යෙදුමෙන් කියවන්න

8. භික‍්ඛුනොවාද වග‍්ගො

8. භික‍්ඛුනොවාද වග‍්ගො

8. භික්ඛුනෝවාද වර්‍ගය

1. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බන‍්ති?

1. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ කර්‍ම කළයුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙන. කතමෙහි පඤ‍්චහි : විවරිත්‍වා කායං භික‍්ඛුනීනං දස‍්සෙති : ඌරුං දස‍්සෙති, අඞ‍්ගජාතං දස‍්සෙති, උභො අංසකූටෙ දස‍්සෙති, ඔභාසති, ගිහී සම‍්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙන.

උපාලි, අඞ්ග පසෙකින් යුක්තවූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින්ම “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැඳිය යුත්තෙකැ” යි (දණ්ඩ) කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂුණීන්හට දක්වයි; වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙඋරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි. ගිහියන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැඳිය යුත්තෙකැ” යි කර්‍ම කළයුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙන. කතමෙහි පඤ‍්චහි : භික‍්ඛුනීනං අලාභාය පරිසක‍්කති, භික‍්ඛුනීනං අනත්‍ථාය පරිසක‍්කති, භික‍්ඛුනීනං අවාසාය පරිසක‍්කති, භික‍්ඛුනියො අක‍්කොසති පරිභාසති, භික‍්ඛූ භික‍්ඛුනීහි භෙදෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙන.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළයුතුයි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස (වසන තැනින් නෙරපීම පිණිස) යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට ආක්‍රෝශ - පරිභව කෙරෙයි, මහණුන් මෙහෙණන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණී සඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණී සඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙන. කතමෙහි පඤ‍්චහි : භික‍්ඛුනීනං අලාභාය පරිසක‍්කති, භික‍්ඛුනීනං අනත්‍ථාය පරිසක‍්කති, භික‍්ඛුනීනං අවාසාය පරිසක‍්කති, භික‍්ඛුනියො අක‍්කොසති පරිභාසති, භික‍්ඛූ භික‍්ඛුනීහි සම‍්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතස‍්ස භික‍්ඛුනො භික‍්ඛුනීසඞ‍්ඝෙනෙව කම‍්මං කාතබ‍්බං, අවන්‍දියො සො භික‍්ඛු භික‍්ඛුනීසඞ‍්ඝෙනාති.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට භික්‍ෂුණිසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණිසඞ්ඝයා විසින් නො වැන්ද යුත්තෙකැ” යි කර්‍ම කළ යුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂුණීන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂුණීන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ කෙරෙයි. නින්‍දා කෙරෙයි, මහණුන් මෙහෙණන් හා (මෙවුන්දම්හි) යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට භික්‍ෂුණීසඞ්ඝයා විසින් මැ “ඒ මහණ භික්‍ෂුණීසඞ්ඝයා විසින් නොවැන්ද යුත්තෙකැ”යි කර්‍ම කළ යුතු යි.

2. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බන‍්ති?

2. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බං, කතමෙහි පඤ‍්චහි : විවරිත්‍වා කායං භික‍්ඛූනං දස‍්සෙති, ඌරුං දස‍්සෙති, අඞ‍්ගජාතං දස‍්සෙති, උභො අංසකූටෙ දස‍්සෙති, ඔභාසති, ගිහී සම‍්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බං.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: කය විවෘත කොට භික්‍ෂූන්හට දක්වයි, වටොර දක්වයි, රහසඟ දක්වයි, දෙ උරහිස් දක්වයි, නොසැබි තෙපුල් කියයි, (මෙහෙණන් හා මෙවුන්දම් සෙවුනා පිණිස) ගිහියන් යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බං. කතමෙහි පඤ‍්චහි : භික‍්ඛූනං අලාභාය පරිසක‍්කති, භික‍්ඛූනං අනත්‍ථාය පරිසක‍්කති, භික‍්ඛූනං අවාසාය පරිසක‍්කති, භික‍්ඛූ අක‍්කොසති පරිභාසති, භික‍්ඛුනියො භික‍්ඛූහි භෙදෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බං.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා බිඳුවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළ යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බං. කතමෙහි පඤ‍්චහි : භික‍්ඛූනං අලාභාය පරිසක‍්කති, භික‍්ඛූනං අනත්‍ථාය පරිසක‍්කති, භික‍්ඛූනං අවාසාය පරිසක‍්කති, භික‍්ඛූ අක‍්කොසති පරිභාසති, භික‍්ඛුනියො භික‍්ඛූහි සම‍්පයොජෙති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතාය භික‍්ඛුනියා කම‍්මං කාතබ‍්බන‍්ති.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි. කවර පසෙකින යත්: භික්‍ෂූන්හට අලාභ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට අනර්‍ත්‍ථ පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්ගේ නො විසීම පිණිස යත්න කෙරෙයි, භික්‍ෂූන්හට ආක්‍රෝශ කෙරෙයි, නින්‍දා කෙරෙයි, මෙහෙණන් මහණුන් හා මෙවුන්දම් පිණිස යොදවයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ භික්‍ෂුණියට කර්‍ම කළයුතු යි.

3. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බොති?

3. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච, චාවනාධිප‍්පායො වත‍්තා හොති, නො වුට‍්ඨානාධිප‍්පායො. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තෙක් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේ වෙයි. (භික්‍ෂු භාවයෙන්) චුත කරවනු කැමැත්තේ කියන්නේ වෙයි. (ඇවැතින්) නැගුටුවන අදහස් ඇත්තේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අපරිසුද‍්ධකායසමාචාරො හොති, අපරිසුද‍්ධවචීසමාචාරො හොති, අපරිසුද‍්ධාජීවො හොති, බාලො හොති, අව්‍යත‍්තො, න පටිබලො අනුයුඤ‍්ජියමානො අනුයොගං දාතුං. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි. කවර පසෙකින යත්: අපිරිසිදු කායසමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු වාක් සමාචාර ඇත්තේ වෙයි. අපිරිසිදු දිවිපෙවෙත් ඇත්තේ වෙයි. අව්‍යක්ත වූ අඥානයෙක් වෙයි. විචාරණු ලබන්නේ අනුයෝගය දෙන්නට ප්‍රතිබල නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : කායිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, භික‍්ඛුනීනං අක‍්කොසකපරිභාසකො හොති, භික‍්ඛුනීහි සද‍්ධිං සංසට‍්ඨො විහරති අනනුලොමිකෙන සංසග‍්ගෙන. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතුයි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායිකවාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමඟ නො සුදුසුයේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අංග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච, භණ‍්ඩනකාරකො ච හොති කලහකාරකො, සික‍්ඛාය ච න පරිපූරිකාරී. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ඨපෙතබ‍්බොති.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නො තැබිය යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේ වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. කලහ කරන්නේ අරගල කරන්නේත් වෙයි. ශික්‍ෂාවන් සම්පූර්‍ණ කරන්නේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් මෙහෙණන් පිළිබඳ අවවාදය නොතැබිය යුතු යි.

4. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ගහෙතබ‍්බොති?

4. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ගහෙතබ‍්බො, කතමෙහි පඤ‍්චහි : කායිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන‍්නාගතො හොති, භික‍්ඛුනීනං අක‍්කොසකපරිභාසකො හොති, භික‍්ඛුනීහි සද‍්ධිං සංසට‍්ඨො විහරති අනනුලොමිකෙන සංසග‍්ගෙන. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ගහෙතබ‍්බො.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්ට අවවාද කිරීම නොපිළිගත යුතු යි. කවර පසෙකින යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි. භික්‍ෂුණීන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ වෙයි. භික්‍ෂුණීන් සමග නොසුදුසු සේ එක් වැ හැනී වෙසේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ගහෙතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අලජ‍්ජී ච හොති, බාලො ච, අපකතත‍්තො ච, ගමිකො වා හොති, ගිලානො වා. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා භික‍්ඛුනීනං ඔවාදො න ගහෙතබ‍්බොති.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නො පිළිගත යුතු යි. කවර පසෙකින යත්: ලජ්ජා නැත්තේත් වෙයි. අඥානත් වෙයි. අපුවතත් වූයේත් වෙයි. ගමිකයෙක් හෝ වෙයි. ගිලනෙක් හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් භික්‍ෂුණීන්හට අවවාද කිරීම නොපිළිගත යුතු යි.

5. කතීහි නු ඛො භන‍්තෙ, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං න සාකච‍්ඡිතබ‍්බොති?

5. ස්වාමීනි, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු ද?

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං න සාකච‍්ඡිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : න අසෙක‍්ඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, න අසෙක‍්ඛෙන සමාධික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, න අසෙක‍්ඛෙන පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, න අසෙක‍්ඛෙන විමුත‍්තික‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, න අසෙක‍්ඛෙන විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං න සාකච‍්ඡිතබ‍්බො.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ සමාධිරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්ති රාශියෙන් යුක්ත වූයේ නො වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනරාශියෙන් යුක්ත වූයේ නො වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (කැප අකැපාදිය පිළිබඳ) සාකච්ඡා නො කළ යුතු යි.

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං සාකච‍්ඡිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අසෙක‍්ඛෙන සීලක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති, අසෙක‍්ඛෙන සමාධික‍්ඛන්‍ධෙන -පෙ- පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන -පෙ- විමුත‍්තික‍්ඛන්‍ධෙන -පෙ- විමුත‍්තිඤාණදස‍්සනක‍්ඛන්‍ධෙන සමන‍්නාගතො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං සාකච‍්ඡිතබ‍්බො.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අශෛක්‍ෂ වූ ශීලරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ සමාධිරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ ප්‍රඥාරාශියෙන් යුක්ත වූයේ වෙයි, අශෛක්‍ෂ වූ විමුක්තිරාශියෙන් යුක්ත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥාන දර්‍ශනරාශියෙන් යුක්ත වූයේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.

අපරෙහිපි උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං න සාකච‍්ඡිතබ‍්බො, කතමෙහි පඤ‍්චහි : න අත්‍ථපටිසම‍්භිදාපත‍්තො හොති, න ධම‍්මපටිසම‍්භිදාපත‍්තො හොති, න නිරුත‍්ති පටිසම‍්භිදාපත‍්තො හොති, න පටිභානපටිසම‍්භිදාපත‍්තො හොති, යථාවිමුත‍්තං චිත‍්තං පච‍්චවෙක‍්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං න සාකච‍්ඡිතබ‍්බො.

උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා නො කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි. පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට නො පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, ප්‍රතිභාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගත ඥානයට නො පැමිණියේ වෙයි, (සතර ඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි - පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා නො කරන්නේ වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග (නාම රූප පරිච්ඡේදාදිය) සාකච්ඡා නො කළ යුතු යි.

පඤ‍්චහුපාලි, අඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං සාකච‍්ඡිතබ‍්බො. කතමෙහි පඤ‍්චහි : අත්‍ථපටිසම‍්භිදාපත‍්තො හොති, ධම‍්මපටිසම‍්භිදාපත‍්තො හොති, නිරුත‍්තිපටිසම‍්භිදාපත‍්තො හොති, පටිභානපටිසම‍්භිදාපත‍්තො හොති, යථාවිමුත‍්තං චිත‍්තං පච‍්චවෙක‍්ඛති. ඉමෙහි ඛො උපාලි, පඤ‍්චහඞ‍්ගෙහි සමන‍්නාගතෙන භික‍්ඛුනා සද‍්ධිං සාකච‍්ඡිතබ‍්බොති.

උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි. කවර පසෙකින යත්: අර්‍ත්‍ථකථායෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, පෙළදහමෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ව්‍යවහාර නිරුක්තියෙහි ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, ප්‍රහිහාන සඞ්ඛ්‍යාත ප්‍රභේදගතඥානයට පැමිණියේ වෙයි, (සතරඵල විමුක්තීන්ගේ වශයෙන්) මිදුනු සිත (එකුන්විසි පස්විකුම් නුවණින්) ප්‍රත්‍යවේක්‍ෂා කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු සමග සාකච්ඡා කළ යුතු යි.

භික‍්ඛුනොවාදවග‍්ගො අට‍්ඨමො.

අටවන භික්බුනෝවාදක වර්‍ගය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

භික‍්ඛුනීහෙව කාතබ‍්බං අපරෙහි තථා දුවෙ, භික‍්ඛුනීනං තයො කම‍්මා න ඨපෙතබ‍්බා ද‍්වෙ දුකා : න ගහෙතබ‍්බා ද‍්වෙ වුත‍්තා සාකච‍්ඡාසු ච ද‍්වෙ දුකාති.

භික්ඛුණීභෙවකාතබ්බ යැ එසේම අපරෙහි දෙක යැ භික්‍ෂුණීන් පිළිබඳ වූ කර්‍ම තුණ යැ න ඨපේතබ්බදුක දෙක යැ න ගභෙතබ්බ දෙක යැ සාකච්ඡාවන්හි දුක දෙක යැ.