4. දිට්ඨාවීකම්මවග්ගො
4. දිට්ඨාවීකම්මවග්ගො
4. දිට්ඨාවිකර්ම වර්ගය
1. කති නු ඛො භන්තෙ, අධම්මිකා දිට්ඨාවීකම්මාති?
1. වහන්ස, නො දැහැමි දිට්ඨාවීකම්ම (ඇවැත් දෙසීම්) කෙතෙක් ද?
පඤ්චිමෙ උපාලි, අධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : අනාපත්තියා දිට්ඨිං ආවීකරොති, අදෙසනාගාමිනියා ආපත්තියා දිට්ඨිං ආවීකරොති, දෙසිතාය ආපත්තියා දිට්ඨිං ආවීකරොති, චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා.1
උපාලි, මේ නොදැහැමි දිට්ඨාවීකම්ම පසෙකි. කවර පසෙකැ යත්: අනාපත්තියෙහි (ඇවැතැයි) ඇවැත දෙසයි, දේසනාගාමිනී නොවූ ගරු ඇවැතෙහි ඇවැත දෙසයි. දෙසූ ඇවතෙහි (යළි) ඇවැත දෙසයි, හතර පස් දෙනෙකුන් හා (එකතුව) ඇවැත දෙසයි, (වාග්භේද නො කොට) සිතීමෙන් මැ ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
පඤ්චිමෙ උපාලි, ධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : ආපත්තියා දිට්ඨිං ආවීකරොති, දෙසනාගාමිනියා ආපත්තියා දිට්ඨිං ආවීකරොති, අදෙසිතාය ආපත්තියා දිට්ඨිං ආවීකරොති, න චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, න මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා දිට්ඨාවීකම්මා.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි. කවර පසෙකැ යත්: ඇවැතෙහි ඇවැත දෙසයි, දේසනාගාමිනී ඇවැතෙහි ඇවැත දෙසයි, නො දෙසූ ඇවතෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් ම නො වැ වාග්භේද කොට ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
2. අපරෙපි උපාලි, පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : නානාසංවාසකස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, නානාසීමාය ඨිතස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, අපකතත්තස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි පඤ්ච අධම්මිකා දිට්ඨාවීකම්මා.
2. උපාලි, අනෙකුදු නොදැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙක යත්: (ලබ්ධි වශයෙන් හෝ කර්ම වශයෙන් හෝ) නානා සංවාසකයකු හමුවෙහි ඇවැත් දෙසයි, නානා සීමාවෙහි සිටියහු හමුවෙහි ඇවැත් දෙසයි, ප්රකෘත නොවූ මහණක්හු (උඛෙවුනීකම් කරණ ලද්දහු හෝ පොහෝ පවුරුණු තබන ලද්දහු) හමුවෙහි ඇවැත දෙසයි. සතර පස් දෙනෙකුන් හා කැටිවැ ඇවැත දෙසයි, (වාග්භේද නොකොට) සිතීමෙන් ම ඇවැත දෙසයි. උපාලි, මේ නො දැහැමි ඇවැත් දෙසීම් පස යි.
පඤ්චිමෙ උපාලි, ධම්මිකා දිට්ඨාවීකම්මා. කතමෙ පඤ්ච : සමානසංවාසකස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, සමාන සීමාය ඨිතස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, පකතත්තස්ස සන්තිකෙ දිට්ඨිං ආවීකරොති, න චතූහි පඤ්චහි දිට්ඨිං ආවීකරොති, න මනො මානසෙන දිට්ඨිං ආවීකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා දිට්ඨාවීකම්මාති.
උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පසෙකි, කවර පසෙකැ යත්: සමානසංවාසකයකු හමුයෙහි ඇවැත දෙසයි, සමාන සීමාවෙහි සිටියහු හමුයෙහි ඇවැත දෙසයි, ප්රකෘත මහණක්හු හමුවෙහි ඇවැත දෙසයි, සතර පස් දෙනෙකුන් හා නොම එකතුව ඇවැත දෙසයි, සිතීමෙන් මැ නොවැ වාග්භේද කොට මැ ඇවැත දෙසයි. උපාලි, මේ දැහැමි ඇවැත් දෙසීම් පස යි.
3. කති නු ඛො භන්තෙ, අධම්මිකා පටිග්ගහාති?
3. වහන්ස, නොදැහැමි පිළිගැණුම් කෙතෙක් ද?
පඤ්චිමෙ උපාලි, අධම්මිකා පටිග්ගහා. කතමෙ පඤ්ච : කායෙන දීයමානං කායෙන අපටිග්ගහිතං, කායෙන දීයමානං කායපටිබද්ධෙන අපටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායෙන අපටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායපටිබද්ධෙන අපටිග්ගහිතං, නිස්සග්ගියෙන දීයමානං කායෙන වා කායපටිබද්ධෙන වා අපටිග්ගහිතං. ඉමෙ ඛො උපාලි, පඤ්ච අධම්මිකා පටිග්ගහා.
උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙකැ යත්: (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කයින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කයින් නොපිළිගන්නා ලද්ද යැ, (මෙරමා කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් නොපිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් (තමාගේ) කයින් හෝ කය පිළිබැදියකින් හෝ නොපිළිගන්නා ලද්ද යි. උපාලි, මේ නොදැහැමි පිළිගැණුම් පස යි.
පඤ්චිමෙ උපාලි, ධම්මිකා පටිග්ගහා. කතමෙ පඤ්ච : කායෙන දීයමානං කායෙන පටිග්ගහිතං, කායෙන දීයමානං කායපටිබද්ධෙන පටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායෙන පටිග්ගහිතං, කායපටිබද්ධෙන දීයමානං කායපටිබද්ධෙන පටිග්ගහිතං, නිස්සග්ගියෙන දීයමානං කායෙන වා කායපටිබද්ධෙන වා පටිග්ගහිතං. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා පටිග්ගහාති.
උපාලි, මේ දැහැමි පිළිගැණුම් පසෙකි, කවර පසෙක යත්: කයින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, කයින් දෙනු ලබන්නක් කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, කය පිළිබැදියකින් දෙනු ලබන්නක් කයින් පිළිගන්නා ලද්ද යැ, (මෙරමා) කය පිළිබැදියකින් දෙනු ලබන්නක් (තමාගේ) කය පිළිබැදියකින් පිළිගන්නා ලද්ද යැ, නිසැදුමෙන් දෙනු ලබන්නක් කයින් හෝ කය පිළිබැදියකින් හෝ පිළිගන්නා ලද්ද යැ. උපාලි, මේ දැහැමි පිළිගැණුම් පස යි.
4. කති නු ඛො භන්තෙ, අනතිරිත්තාති?
4. වහන්ස, අනතිරික්ත කෙතෙක් ද ?
පඤ්චිමෙ උපාලි; අනතිරිත්තා. කතමෙ පඤ්ච : අකප්පියකතං හොති, අපටිග්ගහිතකතං හොති අනුච්චාරිතකතං හොති, අහත්ථපාසෙ කතං හොති, අලමෙතං සබ්බන්ති අවුත්තං හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අනතිරිත්තා.
උපාලි, මේ අනතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප නොකරණ ලද වෙයි, පිළිගැන්ම නොකරණලද වෙයි, ඔසවාපෑම නොකරණලද වෙයි, අත්පස්හි නොකරණ ලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි (වාග්භේද කොට) නො කියන ලද වේ. උපාලි, මේ අනතිරික්ත පස යි.
පඤ්චිමෙ උපාලි, අතිරිත්තා. කතමෙ පඤ්ච : කප්පියකතං හොති, පටිග්ගහිතකතං හොති, උච්චාරිතකතං හොති, හත්ථපාසෙ කතං හොති, අලමෙතං සබ්බන්ති වුත්තං හොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අතිරිත්තාති.
උපාලි, මේ අතිරික්ත පසෙකි, කවර පසෙක යත්: කැප කරණලද වෙයි, පිළිගැන්ම කරණලද වෙයි, ඔසවා පෑම කරණලද වෙයි, අත්පස්හි කරණලද වෙයි, මේ සියල්ල සෑහේ යැ යි කියනලද වේ. උපාලි, මේ අතිරික්ත පස යි.
5. කතීහි නු ඛො භන්තෙ, ආකාරෙහි පවාරණා පඤ්ඤායතීති?
5. වහන්ස, කෙතෙක් අයුරින් පවාරණය පැණේ ද ?
පඤ්චහුපාලි, ආකාරෙහි පවාරණා පඤ්ඤායති. කතමෙහි පඤ්චහි : අසනං පඤ්ඤායති, භොජනං පඤ්ඤායති, හත්ථපාසෙ ඨිතො, අභිහරති, පටික්ඛෙපො පඤ්ඤායති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහාකාරෙහි පවාරණා පඤ්ඤායතීති.
උපාලි, පස් අයුරකින් පවාරණය පැණෙයි. කවර පසෙකින යත්:-(අඩාළ) බොජුන පැණෙයි, (පස් බොජුන් අතුරෙන්) එක් බොජුනෙක් පැණෙයි, (දෙරියන් වියත්) අත්පසෙහි සිටියේ වෙයි. (කයින්) එළවයි, (කයින් වචනින්) පිළිකෙව් කිරීම පැණේ. උපාලි, මේ පස් අයුරින් පවාරණය පැණෙයි.
6. කති නු ඛො භන්තෙ, අධම්මිකා පටිඤ්ඤාතකරණාති?
6. වහන්ස, නොදැහැමි ප්‍රතිඥාතකරණ කෙතෙක් ද?
පඤ්චිමෙ උපාලි, අධම්මිකා පටිඤ්ඤාතකරණා. කතමෙ පඤ්ච : භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො සඞ්ඝාදිසෙසං අජ්ඣාපන්නොති පටිජානාති, තං සඞ්ඝො සඞ්ඝාදිසෙසෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ-
උපාලි, මේ නොදැහැමි ප්‍රතිඥාතකරණ පසෙකි, කවර පසෙක යත්: මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් අවන්මි යි පිළින කෙරෙයි, සඞ්ඝ තෙමේ ඔහුට සඟවෙසෙසින් විනය කර්ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ පරිජි අවන් වෙයි, පරිජි ඇවතින් චෝදනා කරණු ලබන කල්හි පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ...
දුක්කටං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො දුක්කටෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං පාටිදෙසනීයං -පෙ- දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානෙ පාරාජිකං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානො සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො පාටිදෙසනීයෙන කාරෙති, අධම්මිකං පටිඤ්ඤාතකරණං. ඉමෙ ඛො උපාලි, පඤ්ච අධම්මිකා පටිඤ්ඤාතකරණා.
දුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනය කර්ම කරවා නම් (එය) අධම්මික පටිඤ්ඤාතකරණ යැ. මහණ දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පිළිදෙස්නී ඇවැතින් විනයකර්ම කරවා නම් (එය) අධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ අධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
පඤ්චිමෙ උපාලි, ධම්මිකා පටිඤ්ඤාතකරණා. කතමෙ පඤ්ච : භික්ඛු පාරාජිකං අජ්ඣාපන්නො හොති, පාරාජිකෙන චොදියමානො පාරාජිකං අජ්ඣාපන්නො පටිජානාති. තං සඞ්ඝො පාරාජිකෙන කාරෙති, ධම්මිකං පටිඤ්ඤාතකරණං. භික්ඛු සඞ්ඝාදිසෙසං -පෙ- පාචිත්තියං -පෙ- පාටිදෙසනීයං -පෙ- දුක්කටං අජ්ඣාපන්නො හොති, දුක්කටෙන චොදියමානෙ දුක්කටං අජ්ඣාපන්නො පටිජානාති, තං සඞ්ඝො දුක්කටෙන කාරෙති, ධම්මිකං පටිඤ්ඤාතකරණං. ඉමෙ ඛො උපාලි, පඤ්ච ධම්මිකා පටිඤ්ඤාතකරණාති.
උපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පසෙකි. කවර පසෙක් ද යත්: මහණ පරිජි ඇවැත් අවන් වෙයි, පරිජි ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි පරිජි අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා පරිජි ඇවැතින් විනයකර්ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යැ, මහණ සඟවෙසෙස් ඇවැත් ... පචිති ඇවැත් ... පිළිදෙස්නී ඇවැත් ... දුකුළා ඇවැත් අවන් වෙයි, දුකුළා ඇවැතින් චෝදනා කරණු ලබන කල්හි දුකුළා ඇවැත් අවන්මි යි පිළින කෙරෙයි, ඔහුට සඞ්ඝයා දුකුළා ඇවැතින් විනයකර්ම කරවා නම් (එය) ධම්මිකපටිඤ්ඤාතකරණ යි. උපාලි, මේ ධම්මිකපටිඤ්ඤාතකරණ පස යි.
7. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුන්ති?
7. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට නො නිසි ද?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං, කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච අපකතත්තො ච, චාවනාධිප්පායො වත්තා හොති, නො වුට්ඨානාධිප්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස නාලං ඔකාසකම්මං කාතුං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාස කර්මය කරන්නට නො නිසි වෙයි. කවර පසෙකිනැ යත්: අලජ්ජීත් වෙයි, අඥාන වූයේත් වෙයි, අප්රකෘත වූයේත් වෙයි, සසුනෙන් පහ කරවනු කැමැති ව කියනුයේ වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ නො කියනුයේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු නො වේ.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතුං. කතමෙහි පඤ්චහි : ලජ්ජී ච හොති, පණ්ඩිතො ච, පකතත්තො ච, වුට්ඨානාධිප්පායො වත්තා හොති, නො චාවනාධිප්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො ඔකාසකම්මං කාරාපෙන්තස්ස අලං ඔකාසකම්මං කාතු”න්ති.
උපාලි, අඞ්ග පසෙකින් යුත් ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වෙයි. කවර පසෙකිනැ යත්: ලජ්ජීත් වෙයි, නුවණැත්තේත් වෙයි, ප්රකෘත වූයේත් වෙයි, (ඇවැතින්) නගා සිටුවන අදහස් ඇති වැ කියනුයේත් වෙයි, සස්නෙන් පහ කරවන අදහස් නැත්තේත් වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ ඕකාසකර්‍මය කරවන මහණහට ඕකාසකර්‍මය කරන්නට සුදුසු වේ.
8. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡිතබ්බොති?
8. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමඟ විනය සාකච්ඡා නො කටයුතු ද ?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡාතබ්බො, කතමෙහි පඤ්චහි : වත්ථුං න ජානාති, නිදානං න ජානාති, පඤ්ඤත්තිං න ජානාති, පදපච්චාභට්ඨං න ජානාති, අනුසන්ධිවචනපථං න ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො න සාකච්ඡාතබ්බො.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි. කවර පසෙකින් ද යත්: (ඇවැත් පිළිබඳ) වස්තුව නො දනියි, නිදානය නො දනියි, ප්රඥප්තිය නො දනියි, පදපෙරළිය නො දනියි, ගැළපෙන වදන්මග නො දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා නො කටයුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො සාකච්ඡාතබ්බො. කතමෙහි පඤ්චහි : වත්ථුං ජානාති, නිදානං ජානාති, පඤ්ඤත්තිං ජානාති, පදපච්චාභට්ඨං ජානාති, අනුසන්ධිවචනපථං ජානාති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා සද්ධිං විනයො සාකච්ඡාතබ්බොති.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි. කවර පසෙකිනැ යත්: වස්තුව දනියි, නිදානය දනියි, ප්රඥප්තිය දනියි, පදපෙරැළිය දනියි, ගැළපෙන වදන්මග දනී. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග විනය සාකච්ඡා කටයුතු යි.
9. කති නු ඛො භන්තෙ, පඤ්හාපුච්ඡාති?
9. වහන්ස, පැණ පිළිවිසීම් කෙතෙක් ද ?
පඤ්චිමා උපාලි, පඤ්හපුච්ඡා. කතමා පඤ්ච : මන්දත්තා මොමූහත්තා පඤ්හං පුච්ඡති, පාපිච්ඡො ඉච්ඡාපකතො පඤ්හං පුච්ඡති, අඤ්ඤාතුකාමො පඤ්හං පුච්ඡති, සචෙ මෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්යාකරිස්සති ඉච්චෙතං කුසලං, නො චෙ පඤ්හං පුට්ඨො සම්මදෙව බ්යාකරිස්සති, අහමස්ස සම්මදෙව බ්යාකරිස්සාමීති පඤ්හං පුච්ඡති. ඉමා ඛො උපාලි, පඤ්ච පඤ්හාපුච්ඡාති.
උපාලි, මේ පැණ පිළිවිසීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් ප්‍රශ්න විචාරයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ ප්‍රශ්න විචාරයි, නින්දාරෝපණය කරණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි, දැනගණු කැමැත්තෙන් ප්‍රශ්න විචාරයි. ඉදින් මා විසින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට විසඳනුයේ නම් එසේ තෙල විසඳීම මැනැව, ඉදින් පැණ පුළුවුස්නා ලදුයේ මොනවට නොවිසඳනුයේ නම් මම ඔහුට මැනැවින් ප්‍රකාශ කරන්නෙමි යි ප්‍රශ්න විචාරයි. උපාලි, මේ පැණ පිළිවිසීම් පස යි.
10. කති නු ඛො භන්තෙ, අඤ්ඤබ්යාකරණාති?
10. වහන්ස, රහත් බව ප්‍රකාශ කිරීම් කෙතෙක් ද?
පඤ්චිමෙ උපාලි, අඤ්ඤබ්යාකරණා. කතමෙ පඤ්ච : මන්දත්තා මොමූහත්තා අඤ්ඤං බ්යාකරොති, පාපිච්ඡො ඉච්ඡාපකතො අඤ්ඤං බ්යාකරොති, උම්මාදා චිත්තක්ඛෙපා අඤ්ඤං බ්යාකරොති, අධිමානෙන අඤ්ඤං බ්යාකරොති, භූතං අඤ්ඤං බ්යාකරොති. ඉමෙ ඛො උපාලි, පඤ්ච අඤ්ඤබ්යාකරණාති.
උපාලි, මේ රහත් බව ප්‍රකාශ කිරීම් පසෙකි. කවර පසෙකැ යත්: නුවණ මඳ බැවින් මෝහයෙන් මුළා බැවින් රහත්බව පළ කෙරෙයි, ලාමක අදහස් ඇතියේ ලාමක අදහසින් මඩනා ලදුයේ රහත්බව පළ කෙරෙයි, උමතුවෙන් සිත් පෙරැළීමෙන් රහත්බව පළ කෙරෙයි. (පසක් කෙළෙමි යන) අධිමානයෙන්. රහත්බව පළ කෙරෙයි, විද්‍යාමාන වූ රහත්බව පළ කෙරෙයි. උපාලි, මේ රහත්බැව් පළ කිරීම් පස යි.
11. කති නු ඛො භන්තෙ, විසුද්ධියොති?
11. වහන්ස, විශුද්ධි කෙතෙක් ද?
පඤ්චිමා උපාලි, විසුද්ධියො. කතමා පඤ්ච : නිදානං උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං පඨමා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං දුතියා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං තතියා විසුද්ධි. නිදානං උද්දිසිත්වා චත්තාරි පාරාජිකානි උද්දිසිත්වා තෙරස සඞ්ඝාදිසෙසෙ උද්දිසිත්වා ද්වෙ අනියතෙ උද්දිසිත්වා අවසෙසං සුතෙන සාවෙතබ්බං, අයං චතුත්ථා විසුද්ධි, විත්ථාරෙනෙව පඤ්චමී. ඉමා ඛො උපාලි, පඤ්ච විසුද්ධියොති.
උපාලි, මේ විශුද්ධි පසෙකි. කවර පසෙකැ යත්: නිදානය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ පළමුවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ දෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ තෙවන විශුද්ධි යැ. නිදානය උදෙසා සතර පරිජි උදෙසා තෙළෙස් සඟවෙසෙස් උදෙසා දෙඅනියතය උදෙසා සෙස්ස ශ්‍රැතයෙන් ඇස්විය යුතු යි. මේ සතරවන විශුද්ධි යැ. විත්ථාරුද්දේසයෙන් පස්වන විශුද්ධිය වේ. උපාලි, මේ විශුද්ධි පස යි.
12. කති නු ඛො භන්තෙ, භොජනාති?
12. වහන්ස, භෝජන කෙතෙක් ද ?
පඤ්චිමෙ උපාලි භොජනා. කතමෙ පඤ්ච : ඔදනො, කුම්මාසො, සත්තු, මච්ඡො, මංසං. ඉමෙ ඛො උපාලි, පඤ්ච භොජනාති.
උපාලි, මේ භෝජන පසෙකි. කවර පසෙකැ යත්: බත යැ, කොමු යැ, අත්සුණු යැ, දියමස් යැ, ගොඩමස් යැ. උපාලි, මේ භෝජන පස යි.
දිට්ඨාවීකම්මවග්ගො චතුත්ථො.
සිවුවන දිට්ඨාවීකම්ම වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
දිට්ඨාවීකම්මා අපරෙ පටිග්ගහානතිරිත්තා, පවාරණා පටිඤ්ඤාතං ඔකාසං සාකච්ඡෙන ච ; පඤ්හං අඤ්ඤබ්යාකරණා විසුද්ධි චාපි භොජනාති.
දිට්ඨාවීකම්ම දෙක යැ අපර දෙක යැ පටිග්ගහ දෙක යැ අනතිරිත්ත යැ පවාරණ යැ පටිඤ්ඤාතකරණ යැ ඕකාසකම්ම යැ සාකච්ඡාව සමග පඤ්හ යැ අඤ්ඤඛ්යාකරණ විශුද්ධි යැ භෝජන යැ යි.