ආසවක්ඛයඤාණකථා අට්ඨකථා
ආසවක්ඛයඤාණකථා
ආසවක්ඛයඤාණකථා
සො එවං සමාහිතෙ චිත්තෙති ඉධ විපස්සනාපාදකං චතුත්ථජ්ඣානචිත්තං වෙදිතබ්බං. ආසවානං ඛයඤාණායාති අරහත්තමග්ගඤාණත්ථාය. අරහත්තමග්ගො හි ආසවවිනාසනතො ආසවානං ඛයොති වුච්චති. තත්ර චෙතං ඤාණං තප්පරියාපන්නත්තාති . චිත්තං අභිනින්නාමෙසින්ති විපස්සනාචිත්තං අභිනීහරිං. සො ඉදං දුක්ඛන්ති එවමාදීසු “එත්තකං දුක්ඛං, න ඉතො භිය්යො”ති සබ්බම්පි දුක්ඛසච්චං සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං අබ්භඤ්ඤාසිං ජානිං පටිවිජ්ඣිං. තස්ස ච දුක්ඛස්ස නිබ්බත්තිකං තණ්හං “අයං දුක්ඛසමුදයො”ති, තදුභයම්පි යං ඨානං පත්වා නිරුජ්ඣති තං තෙසං අප්පවත්තිං නිබ්බානං “අයං දුක්ඛනිරොධො”ති, තස්ස ච සම්පාපකං අරියමග්ගං “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති සරසලක්ඛණපටිවෙධෙන යථාභූතං අබ්භඤ්ඤාසිං ජානිං පටිවිජ්ඣින්ති එවමත්ථො වෙදිතබ්බො.
‘සො එවං සමාහිතෙ චිත්තෙ’ යන මෙහි විදර්ශනාපාදක චතුර්ත්ථද්ධ්යාන චිත්තය දතයුතුය. ‘ආසවානං ඛයඤාණාය’ අර්හතත්වමාර්ග ඥානය පිණිසය. අර්හතත්වමාර්ගය වනාහි ආස්‍රවයන් නසන බැවින් ආස්‍රවයන්ගේ ක්ෂය යයි කියනු ලැබේ. එහිද මේ ඥානය එයට ඇතුළත් බැවිනි. ‘චිත්තං අභිනින්නාමෙසිං’ විදර්‍ශනාචිත්තය එළවීමි. ‘සො ඉදං දුක්ඛං’ යන මේ ආදිතන්හි ‘දුක් මෙපමණය, මෙයට වැඩියක් නැත්තේය’යි සියලු දුඃඛසත්‍යය කෘත්‍ය සහිත ලක්ෂණ ප්‍රතිවෙධයෙන් තතුපරිදි අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්‍රතිවේධ කෙළෙමි. ඒ දුක උපදවන තෘෂ්ණාව ‘මේ දුඃඛසමුදය’යිද, ඒ දුඃඛය හා දුඃඛසමුදය යන දෙක යම්තැනකට පැමිණ නිරුද්ධවේද, ඔවුන්ගේ ඒ නොපැවැත්ම වූ නිවණ ‘මේ දුඃඛනිරොධය’යිද, එයට පමුණුවන ආර්ය්යමාර්ගය ‘මේ දුඃඛනිරොධගාමිනී ප්‍රතිපදාය’යිද කෘත්‍ය සහිත ලක්ෂණ ප්‍රතිවේධයෙන් තතු පරිදි අවබෝධ කෙළෙමි. දැනගතිමි. ප්‍රතිවේධ කෙළෙමියි මෙසේ අර්ත්ථ දතයුතුය.
එවං සරූපතො සච්චානි දස්සෙත්වා ඉදානි කිලෙසවසෙන පරියායතො දස්සෙන්තො “ඉමෙ ආසවා”තිආදිමාහ. තස්ස මෙ එවං ජානතො එවං පස්සතොති තස්ස මය්හං එවං ජානන්තස්ස එවං පස්සන්තස්ස සහ විපස්සනාය කොටිප්පත්තං මග්ගං කථෙති. කාමාසවාති කාමාසවතො. විමුච්චිත්ථාති ඉමිනා ඵලක්ඛණං දස්සෙති. මග්ගක්ඛණෙ හි චිත්තං විමුච්චති, ඵලක්ඛණෙ විමුත්තං හොති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණන්ති ඉමිනා පච්චවෙක්ඛණඤාණං දස්සෙති. ඛීණා ජාතීතිආදීහි තස්ස භූමිං. තෙන හි ඤාණෙන භගවා පච්චවෙක්ඛන්තො “ඛීණා ජාතී”තිආදීනි අබ්භඤ්ඤාසිං. කතමා පන භගවතො ජාති ඛීණා, කථඤ්ච නං අබ්භඤ්ඤාසීති? වුච්චතෙ – න තාවස්ස අතීතා ජාති ඛීණා, පුබ්බෙව ඛීණත්තා; න අනාගතා, අනාගතෙ වායාමාභාවතො; න පච්චුප්පන්නා, විජ්ජමානත්තා. යා පන මග්ගස්ස අභාවිතත්තා උප්පජ්ජෙය්ය එකචතුපඤ්චවොකාරභවෙසු එකචතුපඤ්චක්ඛන්ධප්පභෙදා ජාති, සා මග්ගස්ස භාවිතත්තා අනුප්පාදධම්මතං ආපජ්ජනෙන ඛීණා; තං සො මග්ගභාවනාය පහීනකිලෙසෙ පච්චවෙක්ඛිත්වා “කිලෙසාභාවෙ විජ්ජමානම්පි කම්මං ආයතිං අප්පටිසන්ධිකං හොතී”ති ජානන්තො අබ්භඤ්ඤාසිං.
මෙසේ ස්වරූප වශයෙන් සත්‍යයන් දක්වා දැන් ක්ලෙශ වශයෙන් පර්‍ය්‍යාය හෙයින් සත්‍යයන් දක්වන සේක් ‘ඉමෙ ආසවා’ යනාදිය වදාළ සේක. ‘තස්ස මේ එවං ජානතො එවං පස්සතො’ මෙසේ දන්නාවූ මෙසේ දක්නාවූ ඒ මාගේ විදර්ශනාව සමග කෙළපැමිණි මාර්ගය වදාරණ සේක. ‘කාමාසවා’ කාමාස්‍රවයෙන්. ‘විමුච්චිත්ථ’ මෙයින් ඵලක්ෂණය දක්වාලන්නාහ. මාර්ගක්ෂණයෙහිදී වනාහි සිත මිදෙන්නේය. ඵලක්ෂණයෙහිදී මිදුනේ වේ. ‘විමුත්තස්මිං විමුත්තමිති ඤාණං’ මෙයින් ප්‍රත්‍යවෙක්ෂාඥානය දක්වා ලන්නාහ. ‘ඛීණා ජාති’ යනාදියෙන් ඒ ප්රත්යවෙක්ෂාඥානයාගේ භූමිය දක්වාලන්නාහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ඥානයෙන් ප්රත්යවෙක්ෂා කරන සේක් ‘ජාතිය ක්‍ෂයවූවා’ යනාදිය අවබෝධ කළ සේක. භාග්‍යවතුන් වහන්සේගේ කවර ජාතියක් වනාහි ක්ෂයවූවාද? එය කෙසේ අවබෝධ කළසේක්දයත්: එහිලා කියනු ලැබේ. උන්වහන්සේගේ අතීත ජාතිය වනාහි මාර්ග භාවනාවෙන් ක්ෂය නොවූය. එසේවූවා පෙරම ක්ෂය වූ බැවිනි. අනාගතයෙහි ව්‍යායාමය නැති බැවින් අනාගත ජාතිය ක්ෂය නොවූය. විද්‍යාමාන බැවින් ප්‍රත්‍යුත්පන්න ජාතිය ක්ෂය නොවූය. මාර්ගය නොවැඩූ බැවින් ඒක චතුපඤ්චවොකාර භවයන්හි ඒක චතුපඤ්චක්ඛන්ධයන්ගේ වශයෙන් ප්‍රභෙද ඇති යම් ජාතියක් වනාහි උපදින්නීද, ඒ ජාතිය මාර්ගය වැඩූබැවින් නැවත නොඉපැදෙන බවට පැමිණීමෙන් ක්ෂය වූවාය. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒ ජාතිය මාර්ග භාවනාව කරණකොට ප්‍රහීණ ක්ලෙශයන් ප්රත්යවෙක්ෂාකොට ක්ලෙශයන්ගේ අභාවයෙහි විද්‍යාමාන වූද කර්මය මතුවෙහි පිළිසිඳ ගැනීම නොකෙරේයි දන්නාසේක් මනාකොට අවබෝධ කළසේක.
වුසිතන්ති වුත්ථං පරිවුත්ථං, කතං චරිතං නිට්ඨිතන්ති අත්ථො. බ්රහ්මචරියන්ති මග්ගබ්රහ්මචරියං, පුථුජ්ජනකල්යාණකෙන හි සද්ධිං සත්ත සෙක්ඛා බ්රහ්මචරියවාසං වසන්ති නාම, ඛීණාසවො වුත්ථවාසො. තස්මා භගවා අත්තනො බ්රහ්මචරියවාසං පච්චවෙක්ඛන්තො “වුසිතං බ්‍රහ්මචරිය”න්ති අබ්භඤ්ඤාසිං. කතං කරණීයන්ති චතූසු සච්චෙසු චතූහි මග්ගෙහි පරිඤ්ඤාපහානසච්ඡිකිරියාභාවනාභිසමයවසෙන සොළසවිධම්පි කිච්චං නිට්ඨාපිතන්ති අත්ථො . පුථුජ්ජනකල්යාණකාදයො හි එතං කිච්චං කරොන්ති, ඛීණාසවො කතකරණීයො. තස්මා භගවා අත්තනො කරණීයං පච්චවෙක්ඛන්තො “කතං කරණීය”න්ති අබ්භඤ්ඤාසිං. නාපරං ඉත්ථත්තායාති ඉදානි පුන ඉත්ථභාවාය එවං සොළසකිච්චභාවාය කිලෙසක්ඛයාය වා මග්ගභාවනාකිච්චං මෙ නත්ථීති අබ්භඤ්ඤාසිං.
‘වුසිතං’ වැස නිමවන ලද කරන ලද හැසිරනලද නිමවනලද යන අර්‍ත්‍ථයි. ‘බ්රහ්මචරියං’ මාර්ගබ්රහ්මචර්ය්යය. පෘථග්ජන කල්යාණයා සමග සත් ශෛක්ෂ්‍යයෝ බ්‍රහ්මචර්‍ය්‍ය වාසය වසන්නාහු නම් වෙති. ක්ෂීණාස්රවයන් වහන්සේ වැස නිමකළ බ්‍රහ්මචර්‍ය්‍ය වාසය ඇත්තාහුය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ බ්‍රහ්මචර්‍ය්‍ය වාසය ප්රත්යවෙක්ෂා කරන සේක්, බ්‍රහ්මචර්‍ය්‍යය වැස නිමකරන ලදැයි මොනවට අවබෝධ කළසේක. ‘කතං කරණීයං’ චතුස්සත්‍යයන්හි චතුර්විධ මාර්ගයෙන් පරිඥා, ප්‍රහාණ, සාක්ෂාත්කරණ, භාවනා වශයෙන් සොළොස් වැදෑරුම්වූද කෘත්‍යය නිමවන ලදය, යන අර්‍ත්‍ථයි. පෘථග්ජන කල්යාණාදීහු මේ කෘත්‍යය නිමවන ලදය, යන අර්‍ත්‍ථයි. පෘථග්ජන කල්යාණාදීහු මේ කෘත්‍යය කරත්. ක්ෂීණාස්රවයන් වහන්සේ කළකෘත්යය ඇති සේක. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ කෘත්‍යය ප්රත්යවෙක්ෂා කරන සේක් කළයුත්ත කරන ලදැයි මොනවට අවබෝධ කළසේක. ‘නාපරං ඉත්ථත්තාය’ දැන් නැවත මේ වර්තමාන ස්කන්ධසන්තානය හේතුකොට අන්‍ය වූ අනාගත ස්කන්ධසන්තානයක් මට නැත්තේ යයි මෙසේ සොළොස් වැදෑරුම් වූ කෘත්යභාවය පිණිස හෝ ක්ලේශයන්ගේ ක්ෂය කිරීම පිණිස මාර්‍ගභාවනා කෘත්‍යයක් මට නැත්තේ යයි මොනවට අවබෝධකළ සේක.
ඉදානි එවං පච්චවෙක්ඛණඤාණපරිග්ගහිතං තං ආසවානං ඛයඤාණාධිගමං බ්රාහ්මණස්ස දස්සෙන්තො අයං ඛො මෙ බ්රාහ්මණාතිආදිමාහ. තත්ථ විජ්ජාති අරහත්තමග්ගඤාණවිජ්ජා. අවිජ්ජාති චතුසච්චපටිච්ඡාදිකා අවිජ්ජා. සෙසං වුත්තනයමෙව. අයං පන විසෙසො – අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියා අභිනිබ්භිදා අහොසීති එත්ථ අයං ඛො මම බ්‍රාහ්මණ ආසවානං ඛයඤාණමුඛතුණ්ඩකෙන චතුසච්චපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා තතියා අභිනිබ්භිදා තතියා නික්ඛන්ති තතියා අරියජාති අහොසි, කුක්කුටච්ඡාපකස්සෙව මුඛතුණ්ඩකෙන වා පාදනඛසිඛාය වා අණ්ඩකොසං පදාලෙත්වා තම්හා අණ්ඩකොසම්හා අභිනිබ්භිදා නික්ඛන්ති කුක්කුටනිකායෙ පච්චාජාතීති.
දැන් මෙසේ ප්රත්යවෙක්ෂා ඥානයෙන් පරිගෘහිත වූ ආස්‍රවයන්ගේ ක්ෂය කිරීමෙන් සිද්ධ වූ ඒ ඥානාධිගමය බ්‍රාහ්මණයා හට දක්වනසේක් ‘අයං ඛො බ්‍රාහ්මණ’ යනාදිය වදාළ සේක. එහි ‘විජ්ජා’ යනු අර්හතත්වමාර්ගඥාන විද්‍යාය. ‘අවිජ්ජා’ යනු චතුස්සත්‍යය වසන අවිද්‍යාය. සෙස්ස කියූනය ඇත්තේමය. මේ වනාහි විශේෂය වේ:- ‘අයං ඛො මෙ බ්‍රාහ්මණ තතියා අභිනිබ්භිදා අහොසි’ යන මෙහි ‘බ්‍රාහ්මණ යම්සේ මුවතුඩින් හෝ පානිය සිළුවෙන් හෝ අණ්ඩකෝෂය පලාහැර ඒ අණ්ඩකෝෂයෙන් කුකුළු පැටවාගේ අභිනිෂ්ක්‍රමණය නික්මීම කුක්කුට නිකායෙහි ඉපැත්මවීද, එසේ මාගේ ආස්රවක්ෂය ඥාන නමැති මුවතුඩින් චතුස්සත්‍ය වසාලන අවිද්‍යා නමැති අණ්ඩකෝෂය පලාහැර මේ තෘතීය අභිනිෂ්ක්‍රමණය වූයේය, තෘතීය ආර්‍ය්‍ය ජාතිය වූය.
එත්තාවතා කිං දස්සෙතීති? සො හි බ්‍රාහ්මණ කුක්කුටච්ඡාපකො අණ්ඩකොසං පදාලෙත්වා තතො නික්ඛමන්තො සකිමෙව ජායති, අහං පන පුබ්බෙ-නිවුත්ථක්ඛන්ධපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං භින්දිත්වා පඨමං තාව පුබ්බෙනිවාසානුස්සතිඤාණවිජ්ජාය ජාතො, තතො සත්තානං චුතිපටිසන්ධිපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා දුතියං දිබ්බචක්ඛුඤාණවිජ්ජාය ජාතො, පුන චතුසච්චපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා තතියං ආසවානං ඛයඤාණවිජ්ජාය ජාතො; එවං තීහි විජ්ජාහි තික්ඛත්තුං ජාතො. සා ච මෙ ජාති අරියා සුපරිසුද්ධාති ඉදං දස්සෙසි. එවං දස්සෙන්තො ච පුබ්බෙනිවාසඤාණෙන අතීතංසඤාණං, දිබ්බචක්ඛුනා පච්චුප්පන්නානාගතංසඤාණං, ආසවක්ඛයෙන සකලලොකියලොකුත්තරගුණන්ති එවං තීහි විජ්ජාහි සබ්බෙපි සබ්බඤ්ඤුගුණෙ පකාසෙත්වා අත්තනො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවං බ්රාහ්මණස්ස දස්සෙසීති.
මෙපමණකින් කුමක් දක්වන සේක්ද යත්: ‘බ්‍රාහ්මණ! ඒ කුකුළු පැටවා අණ්ඩකෝෂය පලාහැර එයින් නික්මෙනුයේ වරක්ම උපදනේය, මම වනාහි පෙරවුසූ කඳ පිළිවෙළ වසාලන අවිද්‍යා නමැති අණ්ඩකෝෂය බිඳහැර පළමුකොට පූර්වෙනිවාසානුස්මෘති ඥාන විද්‍යාවෙන් උපන්නේ වීමි, නැවත එයින් පසු සත්ත්වයන්ගේ ච්යුතිප්රතිසන්ධීන් වසාලන අවිද්‍යා නැමති අණ්ඩකෝෂය පලාහැර දෙවනුව දිව්යචක්ෂුර්ඥාන විද්‍යාවෙන් උපන්නේ වීමි, නැවත චතුස්සත්‍යය වසාලන අවිද්‍යා නැමති අණ්ඩකෝෂය පලාහැර තෙවනුව ආස්‍රවයන්ගේ ක්ෂයඥාන විද්‍යාවෙන් උපන්නේ වීමි, මෙසේ ත්‍රිවිද්‍යාවෙන් තෙවරක් උපන්නේ වෙමි. මාගේ ඒ ජාතිය ආර්‍ය්‍යය. ඉතාපිරිසිදු යයි මෙය දක්වාලූ සේක. මෙසේ දක්වාලනු සේක්ද, පෙරවුසූ කඳ පිළිවෙළ දක්නා නුවණින් අතීතයෙහි පැවති ස්කන්ධ, ධාතු, ආයතන යන තෙකොටසෙහි වූ අප්‍රතිහත ඥානය, දිව්යචක්ෂුර්විඥානයෙන් වර්තමාන, අනාගත දෙක්හි වූ ස්කන්ධ, ධාතු, ආයතන යන තෙකොටසෙහි පැවති අප්‍රතිහත ඥානය, ආස්රවක්ෂයකර ඥානයෙන් සියලු ලොවීලොවුතුරු ගුණදැයි මෙසේ ත්‍රිවිද්‍යාවෙන් සියලු සර්වඥ ගුණයන් ප්‍රකාශකොට තමන්වහන්සේගේ ආර්‍ය්‍යය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ, ශ්‍රේෂ්ඨභාවය බ්‍රාහ්මණයා හට දක්වා වදාළ සේක.
ආසවක්ඛයඤාණකථා නිට්ඨිතා.
ආස්රවක්ෂයකර ඥාන කථාව නිමි
දෙසනානුමොදනකථා
දෙසනානුමොදනකථා
එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණොති එවං භගවතා ලොකානුකම්පකෙන බ්රාහ්මණං අනුකම්පමානෙන විනිගූහිතබ්බෙපි අත්තනො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවෙ විජ්ජත්තයපකාසිකාය ධම්මදෙසනාය වුත්තෙ පීතිවිප්ඵාරපරිපුණ්ණගත්තචිත්තො වෙරඤ්ජො බ්රාහ්මණො තං භගවතො අරියාය ජාතියා ජෙට්ඨසෙට්ඨභාවං විදිත්වා “ඊදිසං නාමාහං සබ්බලොකජෙට්ඨසෙට්ඨං සබ්බගුණසමන්නාගතං සබ්බඤ්ඤුං ‘අඤ්ඤෙසං අභිවාදනාදිකම්මං න කරොතී’ති අවචං – ‘ධීරත්ථු වතරෙ අඤ්ඤාණ’”න්ති අත්තානං ගරහිත්වා “අයං දානි ලොකෙ අරියාය ජාතියා පුරෙජාතට්ඨෙන ජෙට්ඨො, සබ්බගුණෙහි අප්පටිසමට්ඨෙන සෙට්ඨො”ති නිට්ඨං ගන්ත්වා භගවන්තං එතදවොච – “ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමො”ති. එවඤ්ච පන වත්වා පුන තං භගවතො ධම්මදෙසනං අබ්භනුමොදමානො “අභික්කන්තං, භො ගොතම, අභික්කන්තං, භො ගොතමා”තිආදිමාහ.
‘එවං වුත්තෙ වෙරඤ්ජො බ්රාහ්මණො’ මෙසේ ලොකානුකම්පක වූ භාග්‍යවතුන් වහන්සේ විසින් බ්‍රාහ්මණයා හට අනුකම්පා කරන්නහු විශේෂයෙන් සැඟවිය යුතුවූද තමන්වහන්සේගේ ආර්‍ය්‍ය ජාතියෙහි ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය විද්‍යාත්‍රය ප්‍රකාශ කරන්නාවූ ධර්ම දේශනාවෙන් දක්වා වදාළ කල්හි ප්‍රීතිය පැතිරීමෙන් පිරිපුන් කය සිත් ඇති වෙරඤ්ජ බ්‍රාහ්මණතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ආර්‍ය්‍ය ජාතියෙහි ඒ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨභාවය දැන මම වනාහි සියලු ලෝකයට ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨ වූ සියලු ගුණයන්ගෙන් සමන්වාගත වූ මෙබඳු සර්‍වඥයන්හට අන්හට අභිවාදනාදි ක්‍රියා නොකෙරේ යයි කීමි, කොල්ලෙනි! මාගේ අඥානත්වයට ඒකාන්තයෙන් නින්දා වේවායි තමාට ගර්හාකොට ‘මෙතෙමේ දැන් ලෝකයෙහි ආර්‍ය්‍ය ජාතියෙහි පළමුව උපන් අර්ත්ථයෙන් ජ්‍යෙෂ්ඨය, සියලු ගුණයන්ගෙන් තමාට සමයෙක් නැත්තේය යන අර්ත්ථයෙන් ශ්‍රේෂ්ඨය’යි නිෂ්ඨාවට ගොස් ‘ජෙට්ඨො භවං ගොතමො සෙට්ඨො භවං ගොතමො’යි භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. මෙසේද කියා නැවත භාග්‍යවතුන් වහන්සේගේ ඒ ධර්ම දේශනාව මොනවට අනුමෝදන් වනුයේ, ‘අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම’ භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, භවත් ගෞතමයන් වහන්ස! ඉතාමනාය, යන මේ ආදිය කීයේය.
තත්ථායං අභික්කන්තසද්දො ඛයසුන්දරාභිරූපඅබ්භනුමොදනෙසු දිස්සති. “අභික්කන්තා, භන්තෙ, රත්ති; නික්ඛන්තො පඨමො යාමො, චිරනිසින්නො භික්ඛුසඞ්ඝො”තිආදීසු (අ· නි· 8.20) හි ඛයෙ දිස්සති. “අයං මෙ පුග්ගලො ඛමති, ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො චා”තිආදීසු (අ· නි· 4.100) සුන්දරෙ.
එහි මේ ‘අභික්කන්ත’ ශබ්දය, ඛය, සුන්දර, අභිරූප, අබ්භනුමොදනයන්හි දක්නා ලැබේ. ‘අභික්කන්තා භන්තෙ රත්ති නික්ඛන්තො පඨමො යාමො චිරනිසින්නො භික්ඛුසඞ්ඝො’ යන මේ ආදිතන්හි ක්ෂයයෙහි දක්නා ලැබේ. ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අභික්කන්තතරො ච පණීතතරො ච’ යනාදිතන්හි සුන්දරයෙහි දක්නා ලැබේ.
“කො මෙ වන්දති පාදානි, ඉද්ධියා යසසා ජලං; අභික්කන්තෙන වණ්ණෙන, සබ්බා ඔභාසයං දිසා”ති. –
‘කො මෙ වන්දති පාදානි ඉද්ධියා යස්සා ජලං, අභික්කන්තෙන වණ්ණෙන සබ්බා ඔභාසයං දිසා’
ආදීසු (වි· ව· 857) අභිරූපෙ. “අභික්කන්තං, භන්තෙ”තිආදීසු (දී· නි· 1.250) අබ්භනුමොදනෙ. ඉධාපි අබ්භනුමොදනෙයෙව. යස්මා ච අබ්භනුමොදනෙ, තස්මා “සාධු සාධු, භො ගොතමා”ති වුත්තං හොතීති වෙදිතබ්බං.
යනාදි තන්හි අභිරූපයෙහි දක්නා ලැබේ. ‘අභික්කන්තං භන්තෙ’ යනාදි තන්හි අබ්භනුමොදනයෙහි දක්නා ලැබේ. මෙහිද අබ්භනුමොදනයෙහිමය. යම්හෙයකින් අබ්භනුමොදනයෙහි වේද, එහෙයින් ‘භවත්ගෞතමයන් වහන්ස! මැනව, මැනව’යි කියන ලදයි දතයුතුය.
“භයෙ කොධෙ පසංසායං, තුරිතෙ කොතූහලච්ඡරෙ; හාසෙ සොකෙ පසාදෙ ච, කරෙ ආමෙඩිතං බුධො”ති.
‘භයෙහි, ක්‍රෝධයෙහි, ප්‍රශංසාවෙහි, වෙගයෙහි, කොතුහලයෙහි, අච්ඡරයෙහි, හාසයෙහි, ශොකයෙහි, ප්‍රසාදයෙහි යන මෙතන්හි නුවණැත්තේ ආමෙණ්ඩිතය කරන්නේය’යි
ඉමිනා ච ලක්ඛණෙන ඉධ පසාදවසෙන පසංසාවසෙන චායං ද්වික්ඛත්තුං වුත්තොති වෙදිතබ්බො.
කියූ මේ ලක්ෂණයෙන්ද, මෙහි ප්රසාදප්රශංසා වශයෙන් මේ අභික්කන්ත ශබ්දය දෙවරක් කියන ලදයි දතයුතුය.
අථ වා අභික්කන්තන්ති අතිඉට්ඨං අතිමනාපං අතිසුන්දරන්ති වුත්තං හොති. තත්ථ එකෙන අභික්කන්තසද්දෙන දෙසනං ථොමෙති, එකෙන අත්තනො පසාදං. අයඤ්හි එත්ථ අධිප්පායො – “අභික්කන්තං, භො ගොතම, යදිදං භොතො ගොතමස්ස ධම්මදෙසනා, අභික්කන්තං යදිදං භොතො ගොතමස්ස ධම්මදෙසනං ආගම්ම මම පසාදො”ති. භගවතොයෙව වා වචනං ද්වෙ ද්වෙ අත්ථෙ සන්ධාය ථොමෙති – භොතො ගොතමස්ස වචනං අභික්කන්තං දොසනාසනතො අභික්කන්තං ගුණාධිගමනතො, තථා සද්ධාජනනතො පඤ්ඤාජනනතො, සාත්ථතො සබ්යඤ්ජනතො, උත්තානපදතො ගම්භීරත්ථතො, කණ්ණසුඛතො හදයඞ්ගමතො, අනත්තුක්කංසනතො අපරවම්භනතො, කරුණාසීතලතො පඤ්ඤාවදාතතො, අපාථරමණීයතො විමද්දක්ඛමතො, සුය්යමානසුඛතො වීමංසියමානහිතතොති එවමාදීහි යොජෙතබ්බං.
නොහොත් ‘අභික්කන්තං’ යන මෙය අතිශය කාන්තය, අතිශය ඉෂ්ටය, අතිශයින් මන වඩන්නේය. අතිශයින් සුන්දරය’යි කියන ලද්දේ වේ. එහි එක් අභික්කන්ත ශබ්දයකින් දේශනාවට ස්තුති කරයි. එක් අභික්කන්ත ශබ්දයකින් තමන්ගේ ප්‍රසාදය දක්වයි. ‘භවත්ගෞතමයන් වහන්ස! භවත්ගෞතමයන් වහන්සේගේ යම් මේ ධර්ම දේශනාවක් වේද, ඒ ධර්ම දේශනාව ඉතා මැනව, භවත්ගෞතමයන් වහන්සේගේ ධර්ම දේශනාව නිසා උපන් මාගේ යම් මේ ප්‍රසාදයක් වේද, ඒ ප්‍රසාදය ඉතා මැනව’ යනු මෙහි මේ අදහස වේ. භාග්‍යවතුන් වහන්සේගේම වචනයට හෝ අර්ත්ථ දෙකක් දෙකක් සඳහා ස්තුති කරයි. ‘භවත්ගෞතමයන් වහන්සේගේ වචන රාගාදී වූ දොස් නසන බැවින් අතිඉෂ්ටය. ශීලාදි ගුණයන්ගේ අධිගමයෙන් අතිඉෂ්ටය. එසේ ශ්‍රද්ධාව උපදවන බැවින්, ප්‍රඥාව උපදවන බැවින්, ශීලාදි අර්ත්ථ සම්පත්තියෙන් සාර්ත්ථ බැවින්, ස්වභාව නිරුක්ති සම්පත්තියෙන් සබ්‍යඤ්ජන බැවින්, සුවිඥෙය ශබ්ද ප්‍රයොගයෙන් උත්තානපද ඇතිබැවින්, ගම්භීර වූ අර්ත්ථ ඇති බැවින්, කණට සුවඑළවන බැවින්, හෘදයඞ්ගම බැවින්, තමා හුවානොදක්වන බැවින්, පරහට අවමන් නොකරන බැවින්, කරුණාවෙන් සිහිල්බැවින්, කෙලෙස් අඳුරු නැසීමෙන් ප්රඥාවදාත බැවින්, අභිමුඛ වූවනට සිත්කලුබැවින්, පූර්වාපර විරොධ රාහිත්‍යයෙන් විමර්දක්ෂමබැවින්, ඇසීමෙන් සුවඑළවනබැවින්, විමසන්නවුනට හිතබැවින්, යන මේආදිය සමග යොදා දතයුතුය.
තතො පරම්පි චතූහි උපමාහි දෙසනංයෙව ථොමෙති. තත්ථ නික්කුජ්ජිතන්ති අධොමුඛඨපිතං, හෙට්ඨාමුඛජාතං වා. උක්කුජ්ජෙය්යාති උපරිමුඛං කරෙය්ය. පටිච්ඡන්නන්ති තිණපණ්ණාදිපටිච්ඡාදිතං. විවරෙය්යාති උග්ඝාටෙය්ය. මූළ්හස්සාති දිසාමූළ්හස්ස. මග්ගං ආචික්ඛෙය්යාති හත්ථෙ ගහෙත්වා එස මග්ගොති වදෙය්ය. අන්ධකාරෙති කාළපක්ඛචාතුද්දසී අඩ්ඪරත්ත-ඝනවනසණ්ඩ-මෙඝපටලෙහි චතුරඞ්ගෙ තමසි. අයං තාව අනුත්තානපදත්ථො. අයං පන අධිප්පායයොජනා – යථා කොචි නික්කුජ්ජිතං උක්කුජ්ජෙය්ය, එවං සද්ධම්මවිමුඛං අසද්ධම්මෙ පතිට්ඨිතං මං අසද්ධම්මා වුට්ඨාපෙන්තෙන; යථා පටිච්ඡන්නං විවරෙය්ය, එවං කස්සපස්ස භගවතො සාසනන්තරධානා පභුති මිච්ඡාදිට්ඨිගහනපටිච්ඡන්නං සාසනං විවරන්තෙන; යථා මූළ්හස්ස මග්ගං ආචික්ඛෙය්ය, එවං කුම්මග්ගමිච්ඡාමග්ගප්පටිපන්නස්ස මෙ සග්ගමොක්ඛමග්ගං ආචික්ඛන්තෙන; යථා අන්ධකාරෙ තෙලපජ්ජොතං ධාරෙය්ය, එවං මොහන්ධකාරෙ නිමුග්ගස්ස මෙ බුද්ධාදිරතනත්තයරූපානි අපස්සතො තප්පටිච්ඡාදකමොහන්ධකාරවිද්ධංසකදෙසනාපජ්ජොතං ධාරෙන්තෙන, මය්හං භොතා ගොතමෙන එතෙහි පරියායෙහි පකාසිතත්තා අනෙකපරියායෙන ධම්මො පකාසිතොති.
එයින් මතුද චතුර්විධ උපමාවන්ගෙන් දේශනාවටම ස්තූති කරයි. එහි ‘නික්කුජ්ජීතං’ යටිමුවකොට තබන ලද්දක් සැහැවියෙන් වූ යටිහුරුමුව ඇත්තක් හෝ ‘උක්කුජ්ජෙය්ය’ උඩුහුරුමුව ඇත්තක් කරන්නේද, ‘පටිච්ඡන්නං’ තණපත් ආදියෙන් වසන ලද්දක්. ‘විවරෙය්ය’ විවෘත කරන්නේද, ‘මූළහස්ස’ දිග් මුළාවූවක්හට ‘මග්ගං ආචික්ඛෙය්ය’ අත ගෙන මේ මගැයි කියන්නේද ‘අන්ධකාරෙ’ කාලපක්ෂයෙහි තුදුස්වක, අඩරෑ, ගනවනලැහැබ, වලාපටල යන මෙයින් යුත් සිවුරඟ අඳුරෙහි, මේ වනාහි අප්‍රකට පදයන්ගේ අර්‍ත්‍ථයි. මේ මෙහි අධිප්රායයොජනයා: යම්සේ කිසිවෙක් යටිමුවකොට තබන ලද්දක් උඩහුරුකොට තබන්නේද, මෙසේ සද්ධර්මයට විමුඛ වූ අසද්ධර්මයෙහි පිහිටියාවූ මා, අසද්ධර්මයෙන් නගාසිටුවන්නාවූ පිළිසන් වූවක් යම්සේ විවෘත කරන්නේ ද, එසේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනාන්තර්ධානයෙහි පටන් මිත්‍ථ්‍යාදෘෂ්ටි ග්රහණයෙන් වැසුනු ශාසනය විවෘතකොට තබන්නාවූ දිග් මුළාවූවක් හට යම්සේ මග කියන්නේද, එසේ කුත්සිතමාර්ග සඞ්ඛ්‍යාත මිත්ථ්යාදෘෂ්ටිමාර්ගයට පිළිපන්නා වූ මට, සගමොක්මග කියාලන්නා වූ යම්සේ අන්ධකාරයෙහි තෙල්පහනක් දරන්නේද, එසේ මොහඳුරෙහි ගැලීගියා වූ බුද්ධාදි රත්නත්‍රය සඞ්ඛ්‍යාත රූපයන් නොදක්නාවූ මාගේ ඒ වසා සිටියාවු මොහඳුර නසන්නාවූ දේශනා නමැති ප්‍රදීපය දරන්නාවූ භවත් ගෞතමයන් වහන්සේ විසින් මේ ක්රමයන්ගෙන් ධර්මය දේශනා කළ බැවින් නොයෙක් ක්‍රමයෙන් ධර්මය දේශනා කරන ලද්දේ වේ.
දෙසනානුමොදනකථා නිට්ඨිතා.
පසන්නාකාරකථා
පසන්නාකාරකථා
එවං දෙසනං ථොමෙත්වා ඉමාය දෙසනාය රතනත්තයෙ පසන්නචිත්තො පසන්නාකාරං කරොන්තො “එසාහ”න්තිආදිමාහ. තත්ථ එසාහන්ති එසො අහං. භවන්තං ගොතමං සරණං ගච්ඡාමීති භවන්තං ගොතමං සරණන්ති ගච්ඡාමි; භවං මෙ ගොතමො සරණං, පරායණං, අඝස්ස තාතා, හිතස්ස ච විධාතාති ඉමිනා අධිප්පායෙන භවන්තං ගොතමං ගච්ඡාමි භජාමි සෙවාමි පයිරුපාසාමි , එවං වා ජානාමි බුජ්ඣාමීති. යෙසඤ්හි ධාතූනං ගතිඅත්ථො, බුද්ධිපි තෙසං අත්ථො; තස්මා “ගච්ඡාමී”ති ඉමස්ස ජානාමි බුජ්ඣාමීති අයම්පි අත්ථො වුත්තො. ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්චාති එත්ථ පන අධිගතමග්ගෙ සච්ඡිකතනිරොධෙ යථානුසිට්ඨං පටිපජ්ජමානෙ ච චතූසු අපායෙසු අපතමානෙ ධාරෙතීති ධම්මො; සො අත්ථතො අරියමග්ගො චෙව නිබ්බානඤ්ච. වුත්තං හෙතං – “යාවතා, භික්ඛවෙ, ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායතී”ති (අ· නි· 4.34) විත්ථාරො. න කෙවලඤ්ච අරියමග්ගො චෙව නිබ්බානඤ්ච, අපි ච ඛො අරියඵලෙහි සද්ධිං පරියත්තිධම්මොපි. වුත්තම්පි හෙතං ඡත්තමාණවකවිමානෙ –
මෙසේ දේශනාවට ස්තුතිකොට මේ දේශනාවෙන් රත්නත්රයයෙහි පහන්සිත් ඇත්තේ ප්‍රසන්නයන් විසින් කළයුතු සත්කාරය කරනුයේ ‘එසාහං’ යනාදිය කීයේය. එහි ‘එසාහං’ ඒ මම. ‘භවන්තං ගොතමං සරණං ගච්ඡාමි’ ‘භවත් ගෞතමයන් වහන්සේ පිළිසරණැයි දනිමි. භවත් ගෞතමයන් වහන්සේ මට පිළිසරණයහ, අනර්ත්ථයන් වැළකීමෙන් හා අර්ත්ථයන් මොනවට පිළියෙල කිරීමෙන් පිහිටියහ, පාපයෙන් රකින්නාහ, හිතද කරන්නාහ’යි යන මේ අදහසින් භවත් ගෞතමයන් වහන්සේ දනිමි, භජනය කරමි, සෙවනය කරමි, ලංව ඇසුරු කරමි, මෙසේ දනිමි, මෙසේ අවබෝධ කරමියි යම් ධාතු කෙනෙකුන්ගේ ගමනාර්ත්ථයක්වේද, ඒ ධාතුන්ගේ අවබෝධයද අර්ත්ථය වේ. එහෙයින් ‘ගච්ඡාමි’ යන මේ ක්‍රියාපදයට දනිමි, අවබෝධ කරමියි මේ අර්ත්ථයද කියන ලද්දේ වේ. ‘ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච’ මෙහි අවබෝධකළ මාර්ගය ඇති, සාක්‍ෂාත්කළ නිරොධය ඇති, අනුශාසනා පරිදි පිළිපදින්නවුන් සිවුඅපායයන්හි නොවැටුනවුන්කොට දරානුයි ධර්ම නම්වේ. ඒ ධර්මය අර්ත්ථ වශයෙන් ආර්‍ය්‍ය මාර්ගයද නිර්වාණයද වේ. මෙය වදාරණ ලද්දේමය: ‘යාවතා භික්ඛවෙ ධම්මා සඞ්ඛතා, අරියො අට්ඨඞ්ගිකො මග්ගො තෙසං අග්ගමක්ඛායති’යි විස්තරය වේ. හුදෙක් ආර්‍ය්‍ය මාර්ගයද නිර්වාණයද අග්‍ර නොවේ. තවද, ආර්‍ය්‍යඵලයන් සමග පර්‍ය්‍යාප්ති ධර්මයද අග්‍ර වේ. ඡත්තමාණවක විමානයෙහි මෙය කියන ලද්දේය:
“රාගවිරාගමනෙජමසොකං, ධම්මමසඞ්ඛතමප්පටිකූලං; මධුරමිමං පගුණං සුවිභත්තං, ධම්මමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 887);
‘රාග විරාග මනෙජ මසොකං ධම්මසඞ්ඛතමප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්ථමුපෙමි’යි.
එත්ථ හි රාගවිරාගොති මග්ගො කථිතො. අනෙජමසොකන්ති ඵලං. ධම්මමසඞ්ඛතන්ති නිබ්බානං. අප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තන්ති පිටකත්තයෙන විභත්තා සබ්බධම්මක්ඛන්ධාති. දිට්ඨිසීලසඞ්ඝාතෙන සංහතොති සඞ්ඝො, සො අත්ථතො අට්ඨඅරියපුග්ගලසමූහො. වුත්තඤ්හෙතං තස්මිංයෙව විමානෙ –
මෙහි වනාහි ‘රාගවිරාගො’ යන මෙයින් මාර්ගය වදාරණ ලද්දේය. ‘අනෙජමසොකං’ යන මෙයින් ඵලය වදාරණ ලද්දේය. ‘ධම්මමසඞ්ඛතං’ යන මෙයින් නිර්වාණය වදාරණ ලද්දේය. ‘අප්පටිකුලං මධුරමිමං පගුණං සුවිභත්තං’ යන මෙයින් පිටකත්‍රය වශයෙන් බෙදනලද සියලු ධර්මස්කන්ධයෝ ගැනෙත්. දිට්ඨි සීලයන්ගේ සංහතභාවයෙන් කෙලෙස් නසන ලද්දේනුයි සඞ්ඝ නම්වේ. ඒ සඞ්ඝතෙමේ අර්ත්ථ වශයෙන් අෂ්ටාර්ය්ය පුද්ගලසමූහ තෙමේය. ඒ විමානයෙහිම මෙය වදාරණ ලද්දේය:
“යත්ථ ච දින්නමහප්ඵලමාහු, චතූසු සුචීසු පුරිසයුගෙසු; අට්ඨ ච පුග්ගලධම්මදසා තෙ, සඞ්ඝමිමං සරණත්ථමුපෙහී”ති. (වි· ව· 888);
‘යත්ථ ච දින්නමහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගෙසු, අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ සඞ්ඝමිමං සරණත්ථමුපෙමි’යි
භික්ඛූනං සඞ්ඝො භික්ඛුසඞ්ඝො. එත්තාවතා ච බ්රාහ්මණො තීණි සරණගමනානි පටිවෙදෙසි.
භික්ෂූන්ගේ සමූහය තෙමේ භික්ඛුසඞ්ඝ නමි. මෙපමණකින්ද බ්‍රාහ්මණතෙමේ ත්රිවිධශරනගමනය දන්වා සිටියේය.
පසන්නාකාරකථා නිට්ඨිතා.
සරණගමනකථා
සරණගමනකථා
ඉදානි තෙස්වෙව තීසු සරණගමනෙසු කොසල්ලත්ථං සරණං, සරණගමනං, යො සරණං ගච්ඡති, සරණගමනප්පභෙදො, සරණගමනඵලං, සංකිලෙසො, භෙදොති අයං විධි වෙදි තබ්බො. සො පන ඉධ වුච්චමානො අතිභාරියං විනයනිදානං කරොතීති න වුත්තො. අත්ථිකෙහි පන පපඤ්චසූදනියං වා මජ්ඣිමට්ඨකථායං භයභෙරවසුත්තවණ්ණනතො (ම· නි· අට්ඨ· 1.56) සුමඞ්ගලවිලාසිනියං වා දීඝනිකායට්ඨකථායං (දී· නි· අට්ඨ· 1.250) සරණවණ්ණනතො ගහෙතබ්බොති.
දැන් ඒ තුන්සරණයෙහිම දක්ෂභාවය පිණිස සරණ, සරණගමන, යමෙක් සරණයටයේනම් ඔහු, සරණගමනප්පභෙද, සරණගමන ඵල, සඞ්කිලෙසභෙද මේ විධි දතයුතුය. ඒ විධිය මෙහි කියනු ලබන්නේනම්, විනය නිදානය බැරෑරුම් කරන්නේයයි මෙහි නොකියන ලද්දේය. ප්‍රයෝජන ඇත්තවුන් විසින් ප්රපඤ්චසුදනී නම් මද්ධ්යමනිකායර්ත්ථ කථාවෙහි භයභෙරව සූත්‍ර වර්ණනාවෙන් හෝ සුමඞ්ගලවිලාසිනී නම් දීඝනිකායාර්ත්ථ කථාවෙහි ශරණ වර්ණනාවෙන් උගත යුතුය.
සරණගමනකථා නිට්ඨිතා.
උපාසකත්තපටිවෙදනාකථා
උපාසකත්තපටිවෙදනාකථා
උපාසකං මං භවං ගොතමො ධාරෙතූති මං භවං ගොතමො “උපාසකො අය”න්ති එවං ධාරෙතූති අත්ථො. උපාසකවිධිකොසල්ලත්ථං පනෙත්ථ කො උපාසකො, කස්මා උපාසකොති වුච්චති, කිමස්ස සීලං, කො ආජීවො, කා විපත්ති, කා සම්පත්තීති ඉදං පකිණ්ණකං වෙදිතබ්බං. තං අතිභාරියකරණතො ඉධ න විභත්තං, අත්ථිකෙහි පන පපඤ්චසූදනියං මජ්ඣිමට්ඨකථායං (ම· නි· අට්ඨ· 1.56) වුත්තනයෙනෙව වෙදිතබ්බං.
‘උපාසකං මං භවං ගොතමො ධාරෙතු’ භවත්, ගෞතමයන් වහන්සේ ‘මෙතෙමේ උපාසකයෙකැ’යි මා දරණ සේක්වා යනු අර්‍ත්‍ථයි. උපාසක විධියෙහි දක්ෂභාවය පිණිස මෙහිදී ‘උපාසක කවරේද? කුමක්හෙයින් උපාසකැයි කියනු ලැබේද? මොහුගේ ශිලය කුමක්ද? ආජීවය කවරේද? විපත්තිය කවරේද? සම්පත්තිය කවරේදැ’යි මේ ප්රකීර්ණකය දතයුතු වේ. එය ඉතා බැරෑරුම්ය. එහෙයින් මෙහි නොබෙදන ලදී. ප්‍රයෝජන ඇත්තවුන් විසින් ප්රපඤ්චසුදනී නම් මද්ධ්යමනිකායර්ත්ථ කථාවෙහි කියූ ක්‍රමයෙන්ම දතයුතුය.
අජ්ජතග්ගෙති එත්ථ අයං අග්ගසද්දො ආදිකොටිකොට්ඨාසසෙට්ඨෙසු දිස්සති. “අජ්ජතග්ගෙ, සම්ම දොවාරික, ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීන”න්තිආදීසු (ම· නි· 2.70) හි ආදිම්හි දිස්සති. “තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය (කථා· 441), උච්ඡග්ගං වෙළග්ග”න්තිආදීසු කොටියං. “අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා (සං· නි· 5.374) අනුජානාමි, භික්ඛවෙ, විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතු”න්තිආදීසු (චූළව· 318) කොට්ඨාසෙ. “යාවතා, භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා…පෙ… තථාගතො තෙසං අග්ගමක්ඛායතී”තිආදීසු (අ· නි· 4.34) සෙට්ඨෙ. ඉධ පනායං ආදිම්හි දට්ඨබ්බො. තස්මා අජ්ජතග්ගෙති අජ්ජතං ආදිං කත්වාති එවමෙත්ථ අත්ථො වෙදිතබ්බො. අජ්ජතන්ති අජ්ජභාවන්ති වුත්තං හොති. අජ්ජදග්ගෙ ඉච්චෙව වා පාඨො, දකාරො පදසන්ධිකරො, අජ්ජ අග්ගං කත්වාති වුත්තං හොති. පාණුපෙතන්ති පාණෙහි උපෙතං, යාව මෙ ජීවිතං පවත්තති, තාව උපෙතං අනඤ්ඤසත්ථුකං තීහි සරණගමනෙහි සරණගතං මං භවං ගොතමො ධාරෙතු ජානාතු, අහඤ්හි සචෙපි මෙ තිඛිණෙන අසිනා සීසං ඡින්දෙය්‍යුං, නෙව බුද්ධං “න බුද්ධො”ති වා, ධම්මං “න ධම්මො”ති වා, සඞ්ඝං “න සඞ්ඝො”ති වා වදෙය්යන්ති. එත්ථ ච බ්රාහ්මණො පාණුපෙතං සරණගතන්ති පුන සරණගමනං වදන්තො අත්තසන්නිය්යාතනං පකාසෙතීති වෙදිතබ්බො.
‘අජ්ජතග්ගෙ’ මෙහි ‘අග්ග’ ශබ්දය තෙමේ ආදිකොටි, කොට්ඨාස, සෙට්ඨ යන මෙතන්හි දක්නා ලැබේ. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨීනං’ යනාදි තන්හි ආදියෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අඞ්ගුලග්ගෙන තං අඞ්ගුලග්ගං පරාමසෙය්ය, උච්ඡග්ගං වෙළග්ගං’ යනාදී තන්හි කෙළවරෙහිද, ‘අම්ඛිලං මධුරග්ගං ච තිත්තකග්ගං අනුජානාමි භික්ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා ගාහෙතුං’ යනාදි තන්හි කොට්ඨාසයෙහිද, ‘යාවතා භික්ඛවෙ සත්තා අපදා වා ද්විපදා වා - පෙ- තථාගතො තෙසං අග්ගමක්ඛායති’ යනාදි තන්හි ශ්රේෂ්ඨාර්ත්ථයෙහිද දක්නා ලැබේ. මෙය වනාහි මෙය ආද්යර්ත්ථයෙහි දතයුතුය. එහෙයින් ‘අජ්ජතග්ගෙ’ යනු ‘අද ආදී කොටැ’යි මෙසේ මෙහි අර්ත්ථ දතයුතුය. ‘අජ්ජතං’යි අදබවැ’යි කියන ලද්දේ වේ. ‘අජ්ජදග්ගෙ’යි හෝ පාඨයි. දකාරය පදසන්ධිය කරන්නේය. ‘අද පටන් කොටැ’යි කියන ලද්දේ වේ. ‘පාණුපෙතං’ දිවිතෙක් පැමිණි. ‘භවත් ගෞතමයන් වහන්සේ මාගේ ජීවිතය යම්තාක් පවතීද ඒතාක් අන්‍ය ශාස්තෘවරයෙකු නොඅදහන්නාවූ තුන්සරණින් යුක්ත වූ මා තුන්සරණින් සරණගියෙකුකොට දරණ සේක්වා, දන්නා සේක්වා, මම වනාහි මාගේ හිස තියුණු කඩුවකින් සිඳින්නාහු නමුත් බුදුරජ බුද්ධ නොවේයයිද හෝ ධර්මය ධර්මය නොවේයයි හෝ සඞ්ඝයා සඞ්ඝ නොවේයයි හෝ නොකියන්නෙමි’යි කීයේය. මෙහිද බ්‍රාහ්මණ තෙමේ දිවිහිම්කොට සරණ ගියහුයි නැවත සරණගමනය කියනුයේ ආත්මසන්නිර්ය්යාතනය පවසායි දතයුතුය.
එවං අත්තානං නිය්යාතෙත්වා භගවන්තං සපරිසං උපට්ඨාතුකාමො ආහ – “අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛුසඞ්ඝෙනා”ති. කිං වුත්තං හොති – උපාසකඤ්ච මං භවං ගොතමො ධාරෙතු, අධිවාසෙතු ච මෙ වෙරඤ්ජායං වස්සාවාසං, තයො මාසෙ වෙරඤ්ජං උපනිස්සාය මම අනුග්ගහත්ථං වාසං සම්පටිච්ඡතූති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙනාති අථස්ස වචනං සුත්වා භගවා කායඞ්ගං වා වාචඞ්ගං වා අචොපෙත්වා අබ්භන්තරෙයෙව ඛන්තිං චාරෙත්වා තුණ්හීභාවෙන අධිවාසෙසි; බ්රාහ්මණස්ස අනුග්ගහත්ථං මනසාව සම්පටිච්ඡීති වුත්තං හොති.
මෙසේ තමන් පාවාදී පිරිස් සහිත වූ භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරනු කැමැත්තේ ‘අධිවාසෙතු ච මෙ භවං ගොතමො වෙරඤ්ජායං වස්සාවාසං සද්ධිං භික්ඛු සඞ්ඝෙන’ යනු කීයේය. මෙයින් කුමක් කියන ලද්දේ ද යත්: ‘භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකුකොට දරණ සේක්වා, මාගේ වෙරඤ්ජාවෙහි වස්විසීම ඉවසන සේක්වා, තෙමසක් වෙරඤ්ජාව ඇසුරුකොට මට අනුග්‍රහ පිණිස වස්විසීම ඉවසන සේක්වා’යි මෙයින් කියන ලද්දේ වේ. ‘අධිවාසෙසි භගවා තුණ්හිභාවෙන’ එකල්හි භාග්‍යවතුන් වහන්සේ මොහුගේ වචනය අසා කායාඞ්ගයක් හෝ ‘හොතු, සාධු’ යනාදී වූ වාචාඞ්ගයක් නොමෙහෙයවා ඇතුළතම ක්ෂාන්තිය දරා තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළ සේක. බ්‍රාහ්මණයා හට අනුග්‍රහ පිණිස සිතින්ම පිළිගත් සේකැයි කියන ලද්දේ වේ.
අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වාති අථ වෙරඤ්ජො බ්රාහ්මණො සචෙ මෙ සමණො ගොතමො නාධිවාසෙය්ය, කායෙන වා වාචාය වා පටික්ඛිපෙය්ය. යස්මා පන අප්පටික්ඛිපිත්වා අබ්භන්තරෙ ඛන්තිං ධාරෙසි, තස්මා මෙ මනසාව අධිවාසෙසීති එවං ආකාරසල්ලක්ඛණකුසලතාය භගවතො අධිවාසනං විදිත්වා, අත්තනො නිසින්නාසනතො වුට්ඨාය චතූසු දිසාසු භගවන්තං සක්කච්චං වන්දිත්වා තික්ඛත්තුං පදක්ඛිණං කත්වා ආගතකාලතො පභුති ජාතිමහල්ලකබ්රාහ්මණානං අභිවාදනාදීනි න කරොතීති විගරහිත්වාපි ඉදානි විඤ්ඤාතබුද්ධගුණො කායෙන වාචාය මනසා ච අනෙකක්ඛත්තුං වන්දන්තොපි අතිත්තොයෙව හුත්වා දසනඛසමොධානසමුජ්ජලං අඤ්ජලිං පග්ගය්හ සිරස්මිං පතිට්ඨාපෙත්වා යාව දස්සනවිසයො තාව පටිමුඛොයෙව අපක්කමිත්වා දස්සනවිසයං විජහනට්ඨානෙ වන්දිත්වා පක්කාමි.
‘අථ ඛො වෙරඤ්ජො බ්රාහ්මණො භගවතො අධිවාසනං විදිත්වා’ ඉක්බිති වෙරඤ්ජ බ්‍රාහ්මණතෙමේ ‘මාගේ ආරාධනාව ඉදින් ශ්‍රමණ ගෞතමතෙමේ නොඉවසන්නේනම්, කයින් හෝ වචනයෙන් ප්‍රතික්ෂේප කරන්නේය, යම්හෙයකින් වනාහි ප්‍රතික්ෂේප නොකොට ඇතුළත ඉවසීම දැරුයේද, එහෙයින් මාගේ ආරාධනාව සිතින්ම ඉවසූයේය’යි මෙසේ ආකාර සැලකීමෙහි දක්ෂභාවයෙන් භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන තමන් හුන් අසුනෙන් නැගිට සිවුදිසාවට හැරි හැරී භාග්‍යවතුන් වහන්සේට සකසා වැඳ තෙවරක් පැදකුණු කොට සරණගිය තැන් පටන් උපතින් මහලු වූ බමුණන්හට වැඳුම්පිදුම් ආදිය නොකෙරේයයි ගර්හාකොටද දැන් දන්නා ලද බුදුගුණ ඇත්තේ කයින්ද වචනයෙන්ද මනසින්ද නොයෙක්වර වඳින්නේද සෑහීමට නොපැමිණියෙක්වම දස නිය එකතු කිරීමෙන් බබලන දෙඅත් එක් කොට හිසෙහි පිහිටුවා දර්ශනවිෂය යම්තාක්ද, ඒතාක් පිටුනොපා මූණ දුන්නේම ඉදිරියට ගොස් දර්ශනවිෂය ඉක්මගිය තැන සිට පසඟ පිහිටුවා වැඳ ගියේය.
උපාසකත්තපටිවෙදනාකථා නිට්ඨිතා.