යෙදුමෙන් කියවන්න

7. මුසාවාද වග‍්ගො

7. මුසාවාද වග‍්ගො

7. මුසාවාද වර්‍ගය

1. කති නු ඛො භන‍්තෙ මුසාවාදාති?

1. වහන්ස, මුසාවාද කෙතෙක් ද?

පඤ‍්චිමෙ උපාලි, මුසාවාදා කතමෙ පඤ‍්ච : අත්‍ථි මුසාවාදො පාරාජිකගාමී, අත්‍ථි මුසාවාදො සඞ‍්ඝාදිසෙසගාමී, අත්‍ථි මුසාවාදො ථුල‍්ලච‍්චයගාමී, අත්‍ථි මුසාවාදො පාචිත‍්තියගාමී, අත්‍ථි මුසාවාදො දුක‍්කටගාමී. ඉමෙ ඛො උපාලි, පඤ‍්ච මුසාවාදාති.

උපාලි, මේ මුසාවාද පසෙකි. කවර පසෙකැ යත්: පරිජියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, සඟවෙසෙසට පැමිණෙන මුසාවාදයෙක් ඇත, ථුලැසියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, පචිතියට පැමිණෙන මුසාවාදයෙක් ඇත, දුකුළාවට පැමිණෙන මුසාවාදයෙක් ඇති. උපාලි, මේ මුසාවාද පසයි.

2. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද”න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ‍්බාති?

2. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට: “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර යි” (තමාගේ වචනයෙන් ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු ද?

පඤ‍්චහුපාලි අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද”න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ‍්බා. කතමෙහි පඤ‍්චහි : අලජ‍්ජී ච හොති, බාලො වා, අපකතත‍්තො වා, චාවනාධිප‍්පායො වත‍්තා හොති, නො වුට‍්ඨානාධිප‍්පායො, ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද”න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ‍්බා.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥානත් වෙයි, අපුවතත් වූයේත් වෙයි, (භික්‍ෂුභාවයෙන්) චුත කරවන අදහසින් කියන්නේ වෙයි, (ඇවැතින්) නැගී සිටුවන අදහසින් නො කියන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු, මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද’න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ‍්බා. කතමෙහි පඤ‍්චහි : අපරිසුද‍්ධකායසමාචාරො හොති. අපරිසුද‍්ධ වචීසමාචාරො හොති, අපරිසුද‍්ධාජීවො හොති. බාලො හොති අව්‍යත‍්තො, භණ‍්ඩනකාරකො හොති කලහකාරකො. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො සඞ‍්ඝමජ‍්ඣෙ උපොසථං වා පවාරණං වා ඨපෙන‍්තස‍්ස “අලං භික‍්ඛු මා භණ‍්ඩනං, මා කලහං, මා විග‍්ගහං, මා විවාද’න‍්ති ඔමද‍්දිත්‍වා සඞ‍්ඝෙන උපොසථො වා පවාරණා වා කාතබ‍්බාති.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩ සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතු යැ. කවර පසෙකිනැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු වාක්සමාචාර ඇත්තේ වෙයි, අපිරිසිදු දිවි පෙවෙත් ඇත්තේ වෙයි, අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි, ඩබර කරන්නේ කලහ කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ සඟ මැද උපෝසථය හෝ පවාරණය හෝ තබන්නා වූ මහණහට “මහණ, කම් නැත, ඩබර නො කර, කලහ නො කර, විග්‍රහ නො කර, විවාද නො කර”යි (ඔහුගේ වචනය) මැඩලා සඞ්ඝයා විසින් උපෝසථය හෝ පවාරණය හෝ කටයුතුයි.

3. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො න දාතබ‍්බොති?

3. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට අනුයෝගය නො දිය යුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො න දාතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : ආපත‍්තානාපත‍්තිං න ජානාති, ලහුකගරුකං ආපත‍්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං න ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං න ජානාති, සප‍්පටිකම‍්මංඅප‍්පටිකම‍්මං ආපත‍්තිං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො න දාතබ‍්බො.

උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහට අනුයෝගය නො දිය යුතුයි: කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත නො දනියි, ලුහු ගුරු ඇවැත නො දනියි, සාවසේස අනවසේස ඇවැත නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත නො දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය (චෝදනා විචාරණය) නො දිය යුතු යි.

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො දාතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : ආපත‍්තානාපත‍්තිං ජානාති, ලහුකගරුකං ආපත‍්තිං ජානාති, සාවසෙසානවසෙසං ආපත‍්තිං ජානාති, දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං ජානාති, සප‍්පටිකම‍්මං අප‍්පටිකම‍්මං ආපත‍්තිං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො අනුයොගො දාතබ‍්බොති.

උපාලි, අඞ්ග පසකින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි. කවර පසෙකින යත්: ඇවැත නො ඇවැත දනියි, ලුහු ගුරු ඇවැත දනියි, සාවසේස අනවසේස ඇවැත දනියි, තුළුල් නො තුළුල් ඇවැත දනියි, පිළියම් සහිත පිළියම් රහිත ඇවැත දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට අනුයෝගය දිය යුතු යි.

4. කතීහි නු ඛො භන‍්තෙ, ආකාරෙහි භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජතීති?

4. වහන්ස, කෙතෙක් අයුරින් මහණ ඇවැතට පැමිණේ ද?

“පඤ‍්චහුපාලි, ආකාරෙහි භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජති. කතමෙහි පඤ‍්චහි : අලජ‍්ජිතා අඤ‍්ඤාණතා, කුක‍්කුච‍්චපකතතා, අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහාකාරෙහි භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජති.

උපාලි, පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: ලජ්ජා නැති බව යැ, අඥාන බව යැ, කුකුසින් මැඩුණු බව යැ, නො කැපයෙහි කැපැයි හැඟීම් ඇති බව යැ, කැපයෙහි නො කැපැයි හැඟීම් ඇති බව යි. උපාලි, මේ පස් අයුරින් මහණ ඇවැතට පැමිණේ.

අපරෙහිපි උපාලි, පඤ‍්චහාකාරෙහි භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජති, කතමෙහි පඤ‍්චහි : අදස‍්සනෙන, අස‍්සවණෙන, පයුත‍්තකතා, තථාසඤ‍්ඤී, සතිසම‍්මොසා. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහාකාරෙහි භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජතීති.

උපාලි, අනෙකුදු පස් අයුරෙකින් මහණ ඇවැතට පැමිණේ. කවර පසෙකින යත්: (විනයධරයා) නො දැකීමෙන් යැ. (විනයධරයාගේ බස්) නො ඇසීමෙන් යැ. (සහගාර සෙය්‍යාවෙහි) නිදන බැවින් යැ, අකැපයෙහි කැපැයි සංඥා ඇති බැවින් යැ, සිහිමුළායෙනි. උපාලි, මේ පස් අයුරෙන් මහණ ඇවැතට පැමිණේ.

5. කති නු ඛො භන‍්තෙ, වෙරාති?

5. වහන්ස, වෙරයෝ කෙතෙක් ද?

පඤ‍්චිමෙ උපාලි, වෙරා. කතමෙ පඤ‍්ච : පාණාතිපාතො, අදින‍්නාදානං, කාමෙසු මිච‍්ඡාචාරො, මුසාවාදො, සුරාමෙරයමජ‍්ජප‍්පමාදට‍්ඨානං. ඉමෙ ඛො උපාලි, පඤ‍්ච වෙරාති.

උපාලි, මේ වෙරයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: පණිවා යැ, අයිනාදන යැ, කාමයන්හි වරදවා හැසිරීම යැ, මුසවා යැ, මද ප්‍රමාදයට හේතු වූ රහමෙර යි. උපාලි, මේ පස් වෙරයෝ යි.

6. කති නු ඛො භන‍්තෙ, වෙරමණියොති?

6. වහන්ස, විරමණයෝ කෙතෙක් ද?

පඤ‍්චිමා උපාලි, වෙරමණියො. කතමා පඤ‍්ච : පාණාතිපාතා වෙරමණී, අදින‍්නාදානා වෙරමණී, කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී, මුසාවාදා වෙරමණී, සුරාමෙරය මජ‍්ජප‍්පමාදට‍්ඨානා වෙරමණී. ඉමා ඛො උපාලි, පඤ‍්ච වෙරමණියොති.

උපාලි, මේ විරමණයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ප්‍රාණඝාතයෙන් වැළකීම යැ, නො දුන් දැය ගැන්මෙන් වැළකීම යැ, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම යැ, මුසවායෙන් වැළකීම යැ, මදයට හා ප්‍රමාදයට හේතු වූ රහමෙරින් වැළැකීම යි. උපාලි, මේ පස් විරමණයෝ යි.

7. කති නු ඛො භන‍්තෙ, බ්‍යසනානීති?

7. වහන්ස, ව්‍යසනයෝ කෙතෙක් ද?

පඤ‍්චිමානි උපාලි, බ්‍යසනානි. කතමානි පඤ‍්ච : ඤාතිබ්‍යසනං, භොගබ්‍යසනං, රොගබ්‍යසනං, සීලබ්‍යසනං, දිට‍්ඨිබ්‍යසනං. ඉමානි ඛො උපාලි, පඤ‍්චබ්‍යසනානීති.

උපාලි, මේ ව්‍යසනයෝ පසෙක් වෙති. කවර පසෙක යත්: ඥාතිව්‍යසන යැ, භොගව්‍යසන යැ, රෝගව්‍යසන යැ, ශීලව්‍යසන යැ, දෘෂ්ටිව්‍යසන යි. මේ පස් ව්‍යසනයෝ යි.

8. කති නු ඛො භන‍්තෙ, සම‍්පදාති?

8. වහන්ස, සම්පත්තීහු කෙතෙක් ද?

පඤ‍්චිමා උපාලි, සම‍්පදා. කතමා පඤ‍්ච : ඤාතිසම‍්පදා, භොගසම‍්පදා, ආරොග්‍යසම‍්පදා, සීලසම‍්පදා, දිට‍්ඨිසම‍්පදා. ඉමා ඛො උපාලි, පඤ‍්ච සම‍්පදාති.

උපාලි, මේ සම්පත්තීහු පසෙක් වෙති. කවර පසෙක් ද යත්: ඥාති සම්පත්ති යැ, භෝගසම්පත්ති යැ, ආරෝග්‍යසම්පත්ති යැ, ශීලසම්පත්ති යැ, දෘෂ්ටිසම්පත්ති යි. උපාලි, මේ පස් සම්පත්තීහු වෙත්.

මුසාවාදවග‍්ගො සත‍්තමො.

සත්වන මුසාවාද වර්‍ගය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

මුසාවාදො ච ඔමද‍්දා අපරෙ අනුයොගො ච ආපත‍්ති, අපරෙ වෙරා වෙරමණී බ්‍යසන සම‍්පදා චෙව සත‍්තමො වග‍්ගසඞ‍්ගහොති,

මුසාවාද යැ ඔමද්ද යැ අන්‍ය වූ අනුයෝග යැ ආපත්ති යැ අන්‍ය වූ වෙර යැ වේරමණී යැ ව්‍යසන යැ සම්පදා යැ යන මොහු සත්වන වර්‍ගයෙහි සඞ්ගෘහීතයහ.