1. අනිස්සිත වග්ගො
1. අනිස්සිත වග්ගො
1. අනිස්සිත වර්ගය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා උපාලි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා උපාලි භගවන්තං එතදවොච : “කතීහි නුඛො භන්තෙ අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බ”න්ති.
1. එ සමයෙහි භාග්‍යවත් බුදුරජානන් වහන්සේ සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩ වසන සේක. එ කල්හි ආයුෂ්මත් උපාලි තෙරණුවෝ, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ආයුෂ්මත් උපාලි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ. “වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුදැ” යි.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : උපොසථං න ජානාති, උපොසථකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතුයි, කවර පසෙකින් ද යත්: උපෝසථය නො දනියි, උපෝසථ කර්මය නො දනියි, ප්රාතිමෝක්ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං, කතමෙහි පඤ්චහි : උපොසථං ජානාති, උපොසථකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: උපෝසථය දනියි, උපෝසථ කර්මය දනියි, ප්රාතිමෝක්ෂය දනියි, පාමොක් උදෙසීම දනියි. පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : පවාරණං න ජානාති, පවාරණකම්මං න ජානාති, පාතිමොක්ඛං න ජානාති, පාතිමොක්ඛුද්දෙසං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
2. උපාලි, අනෙකුදු පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: පවාරණය නො දනියි, පවාරණ කර්මය නො දනියි, ප්රාතිමෝක්ෂය නො දනියි, පාමොක් උදෙසීම නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : පවාරණං ජානාති, පවාරණකම්මං ජානාති, පාතිමොක්ඛං ජානාති, පාතිමොක්ඛුද්දෙසං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙකපඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
උපාලි, පසඟෙකින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතුයි. කවර පසෙකින් ද යත්: පවාරණය දනියි. පවාරණ කර්මය දනියි, ප්රාතිමෝක්ෂය දනියි, පාමොක් උදෙසීම දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
3. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං න ජානාති, ලහුකගරුකං ආපත්තිං න ජානාති, සාවසෙසානවසෙසං ආපත්තිං න ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං න ජානාති, ඌනපඤ්චවස්සො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං නානිස්සිතෙන වත්ථබ්බං.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි. කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් නො දනියි, ලුහු ගුරු ඇවැත් නො දනියි, සාවසේස අනවසේස ආපත්ති නො දනියි, තුළුල් නො තුළුල් ඇවැත් නො දනියි, උනු පස් වස් ඇත්තේ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ නො විසිය යුතු යි.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තානාපත්තිං ජානාති, ලහුකගරුකං ආපත්තිං ජානාති. සාවසෙසානවසෙසං ආපත්තිං ජානාති, දුට්ඨුල්ලාදුට්ඨුල්ලං ආපත්තිං ජානාති, පඤ්චවස්සො වා හොති අතිරෙක පඤ්චවස්සො වා. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා යාවජීවං අනිස්සිතෙන වත්ථබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි, කවර පසෙකින් ද යත්: ඇවැත් නො ඇවැත් දනියි, ලුහු ගුරු ඇවැත් දනියි, සාවසේස අනවසේස ආපත්ති දනියි, තුළුල් නො තුළුල් ඇවැත් දනියි, පස් වස් ඇත්තේ හෝ අයිරා පස් වස් ඇත්තේ හෝ වේ. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් දිවිහිම් කොට නිස නො ගෙණ විසිය යුතු යි.
4. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
4. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු ද, නිස නොදිය යුතු ද, හෙරණකු ලවා උවටැන් නො කරවිය යුතු ද ?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, උප්පන්නං අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනයතො විනොදෙතුං වා, විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං. න නිස්සයො දාතබ්බො. න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් අනභිරතිය (උකටලී බව) බැහැර කරන්නට හෝ කරවන්නට හෝ උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්මයෙහි (නාම රූප පරිච්ඡේදයෙහි) හික්මවන්නට, අභිවිනයෙහි හික්මවන්නට ප්‍රතිබල නො වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහු විසින් උපසපන් නො කරවියැ යුතු යැ. නිස නො දිය යුතු යැ. හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො, සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ගිලානං උපට්ඨාතුං වා උපට්ඨාපෙතුං වා, උප්පන්නං අනභිරතං වූපකාසෙතුං වා වූපකාසාපෙතුං වා, උප්පන්නං කුක්කුච්චං ධම්මතො විනොදෙතුං වා විනොදාපෙතුං වා, අභිධම්මෙ විනෙතුං, අභිවිනයෙ විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: ගිලන් වූ අතැවැසියකුට හෝ සද්ධිවිහාරිකයකුට හෝ උවැටන් කරන්නට හෝ උවැටන් කරවන්නට හෝ, උපන් උකටලී බව බැහැර කරන්නට හෝ කරවන්නට හෝ, උපන් කුකුස දහමින් විනයෙන් දුරු කරන්නට හෝ දුරු කරවන්නට හෝ, අභිධර්මයෙහි හික්මවන්නට, සියලු විනය පිටකයෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ පසඟින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ, නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
5. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : න පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා ආභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචරියිකාය සික්ඛාය විනෙතුං, අධිසීලෙ විනෙතුං, අධිචිත්තෙ විනෙතුං, අධිපඤ්ඤාය විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා න උපසම්පාදෙතබ්බං, න නිස්සයො දාතබ්බො, න සාමණෙරො උපට්ඨාපෙතබ්බො.
5. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවන්හි (කඳුවත්හි) හික්මවන්නට, ආදිබ්‍රහ්මචරිය සඞ්ඛ්‍යාත සේඛපණ්ණත්ති ශික්ෂාවන්හි (පරිජි සඟ වෙසෙස්හි) හික්මවන්නට, අධිශීලයෙහි (ප්රාතිමෝක්ෂ ශීලයෙහි) හික්මවන්නට, අධිචිත්තයෙහි (ලෞකිකසමාධිභාවනාවෙහි) හික්මවන්නට අධිප්‍රඥායෙහි (ලෝකෝත්තර මාර්ගභාවනාවෙහි) හික්මවන්නට ප්‍රතිබල නො වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහු විසින් උපසපන් නො කරවිය යුතු යැ, නිස නො දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් නො කරවිය යුතු යැ.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං, නිස්සයො දාතබ්බො, සාමණෙරො උපට්ඨාපෙතබ්බො. කතමෙහි පඤ්චහි : පටිබලො හොති අන්තෙවාසිං වා සද්ධිවිහාරිං වා අභිසමාචාරිකාය සික්ඛාය සික්ඛාපෙතුං, ආදිබ්රහ්මචාරියකාය සික්ඛාය විනෙතුං, අධිසීලෙ විනෙතුං, අධිචිත්තෙ විනෙතුං, අධිපඤ්ඤාය විනෙතුං. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතෙන භික්ඛුනා උපසම්පාදෙතබ්බං. නිස්සයො දාතබ්බො. සාමණෙරො උපට්ඨාපෙතබ්බොති.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණහු විසින් උපසපන් කරවිය යුතු යැ. නිස දිය යුතු යැ, හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි. කවර පසෙකින් ද යත්: අතැවැසියකු හෝ සද්ධිවිහාරිකයකු හෝ ආභිසමාචාරික ශික්ෂාවෙහි හික්මවන්නට ආදිබ්‍රහ්මචරියක ශික්ෂාවෙහි හික්මවන්නට, අධිශීලයෙහි හික්මවන්නට, අධිචිත්තයෙහි හික්මවන්නට, අධිප්‍රඥාවෙහි හික්මවන්නට ප්‍රතිබල වෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුතු මහණහු විසින් උපසපන් කරවිය යුතු යි. නිස දිය යුතු යි. හෙරණකු ලවා උවැටන් කරවිය යුතු යි.
6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බන්ති.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි සත්වැදෑරුම්) කර්මය කටයුතු ද?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේ ද වෙයි. අඥාන ද වෙයි. උඛෙව්නීකම් කරණ ලද්දේ ද වෙයි. මිථ්‍යා දෘෂ්ටික ද වෙයි. නට දිවිපෙවෙත් ඇත්තේ ද වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි.
7. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : අධිසීලෙ සීලවිපන්නො හොති, අජ්ඣාචාරෙ ආචාරවිපන්නො හොති, අතිදිට්ඨියා දිට්ඨිවිපන්නො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
7. උපාලි, අනෙකුදු අංග පසෙකින් යුත් මහණ හට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: අධිශීලයෙහි නටුවා වූ සිල් ඇත්තේ (පරිජි සඟවෙසෙස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි. අධ්යාචාරයෙහි නටුවා වූ ආචාර ඇත්තේ (සෙසු පස් ඇවැතුන්ට පැමිණියේ) වෙයි, සම්‍යග් දෘෂ්ටියෙහි නටදිටු ඇත්තේ වෙයි, මිසදිටු ද වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේ ද වේ, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි.
8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන දවෙන සමන්නාගතො හොති, වාචසිකෙන දවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන දවෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි. කවර පසකින් ද යත්, (දු කෙළි ආදී) කායික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, (කට බෙර ගැසීම් ආදී) වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි. (නැටීම් ගැයීම් ආදි) කායික වාචසික ක්‍රීඩාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි මේ පසඟින් යුත් මහණහට කර්ම කටයුතු යි.
9. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, වාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන අනාචාරෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
9. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: කායික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, කායික වාචසික අනාචාරයෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි. නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි.
10. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, වාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන උපඝාතිකෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
10. උපාලි අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්ම කටයුතු යි. කවර පසෙකින් ද යත්, කය පිළිබඳ ව්යතික්රමණයෙන් (සික පද කැඩීමෙන්) යුක්ත වූයේ වෙයි, වචනය පිළිබඳ ව්යතික්රමණයෙන් යුක්ත වූයේ වෙයි. කය වචනය පිළිබඳ ව්යතික්රමණයෙන් යුක්ත වූයේ වෙයි. මිසදිටු වූයේ වෙයි, නටුවා වූ දිවි පෙවෙත් ඇත්තේත් වෙයි, උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහට කර්ම කටයුතු යි.
11. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : කායිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, වාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, කායිකවාචසිකෙන මිච්ඡාජීවෙන සමන්නාගතො හොති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
11. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: (හසුන් ගෙනයාම වෙදකම් ආදි) කය පිළිබඳ සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (පණිවිඩ කීම් ආදි) වාචසික සදොස් ජීවිකායෙන් යුක්ත වූයේ වෙයි, (මෙකී) කායික වාචසික සදොස් ජීවිකාවෙන් යුක්ත වූයේ වෙයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි.
12. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ආපන්නො කම්මකතො උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
12. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි. කවර පසකින් ද යත්, “ඇවැතට පැමිණියේ කර්ම කරන ලදුයේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්ෂුණී අවවාද සම්මුතිය ඉවසයි, සම්මුතිය ලදුයේ නමුදු මෙහෙණන්ට අවවාද කෙරෙයි. උපාලි මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි.
13. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : යාය ආපත්තියා සඞ්ඝෙන කම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, කම්මිකෙ ගරහති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං.
13. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්මය කරන ලද්දේ වේ ද, ඒ ඇවැතට හෝ පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, (විනය) කර්මයට ගර්හා කෙරෙයි, (විනය) කර්ම කළවුන්ට ගර්හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට කර්ම කටයුතු යි.
14. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බං. කතමෙහි පඤ්චහි : බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං කාතබ්බන්ති.
14. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණහට කර්ම කටයුතු යි, කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්මයේ අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිසදිටු වූයේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහට (තජ්ජනීයාදි) කර්ම කටයුතු යි.
අනිස්සිතවග්ගො පඨමො.
පළමුවන අනිස්සිත වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. උපොසථං පවාරණං ආපත්ති ච ගිලානකං, අභිසමාචාරලජ්ජී ච අධිසීලෙ දවෙන ච.
1. උපෝසථ යැ, පවාරණ යැ, ආපත්ති යැ, ගිලාන යැ, අභිසමාචාර යැ, ලජ්ජී යැ, දවය සමඟ අධිශීල යැ.
2. අනාචාරං උපඝාති මිච්ඡා ආපත්තිමෙව ච, යාය ආපත්තියා බුද්ධස්ස පඨමො වග්ගසඞ්ගහොති.
2. අනාචාර යැ, උපඝාති යැ, මිච්ඡා යැ, ආපත්ති යැ, යාය ආපත්තියා යැ, බුද්ධස්ස යැ යි ප්‍රථම වර්ගයෙහි සංග්‍රහය වේ.