යෙදුමෙන් කියවන්න

මහාසඞ‍්ගාමො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

මහාසඞ්ගාමො

වොහරන‍්තෙන ජානිතබ‍්බාදිවණ‍්ණනා

වොහරන්තෙන ජානිතබ්බාදිවණ්ණනා

මහාසඞ‍්ගාමෙ – වත්‍ථුතො වා වත්‍ථුං සඞ‍්කමතීති “පඨමපාරාජිකවත්‍ථු මයා දිට‍්ඨං වා සුතං වා”ති වත්‍වා පුන පුච‍්ඡියමානො නිඝංසියමානො “න මයා පඨමපාරාජිකස‍්ස වත්‍ථු දිට‍්ඨං, න සුතං; දුතියපාරාජිකස‍්ස වත්‍ථු දිට‍්ඨං වා සුතං වා”ති වදති. එතෙනෙව නයෙන සෙසවත්‍ථුසඞ‍්කමනං, විපත‍්තිතො විපත‍්තිසඞ‍්කමනං ආපත‍්තිතො ආපත‍්තිසඞ‍්කමනඤ‍්ච වෙදිතබ‍්බං. යො පන “නෙව මයා දිට‍්ඨං, න සුත”න‍්ති වත්‍වා පච‍්ඡා “මයාපෙතං දිට‍්ඨං වා සුතං වා”ති වදති, “දිට‍්ඨං වා සුතං වා”ති වත්‍වා පච‍්ඡා “න දිට‍්ඨං වා න සුතං වා”ති වදති, අයං අවජානිත්‍වා පටිජානාති, පටිජානිත්‍වා අවජානාතීති වෙදිතබ‍්බො. එසෙව අඤ‍්ඤෙනඤ‍්ඤං පටිචරති නාම.

මහාසඞ්ග්‍රාමයෙහි - “වත්‍ථුතො වා වත්‍ථුං සඞ්කමති” ‘ප්‍රථමපාරාජික වස්තුව මාවිසින් දක්නා ලද්දේය’යි හෝ අසනලද්දේය’යි හෝ කියා නැවැත විචාරණු ලබන්නේ ගටනු ලබන්නේ ‘මාවිසින් ප්‍රථමපාරාජිකවස්තුව නොදක්නා ලද්දේය, නොඅසන ලද්දේය, ද්විතීය පාරාජිකවස්තුව දක්නාලද්දේය’යි හෝ අසනලද්දේය’යි හෝ කියාද, මේනයින්ම සෙසු වස්තූන්ගේ සඞ්ක්‍රමණය, විපත්ති වසයෙන් විපත්ති සඞ්ක්‍රමණයද, ආපත්ති වසයෙන් ආපත්ති සඞ්ක්‍රමණයද දතයුතුය. යම් මහණෙක් තෙමේ ‘මා විසින් නොදක්නා ලද්දේමය, නොඅසන ලද්දේය’යි කියා පසුව ‘මෙය මා විසින්ද දක්නා ලද්දේය’යි හෝ අසන ලද්දේය’යි හෝ කියාද, දක්නා ලද්දේය’යි හෝ අසන ලද්දේය’යි හෝ කියා පසුව ‘නොදක්නා ලද්දේය’යි හෝ නොඅසන ලද්දේය’යි හෝ කියාද, මෙතෙමේ අවජානනය කොට ප්‍රතිජානනය කරයි. ප්‍රතිජානනය කොට අවජානනය කෙරේය’යි දතයුතුය. මෙතෙමේම අනිකකින් අනිකක් වසා නම.

වණ‍්ණාවණ‍්ණොති නීලාදිවණ‍්ණාවණ‍්ණවසෙන සුක‍්කවිස‍්සට‍්ඨිසික‍්ඛාපදං වුත‍්තං. වචනමනුප‍්පදානන‍්ති සඤ‍්චරිත‍්තං වුත‍්තං. කායසංසග‍්ගාදිත‍්තයං සරූපෙනෙව වුත‍්තං. ඉති ඉමානි පඤ‍්ච මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගො පුබ‍්බපයොගොති වෙදිතබ‍්බානි.

“වණ්ණාවණ්ණා” නීලාදිවර්‍ණාවර්‍ණ වශයෙන් සුක්කවිසට්ඨි ශික්‍ෂාපදය කියනලදී. “වචනමනුප්පදානං”යි සඤ්චරිත්ත ශික්‍ෂාපදය කියනලදී. කායසංසර්‍ගාදි තුන ස්වරූපයෙන්ම කියනලදී.

චත‍්තාරි අපලොකනකම‍්මානීති අධම‍්මෙනවග‍්ගාදීනි. සෙසෙසුපි එසෙව නයො. ඉති චත‍්තාරි චතුක‍්කානි සොළස හොන‍්ති.

“චත්තාරි අපලොකනකම්මානි” අධර්‍මයෙන් ව්‍යාග්‍රාදීහුය. සෙස්සන්හිද මෙමනය වේ. මෙසේ සතර චතුෂ්කයෝ සොළොසෙක් වෙත්.

අගතිඅගන‍්තබ‍්බවණ‍්ණනා

අගතිඅගන්තබ්බවණ්ණනා

බහුජනඅහිතාය පටිපන‍්නො හොතීති විනයධරෙන හි එවං ඡන්‍දාදිගතියා අධිකරණෙ විනිච‍්ඡිතෙ තස‍්මිං විහාරෙ සඞ‍්ඝො ද‍්විධා භිජ‍්ජති. ඔවාදූපජීවිනියො භික‍්ඛුනියොපි ද‍්වෙ භාගා හොන‍්ති. උපාසකාපි උපාසිකායොපි දාරකාපි දාරිකායොපි තෙසං ආරක‍්ඛදෙවතාපි තථෙව ද‍්විධා භිජ‍්ජන‍්ති. තතො භුම‍්මදෙවතා ආදිං කත්‍වා යාව අකනිට‍්ඨබ්‍රහ‍්මානො ද‍්විධාව හොන‍්ති. තෙන වුත‍්තං – “බහුජනඅහිතාය පටිපන‍්නො හොති…පෙ… දුක‍්ඛාය දෙවමනුස‍්සාන”න‍්ති.

“බහුජන අහිතාය පටිපන්නො හොති” විනයධරයා විසින් වනාහි මෙසේ ඡන්‍දාගතියෙන් අධිකරණය විනිශ්චය කළ කල්හි ඒ විහාරයෙහි සඞ්ඝ තෙමේ දෙකොටසකට බිඳෙයි. අවවාදයට එළඹ ජීවත්වන මෙහෙණෝද දෙකොටසක් වෙත්. උපාසකයෝද උපාසිකාවෝද ලදරුවෝද, ලදැරියෝද, දෙකොටසක් වෙත්. ඔවුනගේ ආරක්‍ෂක දෙවතාවෝද එසේම බිඳෙත්. ඉක්බිති භූම්‍යස්ථ දෙවියන් ආදිකොට අකනිටා බඹලොව බ්‍රහ්මයන් දක්වා දෙකොටසක්ම වෙති. එහෙයින් “බහුජන අහිතාය පටිපන්නො හොති -පෙ- දුක්‍ඛාය දෙවමනුස්සානං” කියනලදී.

විසමනිස‍්සිතොති විසමානි කායකම‍්මාදීනි නිස‍්සිතො. ගහනනිස‍්සිතොති මිච‍්ඡාදිට‍්ඨිඅන‍්තග‍්ගාහිකදිට‍්ඨිසඞ‍්ඛාතං ගහනං නිස‍්සිතො. බලවනිස‍්සිතොති බලවන‍්තෙ අභිඤ‍්ඤාතෙ භික‍්ඛූ නිස‍්සිතො.

“විසමනිස්සිතො” විෂම වූ කායකර්‍මාදිය ඇසුරුකළේ වේද, “ගහනනිස්සිතො” මිත්‍ථ්‍යාදෘෂ්ටි අන්තග්‍රාහික දෘෂ්ටිසඞ්ඛ්‍යාත ග්‍රහණ ඇසුරුකළේ වේද, “බලවනිස්සිතො” බලවත් ප්‍රකට භික්‍ෂූන් ඇසුරු කළේ වේද,

තස‍්ස අවජානන‍්තොති තස‍්ස වචනං අවජානන‍්තො. උපයොගත්‍ථෙ වා සාමිවචනං, තං අවජානන‍්තොති අත්‍ථො.

“තස්ස අවජානන්නො” ඔහුගේ වචනයට අවමන් කරමින්, උපයොගාර්‍ත්‍ථයෙහි හෝ සම්බන්‍ධ වචනයි. එයට අවමන් කරමින් යන අර්‍ත්‍ථයි.

යං අත්‍ථායාති යදත්‍ථාය. තං අත්‍ථන‍්ති සො අත්‍ථො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“තං අත්‍ථාය” යමක් පිණිසය. “තං අත්‍ථං” යනු ඒ අර්‍ත්‍ථය තෙමේය. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

මහාසඞ‍්ගාමවණ‍්ණනා නිට‍්ඨිතා.

මහාසඞ්ග්‍රාම වර්‍ණනාව නිමි.