කථිනභෙදං අට්ඨකථා
කථිනභෙදං
කථිනඅත්ථතාදිවණ්ණනා
කථිනඅත්ථතාදිවණ්ණනා
කථිනෙ – අට්ඨ මාතිකාති ඛන්ධකෙ වුත්තා පක්කමනන්තිකාදිකා අට්ඨ. පලිබොධානිසංසාපි පුබ්බෙ වුත්තා එව.
කඨිනයෙහි - “අට්ඨ මාතිකා” පක්කමනන්තිකා ආදි අට ඛන්ධකයෙහි කියනලදහ. පළිබොධ හා ආනිසංසයෝද පෙර කියනලද්දාහුමය.
පයොගස්සාති චීවරධොවනාදිනො සත්තවිධස්ස පුබ්බකරණස්සත්ථාය යො උදකාහරණාදිකො පයොගො කයිරති, තස්ස පයොගස්ස. කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයොති අනාගතවසෙන අනන්තරා හුත්වා කතමෙ ධම්මා පච්චයා හොන්තීති අත්ථො. සමනන්තරපච්චයෙනාති සුට්ඨු අනන්තරපච්චයෙන, අනන්තරපච්චයමෙව ආසන්නතරං කත්වා පුච්ඡති. නිස්සයපච්චයෙනාති උප්පජ්ජමානස්ස පයොගස්ස නිස්සයං ආධාරභාවං උපගතා විය හුත්වා කතමෙ ධම්මා පච්චයා හොන්තීති අත්ථො. උපනිස්සයපච්චයෙනාති උපෙතෙන නිස්සයපච්චයෙන; නිස්සයපච්චයමෙව උපගතතරං කත්වා පුච්ඡති. පුරෙජාතපච්චයෙනාති ඉමිනා පඨමං උප්පන්නස්ස පච්චයභාවං පුච්ඡති. පච්ඡාජාතපච්චයෙනාති ඉමිනා පච්ඡා උප්පජ්ජනකස්ස පච්චයභාවං පුච්ඡති. සහජාතපච්චයෙනාති ඉමිනා අපුබ්බං අචරිමං උප්පජ්ජමානානං පච්චයභාවං පුච්ඡති. පුබ්බකරණස්සාති ධොවනාදිනො පුබ්බකරණස්ස. පච්චුද්ධාරස්සාති පුරාණසඞ්ඝාටිආදීනං පච්චුද්ධරණස්ස. අධිට්ඨානස්සාති කථිනචීවරාධිට්ඨානස්ස. අත්ථාරස්සාති කථිනත්ථාරස්ස. මාතිකානඤ්ච පලිබොධානඤ්චාති අට්ඨන්නං මාතිකානං ද්වින්නඤ්ච පලිබොධානං. වත්ථුස්සාති සඞ්ඝාටිආදිනො කථිනවත්ථුස්ස; සෙසං වුත්තනයමෙව.
“පයොගස්ස” චීවරධොවනාදී වූ සප්තවිධ පූර්වකරණය පිණිස පැන් ගෙන්වීම් ආදීවූ යම් ප්රයොගයෙක් කරණු ලැබේද, ඒ ප්‍රයොගයට “කතමෙ ධම්මා අනන්තරපච්චයෙන පච්චයො” අනාගත වසයෙන් අනන්තරව කවර ධර්මකෙනෙක් ප්‍රත්‍යයයෝ වෙත්ද, යන අර්‍ත්‍ථයි. “සමනන්තරපච්චයෙන” මනාවූ අනන්තරප්රත්යයයෙන් අනන්තරප්රත්යයම ආසන්නතරකොට විචාරයි. “නිස්සයපච්චයෙන” උපදින ප්‍රයොගයට. නිඃශ්රයයට ආධාරභාවයට එළඹුනහු මෙන්ම වී කවරධර්ම ප්රත්යයවෙත්ද, යන අර්‍ත්‍ථයි. “උපනිස්සයපච්චයෙන” යුක්ත වූ නිඃශ්‍රය ප්‍රත්‍යයෙන් නිඃශ්‍රය ප්රත්යයම අතිශයින් එළඹියක් කොට විචාරයි. “පුරෙජාතපච්චයෙන” මෙයින් පළමුව උපන්නහුගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “පච්ඡාජාතපච්චයෙන” මෙයින් පසුව උපදින්නහුගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “සහජාතපච්චයෙන” මෙයින් පෙරපසුනොව උපදින්නවුන්ගේ ප්‍රත්‍යයභාවය විචාරයි. “පුබ්බකරණස්ස” ධොවනාදි පූර්වකරණයට “පච්චුද්ධාරස්ස” පුරාණසඞ්ඝාටි ආදින්ගේ පච්චුද්ධරණයට. “අධිට්ඨානස්ස” කඨින චීවරාධිෂ්ඨානයට. “අත්ථාරස්ස” කඨිනත්ථාරයට. “මාතිකානඤ්ච පළිබොධානඤ්ච” අටවැදෑරුම්වූ මාතෘකාවන්ට හා දෙවැදෑරුම් වූ පළිබොධයන්ට. “වත්ථුස්ස” සඞ්ඝාටි ආදීකඨින වස්තුවට. සෙස්ස කියූනය ඇත්තේම වේ.
එවං යඤ්ච ලබ්භති යඤ්ච න ලබ්භති, සබ්බං පුච්ඡිත්වා ඉදානි යං යස්ස ලබ්භති, තදෙව දස්සෙන්තො පුබ්බකරණං පයොගස්සාතිආදිනා නයෙන විස්සජ්ජනමාහ. තස්සත්ථො – යං වුත්තං “පයොගස්ස කතමෙ ධම්මා”තිආදි, තත්ථ වුච්චතෙ, පුබ්බකරණං පයොගස්ස අනන්තරපච්චයෙන පච්චයො, සමනන්තරනිස්සයඋපනිස්සයපච්චයෙන පච්චයො. පයොගස්ස හි සත්තවිධම්පි පුබ්බකරණං යස්මා තෙන පයොගෙන නිප්ඵාදෙතබ්බස්ස පුබ්බකරණස්සත්ථාය සො පයොගො කයිරති, තස්මා ඉමෙහි චතූහි පච්චයෙහි පච්චයො හොති. පුරෙජාතපච්චයෙ පනෙස උද්දිට්ඨධම්මෙසු එකධම්මම්පි න ලභති, අඤ්ඤදත්ථු පුබ්බකරණස්ස සයං පුරෙජාතපච්චයො හොති, පයොගෙ සති පුබ්බකරණස්ස නිප්ඵජ්ජනතො . තෙන වුත්තං – “පයොගො පුබ්බකරණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො”ති. පච්ඡාජාතපච්චයං පන ලභති, තෙන වුත්තං – “පුබ්බකරණං පයොගස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො”ති. පච්ඡා උප්පජ්ජනකස්ස හි පුබ්බකරණස්ස අත්ථාය සො පයොගො කයිරති. සහජාතපච්චයං පන මාතිකාපලිබොධානිසංසසඞ්ඛාතෙ පන්නරස ධම්මෙ ඨපෙත්වා අඤ්ඤො පයොගාදීසු එකොපි ධම්මො න ලභති, තෙ එව හි පන්නරස ධම්මා සහ කථිනත්ථාරෙන එකතො නිප්ඵජ්ජන්තීති අඤ්ඤමඤ්ඤං සහජාතපච්චයා හොන්ති. තෙන වුත්තං – “පන්නරස ධම්මා සහජාතපච්චයෙන පච්චයො”ති. එතෙනුපායෙන සබ්බපදවිස්සජ්ජනානි වෙදිතබ්බානි.
මෙසේ යමක් ලැබේද, යමක් නොලැබේද, සියල්ල විචාරා දැන් යමක් යමකට ලැබේද, එයම දක්වනුයේ “පුබ්බකරණං පයොගස්ස” යනාදි නයින් විසර්ජනය කියයි. ඔහු පිළිබඳ අර්ත්ථය:- “පයොගස්ස කතමෙ ධම්මා” යනාදි යමක් කියන ලද්දේද එහි කියනු ලැබේ. ප්‍රයොගයට පූර්වකරණය අනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. සමනන්තර-නිඃශ්‍රය - උපනිඃශ්‍රය ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. ප්‍රයොගය පිළිබඳව වනාහි සත්වැදෑරුම් වූ පූර්වකරණය-යම්හෙයකින් ඒ ප්‍රයොගයෙන් නිෂ්පාදනය කටයුතු වූ පූර්වකරණය පිණිස ප්‍රයොගය තෙමේ කරණු ලැබේද, එහෙයින් මේ චතුර්විධ ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ. මේ පුරෙජාතප්රත්යය වනාහි උදෙසනලද ධර්මයන් අතුරෙහි එක්ධර්මයකුදු නොලබයි. ඒකාන්තයෙන් ඒ පූර්වකරණයට තෙමේ පුරෙජාත ප්‍රත්‍යය වේ. ප්‍රයොගය ඇති කල්හි පූර්වකරණය නිපැදෙන බැවිනි. “පයොගො පුබ්බකරණස්ස පුරෙජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියනලදී. පශ්චාජ්ජාත ප්‍රත්‍යය වනාහි ලබයි. “පුබ්බකරණං පයොගස්ස පච්ඡාජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියන ලදී. පසුව උපදින්නාවූම පූර්වකරණය පිණිස ඒ ප්‍රයොගය කරනු ලැබේ. සහජාත ප්‍රත්‍යය වනාහි මාතෘකාපරිබොධානිශංස සඞ්ඛ්‍යාත වූ පසළොස් ධර්මයන් හැර ප්රයොගාදීන් අතුරෙහි අන්එකද ධර්මයෙක් නොලබයි. ඒ පසළොස් ධර්මයෝම කඨිනත්ථාරය සමග එකට නිපදිතියි ඔවුනොවුන්ට සහජාත ප්‍රත්‍යයයෝ වෙත්. “පණ්ණරසධම්මා සහජාතපච්චයෙන පච්චයො”යි එහෙයින් කියන ලදී. මේ උපායයෙන් සියලු පදයන්ගේ විසර්ජනයෝ දතයුත්තාහ.
පුබ්බකරණනිදානාදිවිභාගවණ්ණනා
පුබ්බකරණනිදානාදිවිභාගවණ්ණනා
පුබ්බකරණං කිංනිදානන්තිආදිපුච්ඡාවිස්සජ්ජනං උත්තානමෙව.
“පුබ්බකරණං කින්නිදානං” යනාදී ප්‍රශ්න විසර්ජනය ප්‍රකටමය.
“පයොගො කිංනිදානො”තිආදීසු පුච්ඡාද්වයවිස්සජ්ජනෙසු හෙතුනිදානො පච්චයනිදානොති එත්ථ ඡ චීවරානි හෙතු චෙව පච්චයො චාති වෙදිතබ්බානි. පුබ්බපයොගාදීනඤ්හි සබ්බෙසං තානියෙව හෙතු, තානි පච්චයො. න හි ඡබ්බිධෙ චීවරෙ අසති පයොගො අත්ථි, න පුබ්බකරණාදීනි, තස්මා “පයොගො හෙතුනිදානො”තිආදි වුත්තං.
“පයොගො කින්නිදානො” යනාදි ප්‍රශ්න දෙක පිළිබඳ විසර්ජනයන්හි “හෙතු නිදානො පච්චයනිදානො” යන මෙහි සවැදෑරුම් චීවරයෝ හෙතුද ප්‍රත්‍යයද වෙතියි දතයුත්තාහ. සියලු පූර්වප්රයොගාදීන්ටද ඔවුහුම හෙතුයහ. ඔවුහු ප්රත්යයයහ. සවැදෑරුම් සිදුරු නැති කල්හි ප්‍රයොගය නොම ඇත්තේය. පූර්වකරණාදීහුද නැත්තාහ. එහෙයින් “පයොගො හෙතුනිදානො” යනාදිය කියනලදී.
සඞ්ගහවාරෙ – වචීභෙදෙනාති “ඉමාය සඞ්ඝාටියා, ඉමිනා උත්තරාසඞ්ගෙන, ඉමිනා අන්තරවාසකෙන කථිනං අත්ථරාමී”ති එතෙන වචීභෙදෙන. කතිමූලාදිපුච්ඡාවිස්සජ්ජනෙ – කිරියා මජ්ඣෙති පච්චුද්ධාරො චෙව අධිට්ඨානඤ්ච.
සඞ්ග්‍රහ වාරයෙහි - “වචීභෙදෙන” “ඉමාය සඞ්ඝාටියා, ඉමිනා උත්තරාසඞ්ගෙන, ඉමිනා අන්තරවාසකෙන කඨිනං අත්ථරාමි” යන මේ වාග්භෙදයෙනි. කතිමූලාදිප්රශ්න විසර්ජනයෙහි - “කිරියා මජ්ඣෙ” පච්චුද්ධාරයද අධිෂ්ඨානයද
වත්ථුවිපන්නං හොතීති අකප්පියදුස්සං හොති. කාලවිපන්නං නාම අජ්ජ දායකෙහි දින්නං ස්වෙ සඞ්ඝො කථිනත්ථාරකස්ස දෙති. කරණවිපන්නං නාම තදහෙව ඡින්දිත්වා අකතං.
“වත්ථු විපන්නං හොති” අකැප වතක් වේද හෝය. කාලවිපන්න නම් අද දාසකයන් විසින් දෙන ලද්ද සඞ්ඝතෙමේ හෙට කඨිනත්ථාරකයාහට දෙන්නේය යනුයි. කරණවිපන්න නම් එදවසම සිඳ නොකරණ ලද්දය.
කථිනාදිජානිතබ්බවිභාගවණ්ණනා
කථිනාදිජානිතබ්බවිභාගවණ්ණනා
කථිනං ජානිතබ්බන්තිආදිපුච්ඡාය විස්සජ්ජනෙ – තෙසඤ්ඤෙව ධම්මානන්ති යෙසු රූපාදිධම්මෙසු සති කථිනං නාම හොති, තෙසං සමොධානං මිස්සීභාවො. නාමං නාමකම්මන්තිආදිනා පන “කථින”න්ති ඉදං බහූසු ධම්මෙසු නාමමත්තං, න පරමත්ථතො එකො ධම්මො අත්ථීති දස්සෙති.
“කඨිනං ජානිතබ්බං” යනාදි ප්රශ්නය විසඳීමෙහි. “තෙසඤ්ඤෙව ධම්මානං” යම් රූපාදිධර්මයක් විද්‍යමාන කල්හි කඨිනය නම් වේද, ඔවුන්ගේ සමොධානය. මිශ්රභාවය. “නාමං නාමකම්මං” යනාදියෙන් වනාහි ‘කඨිනං’ යන මෙය බොහෝ ධර්මයන්හි නාමමාත්රයෙකි. පරමාර්‍ත්‍ථ වශයෙන් එකද ධර්මයක් නැතැ’යි දක්වයි.
චතුවීසතියා ආකාරෙහීති “න උල්ලිඛිතමත්තෙනා”තිආදීහි පුබ්බෙ වුත්තකාරණෙහි. සත්තරසහි ආකාරෙහීති “අහතෙන අත්ථතං හොති කථින”න්තිආදීහි පුබ්බෙ වුත්තකාරණෙහි. නිමිත්තකම්මාදීසු යං වත්තබ්බං සබ්බං කථිනක්ඛන්ධකවණ්ණනායං වුත්තං.
“චතුවිසතියො ආකාරෙහි” “න උල්ලිඛිත මත්තෙන” යනාදීවූ පෙර කියූ කරුණුවලින් “සත්තරසහි ආකාරෙහි” “අහතෙන අත්ථතං හොති කඨිනං” යනාදීවූ පෙර කියූ කරුණුවලින් නිමිත්ත කර්මාදීන් අතුරෙහි යමක් කියයුතුද, ඒ සියල්ල කඨිනක්ඛන්ධක වර්ණනාවෙහි කියනලදී.
එකුප්පාදා එකනිරොධාති උප්පජ්ජමානාපි එකතො උප්පජ්ජන්ති, නිරුජ්ඣමානාපි එකතො නිරුජ්ඣන්ති. එකුප්පාදා නානානිරොධාති උප්පජ්ජමානා එකතො උප්පජ්ජන්ති, නිරුජ්ඣමානා නානා නිරුජ්ඣන්ති. කිං වුත්තං හොති ? සබ්බෙපි අත්ථාරෙන සද්ධිං එකතො උප්පජ්ජන්ති, අත්ථාරෙ හි සති උද්ධාරො නාම. නිරුජ්ඣමානා පනෙත්ථ පුරිමා ද්වෙ අත්ථාරෙන සද්ධිං එකතො නිරුජ්ඣන්ති, උද්ධාරභාවං පාපුණන්ති. අත්ථාරස්ස හි නිරොධො එතෙසඤ්ච උද්ධාරභාවො එකක්ඛණෙ හොති, ඉතරෙ නානා නිරුජ්ඣන්ති. තෙසු උද්ධාරභාවං පත්තෙසුපි අත්ථාරො තිට්ඨතියෙව. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“එකුප්පාදා එකනිරොධා” උපදින්නාහුද එකට උපදිත්. නිරුද්ධ වන්නාහුද එකටම නිරුද්ධ වෙත්. “එකුප්පාදා නානානිරොධා” උපදින්නාහු එකට උපදිත්. නිරුද්ධ වන්නාහු වෙන්වෙන්ව නිරුද්ධ වෙත්යි කුමක් කියනලද්දේවේද, :- සියල්ලෝම අත්ථාරය සමග එකට උපදිත්. අත්ථාරය ඇති කල්හි උද්ධාරයෙක් නම්වේ. මෙහි වනාහි නිරුද්ධ වන්නාහු ප්‍රථම වූ පක්කමනන්තිකාදි උද්ධාර දෙක අත්ථාරය සමග එකට නිරුද්ධ වෙත්. උද්ධාරභාවයට පැමිණෙත්. අත්ථාරයාගේ නිරොධය වනාහි මොවුන්ගේ උද්ධාරභාවයද එක කෙණෙහි වේ. අන්‍යයෝ වෙන්වෙන්ව නිරුද්ධ වෙත්. ඔවුන්ද උද්ධාරභාවයට පැමිණි කල්හි අත්ථාරය නවත්නේමය. සිටීමය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය කථිනභෙදවණ්ණනා නිට්ඨිතා.
පඤ්ඤත්තිවග්ගවණ්ණනා නිට්ඨිතා.
සිංහලසමන්තපාසාදිකාවෙහි ප්රඥප්තිවර්ග වර්ණනාව නිමි.