යෙදුමෙන් කියවන්න

පඨමචතුක‍්කකථාවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පඨමචතුක‍්කකථාවණ‍්ණනා

පඨමචතුක්කකථාවණ්ණනා

ආපජ‍්ජන‍්තො පන යස‍්මා සෙවනචිත‍්තෙනෙව ආපජ‍්ජති, න විනා තෙන; තස‍්මා තං ලක‍්ඛණං දස‍්සෙන‍්තො භගවා “භික‍්ඛුස‍්ස සෙවනචිත‍්තං උපට‍්ඨිතෙ”තිආදිමාහ. තත්‍ථ භික‍්ඛුස‍්සාති මෙථුනසෙවනකස‍්ස භික‍්ඛුස‍්ස. සෙවනචිත‍්තං උපට‍්ඨිතෙති භුම‍්මත්‍ථෙ පච‍්චත‍්තවචනං, සෙවනචිත‍්තෙ පච‍්චුපට‍්ඨිතෙති අත්‍ථො. වච‍්චමග‍්ගං අඞ‍්ගජාතං පවෙසෙන‍්තස‍්සාති යෙන මග‍්ගෙන වච‍්චං නික‍්ඛමති තං මග‍්ගං අත‍්තනො අඞ‍්ගජාතං පුරිසනිමිත‍්තං තිලඵලමත‍්තම‍්පි පවෙසෙන‍්තස‍්ස. ආපත‍්ති පාරාජිකස‍්සාති ආපත‍්ති පාරාජිකා අස‍්ස හොතීති අත්‍ථො. අථ වා ආපත‍්තීති ආපජ‍්ජනං හොති. පාරාජිකස‍්සාති පාරාජිකධම‍්මස‍්ස. එස නයො සබ‍්බත්‍ථ.

යම්හෙයකින් පාරාජිකාවට පැමිණෙනුයේද, සෙවනය කිරීමෙහි සිතින්ම පැමිණේද, ඒ සිතින් වෙන්ව නොපැමිණේද, එහෙයින් ඒ ලක්‍ෂණ දක්වන්නා වූ භාග්‍යවතුන් වහන්සේ ‘භික්‍ඛුස්ස සෙවනවිත්තං උපට්ඨිතෙ’ යනාදිය වදාළ සේක. එහි ‘භික්‍‍‍ඛුස්ස’ මෙවුන්දම් සෙවීම කරන මහණහුට. ‘සෙවන චිත්තං උපට්ඨිතෙ’ සප්තම්‍යර්‍ත්‍ථයෙහි ප්‍රථමා වචනයි. සෙවීමෙහි සිත එළැඹසිටි කල්හිය යන අර්‍ත්‍ථයි. ‘වච්චමග්ගං අඞ්ගජාතං පවෙසෙන්තස්ස’ යම් මගකින් අශුචි නික්මේද, ඒ මලමගට තමන්ගේ අඞ්ගජාතය, පුරුෂ නිමිත්ත තලැටක් පමණකුදු ප්‍රවෙශකරන මහණහුට ‘ආපත්ති පාරාජිකස්ස’ ඇවැත පාරාජිකාවම වේ. ‘අස්ස’වේය යන අර්‍ත්‍ථයි. නොහොත් ‘ආපත්ති’ නම් පැමිණීම වේ. ‘පාරාජිකස්ස’ පාරාජික ධර්‍මයට. සියලු තන්හි මේ ක්‍රමය වේ.

එවං සෙවනචිත‍්තෙනෙව පවෙසෙන‍්තස‍්ස ආපත‍්තිං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා තං පවෙසනං නාම න කෙවලං අත‍්තූපක‍්කමෙනෙව, පරූපක‍්කමෙනාපි හොති . තත්‍රාපි ච සාදියන‍්තස‍්සෙව ආපත‍්ති පටිසෙවනචිත‍්තසමඞ‍්ගිස‍්ස, න ඉතරස‍්ස. තස‍්මා යෙ සද‍්ධාපබ‍්බජිතා කුලපුත‍්තා සම‍්මාපටිපන‍්නකා පරූපක‍්කමෙන පවෙසනෙපි සති න සාදියන‍්ති, තෙසං රක‍්ඛණත්‍ථං “භික‍්ඛුපච‍්චත්‍ථිකා මනුස‍්සිත්‍ථි”න‍්තිආදිමාහ.

මෙසේ මෙවුන්දම් සෙවීමෙහි සිතින්ම ප්‍රවෙශකරන මහණහුට පාරාජිකාපත්තිය දක්වා දැන්යම්හෙයකින් ඒ ප්‍රවෙශය නම් හුදෙක් තමන්ගේ උපක්‍රමයෙන්ම නොව අන්හු විසින් යොදන උපක්‍රමයෙන්ද වේ. එහිදීද පිළිසෙවීමෙහි සිතින් යුක්තව ඉවසන්නහුටම ආපත්තිය වේ. අන්හට නොවේ. එහෙයින් සැදැහයෙන් පැවිදිව සසුන් පිළිවෙතෙහි මොනවට පිළිපන් යම් කුලපුත්‍ර කෙනෙක් අන්හු විසින් යොදන උපක්‍රමයෙන් ප්‍රවෙශය ඇතිකල්හිඳු නොඉවසත්ද, ඔවුන් රැකීම පිණිස ‘භික්‍‍‍ඛූපච්චත්‍ථිකා මනුස්සිත්‍ථිං’ යනාදිය වදාළ සේක.

තත්‍ථ පටිපක‍්ඛං අත්‍ථයන‍්ති ඉච‍්ඡන‍්තීති පච‍්චත්‍ථිකා, භික‍්ඛූ එව පච‍්චත්‍ථිකා භික‍්ඛුපච‍්චත්‍ථිකා; විසභාගානං වෙරිභික‍්ඛූනමෙතං අධිවචනං. මනුස‍්සිත්‍ථිං භික‍්ඛුස‍්ස සන‍්තිකෙ ආනෙත්‍වාති ඉස‍්සාපකතා තං භික‍්ඛුං නාසෙතුකාමා ආමිසෙන වා උපලාපෙත්‍වා මිත‍්තසන්‍ථවවසෙන වා “ඉදං අම‍්හාකං කිච‍්චං කරොහී”ති වත්‍වා කඤ‍්චි මනුස‍්සිත්‍ථිං රත‍්තිභාගෙ තස‍්ස භික‍්ඛුස‍්ස වසනොකාසං ආනෙත්‍වා. වච‍්චමග‍්ගෙන අඞ‍්ගජාතං අභිනිසීදෙන‍්තීති තං භික‍්ඛුං හත්‍ථපාදසීසාදීසු සුග‍්ගහිතං නිප‍්පරිප‍්ඵන්‍දං ගහෙත්‍වා ඉත්‍ථියා වච‍්චමග‍්ගෙන තස‍්ස භික‍්ඛුනො අඞ‍්ගජාතං අභිනිසීදෙන‍්ති; සම‍්පයොජෙන‍්තීති අත්‍ථො.

එහි ප්‍රතිපක්‍ෂයකු (දුසිල්බව හෝ) පතත් සොයත්. කැමතිත්වෙනුයි පච්චත්‍ථිකයහ. භික්‍ෂූහුම පසමිතුරුවූවාහු, භික්‍‍‍ඛූපච්චත්‍ථික නම්වෙත්. විසභාග වෛරී භික්‍ෂූන්ට මේ නමකි. ‘මනුස්සිත්‍ථි, භික්‍‍‍ඛුස්ස සන්තිකෙ ආනෙත්‍වා’ ඊර්‍ෂ්‍යාවෙන් මඩනා ලද මහණෝ ඒ මහණහු නසනු කැමැතිව ආමිෂයෙන් හෝ පොළොඹවා මිත්‍ර සන්‍ථව වශයෙන් හෝ ‘අපගේ මේ කිස කරව’යි කියා කිසි මනුෂ්‍ය ස්ත්‍රියක රාත්‍රිකාලයෙහි ඒ මහණහු වසන තැනට ගෙනවුත්. වච්චමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති ඒ මහණහු සැලෙන්නට පෙරළෙන්නට නොහැකිවනසේ අතින් පයින් හිසින් දැඩිව අල්ලා ගෙන ස්ත්‍රියගේ මලමග හා මහණහුගේ අඞ්ගජාතය ඇතුල්වනසේ මහණහුගේ අඞ්ගජාතය මතුවෙහි හිඳුවත්. ස්ත්‍රියගේ මලමග සමග යොදත්ය යන අර්‍ත්‍ථයි.

සො චෙතිආදීසු සො චෙ භික‍්ඛු වච‍්චමග‍්ගබ‍්භන‍්තරං අත‍්තනො අඞ‍්ගජාතස‍්ස පවෙසනං සාදියති අධිවාසෙති තස‍්මිං ඛණෙ සෙවනචිත‍්තං උපට‍්ඨාපෙති. පවිට‍්ඨං සාදියති අධිවාසෙති, පවිට‍්ඨකාලෙ සෙවනචිත‍්තං උපට‍්ඨාපෙති. ඨිතං සාදියති අධිවාසෙති, ඨානප‍්පත‍්තකාලෙ සුක‍්කවිස‍්සට‍්ඨිසමයෙ සෙවනචිත‍්තං උපට‍්ඨාපෙති. උද‍්ධරණං සාදියති අධිවාසෙති, නීහරණකාලෙ පටිසෙවනචිත‍්තං උපට‍්ඨාපෙති. එවං චතූසු ඨානෙසු සාදියන‍්තො “මම වෙරිසමණෙහි ඉදං කත”න‍්ති වත‍්තුං න ලභති, පාරාජිකාපත‍්තිමෙව ආපජ‍්ජති. යථා ච ඉමානි චත‍්තාරි සාදියන‍්තො ආපජ‍්ජති; එවං පුරිමං එකං අසාදියිත්‍වා තීණි සාදියන‍්තොපි, ද‍්වෙ අසාදියිත්‍වා ද‍්වෙ සාදියන‍්තොපි, තීණි අසාදියිත්‍වා එකං සාදියන‍්තොපි ආපජ‍්ජතියෙව. සබ‍්බසො පන අසාදියන‍්තො ආසීවිසමුඛං විය අඞ‍්ගාරකාසුං විය ච පවිට‍්ඨං අඞ‍්ගජාතං මඤ‍්ඤමානො නාපජ‍්ජති. තෙන වුත‍්තං – “පවෙසනං න සාදියති…පෙ… උද‍්ධරණං න සාදියති, අනාපත‍්තී”ති. ඉමඤ‍්හි එවරූපං ආරද‍්ධවිපස‍්සකං කායෙ ච ජීවිතෙ ච අනපෙක‍්ඛං එකාදසහි අග‍්ගීහි සම‍්පජ‍්ජලිතානි ච සබ‍්බායතනානි උක‍්ඛිත‍්තාසිකෙ විය ච වධකෙ පඤ‍්ච කාමගුණෙ පස‍්සන‍්තං පුග‍්ගලං රක‍්ඛන‍්තො භගවා පච‍්චත්‍ථිකානඤ‍්චස‍්ස මනොරථවිඝාතං කරොන‍්තො ඉමං “පවෙසනං න සාදියතී”තිආදිකං චතුක‍්කං නීහරිත්‍වා ඨපෙසීති.

‘සො චෙ’ යනාදි තන්හි ඉදින් ඒ මහණතෙමේ ස්ත්‍රියගේ මලමග තුළට තමන්ගේ අඞ්ගජාතය. ‘පවෙසනං සාදියති’ ඇතුල්කිරීම ඉවසාද, ඒ මොහොතෙහි මෙවුන්දම් සෙවීමෙහි සිත එළවාද ‘පවිට්ඨං සාදියති’ ඇතුල්කිරීම ඉවසාද, ඇතුල්වූ කල්හි සෙවීමෙහි සිත එළවාද, ‘ඨිතං සාදියති’ සිටීම ඉවසාද, ස්ත්‍රියගේ මලමග තුළ තමන්ගේ අඞ්ගජාතය සිටීමට පැමිණි කල්හි ශුක්ල මිදෙන කල්හි සෙවීමෙහි සිත එළවාද, ‘උද්ධරණං සාදියති’ උඩට නගාගැනීම ඉවසාද, බැහැරට ඇදගන්නා කල්හි සෙවීමෙහි සිත එළවාදැයි මෙසේ මේ සිවුතන්හි ඉවසනුයේ ‘මාගේ සතුරු මහණුන් විසින් මේ කරන ලදැයි කියන්නට නොලබන්නේය. පාරාජිකාපත්තියටම පැමිණෙන්නේය. මෙ කියූ සිවුතැන ඉවසනුයේ යම් සේ පාරාජිකාපත්තියට පැමිණීමය. හැමතින් වනාහි තමන්ගේ අඞ්ගජාතය ආසීවිෂයක්හුගේ මුවෙහි පිවිසියක් මෙන්ද, අඟුරු වළක පිවිසියක් මෙන්ද, හඟිමින් නොඉවසනුයේ පාරාජිකාපත්තියට නොපැමිණේ. ‘පවෙසනං න සාදියති -පෙ- උද්ධරණං න සාදියති අනාපත්ති’යි. එහෙයින් වදාරණ ලදී. පටන්ගත් විදසුන් ඇති කයෙහිද ජීවිතයෙහිද බලාපොරොත්තු නැති සියලු ආයතන රාගද්වෙෂාදී වූ එකොළොස් ගින්නෙන් ඉතා තදින් ඇවිළගත්තවුන් මෙන් වටහාගන්නා වූ පස්කම්ගුණ ඔසොවාගත් කඩු ඇති වධකයන් මෙන් දක්නා වූ මෙබඳු වූ මේ පුද්ගලයා රකිමින් භාග්‍යවතුන් වහන්සේ මේ මහණහුගේ පසමිතුරන්ගේ චිත්තාභිලාෂය නැසීම කරනසේක් ‘පවෙසනං න සාදියති’ යනාදි වූ මේ චතුෂ්කය ගෙනහැර තැබූ සේක.

පඨමචතුක‍්කකථා නිට‍්ඨිතා.

ප්‍රථම චතුෂ්කකථාව නිමි.

එකූනසත‍්තතිද‍්විසතචතුක‍්කකථා

එකූනසත්තතිද්විසතචතුක්කකථා

එවං පඨමචතුක‍්කං දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා භික‍්ඛුපච‍්චත්‍ථිකා ඉත්‍ථිං ආනෙත්‍වා න කෙවලං වච‍්චමග‍්ගෙනෙව අභිනිසීදෙන‍්ති, අථ ඛො පස‍්සාවමග‍්ගෙනපි මුඛෙනපි. ඉත්‍ථිං ආනෙත්‍වාපි ච කෙචි ජාගරන‍්තිං ආනෙන‍්ති, කෙචි සුත‍්තං, කෙචි මත‍්තං, කෙචි උම‍්මත‍්තං, කෙචි පමත‍්තං අඤ‍්ඤවිහිතං වික‍්ඛිත‍්තචිත‍්තන‍්ති අත්‍ථො. කෙචි මතං අක‍්ඛායිතං, සොණසිඞ‍්ගාලාදීහි අක‍්ඛායිතනිමිත‍්තන‍්ති අත්‍ථො. කෙචි මතං යෙභුය්‍යෙන අක‍්ඛායිතං, යෙභුය්‍යෙන අක‍්ඛායිතා නාම යස‍්සා නිමිත‍්තෙ වච‍්චමග‍්ගෙ පස‍්සාවමග‍්ගෙ මුඛෙ වා බහුතරො ඔකාසො අක‍්ඛායිතො හොති. කෙචි මතං යෙභුය්‍යෙන ඛායිතං, යෙභුය්‍යෙන ඛායිතා නාම යස‍්සා වච‍්චමග‍්ගාදිකෙ නිමිත‍්තෙ බහුං ඛායිතං හොති, අප‍්පං අක‍්ඛායිතං. න කෙවලඤ‍්ච මනුස‍්සිත්‍ථිමෙව ආනෙන‍්ති, අථ ඛො අමනුස‍්සිත්‍ථිම‍්පි තිරච‍්ඡානගතිත්‍ථිම‍්පි. න කෙවලඤ‍්ච වුත‍්තප‍්පකාරං ඉත්‍ථිමෙව, උභතොබ්‍යඤ‍්ජනකම‍්පි පණ‍්ඩකම‍්පි පුරිසම‍්පි ආනෙන‍්ති. තස‍්මා තෙසං වසෙන අඤ‍්ඤානිපි චතුක‍්කානි දස‍්සෙන‍්තො “භික‍්ඛුපච‍්චත්‍ථිකා මනුස‍්සිත්‍ථිං ජාගරන‍්ති”න‍්තිආදිමාහ.

මෙසේ ප්‍රථමචතුෂ්කය දක්වා දැන් යම්හෙයකින් භික්‍ෂු ප්‍රත්‍යනීකයෝ මහණහු වෙතට ස්ත්‍රියක ගෙනවුත් හුදෙක් මහණහුගේ අඞ්ගජාතය ස්ත්‍රියගේ මලමග හාම නොයොදත්ද, තවද පසමග හා මුවමග හාද යොදත්. ස්ත්‍රියක ගෙනෙන්නාවූද ඇතැම් පසමිතුරෝ නොනිදන්නියක ගෙන එත්. කිසිවක්හු නිදන්නියක, කිසිවක්හු මත් තැනැත්තියක, කිසිවක්හු උමතු තැනැත්තියක, කිසිවක්හු පමා තැනැත්තියක, අන්‍යවිහිත වික්‍ෂිප්ත ස්ත්‍රියක යන අර්‍ත්‍ථයි. කිසිවක්හු මළාවූ ක්‍ෂය නොවූ නිමිති ඇත්තියක, බලු කැණහිල් ආදී විසින් ක්‍ෂය නොකළ නිමිති ඇත්තියක යන අර්‍ත්‍ථයි. කිසිවක්හු මළාවූ බොහෝසෙයින් ක්‍ෂයනොවූ නිමිති ඇත්තියක, යෙභුය්‍යෙන අක්‍ඛයිතා නම්, යම් ස්ත්‍රියකගේ වසමගෙහි, පසමගෙහි, මුවමගෙහි හෝ ඉතා බොහෝවූ අවකාශයක් ක්‍ෂය නොවූයේද ඕතොමෝය. කිසිවක්හු මළාවූ බොහෝසෙයින් ක්‍ෂය වූ නිමිති ඇත්තියක ගෙනඑත්. යෙභුය්‍යෙන ඛයිතා නම්, යම් ස්ත්‍රියකගේ වසමග ආදීවූ නිමිත්තෙහි බොහෝ අවකාශයක් ක්‍ෂය වූයේද, මද අවකාශයක් ක්‍ෂයනොවූයේද, ඕ තොමෝය. හුදෙක් මනුෂ්‍ය ස්ත්‍රියකම ගෙන නොඑත්. උභතො බ්‍යඤ්ජනයකුදු පණ්ඩකයකුදු පුරුෂයෙකුදු ගෙන එත්. එහෙයින් ඔවුන්ගේ වසයෙන් අන්‍යවූද චතුෂ්කයන් දක්වනසේක් ‘භික්‍‍‍ඛු පච්චත්‍ථිකා මනුස්සිත්‍ථිං ජාගරන්තිං’ යනාදිය වදාළ සේක.

තත්‍ථ පාළියා අසම‍්මොහත්‍ථං වුත‍්තචතුක‍්කානි එවං සඞ‍්ඛ්‍යාතො වෙදිතබ‍්බානි – මනුස‍්සිත්‍ථියා තිණ‍්ණං මග‍්ගානං වසෙන තීණි සුද‍්ධිකචතුක‍්කානි, තීණි ජාගරන‍්තීචතුක‍්කානි, තීණි සුත‍්තචතුක‍්කානි, තීණි මත‍්තචතුක‍්කානි, තීණි උම‍්මත‍්තචතුක‍්කානි, තීණි පමත‍්තචතුක‍්කානි, තීණි මතඅක‍්ඛායිතචතුක‍්කානි, තීණි යෙභුය්‍යෙන අක‍්ඛායිතචතුක‍්කානි, තීණි යෙභුය්‍යෙන ඛායිතචතුක‍්කානීති සත‍්තවීසති චතුක‍්කානි. තථා අමනුස‍්සිත්‍ථියා; තථා තිරච‍්ඡානගතිත්‍ථියාති ඉත්‍ථිවාරෙ එකාසීති චතුක‍්කානි. යථා ච ඉත්‍ථිවාරෙ එවං උභතොබ්‍යඤ‍්ජනකවාරෙ. පණ‍්ඩකපුරිසවාරෙසු පන ද‍්වින‍්නං මග‍්ගානං වසෙන චතුපණ‍්ණාස චතුපණ‍්ණාස හොන‍්ති. එවං සබ‍්බානිපි ද‍්වෙසතානි, සත‍්තති ච චතුක‍්කානි හොන‍්ති, තානි උත‍්තානත්‍ථානියෙව.

එහි නොමුළාබව පිණිස කියනලද චතුෂ්කයෝ සඞ්ඛ්‍යා වශයෙන් මෙසේ දතයුතුය. මනුෂ්‍ය ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගය වශයෙන් ශුද්ධික චතුෂ්ක තුනක. නොනිදන ස්ත්‍රිය පිළිබඳ චතුෂ්කතුනක, නිදන ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, මත් වූ ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, උන්මත්තක ස්ත්‍රිය පිළිබඳ චතුෂ්කතුනක, ප්‍රමත්ත ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනෙක, මළ නොනට නිමිත්ත ඇති ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනක, බොහෝසෙයින් නොනට නිමිත්ත ඇති ස්ත්‍රිය පිළිබඳ චතුෂ්ක තුනකැයි සත්විසි චතුෂ්ක කෙනෙක්වත්. අමනුෂ්‍ය ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගයන්ගේ වසයෙන් එසේ චතුෂ්කසත්විස්සෙක. නිර්‍ය්‍යග්ගත ස්ත්‍රිය පිළිබඳ ත්‍රිවිධ මාර්‍ගයන්ගේ වසයෙන් එසේ චතුෂ්කසත්විස්සෙකැයි ස්ත්‍රීන්ගේ වාරයෙහි එක් අසූවක් චතුෂ්ක වෙයි. ස්ත්‍රීන්ගේ වාරයෙහි යම්සේද, උභතො බ්‍යඤ්ජනකයන්ගේ වාරයෙහිද එසේය. පණ්ඩක - පුරුෂ වාරයන්හි සමග - මුවමග යන දෙවැදැරුම් වූ මාර්‍ගයන්ගේ වසයෙන් සිවුපණස් සිවුපණස් චතුෂ්ක වෙයි. මෙසේ ගත්කල්හි සියලුම චතුෂ්ක දෙසියසැත්තෑවක් වෙයි. ඒ දෙසිය සැත්තෑ චතුෂ්ක ප්‍රකටඅර්‍ත්‍ථ ඇත්තාහුමය.

සබ‍්බවාරෙසු පනෙත්‍ථ “මතං යෙභුය්‍යෙන අක‍්ඛායිතං ඛායිත”න‍්ති එතස‍්මිං ඨානෙ අයං විනිච‍්ඡයො – තම‍්බපණ‍්ණිදීපෙ කිර ද‍්වෙ විනයධරා සමානාචරියකා ථෙරා අහෙසුං – උපතිස‍්සත්‍ථෙරො ච, ඵුස‍්සදෙවත්‍ථෙරො ච. තෙ මහාභයෙ උප‍්පන‍්නෙ විනයපිටකං පරිහරන‍්තා රක‍්ඛිංසු. තෙසු උපතිස‍්සත්‍ථෙරො බ්‍යත‍්තතරො. තස‍්සාපි ද‍්වෙ අන‍්තෙවාසිකා අහෙසුං – මහාපදුමත්‍ථෙරො ච මහාසුමත්‍ථෙරො ච. තෙසු මහාසුමත්‍ථෙරො නක‍්ඛත‍්තුං විනයපිටකං අස‍්සොසි, මහාපදුමත්‍ථෙරො තෙන සද‍්ධිං නවක‍්ඛත‍්තුං, විසුඤ‍්ච එකකොව නවක‍්ඛත‍්තුන‍්ති අට‍්ඨාරසක‍්ඛත‍්තුං අස‍්සොසි; අයමෙව තෙසු බ්‍යත‍්තතරො . තෙසු මහාසුමත්‍ථෙරො නවක‍්ඛත‍්තුං විනයපිටකං සුත්‍වා ආචරියං මුඤ‍්චිත්‍වා අපරගඞ‍්ගං අගමාසි. තතො මහාපදුමත්‍ථෙරො ආහ – “සූරො වත, රෙ, එස විනයධරො යො ධරමානකංයෙව ආචරියං මුඤ‍්චිත්‍වා අඤ‍්ඤත්‍ථ වසිතබ‍්බං මඤ‍්ඤති. නනු ආචරියෙ ධරමානෙ විනයපිටකඤ‍්ච අට‍්ඨකථා ච අනෙකක‍්ඛත‍්තුං ගහෙත්‍වාපි න විස‍්සජ‍්ජෙතබ‍්බං, නිච‍්චකාලං සොතබ‍්බං, අනුසංවච‍්ඡරං සජ‍්ඣායිතබ‍්බ”න‍්ති.

මෙහි සියලු වාරයන්හි ‘මතං යෙභුය්‍යෙන අක්‍ඛයිතං ඛයිතං’ යන මෙතන්හි මේ විනිශ්චය වේ: තාම්‍රපර්ණි ද්වීපයෙහි වනාහි උපතිස්ස ස්ථවිර - ඵුස්සදෙව ස්ථවිරයි විනයධර මහාස්ථවිරයන් වහන්සේ දෙනම එක් ඇදුරක්හුගේ පාඨන්තෙවාසිකයෝ වූහ. උන්වහන්සේ මෙහි මහත්බියක් උපන්කල්හිද, විනයපිටකය පරිහරණය කරන්නාහු එය රැකගත්හ. උන්වහන්සේ දෙනම අතුරෙහි උපතිස්ස මහාස්ථවිරයන් වහන්සේ ව්‍යක්තතරයහ. මහාපදුම - මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ දෙනම උන්වහන්සේගේ අතවැස්සෝ වූහ. ඒ දෙනම අතුරෙහි මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසා හදාරා පුහුණුකොට සිටියහ. මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ හා එක්ව නව වරක් විනයපිටකය අසා හදාරා පුහුණුකොට සිටියහ. මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ හා එක්ව නවවරක්ද, වෙන්ව එකලාවම නවවරක්දැයි අටළොස්වරක් විනයපිටකය ඇසූහ. මේ දෙනම අතුරෙහි මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ ව්‍යක්තතරයහ ඒ දෙනම අතුරෙහි මහාසුම්ම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසා බලා හදාරා ගුරුවරයා හැරපියා ගඟින් එතරට වැඩියහ. එහෙයින් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ නවවරක් විනයපිටකය අසාබලා හදාරා ගුරුවරයා හැරපියා ගඟින් එතරට වැඩියහ. එහෙයින් මහාපදුම මහාස්ථවිරයන් වහන්සේ ‘නින්‍දාවකි, යමෙක් දිවමන් ගුරුන් හැරපියා අන්තැනක විසියයුතුයයි සිතාද, මේ විනයධර තෙමේ සූරයෙකි, ගුරුන් දිවමන්ව සිටියදී විනයපිටකයත් අර්‍ත්‍ථකථාවත් නොයෙක්වර අසාබලා ගෙනද නොහැරිය යුතු නොවේද, නිතිකල් ඇසියයුතු නොවේද, අවුරුදු පතා හැදෑරියයුතු නොවේදැයි’ කීහ.

එවං විනයගරුකානං භික‍්ඛූනං කාලෙ එකදිවසං උපතිස‍්සත්‍ථෙරො මහාපදුමත්‍ථෙරප‍්පමුඛානං පඤ‍්චන‍්නං අන‍්තෙවාසිකසතානං පඨමපාරාජිකසික‍්ඛාපදෙ ඉමං පදෙසං වණ‍්ණෙන‍්තො නිසින‍්නො හොති. තං අන‍්තෙවාසිකා පුච‍්ඡිංසු – “භන‍්තෙ, යෙභුය්‍යෙන අක‍්ඛායිතෙ පාරාජිකං, යෙභුය්‍යෙන ඛායිතෙ ථුල‍්ලච‍්චයං, උපඩ‍්ඪක‍්ඛායිතෙ කෙන භවිතබ‍්බ”න‍්ති? ථෙරො ආහ – “ආවුසො, බුද‍්ධා නාම පාරාජිකං පඤ‍්ඤපෙන‍්තා න සාවසෙසං කත්‍වා පඤ‍්ඤපෙන‍්ති, අනවසෙසංයෙව කත්‍වා සබ‍්බං පරියාදියිත්‍වා සොතං ඡින්‍දිත්‍වා පාරාජිකවත්‍ථුස‍්මිං පාරාජිකමෙව පඤ‍්ඤපෙන‍්ති. ඉදඤ‍්හි සික‍්ඛාපදං ලොකවජ‍්ජං, න පණ‍්ණත‍්තිවජ‍්ජං. තස‍්මා යදි උපඩ‍්ඪක‍්ඛායිතෙ පාරාජිකං භවෙය්‍ය, පඤ‍්ඤපෙය්‍ය සම‍්මාසම‍්බුද‍්ධො. පාරාජිකච‍්ඡායා පනෙත්‍ථ න දිස‍්සති, ථුල‍්ලච‍්චයමෙව දිස‍්සතී”ති.

මෙසේ විනයගරුක භික්‍ෂූන් වහන්සේගේ කාලයෙහි එක් දවසක් උපතිත්ස මහාස්ථවිරයන් වහන්සේ මහාපදුම ස්ථවිර ප්‍රමුඛ වූ පන්සියයක් අතවැසියනට ප්‍රථම පාරාජික ශික්‍ෂාපදයෙහි මේ පෙදෙස වර්‍ණනා කරමින් හුන්හ. එහිදී ඒ අතවැසි භික්‍ෂූන් වහන්සේ ‘ස්වාමීනි! බොහෝ සෙයින් නොනට, සිවුකොටසින් තුන්කොටසක් නොනැසී සිටි නිමිත්තෙහි කුමක් වියයුතුදැ’යි උන්වහන්සේගෙන් අසා සිටියහ. එකල්හි මහාස්ථවිරයන් වහන්සේ ‘ඇවැත්නි! බුදුවරයෝ වනාහි පාරාජිකය පණවනසේක් ඉතිරිකොට නොපනවන සේක. ඉතිරි නොකොටම සියලු පාරාජික ක්‍ෂෙත්‍රය අනවශෙෂ වශයෙන් ගෙන පාරාජික ක්‍ෂෙත්‍රයෙහි ව්‍යතික්‍රම ස්‍රොතය සිඳහැර පාරාජික වස්තුවෙහි පාරාජිකයම පනවන සේක. මේ ශික්‍ෂාපදය ලොකවද්‍ය වේ. ප්‍රඥප්තිවද්‍ය නොවේ. එහෙයින් ඉදින් සමඅඩක් නටනිමිත්තෙහි පාරාජිකය වන්නේනම්, සම්මා සම්බුදුරජාණන් වහන්සේ එය පනවන සේක. මෙහි වනාහි පාරාජික ඡායාවකුදු නොපෙනේ, ථුල්ලවච්චයම දක්නා ලැබේය’යි කීහ.

අපිච මතසරීරෙ පාරාජිකං පඤ‍්ඤපෙන‍්තො භගවා යෙභුය්‍යෙන අක‍්ඛායිතෙ ඨපෙසි “තතො පරං පාරාජිකං නත්‍ථී”ති දස‍්සෙතුං. ථුල‍්ලච‍්චයං පඤ‍්ඤපෙන‍්තො යෙභුය්‍යෙන ඛායිතෙ ඨපෙසි “තතො පරං ථුල‍්ලච‍්චයං නත්‍ථී”ති දස‍්සෙතුන‍්තිපි වෙදිතබ‍්බං. ඛායිතාඛායිතඤ‍්ච නාමෙතං මතසරීරස‍්මිංයෙව වෙදිතබ‍්බං, න ජීවමානෙ. ජීවමානෙ හි නඛපිට‍්ඨිප‍්පමාණෙපි ඡවිමංසෙ වා න‍්හාරුම‍්හි වා සති පාරාජිකමෙව හොති. යදිපි නිමිත‍්තං සබ‍්බසො ඛායිතං ඡවිචම‍්මං නත්‍ථි, නිමිත‍්තසණ‍්ඨානං පඤ‍්ඤායති, පවෙසනං ජායති, පාරාජිකමෙව. නිමිත‍්තසණ‍්ඨානං පන අනවසෙසෙත්‍වා සබ‍්බස‍්මිං නිමිත‍්තෙ ඡින්‍දිත්‍වා සමන‍්තතො තච‍්ඡෙත්‍වා උප‍්පාටිතෙ වණසඞ‍්ඛෙපවසෙන ථුල‍්ලච‍්චයං. නිමිත‍්තතො පතිතාය මංසපෙසියා උපක‍්කමන‍්තස‍්ස දුක‍්කටං. මතසරීරෙ පන යදිපි සබ‍්බං සරීරං ඛායිතං හොති, යදිපි අක‍්ඛායිතං, තයො පන මග‍්ගා අක‍්ඛායිතා, තෙසු උපක‍්කමන‍්තස‍්ස පාරාජිකං. යෙභුය්‍යෙන අක‍්ඛායිතෙ පාරාජිකමෙව. උපඩ‍්ඪක‍්ඛායිතෙ ච යෙභුය්‍යෙන ඛායිතෙ ච ථුල‍්ලච‍්චයං.

තවද මළසිරුරෙහි පාරාජිකය පනවන්නා වූ භාග්‍යවතුන් වහන්සේ බොහෝසෙයින් නොනට සිවුකොටසින් තුන්කොටසක් නොනට නිමිත්තෙහි එසේ තැබූසේක් එයින් මතුවෙහි පාරාජිකයක් නැතැයි දක්වනු පිණිසයයි දතයුතුය. මේ නට, නොනට නිමිත්ත මළසිරුරෙහිම දතයුතුය. දිවමන් සිරුරෙහි නොදත යුතුය. දිවමන් සිරුරෙහි නියපිටු පමණවූ සිවිමස් හෝ නහරවැලක් ඇතිකල්හි පාරාජිකයම වේ. ඉදිනුදු නිමිත්ත බලු, කැනහිල් ආදීන් විසින් කන ලද්දක් වැනිව හැම අතකින් නැසීගියේ, සිවිසම් නැත්තේනමුදු නිමිත්ත සටහන පෙනේද, එහි ප්‍රවෙශය සිදුවේද පාරාජිකයම වේ. නිමිත්ත සටහන ඉතිරි නොකොට සියලු නිමිත්ත සිඳදමා හාත්පසින් සැප උපුටාහළ කල්හි ව්‍රණසංක්‍ෂෙප වශයෙන් ථුල්ලච්චය වේ. නිමිත්තෙන් බැහැරට ඇදීසිටි මස්වැදැල්ලෙහි උපක්‍රම කරන්නහුට දුක්කටය වේ. මළසිරුරෙහි වනාහි ඉදිනුදු සියලු සිරුර නැසී ගෙවීගියේද, ඉදිනුදු නැසී ගෙවී නොගියේද, තෙමගවනාහි නැසී ගෙවී නොගියේද, එතන්හි උපක්‍රම කරන්නහුට පාරාජිකය වේ. බොහෝසෙයින් නොනට නොගෙවුනු නිමිත්තෙහිද පාරාජිකයම වේ. අඩක් ගෙවීගියාවූද, බොහෝසෙයින් නැසුනාවූද නිමිත්තෙහි ථුල්ලච්චය වේ.

මනුස‍්සානං ජීවමානකසරීරෙ අක‍්ඛිනාසකණ‍්ණච‍්ඡිද‍්දවත්‍ථිකොසෙසු සත්‍ථකාදීහි කතවණෙ වා මෙථුනරාගෙන තිලඵලමත‍්තම‍්පි අඞ‍්ගජාතං පවෙසෙන‍්තස‍්ස ථුල‍්ලච‍්චයමෙව. අවසෙසසරීරෙ උපකච‍්ඡකාදීසු දුක‍්කටං. මතෙ අල‍්ලසරීරෙ පාරාජිකක‍්ඛෙත‍්තෙ පාරාජිකං, ථුල‍්ලච‍්චයක‍්ඛෙත‍්තෙ ථුල‍්ලච‍්චයං, දුක‍්කටක‍්ඛෙත‍්තෙ දුක‍්කටං. යදා පන සරීරං උද‍්ධුමාතකං හොති කුථිතං නීලමක‍්ඛිකසමාකිණ‍්ණං කිමිකුලසමාකුලං නවහි වණමුඛෙහි පග‍්ගළිතපුබ‍්බකුණපභාවෙන උපගන‍්තුම‍්පි අසක‍්කුණෙය්‍යං, තදා පාරාජිකවත්‍ථුඤ‍්ච ථුල‍්ලච‍්චයවත්‍ථුඤ‍්ච විජහති; තාදිසෙ සරීරෙ යත්‍ථ කත්‍ථචි උපක‍්කමතො දුක‍්කටමෙව. තිරච‍්ඡානගතානං හත්‍ථි-අස‍්ස-ගොණ-ගද්‍රභ-ඔට‍්ඨමහිංසාදීනං නාසාය ථුල‍්ලච‍්චයං. වත්‍ථිකොසෙ ථුල‍්ලච‍්චයමෙව. සබ‍්බෙසම‍්පි තිරච‍්ඡානගතානං අක‍්ඛිකණ‍්ණවණෙසු දුක‍්කටං, අවසෙසසරීරෙපි දුක‍්කටමෙව. මතානං අල‍්ලසරීරෙ පාරාජිකක‍්ඛෙත‍්තෙ පාරාජිකං, ථුල‍්ලච‍්චයක‍්ඛෙත‍්තෙ ථුල‍්ලච‍්චයං, දුක‍්කටක‍්ඛෙත‍්තෙ දුක‍්කටං.

මිනිසුන්ගේ පණ ඇති සිරුරෙහි ඇස්, නාස්, කන්සිදුර, රහසඟ යන මෙතැන්හි හෝ සැත් ආදියෙන් කළ වණයෙහි හෝ මෛථුන රාගයෙන් තලැටක් පමණකුදු අඞ්ගජාතය ප්‍රවෙශ කරන්නහුට ථුල්ලච්චයම වේ. සෙසු සිරුරෙහි කිසිළි ආදියෙහි උපක්‍රම කරන්නහුට දුක්කටය වේ. මළා වූ තෙත් සිරුරෙහි පාරාජික ක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කට ක්‍ෂෙත්‍රයෙහි දුක්කටය වේ. යම්කලෙක ශරීරය ඉදිමී කුණුවීගියේ, නීලමැස්සන්ගෙන් ගැවසුනේ, පණුකැලින් ආකුලවූයේ, නවවණමුඛයන්ගෙන් වැගුරුණු සැරව ඇත්තේ, කුණපබැවින් ලංවන්නට නොහැකිවන්නේද, එකල්හි පාරාජික වස්තුභාවයත් ථුල්ලච්චය වස්තුභාවයත් හැර සිටුනේය. එබඳු සිරුරෙහි යම්කිසි තැනක උපක්‍රම කරන්නහුට දුක්කටයම වේ. තිරිසන් ගිය ඇත්, අස්, ගොන්, කොටලු, ඔටු, මීගොන් ආදීන්ගේ නාසයෙහි උපක්‍රම කරන්නහුට ථුල්ලච්චය වේ. රහසඟෙහි උපක්‍රම කරන්නහුටද ථුල්ලච්චයම වේ. සියලු තිරිසන් ගියවුන්ගේ ඇස්, කන්, වණයන්හි දුක්කටය වේ. සෙසුසිරුරෙහිද දුක්කටයමය. මළවුන්ගේ තෙත්සිරුරෙහි පාරාජික ක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කටක්‍ෂෙත්‍රයෙහි දුක්කටය වේ.

කුථිතකුණපෙ පන පුබ‍්බෙ වුත‍්තනයෙනෙව සබ‍්බත්‍ථ දුක‍්කටං. කායසංසග‍්ගරාගෙන වා මෙථුනරාගෙන වා ජීවමානකපුරිසස‍්ස වත්‍ථිකොසං අප‍්පවෙසෙන‍්තො නිමිත‍්තෙන නිමිත‍්තං ඡුපති, දුක‍්කටං. මෙථුනරාගෙන ඉත්‍ථියා අප‍්පවෙසෙන‍්තො නිමිත‍්තෙන නිමිත‍්තං ඡුපති, ථුල‍්ලච‍්චයං. මහාඅට‍්ඨකථායං පන “ඉත්‍ථිනිමිත‍්තං මෙථුනරාගෙන මුඛෙන ඡුපති ථුල‍්ලච‍්චය”න‍්ති වුත‍්තං. චම‍්මක‍්ඛන්‍ධකෙ “ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අචිරවතියා නදියා ගාවීනං තරන‍්තීනං විසාණෙසුපි ගණ‍්හන‍්ති, කණ‍්ණෙසුපි ගණ‍්හන‍්ති, ගීවායපි ගණ‍්හන‍්ති, ඡෙප‍්පායපි ගණ‍්හන‍්ති, පිට‍්ඨිම‍්පි අභිරුහන‍්ති, රත‍්තචිත‍්තාපි අඞ‍්ගජාතං ඡුපන‍්තී”ති (මහාව· 252) ඉමිස‍්සා අට‍්ඨුප‍්පත‍්තියා අවිසෙසෙන වුත‍්තං – “න ච, භික‍්ඛවෙ, රත‍්තචිත‍්තෙන අඞ‍්ගජාතං ඡුපිතබ‍්බං, යො ඡුපෙය්‍ය, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති (මහාව· 252). තං සබ‍්බම‍්පි සංසන්‍දිත්‍වා යථා න විරුජ‍්ඣති තථා ගහෙතබ‍්බං. කථඤ‍්ච න විරුජ‍්ඣති? යං තාව මහාඅට‍්ඨකථායං වුත‍්තං “මෙථුනරාගෙන මුඛෙන ඡුපතී”ති. තත්‍ර කිර නිමිත‍්තමුඛං මුඛන‍්ති අධිප‍්පෙතං. “මෙථුනරාගෙනා”ති ච වුත‍්තත‍්තාපි අයමෙව තත්‍ථ අධිප‍්පායොති වෙදිතබ‍්බො. න හි ඉත්‍ථිනිමිත‍්තෙ පකතිමුඛෙන මෙථුනුපක‍්කමො හොති. ඛන්‍ධකෙපි යෙ පිට‍්ඨිං අභිරුහන‍්තා මෙථුනරාගෙන අඞ‍්ගජාතෙන අඞ‍්ගජාතං ඡුපිංසු, තෙ සන්‍ධාය ථුල‍්ලච‍්චයං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

කුණුවූ කුණපයෙහි වනාහි පෙර කියුනයින්ම සියලු තන්හි දුක්කටය වේ. කායසංසර්‍ග රාගයෙන් හෝ මෛථුන රාගයෙන් ජීවමාන පුරුෂයෙකුගේ වස්තිකොෂයෙහි ඇතුල් නොකරමින් නිමිත්තෙන් නිමිත්ත පහසාද ගටාද දුක්කටය වේ. මෛථුන රාගයෙන් ස්ත්‍රියකගේ නිමිත්ත තුළට ඇතුල් නොකරමින් නිමිත්තෙන් නිමිත්ත පහසද ගටාද ථුල්ලච්චය වේ. මහා අර්‍ත්‍ථ කථාවෙහි වනාහි මෛථුන රාගයෙන් ස්ත්‍රීනිමිත්ත මුවෙන් පහසාද ථුල්ලච්චය වේ යයි කියන ලදී. චම්මක්‍ඛන්‍ධකයෙහි ‘ඡබ්බග්ගියභික්‍ඛූ අචිරවතියා නදියා ගාවීනං තරන්තීනං විසාණෙසුපි ගණ්භන්ති, කණ්ණෙසුපි ගණ්භන්ති, ගීවායපි ගණ්භන්ති, ඡෙප්පායති ගණ්භන්ති, පිට්ඨිම්පි අභිරුභන්ති, රත්තචිත්තාපි අඞ්ගජාතං ඡුපන්ති’ යන මේ අර්‍ත්‍ථොත්පත්තියෙහි විශේෂයක් නොතබා ‘න ච භික්‍‍‍ඛවෙ රත්තචිත්තෙන අඞ්ගජාතං ඡුපිතබ්බං යො ඡුපෙය්‍ය ආපත්ති ථුල්ලච්චයස්ස’යි වදාරණ ලද්දේය. ඒ සියල්ලද සසඳා යම්සේ විරුද්ධ නොවේද, එසේ ගතයුතුය. කෙසේ විරුද්ධ නොවේදයත්: මහාඅර්‍ත්‍ථ කථාවෙහි වනාහි මෛථුන රාගය කරනකොට මුවෙන් පහසායයි යමක් කියනලද්දේද, එහි වනාහි නිමිත්තමුඛය, මුඛයයි අදහස් කරන ලද්දේය. මෛථුන රාගයෙනැයි කියූ බැවින්ද, එහි මේ අදහසමැයි දතයුතුය. ප්‍රකෘති මුඛයෙන් ස්ත්‍රීනිමිත්තෙහි මෛථුනය පිළිබඳ උපක්‍රමයක් නොවේමය. ඛන්‍ධකයෙහිද යම් භික්‍ෂු කෙනෙක් දෙනුන්පිට නගින්නාහු මෛථුන රාගය කරනකොට අඞ්ගජාතයෙන් අඞ්ගජාතය ස්පර්‍ශකළාහුද, ඔවුන් සඳහා ථුල්ලච්චය වදාරණ ලදයි දතයුතුය.

ඉතරථා හි දුක‍්කටං සියා. කෙචි පනාහු “ඛන්‍ධකෙපි මුඛෙනෙව ඡුපනං සන්‍ධාය ඔළාරිකත‍්තා කම‍්මස‍්ස ථුල‍්ලච‍්චයං වුත‍්තං. අට‍්ඨකථායම‍්පි තං සන්‍ධායභාසිතං ගහෙත්‍වාව මෙථුනරාගෙන මුඛෙන ඡුපති ථුල‍්ලච‍්චයන‍්ති වුත‍්ත”න‍්ති. තස‍්මා සුට‍්ඨු සල‍්ලක‍්ඛෙත්‍වා උභොසු විනිච‍්ඡයෙසු යො යුත‍්තතරො සො ගහෙතබ‍්බො. විනයඤ‍්ඤූ පන පුරිමං පසංසන‍්ති. කායසංසග‍්ගරාගෙන පන පකතිමුඛෙන වා නිමිත‍්තමුඛෙන වා ඉත්‍ථිනිමිත‍්තං ඡුපන‍්තස‍්ස සඞ‍්ඝාදිසෙසො. තිරච‍්ඡානගතිත්‍ථියා පස‍්සාවමග‍්ගං නිමිත‍්තමුඛෙන ඡුපන‍්තස‍්ස වුත‍්තනයෙනෙව ථුල‍්ලච‍්චයං. කායසංසග‍්ගරාගෙන දුක‍්කටන‍්ති.

අන්යුරකින් හෙවත් ප්‍රකෘතිමුඛයෙන් පවසන්නහුට අං ආදිය අල්ලා ගැනීමෙහි මෙන් දුක්කටය වන්නේය. කිසිකෙනෙක් වනාහි ඛන්‍ධකයෙහිදු තොල්, දිව් ආදීවූ මුඛාවයවයකින්ම ස්පර්‍ශ කිරීම සඳහා ව්‍යතික්‍රමසඞ්ඛ්‍යාතකර්‍මය තමා දළ බැවින් ථුල්ලච්චය වදාරණ ලදය. අර්‍ත්‍ථ කථාවෙහිද ඒ අද්ධ්‍යාචාරය සඳහා කියනලද්දම ගෙන මෛථුන රාගය කරනකොට මුවෙන් පහසානම් ථුල්ලච්චය වේ යයි කියනලදැයි කියත්. එහෙයින් මැනවින් සලකාබලා දෙවැදෑරුම් විනිශ්චයන් අතුරෙහි යම් විනිශ්චයක් යුක්තිතරද ඒ ගතයුතුය. විනය දත්තාහු වනාහි පළමු විනිශ්චය පසසත්. කායසංසර්‍ගරාගය කරනකොට වනාහි ප්‍රකෘතිමුඛයෙන් හෝ නිමිත්ත මුඛයෙන් හෝ ස්ත්‍රීනිමිත්ත ස්පර්‍ශකරන්නා හට සඞ්ඝාදිසෙසය වේ. තිරිසන් ගිය ස්ත්‍රියගේ මුත්‍රමාර්‍ගය නිමිත්ත මුඛයෙන් ස්පර්‍ශකරන්නා හට කියූනයින්ම ථුල්ලච්චය වේ. තමන්ගේ නිමිත්ත මුඛයෙන් කායසංසර්‍ගරාගය කරනකොට ගෙන ස්පර්‍ශ කරන්නාහට දුක්කටය වේ.

එකූනසත‍්තතිද‍්විසතචතුක‍්කකථා නිට‍්ඨිතා.

අවශෙෂ එකුනස්පත්ති ද්විශතචතුෂ්ක කථාව නිමි.

සන්‍ථතචතුක‍්කභෙදකථා

සන්ථතචතුක්කභෙදකථා

එවං භගවා පටිපන‍්නකස‍්ස භික‍්ඛුනො රක‍්ඛණත්‍ථං සත‍්තතිද‍්විසතචතුක‍්කානි නීහරිත්‍වා “ඉදානි යෙ අනාගතෙ පාපභික‍්ඛූ ‘සන්‍ථතං ඉමං න කිඤ‍්චි උපාදින‍්නකං උපාදින‍්නකෙන ඵුසති, කො එත්‍ථ දොසො’ති සඤ‍්චිච‍්ච ලෙසං ඔඩ‍්ඩෙස‍්සන‍්ති, තෙසං සාසනෙ පතිට‍්ඨා එව න භවිස‍්සතී”ති දිස‍්වා තෙසු සත‍්තතිද‍්විසතචතුක‍්කෙසු එකමෙකං චතුක‍්කං චතූහි සන්‍ථතාදිභෙදෙහි භින්‍දිත්‍වා දස‍්සෙන‍්තො භික‍්ඛුපච‍්චත්‍ථිකා මනුස‍්සිත්‍ථිං භික‍්ඛුස‍්ස සන‍්තිකෙ ආනෙත්‍වා වච‍්චමග‍්ගෙන පස‍්සාවමග‍්ගෙන මුඛෙන අඞ‍්ගජාතං අභිනිසීදෙන‍්ති සන්‍ථතාය අසන්‍ථතස‍්සාතිආදිමාහ.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ ආරබ්ධවිදර්‍ශක භික්‍ෂුවගේ රැකීම පිණිස දෙසියසැත්තෑවක් චතුෂ්ක ගෙනහැර දක්වා දැන් අනාගතයෙහි යම් පාපභික්‍ෂූහු පිළිසම් ආදි යමකින් වසන ලද්දාවූ මේ කායෙන්‍ද්‍රියයෙන් යුත් කිසි නිමිත්තක් කායෙන්‍ද්‍රියයෙන් යුත් නිමිත්තෙන් නොපහසාද, මෙහි කවර දොෂයක්දැයි සිතා දැන ලෙශයක් නගා පිහිටුවන්නාහුද, ඔවුන්ට මාගේ ශාසනයෙහි ප්‍රතිෂ්ඨාවක්නම් නොවන්නීයයි දැකවදාරා ඒ දෙසියසැත්තෑවක් චතුෂ්කයන් අතුරෙහි එක්එක් චතුෂ්කය චතුර්විධ සන්‍ථතාදිභෙදයෙන් බිඳ දක්වනසේක් ‘භික්‍‍‍ඛුපච්චත්‍ථිකා මනුස්සිත්‍ථි, භික්‍‍‍ඛුස්ස සන්තිකෙ ආනෙත්‍වා වච්චමග්ගෙන පස්සාවමග්ගෙන - මුඛමග්ගෙන අඞ්ගජාතං අභිනිසීදෙන්ති සන්‍ථතාය අසන්‍ථතස්ස’ යනාදිය වදාළ සේක.

තත්‍ථ සන්‍ථතාය අසන්‍ථතස‍්සාතිආදීසු සන්‍ථතාය ඉත්‍ථියා වච‍්චමග‍්ගෙන පස‍්සාවමග‍්ගෙන මුඛෙන අසන්‍ථතස‍්ස භික‍්ඛුස‍්ස අඞ‍්ගජාතං අභිනිසීදෙන‍්තීති ඉමිනා නයෙන යොජනා වෙදිතබ‍්බා. තත්‍ථ සන්‍ථතා නාම යස‍්සා තීසු මග‍්ගෙසු යො කොචි මග‍්ගො පලිවෙඨෙත්‍වා වා අන‍්තො වා පවෙසෙත්‍වා යෙන කෙනචි වත්‍ථෙන වා පණ‍්ණෙන වා වාකපට‍්ටෙන වා චම‍්මෙන වා තිපුසීසාදීනං පට‍්ටෙන වා පටිච‍්ඡන‍්නො. සන්‍ථතො නාම යස‍්ස අඞ‍්ගජාතං තෙසංයෙව වත්‍ථාදීනං යෙන කෙනචි පටිච‍්ඡන‍්නං. තත්‍ථ උපාදින‍්නකෙන වා අනුපාදින‍්නකං ඝට‍්ටියතු, අනුපාදින‍්නකෙන වා උපාදින‍්නකං, අනුපාදින‍්නකෙන වා අනුපාදින‍්නකං, උපාදින‍්නකෙන වා උපාදින‍්නකං, සචෙ යත‍්තකෙ පවිට‍්ඨෙ පාරාජිකං හොතීති වුත‍්තං, තත‍්තකං පවිසති, සබ‍්බත්‍ථ සාදියන‍්තස‍්ස පාරාජිකක‍්ඛෙත‍්තෙ පාරාජිකං; ථුල‍්ලච‍්චයක‍්ඛෙත‍්තෙ ථුල‍්ලච‍්චයං, දුක‍්කටක‍්ඛෙත‍්තෙ දුක‍්කටමෙව හොති. සචෙ ඉත්‍ථිනිමිත‍්තං ඛාණුං කත්‍වා සන්‍ථතං, ඛාණුං ඝට‍්ටෙන‍්තස‍්ස දුක‍්කටං. සචෙ පුරිසනිමිත‍්තං ඛාණුං කත්‍වා සන්‍ථතං, ඛාණුං පවෙසෙන‍්තස‍්ස දුක‍්කටං. සචෙ උභයං ඛාණුං කත්‍වා සන්‍ථතං, ඛාණුනා ඛාණුං ඝට‍්ටෙන‍්තස‍්ස දුක‍්කටං. සචෙ ඉත්‍ථිනිමිත‍්තෙ වෙළුනළපබ‍්බාදීනං කිඤ‍්චි පක‍්ඛිත‍්තං, තස‍්ස හෙට‍්ඨාභාගං චෙපි ඵුසන‍්තො තිලඵලමත‍්තං පවෙසෙති, පාරාජිකං. උපරිභාගං චෙපි උභොසු පස‍්සෙසු එකපස‍්සං චෙපි ඵුසන‍්තො පවෙසෙති, පාරාජිකං. චත‍්තාරිපි පස‍්සානි අඵුසන‍්තො පවෙසෙත්‍වා තස‍්ස තලං චෙපි ඵුසති, පාරාජිකං. යදි පන පස‍්සෙසු වා තලෙ වා අඵුසන‍්තො ආකාසගතමෙව කත්‍වා පවෙසෙත්‍වා නීහරති, දුක‍්කටං. බහිද‍්ධා ඛාණුකෙ ඵුසති දුක‍්කටමෙව. යථා ච ඉත්‍ථිනිමිත‍්තෙ වුත‍්තං, එවං සබ‍්බත්‍ථ ලක‍්ඛණං වෙදිතබ‍්බන‍්ති.

එහි ‘සන්‍ථතාය අසන්‍ථතස්ස’ යනාදී තන්හි පිළිසම් ආදියකින් වසනලද ස්ත්‍රියකගේ වසමග හා පසමග හා මුවමග හා පිළිසම් ආදි යමකින් නොවසනලද මහණහුගේ අඞ්ගජාතය යොදත්යි මේ නයින් යෝජනාව දතයුතුය. එහි සන්‍ථතා නම්: යම්කිසි ස්ත්‍රියකගේ වසමග පසමග-මුවමග යන තුන්මග අතුරෙහි යම්කිසි මගක් ඇතුළට ප්‍රවෙශ නොකොට පිටත වෙළා හෝ පිළිසම් ආදියක් ඇතුළත ප්‍රවේශකොට හෝ යම්කිසි පිළිකඩකින් හෝ කොළපතකින් හෝ වැහැරි පටකින් හෝ සමකින් හෝ කළුතුඹ, සුදුකුඩ ආදීවූ යම්කිසි පටකින් හෝ වසන ලදද එසේ වැසූ මං ඇත්තී සන්‍ථතාය. සන්‍ථතනම්: යම්කිසි මහණක්හුගේ අඞ්ගජාතය ඒ වස්ත්‍රාදීන් අතුරෙහි යම්කිසිවකින් වසන ලද්දේද ඒ ය. එහි නොනට කායප්‍රසාදය ඇති නිමිත්තකින් හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලබාවා හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලැබේවා හෝ නැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නැසුන කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනුලැබේවා හෝ නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්තකින් නොනැසුනු කායප්‍රසාදය ඇති නිමිත්ත ගටනු ලැබේවා හෝ ඉදින් යම් පමණ තලැටක් පමණකුදු ඇතුල්වූකල්හි පාරාජිකයවේයයි වදාරණ ලද්දේද එහෙයින් එපමණකුදු ස්ත්‍රියකගේ තුන්මගින් එක්මගෙක ඇතුල්වේද, සියලුතන්හි එය ඉවසන්නහුට පාරාජිකක්‍ෂෙත්‍රයෙහි පාරාජිකය වේ. ථුල්ලච්චය ක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චය වේ. දුක්කටක්‍ෂේත්‍රයෙහි දුක්කටයම වේ. ඉදින් ස්ත්‍රී නිමිත්තෙහි ඇතුළට සමතලව හෝ මතුව සිටින සේ එයට සුදුසු කණුවක් ඇතුල්කොට යමකින් වැසූකණුව තමන්ගේ නිමිත්තෙන් ගටන්නහුට දුක්කටය වේ. ඉදින් පුරුෂ නිමිත්ත ඇතුළෙහි කණුවක් යවා යමකින් වැසූ ඒ කණුව ඇතුල් කරන්නහුට දුක්කටය වේ. ස්ත්‍රී - පුරුෂ නිමිති දෙක්හි කණු ඇතුල්කොට යමකින් වැසූ කණුව කණුවෙන් ගටන්නහුට දුක්කටය වේ. ඉදින් ස්ත්‍රී නිමිත්තෙහි හුණබට පුරුක් ආදීන්ගෙන් කිසිවක් ඇතුල් කරන ලද්දේ ද එහි යට කොටසද පහසමින් තලැටක් පමණ ප්‍රවෙශකෙරේනම්, පාරාජිකය වේ. මතුකොටසද දෙපසින් එක්පසක්ද පහසමින් ප්‍රවෙශකෙරේද, පාරාජිකය වේ. සතරපසම නොපහසමින් ඇතුල්කොට ඒ පුරුකෙහි ඇතුල්තලය නමුදු පහසානම් පාරාජිකය වේ. ඉදින්වනාහි සතරපසෙහි හෝ ඇතුල්තලයන්හි හෝ නොගටමින් නොපහසින් අහස්ගතමකොට ඇතුල්කොට පිටතට ඇදගනීද දුක්කටය වේ. ස්ත්‍රීනිමිත්තෙහි ඇතුළට යැවූ කණුවෙහි පිටත පහසානම් දුක්කටයම වේ. ස්ත්‍රීනිමිත්තෙහි යම්සේ කියනලදද, වසමග ඈ සියලු තන්හි ලක්‍ෂණයද එසේ දතයුතුය.

සන්‍ථතචතුක‍්කභෙදකථා නිට‍්ඨිතා.

සන්‍ථත චතුෂ්ක භෙදකථා නිමි.

භික‍්ඛුපච‍්චත්‍ථිකචතුක‍්කභෙදවණ‍්ණනා

භික්ඛුපච්චත්ථිකචතුක්කභෙදවණ්ණනා

එවං සන්‍ථතචතුක‍්කභෙදං වත්‍වා ඉදානි යස‍්මා න කෙවලං මනුස‍්සිත්‍ථිආදිකෙ භික‍්ඛුස‍්ස එව සන‍්තිකෙ ආනෙන‍්ති. අථ ඛො භික‍්ඛුම‍්පි තාසං සන‍්තිකෙ ආනෙන‍්ති, තස‍්මා තප‍්පභෙදං දස‍්සෙන‍්තො “භික‍්ඛුපච‍්චත්‍ථිකා භික‍්ඛුං මනුස‍්සිත්‍ථියා සන‍්තිකෙ”ති ආදිනා නයෙන සබ‍්බානි තානි චතුක‍්කානි පුනපි නීහරිත්‍වා දස‍්සෙසි. තෙසු විනිච‍්ඡයො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති.

මෙසේ සන්‍ථත චතුෂ්කභෙදය දක්වා දැන් යම්හෙයකින් හුදෙක් මහණහු වෙතටම මනුෂ්‍යස්ත්‍රී ආදීහු ගෙන නොඑන්නාහුද, තවද ස්ත්‍රීන් වෙතට මහණහුද ගෙනඑන්නාහ. එහෙයින් ඒ භෙදය දක්වනසේක් ‘භික්‍ඛුපච්චත්‍ථිකා භික්‍‍‍ඛුං මනුස්සිත්‍ථියා සන්තිකෙ’ යනාදි නයින් ඒ සියලු චතුෂ්ක නැවතත් ගෙනහැර දැක්වූ සේක. ඔවුන් කෙරෙහි වූ විනිශ්චය කියූනයින්ම දතයුතුය.

භික‍්ඛුපච‍්චත්‍ථිකවසෙන චතුක‍්කභෙදවණ‍්ණනා නිට‍්ඨිතා.

භික්‍ෂුප්‍රත්‍යනීක වශයෙන් චතුෂ්කභෙද වර්‍ණනාව නිමි.

රාජපච‍්චත්‍ථිකාදිචතුක‍්කභෙදකථා

රාජපච්චත්ථිකාදිචතුක්කභෙදකථා

යස‍්මා පන න භික‍්ඛුපච‍්චත්‍ථිකා එව එවං කරොන‍්ති, රාජපච‍්චත්‍ථිකාදයොපි කරොන‍්ති. තස‍්මා තම‍්පි පභෙදං දස‍්සෙන‍්තො “රාජපච‍්චත්‍ථිකා”තිආදිමාහ. තත්‍ථ රාජානො එව පච‍්චත්‍ථිකා රාජපච‍්චත්‍ථිකා. තෙ ච සයං ආනෙන‍්තාපි අඤ‍්ඤෙහි ආණාපෙන‍්තාපි ආනෙන‍්තියෙවාති වෙදිතබ‍්බා. චොරා එව පච‍්චත්‍ථිකා චොරපච‍්චත්‍ථිකා. ධුත‍්තාති මෙථුනුපසංහිතඛිඩ‍්ඩාපසුතා නාගරිකකෙරාටියපුරිසා, ඉත්‍ථිධුත‍්තසුරාධුත‍්තාදයො වා; ධුත‍්තා එව පච‍්චත්‍ථිකා ධුත‍්තපච‍්චත්‍ථිකා. ගන්‍ධන‍්ති හදයං වුච‍්චති, තං උප‍්පාටෙන‍්තීති උප‍්පලගන්‍ධා, උප‍්පලගන්‍ධා එව පච‍්චත්‍ථිකා උප‍්පලගන්‍ධපච‍්චත්‍ථිකා. එතෙ කිර න කසිවණිජ‍්ජාදීහි ජීවන‍්ති, පන්‍ථඝාතගාමඝාතාදීනි කත්‍වා පුත‍්තදාරං පොසෙන‍්ති. තෙ කම‍්මසිද‍්ධිං පත්‍ථයමානා දෙවතානං ආයාචෙත්‍වා තාසං බලිකම‍්මත්‍ථං මනුස‍්සානං හදයං උප‍්පාටෙන‍්ති. සබ‍්බකාලෙ ච මනුස‍්සා දුල‍්ලභා. භික‍්ඛූ පන අරඤ‍්ඤෙ විහරන‍්තා සුලභා හොන‍්ති. තෙ සීලවන‍්තං භික‍්ඛුං ගහෙත්‍වා “සීලවතො වධො නාම භාරියො හොතී”ති මඤ‍්ඤමානා තස‍්ස සීලවිනාසනත්‍ථං මනුස‍්සිත්‍ථිආදිකෙ වා ආනෙන‍්ති; තං වා තත්‍ථ නෙන‍්ති. අයමෙත්‍ථ විසෙසො. සෙසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. භික‍්ඛුපච‍්චත්‍ථිකවාරෙ වුත‍්තනයෙනෙව ච ඉමෙසු චතූසුපි වාරෙසු චතුක‍්කානි වෙදිතබ‍්බානි. පාළියං පන සංඛිත‍්තෙන වුත‍්තානි.

යම්හෙයකින් වනාහි භික්‍ෂුප්‍රත්‍යනීකයෝම මෙසේ නොකරත්ද රාජප්‍රත්‍යනීකාදීහුත් මෙසේ කරත්ද, එහෙයින් ඒ භෙදය දක්වනසේක් ‘රාජපච්චත්‍ථිකා’ යනාදිය වදාළ සේක. එහි රජහුම පසමිතුරුවූවාහු රාජපච්චත්‍ථිකයහ. ඒ රජහු තුමූම ගෙනඑන්නාහුද, අන්හුලවා ගෙන්වන්නාහුද ගෙනඑත්මැයයි දතයුතුය. සොරහුම පසමිතුරු වූවාහු චොරපච්චත්‍ථිකයහ. ධූර්‍තයෝ නම් මෙවුන්දම් ඇසුරු කළ කෙළිසෙල්ලම්හි යෙදීගත් නුවර වසන කෛරාටික පුරුෂයෝය. ස්ත්‍රී ධූර්‍ත - සුරාධූර්‍තාදීහු හෝවෙත්. ධූර්‍තයෝම පසමිතුරුවූවාහු ධුත්තච්චත්‍ථිකයහ. ගන්‍ධ යි හෘදය කියනු ලැබේ. ඒ හෘදය උපුටත්නුයි උප්පලගන්‍ධයහ. උප්පලගන්‍ධයෝම පසමිතුරුවූවාහු උප්පලගන්‍ධපච්චත්‍ථිකයහ. මොවුහු වනාහි සීසෑම්, වෙළඳාම් ආදියෙන් ජීවත්වන්නාහු නොවෙත්. මංපැහැරීම් ගම්පැහැරීම් ආදිය කොට අඹුදරුවන් පෝෂණය කරත්. තමන්ගේ කර්‍මසිද්ධිය පතන ඔවුහු දෙවියන් යැද ඔවුනට බිලියම් පිණිස මිනිසුන්ගේ හදමස් උපුටා ගනිත්. ඒ පිණිස ඔවුනට හැමදා මිනිස්සු ලබනු නොහැක්කාහුය. වනයෙහි වසන භික්‍ෂූහු සුලභ වෙත්. එහෙයින් ඔවුහු ‘සිල්වත් මහණුන් අල්ලාගෙන සිල්වතෙකු මැරීම බරපතල පාපයකැ’යි සිතන්නාහු ඒ මහණහුගේ ශීලවිනාශය පිණිස මනුෂ්‍යස්ත්‍රී ආදීන් අල්ලාගෙන එත්. මහණහු හෝ ස්ත්‍රීන් වෙත පමුණුවත්. එහි මේ විශේෂය වේ. සෙස්ස කියූනයින්ම දතයුතුය. භික්‍ෂුප්‍රත්‍යනීකවාරයෙහි කියූපරිදිම මේ සිවුවාරයන්හිද චතුෂ්කයෝ දතයුත්තාහ. පෙළෙහි වනාහි සැකෙවින් කියන ලදහ.

සබ‍්බාකාරෙන චතුක‍්කභෙදකථා නිට‍්ඨිතා.

සර්‍වාකාරයෙන් චතුෂ්කභෙදකථාව නිමි.

ආපත‍්තානාපත‍්තිවාරවණ‍්ණනා

ආපත්තානාපත්තිවාරවණ්ණනා

ඉදානි යං වුත‍්තං “මනුස‍්සිත්‍ථියා තයො මග‍්ගෙ මෙථුනං ධම‍්මං පටිසෙවන‍්තස‍්සා”තිආදි, එත්‍ථ අසම‍්මොහත්‍ථං “මග‍්ගෙන මග‍්ග”න‍්තිආදිමාහ. තත්‍ථ මග‍්ගෙන මග‍්ගන‍්ති ඉත්‍ථියා තීසු මග‍්ගෙසු අඤ‍්ඤතරෙන මග‍්ගෙන අත‍්තනො අඞ‍්ගජාතං පවෙසෙති අථ වා සම‍්භින‍්නෙසු ද‍්වීසු මග‍්ගෙසු පස‍්සාවමග‍්ගෙන වච‍්චමග‍්ගං වච‍්චමග‍්ගෙන වා පස‍්සාවමග‍්ගං පවෙසෙති. මග‍්ගෙන අමග‍්ගන‍්ති පස‍්සාවාදිමග‍්ගෙන පවෙසෙත්‍වා තස‍්ස සාමන‍්තා වණෙන නීහරති. අමග‍්ගෙන මග‍්ගන‍්ති මග‍්ගසාමන‍්තෙන වණෙන පවෙසෙත්‍වා මග‍්ගෙන නීහරති. අමග‍්ගෙන අමග‍්ගන‍්ති ද‍්වීසු සම‍්භින‍්නවණෙසු එකෙන වණෙන පවෙසෙත්‍වා දුතියෙන නීහරති. ඉමස‍්ස සුත‍්තස‍්ස අනුලොමවසෙන සබ‍්බත්‍ථ වණසඞ‍්ඛෙපෙ ථුල‍්ලච‍්චයං වෙදිතබ‍්බං.

දැන් ‘මනුස්සිත්‍ථියා තයො මග්ගෙ මෙථුනං ධම්මං පතිසෙවන්තස්ස’ යනාදී වූ යමක් වදාරන ලද්දේද, එහි නොමුළාබව පිණිස ‘මග්ගෙන මග්ගං’ යනාදිය වදාළ සේක. එහි ‘මග්ගෙන මග්ගං’ ස්ත්‍රියගේ තුන්මග අතුරෙහි එක්තරා මගකින් තමාගේ අඞ්ගජාතය ප්‍රවෙශ කරයි. තවද මලමග පසමග යන දෙමග භගන්‍දරාදි රෝගයකින් බිඳීගියකල්හි ඒ දෙමගඅතුරෙහි පසමගින් වසමගට, වසමගින් හෝ පසමගට ප්‍රවෙශ කරයි. ‘මග්ගෙන අමග්ගං’ පසමග ඈ මගකින් ප්‍රවෙශකොට එයට සමීප වූ වණයෙන් බැහැරට ඇදගනියි. ‘අමග්ගෙන මග්ගං’ මගට ලංව සිටි වණයෙන් ප්‍රවෙශකොට, මගින් බැහැරට ඇදගනියි. ‘අමග්ගෙන අමග්ගං’ දෙමග බිඳීගිය කල්හි එක් වණයකින් ප්‍රවෙශකොට දෙවන වණයෙන් බැහැරට ඇදගනියි. මේ සූත්‍රයට අනුලොම් වසයෙන් සියලු තන්හි ව්‍රණසඞ්ක්‍ෂෙපයෙහි ථුල්ලච්චය වේයයි දතයුතුය.

ඉදානි යං පරතො වක‍්ඛති “අනාපත‍්ති අජානන‍්තස‍්ස අසාදියන‍්තස‍්සා”ති, තත්‍ථ අසම‍්මොහත්‍ථං “භික‍්ඛු සුත‍්තභික‍්ඛුම‍්හී”තිආදිමාහ. තත්‍රායං අධිප‍්පායො – යො පටිබුද‍්ධො සාදියති සො “සුත‍්තම‍්හි මයි එසො විප‍්පටිපජ‍්ජි, නාහං ජානාමී”ති න මුච‍්චති. උභො නාසෙතබ‍්බාති චෙත්‍ථ ද‍්වෙපි ලිඞ‍්ගනාසනෙන නාසෙතබ‍්බා. තත්‍ර දූසකස‍්ස පටිඤ‍්ඤාකරණං නත්‍ථි, දූසිතො පුච‍්ඡිත්‍වා පටිඤ‍්ඤාය නාසෙතබ‍්බො. සචෙ න සාදියති, න නාසෙතබ‍්බො. එස නයො සාමණෙරවාරෙපි.

දැන් ඉදිරියෙහි ‘ආනාපත්ති අජානන්තස්ස අසාදියන්තස්ස’යි යමක් වදාරණ සේක්ද, එහි නොමුළාබව පිණිස ‘භික්‍‍‍ඛු සුත්තභික්‍‍‍ඛුම්හි’ යනාදිය වදාළ සේක. මේ එහි අදහසය: යම් මහණෙක් නින්දෙන් නැගීසිටියේ එය ඉවසාද, හෙතෙමේ ‘මා නිදිගත්කල්හි මෙතෙමේ විපිළිපන්නේය. මම නොදනිමි’යි ඇවැතින් නොමිදෙන්නේය. ‘උභො නාසෙතබ්බා’ යන මෙහි දෙදෙනම ලිඞ්ගනාශනයෙන් නැසිය යුතුය. එහි දූෂකයාගේ ප්‍රතිඥාකරණයක් හෙවත් ඔහු විචාරා ප්‍රතිඥා ගෙන නැසීමක් නැත්තේය. දූෂිතදැයි අසා දූෂිත මහණහු විචාරා ප්‍රතිඥා ගෙන ලිඞ්ගනාශනයෙන් නැසිය යුතුය. ඉදින් නොඉවසානම් නොනැසිය යුතුය. හෙරණහුගේ වාරයෙහිද මේ ක්‍රමය වේ.

එවං තත්‍ථ තත්‍ථ තං තං ආපත‍්තිඤ‍්ච අනාපත‍්තිඤ‍්ච දස‍්සෙත්‍වා ඉදානි අනාපත‍්තිමෙව දස‍්සෙන‍්තො “අනාපත‍්ති අජානන‍්තස‍්සා”තිආදිමාහ. තත්‍ථ අජානන‍්තො නාම යො මහානිද‍්දං ඔක‍්කන‍්තො පරෙන කතං උපක‍්කමම‍්පි න ජානාති වෙසාලියං මහාවනෙ දිවාවිහාරගතො භික‍්ඛු විය. එවරූපස‍්ස අනාපත‍්ති. වුත‍්තම‍්පි චෙතං – “‘නාහං භගවා ජානාමී’ති; ‘අනාපත‍්ති, භික‍්ඛු, අජානන‍්තස‍්සා’”ති (පාරා· 75). අසාදියන‍්තො නාම යො ජානිත්‍වාපි න සාදියති, තත්‍ථෙව සහසා වුට‍්ඨිතභික‍්ඛු විය. වුත‍්තම‍්පි චෙතං – “‘නාහං භගවා සාදියි’න‍්ති. ‘අනාපත‍්ති, භික‍්ඛු, අසාදියන‍්තස‍්සා”ති.

මෙසේ ඒ ඒ තන්හි ඒ ඒ ආපත්තියද අනාපත්තියද දක්වා දැන් අනාපත්තියම දක්වනසේක් ‘අනාපත්ති අජානන්තස්ස’ යනාදිය වදාළ සේක. එහි අජානන්ත නම් යමෙක් මහා නින්දට පැමිණියේ විශාලාමහා වනයෙහි දිවා විහරණයට ගිය මහණහු මෙන් පරහු විසින් කළ උපක්‍රමය නොදනීද, හෙතෙමේය. මෙබන්දහුට ඇවැත් නොවේ. ‘නාහං භගවා ජානාමීති අනාපත්ති භික්‍‍‍ඛු අජානන්තස්ස’යි මෙද වදාරණ ලද්දේය. අසාදියන්ත නම් යම් මහණක් දැනද නොඉවසානම් ඒ මහණතෙමේය. එහිම වහා නැගීසිටි මහණහු මෙනි. ‘නාහං භගවා සාදියින්ති අනාපත්ති භික්‍ඛු අසාදියන්තස්ස’යි මෙද වදාරණ ලද්දේය.

උම‍්මත‍්තකො නාම පිත‍්තුම‍්මත‍්තකො. දුවිධඤ‍්හි පිත‍්තං – බද‍්ධපිත‍්තං, අබද‍්ධපිත‍්තඤ‍්චාති. තත්‍ථ අබද‍්ධපිත‍්තං ලොහිතං විය සබ‍්බඞ‍්ගගතං, තම‍්හි කුපිතෙ සත‍්තානං කණ‍්ඩුකච‍්ඡුසරීරකම‍්පාදීනි හොන‍්ති. තානි භෙසජ‍්ජකිරියාය වූපසමන‍්ති. බද‍්ධපිත‍්තං පන පිත‍්තකොසකෙ ඨිතං. තම‍්හි කුපිතෙ සත‍්තා උම‍්මත‍්තකා හොන‍්ති විපල‍්ලත්‍ථසඤ‍්ඤා හිරොත‍්තප‍්පං ඡඩ‍්ඩෙත්‍වා අසාරුප‍්පාචාරං චරන‍්ති. ලහුකගරුකානි සික‍්ඛාපදානි මද‍්දන‍්තාපි න ජානන‍්ති. භෙසජ‍්ජකිරියායපි අතෙකිච‍්ඡා හොන‍්ති. එවරූපස‍්ස උම‍්මත‍්තකස‍්ස අනාපත‍්ති.

උන්මත්තක නම් පිත්තොන්මත්තක තෙමේය. බද්ධපිත්ත - අබද්ධපිත්තයි පිත දෙවැදැරුම්ය. එහි අබද්ධපිත්තය රුධිරයෙන් මුළු සිරුර පැතිර සිටියේය. ඒ අබද්ධපිත්තය කිපීගිය කල්හි සත්ත්‍වයන්ට කැසීම්, සිරුර වෙවුලීම් ආදි රෝග වේ. ඒ කැසීම් සිරුර වෙවුලීම් ආදිහු බෙහෙත් කිරීමෙන් සන්සිඳීයෙත්. බද්ධපිත්තය වනාහි පිත්තකොෂයෙහි පිහිටියේය. ඒ බද්ධපිත්තය කිපීගිය කල්හි සත්ත්‍වයෝ උමතුවෙත්. පෙරළීගිය සන්ඇත්තාහු විළිබිය හැරපියා නොසරුප් හැසුරුම්හි හැසිරෙන්නාහ. ලහුක - ගරුක ශික්‍ෂාපද මඩින්නාහුද නොදනිත්. ඔවුහු බෙහෙත් කිරීමෙනුදු පිළියම් නොකොට හැකියෝවෙත්. මෙබඳු උමතු මහණහුට ඇවැත් නොවේ.

ඛිත‍්තචිත‍්තො නාම විස‍්සට‍්ඨචිත‍්තො යක‍්ඛුම‍්මත‍්තකො වුච‍්චති. යක‍්ඛා කිර භෙරවානි වා ආරම‍්මණානි දස‍්සෙත්‍වා මුඛෙන හත්‍ථං පවෙසෙත්‍වා හදයරූපං වා මද‍්දන‍්තා සත‍්තෙ වික‍්ඛිත‍්තචිත‍්තෙ විපල‍්ලත්‍ථසඤ‍්ඤෙ කරොන‍්ති. එවරූපස‍්ස ඛිත‍්තචිත‍්තස‍්ස අනාපත‍්ති. තෙසං පන උභින‍්නං අයං විසෙසො – පිත‍්තුම‍්මත‍්තකො නිච‍්චමෙව උම‍්මත‍්තකො හොති, පකතිසඤ‍්ඤං න ලභති. යක‍්ඛුම‍්මත‍්තකො අන‍්තරන‍්තරා පකතිසඤ‍්ඤං පටිලභතීති. ඉධ පන පිත‍්තුම‍්මත‍්තකො වා හොතු යක‍්ඛුම‍්මත‍්තකො වා, යො සබ‍්බසො මුට‍්ඨස‍්සති කිඤ‍්චි න ජානාති, අග‍්ගිම‍්පි සුවණ‍්ණම‍්පි ගූථම‍්පි චන්‍දනම‍්පි එකසදිසං මද‍්දන‍්තොව විචරති, එවරූපස‍්ස අනාපත‍්ති. අන‍්තරන‍්තරා සඤ‍්ඤං පටිලභිත්‍වා ඤත්‍වා කරොන‍්තස‍්ස පන ආපත‍්තියෙව.

ඛිත්තචිත්ත නම් හළසිත් ඇත්තේය. යක්‍ෂොන්මත්තක යි කියනු ලැබේ. යක්‍ෂයෝ වනාහි බිහිසුණු අරමුණු දක්වා මුවෙන් අත ඇතුල්කොට හෘදයරූපය හෝ මඩිමින් සත්ත්‍වයන් විසුරුණු සිත්ඇත්තවුන්, පෙරළුනු සන්ඇත්තවුන් කෙරෙත්. මෙබඳුවූ විසිරීගිය සිත්ඇති මහණහුට ඇවැත් නොවේ ඒ දෙදෙනාගේ මේ විශෙෂය වේ. පිත්තොන්මත්තකතෙමේ නිතැතින්ම උමතුව සිටුනේය. පියවිසන් නොලබන්නේය. යක්‍ෂොන්මත්තක තෙමේ අතරතුර පියවිසන් ලබන්නේය. මෙහි වනාහි පිත්තොන්මත්තක හෝ වේවා යක්‍ෂොන්මත්තක හෝ වේවා යමෙක් මුළුමනින් මුළා සිහි ඇත්තේ කිසිත් නොදනීද, ගිනිද, රන්ද, අශුචිද, සඳුන්ද එක් සමානකොට සලකා මඩිමින් හැසිරේද, මෙබඳු මහණහුට ඇවැත් නොවේ. අතරතුර සන් ලැබ දැන කරන්නහු ඇවැත්මය.

වෙදනාට‍්ටො නාම යො අධිමත‍්තාය දුක‍්ඛවෙදනාය ආතුරො කිඤ‍්චි න ජානාති, එවරූපස‍්ස අනාපත‍්ති.

වෙදනට්ට නම් යම් මහණෙක් ඉතා දැඩි දුඃඛවෙදනාවෙන් ආතුරවූයේ කිසිත් නොදනීද, මෙබදු මහණහුට ඇවැත් නොවේ.

ආදිකම‍්මිකො නාම යො තස‍්මිං තස‍්මිං කම‍්මෙ ආදිභූතො. ඉධ පන සුදින‍්නත්‍ථෙරො ආදිකම‍්මිකො, තස‍්ස අනාපත‍්ති. අවසෙසානං මක‍්කටීසමණවජ‍්ජිපුත‍්තකාදීනං ආපත‍්තියෙවාති.

ආදිකම්මික නම්, යම් මහණෙක් ඒ ඒ කර්‍මයෙහි ආදිවූයේද මුල්වූයේද හෙතෙමේය. මෙහිවනාහි සුදින්න ස්ථවිරතෙමේ ආදිකර්‍මක වූයේය. ඔහුට ඇවැත් නොවේ. සෙසු මර්‍කටී ශ්‍රමණ වජ්ජිපුත්‍රකාදීන්ට ඇවැත්වේමය.

පදභාජනීයවණ‍්ණනා නිට‍්ඨිතා.

පදභාජනීය වර්‍ණනාව නිමි.

පකිණ‍්ණකකථා

පකිණ්ණකකථා

ඉමස‍්මිං පන සික‍්ඛාපදෙ කොසල‍්ලත්‍ථං ඉදං පකිණ‍්ණකංවෙදිතබ‍්බං –

මේ ශික්‍ෂාපදයෙහි දක්‍ෂභාවය පිණිස මේ ප්‍රකීර්‍ණකය දතයුතුය:

“සමුට‍්ඨානඤ‍්ච කිරියා, අථො සඤ‍්ඤා සචිත‍්තකං; ලොකවජ‍්ජඤ‍්ච කම‍්මඤ‍්ච, කුසලං වෙදනාය චා”ති.

‘සමුට්ඨානඤ්ච කිරියා - අථො සඤ්ඤා සචිත්තකං ලොකවජ්ජඤ්ච කම්මඤ්ච - කුසලං වෙදනාය ච’

උත්පත්ති කාරණයද කියාද නැවත සංඥාවද සචිත්තකයද ලොකවද්‍යයද කර්‍මයද වෙදනාව හා කුශලයද යන මේය.

තත්‍ථ “සමුට‍්ඨාන”න‍්ති සබ‍්බසඞ‍්ගාහකවසෙන ඡ සික‍්ඛාපදසමුට‍්ඨානානි. තානි පරිවාරෙ ආවි භවිස‍්සන‍්ති. සමාසතො පන සික‍්ඛාපදං නාම – අත්‍ථි ඡසමුට‍්ඨානං, අත්‍ථි චතුසමුට‍්ඨානං, අත්‍ථි තිසමුට‍්ඨානං, අත්‍ථි කථිනසමුට‍්ඨානං, අත්‍ථි එළකලොමසමුට‍්ඨානං, අත්‍ථි ධුරනික‍්ඛෙපාදිසමුට‍්ඨානන‍්ති.

එහි ‘සමුට්ඨානං’ යනු සියලු ශික්‍ෂාපදයන්ගේ සඞ්ග්‍රහ වශයෙන් සවැදෑරුම් වූ ශික්‍ෂාපද සමුත්‍ථානයයි. ඒ සමුත්‍ථාන පරිවාරයෙහි පහළවන්නේය. සඞ්ක්‍ෂෙප වශයෙන් වනාහි ශික්‍ෂාපදයක් ෂට්සමුත්‍ථානයක් ඇත්තේය. චතුස්සමුත්‍ථාන ශික්‍ෂාපදයක් ඇත්තේය. ත්‍රිසමුත්‍ථාන ශික්‍ෂාපදයක් ඇත්තේය. කඨින සමුත්‍ථාන ශික්‍ෂාපදයක් ඇත්තේය. එළකලොමසමුත්‍ථාන ශික්‍ෂාපදයක් ඇත්තේය. ධුරනික්‍ෂෙපාදිසමුත්‍ථාන ශික්‍ෂාපදයක් ඇත්තේය.

තත්‍රාපි කිඤ‍්චි කිරියතො සමුට‍්ඨාති, කිඤ‍්චි අකිරියතො සමුට‍්ඨාති, කිඤ‍්චි කිරියාකිරියතො සමුට‍්ඨාති, කිඤ‍්චි සියා කිරියතො, සියා අකිරියතො සමුට‍්ඨාති, කිඤ‍්චි සියා කිරියතො සියා කිරියාකිරියතො සමුට‍්ඨාති.

සමුට්ඨාන වසයෙන් තෙළෙස්වැදෑරුම් වූ ශික්‍ෂාපද අතුරෙහි කිසි ශික්‍ෂාපදයක් ආපත්තිව්‍යතික්‍රම කරන්නහුගේ කිරීමෙන් උපදී. කිසි ශික්‍ෂාපදයක් ඉටීම් ආදිය නොකරන්නහුගේ නොකිරීමෙන් උපදී. කිසි ශික්‍ෂාපදයක් කිරීමෙන් හා නොකිරීමෙන් උපදී. කිසි ශික්‍ෂාපදයක් කිසිකලෙක කිරීමෙන් හා කිසිකලෙක නොකිරීමෙන් උපදී. කිසි ශික්‍ෂාපදයක් කිසිකලක කිරීමෙන් කිසිකලක කිරීමෙන් හා නොකිරීමෙන් උපදී.

තත්‍රාපි අත්‍ථි සඤ‍්ඤාවිමොක‍්ඛං, අත්‍ථි නොසඤ‍්ඤාවිමොක‍්ඛං. තත්‍ථ යං චිත‍්තඞ‍්ගං ලභතියෙව, තං සඤ‍්ඤාවිමොක‍්ඛං; ඉතරං නොසඤ‍්ඤාවිමොක‍්ඛං.

ඒ ක්‍රියා අක්‍රියා වශයෙන් පස්වැදෑරුම් වූ ශික්‍ෂාපද අතුරෙහි ව්‍යතික්‍රම සංඥාවගේ අභාවයෙන් ඇවැතින් මිදීම ඇති සචිත්තකසමුට්ඨාන වූ සඤ්ඤාවිමොක්‍ඛ නම් ශික්‍ෂාපදයක් ඇත්තේය. ව්‍යතික්‍රමසංඥාවගේ අභාවයෙන් ඇවැතින් මිදීම නැති අචිත්තකසමුට්ඨාන වූ නොසඤ්ඤාවිමොක්‍ඛ නම්වූ ශික්‍ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්‍ෂාපදයක් ආපත්තියට කරුණු වූ සංඥාව හා යෙදිගත් චිත්තාඞ්ගය ලබාමද ඒ ශික්‍ෂාපදය සඤ්ඤාවිමොක්‍ඛ නම්වේ. අන්‍ය වූ ප්‍රඥප්තිවද්‍ය ශික්‍ෂාපදය නොසඤ්ඤාවිමොක්‍ඛ නම්වේ.

පුන අත්‍ථි සචිත‍්තකං, අත්‍ථි අචිත‍්තකං. යං සහෙව චිත‍්තෙන ආපජ‍්ජති, තං සචිත‍්තකං; යං විනාපි චිත‍්තෙන ආපජ‍්ජති, තං අචිත‍්තකං . තං සබ‍්බම‍්පි ලොකවජ‍්ජං පණ‍්ණත‍්තිවජ‍්ජන‍්ති දුවිධං. තෙසං ලක‍්ඛණං වුත‍්තමෙව.

නැවත ප්‍රඥප්තිවිජානනචිත්තය හාද වස්තුව්‍යතික්‍රමචිත්තය හාද යම් ඇවැතකට පැමිණේද ඒ සචිත්තකය. ප්‍රඥප්තිවිජානනචිත්තයෙන් හා වස්තුව්‍යතික්‍රමචිත්තයෙන් තොරව යම් ඇවතකට පැමිණේද ඒ අචිත්තකය. සචිත්තකසමූට්ඨානයෙන් යම් ඇවැතකට පැමිණේනම් ඒ සචිත්තකය. කිසිකලෙක අචිත්තක වූත් කිසිකලෙක සචිත්තකවූත් සමුට්ඨානයෙන් ඇවැතකට පැමිණේ නම් ඒ අචිත්තකය. ඒ සියලු ශික්‍ෂාපද ලොකවද්‍ය ප්‍රඥප්තිවද්‍යයි දෙවදෑරුම් වේ. ඒ ශික්‍ෂාපදයන්ගේ ලක්‍ෂණ මෛථුන ශික්‍ෂාපදයෙහි අනුප්‍රඥප්ති කථාවෙහි කියන ලද්දේමය.

කම‍්මකුසලවෙදනාවසෙනාපි චෙත්‍ථ අත්‍ථි සික‍්ඛාපදං කායකම‍්මං, අත්‍ථි වචීකම‍්මං. තත්‍ථ යං කායද‍්වාරිකං, තං කායකම‍්මං; යං වචීද‍්වාරිකං, තං වචීකම‍්මන‍්ති වෙදිතබ‍්බං. අත්‍ථි පන සික‍්ඛාපදං කුසලං, අත්‍ථි අකුසලං, අත්‍ථි අබ්‍යාකතං. ද‍්වත‍්තිංසෙව හි ආපත‍්තිසමඋට‍්ඨාපකචිත‍්තානි – අට‍්ඨ කාමාවචරකුසලානි, ද‍්වාදස අකුසලානි, දස කාමාවචරකිරියචිත‍්තානි, කුසලතො ච කිරියතො ච ද‍්වෙ අභිඤ‍්ඤාචිත‍්තානීති. තෙසු යං කුසලචිත‍්තෙන ආපජ‍්ජති, තං කුසලං; ඉතරෙහි ඉතරං. අත්‍ථි ච සික‍්ඛාපදං තිවෙදනං, අත්‍ථි ද‍්විවෙදනං, අත්‍ථි එකවෙදනං. තත්‍ථ යං ආපජ‍්ජන‍්තො තීසු වෙදනාසු අඤ‍්ඤතරවෙදනාසමඞ‍්ගී හුත්‍වා ආපජ‍්ජති, තං තිවෙදනං; යං ආපජ‍්ජන‍්තො සුඛසමඞ‍්ගී වා උපෙක‍්ඛාසමඞ‍්ගී වා ආපජ‍්ජති, තං ද‍්විවෙදනං; යං ආපජ‍්ජන‍්තො දුක‍්ඛවෙදනාසමඞ‍්ගීයෙව ආපජ‍්ජති, තං එකවෙදනන‍්ති වෙදිතබ‍්බං. එවං –

කර්‍මකුශල වෙදනා වශයෙන්ද මෙහි කායද්වාරයෙන් පැමිණිය යුතුවූ ශික්‍ෂාපදයක් ඇත්තේය. වාග්ද්වාරයෙන් පැමිණිය යුතුවූ ශික්‍ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්‍ෂාපදයක් කායද්වාරයෙන් පැමිණිය යුතුද ඒ ශික්‍ෂාපදය කායකර්‍ම නමි. යම් ශික්‍ෂාපදයක් වාග්ද්වාරයෙන් පැමිණිය යුතුද ඒ ශික්‍ෂාපදය වාක්කර්‍ම නමැයි දතයුතුය. කුසල් සිතින් පැමිණියයුතු වූ ශික්‍ෂාපදයක් ඇත්තේය. අකුසල් සිතින් පැමිණිය යුතු වූ ශික්‍ෂාපදයක් ඇත්තේය. අව්‍යාකෘත චිත්තයෙන් පැමිණිය යුතු වූ ශික්‍ෂාපදයෙක් ඇත්තේය. අෂ්ටකාමාවචර කුශලචිත්ත, ද්වාදශඅකුශලචිත්ත, හසිතොත්පාද, ව්‍යවස්ථාපනචිත්ත හා අෂ්ටමහාක්‍රියා චිත්ත, කුශලක්‍රියා විසින් අභිඥාචිත්ත යන මේ දෙතිස්චිත්ත ආපත්තිසමුට්ඨාපක චිත්තය. ඔවුනතුරෙහි යම් ඇවැතකට කුසල් සිතින් පැමිණේද ඒ කුශලය. යම් ඇවැතකට අන්‍යවූ අකුශල අව්‍යාකෘත චිත්තයෙන් පැමිණේද ඒ අන්‍ය වූ අකුශල අව්‍යාකෘතය. සුඛ, දුඃඛ, උපෙක්‍ඛා යන වෙදනා තුනෙන් පැමිණිය යුතු වූ ශික්‍ෂාපදයක් ඇත්තේය. සුඛ, දුඃඛ යන දෙවැදැරුම් වූ වේදනාවෙන් පැමිණිය යුතුවූ ශික්‍ෂාපදයක් ඇත්තේය. දුඃඛවෙදනාවෙන් පැමිණියයුතු වූ ශික්‍ෂාපදයක් ඇත්තේය. එහි යම් ශික්‍ෂාපදයකට පැමිණෙනුයේ මෙ කියූ ත්‍රිවිධවෙදනා අතුරෙහි එක්තරා වෙදනාවකින් යුක්තව පැමිණේද, ඒ ශික්‍ෂාපදය ත්‍රිවෙදනනම. යම් ශික්‍ෂාපදයකට පැමිණෙනුයේ සුඛසමඞ්ගීව හෝ උපෙක්‍ෂා සමඞ්ගීව හෝ පැමිණේද, ඒ ශික්‍ෂාපදය ද්විවෙදනනම. යම් ශික්‍ෂාපදයකට පැමිණෙනුයේ දුඃඛවෙදනා සමඞ්ගීවම පැමිණේද, ඒ ශික්‍ෂාපදය එකවෙදනනමැයි දතයුතුය. මෙසේ:-

“සමුට‍්ඨානඤ‍්ච කිරියා, අථො සඤ‍්ඤා සචිත‍්තකං; ලොකවජ‍්ජඤ‍්ච කම‍්මඤ‍්ච, කුසලං වෙදනාය චා”ති.

‘සමුට්ඨානඤ්ච -පෙ- වෙදනාය ච’යි

ඉමං පකිණ‍්ණකං විදිත්‍වා තෙසු සමුට‍්ඨානාදීසු ඉදං සික‍්ඛාපදං සමුට‍්ඨානතො එකසමුට‍්ඨානං. අඞ‍්ගවසෙන දුකසමුට‍්ඨානං, කායචිත‍්තතො සමුට‍්ඨාති. කිරියසමුට‍්ඨානඤ‍්ච කරොන‍්තොයෙව හි එතං ආපජ‍්ජති. මෙථුනපටිසංයුත‍්තාය කාමසඤ‍්ඤාය අභාවෙන මුච‍්චනතො සඤ‍්ඤාවිමොක‍්ඛං. “අනාපත‍්ති අජානන‍්තස‍්ස අසාදියන‍්තස‍්සා”ති හි වුත‍්තං. මෙථුනචිත‍්තෙනෙව නං ආපජ‍්ජති, න විනා චිත‍්තෙනාති සචිත‍්තකං. රාගවසෙනෙව ආපජ‍්ජිතබ‍්බතො ලොකවජ‍්ජං. කායද‍්වාරෙනෙව සමුට‍්ඨානතො කායකම‍්මං. චිත‍්තං පනෙත්‍ථ අඞ‍්ගමත‍්තං හොති, න තස‍්ස වසෙන කම‍්මභාවො ලබ‍්භති. ලොභචිත‍්තෙන ආපජ‍්ජිතබ‍්බතො අකුසලචිත‍්තං. සුඛසමඞ‍්ගී වා උපෙක‍්ඛාසමඞ‍්ගී වා තං ආපජ‍්ජතීති ද‍්විවෙදනන‍්ති වෙදිතබ‍්බං. සබ‍්බඤ‍්චෙතං ආපත‍්තියං යුජ‍්ජති. සික‍්ඛාපදසීසෙන පන සබ‍්බඅට‍්ඨකථාසුදෙසනා ආරූළ‍්හා, තස‍්මා එවං වුත‍්තං.

ආ මේ මිශ්‍රකනය දැන ඒ සමුට්ඨානයන් අතුරෙහි මේ ශික්‍ෂාපදය සමුට්ඨාන විසින් එකසමුට්ඨාන වේ. අඞ්ග විසින් දුකසමුට්ඨාන වේ. කාය - චිත්ත දෙකින් උපදී. ක්‍රියසමුට්ඨානද වේ. කරන්නේම මේ ප්‍රථමපාරාජිකාපත්තියට පැමිණේ. බොහෝසෙයින් වන සැටියෙන් මේ කියන ලද්දේය. පරොපක්‍රමය ඇති කල්හි එය ඉවසන මහණහුට අක්‍රියසමුටඨානයෙන් වන හෙයිනි. මෛථුන ප්‍රතිසංයුක්ත කාමසංඥාවගේ අභාවයෙන් මිදෙන බැවින් සංඥා විමොක්‍ෂා නම. ‘නොදන්නහුට නොඉවසන්නහුට අනාපත්තිමැ’යි වදාරණ ලද්දේය. මෛථුන චිත්තයෙන්ම එයට පැමිණේ. සිතින් වෙන්ව නොපැමිණේයයි සචිත්තකනම. රාග වසයෙන්ම පැමිණියයුතු බැවින් ලොකවද්‍යය. කායද්වාරයෙන්ම හටගන්නා බැවින් කායකර්‍මය. මෙහිදී සිත වනාහි අඞ්ගමාත්‍රයක්ම වේ. ඒ චිත්තයෙහි වසයෙන් කර්‍මභාවය නොලැබේ. විඥප්තිජනක වශයෙන් කායද්වාරයෙහි පැවැති බැවින් ඒ චිත්තයාගේ වසයෙන් මේ ශික්‍ෂාපදයට කර්‍මභාවය නොලැබේ යනු අර්‍ත්‍ථයි. ලොභචිත්තයෙන් පැමිණයයුතු බැවින් අකුශල චිත්තයි. සුඛසමඞ්ගීව හෝ උපෙක්‍ෂාසමඞ්ගීව හෝ එයට පැමිණේනුයි ද්විවෙදනායි දතයුතුය. මේ සියල්ලම ආපත්තියෙහි යෙදෙන්නේය. ශික්‍ෂාපදශීර්‍ෂයෙන් වනාහි සියලු අර්‍ත්‍ථකථාවන්හි දෙශනා තොමෝ නැගුනීය. එහෙයින් මෙසේ කියන ලදය.

පකිණ‍්ණකකථා නිට‍්ඨිතා.