සික්ඛාසාජීවපදභාජනීයවණ්ණනා අට්ඨකථා
සික්ඛාසාජීවපදභාජනීයවණ්ණනා
සික්ඛාසාජීවපදභාජනීයවණ්ණනා
ඉදානි “භික්ඛූන”න්ති ඉදං පදං විසෙසත්ථාභාවතො අවිභජිත්වාව යං සික්ඛඤ්ච සාජීවඤ්ච සමාපන්නත්තා භික්ඛූනං සික්ඛාසාජීවසමාපන්නො හොති, තං දස්සෙන්තො සික්ඛාතිආදිමාහ. තත්ථ සික්ඛිතබ්බාති සික්ඛා. තිස්සොති ගණනපරිච්ඡෙදො . අධිසීලසික්ඛාති අධිකං උත්තමං සීලන්ති අධිසීලං; අධිසීලඤ්ච තං සික්ඛිතබ්බතො සික්ඛා චාති අධිසීලසික්ඛා. එස නයො අධිචිත්ත-අධිපඤ්ඤාසික්ඛාසු.
දැන් ‘භික්ඛූනං’ යන මේ පදය විශෙෂාර්ත්ථයක් නොමැති බැවින් විභාග නොකොටම යම් ශික්ෂාවකටද යම් සාජීවයකටද පැමිණි බැවින් භික්ෂූන්ගේ ශික්ෂාසාජීවයට පැමිණියේවේද, එය දක්වනසේක් ‘සික්ඛා’ යනාදිය වදාළ සේක. එහි හික්මිය යුත්තීනුයි ශික්ෂා නමි. ‘තිස්සො’ යනු ගණන් පිරිසිඳීමය. ‘අධිසීලසික්ඛා’ අධිකවූ උත්තමවූ සීලයනුයි අධිසීලනමි. අධිසීලවූයේද ඒ මය. හික්මිය යුතු බැවින් සික්ඛා වූයේද ඒමනුයි අධිසීලසික්ඛා නමි. අධිචිත්ත - අධිප්‍රඥා ශික්ෂාවන්හිද මේ ක්‍රමය වේ.
කතමං පනෙත්ථ සීලං, කතමං අධිසීලං, කතමං චිත්තං, කතමං අධිචිත්තං, කතමා පඤ්ඤා, කතමා අධිපඤ්ඤාති? වුච්චතෙ – පඤ්චඞ්ගදසඞ්ගසීලං තාව සීලමෙව. තඤ්හි බුද්ධෙ උප්පන්නෙපි අනුප්පන්නෙපි ලොකෙ පවත්තති. උප්පන්නෙ බුද්ධෙ තස්මිං සීලෙ බුද්ධාපි සාවකාපි මහාජනං සමාදපෙන්ති. අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබුද්ධා ච කම්මවාදිනො ච ධම්මිකා සමණබ්රාහ්මණා චක්කවත්තී ච මහාරාජානො මහාබොධිසත්තා ච සමාදපෙන්ති. සාමම්පි පණ්ඩිතා සමණබ්රාහ්මණා සමාදියන්ති. තෙ තං කුසලං ධම්මං පරිපූරෙත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභොන්ති. පාතිමොක්ඛසංවරසීලං පන “අධිසීල”න්ති වුච්චති, තඤ්හි සූරියො විය පජ්ජොතානං සිනෙරු විය පබ්බතානං සබ්බලොකියසීලානං අධිකඤ්චෙව උත්තමඤ්ච, බුද්ධුප්පාදෙයෙව ච පවත්තති, න විනා බුද්ධුප්පාදා. න හි තං පඤ්ඤත්තිං උද්ධරිත්වා අඤ්ඤො සත්තො ඨපෙතුං සක්කොති, බුද්ධායෙව පන සබ්බසො කායවචීද්වාරඅජ්ඣාචාරසොතං ඡින්දිත්වා තස්ස තස්ස වීතික්කමස්ස අනුච්ඡවිකං තං සීලසංවරං පඤ්ඤපෙන්ති. පාතිමොක්ඛසංවරතොපි ච මග්ගඵලසම්පයුත්තමෙව සීලං අධිසීලං, තං පන ඉධ අනධිප්පෙතං. න හි තං සමාපන්නො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවති.
මෙහි වනාහි ශීලය කවරේද? අධිශීලය කවරේද? චිත්තය කවරේද? අධිචිත්තය කවරේද? ප්‍රඥාව කවරීද? අධිප්‍රඥාව කවරීද? යන මේ ප්රශ්නයන්හිලා කියනු ලැබේ. පඤ්චාඞ්ගශීල - දශාඞ්ගශීල වනාහි ශීලම වේ. ඒ ශීල බුදුරජුන් උපන් කල්හිද නොඋපන්කල්හිද ලෙව්හි පවත්නේය. බුදුරජුන් උපන්කල්හි බුදුවරයෝද ශ්‍රාවකයෝද මහාජනයා ඒ ශීලයෙහි සමාදන් කරවත්. බුදුරජුන් නොඋපන්කල්හි පසේබුදුවරයෝද, කර්මවාදී ධාර්මික ශ්‍රමණ බ්‍රාහ්මණයෝද, සක්විති මහරජහුද, මහාබොධි සත්ත්වයෝද මහාජනයා ඒ ශීලයෙහි සමාදන් කරවත්. පණ්ඩිත ශ්‍රමණ බ්‍රාහ්මණයෝ, තුමූද සමාදන් වෙත්. ඔවුහු ඒ කුශලධර්මය සම්පූර්ණකොට දෙවියන් අතුරෙහිද මිනිසුන් අතුරෙහිද සම්පත් අනුභව කරත්. ප්රාතිමොක්ෂ සංවරශීලය වනාහි අධිශීලයයි කියනු ලැබේ. ඒ ශීලය ආලොකයන් අතුරෙහි සූර්‍ය්‍යයා මෙන්ද පර්වත අතුරෙහි මහාමේරුව මෙන්ද සියලු ලෞකික ශීලඅතුරෙහි අධිකවූයේද උත්තමවූයේද බුද්ධොත්පාදයෙහිම පවත්නේය. බුද්ධොත්පාද කාලය හැර අන්‍ය කාලයෙහි නාද පවත්නේය. ‘මේ වස්තුවෙහි මේ ව්යාතික්රමයෙහි මෙනම්වේය’යි ඒ ප්රඥප්තිය උදුරා තබන්නට අන්‍ය සත්ත්වයෙක් සමර්ත්ථ නොවේ. බුදුවරයෝම වනාහි හැමතින් කායවාග්ද්වාරයන්හි වූ අද්ධ්යාචාරස්රොතස සිඳහැර ඒ ඒ ව්‍යතික්‍රමයට සුදුසු වූ ඒ ශීලසංවරය පණවත්. ප්රාතිමොක්ෂ සංවරයටද වඩා මාර්ගඵල සම්ප්‍රයුක්ත ශීලයම අධිශීලය වේ. ඒ ශීලය වනාහි මෙහි අදහස් නොකරන ලදී. එයට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේමය.
කාමාවචරානි පන අට්ඨ කුසලචිත්තානි, ලොකියඅට්ඨසමාපත්තිචිත්තානි ච එකජ්ඣං කත්වා චිත්තමෙවාති වෙදිතබ්බානි. බුද්ධුප්පාදානුප්පාදෙ චස්ස පවත්ති, සමාදපනං සමාදානඤ්ච සීලෙ වුත්තනයෙනෙව වෙදිතබ්බං. විපස්සනාපාදකං අට්ඨසමාපත්තිචිත්තං පන “අධිචිත්ත”න්ති වුච්චති. තඤ්හි අධිසීලං විය සීලානං සබ්බලොකියචිත්තානං අධිකඤ්චෙව උත්තමඤ්ච, බුද්ධුප්පාදෙයෙව ච හොති, න විනා බුද්ධුප්පාදා. තතොපි ච මග්ගඵලචිත්තමෙව අධිචිත්තං, තං පන ඉධ අනධිප්පෙතං. න හි තං සමාපන්නො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවති.
අටවැදෑරුම් කාමාවචර කුසල්සිත් හා අටවැදෑරුම් ලෞකික සමාපත්ති සිත්ද එක්කොට චිත්තයමැයි දතයුතුය. බුද්ධොත්පාදයෙහි හා අබුද්ධොත්පාදයෙහි මේ චිත්තයෙහි පැවැත්මද සමාදන් කරවීමද සමාදන්වීමද ශීලයෙහි කියූ නයින්ම දතයුතුය. විදර්ශනාපාදක අෂ්ටසමාපත්තිචිත්තය අධිචිත්තයයි කියනු ලැබේ. ඒ අධිචිත්තය ශීලඅතුරෙහි අධිශීලය මෙන් සියලු ලෞකික චිත්තයන් අතුරෙහි අධික වූයේත් උත්තම වූයේත් බුද්ධොත්පාදයෙහිම වේ. බුද්ධොත්පාදය හැර නොවේ. එයටද වඩා මාර්‍ගඵලසම්ප්‍රයුක්ත චිත්තයම අධිචිත්තය වන්නේය. ඒ අධිචිත්තය මෙහි අදහස් නොකරන ලද්දේය. මාර්‍ගඵලසම්ප්‍රයුක්ත චිත්තයට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේමය.
“අත්ථි දින්නං, අත්ථි යිට්ඨ”න්ති (ධ· ස· 1371; විභ· 793; ම· නි· 3.92) -ආදිනයප්පවත්තං පන කම්මස්සකතඤාණං පඤ්ඤා, සා හි බුද්ධෙ උප්පන්නෙපි අනුප්පන්නෙපි ලොකෙ පවත්තති. උප්පන්නෙ බුද්ධෙ තස්සා පඤ්ඤාය බුද්ධාපි බුද්ධසාවකාපි මහාජනං සමාදපෙන්ති. අනුප්පන්නෙ බුද්ධෙ පච්චෙකබුද්ධා ච කම්මවාදිනො ච ධම්මිකා සමණබ්රාහ්මණා චක්කවත්තී ච මහාරාජානො මහාබොධිසත්තා ච සමාදපෙන්ති. සාමම්පි පණ්ඩිතා සත්තා සමාදියන්ති. තථා හි අඞ්කුරො දසවස්සසහස්සානි මහාදානං අදාසි. වෙලාමො, වෙස්සන්තරො, අඤ්ඤෙ ච බහූ පණ්ඩිතමනුස්සා මහාදානානි අදංසු. තෙ තං කුසලං ධම්මං පරිපූරෙත්වා දෙවෙසු ච මනුස්සෙසු ච සම්පත්තිං අනුභවිංසු. තිලක්ඛණාකාරපරිච්ඡෙදකං පන විපස්සනාඤාණං “අධිපඤ්ඤා”ති වුච්චති. සා හි අධිසීල-අධිචිත්තානි විය සීලචිත්තානං සබ්බලොකියපඤ්ඤානං අධිකා චෙව උත්තමා ච, න ච විනා බුද්ධුප්පාදා ලොකෙ පවත්තති. තතොපි ච මග්ගඵලපඤ්ඤාව අධිපඤ්ඤා, සා පන ඉධ අනධිප්පෙතා. න හි තං සමාපන්නො භික්ඛු මෙථුනං ධම්මං පටිසෙවතීති.
‘අත්ථි දින්නං අත්ථි යිට්ඨං’ යනාදිනයින් පැවති කර්‍මස්වකතාඥානය ප්‍රඥා නමි. ඒ ප්‍රඥා බුදුරජුන් උපන්කල්හිද නොඋපකල්හිද ලෙව්හි පවත්නීය. බුදුරජුන් උපන්කල්හි බුදුවරයෝද, ශ්‍රාවකයෝද, මහාජනයා ඒ ප්‍රඥාවෙහි සමාදන් කරවත්. බුදුරජුන් නොඋපන්කල්හි පසේබුදුවරයෝද, කර්මවාදී ධාර්මික ශ්‍රමණ බ්රහ්මණයෝද, සක්විතිමහරජහුද මහා බෝධිසත්ත්වයෝද මහා ජනයා ඒ ප්‍රඥාවෙහි සමාදන් කරවත්. පණ්ඩිත සත්ත්වයෝ තුමූම සමාදන් වෙත්. ඒ එසේමය. අඞ්කුර තෙමේ අවුරුදු දසදහසක් මහදන් දුන්නේය. වෙලාම බ්‍රාහ්මණතෙමේද විශ්වන්තර රජතෙමේද අන්‍ය වූ බොහෝ පණ්ඩිත මනුෂ්‍යයෝද මහදන් දුන්හ. ඔවුහු ඒ කුශලකර්මය සම්පූර්ණකොට දෙවියන් අතුරෙහිද, මනුෂ්‍යයන් අතුරෙහිද සම්පත් අනුභව කළහ. අනිත්‍යාදි ත්රිලක්ෂණයාගේ ආහාරය පිරිසිඳ දන්නාවූ විදර්ශනා ඥානය වනාහි අධිප්රඥායයි කියනු ලැබේ. ඒ ප්‍රඥා තොමෝවනාහි ශීල-චිත්ත අතුරෙහි අධිශීල - අධිචිත්ත මෙන් සියලු ලෞකික ප්‍රඥාවන් අතුරෙහි අධිකවූවාද උත්තමවූවාද වේ. බුද්ධොත්පාදය හැර අන්කාලයක ලෙව්හි නොපවත්නීය. එයටද වඩා මාර්ගඵල ප්‍රඥාවම අධිප්රඥානම් වේ. ඕතොමෝ වනාහි මෙහි අදහස් නොකරන ලදී. ඒ අධිප්‍රඥාවට පැමිණි මහණතෙමේ මෙවුන්දම් සෙවීම නොකරන්නේය.
තත්රාති තාසු තීසු සික්ඛාසු. යායං අධිසීලසික්ඛාති යා අයං පාතිමොක්ඛසීලසඞ්ඛාතා අධිසීලසික්ඛා. එතං සාජීවං නාමාති එතං සබ්බම්පි භගවතා විනයෙ ඨපිතං සික්ඛාපදං, යස්මා එත්ථ නානාදෙසජාතිගොත්තාදිභෙදභින්නා භික්ඛූ සහ ජීවන්ති එකජීවිකා සභාගජීවිකා සභාගවුත්තිනො හොන්ති, තස්මා “සාජීව”න්ති වුච්චති. තස්මිං සික්ඛතීති තං සික්ඛාපදං චිත්තස්ස අධිකරණං කත්වා “යථාසික්ඛාපදං නු ඛො සික්ඛාමි න සික්ඛාමී”ති චිත්තෙන ඔලොකෙන්තො සික්ඛති. න කෙවලඤ්චායමෙතස්මිං සාජීවසඞ්ඛාතෙ සික්ඛාපදෙයෙව සික්ඛති, සික්ඛායපි සික්ඛති, “එතං සාජීවං නාමා”ති ඉමස්ස පන අනන්තරස්ස පදස්ස වසෙන “තස්මිං සික්ඛතී”ති වුත්තං. කිඤ්චාපි තං එවං වුත්තං, අථ ඛො අයමෙත්ථ අත්ථො දට්ඨබ්බො – තස්සා ච සික්ඛාය සික්ඛං පරිපූරෙන්තො සික්ඛති, තස්මිඤ්ච සික්ඛාපදෙ අවීතික්කමන්තො සික්ඛතීති. තෙන වුච්චති සාජීවසමාපන්නොති ඉදම්පි අනන්තරස්ස සාජීවපදස්සෙව වසෙන වුත්තං. යස්මා පන සො සික්ඛම්පි සමාපන්නො, තස්මා සික්ඛාසමාපන්නොතිපි අත්ථතො වෙදිතබ්බො. එවඤ්හි සති “සික්ඛාසාජීවසමාපන්නො”ති එතස්ස පදස්ස පදභාජනම්පි පරිපුණ්ණං හොති.
‘තත්ර’ ඒ ත්‍රිවිධ ශික්ෂාවන් අතුරෙහි ‘යායං අධිසීලසික්ඛා’ යමි මේ ප්රාතිමොක්ෂශීලසඞ්ඛ්යාත අධිශීල ශික්ෂාවක් වන්නීද ‘එතං සාජීවං නාම’ භාග්‍යවතුන් වහන්සේ විසින් විනයයෙහි තබනලද මේ සියලුම ශික්ෂාපදවේද, මෙහි යම්හෙයකින් නානාවිධ දෙශ, ජාති, ගොත්රාදි භෙදයෙන් භින්න වූ භික්ෂූහු එක්ව ජීවත්වෙත්ද, එක්ම දිවිපැවැතුම් ඇත්තාහු සම පැවැතුම් ඇත්තාහු වෙත්ද, එහෙයින් ‘සාජීව’යි කියනු ලැබේ. ‘තස්මිං සික්ඛති’ කිසිසේත් ඒ ශික්ෂාපදය සිතට ආධාර ස්ථානකොට ශික්ෂාපදය ලෙසින් හික්මෙම්ද, නොහික්මෙම්දැයි සිතින් බලමින් හික්මේද හුදෙක් මෙතෙමේ ඒ සාජීවසඞ්ඛ්යාත ශික්ෂාපදයෙහිම හික්මෙන්නේ නොවේ. ත්‍රිවිධ ශික්ෂාවෙහිද හික්මෙන්නේය. ‘එතං සාජීවං නාම’ යන මේ අනතුරු පදයාගේ වසයෙන් එහි හික්මේයයි වදාරණ ලද්දේය. ඒ මෙසේ වදාරණ ලද්දේ නමුත් අධිශීල සඞ්ඛ්‍යාත ශික්ෂාවෙහි ශීලසංවරය පුරමින් හික්මෙයි. භාග්‍යවතුන් වහන්සේගේ වචන සඞ්ඛ්‍යාත ශික්ෂාපද නොඉක්මවමින් ඒ ශික්‍ෂාපදයෙහි හික්මේයයි මෙහි මෙසේ අර්ත්ථ දතයුතුය. ‘තෙන වුච්චති සාජීවසමාපන්නො’ මෙද අනන්තර වූ සාජීව පදයේම වසයෙන් වදාරණ ලදී. යම්හෙයකින් හෙතෙමේ ශික්ෂාවටත් පැමිණියේවේද, එහෙයින් ශික්ෂාසමාපන්නයයිද අර්ත්ථ වශයෙන් දත යුතුය. මෙසේ ගත්කල්හි ‘සික්ඛාසාජීවසමාපන්නො’ යන මේ පදයෙහි පදභාජනයද සම්පූර්ණ වන්නේය. ‘
සික්ඛාසාජීවපදභාජනීයං නිට්ඨිතං.