2. න පටිප්පස්සම්භනවග්ගො
2. න පටිප්පස්සම්භනවග්ගො
2. න පටිප්පස්සමහන වර්ගය
1. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බන්ති.
1. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණක්හුගේ (විනය) කර්මය නො සන්හිඳුවියයුතු ද?
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : ආපත්තිං ආපන්නො කම්මකතො උපසම්පාදෙති, නිස්සයං දෙති, සාමණෙරං උපට්ඨාපෙති, භික්ඛුනොවාදකසම්මුතිං සාදියති, සම්මතොපි භික්ඛුනියො ඔවදති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
උපාලි, අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ (විනය) කර්මය නො සන්හිඳුවියයුතු ය. කවර පසෙකින් ද යත්: ඇවැතට පැමිණියේ (තජ්ජනීයාදි) කර්ම කරණ ලද්දේ උපසපන් කරවයි, නිස දෙයි, හෙරණකු ලවා උවැටන් කරවයි, භික්බුනෝවාදක සම්මුතිය ඉවසයි, සම්මුතිය ලද්දේ නමුදු මෙහෙණන්ට ඔවා දේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්මය නො සන්හිඳුවියයුතු යි.
2. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : යාය ආපත්තියා සඞ්ඝෙන කම්මං කතං හොති තං ආපත්තිං ආපජ්ජති, අඤ්ඤං වා තාදිසිකං, තතො වා පාපිට්ඨතරං, කම්මං ගරහති, ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
2. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: සඞ්ඝයා විසින් යම් ඇවැතෙකින් කර්මය කරණ ලද නම් (නැවැත) ඒ ඇවැතට පැමිණෙයි, එබඳු වූ අනෙක් ඇවැතකට හෝ පැමිණෙයි, එයට වඩා ඉතා ලමු ඇවැතකට හෝ පැමිණෙයි, කර්මයට ගර්හා කෙරෙයි. කර්මය කළවුන්ට ගර්හා කෙරේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි.
3. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො ච හොති, ආජීවවිපන්නො ච. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං.
3. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණක්හුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: බුදුන්ගේ අගුණ කියයි, ධර්මයෙහි අගුණ කියයි, සඞ්ඝයාගේ අගුණ කියයි, මිථ්‍යාදෘෂ්ටි ඇත්තේත් වෙයි, නටුවා වූ දිවිපෙවෙත් ඇත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුත් මහණහුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි.
4. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බං. කතමෙහි පඤ්චහි : අලජ්ජී ච හොති, බාලො ච, අපකතත්තො ච, ඔමද්දකාරකො ච හොති වත්තෙසු, සික්ඛාය ච න පරිපූරකාරී. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතස්ස භික්ඛුනො කම්මං න පටිප්පස්සම්භෙතබ්බන්ති.
4. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුත් මහණක්හුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි. කවර පසෙකින් ද යත්: ලජ්ජා නැත්තේත් වෙයි, අඥාන වූයේත් වෙයි, ප්‍රකෘතියෙහි පිහිටි භික්ෂුත්වය නැත්තේත් වෙයි. සිකපද මඩිමින් ක්‍රියා කරන්නේත් වෙයි. වත්හිද සිඛයෙහි ද සම්පූර්ණ කිරීම් නැත්තේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණහුගේ කර්මය නො සන්හිඳු වියයුතු යි.
5. සඞ්ගාමාවචරෙන භන්තෙ, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන කති ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බොති.
5. වහන්ස, සඞ්ගාමාවචර (අධිකරණ විනිශ්චය පිණිස රැස් වූ සඞ්ඝයා වෙත එළඹෙන) මහණ විසින් කෙතෙක් කරුණු තම සිතෙහි එළවාගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු ද?
සඞ්ගාමාවචරෙන උපාලි, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බො. කතමෙ පඤ්ච : සඞ්ගාමාවචරෙන උපාලි භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන නීචචිත්තෙන සඞ්ඝො උපසඞ්කමිතබ්බො රජොහරණ සමෙන චිත්තෙන, ආසනකුසලෙන භවිතබ්බං නිස්සජ්ජාකුසලෙන ථෙරෙ භික්ඛූ අනුපඛජ්ජන්තෙන නවෙ භික්ඛූ ආසනෙන අප්පටිබාහන්තෙන යථාපතිරූපෙ ආසනෙ නිසීදිතබ්බං, අනානාකථිකෙන භවිතබ්බං අතිරච්ඡානකථිකෙන, සාමං වා ධම්මො භාසිතබ්බො පරො වා අජ්ඣෙසිතබ්බො අරියො වා තුණ්හීභාවො නාතිමඤ්ඤිතබ්බො, සචෙ උපාලි, සඞ්ඝො සමග්ගකරණීයානි කම්මානි කරොති, තත්ර චෙ උපාලි, භික්ඛුනො නක්ඛමති අපි දිට්ඨාවීකම්මං කත්වා ඤාපෙතබ්බා සාමග්ගී. තං කිස්සහෙතු : මාහං සඞ්ඝෙන නානත්තො අස්සන්ති. සඞ්ගාමාවචරෙන උපාලි, භික්ඛුනා සඞ්ඝං උපසඞ්කමන්තෙන ඉමෙ පඤ්ච ධම්මෙ අජ්ඣත්තං උපට්ඨාපෙත්වා සඞ්ඝො උපසඞ්කමිතබ්බොති.
උපාලි, සංග්‍රාමාවචර මහණ විසින් කරුණු පසක් තම සිතෙහි එළවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතුයි. කවර පසෙක් ද යත්: උපාලි, සඞ්ගාමාවචර මහණ විසින් පාපිස්නක් හා සම වූ නිහතමාන සිතින් යුතු වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. නිදොස් වැ හිඳීමෙහි දක්ෂවූවහු විසින් අසුනක් (තෝරා) ගැන්මෙහි සමත් වියයුතු යැ ස්ථවිර භික්ෂූන් නොගටමින් නවක භික්ෂූන් ආසනයෙන් බැහැර නොකරමින් (තමහට) සුදුසු අස්නෙකැ හින්ද යුතු යැ. තිරශ්චීන කථාවන් ගෙන් තොර වැ නානාවිධ අනර්‍ත්‍ථකථා නොකරන්නකු වියයුතු යැ. තමා හෝ දහමක් දෙසිය යුතු යැ අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ ආර්‍ය්‍ය නිශ්ශබ්දභාවය හෝ නොඉක්ම වියයුතු යි. උපාලි, ඉදින් සඞ්ඝ තෙමේ සමග වූවන් විසින් කටයුතු වූ (උපෝසථාදි) කර්මයන් කෙරේ ද උපාලි, ඉදින් එහි දී (යම්කිසි) මහණක්හට එය රුචි නො වේ නම් ඇවැත් දෙසීමවත් කොට සමගිය එළවිය යුතු යි. ඊට හේතු කවරේ ද මම සඞ්ඝයාගෙන් වෙනස් වූ වෙම් නො වන්නෙමි, කියායි. උපාලි සඞ්ගාමාවචර මහණ විසින් මේ කරුණු පස තම සිත්හි පිහිටුවා ගෙණ සඞ්ඝයා වෙත එළඹිය යුතු යි.
6. කතීහි නු ඛො භන්තෙ, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො චාති.
6. වහන්ස, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වේ ද, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් වේ ද, බොහෝදෙනාට රුචි නොවන්නෙක් වේ ද?
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති, බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : උස්සිතමන්තී ච හොති, නිස්සිතජප්පී ච න ච භාසානුසන්ධිකුසලො හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ අධිකරණ විනිශ්චය කරන්නේ බොහෝදෙනාට අප්‍රියයෙක් වෙයි, බොහෝදෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝදෙනාට රුචි නොවන්නෙක් ද වෙයි, කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා ඇත්තේත් වෙයි, අනුන් ඇසුරු කොට තමන් හුවා දක්වන කථා ඇත්තේත් වෙයි. කථානුසන්ධියෙහිත් විනිශ්චයානුසන්ධියෙහිත් දක්ෂ නො වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ නො වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) නො කරවන්නේත් වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන නොවඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි නොවන්නෙක් ද වේ.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති, බහුජනමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : න උස්සිතමන්තී ච හොති, න නිස්සිතජප්පී ච, භාසානුසන්ධිකුසලො ච හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති. බහුජනමනාපො ච බහුජනරුචිතො ච.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි වූවෙක් ද වෙයි. කවර පසෙකින් ද යත්: තමා හුවා දක්වන කථා නැත්තේ වෙයි. අනුන් ඇසුරු කොට තමා හුවා දක්වන කථා නැත්තේත් වෙයි. කථානුසන්ධියෙහිත් විනිශ්චයානුසන්ධියෙහිත් දක්ෂ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) කරවන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රියයෙක් ද වෙයි. බොහෝ දෙනාගේ මන වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි කරන්නෙක් ද වේ.
7. අපරෙහිපි උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : උස්සාදෙතා හොති, අපසාදෙතා හොති, අධම්මං ගණ්හාති, ධම්මං පටිබාහති, සම්ඵං ච බහුං භාසති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
7. උපාලි, අනෙකුදු අඞ්ග පසකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට අරුචි ද වෙයි. කවර පසෙකින් ද යත්: තම පක්ෂය හුවා දක්වන්නේ වෙයි, පර පක්ෂය හෙළා දක්වන්නේ වෙයි නො දැහැමි පක්ෂය ගණී, දැහැමි පක්ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා කෙරෙයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රියයෙක් ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නෙක් ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ.
පඤ්චහුපාලි අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච. කතමෙහි පඤ්චහි : න උස්සාදෙතා ච හොති, න අපසාදෙතා හොති, ධම්මං ගණ්හාති, අධම්මං පටිබාහති, සම්ඵඤ්ච න බහුං භාසති. ඉමෙහි ඛො උපාලි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ, විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: තමා උසස් කොට කථා කරන්නේත් නො වෙයි, (අනුන්) පහත් කොට කථා කරන්නේත් නො වෙයි, දැහැමි පක්ෂය ගණී, නො දැහැමි පක්ෂය දුරු කෙරෙයි, බොහෝ වැඩ නැති කථා නො කරයි. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ.
8. අපරෙහිපි උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච. කතමෙහි පඤ්චහි : පසය්හපවත්තා හොති, අනොකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, න යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, න යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනඅකන්තො ච හොති බහුජනඅමනාපො ච බහුජනඅරුචිතො ච.
8. උපාලි, අනෙකුදු අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද නො වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා කරන්නේ වෙයි, අවසර නො ගෙණ කථා කරන්නේත් වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා නො කරන්නේ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) නො කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ නො කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට අප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන නො වඩන්නේ ද වෙයි. බොහෝ දෙනාට රුචි ද නො වේ.
පඤ්චහුපාලි, අඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො ච. කතමෙහි පඤ්චහි : න පසය්හපවත්තා හොති, ඔකාසකම්මං කාරෙත්වා පවත්තා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා චොදෙතා හොති, යථාධම්මෙ යථාවිනයෙ යථාපත්තියා කාරෙතා හොති, යථාදිට්ඨියා බ්යාකත්තා හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චහඞ්ගෙහි සමන්නාගතො භික්ඛු සඞ්ඝෙ වොහරන්තො බහුජනකන්තො ච හොති බහුජනමනාපො ච බහුජනරුචිතො චාති.
උපාලි, අඞ්ග පසෙකින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාට රුචි ද වේ. කවර පසෙකින් ද යත්: බලාත්කාරයෙන් කථා නොකරන්නේත් වෙයි. අවසර ගෙණ කථා කරන්නේ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් චෝදනා කරන්නේ වෙයි, ධර්මය වූ පරිද්දෙන් විනය වූ පරිද්දෙන් ඇවැත් වූ පරිද්දෙන් (විනය කර්ම) කරවන්නේ වෙයි, (තමාගේ) දෘෂ්ටිය වූ පරිද්දෙන් ප්‍රකාශ කරන්නේ වේ. උපාලි, මේ අඞ්ග පසින් යුක්ත වූ මහණ සඞ්ඝයා අතරැ විනිශ්චය කරන්නේ බොහෝ දෙනාට ප්‍රිය ද වෙයි, බොහෝ දෙනාගේ මන වඩන්නේ ද වෙයි, බොහෝ දෙනාහට රුචි ද වේ.
9. කති නු ඛො භන්තෙ, ආනිසංසා විනයපරියත්තියාති?
9. වහන්ස, විනය හැදෑරීමෙහි අනුසස් කෙතෙක් ද?
පඤ්චිමෙ උපාලි, ආනිසංසා විනයපරියත්තියා. කතමෙ පඤ්ච : අත්තනො සීලක්ඛන්ධො සුගුත්තො හොති සුරක්ඛිතො, කුක්කුච්චපකතානං පටිසරණං හොති, විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති, පච්චත්ථිකෙ සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගණ්හාති, සද්ධම්මට්ඨිතියා පටිපන්නො හොති. ඉමෙහි ඛො උපාලි, පඤ්චානිසංසා විනයපරියත්තියාති.
උපාලි, විනයහැදෑරීමෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක් ද යත්: තමාගේ ශීලස්කන්ධය මනා වැ රක්නා ලද්දේ මනා වැ ගෝපනය කරණ ලද්දේ වෙයි, කුකුසින් මඩනා ලද්දවුන්ට පිළිසරණ වෙයි. නිර්භීත වූයේ වෙයි, සඟ මැද ව්‍යවහාර කෙරෙයි, (තමහට පසමිතුරු යැ සසුනට පසමිතුරු යැ යන දෙවැදෑරුම්) පසමිතුරනට කරුණු සහිතව කීමෙන් මොනවට නිග්‍රහ කරන්නේ වෙයි, (ත්‍රිවිධ) ශාසනයාගේ තිරකල් පැවැත්ම පිණිස පිළිපන්නේ වේ. උපාලි, විනය හැදෑරීමෙහි මේ අනුසස් පසයි.
න පටිප්පස්සම්භනවග්ගො දුතියො.
දෙවන න පටිප්පසම්භන වර්ගය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. ආපන්නො යාය වණ්ණඤ්ච අලජ්ජී සඞ්ගාමෙන ච, උස්සිතා උස්සාදෙතා ච පසය්හපරියත්තියාති.
1. ආපන්න යැ යායවණ්ණ යැ අලජ්ජී යැ සඞ්ගාමාවචරය සමග උස්සිතා යැ උස්සාදෙතා යැ පසය්හ යැ පරියත්ති යැ යි.
පඨමයමකපඤ්ඤත්ති.
පළමුවන යමක පඤ්ඤත්තිය යි.