පුබ්බෙනිවාසකථා අට්ඨකථා
පුබ්බෙනිවාසකථා
පුබ්බෙනිවාසකථා
ඉති ඉමානි චත්තාරි ඣානානි කෙසඤ්චි චිත්තෙකග්ගතත්ථානි හොන්ති, කෙසඤ්චි විපස්සනාපාදකානි, කෙසඤ්චි අභිඤ්ඤාපාදකානි, කෙසඤ්චි නිරොධපාදකානි, කෙසඤ්චි භවොක්කමනත්ථානි. තත්ථ ඛීණාසවානං චිත්තෙකග්ගතත්ථානි හොන්ති, තෙ හි සමාපජ්ජිත්වා “එකග්ගචිත්තා සුඛං දිවසං විහරිස්සාමා”ති ඉච්චෙවං කසිණපරිකම්මං කත්වා අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙන්ති. සෙක්ඛපුථුජ්ජනානං “සමාපත්තිතො වුට්ඨාය සමාහිතෙන චිත්තෙන විපස්සිස්සාමා”ති නිබ්බත්තෙන්තානං විපස්සනාපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා අභිඤ්ඤාපාදකං ඣානං සමාපජ්ජිත්වා සමාපත්තිතො වුට්ඨාය “එකොපි හුත්වා බහුධා හොතී”ති වුත්තනයා අභිඤ්ඤායො පත්ථෙන්තා නිබ්බත්තෙන්ති, තෙසං අභිඤ්ඤාපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා “නිරොධසමාපත්තිං සමාපජ්ජිත්වා සත්තාහං අචිත්තකා හුත්වා දිට්ඨෙව ධම්මෙ නිරොධං නිබ්බානං පත්වා සුඛං විහරිස්සාමා”ති නිබ්බත්තෙන්ති, තෙසං නිරොධපාදකානි හොන්ති. යෙ පන අට්ඨ සමාපත්තියො නිබ්බත්තෙත්වා “අපරිහීනජ්ඣානා හුත්වා බ්රහ්මලොකෙ උප්පජ්ජිස්සාමා”ති නිබ්බත්තෙන්ති, තෙසං භවොක්කමනත්ථානි හොන්ති.
මෙසේ මේ ධ්‍යාන සතර කිසිකෙනෙකුන්හට චිත්ත සමාධිය පිණිස වේ. කිසිකෙනෙකුන්හට විදර්ශනා පාදක වේ. කිසිකෙනෙකුන්හට අභිඥාපාදක වේ. කිසිකෙනෙකුන්හට නිරොධපාදක වේ. කිසිකෙනෙකුන්හට භවයෙහි උත්පත්තිය පිණිස වේ. එහි රහතුන් වහන්සේට චිත්ත සමාධිය (දිට්ඨධම්මසුඛවිහරණය) ප්රයොජනකොට සිටියේ වෙයි. උන්වහන්සේ ධ්‍යානයට සමවැද එකඟ වූ සිත් ඇතිව දවස මුළුල්ලෙහි සුවසේ වසන්නෙමුයි මෙසේ කිසිණු පිරියම් කොට අෂ්ට සමාපත්තී උපදවයි. සමවතින් නැගිට සමාධිගත වූ සිතින් විදර්ශනා කරන්නෙමුයි ධ්‍යාන උපදවන්නා වූ ශෛක්ෂ්ය පෘථග්ජනයන්ට විදර්ශනා පාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා අභිඥාපාදකද්ධ්යානයට සමවැද සමාපත්තියෙන් නැගිට ‘එකොපි හුත්වා බහුධා හොති’ කියූනයින් අභිඥා ප්‍රාර්‍ත්‍ථනා කරමින් ධ්‍යාන උපදවත්ද, ඔවුන්ට අභිඥා පාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ට සමාපත්තීන් උපදවා නිරොධසමාපත්තියට සමවැද සත්දවසක් මුළුල්ලෙහි අචිත්තකව ඉහාත්මයෙහිම නිරොධ නම් වූ නිවණට පැමිණ සුවසේ වසන්නෙමුයි ධ්‍යාන උපදවත්ද, ඔවුන්ට නිරොධපාදක වෙත්. යම්කෙනෙක් වනාහි අෂ්ටසමාපත්තීන් උපදවා නොපිරිහුනු ධ්‍යාන ඇතිව බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නෙමුයි ධ්‍යාන උපදවත්ද ඔවුහු භවයෙහි උත්පත්තිය ප්‍රයෝජනකොට ඇත්තෝ වෙත්.
භගවතා පනිදං චතුත්ථජ්ඣානං බොධිරුක්ඛමූලෙ නිබ්බත්තිතං, තං තස්ස විපස්සනාපාදකඤ්චෙව අහොසි අභිඤ්ඤාපාදකඤ්ච නිරොධපාදකඤ්ච සබ්බකිච්චසාධකඤ්ච සබ්බලොකියලොකුත්තරගුණදායකන්ති වෙදිතබ්බං. යෙසඤ්ච ගුණානං දායකං අහොසි, තෙසං එකදෙසං දස්සෙන්තො “සො එවං සමාහිතෙ චිත්තෙ”තිආදිමාහ.
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ චතුර්ත්ථද්ධ්යානය බෝධිවෘක්ෂ මූලයෙහිදී උපදවන ලද්දේය. එය උන්වහන්සේට විදර්ශනාපාදකද අභිඥාපාදකද නිරොධපාදකද සර්වකෘත්ය සාධකදැයි සියලු ලෞකික ලෝකෝත්තර ගුණදායක වූයේ යයි දතයුතුය. යම් ගුණ කෙනකුන් දෙන්නේ වූයේද ඒ ගුණයන්ගේ එකදේශයක් දක්වනසේක් ‘සො එවං සමාහිතෙ චිත්තෙ’ යනාදිය වදාළ සේක.
තත්ථ සොති සො අහං. එවන්ති චතුත්ථජ්ඣානක්කමනිදස්සනමෙතං. ඉමිනා කමෙන චතුත්ථජ්ඣානං පටිලභිත්වාති වුත්තං හොති. සමාහිතෙති ඉමිනා චතුත්ථජ්ඣානසමාධිනා සමාහිතෙ. පරිසුද්ධෙතිආදීසු පන උපෙක්ඛාසතිපාරිසුද්ධිභාවෙන පරිසුද්ධෙ. පරිසුද්ධත්තායෙව පරියොදාතෙ, පභස්සරෙති වුත්තං හොති. සුඛාදීනං පච්චයානං ඝාතෙන විහතරාගාදිඅඞ්ගණත්තා අනඞ්ගණෙ. අනඞ්ගණත්තායෙව ච විගතූපක්කිලෙසෙ; අඞ්ගණෙන හි චිත්තං උපක්කිලිස්සති. සුභාවිතත්තා මුදුභූතෙ, වසීභාවප්පත්තෙති වුත්තං හොති. වසෙ වත්තමානඤ්හි චිත්තං මුදූති වුච්චති. මුදුත්තායෙව ච කම්මනියෙ, කම්මක්ඛමෙ කම්මයොග්ගෙති වුත්තං හොති. මුදු හි චිත්තං කම්මනියං හොති සුධන්තමිව සුවණ්ණං, තදුභයම්පි ච සුභාවිතත්තා එව. යථාහ – “නාහං, භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මුදු ච හොති කම්මනියඤ්ච, යථයිදං, භික්ඛවෙ, චිත්ත”න්ති (අ· නි· 1.22).
එහි ‘සො’ ඒ මම. ‘එවං’ යන මෙය චතුර්ත්ථද්ධ්යාන ක්‍රමය දැක්වීමය. මේ ක්‍රමයෙන් චතුර්ත්ථද්ධ්යානය පිළිලැබැයි වදාරණ ලද්දේ වේ. ‘සමාහිතෙ’ මේ චතුර්ත්ථද්ධ්යාන සමාධියෙන් සමාහිත කල්හි. ‘පරිසුද්ධෙ’ යනාදි තන්හි වනාහි උපෙක්‍ෂාස්මෘති පාරිශුද්ධියෙන් පිරිසිදු වූ කල්හි. පිරිසිදු වූ බැවින්ම ‘පරියොදාතෙ’ නිර්මල වූ කල්හි ප්‍රභාස්වර කල්හි යයි වදාරණ ලද්දේය. ‘අනඞ්ගණෙ’ සුඛාදී වූ ප්‍රත්‍යයයන්ගේ නැසීමෙන් නැසී ගිය රාගාදි කෙලෙස්මල ඇති බැවින් පහවූ කෙලෙස්මල ඇතිකල්හි. කෙලෙස්මල පහවගිය බැවින්ම ‘විගතුපක්කිලෙසෙ’ පහවූ උපක්ලෙශ ඇතිකල්හි. අඞ්ගණයන් කරනකොට සිත කෙලෙසෙන්නේය. මොනවට වැඩූ බැවින් ‘මුදුභූතෙ’ මොළොක් වූ කල්හී වශීභාවයට පැමිණි කල්හි යයි වදාරණ ලද්දේ වේ. වශයෙහි පවත්නා සිත මුදුයි කියනු ලැබේ. මොළොක් බැවින්ම ‘කම්මනියෙ’ කර්ම ක්ෂමකල්හි, කර්මයට යොග්යකල්හි යයි වදාරණ ලද්දේය. මොළොක් වූ සිත පිරිසිදුකළ ස්වර්ණයක් සේ කර්මයට යෝග්‍ය වේ. මනාකොට වැඩූබැවින්ම මොළොක්බව හා කර්මයට යොග්යබව යන දෙකම වන්නේය. ‘නාහං භික්ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි, යං එවං භාවිතං බහුලීකතං මුදුඤ්ච හොති කම්මනියඤ්ච, යථයිදං භික්ඛවෙ චිත්තං’යි එය මෙසේ වදාළ සේක.
එතෙසු පරිසුද්ධභාවාදීසු ඨිතත්තා ඨිතෙ. ඨිතත්තායෙව ආනෙඤ්ජප්පත්තෙ, අචලෙ නිරිඤ්ජනෙති වුත්තං හොති. මුදුකම්මඤ්ඤභාවෙන වා අත්තනො වසෙ ඨිතත්තා ඨිතෙ, සද්ධාදීහි පරිග්ගහිතත්තා ආනෙඤ්ජප්පත්තෙ. සද්ධාපරිග්ගහිතඤ්හි චිත්තං අස්සද්ධියෙන න ඉඤ්ජති, වීරියපරිග්ගහිතං කොසජ්ජෙන න ඉඤ්ජති, සතිපරිග්ගහිතං පමාදෙන න ඉඤ්ජති, සමාධිපරිග්ගහිතං උද්ධච්චෙන න ඉඤ්ජති, පඤ්ඤාපරිග්ගහිතං අවිජ්ජාය න ඉඤ්ජති, ඔභාසගතං කිලෙසන්ධකාරෙන න ඉඤ්ජති. ඉමෙහි ඡහි ධම්මෙහි පරිග්ගහිතං ආනෙඤ්ජප්පත්තං චිත්තං හොති. එවං අට්ඨඞ්ගසමන්නාගතං චිත්තං අභිනීහාරක්ඛමං හොති අභිඤ්ඤාසච්ඡිකරණීයානං ධම්මානං අභිඤ්ඤාසච්ඡිකිරියාය.
මේ පරිසුද්ධභාවාදියෙහි සිටි බැවින් ‘ඨිතෙ’ සිටි කල්හි. සිටිබැවින්ම ‘ආනෙඤ්ජප්පත්තෙ’ නිසල බවට පැමිණි කල්හි අකම්පිත කල්හි යයි වදාරණ ලද්දේ වේ. මෘදුකර්මණ්යභාවයෙන් හෝ තමාගේ වශයෙහි සිටි බැවින්, සිටි කල්හි ශ්‍රද්ධාදීන් විසින් රක්නා ලද බැවින් නොසැලෙන බවට පැමිණි කල්හි. ශ්‍රද්ධාවෙන් රක්නා ලද සිත අශ්‍රද්ධාවෙන් කම්පිත නොවේ. වීර්‍ය්‍යයෙන් රක්නාලද සිත කුසීතභාවයෙන් කම්පිත නොවේ. ස්මෘතියෙන් රක්නාලද සිත ප්‍රමාදයෙන් කම්පිත නොවේ. සමාධියෙන් රක්නාලද සිත ඖද්ධත්‍යයෙන් කම්පිත නොවේ. ඥානාලෝකයෙන් යුක්තවූ සිත ක්ලෙශාන්ධකාරයෙන් කම්පිත නොවේ. මේ ධර්ම සයෙන් රක්නාලද සිත නිසල බවට පැමිණියේ වේ. මෙසේ අෂ්ටාඞ්ගසමන්වාගත සිත විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කටයුතු වූ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කිරීම පිණිස එළවීමට සුදුසුවූයේ වේ.
අපරො නයො – චතුත්ථජ්ඣානසමාධිනා සමාහිතෙ. නීවරණදූරීභාවෙන පරිසුද්ධෙ. විතක්කාදිසමතික්කමෙන පරියොදාතෙ. ඣානප්පටිලාභපච්චයානං පාපකානං ඉච්ඡාවචරානං අභාවෙන අනඞ්ගණෙ. අභිජ්ඣාදීනං චිත්තූපක්කිලෙසානං විගමෙන විගතූපක්කිලෙසෙ. උභයම්පි චෙතං අනඞ්ගණවත්ථසුත්තානුසාරෙන (ම· නි· 1.57 ආදයො) වෙදිතබ්බං. වසිප්පත්තියා මුදුභූතෙ. ඉද්ධිපාදභාවූපගමෙන කම්මනියෙ. භාවනාපාරිපූරියා පණීතභාවූපගමෙන ඨිතෙ ආනෙඤ්ජප්පත්තෙ . යථා ආනෙඤ්ජප්පත්තං හොති; එවං ඨිතෙති අත්ථො. එවම්පි අට්ඨඞ්ගසමන්නාගතං චිත්තං අභිනීහාරක්ඛමං හොති අභිඤ්ඤාසච්ඡිකරණීයානං ධම්මානං අභිඤ්ඤාසච්ඡිකිරියාය, පාදකං පදට්ඨානභූතන්ති අත්ථො.
මෙහි අනික් ක්‍රමයක් වේ: එහි චතුර්ත්ථද්ධ්යාන සමාධියෙන් සමාහිත කල්හි නීවරණ දුරුවීමෙන් පිරිසිදු කල්හි විතර්කාදීන්ගේ ඉක්මීමෙන් නිර්මල කල්හි ධ්යානප්රතිලාභය නිසා උපදින ලාමක වූ ඉච්ඡාචාරයන්ගේ අභාවයෙන් රාගාදිකෙලෙස්මල පහවූ කල්හි අභිද්ධ්යාදිචිත්තොපක්ලේශයන් පහවීමෙන් පහවූ උපක්ලෙශ ඇති කල්හි අනඞ්ගණාර්ත්ථ - චිත්තොපක්ලෙශාර්ත්ථ යන මේ දෙක අනඞ්ගණ - වත්ථ සූත්‍රයන්ගේ අනුසාරයෙන් දතයුතුය. වශීභාවයට පැමිණීමෙන් මොළොක් වූ කල්හි සෘද්ධිපාදකභාවයට පැමිණීමෙන් කර්මයට යොග්‍ය වූ කල්හි භාවනා පරිපූර්ණත්වයෙන් ප්‍රණීතභාවයට පැමිණීමෙන් සිටිකල්හි නිසලබවට පැමිණි කල්හි යම්සේ නිසලබවවේද නිසලබවට පැමිණීමවේද එසේ සිටි කල්හිය යන අර්‍ත්‍ථයි. මෙසේද අෂ්ටාඞ්ගසමන්වාගත සිත විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කටයුතු වූ ධර්මයන් විශිෂ්ට ඥානයෙන් ප්රත්යක්ෂ කරනු පිණිස එළවීමට සුදුසු වේ. පාදක වේ. ආසන්න කාරණයක් වේය යන අර්‍ත්‍ථයි.
පුබ්බෙනිවාසානුස්සතිඤාණායාති එවං අභිඤ්ඤාපාදකෙ ජාතෙ එතස්මිං චිත්තෙ පුබ්බෙනිවාසානුස්සතිම්හි යං ඤාණං තදත්ථාය. තත්ථ පුබ්බෙනිවාසොති පුබ්බෙ අතීතජාතීසු නිවුත්ථක්ඛන්ධා. නිවුත්ථාති අජ්ඣාවුත්ථා අනුභූතා අත්තනො සන්තානෙ උප්පජ්ජිත්වා නිරුද්ධා නිවුත්ථධම්මා වා නිවුත්ථා, ගොචරනිවාසෙන නිවුත්ථා, අත්තනො විඤ්ඤාණෙන විඤ්ඤාතා පරිච්ඡින්නා, පරවිඤ්ඤාණවිඤ්ඤාතාපි වා ඡින්නවටුමකානුස්සරණාදීසු. පුබ්බෙනිවාසානුස්සතීති යාය සතියා පුබ්බෙනිවාසං අනුස්සරති, සා පුබ්බෙනිවාසානුස්සති. ඤාණන්ති තාය සතියා සම්පයුත්තඤාණං. එවමිමස්ස පුබ්බෙනිවාසානුස්සතිඤාණස්ස අත්ථාය පුබ්බෙනිවාසානුස්සතිඤාණාය එතස්ස ඤාණස්ස අධිගමාය පත්තියාති වුත්තං හොති. අභිනින්නාමෙසින්ති අභිනීහරිං.
‘පුබ්බෙනිවාසානුස්සතිඤාණය’ මෙසේ මේ සිත අභිඥාපාදක වූ කල්හි පූර්වෙනිවාසානුස්මෘතියෙහි යම්ඥානයක්වේද ඒ පිණිස එහි ‘පුබ්බෙනිවාසො’ යනු පෙර ඉකුත් වූ ජාතීන්හි විසූ ස්කන්ධය. ‘නිවුත්ථා’ සිය සතන්හි හටගත්තෝය. නැවත නැවත වූවෝය. තමන්ගේ සන්තානයෙහි ඉපද නිරුද්ධ වූවෝය. වසනලද ධර්මයෝය. නිවුත්ථා යනු අරමුණු කිරීම් වශයෙන් වළඳන ලද්දාහුය. තමන්ගේ විඥානයෙන් දන්නා ලද්දාහුය. පිරිසිඳින ලද්දාහුය. සිඳහළ සසර මගඇති බුදුපසේබුදු මහරහතුන් සිහිකිරීම් ආදියෙහි අන්හු පිළිබඳ විඥානයෙන් දැනගන්නාලද අන්හු විසින් පිරිසිඳින ලද ධර්මයෝ හෝ නිවුත්ථ නම් වෙති. ‘පුබ්බෙනිවාසානුස්සති’ යම් සිහියකින් පෙරවුසූ කඳ පිළිවෙළ සිහිකෙරේද ඕතොමෝ පූර්වෙනිවාසානුස්මෘතිය. ‘ඤාණං’ ඒ සිහිය සමග යෙදී සිටි නුවණය. මෙසේ මේ පෙරවුසූ කඳපිළිවෙළ සිහිකරන නුවණ ලැබීම පිණිසය. පෙරවුසූ කඳපිළිවෙළ සිහිකරන නුවණ පිණිසය. මේ නුවණෙහි අධිගමය පිණිසය. එයට පැමිණීම පිණිස යයි වදාරණ ලද්දේ වේ. ‘අභිනිත්තාමෙසිං’ එළවීමි.
සොති සො අහං. අනෙකවිහිතන්ති අනෙකවිධං, අනෙකෙහි වා පකාරෙහි පවත්තිතං සංවණ්ණිතන්ති අත්ථො. පුබ්බෙනිවාසන්ති සමනන්තරාතීතං භවං ආදිං කත්වා තත්ථ තත්ථ නිවුත්ථසන්තානං. අනුස්සරාමීති “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො”ති එවං ජාතිපටිපාටියා අනුගන්ත්වා අනුගන්ත්වා සරාමි, අනුදෙව වා සරාමි, චිත්තෙ අභිනින්නාමිතමත්තෙ එව සරාමීති දස්සෙති. පූරිතපාරමීනඤ්හි මහාපුරිසානං පරිකම්මකරණං නත්ථි, තෙන තෙ චිත්තං අභිනින්නාමෙත්වාව සරන්ති. ආදිකම්මිකකුලපුත්තා පන පරිකම්මං කත්වාව සරන්ති, තස්මා තෙසං වසෙන පරිකම්මං වත්තබ්බං සියා. තං පන වුච්චමානං අතිභාරියං විනයනිදානං කරොති, තස්මා තං න වදාම. අත්ථිකෙහි පන විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.402 ආදයො) වුත්තනයෙනෙව ගහෙතබ්බං. ඉධ පන පාළිමෙව වණ්ණයිස්සාම.
‘සො’ ඒ මම. ‘අනෙකවිහිතං’ නානාභව යොනි ගති විඥානස්ථිති සත්වාවාසාදීන්ගේ වශයෙන් අනෙකප්රභෙද ඇති නාමගොත්රාදි වශයෙන් නොයෙක් අයුරින් හෝ දේශනා වශයෙන් පවත්වනලද, වර්ණනා කරනලද යන අර්‍ත්‍ථයි. ‘පුබ්බෙනිවාසං’ අනතුරුව ඉක්මගිය භවය ආදිකොට ඒ ඒ භවයෙහි වුසූ ඒ ඒ භවයෙහි වැළඳූ චිත්තසන්තානය ස්කන්ධපරම්පරාව. ‘අනුස්සරාමි’ එක් ජාතියකුත් දෙජාතියකුත්යි මෙසේ ජාති පිළිවෙළින් ඥානගතියෙන් අනුව ගොස් සිහිකරමි. අනුවම හෝ සිහිකරමි. සිත ධ්‍යානාලම්බනයෙන් පහකොට පූර්වෙනිවාසයට අභිමුඛකොට නැමූ ඇසිල්ලෙහිම සිහිකරමියි දක්වාලන සේක. පිරූ පැරුම් ඇති මහා පුරුෂයන්ට වනාහි පරිකර්ම කිරීමක් නැත්තේය. එහෙයින් ඔවුහු සිත පූර්වෙනිවාසයට අභිමුඛකොට යවාම සිහිකරත්. ආදිකර්මික කුලපුත්‍රයෝ වනාහි පරිකර්මකොටම සිහිකරත්. එහෙයින් ඒ ආදිකර්මික කුලපුත්‍රයන්ගේ වශයෙන් පරිකර්ම කියයුතු වන්නේය. ඒ පරිකර්මය කියනු ලබන්නේනම් විනයනිදානය ඉතා බැරෑරුම් කරන්නේය. එහෙයින් ඒ පරිකර්මය නොකියන්නෙමු. ප්‍රයෝජන ඇත්තවුන් විසින් විශුද්ධිමාර්ගයෙහි කියූනයින් දතයුතුය. මෙහි පාළි භාෂාවම වර්ණනා කරන්නෙමු.
සෙය්යථිදන්ති ආරද්ධප්පකාරදස්සනත්ථෙ නිපාතො. තෙනෙව ය්වායං පුබ්බෙනිවාසො ආරද්ධො, තස්ස පකාරප්පභෙදං දස්සෙන්තො එකම්පි ජාතින්තිආදිමාහ. තත්ථ එකම්පි ජාතින්ති එකම්පි පටිසන්ධිමූලං චුතිපරියොසානං එකභවපරියාපන්නං ඛන්ධසන්තානං. එස නයො ද්වෙපි ජාතියොතිආදීසු. අනෙකෙපි සංවට්ටකප්පෙතිආදීසු පන පරිහායමානො කප්පො සංවට්ටකප්පො, වඩ්ඪමානො විවට්ටකප්පොති වෙදිතබ්බො. තත්ථ ච සංවට්ටෙන සංවට්ටට්ඨායී ගහිතො හොති තම්මූලකත්තා. විවට්ටෙන ච විවට්ටට්ඨායී. එවඤ්හි සති යානි තානි “චත්තාරිමානි, භික්ඛවෙ, කප්පස්ස අසඞ්ඛ්යෙය්යානි . කතමානි චත්තාරි? සංවට්ටො සංවට්ටට්ඨායී, විවට්ටො විවට්ටට්ඨායී”ති වුත්තානි තානි සබ්බානි පරිග්ගහිතානි හොන්ති.
‘සෙය්යථිදං’ යනු සිහිකිරීමට පටන්ගත් පූර්වෙනිවාසයාගේ ආහාර දැක්වීම් අර්‍ත්‍ථයෙහි නිපාතයකි. එයින්ම යම් මේ පූර්වෙනිවාසයක් පටන් ගන්නා ලද්දේ ද එහි ආකාරභේදය දක්වන සේක් ‘එකම්පි ජාතිං’ යනාදිය වදාළ සේක. එහි ‘එකම්පි ජාතිං’ යනු එක්ම ප්‍රතිසන්ධියක් මුල්කොටසිටි ච්‍යුතිය අවසන්කොට ඇති එක් භවයක ඇතුළත් වූ ස්කන්ධ පරම්පරාවය. ‘ද්වෙපි ජාතියො’ යනාදි තන්හි මේ ක්‍රමය වේ. ‘අනෙකෙපි සංවට්ටකප්පෙ’ යනාදියෙහි වනාහි නැසී යන්නා වූ අසඞ්ඛ්‍ය කල්පය සංවර්ත කල්පයයිද වැඩෙන්නා වූ කල්පය විවර්ත කල්පයයිද දතයුතුය. එහිද ‘සංවට්ට’ යන පදයෙන් සංවර්තස්ථායී කල්පය ගන්නා ලද්දේය. එය මුල්කොට සිටි බැවිනි. ‘විවට්ට’ යන පදයෙන් විවර්තස්ථායී කල්පය ගන්නා ලද්දේය. මෙසේ ඇති කල්හි ‘චත්තාරිමානි භික්ඛවෙ කප්පස්ස අසඞ්ඛෙය්යානි කතමානි චත්තාරි, සංවට්ටො සංවට්ටට්ඨායී විවට්ටො විවට්ටට්ඨායි’ යනුවෙන් යම් ඒ කල්ප වදාරණ ලද ඒ සියලු කල්ප ගන්නා ලද්දේය.
තත්ථ තයො සංවට්ටා – තෙජොසංවට්ටො, ආපොසංවට්ටො, වායොසංවට්ටොති. තිස්සො සංවට්ටසීමා – ආභස්සරා, සුභකිණ්හා, වෙහප්ඵලාති. යදා කප්පො තෙජෙන සංවට්ටති, ආභස්සරතො හෙට්ඨා අග්ගිනා ඩය්හති. යදා උදකෙන සංවට්ටති, සුභකිණ්හතො හෙට්ඨා උදකෙන විලීයති. යදා වාතෙන සංවට්ටති, වෙහප්ඵලතො හෙට්ඨා වාතෙන විද්ධංසියති. විත්ථාරතො පන සදාපි එකං බුද්ධක්ඛෙත්තං විනස්සති.
එහි ගින්නෙන් නස්නා කල්පය, ජලයෙන් නස්නා කල්පය, වාතයෙන් නස්නා කල්පයයි සංවර්ත කල්ප තුනක් වේ. ආභස්වර, ශුභකෘත්සන, වෘහත්ඵලයි සංවර්තසීමා තුනක් වේ. යම්කලෙක කල්පය ගින්නෙන් නැසීයේද, එකල්හි ආභස්වර බ්‍රහ්ම ලෝකයෙන් යට ගින්නෙන් දැවෙනු ලැබේ. යම් කලෙක ජලයෙන් නැසීයේද, එකල්හි ශුභකෘත්සන බ්‍රහ්ම ලෝකයෙන් යට ජලයෙන් නැසෙන්නේය. යම් කලෙක්හි වාතයෙන් නැසීයේද, එකල්හි වෘහත්ඵල බ්‍රහ්ම ලෝකයෙන් යට වාතයෙන් නැසෙනු ලැබේ. විස්තර විසින් වනාහි සියලු කල්හිම එක් බුද්ධ ක්ෂේත්රයක් නැසෙන්නේය.
බුද්ධක්ඛෙත්තං නාම තිවිධං හොති – ජාතික්ඛෙත්තං, ආණාක්ඛෙත්තං, විසයක්ඛෙත්තඤ්ච. තත්ථ ජාතික්ඛෙත්තං දසසහස්සචක්කවාළපරියන්තං හොති, යං තථාගතස්ස පටිසන්ධිආදීසු කම්පති. ආණාක්ඛෙත්තං කොටිසතසහස්සචක්කවාළපරියන්තං හොති. යත්ථ රතනපරිත්තං, ඛන්ධපරිත්තං, ධජග්ගපරිත්තං, ආටානාටියපරිත්තං, මොරපරිත්තන්ති ඉමෙසං පරිත්තානං ආනුභාවො පවත්තති. විසයක්ඛෙත්තං පන අනන්තං අපරිමාණං, “යං යාවතා වා පන ආකඞ්ඛෙය්‍යා”ති (අ· නි· 3.81) වුත්තං යත්ථ යං යං ආකඞ්ඛති තං තං අනුස්සරති. එවමෙතෙසු තීසු බුද්ධක්ඛෙත්තෙසු එකං ආණාක්ඛෙත්තං විනස්සති. තස්මිං පන විනස්සන්තෙ ජාතික්ඛෙත්තම්පි විනට්ඨමෙව හොති; විනස්සන්තඤ්ච එකතොව විනස්සති, සණ්ඨහන්තම්පි එකතොව සණ්ඨහති. තස්ස විනාසො ච සණ්ඨහනඤ්ච විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 2.404) වුත්තං. අත්ථිකෙහි තතො ගහෙතබ්බං.
බුද්ධ ක්ෂෙත්රය වනාහි ජාතික්‍ෂෙත්‍රය, ආඥා ක්ෂෙත්රය, විෂය ක්ෂෙත්රයයි තෙවැදෑරුම් වේ. යම්පමණ තැනක් තථාගතයන් වහන්සේගේ පිළිසිඳ ගැනීම් ආදියෙහි කම්පිතවේද, එහි දසදහසක් සක්වළ කෙළවරකොට සිටි තැන ජාතික්ෂෙත්ර නම් වේ. යම්තැනෙක රතනපරිත්ත, ඛන්ධපරිත්ත, ධජග්ගපරිත්ත, ආටානාටියපරිත්ත, මොරපරිත්ත යන මේ පරිත්‍රාණ ධර්මයන්ගේ ආනුභාවය පවත්නේද, කෙළ ලක්ෂයයක් සක්වළ කෙළවරකොට සිටි එතැන ආඥා ක්ෂේත්‍ර නම් වේ. විෂයක්ෂෙත්රය වනාහි කෙළවරක් නැත්තේය. ප්‍රමාණ රහිතය. යම් විෂය ක්ෂේත්රයක් සඳහා ‘යාවතා වා පන ආකඞ්ඛෙය්ය’යි වදාරණ ලද්දේ ද, යම් අනන්තාපරිමාණ විෂය ක්ෂේත්රයෙක්හි යම් යම් තැනක් කැමති වනසේක්ද ඒ ඒ තැන සිහිකරන සේක. මෙසේ මේ ත්‍රිවිධ බුද්ධ ක්ෂේත්රයන් අතුරෙහි එක් ආඥා ක්ෂේත්රයක් නැසීයේද, ඒ ආඥා ක්ෂේත්රය නස්නා කල්හි ජාතික්‍ෂෙත්‍රය නටුයේම වේ. නස්නේද එකතුවම නස්නේය. පිහිටන්නේද එකතුවම පිහිටන්නේය. එහි නැසීමත් පිහිටීමත් විශුද්ධි මාර්ගයෙහි කියන ලද්දේය. ප්‍රයෝජන ඇත්තවුන් විසින් එයින් දතයුතුය.
යෙ පනෙතෙ සංවට්ටවිවට්ටා වුත්තා, එතෙසු භගවා බොධිමණ්ඩෙ සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣනත්ථාය නිසින්නො අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ සරි. කථං? “අමුත්රාසි”න්තිආදිනා නයෙන. තත්ථ අමුත්රාසින්ති අමුම්හි සංවට්ටකප්පෙ අහං අමුම්හි භවෙ වා යොනියා වා ගතියා වා විඤ්ඤාණට්ඨිතියා වා සත්තාවාසෙ වා සත්තනිකායෙ වා අහොසිං. එවංනාමොති වෙස්සන්තරො වා ජොතිපාලො වා. එවංගොත්තොති භග්ගවො වා ගොතමො වා. එවංවණ්ණොති ඔදාතො වා සාමො වා. එවමාහාරොති සාලිමංසොදනාහාරො වා පවත්තඵලභොජනො වා. එවංසුඛදුක්ඛප්පටිසංවෙදීති අනෙකප්පකාරෙන කායිකචෙතසිකානං සාමිසනිරාමිසාදිප්පභෙදානං වා සුඛදුක්ඛානං පටිසංවෙදී. එවමායුපරියන්තොති එවං වස්සසතපරමායුපරියන්තො වා චතුරාසීතිකප්පසහස්සපරමායුපරියන්තො වා.
යම් ඒ සංවර්තවිවර්ත කල්ප කෙනෙක් කියන ලද්දාහුද භාග්‍යවතුන් වහන්සේ සම්‍යක් සම්බෝධිය මැනවින් අවබෝධ කරනු පිණිස බෝමැඩ වැඩහුන් සේක්, මොවුන් අතුරෙහි නොයෙක් සංවර්ත කල්පයන්ද නොයෙක් විවර්ත කල්පයන්ද නොයෙක් සංවර්තවිවර්ත කල්පයන්ද සිහිකළ සේක. කෙසේ සිහිකළ සේක්දයත්: ‘අමුත්රාසිං’ යනාදි ක්‍රමයෙනි. එහි ‘අමුත්රාසිං’ අසුවල් නස්නා කල්පයෙහි මම අසුවල් භවයෙහි හෝ යෝනියෙහි හෝ ගතියෙහි හෝ විඥානස්ථිතියෙහි හෝ සත්ත්වා වාසයෙහි හෝ සත්ත්ව නිකායයෙහි හෝ වීමි. ‘එවන්නාමො’ විශ්වන්තර වූයෙම් හෝ ජොතිපාල වූයෙම් හෝ ‘එවඞ්ගොත්තො’ භාර්ගවගොත්‍ර ඇත්තේ වූයෙම් හෝ ගෞතමගොත්‍ර ඇත්තේවූයෙම් හෝ ‘එවංවණ්ණො’ සුදුපැහැ ඇත්තේ වූයෙම් හෝ කළුපැහැ ඇත්තේ වූයෙම් හෝ ‘එවමාහාරො’ හැල්බත් මසින් යුත් ආහාර ඇත්තේ වූයෙම් හෝ ස්වයංපතිතඵල ආහාරකොට ඇත්තේ වූයෙම් හෝ ‘එවං සුඛදුක්ඛ පටිසංවෙදී’ නොයෙක් අයුරින් කය සිත පිළිබඳ වූ හෝ සාමිස නිරාමිසාදී ප්රභෙවත් වූ හෝ සුවදුක් විඳින සුලුවීමි. ‘එවමායුපරියන්තො’ මෙසේ සියක් අවුරුදු පරමායු කෙළවරකොට ඇත්තේ වූයෙම් හෝ සුවාසූදහසක්. අවුරුදු පරමායු කෙළවරකොට ඇත්තේ වූයෙම් හෝ.
සො තතො චුතො අමුත්ර උදපාදින්ති සො අහං තතො භවතො යොනිතො ගතිතො විඤ්ඤාණට්ඨිතිතො සත්තාවාසතො සත්තනිකායතො වා චුතො, පුන අමුකස්මිං නාම භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා උදපාදිං. තත්රාපාසින්ති අථ තත්රාපි භවෙ යොනියා ගතියා විඤ්ඤාණට්ඨිතියා සත්තාවාසෙ සත්තනිකායෙ වා පුන අහොසිං. එවංනාමොතිආදි වුත්තනයමෙව.
‘සො තතො චුතො අමුත්ර උප්පාදිං’ ඒ මම ඒ භවයෙන් හෝ ඒ යෝනියෙන් හෝ ඒ ගතියෙන් හෝ ඒ විඥානස්ථිතියෙන් හෝ ඒ සත්ත්වා වාසයෙන් හෝ ඒ සත්ත්ව නිකායයෙන් හෝ ච්‍යුතව නැවත අසුවල් භවයෙහි හෝ අසුවල් යෝනියෙහි හෝ අසුවල් ගතියෙහි හෝ අසුවල් විඥානස්ථිතියෙහි හෝ අසුවල් සත්ත්වා වාසයෙහි හෝ අසුවල් සත්ත්ව නිකායයෙහි හෝ උපන්මි. ‘තත්රාපාසිං’ නැවත ඒ භවයෙහි හෝ යෝනියෙහි හෝ ගතියෙහි හෝ විඥානස්ථිතියෙහි හෝ සත්ත්වා වාසයෙහි හෝ සත්ත්ව නිකායයෙහි හෝ නැවත වීමි. ‘එවන්නාමො’ යනාදිය කියූ නය ඇත්තේය.
අථ වා යස්මා අමුත්රාසින්ති ඉදං අනුපුබ්බෙන ආරොහන්තස්ස යාවදිච්ඡකං සරණං. සො තතො චුතොති පටිනිවත්තන්තස්ස පච්චවෙක්ඛණං. තස්මා ඉධූපපන්නොති ඉමිස්සා ඉධූපපත්තියා අනන්තරං අමුත්ර උදපාදින්ති තුසිතභවනං සන්ධායාහාති වෙදිතබ්බං. තත්රාපාසිං එවංනාමොති තත්රාපි තුසිතභවනෙ සෙතකෙතු නාම දෙවපුත්තො අහොසිං. එවංගොත්තොති තාහි දෙවතාහි සද්ධිං එකගොත්තො. එවංවණ්ණොති සුවණ්ණවණ්ණො. එවමාහාරොති දිබ්බසුධාහාරො. එවංසුඛදුක්ඛප්පටිසංවෙදීති එවං දිබ්බසුඛප්පටිසංවෙදී. දුක්ඛං පන සඞ්ඛාරදුක්ඛමත්තමෙව. එවමායුපරියන්තොති එවං සත්තපඤ්ඤාසවස්සකොටිසට්ඨිවස්සසතසහස්සායුපරියන්තො. සො තතො චුතොති සො අහං තතො තුසිතභවනතො චුතො. ඉධූපපන්නොති ඉධ මහාමායාය දෙවියා කුච්ඡිම්හි නිබ්බත්තො.
නොහොත් යම්හෙයකින් ‘අමුත්රාසිං’ යන මෙය පිළිවෙළින් පූර්වෙනිවාසයට නුවණින් නගින්නහුගේ කැමැත්ත සේ සිහිකිරීමවේද ‘සො තතො චුතො’ පූර්වෙනිවාසය සිහිකිරීම් වශයෙන් කැමති සේ ගොස් පෙරළා එන්නහුගේ සිහිකළ නොකළ තතු ගැන ප්රත්යවෙක්ෂා කිරීමක් වේ ද, එහෙයින් ‘ඉධූපපන්නො’ මෙහි මේ උත්පත්තියට අනතුරුව ‘අමුත්ර උප්පාදිං’ යනු තුසිත භවනය සඳහා වදාරණ ලදැයි දතයුතුය. ‘තත්රාපාසිං එවන්තාමො’ එහිදි තුසිත භවනයෙහි ශ්වෙතකෙතු නම් දෙවපුත්‍ර වීමි. ‘එවඞ්ගොත්තො’ ඒ දෙවතාවන් සමග සමාන ගොත්‍ර ඇත්තේ වීමි. ‘එවං වණ්ණො’ රන්වන් වීමි. ‘එවමාහාරො’ දෙවියන් පිළිබඳ සුධාභෝජනය ආහාරකොට ඇත්තේ වීමි. ‘එවං සුඛ දුක්ඛ පටිසංවෙදී’ මෙසේ දෙවියන් පිළිබඳ සුවවිඳින සුලුවීමි. දුක වනාහි සංස්කාරදුඃඛ මාත්‍රයක්ම වේ. ‘එවමායුපරියන්තො’ මෙසේ අවුරුදු සත්පණස්කෙළ සැටලක්ෂයක් ආයු කෙළවරකොට ඇත්තේ වීමි. ‘සො තතො චුතො’ ඒ මම ඒ තුසිත භවනෙන් ච්‍යුත වීමි. ‘ඉධූප පන්තො’ මෙහි මහාමායා දේවියගේ කුසෙහි උපන්මි.
ඉතීති එවං. සාකාරං සඋද්දෙසන්ති නාමගොත්තවසෙන සඋද්දෙසං, වණ්ණාදිවසෙන සාකාරං. නාමගොත්තවසෙන හි සත්තො “දත්තො, තිස්සො, ගොතමො”ති උද්දිසීයති; වණ්ණාදීහි ඔදාතො, සාමොති නානත්තතො පඤ්ඤායති; තස්මා නාමගොත්තං උද්දෙසො, ඉතරෙ ආකාරා. කිං පන බුද්ධායෙව පුබ්බෙනිවාසං සරන්තීති? වුච්චතෙ – න බුද්ධායෙව, පච්චෙකබුද්ධ-බුද්ධසාවක-තිත්ථියාපි, නො ච ඛො අවිසෙසෙන. තිත්ථියා හි චත්තාලීසංයෙව කප්පෙ සරන්ති, න තතො පරං. කස්මා? දුබ්බලපඤ්ඤත්තා. තෙසඤ්හි නාමරූපපරිච්ඡෙදවිරහතො දුබ්බලා පඤ්ඤා හොති. සාවකෙසු පන අසීතිමහාසාවකා කප්පසතසහස්සං සරන්ති; ද්වෙ අග්ගසාවකා එකමසඞ්ඛ්යෙය්යං සතසහස්සඤ්ච. පච්චෙකබුද්ධා ද්වෙ අසඞ්ඛ්යෙය්යානි සතසහස්සඤ්ච. එත්තකො හි තෙසං අභිනීහාරො. බුද්ධානං පන පරිච්ඡෙදො නත්ථි, යාව ඉච්ඡන්ති තාව සරන්ති. තිත්ථියා ච ඛන්ධපටිපාටිමෙව සරන්ති. පටිපාටිං මුඤ්චිත්වා චුතිපටිසන්ධිවසෙන සරිතුං න සක්කොන්ති. තෙසඤ්හි අන්ධානං විය ඉච්ඡිතප්පදෙසොක්කමනං නත්ථි. සාවකා උභයථාපි සරන්ති; තථා පච්චෙකබුද්ධා. බුද්ධා පන ඛන්ධපටිපාටියාපි චුතිපටිසන්ධිවසෙනපි සීහොක්කන්තවසෙනපි අනෙකාසු කප්පකොටීසු හෙට්ඨා වා උපරි වා යං යං ඨානං ආකඞ්ඛන්ති, තං සබ්බං සරන්තියෙව.
‘ඉති’ මෙසේ. ‘සාකාරං සඋද්දෙසං’ නාමගොත්‍ර වශයෙන් උද්දෙස සහිතය. වර්ණාදි වශයෙන් ආකාර සහිතය. යම්හෙයකින් නාමගොත්‍ර වශයෙන් වනාහි සත්ත්ව තෙමේ දත්ත, තිස්ස, ගොතමයි උදෙසනු ලැබේද, වර්ණාදි වශයෙන් සුදු හෝ කළුයි නානාභාවයෙන් දක්නා ලැබේද, එහෙයින් නාමගොත්‍ර උද්දෙස නමි. අන්ආකාරයිද වේ. කිම?. බුදුවරයෝම පූර්වෙනිවාසය සිහිකෙරෙත්දයත්: එහිලා කියනු ලැබේ. බුදුවරයෝම පූර්වෙනිවාසය සිහි නොකෙරෙත්. ප්රත්යෙකබුද්ධයෝ බුද්ධ ශ්‍රාවකයෝ තීර්ථකයෝ ද පූර්වෙනිවාසය සිහිකෙරත්. එ ද විශේෂයක් නොතබා නොවේ. තීර්ථකයෝ වනාහි සතළිස් කපක්ම සිහිකරත්. එයින් මතු සිහිනොකරත්. කුමක් හෙයින්දයත්: නුවණ දුර්වල බැවිනි. නාමරූප පිරිසිඳීමෙන් තොරබැවින් ඔවුන්ගේ නුවණ දුර්වල වේ. ශ්‍රාවකයන් අතුරෙහි වනාහි අසූ මහා ශ්‍රාවකයෝ කප්සියදහසක් සිහි කරත්. දෙයගසව්වෝ කල්ප ලක්ෂයක් අධිකකොට ඇති එක් අසඞ්ඛ්යයක්ද පසේබුදුවරයෝ දෙයාසඞ්ඛ්‍ය කල්ප ලක්ෂයක්ද සිහිකරත්. ඔවුන්ගේ අභිනීහාරයද එපමණම වේ. බුදුරජුන්ගේ වනාහි ඒ සිහිකිරීමෙහි පිරිසිඳීමක් නැත්තේය. යම්තාක් කැමතිවෙත්ද, ඒතාක් සිහිකරත්. තීර්ථකයෝද ස්කන්ධපටිපාටියම සිහිකරත්. පටිපාටිය හැර ච්යුතිප්රතිසන්ධි වශයෙන් සිහිකරන්නට අසමර්ත්ථ වෙත්. ඔවුන්ට අන්ධයන්ට මෙන් කැමති පෙදෙසෙකට ඇතුල් වීමක් නැත්තේය. ප්‍රකෘති ශ්‍රාවකයෝද මහාශ්රාවකයෝද අග්‍රශ්‍රාවකයෝ ද ස්කන්ධපටිපාටියෙන් හා ච්යුතිප්රතිසන්ධි වශයෙන් යන දෙඅයුරින්ම සිහිකරත්. පසේබුදුවරයෝද ඒ දෙඅයුරින්ම සිහිකරත්. බුදුවරයෝ වනාහි ස්කන්ධ පටිපාටියෙන් හා ච්‍යුති ප්රතිසන්ධි වශයෙන් යන දෙඅයුරින්ම සිහිකරත්. පසේ බුදුවරයෝ ද ඒ දෙඅයුරින්ම සිහිකරත්. බුදුවරයෝ වනාහි ස්කන්ධ පටිපාටියෙන්ද ච්යුතිප්රතිසන්ධි වශයෙන්ද සිංහගති වශයෙන් ද නොයෙක් කප් කෙළ ගණන්හි යට හෝ මතුවෙහි යම් කපක්හි යම් භවයක යම් යම් තැනක් සිහිකරන්නට කැමති වෙත්ද, ඒ ඒ සියලු තැන් සිහිකරත්මය.
අයං ඛො මෙ බ්රාහ්මණාතිආදීසු මෙති මයා. විජ්ජාති විදිතකරණට්ඨෙන විජ්ජා. කිං විදිතං කරොති? පුබ්බෙනිවාසං. අවිජ්ජාති තස්සෙව පුබ්බෙනිවාසස්ස අවිදිතකරණට්ඨෙන තප්පටිච්ඡාදකමොහො වුච්චති. තමොති ස්වෙව මොහො තප්පටිච්ඡාදකට්ඨෙන “තමො”ති වුච්චති. ආලොකොති සායෙවවිජ්ජා ඔභාසකරණට්ඨෙන “ආලොකො”ති වුච්චති. එත්ථ ච විජ්ජා අධිගතාති අයං අත්ථො, සෙසං පසංසාවචනං. යොජනා පනෙත්ථ – අයං ඛො මෙ විජ්ජා අධිගතා, තස්ස මෙ අධිගතවිජ්ජස්ස අවිජ්ජා විහතා, විනට්ඨාති අත්ථො. කස්මා? යස්මා විජ්ජා උප්පන්නා. එස නයො ඉතරස්මිම්පි පදද්වයෙ.
‘අයං ඛො බ්‍රාහ්මණ’ යනාදි තන්හි ‘මෙ’ යනු මා විසින්. ‘විජ්ජා’ විදිත කරණාර්ත්ථයෙන් විද්‍යාය. කුමක් විදිත කෙරේද යත්: පූර්වෙනිවාසය විදිත කරන අර්ත්ථයෙනි. ‘අවිජ්ජා’ ඒ පූර්වෙනිවාසය අවිදිත කරන අර්ත්ථයෙන් එය වසාලන මොහොය අවිද්යායි කියනු ලැබේ. ‘තමො’ ඒ මොහයම පූර්වෙනිවාසය වසාලන අර්ත්ථයෙන් තමයි කියනු ලැබේ. ‘ආලොකො’ ඒ විද්‍යාවම අවභාස කරන අර්ත්ථයෙන් ආලෝකයි කියනු ලැබේ. මෙහිද ‘විජ්ජා අධිගතා’ යනු විද්‍යාව ලද්දීය යන අර්ත්ථය වේ. සෙස්ස ප්‍රශංසා වචනයි. මෙහි වනාහි යෙදීම මෙසේය: ‘බ්‍රාහ්මණ! මා විසින් මේ විද්‍යාව ලද්දීය. ලැබූ විද්‍යාව ඇති ඒ මාගේ අවිද්‍යාව නැසුනීය. වෙසෙසින් නැසුනීය යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින්දයන්: යම් හෙයකින් විද්‍යාව උපන්නීද එහෙයින් අනික් දෙපදයෙහිද මේ ක්‍රමය වේ.
යථා තන්ති එත්ථ යථාති ඔපම්මත්ථෙ. තන්ති නිපාතො. සතියා අවිප්පවාසෙන අප්පමත්තස්ස. වීරියාතාපෙන ආතාපිනො. කායෙ ච ජීවිතෙ ච අනපෙක්ඛතාය පහිතත්තස්ස, පෙසිතචිත්තස්සාති අත්ථො. ඉදං වුත්තං හොති – යථා අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො අවිජ්ජා විහඤ්ඤෙය්ය විජ්ජා උප්පජ්ජෙය්ය, තමො විහඤ්ඤෙය්ය ආලොකො උප්පජ්ජෙය්ය; එවමෙව මම අවිජ්ජා විහතා විජ්ජා උප්පන්නා, තමො විහතො ආලොකො උප්පන්නො. එතස්ස මෙ පධානානුයොගස්ස අනුරූපමෙව ඵලං ලද්ධන්ති.
‘යථා තං’ යන මෙහි යථා යනු උපමාවෙහිය. තං යනු නිපාතයි. ස්මෘති අවිප්‍රවාසයෙන් ‘අප්පමත්තස්ස’ ප්‍රමත්ත නොවූ වීර්ය්යාතාපයෙන් ‘ආතාපිනො’ කෙලෙස් තවන වැර ඇත්තා වූ කයෙහිද ජීවිතයෙහිද අපෙක්ෂා රහිත බැවින් ‘පහිතත්තස්ස’ හළ ආත්මාලය ඇති යථාභිප්රෙතාර්ත්ථ සිද්ධියෙන් හළ සිත්ඇත්තා වූ යන අර්‍ත්‍ථයි. යම්සේ ස්මෘති අවිප්‍රවාසයෙන් යුක්ත වූ කෙලෙස් තවන වැරඇත්තා වූ අභිප්රෙතාර්ත්ථ සිද්ධියෙහි යොමුකළ සිත් ඇතිව වසන්නහුගේ අවිද්‍යාව නැසෙන්නීද, විද්‍යාව උපදින්නීද, අන්ධකාරය නැසෙන්නේද, ආලෝකය උපදින්නේද, එපරිද්දෙන්ම මාගේ අවිද්‍යාව නැසුනේය. විද්‍යාව උපන්නීය. අන්ධකාරය නැසුනේය. ආලෝකය උපන්නේය. මේ ප්‍රදහන වීර්‍ය්‍යයෙහි යෙදුනා වූ මා විසින් එයට සුදුසුම වූ ඵලය ලදැයි මෙය වදාරණ ලද්දේ වේ.
අයං ඛො මෙ බ්‍රාහ්මණ පඨමා අභිනිබ්භිදා අහොසි කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හාති අයං ඛො මම බ්‍රාහ්මණ පුබ්බෙනිවාසානුස්සතිඤාණමුඛතුණ්ඩකෙන පුබ්බෙ නිවුත්ථක්ඛන්ධපටිච්ඡාදකං අවිජ්ජණ්ඩකොසං පදාලෙත්වා පඨමා අභිනිබ්භිදා පඨමා නික්ඛන්ති පඨමා අරියාජාති අහොසි, කුක්කුටච්ඡාපකස්සෙව මුඛතුණ්ඩකෙන වා පාදනඛසිඛාය වා අණ්ඩකොසං පදාලෙත්වා තම්හා අණ්ඩකොසම්හා අභිනිබ්භිදා නික්ඛන්ති කුක්කුටනිකායෙ පච්චාජාතීති.
‘අයං ඛො මෙ බ්‍රාහ්මණ පඨමා අභිනිබ්භිදා අහොසි, කුක්කුටච්ඡාපකස්සෙව අණ්ඩකොසම්හා’ බ්‍රාහ්මණ! මුවතුඩින් හෝ පානිය සිළුවෙන් බිජුවට පළාගෙන ඒ බිජුවටින් කුකුළු පැටවාගේ ඉපදීම නික්මීම කුක්කුට නිකායයෙහි ඉපදීම මෙන්, පූර්වෙනිවාසානුස්මෘතිඥාන නමැති මුව තුඩින් පෙරවුසූ කඳ පිළිවෙළ වසාලන අවිද්‍යා නැමති බිජුවට පළාහැරීමෙන් වූ මේ මාගේ පළමුවන ඉපදීම, පළමුවන නික්මීම, පළමුවන ආර්‍ය්‍ය ජාතිය විය.
පුබ්බෙනිවාසකථා නිට්ඨිතා.
පූර්වෙනිවාසානුස්මෘති කථාව නිමි