ධනියවත්ථුවණ්ණනා අට්ඨකථා
ධනියවත්ථුවණ්ණනා
ධනියවත්ථුවණ්ණනා
තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙති තත්ථ රාජගහෙති එවංනාමකෙ නගරෙ, තඤ්හි මන්ධාතු-මහාගොවින්දාදීහි පරිග්ගහිතත්තා “රාජගහ”න්ති වුච්චති. අඤ්ඤෙපෙත්ථ පකාරෙ වණ්ණයන්ති. කිං තෙහි! නාමමෙතං තස්ස නගරස්ස. තං පනෙතං බුද්ධකාලෙ ච චක්කවත්තිකාලෙ ච නගරං හොති. සෙසකාලෙ සුඤ්ඤං හොති යක්ඛපරිග්ගහිතං, තෙසං වසන්තවනං හුත්වා තිට්ඨති. එවං ගොචරගාමං දස්සෙත්වා නිවාසනට්ඨානමාහ – ගිජ්ඣකූටෙ පබ්බතෙති. සො ච ගිජ්ඣා තස්ස කූටෙසු වසිංසු, ගිජ්ඣසදිසානි වා තස්ස කූටානි; තස්මා ගිජ්ඣකූටොති වුච්චතීති වෙදිතබ්බො.
‘තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති ගිජ්ඣකුටෙ පබ්බතෙ’ යන මෙහි ‘රාජගහෙ’ මෙනම් ඇති නුවරෙහි. ඒ නුවර වනාහි මහාමන්ධාතු ගොවින්දාදීන් විසින් අයත්කරගත් බැවින් රාජගහයී කියනු ලැබේ. මෙහි අන්‍යවූද ප්‍රකාරයක් වර්ණනා කෙරෙත්. කිම, මේ නාමය ඒ නගරයට ඔවුන් විසින් කරන ලද්දේද, ඒ මේ නගරය බුදුවරයන්ගේ කාලයෙහිද සක්විති රජුන්ගේ කාලයෙහිද නගරයක් වේ. අන්කල්හි ශුන්යවූයේ යකුන් විසින් පිරිගා කරන ලද්දේ වේ. ඒ යකුන්ට මේ නගරය වසන්ත වනයක්ව සිටියේය. මෙසේ ගොදුරුගම දක්වා ‘ගිජ්ඣකූටෙ පබ්බතෙ’යි වාසස්ථානය කීහ. එද ගිජුලිහිණියෝ හෝ මේ පර්වතයාගේ මස්තකයෙහි විසූහ. නොහොත් ඒ පර්වතයාගේ මස්තක ගිජුලිහිණින් වැනියහ. එහෙයින් ඒ පර්වතයද ගිජ්ඣකූටයි කියනු ලැබේ යයි දතයුතුය.
සම්බහුලාති විනයපරියායෙන තයො ජනා සම්බහුලාති වුච්චන්ති, තතො පරං සඞ්ඝො. සුත්තන්තපරියායෙන තයො තයො එව, තතො පට්ඨාය සම්බහුලා. ඉධ පන තෙ සුත්තන්තපරියායෙන සම්බහුලාති වෙදිතබ්බා. සන්දිට්ඨාති නාතිවිස්සාසිකා න දළ්හමිත්තා; තත්ථ තත්ථ සඞ්ගම්ම දිට්ඨත්තා හි තෙ සන්දිට්ඨාති වුච්චන්ති. සම්භත්තාති අතිවිස්සාසිකා දළ්හමිත්තා; තෙ හි සුට්ඨු භත්තා භජමානා එකසම්භොගපරිභොගාති කත්වා “සම්භත්තා”ති වුච්චන්ති. ඉසිගිලිපස්සෙති ඉසිගිලි නාම පබ්බතො, තස්ස පස්සෙ. පුබ්බෙ කිර පඤ්චසතමත්තා පච්චෙකබුද්ධා කාසිකොසලාදීසු ජනපදෙසු පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං තස්මිං පබ්බතෙ සන්නිපතිත්වා සමාපත්තියා වීතිනාමෙන්ති. මනුස්සා තෙ පවිසන්තෙව පස්සන්ති න නික්ඛමන්තෙ. තතො ආහංසු – “අයං පබ්බතො ඉමෙ ඉසයො ගිලතී”ති. තදුපාදාය තස්ස “ඉසිගිලි”ත්වෙව සමඤ්ඤා උදපාදි, තස්ස පස්සෙ පබ්බතපාදෙ.
‘සම්බහුලා’ විනයපර්ය්යායයෙන් තිදෙන සම්බහුලායි කියනු ලැබෙත්. එතැන් පටන් සඞ්ඝතෙමේය. මෙහිවනාහි සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් තිදෙන තිදෙනම වෙත්. එතැන් පටන් සම්බහුලයහ. මෙහි වනාහි සූත්‍රාන්ත පර්‍ය්‍යායයෙන් සම්බහුලයි දතයුතුය. ‘සන්දිට්ඨා’ අතිශය විශ්වාස ඇත්තාහු නොවෙති. දැඩි මිතුරෝ නොවෙතියි කියනු ලබත්. ඒ ඒ තැන එක්වීමෙන් දුටුබැවින්ම ඔවුහු සන්දිට්ඨයි කියනු ලබත්. ‘සම්භත්තා’ අතිශය විශ්වාස ඇත්තාහුය. දැඩි මිතුරෝ කියනු ලබති. ඔවුහු උනුන් කෙරෙහි මැනවින් භක්තයහ. භජනය කරන්නෝය. එක්ව කරන සම්භොගපරිභොග ඇත්තාහයි සම්භක්තයහයි කියනු ලබත්. ‘ඉසිගිලිපස්සෙ’ ඉසිගිලිනම් පර්වතය. ඒ පර්වතයෙහි පසෙක්හි. පෙර පදුමවතියගේ පුත්‍ර වූ පන්සියයක් පමණ පසේබුදුවරයෝ කාසිකොසලාදි ජනපදයන්හි පිඬු පිණිස හැසිර පසුබත ඒ පර්වතයෙහි රැස්ව සමාපත්තියෙන් යුක්තව කල්ඉක්මවත්. මිනිස්සු එහි පිවිසෙන පසේබුදුවරයන්ම දකිත්. නික්මෙන්නවුන් නොදකිත්. එහෙයින් ‘අයං පබ්බතො ඉමෙ ඉසි ගිලති’යි කීහ. ඒ කරණකොට ඒ පර්වතයට ඉසිගිලි යන නම උපන.
තිණකුටියො කරිත්වාති තිණච්ඡදනා සද්වාරබන්ධා කුටියො කත්වා. වස්සං උපගච්ඡන්තෙන හි නාලකපටිපදං පටිපන්නෙනාපි පඤ්චන්නං ඡදනානං අඤ්ඤතරෙන ඡන්නෙයෙව සද්වාරබන්ධෙ සෙනාසනෙ උපගන්තබ්බං. වුත්තඤ්හෙතං – “න, භික්ඛවෙ, අසෙනාසනිකෙන වස්සං උපගන්තබ්බං. යො උපගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (මහාව· 204). තස්මා වස්සකාලෙ සචෙ සෙනාසනං ලභති, ඉච්චෙතං කුසලං; නො චෙ ලභති, හත්ථකම්මං පරියෙසිත්වාපි කාතබ්බං. හත්ථකම්මං අලභන්තෙන සාමම්පි කාතබ්බං. න ත්වෙව අසෙනාසනිකෙන වස්සං උපගන්තබ්බං. අයමනුධම්මතා. තස්මා තෙ භික්ඛූ තිණකුටියො කරිත්වා රත්තිට්ඨානදිවාට්ඨානාදීනි පරිච්ඡින්දිත්වා කතිකවත්තානි ච ඛන්ධකවත්තානි ච අධිට්ඨාය තීසු සික්ඛාසු සික්ඛමානා වස්සං උපගච්ඡිංසු.
ඒ පර්වතයෙහි පසෙක, කඳුපාමුල ‘තිණකුටියො කරිත්වා’ තණ සෙවෙනි ඇති දොරබා සහිතවූ කිළි කොට, නාලක ප්‍රතිපදාවට පිළිපන්නහු විසින්ද වස් එළඹෙන්නහු තණ පත් උළු, ගල් සුණු යන පස්වැදෑරුම් සෙවෙනි අතුරෙන් එක්තරා එකකින් සෙවෙනි කළ දොරබා සහිත වූ සෙනස්නකම වස් එළඹියයුතුය. ‘න භික්ඛවෙ අසෙනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ඡෙය්ය ආපත්ති දුක්කටස්ස’යි මෙය වදාරණ ලදය. එහෙයින් වැසිකාලයෙහි වස්විසීම සඳහා සෙනසුනක් ලබානම්, මේ මැනවි. නොලබානම් අත්කම් සොයාගෙන කටයුතුය. අත්කම් නොලබන්නහු විසින් තමන් හෝ කටයුතුය. සෙනසුන් නැත්තහු විසින් වස් නොඑළඹිය යුතුමය. මේ අනුධර්මතාය. එහෙයින් ඒ මහණෝ තණකිළිකොට රෑතැන් දිවාතැන් ආදිය පිරිසිඳ කතිතවත් කඳුවත් ඉටා ත්‍රිවිධ ශික්ෂාවන්හි හික්මෙන්නාහු වස් එළඹියාහුය.
ආයස්මාපි ධනියොති න කෙවලං තෙ ථෙරාව ඉමස්ස සික්ඛාපදස්ස ආදිකම්මිකො ආයස්මා ධනියොපි. කුම්භකාරපුත්තොති කුම්භකාරස්ස පුත්තො; තස්ස හි නාමං ධනියො, පිතා කුම්භකාරො, තෙන වුත්තං – “ධනියො කුම්භකාරපුත්තො”ති. වස්සං උපගච්ඡීති තෙහි ථෙරෙහි සද්ධිං එකට්ඨානෙයෙව තිණකුටිකං කරිත්වා වස්සං උපගච්ඡි. වස්සංවුත්ථාති පුරිමිකාය උපගතා මහාපවාරණාය පවාරිතා පාටිපදදිවසතො පට්ඨාය “වුත්ථවස්සා”ති වුච්චන්ති. එවං වස්සංවුත්ථා හුත්වා.
‘ආයස්මාපි ධනියො’ හුදෙක් ඒ තෙරහුම වස් නොඑළඹියහ. මේ ශික්ෂාපදයට ආදිකර්මික වූ ආයුෂ්මත් ධනිය තෙමේ ද වස් එළඹියේය. ‘කුම්භකාරපුත්තො’ යනු කුඹල්කරුගේ පුත්රතෙමේය. ඔහුගේ නම ධනියය. පියතෙමේ කුඹල්කරුවෙකි. ‘ධනියො කුම්භකාරපුත්තො’ යනු එහෙයින් වදාරණ ලදී. ‘වස්සං උපගච්ඡි’ ඒ තෙරුන් සමග එක් තැනම තණකිළියක් කොට වස් එළමියේය. ‘වස්සං වුත්ථා’ පෙරවස් එළඹියෝ, මහාපවාරණයෙන් පැවරුවෝ පෑළවිය දින පටන් විසූ වස් ඇත්තාහයි කියනු ලැබෙත්. මෙසේ විසූ වස් ඇතියෝව. කිසි අනතුරක් නිසා මහාපවාරණයෙන් නොපැවරුවෝද විසූ වස් ඇත්තාහුම වෙත්.
තිණකුටියො භින්දිත්වාති න දණ්ඩමුග්ගරාදීහි චුණ්ණවිචුණ්ණං කත්වා, වත්තසීසෙන පන තිණඤ්ච දාරුවල්ලි-ආදීනි ච ඔරොපෙත්වාති අත්ථො. යෙන හි විහාරපච්චන්තෙ කුටි කතා හොති, තෙන සචෙ ආවාසිකා භික්ඛූ හොන්ති, තෙ ආපුච්ඡිතබ්බා. “සචෙ ඉමං කුටිං පටිජග්ගිත්වා කොචි වසිතුං උස්සහති, තස්ස දෙථා”ති වත්වා පක්කමිතබ්බං. යෙන අරඤ්ඤෙ වා කතා හොති , පටිජග්ගනකං වා න ලභති, තෙන “අඤ්ඤෙසම්පි පරිභොගං භවිස්සතී”ති පටිසාමෙත්වා ගන්තබ්බං. තෙ පන භික්ඛූ අරඤ්ඤෙ කුටියො කත්වා පටිජග්ගනකං අලභන්තා තිණඤ්ච කට්ඨඤ්ච පටිසාමෙත්වා සඞ්ගොපෙත්වාති අත්ථො. යථා ච ඨපිතං තං උපචිකාහි න ඛජ්ජති , අනොවස්සකඤ්ච හොති, තථා ඨපෙත්වා “ඉදං ඨානං ආගන්ත්වා වසිතුකාමානං සබ්රහ්මචාරීනං උපකාරාය භවිස්සතී”ති ගමියවත්තං පූරෙත්වා.
‘තිණකුටියො භින්දිත්වා’ දඬුමුගුරු ආදියෙන් පහර දීමෙන් සුණුවිසුණුකොට නොවේ. වෘත්තශීර්ෂයෙන් තණ, දැව, වැල් ආදිය බහා තබා යන අර්‍ත්‍ථයි. යමෙකු විසින් විහාරයෙහි කෙළවර කිළියක් කරන ලද නම් විහාරයෙහි මහණෝ වෙත්නම් ඔහු විසින් ඒ මහණේ විචාළ යුත්තාහ. ඉදින් මේ කිළිය පිළිදැගුම්කොට එහි වසන්නට කිසිවෙක් උත්සාහ කෙරේනම් ‘ඔහුට දෙවු’යි කියා යා යුතුය. යමෙකු විසින් වනයෙහි හෝ කිළියක් කරන ලද්දේද, එය පිළිදැගුම් කරන්නකු නොලබානම්, එය කළහු විසින් අන්හටද පරිභොගය පිණිස වන්නේයයි තණ, දැව ආදිය තැන්පත්කොට තබා යායුතුය. ඒ මහණෝ වනයෙහි කිළිකොට පිළිදැගුම් කරන්නෙකු නොලබන්නාහු තණ හා දැවදඬු එක් පෙදෙසක තැත්පත්කොට තබා මොනවට ආරක්ෂාකොට තබා යන අර්‍ත්‍ථයි. යම්සේ තබන ලද්දක් වේයන් විසින් නොකනු ලැබේද, නොද තෙමෙන්නේත් වේද, එසේ තැන්පත්කොට තබා ‘මෙතැනට පැමිණ වසනු කැමති සබ්‍රම්සරුන්ට උපකාර පිණිස වේවා’යි ගමිකවත පුරා ජනපදචාරිකං පක්කමිංසු තමතමන්ගේ සිතට අනුකූල වූ ජනපදයට ගියහ.
ජනපදචාරිකං පක්කමිංසූති අත්තනො අත්තනො චිත්තානුකූලං ජනපදං අගමංසු. ආයස්මා පන ධනියො කුම්භකාරපුත්තො තත්ථෙව වස්සං වසීතිආදි උත්තානත්ථමෙව. යාවතතියකන්ති යාවතතියවාරං. අනවයොති අනුඅවයො, සන්ධිවසෙන උකාරලොපො. අනු අනු අවයො, යං යං කුම්භකාරෙහි කත්තබ්බං නාම අත්ථි, සබ්බත්ථ අනූනො පරිපුණ්ණසිප්පොති අත්ථො. සකෙති අත්තනො සන්තකෙ. ආචරියකෙති ආචරියකම්මෙ. කුම්භකාරකම්මෙති කුම්භකාරානං කම්මෙ; කුම්භකාරෙහි කත්තබ්බකම්මෙති අත්ථො. එතෙන සකං ආචරියකං සරූපතො දස්සිතං හොති. පරියොදාතසිප්පොති පරිසුද්ධසිප්පො. අනවයත්තෙපි සති අඤ්ඤෙහි අසදිසසිප්පොති වුත්තං හොති.
‘ආයස්මා පන ධනියො කුම්භකාරපුත්තො තත්ථෙව වස්සං වසි’ යනාදිය පැහැදිලි අර්ත්ථ ඇත්තේමය. ‘යාවතතියකං’ තෙවනවර තෙක්. ‘අන්වයො’ අනු + අවයො’ යන තන්හි සන්ධි වශයෙන් උකාරලොපයයි. අඩුබවක් නැත්තේය. තමන්ගේ ශිල්පයෙහි අඩුබවක් හානියක් නැත්තේය. කුඹල්කරුවන් විසින් කටයුතුවූ යමක් යමක්වේද, ඒ හැම කටයුත්තෙහි නොඅඩුවූ පරිපූර්ණ ශිල්ප ඇත්තේය යන අර්‍ත්‍ථයි. ‘සකෙ’ තමන් සතුවූ ‘ආචරියකෙ’ ඇදුරන් අයත් කර්මාන්තයෙහි, ‘කුම්භකාරකම්මෙ’ කුඹල්කරුවන්ගේ කර්මාන්තයෙහි, කුඹල්කරුවන් විසින් කටයුතු කර්මයෙහි යන අර්‍ත්‍ථයි. මෙයින් ස්වකීය ආචාර්ය්ය කර්මාන්තය ස්වරූප වශයෙන් දක්වන ලද්දේ වේ. ‘පරියොදාතසිප්පෙ’ පිරිසිදු ශිල්ප ඇත්තේය. අඩුබවක් ඇති කල්හිදු අන්හු හා අසමාන ශිල්ප ඇත්තේ යයි දක්වන ලද්දේ වේ.
සබ්බමත්තිකාමයන්ති පිට්ඨසඞ්ඝාටකකවාටසූචිඝටිකවාතපානකවාටමත්තං ඨපෙත්වා අවසෙසං භිත්තිඡදනිට්ඨකථම්භාදිභෙදං සබ්බං ගෙහසම්භාරං මත්තිකාමයමෙව කත්වාති අත්ථො. තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සඞ්කඩ්ඪිත්වා තං කුටිකං පචීති තං සබ්බමත්තිකාමයං කත්වා පාණිකාය ඝංසිත්වා සුක්ඛාපෙත්වා තෙලතම්බමත්තිකාය පරිමජ්ජිත්වා අන්තො ච බහි ච තිණාදීහි පූරෙත්වා යථා පක්කා සුපක්කා හොති, එවං පචි. එවං පක්කා ච පන සා අහොසි කුටිකා . අභිරූපාති සුරූපා. පාසාදිකාති පසාදජනිකා. ලොහිතිකාති ලොහිතවණ්ණා. කිඞ්කණිකසද්දොති කිඞ්කණිකජාලස්ස සද්දො. යථා කිර නානාරතනෙහි කතස්ස කිඞ්කණිකජාලස්ස සද්දො හොති, එවං තස්සා කුටිකාය වාතපානන්තරිකාදීහි පවිට්ඨෙන වාතෙන සමාහතාය සද්දො අහොසි. එතෙනස්සා අන්තො ච බහි ච සුපක්කභාවො දස්සිතො හොති. මහාඅට්ඨකථායං පන “කිඞ්කණිකා”ති කංසභාජනං, තස්මා යථා අභිහතස්ස කංසභාජනස්ස සද්දො, එවමස්සා වාතප්පහතාය සද්දො අහොසී”ති වුත්තං.
‘සබ්බමත්තිකාමයං’ දොරබා කවුළු අඟුළුවා කවුළු පමණක් හැර සෙසු බිත්ති සෙවෙනි ගඩොල් ටැම් ඈ ප්‍රභෙදවූ සියලු ගෘහොපකරන මැටිමුවාමකොට යන අර්‍ත්‍ථයි. ‘තිණඤ්ච කට්ඨඤ්ච ගොමයඤ්ච සඞ්කඩ්ඪිත්වා තං කුටිකං පචි’ ඒ කිළිය සියල්ල මැටිමුවාකොට මට්ටම් ලෑලිකඩින් මට්ටම්කොට වියලවා තෙල් මුසු තඹමැටියෙන් පිරිමැද ඇතුළත හා පිටත තණ ආදියෙන් පුරවා යම් සේ පිසන ලද්දී මොනවට පිසන ලද්දී වේද, එසේ පිසූයේය. ඒ කිළිය වනාහි මෙසේ පිසන ලද්දී වූවාය. ‘අභිරූපා’ මනා රූ ඇත්තීය. ‘පාසාදිකා’ පැහැදීම දනවන්නීය. ‘ලොභිතිකා’ රතු පැහැ ඇත්තීය. ‘කිංකිණිකසද්දො’ කිකිණිදැල් හඬ. නොයෙක් රුවනින් කළ කිකිණි දැල්හි හඬ යම්සේ වූයේද, වාකවුළු ආදිය අතරින් ඇතුල්වූ වාතයෙන් පහරණලද ඒ කිළියෙන් නැගි හඬ එසේ වූයේය. මෙයින් මේ කිළියෙහි ඇතුළත හා පිටත මැනවින් පැසුනු බව දක්වන ලද්දේ වේ. මහාඅර්ත්ථ කථාවෙහි වනාහි ‘කිඞ්කිණිකා’ යනු කස්ලෝ බඳුනැයිද, එහෙයින් කුමකින් හෝ පහරණලද කස්ලෝ බඳුනෙහි හඬ යම්සේවේද, වාතයෙන් පහරණලද මේ කිළියෙහි හඬත් මෙසේවූයේ යයිද කියන ලදී.
කිං එතං, භික්ඛවෙති එත්ථ ජානන්තොව භගවා කථාසමුට්ඨාපනත්ථං පුච්ඡි. භගවතො එතමත්ථං ආරොචෙසුන්ති සබ්බමත්තිකාමයාය කුටිකාය කරණභාවං ආදිතො පට්ඨාය භගවතො ආරොචෙසුං. කථඤ්හි නාම සො, භික්ඛවෙ…පෙ… කුටිකං කරිස්සතීති ඉදං අතීතත්ථෙ අනාගතවචනං; අකාසීති වුත්තං හොති. තස්ස ලක්ඛණං සද්දසත්ථතො පරියෙසිතබ්බං. න හි නාම, භික්ඛවෙ, තස්ස මොඝපුරිසස්ස පාණෙසු අනුද්දයා අනුකම්පා අවිහෙසා භවිස්සතීති එත්ථ අනුද්දයාති අනුරක්ඛණා; එතෙන මෙත්තාපුබ්බභාගං දස්සෙති. අනුකම්පාති පරදුක්ඛෙන චිත්තකම්පනා. අවිහෙසාති අවිහිංසනා; එතෙහි කරුණාපුබ්බභාගං දස්සෙති. ඉදං වුත්තං හොති – “භික්ඛවෙ , තස්ස මොඝපුරිසස්ස පථවීඛණනචික්ඛල්ලමද්දනඅග්ගිදානෙසු බහූ ඛුද්දානුඛුද්දකෙ පාණෙ බ්යාබාධෙන්තස්ස විනාසෙන්තස්ස තෙසු පාණෙසු මෙත්තාකරුණානං පුබ්බභාගමත්තාපි අනුද්දයා අනුකම්පා අවිහෙසා න හි නාම භවිස්සති අප්පමත්තකාපි නාම න භවිස්සතී”ති. මා පච්ඡිමා ජනතා පාණෙසු පාතබ්යතං ආපජ්ජීති පච්ඡිමො ජනසමූහො පාණෙසු පාතබ්යභාවං මා ආපජ්ජි. “බුද්ධකාලෙපි භික්ඛූහි එවං කතං, ඊදිසෙසු ඨානෙසු පාණාතිපාතං කරොන්තානං නත්ථි දොසො”ති මඤ්ඤිත්වා ඉමස්ස දිට්ඨානුගතිං ආපජ්ජමානා පච්ඡිමා ජනතා මා පාණෙසු පාතබ්යෙ ඝංසිතබ්බෙ එවං මඤ්ඤීති වුත්තං හොති.
‘කිං එතං භික්ඛවෙ’ මෙහි භාග්‍යවතුන් වහන්සේ දන්නා සේක්ම කථාවක් උපදවනු පිණිස ‘මහණෙනි මේ කිම’යි අසා වදාළ සේක. ‘භගවතො එතමත්ථං ආරොචෙසුං’ සියල්ල මැටිමුවා කිළියක් කරන බව මුලපටන් භාග්‍යවතුන් වහන්සේට සැලකළහ. ‘කථං හි නාම සො භික්ඛවෙ - පෙ- කුටිකං කරිස්සති’ යන මෙය අතීතාර්ත්ථයෙහි අනාගතවචනයි. කෙළේයයි වදාරණ ලද්දේ වේ. එහි ලක්ෂණ ශබ්ද ශාස්ත්‍රයෙන් සෙවිය යුතුය. ‘න හි නාම භික්ඛවෙ තස්ස මොඝපුරිසස්ස පාණෙසු අනුද්දයා අනුකම්පා අවිභෙසා භවිස්සති’ මෙහි ‘අනුද්දයා’ යනු අනුරක්ෂණා තොමෝය. මෙයින් මෛත්‍රිය පිළිබඳ පූර්වභාගය දක්වන සේක. ‘අනුකම්පා’ යනු අන්හු පිළිබඳ දුකින්වන සිතේ සැලීමයි. ‘අවිහෙසා’ යනු හිංසා නොකිරීමය. මේ පදයන්ගෙන් කරුණාද්ධ්යාශය පිළිබඳ පූර්වභාගය දක්වන සේක. ‘මහණෙනි! පොළොව සෑරීම මැටි පෑගීම ගිනිතැබීම යන මෙතැන්හි බොහෝ ලොකු කුඩා ප්‍රාණීන් පෙළන නසන ඒ හිස්පුරුෂයා හට ඒ ප්‍රාණීන් කෙරෙහි මෛත්‍රී කරුණා පිළිබඳ පූර්වභාගමාත්රවූද අනුරක්ෂණාවක් අනුකම්පාවක් අවිහිංසාවක් ‘න හි නාම භවිස්සති’ ස්වල්පමාත්‍රයක් නමුදු නොවන්නීය. ‘මා පච්ඡිමා ජනතා පාණෙසු පාතබ්යතං ආපජ්ජි’ පශ්චිම ජනසමූහතෙමේ ප්‍රාණීන් කෙරෙහි නැසිය යුතු සිත් ඇති බවට නොපැමිණේවා, බුදුරජුන් දවසද මහණුන් මෙසේ කරන ලදය, මෙබඳු තන්හි ප්‍රාණඝාතය කරන්නවුන්ට දොෂයක් නැතැ’යි සලකා මොහුගේ දිට්ඨානුගතියට පැමිණෙන පශ්චිම ජනසමූහතෙමේ ප්‍රාණීන් හෙළියයුතුකොට නැසියයුතුකොට නොම සිතාවායි වදාරණ ලද්දේ වේ.
එවං ධනියං ගරහිත්වා න ච, භික්ඛවෙ, සබ්බමත්තිකාමයා කුටිකා කාතබ්බාති ආයතිං තාදිසාය කුටිකාය කරණං පටික්ඛිපි; පටික්ඛිපිත්වා ච “යො කරෙය්ය ආපත්ති දුක්කටස්සා”ති සබ්බමත්තිකාමයකුටිකාකරණෙ ආපත්තිං ඨපෙසි. තස්මා යොපි පථවීඛණනාදිනා පාණෙසු පාතබ්යතං අනාපජ්ජන්තො තාදිසං කුටිකං කරොති, සොපි දුක්කටං ආපජ්ජති. පථවීඛණනාදීහි පන පාණෙසු පාතබ්යතං ආපජ්ජන්තො යං යං වත්ථුං වීතික්කමති, තත්ථ තත්ථ වුත්තමෙව ආපත්තිං ආපජ්ජති. ධනියත්ථෙරස්ස ආදිකම්මිකත්තා අනාපත්ති. සෙසානං සික්ඛාපදං අතික්කමිත්වා කරොන්තානම්පි කතං ලභිත්වා තත්ථ වසන්තානම්පි දුක්කටමෙව. දබ්බසම්භාරමිස්සකා පන යථා වා තථා වා මිස්සා හොතු, වට්ටති. සුද්ධමත්තිකාමයාව න වට්ටති. සාපි ඉට්ඨකාහි ගිඤ්ජකාවසථසඞ්ඛෙපෙන කතා වට්ටති. එවං භන්තෙති ඛො…පෙ… තං කුටිං භින්දිංසූති භගවතො වචනං සම්පටිච්ඡිත්වා කට්ඨෙහි ච පාසාණෙහි ච තං කුටිකං විකිරන්තා භින්දිංසු.
මෙසේ ධනිය තෙරුන් ගරහා ‘න ච භික්ඛවෙ සබ්බමත්තිකාමයා කුටිකා කාතබ්බා’යි මත්තෙහි එබඳු කිළි කිරීම ප්රතික්ෂෙප කළ සේක. ප්රතික්ෂෙපකොටද ‘යො කරෙය්ය ආපත්ති දුක්කටස්ස’යි සියල්ල මැටිමුවාකිළි කිරීම නිමිතිකොට ඇවැතක් තැබූ සේක. එහෙයින් යම් මහණෙක් පොළෝ කැණීම් ආදියෙන් සතුන් නැසීමට නොපැමිණෙන්නේ එබඳු කිළියකුදු කෙරේනම්, හෙතෙමේද දුක්කටාපත්තියට පැමිණේ. පොළොව කැණීම් ආදියෙන් වනාහි ප්‍රාණීන් කෙරෙහි නැසියයුතුබවට පැමිණෙනුයේ සතුන් නසන්නේ යම් යම් වස්තුවක් ඉක්මවාද, ඒ ඒ තැන කියනලද ඇවැතටම පැමිණේ. ධනිය තෙරුන් ආදිකර්මික බැවින් ඇවැත් නැත. ශික්ෂාපද ඉක්මවා ක්‍රියාකරන සෙස්සන් හටද, කරණ ලද්දක් ලැබ එහි වසන්නවුන්ටද දුක්කටයම වේ. ද්රව්යොපකරණ මිශ්‍රකොට කරනලද කිළිය, යම් ඒ පරිද්දකින් හෝ මිශ්‍රකරන ලද්දී හෝ වේවා වටියි. පිරිසිදු මැටියෙන් කරන ලද්දීම නොවටියි. ඒ කිළියද ගඩොලින් ගඩොල්මුවා ආවාසයක් ලෙසින් කරන ලද්දී වටියි. ‘එවං භන්තෙති ඛො -පෙ- තං කුටිකං හින්දිංසු’ භාග්‍යවතුන් වහන්සේගේ වචනය පිළිගෙණ දඬුකඩින් හා ගලින් පහරදී ඒ කිළිය විසුරුවමින් බිඳ දැමූහ.
අථ ඛො ආයස්මා ධනියොතිආදිම්හි අයං සඞ්ඛෙපත්ථො – ධනියො එකපස්සෙ දිවාවිහාරං නිසින්නො තෙන සද්දෙන ආගන්ත්වා තෙ භික්ඛූ “කිස්ස මෙ තුම්හෙ, ආවුසො, කුටිං භින්දථා”ති පුච්ඡිත්වා “භගවා භෙදාපෙතී”ති සුත්වා සුබ්බචතාය සම්පටිච්ඡි.
‘අථ ඛො ආයස්මා ධනියො’ යනාදියෙහි මේ සංක්ෂෙපාර්ත්ථයයි: ධනිය ස්ථවිරතෙමේ එකපසෙක දිවා විහරණයෙන් හුන් ඒ හඬ අසා අවුත් ‘ඇවැත්නි! කුමක් හෙයින් තෙපි මාගේ කිළිය බිඳිහුදැ’යි විචාරා ‘භාග්‍යවතුන් වහන්සේ බිඳුවාලන සේකැ’යි අසා සුවච බැවින් පිළිගත්තේය.
කස්මා පන භගවා ඉමිනා අතිමහන්තෙන උස්සාහෙන අත්තනො වසනත්ථං කතං කුටිකං භෙදාපෙසි, නනු එතස්සෙත්ථ වයකම්මම්පි අත්ථීති? කිඤ්චාපි අත්ථි, අථ ඛො නං භගවා අකප්පියාති භින්දාපෙසි, තිත්ථියධජොති භින්දාපෙසි. අයමෙත්ථ විනිච්ඡයො. අට්ඨකථායං පන අඤ්ඤානිපි කාරණානි වුත්තානි – සත්තානුද්දයාය, පත්තචීවරගුත්තත්ථාය, සෙනාසනබාහුල්ලපඅසෙධනායාතිආදීනි. තස්මා ඉදානිපි යො භික්ඛු බහුස්සුතො විනයඤ්ඤූ අඤ්ඤං භික්ඛුං අකප්පියං පරික්ඛාරං ගහෙත්වා විචරන්තං දිස්වා තං ඡින්දාපෙය්ය වා භින්දාපෙය්ය වා අනුපවජ්ජො , සො නෙව චොදෙතබ්බො න සාරෙතබ්බො; න තං ලබ්භා වත්තුං “මම පරික්ඛාරො තයා නාසිතො, තං මෙ දෙහී”ති.
භාග්‍යවතුන් වහන්සේ මොහු විසින් ඉතා මහත් උත්සාහයෙන් තමාගේ විසීම පිණිස කළ කිළිය කුමක් හෙයින් බිඳවාලූ සේක්ද යත්: මෙහි මොහුගේ දොර කවුළු ආදිය පිළියෙල කිරීමෙහිදී සිදුවූ ව්යයකර්මාන්තය ඇත්තේ නොවේද යත්: ඇත්තේය. එහෙත් ඒ කිළිය අකැපබැවින් අකැපයයි කිළිය බිඳවාලූ සේක. මේ මෙහි විනිශ්චයයි. අර්‍ත්‍ථකථාවෙහි වනාහි සත්ත්වයන්ට අනුකම්පා පිණිස මැටිමුවාකිළිය බිඳ සොරුන්ට පාසිවුරු ආදිය පහසුවෙන් ගතහැකි බැවින් පාසිවුරු රැකීම පිණිස සෙනසුන් බොහෝබව වළකනු පිණිස යනාදී වූ අන් කරුණු දක්වන ලද්දේය. එහෙයින් දැනුදු බොහෝ ඇසූපිරූ තැන් ඇති විනය දත් යම් මහණෙක් අකැප පිරිකර ගෙන හැසිරෙන අන් මහණකු දැක ඒ අකැප පිරිකර සිඳුවන්නේනම් හෝ බිඳුවන්නේනම් හෝ හෙතෙමේ දොස්නගා නොකියයුතුමය. චෝදනා නොකටයුතුය. සිහිනොකරවියයුතුය. ‘මාගේ පිරිකර තා විසින් නසන ලදය. මට ඒ දෙව’යි ඔහුට කියන්නට නොලබන්නේය.