භික්ඛුපදභාජනීයවණ්ණනා අට්ඨකථා
භික්ඛුපදභාජනීයවණ්ණනා
භික්ඛුපදභාජනීයවණ්ණනා
ඉදානි සික්ඛාපදවිභඞ්ගස්ස අත්ථං වණ්ණයිස්සාම. යං වුත්තං යො පනාති යො යාදිසොතිආදි. එත්ථ යො පනාති විභජිතබ්බපදං; යො යාදිසොතිආදීනි තස්ස විභජනපදානි. එත්ථ ච යස්මා පනාති නිපාතමත්තං; යොති අත්ථපදං; තඤ්ච අනියමෙන පුග්ගලං දීපෙති, තස්මා තස්ස අත්ථං දස්සෙන්තො අනියමෙන පුග්ගලදීපකං යො සද්දමෙව ආහ. තස්මා එත්ථ එවමත්ථො වෙදිතබ්බො – යො පනාති යො යොකොචීති වුත්තං හොති. යස්මා පන යො යොකොචි නාම, සො අවස්සං ලිඞ්ග-යුත්ත-ජාති-නාම-ගොත්ත-සීල-විහාර-ගොචරවයෙසු එකෙනාකාරෙන පඤ්ඤායති, තස්මා තං තථා ඤාපෙතුං තං පභෙදං පකාසෙන්තො “යාදිසො”තිආදිමාහ.
දැන් ශික්ෂාපද විභඞ්ගය පිළිබඳ අර්ත්ථ වර්ණනාව කරන්නෙමු. ‘යො පනාති යො යාදිසො’ යනාදි වසයෙන් යමක් වදාරණ ලද්දේ ද, එහි ‘යො පන’ යනු බෙදියයුතු පදයයි. ‘යො යාදිසො’ යනාදීහු එය බෙදන පදයි. මෙහිද යම්හෙයකින් ‘පන’ යනු නිපාත මාත්රයක්වේද, ‘යො’ යනු අර්ත්ථ පදයවේද, එද අනියමින් පුද්ගලයෙකු දක්වාද, එහෙයින් එහි අර්ත්ථය දක්වන සේක් අනියමයෙන් පුද්ගලයා දක්වන ‘යො’ ශබ්දයම දක්වා වදාළ සේක. එහෙයින් මෙහි මෙසේ අර්ත්ථය දතයුතුය: ‘යො පන’යි යම් කිසිවෙකැයි කියන ලද්දේ වේ. යම්හෙයකින් වනාහි යම් ඒ එකෙක් යම් කිසිවෙක්නම්වේද, මෙතෙමේ එකාන්තයෙන් ලිඞ්ග - යුත්ත - ජාති - නාම - ගොත්ත - සීල - විහාර - ගොචර - වයස් යන මෙතැන්හි එක්අයුරකින් දක්නා ලැබේද, එහෙයින් එය එසේ දක්වන්නට ප්‍රභේදය ප්‍රකාශ කරන සේක් ‘යාදිසො’ යනාදිය වදාළ සේක.
තත්ථ යාදිසොති ලිඞ්ගවසෙන යාදිසො වා තාදිසො වා හොතු; දීඝො වා රස්සො වා කාළො වා ඔදාතො වා මඞ්ගුරච්ඡවි වා කිසො වා ථූලො වාති අත්ථො. යථායුත්තොති යොගවසෙන යෙන වා තෙන වා යුත්තො හොතු; නවකම්මයුත්තො වා උද්දෙසයුත්තො වා වාසධුරයුත්තො වාති අත්ථො. යථාජච්චොති ජාතිවසෙන යංජච්චො වා තංජච්චො වා හොතු; ඛත්තියො වා බ්රාහ්මණො වා වෙස්සො වා සුද්දො වාති අත්ථො. යථානාමොති නාමවසෙන යථානාමො වා තථානාමො වා හොතු; බුද්ධරක්ඛිතො වා ධම්මරක්ඛිතො වා සඞ්ඝරක්ඛිතො වාති අත්ථො. යථාගොත්තොති ගොත්තවසෙන යථාගොත්තො වා තථාගොත්තො වා යෙන වා තෙන වා ගොත්තෙන හොතු; කච්චායනො වා වාසිට්ඨො වා කොසියො වාති අත්ථො. යථාසීලොති සීලෙසු යථාසීලො වා තථාසීලො වා හොතු; නවකම්මසීලො වා උද්දෙසසීලො වා වාසධුරසීලො වාති අත්ථො. යථාවිහාරීති විහාරෙසුපි යථාවිහාරී වා තථාවිහාරී වා හොතු; නවකම්මවිහාරී වා උද්දෙසවිහාරී වා වාසධුරවිහාරී වාති අත්ථො. යථාගොචරොති ගොචරෙසුපි යථාගොචරො වා තථාගොචරො වා හොතු; නවකම්මගොචරො වා උද්දෙසගොචරො වා වාසධුරගොචරො වාති අත්ථො. ථෙරො වාති ආදීසු වයොවුඩ්ඪාදීසු යො වා සො වා හොතු; පරිපුණ්ණදසවස්සතාය ථෙරො වා ඌනපඤ්චවස්සතාය නවො වා අතිරෙකපඤ්චවස්සතාය මජ්ඣිමො වාති අත්ථො. අථ ඛො සබ්බොව ඉමස්මිං අත්ථෙ එසො වුච්චති “යො පනා”ති.
එහි ‘යාදිසො’ යනු ලිඞ්ග වශයෙන් යම්බඳුවූවෙක් හෝ එබඳුවූවෙක් වේවා: දිග්වූවෙක් හෝ මිටිවූවෙක් හෝ කලුවූවෙක් හෝ සුදුවූවෙක් හෝ මගුරු පැහැතියෙක් හෝ කෘශවූවෙක් හෝ තරවූවෙක් හෝ යන අර්‍ත්‍ථයි. ‘යථා යුත්තො’ යොග වශයෙන් යම් ඒ යෝගයකින් යෙදුනෙක් හෝ වේවා: නවකම්හි යෙදුනෙක් හෝ උදෙසීමෙහි යෙදුනෙක් හෝ විදර්ශනා ධූරයෙහි යෙදුනෙක් හෝ වේවා යන අර්‍ත්‍ථයි. ‘යථා ජච්චො’ ජාති වශයෙන් යම් ජාති ඇත්තෙක් හෝ ඒ ජාති ඇත්තෙක් හෝ වේවා: ක්ෂත්රියයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්‍යයෙක් හෝ ශුද්‍රයෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා නාමො’ නාම වශයෙන් යම්සේ නාම ඇත්තෙක් හෝ එසේ නාම ඇත්තෙක් හෝ වේව: බුද්ධරක්ඛිත හෝ ධම්මරක්ඛිත හෝ සඞ්ඝරක්ඛිත හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා ගොත්තො’ ගොත්‍ර වශයෙන් යම්සේ ගොත්‍ර ඇත්තෙක් හෝ එසේ ගොත්‍ර ඇත්තෙක් හෝ වේවා: යම් ඒ ගොත්‍රයකින් කච්චායන හෝ වාසෙට්ඨ හෝ කොසිය හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා සීලො’ ස්වභාවයන් අතුරෙහි යම් ස්වභාව ඇත්තෙක් හෝ එබඳු ස්වභාව ඇත්තෙක් හෝ වේවා! නවකර්මස්වභාව ඇත්තෙක් හෝ උද්දෙස ස්වභාව ඇත්තෙක් හෝ විදර්ශනාධූර ස්වභාව ඇත්තෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා විහාරී’ විහරණයන් අතුරෙහි යම්සේ විහරණ ඇත්තෙක් හෝ එසේ විහරණ ඇත්තෙක් හෝ වේවා:- නවකර්මවිහරණ ඇත්තෙක් හෝ උද්දෙස විහරණ ඇත්තෙක් හෝ විදර්ශනාධූර විහරණ ඇත්තෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘යථා ගොචරො’ ගොචරයන් අතුරෙහි යම්සේ ගොචර ඇත්තෙක් හෝ එසේ ගොචර ඇත්තෙක් හෝ වේවා! නවකර්මගොචරයෙක් හෝ උද්දෙස ගොචරයෙක් හෝ විදර්ශනාධූරගොචරයෙක් හෝ වේවා! යන අර්‍ත්‍ථයි. ‘ථෙරො වා’ යනාදි තන්හි වයසින් වැඩී සිටියවුන් අතුරෙහි යමෙක් හෝ වේවා, ඒ එකෙක් හෝ වේවා, පිරිපුන් දසවස් ඇති බැවින් ස්ථවිර හෝ උනුපස්වස් ඇති බැවින් නවක හෝ අයිරිත් පස්වස් ඇති බැවින් මද්ධ්‍යම හෝ වේවා! යන අර්‍ත්‍ථයි. එහෙත් මේ සියලුදෙනම ‘එසො වුච්චති යො පන’ යන මේ අර්‍ත්‍ථයෙහිලා ගැණේ.
භික්ඛුනිද්දෙසෙ භික්ඛතීති භික්ඛකො; ලභන්තො වා අලභන්තො වා අරියාය යාචනාය යාචතීති අත්ථො. බුද්ධාදීහි අජ්ඣුපගතං භික්ඛාචරියං අජ්ඣුපගතත්තා භික්ඛාචරියං අජ්ඣුපගතො නාම. යො හි කොචි අප්පං වා මහන්තං වා භොගක්ඛන්ධං පහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො, සො කසිගොරක්ඛාදීහි ජීවිකකප්පනං හිත්වා ලිඞ්ගසම්පටිච්ඡනෙනෙව භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු. පරපටිබද්ධජීවිකත්තා වා විහාරමජ්ඣෙ කාජභත්තං භුඤ්ජමානොපි භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු; පිණ්ඩියාලොපභොජනං නිස්සාය පබ්බජ්ජාය උස්සාහජාතත්තා වා භික්ඛාචරියං අජ්ඣුපගතොති භික්ඛු. අග්ඝඵස්සවණ්ණභෙදෙන භින්නං පටං ධාරෙතීති භින්නපටධරො. තත්ථ සත්ථකච්ඡෙදනෙන අග්ඝභෙදො වෙදිතබ්බො. සහස්සග්ඝනකොපි හි පටො සත්ථකෙන ඛණ්ඩාඛණ්ඩිකං ඡින්නො භින්නග්ඝො හොති. පුරිමග්ඝතො උපඩ්ඪම්පි න අග්ඝති. සුත්තසංසිබ්බනෙන ඵස්සභෙදො වෙදිතබ්බො. සුඛසම්ඵස්සොපි හි පටො සුත්තෙහි සංසිබ්බිතො භින්නඵස්සො හොති. ඛරසම්ඵස්සතං පාපුණාති. සූචිමලාදීහි වණ්ණභෙදො වෙදිතබ්බො. සුපරිසුද්ධොපි හි පටො සූචිකම්මතො පට්ඨාය සූචිමලෙන, හත්ථසෙදමලජල්ලිකාහි, අවසානෙ රජනකප්පකරණෙහි ච භින්නවණ්ණො හොති; පකතිවණ්ණං විජහති. එවං තීහාකාරෙහි භින්නපටධාරණතො භින්නපටධරොති භික්ඛු. ගිහිවත්ථවිසභාගානං වා කාසාවානං ධාරණමත්තෙනෙව භින්නපටධරොති භික්ඛු.
භික්ෂුනීර්දෙශයෙහි - සිඟානුයි ‘භික්ඛක’ නම් වේ. භික්ෂාව ලබනුයේ හෝ නොලබනුයේ හෝ ආර්ය්යා වචනයෙන් සිඟා යන්නේය යන අර්‍ත්‍ථයි. බුද්ධාදීන් විසින් පැමිණි පිඩුසිඟා යෑමෙහි යෙදුනු බැවින් භික්ෂා චර්ය්යයට එළැඹියේ නම්වේ. යම්කිසිවෙක් වනාහි ස්වල්ප වූ හෝ මහත්වූ හෝ භොගරාශිය හැරදමා ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වූයේවේද, හෙතෙමේ සීසෑම් ගෙරිරැකීම් ආදියෙන් ජීවිකාව කිරීම හැරපියා, ශ්‍රමණ ලිඞ්ගය පිළිගැනීම හේතුකොටගෙනම පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්ඛුනම. පරා පිළිබඳ ජීවිකාව ඇති බැවින් හෝ වෙහෙර මැද හිඳ කදින් ගෙනෙන ලද බත් අනුභව කරනුයේද, පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්ඛූනම. පිණ්ඩියාලොප භොජනය නිසා පැවිද්දෙහි උත්සාහ හටගත් බැවින් හෝ පිඩු පිණිස හැසිරීමට පැමිණියේනුයි භික්ඛුනම. අගය, පහස, පැහැය යන මේදයේ පළමු පැවති ස්වභාවය දුරුවීමෙන් භින්න වූ පට දරානුයි භින්නපටධර නම. එහි සැතින් සිඳීමෙන් අගය බිඳීයෑම දතයුතුය. දහසක් අගනාවූද වස්ත්‍රය කුදුමහත් කඩකඩකොට සැතින් සිඳින ලද්දේ බිඳීගිය වටිනාකම් ඇත්තේය. මුල් අගයෙන් අඩකුදු නොවටින්නේය. හුයෙන් මැසීම හෙතුකොට පහස බිඳීයෑම දතයුතුය. සුවපහස් ඇති වස්ත්‍රය හූවලින් මසන ලද්දේ බිඳීගිය පහස ඇත්තේ වේ. රළුපහස් ඇති බවට පැමිණෙන්නේය. හිඳිමල ආදිය හේතුකොට පැහැය බිඳීයෑම දතයුතුය. ඉතා පිරිසිදුවූද වස්ත්‍රය හිඳිකම්හි පටන් හිදිමලින්ද අත්හිවූ ඩහදිය, මල, දැලි, ආදියෙද අවසන්හි රඳන් ගැන්වීමෙන් හා කප්බිඳු තැබීමෙන්ද බිඳුනු පැහැය ඇත්තේ වේ. පියවි පැහැය හැර සිටුනේය. මෙසේ තුන්අයුරකින් බිඳීගිය වස්ත්‍ර දරණ බැවින් භින්නපට ධරණුයේ භික්ඛුනම. ගිහින්ගේ වස්ත්රයන්ට විසභාග වූ හෝ කසටවත් දැරීම් පමණකින්ම භින්නපට ධරණුයේනුයි භික්ඛුනම.
සමඤ්ඤායාති පඤ්ඤත්තියා වොහාරෙනාති අත්ථො. සමඤ්ඤාය එව හි එකච්චො “භික්ඛූ”ති පඤ්ඤායති. තථා හි නිමන්තනාදිම්හි භික්ඛූසු ගණියමානෙසු සාමණෙරෙපි ගහෙත්වා “සතං භික්ඛූ සහස්සං භික්ඛූ”ති වදන්ති. පටිඤ්ඤායාති අත්තනො පටිජානනෙන පටිඤ්ඤායපි හි එකච්චො “භික්ඛූ”ති පඤ්ඤායති. තස්ස “කො එත්ථාති? අහං, ආවුසො, භික්ඛූ”ති (අ· නි· 10.96) එවමාදීසු සම්භවො දට්ඨබ්බො . අයං පන ආනන්දත්ථෙරෙන වුත්තා ධම්මිකා පටිඤ්ඤා. රත්තිභාගෙ පන දුස්සීලාපි පටිපථං ආගච්ඡන්තා “කො එත්ථා”ති වුත්තෙ අධම්මිකාය පටිඤ්ඤාය අභූතාය “මයං භික්ඛූ”ති වදන්ති.
‘සමඤ්ඤාය’ ප්රඥප්තියෙන්, ව්‍යවහාරයෙන් යන අර්‍ත්‍ථයි. ඇතැම් එකෙක් ව්යාවහාරයෙන්ම ‘භික්ඛු’යි පෙනෙන්නේය. ඒ එසේමය. නිමන්ත්රණාදියෙහි භික්ෂූන් ගණිනු ලබන කල්හි හෙරණුන්ද ගෙන, මහණහු සියයක, මහණහු දහසකැයි කියත්. ‘පටිඤ්ඤාය’ තමන්ගේ ප්‍රතිඥාවෙන් හෝ ඇතැම් එකෙක් ප්රතිඥාවෙනුදු ‘භික්ඛු’යි පෙනෙන්නේය. මෙහි ‘කවරෙක් වේදැ’යි විචාළ කල්හි ‘ඇවැත! මම භික්ෂු වෙමි’යි මේ ආදි තන්හි ඒ ප්රතිඥාවෙහි සම්භවය දතයුතුය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් වදාළ බැවින් මෝ ධාර්මික ප්‍රතිඥාවක් වේ. රාත්‍රි කාලයෙහි පෙරමග එන දුශ්ශීලයෝද ‘මෙහි කවරෙක්දැ’යි ඇසූ කල්හි අධිශීල ශික්ෂාදි භික්ෂුගුණ රහිත වූ අධාර්මික ප්‍රතිඥාවෙන් ‘අපි භික්ෂු වම්හ’යි කියත්.
එහි භික්ඛූති එහි භික්ඛු නාම භගවතො “එහි භික්ඛූ”ති වචනමත්තෙන භික්ඛුභාවං එහිභික්ඛූපසම්පදං පත්තො. භගවා හි එහිභික්ඛුභාවාය උපනිස්සයසම්පන්නං පුග්ගලං දිස්වා රත්තපංසුකූලන්තරතො සුවණ්ණවණ්ණං දක්ඛිණහත්ථං නීහරිත්වා බ්රහ්මඝොසං නිච්ඡාරෙන්තො “එහි, භික්ඛු, චර බ්රහ්මචරියං සම්මා දුක්ඛස්ස අන්තකිරියායා”ති වදති. තස්ස සහෙව භගවතො වචනෙන ගිහිලිඞ්ගං අන්තරධායති, පබ්බජ්ජා ච උපසම්පදා ච රුහති. භණ්ඩු කාසායවසනො හොති. එකං නිවාසෙත්වා එකං පාරුපිත්වා එකං අංසෙ ඨපෙත්වා වාමංසකූටෙ ආසත්තනීලුප්පලවණ්ණමත්තිකාපත්තො –
‘එහි භික්ඛූති භික්ඛු’ නම්. භාග්‍යවතුන් වහන්සේ විසින් ‘එව මහණ!’යි වදාළ වචන මාත්‍රයෙන්ම භික්ෂුභාවයට, එහිභික්ෂුපසම්පදාවට පැමිණි මහණතෙමේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි එහිභික්ෂුභාවයට හෙතුසම්පත් ඇති පුද්ගලයෙකු දැක, තමන්වහන්සේ පෙරවූ රත්පවුල් සිවුරු අතරින් ස්වර්ණවර්ණ වූ දක්ෂිණ ශ්‍රී හස්තය බැහැරට ගෙන බ්රහ්මඝොෂය විහිදුවමින් ‘මහණ! මෙහි එව, දුක් කෙළවර කිරීම පිණිස මනාකොට බඹසර හැසිරෙව’යි වදාරණ සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ වචනය සමගම ඔහුගේ ගිහි ලකුණු අතුරුදහන් වන්නේය. ඒ හා ඔහුට පැවිද්ද හා උපසම්පදාව උපදී. හිස මුඩුව හැඳි කසාවත් ඇත්තේ වේ. එකක් හැඳ එකක් පෙරවගෙන එකක් උරහිස තබා වම්උරහිස ලැගුනු නිලුපුල් පැහැති මැටිපයක් ඇත්තේ වේ.
“තිචීවරඤ්ච පත්තො ච, වාසි සූචි ච බන්ධනං; පරිස්සාවනෙන අට්ඨෙතෙ, යුත්තයොගස්ස භික්ඛුනො”ති.
‘තුන්සිවුරද, පාත්‍රයද, දැහැටිදඬු කපන වෑයද, හිද්දද, කාබානද, පෙරහනද යන මේ අටභාවනාවෙහි එක්වන් යෙදීම් ඇති මහණහු අයත්’යි
එවං වුත්තෙහි අට්ඨහි පරික්ඛාරෙහි සරීරෙ පටිමුක්කෙහියෙව සට්ඨිවස්සිකත්ථෙරො විය ඉරියාපථසම්පන්නො බුද්ධාචරියකො බුද්ධුපජ්ඣායකො සම්මාසම්බුද්ධං වන්දමානොයෙව තිට්ඨති. භගවා හි පඨමබොධියං එකස්මිං කාලෙ එහිභික්ඛූපසම්පදාය එව උපසම්පාදෙති. එවං උපසම්පන්නානි ච සහස්සුපරි එකචත්තාලීසුත්තරානි තීණි භික්ඛුසතානි අහෙසුං; සෙය්යථිදං – පඤ්ච පඤ්චවග්ගියත්ථෙරා, යසො කුලපුත්තො, තස්ස පරිවාරා චතුපණ්ණාස සහායකා, තිංස භද්දවග්ගියා, සහස්සපුරාණජටිලා, සද්ධිං ද්වීහි අග්ගසාවකෙහි අඩ්ඪතෙය්යසතා පරිබ්බාජකා, එකො අඞ්ගුලිමාලත්ථෙරොති. වුත්තඤ්හෙතං අට්ඨකථායං –
මෙසේ කියූ සිරුරෙහි බහාලූ අටපිරිකරින්ම යුක්තව සියවස් ඇති ස්ථවිරනමක් සේ ඊර්ය්යාපථසම්පන්නවූයේ බුදුරජාණන් වහන්සේම ප්රව්රජ්යාචාර්ය්යකොට ඇත්තේ බුදුරජාණන් වහන්සේම උපාද්ධ්යායකොට ඇත්තේ, සම්මා සම්බුදුරජාණන් වහන්සේ වඳිමින්ම සිටුනේය. භාග්‍යවතුන් වහන්සේ වනාහි ප්රථමබෝධියෙහි එක්කලෙක එහි භික්ෂුපසම්පදාවෙන්ම උපසම්පදා කළසේක. මෙසේ උපසපන් වූ භික්ෂූන් එක්දහස් තුන්සිය එක්සාළිසක් වූහ. පස්වගතෙරහුය. යස කුලපුත්ය, ඔහුගේ පිරිවරවූ සිවුපණසක් යහළුවෝය, තිංසභද්රවර්ගීයයෝය. දහසක් පුරාණ ජටිලයෝය. දෙඅගසව්වන් හා දෙසිය පණසක් පිරිවැජියෝය, අඟුල්මල් තෙරය යන මොවුහු ඔවුහුය. මෙය අටුවාවෙහි කියන ලදී:
“තීණි සතං සහස්සඤ්ච, චත්තාලීසං පුනාපරෙ; එකො ච ථෙරො සප්පඤ්ඤො, සබ්බෙ තෙ එහිභික්ඛුකා”ති.
‘තීනිසතං සහස්සඤ්ච - චත්තාළීසං පුනාපරෙ, එකො ච ථෙරො සප්පඤ්ඤො - සබ්බෙ තෙ එහි භික්ඛුකා’යි
න කෙවලඤ්ච එතෙ එව, අඤ්ඤෙපි බහූ සන්ති. සෙය්යථිදං – තිසතපරිවාරො සෙලො බ්රාහ්මණො, සහස්සපරිවාරො මහාකප්පිනො, දසසහස්සා කපිලවත්ථුවාසිනො කුලපුත්තා, සොළසසහස්සා පාරායනිකබ්රාහ්මණාති එවමාදයො. තෙ පන විනයපිටකෙ පාළියං න නිද්දිට්ඨත්තා න වුත්තා. ඉමෙ තත්ථ නිද්දිට්ඨත්තා වුත්තාති.
හුදෙක් මොවුහුම එහිභික්‍ෂූහු නොවෙති. අන්‍යවූද බොහෝ ‘එහිභික්‍ෂූහු’ වෙත්. ඔවුහු කවරහුද යත්: තෙසියයක්දෙනා පිරිවරකොට ඇති සෙල බ්‍රාහ්මණය, දහසක්දෙනා පිරිවරකොට ඇති මහා කප්පිණය, කිඹුල්වත්පුර වැසි දසදහසක් කුලපුත්රයෝය. සොළොස්දහසක් පාරායණික බ්‍රාහ්මණයෝය, යන මේ ආදීහුය. ඔවුහු වනාහි විනයපිටක පාළියෙහි නොදැක්වූ බැවින් අටුවාවෙහි නොකියන ලදහ. මොවුහු එහි විනයපිටක පාළියෙහි දක්වන ලද බැවින් කියන ලදහ.
“සත්තවීස සහස්සානි, තීණියෙව සතානි ච; එතෙපි සබ්බෙ සඞ්ඛාතා, සබ්බෙ තෙ එහිභික්ඛුකා”ති.
‘සත්තවීස සහස්සානි - තීණියෙව සතානි ච, එතෙ හි සබ්බෙ සඞ්ඛාතා - සබ්බෙ තෙ එහි භික්ඛුකා’
සත්විසි දහස් තුන්සියයක්ද යන මේ සියලුදෙන සමග ගණින ලද සියල්ලෝ එහිභික්ෂූහුය.
තීහි සරණගමනෙහි උපසම්පන්නොති “බුද්ධං සරණං ගච්ඡාමී”තිආදිනා නයෙන තික්ඛත්තුං වාචං භින්දිත්වා වුත්තෙහි තීහි සරණගමනෙහි උපසම්පන්නො. අයඤ්හි උපසම්පදා නාම අට්ඨවිධා – එහිභික්ඛූපසම්පදා, සරණගමනූපසම්පදා, ඔවාදපටිග්ගහණූපසම්පදා, පඤ්හබ්යාකරණූපසම්පදා, ගරුධම්මපටිග්ගහණූපසම්පදා, දූතෙනූපසම්පදා, අට්ඨවාචිකූපසම්පදා, ඤත්තිචතුත්ථකම්මූපසම්පදාති. තත්ථ එහිභික්ඛූපසම්පදා, සරණගමනූපසම්පදා ච වුත්තා එව.
‘තීහි සරණගමනෙහි උපසම්පන්නො’ ‘බුද්ධං සරණං ගච්ඡාමි’ යනාදි නයින් තෙවරක් වාග්භෙදකොට කියනලද ත්රිවිධශරණගමනයෙන් උපසපන් වූයේය. මෝ උපසම්පදා වනාහි අටවැදෑරුම් වූවාය: එහිභික්ඛු උපසම්පදා, සරණගමනඋපසම්පදා, ඔවාදපටිග්ගහණ උපසම්පදා, පඤ්හව්යාකරණ උපසම්පදා, ගරුධම්මපටිග්ගහණ උපසම්පදා, දූතෙන උපසම්පදා, අට්ඨවාචිකා උපසම්පදා, ඤත්තිචතුත්ථකම්ම උපසම්පදායි. ඒ උපසම්පදා අතුරෙහි එහිභික්ඛු උපසම්පදාව හා සරණගමන උපසම්පදාවද කියන ලද්දීමය.
ඔවාදපටිග්ගහණූපසම්පදා නාම “තස්මාතිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං – ‘තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු මජ්ඣිමෙසු චා’ති. එවඤ්හි තෙ, කස්සප, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං – ‘යං කිඤ්චි ධම්මං සොස්සාමි කුසලූපසංහිතං, සබ්බං තං අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සොස්සාමී’ති. එවං හි තෙ, කස්සප, සික්ඛිතබ්බං. තස්මාතිහ තෙ, කස්සප, එවං සික්ඛිතබ්බං – ‘සාතසහගතා ච මෙ කායගතාසති න විජහිස්සතී’ති. එවඤ්හි තෙ, කස්සප, සික්ඛිතබ්බ”න්ති (සං· නි· 2.154) ඉමිනා ඔවාදපටිග්ගහණෙන මහාකස්සපත්ථෙරස්ස අනුඤ්ඤාතඋපසම්පදා.
ඔවාද පටිග්ගහණ උපසම්පදා නම්, ‘තස්මාතිහ තෙ කස්සප!’ එවං සික්ඛිතබ්බං : තිබ්බං මෙ හිරොත්තප්පං පච්චුපට්ඨිතං භවිස්සති ථෙරෙසු නවෙසු මජ්ඣිමෙසු චාති, එවං හි තෙ කස්සප! සික්ඛිතබ්බං. තස්මාතීහ තෙ කස්සප! සික්ඛිතබ්බං: යං කිඤ්චි ධම්මං සොස්සාම කුසලූපසංහිතං, සබ්බං තං අට්ඨි කත්වා මනසි කත්වා සබ්බං චෙතසා සමන්නාහරීත්වා ඔහිතසොතො ධම්මං සොස්සාමිති එවං හි තෙ කස්සප! සික්ඛිතබ්බං තස්මාතීහ තෙ කස්සප! එවං සික්ඛිතබ්බං: සාතසහගතාච මෙ කායගතාසති න විජහිස්සතීති. එවං හි තෙ කස්සප! සික්ඛිතබ්බං’ යන මේ අවවාද ප්‍රතිග්‍රහණයෙන් මහාකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේට අනුදැන වදාළ උපසම්පදාය.
පඤ්හබ්යාකරණූපසම්පදා නාම සොපාකස්ස අනුඤ්ඤාතඋපසම්පදා. භගවා කිර පුබ්බාරාමෙ අනුචඞ්කමන්තං සොපාකසාමණෙරං “‘උද්ධුමාතකසඤ්ඤා’ති වා, සොපාක, ‘රූපසඤ්ඤා’ති වා ඉමෙ ධම්මා නානත්ථා නානාබ්යඤ්ජනා , උදාහු එකත්ථා, බ්යඤ්ජනමෙව නාන”න්ති දස අසුභනිස්සිතෙ පඤ්හෙ පුච්ඡි. සො තෙ බ්යාකාසි. භගවා තස්ස සාධුකාරං දත්වා “කතිවස්සොසි ත්වං, සොපාකා”ති පුච්ඡි. “සත්තවස්සොහං, භගවා”ති. “සොපාක, ත්වං මම සබ්බඤ්ඤුතඤ්ඤාණෙන සද්ධිං සංසන්දිත්වා පඤ්හෙ බ්යාකාසී”ති ආරද්ධචිත්තො උපසම්පදං අනුජානි. අයං පඤ්හබ්යාකරණූපසම්පදා.
පඤ්හව්යාකරණ උපසම්පදානම්, සොපාක හෙරණහුට අනුදැන වදාළ උපසම්පදාය. භාග්‍යවතුන් වහන්සේ වනාහි පූර්වාරාමයෙහි එක්වන් සක්මන් කරන සොපාක හෙරණහුගෙන් ‘උද්ධුමාතකසඤ්ඤාති වා සොපාක! රූපසඤ්ඤාති වා ඉමෙ ධම්මා නානට්ඨා නානාබ්යඤ්ජනා, උදාහු එකත්ථා ව්‍යඤ්ජන මෙව නානං’යි දශඅශුභනිශ්ශ්රිත ප්‍රශ්න විචාළ සේක. ඒ හෙරණතෙමේ ඒ ප්‍රශ්න ප්‍රකාශ කෙළේය. භාග්‍යවතුන් වහන්සේ ඔහුට සාධුකාරදී ‘සොපාක! කෙතෙක් වස් ඇතියෙහිදැ’යි අසා වදාළ සේක. ‘භාග්‍යවතුන් වහන්ස! මම සත්වස් ඇතියෙමි’යි සොපාක කීයේය. ‘සොපාක! මාගේ සර්වඥතාඥානය සමග සසඳා ප්‍රශ්න විසඳුයෙහි’යි තුටුසිත් ඇති භාග්‍යවතුන් වහන්සේ ඔහුට උපසම්පදාව අනුදත් සේක. පඤ්හබ්යාකරණ උපසම්පදාය.
ගරුධම්මපටිග්ගහණූපසම්පදා නාම මහාපජාපතියා අට්ඨගරුධම්මස්ස පටිග්ගහණෙන අනුඤ්ඤාතඋපසම්පදා.
ගරුධම්මපටිග්ගහණ උපසම්පදානම්, මහාප්රජාපතියගේ අෂ්ටගරුධර්මප්රතිග්රහණය හේතුකොට ප්‍රජාපතියට අනුදැන වදාළ උපසම්පදාය.
දූතෙනූපසම්පදා නාම අඩ්ඪකාසියා ගණිකාය අනුඤ්ඤාතඋපසම්පදා.
දූතෙන උපසම්පදා නම්, අඩ්ඪකාසී වෙසඟනට අනුදැන වදාළ උපසම්පදාය.
අට්ඨවාචිකූපසම්පදා නාම භික්ඛුනියා භික්ඛුනිසඞ්ඝතො ඤත්තිචතුත්ථෙන භික්ඛුසඞ්ඝතො ඤත්තිචතුත්ථෙනාති ඉමෙහි ද්වීහි කම්මෙහි උපසම්පදා.
අට්ඨවාචිකා උපසම්පදානම්, භික්ෂුණියට භික්ෂුණී සඞ්ඝයා වෙතින් ඥප්තිචතුර්‍ත්‍ථකර්‍මයෙන් හා භික්ෂු සඞ්ඝයා වෙතින් ඥප්තිචතුර්ත්ථකර්මයෙන්ද යන මේ දෙවැදැරුම් වූ කයෙන් අනුදැන වදාළ උපසම්පදාය.
ඤත්තිචතුත්ථකම්මූපසම්පදා නාම භික්ඛූනං එතරහි උපසම්පදා. ඉමාසු අට්ඨසු උපසම්පදාසු “යා සා, භික්ඛවෙ, මයා තීහි සරණගමනෙහි උපසම්පදා අනුඤ්ඤාතා, තං අජ්ජතග්ගෙ පටික්ඛිපාමි. අනුජානාමි, භික්ඛවෙ, ඤත්තිචතුත්ථෙන කම්මෙන උපසම්පාදෙතු”න්ති (මහාව· 69) එවං අනුඤ්ඤාතාය ඉමාය උපසම්පදාය උපසම්පන්නොති වුත්තං හොති.
ඤත්තිවතුත්ථකම්ම උපසම්පදානම්, භික්ෂූන් පිළිබඳ මෙකල්හි පවත්නා උපසම්පදාය. මේ අටවැදෑරුම් වූ උපසම්පදා අතුරෙහි යම් මේ උපසම්පදාවක් ‘අනුජානාමි භික්ඛවෙ ඉමෙහි තීහි සරණගමනෙහි පබ්බජ්ජං උපසම්පදං’යි අනුදත් මේ උපසම්පදාවෙන් උපසපන් වූයේයයි කියන ලද්දේ වේ.
භද්රොති අපාපකො. කල්යාණපුථුජ්ජනාදයො හි යාව අරහා, තාව භද්රෙන සීලෙන සමාධිනා පඤ්ඤාය විමුත්තියා විමුත්තිඤාණදස්සනෙන ච සමන්නාගතත්තා “භද්රො භික්ඛූ”ති සඞ්ඛ්‍යං ගච්ඡන්ති. සාරොති තෙහියෙව සීලසාරාදීහි සමන්නාගතත්තා නීලසමන්නාගමෙන නීලො පටො විය “සාරො භික්ඛූ”ති වෙදිතබ්බො. විගතකිලෙසඵෙග්ගුභාවතො වා ඛීණාසවොව “සාරො”ති වෙදිතබ්බො. සෙඛොති පුථුජ්ජනකල්යාණකෙන සද්ධිං සත්ත අරියා තිස්සො සික්ඛා සික්ඛන්තීති සෙඛා. තෙසු යො කොචි “සෙඛො භික්ඛූ”ති වෙදිතබ්බො. න සික්ඛතීති අසෙඛො. සෙක්ඛධම්මෙ අතික්කම්ම අග්ගඵලෙ ඨිතො, තතො උත්තරි සික්ඛිතබ්බාභාවතො ඛීණාසවො “අසෙඛො”ති වුච්චති. සමග්ගෙන සඞ්ඝෙනාති සබ්බන්තිමෙන පරියායෙන පඤ්චවග්ගකරණීයෙ කම්මෙ යාවතිකා භික්ඛූ කම්මප්පත්තා, තෙසං ආගතත්තා ඡන්දාරහානං ඡන්දස්ස ආහටත්තා, සම්මුඛීභූතානඤ්ච අප්පටික්කොසනතො එකස්මිං කම්මෙ සමග්ගභාවං උපගතෙන. ඤත්තිචතුත්ථෙනාති තීහි අනුස්සාවනාහි එකාය ච ඤත්තියා කාතබ්බෙන. කම්මෙනාති ධම්මිකෙන විනයකම්මෙන. අකුප්පෙනාති වත්ථු-ඤත්ති-අනුස්සාවන-සීමා-පරිසසම්පත්තිසම්පන්නත්තා අකොපෙතබ්බතං අප්පටික්කොසිතබ්බතඤ්ච උපගතෙන. ඨානාරහෙනාති කාරණාරහෙන සත්ථුසාසනාරහෙන. උපසම්පන්නො නාම උපරිභාවං සමාපන්නො, පත්තොති අත්ථො. භික්ඛුභාවො හි උපරිභාවො, තඤ්චෙස යථාවුත්තෙන කම්මෙන සමාපන්නත්තා “උපසම්පන්නො”ති වුච්චති.
‘භද්රො’ පව් නැත්තේය. කල්‍යාණ පෘථග්ජනාදීහු පටන් රහතුන් වහන්සේ තෙක් භික්ෂූහු භද්‍ර වූ ලාමක නොවූ ශීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්තිඥානදර්ශනයෙන් සමන්වාගත බැවින් පව් නැති භික්ෂූහුයි ගිනීමට යෙත්. ‘සාරො’ ඒ ශීලසාරාදියෙන්ම සමන්වාගත බැවින් නිල්පැහැය හා එක්වීමෙන් නිල්වූ වස්ත්‍රය මෙන් සාරවූ භික්ෂු තෙමේයි දතයුතුය. පහවූ කෙලෙස්මල ඇති බැවින් ක්ෂීණාස්රව තෙමේම සාරයි දතයුතුය. ‘සෙඛො’ පෘථග්ජන කල්යාණයා සමග සප්තආර්ය්යයෝ, ත්‍රිවිධ ශික්ෂාවන් හික්මෙත්නුයි ශෛක්‍ෂයහ. ඔවුනතුරෙහි වූ යම්කිසි ශෛක්ෂයෙක් භික්ෂුයි දතයුතුය. නොහික්මේනුයි අශෛක්ෂ නම්වේ. හික්මිය යුතු ශෛක්ෂ ධර්මයන්හි හික්මී අවසන්කොට ඒ ශෛක්ෂ ධර්ම ඉක්මවා ගොස් අග්‍රඵලයෙහි සිටියේ, ඉන් මතුවෙහි හික්මිය යුත්තක් නැති බැවින් ක්ෂීණාස්රව තෙමේ අසෙඛයි කියනු ලැබේ. ‘සමග්ගෙන සඞ්ඝෙන’ සියලු අන්තිම ක්‍රමයෙන් පස්වගින් කටයුතු වූ කර්මයෙහි යම්පමණ භික්ෂූහු කර්මයට සුදුසු වූවාහු ද, ඔවුන් පැමිණි බැවින් ඡන්දය ගැනීමට සුදුසු වූවන්ගේ ඡන්දය ගෙන ආබැවින් හමුවූවන් බැහැර නොකිරීමෙන්ද එක්ම කර්මයෙහි සමග්රභාවයට පැමිණියා වූ සඞ්ඝයා විසින් ‘ඤත්තිචතුත්ථකම්මෙන’ අනුශ්‍රාවණ තුනකින් හා එක් ඤත්තියකිනුදු කටයුතු වූ. ‘කම්මෙන’ ධාර්මික විනය කර්මයෙන්. ‘අකුප්පෙන’ වත්ථු - ඤත්ති - අනුසාවණ - සීමා - පරිසසම්පත්තියෙන් යුක්ත බැවින් වෙනස් නොකළහැකිබවට බැහැර නොකටහැකි බවට පැමිණියා වූ ‘ඨානාරභෙන’ උපසම්පදා කර්මකරණයට සුදුසු වූ ශාස්තෲ ශාසනයට සුදුසු වූ. ‘උපසම්පන්නො’ උපසම්පන්න නම් උපරිමභාවයට මොනවට පැමිණියේය. පත්වූයේය යන අර්‍ත්‍ථයි. භික්ෂුභාවයම උපරිභාවය වේ. මෙතෙමේ කියූ විනයකර්මයෙන් එයට මොනවට පැමිණි බැවින් උපසම්පන්නයි කියනු ලැබේ.
එත්ථ ච ඤත්තිචතුත්ථකම්මං එකමෙව ආගතං. ඉමස්මිං පන ඨානෙ ඨත්වා චත්තාරි සඞ්ඝකම්මානි නීහරිත්වා විත්ථාරතො කථෙතබ්බානීති සබ්බඅට්ඨකථාසු වුත්තං. තානි ච “අපලොකනකම්මං ඤත්තිකම්මං ඤත්තිදුතියකම්මං ඤත්තිචතුත්ථකම්ම”න්ති පටිපාටියා ඨපෙත්වා විත්ථාරෙන ඛන්ධකතො පරිවාරාවසානෙ කම්මවිභඞ්ගතො ච පාළිං ආහරිත්වා කථිතානි. තානි මයං පරිවාරාවසානෙ කම්මවිභඞ්ගෙයෙව වණ්ණයිස්සාම. එවඤ්හි සති පඨමපාරාජිකවණ්ණනා ච න භාරියා භවිස්සති; යථාඨිතාය ච පාළියා වණ්ණනා සුවිඤ්ඤෙය්යා භවිස්සති. තානි ච ඨානානි අසුඤ්ඤානි භවිස්සන්ති; තස්මා අනුපදවණ්ණනමෙව කරොම.
මෙහිද එහිභික්ඛු උපසම්පදා - සරණගමන උපසම්පදා - ඔවාද - පටිග්ගහණ උපසම්පදා - පඤ්හබ්යාකරණ උපසම්පදා යන මෙයින් උපසපන් වූවෝ ලොකවද්‍ය ශික්ෂාපද ව්යතික්රමයෙහි අභව්‍ය බැවින්ද ගරුධම්මපටිග්ගහණ උපසම්පදා - දූතෙන උපසම්පදා - අට්ඨවාචික උපසම්පදා යන මෙතුන භික්ෂුණීන්ට අනුදත්බැවින්ද, එක්ම ඥප්තිචතුර්ත්ථකර්මය ආයේය. මෙතැන් සිට චතුර්විධසඞ්ඝකර්ම ගෙනහැර දක්වා විස්තර විසින් කියයුතුයයි සියලු අර්ත්ථ කථාවන්හි කියන ලද්දේය. ඒ සඞ්ඝකර්මද අපලොකනකර්ම - ඥප්තිකර්ම - ඥප්තිද්විතීයකර්ම - ඥප්තිචතුර්ත්ථකර්මයි පිළිවෙළින් තබා විස්තර වශයෙන් ඛන්ධකයෙන්ද පරිවාරාවසානයෙහි කර්මවිභඞ්ගයෙන්ද පාළිය ගෙනහැර දක්වා කියන ලදී. අපි ඒ කර්ම, පරිවාරාවසානයෙහි කර්මවිභඞ්ගයෙහිම විස්තර කරන්නෙමු. මෙසේ ඇතිකල්හි ප්‍රථම පාරාජික වර්ණනාවද බැරෑරුම් නොවන්නීය. තුබු පරිදි පාළිය පිළිබඳ වර්ණනාවද මැනැවින් දතහැකි වන්නීය. ඒ ස්ථාන ශුන්‍යද නොවන්නාහ. එහෙයින් පද අනුවම වර්ණනාව කරන්නෙමු.
තත්රාති තෙසු “භික්ඛකො”තිආදිනා නයෙන වුත්තෙසු භික්ඛූසු. ය්වායං භික්ඛූති යො අයං භික්ඛු. සමග්ගෙන සඞ්ඝෙන…පෙ… උපසම්පන්නොති අට්ඨසු උපසම්පදාසු ඤත්තිචතුත්ථෙනෙව කම්මෙන උපසම්පන්නො. අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති අයං ඉමස්මිං “මෙථුනං ධම්මං පටිසෙවිත්වා පාරාජිකො හොතී”ති අත්ථෙ “භික්ඛූ”ති අධිප්පෙතො. ඉතරෙ පන “භික්ඛකො”ති ආදයො අත්ථුද්ධාරවසෙන වුත්තා. තෙසු ච “භික්ඛකො”ති ආදයො නිරුත්තිවසෙන වුත්තා, “සමඤ්ඤාය භික්ඛු, පටිඤ්ඤාය භික්ඛූ”ති ඉමෙ ද්වෙ අභිලාපවසෙන වුත්තා, “එහි භික්ඛූ”ති බුද්ධෙන උපජ්ඣායෙන පටිලද්ධඋපසම්පදාවසෙන වුත්තො. සරණගමනභික්ඛු අනුප්පන්නාය කම්මවාචාය උපසම්පදාවසෙන වුත්තො, “භද්රො”තිආදයො ගුණවසෙන වුත්තාති වෙදිතබ්බා.
‘තත්ර’ ‘තෙසු භික්ඛකො’ යනාදි ක්‍රමයෙන් කියනලද භික්ෂූන් අතුරෙහි ‘ය්වායං භික්ඛු’ යම් මේ මහණෙක් තෙමේ. ‘සමග්ගෙන සඞ්ඝෙන පෙ- උපසම්පන්නො’ යන මෙහි අටවැදෑරුම් උපසම්පදාවන් අතුරෙහි ඥප්තිචතුර්ත්ථකර්මයෙන්ම උපසපන් වූයේය. ‘අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛු’ ‘මෙතෙමේ මෙවුන්දම් සෙවනයකොට පාරාජික වූයේ වේය’යන මේ අර්‍ත්‍ථයෙහි ගැනෙන භික්ෂුතෙමේ යයි අදහස්කරන ලද්දේය. ‘භික්ඛකො’ යනාදි විසින් ගැනෙන අන්‍යයෝ වනාහි අර්ත්ථොද්ධාර වශයෙන් කියන ලදහ. ඔවුනතුරෙහිද ‘භික්ඛකො’ යනාදීහු නිරුක්ති වශයෙන් කියන ලදහ. ‘සමඤ්ඤාය භික්ඛු, පටිඤ්ඤාය භික්ඛු’ යන මේ දෙක ව්‍යවහාර වශයෙන් කියන ලදී. ‘එහිභික්ඛු’ යනු බුද්ධොද්පාද්ධ්යායයන් වහන්සේ කරනකොට පිළිලද උපසම්පදා වසයෙන් කියන ලදී. ශරණාගමන භික්ෂුතෙමේ ඥප්තිචතුර්‍ත්‍ථ කර්මවාක්යය නොඋපන් කල්හි පිළිලද උපසම්පදා වසයෙන් කියන ලදී. ‘භද්රො’ යනාදීහු ගුණ වසයෙන් කියන ලදහයි දතයුතුය.
භික්ඛුපදභාජනීයං නිට්ඨිතං.