චතුබ්බිධවිනයකථා අට්ඨකථා
චතුබ්බිධවිනයකථා
චතුබ්බිධවිනයකථා
ඉදානිස්ස අත්ථං විභජන්තො “යො පනාති, යො යාදිසො”තිආදිමාහ. තස්මිං පන සික්ඛාපදෙ ච සික්ඛාපදවිභඞ්ගෙ ච සකලෙ ච විනයවිනිච්ඡයෙ කොසල්ලං පත්ථයන්තෙන චතුබ්බිධො විනයො ජානිතබ්බො –
දැන් මේ ශික්‍ෂාපදයාගේ අර්ත්ථය විභජනය කරන සේක් ‘යො පනාති යො යාදිසො’ යනාදිය වදාළ සේක. ඒ ශික්‍ෂාපදයෙහිද, ශික්‍ෂාපදවිභඞ්ගයෙහිද, සියලු විනයවිනිශ්චයෙහිද දක්ෂභාවය පතන්නහු විසින් චතුර්විධ විනය දතයුත්තේය.
චතුබ්බිධඤ්හි විනයං, මහාථෙරා මහිද්ධිකා; නීහරිත්වා පකාසෙසුං, ධම්මසඞ්ගාහකා පුරා.
‘චතුබ්බිධං හි විනයං- මභාථෙරා මහිද්ධිකා, නීහරිත්වා පකාසෙසුං - ධම්මසඞ්ගාහකා පුරා’
පෙර මහත් සෘද්ධි ඇති ධර්‍මසඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේලා සිවුවැදෑරුම් වූ විනය සසුනෙන් ඇද ප්‍රකාශ කළහ.
කතමං චතුබ්බිධං? සුත්තං, සුත්තානුලොමං, ආචරියවාදං, අත්තනොමතින්ති. යං සන්ධාය වුත්තං – “ආහච්චපදෙන රසෙන ආචරියවංසෙන අධිප්පායා”ති, එත්ථ හි ආහච්චපදන්ති සුත්තං අධිප්පෙතං, රසොති සුත්තානුලොමං, ආචරියවංසොති ආචරියවාදො, අධිප්පායොති අත්තනොමති.
චතුර්විධ විනය කවරේදයත්: ‘සුත්ත - සුත්තානුලොම - ආචරියවාද - අත්තනොමති’යි යනමේය. ‘ආහච්චපදෙන ඛො මහාරාජ! රසෙන ආචරියවංසතා අධිප්පායො’ යනු යමක් සඳහා කියන ලද්දේද, මෙහි ‘ආහච්චපදං’ යන මෙයින් සූත්‍රයද, ‘රසෙන’ යන මෙයින් සූත්රානුලොමයද, ‘ආචරියවංසතා’ යන මෙයින් ආචාර්ය්යවාදයද, ‘අධිප්පායො’ යන මෙයින් අත්තනොමතියද දක්වන ලදය.
තත්ථ සුත්තංනාම සකලෙ විනයපිටකෙ පාළි.
එහි ‘සූත්‍ර’ නම්, සියලු විනය පිටකයෙහි පාළියය.
සුත්තානුලොමං නාම චත්තාරො මහාපදෙසා; යෙ භගවතා එවං වුත්තා – “යං, භික්ඛවෙ , මයා ‘ඉදං න කප්පතී’ති අප්පටික්ඛිත්තං, තං චෙ අකප්පියං අනුලොමෙති; කප්පියං පටිබාහති, තං වො න කප්පති. යං, භික්ඛවෙ, මයා ‘ඉදං න කප්පතී’ති අප්පටික්ඛිත්තං, තං චෙ කප්පියං අනුලොමෙති; අකප්පියං පටිබාහති, තං වො කප්පති. යං, භික්ඛවෙ , මයා ‘ඉදං කප්පතී’ති අනනුඤ්ඤාතං, තං චෙ අකප්පියං අනුලොමෙති, කප්පියං පටිබාහති; තං වො න කප්පති. යං, භික්ඛවෙ, මයා ‘ඉදං කප්පතී’ති අනනුඤ්ඤාතං, තං චෙ කප්පියං අනුලොමෙති, අකප්පියං පටිබාහති; තං වො කප්පතී”ති (මහාව· 305).
‘සූත්‍රානුලොම’ නම් සතර මහාප්රදෙශයෝය. ‘මහණෙනි! මා විසින් යමක් මෙය කැප නොවේය’යි බැහැර නොකරන ලදද, ඉදින් එය නොකැපයට අනුලොම් වේ නම්, කැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැප නොවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැප නොවේය’යි බැහැර නොකරන ලදද, ඉදින් එය කැපයට අනුලොම් වේනම්, නොකැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැපවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැපවේය’යි නොඅනුදන්නා ලදද, ඉදින් එය නොකැපයට අනුලොම් වේනම්, කැපය ප්‍රතිබාහනය කෙරේ නම්, එය තොපට කැප නොවේ. මහණෙනි! මා විසින් යමක් මෙය කැපවේය’යි නොඅනුදන්නා ලදද, ඉදින් එය කැපයට අනුලොම් වේනම්, නොකැපය ප්‍රතිබාහනය කෙරේ නම් එය තොපට කැපවේය යනුයි.
ආචරියවාදො නාම ධම්මසඞ්ගාහකෙහි පඤ්චහි අරහන්තසතෙහි ඨපිතා පාළිවිනිමුත්තා ඔක්කන්තවිනිච්ඡයප්පවත්තා අට්ඨකථාතන්ති.
ආචාර්ය්යවාදනම්, ධර්‍මසඞ්ග්‍රාහක වූ පන්සියයක් රහතුන් වහන්සේලා විසින් තබන ලද පාළියෙන් විනිර්මුක්ත වූ ධර්මයට එක්වන් පිවිස සිටි අතරතුර කියනලද ධර්‍මවිනිශ්චය වශයෙන් පැවති අර්ත්ථකථා පාලියයි.
අත්තනොමති නාම සුත්ත-සුත්තානුලොම-ආචරියවාදෙ මුඤ්චිත්වා අනුමානෙන අත්තනො අනුබුද්ධියා නයග්ගාහෙන උපට්ඨිතාකාරකථනං.
අත්තනොමති නම්. සූත්‍ර - සූත්‍රානුලොම - ආචාර්‍ය්‍යවාද හැරපියා නිශ්චයානුගත වූ සුත්රාදියටම අනුව ගිය තමාගේ බුද්ධියෙන් සූත්‍රාදියෙන් ලැබිය යුතු වූ නයග්රාහයෙන් එළඹසිටි ආකාරය කියාපෑමය.
අපිච සුත්තන්තාභිධම්මවිනයට්ඨකථාසු ආගතො සබ්බොපි ථෙරවාදො “අත්තනොමති” නාම. තං පන අත්තනොමතිං ගහෙත්වා කථෙන්තෙන න දළ්හග්ගාහං ගහෙත්වා වොහරිතබ්බං. කාරණං සල්ලක්ඛෙත්වා අත්ථෙන පාළිං, පාළියා ච අත්ථං සංසන්දිත්වා කථෙතබ්බං. අත්තනොමති ආචරියවාදෙ ඔතාරෙතබ්බා. සචෙ තත්ථ ඔතරති චෙව සමෙති ච, ගහෙතබ්බා. සචෙ නෙව ඔතරති න සමෙති, න ගහෙතබ්බා. අයඤ්හි අත්තනොමති නාම සබ්බදුබ්බලා. අත්තනොමතිතො ආචරියවාදො බලවතරො.
තවද සුත්රාභිධර්ම විනයාර්ත්ථ කථාවන්හි ආවාවූ සියලුම ස්ථවිරවාදය අත්තනොමතිනම්. ඒ අත්තනොමතිය ගෙන කියන්නහු විසින් එය දැඩිකොටගෙන ව්‍යාවහාර නොකට යුතුය. කාරණය සලකා තමන් සැලකූ අර්ත්ථය හා පෙළද, පෙළ හා අර්ත්ථයද සසඳා කියයුතුය. අත්තනොමතිය ආචාර්‍ය්‍යවාදයෙහි නුවණින් බහාලිය යුතුය. ඉදින් එහි බැස ගනීනම්, සමවේනම් ගතයුතුය. ඉදින් නොබසීනම්, සමනොවේනම් නොගත යුතුය. මේ අත්තනොමතිය වනාහි සියල්ලට වඩා දුර්වල වේ. අන්තනොමතියට වඩා ආචාර්‍ය්‍යවාදය ඉතා බලවත් වේ.
ආචරියවාදොපි සුත්තානුලොමෙ ඔතාරෙතබ්බො. තත්ථ ඔතරන්තො සමෙන්තොයෙව ගහෙතබ්බො, ඉතරො න ගහෙතබ්බො. ආචරියවාදතො හි සුත්තානුලොමං බලවතරං.
ආචාර්‍ය්‍යවාදය සූත්රානුලොමයෙහි බහාලිය යුතුය. එහි බැසගන්නේම ගතයුතුය. බැසනොගන්නේ නොගතයුතුය. ආචාර්ය්යවාදයට වඩා සූත්‍රානුලෝමය ඉතා බලවත් වේ.
සුත්තානුලොමම්පි සුත්තෙ ඔතාරෙතබ්බං. තත්ථ ඔතරන්තං සමෙන්තමෙව ගහෙතබ්බං, ඉතරං න ගහෙතබ්බං. සුත්තානුලොමතො හි සුත්තමෙව බලවතරං. සුත්තඤ්හි අප්පටිවත්තියං කාරකසඞ්ඝසදිසං බුද්ධානං ඨිතකාලසදිසං. තස්මා යදා ද්වෙ භික්ඛූ සාකච්ඡන්ති, සකවාදී සුත්තං ගහෙත්වා කථෙති, පරවාදී සුත්තානුලොමං. තෙහි අඤ්ඤමඤ්ඤං ඛෙපං වා ගරහං වා අකත්වා සුත්තානුලොමං සුත්තෙ ඔතාරෙතබ්බං. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බං. නො චෙ, න ගහෙතබ්බං; සුත්තස්මිංයෙව ඨාතබ්බං. අථායං සුත්තං ගහෙත්වා කථෙති, පරො ආචරියවාදං. තෙහිපි අඤ්ඤමඤ්ඤං ඛෙපං වා ගරහං වා අකත්වා ආචරියවාදො සුත්තෙ ඔතාරෙතබ්බො. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බො. අනොතරන්තො අසමෙන්තො ච ගාරය්හාචරියවාදො න ගහෙතබ්බො; සුත්තස්මිංයෙව ඨාතබ්බං.
සූත්රානුලොමයද සූත්‍රයෙහි බහාලිය යුතුය. එහි බසින්නේම ඒ හා සමවන්නේම ගතයුතුය. සමනොවන්නේ නොගත යුතුය. සූත්රානුලොමයට වඩා සූත්‍රයම ඉතා බලවත් වේ. සූත්‍රය ප්‍රතිබාහනය නොකටයුතුය. ප්‍රමාණ විසින් සඞ්ගීතිකාරක සඞ්ඝයා හා සමානය. බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලය හා සමාන වේ. එහෙයින් යම්කලෙක දෙනමක් භික්ෂූහු සාකච්ඡා කෙරෙත්ද, එකල්හි එහිදී යථාභූතාර්‍ත්‍ථය ගෙන කියන සකවාදීතෙමේ, තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. විපරීත විසින් අර්ත්ථය ගෙන කියන පරවාදී තෙමේ, සූත්රානුලොමය ගෙන කියාලන්නේය. ඔවුන් විසින් මෙයින් කිමැ’යි හෝ ‘මේ අඥතෙමේ කුමක් කියාදැ’යි හෝ බැහැර හෙලීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට පරවාදීහු විසින් කියු සූත්‍රානුලෝමය සකවාදීහු විසින් තමාගේ සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම්, ගතයුතුය. ඉදින් නොබසින්නේනම් නොසමවන්නේනම් නොගතයුතුය. තමාගේ සූත්‍රයෙහිම සිටිය යුතුය. නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ ආචාර්‍ය්‍යවාදය ගෙන කියාලන්නේය. ඔවුන් විසිනුදු උනුන් බැහැර කිරීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට ආචාර්‍ය්‍යවාදය සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. නොබසින්නේනම්, නොසමවන්නේනම් ගැරහිය යුතු වූ ඒ ආචාර්‍ය්‍යවාදය නොගත යුතුය. සූත්‍රයෙහිම සිටිය යුතුය.
අථායං සුත්තං ගහෙත්වා කථෙති, පරො අත්තනොමතිං. තෙහිපි අඤ්ඤමඤ්ඤං ඛෙපං වා ගරහං වා අකත්වා අත්තනොමති සුත්තෙ ඔතාරෙතබ්බා. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බා. නො චෙ, න ගහෙතබ්බා. සුත්තස්මිං යෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ අත්තනොමතිය ගෙන කියාලන්නේය. ඔවුන් විසිනුදු උනුන් බැහැර කිරීමක් හෝ උනුනට ගැරහීමක් නොකොට අත්තනොමතිය තමාගේ සූත්‍රයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. නොබසින්නේනම් නොසමවන්නේනම් නොගතයුතුය. සූත්‍රයෙහිම සිටිය යුතුය.
අථ පනායං සුත්තානුලොමං ගහෙත්වා කථෙති, පරො සුත්තං. සුත්තං සුත්තානුලොමෙ ඔතාරෙතබ්බං. සචෙ ඔතරති සමෙති, තිස්සො සඞ්ගීතියො ආරූළ්හං පාළිආගතං පඤ්ඤායති, ගහෙතබ්බං. නො චෙ තථා පඤ්ඤායති න ඔතරති න සමෙති, බාහිරකසුත්තං වා හොති සිලොකො වා අඤ්ඤං වා ගාරය්හසුත්තං ගුළ්හවෙස්සන්තරගුළ්හවිනයවෙදල්ලාදීනං අඤ්ඤතරතො ආගතං, න ගහෙතබ්බං. සුත්තානුලොමස්මිංයෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්රානුලොමය ගෙන කියාලන්නේය. පරවාදී තෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. සූත්‍රය, තමාගේ සූත්රානුලොමයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ත්‍රිවිධ සඞ්ගීතයට නැගූ පාළියෙහි ආයේ යයි පෙනේ නම් ගත යුතුය. ඉදින් එසේ නොපෙනේ නම් නොබසින්නේ නම්, නොසමවන්නේනම්, ත්‍රිවිධ සඞ්ගීතයට නොනැගූ බාහිරක සූත්‍රයක් හෝ වන්නේනම්, පද්යායයක් හෝ වන්නේ නම්, මහාසඞ්ගික නිකායිකයන්ගේ ගුළ්හවෙස්සන්තර - ගුළ්හවිනය - වේදල්ලාදීන් අතුරෙහි අන්‍යතර වශයෙන් ආවාඩු ගැරහිය යුතු සූත්‍රයක් හෝ වන්නේනම් නොගත යුතුය. සූත්රානුලොමයෙහිම සිටිය යුතුය.
අථායං සුත්තානුලොමං ගහෙත්වා කථෙති, පරො ආචරියවාදං. ආචරියවාදො සුත්තානුලොමෙ ඔතාරෙතබ්බො. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බො. නො චෙ, න ගහෙතබ්බො. සුත්තානුලොමෙයෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ සූත්රානුලොමය ගෙන කියාලන්නේය. පරවාදී තෙමේ තමාගේ ආචාර්‍ය්‍යවාදය ගෙන කියාලන්නේය. එකල්හි ඒ ආචාර්‍ය්‍යවාදය සූත්රානුලොමයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. ඉදින් නොබසින්නේනම්, නොසමවන්නේ නම් නොගත යුතුය. සූත්රානුලෝමයෙහිම සිටිය යුතුය.
අථායං සුත්තානුලොමං ගහෙත්වා කථෙති, පරො අත්තනොමතිං. අත්තනොමති සුත්තානුලොමෙ ඔතාරෙතබ්බා. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බා. නො චෙ, න ගහෙතබ්බා. සුත්තානුලොමෙයෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදී තෙමේ තමාගේ සූත්රානුලොමය ගෙන කියාලන්නේය. පරවාදී තෙමේ අත්තනොමතියි ගෙන කියාලන්නේය. අන්තනොමතිය සූත්රානුලෝමයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. ඉදින් නොබසින්නේනම්, නොසමවන්නේනම් නොගත යුතුය. සූත්රානුලොමයෙහිම සිටිය යුතුය.
අථ පනායං ආචරියවාදං ගහෙත්වා කථෙති, පරො සුත්තං. සුත්තං ආචරියවාදෙ ඔතාරෙතබ්බං. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බං. ඉතරං ගාරය්හසුත්තං න ගහෙතබ්බං. ආචරියවාදෙයෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ ආචාර්‍ය්‍යවාදය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ සූත්‍රය ගෙන කියාලන්නේය. සූත්‍රය තමාගේ ආචාර්‍ය්‍යවාදයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. අන්‍ය වූ ගැරහිය යුතු සූත්‍රය නොගත යුතුය. තමාගේ ආචාර්ය්යවාදයෙහිම සිටිය යුතුය.
අථායං ආචරියවාදං ගහෙත්වා කථෙති, පරො සුත්තානුලොමං. සුත්තානුලොමං ආචරියවාදෙ ඔතාරෙතබ්බං. ඔතරන්තං සමෙන්තමෙව ගහෙතබ්බං, ඉතරං න ගහෙතබ්බං. ආචරියවාදෙයෙව ඨාතබ්බං.
[missing trans]
අථායං ආචරියවාදං ගහෙත්වා කථෙති, පරො අත්තනොමතිං. අත්තනොමති ආචරියවාදෙ ඔතාරෙතබ්බා. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බා. නො චෙ, න ගහෙතබ්බා. ආචරියවාදෙයෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ තමාගේ ආචාර්‍ය්‍යවාදය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ අත්තනොමතිය ගෙන කියාලන්නේය. අත්තනොමතිය ආචාර්‍ය්‍යවාදයෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේනම්, සමවන්නේනම් ගතයුතුය. ඉදින් නොබසින්නේ නම් නොසමවන්නේ නම් නොගත යුතුය. ආචාර්ය්යවාදයෙහිම සිටිය යුතුය.
අථ පනායං අත්තනොමතිං ගහෙත්වා කථෙති, පරො සුත්තං. සුත්තං අත්තනොමතියං ඔතාරෙතබ්බං. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බං. ඉතරං ගාරය්හසුත්තං න ගහෙතබ්බං. අත්තනොමතියමෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ අත්තනොමතිය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ තමාගේ සූත්‍රය ගෙන කියාලන්නේය. සූත්‍රය අත්තනොමතියෙහි බහාලිය යුතුය. ඉදින් බසින්නේ නම්, සමවන්නේනම් ගතයුතුය. ගැරහිය යුතු වූ අන්‍ය සූත්‍රය නොගත යුතුය. අත්තනොමතියෙහිම සිටිය යුතුය.
අථායං අත්තනොමතිං ගහෙත්වා කථෙති, පරො සුත්තානුලොමං. සුත්තානුලොමං අත්තනොමතියං ඔතාරෙතබ්බං. ඔතරන්තං සමෙන්තමෙව ගහෙතබ්බං, ඉතරං න ගහෙතබ්බං. අත්තනොමතියමෙව ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ අත්තනොමතිය ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ සූත්රානුලොමය ගෙන කියාලන්නේය. සූත්රානුලොමය අත්තනොමතියෙහි බහාලිය යුතුය. බසින්නේම සමවන්නේම ගතයුතුය. අන්‍යය නොගත යුතුය. අත්තනොමතියෙහිම සිටිය යුතුය.
අථායං අත්තනොමතිං ගහෙත්වා කථෙති, පරො ආචරියවාදං. ආචරියවාදො අත්තනොමතියං ඔතාරෙතබ්බො. සචෙ ඔතරති සමෙති, ගහෙතබ්බො; ඉතරො ගාරය්හාචරියවාදො න ගහෙතබ්බො. අත්තනොමතියමෙව ඨාතබ්බං. අත්තනො ගහණමෙව බලියං කාතබ්බං. සබ්බට්ඨානෙසු ච ඛෙපො වා ගරහා වා න කාතබ්බාති.
[missing trans]
අථ පනායං “කප්පිය”න්ති ගහෙත්වා කථෙති, පරො “අකප්පිය”න්ති. සුත්තෙ ච සුත්තානුලොමෙ ච ඔතාරෙතබ්බං. සචෙ කප්පියං හොති, කප්පියෙ ඨාතබ්බං. සචෙ අකප්පියං, අකප්පියෙ ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ කැපයි ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ අකැපයි ගෙන කියාලන්නේය. එය සකවාදීහු විසින් තමාගේ සූත්‍රයෙහිද සූත්රානුලොමයෙහිද බහාලිය යුතුය. ඉදින් කැපවේනම් කැපයෙහි සිටිය යුතුය. ඉදින් අකැපවේනම් අකැපයෙහි සිටිය යුතුය.
අථායං තස්ස කප්පියභාවසාධකං සුත්තතො බහුං කාරණඤ්ච විනිච්ඡයඤ්ච දස්සෙති, පරො කාරණං න වින්දති. කප්පියෙව ඨාතබ්බං. අථ පරො තස්ස අකප්පියභාවසාධකං සුත්තතො බහුං කාරණඤ්ච විනිච්ඡයඤ්ච දස්සෙති, අනෙන අත්තනො ගහණන්ති කත්වා දළ්හං ආදාය න ඨාතබ්බං. “සාධූ”ති සම්පටිච්ඡිත්වා අකප්පියෙව ඨාතබ්බං. අථ ද්වින්නම්පි කාරණච්ඡායා දිස්සති, පටික්ඛිත්තභාවොයෙව සාධු, අකප්පියෙ ඨාතබ්බං. විනයඤ්හි පත්වා කප්පියාකප්පියවිචාරණමාගම්ම රුන්ධිතබ්බං, ගාළ්හං කත්තබ්බං, සොතං පච්ඡින්දිතබ්බං, ගරුකභාවෙයෙව ඨාතබ්බං.
නැවත සකවාදීතෙමේ එහි කැපබව සිදුකරන්නා වූ බොහෝ කරුණුද විනිශ්වයද තමාගේ සූත්‍රයෙන් දක්වන්නේය. පරවාදීතෙමේ කරුණු නොලබන්නේය. කැපයෙහිම සිටිය යුතුය. නැවත පරවාදීතෙමේ එහි නොකැපබව සිදුකරන්නාවූ බොහෝ කරුණුද විනිශ්චයද තමාගේ සූත්‍රයෙන් දක්වන්නේය. මොහු විසින් තමාගේ ගැනීම යයි දැඩිව ගෙන නොසිටිය යුතුය. මැනවැයි පිළිගෙන අකැපයෙහිම සිටිය යුතුය. එකල්හි සකවාදී - පරවාදී දෙදෙනාගේම කැප අකැප බව සිදුකරන්නා වූ කරුණු පිළිබඳ සෙවණැලි දක්නා ලැබේනම්, පිළිකෙවු කිරීමම යහපත් වේ. අකැපයෙහි සිටිය යුතුය. විනයට පැමිණ කැප අකැප විචාරණයට පැමිණ කැපය යන හැඟීමෙන් ව්යතික්රමකරණය වළකාලිය යුතුය. ඒ වැළකීමේ සිත දැඩිකළ යුතුය. එහි ව්යතික්රම ප්‍රවෘත්තිය සිඳලිය යුතුය. ගරුකභාවසඞ්ඛ්යාත අකප්පියභාවයෙහිම සිටිය යුතුය.
අථ පනායං “අකප්පිය”න්ති ගහෙත්වා කථෙති, පරො “කප්පිය”න්ති. සුත්තෙ ච සුත්තානුලොමෙ ච ඔතාරෙතබ්බං. සචෙ කප්පියං හොති, කප්පියෙ ඨාතබ්බං. සචෙ අකප්පියං, අකප්පියෙ ඨාතබ්බං.
නැවත මේ සකවාදීතෙමේ අකැපයි ගෙන කියාලන්නේය. පරවාදීතෙමේ කැපයි ගෙන කියාලන්නේය. එය තමාගේ සූත්‍රයෙහි හා සූත්රානුලොමයෙහිද බහාලිය යුතුය. ඉදින් කැපවන්නේනම් කැපයෙහි සිටිය යුතුය. ඉදින් කැප නොවන්නේනම් අකැපයෙහි සිටිය යුතුය.
අථායං බහූහි සුත්තවිනිච්ඡයකාරණෙහි අකප්පියභාවං දස්සෙති, පරො කාරණං න වින්දති, අකප්පියෙ ඨාතබ්බං. අථ පරො බහූහි සුත්තවිනිච්ඡයකාරණෙහි කප්පියභාවං දස්සෙති, අයං කාරණං න වින්දති, කප්පියෙ ඨාතබ්බං. අථ ද්වින්නම්පි කාරණච්ඡායා දිස්සති, අත්තනො ගහණං න විස්සජ්ජෙතබ්බං. යථා චායං කප්පියාකප්පියෙ අකප්පියකප්පියෙ ච විනිච්ඡයො වුත්තො; එවං අනාපත්තිආපත්තිවාදෙ ආපත්තානාපත්තිවාදෙ ච, ලහුකගරුකාපත්තිවාදෙ ගරුකලහුකාපත්තිවාදෙ චාපි විනිච්ඡයො වෙදිතබ්බො. නාමමත්තංයෙව හි එත්ථ නානං, යොජනානයෙ නානං නත්ථි, තස්මා න විත්ථාරිතං.
නැවත සකවාදීතෙමේ බොහෝ සූත්‍රයන්ගෙන් හා එයින් එළවන ලද විනිශ්චය කාරණයන්ගෙන්ද නොකැපබව දක්වන්නේය. පරවාදීතෙමේ එහිලා කරුණු නොලබන්නේය. අකැපයෙහි සිටිය යුතුය. නැවත පරවාදීතෙමේ බොහෝ සූත්‍රයන්ගෙන් හා එයින් එළවන ලද විනිශ්චය කාරණයන්ගෙන් කැපබව දක්වන්නේය. මේ සකවාදීතෙමේ කරුණු නොලබන්නේය. කැපයෙහි සිටිය යුතුය. එකල්හි සකවාදී - පරවාදී දෙදෙනාගේම කැප අකැප බව සිදුකරන්නාවූ කරුණු පිළිබඳ සෙවණැලි දක්නා ලැබේනම්, සකවාදීහු විසින් අකැපයි තමාගේ ගැනීම නොහැරිය යුතුය. කැප - අකැපයෙහි හා අකැප - කැපයෙහි යම්සේ මේ විනිශ්චය කියන ලද්දේ ද එසේ අනාපත්ති ආපත්තිවාදයෙහිද, ආපත්ති අනාපත්තිවාදයෙහිද ලහුක - ගරුක ආපත්තිවාදයෙහිද, ගරුක - ලහුක ආපත්තිවාදයෙහිද විනිශ්චය දතයුතුය. නාම මාත්‍රයම මෙහි වෙනසය. යෝජනාක්රමයෙහි වෙනසක් නැත්තේය. එහෙයින් විස්තර නොකරන ලදී.
එවං කප්පියාකප්පියාදිවිනිච්ඡයෙ උප්පන්නෙ යො සුත්ත-සුත්තානුලොමආචරියවාදඅත්තනොමතීසු අතිරෙකකාරණං ලභති, තස්ස වාදෙ ඨාතබ්බං. සබ්බසො පන කාරණං විනිච්ඡයං අලභන්තෙන සුත්තං න ජහිතබ්බං, සුත්තස්මිංයෙව ඨාතබ්බන්ති. එවං තස්මිං සික්ඛාපදෙ ච සික්ඛාපදවිභඞ්ගෙ ච සකලෙ ච විනයවිනිච්ඡයෙ කොසල්ලං පත්ථයන්තෙන අයං චතුබ්බිධො විනයො ජානිතබ්බො.
අකැප ආදිය පිළිබඳ විනිශ්චයක් උපන්කල්හි සකවාදී - පරවාදීන් අතුරෙහි යමෙක් සූත්‍ර - සූත්‍රානුලොම - ආචාර්‍ය්‍යවාද අත්තනොමති යන මොවුන් අතුරෙහි වැඩිකරුණක් ලබන්නේද ඔහුගේ වාදයෙහි සිටිය යුතුය. හැමතමින් කරුණු පිළිබඳ විනිශ්චයක් නොලබන්නහු විසින් සුත්‍රය නොහළ යුතුය. සූත්‍රයෙහිම සිටිය යුතුය. මෙසේ ඒ ශික්‍ෂාපදයෙහිද, ශික්ෂාපද විභඞ්ගයෙහිද, සියලු විනයවිනිශ්චයෙහිද දක්ෂතාවය පතන්නහු විසින් මේ සිවුවැදෑරුම් විනය දතයුත්තේය.
ඉමඤ්ච පන චතුබ්බිධං විනයං ඤත්වාපි විනයධරෙන පුග්ගලෙන තිලක්ඛණසමන්නාගතෙන භවිතබ්බං. තීණි හි විනයධරස්ස ලක්ඛණානි ඉච්ඡිතබ්බානි. කතමානි තීණි? “සුත්තඤ්චස්ස ස්වාගතං හොති සුප්පවත්ති සුවිනිච්ඡිතං සුත්තතො අනුබ්යඤ්ජනතො”ති ඉදමෙකං ලක්ඛණං. “විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො”ති ඉදං දුතියං. “ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා”ති ඉදං තතියං.
මේ සිවුවැදෑරුම් විනය දැනද, විනයධර පුද්ගලයා ත්රිලක්ෂණ සමන්වාගතයෙකු වියයුතුය. විනයධරයා පිළිබඳ ලක්ෂණ තුනක් කැමතිවිය යුතුයි. කවර ලක්ෂණ තුනක්ද යත්: ‘සුත්තඤ්චස්ස ස්වාගතං හොති සුප්පවත්ති සුවිනිච්ඡිතං, සුත්තසො අනුව්යඤ්ජනසො’ යන එක් ලක්ෂණයක් වේ. ‘විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො’ යන මේ දෙවන ලක්ෂණය වේ. ‘ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා සුමනසිකතා සූපධාරිතා’ යන මෙය තෙවන ලක්ෂණය වේ.
තත්ථ සුත්තං නාම සකලං විනයපිටකං. තඤ්චස්ස ස්වාගතං හොතීති සුට්ඨු ආගතං. සුප්පවත්තීති සුට්ඨු පවත්තං පගුණං වාචුග්ගතං සුවිනිච්ඡිතං. සුත්තතො අනුබ්යඤ්ජනතොති පාළිතො ච පරිපුච්ඡතො ච අට්ඨකථාතො ච සුවිනිච්ඡිතං හොති, කඞ්ඛච්ඡෙදං කත්වා උග්ගහිතං.
එහි ‘සුත්ත’ නම්, සියලු විනයපිටකයයි. ඒ විනයපිටකය මොහු විසින් මනාකොට වදාරණ ලද්දේය. මනාකොට දන්නා ලද්දේය. පුහුණු කරන ලද්දේය. වචනයෙන් උගන්නා ලද්දේය. සුප්පවත්ති මනාකොට පැවැත්තේය. පුහුණු කරන ලද්දේය. වචනයෙන් උගන්නා ලද්දේය. ‘සුවිනිච්ඡිතං සුත්තසො අනුව්‍යඤ්ජන සො’ පෙළ විසින්ද පිළිවිසීම් විසින්ද අටුවා විසින්ද මනාකොට විනිශ්චය කරන ලද්දේය. සැක සිඳ උගන්නා ලද්දේය
විනයෙ ඛො පන ඨිතො හොතීති විනයෙ ලජ්ජීභාවෙන පතිට්ඨිතො හොති. අලජ්ජී හි බහුස්සුතොපි සමානො ලාභගරුතාය තන්තිං විසංවාදෙත්වා උද්ධම්මං උබ්බිනයං සත්ථුසාසනං දීපෙත්වා සාසනෙ මහන්තං උපද්දවං කරොති. සඞ්ඝභෙදම්පි සඞ්ඝරාජිම්පි උප්පාදෙති. ලජ්ජී පන කුක්කුච්චකො සික්ඛාකාමො ජීවිතහෙතුපි තන්තිං අවිසංවාදෙත්වා ධම්මමෙව විනයමෙව ච දීපෙති, සත්ථුසාසනං ගරුං කත්වා ඨපෙති. තථා හි පුබ්බෙ මහාථෙරා තික්ඛත්තුං වාචං නිච්ඡාරෙසුං – “අනාගතෙ ලජ්ජී රක්ඛිස්සති, ලජ්ජී රක්ඛිස්සති, ලජ්ජී රක්ඛිස්සතී”ති. එවං යො ලජ්ජී, සො විනයං අවිජහන්තො අවොක්කමන්තො ලජ්ජීභාවෙන විනයෙ ඨිතො හොති සුප්පතිට්ඨිතොති. අසංහීරොති සංහීරො නාම යො පාළියං වා අට්ඨකථායං වා හෙට්ඨතො වා උපරිතො වා පදපටිපාටියා වා පුච්ඡියමානො විත්ථුනති විප්ඵන්දති සන්තිට්ඨිතුං න සක්කොති; යං යං පරෙන වුච්චති තං තං අනුජානාති; සකවාදං ඡඩ්ඩෙත්වා පරවාදං ගණ්හාති. යො පන පාළියං වා අට්ඨකථාය වා හෙට්ඨුපරියෙන වා පදපටිපාටියා වා පුච්ඡියමානො න විත්ථුනති න විප්ඵන්දති, එකෙකලොමං සණ්ඩාසෙන ගණ්හන්තො විය “එවං මයං වදාම; එවං නො ආචරියා වදන්තී”ති විස්සජ්ජෙති; යම්හි පාළි ච පාළිවිනිච්ඡයො ච සුවණ්ණභාජනෙ පක්ඛිත්තසීහවසා විය පරික්ඛයං පරියාදානං අගච්ඡන්තො තිට්ඨති, අයං වුච්චති “අසංහීරො”ති.
‘විනයෙ ඛො පන ඨිතො හොති’ විනයයෙහි ලජ්ජීභාවයෙන් පිහිටියේ වේ. අලජ්ජීතෙමේ වනාහි බොහෝ ඇසූපිරූ තැන් ඇත්තේද, ලාභය ගරුකොට ගත්බැවින් පෙළ වෙනස්කොට ශාස්තෲ ශාසනය ධර්මයෙන් විනයෙන් පහවූවක්කොට දක්වා ශාසනයෙහි මහත් උවදුරු කරන්නේය. සඞ්ඝභෙදයද සඞ්ඝරාජියද උපදවන්නේය. ලජ්ජිතෙමේ වනාහි කුකුස් ඇත්තේ ශික්ෂා කැමැත්තේ ජීවිත හෙතුවෙනුදු පෙළ වෙනස් නොකොට ධර්මයම විනයම දක්වන්නේය. ශාස්තෲ ශාසනය ගරු කොට තබන්නේය. ඒ එසේමය. පෙර මහාස්ථවිරයන් වහන්සේ ‘අනාගතයෙහි ලජ්ජිතෙමේ රකින්නේය, ලජ්ජිතෙමේ රකින්නේය, ලජ්ජීතෙමේ රකින්නේය’යි තෙවරක් කියාපෑහ. මෙසේ යමෙක් ලජ්ජා ඇත්තේවේද, හෙතෙමේ විනය නොහරිනුයේ විනය නොඉක්මවනුයේ ලජ්ජිභාවයෙන් විනයයෙහි සිටියේ වේ. මනාකොට පිහිටියේ වේ. ‘අසංහීරො’ සංහීරනම් පෙළෙහි යටින් හෝ මතුවෙන්, පද පිළිවෙළින්, අටුවා විසින් විචාරණු ලබනුයේ අර්ත්ථය නොදැක සැලෙන්නේය. කම්පිත වන්නේය. එක් අරුතක පිහිටා සිටින්නට නොහැක්කේය. අනිකෙකු විසින් යමක් යමක් කියනු ලබන්නේද, ඒ ඒ කියන ලද්ද අනුදන්නේය. සකවාදය හැරපියා ‘උක්කසටය යාවජීවිකය, රසය සත්තාභකාලිකය, එදෙකින් මිදුනු උක්නම් නැත්තේය, එහෙයින් උක් ද විකාලයෙහි වටීය’ යන පරවාදය ගන්නේය. යමෙක් වනාහි පෙළෙහි හෝ අටුවාවෙහි, යටින්, මතුවෙන්, පද පිළිවෙළින්, විචාරණු ලබනුයේ අර්ත්ථය දැක නොසැලෙන්නේද, කම්පිත නොවන්නේද, පැසීගිය එක් එක් ලොමය අඬුවකින් උදුරා ගත්තකු සේ ‘අපි මෙසේ කියම්හ, අපගේ ආචාර්‍ය්‍යවරයෝ මෙසේ කියති’යි විසඳා ද, යම් පුද්ගලයෙකු කෙරෙහි පාලියත් පාලි විනිශ්චයත් රන් බඳුනෙක වත්කළ සිංහ තෙලක් මෙන් ගෙවීමට නැසීමට නොයනුයේ පවත්නේද, හෙතෙමේ අසංහීරයි කියනු ලැබේ.
ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහිතා හොතීති ථෙරපරම්පරා වංසපරම්පරා චස්ස සුඋ ගහිතා හොති. සුමනසිකතාති සුට්ඨු මනසිකතා; ආවජ්ජිතමත්තෙ උජ්ජලිතපදීපො විය හොති. සූපධාරිතාති සුට්ඨු උපධාරිතා පුබ්බාපරානුසන්ධිතො අත්ථතො කාරණතො ච උපධාරිතා; අත්තනො මතිං පහාය ආචරියසුද්ධියා වත්තා හොති “මය්හං ආචරියො අසුකාචරියස්ස සන්තිකෙ උග්ගණ්හි, සො අසුකස්සා”ති එවං සබ්බං ආචරියපරම්පරං ථෙරවාදඞ්ගං ආහරිත්වා යාව උපාලිත්ථෙරො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ උග්ගණ්හීති පාපෙත්වා ඨපෙති. තතොපි ආහරිත්වා උපාලිත්ථෙරො සම්මාසම්බුද්ධස්ස සන්තිකෙ උග්ගණ්හි, දාසකත්ථෙරො අත්තනො උපජ්ඣායස්ස උපාලිත්ථෙරස්ස, සොණකත්ථෙරො අත්තනො උපජ්ඣායස්ස දාසකත්ථෙරස්ස, සිග්ගවත්ථෙරො අත්තනො උපජ්ඣායස්ස සොණකත්ථෙරස්ස, මොග්ගලිපුත්තතිස්සත්ථෙරො අත්තනො උපජ්ඣායස්ස සිග්ගවත්ථෙරස්ස චණ්ඩවජ්ජිත්ථෙරස්ස චාති. එවං සබ්බං ආචරියපරම්පරං ථෙරවාදඞ්ගං ආහරිත්වා අත්තනො ආචරියං පාපෙත්වා ඨපෙති. එවං උග්ගහිතා හි ආචරියපරම්පරා සුග්ගහිතා හොති. එවං අසක්කොන්තෙන පන අවස්සං ද්වෙ තයො පරිවට්ටා උග්ගහෙතබ්බා. සබ්බපච්ඡිමෙන හි නයෙන යථා ආචරියො ච ආචරියාචරියො ච පාළිඤ්ච පරිපුච්ඡඤ්ච වදන්ති, තථා ඤාතුං වට්ටති.
‘ආචරියපරම්පරා ඛො පනස්ස සුග්ගහීතා හොති’ මොහු විසින් ස්ථවිර පරම්පරාව වංශපරම්පරාව මනාකොට උගන්නා ලද්දීය. ‘සුමනසි කතා’ මනාකොට මෙනෙහි කරන ලද්දීය. මෙනෙහි කළ ඇසිල්ලෙහි දැල්වූ පහනක් මෙන් වේ. ‘සූපධාරිතා’ මනාකොට දරණ ලද්දීය. පූර්වාපරානුසන්ධි වශයෙන්ද අර්ත්ථ වශයෙන්ද කාරණ වශයෙන්ද මනාකොට විමසන ලද්දීය. අත්තනොමතිය හැර ආචාර්ය්ය ශුද්ධියෙන් ‘මාගේ ඇදුරුතෙමේ අසුවල් ඇදුරහු වෙත උගත්තේය. ඒ ඇදුරුතෙමේ අසුවල් ඇදුරහු වෙත ගත්තේය’යි කියන්නේ වේ. හෙතෙමේ අසුවලා වෙත යයි මෙසේ සියලු ආචාර්ය්ය පරම්පරාව ස්ථවිර පටිපාටිය ගෙනහැර දක්වා ‘උපාලි ස්ථවිරතෙමේ සම්මාසම්බුදුරජුන් වෙත උගත්තේය’යි උපාලි තෙරුන් දක්වා තබන්නේය. එතැනිනුදු ගෙන උපාලි ස්ථවිරතෙමේ සම්මාසම්බුදුරජාණන් වහන්සේ වෙත උගත්තේය. දාසක ස්ථවිරතෙමේ තමාගේ උපාද්ධ්‍යාය වූ උපාලි තෙරුන් වෙත සොණක ස්ථවිරතෙමේ තමාගේ උපාද්ධ්‍යාය වූ දාසක තෙරුන් වෙත සිග්ගව ස්ථවිරතෙමේ තමාගේ උපාද්ධ්‍යාය වූ සොණක තෙරුන් වෙත මොග්ගලීපුත්තතිස්ස ස්ථවිරතෙමේ තමාගේ උපාද්ධ්‍යාය වූ සිග්ගව තෙරුන් වෙත හා චණ්ඩවජ්ජි තෙරුන් වෙත උගත්තේය’යි මෙසේ සියලු ආචාර්ය්ය පරම්පරාව, ස්ථවිරපටිපාටිය ගෙනහැර තමන්ගේ ඇදුරහුට පමුණුවා තබන්නේය. මෙසේ ඇදුරු පරපුර උගන්නා ලද්දී මනාකොට උගන්නා ලද්දී වේ. මෙසේ උගන්නට අසමර්ත්ථ වන්නහු විසින් වනාහි අවශ්‍යයෙන් දෙතුන් පරම්පරාවක් උගත යුතුය. සර්වපශ්චිම නයින් වනාහි යම්සේ ආචාර්ය්යතෙමේද, ඒ ආචාර්‍ය්‍යයන්ගේ ආචාර්ය්යතෙමේද පාළියත් පිළිවිසීමත් කියත්ද එසේ දැනගැනීම වටියි.
ඉමෙහි ච පන තීහි ලක්ඛණෙහි සමන්නාගතෙන විනයධරෙන වත්ථුවිනිච්ඡයත්ථං සන්නිපතිතෙ සඞ්ඝෙ ඔතිණ්ණෙ වත්ථුස්මිං චොදකෙන ච චුදිතකෙන ච වුත්තෙ වත්තබ්බෙ සහසා අවිනිච්ඡිනිත්වාව ඡ ඨානානි ඔලොකෙතබ්බානි. කතමානි ඡ? වත්ථු ඔලොකෙතබ්බං, මාතිකා ඔලොකෙතබ්බා, පදභාජනීයං ඔලොකෙතබ්බං, තිකපරිච්ඡෙදො ඔලොකෙතබ්බො, අන්තරාපත්ති ඔලොකෙතබ්බා, අනාපත්ති ඔලොකෙතබ්බාති.
මේ ත්‍රිවිධ ලක්ෂණයෙන් සමන්වාගත වූ විනයධරයා විසින් වස්තු විනිශ්චය පිණිස සඞ්ඝයා රැස්වූ කල්හි චෝදනාසඞ්ඛ්යාත වූ හෝ ව්යතික්රම සඞ්ඛ්‍යාත වූ වස්තුවක් සඟ මැදට බැසසිටිකල්හි සඟ මැදට බැස සිටි ඒ වස්තුව ඇසුරුකොට චොදකයා විසින්ද චුදිතකයා විසින්ද කියයුත්ත කියූ කල්හි වහා විනිශ්චය නොකොටම කරුණු සයක් බැලිය යුතුය. කවර සයක්දයත්: වස්තුව බැලිය යුතුය. මාතෘකාව බැලිය යුතුය. පදභාජනීය බැලිය යුතුය. ත්රිකපරිච්ඡෙදය බැලිය යුතුය. අන්තරාපත්තිය බැලිය යුතුය. අනාපත්තිය බැලිය යුතුය යන මේ සයය.
වත්ථුං ඔලොකෙන්තොපි හි “තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං, න ත්වෙව නග්ගෙන ආගන්තබ්බං; යො ආගච්ඡෙය්ය, ආපත්ති දුක්කටස්සා”ති (පාරා· 517) එවං එකච්චං ආපත්තිං පස්සති. සො තං සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
වස්තුව බලනුයේද ‘තිණෙන වා පණ්ණෙන වා පටිච්ඡාදෙත්වා ආගන්තබ්බං, නත්වෙව නග්ගෙන ආගන්තබ්බං, යො ආගච්ඡෙය්ය ආපත්තිදුක්කටස්ස’ තෘණයෙන් හෝ පර්ණයෙන් වසාගෙන ආයුතුය. නග්න වූවහු විසින් නොමආයුතුය. යම් මහණෙක් මෙසේ එන්නේනම්, දුක්කටාපත්තිය වන්නී යයි මෙසේ ඇතැම් ඇවැතක් දකීද, හෙතෙමේ ඒ සූත්‍රය ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිඳුවන්නේය.
මාතිකං ඔලොකෙන්තොපි “සම්පජානමුසාවාදෙ පාචිත්තිය”න්තිආදිනා (පාචි· 2) නයෙන පඤ්චන්නං ආපත්තීනං අඤ්ඤතරං ආපත්තිං පස්සති, සො තං සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
මාතෘකාව බලනුයේද ‘සම්පජාන මුසාවාදෙ පාචිත්තිය’ දැන බොරුකීම නිමිතිකොට පාචිත්තිය වේයයි මේ ආදිනයින් පස්වැදෑරුම් වූ ආපත්තීන් අතුරෙහි එක්තරා ඇවැතක් දක්නේද, හෙතෙමේ ඒ සූත්‍රය පමුණුවා ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිදුවන්නේය.
පදභාජනීයං ඔලොකෙන්තොපි “අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති පාරාජිකස්ස. යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පටිසෙවති, ආපත්ති ථුල්ලච්චයස්සා”තිආදිනා (පාරා· 59 ආදයො, අත්ථතො සමානං) නයෙන සත්තන්නං ආපත්තීනං අඤ්ඤතරං ආපත්තිං පස්සති, සො පදභාජනීයතො සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
පදභාජනීය බලනුයේද ‘අක්ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පතිසෙවති ආපත්ති පාරාජිකස්ස, යෙභුය්යෙන ඛයිතෙ සරීරෙ මෙථුනං ධම්මං පතිසෙවති ආපත්ති ථුල්ලච්චයස්ස’ ගෙවී නොගිය සිරුරෙහි මෙවුන්දම් සෙවීම කෙරේද, පාරාජිකාපත්තිය වේ. බොහෝසෙයින් ගෙවීගිය සිරුරෙහි මෙවුන්දම් සෙවීම කෙරේද, ථුල්ලච්චයාපත්තිය වේය යනාදි ක්‍රමයෙන් සත්වැදෑරුම් වූ ආපත්තීන් අතුරෙහි එක්තරා ඇවතක් දක්නේද, හෙතෙමේ පදභාජනීයයෙන් සූත්‍රයක් ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිඳුවන්නේය.
තිකපරිච්ඡෙදං ඔලොකෙන්තොපි තිකසඞ්ඝාදිසෙසං වා තිකපාචිත්තියං වා තිකදුක්කටං වා අඤ්ඤතරං වා ආපත්තිං තිකපරිච්ඡෙදෙ පස්සති, සො තතො සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
ත්රිකපරිච්ඡෙදය බලනුයේද, තික සඞ්ඝාදිසෙසය හෝ තිකපාචිත්තිය හෝ තිකදුක්කටය හෝ යන එක්තරා ඇවැතක් තිකපරිච්ඡෙදයෙහිලා දක්නේද, හෙතෙමේ ත්රිකපරිච්ඡෙදයෙන් සූත්‍රයක් ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිඳුවන්නේය.
අන්තරාපත්තිං ඔලොකෙන්තොපි “පටිලාතං උක්ඛිපති, ආපත්ති දුක්කටස්සා”ති (පාචි· 355) එවං යා සික්ඛාපදන්තරෙසු අන්තරාපත්ති හොති තං පස්සති, සො තං සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
අන්තරාපත්තිය බලනුයේද ‘පටිලාතං උක්ඛිපති ආපත්ති දුක්කටස්ස’ මදක් දැවුනු දරකැබැල්ල ගිනි කබලින් ඉවත්කොට නොදැවුනු තන්හි දමාද, දුක්කටාපත්තිය වේයයි මෙසේ ශික්ෂාපද අතුරෙහි යම් අන්තරාපත්තියක්වේද, එය දක්නේද, හෙතෙමේ ඒ සූත්‍රය ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිදුවන්නේය.
අනාපත්තිං ඔලොකෙන්තොපි “අනාපත්ති භික්ඛු අසාදියන්තස්ස, අථෙය්යචිත්තස්ස, න මරණාධිප්පායස්ස, අනුල්ලපනාධිප්පායස්ස, න මොචනාධිප්පායස්ස, අසඤ්චිච්ච, අස්සතියා, අජානන්තස්සා”ති (පාරා· 72 ආදයො) එවං තස්මිං තස්මිං සික්ඛාපදෙ නිද්දිට්ඨං අනාපත්තිං පස්සති, සො තං සුත්තං ආනෙත්වා තං අධිකරණං වූපසමෙස්සති.
අනාපත්තිය බලනුයේද ‘අනාපත්ති භික්ඛු අසාදියන්තස්ස, අථෙය්යචිත්තස්ස, න මරණාධිප්පායස්ස, අනුල්ලපනාධිප්පායස්ස, න මොචනාධිප්පායස්ස, අසඤිචිච්ච, අසතියා, අජාන්තස්ස’ ‘මහණ! නොඉවසන්නහුට, හොරසිත් නැත්තහුට, නොමරණ අදහස් ඇත්තහුට, නොබණන අදහස් ඇත්තහුට, නොමුදන අදහස් ඇත්තහුට, නොසිතා කරන්නහුට, නොසිහියෙන් කරන්නහුට, නොදන්නහුට අනාපත්තිය’යි මෙසේ ඒ ඒ ශික්‍ෂාපදයෙහි දක්වන ලද අනාපත්තිය දක්නේද, හෙතෙමේ ඒ සූත්‍රය ගෙනහැර දක්වා ඒ අධිකරණය සන්සිඳුවන්නේය.
යො හි භික්ඛු චතුබ්බිධවිනයකොවිදො තිලක්ඛණසම්පන්නො ඉමානි ඡ ඨානානි ඔලොකෙත්වා අධිකරණං වූපසමෙස්සති, තස්ස විනිච්ඡයො අප්පටිවත්තියො, බුද්ධෙන සයං නිසීදිත්වා විනිච්ඡිතසදිසො හොති. තං චෙවං විනිච්ඡයකුසලං භික්ඛුං කොචි කතසික්ඛාපදවීතික්කමො භික්ඛු උපසඞ්කමිත්වා අත්තනො කුක්කුච්චං පුච්ඡෙය්ය; තෙන සාධුකං සල්ලක්ඛෙත්වා සචෙ අනාපත්ති හොති, “අනාපත්තී”ති වත්තබ්බං. සචෙ පන ආපත්ති හොති, “ආපත්තී”ති වත්තබ්බං. සා දෙසනාගාමිනී චෙ, “දෙසනාගාමිනී”ති වත්තබ්බං. වුට්ඨානගාමිනී චෙ, “වුට්ඨානගාමිනී”ති වත්තබ්බං. අථස්ස පාරාජිකච්ඡායා දිස්සති, “පාරාජිකාපත්තී”ති න තාව වත්තබ්බං. කස්මා? මෙථුනධම්මවීතික්කමො හි උත්තරිමනුස්සධම්මවීතික්කමො ච ඔළාරිකො. අදින්නාදානමනුස්සවිග්ගහවීතික්කමා පන සුඛුමා චිත්තලහුකා. තෙ සුඛුමෙනෙව ආපජ්ජති , සුඛුමෙන රක්ඛති, තස්මා විසෙසෙන තංවත්ථුකං කුක්කුච්චං පුච්ඡියමානො “ආපත්තී”ති අවත්වා සචස්ස ආචරියො ධරති, තතො තෙන සො භික්ඛු “අම්හාකං ආචරියං පුච්ඡා”ති පෙසෙතබ්බො. සචෙ සො පුන ආගන්ත්වා “තුම්හාකං ආචරියො සුත්තතො නයතො ඔලොකෙත්වා ‘සතෙකිච්ඡො’ති මං ආහා”ති වදති, තතො අනෙන සො “සාධු සුට්ඨු යං ආචරියො භණති තං කරොහී”ති වත්තබ්බො. අථ පනස්ස ආචරියො නත්ථි, සද්ධිං උග්ගහිතත්ථෙරො පන අත්ථි, තස්ස සන්තිකං පෙසෙතබ්බො – “අම්හෙහි සහ උග්ගහිතත්ථෙරො ගණපාමොක්ඛො, තං ගන්ත්වා පුච්ඡා”ති. තෙනාපි “සතෙකිච්ඡො”ති විනිච්ඡිතෙ “සාධු සුට්ඨු තස්ස වචනං කරොහී”ති වත්තබ්බො. අථ සද්ධිං උග්ගහිතත්ථෙරොපි නත්ථි, අන්තෙවාසිකො පණ්ඩිතො අත්ථි, තස්ස සන්තිකං පෙසෙතබ්බො – “අසුකදහරං ගන්ත්වා පුච්ඡා”ති. තෙනාපි “සතෙකිච්ඡො”ති විනිච්ඡිතෙ “සාධු සුට්ඨු තස්ස වචනං කරොහී”ති වත්තබ්බො. අථ දහරස්සාපි පාරාජිකච්ඡායාව උපට්ඨාති, තෙනාපි “පාරාජිකොසී”ති න වත්තබ්බො. දුල්ලභො හි බුද්ධුප්පාදො, තතො දුල්ලභතරා පබ්බජ්ජා ච උපසම්පදා ච. එවං පන වත්තබ්බො – “විවිත්තං ඔකාසං සම්මජ්ජිත්වා දිවාවිහාරං නිසීදිත්වා සීලානි සොධෙත්වා ද්වත්තිංසාකාරං තාව මනසි කරොහී”ති. සචෙ තස්ස අරොගං සීලං කම්මට්ඨානං ඝටයති, සඞ්ඛාරා පාකටා හුත්වා උපට්ඨහන්ති, උපචාරප්පනාප්පත්තං විය චිත්තම්පි එකග්ගං හොති, දිවසං අතික්කන්තම්පි න ජානාති. සො දිවසාතික්කමෙ උපට්ඨානං ආගතො එවං වත්තබ්බො – “කීදිසා තෙ චිත්තප්පවත්තී”ති. ආරොචිතාය චිත්තප්පවත්තියා වත්තබ්බො – “පබ්බජ්ජා නාම චිත්තවිසුද්ධත්ථාය, අප්පමත්තො සමණධම්මං කරොහී”ති.
චතුර්විධ විනයයෙහි දක්ෂ වූ ත්රිලක්ෂණ සමන්වාගත වූ යම් මහණෙක්තෙමේ මේ කරුණු සය බලා අධිකරණය සන්සිඳුවන්නේද, ඔහුගේ විනිශ්චය නොපෙරළියයුතු වන්නේය. බුදුරජුන් විසින් තමන්වහන්සේ හිඳ විනිශ්චය කරන ලද්දක් වැනි වේ. ඉදින් කරනලද ශික්ෂාපද ව්‍යතික්‍රමය ඇති කිසි මහණෙක්තෙමේ මෙසේ විනිශ්චයයෙහි දක්ෂ වූ ඒ මහණහු කරා එළඹ තමාගේ කුකුස විචාරන්නේනම්, ඔහු විසින් මනාකොට සලකා ඉදින් ආපත්ති නොවේනම්, අනාපත්තියි කියයුතුය. ඉදින් ආපත්ති වේනම්, ආපත්තියි කියයුතුය. ඒ ඇවැත දෙසනාගාමිනීනම්, දෙසනාගාමිනීයි කියයුතුය. වුට්ඨානගාමිනීනම්, වුට්ඨානගාමිනීයි කියයුතුය. එකල්හි මේ ව්යතික්රමයාගේ ව්යතික්රමසඞ්ඛ්යාත වස්තුව පරාජිකාපත්තිය සමානව දක්නා ලැබේද, එහෙත් පාරාජිකාත්තියි නොකිය යුත්තීය. කුමක් හෙයින්දයත්: මෛථුනධර්මව්යති ක්රමයද, උත්තරිමනුෂ්යධර්මව්යතික්රමයද ඖදාරික වේ. අදින්නාදාන - මනුෂ්යවිග්රහව්යති ක්‍රමයෝ සියුම්හ. සිත හා යුහුව කෙරෙන පෙරළීම් ඇත්තාහ. සියුම් හෙයින්ම ඒ ව්යතික්රමයන්ට පැමිණේ. සියුම් හෙයින්ම රකියි. එහෙයින් වෙසෙසින් අදින්නාදාන - මනුෂ්‍යවිග්‍රහ වස්තුකොට ඇති ඒ කුකුස විචාරණු ලබන්නේ ආපත්තියි නොකියා ඉදින් මොහුගේ ආචාර්‍ය්‍යතෙමේ ජීවත්වේනම්, ඉන්පසු ඔහු විසින් ඒ මහණතෙමේ ‘අපගේ ඇදුරන් විචාරව’යි යැවිය යුතුය. ඉදින් ඒ මහණතෙමේ නැවත අවුත් ‘තොපගේ ඇදුරුතෙමේ සූත්‍ර වශයෙන් නයවශයෙන් බලා පිළියම් සහිතයයි මට කීයේය’යි කියානම්, ඉක්බිති ඔහු විසින් ‘යහපති, මැනව, ඇදුරුතෙමේ යමක් කියානම් එය කරව’යි කියයුතුය. තවද මොහුගේ ඇදුරුතෙමේ නැත්තේනම්, තමන් හා එක්ව උගත් ස්ථවිරනමක් ඇත්තේනම් ‘අප හා එක්ව උගත් ස්ථවිරතෙමේ ගණ ප්‍රධාන වන්නේය. එහෙයින් උන්වහන්සේ කරා එළඹ විචාරව’යි ඔහු වෙත යැවිය යුතුය. ඔහු විසිනුදු පිළියම් සහිතයයි විනිශ්චය කළ කල්හි ‘යහපති, මැනව, ඔහුගේම වචනය කරව’යි කියයුතුය. තවද තමන් හා එක්ව උගත් ස්ථවිරනමක් නැත්තේනම්, පණ්ඩිත වූ අතවැස්සෙක් ඇත්තේනම් ‘අසුවල් තරුණ මහණහු කරාගොස් විචාරව’යි ඔහු වෙත යැවිය යුතුය. ඔහු විසිනුදු පිළියම් සහිතයයි විනිශ්චය කළ කල්හි ‘යහපති, මැනව, ඔහුගේම වචනය කරව’යි කියයුතුය. එකල්හි ඒ තරුණ මහණහුටද පාරාජික වස්තුවක් සමානව වැටහෙන්නේ නමුදු ඔහු විසිනුදු ‘පාරාජික වෙහි’යි නොකිය යුතුය. ‘බුද්ධොත්පාදය වනාහි දුකසේ ලැබිය යුතුය, පැවිද්ද හා උපසම්පදාව එයටද වඩා දුර්ලභතරය. එහෙයින් විවිත්තස්ථානයක් හැමද දිවාවිහරණයෙන් හිඳ, යම් වස්තුවක් ගැන කුකුසක් උපන්නේනම්, ඒ වස්තුව මෙනෙහි නොකොට සිල් පිරිසිදු කිරීමෙන් ද්වත්තිංසාකාර කර්මස්ථානය මෙනෙහි කරව’යි මෙසේ කියයුතුය. ඉදින් ඔහුගේ නීරොගිශීලය කර්මස්ථානය අතරතුර කඩවීමක් නොදක්වා සිත සමග ආලම්බනභාවයෙන් බොහෝ කලක් ගටා සිටීද, සංස්කාරයෝ ප්රකටව වැටහෙන්නාහුද, සිත උපචාර අර්පණසමාධීන්ට පැමිණියක් මෙන් එකඟ වන්නේද, දවස ඉක්මගියද නොදනීද, දවස ඉක්ම යෑමෙහිදී උපස්ථානයට ආවාවූ හෙතෙමේ ‘තාගේ සිත්හි පැවැත්ම කෙබඳුදැ’යි මෙසේ කියයුතුය. සිත්හි පැවැත්ම සැලකළ කල්හි ‘පැවිද්ද වනාහි චිත්ත විශුද්ධිය පිණිස පවතී, එහෙයින් අප්‍රමත්තව මහණදම් කළයුතුය’යි කියයුතුය.
යස්ස පන සීලං භින්නං හොති, තස්ස කම්මට්ඨානං න ඝටයති, පතොදාභිතුන්නං විය චිත්තං විකම්පති, විප්පටිසාරග්ගිනා ඩය්හති, තත්තපාසාණෙ නිසින්නො විය තඞ්ඛණඤ්ඤෙව වුට්ඨාති. සො ආගතො “කා තෙ චිත්තප්පවත්තී”ති පුච්ඡිතබ්බො. ආරොචිතාය චිත්තප්පවත්තියා “නත්ථි ලොකෙ රහො නාම පාපකම්මං පකුබ්බතො. සබ්බපඨමඤ්හි පාපං කරොන්තො අත්තනා ජානාති, අථස්ස ආරක්ඛදෙවතා පරචිත්තවිදූ සමණබ්රාහ්මණා අඤ්ඤා ච දෙවතා ජානන්ති, ත්වංයෙව දානි තව සොත්ථිං පරියෙසාහී”ති වත්තබ්බො.
යමක්හුගේ ශීලය බිඳීගියේනම්, ඔහුගේ කර්මස්ථානය නොගැටී සිටියි. කැවිටෙන් විදුනක් මෙන් සිත කම්පිත වේ. විපිළිසර නමැති ගින්නෙන් දැවෙන්නේය. රත්වූ ගලෙක හුන්නෙකු මෙන් එකෙණෙහිම නැගී සිටුනේය. ඔහු ආයේ, ‘තාගේ සිත්හි පැවැත්ම කෙබදුදැ’යි විචාළ යුතුය. සිහි පැවැත්ම සැලකළකල්හි ‘ලොකයෙහි පව්කම් කරන්නහුට රහසක් නම් නැත්තේය, පව්කම් කරණුයේම සියල්ලන්ට පළමු තෙමේ දැනගනියි, අනතුරුව මොහුගේ ආරක්ෂක දෙවතාවෝද, පරසිත්දන්නා මහණ බමුණෝද, අන්‍යවූ දෙවියෝද දැනගනිත්, එහෙයින් තෝම දැන් තට ශුභයක් සොයාගනුව’යි කියයුතුය.
නිට්ඨිතා චතුබ්බිධවිනයකථා
චතුර්විධවිනයකථා හා විනයධරලක්ෂණාදිකථා නිමි.
විනයධරස්ස ච ලක්ඛණාදිකථා.