5. අත්තාදාන වග්ගො
5. අත්තාදාන වග්ගො
5. අත්තාදාන වර්ගය
1. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති?
1. වහන්ස, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කෙතෙක් කරුණු තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු ද ?
චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච : චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : පරිසුද්ධකායසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි, භික්ඛු පරිසුද්ධකායසමාචාරො හොති පරිසුද්ධෙන කායසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති වත්තාරො : ‘ඉඞ්ඝ තාව ආයස්මා කායිකං සික්ඛස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
උපාලි, මෙරමාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් කරුණු පසක් තමා කෙරෙහිලා සලකා මෙරමා චෝදනා කළයුතු යි. කවර පසෙක යත්:- උපාලි, අනෙකකුට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙම් සිදුරු රහිත වූ අනුන් විසින් විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ පිරිසිදු වූ කායසමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ කායසමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට කායසමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
පුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : පරිසුද්ධවචීසමාචාරො නු ඛොම්හි, පරිසුද්ධෙනම්හි වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති. නො චෙ උපාලි, භික්ඛු පරිසුද්ධ වචීසමාචාරො හොති, පරිසුද්ධෙන වචීසමාචාරෙන සමන්නාගතො අච්ඡිද්දෙන අප්පටිමංසෙන, තස්ස භවන්ති වත්තාරො ‘ඉඞ්ඝ තාව ආයස්මා වාචසිකං සික්ඛස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාහට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මම පිරිසිදු වූ වාක්සමාචාර ඇත්තෙම් ද, සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූයෙම් ද, මේ ධර්මය මා කෙරෙහි පවතී ද, නැද්ද” කියා යි. උපාලි, ඉදින් මහණ තෙමේ පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තෙක් නො වේ නම් සිදුරු රහිත වූ විමසා සදොසැයි ගතහැකි වරද නැති පිරිසිදු වූ වාක්සමාචාරයෙන් යුක්ත වූවෙක් නො වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට වාක්සමාචාරයෙහි හික්මෙන්නැ”යි ඔහුට මෙසේ කියන්නෝ වෙත්.
පුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : මෙත්තං නු ඛො මෙ චිත්තං පච්චුපට්ඨිතං සබ්රහ්මචාරීසු අනාඝාති, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි, භික්ඛුනො මෙත්තං චිත්තං පච්චුපට්ඨිතං හොති සබ්රහ්මචාරීසු අනාඝාති, තස්ස භවන්ති වත්තාරො ‘ඉඞ්ඝ තාව ආයස්මා සබ්රහ්මචාරීසු මෙත්තං චිත්තං උපට්ඨාපෙහී’ති. ඉතිස්ස භවන්ති වත්තාරො.
උපාලි, තවද අනෙකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මාගේ මෙත් සිත එළඹ සිටියේ ද, මේ ධර්මය මා තුළ පවතී ද නැද්ද” කියා යි. උපාලි, ඉදින් සබ්‍රම්සරුන් කෙරෙහි ආඝාත රහිත මෙත් සිත මහණහු තුළ නො එළඹ සිටියේ වේ නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට සබ්‍රම්සරුන් කෙරෙහි මෙත් සිත උපදවා ගන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
පුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : බහුස්සුතො නු ඛොම්හි සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙ කල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපා මෙ ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි භික්ඛු බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො, යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථා සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති, තථාරූපස්ස ධම්මා න බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, තස්ස භවන්ති වත්තාරො : ඉඞ්ඝ තාව ආයස්මා ආගමං පරියාපුණස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො.
උපාලි, තවද අනෙකකි; අන්‍යායාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි. “මම සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙම් ද, ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්ත්ථ සව්‍යඤ්ජන වූ යම් ධර්මකෙනෙක් කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් නම් එබඳු ධර්මයෝ මා විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුන පුනා විමසන ලද්දාහු “ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු වෙද්ද? තෙල ධර්මය මා තුළ පවතී ද නොහොත් නැද්දැ” යි. උපාලි, ඉදින් මහණ සුතධර වූ සුතසන්නිචය වූ බහුශ්‍රැතයෙක් නො වේ නම් ආදිකල්‍යාණ මධ්‍යකල්‍යාණ පර්‍ය්‍යවසානකල්‍යාණ සාර්ත්ථ සව්‍යඤ්ජන වූ යම් ධර්ම කෙනෙක් කේවල පරිපූර්ණ කොට පිරිසිදු කොට බඹසර පවසත් ද එබඳු ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා විමසන ලද්දාහු ප්‍රඥායෙන් මොනවට අවබෝධ කරණ ලද්දාහු නො වෙත් නම් ඔහුට නුගුණ කියන්නෝ වෙති. “එබැවින් ආයුෂ්මත් පළමු කොට ආගමධර්මය පුහුණු කරන්නැ”යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්.
පුන චපරං උපාලි, චොදකෙන භික්ඛුනා පරං චොදෙතුකාමෙන එවං පච්චවෙක්ඛිතබ්බං : උභයානි ඛො මෙ පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුව්යඤ්ජනසො, සංවිජ්ජති නු ඛො මෙ එසො ධම්මො උදාහු නොති, නො චෙ උපාලි, භික්ඛුනො උභයානි පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, ඉදං පනාවුසො, කත්ථ වුත්තං භගවතාති ඉති පුට්ඨො න සම්පාදෙති, තස්ස භවන්ති වත්තාරො : ‘ඉඞ්ඝ තාව ආයස්මා විනයං පරියාපුණස්සූ’ති ඉතිස්ස භවන්ති වත්තාරො. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං පච්චවෙක්ඛිත්වා පරො චොදෙතබ්බොති.
උපාලි, තවද අනිකකි; අන්‍යයාට චෝදනා කරණු කැමැති වූ චෝදක මහණහු විසින් මෙසේ නුවණින් සැලකිය යුතු යි: “මා විසින් උභයප්රාතිමෝක්ෂය පෙළ වශයෙන් ද (අර්ත්ථකථාදි) අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ කරණ ලද ද, මොනවට විභාග කොට දැන ගන්නා ලද ද, මොනවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද ද, මොනවට විනිශ්චය කොට දැනගන්නා ලද ද, මේ ධර්මය මා තුළ පවතී ද නැද්ද කියා යි. උපාලි, ඉදින් මහණහු විසින් උභයප්රාතිමෝක්ෂය පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද විස්තර වශයෙන් මොනවට ප්‍රගුණ නො කරණ ලද මොනවට විභාග කොට නො දන්නා ලද මොනවට දැරීම් වශයෙන් පවත්වා නො ගන්නා ලද මොනවට විනිශ්චය කොට නො දන්නා ලද නම් ඇවැත, මෙය වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් කොතැන්හි දේශිත දැයි විචාරණ ලද්දේ සිහි කොට නො කියයි ද, (කිය නොහැකි වේ ද) දන්වනු නොහැකි වේ ද, ඔහුට නුගුණ කියන්නෝ වෙති: “එබැවින් ආයුෂ්මත් තෙමේ පළමු කොට විනය ප්‍රගුණ කරන්නැ” යි මෙසේ ඔහුට කියන්නෝ වෙත්. උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමැති චෝදක මහණහු විසින් මේ දහම් පස තමන් කෙරෙහි නුවණින් සලකා බලා අන්‍යයාට චෝදනා කටයුතු ය.
2. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා පරො චොදෙතබ්බොති?
2. වහන්ස, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් කෙතෙක් දහම් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු ද?
චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බො. කතමෙ පඤ්ච : කාලෙන වක්ඛාමි නො අකාලෙන, භූතෙන වක්ඛාමි නො අභූතෙන, සණ්හෙන වක්ඛාමි නො ඵරුසෙන, අත්ථසංහිතෙන වක්ඛාමි නො අනත්ථසංහිතෙන, මෙත්තාචිත්තො වක්ඛාමි නො දොසන්තරොති. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨපෙත්වා පරො චොදෙතබ්බොති.
උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි. කවර පසෙකැ යත්: සුදුසු කල්හි කියන්නෙමි, නො කල්හි නො කියන්නෙමි. භූතයෙන් කියන්නෙමි, අභූතයෙන් නො කියන්නෙමි. මෘදු වූ වචනයෙන් කියන්නෙමි, රළු වචනයෙන් නො කියන්නෙමි. අර්‍ත්‍ථසංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි. මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි. උපාලි, පරා චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා කෙරෙහි එළවා ගෙන පරා චෝදනා කටයුතු යි.
3. චොදකෙන භන්තෙ, භික්ඛුනා පරං චොදෙතුකාමෙන කති ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති?
3. වහන්ස, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණුන් විසින් කෙතෙක් දහම් තමන් තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු ද?
චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බො, කතමෙ පඤ්ච : කාරුඤ්ඤතා, හිතෙසිතා, අනුකම්පිතා, ආපත්තිවුට්ඨානතා, විනයපුරෙක්ඛාරතා. චොදකෙනුපාලි, භික්ඛුනා පරං චොදෙතුකාමෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං මනසිකරිත්වා පරො චොදෙතබ්බොති.
උපාලි, අන්‍යයාට චෝදනා කරණු කැමති චෝදක මහණහු විසින් දහම් පසක් තමා තුළ මෙනෙහි කොට අන්‍යායාට චෝදනා කටයුතු යි. කවර පසෙක යත්: කුළුණැති බව යැ හිතෛෂී බව යැ අනුකම්පා ඇති බව යැ ඇවැතින් නැගිටුවා ශුද්ධියෙහි පිහිටුවන බව යැ විනය පෙරටු කොට ඇති බව යි. උපාලි, අන්‍යයාට චෝදනා කරනු කැමති චෝදක මහණහු විසින් මේ දහම් පස තමා තුළ මෙනෙහි කොට අන්‍යයාට චෝදනා කටයුතු යි.
4. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුන්ති?
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්වාගත ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ ද?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : අපරිසුද්ධකායසමාචාරො හොති, අපරිසුද්ධවචීසමාචාරො හොති, අපරිසුද්ධාජීවො හොති, බාලො හොති අබ්යත්තො, න පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වෙයි. කවර පසෙකැ යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෑ කියන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි නො වේ.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : පරිසුද්ධකායසමාචාරො හොති, පරිසුද්ධවචීසමාචාරො හොති, පරිසුද්ධාජීවො හොති, පණ්ඩිතො හොති බ්යත්තො, පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුන්ති.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු කායසමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු වාක් සමාචාරය ඇත්තේ වෙයි. පිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි. විචාරණු ලබන්නේ විචාළ දෙය කියන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නිසි වේ.
5. අත්තාදානං ආදාතුකාමෙන භන්තෙ, භික්ඛුනා කතීහඞ්ගෙහි සමන්නාගතං අත්තාදානං ආදාතබ්බන්ති?
5. වහන්ස, අත්තාදානය (ශාසනය ශුද්ධ කරණු කැමති මහණහු විසින් ගණු ලබන අධිකරණය) ගණු කැමති මහණහු විසින් කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ අත්තාදානය ගත යුතු ද?
අත්තාදානං ආදාතුකාමෙනුපාලි, භික්ඛුනා පඤ්චඞ්ගසමන්නාගතං අත්තාදානං ආදාතබ්බං, කතමෙ පඤ්චහි : අත්තාදානං ආදාතුකාමෙනුපාලි, භික්ඛුනා එවං පච්චවෙක්ඛිතබ්බං : ‘යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, කාලො නු ඛො ඉමං අත්තාදානං ආදාතුං උදාහු නො’ති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ‘ජානාති : අකාලො ඉමං අත්තාදානං ආදාතුං, නො කාලො’ති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
උපාලි, අත්තාදානය ගනු කැමති මහණහු විසින් අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගත යුතු යි. කවර පසෙකින යත්: උපාලි, අත්තාදානය ගණු කැමති මහණහු විසින් මෙසේ නුවණින් සලකා බැලිය යුතු යි. “මම යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය ගන්නට සුදුසු කාලය වේ ද, නොහොත් නො වේ දැ” යි. ඉදින් උපාලි, මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැනීමට නො කල් ය, නිසි කල් නො වේ” ය යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගත යුතු යි.
සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : කාලො ඉමං අත්තාදානං ආදාතුං නො අකාලොති, තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : ‘යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, භූතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘අභූතං ඉදං අත්තාදානං, නො භූත’න්ති, න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය ගැණීමට කල් යැ. නො කල් නො වේ”ය යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය වූවක් ද නැතහොත් නොවූවක් දැ”යි. උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ, “මේ අත්තාදානය නොවුවකි, වූවක් නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නො ගතයුතු යි.
සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘භූතං ඉදං අත්තාදානං නො අභූත’න්ති. තෙනුපාලි භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : යං ඛො අහං ඉමං අත්තාදානං ආදාතුකාමො, අත්ථසංහිතං නු ඛො ඉදං අත්තාදානං උදාහු නොති. සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘අනත්ථසංහිතං ඉදං අත්තාදානං නො අත්ථසංහිත’න්ති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
උපාලි, ඉදින් වනාහි නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය වූවකි, නො වූවක් නො වේ” යැ යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි දු සලකා බැලිය යුතු යි: “මම් වනාහි යම් මේ අත්තාදානයක් ගණු කැමැත්තෙම් ද මේ අත්තාදානය අර්ත්ථසංහිතයෙක් ද නැතහොත් අනර්‍ත්‍ථසංහිතයෙක් දැ” යි, උපාලි, ඉදින් මහණ තෙමේ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අනර්ත්ථසංහිතයකි අර්‍ත්‍ථසංහිත නො වේ” යයි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : අත්ථසංහිතං ඉදං අත්තාදානං නො අනත්ථසංහිතන්ති. තෙනුපාලි, භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං. ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙ උදාහු නොති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ඉමං ඛො අහං අත්තාදානං ආදියමානො න ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙති. න තං උපාලි, අත්තාදානං ආදාතබ්බං.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය අර්‍ත්‍ථසංහිත යැ. අනර්‍ත්‍ථසංහිත නො වේ” යැයි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්ම විසින් විනය විසින් පක්ෂ වූ සන්දිට්ඨ සම්භත්ත භික්ෂූන් ලබන්නෙම් ද, නැතහොත් නො ලබන්නෙම් දැයි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්ම විසින් විනය විසින් පක්ෂ වූ සන්දිට්ඨ සම්භත්ත භික්ෂූන් නො ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු ය.
සචෙ පනුපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉදං ඛො අහං අත්තාදානං ආදියමානො ලභිස්සාමි සන්දිට්ඨෙ සම්භත්තෙ භික්ඛූ ධම්මතො විනයතො පක්ඛෙ’ති, තෙනුපාලි, භික්ඛුනා උත්තරිං පච්චවෙක්ඛිතබ්බං : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතොනිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණං උදාහු නොති. සචෙ උපාලි, භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණන්ති. න තං උපාලි අත්තාදානං ආදාතබ්බං.
උපාලි, ඉදින් වනාහි මහණ නුවණින් සලකා බලනුයේ “මම් වනාහි මේ අත්තාදානය ගන්නෙම් ධර්ම විසින් විනය විසින් පක්ෂ වූ සන්දිට්ඨසම්භත්ත භික්ෂූන් ලබන්නෙමි” යි මෙසේ දනී ද, උපාලි, ඒ මහණහු විසින් මත්තෙහි නුවණින් සලකා බැලිය යුතු යි: “මේ අත්තාදානය මා ගත් කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ ද, නැතහොත් නො වන්නේ දැ”යි, උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මා මේ අත්තාදානය ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය නොගත යුතු යි.
සචෙ පනුපාලි භික්ඛු පච්චවෙක්ඛමානො එවං ජානාති : ‘ඉමං ඛො මෙ අත්තාදානං ආදියතො න භවිස්සති සඞ්ඝස්ස තතො නිදානං භණ්ඩනං කලහො විග්ගහො විවාදො සඞ්ඝභෙදො සඞ්ඝරාජි සඞ්ඝවවත්ථානං සඞ්ඝනානාකරණ’න්ති, තං ආදාතබ්බං උපාලි, අත්තාදානං. එවං පඤ්චඞ්ගසමන්නාගතං ඛො උපාලි අත්තාදානං ආදින්නං පච්ඡාපි අවිප්පටිසාරකරං භවිස්සතීති.
උපාලි, ඉදින් මහණ නුවණින් සලකා බලනුයේ “මේ අත්තාදානය මා ගත්කල්හි ඒ හේතුයෙන් සඞ්ඝයාගේ භණ්ඩනයෙක් කලහයෙක් විග්‍රහයෙක් විවාදයෙක් සඞ්ඝභේදයෙක් සඞ්ඝරාජියක් සඞ්ඝව්‍යවත්‍ථානයෙක් සඞ්ඝනානාකරණයෙක් නො වන්නේ යැ” යි මෙසේ දනී ද, උපාලි, ඒ අත්තාදානය ගතයුතු යි. උපාලි, මෙසේ අඞ්ග පසෙකින් යුක්ත වූ අත්තාදානය ගන්නා ලදුයේ පසු දු විපිළිසරබව නොකරන්නක් වන්නේ යි.
6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොතීති?
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් සමන්වාගත මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ ද?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති. කතමෙහි පඤ්චහි : සීලවා හොති පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු, බහුස්සුතො හොති සුතධරො සුතසන්නිචයො යෙ තෙ ධම්මා ආදිකල්යාණා මජ්ඣෙකල්යාණා පරියොසානකල්යාණා සාත්ථං සව්යඤ්ජනා කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං අභිවදන්ති තථා රූපස්ස ධම්මා බහුස්සුතා හොන්ති ධාතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා, උභයානි ඛො පනස්ස පාතිමොක්ඛානි විත්ථාරෙන ස්වාගතානි හොන්ති සුවිභත්තානි සුප්පවත්තීනි සුවිනිච්ඡිතානි සුත්තසො අනුබ්යඤ්ජනසො, විනයෙ ඛො පන ඨිතො හොති අසංහීරො, පටිබලො හොති උභො අත්තපච්චත්ථිකෙ අස්සාසෙතුං සඤ්ඤාපෙතුං නිජ්ඣාපෙතුං පෙක්ඛෙතුං පසාදෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: සිල්වත් වූයේ ප්රාතිමෝක්ෂසංවරශීලයෙන් යුක්ත වූයේ ආචාරගෝචරසම්පන්න වූයේ අණුමාත්‍ර වරදෙහි බිය දක්නාසුලු වූයේ වෙසෙයි, සිකපද සමාදන් වැ සිකපදයන්හි හික්මෙයි. ඇසූ පිරූ තැන් ඇති ඇසූ දැය රැස් කොට තබා ගැණුම් ඇති බහුශ්‍රැතයෙක් වෙයි. මුල යහපත් වූ මැද යහපත් වූ අවසනැ යහපත් වූ අර්ත්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ හාත්පසින් පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරණ එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු දරණ ලද්දාහු වචනයෙන් පුරුදු කරණ ලද්දාහු සිතින් පුනපුනා සලකා බලන ලද්දාහු දෘෂ්ටියෙන් මොනොවට අවබෝධ කරණ ලද්දාහු වෙත් ද, පෙළ වශයෙන් ද අනුව්‍යඤ්ජන වශයෙන් ද උභයප්රාතිමෝක්ෂය ඔහු විසින් විස්තර වශයෙන් මොනොවට ප්‍රගුණ කරණ ලද්දාහු මොනොවට විභාග කොට දැනගන්නා ලද්දාහු මොනොවට දැරීම් වශයෙන් පවත්වා ගන්නා ලද්දාහු මොනොවට විනිශ්චය කොට දැනගන්නා ලද්දාහු වෙත්. විනයයෙහි පැකිළීම් නැත්තේ ස්ථිර වැ පිහිටියේ වෙයි. (ස්වපක්ෂ - විපක්ෂ) දෙපක්ෂයෙහි තමහට සතුරු වූවන් අස්වසන්නට දන්වන්නට කල්පනාවට බස්වන්නට බලවන්නට පහදවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති, කතමෙහි පඤ්චහි : පරිසුද්ධකායසමාචාරො හොති, පරිසුද්ධවචීසමාචාරො හොති, පරිසුද්ධාජීවො හොති, පණ්ඩිතො හොති බ්යත්තො පටිබලො අනුයුඤ්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති.
උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: පිරිසිදු වූ කායසමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ වාක් සමාචාර ඇත්තේ වෙයි, පිරිසිදු වූ දිවිපෙවෙත් ඇත්තේ වෙයි, ව්‍යක්ත වූ පණ්ඩිතයෙක් වෙයි, විචාරණු ලබන්නේ විචාළ දෙය කියා දෙන්නට ප්රතිබලයෙක් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොති. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු අධිකරණජාතානං භික්ඛූනං බහූපකාරො හොතීති.
උපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වෙයි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්රඥප්තිය දනියි, පද පෙරැළිය දනියි, ගැළපෙන වදන් මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණ උපන් අධිකරණ ඇති භික්ෂූන්ට බොහෝ උපකාර ඇත්තේ වේ.
7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බන්ති?
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් නො පිළිවිසිය යුතු ද?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං න ජානාති, සුත්තානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච ඨානාඨානකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය නො දනියි, සූත්‍රානුලෝමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය නො දනියි, කාරණාකාරණයන්හි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත මහණහු විසින් අනුයුඤ්ජනය (පිළිවිසීම) නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : සුත්තං ජානාති, සුත්තානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, ඨානාඨානකුසලො ච හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: සූත්‍රය දනියි, සූත්‍රානුලෝමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, කාරණා කාරණයන්හි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ධම්මං න ජානාති, ධම්මානුලොමං න ජානාති, විනයං න ජානාති, විනයානුලොමං න ජානාති, න ච පුබ්බාපරකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්මය නො දනියි, ධර්‍මානුලොමය නො දනියි, විනය නො දනියි, විනයානුලෝමය. නො දනියි, පෙරැපසු කථාවන්හි දක්ෂ වූයේත් නො වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං කතමෙහි පඤ්චහි : ධම්මං ජානාති, ධම්මානුලොමං ජානාති, විනයං ජානාති, විනයානුලොමං ජානාති, පුබ්බාපරකුසලො ච හොති.– ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ධර්මය දනියි, ධර්‍මානුලොමය දනියි, විනය දනියි, විනයානුලෝමය දනියි, පෙරැපසු කථාවන්හි දක්ෂ වූයේත් වේ. “උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
9. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්රඥප්තිය නො දනියි, පද පෙරැළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්‍රඳප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං න ජානාති, ආපත්තිසමුට්ඨානං න ජානාති, ආපත්තියා පයොගං න ජානාති, ආපත්තියා වූපසමං න ජානාති, ආපත්තියා න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
10. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය නො දනියි, ආපත්තිසමුට්ඨානය නො දනියි, ආපත්තිප්‍රයෝගය නො දනියි, ආපත්තිව්යුපශමය නො දනියි, ආපත්ති විනිශ්චය කිරීමෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ජානාති, ආපත්තිසමුට්ඨානං ජානාති, ආපත්තියා පයොගං ජානාති, ආපත්තියා වූපසමං ජානාති, ආපත්තියා විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: ආපත්තිය දනියි, ආපත්තිසමුට්ඨානය දනියි, ආපත්තිප්‍රයෝගය දනියි, ආපත්තිව්යුපශමය දනියි, ආපත්තිවිනිශ්චය කිරීමෙහි දක්ෂ වේ. උපාලි. මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං න ජානාති, අධිකරණසමුට්ඨානං න ජානාති, අධිකරණස්ස පයොගං න ජානාති, අධිකරණස්ස වූපසමං න ජානාති, අධිකරණස්ස න විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා නානුයුඤ්ජිතබ්බං.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය නො දනියි, අධිකරණ සමුට්ඨානය නො දනියි, අධිකරණ ප්‍රයෝගය නො දනියි, අධිකරණ ශමථය නො දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්ෂ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් නො පිළිවිසිය යුතු යි.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බං. කතමෙහි පඤ්චහි : අධිකරණං ජානාති, අධිකරණසමුට්ඨානං ජානාති, අධිකරණස්ස පයොගං ජානාති, අධිකරණස්ස වූපසමං ජානාති, අධිකරණස්ස විනිච්ඡයකුසලො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා අනුයුඤ්ජිතබ්බන්ති.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි. කවර පසෙකින යත්: අධිකරණය දනියි, අධිකරණ සමුට්ඨානය දනියි, අධිකරණ ප්‍රයෝගය දනියි, අධිකරණ ශමථය දනියි, අධිකරණ විනිශ්චයෙහි දක්ෂ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් පිළිවිසිය යුතු යි.
අත්තාදානවග්ගො පඤ්චමො.
පස්වන අත්තාදාන වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
පරිසුද්ධඤ්ච කාලෙන කාරුඤ්ඤෙන ඔකාසෙන ච, අත්තාදානං අධිකරණං අපරෙහි ච වත්ථු ච ; සුත්තං ධම්මං පුන වත්ථු ච ආපත්ති අධිකරණෙන චාති.
පරිසුද්ධ යැ කාල යැ කාරුඤ්ඤ යැ ඕකාසකම්මය සමග අත්තාදාන යැ අධිකරණ යැ අපරයත් සමග වස්තු යැ සුත්ත යැ ධම්ම යැ නැවැත වස්තු යැ අධිකරණය සමග ආපත්ති යි.