ආපත්තිසමුට්ඨානවණ්ණනා අට්ඨකථා
ආපත්තිසමුට්ඨානවණ්ණනා
ආපත්තිසමුට්ඨානවණ්ණනා
අචිත්තකො ආපජ්ජතීතිආදීසු සහසෙය්යාදිපණ්ණත්තිවජ්ජං අසඤ්චිච්ච ආපජ්ජන්තො අචිත්තකො ආපජ්ජති, දෙසෙන්තො සචිත්තකො වුට්ඨාති. යංකිඤ්චි සඤ්චිච්ච ආපජ්ජන්තො සචිත්තකො ආපජ්ජති, තිණවත්ථාරකෙන වුට්ඨහන්තො අචිත්තකො වුට්ඨාති. පුබ්බෙ වුත්තමෙව තිණවත්ථාරකෙන වුට්ඨහන්තො අචිත්තකො ආපජ්ජති, අචිත්තකො වුට්ඨාති. ඉතරං දෙසෙන්තො සචිත්තකො ආපජ්ජති, සචිත්තකො වුට්ඨාති. “ධම්මදානං කරොමී”ති පදසොධම්මාදීනි කරොන්තො කුසලචිත්තො ආපජ්ජති, “බුද්ධානං අනුසාසනිං කරොමී”ති උදග්ගචිත්තො දෙසෙන්තො කුසලචිත්තො වුට්ඨාති. දොමනස්සිකො හුත්වා දෙසෙන්තො අකුසලචිත්තො වුට්ඨාති, තිණවත්ථාරකෙන නිද්දාගතොව වුට්ඨහන්තො අබ්යාකතචිත්තො වුට්ඨාති. භිංසාපනාදීනි කත්වා “බුද්ධානං සාසනං කරොමී”ති සොමනස්සිකො දෙසෙන්තො අකුසලචිත්තො ආපජ්ජති, කුසලචිත්තො වුට්ඨාති. දොමනස්සිකොව දෙසෙන්තො අකුසලචිත්තො වුට්ඨාති, වුත්තනයෙනෙව තිණවත්ථාරකෙන වුට්ඨහන්තො අබ්යාකතචිත්තො වුට්ඨාති. නිද්දොක්කන්තසමයෙ සහගාරසෙය්යං ආපජ්ජන්තො අබ්යාකතචිත්තො ආපජ්ජති, වුත්තනයෙනෙව පනෙත්ථ “කුසලචිත්තො වුට්ඨාතී”තිආදි වෙදිතබ්බං.
“අචිත්තකො ආපජ්ජති” යනාදි තන්හි සහසෙය්යාදි ප්‍රඥප්තිවද්‍ය ඇවැතට නොසිතා පැමිණෙන්නේ අචිත්තකව පැමිණේ. දෙසන්නේ සචිත්තකව නැගී සිටියි. යම්කිසිවකට සිතා පැමිණෙන්නේ සචිත්තකව පැමිණේ. තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අචිත්තකව නැගී සිටියි. සහසෙය්යාදිප්රඥප්තිවද්යය පෙරකියන ලද්දේමය. තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අචිත්තකව පැමිණේ. අචිත්තකව නැගී සිටියි. අන් සචිත්තක ඇවැත දෙසන්නේ සචිත්තකව පැමිණේ. සචිත්තකව නැගී සිටියි. “ධර්මදානය කරමි”යි පදවසයෙන් ධර්මය කීම් ආදිය කරන්නේ කුසල්සිත් ඇතිව පැමිණේ. ‘බුදුරජුන්ගේ අනුශාසනය කරමි’යි ඔදවැඩි සිත් ඇතිව දෙසන්නේ කුසල සිත් ඇතිව නැගීසිටියි. දොම්නස් ඇතිව දෙසන්නේ අකුසල සිත් ඇතිව නැගීසිටියි. තිණවත්ථාරක සමථයෙන් නිද්‍රාගතව නැගී සිටින්නේ අව්‍යාකෘත සිත් ඇතිව නැගී සිටියි. බිය ගැන්වීම් ආදිය කොට ‘බුදුරජුන්ගේ අනුශාසනාව කරමි’යි සොම්නස් ඇතිව දෙසන්නේ අකුසල සිත් ඇතිව පැමිණේ. කුසලසිත් ඇතිව නැගී සිටියි. දොම්නස් ඇතිවම දෙසන්නේ අකුසල සිත් ඇතිව නැගී සිටියි. කියූනයින්ම තිණවත්ථාරක සමථයෙන් නැගී සිටින්නේ අව්‍යාකෘත සිත් ඇතිව නැගී සිටියි. නිද්‍රාවට බටකාලයෙහි සහාගාරසෙය්යාට පැමිණෙන්නේ අව්‍යාකෘත සිත් ඇතිව පැමිණේ. මෙහි කියූනයින්ම “කුසලචිත්තො වුට්ඨාති” යනාදිය දතයුතුය.
පඨමං පාරාජිකං කතිහි සමුට්ඨානෙහීතිආදි පුබ්බෙ වුත්තනයත්තා උත්තානමෙව.
“පඨමපාරාජිකං කතීහි සමුට්ඨානෙහි” යනාදිය පෙරකියූ නය ඇති බැවින් ප්‍රකටමය.
චත්තාරො පාරාජිකා කතිහි සමුට්ඨානෙහීතිආදීසු උක්කට්ඨපරිච්ඡෙදතො යං යං සමුට්ඨානං යස්ස යස්ස ලබ්භති, තං සබ්බං වුත්තමෙව හොති.
“චත්තාරො පාරාජිකා තීහි සමුට්ඨානෙහි” යනාදි තන්හි උත්කෘෂ්ට පරිච්ඡෙදයෙන් යම් යම් සමුට්ඨානයෙන් යමක් යමක්හට ලැබේද, ඒ සියල්ල කියනලද්දේම වේ.
ආපත්තිසමුට්ඨානවණ්ණනා නිට්ඨිතා.