උපාලිපඤ්චකං අට්ඨකථා
උපාලිපඤ්චකං
අනිස්සිතවග්ගවණ්ණනා
අනිස්සිතවග්ගවණ්ණනා
උපාලිපඤ්හෙසු කතිහි නු ඛො භන්තෙති පුච්ඡාය අයං සම්බන්ධො. ථෙරො කිර රහොගතො සබ්බානි ඉමානි පඤ්චකානි ආවජ්ජෙත්වා “භගවන්තං දානි පුච්ඡිත්වා ඉමෙසං නිස්සාය වසනකාදීනං අත්ථාය තන්තිං ඨපෙස්සාමී”ති භගවන්තං උපසඞ්කමිත්වා “කතිහි නු ඛො භන්තෙ”තිආදිනා නයෙන පඤ්හෙ පුච්ඡි. තෙසං විස්සජ්ජනෙ උපොසථං න ජානාතීති නවවිධං උපොසථං න ජානාති. උපොසථකම්මං න ජානාතීති අධම්මෙනවග්ගාදිභෙදං චතුබ්බිධං උපොසථකම්මං න ජානාති. පාතිමොක්ඛං න ජානාතීති ද්වෙ මාතිකා න ජානාති. පාතිමොක්ඛුද්දෙසං න ජානාතීති භික්ඛූනං පඤ්චවිධං භික්ඛුනීනං චතුබ්බිධන්ති නවවිධං පාතිමොක්ඛුද්දෙසං න ජානාති.
උපාලි ප්‍රශ්නයන්හි - “කතිහි නු ඛො භන්තෙ” යන මේ ප්‍රශ්නයෙහි මේ සම්බන්ධය වේ. උපාලි ස්ථවිරතෙමේ වනාහි රහසිගතවූයේ මේ සියලු පඤ්චකයන් ආවර්ජනයකොට ‘දැන් භාග්‍යවත්හු විචාරා මේ ඇසුරෙහි වසන ආදීන්ට වැඩපිණිස පෙළ තබන්නෙමි’යි භාග්යවතුන්කරා එළැඹ “කතිහි නු ඛො භන්තෙ” යනාදි නයින් ප්‍රශ්න විචාළේය. ඔවුන් විසඳීමෙහි “උපොසථං න ජානානි” නවවිධ උපෞෂථය නොදනියි. “උපොසථකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාදිභෙද වූ චතුවිධ උපෞෂථකර්මය නොදනියි. “පාතිමොක්ඛං න ජානාති” ද්විධ මාතෘකා නොදනියි. “පාතිමොක්ඛුද්දෙසං න ජානාති” මහණුන්ට පස්වැදෑරුම්වූද, මෙහෙණන්ට සිවුවැදෑරුම්වූද යන නවවිධ ප්රාතිමොක්ෂාද්දෙශය නොදනියි.
පවාරණං න ජානාතීති නවවිධං පවාරණං න ජානාති. පවාරණාකම්මං න ජානාතීති අධම්මෙනවග්ගාදිභෙදං චතුබ්බිධං පවාරණාකම්මං න ජානාති.
“පවාරණං න ජානාති” නවවිධ පවාරණය නොදනියි. “පවාරණකම්මං න ජානාති” අධර්මයෙන් ව්යාග්රාභෙදවූ චතුර්විධ පවාරණකර්මය නොදනියි.
ආපත්තානාපත්තිං න ජානාතීති තස්මිං තස්මිං සික්ඛාපදෙ නිද්දිට්ඨං ආපත්තිඤ්ච අනාපත්තිඤ්ච න ජානාති.
“ආපත්තානාපත්තිං න ජානාති” ඒ ඒ ශික්ෂා පදයෙහි දක්වන ලද ආපත්තියද අනාපත්තියද නොදනියි.
ආපන්නො කම්මකතොති ආපත්තිං ආපන්නො තප්පච්චයාව සඞ්ඝෙන කම්මං කතං හොති.
“ආපත්තිං ආපන්නො කම්මකතො” ඇවැතට පැමිණියේ ඒ ප්‍රත්‍යය කොටගෙනම සඞ්ඝයා විසින් කර්මය කරණ ලද්දේ වේ.
නප්පටිප්පස්සම්භනවග්ගවණ්ණනා
නප්පටිප්පස්සම්භනවග්ගවණ්ණනා
කම්මං නප්පටිප්පස්සම්භෙතබ්බන්ති අයං යස්මා අනුලොමවත්තෙ න වත්තති, තස්මා නාස්ස කම්මං පටිප්පස්සම්භෙතබ්බං; සරජ්ජුකොව විස්සජ්ජෙතබ්බොති අත්ථො.
“කම්මං න පටිප්පස්සම්හෙතබ්බං” යම්හෙයකින් මෙතෙමේ අනුලොම් වතෙහි නොපවතීද, එහෙයින් මොහුගේ කර්මය නොසන්සිඳවිය යුතුය. රැහණ සහිතවම හැරිය යුත්තේය යන අර්‍ත්‍ථයි.
සචෙ උපාලි සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොතීති සචෙ සමග්ගෙහි කරණීයානි උපොසථාදීනි කම්මානි කරොති, උපොසථපවාරණාදීසු හි ඨිතාසු උපත්ථම්භො න දාතබ්බො. සචෙ හි සඞ්ඝො අච්චයං දෙසාපෙත්වා සඞ්ඝසාමග්ගිං කරොති, තිණවත්ථාරකසමථං වා කත්වා උපොසථපවාරණං කරොති , එවරූපං සමග්ගකරණීයං නාම කම්මං හොති. තත්ර චෙති සචෙ තාදිසෙ කම්මෙ භික්ඛුනො නක්ඛමති, දිට්ඨාවිකම්මම්පි කත්වා තථාරූපා සාමග්ගී උපෙතබ්බා, එවං විලොමග්ගාහො න ගණ්හිතබ්බො. යත්ර පන උද්ධම්මං උබ්බිනයං සත්ථු සාසනං දීපෙන්ති, තත්ථ දිට්ඨාවිකම්මං න වට්ටති, පටිබාහිත්වා පක්කමිතබ්බං.
“සචෙ උපාලි සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොති” ඉදින් සමගියට පැමිණියවුන් විසින් කටයුතුවූ උපෞෂථාදි කර්ම කෙරේද, උපෞෂථපවාරණ තැබූ කල්හි ‘අපිද පොහොය කරන්නෙමු’ යනාදීවූ කලහයට රුකුල් නොදිය යුතුය. ඉදින් සඞ්ඝ තෙමේ වරද දෙසවා සඞ්ඝ සාමග්‍රිය කෙරේද, තිණවත්ථාරකසමථය හෝ කොට උපෞෂථපවාරණය කෙරේද, මෙබඳුවූයේ සමගියෙන් කටයුතු වූ කර්ම නම් වේ. “තත්ර චෙ” ඉදින් එබඳු කර්මයෙහි මහණහුට නොරුස්නේද, “න මෙතං ඛමති” දෘෂ්ටිය ප්‍රකාශ කොටද, එබඳුවූ සාමග්‍රිය තොමෝ එළඹවිය යුත්තීමය. විරුද්ධ ග්‍රහණයෙක් නොගතයුතුය. යම්තැනෙක්හි ශාසනය ධර්මයෙන් පහවූවක්කොට විනයයෙන් පහවූවක් කොට දක්වත්ද, එහි දෘෂ්ටාවිෂ්කර්මය නොවටියි. වළකා යායුතුය.
උස්සිතමන්තී චාති ලොභදොසමොහමානුස්සන්නං වාචං භාසිතා කණ්හවාචො අනත්ථකදීපනො. නිස්සිතජප්පීති අත්තනො ධම්මතාය උස්සදයුත්තං භාසිතුං න සක්කොති; අථ ඛො “මයා සද්ධිං රාජා එවං කථෙසි, අසුකමහාමත්තො එවං කථෙසි, අසුකො නාම මය්හං ආචරියො වා උපජ්ඣායො වා තෙපිටකො මයා සද්ධිං එවං කථෙසී”ති එවං අඤ්ඤං නිස්සාය ජප්පති. න ච භාසානුසන්ධිකුසලොති කථානුසන්ධිවචනෙ ච විනිච්ඡයානුසන්ධිවචනෙ ච අකුසලො හොති. න යථාධම්මෙ යථාවිනයෙති න භූතෙන වත්ථුනා ආපත්තිං සාරෙත්වා චොදෙතා හොති.
“උස්සිකමන්ති ච” එස වූ කථා ඇත්තේ. ලොභද්වෙෂ මොහමානොත්සන්න වචන කියන්නේ කෘෂ්ණවචන ඇත්තේ අනර්‍ත්‍ථ දක්වන්නේය. “නිස්සිතජප්පී” තමන්ගේ ධර්මතාවෙන් උත්සදයුක්තයක් කියන්නට නොහැක්කේය. එහෙත් ‘රජතෙමේ මාසමග මෙසේ කීයේය, අසවල් මහමැති තෙමේ මෙසේ කීයේය, මාගේ අසවල් ආචාර්‍ය්‍යයා හෝ උපාද්ධ්‍යායයා හෝ ත්රිපිටකධරයා හෝ මාසමග මෙසේ කීයේය’යි මෙසේ අන්හු ඇසුරුකොට කියයි. “න ච භාසානුසන්ධිකුසලො” කථානුසන්ධිවචනයෙහිද අදක්ෂ වේ. “න යථාධම්මෙ යථාවිනයෙ” විද්‍යමාන වස්තුවෙන් ඇවැත සිහිකරවා චොදනා නොකරන්නේ වේ.
උස්සාදෙතා හොතීති “අම්හාකං ආචරියො මහාතෙපිටකො පරමධම්මකථිකො”තිආදිනා නයෙන එකච්චං උස්සාදෙති. දුතියපදෙ “ආපත්තිං කිං සො න ජානාතී”තිආදිනා එකච්චං අපසාදෙති. අධම්මං ගණ්හාතීති අනිය්යානිකපක්ඛං ගණ්හාති. ධම්මං පටිබාහතීති නිය්යානිකපක්ඛං පටිබාහති. සම්ඵඤ්ච බහුං භාසතීති බහුං නිරත්ථකකථං කථෙති.
“උස්සාදෙතා හොති” අපගේ ආචාර්ය්ය තෙමේ මහාත්රිපිටකධරය, පරමධර්මකථිකය, යනාදිනයින් ඇතැමකු උසස් කරයි. දෙවන පදයෙහි ‘කිම හෙතෙමේ දනීදැ’යි යනාදි නයින් ඇතැමකු පහකරයි. “අධම්මං ගණ්හාති” අනෛර්‍ය්‍යාණික පක්ෂයක් ගණියි. “ධම්මං පටිබාහති” නෛර්‍ය්‍යාණික පක්ෂය ප්‍රතිබාහනය කරයි. “සම්ඵං ච බහු භාසති” බොහෝ නිරර්‍ත්‍ථක කථා කියයි.
පසය්හ පවත්තා හොතීති අනජ්ඣිට්ඨො භාරෙ අනාරොපිතෙ කෙවලං මානං නිස්සාය අජ්ඣොත්ථරිත්වා අනධිකාරෙ කථෙතා හොති. අනොකාසකම්මං කාරෙත්වාති ඔකාසකම්මං අකාරෙත්වා පවත්තා හොති. න යථාදිට්ඨියා බ්යාකතා හොතීති යස්ස අත්තනො දිට්ඨි තං පුරක්ඛත්වා න බ්යාකතා ; ලද්ධිං නික්ඛිපිත්වා අයථාභුච්චං අධම්මාදීසු ධම්මාදිලද්ධිකො හුත්වා කථෙතා හොතීති අත්ථො.
“පසය්හ පවත්තා හොති” නො අණවන ලද්දේ. භාරය නොනැගු කල්හි හුදෙක් මානය නිසා යටපත්කොට තමන්ට අයත් නොවූවෙහි නෙකරුණෙහි කියන්නේ වේ. “අනොකාසකම්මං කාරෙත්වා” ‘අවකාශ කර්මය නොකරවා, කියන්නේ වේ. “න යථාදිට්ඨියා බ්යාකත්නා හොති” යමක්හට තමන්ගේ දෘෂ්ටිය වේද, ඒ දෘෂ්ටිය පෙරටුකොට ප්‍රකාශ නොකරන්නේ ලබ්ධිය බහාතබා යථා ස්වභාව නොවූ අධර්මවාදීන් අතුරෙහි ධර්මාදිලබ්ධි ඇතියෙක්ව කියන්නේ වේය, යන අර්‍ත්‍ථයි.
වොහාරවග්ගවණ්ණනා
වොහාරවග්ගවණ්ණනා
ආපත්තියා පයොගං න ජානාතීති “අයං ආපත්ති කායප්පයොගා, අයං වචීපයොගා”ති න ජානාති. ආපත්තියා වූපසමං න ජානාතීති “අයං ආපත්ති දෙසනාය වූපසමති, අයං වුට්ඨානෙන, අයං නෙව දෙසනාය න වුට්ඨානෙනා”ති න ජානාති. ආපත්තියා න විනිච්ඡයකුසලො හොතීති “ඉමස්මිං වත්ථුස්මිං අයං ආපත්තී”ති න ජානාති, දොසානුරූපං ආපත්තිං උද්ධරිත්වා පතිට්ඨාපෙතුං න සක්කොති.
“ආපත්තියා පයොගං න ජානාති” මේ ආපත්ති තොමෝ කායප්‍රයොගයෙන් පැමිණිය යුත්තීය, මේ ආපත්ති තොමෝ වාක්ප්රයොගයෙන් පැමිණිය යුත්තීය’යි නොදනියි. “ආපත්තියා වූපසමං න ජානාති” මේ ආපත්ති තොමෝ දෙශනාවෙන් සන්සිඳේ. මේ ආපත්ති තොමෝ වුට්ඨානයෙන් සන්සිඳේ’යි නොදනියි. “ආපත්තියා න විනිච්ඡය කුසලො හොති” ‘මේ වස්තුවෙහි මේ ආපත්තිය’යි නොදනියි. දොසයට අනුරූපව ඇවැත උදුරා පිහිටුවන්නට නොහැක්කේය.
අධිකරණසමුට්ඨානං න ජානාතීති “ඉදං අධිකරණං අට්ඨාරස භෙදකරවත්ථූනි නිස්සාය සමුට්ඨාති, ඉදං චතස්සො විපත්තියො, ඉදං පඤ්ච වා සත්ත වා ආපත්තික්ඛන්ධෙ, ඉදං චත්තාරි සඞ්ඝකිච්චානි නිස්සාය සමුට්ඨාතී”ති න ජානාති. පයොගං න ජානාතීති “ඉදං අධිකරණං ද්වාදසමූලප්පයොගං, ඉදං චුද්දසමූලප්පයොගං, ඉදං ඡමූලපයොගං, ඉදං එකමූලපයොග”න්ති න ජානාති. අධිකරණානඤ්හි යථාසකංමූලමෙව පයොගා නාම හොන්ති, තං සබ්බම්පි න ජානාතීති අත්ථො. වූපසමං න ජානාතීති “ඉදං අධිකරණං ද්වීහි සමථෙහි වූපසමති, ඉදං තීහි, ඉදං චතූහි, ඉදං එකෙන සමථෙන වූපසමතී”ති න ජානාති. න විනිච්ඡයකුසලො හොතීති අධිකරණං විනිච්ඡිනිත්වා සමථං පාපෙතුං න ජානාති.
“අධිකරණසමුට්ඨානං න ජානාති” මේ අධිකරණය අටළොස් භෙදකර වස්තූන් නිසා උපදියි. මේ අධිකරණය සිවුවිපත් නිසා උපදියි. මේ අධිකරණය ඇවැත්කඳු පස හෝ සත නිසා උපදියි. මේ අධිකරණය චතුර්විධසඞ්ඝකෘත්යය නිසා උපදියි නොදනියි. “පයොගං න ජානාති” මේ අධිකරණය දොළොස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය තුදුස් මුල් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය මුල්සයක් හා යෙදීම් ඇත්තේය, මේ අධිකරණය එක් මුලක් ප්රයොගකොට සිටියේය’යි නොදනියි. අධිකරණයන්ට වනාහි තමා අයත් අර්‍ත්‍ථයි. “වූපසමං න ජානාති” “මේ අධිකරණය සමථ දෙකෙකින් සන්සිඳේ, මේ අධිකරණය සමථ තුනකින් සන්සිඳේ. මේ අධිකරණය සමථ සතරකින් සන්සිඳේ. මේ අධිකරණය එක් සමථයකින් සන්සිඳේ’යි නොදනියි. “න විනිච්ඡයකුසලො හොති” අධිකරණය විනිශ්චයකොට සමථයට පමුණුවන්නට නොදනියි.
කම්මං න ජානාතීති තජ්ජනීයාදි සත්තවිධං කම්මං න ජානාති. කම්මස්ස කරණං න ජානාතීති “ඉදං කම්මං ඉමිනා නීහාරෙන කාතබ්බ”න්ති න ජානාති. කම්මස්ස වත්ථුං න ජානාතීති “ඉදං තජ්ජනීයස්ස වත්ථු, ඉදං නියස්සාදීන”න්ති න ජානාති. වත්තන්ති සත්තසු කම්මෙසු හෙට්ඨා චතුන්නං කම්මානං අට්ඨාරසවිධං තිවිධස්ස ච උක්ඛෙපනීයකම්මස්ස තෙචත්තාලීසවිධං වත්තං න ජානාති. කම්මස්ස වූපසමං න ජානාතීති “යො භික්ඛු වත්තෙ වත්තිත්වා යාචති, තස්ස කම්මං පටිප්පස්සම්භෙතබ්බං, අච්චයො දෙසාපෙතබ්බො”ති න ජානාති.
“කම්මං න ජානාති” තර්‍ජනීයාදි සප්තවිධ කර්මය නොදනියි. “කම්මස්ස කරණං න ජානාති” ‘මේ කර්මය මේ නියායෙන් කටයුතුය’යි නොදනියි. “කම්මස්ස වත්ථුං න ජානාති” මෙය තර්ජනීය කර්මයට වස්තුය, මෙය නියස්සාදියට වස්තුය’යි නොදනියි. “වත්තං” සප්තවිධ කර්මයන්හි යට චතුර්විධ කර්මයන්ට අටළොස් වැදෑරුම්වූද, ත්‍රිවිධ උත්ක්ෂෙපණීයට තෙසාළිස් වැදෑරුම්වූද වත නොදනියි. “කම්මස්ස වූපසමං න ජානාති” යම් මහණෙක් වතෙහි පැවත යාඥා කෙරේද, ඔහුගේ කර්මය සන්සිඳවිය යුතුය. වරද දෙසවිය යුතුය’යි නොදනියි.
වත්ථුං න ජානාතීති සත්තන්නං ආපත්තික්ඛන්ධානං වත්ථුං න ජානාති. නිදානං න ජානාතීති “ඉදං සික්ඛාපදං ඉමස්මිං නගරෙ පඤ්ඤත්තං, ඉදං ඉමස්මි”න්ති න ජානාති. පඤ්ඤත්තිං න ජානාතීති පඤ්ඤත්තිඅනුපඤ්ඤත්තිඅනුප්පන්නපඤ්ඤත්තිවසෙන තිවිධං පඤ්ඤත්තිං න ජානාති. පදපච්චාභට්ඨං න ජානාතීති සම්මුඛා කාතබ්බං පදං න ජානාති. “බුද්ධො භගවා”ති වත්තබ්බෙ “භගවා බුද්ධො”ති හෙට්ඨුපරියං කත්වා පදං යොජෙති.
“වත්ථුං න ජානාති” සප්තවිධ ආපත්ති ස්කන්ධයන්ගේ වස්තුව නොදනියි. “නිදානං න ජානාති” මේ ශික්ෂාපදය මේ නුවරෙහිදී පණවන ලද්දේය. මේ ශික්ෂාපදය මෙහිදීය’යි නොදනියි. “පඤ්ඤත්තිං න ජානාති” ප්රඥප්ති අනුප්‍රඥප්ති අනුත්පන්නප්රඥප්ති වශයෙන් ත්‍රිවිධවූ ප්රඥප්තිය නොදනියි. “පදපච්චාභට්ඨං න ජානාති” හමුවෙහි කටයුතු වූ පදය නොදනියි. “බුද්ධො භගවා”යි කියයුත්තෙහි “භගවා බුද්ධො”ය යටපදය මතුවෙහි සිටියත් කොට යොදයි.
අකුසලො ච හොති විනයෙති විනයපාළියඤ්ච අට්ඨකථායඤ්ච අකුසලො හොති.
“අකුසලො ච විනයෙ” විනයපාළියෙහිද අර්ත්ථකථාවෙහිද අදක්ෂ වේ.
ඤත්තිං න ජානාතීති සඞ්ඛෙපතො හි දුවිධා ඤත්ති – “එසා ඤත්තී”ති එවං නිද්දිට්ඨා ච අනිද්දිට්ඨා ච. තත්ථ යා එවං අනිද්දිට්ඨා, සා “කම්මඤත්ති” නාම හොති. යා නිද්දිට්ඨා, සා “කම්මපාදඤත්ති” නාම, තං සබ්බෙන සබ්බං ඤත්තිං න ජානාති. ඤත්තියා කරණං න ජානාතීති නවසු ඨානෙසු කම්මඤත්තියා කරණං න ජානාති, ද්වීසු ඨානෙසු කම්මපාදඤත්තියා. ඤත්තියා අනුස්සාවනන්ති “ඉමිස්සා ඤත්තියා එකා අනුස්සාවනා, ඉමිස්සා තිස්සො”ති න ජානාති. ඤත්තියා සමථං න ජානාතීති ය්වායං සතිවිනයො, අමූළ්හවිනයො, තස්සපාපියසිකා, තිණවත්ථාරකොති චතුබ්බිධො සමථො ඤත්තියා විනා න හොති, තං ඤත්තියා සමථොති න ජානාති. ඤත්තියා වූපසමං න ජානාතීති යං අධිකරණං ඉමිනා චතුබ්බිධෙන ඤත්තිසමථෙන වූපසමති, තස්ස තං වූපසමං “අයං ඤත්තියා වූපසමො කතො”ති න ජානාති.
“ඤත්තිං න ජානාති” සැකෙවින් “එසාඤත්ති”යි මෙසේ දක්වන ලද්දාවූද නොදක්වන ලද්දාවූද ඤත්තිතොමෝ දෙවැදෑරුම්ය. එහි යම් ඤත්තියක් තොමෝ නොදක්වන ලද්දීද, ඕතොමෝ කම්මඤත්ති නම් වන්නීය. යම් ඤත්තියක් තොමෝ මෙසේ දක්වන ලද්දී ද, ඕතොමෝ කම්මපාදඤත්ති නම් වන්නීය. සියල්ලෙන් සියල්ල ඒ ඤත්තිය නොදනියි. “ඤත්තියා කරණං න ජානාති” ඔසරණාදීවූ නවතන්හි කම්මඤත්තියෙහි කරණය නොදනියි. ඤත්තිදුතිය - ඤත්තිචතුත්ථ යන මේ දෙතැන කම්මපාදඤත්තියෙහි කරණය නොදනියි. “ඤත්තියා අනුසාවණං” මේ ඤත්තියගේ එක් අනුසාවණයෙක, මේ ඤත්තියගේ අනුසාවණ තුනෙකැයි නොදනියි. “ඤත්තියා සමථං න ජානාති” යම්මේ සතිවිනය - අමූළ්හවිනය - තස්සපාපිය්යසිකා - තිණවත්ථාරක යන චතුර්විධ සමථයෙක් වේද, එය ඤත්තියෙන් වෙන්ව නොවේ. එය ඤත්තියගේ සමථය’යි නොදනියි. “ඤත්තියා වූපසමං න ජානාති” යම් අධිකරණයෙන් මේ සිවුවැදෑරුම් වූ ඤත්තිසමථයෙන් සන්සිඳේද, ඒ අධිකරණයාගේ ඒ සන්සිඳීම ‘මේ සන්සිඳීම ඤත්තියෙන් කරණලද්දේය’යි නොදනියි.
සුත්තං න ජානාතීති උභතොවිභඞ්ගං න ජානාති. සුත්තානුලොමං න ජානාතීති චත්තාරො මහාපදෙසෙ න ජානාති. විනයං න ජානාතීති ඛන්ධකපරිවාරං න ජානාති. විනයානුලොමං න ජානාතීති චත්තාරො මහාපදෙසෙයෙව න ජානාති. න ච ඨානාඨානකුසලොති කාරණාකාරණකුසලො න හොති.
“සුත්තං න ජානාති” උභතොවිභඞ්ගය නොදනියි. “සුත්තානුලොමං න ජානාති” චතුර්විධ මහාප්රදෙශයන් නොදනියි. “විනයං න ජානාති” ඛන්ධකයන් හා පරිවාරය නොදනියි. “විනයානුලොමං න ජානාති” මහාප්රදෙශයන්ම නොදනියි. “න ච ඨානාඨානකුසලො” කාරණාකාරණයන්හි දක්ෂ නොවේ.
ධම්මං න ජානාතීති ඨපෙත්වා විනයපිටකං අවසෙසං පිටකද්වයං න ජානාති. ධම්මානුලොමං න ජානාතීති සුත්තන්තිකෙ චත්තාරො මහාපදෙසෙ න ජානාති. විනයං න ජානාතීති ඛන්ධකපරිවාරමෙව න ජානාති. විනයානුලොමං න ජානාතීති චත්තාරො මහාපදෙසෙ න ජානාති. උභතොවිභඞ්ගා පනෙත්ථ අසඞ්ගහිතා හොන්ති, තස්මායං කුරුන්දියං වුත්තං – “විනයන්ති සකලං විනයපිටකං න ජානාතී”ති තං න ගහෙතබ්බං. න ච පුබ්බාපරකුසලො හොතීති පුරෙකථාය ච පච්ඡාකථාය ච අකුසලො හොති. සෙසං සබ්බත්ථ වුත්තපටිපක්ඛවසෙන ඤෙය්යත්තා පුබ්බෙ පකාසිතත්තා ච උත්තානමෙවාති.
“ධම්මං න ජානාති” විනය පිටකය හැර සෙසු පිටක දෙක නොදනියි. “ධම්මානුලොමං න ජානානි” සූත්රාභිධර්මපිටක දෙක්හි අනුදන්නාලද ප්රතික්ෂෙප කරණලද සූත්‍රානුලොම වශයෙන් නය හෙයින් ගතයුතු චතුර්විධ අර්ත්ථ නොදනියි. “විනයං න ජානාති” ඛන්ධක - පරිවාරය නොදනියි. “විනයානුලොමං න ජානාති” චතුර්විධ මහාප්රදෙශයන් නොදනියි. මෙහි වනාහි උභතොවිභඞ්ගයෝ සඞ්ග්‍රහ නොකරණ ලද්දාහු වෙත්. එහෙයින් කුරුන්දියෙහි “විනයන්ති සකලං විනයපිටකං න ජානාති” යමක් කියනලද්දේ ද, ඒ නොගතයුතුය. “න ච පුබ්බපරකුසලො හොති” පූර්වකථාවෙහි පශ්චාත් කථාවෙහි දක්ෂ නොවේ. සෙස්ස සියලු තන්හි කියනලද්දට ප්රතිපක්ෂ වශයෙන් දතයුතු බැවින්ද, පැවසූ බැවින්ද, ප්‍රකටමය.
අනිස්සිතවග්ගනප්පටිප්පස්සම්භනවග්ගවොහාරවග්ගවණ්ණනා නිට්ඨිතා.
අනිඃශ්රිතවර්ග න ප්රතිප්රශ්රම්භනවර්ග-ව්යවහාරවර්ග වර්ණනාව නිමි
දිට්ඨාවිකම්මවග්ගවණ්ණනා
දිට්ඨාවිකම්මවග්ගවණ්ණනා
දිට්ඨාවිකම්මවග්ගෙ – දිට්ඨාවිකම්මාති දිට්ඨීනං ආවිකම්මානි; ලද්ධිප්පකාසනානි ආපත්තිදෙසනාසඞ්ඛාතානං විනයකම්මානමෙතං අධිවචනං. අනාපත්තියා දිට්ඨිං ආවි කරොතීති අනාපත්තිමෙව ආපත්තීති දෙසෙතීති අත්ථො . අදෙසනාගාමිනියාති ගරුකාපත්තියා දිට්ඨිං ආවිකරොති; සඞ්ඝාදිසෙසඤ්ච පාරාජිකඤ්ච දෙසෙතීති අත්ථො. දෙසිතායාති ලහුකාපත්තියාපි දෙසිතාය දිට්ඨිං ආවිකරොති; දෙසිතං පුන දෙසෙතීති අත්ථො.
දෘෂ්ටාවිෂ්කර්ම වර්ගයෙහි - “දිට්ඨාවිකම්මා” දෘෂ්ටීන්ගේ ප්‍රකාශ කිරීමය. ලබ්ධිය ප්‍රකාශ කරන්නාවූ ආපත්තිදෙශනා සඞ්ඛ්‍යාත විනයකර්මයන්ට මේ නමෙකි. “අනාපත්තියා දිට්ඨිං ආවීකරොති” අනාපත්තියම ආපත්තියයි දෙසාය යන අර්‍ත්‍ථයි. “අදෙසනාගාමිනියා” ගරුකාපත්තිය පිළිබඳ දෘෂ්ටිය පවසයි. සඞ්ඝාදිසෙසයද පාරාජිකයද දෙසාය යන අර්‍ත්‍ථයි. “දෙසිතාය” ලහුකාපත්තිය දෙසූකල්හි දෘෂ්ටිය පවසයි. දෙසූ ඇවැත නැවැත දෙසාය, යන අර්‍ත්‍ථයි.
චතූහි පඤ්චහි දිට්ඨින්ති යථා චතූහි පඤ්චහි දිට්ඨි ආවිකතා හොති, එවං ආවිකරොති; චත්තාරො පඤ්ච ජනා එකතො ආපත්තිං දෙසෙන්තීති අත්ථො. මනොමානසෙනාති මනසඞ්ඛාතෙන මානසෙන දිට්ඨිං ආවිකරොති; වචීභෙදං අකත්වා චිත්තෙනෙව ආපත්තිං දෙසෙතීති අත්ථො.
“චතුහි පඤ්චහි දිට්ඨිහි” යම්සේ පැවසූ කල්හි එක්වූ සතරපස්දෙනකුන් විසින් එක් පුද්ගලයක්හුගේ සමීපයෙහි ඇවැත දෙසන ලද්දී වේ. මෙසේ පවසා නම් සතර පස්දෙනෙක් එක්ව ඇවැත් දෙසත්ය, යන අර්‍ත්‍ථයි. “මනො මානසෙන” මනසඞ්ඛ්‍යාත වූ මානසින් දෘෂ්ටිය ප්‍රකාශ කරයි. වාග්භෙද නොකොට සිතින්ම ඇවැත දෙසාය, යන අර්‍ත්‍ථයි.
නානාසංවාසකස්සාති ලද්ධිනානාසංවාසකස්ස වා කම්මනානාසංවාසකස්ස වා සන්තිකෙ දිට්ඨිං ආවිකරොති; ආපත්තිං දෙසෙතීති අත්ථො. නානාසීමායාති සමානසංවාසකස්සාපි නානාසීමාය ඨිතස්ස සන්තිකෙ ආවිකරොති. මාළකසීමාය හි ඨිතෙන සීමන්තරිකාය ඨිතස්ස සීමන්තරිකාය වා ඨිතෙන අවිප්පවාසසීමාය ඨිතස්සාපි ආපත්තිං දෙසෙතුං න වට්ටති. අපකතත්තස්සාති උක්ඛිත්තකස්ස වා, යස්ස වා උපොසථපවාරණා ඨපිතා හොන්ති, තස්ස සන්තිකෙ දෙසෙතීති අත්ථො.
“නානාසංවාසකස්ස” ලබ්ධිනානාසංවාසකයාගේ හෝ කර්මනානාසංවාසකයාගේ හෝ සමීපයෙහි දෘෂ්ටිය ප්‍රකාශ කරයි. ඇවැත දෙසාය, යන අර්‍ත්‍ථයි. “නානාසීමාය” නානාසංවාසකවූද නානාසීමාවක සිටියක්හුගේ සමීපයෙහි ප්‍රකාශ කෙරෙයි. බද්ධසීමාවක සිටියකු විසින් සීමන්තරිකයෙහි සිටියක්හුගේ සීමන්තරිකයෙහි හෝ සිටියකු විසින් මහා සීමාවෙහි සිටියක්හුගේ සමීපයෙහි ඇවැත දෙසීම නොවටියි. “අපකතත්තස්ස” උත්ක්ෂිප්තයාගේ හෝ යමක්හුගේ හෝ උපෞෂථ පවාරණයෝ තබනලද්දාහු වෙත්ද, ඔහුගේ සමීපයෙහි හෝ දෙසාය, යන අර්‍ත්‍ථයි.
නාලං ඔකාසකම්මං කාතුන්ති න පරියත්තං කාතුං; න කාතබ්බන්ති අත්ථො. ඉධාපි අපකතත්තො උක්ඛිත්තකො ච ඨපිතඋපොසථපවාරණො ච. චාවනාධිප්පායොති සාසනතො චාවෙතුකාමො.
“නාලං ඔකාසකම්මං කාතුං” ප්‍රමාණවත් නොකරන්නට. නොකටයුතුය යන අර්‍ත්‍ථයි. මෙහිද පියවිසැහැවි නැත්තේ හෝ උත්ක්ෂිත වූයේ හෝ තබනලද පොහෝපවුරුණු ඇත්තේ හෝ වේද, හේය. “වාචනාධිප්පායො” සසුනෙන් ච්‍යුත කරවනු කැමැත්තේය.
මන්දත්තා මොමූහත්තාති මන්දභාවෙන මොමූහභාවෙන විස්සජ්ජිතම්පි ජානිතුං අසමත්ථො, කෙවලං අත්තනො මොමූහභාවං පකාසෙන්තොයෙව පුච්ඡති උම්මත්තකො විය. පාපිච්ඡොති “එවං මං ජනො සම්භාවෙස්සතී”ති පාපිකාය ඉච්ඡාය පුච්ඡති. පරිභවාති පරිභවං ආරොපෙතුකාමො හුත්වා පුච්ඡති. අඤ්ඤබ්යාකරණෙසුපි එසෙව නයො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති. අත්තාදානවග්ගෙ ච ධුතඞ්ගවග්ගෙ ච යං වත්තබ්බං සියා, තං සබ්බං හෙට්ඨා වුත්තමෙව.
“මන්දන්තා මොමූහන්තා” මන්‍දභාවයෙන් මොමූහභාවයෙන් විසඳන ලද්ද දැනගන්නට අසමර්ත්ථ වූයේ, හුදෙක් තමන්ගේ මුළාබව පවසමින්ම උමතු එකකුමෙන් විචාරයි. “පාපිච්ඡො” ජනතෙමේ මෙසේ කල්හිම සම්භාවනා කරන්නේයයි පාපෙප්සාවෙන් විචාරයි. “පරිභවා” පරිභවය නගනු කැමැතියෙක්ව විචාරයි. රහත්බව පැවසීමෙහිද මේනයම වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.අත්තාදාන වර්ගයෙහිද ධුතඞ්ග වර්ගයෙහිද යමක් කියයුතු වන්නේ නම් ඒ සියල්ල යටකියන ලද්දේමය.
දිට්ඨාවිකම්මවග්ගවණ්ණනා නිට්ඨිතා.
දිට්ඨාවිකම්ම වර්ණනාව නිමි
මුසාවාදවග්ගවණ්ණනා
මුසාවාදවග්ගවණ්ණනා
මුසාවාදවග්ගෙ – පාරාජිකං ගච්ඡතීති පාරාජිකගාමී; පාරාජිකාපත්තිභාවං පාපුණාතීති අත්ථො. ඉතරෙසුපි එසෙව නයො. තත්ථ අසන්තඋත්තරිමනුස්සධම්මාරොචනමුසාවාදො පාරාජිකගාමී, අමූලකෙන පාරාජිකෙන අනුද්ධංසනමුසාවාදො සඞ්ඝාදිසෙසගාමී, “යො තෙ විහාරෙ වසතී”තිආදිනා පරියායෙන ජානන්තස්ස වුත්තමුසාවාදො ථුල්ලච්චයගාමී, අජානන්තස්ස දුක්කටගාමී, “සම්පජානමුසාවාදෙ පාචිත්තිය”න්ති ආගතො පාචිත්තියගාමීති වෙදිතබ්බො.
මුසාවාද වර්ගයෙහි - පාරාජිකයට යේනුයි පාරාජිකගාමීය. පාරාජිකාපත්තිභාවයට පැමිණේය, යන අර්‍ත්‍ථයි. අන්තන්හිද මෙමනයය. එහි අවිද්‍යමාන උත්තරිමනුෂ්යධර්මාරොචණ මෘෂාවාදය පාරාජිකගාමීය. අමූලකපාරාජිකාපත්තියෙන් අනුද්ධංසන මෘෂාවාදය සඞ්ඝාදිසෙසගාමීය. “සො තෙ විහාරෙ වසති” යනාදීවූ පරියායෙන් දන්නකුට කියූ මෘෂාවාදය ථූල්ලච්චයගාමීය නොදන්නකුට කියූ මෘෂාවාදය දුක්කටගාමීය. “සම්පජාන මුසාවාදෙ පාචිත්තියං”යි ආයේ පාචිත්තියගාමීය’යි දතයුතුය.
අදස්සනෙනාති විනයධරස්ස අදස්සනෙන. කප්පියාකප්පියෙසු හි කුක්කුච්චෙ උප්පන්නෙ විනයධරං දිස්වා කප්පියාකප්පියභාවං පටිපුච්ඡිත්වා අකප්පියං පහාය කප්පියං කරෙය්ය, තං අපස්සන්තො පන අකප්පියම්පි කප්පියන්ති කරොන්තො ආපජ්ජති. එවං ආපජ්ජිතබ්බං ආපත්තිං විනයධරස්ස දස්සනෙන නාපජ්ජති, අදස්සනෙනෙව ආපජ්ජති, තෙන වුත්තං “අදස්සනෙනා”ති. අස්සවනෙනාති එකවිහාරෙපි වසන්තො පන විනයධරස්ස උපට්ඨානං ගන්ත්වා කප්පියාකප්පියං අපුච්ඡිත්වා වා අඤ්ඤෙසඤ්ච වුච්චමානං අසුණන්තො ආපජ්ජතියෙව, තෙන වුත්තං “අස්සවනෙනා”ති. පසුත්තකතාති පසුත්තකතාය. සහගාරසෙය්යඤ්හි පසුත්තකභාවෙනපි ආපජ්ජති. අකප්පියෙ කප්පියසඤ්ඤිතාය ආපජ්ජන්තො පන තථාසඤ්ඤී ආපජ්ජති. සතිසම්මොසා එකරත්තාතික්කමාදිවසෙන ආපජ්ජිතබ්බං ආපජ්ජති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“අදස්සනෙන” විනයධරයාගේ නොදැක්මෙන්. කැප අකැපයන්හි කුකුසක් උපන්කල්හි විනයධරයකු දැක කැප අකැප බව පිළිවිස අකැපය හැර කැපය කරන්නේය. ඒ විනයධරයා නොදක්නේ වනාහි අකැපයද කැපයයි ගෙණ කරන්නේ ඇවැතට පැමිණේ. මෙසේ පැමිණිය යුතු ඇවතට විනයධරයාගේ දැකීමෙන් නොපැමිණේ. නොදැක්මෙන්ම පැමිණේ. “අදස්සනෙන”යි එහෙයින් කියනලදී. “අස්සවණෙන” එක් වෙහෙරෙහිද වසන්නේ විනයධරයාහට උපස්ථානයට ගොස් කැප අකැප විචාරා හෝ අන්‍යයන්හට කියනලද්ද නොඅසන්නේ ඇවතට පැමිණේමය. “අස්සවණෙන” යනු එහෙයින් කියනලදී. “පසුත්තකතා” නිදනබැවින්. සහාගාර සෙය්යාවට වනාහි නිදන බැවින්ද පැමිණේ. අකැපයෙහි කැපය යන සංඥා ඇතිබැවින් පැමිණෙන්නේ වනාහි එසේ සංඥා ඇත්තේ පැමිණේ. සිහිමුළාවෙන් එක් රැයක් ඉක්මවීම් ආදිවසයෙන් පැමිණිය යුත්තට පැමිණේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
මුසාවාදවග්ගවණ්ණනා නිට්ඨිතා.
මුසාවාදවර්ග වර්ණනාව නිමි.
භික්ඛුනොවාදවග්ගවණ්ණනා
භික්ඛුනොවාදවග්ගවණ්ණනා
භික්ඛුනිවග්ගෙ – අලාභායාති චතුන්නං පච්චයානං අලාභත්ථාය; යථා පච්චයෙ න ලභන්ති, තථා පරිසක්කති වායමතීති අත්ථො. අනත්ථායාති අනත්ථං කලිසාසනං ආරොපෙන්තො පරිසක්කති. අවාසායාති අවාසත්ථාය; යස්මිං ගාමඛෙත්තෙ වසන්ති, තතො නීහරණත්ථාය. සම්පයොජෙතීති අසද්ධම්මපටිසෙවනත්ථාය සම්පයොජෙති.
භික්ඛුණී වර්ගයෙහි - “අලාභාය” සිවුපසය නොලැබීම පිණිස. යම්සේ සිවුපසය නොලබත්ද, එසේ උත්සාහ කරයි. වෑයම් කෙරේය’ යන අර්‍ත්‍ථයි. “අනත්ථාය” අනර්‍ත්‍ථයක් ලාමක හස්නක් නංවමින් උත්සාහ කරයි. “අවාසාය” නොවිසීම පිණිස. යම් ග්රාමක්ෂෙත්රයෙක්හි වසත්ද, එයින් බැහැර කිරීම පිණිස. “සම්පයොජෙති” අසද්ධර්මප්රතිසෙවනය පිණිස යොදයි.
“කතිහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුනියා කම්මං කාතබ්බ”න්ති සත්තන්නං කම්මානං අඤ්ඤතරං සන්ධාය පුච්ඡති.
“කතිහි නු ඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතාය භික්ඛුණීයා කම්මං කාතබ්බං” සත්වැදෑරුම් වූ කර්මයන්ගෙන් එක්තරා එකක් සඳහා විචාරයි.
න සාකච්ඡාතබ්බොති කප්පියාකප්පියනාමරූපපරිච්ඡෙදසමථවිපස්සනාදිභෙදො කථාමග්ගො න කථෙතබ්බො. යස්මා පන ඛීණාසවො භික්ඛු න විසංවාදෙති, තථාරූපස්ස කථාමග්ගස්ස සාමී හුත්වා කථෙති, න ඉතරො; තස්මා පඨමපඤ්චකෙ “න අසෙක්ඛෙනා”ති පටික්ඛිපිත්වා දුතියපඤ්චකෙ “අසෙක්ඛෙනා”තිආදි වුත්තං.
“න සාකච්ඡාතබ්බො” කප්පියාකප්පිය නාමරූප පරිච්ඡෙදසමථවිපස්සානාදි භෙද ඇති කථාමාර්ගය නොකියයුතුය. යම්හෙයකින් වනාහි ක්ෂීණාශ්රව භික්ෂුතෙමේ විසංවාදනය නොකෙරේද එබඳුවූ කථාමාර්ගයට ස්වාමියෙක්ව කියාද, අනිකෙක් තෙමේ එසේ නොකියාද, එහෙයින් ප්‍රථම පඤ්චකයෙහි “න අසෙක්ඛෙන”යි ප්රතික්ෂෙපකොට ද්විතීය පඤ්චකයෙහි “අසෙක්ඛෙන” යනාදිය කියනලදී.
න අත්ථපටිසම්භිදාපත්තොති අට්ඨකථාය පටිසම්භිදාපත්තො පභෙදගතඤාණප්පත්තො න හොති. න ධම්මපටිසම්භිදාපත්තොති පාළිධම්මෙ පටිසම්භිදාපත්තො න හොති. න නිරුත්තිපටිසම්භිදාපත්තොති වොහාරනිරුත්තියං පටිසම්භිදාපත්තො න හොති. න පටිභානපටිසම්භිදාපත්තොති යානි තානි පටිභානසඞ්ඛාතානි අත්ථපටිසම්භිදාදීනි ඤාණානි, තෙසු පටිසම්භිදාපත්තො න හොති. යථාවිමුත්තං චිත්තං න පච්චවෙක්ඛිතාති චතුන්නං ඵලවිමුත්තීනං වසෙන යථාවිමුත්තං චිත්තං එකූනවීසතිභෙදාය පච්චවෙක්ඛණාය න පච්චවෙක්ඛිතා හොති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“න අත්ථපටිසම්භිදාප්පත්තො” අර්‍ත්‍ථකථාවෙහි ප්‍රතිසම්භිදාවට පැමිණියේ. ප්රභෙදගතඥානප්රාප්ත වූයේ නොවේ. “න ධම්මපටිසම්භිදාප්පත්තො” පාලි ධර්මයෙහි ප්‍රතිසම්භිදාවට පැමිණියේ නොවේ. “න නිරුත්තිපටිසම්භිදාප්පත්තො” ව්‍යවහාර නිරුත්තියෙහි ප්රතිසම්භිදාප්රාප්ත වූයේ නොවේ. “න පටිභානපටිසම්භිදාප්පත්තො” යම් ඒ ප්රතිභානසඞ්ඛ්යාත වූ අර්ත්ථප්රතිසම්භිදාදි ඥානයෝ වෙත්ද, ඔවුන් විෂයයෙහි ප්රතිසම්භිදාප්රාප්ත වූයේ නොවේ. “යථා විමුත්තං චිත්තං න පච්චචෙක්ඛිතා” චතුර්විධ ඵලවිමුත්තීන්ගේ වසයෙන් නිසිසේ මිදුනු සිත එකුත් විසිවැදෑරුම්භෙද ඇති ප්‍රත්‍යවෙක්ෂණයෙන් ප්රත්යවෙක්ෂා කරන්නේ වේ. සෙස්ස සියලුතන්හි ප්‍රකටමය.
භික්ඛුනොවාදවග්ගවණ්ණනා නිට්ඨිතා.
භික්ඛුණී වර්ගවර්ණනා තොමෝ නිමි
උබ්බාහිකවග්ගවණ්ණනා
උබ්බාහිකවග්ගවණ්ණනා
උබ්බාහිකවග්ගෙ – න අත්ථකුසලොති න අට්ඨකථාකුසලො; අත්ථුද්ධාරෙ ඡෙකො න හොති. න ධම්මකුසලොති ආචරියමුඛතො අනුග්ගහිතත්තා පාළියං න කුසලො, න පාළිසූරො. න නිරුත්තිකුසලොති භාසන්තරවොහාරෙ න කුසලො. න බ්යඤ්ජනකුසලොති සිථිලධනිතාදිවසෙන පරිමණ්ඩලබ්යඤ්ජනාරොපනෙ කුසලො න හොති; න අක්ඛරපරිච්ඡෙදෙ නිපුණොති අත්ථො. න පුබ්බාපරකුසලොති අත්ථපුබ්බාපරෙ ධම්මපුබ්බාපරෙ නිරුත්තිපුබ්බාපරෙ බ්යඤ්ජනපුබ්බාපරෙ පුරෙකථාපච්ඡාකථාසු ච න කුසලො හොති.
උබ්බාහික වර්ගයෙහි “න අත්ථකුසලො” අර්‍ත්‍ථකථාවෙහි දක්ෂ නොවේ. අර්ත්ථොද්ධාරයෙහි දක්ෂ නොවේ. “න ධම්මකුසලො” ආචාර්ය්ය මුඛයෙන් නොඋගත්බැවින් පාලියෙහි දක්ෂ නොවේ. පාලියෙහි ශුර නොවේ. “න නිරුත්තිකුසලො” භාෂාන්තර ව්‍යවහාරයෙහි දක්ෂ නොවේ. “න බ්යඤ්ජනකුසලො” සිථිල ධනිතාදීන්ගේ වසයෙන් පරිමණ්ඩල ව්යඤ්ජනාරොපණයෙහි දක්ෂ නොවේ. අකුරු පිරිසිඳ දැනීමෙහි දක්ෂ නොවේය, යන අර්‍ත්‍ථයි. “න පුබ්බාපරකුසලො” අර්ත්ථපූර්වාපරයෙහි ධර්මාපූර්වාපරයෙහි නිරුක්ති පූර්වාපරයෙහි බ්‍යඤ්ජන පූර්වාපරයෙහි පූර්වකථා පශ්චිමකථාවන්හි දක්ෂ නොවේ.
කොධනොතිආදීනි යස්මා කොධාදීහි අභිභූතො කාරණාකාරණං න ජානාති, විනිච්ඡිතුං න සක්කොති, තස්මා වුත්තානි. පසාරෙතා හොති නො සාරෙතාති මොහෙතා හොති, න සතිඋප්පාදෙතා; චොදකචුදිතකානං කථං මොහෙති පිදහති න සාරෙතීති අත්ථො. සෙසමෙත්ථ උබ්බාහිකවග්ගෙ උත්තානමෙවාති.
“කොධනො” යනාදීහු, යම්හෙයකින් ක්රොධාදියෙන් මඩනා ලද්දේ කරුණු නොකරුණු නොදනීද, විනිශ්චය කරන්නට නොහැකිවේද, එහෙයින් කියන ලදහ. “පසාරෙතා හොති නො සාරෙතා” මුළාකරන්නේ වේ. සිහිය උපදවන්නේ නොවේ. චොදක - වුදිතකයන්ගේ කථාව මුළාකරයි. වසාලයි. සිහි නොකෙරේය’ යන අර්‍ත්‍ථයි. මේ උබ්බාහික වර්ගයෙහි සෙස්ස ප්‍රකටමය.
උබ්බාහිකවග්ගවණ්ණනා නිට්ඨිතා.
උබ්බාහික වර්ගවර්ණනාව නිමි
අධිකරණවූපසමවග්ගවණ්ණනා
අධිකරණවූපසමවග්ගවණ්ණනා
අධිකරණවූපසමවග්ගෙ – පුග්ගලගරු හොතීති “අයං මෙ උපජ්ඣායො, අයං මෙ ආචරියො”තිආදීනි චින්තෙත්වා තස්ස ජයං ආකඞ්ඛමානො “අධම්මං ධම්මො”ති දීපෙති. සඞ්ඝගරු හොතීති ධම්මඤ්ච විනයඤ්ච අමුඤ්චිත්වා විනිච්ඡිනන්තො සඞ්ඝගරුකො නාම හොති. චීවරාදීනි ගහෙත්වා විනිච්ඡිනන්තො ආමිසගරුකො නාම හොති, තානි අග්ගහෙත්වා යථාධම්මං විනිච්ඡිනන්තො සද්ධම්මගරුකො නාම හොති.
අධිකරණවූපසම වර්ගයෙහි - “පුග්ගලගරු හොති” ‘මෙතෙමේ මාගේ උපාද්ධ්යායය, මෙතෙමේ ආචාර්ය්ය, යනාදිය සිතා ඔහුට ජය කැමැත්තේ ‘අධර්මය ධර්මය’යි දක්වයි. -පෙ- “සඞ්ඝගරු හොති” ධර්මයද විනයද නොමුදා විනිශ්චය කරන්නේ සඞ්ඝගරු නම් වේ. සිවුරු ආදිය ගෙණ විනිශ්චය කරන්නේ ආමිසගරු නම් වේ. ඒ සිවුරු ආදිය නොගෙන ධර්මය ලෙසින් විනිශ්චය කරන්නේ සද්ධම්මගරු නම් වේ.
පඤ්චහුපාලි ආකාරෙහීති පඤ්චහි කාරණෙහි සඞ්ඝො භිජ්ජති – කම්මෙන, උද්දෙසෙන, වොහරන්තො, අනුස්සාවනෙන, සලාකග්ගාහෙනාති. එත්ථ කම්මෙනාති අපලොකනාදීසු චතූසු කම්මෙසු අඤ්ඤතරෙන කම්මෙන. උද්දෙසෙනාති පඤ්චසු පාතිමොක්ඛුද්දෙසෙසු අඤ්ඤතරෙන උද්දෙසෙන. වොහරන්තොති කථයන්තො; තාහි තාහි උපපත්තීහි “අධම්මං ධම්මො”තිආදීනි අට්ඨාරස භෙදකරවත්ථූනි දීපෙන්තො . අනුස්සාවනෙනාති “නනු තුම්හෙ ජානාථ මය්හං උච්චාකුලා පබ්බජිතභාවං බහුස්සුතභාවඤ්ච, මාදිසො නාම උද්ධම්මං උබ්බිනයං සත්ථු සාසනං ගාහෙය්යාති චිත්තම්පි උප්පාදෙතුං තුම්හාකං යුත්තං, කිං මය්හං අවීචි නීලුප්පලවනමිව සීතලො, කිමහං අපායතො න භායාමී”තිආදිනා නයෙන කණ්ණමූලෙ වචීභෙදං කත්වා අනුස්සාවනෙන. සලාකග්ගාහෙනාති එවං අනුස්සාවෙත්වා තෙසං චිත්තං උපත්ථම්භෙත්වා අනිවත්තිධම්මෙ කත්වා “ගණ්හථ ඉමං සලාක”න්ති සලාකග්ගාහෙන.
“පඤ්චහි උපාලි ආකාරෙහි” කරුණු පසකින් “සඞ්ඝො භිජ්ජති කම්මෙන උද්දෙසෙන වොහරන්තො අනුසාවණෙන සලාකග්ගාහෙන” යන මෙහි “කම්මෙන” අපලොකනාදී වූ චතුර්විධ කර්මයන් අතුරෙහි එක්තරා කර්මයකින්. “උද්දෙසෙන” පස්වැදෑරුම් වූ ප්රාතිමොක්ෂාද්දෙශයන් අතුරෙහි එක්තරා උද්දෙශයකින්. “වොහරන්තො” කියමින් ඒ ඒ උපත්තීන්ගෙන් ‘අධර්මය ධර්මය, යනාදී වූ අටළොස් භෙදකර වස්තූන් දක්වමින්. “අනුසාවණෙන” ‘මා උසස් කුලයෙන් නික්ම පැවිදි වූ බව, මාගේ බහුශ්‍රැතභාවය තෙපි නොදනිහුද, මා වැන්නකු ධර්මයෙන් පහවූවක්කොට, විනයයෙන් පහවූවක්කොට ශාස්තෘශාසනය ගන්වන්නේය’යි සිතකුත් උපදවන්නට යුෂ්මතුන්ට සුදුසුවේද, කිම, මට අවීචිය නිලුපුල්වනයක් මෙන් සිහිල් වේද, කිම, මම අපායට බිය නොවෙම්ද, යනාදිනයින් කන්මුල වාග්භෙදකොට ඇස්වීමෙන් “සලාකග්ගාහෙන” මෙසේ අස්වා ඔවුන්ගේ සිත පිටිවහල් කොට අනිවර්ත ධර්මයන් කොට ‘මේ සලාකය ගණිවු’යි ලහගැන්වීමෙන්.
එත්ථ ච කම්මමෙව උද්දෙසො වා පමාණං, වොහාරානුස්සාවනසලාකග්ගාහා පන පුබ්බභාගා. අට්ඨාරසවත්ථුදීපනවසෙන හි වොහරන්තෙ තත්ථ රුචිජනනත්ථං අනුස්සාවෙත්වා සලාකාය ගාහිතායපි අභින්නොව හොති සඞ්ඝො. යදා පන එවං චත්තාරො වා අතිරෙකෙ වා සලාකං ගාහෙත්වා ආවෙණිකං කම්මං වා උද්දෙසං වා කරොති, තදා සඞ්ඝො භින්නො නාම හොති. ඉති යං සඞ්ඝභෙදකක්ඛන්ධකවණ්ණනායං අවොචුම්හා “එවං අට්ඨාරසසු වත්ථූසු යංකිඤ්චි එකම්පි වත්ථුං දීපෙත්වා තෙන තෙන කාරණෙන ‘ඉමං ගණ්හථ, ඉමං රොචෙථා’ති සඤ්ඤාපෙත්වා සලාකං ගාහෙත්වා විසුං සඞ්ඝකම්මෙ කතෙ සඞ්ඝො භින්නො හොති. පරිවාරෙ පන ‘පඤ්චහි, උපාලි, ආකාරෙහි සඞ්ඝො භිජ්ජතී’තිආදි වුත්තං. තස්ස ඉමිනා ඉධ වුත්තෙන සඞ්ඝභෙදලක්ඛණෙන අත්ථතො නානාකරණං නත්ථි. තං පනස්ස නානාකරණාභාවං තත්ථෙව පකාසයිස්සාමා”ති, ස්වායං පකාසිතො හොති.
මෙහිද කර්මයම හෝ උද්දෙශය හෝ ප්‍රමාණ වේ. ව්‍යවහාර අනුශ්‍රාවණ - සලාකග්රහයෝ වනාහි පූර්වභාගයෝය. අටළොස් වස්තු දැක්වීම් වසයෙන් වනාහි ව්‍යවහාර කරන්නහු විසින් එහි රුචිය උපදින පිණිස අස්වා සලාකය ගැන්වූ කල්හිද සඞ්ඝතෙමේ නොබිඳුනේම වේ. යම්කලෙක වනාහි සිවුදෙනෙක් හෝ ඉන් වැඩිදෙනෙක් හෝ සලාක ගන්වා වෙන්ව කර්මය හෝ උද්දෙශය හෝ කෙරෙත්ද, එකල්හි සඞ්ඝතෙමේ බිඳුනේ නම්වේ. මෙසේ යමක් සඞ්ඝභෙදක්ඛන්ධ වර්ණනාවෙහි කීමුද ‘මෙසේ අටළොස් වස්තූන් අතුරෙහි යම්කිසි එක් වස්තුවකුදු දක්වා ඒ ඒ කරුණෙන් ‘මේ ගණිවු, මෙය රුචි කරවු’යි හඟවා සලාක ගන්වා වෙන්ව සඞ්ඝකර්‍ම කළ කල්හි සඞ්ඝතෙමේ බිඳුනේ වේ. පරිවාරයෙහි වනාහි ‘පඤ්චහි උපාලි ආකාරෙහි සඞ්ඝො භිජ්ජති”යි වදාරණ ලද්දේය. ඒ පිළිබඳ මෙහි කියනලද මේ සඞ්ඝභෙද ලක්ෂණය හා අර්‍ත්‍ථවශයෙන් වෙනසක් නැත්තේය. මෙහි යම් වෙනස්බවක් ඇත්තේද එය එහිම පවසන්නෙමු’යි ඒ මෙය ප්‍රකාශකරණ ලද්දේ වේ.
පඤ්ඤත්තෙතන්ති පඤ්ඤත්තං එතං. ක්ව පඤ්ඤත්තං? වත්තක්ඛන්ධකෙ. තත්ර හි චුද්දස ඛන්ධකවත්තානි පඤ්ඤත්තානි. තෙනාහ – “පඤ්ඤත්තෙතං, උපාලි, මයා ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකවත්ත”න්තිආදි. එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති, නො ච සඞ්ඝභෙදොති එත්තාවතා හි සඞ්ඝරාජිමත්තමෙව හොති, න තාව සඞ්ඝභෙදො; අනුපුබ්බෙන පන අයං සඞ්ඝරාජි වඩ්ඪමානා සඞ්ඝභෙදාය සංවත්තතීති අත්ථො. යථාරත්තන්ති රත්තිපරිමාණානුරූපං; යථාථෙරන්ති අත්ථො. ආවෙනිභාවං කරිත්වාති විසුං වවත්‍ථානං කරිත්වා. කම්මාකම්මානි කරොන්තීති අපරාපරං සඞ්ඝකම්මං උපාදාය ඛුද්දකානි චෙව මහන්තානි ච කම්මානි කරොන්ති. සෙසමෙත්ථාපි අධිකරණවූපසමවග්ගෙ උත්තානමෙව.
“පඤ්ඤත්තෙතං” මෙය පණවන ලද්දේය. කොතැන්හි පණවන ලද්දේ ද, වත්තක්ඛන්ධකයෙහිය. එහි වනාහි කඳුවත් තුදුසෙක් පණවන ලදය. “පඤ්ඤත්තෙතං උපාලි මයා ආගන්තුකානං භික්ඛූනං ආගන්තුකවත්තං” යනාදිය එහෙයින් වදාළ සේක. “එවම්පි ඛො උපාලි සඞ්ඝරාජි හොති, නො ච සඞ්ඝභෙදා” මෙපමණකින් වනාහි සඞ්ඝරාජීය පමණක්ම වේ. සඞ්ඝභෙදය වනාහි නොවේ. පිළිවෙළින් වනාහි මේ සඞ්ඝරාජී තොමෝ වැඩෙන්නී සඞ්ඝභෙදය පිණිස පවතී’යි යන අර්‍ත්‍ථයි “යථාරත්තිං” රාත්‍රි ප්‍රමාණයට අනුරූපව, තෙරුන්ට අනුරූපව, යන අර්‍ත්‍ථයි. “ආවෙණිවග්ගං කරිත්වා” වෙන්ව ව්යවස්ථාකොට. “කම්මාකම්මානි කරොන්ති” අපරාපරසඞ්කර්ම නිසා කුඩාවූද මහත්වූද කර්ම කරත් මේ අධිකරණ වූපසමවර්ගයෙහිද සෙස්ස ප්‍රකටමය.
අධිකරණවූපසම වර්ගවර්ණනාව නිමි
සඞ්ඝභෙදකවග්ගද්වයවණ්ණනා
සඞ්ඝභෙදකවග්ගද්වයවණ්ණනා
සඞ්ඝභෙදවග්ගද්වයෙ – විනිධාය දිට්ඨිං කම්මෙනාති තෙසු අධම්මාදීසු අධම්මාදයො එතෙති එවංදිට්ඨිකොව හුත්වා තං දිට්ඨිං විනිධාය තෙ ධම්මාදිවසෙන දීපෙත්වා විසුං කම්මං කරොති. ඉති යං විනිධාය දිට්ඨිං කම්මං කරොති, තෙන එවං කතෙන විනිධාය දිට්ඨිං කම්මෙන සද්ධිං පඤ්චඞ්ගානි හොන්ති, “ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහී”ති අයමෙකස්මිං පඤ්චකෙ අත්ථයොජනා . එතෙන නයෙන සබ්බපඤ්චකානි වෙදිතබ්බානි. එත්ථාපි ච වොහාරාදි අඞ්ගත්තයං පුබ්බභාගවසෙනෙව වුත්තං. කම්මුද්දෙසවසෙන පන අතෙකිච්ඡතා වෙදිතබ්බා. සෙසං සබ්බත්ථ උත්තානමෙව. න හෙත්ථ කිඤ්චි අත්ථි යං පුබ්බෙ අවුත්තනයං.
සඞ්ඝභෙද වර්ගදෙක්හි - “විනිධාය දිට්ඨිං කම්මෙන” මේ අධර්මවාදීන් අතුරෙහි අර්ධමාදිහු මොවුහු’යි මෙසේ දෘෂ්ටි ඇතියෙක්ව ඒ දෘෂ්ටිය පිහිටුවා ඒ අධර්මයන් ධර්මාදිවශයෙන් දක්වා වෙන්ව කර්මකරයි. මෙසේ යම් දෘෂ්ටියක් පිහිටුවා පවසා කර්මකෙරේද, මෙසේ කළ ඒ විනිධාය දෘෂ්ටිකර්මය හා පස් අඞ්ගයෝ වෙත්. “ඉමෙහි ඛො උපාලි පඤ්චභඞ්ගෙහි” යන මෙය එක් පඤ්චකයෙක්හි අර්ත්ථයොජනාය. මේ නයින් සියලු පඤ්චකයෝ දතයුත්තාහ. මෙහිද ව්යවහාරාදි අඞ්ගතුන පූර්වභාග වශයෙන්ම කියනලදී. කර්මොද්දෙශ වශයෙන්ම වනාහි පිළියම් නොකට හැකිබව දතයුතුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය. මෙහි කිසි පෙරනොකියූ නයක් නැත්තේමය.
සඞ්ඝභෙද වර්ගද්වයය.
ආවාසිකවග්ගවණ්ණනා
ආවාසිකවග්ගවණ්ණනා
ආවාසිකවග්ගෙ – යථාභතං නික්ඛිත්තොති යථා ආහරිත්වා ඨපිතො.
ආවාසික වර්ගයෙහි - යථාභතං නික්ඛිත්තො ගෙණවුත් තබන ලද්දක් යම්සේද (එසේය)
විනයබ්යාකරණාති විනයපඤ්හෙ විස්සජ්ජනා. පරිණාමෙතීති නියාමෙති දීපෙති කථෙති. සෙසමෙත්ථ උත්තානමෙව.
“විනයබ්යාකරණා” විනයප්රශ්නය විසඳීම්ය. “පරිණාමෙති” නියමකරයි. දක්වයි. කියයි. මෙහි සෙස්ස ප්‍රකටමය.
ආවාසික වර්ගයය.
කථිනත්ථාරවග්ගවණ්ණනා
කථිනත්ථාරවග්ගවණ්ණනා
කථිනත්ථාරවග්ගෙ – ඔතමසිකොති අන්ධකාරගතො; තඤ්හි වන්දන්තස්ස මඤ්චපාදාදීසුපි නලාටං පටිහඤ්ඤෙය්ය. අසමන්නාහරන්තොති කිච්චයපසුතත්තා වන්දනං අසමන්නාහරන්තො. සුත්තොති නිද්දං ඔක්කන්තො. එකාවත්තොති එකතො ආවත්තො සපත්තපක්ඛෙ ඨිතො වෙරී විසභාගපුග්ගලො වුච්චති; අයං අවන්දියො. අයඤ්හි වන්දියමානො පාදෙනපි පහරෙය්ය. අඤ්ඤවිහිතොති අඤ්ඤං චින්තයමානො.
කඨිනත්ථාර වර්ගයෙහි - “ඔතමසිකො” අඳුරට පැමිණියෙක්. ඔහුට වඳින්නහුගේ නලළ ඇඳපා ආදියෙහි හැපෙන්නේය. වදින්නේය. “අසමන්නාභරන්තො” කටයුතුවල ව්‍යාවෘත වූ බැවින් වැඳීම නොසලකන්නේ. “සුත්තො” නින්දට බැස්සේ. “එකාවත්තො” එක්ක ගති පක්ෂයට පෙරළුනේ. සතුරු පක්ෂයෙහි සිටි වෛරී විෂභාගපුද්ගල තෙමේ කියනු ලැබේ. මෙතෙමේ නොවැඳිය යුත්තේය. මෙතෙමේ වනාහි නැමී වඳිනු ලබන්නේ පාදයෙනුදු ගසන්නේය. “අඤ්ඤවිහිතො” අනිකක් සිතන්නේ.
ඛාදන්තොති පිට්ඨඛජ්ජකාදීනි ඛාදන්තො. උච්චාරඤ්ච පස්සාවඤ්ච කරොන්තො අනොකාසගතත්තා අවන්දියො. උක්ඛිත්තකොති තිවිධෙනපි උක්ඛෙපනීයකම්මෙන උක්ඛිත්තකො අවන්දියො. තජ්ජනීයාදිකම්මකතා පන චත්තාරො වන්දිතබ්බා. උපොසථපවාරණාපි තෙහි සද්ධිං ලබ්භන්ති. ආදිතො පට්ඨාය ච වුත්තෙසු අවන්දියෙසු නග්ගඤ්ච උක්ඛිත්තකඤ්ච වන්දන්තස්සෙව ආපත්ති. ඉතරෙසං පන අසාරුප්පට්ඨෙන ච අන්තරා වුත්තකාරණෙන ච වන්දනා පටික්ඛිත්තා. ඉතො පරං පච්ඡාඋපසම්පන්නාදයො දසපි ආපත්තිවත්ථුභාවෙනෙව අවන්දියා. තෙ වන්දන්තස්ස හි නියමෙනෙව ආපත්ති. ඉති ඉමෙසු පඤ්චසු පඤ්චකෙසු තෙරස ජනෙ වන්දන්තස්ස අනාපත්ති, ද්වාදසන්නං වන්දනාය ආපත්ති.
“ඛාදන්තො” පිටිකැවිලි ආදිය කරන්නේ. මල-මූත්‍ර කරන්නේ යන මොවුහු අනවකාශයට ගිය බැවින් නොවැන්ද යුත්තාහ. “උක්ඛිත්තකො” ත්රිවිධවූද, උත්ෂෙපණීය කර්මයෙන් උත්ක්ෂිප්තක තෙමේ නොවැන්දයුතුය. තර්ජනීයාදිකර්ම කළ සිවුදෙන වනාහි වැන්දයුත්තාහ. උපෞෂථපවාරණයෝද ඔවුන් හා ලබත්. මුල පටන් කියූ නොවැන්ද යුත්තන් අතුරෙහි නග්නයාහටද උත්ක්ෂිප්තකයාහටද වඳින්නහුටම ඇවැත් වේ. අන්‍යයන්හට වනාහි නොසරුප් තැන්හිද අතරැකියූ කරුණෙන්ද වැදීම ප්රතික්ෂෙප කරණලදී. මෙයින් අන්‍යය, පසුව උපසම්පන්නාදීවූ දසදෙන ආපත්තිවස්තුභාවය නිසාම නොවැන්දයුත්තාහ. ඔවුන් වඳින්නහුට වනාහි නියමයෙන්ම ඇවැත් වේ. මෙසේ මේ පඤ්චක පසෙහි තෙළෙස් දෙන වඳින්නහුට ඇවැත් නොවේ. දොළොස් දෙනා වදින්නහුට වැඳීම නිමිතිකොට ඇවැත් වේ.
ආචරියො වන්දියොති පබ්බජ්ජාචරියො උපසම්පදාචරියො නිස්සයාචරියො උද්දෙසාචරියො ඔවාදාචරියොති අයං පඤ්චවිධොපි ආචරියො වන්දියො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“ආවරියො වන්දියො” ප්රව්රජ්යාචාර්ය්ය උපසම්පදාචාර්ය්ය-නිඃශ්රයාචාර්ය්ය උද්දෙශාචාර්ය්ය-අවවාදාචාර්‍ය්‍ය යන මේ පස්වැදෑරුම්වූද ආචාර්ය්ය තෙමේ වැඳිය යුතුය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
කථිනත්ථාරවග්ගවණ්ණනා නිට්ඨිතා.
කඨිනර්ත්ථාර වර්ණනාව නිමි
නිට්ඨිතා ච උපාලිපඤ්චකවණ්ණනා.
උපාලි පඤ්චක වර්ණනාව නිමි.