යෙදුමෙන් කියවන්න

කඨිනභෙදො

කඨිනභේදය

කස‍්ස කඨිනං අනත්‍ථතං, කස‍්ස කඨිනං අත්‍ථතං, කින‍්ති කඨිනං අනත්‍ථතං, කින‍්ති කඨිනං අත්‍ථතං :

කවරක්හු විසින් කඨිනය නො අතුරණ ලද ද, කවරක්හු විසින් කඨිනය අතුරණ ලද ද කඨිනය කෙසේ නො අතුරණලද ද, කඨිනය කෙසේ අතුරණලද ද?

කස‍්ස කඨිනං අනත්‍ථතන‍්ති : ද‍්වින‍්නං පුග‍්ගලානං අනත්‍ථතං හොති කඨිනං : අනත්‍ථාරකස‍්ස ච, අනනුමොදකස‍්ස ච. ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අනත්‍ථතං හොති කඨිනං.

කවරක්හු විසින් කඨිනය නො අතුරණලද ද යත්: නො අතුරන්නා යැ නො අනුමෝදන්වන්නා යැයි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණ ලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය නො අතුරණලද වේ.

කස‍්ස කඨිනං අත්‍ථතන‍්ති : ද‍්වින‍්නං පුග‍්ගලානං අත්‍ථතං හොති කඨිනං:– අත්‍ථාරකස‍්ස ච අනුමොදකස‍්ස ච. ඉමෙසං ද‍්වින‍්නං පුග‍්ගලානං අත්‍ථතං හොති කඨිනං.

කවරක්හු විසින් කඨිනය අතුරණලද ද යත්: අතුරන්නා යැ අනුමෝදන්වන්නා යැ යි පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වෙයි. මේ පුද්ගලයන් දෙදෙනා විසින් කඨිනය අතුරණලද වේ.

කින‍්ති කඨිනං අනත්‍ථතන‍්ති : චතුවීසතියා ආකාරෙහි අනත්‍ථතං හොති කඨිනං : න උල‍්ලිඛිතමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං, න ධොවනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං, න චීවරවිචාරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න ඡෙදනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න බන්‍ධනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං න ඔවට‍්ටියකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න කණ‍්ඩුසකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න දළ‍්හීකම‍්මකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න අනුවාතකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න පරිභණ‍්ඩකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න ඔවට‍්ටෙය්‍යකරණමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න කම‍්බලමද‍්දනමත‍්තෙන අත්‍ථතං හොති කඨිනං. න නිමිත‍්තකතෙන අත්‍ථතං හොති කඨිනං. න පරිකථාකතෙන අත්‍ථතං හොති කඨිනං. න කුක‍්කුකතෙන අත්‍ථතං හොති කඨිනං. න සන‍්නිධිකතෙන අත්‍ථතං හොති කඨිනං. න නිස‍්සග‍්ගියෙන අත්‍ථතං හොති කඨිනං. න අකප‍්පකතෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර සඞ‍්ඝාටියා අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර උත‍්තරාසඞ‍්ගෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර අන‍්තරවාසකෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර පඤ‍්චකෙන වා අතිරෙකපඤ‍්චකෙන වා තදහෙව සඤ‍්ඡින‍්නෙන සමණ‍්ඩලීකතෙන අත්‍ථතං හොති කඨිනං. න අඤ‍්ඤත්‍ර පුග‍්ගලස‍්ස අත්‍ථාරා අත්‍ථතං හොති කඨිනං. සම‍්මාචෙව අත්‍ථතං හොති කඨිනං, තඤ‍්චෙ නිස‍්සීමට‍්ඨො අනුමොදති, එවම‍්පි අනත්‍ථතං හොති කඨිනං.

කඨිනය කෙසේ නො අතුරණලද ද යත්: සූවිසි අයුරෙකින් කඨිනය නො අතුරණ ලද වෙයි: (පමණ ගැන්මට) ලකුණු කළ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දොවාලූ පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. කඩ නියම කිරීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි. කඩ කැපීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. බැඳීම් (හිස් නූල් ඇදීම්) පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. දික් මැහීම් කළ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අතුබැඳීම් පමණින් කඨිනය නො අතුරණලද වෙයි, (දැඩිවීම පිණිස) දෙපට එකට මැසීම් පමණින් කඨිනය නො අතුරණ ලද වෙයි. පිටනුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. ඇතුල්නුවා ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. අමුතු රෙදිපටක් ඇල්ලූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. වරක් පඬුපෙවූ පමණින් කඨිනය නො අතුරණලද වෙයි. නිමිති කොට ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. පරිකථාවෙන් ලත් වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තාවකාලික වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණලද වෙයි. තැන්පත් කොට තැබූ වස්තුයෙන් කඨිනය නො අතුරණලද වෙයි. නිසඟි වූ වස්ත්‍රයෙන් කඨිනය නො අතුරණ ලද වෙයි. කප්බිඳු නො තැබූ සිවුරෙන් කඨිනය නො අතුරණලද වෙයි. සඟළසිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. උතුරුසඟ සිවුර හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. අඳනය හැර අනෙකෙකින් කඨිනය නො අතුරණලද වෙයි. එදවස ම කඩකපනලද මහමඬුලු අඩමඬුලු ඇතිව කරණලද කඩපසකින් හෝ අයිරාකඩපසකින් හෝ තොරවූවෙකින් කඨිනය නො අතුරණලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් තොර ව කඨිනය නො අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණලද වේ නම් ඉදින් එය උපචාරසීමාවෙන් බැහැර සිටියෙක් අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය නො අතුරණලද වේ.

නිමිත‍්තකම‍්මං නාම : නිමිත‍්තං කරොති “ඉමිනා දුස‍්සෙන කඨිනං අත්‍ථරිස‍්සාමී”ති.

නිමිත්තකර්‍මය නම්: “මේ වස්ත්‍රයෙන් කඨිනයක් අතුරන්නෙමි” යි නිමිති කෙරෙ යි.

පරිකථා නාම : පරිකථං කරොති “ඉමාය පරිකථාය කඨිනදුස‍්සං නිබ‍්බත‍්තෙස‍්සාමී”ති.

පරිකථා නම්: “මේ පරිකථාවෙන් කඨින වස්ත්‍රයක් උපදවා ගන්නෙමි “යි පරිකථා කෙරෙ යි.

කුක‍්කුකතං නාම : අනාදිය දානං වුච‍්චති.

කුක්කුකත නම්: තව්කැලි දීමැ යි කියනු ලැබේ.

සන‍්නිධි නාම : ද‍්වෙ සන‍්නිධියො : කරණසන‍්නිධි ච, නිචයසන‍්නිධි ච.

සන්නිධි නම්: (එදින ම නො කොට තබා කිරීම වූ) කරණ සන්නිධි යැ (ලැබූ දින හැර පසු දින පමුණුවා ලීම වූ) නිචය සන්නිධි යැ යන සන්නිධි දෙක යැ.

නිස‍්සග‍්ගියං නාම : කයිරමානෙ අරුණං උද්‍රියති, ඉමෙහි චතුවීසතියා ආකාරෙහි අනත්‍ථතං හොති කඨිනං.

නිස්සග්ගිය නම්: (කඨිනයෙහි) පරිකර්‍ම කරත් ම අරුණ නගී. මේ සූවිසි අයුරෙන් කඨිනය නො අතුරණ ලද වේ.

කින‍්ති කඨිනං අත්‍ථතන‍්ති : සත‍්තරසහි ආකාරෙහි අත්‍ථතං හොති කඨිනං : අහතෙන අත්‍ථතං හොති කඨිනං. අහතකප‍්පෙන අත්‍ථතං හොති කඨිනං. පිලොතිකාය අත්‍ථතං හොති කඨිනං. පංසුකූලෙන අත්‍ථතං හොති කඨිනං. පාපණිකෙන අත්‍ථතං හොති කඨිනං. අනිමිත‍්තකතෙන අත්‍ථතං හොති කඨිනං. අපරිකථාකතෙන අත්‍ථතං හොති කඨිනං. අකුක‍්කුකතෙන අත්‍ථතං හොති කඨිනං. අසන‍්නිධිකතෙන අත්‍ථතං හොති කඨිනං. අනිස‍්සග‍්ගියෙන අත්‍ථතං හොති කඨිනං. කප‍්පකතෙන අත්‍ථතං හොති කඨිනං. සඞ‍්ඝාටියා අත්‍ථතං හොති කඨිනං. උත‍්තරාසඞ‍්ගෙන අත්‍ථතං හොති කඨිනං. අන‍්තරවාසකෙන අත්‍ථතං හොති කඨිනං. පඤ‍්චකෙන වා අතිරෙකපඤ‍්චකෙන වා තදහෙව සඤ‍්ඡින‍්නෙන සමණ‍්ඩලීකතෙන අත්‍ථතං හොති කඨිනං. පුග‍්ගලස‍්ස අත්‍ථාරා අත්‍ථතං හොති කඨිනං. සම‍්මා චෙව අත්‍ථතං හොති කඨිනං. තඤ‍්චෙ සීමට‍්ඨො අනුමොදති එවම‍්පි අත්‍ථතං හොති කඨිනං. ඉමෙහි සත‍්තරසහි ආකාරෙහි අත්‍ථතං හොති කඨිනං.

කඨිනය කෙසේ අතුරණ ලද ද යත්: සතළොස් අයුරෙකින් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. අළුත් වස්ත්‍රයට සමාන වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. රෙදි කැබලියෙන් කළ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පංසුකූල වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සල්පිල් දොරටුවෙහි හැර දැමූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිමිත්ත කර්‍මයෙන් නො ලද වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. පරිකථා නො කොට උපන් වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. තව්කැලි නො වූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. (කරණ නිචය) සන්නිධියෙන් තොර වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. නිසඟි නො වූ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. කප්බිඳු තැබූ වස්ත්‍රයෙන් කඨිනය අතුරණ ලද වෙයි. සඟළ සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. උතුරුසඟසිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. අඳන සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. එදවස ම කැපූ කඩ ඇති මැඩිලි සහිත වූ කඩ පසකින් හෝ අයිරා කඩ පසකින් හෝ යුත් සිවුරෙන් කඨිනය අතුරණ ලද වෙයි. පුද්ගලයාගේ ඇතිරීමෙන් කඨිනය අතුරණ ලද වෙයි. ඉදින් මනා වැ කඨිනය අතුරණ ලද නම් ඉදින් උපචාර සීමාව තුළ සිටියේ අනුමෝදන් වේ නම් මෙසේ ද කඨිනය අතුරණ ලද වෙයි. මේ සතළොස් අයුරෙන් කඨිනය අතුරණ ලද වේ.

සහ කඨිනස‍්ස අත්‍ථාරා කති ධම‍්මා ජායන‍්ති : සහ කඨිනස‍්ස අත්‍ථාරා පණ‍්ණරස ධම‍්මා ජායන‍්ති, අට‍්ඨ මාතිකා ද‍්වෙ පළිබොධා, පඤ‍්ච ආනිසංසා. සහ කඨිනස‍්ස අත්‍ථාරා ඉමෙ පණ‍්ණරස ධම‍්මා ජායන‍්ති.

කඨිනය ඇතිරීම සමඟ කෙතෙක් ධර්‍මයෝ උපදිත් ද යත්: කඨිනය ඇතිරීම සමඟ මාතෘකා අටක් ද පළිබෝධ දෙකක් ද අනුසස් පසක් දැ යි පසළොස් ධර්‍ම කෙනෙක් උපදිත්. කඨිනය ඇතිරීම සමඟ මේ පසළොස් ධර්‍මයෝ උපදිත්.