්සවාතාතපාදීහි පූතිභූතෙසු වා චොරෙහි වා හටෙසු අග්ගිනා වා දඩ්ඪෙසු සීමසාමිකා භික්ඛූ අනුපවජ්ජා, න ලබ්භා චොදෙතුං “තුම්හෙහි අම්හාකං දබ්බසම්භාරා නාසිතා”ති වා “තුම්හාකං ගීවා”ති වා. යං පන සීමසාමිකෙහි භික්ඛූහි කතං, තං සුකතමෙව හොතීති.
සෙනසුනෙහි වනාහි දොරකවුළු ජනෙල්කවුළු ආදීන්හි සර්ව රක්තමයවූද වණමටකම් කිරීම වරදක් නොවේ. විරුද්ධ සේනාසනය හැර සෙසු සෙනසුනෙහි වළකාලියයුතු කිසිවක් නැත්තේය. විරුද්ධ සේනාසනය නම් සීමාවට හිමිකම් කිය හැකි අන්යභික්ෂූන්ගේ සීමාවක රාජවල්ලභයන් විසින් කරන ලද සෙනාසනයයි. එහෙයින් යම්කෙනෙක් එබඳු වූ සෙනසුනක් කරත්ද ‘අපගේ සීමාවෙහි සෙනාසනයක් නොකරවු’යි ඔවුහු කියයුත්තාහ. නොපිළිගෙන කරත්මනම් නැවතත් ‘මෙසේ නොකරවු, අපගේ උපොසථපවාරණයන්ට අන්තරාය නොකරවු, සමගිය නොබිඳිවු, තොපගේ කරනලද සෙනස්නද කළ තැන නොසිටින්නේය’යි කියයුතුය. ඉදින් බලහත්කාරයෙන් කරත්මනම් යම්කලක ඔවුන්ගේ ලජ්ජාඇති පිරිස් බලවත්වේද, ධාර්මික විනිශ්චයක් ලබන්නට හැකිවේද, එකල්හි ‘තොපගේ ආවාසය ගෙන යවු’යි ඔවුන්ට දන්වා යැවිය යුතුය. තුන්වරක් මෙසේ දන්වා යැවූකල්හි ගෙනයෙත්නම් මනාය. ගෙන නොයෙත්නම්, බෝධිය හා සෑය හැර සෙසු සෙනසුන් බිඳිය යුතුය. එ ද අපරිභොග නොකරන්නවුන් විසිනි. පිළිවෙළින් වනාහි වහල පරාල ගඩොල් ආදිය බැහැරකොට ‘තොපගේ ද්රව්යොපකරණ ගෙන යවු’යි ඔවුන්ට දන්වා යැවිය යුතුය. ගෙන යෙත්නම් මනාය. ගෙන නොයෙත්නම් ඒ ගෘහොපකරණ හිමවැසි අවුසුළං ආදියෙන් දිරාගිය කල්හි හෝ සොරුන් පැහැරගෙන ගිය කල්හි හෝ ගින්නෙන් දැවීගිය කල්හි හෝ සීමාව අයත්ව සිටි මහණෝ උපවාද නොකටයුත්තාහ. ‘තොප විසින් අපගේ ගෘහොපකරණ නසන ලදැ’යි හෝ ‘එය තොපට ග්රීවාය’යි හෝ චෝදනා කරන්නට ඉඩ නොලැබෙන්නේය. සීමාව හිමි මහණුන් විසින් යමක් කරන ලද්දේ ද එය මැනවින් කරන ලද්දේම වේ.
පාළිමුත්තකවිනිච්ඡයො නිට්ඨිතො.
පාලිමුක්තක විනිශ්චය නිමි.
එවං භින්නාය පන කුටිකාය ධනියස්ස පරිවිතක්කඤ්ච පුන කුටිකරණත්ථාය උස්සාහඤ්ච දස්සෙතුං “අථ ඛො ආයස්මතො”තිආදි වුත්තං. තත්ථ දාරුගහෙ ගණකොති රඤ්ඤො දාරුභණ්ඩාගාරෙ දාරුගොපකො. දෙවගහදාරූනීති දෙවෙන ගහිතදාරූනි. රාජපටිග්ගහිතභූතානි දාරූනීති අත්ථො. නගරපටිසඞ්ඛාරිකානීති නගරස්ස පටිසඞ්ඛාරූපකරණානි. ආපදත්ථාය නික්ඛිත්තානීති අග්ගිදාහෙන වා පුරාණභාවෙන වා පටිරාජූපරුන්ධනාදිනා වා ගොපුරට්ටාලකරාජන්තෙපුරහත්ථිසාලාදීනං විපත්ති ආපදාති වුච්චති. තදත්ථං නික්ඛිත්තානීති වුත්තං හොති. ඛණ්ඩාඛණ්ඩිකං ඡෙදාපෙත්වාති අත්තනො කුටියා පමාණං සල්ලක්ඛෙත්වා කිඤ්චි අග්ගෙ කිඤ්චි මජ්ඣෙ කිඤ්චි මූලෙ ඛණ්ඩාඛණ්ඩං කරොන්තො ඡෙදාපෙසි.
මෙසේ කිළිය බිඳහළකල්හි ධනිය තෙරුන්ට උපන් පරිවිතර්කයද නැවත කිළිය කිරීම පිණිස කළ උත්සාහයද දක්වනු පිණිස ‘අථ ඛො ආයස්මතො’ යනාදිය වදාරණ ලද්දේය. එහි ‘දාරුගහෙ ගණකො’ යනු රජුගේ දැවමඩුවෙහි දැව පල්නේය. ‘දෙවගහදාරුනි’ යනු රජු විසින් රක්නාලද දැව රජසතුවූ දැවය යන අර්‍ත්‍ථයි. ‘නගර පටිසඞ්ඛාරිකාති’ නුවර පිළිසකර කිරීම පිණිස වූ උපකරණයෝය. ‘ආපදත්ථාය නික්ඛිත්තානි’ ගින්නෙන් දැවීයාමෙන් හෝ පැරණි බැවින් හෝ සතුරු රජු විසින් ඇවිරීම් ආදියෙන් හෝ දොරකොටු අටලු රජ ඇතොර ඇත්හල් ආදියට සිදුවූ විපත් ආපදායි කියනු ලැබේ. ඒ පිණිස තබන ලද්දේයි කියන ලද්දේ වේ. ‘ඛණ්ඩා ඛණ්ඩිකං ඡෙදාපෙත්වා’ තමන්ගේ කිළියෙහි පමණ සලකා කිසිවක් අගින් කිසිවක් මැදින් කිසිවක් මුලින් කඩකඩකරමින් සිඳවාලූයේය.
වස්සකාරොති තස්ස බ්රාහ්මණස්ස නාමං. මගධමහාමත්තොති මගධරට්ඨෙ මහාමත්තො, මහතියා ඉස්සරියමත්තාය සමන්නාගතො, මගධරඤ්ඤො වා මහාමත්තො; මහාඅමච්චොති වුත්තං හොති. අනුසඤ්ඤායමානොති තත්ථ තත්ථ ගන්ත්වා පච්චවෙක්ඛමානො. භණෙති ඉස්සරානං නීචට්ඨානිකපුරිසාලපනං. බන්ධං ආණාපෙසීති බ්රාහ්මණො පකතියාපි තස්මිං ඉස්සාපකතොව. සො රඤ්ඤො “ආණාපෙහී”ති වචනං සුත්වා යස්මා “පක්කොසාපෙහී”ති රඤ්ඤො න වුත්තං, තස්මා “නං හත්ථෙසු ච පාදෙසු ච බන්ධං කත්වා ආණාපෙස්සාමී”ති බන්ධං ආණාපෙසි. අද්දස ඛො ආයස්මා ධනියොති කථං අද්දස? සො කිර අත්තනා ලෙසෙන දාරූනං හටභාවං ඤත්වා “නිස්සංසයං එස දාරූනං කාරණා රාජකුලතො වධං වා බන්ධං වා පාපුණිස්සති, තදා නං අහමෙව මොචෙස්සාමී”ති නිච්චකාලං තස්ස පවත්තිං සුණන්තොයෙව විචරති. තස්මා තඛණඤ්ඤෙව ගන්ත්වා අද්දස. තෙන වුත්තං – “අද්දස ඛො ආයස්මා ධනියො”ති. දාරූනං කිච්චාති දාරූනං කාරණා. පුරාහං හඤ්ඤාමීති අහං පුරා හඤ්ඤාමි; යාව අහං න හඤ්ඤාමි, තාව ත්වං එය්යාසීති අත්ථො.
‘වස්සකාරො’ යනු ඒ බ්‍රාහ්මණයාගේ නාමයයි. ‘මගධමහාමත්තො’ මගධරට මහා ඇමති තෙමේය. මහත්වූ ඓශ්චර්‍ය්‍ය මාත්‍රයෙන් යුක්තවූයේය. මගධ රජුගේ හෝ මහා ඇමතිතෙමේ මහාමාත්යයි කියන ලද්දේ වේ. ‘අනුසඤ්ඤායමානො’ ඒ ඒ තැන ගොස් සලකා බලන්නේය. ‘භණෙ’ යනු අධිපතියන්ගේ පහත්තැන සිටි පුරුෂයන්ට කරන ආමන්ත්රණයයි. ‘බද්ධං ආණාපෙසි’ බ්‍රාහ්මණ තෙමේ ස්වභාවයෙන්ම ඔහු කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් මඩනා ලද්දේම වේ. හෙතෙමේ රජුගේ ‘අණකරව’යි යන වචනය අසා යම්හෙයකින් ‘කැඳවාලව’යි රජු විසින් නොකියන ලද්දේද, එහෙයින් ඔහු අතින් පයින් බඳින ලද්දෙකුකොට ගෙන එන්නට අණවන්නෙමියි බැඳීමට අණකෙළේය. ‘අද්දසා ඛො ආයස්මා ධනියො’ කෙසේ දුටුවේදයත්: ආයුෂ්මත් ධනයතෙමේ තමන් යම්තම් ඉඩකින් දැව ගෙණගියබව දැන නිසැකයෙන්ම මොහු දැව හෙතුකොට රාජකුලයෙන් වධයට හෝ බන්ධනයට පැමිණෙන්නේය, එකල්හි මම ඔහු මුදාගන්නෙමියි නිතර දෙවේලේ ඔහු පිළිබඳ තොරතුරු අසා බලන්නේම හැසිරෙන්නේය. එහෙයින් එකෙණෙහිම ගොස් දුටුයේය. ආයුෂ්මත් ධනයතෙමේ දුටුවේයයි එහෙයින් වදාරණලදී. ‘ දාරූනං කිච්චා’ දැව කරුණුකොට ‘පුරාහං හඤ්ඤාමි’ මම නොබෝකලකින් හිංසා කරනු ලබමි. යම්තාක් මම හිංසා නොකරනු ලබන්නෙම්ද, ඒතාක් ඔබ ආයුතුය යන අර්‍ත්‍ථයි.
ඉඞ්ඝ, භන්තෙ, සරාපෙහීති එත්ථ ඉඞ්ඝාති චොදනත්ථෙ නිපාතො. පඨමාභිසිත්තොති අභිසිත්තො හුත්වා පඨමං. එවරූපිං වාචං භාසිතාති “දින්නඤ්ඤෙව සමණබ්රාහ්මණානං තිණකට්ඨොදකං පරිභුඤ්ජන්තූ”ති ඉමං එවරූපිං වාචං අභිසිත්තො හුත්වා පඨමමෙව යං ත්වං අභාසි, තං සයමෙව භාසිත්වා ඉදානි සරසි, න සරසීති වුත්තං හොති. රාජානො කිර අභිසිත්තමත්තායෙව ධම්මභෙරිං චරාපෙන්ති – “දින්නඤ්ඤෙව සමණබ්රාහ්මණානං තිණකට්ඨොදකං පරිභුඤ්ජන්තූ”ති තං සන්ධාය එස වදති. තෙසං මයා සන්ධාය භාසිතන්ති තෙසං අප්පමත්තකෙපි කුක්කුච්චායන්තානං සමිතබාහිතපාපානං සමණබ්රාහ්මණානං තිණකට්ඨොදකහරණං සන්ධාය මයා එතං භාසිතං; න තුම්හාදිසානන්ති අධිප්පායො. තඤ්ච ඛො අරඤ්ඤෙ අපරිග්ගහිතන්ති තඤ්ච තිණකට්ඨොදකං යං අරඤ්ඤෙ අපරිග්ගහිතං හොති; එතං සන්ධාය මයා භාසිතන්ති දීපෙති.
‘ඉඞ්ඝ භන්තෙ සරාපෙහි’ මෙහි ඉඞ්ඝ යනු චොදනාර්ත්ථයෙහි නිපාතයි. ‘පඨමාභිසිත්තො’ අභිෂෙක කරන ලදුව පළමුකොට ‘එවරූපිං වාචං භාසිතා’ ‘මහණබමුණන්ට තණදැව දිය පරිභොග කෙරෙත්වායි දෙන ලද්දේම යයි මේ මෙබඳු වචනයක් අභිෂෙක කරන ලදුව පළමුකොටම යමක් ඔබ කීවහුද, එය තෙමේම කියා දැන් සිහිකරහුද, නොසිහි කරහුදැයි කියන ලද්දේ වේ. රජහු වනාහි අභිෂෙක කරන ලද්දහුම ‘මහණ බමුණන්හට පණ දැව දිය දෙන ලද්දේමය, එහෙයින් තණ දැව දිය පරිභොග කෙරෙත්වායි දහම්බෙරය හසුරුවාලන්නාහ. ඒ සඳහා මෙතෙමේ කියයි. ‘තෙසං මයා සන්ධාය භාසිතං’ ස්වල්පමාත්රයෙහිද කුකුස් කරන්නාවූද සන්සිඳවූ පව්ඇති ඒ මහණ බමුණන්ගේ තණ දැව දිය ගෙනයෑම සඳහා මා විසින් මෙසේ කියන ලදී. තොප වැන්නවුන් සඳහා නොකියන ලදය යන අදහස වේ. ‘තඤ්ච ඛො අරඤ්ඤෙ අපරීග්ගහිතං’ වනයෙහි නොරක්නාලද යම් තණ දැව දියක් වේද, ඒ නොරක්නා ලද තණ දැව දිය සඳහා මා විසින් මේ කියන ලදැයි දක්වාලන්නේය.
ලොමෙන ත්වං මුත්තොසීති එත්ථ ලොමමිව ලොමං, කිං පන තං? පබ්බජ්ජාලිඞ්ගං. කිං වුත්තං හොති? යථා නාම ධුත්තා “මංසං ඛාදිස්සාමා”ති මහග්ඝලොමං එළකං ගණ්හෙය්යුං. තමෙනං අඤ්ඤො විඤ්ඤුපුරිසො දිස්වා “ඉමස්ස එළකස්ස මංසං කහාපණමත්තං අග්ඝති. ලොමානි පන ලොමවාරෙ ලොමවාරෙ අනෙකෙ කහාපණෙ අග්ඝන්තී”ති ද්වෙ අලොමකෙ එළකෙ දත්වා ගණ්හෙය්ය. එවං සො එළකො විඤ්ඤුපුරිසමාගම්ම ලොමෙන මුච්චෙය්ය. එවමෙව ත්වං ඉමස්ස කම්මස්ස කතත්තා වධබන්ධනාරහො. යස්මා පන අරහද්ධජො සබ්භි අවජ්ඣරූපො, ත්වඤ්ච සාසනෙ පබ්බජිතත්තා යං පබ්බජ්ජාලිඞ්ගභූතං අරහද්ධජං ධාරෙසි. තස්මා ත්වං ඉමිනා පබ්බජ්ජාලිඞ්ගලොමෙන එළකො විය විඤ්ඤුපුරිසමාගම්ම මුත්තොසීති.
‘ලොමෙන ත්වං මුක්කොසි’ මෙහි ලොමය වැනිනුයි ලොමනම් වේ. ඒ කිම? පැවිදි ලක්ෂණයයි. කුමක් කියන ලද්දේවේද යත්: යම්සේ ධූර්තයෝ ‘මස කන්නෙමු’යි මාහැගි ලොම්ඇති එළුවෙකු ගන්නාහුද, අන් නුවණැති පුරුෂයෙක් ඒ එළුවා දැක ‘මේ එළුවාගේ මස් කහවණුවක් පමණ අගියි, ලොම් වනාහි ලොම්වාරයක් ලොම්වාරයක් පාසා නොයෙක් ගණන් කහවණු වටීය’යි ලොම්නැති එළුවන් දෙදෙනකුදී ඒ ලොම්ඇති එළුවා ගන්නේද, මෙසේ ඒ ලොම් ඇති එළුවා නුවණැති පුරුෂයා නිසා ලොම් හේතුකොට මිදෙන්නේද, එපරිද්දෙන්ම ඔබ මේ කර්මය කළ බැවින් වධබන්ධනයට සුදුස්සෙහිය. යම්හෙයකින් වනාහි අර්හද්ධ්ව්ජය සත්පුරුෂයන් විසින් නොනැසිය යුතු ස්වභාවය ඇත්තේවේද ඔබද ශාසනයෙහි පැවිදි වූ බැවින් ඒ පැවිදි ලක්ෂණ වූ අර්හද්ධ්ව්ජය දැරුයෙහිද එහෙයින් ඔබ මේ ප්රව්රජ්යාලිඞ්ගලොමය කරණකොට නුවණැති පුරුෂයා නිසා එළුවා මෙන් මිදුනෙහිය.
මනුස්සා උජ්ඣායන්තීති රඤ්ඤො පරිසති භාසමානස්ස සම්මුඛා ච පරම්මුඛා ච සුත්වා තත්ථ තත්ථ මනුස්සා උජ්ඣායන්ති, අවජ්ඣායන්ති, අවජානන්තා තං ඣායන්ති ඔලොකෙන්ති ලාමකතො වා චින්තෙන්තීති අත්ථො. ඛිය්යන්තීති තස්ස අවණ්ණං කථෙන්ති පකාසෙන්ති. විපාචෙන්තීති විත්ථාරිකං කරොන්ති, සබ්බත්ථ පත්ථරන්ති; අයඤ්ච අත්ථො සද්දසත්ථානුසාරෙන වෙදිතබ්බො. අයං පනෙත්ථ යොජනා – “අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා”තිආදීනි චින්තෙන්තා උජ්ඣායන්ති. “නත්ථි ඉමෙසං සාමඤ්ඤ”න්තිආදීනි භණන්තා ඛිය්යන්ති. “අපගතා ඉමෙ සාමඤ්ඤා”තිආදීනි තත්ථ තත්ථ විත්ථාරෙන්තා විපාචෙන්තීති. එතෙන නයෙන ඉමෙසං පදානං ඉතො පරම්පි තත්ථ තත්ථ ආගතපදානුරූපෙන යොජනා වෙදිතබ්බා. බ්රහ්මචාරිනොති සෙට්ඨචාරිනො. සාමඤ්ඤන්ති සමණභාවො. බ්රහ්මඤ්ඤන්ති සෙට්ඨභාවො. සෙසං උත්තානත්ථමෙව.
‘මනුස්සා උජ්ඣායන්ති’ රජපිරිසෙහි කියන්නහුගේ වචනය හමුවෙහිද නොහමුවෙහිද අසා ඒ ඒ තැන මනුෂ්‍යයෝ ලාමක කොට සිතත්. අවමන් කරත්. අවමන් කරන්නාහු ඔහු ගැන සිතත්. බලත්. පහත් ලෙසින් හෝ සිතත්ය යන අර්‍ත්‍ථයි. ‘ඛීයන්ති’ ඔහුගේ අගුණ කියත්. පවසත්. ‘විපාචෙන්ති’ අගුණ පතුරුවා හරිත්. හැමතැන පතුරුවත්. මේ අර්ත්ථයද ශබ්දශාස්ත්රානුසාරයෙන් දතයුතුය. මේ වනාහි මෙහි යොජනාය: ‘අලජ්ජිනො ඉමෙ සමණා සක්යපුත්තියා’ ‘මේ ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ අලජ්ජීහ’ යනාදි වසයෙන් සිතමින් ලාමක කොට සිතත්. ‘නත්ථි ඉමෙසං සාමඤ්ඤං’ ‘මොවුනට ශ්‍රමණභාවය නැත්තේය’ යනාදිය කියමින් අගුණ පවසත්. ‘අපගතා ඉමෙ සාමඤ්ඤා’ ‘මොවුහු ශ්‍රමණභාවයෙන් පහවූහ’ යනාදිය ඒ ඒ තැන විස්තර කරමින් පතුරුවා හරිත්. මේ ක්‍රමයෙන් මේ පදයන්ගේද, මෙයින් මතුවෙහි ඒ ඒ තැන ආපදයන්ගේද අනුරූප ලෙසින් යෙදීම දතයුතුය. එහි ‘බ්රහ්මචාරිනො’ ශ්‍රේෂඨ වූ හැසිරීම් ඇත්තාහුය. ‘සාමඤ්ඤං’ ශ්‍රමණභාවයයි. ‘බ්රහ්මඤ්ඤං’ ශ්රෙෂ්ඨභාවයයි. සෙස්ස පැහැදිලි අරුත් ඇත්තේමය.
රඤ්ඤො දාරූනීතිආදිම්හි “අදින්නං ආදියිස්සතී”ති අයං උජ්ඣායනත්ථො. යං පනෙතං අදින්නං ආදියි, තං දස්සෙතුං “රඤ්ඤො දාරූනී”ති වුත්තං. ඉති වචනභෙදෙ අසම්මුය්හන්තෙහි අත්ථො වෙදිතබ්බො. පුරාණවොහාරිකො මහාමත්තොති භික්ඛුභාවතො පුරාණෙ ගිහිකාලෙ විනිච්ඡයවොහාරෙ නියුත්තත්තා “වොහාරිකො”ති සඞ්ඛං ගතො මහාඅමච්චො.
‘රඤ්ඤො දාරූති’ යනාදියෙහි ‘අදින්නං ආදියිස්සති’ යන මෙය ලාමක කොට සිතීම අර්‍ත්‍ථකොට ඇත්තේය. නොදෙනලද යමක් ගත්තේද, එය දක්වන්නට ‘රඤ්ඤො දාරූති’ යනු වදාරණ ලද්දේය. මෙසේ එකවචන බහුවචන භේදයෙහි නොමුළාවන්නන් විසින් අර්ත්ථ දතයුතුය. ‘පුරාණ වොහාරිකො මහාමත්තො’ භික්ෂුභාවයෙන් පෙර ගිහි කාලයෙහි විනිශ්චය ව්‍යවහාරයෙහි යෙදී සිටි බැවින් විනිශ්චයකාරයෙකැයි ප්‍රසිද්ධියට ගිය මහාමාත්යතෙමේය.
අථ ඛො භගවා තං භික්ඛුං එතදවොචාති භගවා සාමංයෙව ලොකවොහාරම්පි ජානාති, අතීතබුද්ධානං පඤ්ඤත්තිම්පි ජානාති – “පුබ්බෙපි බුද්ධා එත්තකෙන පාරාජිකං පඤ්ඤපෙන්ති, එත්තකෙන ථුල්ලච්චයං, එත්තකෙන දුක්කට”න්ති. එවං සන්තෙපි සචෙ අඤ්ඤෙහි ලොකවොහාරවිඤ්ඤූහි සද්ධිං අසංසන්දිත්වා පාදමත්තෙන පාරාජිකං පඤ්ඤපෙය්‍ය, තෙනස්ස සියුං වත්තාරො “සීලසංවරො නාම එකභික්ඛුස්සපි අප්පමෙය්යො අසඞ්ඛ්යෙය්යො මහාපථවී-සමුද්ද-ආකාසානි විය අතිවිත්ථිණ්ණො, කථඤ්හි නාම භගවා පාදමත්තකෙන නාසෙසී”ති! තතො තථාගතස්ස ඤාණබලං අජානන්තා සික්ඛාපදං කොපෙය්යුං, පඤ්ඤත්තම්පි සික්ඛාපදං යථාඨානෙ න තිට්ඨෙය්ය. ලොකවොහාරවිඤ්ඤූහි පන සද්ධිං සංසන්දිත්වා පඤ්ඤත්තෙ සො උපවාදො න හොති. අඤ්ඤදත්ථු එවං වත්තාරො හොන්ති – “ඉමෙහි නාම අගාරිකාපි පාදමත්තෙන චොරං හනන්තිපි බන්ධන්තිපි පබ්බාජෙන්තිපි. කස්මා භගවා පබ්බජිතං න නාසෙස්සති; යෙන පරසන්තකං තිණසලාකමත්තම්පි න ගහෙතබ්බ”න්ති! තථාගතස්ස ච ඤාණබලං ජානිස්සන්ති. පඤ්ඤත්තම්පි ච සික්ඛාපදං අකුප්පං භවිස්සති, යථාඨානෙ ඨස්සති. තස්මා ලොකවොහාරවිඤ්ඤූහි සද්ධිං සංසන්දිත්වා පඤ්ඤපෙතුකාමො සබ්බාවන්තං පරිසං අනුවිලොකෙන්තො අථ ඛො භගවා අවිදූරෙ නිසින්නං දිස්වා තං භික්ඛුං එතදවොච “කිත්තකෙන ඛො භික්ඛු රාජා මාගධො සෙනියො බිම්බිසාරො චොරං ගහෙත්වා හනති වා බන්ධති වා පබ්බාජෙති වා”ති.
‘අථ ඛො භගවා තං භික්ඛුං එතදවොච’ භාග්‍යවතුන් වහන්සේ, තමන්වහන්සේ ලෝකව්‍යවහාරය දන්නා සේක. ‘පෙර බුදුවරයෝද මෙපමණකින් පාරාජිකය, මෙපමණකින් ථුල්ලච්චය, මෙපමණකින් දුක්කටය පණවත්’යි අතීත බුදුවරයන්ගේ පැණවීමද දන්නා සේක. ඉදින් එසේ ඇති කල්හිදු අන්‍ය වූ ලොකව්‍යවහාරය දන්නවුන් සමග සංසන්දනය නොකොට පාදමාත්රයකින් පාරාජිකාව පණවන්නාහු නම්, ඒ හේතුවෙන් ‘මේ එක් මහණහුගේද සීලසංවරය පමණනොකොට හැකිය, ගණන් නොකටහැකිය. මහපොලොව - මහසමුදුර - අහස මෙන් ඉතා තදින් පැතිරගත්තේය. භාග්‍යවතුන් වහන්සේ ඒ මේ සීලසංවරය පාදමාත්රයකින් නසන සේකැ’යි මෙය කියන්නෝ වන්නාහ. එයින් තථාගතයන් වහන්සේගේ ඥානබලය නොදන්නාහු ශික්ෂාපදය කොප්යකරන්නාහුය. පණවන ලද ශික්‍ෂාපදයද නියම තැන නොසිටින්නේය. ලෝකව්‍යවහාරය දනවුන් සමග සංසන්දනයකොට පැණවූ කල්හි ඒ දොෂාරෝපණය නොවන්නේය. ‘මේ අගාරිකයෝ පවා පාදමාත්රයෙන් සොරු අල්ලා නසත්. බඳිත්. පිටිවහල්ද කරත්. එසේ තිබියදී කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙබඳු පැවිද්දහු නොනසන සේක්ද යමක්හු විසින් අන්සතු තණඉරටුවක් තරම්දැයක් නොගතයුතු නොවේදැ’යි එකාන්තයෙන් මෙසේ කියන්නෝ වෙත්. ඔවුහු තථාගතයන් වහන්සේගේ ඥානබලය දන්නාහු වෙති. පණවන ලද ශික්‍ෂාපදයද කොප්යනොවන්නේය. නියම තැන සිටින්නේය. එහෙයින් ලොකව්‍යවහාරය දන්නවුන් සමග සංසන්දනයකොට පණවනු කැමතිසේක් මහණ, මෙහෙණ, උවසු උවැසියන් ඇති සියලු පිරිස එක්වන්බලා වදාරණ සේක් නොදුරෙහි හුන් ඒ මහණහු දැක ‘මහණ! කොපමණකින් මගධෙශ්වර වූ සෙනිය බිම්බිසාර රජතෙමේ සොරු අල්ලාගෙන නසාද, බඳීද, පිටිවහල් කෙරේදැ’යි ඒ මහණහු අතින් අසා වදාළ සේක.
තත්ථ මාගධොති මගධානං ඉස්සරො. සෙනියොති සෙනාය සම්පන්නො. බිම්බිසාරොති තස්ස නාමං. පබ්බාජෙති වාති රට්ඨතො නික්ඛාමෙති. සෙසමෙත්ථ උත්තානත්ථමෙව. පඤ්චමාසකො පාදොති තදා රාජගහෙ වීසතිමාසකො කහාපණො හොති, තස්මා පඤ්චමාසකො පාදො. එතෙන ලක්ඛණෙන සබ්බජනපදෙසු කහාපණස්ස චතුත්ථො භාගො “පාදො”ති වෙදිතබ්බො. සො ච ඛො පොරාණස්ස නීලකහාපණස්ස වසෙන, න ඉතරෙසං රුද්රදාමකාදීනං. තෙන හි පාදෙන අතීතබුද්ධාපි පාරාජිකං පඤ්ඤපෙසුං, අනාගතාපි පඤ්ඤපෙස්සන්ති. සබ්බබුද්ධානඤ්හි පාරාජිකවත්ථුම්හි වා පාරාජිකෙ වා නානත්තං නත්ථි. ඉමානෙව චත්තාරි පාරාජිකවත්ථූනි . ඉමානෙව චත්තාරි පාරාජිකානි. ඉතො ඌනං වා අතිරෙකං වා නත්ථි. තස්මා භගවාපි ධනියං විගරහිත්වා පාදෙනෙව දුතියපාරාජිකං පඤ්ඤපෙන්තො “යො පන භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාත”න්තිආදිමාහ.
එහි ‘මාගධො’ මගධයන්ගේ ඊශ්වරතෙමේය. ‘සෙනියො’ සෙනාවෙන් යුක්තවූයේය. ‘බිම්බිසාරො’ ඔහුගේ නාමයයි. ‘පබ්බාජෙති වා’ රටින් හෝ නෙරපා හරියි. මෙහි සෙස්ස පැහැදිලි අර්ත්ථ ඇත්තේමය. ‘පඤ්චමාසකො පාදො’ එ දවස රජගහ නුවර මසුවිස්සක් කහවණුවක් වේ. එහෙයින් මසුපසක් පාදයක් වේ. මේ ලක්ෂණයෙන් සියලු ජනපදයන්හි කහවණුව පිළිබඳ සිවුවනකොටස පාදයකැයි දතයුතුය. ඒ පාදයද වනාහි පුරාණ ශාස්ත්‍රයට අනුරූපව උතුම් රනින්කළ නීල කාර්ෂාපණයාගේ වසයෙන් වේ. රුද්රදාමකාදීවූ අන්යකාර්ෂාපණයන්ගේ වසයෙන් නොවේ. ඒ පාදයෙන් අතීත බුදුවරයෝද පාරාජිකය පැණවූහ. අනාගත බුදුවරයෝද පාරාජිකය පණවන්නාහුය. පාරාජිකවස්තුවෙහි හෝ පාරාජිකයෙහි හෝ සියලු බුදුවරයන්ගේම වෙනස්බවක් නැත්තේය. මොවුහුම සතර පාරාජික වස්තූහුය. මොවුහුම සතර පාරාජිකයෝය. මෙයින් අඩුව හෝ වැඩිව හෝ නැත්තේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේද ධනිය තෙරුන්ට ගරහා පාදය හේතුකොටම දෙවන පාරාජිකය පණවනසේක් ‘යො පන භික්ඛු අදින්නං ථෙය්යසඞ්ඛාතං’ යනාදිය වදාළ සේක.
එවං මූලච්ඡෙජ්ජවසෙන දළ්හං කත්වා දුතියපාරාජිකෙ පඤ්ඤත්තෙ අපරම්පි අනුපඤ්ඤත්තත්ථාය රජකභණ්ඩිකවත්ථු උදපාදි, තස්සුප්පත්තිදීපනත්ථමෙතං වුත්තං – “එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොතී”ති. තස්සත්ථො ච අනුපඤ්ඤත්තිසම්බන්ධො ච පඨමපාරාජිකවණ්ණනායං වුත්තනයෙනෙව වෙදිතබ්බො. යථා ච ඉධ, එවං ඉතො පරෙසු සබ්බසික්ඛාපදෙසු. යං යං පුබ්බෙ වුත්තං, තං තං සබ්බං වජ්ජෙත්වා උපරූපරි අපුබ්බමෙව වණ්ණයිස්සාම. යදි හි යං යං වුත්තනයං, තං තං පුනපි වණ්ණයිස්සාම, කදා වණ්ණනාය අන්තං ගමිස්සාම! තස්මා යං යං පුබ්බෙ වුත්තං, තං තං සබ්බං සාධුකං උපසල්ලක්ඛෙත්වා තත්ථ තත්ථ අත්ථො ච යොජනා ච වෙදිතබ්බා. අපුබ්බං පන යංකිඤ්චි අනුත්තානත්ථං, තං සබ්බං මයමෙව වණ්ණයිස්සාම.
මෙසේ මූලච්ඡෙද්ය වශයෙන් දැඩිකොට දෙවන පාරාජිකය පැණවූ කල්හි අනුප්‍රඥප්තිය පිණිස අන්‍යවූද රජගභණ්ඩික වස්තුව උපන්නේ එහි උත්පත්තිය දක්වනු පිණිස ‘එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති’ යන මෙය වදාරණ ලද්දේය. එහි අර්ත්ථයද අනුප්‍රඥප්ති සම්බන්ධයද ප්‍රථම පාරාජික වර්ණනාවෙහි කියූ ලෙසින්ම දතයුතුය. මෙහි යම්සේද මෙසේ මෙයින් මත්තෙහි වූ සියලු ශික්ෂා පදයන්හි යමක් යමක් පෙරකියන ලද්දේද, ඒ සියල්ල හැරපියා මතු මතුවෙහි පෙර නොකියන ලද්දම වර්ණනා කරන්නෙමු. ඉදින් කියූනය ඇති යමක් යමක්වේද ඒ ඒ නැවතත් වර්ණනා කරන්නෙමුනම්, කවර කලෙක වර්ණනාවෙහි කෙළවරට යන්නෙමුද? එහෙයින් යමක් යමක් පෙරකියන ලද්දේද, ඒ සියල්ල මනාකොට සලකාබලා ඒ ඒ තන්හි අර්ත්ථයද යොජනාද දතයුතුය. පෙර නොකියූ නොපැහැදිලි අර්ත්ථ ඇති යම්කිසිවක් වේනම් ඒ සියල්ල අපිම විස්තර කරන්නෙමු.
ධනියවත්ථුවණ්ණනා නිට්ඨිතා.
රජකත්ථරණං ගන්ත්වාති රජකතිත්ථං ගන්ත්වා; තඤ්හි යස්මා තත්ථ රජකා වත්ථානි අත්ථරන්ති, තස්මා රජකත්ථරණන්ති වුච්චති. රජකභණ්ඩිකන්ති රජකානං භණ්ඩිකං; රජකා සායන්හසමයෙ නගරං පවිසන්තා බහූනි වත්ථානි එකෙකං භණ්ඩිකං බන්ධන්ති. තතො එකං භණ්ඩිකං තෙසං පමාදෙන අපස්සන්තානං අවහරිත්වා ථෙනෙත්වාති අත්ථො.
‘රජකත්ථරණං ගනත්වා’ රදාතොටට ගොස්. යම්හෙයකින් එහි රදවු රෙදි අතුරත්ද, එහෙයින් එතැන රජකත්ථරණයි කියනු ලැබේ. ‘රජකභණ්ඩිකං’ රදවුන්ගේ රෙදිපොදිය. රදවු සවස්කාලයෙහි නුවරට පිවිසෙන්නාහු බොහෝ රෙදි එක් එක් පොදියට බඳිති. ප්‍රමාද හේතුවෙන් ඔවුන් නොදකිත්ම, ඒ රෙදිපොදිවලින් එකක් ‘අවහරිත්වා’ සොරකම්කොට යන අර්‍ත්‍ථයි.