6. ධුතඞ්ග වග‍්ගො
6. ධුතඞ‍්ග වග‍්ගො
6. ධුතඞ්ග වර්‍ගය
1. කති නු ඛො භන‍්තෙ ආරඤ‍්ඤිකාති?
1. වහන්ස, ආරණ්‍යකයෝ කෙතෙක් ද?
පඤ‍්චිමෙ උපාලි, ආරඤ‍්ඤිකා. කතමෙ පඤ‍්ච : මන්‍දත‍්තා මොමූහත‍්තා ආරඤ‍්ඤකො හොති, පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො ආරඤ‍්ඤකො හොති, උම‍්මාදා චිත‍්තක‍්ඛෙපා ආරඤ‍්ඤකො හොති, වණ‍්ණිතං බුද‍්ධෙහි බුද‍්ධසාවකෙහීති ආරඤ‍්ඤකො හොති, අපි ච අප‍්පිච‍්ඡඤ‍්ඤෙව නිස‍්සාය සන‍්තුට‍්ඨිඤ‍්ඤෙව නිස‍්සාය සල‍්ලෙඛඤ‍්ඤෙව නිස‍්සාය පවිවෙකඤ‍්ඤෙව නිස‍්සාය ඉදමත්‍ථිතඤ‍්ඤෙව නිස‍්සාය ආරඤ‍්ඤිකො හොති. ඉමෙ ඛො උපාලි, පඤ‍්ච ආරඤ‍්ඤකාති.
උපාලි, මේ ආරණ්‍යකයෝ පස්දෙනෙක් වෙති. කවර පස්දෙනෙක යත්: නො දැනීමෙන් මුළාබැවින් ආරණ්‍යක වෙයි. (ප්‍රත්‍යය ප්‍රාර්‍ත්‍ථනා නැමැති) ලාමක අදහස් ඇත්තේ ඒ ලාමක අදහසින් මඩනා ලද්දේ ආරණ්‍යක වෙයි. උමතු බැවින් චිත්තවික්‍ෂේපයෙන් ආරණ්‍යක වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි ආරණ්‍යක වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා (කෙලෙස්) දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇතිබව මැ නිසා ආරණ්‍යක වේ. උපාලි, මොහු පස් දෙන ආරණ්‍යකයෝ යි.
2-12. කති නු ඛො භන‍්තෙ, පිණ‍්ඩපාතිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, පංසුකූලිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, රුක‍්ඛමූලිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, සොසානිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, අබ‍්භොකාසිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, තෙචීවරිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, සපදානචාරිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, නෙසජ‍්ජිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, යථාසන්‍ථතිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, එකාසනිකාති -පෙ- කති නු ඛො භන‍්තෙ, ඛලුපච‍්ඡාභත‍්තිකාති -පෙ-?
2.-12. වහන්ස, පිණ්ඩපාතිකයෝ කෙතෙක් ද? ... වහන්ස, පංසුකූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, රුක්ඛමූලිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සෝසානිකයෝ කෙතෙක් ද? ... වහන්ස, අබෙභාකාසිකයෝ කෙතෙක් ද? ... වහන්ස, තෙචීවරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, සපදානචාරිකයෝ කෙතෙක් ද? ... වහන්ස, නෙසජ්ජිකයෝ කෙතෙක් ද? ... වහන්ස, යථාසන්‍ථතිකයෝ කෙතෙක් ද? ... වහන්ස ඒකාසනිකයෝ කෙතෙක් ද? ... වහන්ස බලුපච්ඡාභත්තිකයෝ කෙතෙක් ද? ...
13. කති නු ඛො භන‍්තෙ පත‍්තපිණ‍්ඩිකාති?
13. වහන්ස පත්තපිණ්ඩිකයෝ කෙතෙක් ද?
පඤ‍්චිමෙ උපාලි, පත‍්තපිණ‍්ඩිකා. කතමෙ පඤ‍්ච : මන්‍දත‍්තා මොමූහත‍්තා පත‍්තපිණ‍්ඩිකො හොති, පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො පත‍්තපිණ‍්ඩිකො හොති, උම‍්මාදා චිත‍්තක‍්ඛෙපා පත‍්තපිණ‍්ඩිකො හොති, වණ‍්ණිතං බුද‍්ධෙහි බුද‍්ධසාවකෙහීති පත‍්තපිණ‍්ඩිකො හොති. අපි ච අප‍්පිච‍්ඡතඤ‍්ඤෙව නිස‍්සාය සන‍්තුට‍්ඨිඤ‍්ඤෙව නිස‍්සාය සල‍්ලෙඛඤ‍්ඤෙව නිස‍්සාය පවිවෙකඤ‍්ඤෙව නිස‍්සාය ඉදමත්‍ථිතඤ‍්ඤෙව නිස‍්සාය පත‍්තපිණ‍්ඩිකො හොති. ඉමෙ ඛො උපාලි, පඤ‍්ච පත‍්තපිණ‍්ඩිකාති.
උපාලි, මේ පත්තපිණ්ඩිකයෝ පස් දෙනෙක් වෙති. කවර පස් දෙනෙක යත්: නො දැනීමෙන් මුළා බැවින් පත්තපිණ්ඩික වෙයි. ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලද්දේ පත්තපිණ්ඩික වෙයි. උමතුවෙන් චිත්තවික්‍ෂේපයෙන් පත්තපිණ්ඩික වෙයි. බුදුවරුන් විසින් බුදුසව්වන් විසින් වර්‍ණනා කරණ ලදැයි පත්තපිණ්ඩික වෙයි. වැලිදු අපිස්බව මැ නිසා සතොස්බව මැ නිසා කෙලෙස් දුරැලීම මැ නිසා ප්‍රවිවේකය මැ නිසා මේ පිළිවෙතෙහි ප්‍රයෝජන ඇති බව මැ නිසා පත්තපිණ්ඩික වේ. උපාලි, මොහු පස්දෙන පත්තපිණ්ඩිකයෝ යි.
ධුතඞ‍්ගවග‍්ගො ඡට‍්ඨො.
සවන ධුතඞ්ග වර්‍ගය නිමි.
තස‍්සුද‍්දානං:
එහි නාමාවලිය:
ආරඤ‍්ඤකො පිණ‍්ඩ පංසු රුක‍්ඛ සුසාන පඤ‍්චමං, අබ‍්භො තෙචීවරඤ‍්චෙව සපදාන නෙසජ‍්ජිකා ; සන්‍ථතෙකාසනඤ‍්චෙව ඛලුපච‍්ඡා පත‍්තපිණ‍්ඩිකාති.
ආරඤ්ඤක යැ පිණ්ඩපාතික යැ පංසුකූලික යැ රුක්ඛමූලික යැ පස්වනු වූ සෝසානික යැ අබ්භෝකාසික යැ තෙචීවරික යැ සපදාන යැ නෙසජ්ජික යැ යථාසන්‍ථතික යැ ඒකාසනික යැ බලුපච්ඡාභත්තික යැ පත්තපිණ්ඩික යැ යි.