යෙදුමෙන් කියවන්න

දුතියජ‍්ඣානකථා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

දුතියජ‍්ඣානකථා

දුතියජ්ඣානකථා

විතක‍්කවිචාරානං වූපසමාති විතක‍්කස‍්ස ච විචාරස‍්ස චාති ඉමෙසං ද‍්වින‍්නං වූපසමා සමතික‍්කමා; දුතියජ‍්ඣානක‍්ඛණෙ අපාතුභාවාති වුත‍්තං හොති. තත්‍ථ කිඤ‍්චාපි දුතියජ‍්ඣානෙ සබ‍්බෙපි පඨමජ‍්ඣානධම‍්මා න සන‍්ති, අඤ‍්ඤෙයෙව හි පඨමජ‍්ඣානෙ ඵස‍්සාදයො, අඤ‍්ඤෙ ඉධ; ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං අධිගමො හොතීති දීපනත්‍ථං “විතක‍්කවිචාරානං වූපසමා”ති එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

‘විතක්කවිචාරානං වූපසමා’ විර්‍තකයෙහිද විචාරයෙහිද යන මේ දෙකෙහි සන්සිඳීම් හේතුවෙන් ප්‍රහාණ වශයෙන් ඉක්මීමෙන් ද්විතීයද්ධ්‍යාක්‍ෂණයෙහි අනුත්පාදනයෙනැයි වදාරණ ලද්දේ වේ. එහි ද්විතීයද්ධ්‍යානයෙහි කිසිලෙසකින් සියලුම ප්‍රථමද්ධ්‍යාන ධර්‍ම නොද ඇත්තේය. ප්‍රථමද්ධ්‍යානයෙහි අන්‍යවූම ස්පර්‍ශාදිය වේ. මේ ද්වීතීයද්ධ්‍යානයෙහි වන්නේ අන්‍යම වේ. ඖදාරික අඞ්ගයන්ගේ ඉක්මීමෙන් ප්‍රථමද්ධ්‍යානයෙන් අන්‍ය වූ ද්වීතීයද්ධ්‍යානාදියෙහි අධිගමය වේ යයි දැක්වීම පිණිස ‘විතක්කවිචාරානං වූපසමා’ යනු වදාළ සේකැයි දතයුතුය.

අජ‍්ඣත‍්තන‍්ති ඉධ නියකජ‍්ඣත‍්තමධිප‍්පෙතං. විභඞ‍්ගෙ පන “අජ‍්ඣත‍්තං පච‍්චත‍්ත”න‍්ති (විභ· 573) එත‍්තකමෙව වුත‍්තං. යස‍්මා පන නියකජ‍්ඣත‍්තං අධිප‍්පෙතං, තස‍්මා අත‍්තනි ජාතං අත‍්තනො සන‍්තානෙ නිබ‍්බත‍්තන‍්ති අයමෙත්‍ථ අත්‍ථො.

‘අජ්ඣත්තං’ මෙහි නියකජ්ඣත්තසඞ්ඛ්‍යාත වූ තමන්ගේ සන්තානයෙහි වූ ධර්‍මමාත්‍රය අදහස් කරන ලද්දේය. විභඞ්ගයෙහි වනාහි ‘අජ්ඣත්තං පච්චත්තං’යි මෙපමණක්ම වදාරණ ලදය. යම්හෙයකින් මෙහි නියකජ්ඣත්තය අදහස්කරන ලද්දේ ද එහෙයින් තමන් කෙරෙහි උපන් තමන්ගේ සන්තානයෙහි උපන් යන මේ අර්‍ත්‍ථය මෙහි වන්නේය.

සම‍්පසාදනන‍්ති සම‍්පසාදනං වුච‍්චති සද‍්ධා. සම‍්පසාදනයොගතො ඣානම‍්පි සම‍්පසාදනං, නීලවණ‍්ණයොගතො නීලවත්‍ථං විය. යස‍්මා වා තං ඣානං සම‍්පසාදනසමන‍්නාගතත‍්තා විතක‍්කවිචාරක‍්ඛොභවූපසමනෙන චෙතො සම‍්පසාදයති, තස‍්මාපි සම‍්පසාදනන‍්ති වුත‍්තං. ඉමස‍්මිඤ‍්ච අත්‍ථවිකප‍්පෙ සම‍්පසාදනං චෙතසොති එවං පදසම‍්බන්‍ධො වෙදිතබ‍්බො. පුරිමස‍්මිං පන අත්‍ථවිකප‍්පෙ චෙතසොති එතං එකොදිභාවෙන සද‍්ධිං යොජෙතබ‍්බං. තත්‍රායං අත්‍ථයොජනා – එකො උදෙතීති එකොදි, විතක‍්කවිචාරෙහි අනජ‍්ඣාරූළ‍්හත‍්තා අග‍්ගො සෙට‍්ඨො හුත්‍වා උදෙතීති අත්‍ථො. සෙට‍්ඨොපි හි ලොකෙ එකොති වුච‍්චති. විතක‍්කවිචාරවිරහතො වා එකො අසහායො හුත්‍වාතිපි වත‍්තුං වට‍්ටති. අථ වා සම‍්පයුත‍්තධම‍්මෙ උදායතීති උදි, උට‍්ඨාපෙතීති අත්‍ථො. සෙට‍්ඨට‍්ඨෙන එකො ච සො උදි චාති එකොදි, සමාධිස‍්සෙතං අධිවචනං. ඉති ඉමං එකොදිං භාවෙති වඩ‍්ඪයතීති ඉදං දුතියජ‍්ඣානං එකොදිභාවං. සො පනායං එකොදි යස‍්මා චෙතසො, න සත‍්තස‍්ස න ජීවස‍්ස, තස‍්මා එතං චෙතසො එකොදිභාවන‍්ති වුත‍්තං.

‘සම්පසාදනං’ ශ්‍රද්ධාව සම්පසාදනැයි කියනු ලැබේ. ඒ ශ්‍රද්ධාව හා යෙදීමෙන් ධ්‍යානයද සම්පසාදන නම් වේ. නිල් පැහැය හා යෙදීමෙන් නීලවස්ත්‍රයයි කියන්නාසේය. යම්හෙයකින් හෝ ඒ ධ්‍යානය සම්පසාදන නම් වූ ශ්‍රද්ධාව හා යුක්ත බැවින් විර්‍තක විචාරයන්ගේ කැළඹීම සන්සිඳීමෙන් සිත පහදවාද, එහෙයිනුදු සම්පසාදනැයි කියන ලදී. මේ අර්‍ත්‍ථ විකල්පයෙහිද ‘සම්පසාදනං චෙතසො’යි මෙසේ පද සම්බන්‍ධය දතයුතුය. ප්‍රථම අර්‍ත්‍ථ විකල්පයෙහි ‘චෙතසො’ යන මෙය එකොදිභාව ශබ්දය සමග යෙදිය යුතුය. මේ මෙහි අර්‍ත්‍ථ යෝජනාය: අසහායව ශ්‍රේෂ්ඨව නැගේනුයි එකොදිනම්, විතර්‍ක විචාරයන් විසින් අර්‍පණාවට නොනැගු බැවින් අග්‍රව ශ්‍රේෂ්ඨව නැගේ, පහළ වේ යන අර්‍ත්‍ථයි. ලෝකයෙහි ශ්‍රේෂ්ඨ ‘එක’යි කියනු ලැබේ. විතර්‍ක විචාරයන්ගේ විරහයෙන් හෝ එකලාව අසහායවයි මෙසේද කියනු වටියි. නොහොත් තමන් හා එක්ව යෙදුනු ස්පර්‍ශාදිචෛතසික ධර්‍ම පහළ කරනුයේ ‘උදි’ නම් වේ. නගා සිටුවා යන අර්‍ත්‍ථයි. ශ්‍රේෂ්ඨාර්‍ත්‍ථයෙන් එකලාවූයේද හේමය. සෙසු ධර්‍මයන් අර්‍පණාවට නගාලන බැවින් උදිනම් වූයේත් හේමනුයි ‘එකොදි’ නම් වේ. සමාධියට මේ නමකි. මෙසේ මේ එකොදි නම් වූ සමාධිය වඩානුයි මේ ද්වීතීයද්ධ්‍යානය එකොදිභාවැයි ගතයුතුය. යම්හෙයකින් ඒ මේ එකොදිභාවය සිත පිළිබඳ වේද සත්ත්‍වයකු පිළිබඳ නොවේද ජීවය පිළිබඳ නොවේද එහෙයින් මේ ධ්‍යානය ‘චෙතයො එකොදිභාවං’යි වදාළ සේක.

නනු චායං සද‍්ධා පඨමජ‍්ඣානෙපි අත්‍ථි, අයඤ‍්ච එකොදිනාමකො සමාධි; අථ කස‍්මා ඉදමෙව සම‍්පසාදනං “චෙතසො එකොදිභාවඤ‍්චා”ති වුත‍්තන‍්ති? වුච‍්චතෙ – අදුඤ‍්හි පඨමජ‍්ඣානං විතක‍්කවිචාරක‍්ඛොභෙන වීචිතරඞ‍්ගසමාකුලමිව ජලං න සුප‍්පසන‍්නං හොති, තස‍්මා සතියාපි සද‍්ධාය සම‍්පසාදනන‍්ති න වුත‍්තං. න සුප‍්පසන‍්නත‍්තායෙව චෙත්‍ථ සමාධිපි න සුට‍්ඨු පාකටො, තස‍්මා එකොදිභාවන‍්තිපි න වුත‍්තං. ඉමස‍්මිං පන ඣානෙ විතක‍්කවිචාරපලිබොධාභාවෙන ලද‍්ධොකාසා බලවතී සද‍්ධා, බලවසද‍්ධාසහායප‍්පටිලාභෙනෙව ච සමාධිපි පාකටො; තස‍්මා ඉදමෙව එවං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. විභඞ‍්ගෙ පන “සම‍්පසාදනන‍්ති යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො, චෙතසො එකොදිභාවන‍්ති යා චිත‍්තස‍්ස ඨිති…පෙ… සම‍්මාසමාධී”ති එත‍්තකමෙව වුත‍්තං. එවං වුත‍්තෙන පනෙතෙන සද‍්ධිං අයං අත්‍ථවණ‍්ණනා යථා න විරුජ‍්ඣති අඤ‍්ඤදත්‍ථු සංසන්‍දති චෙව සමෙති ච එවං වෙදිතබ‍්බා.

මේ ශ්‍රද්ධාවද එකොදි නම්වූ මේ සමාධියද ප්‍රථමද්ධ්‍යානයෙහිද ඇත්තේ නොවේද? එසේ ඇතිකල්හි මේ ද්වීතීයද්ධ්‍යානයම කුමක් හෙයින් සිත පිළිබඳ සම්පසාදනය, එකොදිභාවයයි වදාරණ ලද්දේ ද යත්: මෙහිලා කියනු ලැබේ. මේ ප්‍රථමද්ධ්‍යානය වනාහි කුදුමහත් රැළ පතරින් අවුල් වූ දියක් සේ විර්‍තක විචාරයන්ගේ කැළඹීමෙන් මැනවින් පැහැදුනේ නොවේද, එහෙයින් ශ්‍රද්ධාව ඇතිකල්හිදු සම්පසාදනැයි නොවදාරණ ලද්දේය. මනාකොට නොපහන් බැවින්ම මෙහි ප්‍රථමද්ධ්‍යානයෙහි සමාධියද මනාකොට ප්‍රකට නොවේ. එහෙයින් එකොදිභාවයයිද නොවදාරණ ලදය. මේ ද්වීතීයද්ධ්‍යානයෙහි වනාහි විතර්‍ක විචාර පළිබෝධයන්ගේ අභාවයෙන් ලැබූ අවකාශ ඇති ශ්‍රද්ධාව බලවත්ය. බලවත් වූ ශ්‍රද්ධාවෙහි සහාය ලැබීමෙන්ම සමාධියද ප්‍රකට වේ. එහෙයින් මේ ද්වීතීයද්ධ්‍යානයම ‘සම්පසාදනං චෙතසො එකොදිභාවං’යි මෙසේ වදාරණ ලද්දේ යයි දතයුතුය. විභඞ්ගයෙහි වනාහි ‘සම්පසාදනන්ති යා සද්ධා සද්දහනා ඔකප්පනා අභිප්පසාදො, චෙතසො එකොදිභාවන්ති, චිත්තස්ස ඨිති -පෙ- සම්මා සමාධි’යි මෙපමණක්ම වදාරණ ලදය. මෙසේ වදාළ මේ විභඞ්ගපාළිය සමග මෙහි දැක්වූ අර්‍ත්‍ථ වර්‍ණනාව යම්සේ විරුද්ධ නොවේද එකතින් සමවේද එපරිද්දෙන් දතයුතුය.

අවිතක‍්කං අවිචාරන‍්ති භාවනාය පහීනත‍්තා එතස‍්මිං එතස‍්ස වා විතක‍්කො නත්‍ථීති අවිතක‍්කං. ඉමිනාව නයෙන අවිචාරං. විභඞ‍්ගෙපි (විභ· 576) වුත‍්තං “ඉති අයඤ‍්ච විතක‍්කො අයඤ‍්ච විචාරො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා බ්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා, තෙන වුච‍්චති අවිතක‍්කං අවිචාර”න‍්ති.

‘අවිතක්ක අවිචාරං’ භාවනා බලයෙන් ප්‍රහීණ වූ බැවින් මේ ධ්‍යානයෙහි හෝ මේ ධ්‍යානයට විතර්‍කයක් නැත්තේනුයි අවිතක්ක නම් වේ. මේ ක්‍රමයෙන්ම අවිචාර නම්ද වේ. විභඞ්ගයෙහිද ‘ඉති අයඤ්ච විතක්කො අයඤ්ච විචාරො සන්තා හොන්ති සමිතා වූපසන්තා අත්‍ථඞ්ගතා අබ්හත්‍ථඞ්ගතා අප්පිතා ව්‍යප්පිතා සොසිතා විසොසිතා ව්‍යන්තීකතා තෙන වුච්චති අවිතක්කං අවිචාරං’යි වදාරණ ලද්දේය.

එත්‍ථාහ – නනු ච “විතක‍්කවිචාරානං වූපසමාති ඉමිනාපි අයමත්‍ථො සිද‍්ධො, අථ කස‍්මා පුන වුත‍්තං අවිතක‍්කං අවිචාර”න‍්ති? වුච‍්චතෙ – එවමෙතං සිද‍්ධො වායමත්‍ථො, න පනෙතං තදත්‍ථදීපකං; නනු අවොචුම‍්හ – “ඔළාරිකස‍්ස පන ඔළාරිකස‍්ස අඞ‍්ගස‍්ස සමතික‍්කමා පඨමජ‍්ඣානතො පරෙසං දුතියජ‍්ඣානාදීනං අධිගමො හොතීති දීපනත්‍ථං විතක‍්කවිචාරානං වූපසමාති එවං වුත‍්ත”න‍්ති.

මෙහිලා කීය: ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනයෙනුදු මේ අර්‍ත්‍ථය සිදුනොවේද, එකල්හි නැවත කුමක්හෙයින් ‘අවිතක්කං අවිචාරං’යි වදාරණ ලද්දේ ද? මෙහිලා කියනු ලැබේ. මෙය මෙසේය. විතර්‍ක විචාරයන්ගේ අභාවාර්‍ත්‍ථය සිද්ධමය. ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනය ඒ අර්‍ත්‍ථය දක්වන්නේ නොවේ ‘ඖදාරික ඖදාරික අඞ්ගයන්ගේ ඉක්මීමෙන් ප්‍රථමද්ධ්‍යානයෙන් අන්‍ය වූ ද්විතීයද්ධ්‍යානාදීන්ගේ අධිගමය වේයයි දක්වනු පිණිස විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි මෙසේ වදාරණ ලදැ’යි කීවාහු නොවෙමුද?

අපිච විතක‍්කවිචාරානං වූපසමා ඉදං සම‍්පසාදනං, න කිලෙසකාලුසියස‍්ස. විතක‍්කවිචාරානඤ‍්ච වූපසමා එකොදිභාවං න උපචාරජ‍්ඣානමිව නීවරණප‍්පහානා, න පඨමජ‍්ඣානමිව ච අඞ‍්ගපාතුභාවාති එවං සම‍්පසාදනඑකොදිභාවානං හෙතුපරිදීපකමිදං වචනං. තථා විතක‍්කවිචාරානං වූපසමා ඉදං අවිතක‍්කඅවිචාරං, න තතියචතුත්‍ථජ‍්ඣානානි විය චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි විය ච අභාවාති එවං අවිතක‍්කඅවිචාරභාවස‍්ස හෙතුපරිදීපකඤ‍්ච, න විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකං. විතක‍්කවිචාරාභාවමත‍්තපරිදීපකමෙව පන “අවිතක‍්කං අවිචාර”න‍්ති ඉදං වචනං, තස‍්මා පුරිමං වත්‍වාපි පුන වත‍්තබ‍්බමෙවාති.

තවද විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් මේ ද්වීතීයද්ධ්‍යානය සම්පසාදන නම් වේ. නීවරණ සඞ්ඛ්‍යාත වූ කෙලෙස් කිලිටි සන්සිඳීමෙන් නොවේ. විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්ද එකොදිභාවය වේ. උපචාරද්ධ්‍යානය මෙන් නීවරණයන්ගේ ප්‍රහාණයෙන් නොවේ. ප්‍රථමද්ධ්‍යානයෙන් අඞ්ගයන්ගේ පහළවීමෙන්ද නොවේ. මෙසේ මේ ‘විතක්ක විචාරානං වූපසමා’ යන මේ වචනය සම්පසාදන එකොදිභාවයන්ට හේතු දක්වන්නේය. එසේ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන් මේ ධ්‍යානය අවිතක්ක අවිචාර නම් වේ. තෘතීය චතුර්‍ත්‍ථද්ධ්‍යානයන් මෙන්ම චක්‍ෂුර් විඥානාදිය මෙන්ද විතර්‍ක විචාරයන්ගේ අභාවයෙන්ම නොවේ. මෙසේ අවිතර්‍ක අවිචාරභාවයට හේතු දක්වනුමුත් විතර්‍ක විචාරයන්ගේ අභාවමාත්‍රය දක්වන්නේ නොවේ. අවිතර්‍ක අවිචාර යන මේ වචනය හුදෙක් විතර්‍ක විචාරයන්ගේ අවිද්‍යාමානභාවය ප්‍රකාශ කරන්නේමය. එහෙයින් විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි යන පූර්‍ව වාක්‍යය කියා අවිතර්‍ක අවිචාර යන මේ දෙවන වාක්‍යය ද කියයුත්තේමය.

සමාධිජන‍්ති පඨමජ‍්ඣානසමාධිතො සම‍්පයුත‍්තසමාධිතො වා ජාතන‍්ති අත්‍ථො. තත්‍ථ කිඤ‍්චාපි පඨමම‍්පි සම‍්පයුත‍්තසමාධිතො ජාතං, අථ ඛො අයමෙව “සමාධී”ති වත‍්තබ‍්බතං අරහති විතක‍්කවිචාරක‍්ඛොභවිරහෙන අතිවිය අචලත‍්තා සුප‍්පසන‍්නත‍්තා ච. තස‍්මා ඉමස‍්ස වණ‍්ණභණනත්‍ථං ඉදමෙව “සමාධිජ”න‍්ති වුත‍්තං. පීතිසුඛන‍්ති ඉදං වුත‍්තනයමෙව.

“සමාධිජං” ප්‍රථමද්ධ්‍යාන සමාධියෙන් සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේය යන අර්‍ත්‍ථයි. එහි ප්‍රථමද්ධ්‍යානය ද තමන් හා සම්ප්‍රයුක්ත සමාධියෙන් උපන්නේ නම්, එකල්හි විතර්‍ක විචාරයන්ගේ කැළඹීමෙන් වෙන්ව අතිශය නිශ්චල බැවින්ද ඉතා පහත් බැවින්ද මේ ද්විතීයද්ධ්‍යාන සම්ප්‍රයුක්ත සමාධියම සමාධියයි කියයුතුබවට සුදුසු වේ. එහෙයින් මේ ද්වීතීයද්ධ්‍යානයෙහි ගුණ වර්‍ණනා කරනු පිණිස මෙම ‘සමාධිජ’යි වදාරණ ලද්දේය. “පීතිසුඛං” යන මෙය කියු නය ඇත්තේමය.

දුතියන‍්ති ගණනානුපුබ‍්බතො දුතියං, ඉදං දුතියං සමාපජ‍්ජතීතිපි දුතියං. ඣානන‍්ති එත්‍ථ පන යථා පඨමජ‍්ඣානං විතක‍්කාදීහි පඤ‍්චඞ‍්ගිකං හොති, එවමිදං සම‍්පසාදාදීහි “චතුරඞ‍්ගික”න‍්ති වෙදිතබ‍්බං. යථාහ – “ඣානන‍්ති සම‍්පසාදො, පීති, සුඛං, චිත‍්තස‍්සෙකග‍්ගතා”ති (විභ· 580). පරියායොයෙව චෙසො. සම‍්පසාදනං පන ඨපෙත්‍වා නිප‍්පරියායෙන තිවඞ‍්ගිකමෙවෙතං හොති. යථාහ – “කතමං තස‍්මිං සමයෙ තිවඞ‍්ගිකං ඣානං හොති? පීති, සුඛං, චිත‍්තස‍්සෙකග‍්ගතා”ති (ධ· ස· 161). සෙසං වුත‍්තනයමෙවාති.

‘දුතියං’ ගණන් පිළිවෙළින් දෙවෙනි වේ. දෙවෙනිව සමවදීනුයිද මෙය දෙවැනි වේ. “ඣානං” යන මෙහි ප්‍රථමද්ධ්‍යානය යම් සේ විතර්‍කාදියෙන් යුක්ත බැවින් අඞ්ග පසක් ඇත්තේවේද, මෙසේ මේ ධ්‍යානය සම්පසාදනාදියෙන් යුක්ත බැවින් සිවු අඟක් ඇත්තේයයි දතයුතුය. ඒ මෙසේ වදාළ සේක:- ‘ඣානන්ති සම්පසාදො පීතිසුඛං චිත්තස්ස එකග්ගතා’ යි මේ ක්‍රමයම වේ. සම්පසාදනය හැර නිෂ්පර්‍ය්‍යාය විසින් උපනිද්ධ්‍යාන ලක්‍ෂණයට පැමිණ අඞ්ගයන්ගේ වශයෙන් මේ ධ්‍යානය අංග තුනක් ඇත්තේම වේ. ඒ මෙසේ වදාළ සේක:- ‘කතමං තස්මිං සමයෙ තිවඞ්ගිකං ඣානං හොති, පීති සුඛං චිත්තස්ස එකග්ගතා’යි සෙස්ස ප්‍රථමද්ධ්‍යානයෙහි කියූ නය ඇත්තේමය.

දුතියජ‍්ඣානකථා නිට‍්ඨිතා.

ද්වීතීයද්ධ්‍යාන කථා නිමි

තතියජ‍්ඣානකථා

තතියජ්ඣානකථා

පීතියා ච විරාගාති එත්‍ථ වුත‍්තත්‍ථායෙව පීති. විරාගොති තස‍්සා ජිගුච‍්ඡනං වා සමතික‍්කමො වා. උභින‍්නමන‍්තරා “ච” සද‍්දො සම‍්පිණ‍්ඩනත්‍ථො, සො හි වූපසමං වා සම‍්පිණ‍්ඩෙති විතක‍්කවිචාරවූපසමං වා. තත්‍ථ යදා වූපසමමෙව සම‍්පිණ‍්ඩෙති, තදා පීතියා විරාගා ච, කිඤ‍්ච භිය්‍යො වූපසමා චාති එවං යොජනා වෙදිතබ‍්බා. ඉමිස‍්සා ච යොජනායං විරාගො ජිගුච‍්ඡනත්‍ථො හොති. තස‍්මා පීතියා ජිගුච‍්ඡනා ච වූපසමා චාති අයමත්‍ථො දට‍්ඨබ‍්බො. යදා පන විතක‍්කවිචාරවූපසමං සම‍්පිණ‍්ඩෙති, තදා පීතියා ච විරාගා, කිඤ‍්ච භිය්‍යො විතක‍්කවිචාරානඤ‍්ච වූපසමාති එවං යොජනා වෙදිතබ‍්බා. ඉමිස‍්සා ච යොජනායං විරාගො සමතික‍්කමනත්‍ථො හොති. තස‍්මා පීතියා ච සමතික‍්කමා, විතක‍්කවිචාරානඤ‍්ච වූපසමාති අයමත්‍ථො දට‍්ඨබ‍්බො.

‘පීතියා ච විරාගා’ මෙහි ප්‍රීතිය කියූ අර්‍ත්‍ථ ඇත්තේමය. ‘විරාග’ යනු ඒ ප්‍රීතියෙහි පිළිකුල් කිරීම හෝ ඉක්මවීමය. ‘පීතියා විරාගා’ යන දෙපදයන්ගේ අතරවූ ‘ච’ ශබ්දය පිඩුකිරීම අර්‍ත්‍ථකොට සිටියේය. ඒ ‘ච’ ශබ්දය ප්‍රීතියෙහි සන්සිඳීම හෝ විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීම පිඩු කරන්නේය. එහි යම්කලෙක සන්සිඳීමම පිඩුකෙරේද එකල්හි ප්‍රීතිය සන්සිඳුවීමෙන්ද, නැවත කිමෙක්ද? සන්සිඳුවීමෙන්දැයි මෙසේ යෙදීම දතයුතුය. මේ යෙදීමෙහිද විරාග ශබ්දය පිළිකුල් කිරීම අර්‍ත්‍ථකොට ඇත්තේ වේ. එහෙයින් ප්‍රීතියෙහි පිළිකුලින්ද සන්සිඳීමෙන්දැයි මේ අර්‍ත්‍ථය දතයුතුය. යම්කලෙක්හි විතර්‍ක විචාර ව්‍යපසමය පිඩු කෙරේද එකල්හි ප්‍රීතියෙහි නොඇලීමෙන්දැයි අරුත් දතයුතුය. නැවත කිමෙක්ද? විතර්‍ක විචාරයන්ගේ ව්‍යපසමයෙනැයි මෙසේ යෙදීම දතයුතුය. මේ යෙදීමෙහිද විරාගය සමතික්‍රමණාර්‍ත්‍ථ ඇත්තේ වේ. ප්‍රීතියෙහි සමතික්‍රමණයෙන්ද විතර්‍ක විචාරයන්ගේ සන්සිඳීමෙන්දැයි යන මේ අර්‍ත්‍ථය දතයුතුය.

කාමඤ‍්චෙතෙ විතක‍්කවිචාරා දුතියජ‍්ඣානෙයෙව වූපසන‍්තා ඉමස‍්ස පන ඣානස‍්ස මග‍්ගපරිදීපනත්‍ථං වණ‍්ණභණනත්‍ථඤ‍්චෙතං වුත‍්තං. “විතක‍්කවිචාරානං වූපසමා”ති හි වුත‍්තෙ ඉදං පඤ‍්ඤායති – “නූන විතක‍්කවිචාරවූපසමො මග‍්ගො ඉමස‍්ස ඣානස‍්සා”ති. යථා ච තතියෙ අරියමග‍්ගෙ අප‍්පහීනානම‍්පි සක‍්කායදිට‍්ඨාදීනං “පඤ‍්චන‍්නං ඔරම‍්භාගියානං සංයොජනානං පහානා”ති (ම· නි· 2.132) එවං පහානං වුච‍්චමානං වණ‍්ණභණනං හොති තදධිගමාය උස‍්සුකානං උස‍්සාහජනකං; එවමෙවං ඉධ අවූපසන‍්තානම‍්පි විතක‍්කවිචාරානං වූපසමො වුච‍්චමානො වණ‍්ණභණනං හොති. තෙනායමත්‍ථො වුත‍්තො – “පීතියා ච සමතික‍්කමා, විතක‍්කවිචාරානඤ‍්ච වූපසමා”ති.

ඒකාන්තයෙන් මේ විතර්‍ක විචාරයෝ ද්වීතීයද්ධ්‍යානක්‍ෂණයෙහිදීම සන්සිඳී ගියහ. මේ ධ්‍යානයට මාර්‍ගය දක්වනු පිණිස ද ගුණ බණනු පිණිස ද මේ විර්‍තක විචාර ව්‍යපශම වචනය කියන ලද්දේය. විර්‍තක විචාරයන්ගේ සන්සිඳීමෙනැයි කියූකල්හි ඒකාන්තයෙන් විර්‍තක විචාරයන්ගේ සන්සිඳීම මේ තෘතීයද්ධ්‍යානයට මාර්‍ගය යන මේ අර්‍ත්‍ථය පෙනෙන්නේය. යම්සේ අනාගාමී මාර්‍ග ක්‍ෂණයෙහි ප්‍රහීණ නොවූද සත්කායදෘෂ්ටිආදී වූ පඤ්චොරම්භාගීය සංයොජනයන්ගේ ප්‍රහාණයෙනැයි මෙසේ ප්‍රහාණය කියනු ලබන්නේ අනාගාමී මාර්‍ගාධිගමය පිණිස උත්සාහවත්වූවන්ට උත්සාහය උපදවනු පිණිස ගුණ කීමක් වන්නේද, එපරිද්දෙන්ම මේ තෘතීයද්ධ්‍යානයෙහි නොසන්සිඳුනු විර්‍තක විචාරයන්ගේ සන්සිඳීම කියනු ලබන්නේ ගුණකීමක් වන්නේය. එහෙයින් ප්‍රීතිය ඉක්මීමෙන්ද විර්‍තක විචාරයන්ගේ සන්සිඳීමෙන්දැයි යන මේ අර්‍ත්‍ථය වදාරණ ලදය.

උපෙක‍්ඛකො ච විහාසින‍්ති එත්‍ථ උපපත‍්තිතො ඉක‍්ඛතීති උපෙක‍්ඛා, සමං පස‍්සති, අපක‍්ඛපතිතාව හුත්‍වා පස‍්සතීති අත්‍ථො. තාය විසදාය විපුලාය ථාමගතාය සමන‍්නාගතත‍්තා තතියජ‍්ඣානසමඞ‍්ගී “උපෙක‍්ඛකො”ති වුච‍්චති. උපෙක‍්ඛා පන දසවිධා හොති – ඡළඞ‍්ගුපෙක‍්ඛා, බ්‍රහ‍්මවිහාරුපෙක‍්ඛා, බොජ‍්ඣඞ‍්ගුපෙක‍්ඛා, වීරියුපෙක‍්ඛා, සඞ‍්ඛාරුපෙක‍්ඛා, වෙදනුපෙක‍්ඛා, විපස‍්සනුපෙක‍්ඛා, තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛා, ඣානුපෙක‍්ඛා, පාරිසුද‍්ධුපෙක‍්ඛාති. එවමයං දසවිධාපි තත්‍ථ තත්‍ථ ආගතනයතො භූමිපුග‍්ගලචිත‍්තාරම‍්මණතො, ඛන්‍ධසඞ‍්ගහ-එකක‍්ඛණකුසලත‍්තිකසඞ‍්ඛෙපවසෙන ච අට‍්ඨසාලිනියා ධම‍්මසඞ‍්ගහට‍්ඨකථාය වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. ඉධ පන වුච‍්චමානා විනයනිදානං අතිභාරියං කරොතීති න වුත‍්තා. ලක‍්ඛණාදිතො පන ඉධ අධිප‍්පෙතුපෙක‍්ඛා මජ‍්ඣත‍්තලක‍්ඛණා, අනාභොගරසා, අබ්‍යාපාරපච‍්චුපට‍්ඨානා, පීතිවිරාගපදට‍්ඨානාති.

‘උපෙක්‍ඛකො ච විහාසිං’ මෙහි සමව ඉසිලීමට සුදුසු පරිදි බලානුයි උපෙක්‍ෂා නමු. සමව බලයි. අපක්‍ෂපාතීව බලයි යන අර්‍ත්‍ථයි. කෙලෙස් පහවීමෙන් විශද වූ, මහද්ගතභාවයට පැමිණීමෙන් මහත්වූ, ප්‍රීතිය දුරුවීමෙන් ස්ථිරභාවයට ගියාවූ, ඒ උපෙක්‍ෂාවෙන් යුක්ත බැවින් තෘතීයද්ධ්‍යාන සමඞ්ගී පුද්ගලතෙමේ උපෙක්‍ෂකයි කියනු ලැබේ. උපෙක්‍ෂාව ෂඩඞ්ගොපෙක්‍ෂා, බ්‍රහ්මවිහාරොපෙක්‍ෂා, බොධ්‍යඞ්ගොපෙක්‍ෂා, වීර්‍ය්‍යොපෙක්‍ෂා, සංස්කාරොපෙක්‍ෂා, වෙදනොපෙක්‍ෂා, විදර්‍ශනොපෙක්‍ෂා, තත්‍රමද්ධ්‍යත්‍වොපෙක්‍ෂා, ධ්‍යානොපෙක්‍ෂා, පාරිශුද්ධ්‍යුපෙක්‍ෂායි දසවැදෑරුම් වේ. මෙසේ මේ උපෙක්‍ෂාවද සවැදෑරුම් වූවාද ඒ ඒ තන්හි ආනයින් භූමි, පුද්ගල, චිත්තාලම්බන වශයෙන් ද ස්කන්‍ධ සඞ්ග්‍රහ, එකක්‍ෂණ, කුශලත්‍රික, සඞ්ක්‍ෂෙප වශයෙන්දැයි අර්‍ත්‍ථශාලිනී ධර්‍ම සඞ්ග්‍රහාර්‍ත්‍ථ කථාවෙහි කියූ ක්‍රමයෙන් දතයුතුය. මෙහි කියනු ලබන විනය නිදානය ඉතා බැරෑරුම් කරන්නේ යයි නොකියන ලදී. ලක්‍ෂණාදීන්ගේ වශයෙන් මෙහි අභිමත ධ්‍යානොපෙක්‍ෂාව මැදහත්බව ලකුණුකොට ඇත්තේය. ප්‍රණීත වූද එහි අවනතියට ප්‍රතිපක්‍ෂ කෘත්‍යය ඇත්තේය. ඒ සුඛයෙහි උත්සාහ රහිතබව වැටහීමකොට ඇත්තේය. ප්‍රීතිවිරාගය ආසන්න කාරණයකොට ඇත්තේය.

එත්‍ථාහ – නනු චායං අත්‍ථතො තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාව හොති, සා ච පඨමදුතියජ‍්ඣානෙසුපි අත්‍ථි, තස‍්මා තත්‍රාපි “උපෙක‍්ඛකො ච විහාසි”න‍්ති එවමයං වත‍්තබ‍්බා සියා, සා කස‍්මා න වුත‍්තාති? අපරිබ්‍යත‍්තකිච‍්චතො. අපරිබ්‍යත‍්තඤ‍්හි තස‍්සා තත්‍ථ කිච‍්චං, විතක‍්කාදීහි අභිභූතත‍්තා. ඉධ පනායං විතක‍්කවිචාරපීතීහි අනභිභූතත‍්තා උක‍්ඛිත‍්තසිරා විය හුත්‍වා පරිබ්‍යත‍්තකිච‍්චා ජාතා, තස‍්මා වුත‍්තාති.

මෙහිලා කීහ: අර්‍ත්‍ථ වශයෙන් මෙය තත්‍ර මද්ධ්‍යත්‍වොපෙක්‍ෂාවම නොවේද? එය ප්‍රථම ද්වීතීය ධ්‍යානයන්හිද ඇත. එහෙයින් එහිද උපෙක්‍ෂකව විසූයෙමියි මෙසේ මෙය කියයුතුය. කුමක්හෙයින් එය නොකියන ලද්දේදයත්, අප්‍රකට කෘත්‍යය ඇති බැවිනි. ප්‍රථම ද්වීතීයද්ධ්‍යානයන්හි තත්‍ර මද්ධ්‍යත්‍වොපෙක්‍ෂාවෙහි කෘත්‍යය අප්‍රකටමය. විතර්‍කාදීන් විසින් මැඩගත් බැවිනි. මෙහි මෙය විර්‍තක විචාර ප්‍රීති යන මොවුන් විසින් නොමැඩුනු බැවින් එසවූ හිස්ඇත්තෙකු මෙන්වී ප්‍රකට කෘත්‍යය ඇත්තේ වේ. එහෙයින් මෙහි වදාරණ ලදී.

නිට‍්ඨිතා “උපෙක‍්ඛකො ච විහාසි”න‍්ති එතස‍්ස සබ‍්බසො අත්‍ථවණ‍්ණනා.

‘උපෙක්‍ඛකො විහාසිං’ යන මෙහි අර්‍ත්‍ථ වර්‍ණනාව සර්‍වප්‍රකාරයෙන් නිමියේය.

ඉදානි සතො ච සම‍්පජානොති එත්‍ථ සරතීති සතො, සම‍්පජානාතීති සම‍්පජානො. පුග‍්ගලෙන සති ච සම‍්පජඤ‍්ඤඤ‍්ච වුත‍්තං. තත්‍ථ සරණලක‍්ඛණා සති, අසම‍්මුස‍්සනරසා, ආරක‍්ඛපච‍්චුපට‍්ඨානා; අසම‍්මොහලක‍්ඛණං සම‍්පජඤ‍්ඤං, තීරණරසං, පවිචයපච‍්චුපට‍්ඨානං. තත්‍ථ කිඤ‍්චාපි ඉදං සතිසම‍්පජඤ‍්ඤං පුරිමජ‍්ඣානෙසුපි අත්‍ථි, මුට‍්ඨස‍්සතිස‍්ස හි අසම‍්පජානස‍්ස උපචාරජ‍්ඣානමත‍්තම‍්පි න සම‍්පජ‍්ජති, පගෙව අප‍්පනා; ඔළාරිකත‍්තා පන තෙසං ඣානානං භූමියං විය පුරිසස‍්ස චිත‍්තස‍්ස ගති සුඛා හොති, අබ්‍යත‍්තං තත්‍ථ සතිසම‍්පජඤ‍්ඤකිච‍්චං. ඔළාරිකඞ‍්ගප‍්පහානෙන පන සුඛුමත‍්තා ඉමස‍්ස ඣානස‍්ස පුරිසස‍්ස ඛුරධාරායං විය සතිසම‍්පජඤ‍්ඤකිච‍්චපරිග‍්ගහිතායෙව චිත‍්තස‍්ස ගති ඉච‍්ඡිතබ‍්බාති ඉධෙව වුත‍්තං. කිඤ‍්ච භිය්‍යො? යථාපි ධෙනුපගො වච‍්ඡො ධෙනුතො අපනීතො අරක‍්ඛියමානො පුනදෙව ධෙනුං උපගච‍්ඡති; එවමිදං තතියජ‍්ඣානසුඛං පීතිතො අපනීතම‍්පි සතිසම‍්පජඤ‍්ඤාරක‍්ඛෙන අරක‍්ඛියමානං පුනදෙව පීතිං උපගච‍්ඡෙය්‍ය පීතිසම‍්පයුත‍්තමෙව සියා. සුඛෙ වාපි සත‍්තා රජ‍්ජන‍්ති, ඉදඤ‍්ච අතිමධුරං සුඛං, තතො පරං සුඛාභාවා . සතිසම‍්පජඤ‍්ඤානුභාවෙන පනෙත්‍ථ සුඛෙ අසාරජ‍්ජනා හොති, නො අඤ‍්ඤථාති ඉමම‍්පි අත්‍ථවිසෙසං දස‍්සෙතුං ඉදං ඉධෙව වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

දැන් ‘සතො ච සම්පජානො’ යන මෙහි ‘සිහි කෙරේනුයි ‘සත’ නම් වේ. ‘මොනවට දනීනු’යි ‘සම්පජාන’ නමි. මෙහි පුද්ගලාධිෂ්ඨාන වශයෙන් සිහියත් මොනවට දැනීමක් වදාරණ ලද්දේය. එදෙක අතුරෙහි සතිය සිහිකිරීම ලකුණුකොට ඇත. නොමුළාබව කෘත්‍යයකොට ඇත. කෙලෙසුන්ගෙන් රැකීම වැටහීමකොට ඇත්තේය. සම්පජඤ්ඤය නොමුළාබව ලකුණු කොට ඇත. කෘත්‍යයන්හි තීරණය කෘත්‍යයකොට ඇත. විමසීම වැටහීමකොට ඇත. එහි කිසිසේත් මේ ස්මෘති සම්ප්‍රජන්‍යයෝ යට කියූ ධ්‍යානයන්හිද ඇත්තාහ. මුළාවූ සිහිඇති නුවණ නැත්තහුට වනාහි උපචාර මාත්‍රයකුදු නොසැපයේ. අර්‍පණා ගැන කියනු කිම? ඒ ධ්‍යානයන් ඖදාරික බැවින් වනාහි පුරුෂයාගේ පොළොවෙහි ගමන මෙන් ඒ ධ්‍යානයන්හි චිත්තගතිය සැපවන්නී වේ. එහි ස්මෘති සම්ප්‍රජන්‍යකෘත්‍යය අව්‍යක්ත වේ. මේ ධ්‍යානය තමා ඖදාරිකාඞ්ගයන්ගේ ප්‍රහාණයෙන් වනාහි සියුම්වන බැවින් පුරුෂයෙකුගේ කරමුවහතෙහි ගමන මෙන් ස්මෘතිසම්පජන්‍ය කෘත්‍යයෙන් පරිගෘහිතවූම චිත්තයාගේ ගතිය කැමති වියයුතුයයි මෙහිම කියන ලදී. නැවත කිමෙක්දයත්: යම්සේ දෙන විසින් කිරි පෙවූ වස්සෙක් දෙනගෙන් ඉවත්කරන ලද්දේ අන්තැනකට ගෙනගොස් නොරකිනු ලබන්නේ නැවත දෙනකරාම එළඹේද, මෙසේ මේ තෘතීයද්ධ්‍යාන සුඛය ප්‍රීතියෙන් ඉවත්කරන ලද්දේ සිහිණුවණින් නොරකිනු ලබන්නේ නම් නැවත ප්‍රීතිසම්ප්‍රයුක්තධ්‍යානයටම පැමිණෙන්නේය. ප්‍රීතිසම්ප්‍රයුක්තම වන්නේය. සත්ත්‍වයෝ සුඛයෙහිද ඇලෙත්. මේ සුඛයද අතිමධුර සුඛයයි. එයට වඩා සුඛයක් නැති බැවිනි. සිහිනුවණ දෙකෙහි ආනුභාවයෙන් වනාහි මේ තෘතීයද්ධ්‍යාන සුඛයෙහි නොඇලීම වේ. අන් පරිද්දෙකින් නොවේයයි මේ අර්‍ත්‍ථ විශේෂයද දක්වනු පිණිස ‘සතො සම්පජානො’ යන මෙය මෙහිම කියන ලදැයි දතයුතුය.

ඉදානි සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසින‍්ති එත්‍ථ කිඤ‍්චාපි තතියජ‍්ඣානසමඞ‍්ගිනො සුඛප‍්පටිසංවෙදනාභොගො නත්‍ථි, එවං සන‍්තෙපි යස‍්මා තස‍්ස නාමකායෙන සම‍්පයුත‍්තං සුඛං, යං වා තං නාමකායසම‍්පයුත‍්තං සුඛං, තංසමුට‍්ඨානෙනස‍්ස යස‍්මා අතිපණීතෙන රූපෙන රූපකායො ඵුටො, යස‍්ස ඵුටත‍්තා ඣානා වුට‍්ඨිතොපි සුඛං පටිසංවෙදෙය්‍ය, තස‍්මා එතමත්‍ථං දස‍්සෙන‍්තො “සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙසි”න‍්ති ආහ.

දැන් ‘සුඛඤ්ච කායෙන පටිසංවෙදෙසිං’ යන මෙහි තෘතීයද්ධ්‍යානවෙන් යුක්තවූවහුට සුව විඳීමෙහි මනස්කාරයක් කිසිසේත් නැත්තේය. මෙසේ ඇතිකල්හිදු යම්හෙයකින් ඒ ධ්‍යානසමඞ්ගී වූවහුගේ නාමකාය හා යෙදී සිටියාවූ යම් ඒ සුඛයක් ඇත්තේද හෙතෙමේ එය විඳින්නේය. නොහොත් යම් ඒ නාමකායසම්ප්‍රයුක්ත වූ සුඛයක් ඇත්තේද එයින් උපන්නා වූ ඒ ධ්‍යානලාභීහුගේ යම්හෙයකින් අතිප්‍රණීත රූපයෙන් රූපකාය ස්පර්‍ශ කරන ලදද, යම් යම් රූපයකින් ස්පර්‍ශ ලද බැවින් ධ්‍යානයෙන් නැගී සිටියේද කායික සුඛය විඳින්නේද එහෙයින් මේ අර්‍ත්‍ථය දක්වනසේක් ‘සුඛං ච කායෙන පටිසංවෙදෙසිං’ යනු වදාළ සේක.

ඉදානි යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරීති එත්‍ථ යංඣානහෙතු යංඣානකාරණා තං තතියජ‍්ඣානසමඞ‍්ගීපුග‍්ගලං බුද‍්ධාදයො අරියා ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විවරන‍්ති විභජන‍්ති උත‍්තානීකරොන‍්ති පකාසෙන‍්ති, පසංසන‍්තීති අධිප‍්පායො. කින‍්ති? “උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී”ති. තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහාසින‍්ති එවමෙත්‍ථ යොජනා වෙදිතබ‍්බා.

දැන් ‘යං තං අරියා ආචික්‍ඛන්ති උපෙක්‍ඛකො සතිමා සුඛවිහාරී’ යන මෙහි යම් ධ්‍යානයක් හේතු කොට යම්ධ්‍යාන කාරණයකින් ඒ තෘතීයද්ධ්‍යානයෙන් යුක්ත පුද්ගලයා උපෙක්‍ඛකො සතිමා සුඛවිහාරී’යි බුද්ධාදි ආර්‍ය්‍යයෝ ‘උපෙක්‍ෂා ඇත්තේය, සිහි ඇත්තේය සුඛවිහරණ ඇත්තේය’යි වදාරත්, දෙසත්, පණවත්, පිහිටුවත්, විවෘත කෙරෙත්, බෙදත්, ප්‍රකට කෙරෙත්, ප්‍රකාශ කෙරෙත්, පසසත් යන අදහස වේ. ‘තං තතියජ්ඣානං උපසම්පජ්ජ විහාසිං’ මම ඒ තෘතීයද්ධ්‍යානයට පැමිණ විසීමියි මෙසේ මෙහි යෙදීම දතයුතුය.

කස‍්මා පන තං තෙ එවං පසංසන‍්තීති? පසංසාරහතො. අයඤ‍්හි යස‍්මා අතිමධුරසුඛෙ සුඛපාරමිප‍්පත‍්තෙපි තතියජ‍්ඣානෙ උපෙක‍්ඛකො, න තත්‍ථ සුඛාභිසඞ‍්ගෙන ආකඩ‍්ඪීයති, යථා ච පීති න උප‍්පජ‍්ජති; එවං උපට‍්ඨිතස‍්සතිතාය සතිමා. යස‍්මා ච අරියකන‍්තං අරියජනසෙවිතමෙව ච අසංකිලිට‍්ඨං සුඛං නාමකායෙන පටිසංවෙදෙති, තස‍්මා පසංසාරහො. ඉති පසංසාරහතො නං අරියා තෙ එවං පසංසාහෙතුභූතෙ ගුණෙ පකාසෙන‍්තා “උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී”ති එවං පසංසන‍්තීති වෙදිතබ‍්බං.

කුමක්හෙයින් ඒ ආර්‍ය්‍යයෝ තෘතීයද්ධ්‍යානය ලැබූවහු මෙසේ පසසත්ද යත්:- පැසසීමට සුදුසු බැවිනි. යම්හෙයකින් මේ තෘතීයද්ධ්‍යානලාභී පුද්ගල තෙමේ ඉතා මිහිරි සුව ඇති සුවයෙහි පරතෙරට පැමිණි තෘතීයද්ධ්‍යානයෙහිද උපෙක්‍ෂා ඇත්තේ ඒ ධ්‍යාන සුඛයෙහි ඇලීමෙන් නොඅදිනු ලැබේද, යම්සේත් ප්‍රීතිය නොඋපදීද, මෙසේ එළඹසිටි සිහිඇති බැවින් සිහි ඇත්තේද, යම්හෙයකින් ආර්‍ය්‍යයන් සිත් අලවන්නාවූ ආර්‍ය්‍ය ජනයා විසින් සෙවුනා ලද්දාවූම නොකිලිටි සුවය නාමකායයෙන් විඳීද, එහෙයින් පැසසීමට සුදුසු වේ. මෙසේ පැසසීමට සුදුසු බැවින් බුද්ධාදි ආර්‍ය්‍යයෝ ඒ පැසසීමට සුදුසු ගුණ ප්‍රකාශ කරන්නාහු ‘උපෙක්‍ෂා ඇත්තේය, සිහි ඇත්තේය, සුඛ විහරණ ඇත්තේය’යි ඔහුට මෙසේ පසසත්යි දතයුතුය.

තතියන‍්ති ගණනානුපුබ‍්බතො තතියං. ඉදං තතියං සමාපජ‍්ජතීතිපි තතියං. ඣානන‍්ති එත්‍ථ ච යථා දුතියං සම‍්පසාදාදීහි චතුරඞ‍්ගිකං; එවමිදං උපෙක‍්ඛාදීහි පඤ‍්චඞ‍්ගිකං. යථාහ – “ඣානන‍්ති උපෙක‍්ඛා සති සම‍්පජඤ‍්ඤං සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා”ති (විභ· 591). පරියායොයෙව චෙසො. උපෙක‍්ඛාසතිසම‍්පජඤ‍්ඤානි පන ඨපෙත්‍වා නිප‍්පරියායෙන දුවඞ‍්ගිකමෙවෙතං හොති. යථාහ – “කතමං තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති ? සුඛං, චිත‍්තස‍්සෙකග‍්ගතා”ති (ධ· ස· 163). සෙසං වුත‍්තනයමෙවාති.

‘තතියං’ යන මෙහි ගණන් පිළිවෙළින් තෙවැනි වේ. මේ ධ්‍යානයට තෙවනුව සමවදීනුයිද තෙවැනි වේ. ‘ඣානං’ යන මෙහිද ද්වීතීයද්ධ්‍යානය යම්සේ සම්ප්‍රසාදාදියෙන් අඞ්ග සතරක් ඇත්තේද, එසේ මේ තෘතීයද්ධ්‍යානය උපෙක්‍ෂාදියෙන් අඞ්ග පහක් ඇත්තේම වේ. ‘ඣානන්ති උපෙක්‍ඛා සති සම්පජඤ්ඤං සුඛං චිත්තස්ස එකග්ගතා’යි මෙසේ වදාළ සේක. මේ එහි ක්‍රමය වේ. උපෙක්‍ෂා ස්මෘති සම්ප්‍රජන්‍යයන් හැර වනාහි නිෂ්පර්‍ය්‍යාය වශයෙන් මේ ධ්‍යානය අඞ්ග දෙකක් ඇත්තේම වේ. ‘කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති සුඛං චිත්තස්සෙකග්ගතා’යි එය වදාළ සේක. සෙස්ස කියූ නය ඇත්තේමය.

තතියජ‍්ඣානකථා නිට‍්ඨිතා.

තෘතීයද්ධ්‍යාන කථා නිමි

චතුත්‍ථජ‍්ඣානකථා

චතුත්ථජ්ඣානකථා

සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානාති කායිකසුඛස‍්ස ච කායිකදුක‍්ඛස‍්ස ච පහානා. පුබ‍්බෙවාති තඤ‍්ච ඛො පුබ‍්බෙව, න චතුත්‍ථජ‍්ඣානක‍්ඛණෙ . සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමාති චෙතසිකසුඛස‍්ස ච චෙතසිකදුක‍්ඛස‍්ස චාති ඉමෙසම‍්පි ද‍්වින‍්නං පුබ‍්බෙව අත්‍ථඞ‍්ගමා පහානා ඉච‍්චෙව වුත‍්තං හොති. කදා පන නෙසං පහානං හොති? චතුන‍්නං ඣානානං උපචාරක‍්ඛණෙ. සොමනස‍්සඤ‍්හි චතුත්‍ථජ‍්ඣානස‍්ස උපචාරක‍්ඛණෙයෙව පහීයති, දුක‍්ඛදොමනස‍්සසුඛානි පඨමදුතියතතියානං උපචාරක‍්ඛණෙසු. එවමෙතෙසං පහානක‍්කමෙන අවුත‍්තානං, ඉන්‍ද්‍රියවිභඞ‍්ගෙ පන ඉන්‍ද්‍රියානං උද‍්දෙසක‍්කමෙනෙව ඉධාපි වුත‍්තානං සුඛදුක‍්ඛසොමනස‍්ස දොමනස‍්සානං පහානං වෙදිතබ‍්බං.

‘සුඛස්ස ච පහාණා දුක්‍ඛස්ස ච පහාණා’ කායයික සුඛයාගේද කායික දුක්‍ඛයාගේද ප්‍රහාණයෙන්. ‘පුබ්බෙව’ ඒ ප්‍රහාණයද පෙරම වූයේය. චතුර්‍ත්‍ථද්ධ්‍යානයක්‍ෂණයෙහි නොවේ. ‘සොමනස්සදොමනස්සානං අත්‍ථඞ්ගමා’ චෛතසික සුඛයාගේද චෛතසික දුක්‍ඛයාගේද යන මේ දෙදෙනාගේ පූර්‍වයෙහිම වූ අස්තඞ්ගමයෙන් ප්‍රහාණයෙන්මයි කියන ලද්දේ වේ. කවදා වනාහි ඔවුන්ගේ ප්‍රහාණය වේදයත්: ධ්‍යානචතුෂ්කයාගේ උපචාරක්‍ෂණයෙහි ඔවුන්ගේ ප්‍රහාණය වේ. සොම්නස වනාහි චතුර්‍ත්‍ථද්ධ්‍යානයේ උපචාරක්‍ෂණයෙහිම ප්‍රහීණ වේ. දුක්‍ඛදොමනස්ස ප්‍රථම, ද්වීතීය, තෘතීයද්ධ්‍යානයන්ගේ උපචාර ක්‍ෂණයන්හි ප්‍රහීණ වෙයි. මෙසේ ප්‍රහාණ ක්‍රමයෙන් නොකියන ලද ඉන්‍ද්‍රිය විභඞ්ගයෙහි වනාහි ඉන්‍ද්‍රියයන්ගේ උද්දේශ ක්‍රමයෙන්ම මෙහිද කියන ලද සුඛදුක්‍ඛ දෝමනස්සයන්ගේ ප්‍රහාණය මෙසේ දතයුතුය. ප්‍රහාණ ක්‍රමයෙන් වදාළෝ නම්, ‘දුක්‍ඛං දොමනස්සං සුඛං සොමනස්සං’යි වියයුතුය.

යදි පනෙතානි තස‍්ස තස‍්ස ඣානස‍්සුපචාරක‍්ඛණෙයෙව පහීයන‍්ති, අථ කස‍්මා “කත්‍ථ චුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු විවිච‍්චෙව කාමෙහි…පෙ… පඨමජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති, එත්‍ථුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති. කත්‍ථ චුප‍්පන‍්නං දොමනස‍්සින්‍ද්‍රියං… සුඛින්‍ද්‍රියං… සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣති? ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛු සුඛස‍්ස ච පහානා…පෙ… චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති, එත්‍ථුප‍්පන‍්නං සොමනස‍්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”ති (සං· නි· 5.510) එවං ඣානෙස‍්වෙව නිරොධො වුත‍්තොති? අතිසයනිරොධත‍්තා. අතිසයනිරොධො හි නෙසං පඨමජ‍්ඣානාදීසු, න නිරොධොයෙව; නිරොධොයෙව පන උපචාරක‍්ඛණෙ, නාතිසයනිරොධො. තථා හි නානාවජ‍්ජනෙ පඨමජ‍්ඣානූපචාරෙ නිරුද‍්ධස‍්සාපි දුක‍්ඛින්‍ද්‍රියස‍්ස ඩංසමකසාදිසම‍්ඵස‍්සෙන වා විසමාසනුපතාපෙන වා සියා උප‍්පත‍්ති, න ත්‍වෙව අන‍්තොඅප‍්පනායං. උපචාරෙ වා නිරුද‍්ධම‍්පෙතං න සුට‍්ඨු නිරුද‍්ධං හොති; පටිපක‍්ඛෙන අවිහතත‍්තා. අන‍්තොඅප‍්පනායං පන පීතිඵරණෙන සබ‍්බො කායො සුඛොක‍්කන‍්තො හොති. සුඛොක‍්කන‍්තකායස‍්ස ච සුට‍්ඨු නිරුද‍්ධං හොති දුක‍්ඛින්‍ද්‍රියං; පටිපක‍්ඛෙන විහතත‍්තා. නානාවජ‍්ජනෙ එව ච දුතියජ‍්ඣානූපචාරෙ පහීනස‍්ස දොමනස‍්සින්‍ද්‍රියස‍්ස යස‍්මා එතං විතක‍්කවිචාරප‍්පච‍්චයෙපි කායකිලමථෙ චිත‍්තුපඝාතෙ ච සති උප‍්පජ‍්ජති, විතක‍්කවිචාරාභාවෙ නෙව උප‍්පජ‍්ජති. යත්‍ථ පන උප‍්පජ‍්ජති තත්‍ථ විතක‍්කවිචාරභාවෙ. අප‍්පහීනා එව ච දුතියජ‍්ඣානූපචාරෙ විතක‍්කවිචාරාති තත්‍ථස‍්ස සියා උප‍්පත‍්ති; අප‍්පහීනපච‍්චයත‍්තා. න ත්‍වෙව දුතියජ‍්ඣානෙ; පහීනපච‍්චයත‍්තා. තථා තතියජ‍්ඣානූපචාරෙ පහීනස‍්සාපි සුඛින්‍ද්‍රියස‍්ස පීතිසමුට‍්ඨානපණීතරූපඵුටකායස‍්ස සියා උප‍්පත‍්ති, න ත්‍වෙව තතියජ‍්ඣානෙ. තතියජ‍්ඣානෙ හි සුඛස‍්ස පච‍්චයභූතා පීති සබ‍්බසො නිරුද‍්ධාති. තථා චතුත්‍ථජ‍්ඣානූපචාරෙ පහීනස‍්සාපි සොමනස‍්සින්‍ද්‍රියස‍්ස ආසන‍්නත‍්තා, අප‍්පනාප‍්පත‍්තාය උපෙක‍්ඛාය අභාවෙන සම‍්මා අනතික‍්කන‍්තත‍්තා ච සියා උප‍්පත‍්ති, න ත්‍වෙව චතුත්‍ථජ‍්ඣානෙ. තස‍්මා එව ච “එත්‍ථුප‍්පන‍්නං දුක‍්ඛින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ‍්ඣතී”ති තත්‍ථ තත්‍ථ අපරිසෙසග‍්ගහණං කතන‍්ති.

ඉදින් වනාහි මොවුහු ඒ ඒ ධ්‍යානයාගේ උපචාරක්‍ෂණයෙහිම ප්‍රහීණ වෙත්නම්, නැවත කුමහෙයින් ‘කත්‍ථ චුප්පන්නං දුක්‍ඛින්‍ද්‍රියං අපරීසෙසං නිරුජ්ඣති? ඉධ භික්‍‍‍ඛවෙ භික්‍‍‍ඛු විවිච්චෙව කාමෙහි -පෙ පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්‍ථුප්පන්නං දුක්‍ඛින්‍ද්‍රියයං අපරීසෙසං නිරුජ්ඣති. කත්‍ථ චුප්පන්නං දොමනස්සින්‍ද්‍රියං - සුඛින්‍ද්‍රියං, සොමනස්සින්‍ද්‍රියං අපරිසෙසං නිරුජ්ඣති, ඉධ භික්‍‍‍ඛවෙ භික්‍‍‍ඛු සුඛස්ස ච පහාණා -පෙ චතුත්‍ථජ්ඣානං උපසම්පජ්ජ විහරති, එත්‍ථුප්පන්නං සොමනස්සින්‍ද්‍රියං අපරීසෙසං නිරුජ්ඣතී’තියි මෙසේ ධ්‍යානයන්හිම නිරොධය වේ යයි වදාරණ ලද්දේදයත්: ධ්‍යාන ක්‍ෂණයෙහිම මේ ඉන්‍ද්‍රියයන් අතිශයින් නිරුද්ධ වනබැවිනි. විරුද්ධ ධර්‍මයන්ගේ සන්සිඳීම් වශයෙන් ඒ දෝමනස්සින්‍ද්‍රීයන්ගේ අතිශය නිරොධය ප්‍රථමද්ධ්‍යානාදියෙහි වේ. නිරොධ මාත්‍රයම නොවේ. නිරොධය වනාහි උපචාරක්‍ෂණයෙහි අතිශය නිරොධය නොවේ. එසේමය. යම් ආවර්‍ජනයකින් අර්‍පණාවවේද, එයින් භින්න වූ ආවර්‍ජනා ඇති ප්‍රථමද්ධ්‍යානොපචාරයෙහිදී නිරුද්ධ වූද දුක්‍ඛින්‍ද්‍රියයාගේ ඩැහැ ලේ බොන මැසිමදුරු ආදීන්ගේ පහසින් හෝ විෂමව හිඳීමෙන් උපදින පීඩාවෙන් නැවත ඉපදීම වියහැක්කේය. අර්‍පණාව තුළදී නැවත ඉපදීම නොවේමය. උපචාරයෙහිදී හෝ නිරුද්ධ වූ මේ දුක්‍ඛින්‍ද්‍රිය මනාකොට නිරුද්ධවූයේ නොවේ. කුමක් හෙයින්දයත්: ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් විසින් නොනැසූ බැවිනි. අර්‍පණාව තුළ වනාහි ප්‍රීතියෙන් හටගත් රූප පැතිරීමෙන් සියලු කය සුඛවේදනාවට වැදුනේ වේ. සුඛවේදනාවට වැදුනු සිරුරු ඇත්තහුටද ප්‍රතිපක්‍ෂ ධර්‍මයන් විසින් නැසූ බැවින් දුක්‍ඛින්‍ද්‍රිය මනාකොට නිරුද්ධ වූයේ වේ. නානාවර්‍ජනවූම ද්වීතීයද්ධ්‍යානොපචාරයෙහි ප්‍රහීණ වූ දොමනස්සින්‍ද්‍රියේ ඉපදීම වන්නේය. යම්හෙයකින් මේ දොමනස්සින්‍ද්‍රිය විර්‍තක විචාරයෙන් ප්‍රත්‍යයකොට ඇති කායපීඩාවක් හෝ චිත්ත පීඩාවක් ඇතිකල්හි උපදී නම්, විර්‍තක විචාරයන්ගේ අභාවයෙහිද ඒ දොමනස්සින්‍ද්‍රිය නොමඋපදී. දොමනස්සින්‍ද්‍රිය යම්තැනක උපදීනම්, එහි විර්‍තක විචාර ඇතිකල්හි ද්වීතීයද්ධ්‍යානොපචාරයෙහි ප්‍රහීණ නොවූ ප්‍රත්‍යය ඇති බැවින් මේ දොමනස්සින්‍ද්‍රියයාගේ උත්පත්තිය වන්නීය. ප්‍රහීණ වූ ප්‍රත්‍යය ඇති බැවින් ද්වීතීයද්ධ්‍යානයෙහි දොමනස්සින්‍ද්‍රිය නොම උපදින්නේය. එසේ ප්‍රීතියෙන් උපන් ප්‍රණීත රූපයෙන් පැතිරීගිය කය ඇත්තහුට තෘතීයද්ධ්‍යානොපචාරයෙහි ප්‍රහීණවූද සුඛින්‍ද්‍රියෙහි උත්පත්තිය වන්නීය. තෘතීයද්ධ්‍යානයෙහි නොමඋපදියි. තෘතීයද්ධ්‍යානයෙහි වනාහි සුඛයට ප්‍රත්‍යය වූ ප්‍රීතිය මුළුමනින් නිරුද්ධ වූවාය. එසේ චතුර්‍ත්‍ථද්ධ්‍යානොපචාරයෙහි ප්‍රහීණවූද සොමනස්සින්‍ද්‍රියයාගේ ආසන්න භාවයෙන් අර්‍පණාවට පැමිණි උපෙක්‍ෂාවගේ අභාවයෙන් මැනවින් නොඉක්මුනු බැවින්ද නානාවර්‍ජන චතුර්‍ත්‍ථද්ධ්‍යානොපචාරයෙහි ප්‍රහීණ වූද සොමනස්සින්‍ද්‍රියයාගේ නැවත ඉපදීම වියහැකිය. චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙහි ඔහුගේ ඉපදීම නොවන්නේය. එහෙයින්ම ‘එත්‍ථුප්පන්නං දුක්‍ඛින්‍ද්‍රියං අපරීසෙසං නිරුජ්ඣති’යි ඒ ඒ තන්හි අපරිශෙෂ ග්‍රහණය කරන ලද්දේය.

එත්‍ථාහ – “අථෙවං තස‍්ස තස‍්ස ඣානස‍්සූපචාරෙ පහීනාපි එතා වෙදනා ඉධ කස‍්මා සමාහරී”ති? සුඛග‍්ගහණත්‍ථං. යා හි අයං “අදුක‍්ඛමසුඛ”න‍්ති එත්‍ථ අදුක‍්ඛමසුඛා වෙදනා වුත‍්තා, සා සුඛුමා අතිදුබ‍්බිඤ‍්ඤෙය්‍යා න සක‍්කා සුඛෙන ගහෙතුං. තස‍්මා යථා නාම දුට‍්ඨස‍්ස යථා වා තථා වා උපසඞ‍්කමිත්‍වා ගහෙතුං අසක‍්කුණෙය්‍යස‍්ස ගොණස‍්ස ගහණත්‍ථං ගොපො එකස‍්මිං වජෙ සබ‍්බෙ ගාවො සමාහරති, අථෙකෙකං නීහරන‍්තො පටිපාටියා ආගතං “අයං සො, ගණ‍්හථ න”න‍්ති තම‍්පි ගාහාපයති; එවමෙව භගවා සුඛග‍්ගහණත්‍ථං සබ‍්බා එතා සමාහරි. එවඤ‍්හි සමාහටා එතා දස‍්සෙත්‍වා “යං නෙව සුඛං න දුක‍්ඛං න සොමනස‍්සං න දොමනස‍්සං, අයං අදුක‍්ඛමසුඛා වෙදනා”ති සක‍්කා හොති එසා ගාහයිතුං.

මෙහිලා කීහ: එකල්හි මෙසේ ඒ ඒ ධ්‍යානයාගේ උපචාරයෙහි ප්‍රහීණවුද මේ වේදනාව මෙහි කුමක්හෙයින් ගෙනහැර දක්වන ලදදයත්: සුඛග්‍රහණය පිණිසය. මෙහි ‘අදුක්‍ඛමසුඛං’යි යම් අදුක්‍ඛමසුඛ වේදනාවක් කියන ලදද ඒ වේදනාව සියුම්වූවා අතිශය දුර්විඥෙයවූවා සුවසේ දැනගන්නට නොහැකිය. එහෙයින් යම්සේ ලංව අල්ලා ගන්නට බැරිතරම් වූ නොදැමුනු ගොනෙකු අල්ලාගන්නට ගොපලු තෙමේ එක් ගාලක සියලු ගෙරින් එක්රැස්කෙරේද, නැවත එක් එක් ගොනු බැහැර කරමින් පිළිවෙළින් ආ ‘මේ ඌය, ඌ අල්ලා ගණිවු’යි ගන්වාද, එපරිද්දෙන්ම භාග්‍යවතුන් වහන්සේ සුවසේ ගැන්ම පිණිස මේ සියලු වේදනා ගෙනහැර දැක්වූ සේක. මෙසේ එක්කොට ගන්නා ලද මේ වේදනාවන් දක්වා යම් වේදනාවක් සුඛ නොවේද, දුක්‍ඛ නොවේද, සොමනස්ස නොවේද, දොමනස්ස නොවේද, මේ වේදනාව ‘අදුක්‍ඛමසුඛවේදනා’යි ගන්වන්නට හැකිය.

අපිච අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා පච‍්චයදස‍්සනත්‍ථඤ‍්චාපි එතා වුත‍්තාති වෙදිතබ‍්බා. සුඛප‍්පහානාදයො හි තස‍්සා පච‍්චයා. යථාහ – “චත‍්තාරො ඛො, ආවුසො, පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා. ඉධාවුසො, භික‍්ඛු, සුඛස‍්ස ච පහානා…පෙ… චතුත්‍ථජ‍්ඣානං උපසම‍්පජ‍්ජ විහරති. ඉමෙ ඛො, ආවුසො, චත‍්තාරො පච‍්චයා අදුක‍්ඛමසුඛාය චෙතොවිමුත‍්තියා සමාපත‍්තියා”ති (ම· නි· 1.458). යථා වා අඤ‍්ඤත්‍ථ පහීනාපි සක‍්කායදිට‍්ඨිආදයො තතියමග‍්ගස‍්ස වණ‍්ණභණනත්‍ථං තත්‍ථ පහීනාති වුත‍්තා; එවං වණ‍්ණභණනත්‍ථම‍්පෙතස‍්ස ඣානස‍්සෙතා ඉධ වුත‍්තාතිපි වෙදිතබ‍්බා. පච‍්චයඝාතෙන වා එත්‍ථ රාගදොසානං අතිදූරභාවං දස‍්සෙතුම‍්පෙතා වුත‍්තාති වෙදිතබ‍්බා. එතාසු හි සුඛං සොමනස‍්සස‍්ස පච‍්චයො, සොමනස‍්සං රාගස‍්ස, දුක‍්ඛං දොමනස‍්සස‍්ස, දොමනස‍්සං දොසස‍්ස. සුඛාදිඝාතෙන ච තෙ සප‍්පච‍්චයා රාගදොසා හතාති අතිදූරෙ හොන‍්තීති.

තවද, අදුක්‍ඛමසුඛ හෙවත් උපෙක්‍ෂාචෙතො විමුක්තියට ප්‍රත්‍යය දක්වනු පිණිසද මේ සියලු වේදනා වදාරණ ලදහයි දතයුතුය. සුඛදුඃඛප්‍රහාණාදීහු ඒ උපෙක්‍ෂා වේදනාවට ප්‍රත්‍යය වෙත්. වදාළෝ මැයි: ‘චත්තාරො ඛො ආවුසො පච්චයා අදුක්‍ඛමසුඛාය චෙතො විමුත්තියා සමාපත්තියා, ඉධ ආවුසො භික්‍‍‍ඛු සුඛස්ස ච පහාණා -පෙ- චතුත්‍ථජ්ඣනං උපසම්පජ්ජ විහරති, ඉමෙ ඛො ආවුසො චත්තාරො පච්චයා අදුක්‍ඛමසුඛාය චෙතොවිමුත්තියා සමාපත්තියා’යි යම්සේ ස්‍රොතාපත්ති මාර්‍ගයෙහිදී ප්‍රහීණ වූ සත්කායදෘෂ්ටි ආදීහු තෘතීයමාර්‍ගය වූ අනාගාමී මාර්‍ගයෙහිදී ප්‍රහීණ කරන ලදහයි යම්සේ වදාරණ ලදද, එසේ මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයේ ගුණ කියනු පිණිස මෙහි මෙසේ මේ උපෙක්‍ෂාවේදනාව වදාරණ ලදැයි දතයුතුය. තවද, ප්‍රත්‍යයනාශයෙන් හෝ මෙහි රාගද්වේෂයන්ගේ ඉතා දුරබව දක්වන්නටද මෙය වදාරණ ලදැයිද දතයයුතුය. මේ අතුරෙහි සුඛවේදනාව සොමනස්සවේදනාවට, සොමනස්ස රාගයට, දුඃඛය දොමනස්සයට, දොමනස්සය ද්වෙෂයට ප්‍රත්‍යය වේ. සුඛදුඃඛ නාශයෙන්ද ප්‍රත්‍යය සහිත වූ ඒ රාගද්වෙෂ නසන ලද්දේයි මේ අකුසල් ඉතා දුරවූවා වෙයි.

අදුක‍්ඛමසුඛන‍්ති දුක‍්ඛාභාවෙන අදුක‍්ඛං, සුඛාභාවෙන අසුඛං. එතෙනෙත්‍ථ දුක‍්ඛසුඛපටිපක‍්ඛභූතං තතියවෙදනං දීපෙති, න දුක‍්ඛසුඛාභාවමත‍්තං. තතියවෙදනා නාම – අදුක‍්ඛමසුඛා, උපෙක‍්ඛාතිපි වුච‍්චති. සා ඉට‍්ඨානිට‍්ඨවිපරීතානුභවනලක‍්ඛණා, මජ‍්ඣත‍්තරසා, අවිභූතපච‍්චුපට‍්ඨානා, සුඛනිරොධපදට‍්ඨානාති වෙදිතබ‍්බා. උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධින‍්ති උපෙක‍්ඛාය ජනිතසතිපාරිසුද‍්ධිං. ඉමස‍්මිඤ‍්හි ඣානෙ සුපරිසුද‍්ධා සති. යා ච තස‍්සා සතියා පාරිසුද‍්ධි, සා උපෙක‍්ඛාය කතා න අඤ‍්ඤෙන; තස‍්මා එතං උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධින‍්ති වුච‍්චති. විභඞ‍්ගෙපි වුත‍්තං – “අයං සති ඉමාය උපෙක‍්ඛාය විසදා හොති පරිසුද‍්ධා පරියොදාතා, තෙන වුච‍්චති – ‘උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි’”න‍්ති (විභ· 597). යාය ච උපෙක‍්ඛාය එත්‍ථ සතියා පාරිසුද‍්ධි හොති, සා අත්‍ථතො තත්‍රමජ‍්ඣත‍්තතා වෙදිතබ‍්බා. න කෙවලඤ‍්චෙත්‍ථ තාය සතියෙව පරිසුද‍්ධා, අපිච ඛො සබ‍්බෙපි සම‍්පයුත‍්තධම‍්මා; සතිසීසෙන පන දෙසනා වුත‍්තා.

‘අදුක්‍ඛමසුඛං’ දූඃඛාභාවයෙන් අදුක්‍ඛ වූ සුඛාභාවයෙන් අසුඛ වූ මෙහි මෙයින් සුඛදුඃඛයන්ට ප්‍රතිපක්‍ෂ වූ තෘතීය වේදනාව දක්වාලයි. දුඃඛසුඛයන්ගේ අභාවමාත්‍රය නොදක්වයි. තෘතීයවේදනා නම් අදුක්‍ඛමසුඛවෙදනාය. උපෙක්‍ෂායිද කියනු ලැබේ. ඉෂ්ටානිෂ්ට දෙකට විපරීත වූ මධ්‍යස්ථාලම්බනය විඳගැනීම ලක්‍ෂණකොට සිටියේය. මද්ධ්‍යස්ථභාවය කෘත්‍යයකොට ඇත්තේය. සුඛදුඃඛ දෙකෙහි අප්‍රකට පැවැත්ම වැටහීම්කොට ඇත්තේය. සුඛනිරොධ වූ චතුර්‍ත්‍ථද්ධ්‍යානොපචාරය ආසන්න කාරණයකොට ඇත්තේයයි දතයුතුය. ‘උපෙක්‍ඛාසතිපාරිසුද්ධිං’ උපෙක්‍ෂාවෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති මේ ධ්‍යානයෙහි වනාහි සිහිය ඉතා පිරිසිදුය. ඒ සිහිය පිළිබඳ යම් පාරිශුද්ධියක්වේද, ඕ උපෙක්‍ෂාවෙන් කරන ලද්දීය. අනෙකෙකින් නොකරන ලද්දීය. එහෙයින් මේ ධ්‍යානය උපෙක්‍ෂාස්මෘති පාරිශුද්ධිය කියනු ලැබේ. ‘අයං සති ඉමාය උපෙක්‍ඛාය විසදා හොති පරිසුද්ධා පරියොදාතා තෙන වුච්චති උපෙක්‍ඛා සති පාරිසුද්ධි’ය විභඞ්ගයෙහිදු වදාරණ ලදී. යම් උපෙක්‍ෂාවකින් මේ ධ්‍යානයෙහි සිහිය පිළිබඳ පාරිශුද්ධියක් වේද ඕ තොමෝ අර්‍ත්‍ථ වශයෙන් තත්‍රමජ්ඣතත්තායි දතයයුතුය. හුදෙක් මේ ධ්‍යානයෙහි ඒ තත්‍රමජ්ඣතත්තාවෙන් සිහිය පමණක්ම පිරිසිදුවන්නී නොවේ. තවද, සියලු සම්ප්‍රයුක්ත ධර්‍මයෝම පිරිසිදුවෙත්. එහෙත් ස්මෘති ශීර්‍ෂයෙන් දේශනාව දක්වන ලද්දේය.

තත්‍ථ කිඤ‍්චාපි අයං උපෙක‍්ඛා හෙට‍්ඨාපි තීසු ඣානෙසු විජ‍්ජති, යථා පන දිවා සූරියප‍්පභාභිභවා සොම‍්මභාවෙන ච අත‍්තනො උපකාරකත‍්තෙන වා සභාගාය රත‍්තියා අලාභා දිවා විජ‍්ජමානාපි චන්‍දලෙඛා අපරිසුද‍්ධා හොති අපරියොදාතා; එවමයම‍්පි තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාචන්‍දලෙඛා විතක‍්කවිචාරාදිපච‍්චනීකධම‍්මතෙජාභිභවා සභාගාය ච උපෙක‍්ඛාවෙදනාරත‍්තියා අලාභා විජ‍්ජමානාපි පඨමාදිජ‍්ඣානභෙදෙසු අපරිසුද‍්ධා හොති. තස‍්සා ච අපරිසුද‍්ධාය දිවා අපරිසුද‍්ධචන්‍දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො අපරිසුද‍්ධාව හොන‍්ති; තස‍්මා තෙසු එකම‍්පි “උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි”න‍්ති න වුත‍්තං. ඉධ පන විතක‍්කාදිපච‍්චනීකධම‍්මතෙජාභිභවාභාවා සභාගාය ච උපෙක‍්ඛාවෙදනාරත‍්තියා පටිලාභා අයං තත්‍රමජ‍්ඣත‍්තුපෙක‍්ඛාචන්‍දලෙඛා අතිවිය පරිසුද‍්ධා, තස‍්සා පරිසුද‍්ධත‍්තා පරිසුද‍්ධචන්‍දලෙඛාය පභා විය සහජාතාපි සතිආදයො පරිසුද‍්ධා හොන‍්ති පරියොදාතා, තස‍්මා ඉදමෙව උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධින‍්ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

තවද, එහි මේ උපෙක්‍ෂා තොමෝ යට කියූ ධ්‍යානත්‍රයයෙහිද පවත්නීය. දහවල හිරු රැසින් මැඩුනු බැවින්ද සෞම්‍යභාවයෙන්ද තමන්ට උපකාරභාවයෙන් හෝ සභාග වූ රාත්‍රිය නොලැබීමෙන්ද දහවල විද්‍යාමාන වූද චන්‍ද්‍රරේඛාව යම්සේ අපිරිසිදුවන්නීද නිර්‍මල නොවන්නීද, එසේ මේ තත්‍රමද්ධ්‍යත්‍වොපෙක්‍ෂා චන්‍ද්‍රරේඛාව විතර්‍කාදී විරුද්ධ ධර්‍මතෙජසින් මැඩුනු බැවින්ද සභාග වූ උපෙක්‍ෂාවේදනා රාත්‍රිය නොලැබීමෙන්ද ප්‍රථමාදිද්ධ්‍යාන භෙදයෙහි විද්‍යාමාන වූවාද අපිරිසිදු වන්නීය. එය අපිරිසිදු කල්හි දහවල අපිරිසිදුවූ චන්‍ද්‍රරේඛාවගේ ප්‍රභාව මෙන් සහජාතවූද ස්මෘති ආදීහු අපිරිසිදුම වෙති. එහෙයින් ඒ ප්‍රථමද්ධ්‍යානාදීන් අතරෙහි එක් ධ්‍යානයකුත් ‘උපෙක්‍ඛා සතිපාරිසුද්ධි’යි නොවදාරණ ලද්දේය. මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයෙහි වනාහි විතර්‍කාදි විරුද්ධ ධර්‍මයන්ගේ තේජසින් නොමැඩුනු බැවින්ද සභාගවූද උපේක්‍ෂාවේදනා නැමති රාත්‍රිය ලැබීමෙන් මේ තත්‍රමද්ධ්‍යත්‍වොපෙක්‍ෂා නැමැති චන්‍ද්‍රරේඛා තොමෝ වැඩියක් පිරිසිදු වන්නීය. ඒ තත්‍රමද්ධ්‍යත්‍වොපෙක්‍ෂාව පිරිසිදු බැවින් පිරිසිදු වූ චන්‍ද්‍ර රේඛාවෙහි ප්‍රභාවය මෙන් සහජාත වූද ස්මෘති ආදීහු පිරිසිදුවෙත්. නිර්‍මලවෙත්. එහෙයින් මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානයම ‘උපෙක්‍ඛාසතිපාරිසුද්ධි’යි වදාරණ ලදැයි දතයුතුය.

චතුත්‍ථන‍්ති ගණනානුපුබ‍්බතො චතුත්‍ථං. ඉදං චතුත්‍ථං සමාපජ‍්ජතීතිපි චතුත්‍ථං. ඣානන‍්ති එත්‍ථ යථා තතියං උපෙක‍්ඛාදීහි පඤ‍්චඞ‍්ගිකං; එවමිදං උපෙක‍්ඛාදීහි තිවඞ‍්ගිකං. යථාහ – “ඣානන‍්ති උපෙක‍්ඛා, සති චිත‍්තස‍්සෙකග‍්ගතා”ති. පරියායො එව චෙසො. ඨපෙත්‍වා පන සතිං උපෙක‍්ඛෙකග‍්ගතමෙව ගහෙත්‍වා නිප‍්පරියායෙන දුවඞ‍්ගිකමෙවෙතං හොති. යථාහ – “කතමං තස‍්මිං සමයෙ දුවඞ‍්ගිකං ඣානං හොති? උපෙක‍්ඛා, චිත‍්තස‍්සෙකග‍්ගතා”ති (ධ· ස· 165). සෙසං වුත‍්තනයමෙවාති.

‘චතුත්‍ථං’ ගණන් පිළිවෙළින් සිවුවැනි වේ. මේ ධ්‍යානයට සිවුවනුව සමවදීනුයිද සිවුවැනි වේ. ‘ඣානං’ යන මෙහි යම්සේ තෘතීයද්ධ්‍යානය උපෙක්‍ෂාදියෙන් පස් අඟක් ඇත්තේවේද, එසේ මේ චතුර්‍ත්‍ථද්ධ්‍යානය උපෙක්‍ෂාදියෙන් අංග තුනක් ඇත්තේ වේ. ‘ඣානන්ති උපෙක්‍ඛා සති චිත්තස්ස එකග්ගතා’යි එය මෙසේ වදාළ සේක. මේ එහි ක්‍රමය වේ. සිහිය හැර උපෙක්‍ෂා වේදනාවම ගෙන නිෂ්පර්‍ය්‍යායෙන් මේ ධ්‍යානය අංග දෙකක් ඇත්තේම වේ. ‘කතමං තස්මිං සමයෙ දුවඞ්ගිකං ඣානං හොති, උපෙක්‍ඛා චිත්තස්සෙ කග්ගතා’යි එය මෙසේ වදාළ සේක. සෙස්ස කියූනය ඇත්තේමය.

චතුත්‍ථජ‍්ඣානකථා නිට‍්ඨිතා.

චතුර්‍ත්‍ථද්ධ්‍යානකථා නිමි.