යෙදුමෙන් කියවන්න

මූලපඤ‍්ඤත‍්තිවණ‍්ණනා අට‍්ඨකථා

මූලපඤ‍්ඤත‍්තිවණ‍්ණනා

මූලපඤ්ඤත්තිවණ්ණනා

ඉදානි “මෙථුනං ධම‍්මං පටිසෙවෙය්‍යා”තිආදීනං අත්‍ථදස‍්සනත්‍ථං “මෙථුනධම‍්මො නාමා”තිආදිමාහ. තත්‍ථ මෙථුනධම‍්මො නාමාති ඉදං නිද‍්දිසිතබ‍්බස‍්ස මෙථුනධම‍්මස‍්ස උද‍්දෙසපදං. අසද‍්ධම‍්මොති අසතං නීචජනානං ධම‍්මො. ගාමධම‍්මොති ගාමවාසීනං සෙවනධම‍්මො. වසලධම‍්මොති වසලානං ධම‍්මො; කිලෙසවස‍්සනතො වා සයමෙව වසලො ධම‍්මොති වසලධම‍්මො. දුට‍්ඨුල‍්ලන‍්ති දුට‍්ඨුඤ‍්ච කිලෙසෙහි දුට‍්ඨත‍්තා, ථූලඤ‍්ච අනිපුණභාවතොති දුට‍්ඨුල‍්ලං. ඉතො පට‍්ඨාය ච තීසු පදෙසු “යො සො”ති ඉදං පරිවත‍්තෙත්‍වා “යං ත”න‍්ති කත්‍වා යොජෙතබ‍්බං – “යං තං දුට‍්ඨුල‍්ලං, යං තං ඔදකන‍්තිකං, යං තං රහස‍්ස”න‍්ති. එත්‍ථ ච යස‍්මා තස‍්ස කම‍්මස‍්ස පරිවාරභූතං දස‍්සනම‍්පි ගහණම‍්පි ආමසනම‍්පි ඵුසනම‍්පි ඝට‍්ටනම‍්පි දුට‍්ඨුල‍්ලං, තස‍්මාපි තං කම‍්මං දුට‍්ඨුල‍්ලං. යං තං දුට‍්ඨුල‍්ලං සො මෙථුනධම‍්මො. උදකං අස‍්ස අන‍්තෙ සුද‍්ධත්‍ථං ආදීයතීති උදකන‍්තං, උදකන‍්තමෙව ඔදකන‍්තිකං; යං තං ඔදකන‍්තිකං , සො මෙථුනධම‍්මො. රහො පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ කත‍්තබ‍්බතාය රහස‍්සං. යං තං රහස‍්සං, සො මෙථුනධම‍්මොති එවං යොජනා වෙදිතබ‍්බා.

දැන් ‘මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය’ යනාදීන්ගේ අර්‍ත්‍ථ දැක්වීම පිණිස ‘මෙථුනධම්මො නාම’ යනාදිය වදා සේක. ‘තත්‍ථ මෙථුනධම්මො නාම’ යන මෙය දැක්විය යුතුවූ මෛථුනධර්‍මය පිළිබඳ උද්දෙස පදයයි. ‘අසද්ධම්මො’ නොසන්සිඳුනු ලාමක ජනයන්ගේ ධර්‍මයය. ‘ගාමධම්මො’ ගම්වැසියන් විසින් සෙවුනාලද ධර්‍මයයි. ‘වසලධම්මො’ සැඩොලුන්ගේ ස්වභාවයයි. කෙලෙස් වස්වන බැවින් හෝ තෙමේම වසල වූ ධර්‍මනුයි වසලධම්ම නම්, ‘දුට්ඨුල්ලං’ අහිරිකාදී වූ කෙලෙසුන් විසින් දූෂිත කළ බැවින් පුළුල් වූයේද, සියුම් නොවන බැවින් දළවූයේද දුට්ඨුල්ල නම්වේ. මේ දුට්ඨුල්ලපදය පටන් තෙපදයෙහි ‘යො සො’ යන මෙය පෙරළා ‘යං තං’යිකොට ‘යං තං දුට්ඨුල්ලං, යං තං ඔදකන්තිකං, යං තං රහස්සං’යි යෙදිය යුතුය. මෙහිද යම්හෙයකින් ඒ මෛථුනධර්‍මප්‍රතිසෙවනසඞ්ඛ්‍යාත කර්‍මයට පිරිවරවූ දැකීමද, අල්ලාගැනීමද, අතගෑමද, පැහැසීමද, ගැටීමද යන මෙය දුට්ඨුල්ලවෙයිද, එහෙයින්ද ඒ කර්‍මය දුට්ඨුල්ල වේ. යම් ඒ කර්‍මයක් දුට්ඨුල්ලවේද, ඒ මෛථුන ධර්‍මයයි. මේ මෛථුන ධර්‍ම ප්‍රතිසෙවන ක්‍රියාවෙහි අවසානයෙහි පිරිසිදු කිරීම පිණිස දියගනීනුයි උදකන්තය. ඒ මේ උදකන්තයම ඔදකන්තික නම්වේ. යම් ඒ කර්‍මයක් දියගැනීම කෙළවරකොට සිටියේද එය මෛථුන ධර්‍මයයි. රහස්හි පිළිසන් අවකාශයෙහි කළයුතු බැවින් රහස්සය. යම් ඒ කර්‍මයක් රහස් තැන්හි කළයුතුද, ඒ මෛථුන ධර්‍මයයි. මෙසේ යෙදීම දතයුතුය.

ද‍්වයෙන ද‍්වයෙන සමාපජ‍්ජිතබ‍්බතො ද‍්වයංද‍්වයසමාපත‍්ති. තත්‍ථ යොජනා – “යා සා ද‍්වයංද‍්වයසමාපත‍්ති සො මෙථුනධම‍්මො නාමා”ති. ඉධ පන තං සබ‍්බං එකජ‍්ඣං නිගමෙන‍්තො ආහ “එසො මෙථුනධම‍්මො නාමා”ති. කිං කාරණා වුච‍්චති මෙථුනධම‍්මොති? උභින‍්නං රත‍්තානං සාරත‍්තානං අවස‍්සුතානං පරියුට‍්ඨිතානං උභින‍්නං සදිසානං ධම‍්මොති, තං කාරණා වුච‍්චති මෙථුනධම‍්මොති.

ස්ත්‍රී - පුරුෂ දෙදෙනකුන් විසින් සමවැදිය යුතු බැවින් ද්වයං ද්වයසමාපත්ති නම්. යම් ඒ ද්වයංද්වයසමාපත්තියක් වන්නීද, ඒ මෛථුන ධර්‍මනමැයි මෙසේ යෙදීමයි. මෙහි වනාහි ඒ සියල්ල එක්තැන්කොට නිගමනය කරනසේක් ‘එසො මෙථුනධම්මො නාම’යි වදාළ සේක. කුමක්හෙයින් මෛථුන ධර්‍මැයි කියනු ලැබේද, මෛථුන ධර්‍ම රාගයෙන් රත්වූ, මෛථුන ධර්‍ම රාගයෙන් තදින් රත්වූ, මෛථුන ධර්‍ම රාගයෙන් තෙත්වූ, මෛථුන ධර්‍ම රාගය හටගැනීමෙන් වැසීගිය සිත්ඇත්තා වූ සමාන වූ ස්ත්‍රී - පුරුෂ දෙදෙනෙකුන්ගේ ස්වභාවය වේය යන කරුණෙන් මෛථුනධර්‍මයි කියනු ලැබේ.

පටිසෙවති නාමාති ඉදං “පටිසෙවෙය්‍යා”ති එත්‍ථ යෙනාකාරෙන පටිසෙවෙය්‍යාති වුච‍්චති, තස‍්සාකාරස‍්ස දස‍්සනත්‍ථං මාතිකාපදං. යො නිත‍්තෙන නිමිත‍්තන‍්තිආදීසු යො භික‍්ඛු ඉත්‍ථියා නිමිත‍්තෙන අත‍්තනො නිමිත‍්තං, ඉත්‍ථියා අඞ‍්ගජාතෙන අත‍්තනො අඞ‍්ගජාතං සබ‍්බන‍්තිමෙන පමාණෙන එකතිලබීජමත‍්තම‍්පි වාතෙන අසම‍්ඵුට‍්ඨෙ අල‍්ලොකාසෙ පවෙසෙති, එසො පටිසෙවති නාම; එත‍්තකෙන සීලභෙදං පාපුණාති, පාරාජිකො හොති.

‘පතිසෙවති නාම’ මේ මෛථුන ධර්‍මය සෙවනය කරන්නේය, යන මෙහි යම් අයුරකින් සේවනය කරන්නේ යයි කියනු ලැබේද, ඒ ආකාරය දක්වනු පිණිස මේ මාතෘකා පදය වේ. ‘යො නිමිත්තෙන නිමිත්තං’ යනාදි තන්හි යම් මහණෙක් ස්ත්‍රියගේ නිමිත්ත හා තමන්ගේ නිමිත්ත, ස්ත්‍රියගේ අඞ්ගජාතය හා තමන්ගේ අඞ්ගජාතය සියලු අන්තිම පමණින් එක්තල බිජුවටක් පමණකුදු වාතයෙන් නොපහස්නාලද තෙත්වූ අවකාශයෙහි ප්‍රවේශ කෙරේද, මේය ‘පවෙසති’ නමි. මෙපමණකින් ශීලභෙදයට පැමිණේ. පාරාජික වේ.

එත්‍ථ ච ඉත්‍ථිනිමිත‍්තෙ චත‍්තාරි පස‍්සානි, වෙමජ‍්ඣඤ‍්චාති පඤ‍්ච ඨානානි ලබ‍්භන‍්ති. පුරිසනිමිත‍්තෙ චත‍්තාරි පස‍්සානි, මජ‍්ඣං, උපරිචාති ඡ. තස‍්මා ඉත්‍ථිනිමිත‍්තෙ හෙට‍්ඨා පවෙසෙන‍්තොපි පාරාජිකො හොති. උපරිතො පවෙසෙන‍්තොපි, උභොහි පස‍්සෙහි පවෙසෙන‍්තොපි චත‍්තාරි ඨානානි මුඤ‍්චිත්‍වා මජ‍්ඣෙන පවෙසෙන‍්තොපි පාරාජිකො හොති. පුරිසනිමිත‍්තං පන හෙට‍්ඨාභාගෙන ඡුපන‍්තං පවෙසෙන‍්තොපි පාරාජිකො හොති. උපරිභාගෙන ඡුපන‍්තං පවෙසෙන‍්තොපි, උභොහි පස‍්සෙහි ඡුපන‍්තං පවෙසෙන‍්තොපි, මජ‍්ඣෙනෙව ඡුපන‍්තං පවෙසෙන‍්තොපි සමඤ‍්ඡිතඞ‍්ගුලිං විය මජ‍්ඣිමපබ‍්බපිට‍්ඨියා සඞ‍්කොචෙත්‍වා උපරිභාගෙන ඡුපන‍්තං පවෙසෙන‍්තොපි පාරාජිකො හොති. තත්‍ථ තුලාදණ‍්ඩසදිසං පවෙසෙන‍්තස‍්සාපි චත‍්තාරි පස‍්සානි, මජ‍්ඣඤ‍්චාති පඤ‍්ච ඨානානි; සඞ‍්කොචෙත්‍වා පවෙසෙන‍්තස‍්සාපි චත‍්තාරි පස‍්සානි, උපරිභාගමජ‍්ඣඤ‍්චාති පඤ‍්ච ඨානානි – එවං සබ‍්බානිපි පුරිසනිමිත‍්තෙ දස ඨානානි හොන‍්ති.

මෙහිද ස්ත්‍රීනිමිත්තෙහි සතරපස හා යටතලයයි පස්තැනක් ලැබේ. පුරුෂ නිමිත්තෙහි සතරපැත්ත, අගකෙළවර හා අගකෙළවරින් මතු මැද පෙදෙසැයි සතැනක් ලැබේ. එහෙයින් ස්ත්‍රියගේ නිමිත්තෙහි යටට, මහණහුගේ නිමිත්ත ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. උඩ පෙදෙසින් ප්‍රවෙශ කරනුයේද, දෙපසින් ප්‍රවෙශ කරනුයේද සතර පැති හැර ඇතුල්තලය ගටමින් මැදින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. පුරුෂ නිමිත්ත වනාහි යටකොටසින් පහසමින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. උඩකොටසින් පහසමින් ප්‍රවෙශ කරනුයේද, දෙපසින් පවසමින් ප්‍රවෙශ කරනුයේද, මැදින්ම පහසමින් ප්‍රවේශ කරනුයේද, මැදුම්පුරුක, හැකුළු ඇඟිල්ලක් මෙන් නිමිත්ත මැදින් නවා, නැවූ නිමිත්තෙහි උඩකොටසෙහි කෙළවරින් පහසමින් ප්‍රවෙශ කරනුයේද පාරාජික වේ. එහි තරාදි දඬුවක් වැනිකොට නොඇදකොට ප්‍රවෙශ කරන්නහුටද, සතරපැත්ත හා උඩකොටසෙහි මැද යන පස්තැනක්ද මැදින් නවා හකුළුවා ප්‍රවෙශ කරන්නහුට සතරපැත්ත හා උඩකොටසෙහි මැද යන පස්තැනක්දැයි මෙසේ පුරුෂ නිමිත්තෙහි සියලුම ස්ථාන දසයක් වෙයි.

නිමිත‍්තෙ ජාතං අනට‍්ඨකායප‍්පසාදං චම‍්මඛීලං වා පිළකං වා පවෙසෙති, ආපත‍්ති පාරාජිකස‍්ස. නට‍්ඨකායප‍්පසාදං මතචම‍්මං වා සුක‍්ඛපිළකං වා පවෙසෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස. මෙථුනස‍්සාදෙන ලොමං වා අඞ‍්ගුලි-අඞ‍්ගුට‍්ඨබීජාදීනි වා පවෙසෙන‍්තස‍්සාපි දුක‍්කටමෙව. අයඤ‍්ච මෙථුනකථා නාම යස‍්මා දුට‍්ඨුල‍්ලා කථා අසබ‍්භිකථා, තස‍්මා එතං වා අඤ‍්ඤං වා විනයෙ ඊදිසං ඨානං කථෙන‍්තෙන පටික‍්කූලමනසිකාරඤ‍්ච සමණසඤ‍්ඤඤ‍්ච හිරොත‍්තප‍්පඤ‍්ච පච‍්චුපට‍්ඨපෙත්‍වා සම‍්මාසම‍්බුද‍්ධෙ ගාරවං උප‍්පාදෙත්‍වා අසමකාරුණිකස‍්ස ලොකනාථස‍්ස කරුණාගුණං ආවජ‍්ජෙත්‍වා කථෙතබ‍්බං. සො හි නාම භගවා සබ‍්බසො කාමෙහි විනිවත‍්තමානසොපි සත‍්තානුද‍්දයාය ලොකානුකම‍්පාය සත‍්තෙසු කාරුඤ‍්ඤතං පටිච‍්ච සික‍්ඛාපදපඤ‍්ඤාපනත්‍ථාය ඊදිසං කථං කථෙසි. “අහො සත්‍ථු කරුණාගුණො”ති එවං ලොකනාථස‍්ස කරුණාගුණං ආවජ‍්ජෙත්‍වා කථෙතබ‍්බං.

තමාගේ නිමිත්තෙහි හටගත් නොනට කායප්‍රසාදය ඇති සම්කඩක් හෝ පිළිකාගඩක් හෝ ස්තී‍්‍රනිමිත්තෙහි ප්‍රවෙශ කෙරේද, පාරාජිකාපත්තිය වේ. නට කායප්‍රසාදය ඇති මළසමක් හෝ වියලුනු පිළිකාගඩක් හෝ ප්‍රවේශ කෙරේද, දුක්කටාපත්තිය වේ. මෛථුනාස්වාදයෙන් ලොමයක් හෝ ඇඟිලි මහපට ඇඟිලි බීජාදිය හෝ ප්‍රවෙශ කරන්නහුටද දුක්කටයම වේ. මේ මෛථුන කථාව යම්හෙයකින් දුට්ඨුල්ල කථාවක් අසභ්‍ය කථාවක් වන්නීද, එහෙයින් විනයයෙහි එන මෙතැන හෝ මෙයින් අන්‍යවූ මෙබඳු තැන් හෝ කියන්නහු විසින් ප්‍රතික්කූලමනස්කාරයද ශ්‍රමණ සංඥාවද හිරිඔතප්ද සිහියට එළවා සම්මාසම්බුදු රජුන් කෙරෙහි ගෞරව උපදවා අසමකාරුණික වූ ලොකනාථයන් වහන්සේගේ කරුණා ගුණය මෙනෙහිකොට කියයුතුය. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහි මුළුමනින් කාමයන්ගෙන් වෙන්වූ සිත්ඇතිසේක්ද, සත්ත්‍වයන් අපායදුඃඛාදියෙන් රැකීම පිණිස සත්ත්‍වලෝක විෂයක අනුකම්පාවෙන් සත්ත්‍වයන් කෙරෙහි වූ කරුණාව නිසා ශික්‍ෂාපද පැණවීම පිණිස මෙබඳු කථාවක් වදාළ සේක. ශාස්තෲන් වහන්සේගේ කරුණා ගුණය පුදුමය. මෙසේ ලොකනාථයන් වහන්සේගේ කරුණා ගුණය මෙනෙහිකොට කියයුතුය.

අපිච යදි භගවා සබ‍්බාකාරෙන ඊදිසං කථං න කථෙය්‍ය, කො ජානෙය්‍ය “එත‍්තකෙසු ඨානෙසු පාරාජිකං, එත‍්තකෙසු ථුල‍්ලච‍්චයං, එත‍්තකෙසු දුක‍්කට”න‍්ති. තස‍්මා සුණන‍්තෙනපි කථෙන‍්තෙනපි බීජකෙන මුඛං අපිධාය දන‍්තවිදංසකං හසමානෙන න නිසීදිතබ‍්බං. “සම‍්මාසම‍්බුද‍්ධෙනාපි ඊදිසං කථිත”න‍්ති පච‍්චවෙක‍්ඛිත්‍වා ගබ‍්භිතෙන හිරොත‍්තප‍්පසම‍්පන‍්නෙන සත්‍ථුපටිභාගෙන හුත්‍වා කථෙතබ‍්බන‍්ති.

තවද භාග්‍යවතුන් වහන්සේ මෙබඳු කථා සියලු අයුරින් නොවදාරණ සේක්නම්, ‘මෙපමණ තන්හි පාරාජිකය, මෙපමණ තන්හි ථුල්ලව්වය. මෙපමණ තන්හි දුක්කටය’යි කවරෙක් දන්නේද, එහෙයින් අසන්නහු විසිනුදු කියන්නහු විසිනුදු විජනිපතින් මුව වසා දත්විදහා සිනාසෙන්නහු විසින් නොහිඳිය යුතුය. ‘සම්මාසම්බුදුරජාණන් වහන්සේ විසින්ද මෙබන්දක් වදාරණ ලදැ’යි ප්‍රත්‍යවෙක්‍ෂාකොට උත්සාහයෙන් හැකිළීමට නොපැමිණෙන්නහු විසින් හිරිඔතප් දෙකින් යුක්ත වූවහු ශාස්තෲකල්ප වූවහුට කියයුතුය.

මූලපඤ‍්ඤත‍්තං නිට‍්ඨිතං.

මූලප්‍රඥප්තිය නිමි.

අනුපඤ‍්ඤත‍්තිවාරෙ – අන‍්තමසොති සබ‍්බන‍්තිමෙන පරිච‍්ඡෙදෙන. තිරච‍්ඡානගතායපීති පටිසන්‍ධිවසෙන තිරච‍්ඡානෙසු ගතායපි. පගෙව මනුස‍්සිත්‍ථියාති පඨමතරං මනුස‍්සජාතිකාය ඉත්‍ථියා. පාරාජිකවත්‍ථුභූතා එව චෙත්‍ථ තිරච‍්ඡානගතිත්‍ථී තිරච‍්ඡානගතාති ගහෙතබ‍්බා, න සබ‍්බා. තත්‍රායං පරිච‍්ඡෙදො –

අනුප්‍රඥප්ති වාරයෙහි ‘අන්තමසො’ සියලු අන්තිම පිරිසිඳීමෙන් ‘තිරච්ඡානගතායපි’ පිළිසිඳ ගැනීම් වසයෙන් තිරිසනුන් කෙරෙහි උපන්නියක සමග. ‘පගෙව මනුස්සිත්‍ථියා’ ඉතා පළමුකොට මනුෂ්‍යජාති ඇති ස්ත්‍රියක සමගය යනු කියනු කිම. මෙහි පාරාජිකාවට වස්තුවූම තිරශ්චීන ස්ත්‍රීහු ‘තිරච්ඡානගතා’යි ගතයුතුය. සියලු තිරිසන්ගතයෝ නොගත යුත්තාහ. එහි මේ පිරිසිඳීමය:

අපදානං අහි මච‍්ඡා, ද‍්විපදානඤ‍්ච කුක‍්කුටී; චතුප‍්පදානං මජ‍්ජාරී, වත්‍ථු පාරාජිකස‍්සිමාති.

‘අපදානං අභි මච්ඡා - දිපදානඤ්ච කුක්කුටි, චතුප්පදානං මජ්ජාරි - වත්‍ථු පාරාජිකස්සිමා’ යනු.

පා නැති සතුන් අතුරෙහි සර්‍ප - මත්ස්‍ය ස්ත්‍රීහුය, දෙපා ඇති තිරිසන් සතුන් අතුරෙහි කිකිළිය, සිවුපාසතුන් අතුරෙහි බැළලිය යන මේ තිරිසන් ස්ත්‍රීහු පාරාජිකාවට වස්තූහුය.

තත්‍ථ අහිග‍්ගහණෙන සබ‍්බාපි අජගරගොනසාදිභෙදා දීඝජාති සඞ‍්ගහිතා. තස‍්මා දීඝජාතීසු යත්‍ථ තිණ‍්ණං මග‍්ගානං අඤ‍්ඤතරස‍්මිං සක‍්කා තිලඵලමත‍්තම‍්පි පවෙසෙතුං, සා පාරාජිකවත්‍ථු. අවසෙසා දුක‍්කටවත්‍ථූති වෙදිතබ‍්බා. මච‍්ඡග‍්ගහණෙන සබ‍්බාපි මච‍්ඡකච‍්ඡපමණ‍්ඩූකාදිභෙදා ඔදකජාති සඞ‍්ගහිතා. තත්‍රාපි දීඝජාතියං වුත‍්තනයෙනෙව පාරාජිකවත්‍ථු ච දුක‍්කටවත්‍ථු ච වෙදිතබ‍්බං. අයං පන විසෙසො – පතඞ‍්ගමුඛමණ‍්ඩූකා නාම හොන‍්ති තෙසං මුඛසණ‍්ඨානං මහන‍්තං, ඡිද‍්දං අප‍්පකං, තත්‍ථ පවෙසනං නප‍්පහොති; මුඛසණ‍්ඨානං පන වණසඞ‍්ඛෙපං ගච‍්ඡති, තස‍්මා තං ථුල‍්ලච‍්චයවත්‍ථූති වෙදිතබ‍්බං. කුක‍්කුටිග‍්ගහණෙන සබ‍්බාපි කාකකපොතාදිභෙදා පක‍්ඛිජාති සඞ‍්ගහිතා. තත්‍රාපි වුත‍්තනයෙනෙව පාරාජිකවත්‍ථු ච දුක‍්කටවත්‍ථු ච වෙදිතබ‍්බං. මජ‍්ජාරිග‍්ගහණෙන සබ‍්බාපි රුක‍්ඛසුනඛ-මුඞ‍්ගුස-ගොධාදිභෙදා චතුප‍්පදජාති සඞ‍්ගහිතා. තත්‍රාපි වුත‍්තනයෙනෙව පාරාජිකවත්‍ථු ච දුක‍්කටවත්‍ථු ච වෙදිතබ‍්බං.

එහි අභි යි ගැනීමෙන් පිඹුරු - තෙලිසප් ආදි භෙද ඇති සියලුම දීර්‍ඝජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. එහෙයින් දීර්‍ඝජාතික තිරශ්චීන ස්ත්‍රීන් අතුරෙහි යම් ස්ත්‍රියක කෙරෙහි වසමග - පසමග - මුවමග යන තුන්මගින් එක් මගක මහණහුගේ අඞ්ගජාතය තලඇටක් පමණ ප්‍රවෙශ කරන්නට හැක්කේද, පාරාජිකාවට වස්තුය. සෙසු ස්ත්‍රීහු දුක්කට වස්තූහුයි දතයුතුය. මච්ඡ යි ගැනීමෙන් සියලුමස්, කැසුබු මැඩි ආදී භෙද ඇති දියෙහි උපදින ජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. උන්අතුරෙහිද දිග්දැ සතුන් කෙරෙහි කියූනයින්ම පාරාජික වස්තුද දුක්කට වස්තුද දත යුතුය. මේ විශේෂයෙක් වේ. ඔවුන් අතුරෙහි ඛරඞ්කමුඛ නම්වූ මැඩියෝ වෙත්. ඔවුන්ගේ මුවසටහන මහත් වේ. එහෙත් සිදුර කුඩා වේ. එය ප්‍රවෙශ කිරීමට නොපොහොනේය. මුවසටහන වනාහි ව්‍රණසඞ්ක්‍ෂෙපයට යන්නේය. එහෙයින් එය ථුල්ලච්චය වස්තු යි දතයුතුය. කුක්කුටි යි ගැනීමෙන් කවුඩු, පරෙවි ආදි භෙද ඇති සියලු පක්‍ෂි ජාතීහු සඞ්ග්‍රහ කරන ලදහ. උන්අතුරෙහිද කියූපරිදිම පාරාජික වස්තුද, දුක්කට වස්තුද දතයුතුය. මජ්ජාරී යි ගැනීමෙන් රුක්බලු, මුගටි, ගොයි ආදි භෙද ඇති සියලුම චතුෂ්පද ජාතීහු ගැනෙත්. උන්අතුරෙහිද කියූ ලෙසින්ම පාරාජික වස්තුද, දුක්කට වස්තුද දතයුතුය.

පාරාජිකොති පරාජිතො, පරාජයං ආපන‍්නො. අයඤ‍්හි පාරාජිකසද‍්දො සික‍්ඛාපදාපත‍්තිපුග‍්ගලෙසු වත‍්තති. තත්‍ථ “අට‍්ඨානමෙතං, ආනන්‍ද, අනවකාසො යං තථාගතො වජ‍්ජීනං වා වජ‍්ජිපුත‍්තකානං වා කාරණා සාවකානං පාරාජිකං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං සමූහනෙය්‍යා”ති (පාරා· 43) එවං සික‍්ඛාපදෙ වත‍්තමානො වෙදිතබ‍්බො. “ආපත‍්තිං ත්‍වං, භික‍්ඛු, ආපන‍්නො පාරාජික”න‍්ති (පාරා· 67) එවං ආපත‍්තියං. “න මයං පාරාජිකා, යො අවහටො සො පාරාජිකො”ති (පාරා· 155) එවං පුග‍්ගලෙ වත‍්තමානො වෙදිතබ‍්බො. “පාරාජිකෙන ධම‍්මෙන අනුද‍්ධංසෙය්‍යා”තිආදීසු (පාරා· 384) පන ධම‍්මෙ වත‍්තතීති වදන‍්ති. යස‍්මා පන තත්‍ථ ධම‍්මොති කත්‍ථචි ආපත‍්ති , කත්‍ථචි සික‍්ඛාපදමෙව අධිප‍්පෙතං, තස‍්මා සො විසුං න වත‍්තබ‍්බො. තත්‍ථ සික‍්ඛාපදං යො තං අතික‍්කමති, තං පරාජෙති, තස‍්මා “පාරාජික”න‍්ති වුච‍්චති. ආපත‍්ති පන යො නං අජ‍්ඣාපජ‍්ජති, තං පරාජෙති, තස‍්මා “පාරාජිකා”ති වුච‍්චති. පුග‍්ගලො යස‍්මා පරාජිතො පරාජයමාපන‍්නො, තස‍්මා “පාරාජිකො”ති වුච‍්චති. එතමෙව හි අත්‍ථං සන්‍ධාය පරිවාරෙපි –

‘පාරාජිකො’ පරදවන ලද්දේය. පරාජයට පැමිණියේය. මේ පාරාජික ශබ්දය වනාහි ශික්‍ෂාපද - ආපත්ති පුද්ගල යන මෙතැන්හි පවත්නේය. එහි ‘අට්ඨානමෙතං ආනන්‍ද අනවකාසො යං තථාගතො වජ්ජීනං වා වජ්ජිපුත්තකානං වා කාරණා සාවකානං පාරාජිකං සික්‍ඛාපදං පඤ්ඤත්තං සමූහනෙය්‍ය’යි. මෙසේ ශික්‍ෂා පදයෙහි පවත්නේ දතයුතුය. ‘ආපත්තිං වං භික්‍‍‍ඛු ආපන්නො පාරාජිකං’යි මෙසේ ආපත්තියෙහි පවත්නේය. ‘න මයං පාරාජිකා, යො අවහටො සො පාරාජිකො’යි මෙසේ පුද්ගලයා කෙරෙහි පවත්නේ දතයුතුය. ‘පාරාජිකෙන ධම්මෙන අනුද්ධංසෙය්‍ය’යි යනාදි තන්හි ධර්‍මයෙහි පවතීයයි කියත්. යම්හෙයකින් වනාහි එහි ධම්ම යි කිසිතැනක ආපත්තියද, කිසිතැනෙක්හි ශික්‍ෂාපදයම අදහස්කරන ලද්දේද, එහෙයින් එය වෙන්ව නොකිය යුතුය. එහි යමෙක් ඒ ශික්‍ෂාපදය ඉක්මවාද, ඒ ඉක්මවන්නහු පරදවාද එහෙයින් පාරාජිකයි කියනු ලැබේ. ආපත්තිය වනාහි යමෙක් ඒ ඇවැතට පැමිණේද ඒ ඇවැතට පැමිණියහු පරදවාද, එහෙයින් පාරාජිකායි කියනු ලැබේ. පුද්ගලතෙමේ යම්හෙයකින් පැරදුනේද, පරාජයට පැමිණියේද, එහෙයින් පාරාජිකයි කියනු ලැබේ. මේ අර්‍ත්‍ථයම සඳහා පරිවාරයෙහිද

“පාරාජිකන‍්ති යං වුත‍්තං, තං සුණොහි යථාතථං; චුතො පරද‍්ධො භට‍්ඨො ච, සද‍්ධම‍්මා හි නිරඞ‍්කතො; සංවාසොපි තහිං නත්‍ථි, තෙනෙතං ඉති වුච‍්චතී”ති වුත‍්තං. (පරි· 339);

‘පාරාජිකන්ති යං වුත්තං - තං සුණොහි යථා තථං, චුතො පරද්ධො භට්ඨො ච - සද්ධම්මාභිනිරඞ්කතො, සංවාසො ච තහිං නත්‍ථි - තෙනෙතං ඉති වුච්චති’යි කියන ලදී.

පාරාජිකයි යමක් කියන ලදද, එය තතු ලෙසින් අසව. ශාසනයෙන් ච්‍යුතවූයේද, පැරදුනේද, ගිලිහුනේද, බැහැරකරන ලද්දේද, ඔහු කෙරෙහි උපොසථ පවාරණාදි ප්‍රභෙදවත් වූ සංවාසය නැත්තේද, එහෙයින් මේ ශික්‍ෂාපදය පාරාජිකයි කියනු ලැබේ.

අයඤ‍්හෙත්‍ථ අත්‍ථො – “තං සික‍්ඛාපදං වීතික‍්කමන‍්තො ආපත‍්තිඤ‍්ච ආපන‍්නො පුග‍්ගලො චුතො හොතීති සබ‍්බං යොජෙතබ‍්බං. තෙන වුච‍්චතීති යෙන කාරණෙන අස‍්සමණො හොති අසක්‍යපුත‍්තියො පරිභට‍්ඨො ඡින‍්නො පරාජිතො සාසනතො, තෙන වුච‍්චති. කින‍්ති? “පාරාජිකො හොතී”ති.

මේ එහි අර්‍ත්‍ථය වේ: ඒ ශික්‍ෂාපදය ඉක්මවන්නාවූ ඇවැතටද පැමිණියා වූ පුද්ගලතෙමේ ශාසනයෙන් ච්‍යුතවූයේයයි සියල්ල යෙදිය යුතුය. යම් කාරණයකින් අශ්‍රමණයෙක්වේද, අශාක්‍යපුත්‍රියයෙක්වේද, ශාසනයෙන් ගිලිහුනේවේද, සිදුනේවේද, පරදවන ලද්දේවේද ඒ කාරණයෙන් කියනු ලැබේ. එයින් කුමක් කියනු ලැබේදයත්: පාරාජිකවේයයි කියනු ලැබේ.

සහ වසන‍්ති එත්‍ථාති සංවාසො, තං දස‍්සෙතුං “සංවාසො නාමා”ති වත්‍වා “එකකම‍්ම”න‍්තිආදිමාහ. තත්‍රායං සද‍්ධිං යොජනාය වණ‍්ණනා – චතුබ‍්බිධම‍්පි සඞ‍්ඝකම‍්මං සීමාපරිච‍්ඡින‍්නෙහි පකතත‍්තෙහි භික‍්ඛූහි එකතො කත‍්තබ‍්බත‍්තා එකකම‍්මං නාම. තථා පඤ‍්චවිධොපි පාතිමොක‍්ඛුද‍්දෙසො එකතො උද‍්දිසිතබ‍්බත‍්තා එකුද‍්දෙසො නාම. පඤ‍්ඤත‍්තං පන සික‍්ඛාපදං සබ‍්බෙහිපි ලජ‍්ජීපුග‍්ගලෙහි සමං සික‍්ඛිතබ‍්බභාවතො සමසික‍්ඛතා නාම. එත්‍ථ යස‍්මා සබ‍්බෙපි ලජ‍්ජිනො එතෙසු කම‍්මාදීසු සහ වසන‍්ති, න එකොපි තතො බහිද‍්ධා සන්‍දිස‍්සති, තස‍්මා තානි සබ‍්බානිපි ගහෙත්‍වා “එසො සංවාසො නාමා”ති ආහ. සො ච වුත‍්තප‍්පකාරො සංවාසො තෙන පුග‍්ගලෙන සද‍්ධිං නත්‍ථි, තෙන කාරණෙන සො පාරාජිකො පුග‍්ගලො අසංවාසොති වුච‍්චතීති.

මෙහි එක්ව වසත්නුයි සංවාස, ඒ දක්වන්නට ‘සංවාසො නාම’යි වදාරා ‘එකං කම්මං’ යනාදිය වදාළ සේක. එහි මේ යෝජනාව සමග සංවර්‍ණනාය: අපලොකනාදි වසයෙන් සිවුවැදෑරුම්වූද සඞ්ඝකර්‍මය එක් සීමාවෙක්හි ඇතුළත් වූ පියවිසැහැවි ඇති භික්‍ෂූන් විසින් එක්ව කටයුතු බැවින් එකකර්‍මනම්. එසේ පස්වැදෑරුම් වූ ප්‍රාතිමොක්‍ෂාද්දෙශය එක්ව උදෙසියයුතු බැවින් එකොද්දෙශ නම්. පණවා වදාළ ශික්‍ෂාපදය සියලු ලජ්ජි පුද්ගලයන් විසින් සමව හික්මියයුතු බැවින් සමශික්‍ෂතා නම්. මෙහි යම්හෙයකින් සියලුම ලජ්ජි භික්‍ෂූහු මේ කර්‍මාදීන් එක්ව වසත්ද එකෙකුත් එයින් බැහැර නොදක්නා ලැබේද එහෙයින් ඒ සියල්ල ගෙන ‘එසො සංවාසො නාම’ යනාදිය වදාළ සේක. ඒ කියූ අයුරු ඇති සංවාසය ‘තෙන’ ඒ පුද්ගලයා ‘සද්ධිං නත්‍ථි’ සමග නැත්තේය. ‘තෙන’ ඒ කාරණයෙන් ඒ පාරාජික පුද්ගල තෙමේ ‘අසංවාසො’ සංවාස නැත්තේයයි කියනු ලැබේ.

එවං උද‍්දිට‍්ඨසික‍්ඛාපදං පදානුක‍්කමෙන විභජිත්‍වා ඉදානි යං තං “පටිසෙවෙය්‍යා”ති එත්‍ථ යෙනාකාරෙන පටිසෙවෙය්‍යාති වුච‍්චති, තස‍්සාකාරස‍්ස දස‍්සනත්‍ථං “පටිසෙවති නාමා”ති ඉදං මාතිකාපදං ඨපෙත්‍වා “නිමිත‍්තෙන නිමිත‍්තං අඞ‍්ගජාතෙන අඞ‍්ගජාත”න‍්ති වුත‍්තං. තත්‍ථ යස‍්මා න කෙවලං ඉත්‍ථියා එව නිමිත‍්තං පාරාජිකවත්‍ථු, න ච මනුස‍්සිත්‍ථියා එව, සුවණ‍්ණරජතාදිමයානඤ‍්ච ඉත්‍ථීනම‍්පි නිමිත‍්තං වත්‍ථුමෙව න හොති; තස‍්මා යං යං වත්‍ථු හොති, තං තං දස‍්සෙතුං “තිස‍්සො ඉත්‍ථියො”තිආදිනා නයෙන යෙසං නිමිත‍්තානි වත්‍ථූනි හොන‍්ති, තෙ සත‍්තෙ වත්‍වා “මනුස‍්සිත්‍ථියා තයො මග‍්ගෙ”තිආදිනා නයෙන තානි වත්‍ථූනි ආහ.

මෙසේ උදෙසූ ශික්‍ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දක්වා දැන් ‘යං තං පතිසෙවෙය්‍ය’ යන මෙහි යම් අයුරකින් ප්‍රතිසෙවනය කරන්නේයයි කියනු ලැබේ, ඒ ප්‍රතිසෙවනය පිළිබඳ ආකාරය දැක්වීම පිණිස ‘පතිසෙවති නාම’ යන මේ මාතෘකාපදය තබා ‘නිමිත්තෙන නිමිත්තං අඞ්ගජාතෙන අඞ්ගජාතං’යි වදාරන ලද්දේය. එහි යම්හෙයකින් හුදෙක් ස්ත්‍රියගේම නිමිත්ත පාරාජිකාපත්තියට වස්තු නොවේද, මනුෂ්‍ය ස්ත්‍රියගේම නිමිත්ත පාරාජිකාපත්තියට වස්තුනොවේද, රන්රිදී ආදියෙන් කළ ස්ත්‍රීන්ගේද නිමිත්ත වස්තුම නොවේද, එහෙයින් යම් යම් නිමිත්තක් වස්තුවේද, ඒ ඒ නිමිත්ත දක්වනු පිණිස ‘තිස්සො ඉත්‍ථියො’ යනාදි නයින් යම් කෙනෙකුන්ගේ නිමිති වස්තුවේද, ඒ සත්ත්‍වයන් වදාරා ‘මනුස්සිත්‍ථියා තයො මග්ගෙ’ යනාදි නයින් ඒ වස්තු දක්වා වදාළ සේක.

තත්‍ථ තිස‍්සො ඉත්‍ථියො, තයො උභතොබ්‍යඤ‍්ජනකා, තයො පණ‍්ඩකා, තයො පුරිසාති පාරාජිකවත්‍ථූනං නිමිත‍්තානං නිස‍්සයා ද‍්වාදස සත‍්තා හොන‍්ති. තෙසු ඉත්‍ථිපුරිසා පාකටා එව . පණ‍්ඩකඋභතොබ්‍යඤ‍්ජනකභෙදො පබ‍්බජ‍්ජාඛන්‍ධකවණ‍්ණනායං පාකටො භවිස‍්සති.

එහි ස්ත්‍රීහු තිදෙනෙකි. උභතොබ්‍යඤ්ජනකයෝ තිදෙනෙකි. පණ්ඩකයෝ තිදෙනෙකි. පුරුෂයෝ තිදෙනෙකැයි පාරාජික වස්තු වූ නිමිත්තයනට නිශ්ශ්‍රය වූ සත්ත්‍වයෝ දෙළොස් දෙනෙක් වෙත්. ඔවුන් අතුරෙහි ස්ත්‍රී පුරුෂයෝ ප්‍රකටයහ. පණ්ඩක - උභතො බ්‍යඤ්ජනක භෙදය ප්‍රව්‍රජ්‍යාස්කන්‍ධ වර්‍ණනාවෙහි පළට වන්නේය.

මනුස‍්සිත්‍ථියා තයො මග‍්ගෙ මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්සාති එත්‍ථ ච මනුස‍්සිත්‍ථියා තීසු මග‍්ගෙසූති අත්‍ථො වෙදිතබ‍්බො. එවං සබ‍්බත්‍ථ. සබ‍්බෙ එව චෙතෙ මනුස‍්සිත්‍ථියා තයො මග‍්ගා, අමනුස‍්සිත්‍ථියා තයො, තිරච‍්ඡානගතිත්‍ථියා තයොති නව; මනුස‍්සඋභතොබ්‍යඤ‍්ජනකාදීනං නව; මනුස‍්සපණ‍්ඩකාදීනං ද‍්වෙ ද‍්වෙ කත්‍වා ඡ; තථා මනුස‍්සපුරිසාදීනන‍්ති සමතිංස මග‍්ගා හොන‍්ති. එතෙසු නිමිත‍්තසඞ‍්ඛාතෙසු යත්‍ථ කත්‍ථචි අත‍්තනො අඞ‍්ගජාතං තිලඵලමත‍්තම‍්පි පවෙසෙත්‍වා මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තො පාරාජිකං ආපජ‍්ජති.

‘මනුස්සිත්‍ථියා තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස’ යන මෙහිද මනුෂ්‍ය ස්ත්‍රීයගේ වසමග - පසමග - මුවමග යන තුන්මගෙහිය යන අර්‍ත්‍ථය දතයුතුය. සියලු තන්හි මෙසේය. මනුෂ්‍ය ස්ත්‍රියගේ තෙමගය, තිරශ්චීන ස්ත්‍රියගේ තෙමග යයි මාර්‍ග නවයෙක. මනුෂ්‍ය උභතොඛ්‍යඤ්ජනකාදීන්ගේ මාර්‍ගනවයෙක. මනුෂ්‍යපණ්ඩකාන්දීගේ වසමග - මුවමග විසින් දෙකක් දෙකක්කොට මාර්‍ග සයෙක. මනුෂ්‍යපුරුෂාදීන්ගේ වසමග - මුවමග විසින් දෙකක් දෙකක්කොට මාර්‍ගසයෙකැයි මේ සියලුමමාර්‍ග සමතිසක් වෙයි. නිමිත්ත සඞ්ඛ්‍යාත වූ මේ මාර්‍ගයන් අතුරෙහි යම්කිසි මගෙක මහණතෙමේ තමන්ගේ අඞ්ගජාතය තලැටක් පමණකුදු ප්‍රවෙශකොට මෙවුන්දම් සෙවීම කරනුයේ පාරාජිකාවට පැමිණේ.