යෙදුමෙන් කියවන්න

සික‍්ඛාපච‍්චක‍්ඛානවිභඞ‍්ගවණ‍්ණනා අට‍්ඨකථා

සික‍්ඛාපච‍්චක‍්ඛානවිභඞ‍්ගවණ‍්ණනා

සික්ඛාපච්චක්ඛානවිභඞ්ගවණ්ණනා

සික‍්ඛං අප‍්පච‍්චක‍්ඛාය දුබ‍්බල්‍යං අනාවිකත්‍වාති සික‍්ඛඤ‍්ච අප‍්පටික‍්ඛිපිත්‍වා දුබ‍්බලභාවඤ‍්ච අප‍්පකාසෙත්‍වා. යස‍්මා ච දුබ‍්බල්‍යෙ ආවිකතෙපි සික‍්ඛා අප‍්පච‍්චක‍්ඛාතාව හොති, සික‍්ඛාය පන පච‍්චක‍්ඛාතාය දුබ‍්බල්‍යං ආවිකතමෙව හොති. තස‍්මා “දුබ‍්බල්‍යං අනාවිකත්‍වා”ති ඉමිනා පදෙන න කොචි විසෙසත්‍ථො ලබ‍්භති. යථා පන “දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං කප‍්පෙය්‍යා”ති වුත‍්තෙ දිරත‍්තවචනෙන න කොචි විසෙසත්‍ථො ලබ‍්භති, කෙවලං ලොකවොහාරවසෙන බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතාය මුඛාරූළ‍්හතාය එතං වුත‍්තං. එවමිදම‍්පි වොහාරවසෙන බ්‍යඤ‍්ජනසිලිට‍්ඨතාය මුඛාරූළ‍්හතාය වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

‘සික්‍ඛං අපච්චක්‍ඛාය දුබ්බල්‍යං අනාවීකත්‍වා’ ශික්‍ෂාවද පිළිකෙව් නොකොට දුබලබවද නොපවසා යම්හෙයකින් දුබලබව පැවසූ කල්හිද ශික්‍ෂාව පිළිකෙවු නොකරන ලද්දීම වේද, ශික්‍ෂාව වනාහි පිළිකෙවු කළ කල්හි දුබලබව ප්‍රකාශකරන ලද්දේමවේද, එහෙයින් ‘දුබ්බල්‍යං අනාවීකත්‍වා’ යන මේ පදයෙන් කිසි විශෙෂාර්‍ත්‍ථයක් නොලැබෙන්නේය. යම්සේ වනාහි ‘දිරත්තතිරත්තං සහසෙය්‍යං කප්පෙය්‍ය’යි කියූ කල්හි ‘ද්විරත්ත’ වචනයෙන් කිසි විශෙෂාර්‍ත්‍ථයක් නොලැබෙන්නේද, හුදෙක් ලෝකව්‍යවහාර වශයෙන් ව්‍යඤ්ජනයන් පිළිබඳ ශලිෂ්ටතාවෙන් මුඛාරූඪභාවයෙන් මෙය වදාරණ ලද්දේය. මෙසේ මෙද ව්‍යවහාර සුඛය පිණිස ව්‍යඤ්ජන ශලිෂ්ටතාව පිණිස මුඛාරූඪභාවය පිණිස වදාරණ ලදැයි දතයුතුය.

යස‍්මා වා භගවා සාත්‍ථං සබ්‍යඤ‍්ජනං ධම‍්මං දෙසෙති, තස‍්මා “සික‍්ඛං අප‍්පච‍්චක‍්ඛායා”ති ඉමිනා අත්‍ථං සම‍්පාදෙත්‍වා “දුබ‍්බල්‍යං අනාවිකත්‍වා”ති ඉමිනා බ්‍යඤ‍්ජනං සම‍්පාදෙති. පරිවාරකපදවිරහිතඤ‍්හි එකමෙව අත්‍ථපදං වුච‍්චමානං පරිවාරවිරහිතො රාජා විය, වත්‍ථාලඞ‍්කාරවිරහිතො විය ච පුරිසො න සොභති; පරිවාරකෙන පන අත්‍ථානුලොමෙන සහායපදෙන සද‍්ධිං තං සොභතීති.

නොහොත් යම්හෙයකින් භාග්‍යවතුන් වහන්සේ අර්‍ත්‍ථ සහිතව ව්‍යඤ්ජන සහිතව ධර්‍මය දේශනා කරන සේක්ද, එහෙයින් ‘සික්‍ඛං අපච්චක්‍ඛාය’ යන මෙයින් අර්‍ත්‍ථය සම්පාදනයකොට ‘දුබ්බල්‍යං අනාවීකත්‍වා’ යන මෙයින් ව්‍යඤ්ජනය සම්පාදනය කරන සේක. පරිවාරකපද විරහිතව කියනු ලබන එක්ම අර්‍ත්‍ථ පදය පරිවාරජන විරහිත වූ රජු මෙන්ද, වස්ත්‍රාලඞ්කාර විරහිත වූ පුරුෂයා මෙන්ද නොහොබනේය. ඒ පදය පරිවාරක වූ අර්‍ත්‍ථානුලොම වූ සහාය පදයක් සමග සිටියේ හොබනේය.

යස‍්මා වා සික‍්ඛාපච‍්චක‍්ඛානස‍්ස එකච‍්චං දුබ‍්බල්‍යාවිකම‍්මං අත්‍ථො හොති, තස‍්මා තං සන්‍ධාය “සික‍්ඛං අප‍්පච‍්චක‍්ඛායා”තිපදස‍්ස අත්‍ථං විවරන‍්තො “දුබ‍්බල්‍යං අනාවිකත්‍වා”ති ආහ.

නොහොත් යම්හෙයකින් ‘බුද්ධං පච්චක්‍ඛාමි’ යනාදි ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන වචනයෙහි අර්‍ත්‍ථය ඇතැම් දුබ්බල්‍යාවී කර්‍මයෙක්වේද, එහෙයින් ඒ අර්‍ත්‍ථභූත දුබ්බල්‍යාවී කර්‍මය සඳහා ‘සික්‍ඛං අපච්චක්‍ඛාය’ යන පදයෙහි අර්‍ත්‍ථය විවෘත කරන සේක් ‘දුබ්බල්‍යං අනාවීකත්‍වා’ යනු වදාළ සේක. එහි මෙසේ වන්නේය.

තත්‍ථ සියා යස‍්මා න සබ‍්බං දුබ‍්බල්‍යාවිකම‍්මං සික‍්ඛාපච‍්චක‍්ඛානං, තස‍්මා “දුබ‍්බල්‍යං අනාවිකත්‍වා”ති පඨමං වත්‍වා තස‍්ස අත්‍ථනියමනත්‍ථං “සික‍්ඛං අප‍්පච‍්චක‍්ඛායා”ති වත‍්තබ‍්බන‍්ති, තඤ‍්ච න; කස‍්මා? අත්‍ථානුක‍්කමාභාවතො. “සික‍්ඛාසාජීවසමාපන‍්නො”ති හි වුත‍්තත‍්තා යං සික‍්ඛං සමාපන‍්නො, තං අප‍්පච‍්චක‍්ඛායාති වුච‍්චමානො අනුක‍්කමෙනෙව අත්‍ථො වුත‍්තො හොති, න අඤ‍්ඤථා. තස‍්මා ඉදමෙව පඨමං වුත‍්තන‍්ති.

යම්හෙයකින් සියලු දුබ්බල්‍යාවී කර්‍මය සඳහා ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොවේද, එහෙයින් ‘දුබ්බල්‍යං අනාවීකත්‍වා’ යනු පළමුකොට වදාරා එහි අර්‍ත්‍ථ නියමය පිණිස ‘සික්‍ඛං අපච්චක්‍ඛාය’ යනු කියයුතු නොවන්නේද? හෙද යුතු නොවේ. කුමහෙයින්දයත්: අර්‍ත්‍ථයෙහි අනුපිළිවෙළ නැති බැවිනි. ‘සික්‍ඛාසාජීව සමාපන්නො’යි වදාළ බැවින් යම් ශික්‍ෂාවකට පැමිණියේවේද, ඒ ශික්‍ෂාව ප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොකොටැයි කියනු ලබන්නේ අර්‍ත්‍ථය පිළිවෙළින් කියන ලද්දේවේද අන් අයුරකින් කියනු ලබන්නේ එසේනොවේද, එහෙයින් ‘සික්‍ඛං අපච්චක්‍ඛාය’ යන මෙයම පළමුකොට වදාරණ ලද්දේය.

අපිච අනුපටිපාටියාපි එත්‍ථ අත්‍ථො වෙදිතබ‍්බො. කථං? “සික‍්ඛාසාජීවසමාපන‍්නො”ති එත්‍ථ යං සික‍්ඛං සමාපන‍්නො තං අප‍්පච‍්චක‍්ඛාය යඤ‍්ච සාජීවං සමාපන‍්නො තත්‍ථ දුබ‍්බල්‍යං අනාවිකත්‍වාති.

තවද ‘සික්‍ඛාසාජීවසමාපන්නො’ යන මෙහි යම් ශික්‍ෂාවකට පැමිණියේද, ඒ ශික්‍ෂාව බැහැරනොකොට යම් සාජීවයකට පැමිණියේද එහි දුබලබව පහළනොකොටැයි අනුපිළිවෙළින් මෙහි අර්‍ත්‍ථ දතයුතුය.

ඉදානි සික‍්ඛාපච‍්චක‍්ඛානදුබ‍්බල්‍යාවිකම‍්මානං විසෙසාවිසෙසං සික‍්ඛාපච‍්චක‍්ඛානලක‍්ඛණඤ‍්ච දස‍්සෙන‍්තො “අත්‍ථි භික‍්ඛවෙ”තිආදිමාහ. තත්‍ථ අත්‍ථි භික‍්ඛවෙතිආදීනි ද‍්වෙ මාතිකාපදානි; තානි විභජන‍්තො “කථඤ‍්ච භික‍්ඛවෙ”තිආදිමාහ. තත්‍රායං අනුත‍්තානපදවණ‍්ණනා – කථන‍්ති කෙන ආකාරෙන. දුබ‍්බල්‍යාවිකම‍්මඤ‍්චාති දුබ‍්බල්‍යස‍්ස ආවිකම‍්මඤ‍්ච. ඉධාති ඉමස‍්මිං සාසනෙ. උක‍්කණ‍්ඨිතොති අනභිරතියා ඉමස‍්මිං සාසනෙ කිච‍්ඡජීවිකප‍්පත‍්තො. අථ වා අජ‍්ජ යාමි, ස‍්වෙ යාමි, ඉතො යාමි, එත්‍ථ යාමීති උද‍්ධං කණ‍්ඨං කත්‍වා විහරමානො, වික‍්ඛිත‍්තො අනෙකග‍්ගොති වුත‍්තං හොති. අනභිරතොති සාසනෙ අභිරතිවිරහිතො.

දැන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛාන දුර්‍වල්‍යාවීකර්‍මයන්ගේ විශේෂ අවශෙෂයත් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛාන ලක්‍ෂණත් දක්වන සේක් ‘අර්‍ත්‍ථ භික්‍ඛවෙ’ යනාදිය වදාළ සේක. එහි ‘අර්‍ත්‍ථ භික්‍‍‍ඛවෙ’ යනාදිය මාතෘකාපද දෙකකි. එය බෙදා දක්වනසේක් ‘කථඤ්ච භික්‍‍‍ඛවෙ’ යනාදිය වදාළ සේක. මේ එහි ප්‍රකටනොවූ පදවල වර්‍ණනාය: ‘කථං’ කිනම් අයුරකින් ‘දුබ්බල්‍යාවීකම්මං ච’ දුර්‍වලභාවයාගේ පහළකිරීමද, ‘ඉධ’ මේ ශාසනයෙහි. ‘උක්කණ්ඨිතො’ නොඇලීමෙන් මේ ශාසනයෙහි දුඃඛජීවිකාවට පැමිණියේය. නොහොත් ‘අද යමි, හෙට යමි, මෙතැනින් යමි, මෙහිදී යමි’යි ගෙල ඔසොවා ගෙන වසනුයේය. විසුරුණු සිතැත්තේය. එකඟ නොවූ සිතැත්තේ යයි කියන ලද්දේ වේ. ‘අනභිරතො’ ශාසනයෙහි ඇලීමෙන් තොරවූයේය.

සාමඤ‍්ඤා චවිතුකාමොති සමණභාවතො අපගන‍්තුකාමො. භික‍්ඛුභාවන‍්ති භික‍්ඛුභාවෙන. කරණත්‍ථෙ උපයොගවචනං. “කණ‍්ඨෙ ආසත‍්තෙන අට‍්ටීයෙය්‍යා”තිආදීසු (පාරා· 162) පන යථාලක‍්ඛණං කරණවචනෙනෙව වුත‍්තං. අට‍්ටීයමානොති අට‍්ටං පීළිතං දුක‍්ඛිතං විය අත‍්තානං ආචරමානො; තෙන වා භික‍්ඛුභාවෙන අට‍්ටො කරියමානො පීළියමානොති අත්‍ථො. හරායමානොති ලජ‍්ජමානො. ජිගුච‍්ඡමානොති අසුචිං විය තං ජිගුච‍්ඡන‍්තො. ගිහිභාවං පත්‍ථයමානොතිආදීනි උත‍්තානත්‍ථානියෙව. යංනූනාහං බුද‍්ධං පච‍්චක‍්ඛෙය්‍යන‍්ති එත්‍ථ යංනූනාති පරිවිතක‍්කදස‍්සනෙ නිපාතො. ඉදං වුත‍්තං හොති – “සචාහං බුද‍්ධං පච‍්චක‍්ඛෙය්‍යං, සාධු වත මෙ සියා”ති. වදති විඤ‍්ඤාපෙතීති ඉමමත්‍ථං එතෙහි වා අඤ‍්ඤෙහි වා බ්‍යඤ‍්ජනෙහි වචීභෙදං කත්‍වා වදති චෙව, යස‍්ස ච වදති, තං විඤ‍්ඤාපෙති ජානාපෙති. එවම‍්පීති උපරිමත්‍ථසම‍්පිණ‍්ඩනත‍්තො පිකාරො. එවම‍්පි දුබ‍්බල්‍යාවිකම‍්මඤ‍්චෙව හොති සික‍්ඛා ච අප‍්පච‍්චක‍්ඛාතා, අඤ‍්ඤථාපි.

‘සාමඤ්ඤා චවිතුකාමො’ ශ්‍රමණභාවයෙන් පහවයනු කැමැත්තේය. ‘භික්‍‍‍ඛුභාවං’ භික්‍ෂුභාවයෙන්. කරණාර්‍ත්‍ථයෙහි ද්විතීයාවචනයි. ‘කණ්ඨෙ ආසත්තෙන අට්ටීයෙය්‍ය’ යනාදී තන්හි වනාහි ලක්‍ෂණ පරිදි කරන වචනයෙන්ම වදාරණ ලද්දේය. ‘අට්ටීයමානො’ බැගෑපත් වූවෙකු පෙළුනෙකු දුකටපත් වූවෙකු මෙන් තමන් හසුරුවන්නේය. ඒ භික්‍ෂුභාවයෙන් හෝ බැගෑපත් වූවෙක් කරනු ලබන්නේය, පෙළනු ලබන්නේය යන අර්‍ත්‍ථයි. ‘හරායමානො’ ලජ්ජිත වනුයේය. ඒ භික්‍ෂුභාවයෙන් හෝ බැගෑපත් වූවෙක් කරනු ලබන්නේය, පෙළනු ලබන්නේය යන අර්‍ත්‍ථයි. ‘හරායමානො’ ලජ්ජිත වනුයේය. ‘ජිගුච්ඡමානො’ අසූචියට මෙන් ඒ භික්‍ෂුභාවය පිළිකුල් කරනුයේය. ‘ගිහීභාවං පත්‍ථයමානො’ යනාදීහු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තාහුමය. ‘යන්නූනාහං බුද්ධං පච්චක්‍ඛෙය්‍යං’ යන මෙහි ‘යන්නූන’ යනු පරිවිතර්‍ක දර්‍ශනයෙහි නිපාතයි. ‘ඉදින් මම බුදුන් ප්‍රතික්‍ෂේප කරන්නෙම්නම් එකාන්තයෙන් මට යහපතක් වන්නේය’යි මේ කියන ලද්දේ වේ. ‘වදති විඤ්ඤාපෙති’ මේ අර්‍ත්‍ථය මෙයින් හෝ අන්‍යව්‍යඤ්ජනයන්ගෙන් හෝ වාග්භෙදකොට කියාද, යමක්හට කියාද ඔහුට හඟවාද දන්වාද ‘එවම්පි’ මෙහිවූ පිකාරය මතුවෙහි අර්‍ත්‍ථයන්ගේ පිඩුකිරීම ප්‍රයොජනකොට සිටියේය. මෙසේද දුර්‍බල්‍යාවීකර්‍මය වේ. අන් පරිද්දකින් ශික්‍ෂාවද ප්‍රත්‍යාක්‍ඛානය නොකරන ලද්දේ වේ.

ඉදානි තං අඤ‍්ඤථාපි දුබ‍්බල්‍යාවිකම‍්මං සික‍්ඛාය ච අප‍්පච‍්චක‍්ඛානං දස‍්සෙන‍්තො “අථ වා පනා”තිආදිමාහ. තං සබ‍්බං අත්‍ථතො උත‍්තානමෙව. පදතො පනෙත්‍ථ ආදිතො පට‍්ඨාය “බුද‍්ධං පච‍්චක‍්ඛෙය්‍යං, ධම‍්මං, සඞ‍්ඝං, සික‍්ඛං, විනයං, පාතිමොක‍්ඛං, උද‍්දෙසං, උපජ‍්ඣායං, ආචරියං, සද‍්ධිවිහාරිකං, අන‍්තෙවාසිකං, සමානුපජ‍්ඣායකං, සමානාචරියකං, සබ්‍රහ‍්මචාරිං පච‍්චක‍්ඛෙය්‍ය”න‍්ති ඉමානි චුද‍්දස පදානි පච‍්චක‍්ඛානාකාරෙන වුත‍්තානි.

දැන් ඒ දුබලබව පහළකිරීමද ශික්‍ෂාවගේ අප්‍රත්‍යාක්‍ඛ්‍යානයද අන් පරිද්දකිනුදු දක්වනසේක් ‘අථවා පන’ යනාදිය වදාළ සේක. ඒ සියල්ල අර්‍ත්‍ථ වශයෙන් ප්‍රකටය. මෙහි පද වශයෙන් මුලපටන් ‘බුද්ධං පච්චක්‍ඛෙය්‍යං, ධම්මං, සඞ්ඝං, සික්‍ඛං, විනයං, පාතිමොක්‍ඛං, උද්දෙසං, උපජ්ඣායං, ආචරියං, සද්ධිවිහාරිකං, අන්තෙවාසිකං, සමානුපජ්ඣායකං, සමානාචරියකං, සබ්‍රහ්මචාරිං පච්චක්‍ඛෙය්‍යං’ යන මේ තුදුස්පද ශික්‍ෂාප්‍රතික්‍ෂෙප කිරීම් ආකාරයෙන් කියන ලදී. 1

ගිහී අස‍්සන‍්තිආදීනි “ගිහී, උපාසකො, ආරාමිකො, සාමණෙරො, තිත්‍ථියො, තිත්‍ථියසාවකො, අස‍්සමණො, අසක්‍යපුත‍්තියො අස‍්ස”න‍්ති ඉමානි අට‍්ඨ පදානි “අස‍්ස”න‍්ති ඉමිනා භාවවිකප‍්පාකාරෙන වුත‍්තානි. එවං “යංනූනාහ”න‍්ති ඉමිනා පටිසංයුත‍්තානි ද‍්වාවීසති පදානි.

‘ගිහී අස්සං’ ගිහී, උපාසකො, ආරාමිකො, සාමණෙරො, තිත්‍ථියො, තිත්‍ථියසාවකො, අස්සමණො, අසක්‍යපුත්තියො අස්සං යනාදී වූ මේ පද අට ‘අස්සං’ යන මේ භාවවිකල්පනාකාරයෙන් වදාරණ ලදී. මෙසේ ‘යන්නූනාහං’ යන මේ හා යෙදුනු මේ දෙවිසිපද යම්සේවේද, එසේ ‘යදිපනාහං, අපාහං, හන්‍දාහං, හොති මෙ’ යන මොවුන් අතුරෙහි එකක් එකක් හා යුක්තවූ දෙවිස්සයයි සියලුම පද එක්සියදසයක් වේ.

යථා ච එතානි, එවං “යදි පනාහං, අපාහං, හන්‍දාහං, හොති මෙ”ති ඉමෙසු එකමෙකෙන පටිසංයුත‍්තානි ද‍්වාවීසතීති සබ‍්බානෙව සතඤ‍්ච දස ච පදානි හොන‍්ති.

තතො පරං සරිතබ‍්බවත්‍ථුදස‍්සනනයෙන පවත‍්තානි “මාතරං සරාමී”තිආදීනි සත‍්තරස පදානි. තත්‍ථ ඛෙත‍්තන‍්ති සාලිඛෙත‍්තාදිං. වත්‍ථුන‍්ති තිණපණ‍්ණසාකඵලාඵලසමුට‍්ඨානට‍්ඨානං. සිප‍්පන‍්ති කුම‍්භකාරපෙසකාරසිප‍්පාදිකං.

එයින් මතුවෙහි සිහිකටයුතු වස්තූන්ගේ දැක්වීම් නයින් පැවති ‘මාතරං සරාමි’ යනාදීවූ සතළොස් පද වෙයි. එහි ‘ඛෙත්තං’ හැල්කෙත් ආදියය. ‘වත්‍ථුං’ තණපත් පලා කුදුමහත්පළ හටගන්නා තැන්ය. ‘සිප්පං’ කුම්භකාර පෙසකාර ශිල්පාදියය.

තතො පරං සකිඤ‍්චනසපලිබොධභාවදස‍්සනවසෙන පවත‍්තානි “මාතා මෙ අත්‍ථි, සා මයා පොසෙතබ‍්බා”තිආදීනි නව පදානි.

එයින් මතුවෙහි සකිඤ්චන සපළිබොධභාවය දැක්වීම් වසයෙන් පැවති ‘මාතා මෙ අර්‍ත්‍ථ, සා මයා පොසෙතබ්බා’ යනාදි පද නවයක් වෙයි.

තතො පරං සනිස‍්සයසප‍්පතිට‍්ඨභාවදස‍්සනවසෙන පවත‍්තානි “මාතා මෙ අත්‍ථි, සා මං පොසෙස‍්සතී”තිආදීනි සොළස පදානි.

එයින් මතුවෙහි නිශ්ශ්‍රය සහිත සප්‍රතිෂ්ඨා භාවයාගේ දැක්වීම් වසයෙන් පැවැති ‘මාතා මෙ අර්‍ත්‍ථ සා මං පොසෙස්සති’ යනාදී වූ සොළොස්පද වෙයි.

තතො පරං එකභත‍්තඑකසෙය්‍යබ්‍රහ‍්මචරියානං දුක‍්කරභාවදස‍්සනවසෙන පවත‍්තානි “දුක‍්කර”න‍්තිආදීනි අට‍්ඨ පදානි.

එයින් මතුවෙහි එකභත්ත එකසෙය්‍යා බ්‍රහ්මචරිය යන මොවුන්ගේ දුෂ්කරභාවය දැක්වීම් වසයෙන් පැවැති ‘දුක්කරං’ යනාදී වූ සොළොස්පද වෙයි.

තත්‍ථ දුක‍්කරන‍්ති එකභත‍්තාදීනං කරණෙ දුක‍්කරතං දස‍්සෙති. න සුකරන‍්ති සුකරභාවං පටික‍්ඛිපති. එවං දුච‍්චරං න සුචරන‍්ති එත්‍ථ. න උස‍්සහාමීති තත්‍ථ උස‍්සාහාභාවං අසක‍්කුණෙය්‍යතං දස‍්සෙති. න විසහාමීති අසය‍්හතං දස‍්සෙති. න රමාමීති රතියා අභාවං දස‍්සෙති. නාභිරමාමීති අභිරතියා අභාවං දස‍්සෙති. එවං ඉමානි ච පඤ‍්ඤාස, පුරිමානි ච දසුත‍්තරසතන‍්ති සට‍්ඨිසතං පදානි දුබ‍්බල්‍යාවිකම‍්මවාරෙ වුත‍්තානීති වෙදිතබ‍්බානි.

එහි ‘දුක්කරං’ යන මෙය එක් වේලේ බත්බුදීම් ආදිය කිරීමෙහි දුෂ්කරභාවය දක්වන්නේය. ‘න සුකරං’ යන මෙය පහසුවෙන් කටහැකිබව ප්‍රතික්‍ෂේප කරන්නේය. ‘දුච්චරං න සුචරං’ යනුද මෙසේය. මෙහි ‘න උස්සහාමි’ යන මෙය එහි උත්සාහය නැතිබව නොහැකි බව දක්වන්නේය. ‘න විසහාමි’ යන මෙය එවේලේ බත්බුදීම නොඉවසිය හැකි බව පළකරන්නේය ‘න රමාමි’ යන මෙය පැවිද්ද මුල්කොට මට සැපයක් නැතැයි දක්වාලන්නේය. ‘නාභිරමාමි’ යන මෙය පැවිද්දෙහි තමන්ගේ ඇල්මක් නැති බව කියාලන්නේය. මෙසේ මේ පණසද පළමු දැක්වූ දසයක් අධිකකොට සිටි සියයද එක්ව එක්සිය සැටපද දුර්‍බල්‍යාවීකර්‍ම වාරයෙහි කියන ලදහයි දතයුතුය.

සික‍්ඛාපච‍්චක‍්ඛානවාරෙපි “කථඤ‍්ච භික‍්ඛවෙ”ති ආදි සබ‍්බං අත්‍ථතො උත‍්තානමෙව. පදතො පනෙත්‍ථාපි “බුද‍්ධං පච‍්චක‍්ඛාමි, ධම‍්මං, සඞ‍්ඝං, සික‍්ඛං, විනයං, පාතිමොක‍්ඛං, උද‍්දෙසං, උපජ‍්ඣායං, ආචරියං, සද‍්ධිවිහාරිකං, අන‍්තෙවාසිකං, සමානුපජ‍්ඣායකං, සමානාචරියකං, සබ්‍රහ‍්මචාරිං පච‍්චක‍්ඛාමී”ති ඉමානි චුද‍්දස පදානි සික‍්ඛාපච‍්චක‍්ඛානවචනසම‍්බන්‍ධෙන පවත‍්තානි. සබ‍්බපදෙසු ච “වදති විඤ‍්ඤාපෙතී”ති වචනස‍්ස අයමත්‍ථො – වචීභෙදං කත්‍වා වදති, යස‍්ස ච වදති තං තෙනෙව වචීභෙදෙන “අයං සාසනං ජහිතුකාමො සාසනතො මුච‍්චිතුකාමො භික‍්ඛුභාවං චජිතුකාමො ඉමං වාක්‍යභෙදං කරොතී”ති විඤ‍්ඤාපෙති සාවෙති ජානාපෙති.

ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන වාරයෙහිද ‘කථඤ්ච භික්‍‍‍ඛවෙ’ යනාදී වූ සියල්ල අර්‍ත්‍ථ වශයෙන් ප්‍රකටවේමය. මෙහි පද වශයෙන් වනාහි ‘බුද්ධං පච්චක්‍ඛාමි, ධම්මං, සංඝං, සික්‍ඛං, විනයං, පාතිමොක්‍ඛං, උද්දෙසං, උපජ්ඣායං, ආචරියං, සද්ධිවිහාරිකං, අන්තෙවාසිකං, සමානුපජ්ඣායකං, සමානාචරියකං, සබ්‍රහ්මචාරිං, පච්චක්‍ඛාමි’ යන මේ තුදුස්පදත් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛාන වචන සම්බන්‍ධයෙන් පැවැත්තේය. ඒ සියලු පදයන්හිද ‘වදති විඤ්ඤාපෙති’ යන වචනය පිළිබඳ මේ අර්‍ත්‍ථය වේ. වාග්භෙද කොටම කියයි. එය යමක්හට කියාද ඔහුට ඒ වාග්භෙදයෙන්ම ‘මෙතෙමේ ශාසනය හරිනු කැමැත්තේ ශාසනයෙන් මිදෙනු කැමැත්තේ භික්‍ෂුභාවය හරිනු කැමැත්තේ මේ වාග්භෙදය කෙරේය’යි හඟවයි. අස්වයි. දන්වයි.

සචෙ පනායං “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති වත‍්තුකාමො පදපච‍්චාභට‍්ඨං කත්‍වා “පච‍්චක‍්ඛාමි බුද‍්ධ”න‍්ති වා වදෙය්‍ය. මිලක‍්ඛභාසාසු වා අඤ‍්ඤතරභාසාය තමත්‍ථං වදෙය්‍ය. “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති වත‍්තුකාමො උප‍්පටිපාටියා “ධම‍්මං පච‍්චක‍්ඛාමී”ති වා “සබ්‍රහ‍්මචාරිං පච‍්චක‍්ඛාමී”ති වා වදෙය්‍ය, සෙය්‍යථාපි උත‍්තරිමනුස‍්සධම‍්මවිභඞ‍්ගෙ “පඨමං ඣානං සමාපජ‍්ජාමී”ති වත‍්තුකාමො “දුතියං ඣාන”න‍්ති වදති, සචෙ යස‍්ස වදති සො “අයං භික‍්ඛුභාවං චජිතුකාමො එතමත්‍ථං වදතී”ති එත‍්තකමත‍්තම‍්පි ජානාති, විරද‍්ධං නාම නත්‍ථි; ඛෙත‍්තමෙව ඔතිණ‍්ණං, පච‍්චක‍්ඛාතාව හොති සික‍්ඛා. සක‍්කත‍්තා වා බ්‍රහ‍්මත‍්තා වා චුතසත‍්තො විය චුතොව හොති සාසනා.

ඉදින් වනාහි මෙතෙමේ ‘බුද්ධං පච්චක්‍ඛාමි’ කියනු කැමැත්තේ පද පෙරැළිකොට ‘පච්චක්‍ඛාමි බුද්ධං’යි කියන්නේනම් හෝ, මෙලච්ඡ භාෂාවන් අතුරෙහි එක්තරා භාෂාවකින් ඒ අර්‍ත්‍ථය කියන්නේනම් හෝ ‘බුද්ධං පච්චක්‍ඛාමි’යි කියනු කැමැත්තේ උපිළිවෙළින් පදපිළිවෙළ වරදවා ‘ධම්මං පච්චක්‍ඛාමි’යි හෝ ‘සබ්‍රහ්මචාරිං පච්චක්‍ඛාමි’යි හෝ කියන්නේනම් උත්තරිමනුෂ්‍යධර්‍මවිභඞ්ගයෙහි යම්සේ ‘පඨමජ්ඣානං සමාපජ්ජාමි’යි කියනු කැමැත්තේ ‘දුතියජ්ඣානං’යි කියාද, ඉදින් යමක්හට කියාද, හෙතෙමේ ‘මේ මහණතෙමේ භික්‍ෂුභාවය හරිනු කැමැතිව මේ කරුණ කියා’යි මෙපමණකුත් දනීද, ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වැළකුනේනම් නොවේ. ක්‍ෂෙත්‍රයටම බටුයේ වේ. ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දේම වේ. ශක්‍රාත්මයෙන් හෝ බ්‍රහ්මාත්මයෙන් හෝ ච්‍යුතසත්ත්‍වයකු මෙන් ශාසනයෙන් ච්‍යුතවූයේම වේ.

සචෙ පන “බුද‍්ධං පච‍්චක‍්ඛි”න‍්ති වා, “බුද‍්ධං පච‍්චක‍්ඛිස‍්සාමී”ති වා, “බුද‍්ධං පච‍්චක‍්ඛෙය්‍ය”න‍්ති වාති අතීතානාගතපරිකප‍්පවචනෙහි වදති, දූතං වා පහිණාති, සාසනං වා පෙසෙති, අක‍්ඛරං වා ඡින්‍දති, හත්‍ථමුද‍්දාය වා තමත්‍ථං ආරොචෙති, අප‍්පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. උත‍්තරිමනුස‍්සධම‍්මාරොචනං පන හත්‍ථමුද‍්දායපි සීසං එති. සික‍්ඛාපච‍්චක‍්ඛානං මනුස‍්සජාතිකසත‍්තස‍්ස සන‍්තිකෙ චිත‍්තසම‍්පයුත‍්තං වචීභෙදං කරොන‍්තස‍්සෙව සීසං එති. වචීභෙදං කත්‍වා විඤ‍්ඤාපෙන‍්තොපි ච යදි “අයමෙව ජානාතූ”ති එකං නියමෙත්‍වා ආරොචෙති, තඤ‍්ච සොයෙව ජානාති, පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. අථ සො න ජානාති, අඤ‍්ඤො සමීපෙ ඨිතො ජානාති, අප‍්පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. අථ ද‍්වින‍්නං ඨිතට‍්ඨානෙ ද‍්වින‍්නම‍්පි නියමෙත්‍වා “එතෙසං ආරොචෙමී”ති වදති, තෙසු එකස‍්මිං ජානන‍්තෙපි ද‍්වීසු ජානන‍්තෙසුපි පච‍්චක‍්ඛාතාව හොති සික‍්ඛා. එවං සම‍්බහුලෙසුපි වෙදිතබ‍්බං.

ඉදින් වනාහි ‘බුද්ධං පච්චක්‍ඛිං’යි හෝ ‘බුද්ධං පච්චක්‍ඛිස්සාමි’යි හෝ ‘බුද්ධං පච්චක්‍ඛෙය්‍යං’යි හෝ අතීතානාගත පරිකල්ප වචනයන්ගෙන් කියාද, දූතයකු හෝ යවාද, හසුනක් හෝ යවාද, අකුරක් හෝ සිඳීද හස්ත මුද්‍රාවෙන් හෝ ඒ අර්‍ත්‍ථය සැලකෙරේද, ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොකරන ලද්දේ වේ. උත්තරිමනුෂ්‍යධර්‍මරොචනය වනාහි හස්ත මුද්‍රාවෙන්ද කෙළපැමිණේ. ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය මනුෂ්‍ය ජාතික සත්ත්‍වයකුගේ සමීපයෙහි සිත හා එක්ව යෙදුනු වාග්භෙදය කරන්නහුටම කෙළපැමිණේ. වාග්භෙදකොට හඟවනුයේද ඉදින් ‘මෙතෙමේම දැනගනීවා’යි එකෙකු නියමකොට සැලකෙරේද, හෙතෙම එය දැනගනීද, ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දේ වේ. තවද හෙතෙමේ දැනනොගනීද, සමීපයෙහි සිටි අනිකෙක් දැනගනීද, ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොකරන ලද්දේ වේ. දෙදෙනෙකු සිටිතන්හි දෙදෙනාහටම නියමකොට මොවුනට සැලකරමියි කියාද, ඔවුන් අතුරෙහි එකෙකු දැනගන්නා කල්හිද, දෙදෙන දැනගන්නා කල්හිද ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දේ වේ. බොහෝදෙන අතුරෙහිද මෙසේ දතයුතුය.

සචෙ පන අනභිරතියා පීළිතො සභාගෙ භික‍්ඛූ පරිසඞ‍්කමානො “යො කොචි ජානාතූ”ති උච‍්චසද‍්දං කරොන‍්තො “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති වදති, තඤ‍්ච අවිදූරෙ ඨිතො නවකම‍්මිකො වා අඤ‍්ඤො වා සමයඤ‍්ඤූ පුරිසො සුත්‍වා “උක‍්කණ‍්ඨිතො අයං සමණො ගිහිභාවං පත්‍ථෙති, සාසනතො චුතො”ති ජානාති, පච‍්චක‍්ඛාතාව හොති සික‍්ඛා. තඞ‍්ඛණඤ‍්ඤෙව පන අපුබ‍්බං අචරිමං දුජ‍්ජානං, සචෙ ආවජ‍්ජනසමයෙ ජානාති; යථා පකතියා ලොකෙ මනුස‍්සා වචනං සුත්‍වා ජානන‍්ති, පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. අථ අපරභාගෙ “කිං ඉමිනා වුත‍්ත”න‍්ති කඞ‍්ඛන‍්තො චිරෙන ජානාති, අප‍්පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. ඉදඤ‍්හි සික‍්ඛාපච‍්චක‍්ඛානඤ‍්ච උපරි අභූතාරොචනදුට‍්ඨුල‍්ලවාචා-අත‍්තකාමදුට‍්ඨදොසභූතා-රොචනසික‍්ඛාපදානි ච එකපරිච‍්ඡෙදානි. ආවජ‍්ජනසමයෙ ඤාතෙ එව සීසං එන‍්ති, “කිං අයං භණතී”ති කඞ‍්ඛතා චිරෙන ඤාතෙ සීසං න එන‍්ති. යථා චායං “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති පදෙ විනිච‍්ඡයෙ වුත‍්තො; එවං සබ‍්බපදෙසු වෙදිතබ‍්බො.

ඉදින් සසුනෙහි නොඇලීමෙන් පෙළුනේ සභාග භික්‍ෂූන් ගැන සැකකරනුයේ ‘යම් කිසිවෙක් දැනගනීවා’යි උස්හඬ කරනුයේ ‘බුද්ධං පච්චක්‍ඛාමි’යි කියාද, නොදුරෙහි සිටි වන කැමියෙක් හෝ ශාසනාචාරය දන්නා වූ අන්‍ය පුරුෂයෙක් එය අසා ‘මේ මහණ උකටලීවූයේ ගිහිබව පතන්නේය, ශාසනයෙන් ච්‍යුතවූයේයයි දැනගනීද, ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දීම වේ. එකෙණෙහිම පෙරපසු නොකොට දැනගත නොහැකිවූයේද, ඉදින් යම්සේ ලෝවැසි මිනිස්සු ප්‍රකෘතියෙන් වචන අසා දැනගනීද, එසේ මෙනෙහි කරන කල්හි දැනගනීද ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දීම වේ. නැවත මෑතකාලයෙහි ‘මොහු විසින් කුමක් කියන ලදදැ’යි සැකකරනුයේ කල්ගෙවා දැනගනීද, ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොකරන ලද්දීම වේ. මේ ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානයද මතුවෙහි අභූතාරොචන - දුට්ඨුල්ලවාචා - අත්තකාම - දුට්ඨදොස - භූතාරොචන ශික්‍ෂා පදද එක්ම පිරිසිඳීම් ඇත්තේය. ආවර්‍ජන සමයයෙහි දත්කල්හිම කෙළ පැමිණෙන්නේය. ‘මෙතෙමේ කුමක්කියාදැ’යි සැකකරන්නහු විසින් කල්ගෙවා දත්කල්හි කෙළ නොපැමිණේ. ‘බුද්ධං පච්චක්‍ඛාමි’ යන පදයෙහි කියනලද මේ විනිශ්චය යම්සේවේද, සියලු පදයන්හි විනිශ්වය එසේ දතයුතුය.

යස‍්මා ච යදා සික‍්ඛා පච‍්චක‍්ඛාතා හොති, තදා “යංනූනාහං බුද‍්ධං පච‍්චක‍්ඛෙය්‍ය”න‍්තිආදීනි අවදතාපි දුබ‍්බල්‍යං ආවිකතමෙව හොති; තස‍්මා සබ‍්බෙසං පදානං අවසානෙ වුත‍්තං – “එවම‍්පි, භික‍්ඛවෙ, දුබ‍්බල්‍යාවිකම‍්මඤ‍්චෙව හොති සික‍්ඛා ච පච‍්චක‍්ඛාතා”ති.

යම්හෙයකින් යම්කලෙක ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දීවේද, එකල්හි ‘යන්නූනාහං බුද්ධං පච්චක්‍ඛෙය්‍යං’ යනාදිය නොකියන්නහු විසිනුදු දුබලබව ප්‍රකාශ කරන ලද්දේමවේද, එහෙයින් සියලු පදයන්හි අවසන්හි ‘එවම්පි භික්‍‍‍ඛවෙ දුබ්බල්‍යාවීකම්මඤ්ච ව හොති, සික්‍ඛා ච පච්චක්‍ඛාතා’ යනු වදාරණ ලද්දේය.

තතො පරං ගිහීති මං ධාරෙහීති එත්‍ථ සචෙපි “ගිහී භවිස‍්සාමී”ති වා “ගිහී හොමී”ති වා “ගිහී ජාතොම‍්හී”ති වා “ගිහිම‍්හී”ති වා වදති, අප‍්පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. සචෙ පන “අජ‍්ජ පට‍්ඨාය ගිහීති මං ධාරෙහී”ති වා “ජානාහී”ති වා “සඤ‍්ජානාහී”ති වා “මනසි කරොහී”ති වා වදති, අරියකෙන වා වදති මිලක‍්ඛකෙන වා; එවමෙතස‍්මිං අත්‍ථෙ වුත‍්තෙ යස‍්ස වදති, සචෙ සො ජානාති, පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. එස නයො සෙසෙසුපි “උපාසකො”තිආදීසු සත‍්තසු පදෙසු. එවං ඉමානි ච අට‍්ඨ, පුරිමානි ච චුද‍්දසාති ද‍්වාවීසති පදානි හොන‍්ති.

එයින් මතුවෙහි ‘ගිහීති මං ධාරෙහි’ යන මෙහි ඉදිනුදු ‘ගිහියෙක් වන්නෙමි’යි හෝ ගිහියෙක් වෙමි’යි හෝ ‘ගිහියෙක් වූයෙමි’යි හෝ ‘ගිහියෙක්මි’යි හෝ කියාද, ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය නොකරන ලද්දීම වේ. ඉදින් වනාහි ‘අද පටන් මා ගිහියෙකුකොට දරවයි හෝ දනුවයි හෝ මැනැවින් දනුවයි හෝ මෙනෙහි කරව’යි හෝ මගධ භාෂාවෙන් හෝ ම්ලෙච්ඡ භාෂාවකින් හෝ කියාද, එපරිද්දෙන්ම ඒ අර්‍ත්‍ථය කියූකල්හි යමෙකුහට කියාද, ඉදින් හෙතෙමේ දැනගනීද, ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දී වේ. සෙසු ‘උපාසකො’ යනාදී වූ පදසතෙහිද මේ ක්‍රමය වේ. මෙසේ මේ පද අටද පළමුකියූ පදතුදුසදැයි යන මෙහි දෙවිසිපද වේ.

ඉතො පරං පුරිමානෙව චුද‍්දස පදානි “අලං මෙ, කින‍්නු මෙ, න මමත්‍ථො, සුමුත‍්තාහ”න‍්ති ඉමෙහි චතූහි යොජෙත්‍වා වුත‍්තානි ඡප‍්පඤ‍්ඤාස හොන‍්ති. තත්‍ථ අලන‍්ති හොතු, පරියත‍්තන‍්ති අත්‍ථො. කිංනු මෙති කිං මය‍්හං කිච‍්චං, කිං කරණීයං, කිං සාධෙතබ‍්බන‍්ති අත්‍ථො. න මමත්‍ථොති නත්‍ථි මම අත්‍ථො. සුමුත‍්තාහන‍්ති සුමුත‍්තො අහං. සෙසමෙත්‍ථ වුත‍්තනයමෙව. එවං ඉමානි ච ඡප‍්පඤ‍්ඤාස පුරිමානි ච ද‍්වාවීසතීති අට‍්ඨසත‍්තති පදානි සරූපෙනෙව වුත‍්තානි.

මෙයින් මතුවෙහි පළමුකියූ පදතුදුසම ‘අලං මෙ, කින්නු මෙ, න මමත්‍ථො, සුමුත්තාහං’ යන මේ සතර හා යොදා කියන ලද්දාහු සපණසක් වෙයි. එහි ‘අලං’ යනු වේවා, සෑහේ යන අර්‍ත්‍ථයි. ‘කින්නුමෙ’ මට ඇති කාර්‍ය්‍යය කිම? කිනම් කටයුත්තක් සිද්ධ කටයුතුද යන අර්‍ත්‍ථයි. ‘න මමත්‍ථො’ මට අර්‍ත්‍ථයක් නැත්තේය. ‘සුමුත්තාහං’ මම මිදුනේ වෙමි. මෙහි සෙස්ස කියූ නයමය. මෙසේ මේ සපණසද, පළමුකියූ දෙවිස්සදැයි යන අටසැත්තෑ පද ස්වරූප වශයෙන්ම කියන ලද්දේය.

යස‍්මා පන තෙසං වෙවචනෙහිපි සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති, තස‍්මා “යානි වා පනඤ‍්ඤානිපී”තිආදිමාහ. තත්‍ථ යානි වා පනඤ‍්ඤානිපීති පාළියං “බුද‍්ධ”න‍්තිආදීනි ආගතපදානි ඨපෙත්‍වා යානි අඤ‍්ඤානි අත්‍ථි. බුද‍්ධවෙවචනානි වාති බුද‍්ධස‍්ස වා පරියායනාමානි…පෙ… අසක්‍යපුත‍්තියස‍්ස වා. තත්‍ථ වණ‍්ණපට‍්ඨානෙ ආගතං නාමසහස‍්සං උපාලිගාථාසු (ම· නි· 2.76) නාමසතං අඤ‍්ඤානි ච ගුණතො ලබ‍්භමානානි නාමානි “බුද‍්ධවෙවචනානී”ති වෙදිතබ‍්බානි. සබ‍්බානිපි ධම‍්මස‍්ස නාමානි ධම‍්මවෙවචනානීති වෙදිතබ‍්බානි. එස නයො සබ‍්බත්‍ථ.

යම්හෙයකින් වනාහි ඒ පද පිළිබඳ වෙවචනයන්ගෙන්ද ශික්‍ෂා ප්‍රත්‍යාක්‍ඛ්‍යානයවේද, එහෙයින් යානි වා පනඤ්ඤානිපි යනාදිය වදාළ සේක. එහි යානි වා පනඤ්ඤානිපි යනාදිය වදාළ සේක. එහි යානි වා පනඤ්ඤානිපි යන පාළියෙහි බුද්ධං යනාදි වසයෙන් ආවාවූ පද හැරපියා යම් අන්‍ය වූ අර්‍ත්‍ථ බුද්ධවෙවචනානි වා බුදුරජුන් පිළිබඳ වෙවචන හෝ -පෙ- අශාක්‍ය පුත්‍රයා පිළිබඳ වෙවචන හෝ වෙයිද, එහි මහාසාඞ්ඝිකයන්ගේ බුද්ධගුණ ප්‍රකාශක වූ වර්‍ණප්‍රස්ථානයෙහි ආවාවූ නම් දහසද, උපාලි ගාථාවන්හි නම් සියයද, ගුණ වසයෙන් ලැබෙන අන්‍යනාම බුද්ධවෙවචනැයි දතයුත්තාහ. ධර්‍මය පිළිබඳ සියලු නාමයෝ ධර්‍මවෙවචනැයි දතයුත්තාහ. සියලු තන්හි මේ ක්‍රමය වේ.

අයං පනෙත්‍ථ යොජනා – බුද‍්ධං පච‍්චක‍්ඛාමීති න වෙවවචනෙන පච‍්චක‍්ඛානං යථාරුතමෙව. “සම‍්මාසම‍්බුද‍්ධං පච‍්චක‍්ඛාමි, අනන‍්තබුද‍්ධිං, අනොමබුද‍්ධිං, බොධිපඤ‍්ඤාණං, ධීරං, විගතමොහං, පභින‍්නඛීලං, විජිතවිජයං පච‍්චක‍්ඛාමී”ති එවමාදිබුද‍්ධවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං.

මේ වනාහි මෙහි යොජනාය: ‘බුද්ධං පච්චක්‍ඛාමි’ යනු වචනයෙන් කෙරෙන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. කියූ පරිදි පෙළෙහි ආයේමවේ. ‘සම්මාසම්බුද්ධං පච්චක්‍ඛාමි, අනන්තබුද්ධිං, අනොමබුද්ධිං, බොධිපඤ්ඤාණං, ධීරං, විගතමොහං, පභින්නඛීලං, විජිතවිජයං පච්චක්‍ඛාමි’ යන මේ ආදී වූ බුද්ධ වචනයන්ගෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

ධම‍්මං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං, යථාරුතමෙව. “ස‍්වාක‍්ඛාතං ධම‍්මං පච‍්චක‍්ඛාමි, සන්‍දිට‍්ඨිකං, අකාලිකං, එහිපස‍්සිකං, ඔපනෙය්‍යිකං, පච‍්චත‍්තං වෙදිතබ‍්බං විඤ‍්ඤූහි ධම‍්මං පච‍්චක‍්ඛාමි. අසඞ‍්ඛතං ධම‍්මං පච‍්චක‍්ඛාමි; විරාගං, නිරොධං, අමතං ධම‍්මං පච‍්චක‍්ඛාමි, දීඝනිකායං පච‍්චක‍්ඛාමි, බ්‍රහ‍්මජාලං මජ‍්ඣිමනිකායං, මූලපරියායං, සංයුත‍්තනිකායං, ඔඝතරණං, අඞ‍්ගුත‍්තරනිකායං, චිත‍්තපරියාදානං, ඛුද‍්දකනිකායං, ජාතකං, අභිධම‍්මං, කුසලං ධම‍්මං, අකුසලං ධම‍්මං, අබ්‍යාකතං ධම‍්මං, සතිපට‍්ඨානං, සම‍්මප‍්පධානං, ඉද‍්ධිපාදං, ඉන්‍ද්‍රියං, බලං, බොජ‍්ඣඞ‍්ගං, මග‍්ගං, ඵලං, නිබ‍්බානං පච‍්චක‍්ඛාමී”ති චතුරාසීතිධම‍්මක‍්ඛන්‍ධසහස‍්සෙසු එකධම‍්මක‍්ඛන්‍ධස‍්සපි නාමං ධම‍්මවෙවචනමෙව. එවං ධම‍්මවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘ධම්මං පච්චක්‍ඛාමි’ යන වචනය කරනකොටගෙන යථාරුත වසයෙන් හෙවත් පෙළෙහි කියන ලද පරිදි කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘ස්වාක්‍ඛාතං ධම්මං පච්චක්‍ඛාමි, සන්‍දිට්ඨිකං, අකාලිකං, එහිපස්සිකං, ඔපනයිකං, පච්චත්තං වෙදිතබ්බං විඤ්ඤූහි ධම්මං පච්චක්‍ඛාමි, අසඞ්ඛතං ධම්මං පච්චක්‍ඛාමි, බ්‍රහ්මජාලං පච්චක්‍ඛාමි මජ්ඣිමනිකායං, මූලපරියායං, සංයුත්තනිකායං, අඞ්ගුත්තරනිකායං, ජාතකනිකායං, අභිධම්මං, කුසලං ධම්මං, අකුසලං ධම්මං, අබ්‍යාකතං ධම්මං, සතිපට්ඨානං, සම්මප්පධානං, ඉද්ධිපාදං, ඉන්‍ද්‍රියං, බලං, බොජ්ඣඞ්ගං, මග්ගං, ඵලං, නිබ්බානං පච්චක්‍ඛාමි’යි මෙසේ සුවාසූදහසක් ධර්‍මස්කන්‍ධයන් අතුරෙහි එක් ධර්‍මස්කන්‍ධයක්හුගේද නාමය ධර්‍මවෙවචනම වේ. මෙසේ ධර්‍මවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සඞ‍්ඝං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “සුප‍්පටිපන‍්නං සඞ‍්ඝං පච‍්චක‍්ඛාමි, උජුප‍්පටිපන‍්නං, ඤායප‍්පටිපන‍්නං, සාමීචිප‍්පටිපන‍්නං සඞ‍්ඝං, චතුපුරිසයුගං සඞ‍්ඝං, අට‍්ඨපුරිසපුග‍්ගලං සඞ‍්ඝං, ආහුනෙය්‍යං සඞ‍්ඝං, පාහුනෙය්‍යං, දක‍්ඛිණෙය්‍යං, අඤ‍්ජලිකරණීයං, අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං සඞ‍්ඝං පච‍්චක‍්ඛාමී”ති එවං සඞ‍්ඝවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සඞ්ඝං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙක් නොවේ. ‘සුපටිපන්නං සඞ්ඝං පච්චක්‍ඛාමී, උජුපටිපන්නං, ඤායපටිපන්නං, සාමීචිපටිපන්නං සඞ්ඝං, චතුපුරිසයුගං සඞ්ඝං, අට්ඨපුරිසපුග්ගලං සඞ්ඝං ආහුනෙය්‍යං, පාහුනෙය්‍යං, දක්‍ඛිණෙය්‍යං, අඤ්ජලිකරණීයං, අනුත්තරං පුඤ්ඤක්‍ඛෙත්තං සඞ්ඝං පච්චක්‍ඛාමි’යි මෙසේ සඞ්ඝවෙවචනයෙන් ප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සික‍්ඛං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “භික‍්ඛුසික‍්ඛං පච‍්චක‍්ඛාමි, භික‍්ඛුනීසික‍්ඛං, අධිසීලසික‍්ඛං, අධිචිත‍්තසික‍්ඛං, අධිපඤ‍්ඤාසික‍්ඛං පච‍්චක‍්ඛාමී”ති එවං සික‍්ඛාවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සික්‍ඛං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘භික්‍ඛුසික්‍ඛං පච්චක්‍ඛාමි, භික්‍‍‍ඛුනීසික්‍ඛං පච්චක්‍ඛාමි, අධිසීලසික්‍ඛං, අධිචිත්තසික්‍ඛං, අධිපඤ්ඤාසික්‍ඛං පච්චක්‍ඛාමි’යි මෙසේ ශික්‍ෂාවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

විනයං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “භික‍්ඛුවිනයං පච‍්චක‍්ඛාමි, භික‍්ඛුනීවිනයං, පඨමං පාරාජිකං, දුතියං තතියං චතුත්‍ථං පාරාජිකං, සඞ‍්ඝාදිසෙසං, ථුල‍්ලච‍්චයං, පාචිත‍්තියං, පාටිදෙසනීයං, දුක‍්කටං, දුබ‍්භාසිතං පච‍්චක‍්ඛාමී”ති එවමාදිවිනයවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘විනයං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙක් නොවේ. ‘භික්‍ඛුවිනයං පච්චක්‍ඛාමි, භික්‍‍‍ඛුනීවිනයං පච්චක්‍ඛාමි, පඨමපාරාජිකං, දුතියං, තතියං, චතුත්‍ථං පාරාජිකං, සඞ්ඝාදිසෙසං, ථුල්ලච්චයං, පාචිත්තියං, පාටිදෙසනීයං, දුක්කටං, දුබ්හාසිතං, පච්චක්‍ඛාමි’යි මේ ආදී වූ විනයවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

පාතිමොක‍්ඛං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “භික‍්ඛුපාතිමොක‍්ඛං භික‍්ඛුනීපාතිමොක‍්ඛං පච‍්චක‍්ඛාමී”ති එවං පාතිමොක‍්ඛවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘පාතිමොක්‍ඛං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙක් නොවේ. භික්‍‍‍ඛුපාතිමොක්‍ඛං, භික්‍‍‍ඛුනීපාතිමොක්‍ඛං පච්චක්‍ඛාමි’යි මෙසේ ප්‍රාතිමොක්‍ෂ වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

උද‍්දෙසං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “භික‍්ඛුපාතිමොක‍්ඛුද‍්දෙසං, භික‍්ඛුනීපාතිමොක‍්ඛුද‍්දෙසං , පඨමං පාතිමොක‍්ඛුද‍්දෙසං, දුතියං තතියං චතුත්‍ථං පඤ‍්චමං පාතිමොක‍්ඛුද‍්දෙසං, සම‍්මාසම‍්බුද‍්ධුද‍්දෙසං, අනන‍්තබුද‍්ධිඋද‍්දෙසං, අනොමබුද‍්ධිඋද‍්දෙසං, බොධිපඤ‍්ඤාණුද‍්දෙසං, ධීරුද‍්දෙසං, විගතමොහුද‍්දෙසං, පභින‍්නඛීලුද‍්දෙසං, විජිතවිජයුද‍්දෙසං පච‍්චක‍්ඛාමී”ති එවමාදිඋද‍්දෙසවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘උද්දෙසං පච්චක්‍ඛාමි’ යන වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. භික්‍‍‍ඛුපාතිමොක්‍ඛුද්දෙසං, භික්‍‍‍ඛුනීපාතිමොක්‍ඛුද්දෙසං, පඨමං පාතිමොක්‍ඛුද්දෙසං, දුතියං, තතියං, චතුත්‍ථං, පඤ්චමං පාතිමොක්‍ඛුද්දෙසං සම්මාසම්බුද්ධුද්දෙසං, අනන්තබුද්ධිඋද්දෙසං, අනොමබුද්ධිඋද්දෙසං, බොධිපඤ්ඤාණුද්දෙසං, ධීරුද්දෙසං, විගතමොහුද්දෙසං, පභින්නඛීලුද්දෙසං, විජිතවිජයුද්දෙසං පච්චක්‍ඛාමි’යි මේ ආදීවු උද්දෙස වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

උපජ‍්ඣායං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “යො මං පබ‍්බාජෙසි, යො මං උපසම‍්පාදෙසි, යස‍්ස මූලෙනාහං පබ‍්බජිතො, යස‍්ස මූලෙනාහං උපසම‍්පන‍්නො, යස‍්සමූලිකා මය‍්හං පබ‍්බජ‍්ජා, යස‍්සමූලිකා මය‍්හං උපසම‍්පදා තාහං පච‍්චක‍්ඛාමී”ති එවං උපජ‍්ඣායවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘උපජ්ඣායං පච්චක්‍ඛාමි’ යන වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘යො මං පබ්බාජෙසි, යො මං උපසම්පාදෙහි, යස්ස මූලෙනාහං පබ්බජිතො යස්ස මූලෙනාහං උපසම්පන්නො, යස්ස මුලිකා මය්හං පබ්බජ්ජා, යස්ස මූලිකා මය්හං උපසම්පදා, තාහං පච්චක්‍ඛාමි’යි මෙසේ උපාද්ධ්‍යාය වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යක්‍ඛ්‍යානය වේ.

ආචරියං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “යො මං පබ‍්බාජෙසි, යො මං අනුස‍්සාවෙසි, යාහං නිස‍්සාය වසාමි, යාහං උද‍්දිසාපෙමි, යාහං පරිපුච‍්ඡාමි, යො මං උද‍්දිසති, යො මං පරිපුච‍්ඡාපෙති තාහං පච‍්චක‍්ඛාමී”ති එවං ආචරියවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘ආචරියං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙක් නොවේ. ‘යො මං පබ්බාජෙසි, යො මං අනුසාවෙසි, යාහං නිස්සාය වසාමි, යාහං උද්දිසාපෙමි, යාහං පරිපුච්ඡාමි, යො මං උද්දිසති, යො මං පරිපුච්ඡාපෙති, තාහං පච්චක්‍ඛාමි’යි මෙසේ ආචාර්‍ය්‍යවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යක්‍ඛ්‍යානය වේ.

සද‍්ධිවිහාරිකං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “යාහං පබ‍්බාජෙසිං, යාහං උපසම‍්පාදෙසිං, මය‍්හං මූලෙන යො පබ‍්බජිතො, මය‍්හං මූලෙන යො උපසම‍්පන‍්නො, මය‍්හංමූලිකා යස‍්ස පබ‍්බජ‍්ජා, මය‍්හං මූලිකා යස‍්ස උපසම‍්පදා තාහං පච‍්චක‍්ඛාමී”ති එවං සද‍්ධිවිහාරිකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සද්ධිවිහාරිකං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘යාහං පබ්බාජෙසිං, යාහං උපසම්පාදෙසිං, මය්හං මූලිකා යස්ස පබ්බජ්ජා, මය්හං මූලිකා යස්ස උපසම්පදා, තාහං පච්චක්‍ඛාමි’යි මෙසේ සද්ධිවිහාරික වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

අන‍්තෙවාසිකං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “යාහං පබ‍්බාජෙසිං, යාහං අනුස‍්සාවෙසිං, යො මං නිස‍්සාය වසති, යො මං උද‍්දිසාපෙති, යො මං පරිපුච‍්ඡති, යස‍්සාහං උද‍්දිසාමි, යාහං පරිපුච‍්ඡාපෙමි තං පච‍්චක‍්ඛාමී”ති එවං අන‍්තෙවාසිකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘අන්තෙවාසිකං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘යාහං පබ්බාජෙසිං, යාහං අනුසාවෙසිං, යො මා නිස්සාය වසති, යො මං උද්දිසාපෙති, යො මං පරිපුච්ඡති, යස්සාහං උද්දිස්සාමි, යාහං පරිපුච්ඡාපෙමි, තං පච්චක්‍ඛාමි’යි මෙසේ අන්තෙවාසික වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සමානුපජ‍්ඣායකං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “මය‍්හං උපජ‍්ඣායො යං පබ‍්බාජෙසි, යං උපසම‍්පාදෙසි, යො තස‍්ස මූලෙන පබ‍්බජිතො, යො තස‍්ස මූලෙන උපසම‍්පන‍්නො, යස‍්ස තම‍්මූලිකා පබ‍්බජ‍්ජා, යස‍්ස තම‍්මූලිකා උපසම‍්පදා තං පච‍්චක‍්ඛාමී”ති එවං සමානුපජ‍්ඣායකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සමානුපජ්ඣායකං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘මය්හං උපජ්ඣායො යං පබ්බාජෙසි, යං උපසම්පාදෙසි, යො තස්ස මූලෙන පබ්බජිතො, යො තස්ස මූලෙන උපසම්පන්නො, යස්ස තම්මූලිකා පබ්බජ්ජා, යස්ස තම්මූලිකා උපසම්පදා, තං පච්චක්‍ඛාමි’යි මෙසේ සමානොපාද්ධ්‍යාය වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සමානාචරියකං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “මය‍්හං ආචරියො යං පබ‍්බාජෙසි, යං අනුස‍්සාවෙසි, යො තං නිස‍්සාය වසති, යො තං උද‍්දිසාපෙති පරිපුච‍්ඡති, යස‍්ස මෙ ආචරියො උද‍්දිසති, යං පරිපුච‍්ඡාපෙති තං පච‍්චක‍්ඛාමී”ති එවං සමානාචරියකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සමානාචරියකං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘මය්හං ආචරියො යං පබ්බාජෙසි, යං උපසම්පාදෙසි, යං අනුසාවෙසි, යො තං නිස්සාය වසති, යො තං උද්දිසාපෙති, පරිපුච්ඡති, යස්ස මේ ආචරියො උද්දිසති, යං පරිපුච්ඡාපෙති, තං පච්චක්‍ඛාමි’යි මෙසේ සමානාචාර්‍ය්‍යක වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සබ්‍රහ‍්මචාරිං පච‍්චක‍්ඛාමීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “යෙනාහං සද‍්ධිං අධිසීලං සික‍්ඛාමි, අධිචිත‍්තං අධිපඤ‍්ඤං සික‍්ඛාමි තං පච‍්චක‍්ඛාමී”ති එවං සබ්‍රහ‍්මචාරිවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සබ්‍රහ්මචාරිං පච්චක්‍ඛාමි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘යෙනාහං සද්ධිං අධිසීලං සික්‍ඛාමි, අධිචිත්තං, අධිපඤ්ඤං සික්‍ඛාමි, තං පච්චක්‍ඛාමි’යි මෙසේ සබ්‍රහ්මචාරී වෙවචයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

ගිහීති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “ආගාරිකොති මං ධාරෙහි, කස‍්සකො, වාණිජො, ගොරක‍්ඛො, ඔකල‍්ලකො, මොළිබද‍්ධො, කාමගුණිකොති මං ධාරෙහී”ති එවං ගිහිවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘ගිහීති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙක් නොවේ. ‘අගාරිකොති මං ධාරෙහි, කස්සකො, වාණිජො, ගොරක්‍ඛො, ඔතල්ලකො, මොලිබද්ධො, කාමගුණිකොති මං ධාරෙහි’යි මෙසේ ගිහීවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

උපාසකොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “ද‍්වෙවාචිකො උපාසකොති මං ධාරෙහි, තෙවාචිකො උපාසකො, බුද‍්ධං සරණගමනිකො, ධම‍්මං සඞ‍්ඝං සරණගමනිකො, පඤ‍්චසික‍්ඛාපදිකො දසසික‍්ඛාපදිකො උපාසකොති මං ධාරෙහී”ති එවං උපාසකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘උපාසකොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘ද්වෙවාචිකො උපාසකොති මං ධාරෙහි, තෙ වාචිකො උපාසකො, බුද්ධං සරණගමනිකො, ධම්මං - සඞ්ඝං සරණ ගමනිකො, පඤ්චසික්‍ඛාපදිකො, දසසික්‍ඛාපදිකො, උපාසකොති මං ධාරෙහි’යි මෙසේ උපාසකවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

ආරාමිකොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “කප‍්පියකාරකොති මං ධාරෙහි, වෙය්‍යාවච‍්චකරො, අප‍්පහරිතකාරකො, යාගුභාජකො, ඵලභාජකො, ඛජ‍්ජකභාජකොති මං ධාරෙහී”ති එවං ආරාමිකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘ආරාමිකොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘කප්පියකාරකොති මං ධාරෙහි, වෙය්‍යාවච්චකරො, අප්පහරිතකාරකො, යාගුභාජකො, ඵලභාජකො, ඛජ්ජකභාජකොති මං ධාරෙහි’යි මෙසේ ආරාමිකවෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

සාමණෙරොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “කුමාරකොති මං ධාරෙහි, චෙල‍්ලකො, චෙටකො, මොළිගල‍්ලො, සමණුද‍්දෙසො’ති මං ධාරෙහී”ති එවං සාමණෙරවෙචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘සාමණෙරොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘කුමාරකොති මං ධාරෙහි, මෙල්ලකො, චෙටකො මොනිගල්ලො, සමණුද්දෙසොති මං ධාරෙහි’යි මෙසේ සාමණෙර වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

තිත්‍ථියොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “නිගණ‍්ඨොති මං ධාරෙහි, ආජීවකො, තාපසො, පරිබ‍්බාජකො, පණ‍්ඩරඞ‍්ගොති මං ධාරෙහී”ති එවං තිත්‍ථියවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘තිත්‍ථියොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘නිගණ්ඨොති මං ධාරෙහි, ආජීවකො, තාපසො, පරිබ්බාජකො, පණ්ඩරඞ්ගොති මං ධාරෙහි’යි මෙසේ තීර්‍ථකශ්‍රාවක වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

තිත්‍ථියසාවකොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “නිගණ‍්ඨසාවකොති මං ධාරෙහි” ආජීවක තාපස පරිබ‍්බාජක පණ‍්ඩරඞ‍්ගසාවකොති මං ධාරෙහීති එවං තිත්‍ථියසාවකවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘තිත්‍ථියසාවකොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘නිගණ්ඨසාවකොති මං ධාරෙහි, ආජීවක තාපස පරිබ්බාජක පණ්ඩරඞ්ගසාවකොති මං ධාරෙහි’යි මෙසේ තීර්‍ථකශ්‍රාවක වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

අස‍්සමණොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “දුස‍්සීලොති මං ධාරෙහි, පාපධම‍්මො, අසුචිසඞ‍්කස‍්සරසමාචාරො, පටිච‍්ඡන‍්නකම‍්මන‍්තො, අස‍්සමණො සමණපටිඤ‍්ඤො, අබ්‍රහ‍්මචාරී බ්‍රහ‍්මචාරිපටිඤ‍්ඤො, අන‍්තොපූති, අවස‍්සුතො, කසම‍්බුජාතො, කොණ‍්ඨො’ති මං ධාරෙහී”ති එවං අස‍්සමණවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘අස්සමණොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘දුස්සිලොති මං ධාරෙහි, පාපධම්මො, අසුචිසඞ්කස්සරසමාචාරො, පටිච්ඡන්නකම්මන්තො, අස්සමණො, සමණපටිඤ්ඤො, අබ්‍රහ්මචාරී, බ්‍රහ්මචාරීපටිඤ්ඤො අන්තොපූති, අවස්සුතො, කසම්බුජාතො, කොණ්ඩොති මං ධාරෙහි’යි මෙසේ අශ්‍රමණ වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

අසක්‍යපුත‍්තියොති මං ධාරෙහීති න වෙවචනෙන පච‍්චක‍්ඛානං. “න සම‍්මාසම‍්බුද‍්ධපුත‍්තොති මං ධාරෙහි, න අනන‍්තබුද‍්ධිපුත‍්තො, න අනොමබුද‍්ධිපුත‍්තො, න බොධිපඤ‍්ඤාණපුත‍්තො, න ධීරපුත‍්තො, න විගතමොහපුත‍්තො, න පභින‍්නඛීලපුත‍්තො , න විජිතවිජයපුත‍්තොති මං ධාරෙහී”ති එවමාදිඅසක්‍යපුත‍්තියවෙවචනෙන සික‍්ඛාපච‍්චක‍්ඛානං හොති.

‘අසක්‍යපුත්තියොති මං ධාරෙහි’ යනු වෙවචනයෙන් කරන ප්‍රත්‍යාක්‍ඛ්‍යානයක් නොවේ. ‘න සම්මාසම්බුද්ධපුත්තොති මං ධාරෙහි, න අනන්තබුද්ධිපුත්තො, න අනොමබුද්ධිපුත්තො, න බොධිපඤ්ඤාණපුත්තො, න ධීරපුත්තො, න විගතමොහපුත්තො, න පභින්නඛීලපුත්තො, න විජිතවිජයපුත්තොති මං ධාරෙහි’යි මේ ආදී වූ අශාක්‍යපුත්‍රීය වෙවචනයෙන් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය වේ.

තෙහි ආකාරෙහි තෙහි ලිඞ‍්ගෙහි තෙහි නිමිත‍්තෙහීති තෙහි “බුද‍්ධවෙවචනානි වා”තිආදිනා නයෙන වුත‍්තෙහි බුද‍්ධාදීනං වෙවචනෙහි. වෙවචනානි හි සික‍්ඛාපච‍්චක‍්ඛානස‍්ස කාරණත‍්තා ආකාරානි, බුද‍්ධාදීනං සණ‍්ඨානදීපනත‍්තා සික‍්ඛාපච‍්චක‍්ඛානසණ‍්ඨානත‍්තා එව වා ලිඞ‍්ගානි, සික‍්ඛාපච‍්චක‍්ඛානස‍්ස සඤ‍්ජානනහෙතුතො මනුස‍්සානං තිලකාදීනි විය නිමිත‍්තානීති වුච‍්චන‍්ති. එවං ඛො භික‍්ඛවෙති ඉතො පරං අඤ‍්ඤස‍්ස සික‍්ඛාපච‍්චක‍්ඛානකාරණස‍්ස අභාවතො නියමෙන‍්තො ආහ. අයඤ‍්හෙත්‍ථ අත්‍ථො, එවමෙව දුබ‍්බල්‍යාවිකම‍්මඤ‍්චෙව හොති සික‍්ඛාපච‍්චක‍්ඛානඤ‍්ච, න ඉතො පරං කාරණමත්‍ථීති.

‘තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි’ ‘බුද්ධ වෙවචනානි වා’ යනාදි නයින් කියනලද බුද්ධාදීන් පිළිබඳ ඒ වෙවචනයන්ගෙනි. වෙවචනයෝම ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානයටම කරුණු බැවින් ආකාරයෝය. බුද්ධාදීන්ගේ සටහන් දක්වන බැවින්, ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙහි සටහන් බැවින්ම හෝ ලිඞ්ගයෝය. ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය දැනීමට හෙතුබැවින් මිනිසුන්ගේ තලකැලල් ආදිය මෙන් නිමිත්තයෝ යයි කියනු ලැබෙත්. ‘එවං ඛො භික්‍‍‍ඛවෙ’ යනු මෙයින් මතුවෙහි අන්‍ය වූ ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන කාරණයක් නොවන බැවින් නියම කරමින් වදාළ සේක. මේ මෙහි අර්‍ත්‍ථය වේ: එපරිද්දෙන්ම දුබලබව පහළ කිරීම හා ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානයද වේ. මෙයින් අන්‍ය වූ කාරණයක් නැත්තේය යනුයි.

එවං සික‍්ඛාපච‍්චක‍්ඛානලක‍්ඛණං දස‍්සෙත්‍වා අප‍්පච‍්චක‍්ඛානෙ අසම‍්මොහත්‍ථං තස‍්සෙව ච සික‍්ඛාපච‍්චක‍්ඛානලක‍්ඛණස‍්ස පුග‍්ගලාදිවසෙන විපත‍්තිදස‍්සනත්‍ථං “කථඤ‍්ච, භික‍්ඛවෙ, අප‍්පච‍්චක‍්ඛාතා”තිආදිමාහ. තත්‍ථ යෙහි ආකාරෙහීතිආදි වුත‍්තනයමෙව. උම‍්මත‍්තකොති යක‍්ඛුම‍්මත‍්තකො වා පිත‍්තුම‍්මත‍්තකො වා යො කොචි විපරීතසඤ‍්ඤො, සො සචෙ පච‍්චක‍්ඛාති, අප‍්පච‍්චක‍්ඛාතා හොති සික‍්ඛා. උම‍්මත‍්තකස‍්සාති තාදිසස‍්සෙව උම‍්මත‍්තකස‍්ස; තාදිසස‍්ස හි සන‍්තිකෙ සචෙ පකතත‍්තො සික‍්ඛං පච‍්චක‍්ඛාති, උම‍්මත‍්තකො න ජානාති, අප‍්පච‍්චක‍්ඛාතාව හොති සික‍්ඛා. ඛිත‍්තචිත‍්තොති යක‍්ඛුම‍්මත‍්තකො වුච‍්චති. පුරිමපදෙ පන උම‍්මත‍්තකසාමඤ‍්ඤෙන වුත‍්තං “යක‍්ඛුම‍්මත‍්තකො වා පිත‍්තුම‍්මත‍්තකො වා”ති. උභින‍්නම‍්පි විසෙසො අනාපත‍්තිවාරෙ ආවි භවිස‍්සති . එවං ඛිත‍්තචිත‍්තො සික‍්ඛං පච‍්චක‍්ඛාති, අප‍්පච‍්චක‍්ඛාතාව හොති. තස‍්ස සන‍්තිකෙ පච‍්චක‍්ඛාතාපි තම‍්හි අජානන‍්තෙ අප‍්පච‍්චක‍්ඛාතාව හොති.

මෙසේ ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙහි ලක්‍ෂණ දක්වා අප්‍රත්‍යාක්‍ඛ්‍යානයෙහි නොමුලාබව පිණිස පුද්ගලාදීන්ගේ වසයෙන් ඒ ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යාන ලක්‍ෂණයාගේම විපත්තිය දක්වනු පිණිස ‘කථඤ්ච භික්‍ඛවෙ අපච්චක්‍ඛාතා’ යනාදිය වදාළ සේක. එහි ‘යෙහි ආකාරෙහි’ යනාදිය කියනලද නය ඇත්තේමය. ‘උම්මත්තකො’ යක්‍ෂොන්මත්තකයෙක් හෝ පිත්තොන්මත්තකයෙක් හෝ යන යම්කිසි විපරීතසංඥා ඇත්තෙක්වේද, ඉදින් හෙතෙමේ ප්‍රතික්‍ෂෙප කෙරේද, ශික්‍ෂා ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දීම වේ. ‘උම්මත්තකස්ස’ එබඳු වූ උමතු වූවක්හුගේ. එබඳු වූවක්හුගේ සමීපයෙහි ඉදින් පියවි සැහැවි ඇති මහණෙක් ශික්‍ෂාව ප්‍රතික්‍ෂෙප කෙරේනම්, උන්මත්තක තෙමේ නොදනීනම් ශික්‍ෂා ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දී වේ. ‘ඛිත්තචිත්තො’යි යක්‍ෂොන්මත්තක තෙමේ කියනු ලැබේ. පළමු පදයෙහි යක්‍ෂොන්මත්තකයෙක් හෝය, පිත්තොන්මන්තකයෙක් හෝය යි උන්මත්තක සාමාන්‍යයෙන් කියන ලද්දේය. දෙදෙනාගේම විශේෂය අනාපත්තිවාරයෙහි පහළවන්නේය. මෙසේ යක්‍ෂොන්මත්තක තෙමේ ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කෙරේද, ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දී වේ. ඔහුගේ සමීපයෙහි ප්‍රතික්‍ෂෙප කරන ලද්දී ද, ඔහු නොදන්නා කල්හි ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දී වේ.

වෙදනාට‍්ටොති බලවතියා දුක‍්ඛවෙදනාය ඵුට‍්ඨො මුච‍්ඡාපරෙතො; තෙන විලපන‍්තෙන පච‍්චක‍්ඛාතාපි අප‍්පච‍්චක‍්ඛාතාව හොති. තස‍්ස සන‍්තිකෙ පච‍්චක‍්ඛාතාපි තම‍්හි අජානන‍්තෙ අප‍්පච‍්චක‍්ඛාතා හොති.

‘වෙදනව්ටො’ බලවත් දුඃඛ වේදනාවෙන් පහස්නා ලද්දේය. මුර්ඡාවෙන් මඩනා ලද්දේය. නන්දොඩන්නා වූ ඔහු විසින් ප්‍රතික්‍ෂෙප කරන ලද්දීද, ප්‍රතික්‍ෂේප නොකරන ලද්දීම වේ. ඔහුගේ සමීපයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දීද, ඔහු නොදන්නා කල්හි ප්‍රතික්‍ෂේප නොකරන ලද්දී වේ.

දෙවතාය සන‍්තිකෙති භුම‍්මදෙවතං ආදිං කත්‍වා යාව අකනිට‍්ඨදෙවතාය සන‍්තිකෙ පච‍්චක‍්ඛාතාපි අප‍්පච‍්චක‍්ඛාතාව හොති. තිරච‍්ඡානගතස‍්සාති නාගමාණවකස‍්ස වා සුපණ‍්ණමාණවකස‍්ස වා කින‍්නර-හත්‍ථි-මක‍්කටාදීනං වා යස‍්ස කස‍්සචි සන‍්තිකෙ පච‍්චක‍්ඛාතාපි අප‍්පච‍්චක‍්ඛාතාව හොති . තත්‍ර උම‍්මත‍්තකාදීනං සන‍්තිකෙ අජානනභාවෙන අප‍්පච‍්චක‍්ඛාතාති ආහ. දෙවතාය සන‍්තිකෙ අතිඛිප‍්පං ජානනභාවෙන. දෙවතා නාම මහාපඤ‍්ඤා තිහෙතුකපටිසන්‍ධිකා අතිඛිප‍්පං ජානන‍්ති, චිත‍්තඤ‍්ච නාමෙතං ලහුපරිවත‍්තං. තස‍්මා චිත‍්තලහුකස‍්ස පුග‍්ගලස‍්ස චිත‍්තවසෙනෙව “මා අතිඛිප‍්පං විනාසො අහොසී”ති දෙවතාය සන‍්තිකෙ සික‍්ඛාපච‍්චක‍්ඛානං පටික‍්ඛිපි.

‘දෙවතාය සන්තිකෙ’ බුමාටු දෙවියන් මුල්කොට අකනිටා දෙවියන් තෙක් සිටි එකෙක්හුගේ සමීපයෙහි ප්‍රතික්‍ෂෙප කරන ලද්දීද, ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දීම වේ. ‘තිරච්ඡානගතස්ස’ නාග මාණවකයෙකුගේ හෝ සුපර්‍ණ මාණවකයෙකුගේ හෝ කින්නර, හස්ති, මර්‍කට ආදීන් අතුරෙහි යම්කිසිවෙකුගේ සමීපයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දීද, ප්‍රතික්‍ෂේප නොකරණ ලද්දීම වේ. එහි උත්මන්තකාදීන්ගේ සමීපයෙහි ප්‍රතික්‍ෂෙ කරන ලද්දීද, උන් නොදන්නා බැවින් ප්‍රතික්‍ෂෙප නොකරන ලදැයි වදාළ සේක. දෙවතාවකගේ සමීපයෙහි ප්‍රතික්‍ෂේප කරන ලද්දීද, උන් ඉතා වහා දැනගන්නා බැවින් ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දී වේ. දෙවතාවෝ වනාහි මහා නුවණැත්තාහු ත්‍රිහෙතුක ප්‍රතිසන්‍ධි ඇතියෝ ඉතා වහා දැනගනිත්. මේ සිතනම් වහා පෙරළෙන්නේය. එහෙයින් වහා පෙරළෙන සිත්ඇති පුද්ගලයාගේ චිත්තවසයෙන්ම ඉතා වහා විනාශය නොවේවායි දෙවතාවකගේ සමීපයෙහි ශික්‍ෂාප්‍රතික්‍ෂෙපය වළකාලූ සේක.

මනුස‍්සෙසු පන නියමො නත්‍ථි. යස‍්ස කස‍්සචි සභාගස‍්ස වා විසභාගස‍්ස වා ගහට‍්ඨස‍්ස වා පබ‍්බජිතස‍්ස වා විඤ‍්ඤුස‍්ස සන‍්තිකෙ පච‍්චක‍්ඛාතා පච‍්චක‍්ඛාතාව හොති. සචෙ පන සො න ජානාති, අප‍්පච‍්චක‍්ඛාතාව හොතීති එතමත්‍ථං දස‍්සෙන‍්තො “අරියකෙනා”තිආදිමාහ. තත්‍ථ අරියකං නාම අරියවොහාරො, මාගධභාසා. මිලක‍්ඛකං නාම යො කොචි අනරියකො අන්‍ධදමිළාදි. සො ච න පටිවිජානාතීති භාසන‍්තරෙ වා අනභිඤ‍්ඤතාය, බුද‍්ධසමයෙ වා අකොවිදතාය “ඉදං නාම අත්‍ථං එස භණතී”ති නප‍්පටිවිජානාති. දවායාති සහසා අඤ‍්ඤං භණිතුකාමො සහසා “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”ති භණති. රවායාති රවාභඤ‍්ඤෙන, “අඤ‍්ඤං භණිස‍්සාමී”ති අඤ‍්ඤං භණන‍්තො. පුරිමෙන කො විසෙසොති චෙ? පුරිමං පණ‍්ඩිතස‍්සාපි සහසාවසෙන අඤ‍්ඤභණනං. ඉදං පන මන්‍දත‍්තා මොමූහත‍්තා අපකතඤ‍්ඤුත‍්තා පක‍්ඛලන‍්තස‍්ස “අඤ‍්ඤං භණිස‍්සාමී”ති අඤ‍්ඤභණනං.

මිනිසුන් අතුරෙහි වනාහි නියමයක් නැත්තේය. සභාග වූ හෝ විසභාගවූ හෝ ගිහියකුගේ හෝ පැවිද්දකුගේ යන යම්කිසි නුවණැත්තෙකුගේ සමීපයෙහි ප්‍රතික්‍ෂෙප කරන ලද්දී නම්, ප්‍රතික්‍ෂෙප කරන ලද්දීම වේ. ඉදින් වනාහි හෙතෙමේ නොදනීනම් ප්‍රතික්‍ෂෙප නොකරන ලද්දීමවේය යන මේ අර්‍ත්‍ථය දක්වන සේක් ‘අරියකෙන’ යනාදිය වදාළ සේක. එහි අරියක නම්, ආර්‍ය්‍යය ව්‍යවහාරයයි. මගධ භාෂාය. මිලක්‍ඛක නම්, යම්කිසි අනාර්‍ය්‍ය වූ ආන්‍ධ්‍රද්‍රවිඩාදීහුය. ‘සො ච න පටිවිජානාති’ භාෂාන්තරයන් නොදත්බැවින් හෝ බුදුසමයෙහි අදක්‍ෂ බැවින් මෙතෙමේ මෙනම් අර්‍ත්‍ථයක් කියායි නොදනියි. ‘දවාය’ වහා අනිකක් කියනු කැමැත්තේ. වහා ‘බුදුන් ප්‍රතික්‍ෂෙප කරමි’යි කියයි. ‘රවාය’ වරදවා කීමෙන්. ‘අනිකක් කියන්නෙමි’යි අනිකක් කියනුයේය. ‘දවාය’ යන මුල්පදය හා කවර විශෙෂයෙක් වේදයත්: මුල්පදය නුවණැතියක්හුගේ ඉක්මන් වසයෙන් අනිකක් කීමය. ‘රවාය’ යන මේ පදය නුවණ මද බැවින් මුළාබැවින් නුවණ නැතිබැවින් පැකිළෙන්නහුගේ ‘අනිකක් කියන්නෙමි’යි අනිකක් කීමය.

අසාවෙතුකාමො සාවෙතීති ඉමස‍්ස සික‍්ඛාපදස‍්ස පාළිං වාචෙති පරිපුච‍්ඡති උග‍්ගණ‍්හාති සජ‍්ඣායං කරොති වණ‍්ණෙති, අයං වුච‍්චති “අසාවෙතුකාමො සාවෙතී”ති. සාවෙතුකාමො න සාවෙතීති දුබ‍්බලභාවං ආවිකත්‍වා සික‍්ඛං පච‍්චක‍්ඛන‍්තො වචීභෙදං න කරොති, අයං වුච‍්චති “සාවෙතුකාමො න සාවෙතී”ති. අවිඤ‍්ඤුස‍්ස සාවෙතීති මහල‍්ලකස‍්ස වා පොත්‍ථකරූපසදිසස‍්ස, ගරුමෙධස‍්ස වා සමයෙ අකොවිදස‍්ස, ගාමදාරකානං වා අවිඤ‍්ඤුතං පත‍්තානං සාවෙති. විඤ‍්ඤුස‍්ස න සාවෙතීති පණ‍්ඩිතස‍්ස ඤාතුං සමත්‍ථස‍්ස න සාවෙති. සබ‍්බසො වා පනාති “බුද‍්ධං පච‍්චක‍්ඛාමී”තිආදීසු යෙන යෙන පරියායෙන සික‍්ඛා පච‍්චක‍්ඛාතා හොති, තතො එකම‍්පි වචීභෙදං කත්‍වා න සාවෙති. එවං ඛොති අප‍්පච‍්චක‍්ඛානලක‍්ඛණං නියමෙති. අයං හෙත්‍ථ අත්‍ථො – “එවමෙව සික‍්ඛා අප‍්පච‍්චක‍්ඛාතා හොති, න අඤ‍්ඤෙන කාරණෙනා”ති.

‘අසාවෙතුකාමො සාවෙති’ මේ ශික්‍ෂාපදය පිළිබඳ පාළි විචාරයි. උගණියි. හදාරයි. අර්‍ත්‍ථ වර්‍ණනා කරයි. මේවනාහි ‘අසාවෙතුකාමො සාවෙති’යි කියනු ලැබේ. ‘සාවෙතුකාමො න සාවෙති’ දුබලබව පහළකොට ශික්‍ෂාව ප්‍රතික්‍ෂෙප කරනුයේ වාග්භෙදය නොකරයි. මේවනාහි ‘සාවෙතුකාමො න සාවෙති’යි කියනු ලැබේ. ‘අවිඤ්ඤූස්ස සාවෙති’ මහල්ලක්හට හෝ පොතැලි රූවැන්නක්හට හෝ මදනුවණැතියක්හට හෝ ආගම ධර්‍මයෙහි අදක්‍ෂවූවක්හට හෝ නුවණැතිබවට නොපැමිණි ගම්දරුවන්ට හෝ අස්වයි. ‘විඤ්ඤූස්ස න සාවෙති’ දන්නට සමර්‍ත්‍ථ වූ පණ්ඩිතයක්හට නොඅස්වයි. ‘සබ්බසො වා පන’ බුද්ධං පච්චක්‍ඛාමි’ යනාදීන් අතුරෙහි යම් යම් ක්‍රමයකින් ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දීවේද, එයින් එකකුදු වාග්භෙදකොට නො අස්වයි. ‘එවං ඛො’ යන මෙය අප්‍රත්‍යාක්‍ඛ්‍යාන ලක්‍ෂණය නියම කරන සේක. මේවනාහි එහි අර්‍ත්‍ථය වේ. එපරිද්දෙන්ම ශික්‍ෂාප්‍රත්‍යාක්‍ඛ්‍යානය කරන ලද්දී වේ. අන්කාරණයකින් නොවේය යනුයි.

සික‍්ඛාපච‍්චක‍්ඛානවිභඞ‍්ගං නිට‍්ඨිතං.