යෙදුමෙන් කියවන්න

විනීතවත්‍ථුවණ‍්ණනා අට‍්ඨකථා

විනීතවත්‍ථුවණ‍්ණනා

විනිශ්චිත කථාවස්තු

මක‍්කටී වජ‍්ජිපුත‍්තා ච…පෙ… වුඩ‍්ඪපබ‍්බජිතො මිගොති ඉදං කිං? ඉමා විනීතවත්‍ථූනං භගවතා සයං විනිච‍්ඡිතානං තෙසං තෙසං වත්‍ථූනං උද‍්දානගාථා නාම. තානි වත්‍ථූනි “සුඛං විනයධරා උග‍්ගණ‍්හිස‍්සන‍්තී”ති ධම‍්මසඞ‍්ගාහකත්‍ථෙරෙහි ඨපිතානි. වත්‍ථුගාථා පන ධරමානෙයෙව භගවති උපාලිත්‍ථෙරෙන ඨපිතා “ඉමිනා ලක‍්ඛණෙන ආයතිං විනයධරා විනයං විනිච‍්ඡිනිස‍්සන‍්තී”ති. තස‍්මා එත්‍ථ වුත‍්තලක‍්ඛණං සාධුකං සල‍්ලක‍්ඛෙත්‍වා පඨමසික‍්ඛාපදං විනිච‍්ඡිනිතබ‍්බං. දුතියාදීනඤ‍්ච විනීතවත්‍ථූසු වුත‍්තලක‍්ඛණෙන දුතියාදීනි. විනීතවත්‍ථූනි හි සිප‍්පිකානං පටිච‍්ඡන‍්නකරූපානි විය විනයධරානං පටිච‍්ඡන‍්නකවත්‍ථූනි හොන‍්තීති.

‘මක්කටී වජ්ජිපුත්තා ච -පෙ- බුඩ්ඪපබ්බජිතො මිගො’ යනු මේ කිම? විනීතවස්තූන් පිළිබඳ මේ ගාථා වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින්, තමන්වහන්සේ විසින් ‘ආපත්තිං ත්‍වං භික්‍‍‍ඛු ආපන්නො පාරාජිකං, අනාපත්ති භික්‍‍‍ඛු පාරාජිකස්ස’ යනාදි වසයෙන් විනිශ්චය කරණලද ඒ ඒ වස්තූන්ගේ උද්දාන ගාථා නම්ය. සඞ්ග්‍රහ ගාථාය. ඒ වස්තූහු විනයධරයෝ සුවසේ උගන්නාහයි ධර්‍ම සඞ්ග්‍රාහක මහාස්ථවිරයන් වහන්සේ විසින් තබන ලදහ. නිදානවස්තුප්‍රකාශක වූ විනීතවස්තුගාථා භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහිම උපාලි මහාස්ථවිරයන් වහන්සේ විසින් ‘මේ ලක්ෂණය කරුණුකොට මත්තෙහි විනයධරයෝ විනය විනිශ්චය කරන්නාහ’යි තබන ලදහ. එහෙයින් මෙහි කියූලක්‍ෂණ මැනවින් සලකා මැනැවින් උගෙන ප්‍රථම ශික්‍ෂාපදය විනිශ්චය කටයුතුය. ද්විතීය පාරාජිකාදීන්ගේද විනීතවස්තූන්හි කියූ ලක්‍ෂණයෙන් ද්විතීයාදී විනීත වස්තූහු විනිශ්චය කළයුත්තාහ. විනීතවස්තූහු වනාහි චිත්‍රකාරාදි ශිල්පීන්ගේ ආදර්‍ශරූප මෙන් විනයධරයන්ට ආදර්‍ශරූප වෙත්.

තත්‍ථ පුරිමානි ද‍්වෙ වත්‍ථූනි අනුපඤ‍්ඤත‍්තියංයෙව වුත‍්තත්‍ථානි. තතියෙ වත්‍ථුම‍්හි ගිහිලිඞ‍්ගෙනාති ගිහිවෙසෙන ඔදාතවත්‍ථො හුත්‍වා. චතුත්‍ථෙ නත්‍ථි කිඤ‍්චි වත‍්තබ‍්බං. තතො පරෙසු සත‍්තසු වත්‍ථූසු කුසචීරන‍්ති කුසෙ ගන්‍ථෙත්‍වා කතචීරං. වාකචීරං නාම තාපසානං වක‍්කලං. ඵලකචීරං නාම ඵලකසණ‍්ඨානානි ඵලකානි සිබ‍්බිත්‍වා කතචීරං. කෙසකම‍්බලොති කෙසෙහි තන‍්තෙ වායිත්‍වා කතකම‍්බලො. වාලකම‍්බලොති චමරවාලෙහි වායිත්‍වා කතකම‍්බලො. උලූකපක‍්ඛිකන‍්ති උලූකසකුණස‍්ස පක‍්ඛෙහි කතනිවාසනං. අජිනක‍්ඛිපන‍්ති සලොමං සඛුරං අජිනමිගචම‍්මං. ද‍්වාදසමෙ වත්‍ථුම‍්හි සාරත‍්තොති කායසංසග‍්ගරාගෙන සාරත‍්තො; තං රාගං ඤත්‍වා භගවා “ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්සා”ති ආහ.

එහි ප්‍රථම මර්‍කටී - වජ්ජිපුත්‍රක වස්තුදෙක අනුප්‍රඥප්තියෙහිම කියනලද අර්‍ත්‍ථ ඇත්තේය. තෘතීය වස්තුවෙහි ‘ගිහිලිඞ්ගෙන’ ගිහිවෙසින් හැඳි සුදුවත් ඇත්තේ වේ. චතුර්‍ත්‍ථ වස්තුවෙහි කියයුතු කිසිවක් නැත්තේය. එයින් මතුවෙහි එන වස්තු සතෙහි ‘කුසචීරං’ කුසතණ ගොතා කළවැහැරිය. වාකචීර නම් තවුසන්ගේ හැඳීමට පෙරවීමට ගන්නා රුක්පතුරු ගොතා කළවැහැරිය. ඵලකවීර නම් පුවරු සටහන් ඇතිව පුවරු එක්කොට බැඳ මසා කළවැහැරීය. ‘කෙසකම්බලො’ මිනිස් කෙසින් හූ සකස්කොට වියා එයින් කළවැහැරිය. ‘වාලකම්බලො’ සෙමරවලින් වියා කරනලද වැහැරිය. ‘උලූකපක්‍ඛං’ බකමුහුණන්ගේ පියාපතින්කළ නිවාසනය. ‘අජිනක්‍ඛිපං’ ලොම් සහිත වූ ඛුර සහිත වූ අජිනමුවසමය. දොළොස්වන වස්තුවෙහි ‘සාරත්තො’ කායසංසර්‍ගරාගයෙන් තදින් ඇලීගියේය. භාග්‍යවතුන් වහන්සේ ඒ රාගය දැන ‘ආපත්ති සඞ්ඝාදිසෙසස්ස’ යනු වදාළ සේක.

තෙරසමෙ වත්‍ථුම‍්හි උප‍්පලවණ‍්ණාති සා ථෙරී සාවත්‍ථියං සෙට‍්ඨිධීතා සතසහස‍්සකප‍්පෙ අභිනීහාරසම‍්පන‍්නා. තස‍්සා පකතියාපි අතිදස‍්සනීයා නීලුප‍්පලවණ‍්ණා කායච‍්ඡවි, අබ‍්භන‍්තරෙ පන කිලෙසසන‍්තාපස‍්ස අභාවෙන අතිවිය විරොචති. සා තායෙව වණ‍්ණපොක‍්ඛරතාය “උප‍්පලවණ‍්ණා”ති නාමං ලභි. පටිබද‍්ධචිත‍්තොති ගිහිකාලතො පට‍්ඨාය රත‍්තචිත‍්තො; සො කිර තස‍්සා ඤාතිදාරකො හොති. අථ ඛොති අනන‍්තරත්‍ථෙ නිපාතො; මඤ‍්චකෙ නිසින‍්නානන‍්තරමෙවාති වුත‍්තං හොති. දිවා බාහිරතො ආගන‍්ත්‍වා ද‍්වාරං පිධාය නිසින‍්නානඤ‍්හි පඨමං අන්‍ධකාරං හොති. සො යාවස‍්සා තං අන්‍ධකාරං න නස‍්සති, තාවදෙව එවමකාසීති අත්‍ථො. දූසෙසීති පධංසෙසි. ථෙරී පන අනවජ‍්ජා අත‍්තනො සමණසඤ‍්ඤං පච‍්චුපට‍්ඨපෙත්‍වා අසාදියන‍්තී නිසීදි අසද‍්ධම‍්මාධිප‍්පායෙන පරාමට‍්ඨා අග‍්ගික‍්ඛන්‍ධ-සිලාථම‍්භ-ඛදිරසාරඛාණුකා විය. සොපි අත‍්තනො මනොරථං පූරෙත්‍වා ගතො. තස‍්සා ථෙරියා දස‍්සනපථං විජහන‍්තස‍්සෙව අයං මහාපථවී සිනෙරුපබ‍්බතං ධාරෙතුං සමත්‍ථාපි තං පාපපුරිසං බ්‍යාමමත‍්තකළෙවරං ධාරෙතුං අසක‍්කොන‍්තී විය භිජ‍්ජිත්‍වා විවරමදාසි. සො තඞ‍්ඛණඤ‍්ඤෙව අවීචිජාලානං ඉන්‍ධනභාවං අගමාසි. භගවා තං සුත්‍වා “අනාපත‍්ති, භික‍්ඛවෙ, අසාදියන‍්තියා”ති වත්‍වා ථෙරිං සන්‍ධාය ධම‍්මපදෙ ඉමං ගාථං අභාසි –

තෙළෙස්වන වස්තුවෙහි ‘උප්පලවණ්ණා’ ඒ ස්ථවිරාතොමෝ සැවැත් නුවර සිටුදුවක. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි කළ අභිනීහාරසම්පත්තියෙන් යුක්තවූය. ඇයගේ සිරුරුසිවිය ප්‍රකෘතියෙන්ම ඉතා දැකුම්කලුය. නිලුපුල් පැහැ ඇත්තීය. ඇතුළත කෙලෙස්තැවුලි නොවූ බැවින් ඉතා තදින් බැබලුනීය. ඕතොමෝ ඒ වර්‍ණසෞන්‍දර්‍ය්‍ය හෙතුකොටම ‘උත්පලවර්‍ණණා’ යන නම ලැබූය. ‘පටිබද්ධචිත්තො’ ගිහිකල පටන් ඇලුනු සිත් ඇත්තේය. හෙතෙමේ වනාහි ස්ථවිරාවන්ගේ නෑ දරුවෙක් වේ. ‘අථ ඛො’ යනු අනන්තරාර්‍ත්‍ථයෙහි නිපාතයකි. ඇඳෙහි වැතිර ගැනීමට අනතුරුවමැයි කියන ලද්දේය. දහවල බැහැරින් අවුත් දොර වසාගෙන හුන්නවුන්ට පළමුකොට ඇස් ඇඳිරිය වේ. හෙතෙමේ මැයගේ ඒ ඇස් ඇඳිරිය නොනැසේද එකෙණෙහිම මෙසේ කෙළේය යන අර්‍ත්‍ථයි. ‘දූසෙසි’ බලාත්කාරයෙන් අල්ලාගෙන නැසුයේය. ස්ථවිරාතොමෝ වනාහි වරද රහිතය. තමන්ගේ ශ්‍රමණසංඥාව එළවා නොඉවසන්නී අසද්ධර්‍මාද්ධ්‍යාසයෙන් පහස්නා ලද්දී ගිනි කඳක් ගල්ටැඹක් කිහිරිහර කණුවක් මෙන් හුන්නීය. හෙතෙමේද තමන්ගේ මනදොළ පුරවා ගෙන ගියේය. ස්ථවිරාවන්ගේ ඇස්හමුව ඔහු හරිත්ම මහමෙර උසුලා සිටින්නට සමර්‍ත්‍ථ වූ මේ මහා පොළොව බඹයක් පමණ සිරුරු ඇති ඒ පාපීපුරුෂයා උසුලා දරාගන්නට නොහැකියකු මෙන් දෙකඩව බිඳී ඔහුට විවර දුන්නේය. හෙතෙමේ එකෙණෙහිම අවීචි මහා නරකයෙහි ගිනිදැල්වල දරබවට ගියේය. භාග්‍යවතුන් වහන්සේ මේ පුවත අසා ‘අනාපත්ති භික්‍‍‍ඛවෙ අසාදියන්තියා’ යනු වදාරා ස්ථවිරාවන් ලක්කොට ධම්මපදයෙහි:

“වාරි පොක‍්ඛරපත‍්තෙව, ආරග‍්ගෙරිව සාසපො; යො න ලිම‍්පති කාමෙසු, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති. (ධ· ප· 401);

‘වාරිපොක්‍ඛරපත්තෙව - ආරග්ගෙරිව සාසපො, යො න ලිම්පති කාමෙසු - තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං’ යන මේ ගාථාව වදාළ සේක.

චුද‍්දසමෙ වත්‍ථුම‍්හි ඉත්‍ථිලිඞ‍්ගං පාතුභූතන‍්ති රත‍්තිභාගෙ නිද‍්දං ඔක‍්කන‍්තස‍්ස පුරිසසණ‍්ඨානං මස‍්සුදාඨිකාදි සබ‍්බං අන‍්තරහිතං ඉත්‍ථිසණ‍්ඨානං උප‍්පන‍්නං. තමෙව උපජ‍්ඣං තමෙව උපසම‍්පදන‍්ති පුබ‍්බෙ ගහිතඋපජ‍්ඣායමෙව පුබ‍්බෙ කතඋපසම‍්පදමෙව අනුජානාමි. පුන උපජ‍්ඣා න ගහෙතබ‍්බා; උපසම‍්පදා න කාතබ‍්බාති අත්‍ථො. තානියෙව වස‍්සානීති භික‍්ඛුඋපසම‍්පදතො පභුති යාව වස‍්සගණනා, තංයෙව වස‍්සගණනං අනුජානාමි. න ඉතො පට‍්ඨාය වස‍්සගණනා කාතබ‍්බාති අත්‍ථො. භික‍්ඛුනීහි සඞ‍්ගමිතුන‍්ති භික‍්ඛුනීහි සද‍්ධිං සඞ‍්ගමිතුං සඞ‍්ගන‍්තුං සමඞ‍්ගී භවිතුං අනුජානාමීති අත්‍ථො. ඉදං වුත‍්තං හොති – අප‍්පතිරූපං දානිස‍්සා භික‍්ඛූනං මජ‍්ඣෙ වසිතුං, භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා භික‍්ඛුනීහි සද‍්ධිං වසතූති. යා ආපත‍්තියො භික‍්ඛූනං භික‍්ඛුනීහි සාධාරණාති යා දෙසනාගාමිනියො වා වුට‍්ඨානගාමිනියො වා ආපත‍්තියො භික‍්ඛූනං භික‍්ඛුනීහි සද‍්ධිං සාධාරණා. තා ආපත‍්තියො භික‍්ඛුනීනං සන‍්තිකෙ වුට‍්ඨාතුන‍්ති තා සබ‍්බාපි භික‍්ඛුනීහි කාතබ‍්බං විනයකම‍්මං කත්‍වා භික‍්ඛුනීනං සන‍්තිකෙ වුට‍්ඨාතුං අනුජානාමීති අත්‍ථො. තාහි ආපත‍්තීහි අනාපත‍්තීති යා පන භික‍්ඛූනං භික‍්ඛුනීහි අසාධාරණා සුක‍්කවිස‍්සට‍්ඨි-ආදිකා ආපත‍්තියො, තාහි අනාපත‍්ති. ලිඞ‍්ගපරිවත‍්තනෙන තා ආපත‍්තියො වුට‍්ඨිතාව හොන‍්ති. පුන පකතිලිඞ‍්ගෙ උප‍්පන‍්නෙපි තාහි ආපත‍්තීහි තස‍්ස අනාපත‍්තියෙවාති අයං තාවෙත්‍ථ පාළිවිනිච‍්ඡයො.

තුදුස්වන වස්තුවෙහි ‘ඉත්‍ථිලිඞ්ගං පාතුභූතං’ යනු රෑ නින්දට වැටුනහුයේ යටඋඩරැවුල් ආදී වූ සියලු පුරුෂ සටහන් අතුරුදහන් වූයේය. ස්ත්‍රී සටහන් උපන්නේය. ‘තඤ්ඤෙව උපජ්ඣං තමෙව උපසම්පදං’ යනු පෙරගත් උපාධ්‍යායයාම පෙරකළ උපසම්පදාවම අනුදනිමි. නැවත උපාද්ධ්‍යායයෙක් නොගතයුතුය. උපසම්පදාතොමෝ නොකටයුත්තීය යන අර්‍ත්‍ථයි. ‘තානි වස්සානි’ යනු භික්‍ෂු උපසම්පදාවෙහි පටන් යම් වස් ගිනීමක්වේද, ඒ වස් ගිනීමම අනුදනිමි. මෙතැන්සිට වස්ගිනීම නොකටයුතුය යන අර්‍ත්‍ථයි. ‘භික්‍‍‍ඛුනීහි සඞ්කමිතුං’ යනු මැයට භික්‍ෂුණීන් සමග එක්වන්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි. ‘දැන් මැයට භික්‍ෂූන් මැද විසීම නොසුදුසුය, මෙහෙණවරට ගොස් භික්‍ෂුණීන් සමග වෙසේවා’යි වදාරණ ලද්දේ වේ. ‘යා ආපත්තියො භික්‍‍‍ඛූනං භික්‍‍‍ඛුනීහි සාධාරණා’ භික්‍ෂූන්ගේ දෙසනාගාමිනී වූ හෝ වුට්ඨානගාමිනී වූ හෝ යම් ආපත්තීහු භික්‍ෂුණීන් සමග සාධාරණ වෙත්ද ‘තා ආපත්තියො භික්‍ඛුනීනං සන්තිකෙ වුට්ඨාතුං’ යනු ඒ සියළුම ආපත්තී භික්‍ෂුණීන් විසින් කටයුතු වූ විනයකර්‍මයකොට භික්‍ෂුණීන්ගේ හමුවෙහිදී නැගීසිටින්නට අනුදනිමි යන අර්‍ත්‍ථයි. ‘තාහි ආපත්තීහි අනාපත්ති’ භික්‍ෂූණීන් හා අසාධාරණ වූ භික්‍ෂූන්ගේ යම් සුක්කවිසට්ඨි ආදීවූ ආපත්තීවේද ඒ ආපත්තීන්ගෙන් අනාපත්ති වේ. ලිඞ්ගපරිවර්‍තනය හාම ඒ ආපත්තී නැගීසිටියාහුම වෙත්. නැවත ප්‍රකෘතිලිඞ්ගය උපන්කල්හිද ඒ ආපත්තීන්ගෙන් ඔහුට අනාපත්තිමය. මේ වනාහි මෙහි පාලි විනිශ්චය වේ.

අයං පන පාළිමුත‍්තො ඔක‍්කන‍්තිකවිනිච‍්ඡයො – ඉමෙසු තාව ද‍්වීසු ලිඞ‍්ගෙසු පුරිසලිඞ‍්ගං උත‍්තමං, ඉත්‍ථිලිඞ‍්ගං හීනං; තස‍්මා පුරිසලිඞ‍්ගං බලවඅකුසලෙන අන‍්තරධායති. ඉත්‍ථිලිඞ‍්ගං දුබ‍්බලකුසලෙන පතිට‍්ඨාති. ඉත්‍ථිලිඞ‍්ගං පන අන‍්තරධායන‍්තං දුබ‍්බලඅකුසලෙන අන‍්තරධායති. පුරිසලිඞ‍්ගං බලවකුසලෙන පතිට‍්ඨාති. එවං උභයම‍්පි අකුසලෙන අන‍්තරධායති, කුසලෙන පටිලබ‍්භති.

මේවනාහි පෙළින් මිදුනු ආචාර්‍ය්‍යවාදයෙහි බැසගත් පැමිණියයුතු අනුකූල ගුණයට වැදැසිටි විනිශ්චය වේ: මේ දෙවැදැරුම් ලිඞ්ගයන් අතුරෙහි පුරුෂලිඞ්ගය උතුම් වේ. ඒ ලිඞ්ගය ලාමක වේ. එහෙයින් පුරුෂලිඞ්ගය පරදාරකර්‍මාදීවූ බලවත් අකුශලය හේතුකොට අතුරුදහන් වේ. ස්ත්‍රීලිඞ්ගය දුර්‍වලකුශලය හේතුකොට පිහිටන්නේය. ස්ත්‍රීලිඞ්ගය අතුරුදහන්වනුයේ දුර්‍වල අකුශලය හෙතුකොට අතුරුදහන් වේ. පුරුෂලිඞ්ගය බ්‍රහ්මචර්‍ය්‍යවාසාදී වූ බලවත් කුශලය හෙතුකොට පිහිටාගන්නේය. මෙසේ ද්විවිධ වූ ලිඞ්ගයම අකුසල් හේතුකොට අතුරුදහන් වේ. කුසල් හේතුකොට පිළිලබයි.

තත්‍ථ සචෙ ද‍්වින‍්නං භික‍්ඛූනං එකතො සජ‍්ඣායං වා ධම‍්මසාකච‍්ඡං වා කත්‍වා එකාගාරෙ නිපජ‍්ජිත්‍වා නිද‍්දං ඔක‍්කන‍්තානං එකස‍්ස ඉත්‍ථිලිඞ‍්ගං පාතුභවති, උභින‍්නම‍්පි සහසෙය්‍යාපත‍්ති හොති. සො චෙ පටිබුජ‍්ඣිත්‍වා අත‍්තනො තං විප‍්පකාරං දිස‍්වා දුක‍්ඛී දුම‍්මනො රත‍්තිභාගෙයෙව ඉතරස‍්ස ආරොචෙය්‍ය, තෙන සමස‍්සාසෙතබ‍්බො – “හොතු, මා චින‍්තයිත්‍ථ. වට‍්ටස‍්සෙවෙසො දොසො. සම‍්මාසම‍්බුද‍්ධෙන ද‍්වාරං දින‍්නං, භික‍්ඛු වා හොතු භික‍්ඛුනී වා, අනාවටො ධම‍්මො අවාරිතො සග‍්ගමග‍්ගො”ති. සමස‍්සාසෙත්‍වා ච එවං වත‍්තබ‍්බං – “තුම‍්හෙහි භික‍්ඛුනුපස‍්සයං ගන‍්තුං වට‍්ටති. අත්‍ථි වො කාචි සන්‍දිට‍්ඨා භික‍්ඛුනියො”ති. සචස‍්සා හොන‍්ති තාදිසා භික‍්ඛුනියො අත්‍ථීති, නො චෙ හොන‍්ති නත්‍ථීති වත්‍වා සො භික‍්ඛු වත‍්තබ‍්බො – “මම සඞ‍්ගහං කරොථ; ඉදානි මං පඨමං භික‍්ඛුනුපස‍්සයං නෙථා”ති. තෙන භික‍්ඛුනා තං ගහෙත්‍වා තස‍්සා වා සන්‍දිට‍්ඨානං අත‍්තනො වා සන්‍දිට‍්ඨානං භික‍්ඛුනීනං සන‍්තිකං ගන‍්තබ‍්බං. ගච‍්ඡන‍්තෙන ච න එකකෙන ගන‍්තබ‍්බං. චතූහි පඤ‍්චහි භික‍්ඛූහි සද‍්ධිං ජොතිකඤ‍්ච කත‍්තරදණ‍්ඩඤ‍්ච ගහෙත්‍වා සංවිදහනං පරිමොචෙත්‍වා “මයං අසුකං නාම ඨානං ගච‍්ඡාමා”ති ගන‍්තබ‍්බං. සචෙ බහිගාමෙ දූරෙ විහාරො හොති, අන‍්තරාමග‍්ගෙ ගාමන‍්තර-නදීපාර-රත‍්තිවිප‍්පවාස-ගණඔහීයනාපත‍්තීහි අනාපත‍්ති. භික‍්ඛුනුපස‍්සයං ගන‍්ත්‍වා තා භික‍්ඛුනියො වත‍්තබ‍්බා – “අසුකං නාම භික‍්ඛුං ජානාථා”ති? “ආම, අය්‍යා”ති. “තස‍්ස ඉත්‍ථිලිඞ‍්ගං පාතුභූතං, සඞ‍්ගහං දානිස‍්ස කරොථා”ති. තා චෙ “සාධු, අය්‍යා, ඉදානි මයම‍්පි සජ‍්ඣායිස‍්සාම, ධම‍්මං සොස‍්සාම, ගච‍්ඡථ තුම‍්හෙ”ති වත්‍වා සඞ‍්ගහං කරොන‍්ති, ආරාධිකා ච හොන‍්ති සඞ‍්ගාහිකා ලජ‍්ජිනියො, තා කොපෙත්‍වා අඤ‍්ඤත්‍ථ න ගන‍්තබ‍්බං. ගච‍්ඡති චෙ, ගාමන‍්තර-නදීපාර-රත‍්තිවිප‍්පවාස-ගණඔහීයනාපත‍්තීහි න මුච‍්චති. සචෙ පන ලජ‍්ජිනියො හොන‍්ති, න සඞ‍්ගාහිකායො; අඤ‍්ඤත්‍ථ ගන‍්තුං ලබ‍්භති. සචෙපි අලජ‍්ජිනියො හොන‍්ති, සඞ‍්ගහං පන කරොන‍්ති; තාපි පරිච‍්චජිත්‍වා අඤ‍්ඤත්‍ථ ගන‍්තුං ලබ‍්භති. සචෙ ලජ‍්ජිනියො ච සඞ‍්ගාහිකා ච, ඤාතිකා න හොන‍්ති, ආසන‍්නගාමෙ පන අඤ‍්ඤා ඤාතිකායො හොන‍්ති පටිජග‍්ගනිකා, තාසම‍්පි සන‍්තිකං ගන‍්තුං වට‍්ටතීති වදන‍්ති. ගන‍්ත්‍වා සචෙ භික‍්ඛුභාවෙපි නිස‍්සයපටිපන‍්නො, පතිරූපාය භික‍්ඛුනියා සන‍්තිකෙ නිස‍්සයො ගහෙතබ‍්බො. මාතිකා වා විනයො වා උග‍්ගහිතො සුග‍්ගහිතො, පුන උග‍්ගණ‍්හනකාරණං නත්‍ථි. සචෙ භික‍්ඛුභාවෙ පරිසාවචරො, තස‍්ස සන‍්තිකෙයෙව උපසම‍්පන‍්නා සූපසම‍්පන‍්නා. අඤ‍්ඤස‍්ස සන‍්තිකෙ නිස‍්සයො ගහෙතබ‍්බො. පුබ‍්බෙ තං නිස‍්සාය වසන‍්තෙහිපි අඤ‍්ඤස‍්ස සන‍්තිකෙයෙව නිස‍්සයො ගහෙතබ‍්බො. පරිපුණ‍්ණවස‍්සසාමණෙරෙනාපි අඤ‍්ඤස‍්ස සන‍්තිකෙයෙව උපජ‍්ඣා ගහෙතබ‍්බා.

එහි ඉදින් එක්ව සජ්ඣායනය හෝ ධර්‍ම සාකච්ඡා හෝ කොට එක්ගෙයක වැදහෙව නින්දට වැටුනු භික්‍ෂූන් දෙනම අතුරෙහි එකක්හට ස්ත්‍රීලිඞ්ගය පහළවේද, දෙදෙනාහටම සහස්‍යොපත්තිය වේ. ඉදින් හෙතෙමේ නින්දෙන් නැගිට තමන්ට සිදුවූ ඒ විප්‍රකාරය දැක දුක් ඇත්තේ, නොසතුටු සිත් ඇත්තේ රාත්‍රිකාලයෙහිම අන් මහණහුහට සැලකරන්නේනම් ඔහු විසින් අස්වැසිය යුතුය: ඒවා නොසිතුව මැනව, මෙය සංසාරයෙහිම දොෂයෙක, සම්මා සම්බුදුරජුන් විසින් දොර දෙන ලදී. මහණෙක් හෝ මෙහෙණක් වේවා පර්‍ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවෙධ සඞ්ඛ්‍යාත ධර්‍මය ඔවුනට නොඅවුරණ ලද්දේය, ස්වර්‍ගමාර්‍ගය නොවළකන ලද්දේ යයි ඔහු අස්වසාද මෙසේ කියයුතුය: ‘තා මෙහෙණවරට යායුතුය, තට දුටුමිතුරු කිසියම් මෙහෙණහු ඇත්තාහුදැ’යි විචාළ යුතුය. ඉදින් මැයට මෙබඳු මෙහෙණෝ වෙත්නම් ඇතැයිද, නොවෙත්නම් නැතැයිද කියා ‘මට සඞ්ග්‍රහ කරනු මැනව, දැන්ම මා මෙහෙණවරට පමුණුවාලනු මැනව’යි ඒ මහණහුට කියයුතුය. ඒ මහණහු විසින් ඒ මෙහෙණ ගෙන මෙහෙණගේ දුටුමිතුරුවූ හෝ තමන්ගේ දුටුමිතුරුවූ හෝ මෙහෙණන් වෙතට යායුතුය. යන්නහු විසිනුදු එකලාව නොයායුතුය. සතරපස්නමක් මහණුන් සමග එළියක්ද සැරයටියක්ද ගෙන සංවිදහනය මුදා ‘අපි අසුවල්තැනට යම්හ’යි මෙහෙණ සමග කථාකොට යායුතුය. ඉදින් තමන් වසන ගමින් පිටත දුරගමෙහි මෙහෙණවර වේනම්, අතරමගදී ගාමන්තර, නදීපාර, රත්තිවිප්පවාසා, ගණඔහී යන ආපත්තීන්ගෙන් අනාපත්ති වේ. මෙහෙණවරට ගොස් ‘අසුවල් මහණ ගැන දනීහුදැ’යි ඒ මෙහෙණන් අතින් විචාළ යුතුය. ‘ආර්‍ය්‍යයන් වහන්ස! එසේය’යි මෙහෙණන් කීකල්හි ‘ඒ මහණහුට ස්ත්‍රීලිඞ්ගය පහළ වූයේය, එහෙයින් දැන් මේ මෙහෙණට සඞ්ග්‍රහ කරවු’යි කියයුතුය. ඒ මෙහෙණෝ ‘ආර්‍ය්‍යයන් වහන්ස! මැනවි, දැන් අපිදු හදාරන්නෙමු, දහම් අසන්නෙමු, ඔබවහන්සේලා වඩිනු මැනව’යි කියා සඞ්ග්‍රහ කෙරෙත්ද, සිත් සතුටු කිරීමෙහි සමර්‍ත්‍ථ වූවාහු සඞ්ග්‍රහ කරන්නාහු ලජ්ජා ඇත්තාහු වෙත්ද, ඒ මෙහෙණන් කුපිතකොට අන්තැනක නොයායුතුය. ඉදින් යේනම්, ගාමන්තර - නදීපාර - රත්තිවිප්පවාස - ගණඔහී යන ආපත්තීන්ගෙන් නොමිදෙන්නේය. ඉදින් ඒ මෙහෙණෝ ලජ්ජා ඇතියාහු නමුත් සඞ්ග්‍රහ නොකරන්නාහු නම් එකල්හි අන්තැනකට යන්නට ඉඩලැබේ. ඉදින් ඒ මෙහෙණෝ ලජ්ජා නැතියාහු නමුත් සඞ්ග්‍රහ කරන්නාහුවෙත්ද ඒ මෙහෙණන්ද හැරපියා අන්තැනක යන්නට ඉඩ ලැබේ. ලජ්ජා ඇතියාහු සඞ්ග්‍රහ කරන්නාහුද ඒ මෙහෙණෝ ඥාතීහු නොවෙත්ද අසල ගමක පෝෂණය කරන්නට හැකි අන් නෑමෙහෙණෝ වෙත්නම් ඒ මෙහෙණන් සමීපයට යෑමෙහි වරද නැතැයි කියත්. ගොස් භික්‍ෂු කාලයෙහි නිශ්ශ්‍රයයෙන් යුක්තවූයේ නම්, සුදුසු මෙහෙණක සමීපයෙහි නිශ්ශ්‍රය ගතයුතුය. මාතෘකාව හෝ විනය හෝ උගන්නා ලද්දේනම් මැනවින් උගන්නා ලද්දේ වේ. නැවත උගෙණිමෙහි කරුණක් නැත්තේය. ඉදින් භික්‍ෂුකාලයෙහිද උපාද්ධ්‍යායයෙක්ව ආචාර්‍ය්‍යයෙක්ව පිරිස් උවැටන් කරන්නෙක් වූයේද ඔහුගේ සමීපයෙහි යම්කෙනෙක් උපසපන් වූවාහුද, ඔවුහු සූපසම්පන්නයහ. අන් මහණක්හු වෙත නිසගත යුතුය. පෙර ඔහු නිසා විසුවන් විසින්ද අන් මහණක්හු වෙත ගතයුතුය. පිරිපුන් වස්ඇති හෙරණහු විසින්ද අන් මහණක්හු වෙත උපාද්ධ්‍යාය ග්‍රහණය කළයුතුය.

යං පනස‍්ස භික‍්ඛුභාවෙ අධිට‍්ඨිතං තිචීවරඤ‍්ච පත‍්තො ච, තං අධිට‍්ඨානං විජහති, පුන අධිට‍්ඨාතබ‍්බං. සඞ‍්කච‍්චිකා ච උදකසාටිකා ච ගහෙතබ‍්බා. යං අතිරෙකචීවරං වා අතිරෙකපත‍්තො වා විනයකම‍්මං කත්‍වා ඨපිතො හොති, තං සබ‍්බම‍්පි විනයකම‍්මං විජහති, පුන කාතබ‍්බං. පටිග‍්ගහිතතෙලමධුඵාණිතාදීනිපි පටිග‍්ගහණං විජහන‍්ති. සචෙ පටිග‍්ගහණතො සත‍්තමෙ දිවසෙ ලිඞ‍්ගං පරිවත‍්තති, පුන පටිග‍්ගහෙත්‍වා සත‍්තාහං වට‍්ටති. යං පන භික‍්ඛුකාලෙ අඤ‍්ඤස‍්ස භික‍්ඛුනො සන‍්තකං පටිග‍්ගහිතං, තං පටිග‍්ගහණං න විජහති. යං උභින‍්නං සාධාරණං අවිභජිත්‍වා ඨපිතං, තං පකතත‍්තො රක‍්ඛති. යං පන විභත‍්තං එතස‍්සෙව සන‍්තකං, තං පටිග‍්ගහණං විජහති. වුත‍්තම‍්පි චෙතං පරිවාරෙ –

භික්‍ෂුභාවයෙහි සිටිකාලයෙහි මොහු විසින් ඉටූ යම් තුන්සිවුර හා පාත්‍රයද ඒ ඉටීම හැරලන්නේය. නැවත ඉටිය යුතුය. තනවෙළුමද දියසළුවද ගතයුතුය. යම් අතිරෙක චීවරයක් හෝ අතිරෙක පාත්‍රයක් හෝ විනයකර්‍මකොට තබන ලදද එද සියලු විනයකර්‍ම අත්හැර සිටියි. නැවත විනයකර්‍ම කටයුතුය. කලින් පිළිගෙණතුබූ තෙල්, මී, සකුරු ආදීහුද ඒ පිළිගැනීම හැරලති. ඉදින් පිළිගැනීමෙන් සත්වන දිනයෙහි ලිඞ්ග පරිවර්‍තනයවේද, නැවත පිළිගෙණ සත්දවසක් වටීයි. භික්‍ෂු කාලයෙහි අන් මහණහු අයත් යමක් පිළිගන්නා ලද්දේද, ඒ පිළිගැනීම නොහරියි. දෙදෙනාහට සාධාරණ වූ යමක් නොබෙදා තබන ලද්දේද, ලිඞ්ග පරිවර්‍තනය නොවූ මහණ තෙමේ එය රකියි. යමක් බෙදන ලද්දේ ද, ලිඞ්ග පරිවර්‍තනය වූවහුටම අයත්වේද, එය පිළිගැනීම හැර සිටියි. පරිවාරයෙහි මෙය කියන ලද්දේමය.

“තෙලං මධුං ඵාණිතඤ‍්චාපි සප‍්පිං; සාමං ගහෙත්‍වාන නික‍්ඛිපෙය්‍ය; අවීතිවත‍්තෙ සත‍්තාහෙ; සති පච‍්චයෙ පරිභුඤ‍්ජන‍්තස‍්ස ආපත‍්ති; පඤ‍්හා මෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 480);

‘තෙලං මධුං ඵාණිතං චාපි සප්පිං සාමං ගහෙත්‍වාන නික්‍ඛිපෙය්‍ය, අවීතිවත්තෙ සත්තාහෙ සති පච්චයෙ පරිභුඤ්ජන්තස්ස ආපත්ති, පඤ්හාමෙසා කුසලෙහි චින්තිතා’යි

තෙල් හෝ මී හෝ නැවත සකුරු හෝ තමන් පිළිගෙන තබන්නේද, සත්දවස නොඉක්මනු කල්හි ප්‍රත්‍යයයක් ඇති කල්හි පරිභෝග කරන්නහුට ඇවැත් වේ. මේ ප්‍රශ්නය දක්‍ෂයන් විසින් සිතන ලදය.

ඉදඤ‍්හි ලිඞ‍්ගපරිවත‍්තනං සන්‍ධාය වුත‍්තං. පටිග‍්ගහණං නාම ලිඞ‍්ගපරිවත‍්තනෙන, කාලංකිරියාය, සික‍්ඛාපච‍්චක‍්ඛානෙන, හීනායාවත‍්තනෙන, අනුපසම‍්පන‍්නස‍්ස දානෙන, අනපෙක‍්ඛවිස‍්සජ‍්ජනෙන, අච‍්ඡින්‍දිත්‍වා ගහණෙන ච විජහති. තස‍්මා සචෙපි හරීතකඛණ‍්ඩම‍්පි පටිග‍්ගහෙත්‍වා ඨපිතමත්‍ථි, සබ‍්බමස‍්ස පටිග‍්ගහණං විජහති. භික‍්ඛුවිහාරෙ පන යංකිඤ‍්චිස‍්සා සන‍්තකං පටිග‍්ගහෙත්‍වා වා අප‍්පටිග‍්ගහෙත්‍වා වා ඨපිතං, සබ‍්බස‍්ස සාව ඉස‍්සරා, ආහරාපෙත්‍වා ගහෙතබ‍්බං. යං පනෙත්‍ථ ථාවරං තස‍්සා සන‍්තකං සෙනාසනං වා උපරොපකා වා, තෙ යස‍්සිච‍්ඡති තස‍්ස දාතබ‍්බා. තෙරසසු සම‍්මුතීසු යා භික‍්ඛුකාලෙ ලද‍්ධා සම‍්මුති, සබ‍්බා සා පටිප‍්පස‍්සම‍්භති. පුරිමිකාය සෙනාසනග‍්ගාහො පටිප‍්පස‍්සම‍්භති. සචෙ පච‍්ඡිමිකාය සෙනාසනෙ ගහිතෙ ලිඞ‍්ගං පරිවත‍්තති, භික‍්ඛුනිසඞ‍්ඝො චස‍්සා උප‍්පන‍්නං ලාභං දාතුකාමො හොති, අපලොකෙත්‍වා දාතබ‍්බො. සචෙ භික‍්ඛුනීහි සාධාරණාය පටිච‍්ඡන‍්නාය ආපත‍්තියා පරිවසන‍්තස‍්ස ලිඞ‍්ගං පරිවත‍්තති, පක‍්ඛමානත‍්තමෙව දාතබ‍්බං. සචෙ මානත‍්තං චරන‍්තස‍්ස පරිවත‍්තති, පුන පක‍්ඛමානත‍්තමෙව දාතබ‍්බං. සචෙ චිණ‍්ණමානත‍්තස‍්ස පරිවත‍්තති, භික‍්ඛුනීහි අබ‍්භානකම‍්මං කාතබ‍්බං. සචෙ අකුසලවිපාකෙ පරික‍්ඛීණෙ පක‍්ඛමානත‍්තකාලෙ පුනදෙව ලිඞ‍්ගං පරිවත‍්තති, ඡාරත‍්තං මානත‍්තමෙව දාතබ‍්බං. සචෙ චිණ‍්ණෙ පක‍්ඛමානත‍්තෙ පරිවත‍්තති, භික‍්ඛූහි අබ‍්භානකම‍්මං කාතබ‍්බන‍්ති.

මේ වනාහි ලිඞ්ගපරිවර්‍තනය සඳහා වදාරණ ලද්දේය. පිළිගැනීම නම් ලිඞ්ගපරිවර්‍තනයෙන් කාලක්‍රියාවෙන් ශික්‍ෂාප්‍රත්‍යක්‍ඛ්‍යානයෙන් ගිහි බවට පෙරැළීමෙන් අනුපසම්පන්නයක්හට දීමෙන් බලාපොරොත්තු රහිතව අත්හැරීමෙන් සොරසතුරු ආදීන් විසින් අසිඳ ගැනීමෙන් හැරසිටියි. එහෙයින් ඉදිනුදු පිළිගෙන තබන ලද අරළුකඩකුත් ඇත්තේද, මොහුගේ සියලු පිළිගැනීම් හරින්නේය. භික්‍ෂූන් වසන වෙහෙරකදී ලිඟුපෙරැළියෙන් මෙහෙණක වූ මැයසතුවූ පිළිගෙණ හෝ නොපිළිගෙන තබනලද යමක්වේද, ඒ සියල්ලට ඕතොමෝම ඊශ්වර වේ. ගෙන්වාගත යුතුය. මෙහි ඇය සතු වූ යම් ස්ථාවර සෙනසුනක් හෝ රොපනයකළ ගස්වැල් හෝවේද, ඒ සෙනසුන් ගස්වැල් යමක්හට දෙනු කැමැතිවේද, ඔහුට දියයුතුය. තෙලෙස් සම්මුති අතුරෙහි යම් සම්මුතියක් භික්‍ෂුකාලයෙහි ලදද, ඒ සියලු සම්මුති සන්සිඳීයෙයි. පෙරවසෙහි සෙනසුන් ගැන්මෙක්වේද, එද සන්සිඳෙන්නේය. ඉදින් පසුවසෙහි සෙනසුන් ගත්කල්හි ලිඟු පෙරැළීමවේද, භික්‍ෂුණී සඞ්ඝතෙමේත් උපන්ලාභය ඇයට දෙනු කැමැත්තේවේද, අපලොකනයකොට දියයුතුය. ඉදින් භික්‍ෂුණීන් හා සාධාරණ වූ පිළිසන් ඇවැත පිණිස පිරිවෙස් සමාදන්ව වසන්නහුගේ ලිඞ්ගය පරිවර්‍තනයවේද, පක්‍ඛමානත්තයම දියයුතුය. මානතෙහි හැසිරෙන්නහුගේ ලිඞ්ගය පරිවර්‍තනනයවේද, නැවත පක්‍ඛමානන්තයම දියයුතුය. ඉදින් පිරූ මානන ඇත්තහුගේ ලිඞ්ගය පරිවර්‍තනයවේද, භික්‍ෂුණීන් විසින් අබ්භානකර්‍මය කටයුතුය. ඉදින් අකුශලකර්‍මය ගෙවීගිය කල්හි පක්‍ඛමානත්තයෙහි හැසිරෙන කල්හි නැවත ලිඞ්ග පරිවර්‍තනයවේද, ඡාරත්තමානත්තයම දියයුතුය. පිරූ පක්‍ඛමානත්තය ඇති කල්හි ලිඞ්ගය පරිවර්‍තනයවේද, භික්‍ෂූන් විසින් අබ්භානකර්‍මය කටයුතුය.

අනන‍්තරෙ භික‍්ඛුනියා ලිඞ‍්ගපරිවත‍්තනවත්‍ථුම‍්හි ඉධ වුත‍්තනයෙනෙව සබ‍්බො විනිච‍්ඡයො වෙදිතබ‍්බො. අයං පන විසෙසො – සචෙපි භික‍්ඛුනිකාලෙ ආපන‍්නා සඤ‍්චරිත‍්තාපත‍්ති පටිච‍්ඡන‍්නා හොති, පරිවාසදානං නත්‍ථි, ඡාරත‍්තං මානත‍්තමෙව දාතබ‍්බං. සචෙ පක‍්ඛමානත‍්තං චරන‍්තියා ලිඞ‍්ගං පරිවත‍්තති, න තෙනත්‍ථො, ඡාරත‍්තං මානත‍්තමෙව දාතබ‍්බං. සචෙ චිණ‍්ණමානත‍්තාය පරිවත‍්තති, පුන මානත‍්තං අදත්‍වා භික‍්ඛූහි අබ‍්භෙතබ‍්බො. අථ භික‍්ඛූහි මානත‍්තෙ අදින‍්නෙ පුන ලිඞ‍්ගං පරිවත‍්තති, භික‍්ඛුනීහි පක‍්ඛමානත‍්තමෙව දාතබ‍්බං. අථ ඡාරත‍්තං මානත‍්තං චරන‍්තස‍්ස පුන පරිවත‍්තති, පක‍්ඛමානත‍්තමෙව දාතබ‍්බං. චිණ‍්ණමානත‍්තස‍්ස පන ලිඞ‍්ගපරිවත‍්තෙ ජාතෙ භික‍්ඛුනීහි අබ‍්භානකම‍්මං කාතබ‍්බං . පුන පරිවත‍්තෙ ච ලිඞ‍්ගෙ භික‍්ඛුනිභාවෙ ඨිතායපි යා ආපත‍්තියො පුබ‍්බෙ පටිප‍්පස‍්සද‍්ධා, තා සුප‍්පටිප‍්පස‍්සද‍්ධා එවාති.

අනතුරු ‘භික්‍‍‍ඛුනියා ලිඞ්ගපරිවත්තන’ වස්තුවෙහි මෙහි කියූනයින්ම සියලු විනිශ්චය දතයුතුය. මේ වනාහි විශේෂයයි: ඉදින් භික්‍ෂුණී කාලයෙහි පැමිණි සඤ්චරිත්තාපත්ති ප්‍රතිච්ඡන්න වූවාවේද, භික්‍ෂු කාලයෙහි ප්‍රතිච්ඡන්න නොවූබැවින් එහි පිරිවෙස් දීමෙක් නැත්තේය. ඡාරත්තමානත්තයම දියයුතුය ඉදින් පක්‍ඛමානත්තයෙහි හැසිරෙන්නියගේ ලිඞ්ග පරිවර්‍තනයවේද, එයින් අර්‍ත්‍ථයක් නොවේ. ඡාරත්තමානත්තයම දියයුතුය. ඉදින් පිරූමානත්තය ඇත්තියගේ ලිඞ්ගය පරිවර්‍තනයවේද, නැවත මානත්තය නොදී භික්‍ෂූන් විසින් අබ්භානකර්‍ම වශයෙන් කැඳවිය යුතුය. නැවත භික්‍ෂූන් විසින් මානය නොදුන්කල්හි නැවත ලිඞ්ගය පරිවර්‍තනයවේද, භික්‍ෂුණීන් විසින් පක්‍ඛමානත්තයම දියයුතුය. ඡාරත්තමානත්තයෙහි හැසිරෙන්නහුගේ නැවත ලිඞ්ගය පරිවර්‍තනයවේද, පක්‍ඛමානත්තයම දියයුතුය. පිරූ මානත්තය ඇත්තහුගේ ලිඞ්ගය පරිවර්‍තනයවූකල්හි භික්‍ෂුණීන් විසින් අබ්භානකර්‍මය කටයුතුය. ලිඞ්ගය නැවත පරිවර්‍තනය වූ කල්හි භික්‍ෂුණීභාවයෙහි සිටි භික්‍ෂුණියගේ යම් අසාධාරණ ආපත්තීහු පෙර භික්‍ෂු කාලයෙහි සන්සිඳුනාහුද, ඒ ආපත්තීහු මැනවින් සන්සිඳුනාහුම වෙති.

ඉතො පරානි “මාතුයා මෙථුනං ධම‍්ම”න‍්තිආදීනි චත‍්තාරි වත්‍ථූනි උත‍්තානත්‍ථානියෙව.

මෙයින් මතුවෙහි ‘මාතුයා මෙථුනං ධම්මං’ යනාදී වූ සතරවස්තූහු ප්‍රකටඅර්‍ත්‍ථ ඇත්තාහුමය.

මුදුපිට‍්ඨිකවත්‍ථුම‍්හි සො කිර භික‍්ඛු නටපුබ‍්බකො. තස‍්ස සිප‍්පකොසල‍්ලත්‍ථං පරිකම‍්මකතා පිට‍්ඨි මුදුකා අහොසි. තස‍්මා එවං කාතුං අසක‍්ඛි.

‘මුදුපිට්ඨික’ වස්තුවෙහි ඒ මහණතෙමේ පෙර නළුවෙක් වූයේය. ශිල්ප දැක්වීමෙහි දක්‍ෂභාවය පිණිස ඔහුගේ පිට පිරියම්කරන ලද්දී මොළොක්වූය. එහෙයින් තමන්ගේ පිට නමා තමන්ගේ නිමිත්ත මුඛයෙන් ගන්නට හැකිවූයේය.

ලම‍්බීවත්‍ථුම‍්හි තස‍්ස භික‍්ඛුස‍්ස අඞ‍්ගජාතං දීඝං හොති ලම‍්බති, තස‍්මා ලම‍්බීති වුත‍්තො.

‘ලම්බී’ වස්තුවෙහි ඒ මහණහුගේ අඞ්ගජාතය දිග්වූයේ එල්බෙන්නේය. එහෙයින් ලම්බීයි කියන ලද්දේය. තමන්ගේ අඞ්ගජාතය තමන්ගේ මලමාර්‍ගයෙහි ඇතුල් කරන්නට හැකිවූයේය.

ඉතො පරානි ද‍්වෙ වණවත්‍ථූනි උත‍්තානානෙව. ලෙපචිත‍්තවත්‍ථුම‍්හි ලෙපචිත‍්තං නාම චිත‍්තකම‍්මරූපං.

මෙයින් මතුවෙහි ද්විවිධවූ වණ වස්තූහු ප්‍රකටම වෙත්. ලෙපචිත්ත වස්තුවෙහි සිතියම් කරනලද රූපය ලෙපචිත්ත නම්වේ.

දාරුධීතලිකවත්‍ථුම‍්හි දාරුධීතලිකා නාම කට‍්ඨරූපං. යථා ච ඉමෙසු ද‍්වීසු එවං අඤ‍්ඤෙසුපි දන‍්තරූප-පොත්‍ථකරූප-ලොහරූපාදීසු අනුපාදින‍්නකෙසු ඉත්‍ථිරූපෙසු නිමිත‍්තෙ මෙථුනරාගෙන උපක‍්කමන‍්තස‍්ස අසුචි මුච‍්චතු වා මා වා, දුක‍්කටමෙව. කායසංසග‍්ගරාගෙන උපක‍්කමන‍්තස‍්සාපි තථෙව දුක‍්කටං. මොචනරාගෙන පන උපක‍්කමන‍්තස‍්ස මුත‍්තෙ සඞ‍්ඝාදිසෙසො, අමුත‍්තෙ ථුල‍්ලච‍්චයන‍්ති.

දාරුධීතලික වස්තුවෙහි දාරුධීතලිකා නම් දැවයෙන් කළ රූපයයි. මේ වස්තු දෙකෙහි යම්සේද, අන්‍ය වූ දන්තරූප, පොත්‍ථකරූප, ලොහරූප ආදී වූ ජීවිතෙන්‍ද්‍රිය රහිත ස්ත්‍රී රූපයන්හි නිමිත්තෙහි මෛථුන රාගයෙන් උපක්‍රම කරන්නහුට අශුචි මිදේවා හෝ නොමිදේවා හෝ දුක්කටයම වේ. කායසංසර්‍ග රාගයෙන් උපක්‍රම කරන්නහුටද එසේම දුක්කටය වේ. මොචනරාගයෙන් උපක්‍රම කරන්නහුට අශුචි මිදුනු කල්හි සඞ්ඝාදිසෙසය වේ. අශුචි නොමිදුනු කල්හි ථුල්ලච්චය වේ.

සුන්‍දරවත්‍ථුම‍්හි අයං සුන්‍දරො නාම රාජගහෙ කුලදාරකො සද‍්ධාය පබ‍්බජිතො; අත‍්තභාවස‍්ස අභිරූපතාය “සුන්‍දරො”ති නාමං ලභි. තං රථිකාය ගච‍්ඡන‍්තං දිස‍්වා සමුප‍්පන‍්නඡන්‍දරාගා සා ඉත්‍ථී ඉමං විප‍්පකාරං අකාසි. ථෙරො පන අනාගාමී. තස‍්මා සො න සාදියි. අඤ‍්ඤෙසං පන අවිසයො එසො.

සුන්‍දර වස්තුවෙහි මේ සුන්‍දර තෙමේවනාහි රජගහනුවර කුලදරුවෙක් වේ. සැදැහැයෙන් පැවිදි වූයේය. ආත්මභාවය අභිරූපබැවින් සුන්‍දරයි නම් ලැබුයේය. වීථියෙහි යන ඒ තෙරුන් දැක තදින් උපන් ඡන්‍දරාගය ඇති ඒ ස්ත්‍රීතොමෝ මේ විප්‍රකාරය කළාය. ස්ථවිරතෙමේ වනාහි අනාගාමීය. එහෙයින් උන්වහන්සේ එය නොඉවසූහ. අන්හට මෙබඳු තන්හි මේ ඉවසීම නොකටහැකි බැවින් අවිෂය වේ.

ඉතො පරෙසු චතූසු වත්‍ථූසු තෙ භික‍්ඛූ ජළා දුම‍්මෙධා මාතුගාමස‍්ස වචනං ගහෙත්‍වා තථා කත්‍වා පච‍්ඡා කුක‍්කුච‍්චායිංසු.

මෙයින් මතුවෙහි සතරවස්තුවෙහි දැක්වෙන ඒ මහණෝ ජඩයහ. නුවණ නැත්තාහ. ‘මම උත්සාහ කරමි, ඔබ උත්සාහ නොකරවු’යි මාගම කියු බස් පිළිගෙන දෙදෙනාගේම උත්සාහයෙන් එසේකොට පසුව කුකුස් කළහ.

අක‍්ඛායිතාදීනි තීණි වත්‍ථූනි උත‍්තානත්‍ථානෙව. ද‍්වීසු ඡින‍්නසීසවත්‍ථූසු අයං විනිච‍්ඡයො – වට‍්ටකතෙ මුඛෙ විවටෙ අඞ‍්ගජාතං පවෙසෙන‍්තො සචෙ හෙට‍්ඨා වා උපරි වා උභයපස‍්සෙහි වා ඡුපන‍්තං පවෙසෙති, පාරාජිකං. චතූහිපි පස‍්සෙහි අඡුපන‍්තං පවෙසෙත්‍වා අබ‍්භන‍්තරෙ තාලුකං ඡුපති, පාරාජිකමෙව. චත‍්තාරි පස‍්සානි තාලුකඤ‍්ච අඡුපන‍්තො ආකාසගතමෙව කත්‍වා පවෙසෙති ච නීහරති ච, දුක‍්කටං. යදි පන දන‍්තා සුඵුසිතා, අන‍්තොමුඛෙ ඔකාසො නත්‍ථි, දන‍්තා ච බහි ඔට‍්ඨමංසෙන පටිච‍්ඡන‍්නා, තත්‍ථ වාතෙන අසම‍්ඵුට‍්ඨං අල‍්ලොකාසං තිලඵලමත‍්තම‍්පි පවෙසෙන‍්තස‍්ස පාරාජිකමෙව. උප‍්පාටිතෙ පන ඔට‍්ඨමංසෙ දන‍්තෙසුයෙව උපක‍්කමන‍්තස‍්ස ථුල‍්ලච‍්චයං. යොපි දන‍්තො බහි නික‍්ඛමිත්‍වා තිට‍්ඨති , න සක‍්කා ඔට‍්ඨෙහි පිදහිතුං. තත්‍ථ උපක‍්කමන‍්තෙපි බහි නික‍්ඛන‍්තජිව‍්හාය උපක‍්කමන‍්තෙපි ථුල‍්ලච‍්චයමෙව. ජීවමානකසරීරෙපි බහි නික‍්ඛන‍්තජිව‍්හාය ථුල‍්ලච‍්චයමෙව. යදි පන බහිජිව‍්හාය පලිවෙඨෙත්‍වා අන‍්තොමුඛං පවෙසෙති, පාරාජිකමෙව. උපරිගීවාය ඡින‍්නසීසස‍්සපි අධොභාගෙන අඞ‍්ගජාතං පවෙසෙත්‍වා තාලුකං ඡුපන‍්තස‍්ස පාරාජිකමෙව.

‘අක්‍ඛායිතා’දී වූ වස්තු තුන ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය. ඡින්නසීස වස්තු දෙකෙහි මේ විනිශ්චය වේ: විවෘත කළ මුඛයෙහි අඞ්ගජාතය ප්‍රවෙශ කරනුයේ ඉදින් යට හෝ මතුවෙහි හෝ දෙපසෙහි හෝ ගටමින් පහසමින් ඇතුලත් කෙරේද පාරාජික වේ. සතර පැත්තෙහි නොගටමින් නොපහසමින් ඇතුල්කොට ඇතුලත තල්ල ගටාද පාරාජිකම වේ සතර පැත්තත් තල්ලත් නොපහසමින් ආකාශගතකොටම ඇතුල් කෙරේද, පිටතට ඇදගනීද දුක්කටය වේ. ඉදින් උඩයටි දත් මැනවින් එකටහැපී සිටියාහුද, දත් එකටහැපී සිටුනා බැවින් මුවතුළ අවකාශ නැත්තේද, දත් පිටත තොල්මසින් වැසුනේද එහි ප්‍රකෘතිවාතයෙන් නොපහස්නාලද තෙත්පෙදෙසට තමන්ගේ අඞ්ගජාතය තලැටක් පමණකුත් ඇතුල් කරන්නහුට පාරාජිකයම වේ. උපුටනලද තොල්, මස් ඇති කල්හි දත්වලම උපක්‍රම කරන්නහුට ථුල්ලච්චය වේ. යම් දතක් පිටතට නෙරාසිටියේ තොල්වලින් වසන්නට නොහැක්කේද, එහි උපක්‍රම කරන කල්හිද, පිටතට නික්මුනු දිවෙහි උපක්‍රම කරන කල්හිද ථුල්ලච්චයම වේ. ජීවමාන ශරීරයෙහිද පිටතට නික්මුනු දිවෙහි උපක්‍රම කරන්නහුටද ථුල්ලච්චයම වේ. ඉදින්වනාහි පිටතට නික්මුනු දිවෙන් වෙළා මුව තුළට ඇතුල් කෙරේද, පාරාජිකම වේ. බෙල්ලෙන් උඩ සුන් හිසෙහිද යටපසින් අඞ්ගජාතය ඇතුල්කොට තල්ල පවසන මහණහුට පාරාජිකම වේ.

අට‍්ඨිකවත්‍ථුම‍්හි සුසානං ගච‍්ඡන‍්තස‍්සාපි දුක‍්කටං. අට‍්ඨිකානි සඞ‍්කඩ‍්ඪන‍්තස‍්සාපි, නිමිත‍්තෙ මෙථුනරාගෙන උපක‍්කමන‍්තස‍්සාපි, කායසංසග‍්ගරාගෙන උපක‍්කමන‍්තස‍්සාපි, මුච‍්චතු වා මා වා, දුක‍්කටමෙව. මොචනරාගෙන පන උපක‍්කමන‍්තස‍්ස මුච‍්චන‍්තෙ සඞ‍්ඝාදිසෙසො, අමුච‍්චන‍්තෙ ථුල‍්ලච‍්චයමෙව.

අට්ඨික වස්තුවෙහි සොහොනට යන්නහුටද දුක්කටය වේ. ඇට එකතු කරන්නහුටද, එහි තමාගේ නිමිත්ත ගටන්නහුටද, ඇට රැස්කොට තබා නිමිත්තෙහි මෛථුන රාගයෙන් උපක්‍රම කරන්නහුටද, කායසංසර්‍ග රාගයෙන් උපක්‍රම කරන්නහුටද අශුචි මිදේවා හෝ නොමිදේවා දුක්කටයම වේ. මොචන රාගයෙන් වනාහි උපක්‍රම කරන්නහුට අශුචි මිදෙන කල්හි සඞ්ඝාදිසෙසය වේ. අශුචි නොමිදෙන කල්හි ථුල්ලච්චය වේ.

නාගීවත්‍ථුම‍්හි නාගමාණවිකා වා හොතු කින‍්නරීආදීනං වා අඤ‍්ඤතරා, සබ‍්බත්‍ථ පාරාජිකං.

නාගී වස්තුවෙහි නා මෙණෙවියක් හෝ වේවා, කිඳුරු ආදී එක්තරා මෙණෙවියක් හෝ වේවා, මුන් හැමදෙන කෙරෙහි පාරාජිකය වේ.

යක‍්ඛීවත්‍ථුම‍්හි සබ‍්බාපි දෙවතා යක‍්ඛීයෙව.

යක්‍ඛී වස්තුවෙහි සියලු දෙවතාවෝ යකින්නෝමය.

පෙතීවත්‍ථුම‍්හි නිජ‍්ඣාමතණ‍්හිකාදිපෙතියො අල‍්ලීයිතුම‍්පි න සක‍්කා. විමානපෙතියො පන අත්‍ථි; යාසං කාළපක‍්ඛෙ අකුසලං විපච‍්චති, ජුණ‍්හපක‍්ඛෙ දෙවතා විය සම‍්පත‍්තිං අනුභොන‍්ති. එවරූපාය පෙතියා වා යක‍්ඛියා වා සචෙ දස‍්සන-ගහණ-ආමසන-ඵුසන-ඝට‍්ටනානි පඤ‍්ඤායන‍්ති, පාරාජිකං. අථාපි දස‍්සනං නත්‍ථි, ඉතරානි පඤ‍්ඤායන‍්ති, පාරාජිකමෙව. අථ දස‍්සනගහණානි න පඤ‍්ඤායන‍්ති, ආමසනඵුසනඝට‍්ටනෙහි පඤ‍්ඤායමානෙහි තං පුග‍්ගලං විසඤ‍්ඤං කත්‍වා අත‍්තනො මනොරථං පූරෙත්‍වා ගච‍්ඡති, අයං අවිසයො නාම. තස‍්මා එත්‍ථ අවිසයත‍්තා අනාපත‍්ති. පණ‍්ඩකවත්‍ථු පාකටමෙව.

පෙතී වස්තුවෙහි නිජ්ඣාමතණ්භිකාදිපෙතීහු ලෝමකූපයන්ගෙන් නැගුනු ගිනිදැලින් නිතර ඇවිදගත් සිරුරු ඇතිබැවින් ආමාර්‍ශනය කරන්නටද නොහැක්කෝය. විමාන පෙතීහුද ඇත්තාහ. යම් ප්‍රේතීන්ගේ අකුශලකර්‍මය කාලපක්‍ෂයෙහි විපාක දෙන්නේද ශුක්ල පක්‍ෂයෙහි දෙවතාවන් මෙන් සම්පත් අනුභව කෙරෙත්ද, මෙබඳු වූ ප්‍රේතියකගේ හෝ යකින්නකගේ හෝ ඉදින් දැකීම, ගැනීම, අතගෑම, පැහැසීම, ගැටීම යන මේ ක්‍රියා පෙනේද පාරාජිකය වේ. එහෙත් දැකීමක් නැත්තේය, අන්හැම ක්‍රියා පෙනේද පාරාජිකයම වේ. තවද දැකීම්, ගැනීම් නොපෙනෙත්ද, පෙනෙන අතගෑම්, පැහැසීම්, ගැටීම්වලින් ඒ පුද්ගලයා යම්සේ ඇය විසින් කළ උපක්‍රමය නොදනීද, එසේ සිහිසන් නැතියෙකුකොට තමගේ මනදොළ පුරවාගෙනයේද, මේ අවිෂය නම්වේ. එහෙයින් මෙහි අවිෂය බැවින් ඇවැත් නැත්තේය. පණ්ඩක වස්තුව ප්‍රකටමය.

උපහතින්‍ද්‍රියවත්‍ථුම‍්හි උපහතින්‍ද්‍රියොති උපහතකායප‍්පසාදො ඛාණුකණ‍්ටකමිව සුඛං වා දුක‍්ඛං වා න වෙදයති. අවෙදයන‍්තස‍්සාපි සෙවනචිත‍්තවසෙන ආපත‍්ති.

උපහතින්‍ද්‍රිය වස්තුවෙහි ‘උපහතින්‍ද්‍රියො’ යනු, නටකායප්‍රසාදය ඇත්තේය. කණුකටුවක් මෙන් සැපක් හෝ දුකක් හෝ නොවිඳියි. නොවිඳින්නහුටද සෙවුනා සිත් විසින් ඇවැත් වේ.

ඡුපිතමත‍්තවත්‍ථුස‍්මිං යො “මෙථුනං ධම‍්මං පටිසෙවිස‍්සාමී”ති මාතුගාමං ගණ‍්හිත්‍වා මෙථුනෙ විරජ‍්ජිත්‍වා විප‍්පටිසාරී හොති, දුක‍්කටමෙවස‍්ස හොති. මෙථුනධම‍්මස‍්ස හි පුබ‍්බපයොගා හත්‍ථග‍්ගාහාදයො යාව සීසං න පාපුණාති, තාව දුක‍්කටෙ තිට‍්ඨන‍්ති. සීසෙ පත‍්තෙ පාරාජිකං හොති. පඨමපාරාජිකස‍්ස හි දුක‍්කටමෙව සාමන‍්තං. ඉතරෙසං තිණ‍්ණං ථුල‍්ලච‍්චයං. අයං පන භික‍්ඛු මෙථුනධම‍්මෙ විරජ‍්ජිත්‍වා කායසංසග‍්ගං සාදියීති වෙදිතබ‍්බො. තෙනාහ භගවා – “ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්සා”ති.

ඡුපිතමත්ත වස්තුවෙහි යම් මහණෙක් ‘මෙවුන්දම් සේවනය කරන්නෙමි’යි මාගමක අල්ලාගෙන මෙවුන්දම්හි නොඇලී පසුතැවිලි සිත් ඇත්තේ වේද, මොහුට දුක්කටයම වේ මෛථුන ධර්‍මය පිළිබඳ අත්ගැනීම් ආදීවූ පූර්‍වප්‍රයෝග යමක් මාර්‍ගයෙන් මාර්‍ග ප්‍රතිපාදනයට නොපැමිණෙත්ද ඒතාක් දුක්කටයෙහි සිටිති. මාර්‍ගයෙන් මාර්‍ග ප්‍රතිපාදනයට පැමිණි කල්හි පාරාජිකය වේ. ප්‍රථමපාරාජිකය පිළිබඳ සමීපය දුක්කටයම වේ. අනික් පාරාජිකා තුන පිළිබඳ සමීපය ථුල්ලච්චය වේ. මේ මහණතෙමේ මෙවුන්දම්හි නොඇලී කායසංසර්‍ගය ඉවසීයයි දතයුතුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ‘ආපත්ති සඞ්ඝාදිසෙස්ස’ යනු වදාළ සේක.

භද‍්දියවත්‍ථුස‍්මිං භද‍්දියං නාම තං නගරං. ජාතියාවනං නාම ජාතිපුප‍්ඵගුම‍්බානං උස‍්සන‍්නතාය එවං ලද‍්ධනාමං; තං තස‍්ස නගරස‍්ස උපචාරෙ වනං හොති. සො තත්‍ථ නිපන‍්නො තෙන වාතුපත්‍ථම‍්භෙන මහානිද‍්දං ඔක‍්කමි. එකරසං භවඞ‍්ගමෙව වත‍්තති. කිලින‍්නං පස‍්සිත්‍වාති අසුචිකිලිට‍්ඨං පස‍්සිත්‍වා.

භද්දිය වස්තුවෙහි ඒ නුවර භද්දිය නම් වේ. ජාතියාවන නම්, දෑසමන්මල්වන ලැහැබ් බොහෝ බැවින් මෙසේ ලැබූනම් ඇත්තේය. ඒ වනය ඒ නුවරට සමීපයෙහි පිහිටියේය. ඒ මහණ එහි නිදිගත්තේය. එහිවූ වාතය කරනකොට සිරුරු අවයව තදවීමෙන් නින්දට වැටුනේය. ආවර්‍ජනාදී වූ විථිචිත්තයන්ගේ වසයෙන් පෙළගැසී යන සිත් හා නොහැනුනු භවාඞ්ගයම පවත්නේය. ‘කිලින්තං පස්සීත්‍වා’ ශුක්ලයෙන් කිලිටිවූවහු දැක.

ඉතො පරානි සාදියනපටිසංයුත‍්තානි චත‍්තාරි වත්‍ථූනි, අජානනවත්‍ථු චාති පඤ‍්ච උත‍්තානත්‍ථානෙව.

මෙයින්මත්තෙහි ඉවසීම හා යෙදුනු වස්තු සතර හා අජානන වස්තුවද යන වස්තුපස ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

ද‍්වීසු අසාදියනවත්‍ථූසු සහසා වුට‍්ඨාසීති ආසීවිසෙන දට‍්ඨො විය අග‍්ගිනා දඩ‍්ඪො විය ච තුරිතං වුට‍්ඨාසි. අක‍්කමිත්‍වා පවත‍්තෙසීති අප‍්පමත‍්තො භික‍්ඛු ආරද‍්ධවිපස‍්සකො උපට‍්ඨිතස‍්සති ඛිප‍්පං වුට‍්ඨහන‍්තොව අක‍්කමිත්‍වා භූමියං වට‍්ටෙන‍්තො පරිවට‍්ටෙන‍්තො විහෙඨෙන‍්තො පාතෙසි. පුථුජ‍්ජනකල්‍යාණකෙන හි එවරූපෙසු ඨානෙසු චිත‍්තං රක‍්ඛිතබ‍්බං. අයඤ‍්ච තෙසං අඤ‍්ඤතරො සඞ‍්ගාමසීසයොධො භික‍්ඛු.

අසාදි යන වස්තු දෙක්හි ‘සහසා වුට්ඨාසි’ ආසීවිෂයෙකු විසින් ඩැහගන්නා ලද්දෙකු මෙන් ගින්නෙන් දැවුනෙකු මෙන්ද වහා නැගී සිටියේය. ‘අක්කමිත්‍වා පවට්ටෙසි’ පටන්ගත් විදසුන් ඇති එළඹසිටි සිහි ඇති අප්‍රමත්ත භික්‍ෂුතෙමේ වහා නැගී සිටින්නේම පයින් පාගා බිම පෙරළන්නේ හැමතින් පෙරළන්නේ වෙහෙසන්නේ හෙලුයේය. පෘථග්ජන කල්‍යාණයා විසින් මෙබඳු තන්හි සිත රැකිය යුතුය. මේ මහණද ඔවුන් අතුරෙහි එක්තරා එකෙක් වූයේය. කෙලෙස් සතුරන් විසින් නොමැඩුනේ කෙලෙස් සතුරන් පරාජය කළේ යුදබිම යොධයෙකු වැනි වූයේය.

ද‍්වාරං විවරිත්‍වා නිපන‍්නවත්‍ථුම‍්හි දිවා පටිසල‍්ලීයන‍්තෙනාති දිවා නිපජ‍්ජන‍්තෙන. ද‍්වාරං සංවරිත්‍වා පටිසල‍්ලීයිතුන‍්ති ද‍්වාරං පිදහිත්‍වා නිපජ‍්ජිතුං. එත්‍ථ ච කිඤ‍්චාපි පාළියං “අයං නාම ආපත‍්තී”ති න වුත‍්තා. විවරිත්‍වා නිපන‍්නදොසෙන පන උප‍්පන‍්නෙ වත්‍ථුස‍්මිං “අනුජානාමි, භික‍්ඛවෙ, දිවා පටිසල‍්ලීයන‍්තෙන ද‍්වාරං සංවරිත්‍වා පටිසල‍්ලීයිතු”න‍්ති වුත‍්තත‍්තා අසංවරිත්‍වා පටිසල‍්ලීයන‍්තස‍්ස දුක‍්කටං වුත‍්තං. භගවතො හි අධිප‍්පායං ඤත්‍වා උපාලිත්‍ථෙරාදීහි අට‍්ඨකථා ඨපිතා. “අත්‍ථාපත‍්ති දිවා ආපජ‍්ජති නො රත‍්ති”න‍්ති (පරි· 323) ඉමිනාපි චෙතං සිද‍්ධං.

දොර විවෘතකොට නිපන් වස්තුවෙහි ‘දිවා පතිසල්ලීයන්තෙන’ දහවල නිදන්නහු විසින් ‘ද්වාරං සංවරීත්‍වා පතිසල්ලියිතුං’ දොර වසා නිදන්නට. මෙහි මෙනම් ආපත්තියයි කිසිසේත් පෙළෙහි නොවදාරණ ලද්දීය. දොර හැර නිදිගත් දොසින් උපන් මෛථුන වස්තුවෙහි ‘මහණෙනි! දවල් නිදන්නහු විසින් දොර වසා නිදන්නට අනුදනිමි’යි වදාළ බැවින් දොර නොවසා නිදන්නහුට දුක්කටය වේ යයි වදාරන ලදී. භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැන උපාලි ස්ථවිරාදීන් විසින් අර්‍ත්‍ථකථාව තබන ලද්දීය. ‘අත්‍ථාපත්ති දිවා ආපජ්ජති නො රත්තිං’යි පරිවාරයෙහි එන මේ වචනයෙනුදු මේ දුක්කටය සිද්ධය.

කීදිසං පන ද‍්වාරං සංවරිතබ‍්බං, කීදිසං න සංවරිතබ‍්බං? රුක‍්ඛපදරවෙළුපදරකිලඤ‍්ජපණ‍්ණාදීනං යෙන කෙනචි කවාටං කත්‍වා හෙට‍්ඨා උදුක‍්ඛලෙ උපරි උත‍්තරපාසකෙ ච පවෙසෙත්‍වා කතං පරිවත‍්තකද‍්වාරමෙව සංවරිතබ‍්බං. අඤ‍්ඤං ගොරූපානං වජෙසු විය රුක‍්ඛසූචිකණ‍්ටකද‍්වාරං, ගාමථකනකං චක‍්කලකයුත‍්තද‍්වාරං, ඵලකෙසු වා කිටිකාසු වා ද‍්වෙ තීණි චක‍්කලකානි යොජෙත්‍වා කතං සංසරණකිටිකද‍්වාරං, ආපණෙසු විය කතං උග‍්ඝාටනකිටිකද‍්වාරං, ද‍්වීසු තීසු ඨානෙසු වෙණුසලාකා ගොප‍්ඵෙත්‍වා පණ‍්ණකුටීසු කතං සලාකහත්‍ථකද‍්වාරං, දුස‍්සසාණිද‍්වාරන‍්ති එවරූපං ද‍්වාරං න සංවරිතබ‍්බං. පත‍්තහත්‍ථස‍්ස කවාටප‍්පණාමනෙ පන එකං දුස‍්සසාණිද‍්වාරමෙව අනාපත‍්තිකරං, අවසෙසානි පණාමෙන‍්තස‍්ස ආපත‍්ති. දිවා පටිසල‍්ලීයන‍්තස‍්ස පන පරිවත‍්තකද‍්වාරමෙව ආපත‍්තිකරං, සෙසානි සංවරිත්‍වා වා අසංවරිත්‍වා වා නිපන‍්නස‍්ස ආපත‍්ති නත්‍ථි. සංවරිත්‍වා පන නිපජ‍්ජිතබ‍්බං, එතං වත‍්තං.

කෙබඳු දොර වැසියයුතුද? කෙබඳු දොර නොවැසිය යුතුද? යන මෙහි මෙසේ දතයුතුය. රුක්පුවරු උණපුවරු කලාල්පත් ආදීන්අතුරෙහි යම්කිසිවකින් කවුළුවක්කොට උළුවස්සෙහි යටපඩිකඳ විදකළ සිදුරෙහිද උඩපඩිකඳ සිදුරෙහිද ඇතුල්කොට කරනලද ඔබමොබ පෙරළන දොරම වැසිය යුතුය. අන්‍ය වූ ගෙරින්ගේ ගාල්හි මෙන් රුක්හිදියෙන් කළ දොර, කටු අතුයෙන් කළ දොර, ගමෙහි ගම්දොර වසනු පිණිස යටඑක් සකක් යොදාකළ එකෙකු විසින් වසන්නට අරින්නට නොහැකි මහදොර, පුවරුවල හෝ උණපතුරුවල දෙතුන් සකක් යොදාකළ ඔබමොබ හැසිරවිය හැකි දොර, කඩපිල්හි මෙන් උණපතුරු, අමුඅතු ආදියක් යොදා කළ ඔසොවා තැබිය හැකි පැලලිදොර, දෙතුන්තැනක උණකුරු හුයෙන් බැඳ ගොතාකළ කොළගෙවල උණකුරුබැඳි දොර, තිරරෙද්දෙන් කළ දොර යන මෙබඳුදොර නොවැසිය යුතුය. පාත්‍රයක් ගත් අත් ඇති මහණහුට දොර හැරීමෙහිදී එක්ම තිරරෙද්දෙන් කළ දොර ඇවැත් නොකරන්නේය. සෙසු දොර අරින්නහුට ඇවැත් වේ. දාවල නිදන්නහුට වනාහි පෙරළන දොරම ඇවැත් කරන්නේය. සෙසු දොර වසා නොවසා හෝ නිදිගත්තහුට ඇවැත් නැත්තේය. වසා තබාම නිදි ගතයුතුය. මේ වතයි.

පරිවත‍්තකද‍්වාරං පන කිත‍්තකෙන සංවුතං හොති? සූචිඝටිකාදීසු දින‍්නාසු සංවුතමෙව හොති. අපිච ඛො සූචිමත‍්තෙපි දින‍්නෙ වට‍්ටති. ඝටිකමත‍්තෙපි දින‍්නෙ වට‍්ටති. ද‍්වාරබාහං ඵුසිත්‍වා පිහිතමත‍්තෙපි වට‍්ටති. ඊසකං අඵුසිතෙපි වට‍්ටති. සබ‍්බන‍්තිමෙන විධිනා යාවතා සීසං නප‍්පවිසති තාවතා අඵුසිතෙපි වට‍්ටතීති. සචෙ බහූනං වළඤ‍්ජනට‍්ඨානං හොති, භික‍්ඛුං වා සාමණෙරං වා “ද‍්වාරං, ආවුසො, ජග‍්ගාහී”ති වත්‍වාපි නිපජ‍්ජිතුං වට‍්ටති. අථ භික‍්ඛූ චීවරකම‍්මං වා අඤ‍්ඤං වා කිඤ‍්චි කරොන‍්තා නිසින‍්නා හොන‍්ති, “එතෙ ද‍්වාරං ජග‍්ගිස‍්සන‍්තී”ති ආභොගං කත්‍වාපි නිපජ‍්ජිතුං වට‍්ටති. කුරුන්‍දට‍්ඨකථායං පන “උපාසකම‍්පි ආපුච‍්ඡිත්‍වා වා, ‘එස ජග‍්ගිස‍්සතී’ති ආභොගං කත්‍වා වා නිපජ‍්ජිතුං වට‍්ටති. කෙවලං භික‍්ඛුනිං වා මාතුගාමං වා ආපුච‍්ඡිතුං න වට‍්ටතී”ති වුත‍්තං. අථ ද‍්වාරස‍්ස උදුක‍්ඛලං වා උත‍්තරපාසකො වා භින‍්නො වා හොති අට‍්ඨපිතො වා, සංවරිතුං න සක‍්කොති, නවකම‍්මත්‍ථං වා පන ඉට‍්ඨකපුඤ‍්ජො වා මත‍්තිකාදීනං වා රාසි අන‍්තොද‍්වාරෙ කතො හොති, අට‍්ටං වා බන්‍ධන‍්ති, යථා සංවරිතුං න සක‍්කොති; එවරූපෙ අන‍්තරායෙ සති අසංවරිත්‍වාපි නිපජ‍්ජිතුං වට‍්ටති. යදි පන කවාටං නත්‍ථි, ලද‍්ධකප‍්පමෙව. උපරි සයන‍්තෙන නිස‍්සෙණිං ආරොපෙත්‍වා නිපජ‍්ජිතබ‍්බං. සචෙ නිස‍්සෙණිමත්‍ථකෙ ථකනකං හොති, ථකෙත්‍වාපි නිපජ‍්ජිතබ‍්බං. ගබ‍්භෙ නිපජ‍්ජන‍්තෙන ගබ‍්භද‍්වාරං වා පමුඛද‍්වාරං වා යංකිඤ‍්චි සංවරිත්‍වා නිපජ‍්ජිතුං වට‍්ටති. සචෙ එකකුට‍්ටකෙ ගෙහෙ ද‍්වීසු පස‍්සෙසු ද‍්වාරානි කත්‍වා වළඤ‍්ජන‍්ති, ද‍්වෙපි ද‍්වාරානි ජග‍්ගිතබ‍්බානි.

පරිවර්‍තක ද්වාරය (පෙරළන දොර) කොපමණකින් වසන ලද්දේවේදයත්: මැද සිදුරුකොට වැද්දූ කුරද උඩපඩිකඳෙහි යෙදූ ඝටිකා සිදුරද යන දෙක යෙදූකල්හි මොනවට වසන ලද්දේ වේ. තවද කුර යෙදූ පමණින්ද වටියි. ඝටිකාව පමණක් දුන්කල්හිද වටියි. දොරබාව පහසා වැසූපමණින්ද වටියි. දොරබාව මදක් නොපැහැස සිටිකල්හිද වටියි. සියලු අන්තිම විධියෙන් යම්පමණකින් හිස ඇතුල්නොවේද, එපමණක් නොවැදී සිටිකල්හිද වටියි. ඉදින් බොහෝදෙන ප්‍රයෝජනයට ගන්නා තැනක් වේ, එතන්හි මහණක්හට හෝ හෙරණක්හට හෝ ඇවත! දොර වසාලව’යි කියාද නිදන්නට වටියි. තවද භික්‍ෂූහු සිවුරුකම් හෝ අන්කිසිවක් කරමින් හුන්නාහුවෙත්ද, ‘මොවුහු දොර වසන්නාහ’යි සිතා කල්පනාකොට නිදන්නට වටියි. කුරුන්‍දි අටුවාවෙහි වනාහි උපාසකයකු නමුදු විචාරා හෝ මෙතෙමේ දොර වසන්නේ යයි කල්පනාකොට හෝ නිදන්නට වටියි. හුදෙක් මෙහෙණක හෝ මාගමක විචාරන්නට නොවටීයයිද කියන ලද්දේය. තවද දොරෙහි යටපඩි කඳෙහි සිදුර හෝ උඩපඩිකඳෙහි සිදුර කැඩීගියේ වේද, නොතබන ලද්දේ හෝ වේද, වසාතබන්නට නොහැක්කේද, දොර වසන්නට නොහැකි සේ නවකර්‍මාන්ත පිණිස හෝ ගඩොල් රැසක් හෝ සුණු මැටි ඈරැසක් හෝ දොරතුළ තබන ලද්දේද, අටල්ලක් හෝ බඳිත්ද යම්සේ වසාලන්නට නොහැකිවේද, මෙබඳු අනතුරු ඇතිකල්හි දොර නොවසාද, නිදීමෙහි වරදක් නැත්තේය. ඉදින් කවුළුවක් නැත්තේනම් ලැබූසැටියක්ම කැපවේ. උඩමාලයෙහි නිදන්නහු විසින් මතුතලයට හිණ නගා නිදිගත යුතුය. ඉදින් හිණමතුවෙහි වසන දොරවේද, එය වසාතබා නිදිගත යුතුය. ඇතුළුගෙයි නිදන්නහු විසින් ගැබ්දොර හෝ අක්දෙරිය යන යම්කිසි දොරක් වසාතබා නිදිගත යුතුය. ඉදින් එක්බිත්තියක් ඇති ගෙයි දෙපසෙහි දොරටුතබා ප්‍රයෝජන ගනිත්ද, දොරටු දෙකම වැසිය යුතුය.

තිභූමකෙපි පාසාදෙ ද‍්වාරං ජග‍්ගිතබ‍්බමෙව. සචෙ භික‍්ඛාචාරා පටික‍්කම‍්ම ලොහපාසාදසදිසං පාසාදං බහූ භික‍්ඛූ දිවාවිහාරත්‍ථං පවිසන‍්ති, සඞ‍්ඝත්‍ථෙරෙන ද‍්වාරපාලස‍්ස “ද‍්වාරං ජග‍්ගාහී”ති වත්‍වා වා “ද‍්වාරජග‍්ගනං එතස‍්ස භාරො”ති ආභොගං කත්‍වා වා පවිසිත්‍වා නිපජ‍්ජිතබ‍්බං . යාව සඞ‍්ඝනවකෙන එවමෙව කත‍්තබ‍්බං. පුරෙ පවිසන‍්තානං “ද‍්වාරජග‍්ගනං නාම පච‍්ඡිමානං භාරො”ති එවං ආභොගං කාතුම‍්පි වට‍්ටති. අනාපුච‍්ඡා වා ආභොගං වා අකත්‍වා අන‍්තොගබ‍්භෙ වා අසංවුතද‍්වාරෙ බහි වා නිපජ‍්ජන‍්තානං ආපත‍්ති. ගබ‍්භෙ වා බහි වා නිපජ‍්ජනකාලෙපි “ද‍්වාරජග‍්ගනං නාම මහාද‍්වාරෙ ද‍්වාරපාලස‍්ස භාරො”ති ආභොගං කත්‍වා නිපජ‍්ජිතුං වට‍්ටතියෙව. ලොහපාසාදාදීසු ආකාසතලෙ නිපජ‍්ජන‍්තෙනාපි ද‍්වාරං සංවරිතබ‍්බමෙව.

තෙමහල් පහයෙහිද දොර වැසිය යුතුමය. ඉදින් පිඬු සිඟීමෙන් පෙරළා අවුත් ලොහප්‍රාසාදය වැනි ප්‍රාසාදයකට බොහෝ භික්‍ෂූහු දිවා විහරණය පිණිස පැමිණෙත්නම්, සඞ්ඝස්ථවිරයන් වහන්සේ විසින් දොරටුපල්හට ‘දොර වසාලව’යි කියා හෝ දොර වැසීම මොහුට භාරැ’යි කල්පනාකොට ඇතුල් වී නිදිගත යුතුය. සඞ්ඝ නවකයා තෙක් එපරිද්දෙන්ම කළ යුතුය. පළමුකොට ගෙට ඇතුල්වන්නන්ගේ දොරවැසීම පසුව ගෙට ඇතුල්වන්නන්ට භාරයයි මෙසේ කල්පනා කිරීමද නොසුදුසු නොවේ. නොවිචාරා හෝ කල්පනා නොකොට හෝ ඇතුළුගැබෙහි හෝ නොවැසූ දොර ඇති ගෙයි හෝ පිටත හෝ නිදන්නවුන්ට ඇවැත් වේ. ගැබතුළ හෝ පිටත හෝ නිදන කල්හිද දොරවැසීම මහදොරටුවෙහි දොරටුපල්හට භාරයයි කල්පනාකොට නිදීම වටීමය. ලොහප්‍රාසාදාදියෙහි සැඳැල්ලෙහි නිදන්නහු විසින්ද දොර වැසිය යුතුමය.

අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපො – ඉදං දිවාපටිසල‍්ලීයනං යෙන කෙනචි පරික‍්ඛිත‍්තෙ සද‍්වාරබන්‍ධෙ ඨානෙ කථිතං. තස‍්මා අබ‍්භොකාසෙ වා රුක‍්ඛමූලෙ වා මණ‍්ඩපෙ වා යත්‍ථ කත්‍ථචි සද‍්වාරබන්‍ධෙ නිපජ‍්ජන‍්තෙන ද‍්වාරං සංවරිත්‍වාව නිපජ‍්ජිතබ‍්බං. සචෙ මහාපරිවෙණං හොති, මහාබොධියඞ‍්ගණලොහපාසාදඞ‍්ගණසදිසං බහූනං ඔසරණට‍්ඨානං, යත්‍ථ ද‍්වාරං සංවුතම‍්පි සංවුතට‍්ඨානෙ න තිට‍්ඨති, ද‍්වාරං අලභන‍්තා පාකාරං ආරුහිත්‍වාපි විචරන‍්ති, තත්‍ථ සංවරණකිච‍්චං නත්‍ථි. රත‍්තිං ද‍්වාරං විවරිත්‍වා නිපන‍්නො අරුණෙ උග‍්ගතෙ උට‍්ඨහති, අනාපත‍්ති. සචෙ පබුජ‍්ඣිත්‍වා පුන සුපති, ආපත‍්ති. යො පන “අරුණෙ උග‍්ගතෙ වුට‍්ඨහිස‍්සාමී”ති පරිච‍්ඡින්‍දිත්‍වාව ද‍්වාරං අසංවරිත්‍වා රත‍්තිං නිපජ‍්ජති, යථාපරිච‍්ඡෙදමෙව ච න වුට‍්ඨාති, තස‍්ස ආපත‍්තියෙව. මහාපච‍්චරියං පන “එවං නිපජ‍්ජන‍්තො අනාදරියදුක‍්කටාපි න මුච‍්චතී”ති වුත‍්තං.

මේ මෙහි කෙටිකථාය - මේ දාවල නිදීම යම්කිසිවකින් වටකරන ලද ද්වාරබන්‍ධනය සහිතවූ තැනක ලා වදාරන ලදී. එහෙයින් එළිමහනෙහි හෝ රුක්මුලෙක හෝ මණ්ඩපයෙක හෝ යන ද්වාරබන්‍ධනය සහිත යම්කිසි තැනක නිදන්නහු විසින් දොර වසාම නිදිය යුතුය. ඉදින් මහාපරිවෙණ ස්ථානයක් වේනම්, මහාබෝධි අඞ්ගණ ලොහප්‍රාසාදාඞ්ගණ සමාන වූ බොහෝදෙන හැසිරෙන තැනක්වේනම්, යම්තැනක දොර වැසුයේද වැසූතැන නොසිටීනම් ඇතුල්වන්නට දොර නොලබන්නාහු පවුරට නැගද ඇතුළට පිවිසෙත්නම් එහි දොර වැසීමෙක් නැත්තේය. රාත්‍රියෙහි දොර හැරදමා හොත්තේ අරුණ නැගි කල්හි නැගීසිටීද, ඇවැත් නැත්තේය. ඉදින් නින්දෙන් නැගිට නැවත නිදාද ඇවැත් වේ. යමෙක් වනාහි ‘අරුණ නැගි කල්හි නැගී සිටින්නෙමි’යි පිරිසිඳම දොර නොවසා රාත්‍රියෙහි නිදාද, පිරිසිඳගත් පරිදිම නැගීසිටීද, අපිරිසිදු සිතින්ම හොත්බැවින් ඒ මහණහුට දහවල නිදීම මුල්කොට සිටි ඇවැතම වේ. මහාපච්චරියෙහි වනාහි ‘මෙසේ නිදන්නේ අනාදරිය දුක්කටයෙන් නොමිදේය’යි කියන ලදී.

යො පන බහුදෙව රත‍්තිං ජග‍්ගිත්‍වා අද‍්ධානං වා ගන‍්ත්‍වා දිවා කිලන‍්තරූපො මඤ‍්චෙ නිසින‍්නො පාදෙ භූමිතො අමොචෙත්‍වාව නිද‍්දාවසෙන නිපජ‍්ජති, තස‍්ස අනාපත‍්ති. සචෙ ඔක‍්කන‍්තනිද‍්දො අජානන‍්තොපි පාදෙ මඤ‍්චකං ආරොපෙති, ආපත‍්තියෙව. නිසීදිත්‍වා අපස‍්සාය සුපන‍්තස‍්ස අනාපත‍්ති. යොපි ච “නිද‍්දං විනොදෙස‍්සාමී”ති චඞ‍්කමන‍්තො පතිත්‍වා සහසාව වුට‍්ඨාති, තස‍්සාපි අනාපත‍්ති. යො පන පතිත්‍වා තත්‍ථෙව සයති, න වුට‍්ඨාති, තස‍්ස ආපත‍්ති.

යමෙක් රෑ බොහෝවේලාවක් නොනිදා ගොපනයකොට දිග්මග ගොස් හෝ දාවල විඩාපත්වූයේ ඇඳෙහි හුන්නේ දෙපා පොළොවෙන් නොමුදාම නිදීම් වසයෙන් නිදාද, ඔහුට ඇවැත් නොවේ. ඉදින් බැසගත් නිදි ඇත්තේ නොදන්නේම දෙපා ඇඳට නගාගනීනම් ඇවැත්ම වේ. ඇඳෙහි හිඳ කටිය පටන් පිටමැද අතර ඉතා මදපෙදෙසක් බිමනොතබා ටැම් ආදියකට හේතුනොකොට නිදන්නහුට ඇවැත් නොවේ. යමෙක් ‘නිදි දුරුකරන්නෙමි’යි සක්මන් කරනුයේ වැටී වහාම නැගීසිටීද, ඔහුටද ඇවැත් නොවේ. යමෙක් වැටී එහිම නිදාද, නැගී නොසිටීද ඔහුට ඇවැත් වේ.

කො මුච‍්චති, කො න මුච‍්චතීති? මහාපච‍්චරියං තාව “එකභඞ‍්ගෙන නිපන‍්නකොයෙව මුච‍්චති. පාදෙ පන භූමිතො මොචෙත්‍වා නිපන‍්නො යක‍්ඛගහිතකොපි විසඤ‍්ඤීභූතොපි න මුච‍්චතී”ති වුත‍්තං. කුරුන්‍දට‍්ඨකථායං පන “බන්‍ධිත්‍වා නිපජ‍්ජාපිතොව මුච‍්චතී”ති වුත‍්තං. මහාඅට‍්ඨකථායං පන “යො චඞ‍්කමන‍්තො මුච‍්චිත්‍වා පතිතො තත්‍ථෙව සුපති, තස‍්සාපි අවිසයත‍්තා ආපත‍්ති න දිස‍්සති. ආචරියා පන එවං න කථයන‍්ති. තස‍්මා ආපත‍්තියෙවාති මහාපදුමත්‍ථෙරෙන වුත‍්තං. ද‍්වෙ පන ජනා ආපත‍්තිතො මුච‍්චන‍්තියෙව, යො ච යක‍්ඛගහිතකො, යො ච බන්‍ධිත්‍වා නිපජ‍්ජාපිතො”ති.

කවරෙක් මිදේද, කවරෙක් නොමිදේදයත්: මෙහිලා මහාපච්චරියෙහි යට කියූ ලෙසින් දෙපා පොළොවෙන් නොමුදා එක්පසක් නමා බිඳ හොත්තේම මිදෙන්නේය, දෙපා පොළොවෙන් මුදාහොත්තේ යකුන් විසින් ගන්නා ලද්දේද විසංඥ වූයේද නොමිදෙන්නේ යයි කියන ලදී. කුරුන්‍දි අටුවාවෙහි වනාහි ‘බැඳ හොවන ලදුයේම මිදේය’යි කියන ලදී. මහාඅර්‍ත්‍ථ කථාවෙහි ‘යමෙක් සක්මන් කරනුයේ මුසපත්ව වැටුනේ එහිම නිදාද, එයට නොයටත් බැවින් ඔහුටද ඇවැත් නොදක්නා ලැබේ, ඇදුරෝ වනාහි මෙසේ නොකියත්. එහෙයින් ඇවැත්මැ’යි කියන ලදී. මහාපදුම ස්ථවිරයන් වහන්සේ විසින් ‘යමෙක් යකුන් විසින් ගන්නා ලද්දේද, යමෙක් බැඳ නිදිගන්වන ලද්දේද යන දෙදෙන ඇවැතින් මිදෙත්’යි කියන ලදී.

භාරුකච‍්ඡකවත්‍ථුම‍්හි අනාපත‍්ති සුපිනන‍්තෙනාති යස‍්මා සුපිනන‍්තෙ අවිසයත‍්තා එවං හොති, තස‍්මා උපාලිත්‍ථෙරො භගවතා අවිනිච‍්ඡිතපුබ‍්බම‍්පි ඉමං වත්‍ථුං නයග‍්ගාහෙන විනිච‍්ඡිනි. භගවාපි ච සුත්‍වා “සුකථිතං, භික‍්ඛවෙ, උපාලිනා; අපදෙ පදං කරොන‍්තො විය, ආකාසෙ පදං දස‍්සෙන‍්තො විය උපාලි ඉමං පඤ‍්හං කථෙසී”ති වත්‍වා ථෙරං එතදග‍්ගෙ ඨපෙසි – “එතදග‍්ගං, භික‍්ඛවෙ, මම සාවකානං භික‍්ඛූනං විනයධරානං යදිදං උපාලී”ති (අ· නි· 1.219, 228). ඉතො පරානි සුපබ‍්බාදීනි වත්‍ථූනි උත‍්තානත්‍ථානෙව.

භාරුකච්ඡ වස්තුවෙහි ‘අනාපත්ති සුපිනත්තෙන’ යම්හෙයකින් සිහිනෙහිදී අවිසය බැවින් මෙසේවේද, එහෙයින් උපාලි ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ විසින් විනිශ්චය නොකළවිරූද මේ වස්තුව නයග්‍රාහයෙන් විනිශ්චය කළහ. භාග්‍යවතුන් වහන්සේද අසා ‘මහණෙනි! උපාලි විසින් මනාකොට කියන ලද්දේය, පා සලකුණු නොදැක්විය හැකිතැන පා සලකුණු දක්වන්නකු මෙන්, අහසෙහි පියවර දක්වන්නකු මෙන් උපාලි මේ ප්‍රශ්නය විසඳුයේය’යි වදාරා උපාලි තෙරුන් ‘එතදග්ගං භික්‍‍‍ඛවෙ මම සාවකානං භික්‍‍‍ඛුනං විනයධරානං යදිදං උපාලි’යි එතදග්‍රයෙහි තැබූ සේක. මෙයින් මතුවෙහි එන සුපබ්බ ආදි වස්තු ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

භික‍්ඛුනීසම‍්පයොජනාදීසු තෙ ලිච‍්ඡවිකුමාරකා ඛිඩ‍්ඩාපසුතා අත‍්තනො අනාචාරෙන එවං අකංසු. තතො පට‍්ඨාය ච ලිච‍්ඡවීනං විනාසො එව උදපාදි.

මහණෙකු ගෙන මෙහෙණක හා යෙදීම් ආදියෙහි ඒ ලිච්ඡවි කුමාරයෝ කෙළිසෙල්ලම්හි යෙදුනාහු, තමන්ගේ අනාචාරය හේතුකොට මහණුන් ගෙන මෙහෙණන් හා හෙරණීන් හා මෛථුනයෙහි යෙදවීමෙන් මෙසේ කළාහුය. එතැන් පටන් ලිච්ඡවීන්ගේ විනාශයම වූයේය.

වුඩ‍්ඪපබ‍්බජිතවත්‍ථුම‍්හි දස‍්සනං අගමාසීති අනුකම‍්පාය “තං දක‍්ඛිස‍්සාමී”ති ගෙහං අගමාසි. අථස‍්ස සා අත‍්තනො ච දාරකානඤ‍්ච නානප‍්පකාරෙහි අනාථභාවං සංවණ‍්ණෙසි. අනපෙක‍්ඛඤ‍්ච නං ඤත්‍වා කුපිතා “එහි විබ‍්භමාහී”ති බලක‍්කාරෙන අග‍්ගහෙසි. සො අත‍්තානං මොචෙතුං පටික‍්කමන‍්තො ජරාදුබ‍්බලතාය උත‍්තානො පරිපති. තතො සා අත‍්තනො මනං අකාසි. සො පන භික‍්ඛු අනාගාමී සමුච‍්ඡින‍්නකාමරාගො තස‍්මා න සාදියීති.

බුඩ්ඪපබ්බජිත වස්තුවෙහි ‘දස්සනං අගමාසි’ අනුකම්පාවෙන් පෙර බිරිඳ දකින්නෙමියි හෙතෙම ගෙට ගියේය. එකල්හි ඕතොමෝ මොහුට තමන්ගේද තමදරුවන්ගේද අනාථභාවය නොයෙක්ලෙසින් කියාපෑවාය. ඕතොමෝ ඔහු තමන් ගැන බලාපොරොත්තු රහිතයයි දැන කිපියා ‘එව, ගිහි වෙව’යි බලාත්කාරයෙන් අල්ලා ගත්තීය. හෙතෙමේ තමන් උන්ගෙන් මිදෙන්නට හැරෙනුයේ ජරාවෙන් දුබලබැවින් උඩුකුරුව වැටුනේය. එවිට ඕතොමෝ තමාගේ අදහස ඉටුකරගත්තීය. ඒ මහණතෙමේ අනාගාමීය. සිඳහළ කාමරාග ඇත්තේය. එහෙයින් නොඉවසූයේය.

මිගපොතකවත්‍ථු උත‍්තානත්‍ථමෙවාති.

මිගපොතක වස්තුවෙහි ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේය.

විනීතවත්‍ථු නිට‍්ඨිතං.

විනයවිවෘති නිමි

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය පඨමපාරාජිකවණ‍්ණනා නිට‍්ඨිතා.

සිංහල සමන්තපාසාදිකාවෙහි ප්‍රථම පාරාජිකවර්‍ණනා නිමි.

තත්‍රිදං සමන‍්තපාසාදිකාය සමන‍්තපාසාදිකත‍්තස‍්මිං –

එහි හාත්පසින් හැමතින් ප්‍රසාදය උපදවනබැවින් එනම් ලද අර්‍ත්‍ථකථාව පිළිබඳ මේ සමන්තපාසාදිකභාවයයි.

ආචරියපරම‍්පරතො, නිදානවත්‍ථුප‍්පභෙදදීපනතො; පරසමයවිවජ‍්ජනතො, සකසමයවිසුද‍්ධිතො චෙව.

උපාලිදාසකො යනාදීන් කියන ලද ආචාර්‍ය්‍ය පරම්පරාවෙන්ද නිදානවස්තු ප්‍රභෙද දැක්වීමෙන්ද පරලබ්ධි දුරුකිරීමෙන්ද ස්වසමය පිහිටුවීමෙන්ද,

බ්‍යඤ‍්ජනපරිසොධනතො, පදත්‍ථතො පාළියොජනක‍්කමතො; සික‍්ඛාපදනිච‍්ඡයතො, විභඞ‍්ගනයභෙදදස‍්සනතො.

ව්‍යඤ්ජනපරිශොධනයෙන්ද පදාර්‍ත්‍ථ දැක්වීමෙන්ද පාලියොජනා ක්‍රමයෙන්ද ශික්‍ෂාපද විනිශ්චයයෙන්ද විභඞ්ගනයභෙද දැක්වීමෙන්ද,

සම‍්පස‍්සතං න දිස‍්සති, කිඤ‍්චි අපාසාදිකං යතො එත්‍ථ; විඤ‍්ඤූනමයං තස‍්මා, සමන‍්තපාසාදිකාත්‍වෙව.

නුවණැසින් මොනවට බලන්නා වූ නුවණැත්තවුන්ට මේ සමන්තපාසාදිකාවෙහි නොපැහැදුම් එළවන කිසිවක් යම්හෙයකින් නොදක්නා ලැබේද, එහෙයින් හික්මවිය හැකි සත්ත්‍වයන් දැමීමෙහි දක්‍ෂ වූ ලොවට අනුකම්පා කරන්නා වූ ලොකනාථයන් වහන්සේ විසින් වදාළ විනය ප්‍රවෘත්ති ඇත්තා වූ මේ සංවර්‍ණනා සමන්තපාසාදිකාමයි දතයුතුය.

සංවණ‍්ණනා පවත‍්තා, විනයස‍්ස විනෙය්‍යදමනකුසලෙන; වුත‍්තස‍්ස ලොකනාථෙන, ලොකමනුකම‍්පමානෙනාති.

පඨමපාරාජිකවණ‍්ණනා නිට‍්ඨිතා.