යෙදුමෙන් කියවන්න

දිබ‍්බචක‍්ඛුඤාණකථා අට‍්ඨකථා

දිබ‍්බචක‍්ඛුඤාණකථා

දිබ්බචක්ඛුඤාණකථා

සො එවං…පෙ… චුතූපපාතඤාණායාති චුතියා ච උපපාතෙ ච ඤාණාය; යෙන ඤාණෙන සත‍්තානං චුති ච උපපාතො ච ඤායති, තදත්‍ථන‍්ති වුත‍්තං හොති. චිත‍්තං අභිනින‍්නාමෙසින‍්ති පරිකම‍්මචිත‍්තං නීහරිං. සො දිබ‍්බෙන…පෙ… පස‍්සාමීති එත්‍ථ පන පූරිතපාරමීනං මහාසත‍්තානං පරිකම‍්මකරණං නත්‍ථි. තෙ හි චිත‍්තෙ අභිනින‍්නාමිතමත‍්තෙ එව දිබ‍්බෙන චක‍්ඛුනා සත‍්තෙ පස‍්සන‍්ති, ආදිකම‍්මිකකුලපුත‍්තා පන පරිකම‍්මං කත්‍වා. තස‍්මා තෙසං වසෙන පරිකම‍්මං වත‍්තබ‍්බං සියා. තං පන වුච‍්චමානං අතිභාරියං විනයනිදානං කරොති; තස‍්මා තං න වදාම. අත්‍ථිකෙහි පන විසුද‍්ධිමග‍්ගෙ (විසුද‍්ධි· 2.411) වුත‍්තනයෙන ගහෙතබ‍්බං. ඉධ පන පාළිමෙව වණ‍්ණයිස‍්සාම.

‘සො එවං -පෙ- චුතුපපාතඤාණය’ ච්‍යුතියෙහිද ප්‍රතිසන්‍ධියෙහිද ඥානය පිණිස යම් ඥානයකින් සත්ත්‍වයන්ගේ ච්‍යුතියත් ප්‍රතිසන්‍ධියත් දක්නා ලැබේද, ඒ පිණිස යයි වදාරණ ලදය. ‘චිත්තං අභිනින්නාමෙසිං’ පරිකර්‍ම චිත්තය ධ්‍යානාලම්බනයෙන් පහකොට දිවැසට අහිමුඛකොට එළවීමි. ‘සො දිබ්බෙන -පෙ- පස්සාමි’ මෙහි වනාහි පිරූපැරුම් ඇති මහා සත්ත්‍වයන්ට පරිකර්‍ම කිරීමක් නැත්තේය. ඔවුහු සිත දිවැසට අභිමුඛකොට එළවූ ඇසිල්ලෙහිම දිවැසින් සත්ත්‍වයන් දකිත්. ආදිකර්මික කුලපුත්‍රයෝ වනාහි පරිකර්‍මකොට සත්ත්‍වයන් දකිත්. එහෙයින් ඔවුන්ගේ වශයෙන් දිවැසට පරිකර්‍ම කියයුතු වන්නේය. එහෙත් එය කියනු ලබන්නේ විනය නිදානය ඉතා බැරෑරුම් කරන්නේය. එහෙයින් එය මෙහි නොකියමු. ප්‍රයෝජන ඇත්තවුන් විසින් විශුද්ධි මාර්‍ගයෙහි කියූනයින් දතයුතුය. පාළි භාෂාවම විස්තර විසින් කියන්නෙමු.

සොති සො අහං. දිබ‍්බෙනාතිආදීසු දිබ‍්බසදිසත‍්තා දිබ‍්බං . දෙවතානඤ‍්හි සුචරිතකම‍්මනිබ‍්බත‍්තං පිත‍්තසෙම‍්හරුහිරාදීහි අපලිබුද‍්ධං උපක‍්කිලෙසවිනිමුත‍්තතාය දූරෙපි ආරම‍්මණසම‍්පටිච‍්ඡනසමත්‍ථං දිබ‍්බං පසාදචක‍්ඛු හොති. ඉදඤ‍්චාපි වීරියභාවනාබලනිබ‍්බත‍්තං ඤාණචක‍්ඛු තාදිසමෙවාති දිබ‍්බසදිසත‍්තා දිබ‍්බං, දිබ‍්බවිහාරවසෙන පටිලද‍්ධත‍්තා අත‍්තනා ච දිබ‍්බවිහාරසන‍්නිස‍්සිතත‍්තාපි දිබ‍්බං, ආලොකපරිග‍්ගහෙන මහාජුතිකත‍්තාපි දිබ‍්බං, තිරොකුට‍්ටාදිගතරූපදස‍්සනෙන මහාගතිකත‍්තාපි දිබ‍්බං. තං සබ‍්බං සද‍්දසත්‍ථානුසාරෙන වෙදිතබ‍්බං. දස‍්සනට‍්ඨෙන චක‍්ඛු. චක‍්ඛුකිච‍්චකරණෙන චක‍්ඛුමිවාතිපි චක‍්ඛු. චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුත‍්තා විසුද‍්ධං. යො හි චුතිමත‍්තමෙව පස‍්සති න උපපාතං, සො උච‍්ඡෙදදිට‍්ඨිං ගණ‍්හාති. යො උපපාතමත‍්තමෙව පස‍්සති න චුතිං, සො නවසත‍්තපාතුභාවදිට‍්ඨිං ගණ‍්හාති. යො පන තදුභයං පස‍්සති, සො යස‍්මා දුවිධම‍්පි තං දිට‍්ඨිගතං අතිවත‍්තති, තස‍්මාස‍්ස තං දස‍්සනං දිට‍්ඨිවිසුද‍්ධිහෙතු හොති. තදුභයඤ‍්ච භගවා අද‍්දස. තෙනෙතං වුත‍්තං – “චුතූපපාතදස‍්සනෙන දිට‍්ඨිවිසුද‍්ධිහෙතුත‍්තා විසුද‍්ධ”න‍්ති.

‘සො’ ඒ මම. ‘දිබ්බෙන’ යනාදි තන්හි දෙවියන්ගේ දිවැස වැනි බැවින් දිබ්බ නම් වේ. දෙවියන්ට සුචරිත කර්‍මයෙන් උපන් පිත්, සෙම්, ලේ ආදියෙන් උපද්‍රැත නොවූ උපක්ලේශයන්ගෙන් මිදුනු බැවින් දුරවූද අරමුණු පිළිගැනීමෙහි සමර්‍ත්‍ථ වූ දිව්‍යප්‍රසාද චක්‍ෂුස වේ. මේ වීර්‍ය්‍ය භාවනා බලයෙන් උපන්නාවූ ඥාන චක්‍ෂුසද එබඳුම යයි දිව්‍යසදෘශ බැවින් දිබ්බ නම් වේ. දිව්‍යවිහරණ සඞ්ඛ්‍යාත චතුර්විධ ධ්‍යානයන්ගේ වශයෙන් පිළි ලැබූ බැවින්ද, තමාත් දිව්‍යවිහරණය ඇසුරුකොට පවත්නා බැවින්ද දිබ්බ නම් වේ. ඥානාලෝකයාගේ පැතිරීමෙන් මහත් බැබලීම් ඇති බැවින්ද දිබ්බ නම් වේ. බිත්ති ආදියෙන් පිටත්හි වූ රූපදර්‍ශනයෙහි මහත් ගති ඇති බැවින්ද දිබ්බ නම් වේ. ඒ සියල්ල ශබ්ද ශාස්ත්‍රානුසාරයෙන් දතයුතුය. රූප දකීම් අරුතින් චක්‍ඛු නමි. චක්‍ෂුස්කෘත්‍යය කිරීමෙන් චක්‍ෂුස වැනිනුයි චක්‍ඛු නමි. ච්‍යුතිප්‍රතිසන්‍ධි දැකීමෙන් දෘෂ්ටිවිශුද්ධියට හේතු බැවින් විසුද්ධ නම් වේ. යමෙක් වනාහි ච්‍යුතිය පමණක්ම දකීද, ප්‍රතිසන්‍ධිය නොදකීද, හෙතෙමේ උච්ඡෙද දෘෂ්ටියට බැසගනියි. යමෙක් ප්‍රතිසන්‍ධිය පමණක්ම දකීද ච්‍යුතිය නොදකීද, හෙතෙමේ අභිනව සත්ත්‍වයන්ගේ ප්‍රාදුර්භාව දෘෂ්ටියට බැසගනියි. යමෙක් වනාහි ච්‍යුති ප්‍රතිසන්‍ධි දෙක දකීද, හෙතෙමේ යම්හෙයකින් ශාස්වතොච්ඡෙද සඞ්ඛ්‍යාත වූ දෙවැදෑරුම්වූද මිථ්‍යාදෘෂ්ටිය ඉක්මවාද, එහෙයින් මොහුගේ ඒ දැකීම දිට්ඨි විසුද්ධියට හේතුවේ. භාග්‍යවතුන් වහන්සේ ඒ දෙකම දුටු සේක. එහෙයින් මෙය ච්‍යුති ප්‍රතිසන්‍ධි දෙක දැකීමෙන් දිට්ඨි විසුද්ධියට හේතු බැවින් විසුද්ධයි වදාළ සේක.

එකාදසඋපක‍්කිලෙසවිරහතො වා විසුද‍්ධං. භගවතො හි එකාදසපක‍්කිලෙසවිරහිතං දිබ‍්බචක‍්ඛු. යථාහ – “සො ඛො අහං, අනුරුද‍්ධ, ‘විචිකිච‍්ඡා චිත‍්තස‍්ස උපක‍්කිලෙසො’ති ඉති විදිත්‍වා විචිකිච‍්ඡං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහිං. අමනසිකාරො…පෙ… ථිනමිද‍්ධං… ඡම‍්භිතත‍්තං… උප‍්පිලං… දුට‍්ඨුල‍්ලං… අච‍්චාරද‍්ධවීරියං… අතිලීනවීරියං… අභිජප‍්පා… නානත‍්තසඤ‍්ඤා… ‘අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං චිත‍්තස‍්ස උපක‍්කිලෙසො’ති ඉති විදිත්‍වා අතිනිජ‍්ඣායිතත‍්තං රූපානං චිත‍්තස‍්ස උපක‍්කිලෙසං පජහිං. සො ඛො අහං, අනුරුද‍්ධ, අප‍්පමත‍්තො ආතාපී පහිතත‍්තො විහරන‍්තො ඔභාසඤ‍්හි ඛො සඤ‍්ජානාමි, න ච රූපානි පස‍්සාමි. රූපානි හි ඛො පස‍්සාමි, න ච ඔභාසං සඤ‍්ජානාමී”ති (ම· නි· 3.242-243) එවමාදි. තදෙවං එකාදසුපක‍්කිලෙසවිරහතො විසුද‍්ධං.

එකාදශවිධ වූ උපක්ලේශයන්ගෙන් තොරවූ බැවින් හෝ විසුද්ධය. භාග්‍යවතුන් වහන්සේගේ දිවැස එකාදශවිධ උපක්ලේශයන්ගෙන් තොරවූයේය. එය මෙසේ වදාළ සේක. ‘සො ඛො අහං අනුරුද්ධ විචිකිච්ඡා චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්‍වා විචිකිච්ඡං චිත්තස්ස උපක්කිලෙසං පජහිං. අමනසිකාරො චිත්තස්ස, ථිනමිද්ධං චිත්තස්ස, ඡම්භිතත්තං චිත්තස්ස, උබ්බිල්ලාවිතං චිත්තස්ස, දුට්ඨුල්ලං චිත්තස්ස, අච්චාරද්ධවිරියං චිත්තස්ස, අතිලීනවීරියං චිත්තස්ස, අභිජප්පා චිත්තස්ස, නානත්ත සඤ්ඤා චිත්තස්ස, අතිනිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසොති ඉති විදිත්‍වා අභිජ්ඣායිතත්තං රූපානං චිත්තස්ස උපක්කිලෙසං පජහිං සො ඛො අහං අනුරුද්ධ අප්පමත්තො ආතාපි පහිතත්තො විහරන්තො ඔභාසං හි ඛො සඤ්ජානාමි, න ච රූපානි පස්සාමි, රූපානි ඛො පස්සාමි, න ච ඔභාසං සඤ්ජානාමීති’ යන මේ ආදියයි. එය මෙසේ එකාදශ උපක්ලේශයන්ගෙන් තොරබැවින් හෝ විසුද්ධය.

මනුස‍්සූපචාරං අතික‍්කමිත්‍වා රූපදස‍්සනෙන අතික‍්කන‍්තමානුසකං; මානුසකං වා මංසචක‍්ඛුං අතික‍්කන‍්තත‍්තා අතික‍්කන‍්තමානුසකන‍්ති වෙදිතබ‍්බං. තෙන දිබ‍්බෙන චක‍්ඛුනා විසුද‍්ධෙන අතික‍්කන‍්තමානුසකෙන.

මනුෂ්‍යොපචාරය ඉක්මවා රූපදැකීම හේතුකොට අතික්කන්තමානුසකය. මිනිසුන් පිළිබඳ මසැස ඉක්මුනු බැවින් හෝ අතික්කන්තමානුසකයි දතයුතුය. ඉක්මවා සිටි පිරිසිදුවූ දිවැසින් -

සත‍්තෙ පස‍්සාමීති මනුස‍්සමංසචක‍්ඛුනා විය සත‍්තෙ පස‍්සාමි දක‍්ඛාමි ඔලොකෙමි. චවමානෙ උපපජ‍්ජමානෙති එත්‍ථ චුතික‍්ඛණෙ වා උපපත‍්තික‍්ඛණෙ වා දිබ‍්බචක‍්ඛුනා දට‍්ඨුං න සක‍්කා, යෙ පන ආසන‍්නචුතිකා ඉදානි චවිස‍්සන‍්ති තෙ චවමානා. යෙ ච ගහිතපටිසන්‍ධිකා සම‍්පතිනිබ‍්බත‍්තා වා, තෙ උපපජ‍්ජමානාති අධිප‍්පෙතා. තෙ එවරූපෙ චවමානෙ උපපජ‍්ජමානෙ ච පස‍්සාමීති දස‍්සෙති. හීනෙති මොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා හීනානං ජාතිකුලභොගාදීනං වසෙන හීළිතෙ ඔහීළිතෙ උඤ‍්ඤාතෙ අවඤ‍්ඤාතෙ. පණීතෙති අමොහනිස‍්සන්‍දයුත‍්තත‍්තා තබ‍්බිපරීතෙ. සුවණ‍්ණෙති අදොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා ඉට‍්ඨකන‍්තමනාපවණ‍්ණයුත‍්තෙ. දුබ‍්බණ‍්ණෙති දොසනිස‍්සන්‍දයුත‍්තත‍්තා අනිට‍්ඨාකන‍්තඅමනාපවණ‍්ණයුත‍්තෙ; අභිරූපෙ විරූපෙතිපි අත්‍ථො. සුගතෙති සුගතිගතෙ, අලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා අඩ‍්ඪෙ මහද‍්ධනෙ. දුග‍්ගතෙති දුග‍්ගතිගතෙ, ලොභනිස‍්සන්‍දයුත‍්තත‍්තා වා දලිද‍්දෙ අප‍්පන‍්නපානෙ. යථාකම‍්මූපගෙති යං යං කම‍්මං උපචිතං තෙන තෙන උපගතෙ. තත්‍ථ පුරිමෙහි “චවමානෙ”තිආදීහි දිබ‍්බචක‍්ඛුකිච‍්චං වුත‍්තං; ඉමිනා පන පදෙන යථාකම‍්මූපගඤාණකිච‍්චං.

‘සත්තෙ පස්සාමි’ මසැසින් බලන මිනිසකු මෙන් සත්ත්‍වයන් බලමි. දකිමි. හාත්පසින් බලමි. ‘චවමානෙ උප්පජ්ජමානෙ’ මෙහි ච්‍යුතික්‍ෂණයෙහි හෝ උත්පත්ති ක්‍ෂණයෙහි දිවැසින් දකින්නට නොහැකිය. යම් සත්ත්‍ව කෙනෙක් ආසන්න වූ ච්‍යුතිය ඇත්තාහුද, දැන් ච්‍යුතවන්නාහුද, ඔවුහු චවමාන නම්වෙතියිද, යම් සත්ත්‍ව කෙනෙක් ගන්නා ලද ප්‍රතිසන්‍ධි ඇත්තාහුද, දැන් උපන්නාහු හෝ වෙත්ද, ඔවුහු උප්පජ්ජමාන නම්වෙතියිද අභිමතයහ. මෙබඳු වූ ච්‍යුතවන්නාවූද උපදින්නාවූද සත්ත්‍වයන් දකිමියි දක්වන සේක. ‘හීනෙ’ මෝහයාගේ උපනිශ්ශ්‍රය භාවයෙන් හා මෝහයාගේ ප්‍රවෘත්ති බාහුල්‍යයෙන් ලාමකවූ, ජාති, කුල, භොගාදීන්ගේ වශයෙන් ගැරහූ, වෙසෙසින් ගැරහූ, ලාමකභාවයෙන් දන්නාලද ලාමකභාවයෙන් වෙසෙසින් ගැරහූ, ලාමකභාවයෙන් දන්නාලද, ලාමකභාවයෙන් වෙසෙසින් දන්නාලද. ‘පණීතෙ’ අමෝහයාගේ ප්‍රවෘත්ති බාහුල්‍යයෙන් යුක්ත බැවින් එයට විපරීත වූ, ‘සුවණ්ණෙ’ අදොස බාහුල්‍යයෙන් යුක්ත බැවින් ඉෂ්ටවූ, කාන්ත වූ, මනවඩන්නාවූ, පැහැයෙන් යුක්ත වූ ‘දුබ්බණ්ණෙ’ දොස බාහුල්‍යයෙන් යුක්තබැවින් අනිෂ්ටවූ, අකාන්ත වූ, මන නොවඩන්නාවූ, පැහැයෙන් යුක්තවූ, අභිරූප වූද විරූප වූද යන අර්‍ත්‍ථයි. ‘සුගතෙ’ සුගතියට ගියාවූ, අලෝභයාගේ බාහුල්‍යයෙන් යුක්ත බැවින් හෝ ආඪ්‍ය වූ මහධන ඇත්තාවූ. ‘දුග්ගතෙ’ දුගතියට ගියාවූ, ලෝභයාගේ බාහුල්‍යයෙන් යුක්ත බැවින් හෝ දිලිඳු වූ, කෑම්බීම් නැත්තාවූ, ‘යථාකම්මූපගෙ’ ඵල එළවන බැවින් යම් යම් කර්‍මයක් රැස්කරන ලදද ඒ කර්‍මයෙන් යුක්තවූවන්. එහි පළමු දැක්වූ ‘චවමානෙ’ යනාදී පදයන්ගෙන් දිව්‍යචක්‍ෂුස් කෘත්‍යය කියන ලදී. ‘යථාකම්මූපගෙ සත්තෙ පජානාමි’ යන මේ වාක්‍යයෙන් යථාකර්‍මොපගඥාන කෘත්‍යය කියන ලදී.

තස‍්ස ච ඤාණස‍්ස අයමුප‍්පත‍්තික‍්කමො – සො හෙට‍්ඨා නිරයාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා නෙරයිකසත‍්තෙ පස‍්සති මහන‍්තං දුක‍්ඛමනුභවමානෙ, තං දස‍්සනං දිබ‍්බචක‍්ඛුකිච‍්චමෙව. සො එවං මනසි කරොති – “කින‍්නු ඛො කම‍්මං කත්‍වා ඉමෙ සත‍්තා එතං දුක‍්ඛමනුභවන‍්තී”ති? අථස‍්ස “ඉදං නාම කත්‍වා”ති තං කම‍්මාරම‍්මණං ඤාණං උප‍්පජ‍්ජති. තථා උපරි දෙවලොකාභිමුඛං ආලොකං වඩ‍්ඪෙත්‍වා නන්‍දනවන-මිස‍්සකවන-ඵාරුසකවනාදීසු සත‍්තෙ පස‍්සති මහාසම‍්පත‍්තිං අනුභවමානෙ. තම‍්පි දස‍්සනං දිබ‍්බචක‍්ඛුකිච‍්චමෙව. සො එවං මනසි කරොති – “කින‍්නු ඛො කම‍්මං කත්‍වා ඉමෙ සත‍්තා එතං සම‍්පත‍්තිං අනුභවන‍්තී”ති? අථස‍්ස “ඉදං නාම කත්‍වා”ති තංකම‍්මාරම‍්මණං ඤාණං උප‍්පජ‍්ජති. ඉදං යථාකම‍්මූපගඤාණං නාම. ඉමස‍්ස විසුං පරිකම‍්මං නාම නත්‍ථි. යථා චිමස‍්ස, එවං අනාගතංසඤාණස‍්සපි. දිබ‍්බචක‍්ඛුපාදකානෙව හි ඉමානි දිබ‍්බචක‍්ඛුනා සහෙව ඉජ‍්ඣන‍්ති.

ඒ ඥානයාගේ උත්පත්ති ක්‍රමය මෙසේය: දිවැස් නුවණ ලද හෙතෙමේ යට නිරයට අභිමුඛකොට ආලෝකය වඩා මහත් දුක් අනුභව කරන්නාවූ නෙරයික සත්ත්‍වයන් දකියි. ඒ දැකීම දිව්‍යචක්‍ෂුස් කෘත්‍යයම වේ. දිවැස් නුවණ ලද හෙතෙමේ ‘කිනම් කර්‍මයක්කොට මේ සත්ත්‍වයෝ මේ දුක් විඳිත්දැ’යි මෙසේ මෙනෙහි කරයි. ඉක්බිති මොහුට ‘මෙනම් කර්‍මයක් කොටැ’යි ඒ කර්‍මය අරමුණු කොට ඥානය උපදියි. එසේ මතුවෙහි දෙව්ලොවට අභිමුඛකොට ආලෝකය වඩා නන්‍දනවන මිස්සකවන ඵාරුසක වනාදියෙහි මහත් සම්පත් අනුභව කරන්නා වූ සත්ත්‍වයන් දකියි. ඒ දැකීමද දිව්‍යචක්‍ෂුස් කෘත්‍යයම වේ. දිවැස් නුවණ ලද හෙතෙමේ ‘කිනම් කර්‍මයක්කොට මේ සත්ත්‍වයෝ මේ සම්පත් විඳිත්දැ’යි මෙසේ සිහිකරයි. ඉක්බිති මොහුට ‘මෙනම් කර්‍මයක්කොටැ’යි ඒ කර්‍මය අරමුණුකොට ඥානය උපදියි. මේ වනාහි යථාකර්‍මොපගතඥාන නම් වේ. මේ ඥානයට වෙන්වූ පරිකර්‍මයක් නැත්තේය. යම්සේ මේ ඥානයට වෙන්වූ පරිකර්‍මයක් නැත්තේද එසේ අනාගතාංශඥානයටද වෙන්වූ පරිකර්‍මයක් නැත්තේය. මේ යතාකර්‍මොපග අනාගතාංශඥානයෝ දිව්‍යචක්‍ෂුස පාදකකොට සිටියහ. දිව්‍යචක්‍ෂුස සමග සමෘද්ධ වන්නාහ.

කායදුච‍්චරිතෙනාතිආදීසු දුට‍්ඨු චරිතං දුට‍්ඨං වා චරිතං කිලෙසපූතිකත‍්තාති දුච‍්චරිතං; කායෙන දුච‍්චරිතං, කායතො වා උප‍්පන‍්නං දුච‍්චරිතන‍්ති කායදුච‍්චරිතං. එවං වචීමනොදුච‍්චරිතානිපි දට‍්ඨබ‍්බානි. සමන‍්නාගතාති සමඞ‍්ගීභූතා. අරියානං උපවාදකාති බුද‍්ධ-පච‍්චෙකබුද‍්ධ-බුද‍්ධසාවකානං අරියානං අන‍්තමසො ගිහිසොතාපන‍්නානම‍්පි අනත්‍ථකාමා හුත්‍වා අන‍්තිමවත්‍ථුනා වා ගුණපරිධංසනෙන වා උපවාදකා; අක‍්කොසකා, ගරහකාති වුත‍්තං හොති. තත්‍ථ “නත්‍ථි ඉමෙසං සමණධම‍්මො, අස‍්සමණා එතෙ”ති වදන‍්තො අන‍්තිමවත්‍ථුනා උපවදති. “නත්‍ථි ඉමෙසං ඣානං වා විමොක‍්ඛො වා මග‍්ගො වා ඵලං වා”ති වදන‍්තො ගුණපරිධංසනෙන උපවදතීති වෙදිතබ‍්බො. සො ච ජානං වා උපවදෙය්‍ය අජානං වා, උභයථාපි අරියූපවාදොව හොති. භාරියං කම‍්මං සග‍්ගාවරණං මග‍්ගාවරණඤ‍්ච, සතෙකිච‍්ඡං පන හොති. තස‍්ස ච ආවිභාවත්‍ථං ඉදං වත්‍ථුමුදාහරන‍්ති –

‘කායදුච්චරිතෙන’ යනාදි තන්හි නපුරු හැසිරීම, කෙලෙසුන්ගෙන් කුණුවූ බැවින් නින්‍දිත වූ හැසිරීම දුච්චරිත නමි. කයින් නපුරු හැසිරීම හෝ කයින් උපන් දුශ්චරිතය කායදුශ්චරිතයයි. වාඞ්මන දුශ්චරිතයෝද මෙසේ දතයුත්තාහ. ‘සමන්නාගතා’ යුක්ත වූ. ‘අරියානං උපවාදකා’ බුද්ධ, ප්‍රත්‍යෙකබුද්ධ බුද්ධශ්‍රාවක වූ ආර්‍ය්‍යයන්ට. යටත්පිරිසෙයින් ගිහි ස්‍රොතාපන්නයන්හටද අනර්‍ත්‍ථ කැමතිව අන්තිම වස්තුවෙන් හෝ විද්‍යමාන ගුණ නැසීමෙන් දොස් නගන්නෝය. ආක්‍රෝශ කරන්නෝය. ගරහන්නෝ යයි වදාරණ ලද්දේ වේ. එහි ‘මොවුන්හට මහණදමක් නැත, මොවුහු අශ්‍රමණයෝ’යි කියනුයේ අන්තිම වස්තුවෙන් දොස් නැගීමම කරයි. ‘මොවුන්හට ධ්‍යානයක්, විමොක්‍ෂයක්, මාර්‍ගයක්, ඵලයක් හෝ නැතැ’යි කියනුයේ ගුණ නැසීමෙන් දොස් නැගීම කෙරේයයි දතයුතුය. ඒ දොස් නැගීම කරනුයේද දන්නේ හෝ නොදන්නේ දොස් නැගීම කරන්නේය. දෙපරිද්දෙන්ම දොස් නැගීම ආර්‍ය්‍යාපවාදයම වේ. මේ කය ඉතා බැරෑරුම්ය. ස්වර්‍ගාවරණද මාර්‍ගාවරණද වේ. එය ප්‍රකට කරණු පිණිස මේ කථාවස්තුව ගෙනහැර දක්වත්:

“අඤ‍්ඤතරස‍්මිං කිර ගාමෙ එකො ථෙරො ච දහරභික‍්ඛු ච පිණ‍්ඩාය චරන‍්ති. තෙ පඨමඝරෙයෙව උළුඞ‍්කමත‍්තං උණ‍්හයාගුං ලභිංසු. ථෙරස‍්ස ච කුච‍්ඡිවාතො අත්‍ථි. සො චින‍්තෙසි – ‘අයං යාගු මය‍්හං සප‍්පායා, යාව න සීතලා හොති තාව නං පිවාමී’ති. සො මනුස‍්සෙහි උම‍්මාරත්‍ථාය ආහටෙ දාරුක‍්ඛන්‍ධෙ නිසීදිත්‍වා තං පිවි. ඉතරො තං ජිගුච‍්ඡි – ‘අතිච‍්ඡාතො වතායං මහල‍්ලකො අම‍්හාකං ලජ‍්ජිතබ‍්බකං අකාසී’ති. ථෙරො ගාමෙ චරිත්‍වා විහාරං ගන‍්ත්‍වා දහරභික‍්ඛුං ආහ – ‘අත්‍ථි තෙ, ආවුසො, ඉමස‍්මිං සාසනෙ පතිට‍්ඨා’ති? ‘ආම, භන‍්තෙ, සොතාපන‍්නො අහ’න‍්ති. ‘තෙන හාවුසො, උපරිමග‍්ගත්‍ථාය වායාමං මා අකාසි, ඛීණාසවො තයා උපවදිතො’ති. සො තං ඛමාපෙසි. තෙනස‍්ස තං පාකතිකං අහොසි”. තස‍්මා යො අඤ‍්ඤොපි අරියං උපවදති, තෙන ගන‍්ත්‍වා සචෙ අත‍්තනා වුඩ‍්ඪතරො හොති, “අහං ආයස‍්මන‍්තං ඉදඤ‍්චිදඤ‍්ච අවචං, තං මෙ ඛමාහී”ති ඛමාපෙතබ‍්බො. සචෙ නවකතරො හොති , වන්‍දිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “අහං භන‍්තෙ තුම‍්හෙ ඉදඤ‍්චිදඤ‍්ච අවචං, තං මෙ ඛමථා”ති ඛමාපෙතබ‍්බො. සචෙ සො නක‍්ඛමති දිසාපක‍්කන‍්තො වා හොති, යෙ තස‍්මිං විහාරෙ භික‍්ඛූ වසන‍්ති තෙසං සන‍්තිකං ගන‍්ත්‍වා සචෙ අත‍්තනා වුඩ‍්ඪතරො හොති ඨිතකෙනෙව, සචෙ නවකතරො උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා “අහං, භන‍්තෙ, අසුකං නාම ආයස‍්මන‍්තං ඉදඤ‍්චිදඤ‍්ච අවචං, ඛමතු මෙ සො ආයස‍්මා”ති එවං වදන‍්තෙන ඛමාපෙතබ‍්බො. සචෙ සො පරිනිබ‍්බුතො හොති, පරිනිබ‍්බුතමඤ‍්චට‍්ඨානං ගන‍්ත්‍වා යාව සිවථිකං ගන‍්ත්‍වාපි ඛමාපෙතබ‍්බො. එවං කතෙ සග‍්ගාවරණඤ‍්ච මග‍්ගාවරණඤ‍්ච න හොති, පාකතිකමෙව හොති.

එක්තරා ගමක එක් ස්ථවිර නමක්ද තරුණ භික්‍ෂු නමක්ද පිඩුසිඟා හැසිරෙති. ඔවුහු පළමු ගෙයිදීම කෙණෙස්සක් පමණ උණු කැඳක් ලැබූහ. තෙරුන්ගේ උදරයෙහි වාතයක් ඇත්තේය. එහෙයින් ස්ථවිරතෙමේ ‘මේ කැඳ මට හිතවේ. සිහිල් වන්නට පෙරාතුව එය වළඳිමි’යි සිතුයේය. සිතා මිනිසුන් විසින් එලිපතක් සඳහා ගෙනැවිත් තුබූ දැවකඩක හිඳ එය වැළඳුයේය. තරුණ භික්‍ෂුතෙමේ ‘මේ මහල්ලා තද බඩගිනි ඇත්තේ ඒකාන්තයෙන් අපට ලජ්ජා විය යුත්තක් කෙළේය’යි එය පිළිකුල් කෙළේය. ස්ථවිරතෙමේ ගමෙහි පිඩුසිඟා හැසිර වෙහෙරට ගොස් ‘ඇවැත! ඔබට මේ ශාසනයෙහි පිහිටක් ඇත්තේදැ’යි ඒ තරුණ භික්‍ෂු නමගෙන් ඇසීය. ‘ස්වාමීනි! එසේය, ඇත්තේය, මම සෝවාන්මි’යි කීය. ‘ඇවැත! එසේනම් මතු මාර්‍ග පිණිස උත්සාහ නොකරව, යුෂ්මත්හු විසින් දොස් නගන ලද්දේ ක්‍ෂීණාස්‍රවයෙකැ’යි කීවිට ඒ භික්‍ෂුනම මහතෙරහු කමාකරවීය. එහෙයින් ඔහුගේ එය පියවිබවට ගියේය. එහෙයින් අනෙකෙක්ද ආර්‍ය්‍යන් හට දොස් නගානම්, ඔහු විසින් ඔහු වෙත ගොස් ඔහු තමාට වඩා වෘද්ධතර වේ නම්, ‘මම ආයුෂ්මත්හට මේ මේ වචන කීමි, මට එයට කමාවනු මැනවැ’යි කමාකරවිය යුතුය. ඉදින් නවකතරයෙක් වේනම්, වැඳ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳ ‘වහන්ස! මම ඔබවහන්සේට මේ මේ වචන කීමි, එයට මට කමාවනු මැනවැ’යි කමා කරවිය යුතුය. ඉදින් ඔහු කමානොකෙරේ නම්, දිග් බලා ගියේ හෝ වේනම්, එකල ඒ විහාරයෙහි යම් භික්‍ෂූහු වසත්නම්, ඔවුන් වෙතට ගොස් ඉදින් තමාට වඩා වෘද්ධතර වේනම්, සිටියහු විසින්ම කමාකරවිය යුතුය. ඉදින් නවකතර වේනම්, උක්කුටිකයෙන් හිඳ ඇඳිලිබැඳ ‘වහන්ස! මම අසුවල් ආයුෂ්මත් හට මේ මේ වචන කීමි, ඒ ආයුෂ්මත්තෙමේ මට කමාවා’යි මෙසේ කියන්නහු විසින් කමා කරවිය යුතුය. ඉදින් හෙතෙමේ පිරිනිවියේ වේනම්, පිරිනිවි ඇඳ තුබූතැනට ගොස්, සොහොනට හෝ ගොස් කමා කරවිය යුතුය. මෙසේකළ කල්හි සර්‍ගාවරණද මාර්‍ගාවරණද නොවේ. පියවි සැහැවි ඇත්තේම වේ.

මිච‍්ඡාදිට‍්ඨිකාති විපරීතදස‍්සනා. මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානාති මිච‍්ඡාදිට‍්ඨිවසෙන සමාදින‍්නනානාවිධකම‍්මා, යෙ ච මිච‍්ඡාදිට‍්ඨිමූලකෙසු කායකම‍්මාදීසු අඤ‍්ඤෙපි සමාදපෙන‍්ති. තත්‍ථ වචීදුච‍්චරිතග‍්ගහණෙනෙව අරියූපවාදෙ, මනොදුච‍්චරිතග‍්ගහණෙන ච මිච‍්ඡාදිට‍්ඨියා සඞ‍්ගහිතායපි ඉමෙසං ද‍්වින‍්නං පුන වචනං මහාසාවජ‍්ජභාවදස‍්සනත්‍ථන‍්ති වෙදිතබ‍්බං. මහාසාවජ‍්ජො හි අරියූපවාදො ආනන‍්තරියසදිසො. යථාහ – “සෙය්‍යථාපි, සාරිපුත‍්ත, භික‍්ඛු සීලසම‍්පන‍්නො සමාධිසම‍්පන‍්නො පඤ‍්ඤාසම‍්පන‍්නො දිට‍්ඨෙව ධම‍්මෙ අඤ‍්ඤං ආරාධෙය්‍ය; එවංසම‍්පදමිදං, සාරිපුත‍්ත, වදාමි තං වාචං අප‍්පහාය තං චිත‍්තං අප‍්පහාය තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සජ‍්ජිත්‍වා යථාභතං නික‍්ඛිත‍්තො, එවං නිරයෙ”ති (ම· නි· 1.149).

‘මිච්ඡාදිට්ඨිකා’ විපරීත දැකුම් ඇත්තාහු. ‘මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා’ මිථ්‍යාදෘෂ්ටි වශයෙන් සමාදන් වූ නානාවිධ කර්‍ම ඇත්තාහු. යම්කෙනෙක් මිත්‍ථ්‍යා දෘෂ්ටිය මුල්කොට ඇති කායකර්‍මාදීන්හි අන්හුද සමාදන් කරවත්ද, එහි වාග්දුශ්චරිත ග්‍රහණයෙන්ම ආර්‍ය්‍යොපවාදයද මනොදුශ්චරිත ග්‍රහණයෙන් මිත්‍ථ්‍යා දෘෂ්ටියද සඞ්ගෘහිත කල්හිද මේ ආර්‍ය්‍යොපවාද මිත්‍ථ්‍යාදෘෂ්ටි දෙක්හි නැවත කීම මහාසාවද්‍යභාවය දැක්වීම පිණිසයි දතයුතුය. ආර්‍ය්‍යොපවාදය මහාසාවද්‍යමය. අනතුරු අත්බවෙහි විපාක දෙන කර්‍ම සමාන වේ. ඒ මෙසේ වදාළ සේක: ‘සෙය්‍යථාපි සාරිපුත්ත භික්‍‍‍ඛු සීලසම්පන්නො සමාධිසම්පන්නො පඤ්ඤාසම්පන්නො දිට්ඨෙව ධම්මෙ අඤ්ඤං ආරාධෙය්‍ය, එවං සම්පදමිදං සාරිපුත්ත වදාමි, තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨිං අප්පටිනිස්සජ්ජිත්‍වා යථාභතං නික්‍ඛිත්තො එවං නිරයෙ’යි.

මිච‍්ඡාදිට‍්ඨිතො ච මහාසාවජ‍්ජතරං නාම අඤ‍්ඤං නත්‍ථි. යථාහ – “නාහං, භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි, එවං මහාසාවජ‍්ජතරං, යථයිදං, මිච‍්ඡාදිට‍්ඨි. මිච‍්ඡාදිට‍්ඨිපරමානි, භික‍්ඛවෙ, වජ‍්ජානී”ති (අ· නි· 1.310).

මිථ්‍යාදෘෂ්ටියට වඩා අතිශය මහා සාවද්‍ය වූ කර්‍මයක් නැත්තේය. ඒ මෙසේ වදාළ සේක: ‘නාහං භික්‍‍‍ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං මහාසාවජ්ජතරං, යථසිදං භික්‍‍‍ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨිපරමානි වජ්ජානි’යි.

කායස‍්ස භෙදාති උපාදින‍්නක‍්ඛන්‍ධපරිච‍්චාගා. පරං මරණාති තදනන‍්තරං අභිනිබ‍්බත‍්තක‍්ඛන්‍ධග‍්ගහණෙ. අථවා කායස‍්ස භෙදාති ජීවිතින්‍ද්‍රියස‍්සුපච‍්ඡෙදා. පරං මරණාති චුතිචිත‍්තතො උද‍්ධං. අපායන‍්ති එවමාදි සබ‍්බං නිරයවෙවචනං. නිරයො හි සග‍්ගමොක‍්ඛහෙතුභූතා පුඤ‍්ඤසම‍්මතා අයා අපෙතත‍්තා, සුඛානං වා ආයස‍්ස අභාවා අපායො. දුක‍්ඛස‍්ස ගති පටිසරණන‍්ති දුග‍්ගති; දොසබහුලතාය වා දුට‍්ඨෙන කම‍්මුනා නිබ‍්බත‍්තා ගතීති දුග‍්ගති. විවසා නිපතන‍්ති එත්‍ථ දුක‍්කටකාරිනොති විනිපාතො; විනස‍්සන‍්තා වා එත්‍ථ නිපතන‍්ති සම‍්භිජ‍්ජමානඞ‍්ගපච‍්චඞ‍්ගාති විනිපාතො. නත්‍ථි එත්‍ථ අස‍්සාදසඤ‍්ඤිතො අයොති නිරයො.

‘කායස්ස භෙදා’ උපාදින්නස්කන්‍ධයන්ගේ පරිත්‍යාගයෙන්, ‘පරම්මරණා’ එයට අනතුරුව උපන් ස්කන්‍ධයන්ගේ ගැනීමෙහි නොහොත් ‘කායස්ස භෙදා’ ජීවිතෙන්‍ද්‍රියයාගේ සිඳීමෙන්. ‘පරම්මරණා’ ච්‍යුතිචිත්තයෙන් මතුවෙහි. ‘අපායං’ මේ ආදී සියල්ල නිරයට පර්‍ය්‍යාය වචනයි. නිරය වනාහි ස්වර්‍ග මොක්‍ෂයන්ට කරුණු වූ පුණ්‍යසම්මත වූ අය සඞ්ඛ්‍යාත සුඛයෙන් පහවූ බැවින්, නොහොත් සුඛයන්ගේ හටගැනීමට කරුණු වූ අයසඞ්ඛ්‍යාත සුචරිතයාගේ අභාවයෙන් අපාය නම් වේ. දුකට පිහිටය, පිළිසරණනුයි දුග්ගති. ද්වෙෂබාහුල්‍යයෙන් හෝ දූෂිත කර්‍මයෙන් නිපන් ගතියනුයි දුග්ගති. දුෂ්කෘතකාරීහු තමාගේ වශයෙහි නොපවත්නාහු, එහි වැටෙත්නුයි විනිපාත නොහොත් බිඳුනු අඟපසඟ ඇතිව වැනසෙන්නාහු මෙහි වැටෙත්නුයි විනිපාත. මෙහි ආස්වාදයි නම් ලද තමන් කැමති සේ විඳිනු ලබන සැපයක් නැත්තේනුයි නිරය නම් වේ.

අථ වා අපායග‍්ගහණෙන තිරච‍්ඡානයොනිං දීපෙති. තිරච‍්ඡානයොනි හි අපායො, සුගතියා අපෙතත‍්තා; න දුග‍්ගති, මහෙසක‍්ඛානං නාගරාජාදීනං සම‍්භවතො. දුග‍්ගතිග‍්ගහණෙන පෙත‍්තිවිසයං දීපෙති. සො හි අපායො චෙව දුග‍්ගති ච සුගතිතො අපෙතත‍්තා, දුක‍්ඛස‍්ස ච ගතිභූතත‍්තා; න තු විනිපාතො අසුරසදිසං අවිනිපතිතත‍්තා. පෙතමහිද‍්ධිකානඤ‍්හි විමානානිපි නිබ‍්බත‍්තන‍්ති. විනිපාතග‍්ගහණෙන අසුරකායං දීපෙති. සො හි යථාවුත‍්තෙනත්‍ථෙන අපායො චෙව දුග‍්ගති ච සබ‍්බසමුස‍්සයෙහි ච විනිපතිතත‍්තා විනිපාතොති වුච‍්චති. නිරයග‍්ගහණෙන අවීචි-ආදිඅනෙකප‍්පකාරං නිරයමෙව දීපෙති. උපපන‍්නාති උපගතා, තත්‍ථ අභිනිබ‍්බත‍්තාති අධිප‍්පායො. වුත‍්තවිපරියායෙන සුක‍්කපක‍්ඛො වෙදිතබ‍්බො.

තවද අපාය ග්‍රහණයෙන් තිරිසන් යෝනිය දක්වයි. තිරිසන් යෝනිය වනාහි මනාගතියෙන් පහවූ බැවින් අපාය නමි. මහේශාක්‍ය නාගරාජාදීන් උපදින බැවින් දුර්‍ගති නොවේ. දුර්‍ගති ග්‍රහණයෙන් ප්‍රේතවිෂය දක්වයි. ඒ වනාහි සුගති ගතියෙන් පහවූ බැවින්ද, දුකට පිහිටවූ බැවින්ද, අපාය දුර්‍ගතිද වේ. ලෝකාන්තරික නරකයෙහි ප්‍රේතාසුරයන් මෙන් නැසුනු සිරුරු ඇතිව නොවැටෙන බැවින් විනිපාත නොවේ. මහත් ඍද්ධි ඇති ප්‍රේතයන්ටද විමන් පහළ වේ. විනිපාත ග්‍රහණයෙන් අසුරකාය දක්වයි. ඒ අසුරකාය වනාහි යටකියූ අරුතින් අපායද, දුර්‍ගතිද වේ. සියලු සම්පත් සමූහයෙන් විවශව පතිතවන බැවින් විනිපාතයිද කියනු ලැබේ. නිරය ග්‍රහණයෙන් අවීචි ආදීවූ අනෙකප්‍රකාර නිරයම දක්වයි. ‘උපපන්නා’ එළැඹියෝය. එහි උපන්නාහුය යන අදහසය. මෙහි කියූ ‘කායදුච්චරිතෙන’ යනාදි පදයන්ට කියූ අර්‍ත්‍ථයන්ට විපරීත වශයෙන් ශුක්ල පක්‍ෂය දතයුතුය.

අයං පන විසෙසො – එත්‍ථ සුගතිග‍්ගහණෙන මනුස‍්සගතිපි සඞ‍්ගය‍්හති. සග‍්ගග‍්ගහණෙන දෙවගතියෙව. තත්‍ථ සුන්‍දරා ගතීති සුගති. රූපාදිවිසයෙහි සුට‍්ඨු අග‍්ගොති සග‍්ගො. සො සබ‍්බොපි ලුජ‍්ජනපලුජ‍්ජනට‍්ඨෙන ලොකොති අයං වචනත්‍ථො. විජ‍්ජාති දිබ‍්බචක‍්ඛුඤාණවිජ‍්ජා. අවිජ‍්ජාති සත‍්තානං චුතිපටිසන්‍ධිපටිච‍්ඡාදිකා අවිජ‍්ජා. සෙසං වුත‍්තනයමෙව. අයමෙව හෙත්‍ථ විසෙසො – යථා පුබ‍්බෙනිවාසකථායං “පුබ‍්බෙනිවාසානුස‍්සතිඤාණමුඛතුණ‍්ඩකෙන පුබ‍්බෙනිවුත්‍ථක‍්ඛන්‍ධපඅච‍්ඡාදකං අවිජ‍්ජණ‍්ඩකොසං පදාලෙත්‍වා”ති වුත‍්තං; එවමිධ “චුතූපපාතඤාණමුඛතුණ‍්ඩකෙන චුතූපපාතපටිච‍්ඡාදකං අවිජ‍්ජණ‍්ඩකොසං පදාලෙත්‍වා”ති වත‍්තබ‍්බන‍්ති.

මේ වනාහි විශේෂය වේ: මෙහි සුගති ග්‍රහණයෙන් මනුෂ්‍ය ගතියද සඞ්ග්‍රහ කරනු ලැබේ. සග්ග ග්‍රහණයෙන් දෙව ගතියම සඞ්ග්‍රහ කරනු ලැබේ. එහි සුන්‍දර වූ ගතියනුයි සුගති. රූපාදී වූ පඤ්චකාම විෂයයෙන් මොනවට අග්‍රනුයි ස්වර්‍ග නම් වේ. ඒ සියල්ලම නැසෙන වැනසෙන අරුතින් ලොකනම් වේය යනු වචනාර්‍ත්‍ථය වේ. ‘විජ්ජා’ දිව්‍යචක්‍ෂුර්ඥානවිද්‍යාය. ‘අවිජ්ජා’ සත්ත්‍වයන්ගේ ච්‍යුතිප්‍රතිසන්‍ධීන් වසාලන අවිද්‍යාය. සෙස්ස කියූ අර්‍ත්‍ථක්‍රම ඇත්තේය. මේම මෙහි විශේෂය වේ: ‘යම්සේ පූර්‍වෙනිවාසකථාවෙහි පූර්‍වෙනිවාසානුස්මෘතිඥාන නමැති මුවතුඩින් පෙරවුසූ කඳ පිළිවෙළ වසාලන අවිද්‍යා නමැති අණ්ඩකෝෂය පලාහැරැයි කියන ලද්දේ ද, මෙසේ මෙහි ච්‍යුත්‍යුත්පත්තිඥාන නමැති මුවතුඩින් ච්‍යුතිඋත්පත්තීන් වසාලන අවිද්‍යා නමැති අණ්ඩකෝෂය පලාහැරයි කියයුතුය.

දිබ‍්බචක‍්ඛුඤාණකථා නිට‍්ඨිතා.

දිව්‍යචක්‍ෂුර්ඥාන කථාව නිමි