පඨමජ්ඣානකථා අට්ඨකථා
පඨමජ්ඣානකථා
පඨමජ්ඣානකථා
ඉදානි ඉමාය පටිපදාය අධිගතං පඨමජ්ඣානං ආදිං කත්වා විජ්ජත්තයපරියොසානං විසෙසං දස්සෙන්තො “සො ඛො අහ”න්ති ආදිමාහ. තත්ථ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහීතිආදීනං කිඤ්චාපි “තත්ථ කතමෙ කාමා? ඡන්දො කාමො, රාගො කාමො, ඡන්දරාගො කාමො; සඞ්කප්පො කාමො, රාගො කාමො, සඞ්කප්පරාගො කාමො – ඉමෙ වුච්චන්ති කාමා. තත්ථ කතමෙ අකුසලා ධම්මා? කාමච්ඡන්දො…පෙ… විචිකිච්ඡා – ඉමෙ වුච්චන්ති අකුසලා ධම්මා. ඉති ඉමෙහි ච කාමෙහි ඉමෙහි ච අකුසලෙහි ධම්මෙහි විවිත්තො හොති පවිවිත්තො, තෙන වුච්චති – ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී’”තිආදිනා (විභ· 564) නයෙන විභඞ්ගෙයෙව අත්ථො වුත්තො. තථාපි අට්ඨකථානයං විනා න සුට්ඨු පාකටොති අට්ඨකථානයෙනෙව නං පකාසයිස්සාම.
දැන් මේ ප්‍රතිපදාවෙන් ලැබූ ප්‍රථමද්ධ්‍යානය මුල්කොට විද්‍යාත්‍රය කෙළවරකොට ඇති විශේෂය දක්වනසේක් ‘සො ඛො අහං’ යනාදිය වදාළසේක. එහි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යනාදීන්ගේ අර්ත්ථ මෙසේ දතයුතුය. තවද එහි ‘කාම කවරේදයත්: ඡන්දය, කාමය, රාගය කාමය, ඡන්ද රාගය කාමය, සඞ්කප්පය කාමය, රාගය කාමය, සඞ්කප්ප රාගය කාමය’යි යන මේ කෙලස් කාම නම් වේ. එහි ‘අකුශලධර්ම කවරේද යත් කාමච්ඡන්දය -පෙ- විචිකිච්ඡාය’ යන මොවුහු අකුශල ධර්මයෝ’යි කියනු ලැබෙත්. මෙසේ මේ කාමයන්ගෙන්ද මේ අකුශල ධර්මයන්ගෙන්ද වෙන්වූයේ අතිශයින් වෙන්වූයේ වේද එහෙයින් ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යනු කියනු ලැබේ. මේ ආදි ක්‍රමයෙන් විභඞ්ගයෙහිම අර්ත්ථය වදාරණ ලද්දේය. එසේවුවද අර්ත්ථකථානය හැර මෙහි අර්ත්ථය මැනවින් ප්‍රකට නොවේ. එහෙයින් අර්ත්ථකථානයින්ම එය ප්‍රකාශ කරන්නෙමු.
සෙය්යථිදං – විවිච්චෙව කාමෙහීති කාමෙහි විවිච්චිත්වා විනා හුත්වා අපසක්කෙත්වා. යො පනායමෙත්ථ එවකාරො, සො නියමත්ථොති වෙදිතබ්බො. යස්මා ච නියමත්ථො, තස්මා තස්මිං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරණසමයෙ අවිජ්ජමානානම්පි කාමානං තස්ස පඨමජ්ඣානස්ස පටිපක්ඛභාවං කාමපරිච්චාගෙනෙව චස්ස අධිගමං දීපෙති. කථං? “විවිච්චෙව කාමෙහී”ති එවඤ්හි නියමෙ කරියමානෙ ඉදං පඤ්ඤායති. නූනිමස්ස ඣානස්ස කාමා පටිපක්ඛභූතා, යෙසු සති ඉදං න පවත්තති, අන්ධකාරෙ සති පදීපො විය, තෙසං පරිච්චාගෙනෙව චස්ස අධිගමො හොති, ඔරිමතීරපරිච්චාගෙන පාරිමතීරස්සෙව, තස්මා නියමං කරොතීති.
කෙසේදයත්: ‘විවිච්චෙව කාමෙහි’ කාමයන්ගෙන් වෙන්ව කාමයන් හැර පහකිරීම් වශයෙන් බැහැරකොට මෙහි යම් ඒ එවකාරයෙක් යෙදී සිටියේද ඒ එවකාරය නියමාර්ත්ථ ඇත්තේ යයි දතයුතුය. යම් හෙයකින් ඒ එවකාරය නියමාර්ත්ථ ඇත්තේද එහෙයින් ප්‍රථමද්ධ්‍යානයට පැමිණ වසන ඒ කාලයෙහි අවිද්යාමානවූද කාමච්ඡන්දා දී නීවරණ ධර්මයන්ගේ ඒ ප්‍රථමද්ධ්‍යානයට පටහැනි බවද කාමයන්ගේ ප්රහාණයෙන්ම මේ ප්රථමද්ධ්යානයේ අධිගමයද දක්වාලන්නේය. කෙසේදයත්: ‘විවිච්චෙව කාමෙහි’යි මෙසේ නියම කරනු ලබන කල්හි ‘ඒකාන්තයෙන් මේ ධ්‍යානයට කාමයෝ ප්රතිපක්ෂයහ. යම් යම් කාමයන් පවත්නා කල්හි අන්ධකාරය ඇතිකල්හි ප්‍රදීපය මෙන් මේ ධ්‍යානය නොපවතීද ගඟක මෙතෙර හැරීමෙන් එතෙරට පැමිණෙන්නා සේ ඔවුන්ගේ දුරුකිරීමෙන්ම මේ ධ්‍යානයාගේ අධිගමයවේද එහෙයින් නියම කෙරේයයි දතයුතුය.
තත්ථ සියා – “කස්මා පනෙස පුබ්බපදෙයෙව වුත්තො න උත්තරපදෙ, කිං අකුසලෙහි ධම්මෙහි අවිවිච්චාපි ඣානං උපසම්පජ්ජ විහරෙය්යා”ති? න ඛො පනෙතං එවං දට්ඨබ්බං. තන්නිස්සරණතො හි පුබ්බපදෙඑව එස වුත්තො. කාමධාතුසමතික්කමනතො හි කාමරාගපටිපක්ඛතො ච ඉදං ඣානං කාමානමෙව නිස්සරණං. යථාහ – “කාමානමෙතං නිස්සරණං, යදිදං නෙක්ඛම්ම”න්ති (ඉතිවු· 72). උත්තරපදෙපි පන යථා “ඉධෙව, භික්ඛවෙ, පඨමො සමණො, ඉධ දුතියො සමණො”ති (ම· නි· 1.139) එත්ථ එවකාරො ආනෙත්වා වුච්චති, එවං වත්තබ්බො. න හි සක්කා ඉතො අඤ්ඤෙහිපි නීවරණසඞ්ඛාතෙහි අකුසලෙහි ධම්මෙහි අවිවිච්ච ඣානං උපසම්පජ්ජ විහරිතුං . තස්මා “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහී”ති එවං පදද්වයෙපි එස දට්ඨබ්බො. පදද්වයෙපි ච කිඤ්චාපි “විවිච්චා”ති ඉමිනා සාධාරණවචනෙන තදඞ්ගවිවෙකාදයො කායවිවෙකාදයො ච සබ්බෙපි විවෙකා සඞ්ගහං ගච්ඡන්ති. තථාපි කායවිවෙකො, චිත්තවිවෙකො, වික්ඛම්භනවිවෙකොති තයො එව ඉධ දට්ඨබ්බා. “කාමෙහී”ති ඉමිනා පන පදෙන යෙ ච නිද්දෙසෙ “කතමෙ වත්ථුකාමා මනාපියා රූපා”තිආදිනා (මහානි· 1; විභ· 964) නයෙන වත්ථුකාමා වුත්තා, යෙ ච තත්ථෙව විභඞ්ගෙ ච “ඡන්දො කාමො”තිආදිනා (මහානි· 1) නයෙන කිලෙසකාමා වුත්තා, තෙ සබ්බෙපි සඞ්ගහිතා ඉච්චෙව දට්ඨබ්බා. එවඤ්හි සති “විවිච්චෙව කාමෙහී”ති වත්ථුකාමෙහිපි විවිච්චෙවාති අත්ථො යුජ්ජති. තෙන කායවිවෙකො වුත්තො හොති.
එහි මෙසේ වන්නේය: කුමක්හෙයින් මේ එවකාරය උත්තර පදයෙහි නොයොදා පූර්වපදයෙහිම කියන ලද්දේද? අකුශල ධර්මයන්ගෙන් නොවෙන්ව ධ්‍යානයට පැමිණ ධ්‍යානය උපදවා කිම වාසය කරන්නේද? අවධාරණාර්ත්ථයෙහි වූ මේ එවකාරය පූර්ව පදයෙහිම යෙදෙන්නේ යයි මෙසේ නොදතයුතුය. මේ ධ්‍යානය කාමයන්ගේ නිශ්ශරණ බැවින්ම පූර්වපදයෙහිමලා මෙය වදාරණ ලද්දේය. කාමභවය ඉක්මවන බැවින්ද කාමරාගයට ප්රතිපක්ෂ බැවින්ද මේ ධ්‍යානය කාමරාගයන්ගේම නිශ්ශරණයයි, ‘කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං’යි එය මෙසේ වදාළ සේක. යම් සේවනාහි ‘ඉධෙව භික්ඛවෙ සමණො, ඉධ දුතියො සමණො’ යන මෙහි එවකාරය උත්තර පදයෙහිදු එළවා කියනු ලැබේද, මෙහිද එවකාරය එළවා කියනු ලැබේයි මෙසේ කියයුතුය. මෙයින් කාමච්ඡන්දයෙන් අන්‍ය වූ නීවරණසඞ්ඛ්යාත අකුශල ධර්මයන්ගෙන්ද නොවෙන්ව ධ්‍යානයට පැමිණ වසන්නට නොහැක්කේද, එහෙයින් ‘විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි’යි මෙසේ දෙපදයෙහිම මේ එවකාරය දතයුතුය. දෙපදයෙහිද ‘විවිච්ච’ යන මේ සාධාරණ වචනයෙන් තදඞ්ග, වික්ඛම්භණ, සමුච්ඡෙද, නිස්සරණ, පටිප්පස්සද්ධි විවෙකයෝද කාය, චිත්ත, උපධි විවෙකයෝද යන සියලුම විවේකයෝ සඞ්ග්‍රහයට යන්නාහ. එසේ වුවද කාය විවේකයද චිත්ත විවේකයද වික්ඛම්භණ විවේකයද යන මේ විවේක තුනම මේ ධ්‍යාන කථාවෙහි දතයුතුය. ‘කාමෙහි’ යන මේ පදයෙන් වනාහි මහා නිර්‍දෙශයෙහි ‘කතමෙ වත්ථුකාම, මනාපියාරූපා’යි මේ ආදි ක්‍රමයෙන් යම් වස්තුකාම කෙනෙක් කියන ලද්දාහුද එහිම ධ්‍යාන විභඞ්ගයෙහිද ‘ඡන්දො කාමො’යි මේ ආදික්‍රමයෙන් යම් ක්ලේශකාම කෙනෙක් කියන ලද්දාහුද ඒ සියලු කාමයෝම සඞ්ග්‍රහය කරන ලද්දාහුමැයි දතයුතුය. මෙසේ ද්වීවිධ කාමයන්ගේ සංග්‍රහය ඇති කල්හි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙයින් වස්තු කාමයන්ගෙන්ද වෙන්වම යන අර්ත්ථය යෙදෙන්නේය. ඒ වස්තුකාම විවේකයෙන් කායවිවේකය කියන ලද්දේය.
විවිච්ච අකුසලෙහි ධම්මෙහීති කිලෙසකාමෙහි සබ්බාකුසලෙහි ධම්මෙහි වා විවිච්චාති අත්ථො යුජ්ජති. තෙන චිත්තවිවෙකො වුත්තො හොති. පුරිමෙන චෙත්ථ වත්ථුකාමෙහි විවෙකවචනතොයෙව කාමසුඛපරිච්චාගො, දුතියෙන කිලෙසකාමෙහි විවෙකවචනතො නෙක්ඛම්මසුඛපරිග්ගහො විභාවිතො හොති. එවං වත්ථුකාමකිලෙසකාමවිවෙකවචනතොයෙව ච එතෙසං පඨමෙන සංකිලෙසවත්ථුප්පහානං, දුතියෙන සංකිලෙසප්පහානං; පඨමෙන ලොලභාවස්ස හෙතුපරිච්චාගො, දුතියෙන බාලභාවස්ස; පඨමෙන ච පයොගසුද්ධි, දුතියෙන ආසයපොසනං විභාවිතං හොතීති විඤ්ඤාතබ්බං. එස තාව නයො “කාමෙහී”ති එත්ථ වුත්තකාමෙසු වත්ථුකාමපක්ඛෙ.
‘විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ ක්ලේශ කාමයන් කෙරෙන් හෝ සියලු අකුශල ධර්මයන් කෙරෙන් වෙන්ව යන අර්ත්ථය යෙදෙන්නේය. එයින් චිත්ත විවේකය කියන ලද්දේ වේ. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන දෙකොටසෙහි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙහි මුල්කොටසින් ගැනෙන කායවිවේකයෙන් වස්තුකාම විවේකය කියූබැවින්ම කාමසුඛ පරිත්‍යාගයද ‘විවිච්ව අකුසලෙහි ධම්මෙහි’ යන දෙවන කොටසින් ගැනෙන චිත්තවිවෙකයෙන් ක්ලේශ කාමයන්ගෙන් විවෙකය කියූබැවින් නෛෂ්ක්‍රම්‍ය සුඛ පරිග්‍රහයද ප්‍රකාශ කරන ලද්දේ වේ. මෙසේ වස්තුකාම ක්ලේශකාම විවෙක වචනයෙන්ම මේ දෙකොටස අතුරෙහි මුල්කොටසින් තෘෂ්ණාදි සඞ්ක්ලෙශ වස්තූන්ගේ ප්‍රහාණයද දෙවන කොටසින් සඞ්ක්ලෙශයන්ගේ ප්‍රහාණයද මුල්කොටසින් ලොලභාවය ඉපදීමට හේතුවූ වස්තු කාමයන්ගේ පරිත්‍යාගයද දෙවන කොටසින් අවිද්‍යා සඞ්ඛ්‍යාත බාලභාවයේ පරිත්‍යාගයද මුල්කොටසින් ප්‍රාණවධාදියෙන් වෙන්වීමෙන් ප්‍රයොග ශුද්ධියද දෙවන කොටසින් තෘෂ්ණාදි සඞ්ක්ලෙශයන්ගේ පාරිශුද්ධියෙන් අද්ධ්යාශය පෝෂණයද ප්‍රකාශ කරන ලද්දේ වේ යයි දතයුතුය. ‘කාමෙහි’ යනු විසින් මෙහි කියනලද කාමයන් අතුරෙහි වස්තුකාමපක්ෂයෙහි මේ ක්‍රමය වේ.
කිලෙසකාමපක්ඛෙ පන ඡන්දොති ච රාගොති ච එවමාදීහි අනෙකභෙදො කාමච්ඡන්දොයෙව කාමොති අධිප්පෙතො. සො ච අකුසලපරියාපන්නොපි සමානො, “තත්ථ කතමො කාමඡන්දො කාමො”තිආදිනා නයෙන විභඞ්ගෙ ඣානපටිපක්ඛතො විසුං වුත්තො. කිලෙසකාමත්තා වා පුරිමපදෙ වුත්තො, අකුසලපරියාපන්නත්තා දුතියපදෙ. අනෙකභෙදතො චස්ස කාමතොති අවත්වා කාමෙහීති වුත්තං. අඤ්ඤෙසම්පි ච ධම්මානං අකුසලභාවෙ විජ්ජමානෙ “තත්ථ කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්දො”තිආදිනා නයෙන විභඞ්ගෙ (විභ· 564) උපරිඣානඞ්ගපච්චනීකපටිපක්ඛභාවදස්සනතො නීවරණානෙව වුත්තානි. නීවරණානි හි ඣානඞ්ගපච්චනීකානි, තෙසං ඣානඞ්ගානෙව පටිපක්ඛානි, විද්ධංසකානීති වුත්තං හොති. තථා හි “සමාධි කාමච්ඡන්දස්ස පටිපක්ඛො, පීති බ්යාපාදස්ස, විතක්කො ථිනමිද්ධස්ස, සුඛං උද්ධච්චකුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡායා”ති පෙටකෙ වුත්තං.
ක්ලෙශකාම පක්ෂයෙහි වනාහි ‘ඡන්ද’යිද ‘රාග’යිදැයි යන මේ ආදියෙන් නොයෙක් භේද ඇති කාමච්ඡන්දයම කාමයි අදහස් කරන ලද්දේය. ඒ කාමච්ඡන්දය ද අකුශලයන්හි ඇතුළත්වූයේද ‘තත්ථ කතමො කාමච්ඡන්දො’ යන ප්‍රශ්නයෙහිලා ‘කාමො’යි මේ ආදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍රතිපක්‍ෂභාවයෙන් වෙන්ව කියන ලද්දේ වේ. ක්ලෙශකාම බැවින් හෝ පූර්ව පදයෙහිද අකුශලයන් කෙරෙහි ඇතුළත් බැවින් දෙවන පදයෙහිද කියන ලද්දේය. ඒ කාමය, තමා නොයෙක් භේද හෙයින් ‘කාමතො’යි නොවදාරා ‘කාමෙහි’යි වදාරන ලද්දේය. දිට්ඨමානාදී වූ අන්යධර්මයන්ගේ හා තත්සමප්රයුක්ත ස්පර්ශාදීන්ගේද අකුශලභාවය ඇතිකල්හිදු ‘තත්ථ කතමෙ අකුසලා ධම්මා’යි ප්‍රශ්න නගා කාමච්ඡන්දො යනාදි ක්‍රමයෙන් විභඞ්ගයෙහි මතු ධ්යානාඞ්ගයන්ට විරුද්ධ වූ නීවරණයන්ගේ ප්‍රත්‍යනීක ප්රතිපක්ෂභාවය දැක්වීමෙන් නීවරණයක්ම වදාරන ලද්දේය. නීවරණ වනාහි ධ්යනාඞ්ගයන්ට විරුද්ධ වෙති. ධ්යානාඞ්ගයෝම ඒ නීවරණයන්ට විරුද්ධ වෙති. නීවරණයක්ම විද්ධවංසනය කරනු ලබන්නේය. ඝාතනය කරනු ලැබේ යයි කියන ලද්දේ වේ. ‘සමාධිය කාමච්ඡන්දයට ප්රතිපක්ෂය. ප්‍රීතිය ව්‍යාපාදයට, විර්තකය ථිනමිද්ධයට, සුඛය උද්ධච්චකුක්කුච්චයට, විචාරය විවිකිච්ඡාවට ප්රතිපක්ෂය’යි පෙටකයෙහි යම්සේ කියන ලද්දේද -
එවමෙත්ථ “විවිච්චෙව කාමෙහී”ති ඉමිනා කාමච්ඡන්දස්ස වික්ඛම්භනවිවෙකො වුත්තො හොති. “විවිච්ච අකුසලෙහි ධම්මෙහී”ති ඉමිනා පඤ්චන්නම්පි නීවරණානං. අග්ගහිතග්ගහණෙන පන පඨමෙන කාමච්ඡන්දස්ස, දුතියෙන සෙසනීවරණානං. තථා පඨමෙන තීසු අකුසලමූලෙසු පඤ්චකාමගුණභෙදවිසයස්ස ලොභස්ස, දුතියෙන ආඝාතවත්ථුභෙදාදිවිසයානං දොසමොහානං. ඔඝාදීසු වා ධම්මෙසු පඨමෙන කාමොඝ-කාමයොග-කාමාසව-කාමුපාදාන-අභිජ්ඣාකායගන්ථ-කාමරාග-සංයොජනානං, දුතියෙන අවසෙසඔඝ-යොගාසව-උපාදාන-ගන්ථ-සංයොජනානං. පඨමෙන ච තණ්හාය තංසම්පයුත්තකානඤ්ච, දුතියෙන අවිජ්ජාය තංසම්පයුත්තකානඤ්ච. අපිච පඨමෙන ලොභසම්පයුත්තඅට්ඨචිත්තුප්පාදානං, දුතියෙන සෙසානං චතුන්නං අකුසලචිත්තුප්පාදානං වික්ඛම්භනවිවෙකො වුත්තො හොතීති වෙදිතබ්බො. අයං තාව “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහී”ති එත්ථ අත්ථප්පකාසනා.
එපරිද්දෙන් මෙහි ‘විවිච්චෙව කාමෙහි’ යන මෙයින් කාමච්ඡන්දයේ විෂ්කම්භණ විවෙකය වදාරණ ලද්දේය. ‘විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ මෙයින් පඤ්ච නීවරණයන්ගේම විෂ්කම්භණ විවෙකයත් වදාරණ ලද්දේ වේ. අගහිත ග්රහණයෙන් වනාහි මුල්පදයෙන් කාමච්ඡන්ද නීවරණයාගේද දෙවන පදයෙන් සෙසුනීවරණයන්ගේද එසේ මුල්පදයෙන් තුන්අකුසල් මුල අතුරෙහි පඤ්චකාම ගුණභෙදයට විෂය වූ ලෝභයාගේද දෙවන පදයෙන් ආඝාත වස්තුභෙදාදිය ගොදුරුකොට සිටි ද්වෙෂමොහයන්ගේද කාමොඝාදි ධර්මයන් අතුරෙහි මුල්පදයෙන් කාමොඝ, කාමයෝග, කාමාසව, කාමූපාදාන, අභිජ්ඣාකායගන්ථ, කාමරාග සංයොජනයන්ගේද දෙවන පදයෙන් සෙසු ඔඝ, යොග, ආසව, උපාදාන, ගන්ථ, සංයොජනයන්ගේද මුල්පදයෙන් තෘෂ්ණාවෙන් හා තත්සම්ප්රයුක්තකයන්ගේද දෙවන පදයෙන් අවිද්‍යාවගේ හා තත්සම්ප්රයුක්තකයන්ගේද තවද, මුල්පදයෙන් ලොභසම්ප්‍රයුක්ත අෂ්ට චිත්තොත්පාදයන්ගේ දෙවන පදයෙන් සෙසු චතුර්විධ අකුශලචිත්තොත්පාදයන්ගේද විෂ්කම්භණ විවේකය වදාරණ ලද්දේ වේය’යි දතයුතුය. මේ වනාහි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි’ යන මෙහි අර්ත්ථ ප්රකාශනය වේ.
එත්තාවතා ච පඨමස්ස ඣානස්ස පහානඞ්ගං දස්සෙත්වා ඉදානි සම්පයොගඞ්ගං දස්සෙන්තො සවිතක්කං සවිචාරන්තිආදිමාහ. තත්ථ විතක්කනං විතක්කො, ඌහනන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණෙ චිත්තස්ස අභිනිරොපනලක්ඛණො, ආහනනපරියාහනනරසො. තථා හි “තෙන යොගාවචරො ආරම්මණං විතක්කාහතං විතක්කපරියාහතං කරොතී”ති වුච්චති. ආරම්මණෙ චිත්තස්ස ආනයනපච්චුපට්ඨානො. විචරණං විචාරො, අනුසඤ්චරණන්ති වුත්තං හොති. ස්වායං ආරම්මණානුමජ්ජනලක්ඛණො, තත්ථ සහජාතානුයොජනරසො, චිත්තස්ස අනුප්පබන්ධනපච්චුපට්ඨානො. සන්තෙපි ච නෙසං කත්ථචි අවිප්පයොගෙ ඔළාරිකට්ඨෙන ඝණ්ටාභිඝාතසද්දො විය චෙතසො පඨමාභිනිපාතො විතක්කො, සුඛුමට්ඨෙන අනුරවො විය අනුප්පබන්ධො විචාරො. විප්ඵාරවා චෙත්ථ විතක්කො පරිප්ඵන්දනභාවො චිත්තස්ස, ආකාසෙ උප්පතිතුකාමස්ස පක්ඛිනො පක්ඛවික්ඛෙපො විය පදුමාභිමුඛපාතො විය ච ගන්ධානුබන්ධචෙතසො භමරස්ස. සන්තවුත්ති විචාරො නාතිපරිප්ඵන්දනභාවො චිත්තස්ස, ආකාසෙ උප්පතිතස්ස පක්ඛිනො පක්ඛප්පසාරණං විය පරිබ්භමනං විය ච පදුමාභිමුඛපතිතස්ස භමරස්ස පදුමස්ස උපරිභාගෙ. සො පන නෙසං විසෙසො පඨම-දුතියජ්ඣානෙසු පාකටො හොති. ඉති ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන සහ වත්තති රුක්ඛො විය පුප්ඵෙන ච ඵලෙන චාති ඉදං ඣානං “සවිතක්කං සවිචාර”න්ති වුච්චති. විභඞ්ගෙ පන “ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති සමුපෙතො”තිආදිනා (විභ· 565) නයෙන පුග්ගලාධිට්ඨානා දෙසනා කතා. අත්ථො පන තත්රාපි එවමෙව දට්ඨබ්බො.
මෙපමණකින් ප්රථමද්ධ්යානයාගේ ප්රහාණාඞ්ගයන් දක්වා දැන් සම්ප්රයොගාඞ්ග දක්වන සේක් ‘සවිතක්කං සවිචාරං’ යනාදිය වදාළ සේක. එහි විතැකීම විර්‍තක නමි. අරමුණ පිළිබඳ කල්පනායි කියන ලද්දේ වේ. ඒ මේ විතර්කය සිත අරමුණට නැගීම ලකුණු කොට සිටියේය. අරමුණෙහි ගැටීම හාත්පසින් ගැටීම කෘත්‍යයකොට සිටියේය. ඒ එසේමය. එයින් යෝගාවචරතෙමේ අරමුණ විර්තකයෙන් ගැටුනක් විර්තකයෙන් හාත්පසින් ගැටුනක් කෙරේ යයි කියනු ලැබේ. අරමුණෙහි සිත එළවීම ඵලයකොට සිටියේය. අරමුණෙහි සිත හැසිරවීම විචාර නමි. පුනපුනා හැසිරීමයි කියන ලද්දේ වේ. ඒ මේ විචාරයතෙමේ අරමුණු පිරිමැදීම ලකුණුකොට සිටියේය. සිත සමග උපන් ධර්මයන් ඒ අරමුණෙහි සිතට අනුව යෙදීම කෘත්‍යයකොට සිටියේය. අරමුණෙහි චිත්තචෛතසික ධර්මයන් නොසිඳුනු සේ පැවැත්ම ඵලයකොට සිටියේය. ඒ විර්‍තක විචාර දෙදෙන ප්‍රථමද්ධ්‍යාන සඞ්ඛ්‍යාත වූ ඇතැම් සිතෙක නොවෙන්ව පවත්නා කල්හි විචාරයට වඩා ප්‍රකට අර්ත්ථයෙනුදු විචාරයට පෙරටුව යන අර්ත්ථයෙනුදු ඝණ්ටාවෙහි පළමු පහළ වූ ශබ්දයෙන් සිත පළමුකොට අරමුණෙහි වැටීම විර්තකය නම් වේ. විර්තකයට වඩා සියුම් වූ අර්ත්ථයෙන් ඝණ්ටාවෙහි අනුරාවය මෙන් පිළිවෙළින් බැදී පැවැත්ම විචාරය නම් වේ. මේ විර්‍තක විචාර දෙදෙනා අතුරෙහි විර්තකය තෙමේ අහසට නගිනු කැමති පක්ෂියකුගේ පියාපත් පැහැරීම සේද, සුවඳෙහි බැඳුනු සිතැති බමරකුගේ පියුමට මූණදී වැටීම සේද, ප්රථමොත්පත්ති කාලයෙහි සිත පොපියන්නා සේ පැතිරීම් ඇතියේය. අහසට නැගීගත් පක්ෂිහුගේ පියාපත් දිගහැර නොසොල්වා යෑම සේද, පියුමට මූණදී වැටුනු බමරාගේ පියුම මතුපිට කැරකීම සේද, සිත පිළිබඳ සන්හුන් පැවැත්ම නොතද සැලීම විචාර නම් වේ. විර්‍තක - විචාරයන්ගේ ඒ විශේෂය ප්‍රථම, ද්වීතීයද්ධ්යානයන්හි පැහැදිලි වේ. ප්‍රකට වේ. මල්පල හා එක්ව සිටියාවූ රුකක් මෙන් මේ විර්තකයහාද, මේ විචාරයහාද එක්ව පවත්නා මේ ප්‍රථමද්ධ්‍යානය සවිතක්ක සවිචාරයි කියනු ලැබේ. විභඞ්ගයෙහි වනාහි ‘ඉමිනා ච විතක්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති සමූපෙතො’ යනාදී ක්‍රමයෙන් ධ්‍යාන භාවනාව පුද්ගලයෙකු විසින් කටයුතුය යන අර්ත්ථ වශයෙන් දේශනා කටයුතු බැවින් ඒ ධ්‍යානයට ආධාර වූ පුද්ගලයා ගෙන දේශනා කරන ලද්දේය. එහිද පරමාර්‍ත්‍ථ වශයෙන් පුද්ගලයෙකු නැති බැවින් මෙපරිද්දෙන්ම ධර්‍මාධිෂ්ඨාන වශයෙන්ම අර්ත්ථ දතයුතුය.
විවෙකජන්ති එත්ථ විවිත්ති විවෙකො, නීවරණවිගමොති අත්ථො. විවිත්තොති වා විවෙකො, නීවරණවිවිත්තො ඣානසම්පයුත්තධම්මරාසීති අත්ථො. තස්මා විවෙකා, තස්මිං වා විවෙකෙ ජාතන්ති විවෙකජං. පීතිසුඛන්ති එත්ථ පිනයතීති පීති, සා සම්පියායනලක්ඛණා කායචිත්තපීනනරසා , ඵරණරසා වා, ඔදග්යපච්චුපට්ඨානා. සුඛනං සුඛං, සුට්ඨු වා ඛාදති ඛනති ච කායචිත්තාබාධන්ති සුඛං, තං සාතලක්ඛණං, සම්පයුත්තකානං උපබ්රූහනරසං, අනුග්ගහපච්චුපට්ඨානං. සතිපි ච නෙසං කත්ථචි අවිප්පයොගෙ ඉට්ඨාරම්මණපටිලාභතුට්ඨි පීති, පටිලද්ධරසානුභවනං සුඛං. යත්ථ පීති තත්ථ සුඛං, යත්ථ සුඛං තත්ථ න නියමතො පීති. සඞ්ඛාරක්ඛන්ධසඞ්ගහිතා පීති, වෙදනාක්ඛන්ධසඞ්ගහිතං සුඛං. කන්තාරඛින්නස්ස වනන්තොදකදස්සනසවනෙසු විය පීති, වනච්ඡායප්පවෙසනඋදකපරිභොගෙසු විය සුඛං. තස්මිං තස්මිං සමයෙ පාකටභාවතො චෙතං වුත්තන්ති වෙදිතබ්බං. අයඤ්ච පීති, ඉදඤ්ච සුඛං, අස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති ඉදං ඣානං “පීතිසුඛ”න්ති වුච්චති.
‘විවෙකජං’ යන මෙහි වෙන්වීම විවෙක නම් වේ. නීවරණයන්ගේ පහවීම යනු අර්‍ත්‍ථයි. පහවූයේනුයි හෝ විවෙක නමි. නීවරණ පහවූ ධ්‍යානය හා යෙදීගත් ධර්ම රාශිය යනු අර්‍ත්‍ථයි. නීවරණයන්ගේ පහවීමයි කියූ විවෙකය හේතුකොට හෝ නීවරණයන්ගෙන් පහවූ ධර්ම රාශියයි කියූ ඒ විවෙකයෙහි උපන්නේනුයි විවෙකජ නම් වේ. ‘පීතිසුඛං’ යන මෙහි කය හා සිත පිණවානුයි පීති නමු. ඒ ප්‍රීතිය මැනැවින් පිණවීම ලකුණුකොට සිටියේය. කය හා සිත පිණවීම කෘත්‍යයකොට සිටියාය. පැතිරීම හෝ මෙහි කෘත්‍යය වේ. ඔදවැඩිබව ඵලයකොට සිටියාය. සුඛකරනය සුඛ නම්. කය හා සිත පිළිබඳ පෙළීම කානුයි හෝ කණීනුයිද සුඛ නම් වේ. එය රසවිඳීම ලකුණු කොට සිටියේය. සම්ප්‍රයුක්ත ධර්මයන් වැඩීම කෘත්‍යයකොට සිටියේය. සම්ප්‍රයුක්ත ධර්මයන්ට අනුග්‍රහ කිරීම ඵලයකොට සිටියේය. කිසිතැනක ඒ ප්‍රීති සුඛයෙන් නොවෙන්වූ යෙදීමක් ඇති කල්හි ඉෂ්ටාලම්බනයන්ගේ පිළිලැබීමෙන් උපදින තුෂ්ටිය ප්‍රීති නමු. පිළිලැබූ අරමුණු රසවිඳීම සුඛ නමි. යම් සිතෙක ප්රීතියවේද ඒ සිතෙහි සුඛයද වේ. යම් සිතෙක සුඛය වේද ඒ සිතෙහි නියමයෙන් ප්‍රීතිය නොවේ. ප්‍රීතිය සංස්කාරස්කන්ධයෙහි සඞ්ග්‍රහ කරන ලදුය. සුඛය වෙදනාස්කන්ධයෙහි සඞ්ග්‍රහ කරන ලදය. කාන්තාර මාර්ගයක යන පිපාසාවෙන් මැඩුනක්හටවන දියදැකීම් ඇසීම්හි මෙන් ප්‍රීතියද වනසෙවනට පිවිසීම් දියබීම්හි මෙන් සුඛයද වේ. ඒ ඒ කාලයෙහි ප්‍රීතිය හා සුඛය ප්‍රකටවන බැවින් මෙය කියන ලදැයි දතයුතුය. මේ ප්‍රීතියද මේ සුඛයද මේ ධ්‍යානයට හෝ මේ ධ්‍යානයෙහි ඇත්තේ යයි මේ ධ්‍යානය ප්‍රීති සුඛයි කියනු ලැබේ.
අථ වා පීති ච සුඛඤ්ච පීතිසුඛං, ධම්මවිනයාදයො විය. විවෙකජං පීතිසුඛමස්ස ඣානස්ස, අස්මිං වා ඣානෙ අත්ථීති එවම්පි විවෙකජංපීතිසුඛං. යථෙව හි ඣානං, එවං පීතිසුඛං පෙත්ථ විවෙකජමෙව හොති, තඤ්චස්ස අත්ථීති තස්මා එකපදෙනෙව “විවෙකජං පීතිසුඛ”න්තිපි වත්තුං යුජ්ජති. විභඞ්ගෙ පන “ඉදං සුඛං ඉමාය පීතියා සහගත”න්තිආදිනා (විභ· 567) නයෙනෙතං වුත්තං. අත්ථො පන තත්රාපි එවමෙව දට්ඨබ්බො.
නොහොත් ප්‍රීතියද සුඛයද පීතිසුඛ නමි. ධර්මවිනයාදිය මෙනි. විවෙකයෙන් හටගත් ප්‍රීති සුඛය මේ ධ්‍යානයට හෝ මේ ධ්‍යානයෙහි ඇත්තේ යයිද මෙසේත් විවෙකජ පීතිසුඛ නම් වේ. යම්සේ ධ්‍යානය විවෙකජවේද එසේ මෙහි ප්රීතිසුඛයද විවෙකජම වේ. ඒ ප්‍රීති සුඛය මේ ධ්‍යානයට ඇත්තේද එහෙයින් එක් පදයකින්ම ‘විවෙකජං පීතිසුඛං’යි කීම සුදුසු වේ. විභඞ්ගයෙහි වනාහි ‘ඉදං සුඛං ඉමාය පීතියා සහගතං’ යනාදි ක්‍රමයෙන් මෙය වදාරණ ලද්දේය. එහිදු අර්ත්ථය වනාහි මෙපරිද්දෙන්ම දතයුතුය.
පඨමන්ති ගණනානුපුබ්බතා පඨමං, ඉදං පඨමං සමාපජ්ජතීතිපි පඨමං. පච්චනීකධම්මෙ ඣාපෙතීති ඣානං, ඉමිනා යොගිනො ඣායන්තීතිපි ඣානං, පච්චනීකධම්මෙ ඩහන්ති ගොචරං වා චින්තෙන්තීති අත්ථො. සයං වා තං ඣායති උපනිජ්ඣායතීති ඣානං, තෙනෙව උපනිජ්ඣායනලක්ඛණන්ති වුච්චති. තදෙතං ආරම්මණූපනිජ්ඣානං , ලක්ඛණූපනිජ්ඣානන්ති දුවිධං හොති. තත්ථ ආරම්මණූපනිජ්ඣානන්ති සහ උපචාරෙන අට්ඨ සමාපත්තියො වුච්චන්ති. කස්මා? කසිණාදිආරම්මණූපනිජ්ඣායනතො. ලක්ඛණූපනිජ්ඣානන්ති විපස්සනාමග්ගඵලානි වුච්චන්ති. කස්මා? ලක්ඛණූපනිජ්ඣායනතො. එත්ථ හි විපස්සනා අනිච්චලක්ඛණාදීනි උපනිජ්ඣායති, විපස්සනාය උපනිජ්ඣායනකිච්චං පන මග්ගෙන සිජ්ඣතීති මග්ගො ලක්ඛණූපනිජ්ඣානන්ති වුච්චති. ඵලං පන නිරොධස්ස තථලක්ඛණං උපනිජ්ඣායතීති ලක්ඛණූපනිජ්ඣානන්ති වුච්චති. ඉමස්මිං පනත්ථෙ ආරම්මණූපනිජ්ඣානමෙව ඣානන්ති අධිප්පෙතං.
‘පඨමං’ ගණන් පිළිවෙළින් ප්‍රථම වේ. මේ ධ්‍යානයට පළමුකොට සමවදීනුයිද ප්‍රථමය. නීවරණාදි විරුද්ධ ධර්මයන් දවානුයි ධ්‍යාන නම් වේ. මෙයින් යෝගීහු සිතත්නුයිද ධ්‍යාන නමි. ප්‍රතිවිරුද්ධ ධර්මයන් දවත්යි හෝ කසිණාදීවූ අරමුණු සිතත්නුයි යන අර්‍ත්‍ථයි. තෙමේ හෝ කසිණාදීවූ අරමුණු සිතයි. ලංකොට සිතානුයි ධ්‍යාන නමි. එහෙයින්ම ඒ ධ්‍යානය උපනිද්ධ්යාන ලක්ෂණයි කියනු ලැබේ. ඒ මේ ධ්‍යානය ආලම්බනොපනිද්ධ්යාන ලක්ෂණොපනිද්ධ්යානයි දෙපරිදි වේ. එහි ආලම්බනොපනිද්ධ්යාන යන මෙයින් උපචාරද්ධ්‍යානය සමග අෂ්ටසමාපත්තීහු කියනු ලැබෙත්. කුමක්හෙයින්ද යත්:- කසිණාදීවූ අරමුණු ලංකොට සිතන බැවිනි. ලක්ෂණොපනිද්ධ්යාන යන මෙයින් විදර්ශනා, මාර්ග, ඵලයයි කියනු ලැබේ. කුමක්හෙයින්ද යත්:- ඇති සැටියෙන් අනිත්‍යාදි ලක්ෂණ හා නිවණ පිළිබඳ තථ ලක්ෂණ ලංකොට සිතන බැවිනි. මෙහි විදර්ශනාව වනාහි අනිත්‍ය ලක්ෂණාදිය සිතා බලන්නීය. විදර්ශනාවෙන් සිදුවන උපනිද්ධ්යාන කෘත්‍යය මාර්ගයෙන්ම සිදුවේනුයි මාර්ගය ලක්ෂණොපනිද්ධ්යාන යයි කියනු ලැබේ. ඵලය වනාහි නිරොධය පිළිබඳ තථලක්ෂණය සිතාබලානුයි ලක්ෂණොපනිද්ධ්යාන යයි කියනු ලැබේ. මේ අර්‍ත්‍ථයෙහි වනාහි ආලම්බනොපනිද්ධ්යානයම ධ්යානැයි අදහස් කරන ලද්දේය.
එත්ථාහ – “කතමං පන තං ඣානං නාම, යං සවිතක්කං සවිචාරං…පෙ… පීතිසුඛන්ති එවං අපදෙසං අරහතී”ති? වුච්චතෙ – යථා සධනො සපරිජනොතිආදීසු ඨපෙත්වා ධනඤ්ච පරිජනඤ්ච අඤ්ඤො අපදෙසාරහො හොති, එවං ඨපෙත්වා විතක්කාදිධම්මෙ අඤ්ඤං අපදෙසාරහං නත්ථි. යථා පන සරථා සපත්ති සෙනාති වුත්තෙ සෙනඞ්ගෙසුයෙව සෙනාසම්මුති, එවමිධ පඤ්චසු අඞ්ගෙසුයෙව ඣානසම්මුති වෙදිතබ්බා. කතමෙසු පඤ්චසු? විතක්කො, විචාරො, පීති, සුඛං, චිත්තෙකග්ගතාති එතෙසු. එතානෙව හිස්ස “සවිතක්කං සවිචාර”න්තිආදිනා නයෙන අඞ්ගභාවෙන වුත්තානි. අවුත්තත්තා එකග්ගතා අඞ්ගං න හොතීති චෙ තඤ්ච න. කස්මා? වුත්තත්තා එව. සාපි හි විභඞ්ගෙ “ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්සෙකග්ගතා”ති එවං වුත්තායෙව. තස්මා යථා සවිතක්කං සවිචාරන්ති, එවං සචිත්තෙකග්ගතන්ති ඉධ අවුත්තෙපි ඉමිනා විභඞ්ගවචනෙන චිත්තෙකග්ගතාපි අඞ්ගමෙවාති වෙදිතබ්බා. යෙන හි අධිප්පායෙන භගවතා උද්දෙසො කතො, සො එව තෙන විභඞ්ගෙපි පකාසිතොති.
යම් ධ්‍යානයක් ‘සවිතක්කං සවිචාර -පෙ- පීතිසුඛං’ යනු විසින් දැක්වීමට සුදුසුවේද ඒ ධ්‍යානය වනාහි කවරේද යන ප්‍රශ්නයෙහිලා මෙසේ කියනු ලැබේ:- ‘සධනො සපරිජනො’ යනාදි තන්හි ධනය හා පිරිවර ජනයාද හැර දැක්වීමට සුදුසු වූ අනිකක් යම්සේ නොවේද, එසේ විතර්කාදිධර්මයන් හැර දැක්වීමට සුදුසුවූ අනිකක් නැත්තේය. රථ සහිත පාබල සහිත සෙනායි කියූකල්හි ‘සෙනා’ යන සම්මුතිය රථාදි සෙනාඞ්ගයන්හිම සෙනාසම්මුතිය යම්සේවේද, එපරිද්දෙන් මෙහි ධ්‍යාන සම්මුතිය පඤ්චවිධ ධ්යානාඞ්ගයන්හිම වන්නේ යයි දතයුතුය. කවර පසෙක්හිද යත්: විතර්ක විචාර, පීති, සුඛ, එකාග්‍රතා යන මොවුන් කෙරෙහිය. ‘සවිතක්කං සවිචාරං’ යනාදි ක්‍රමයෙන් මේ පසම ධ්‍යානයට අඞ්ගභාවයෙන් කියන ලදී. එකාග්‍රතාව ධ්‍යාන පාඨයෙහි නොකියූ බැවින් අඞ්ග නොවේදයත්: එයද නොවේ. කුමක්හෙයින්ද යත්: කියූ බැවින්මය. ඒ ඒකාග්‍රතා විභඞ්ගයෙහි ‘ඣානන්ති විතක්කො විචාරො පීති සුඛං චිත්තස්සෙකග්ගතා’යි මෙසේ කියන ලද්දීමය. ‘සවිතක්කං සවිචාරං’යි යම්සේ කියන ලද්දේ ද එසේ ‘සචිත්තෙකග්ගතං’යි මෙහි නොකියූ කල්හිද මේ විහඞ්ග වචනයෙන් චිත්තෛකාග්‍රතාව අඞ්ගමැයි දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් යම් අදහසකින් ‘සවිතක්කං සවිචාරං’යි උද්දෙශය කරන ලද්දේ ද ඒ උද්දෙශයම උන්වහන්සේ විසින් විභඞ්ගයෙහිද වදාරණ ලද්දේය.
උපසම්පජ්ජාති උපගන්ත්වා, පාපුණිත්වාති වුත්තං හොති. උපසම්පාදයිත්වා වා, නිප්ඵාදෙත්වාති වුත්තං හොති. විභඞ්ගෙ පන “උපසම්පජ්ජාති පඨමස්ස ඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සම්ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා”ති වුත්තං. තස්සාපි එවමෙවත්ථො වෙදිතබ්බො. විහාසින්ති බොධිමණ්ඩෙ නිසජ්ජසඞ්ඛාතෙන ඉරියාපථවිහාරෙන ඉතිවුත්තප්පකාරඣානසමඞ්ගී හුත්වා අත්තභාවස්ස ඉරියං වුත්තිං පාලනං යපනං යාපනං චාරං විහාරං අභිනිප්ඵාදෙසින්ති අත්ථො. වුත්තඤ්හෙතං විභඞ්ගෙ – “විහරතීති ඉරියති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච්චති විහරතී”ති (විභ· 512).
‘උපසම්පජ්ජ’ තමන්ගේ සිත්සතන්හි ඉපදවීම් වශයෙන් එළඹය, පැමිණැයි කියන ලද්දේ වේ. තමන් වෙත සපයා හෝ නිපදවායි කියන ලද්දේ වේ. විභඞ්ගයෙහි වනාහි ‘උපසම්පජ්ජාති පඨමස්සඣානස්ස ලාභො පටිලාභො පත්ති සම්පත්ති ඵුසනා සම්ඵුසනා සච්ඡිකිරියා උපසම්පදා’යි කියන ලදී. එහිද අර්ත්ථය මෙසේම දතයුතුය. ‘විහාසිං’ බෝමැඩ හිඳීමැයි කියූ ඊර්‍ය්‍යාපථ විහාරයෙන් මෙසේ කියූ ආකාර ඇති ධ්‍යානයෙන් යුක්තව ආත්මභාවය පිළිබඳ ක්රියාප්රවෘත්ති ඊර්‍ය්‍යාපථ පීඩාවෙන් රැකීම ඊර්‍ය්‍යාපථ විසින් යැපීම, යැපවීම, හැසිරීම, විසීම, මොනවට නිපදවීම් යන අර්‍ත්‍ථයි. එහෙයින් විභඞ්ගයෙහි ‘විහරතීති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති, තෙන වුච්චති විහරතීති’ යන මෙය වදාරණ ලද්දේය.
කිං පන කත්වා භගවා ඉමං ඣානං උපසම්පජ්ජ විහාසීති? කම්මට්ඨානං භාවෙත්වා. කතරං? ආනාපානස්සතිකම්මට්ඨානං. අඤ්ඤෙන තදත්ථිකෙන කිං කාතබ්බන්ති? අඤ්ඤෙනපි එතං වා කම්මට්ඨානං පථවීකසිණාදීනං වා අඤ්ඤතරං භාවෙතබ්බං. තෙසං භාවනානයො විසුද්ධිමග්ගෙ (විසුද්ධි· 1.55) වුත්තනයෙනෙව වෙදිතබ්බො. ඉධ පන වුච්චමානෙ අතිභාරියං විනයනිදානං හොති, තස්මා පාළියා අත්ථප්පකාසනමත්තමෙව කරොමාති.
කුමක්කොට භාග්‍යවතුන් වහන්සේ මේ ධ්‍යානයට පැමිණ විසූසේක්දයත්: කර්මස්ථාන වඩාය. කවර කර්මස්ථානයක්දයත්:- ආනාපානස්මෘති කර්මස්ථානය වඩාය. එය ප්‍රයෝජනකොට ඇති අන්හු විසින් කුමක් කටයුතුදයත්: අන්හු විසින් ද මේ කර්මස්ථානය හෝ පඨවිකෂිණාදීන් අතුරෙහි එක්තරා එකක් හෝ වැඩිය යුතුය. ඔවුන්ගේ භාවනා ක්‍රමය විශුද්ධිමාර්ගයෙහි කියූනයින්ම දතයුතුය. මෙහි එය කියනු ලබන කල්හි විනය නිදානය ඉතා බර වන්නේය. එහෙයින් පෙළෙහි අරුත් පැවසීම පමණක්ම කරමු.
පඨමජ්ඣානකථා නිට්ඨිතා.
ප්රථමද්ධ්යානකථා නිමි