යෙදුමෙන් කියවන්න

මහාසඞ‍්ගාමො

මහාසඞ්ග්‍රාමය

1. සඞ‍්ගාමාවචරෙ භික‍්ඛුනා සඞ‍්ඝෙ වොහරන‍්තෙන වත්‍ථු ජානිතබ‍්බං, විපත‍්ති ජානිතබ‍්බා, ආපත‍්ති ජානිතබ‍්බා, නිදානං ජානිතබ‍්බං, ආකාරො ජානිතබ‍්බො, පුබ‍්බාපරං ජානිතබ‍්බං, කතාකතං ජානිතබ‍්බං, කම‍්මං ජානිතබ‍්බං, අධිකරණං ජානිතබ‍්බං, සමථො ජානිතබ‍්බො, න ඡන්‍දාගති ගන‍්තබ‍්බා, න දොසාගති ගන‍්තබ‍්බා, න මොහාගති ගන‍්තබ‍්බා, න භයාගති ගන‍්තබ‍්බා, සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙතබ‍්බං, නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙතබ‍්බං, පෙක‍්ඛනීයෙ ඨානෙ පෙක‍්ඛිතබ‍්බං, පසාදනීයෙ ඨානෙ පසාදෙතබ‍්බං, “ලද‍්ධපක‍්ඛොම‍්භී”ති පරපක‍්ඛො නාවජානිතබ‍්බො, “බහුස‍්සුතොම‍්හී”ති අප‍්පස‍්සුතො නාවජානිතබ‍්බො, “ථෙරතරොම‍්භි”ති නවකතරො නාවජානිතබ‍්බො, අසම‍්පත‍්තං න ව්‍යාහාතබ‍්බං, සම‍්පත‍්තං ධම‍්මතො විනයතො න පරිහාපෙතබ‍්බං, යෙන ධම‍්මෙන යෙන විනයෙන යෙන සත්‍ථුසාසනෙන තං අධිකරණං වූපසම‍්මති, තථා තං අධිකරණං වූපසමෙතබ‍්බං.

1. සඞ්ගාමාවචර (අධිකරණ පිණිස සඟමැදට පැමිණි) සඟමැද විනිශ්චය කරණ විනයධර මහණහු විසින් වස්තුව දතයුතු යැ. විපත්තිය දතයුතු යැ. ආපත්තිය දතයුතු යැ. නිදානය දතයුතු යැ. ආකාරය දතයුතු යැ. පූර්‍වාපර වචනය දතයුතු යැ. (මේ කරණ ලද යැ මේ නො කරණ ලදැයි) කතා කතය දතයුතු යැ. කර්‍මය දතයුතු යැ. අධිකරණය දතයුතු යැ. ශමථය දතයුතු යැ. ඡන්‍දයෙන් අගතියට නොයා යුතු යැ. ද්වේෂයෙන් අගතියට නො යා යුතු ය. මෝහයෙන් අගතියට නො යා යුතු යැ. බියෙන් අගතියට නො යා යුතු යැ. හැඳින්විය යුතු තැන්හි හැඳින්විය යුතු යැ. මෙනෙහි කරවිය යුතු තැන්හි මෙනෙහි කරවිය යුතු යැ. බැලිය යුතු තැන්හි බලවාලියැ යුතු යැ. පැහැදිය යුතු තැන්හි පැහැදවිය යුතුය. පක්‍ෂ ලදිමී පරපක්‍ෂය අවමන් නො කටයුතු යැ. බහු ශ්‍රැතයෙමී අල්පශ්‍රැතයා අවමන් නො කටයුතු යැ. තෙමේ මහාස්ථවිරයෙමී නවකතරයා අවමන් නො කටයුතු යැ. නො පැමිණිදැය නො කියයුතු යැ. පැමිණිදැය ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යැ. යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘ ශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳුවිය යුතු යි.

2. වත්‍ථු ජානිතබ‍්බන‍්ති : අට‍්ඨපාරාජිකානං වත්‍ථු ජානිතබ‍්බං, තෙවීසති සඞ‍්ඝාදිසෙසානං වත්‍ථු ජානිතබ‍්බං, ද‍්වෙ අනියතානං වත්‍ථු ජානිතබ‍්බං, ද‍්වෙ චත‍්තාලීසනිස‍්සග‍්ගියානං වත්‍ථු ජානිතබ‍්බං, අට‍්ඨාසීතිසතපාචිත‍්තියානං වත්‍ථු ජානිතබ‍්බං, ද‍්වාදසපාටිදෙසනීයානං වත්‍ථු ජානිතබ‍්බං, දුක‍්කටානං වත්‍ථු ජානිතබ‍්බං, දුබ‍්භාසිතානං වත්‍ථු ජානිතබ‍්බං.

2. වත්‍ථු ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ වස්තු දතයුතු යැ. තෙවිසි සඟවෙසෙස් පිළිබඳ වස්තු දතයුතු යැ. දෙ අනියත පිළිබඳ වස්තු දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ වස්තු දතයුතු යැ. එක්සිය අටඅසූ පචිති පිළිබඳ වස්තු දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ වස්තු දතයුතු යැ. දුකුළා පිළිබඳ වස්තු දතයුතු යැ. දුබැසි පිළිබඳ වස්තු දතයුතු යි.

3. විපත‍්ති ජානිතබ‍්බාති : සීලවිපත‍්ති ජානිතබ‍්බා, ආචාරවිපත‍්ති ජානිතබ‍්බා, දිට‍්ඨිවිපත‍්ති ජානිතබ‍්බා, ආජීවවිපත‍්ති ජානිතබ‍්බා.

3. විපත්ති ජාතිතබ්බා යනු: ශීලවිපත්ති දතයුතු යැ. ආචාරවිපත්ති දතයුතු යැ. දෘෂ්ටිවිපත්ති දතයුතු යැ. ආජීවවිපත්ති දතයුතු යි.

4. ආපත‍්ති ජානිතබ‍්බාති : පාරාජිකාපත‍්ති ජානිතබ‍්බා, සඞ‍්ඝාදිසෙසාපත‍්ති ජානිතබ‍්බා, ථුල‍්ලච‍්චයාපත‍්ති ජානිතබ‍්බා, පාචිත‍්තියාපත‍්ති ජානිතබ‍්බා, පාටිදෙසනීයාපත‍්ති ජානිතබ‍්බා, දුක‍්කටාපත‍්ති ජානිතබ‍්බා, දුබ‍්භාසිතාපත‍්ති ජානිතබ‍්බා.

4. ආපත්ති ජතිතබ්බා යනු: පාරාජිකාපත්ති දතයුතු යැ. සඞ්ඝාදිසේසාපත්ති දත යුතු යැ. ථුල්ලච්චයාපත්ති දතයුතු යැ. පාචිත්තියාපත්ති දතයුතු යැ. පාටිදේසනීයාපත්ති දතයුතු යැ. දුක්කටාපත්ති දතයුතු යැ. දුබ්භාසිතාපත්ති දතයුතු යි.

5. නිදානං ජානිතබ‍්බන‍්ති : අට‍්ඨපාරාජිකානං නිදානං ජානිතබ‍්බං, තෙවීසසඞ‍්ඝාදිසෙසානං නිදානං ජානිතබ‍්බං, ද‍්වෙඅනියතානං නිදානං ජානිතබ‍්බං, ද‍්වෙචත‍්තාලීසනිස‍්සග‍්ගියානං නිදානං ජානිතබ‍්බං, අට‍්ඨාසීතිසතපාචිත‍්තියානං නිදානං ජානිතබ‍්බං, ද‍්වාදස පාටිදෙසනීයානං නිදානං ජානිතබ‍්බං, දුක‍්කටානං නිදානං ජානිතබ‍්බං, දුබ‍්භාසිතානං නිදානං ජානිතබ‍්බං.

5. නිදානං ජාතිතබ්බං යනු: අට පරිජි පිළිබඳ නිදාන දතයුතු යැ. තෙවීසි සඟවෙසෙස් පිළිබඳ නිදාන දතයුතු යැ. දෙඅනියතය පිළිබඳ නිදාන දතයුතු යැ. දෙසාළිස් නිසගි පිළිබඳ නිදාන දතයුතු යැ. එක්සිය අට අසූ පචිති පිළිබඳ නිදාන දතයුතු යැ. දොළොස් පිළිදෙස්නී පිළිබඳ නිදාන දතයුතු යැ. දුකුළා පිළිබඳ නිදාන දතයුතු යැ. දුබැසි පිළිබඳ නිදාන දතයුතු යි.

6. ආකාරො ජානිතබ‍්බොති : සඞ‍්ඝො ආකාරතො ජානිතබ‍්බො, ගණො ආකාරතො ජානිතබ‍්බො, පුග‍්ගලො ආකාරතො ජානිතබ‍්බො, චොදකො ආකාරතො ජානිතබ‍්බො, චුදිතකො ආකාරතො ජානිතබ‍්බො.

6. ආකාරො ජානිතබ්බො යනු: සඞ්ඝයා ආකාර විසින් දතයුතු යැ. ගණයා ආකාර විසින් දතයුතු යැ. පුද්ගල ආකාර විසින් දතයුතු යැ. චෝදක ආකාර විසින් දතයුතු යැ. චූදිතක ආකාර විසින් දතයුතු යි.

සඞ‍්ඝො ආකාරතො ජානිතබ‍්බොති : පටිබලො නු ඛො අයං සඞ‍්ඝො ඉමං අධිකරණං වූපසමෙතුං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන උදාහු නොති එවං සඞ‍්ඝො ආකාරතො ජානිතබ‍්බො.

“සඞ්ඝො ආකාරතො ජානිතබ්බො” යනු: මේ සඞ්ඝයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ සඞ්ඝයා ආකාර විසින් දතයුතු යි.

ගණො ආකාරතො ජානිතබ‍්බොති පටිබලො නු ඛො අයං ගණො ඉමං අධිකරණං වූපසමෙතුං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන උදාහු නොති, එවං ගණො ආකාරතො ජානිතබ‍්බො.

“ගණො ආකාරතො ජානිතබ්බො” යනු: මේ ගණයා මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ ගණයා ආකාරයෙන් දතයුතු යි.

පුග‍්ගලො ආකාරතො ජානිතබ‍්බොති : පටිබලො නු ඛො අයං පුග‍්ගලො ඉමං අධිකරණං වූපසමෙතුං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන උදාහු නොති. එවං පුග‍්ගලො ආකාරතො ජානිතබ‍්බො.

“පුග්ගලො ආකාරතො ජානිතබ්බො” යනු: මේ පුද්ගල මේ අධිකරණය ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් සන්හිඳුවන්නට සමත් හෝ වේ ද, නොහොත් නො වේ දැයි මෙසේ පුද්ගල ආකාර විසින් දතයුතු යි.

චොදකො ආකාරතො ජානිතබ‍්බොති : කච‍්චි නු ඛො අයමායස‍්මා පඤ‍්චසු ධම‍්මෙසු පතිට‍්ඨාය පරං චොදෙති උදාහු නොති. එවං චොදකො ආකාරතො ජානිතබ‍්බො.

“චෝදකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් පස්වැදෑරුම් දහම්හි පිහිටා අන්හට චෝදනා කෙරේ ද, නොහොත් නො කෙරේදැ” යි මෙසේ චෝදක ආකාර විසින් දතයුතු යි.

චුදිතකො ආකාරතො ජානිතබ‍්බොති : කච‍්චි නු ඛො අයමායස‍්මා ද‍්වීසු ධම‍්මෙසු පතිට‍්ඨිතො සච‍්චෙ ච අකුප‍්පෙ ච උදාහු නොති. එවං චුදිතකො ආකාරතො ජානිතබ‍්බො.

“චුදිතකො ආකාරතො ජානිතබ්බො” යනු: “කිම, මේ ආයුෂ්මත් සත්‍යයෙහි ද අකෝප්‍යයෙහි දැයි දෙවැදෑරුම් දහම්හි පිහිටියේ ද, නොහොත් නො පිහිටියේ දැ” යි මෙසේ චුදිතක ආකාර විසින් දතයුතු යි.

7. පුබ‍්බාපරං ජානිතබ‍්බන‍්ති කච‍්චි නු ඛො අයමායස‍්මා වත්‍ථුතො වා වත්‍ථුං සඞ‍්කමති, විපත‍්තිතො වා විපත‍්තිං සඞ‍්කමති, ආපත‍්තිතො වා ආපත‍්තිං සඞ‍්කමති, අවජානිත්‍වා වා පටිජානාති, පටිජානිත්‍වා වා අවජානාති, අඤ‍්ඤෙන වා අඤ‍්ඤං පටිචරති, උදාහු නො’ති එවං පුබ‍්බාපරං ජානිතබ‍්බං.

7. පුබ්බාපරං ජාතිතබ්බං යනු: කිම, මේ ආයුෂ්මත් වස්තුවෙන් වස්තුවට හෝ (එක් වස්තුයෙකින් අන් වස්තුවකට) සඞ්ක්‍රමණය කෙරේ ද, විපත්තියෙන් විපත්තියට හෝ සඞ්ක්‍රමණය කෙරේ ද, ආපත්තියෙන් ආපත්තියට හෝ සඩ්ක්‍රමණය කෙරේ ද, පළමු වළහා පසුව පිළින හෝ කෙරේ ද, පිළින කොට හෝ වළහා ද, අනෙකෙකින් හෝ අනෙකක් වසා ද, නොහොත් නො වසා දැයි මෙසේ පූර්‍වාපරවචනය දතයුතු ය.

8. කතාකතං ජානිතබ‍්බන‍්ති : මෙථුනධම‍්මො ජානිතබ‍්බො, මෙථුනධම‍්මස‍්ස අනුලොමං ජානිතබ‍්බං, මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගො ජානිතබ‍්බො.

8. කතාකතං ජාතිතබ්බං යනු: මෛථුනධර්‍මය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ අනුලෝමය දතයුතු යැ. මෛථුනධර්‍මය පිළිබඳ පූර්‍වභාගය දතයුතු යි.

මෙථුනධම‍්මො ජානිතබ‍්බොති ද‍්වයංද‍්වයසමාපත‍්ති ජානිතබ‍්බා.

“මෙථූනධම්මෝ ජාතිතබ්බො” යනු: ද්වයං ද්වය සමාපත්ති දතුයුතු යි.

මෙථුනධම‍්මස‍්ස අනුලොමං ජානිතබ‍්බන‍්ති : භික‍්ඛු අත‍්තනො මුඛෙන පරස‍්ස අඞ‍්ගජාතං ගණ‍්හාති.

“මෙථුනධම්මස්ස අනුලෝමං ජානිතබ්බං” යනු මහණ සිය මුවෙන් මෙරමා රහසඟ ගණි.

මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගො ජානිතබ‍්බොති : වණ‍්ණාවණ‍්ණං කායසංසග‍්ගො දුට‍්ඨුල‍්ලා වාචා, අත‍්තකාමපාරිචරියා, වචනමනුප‍්පදානං.

“මෙථුනධම්මස්ස පුබ්බභාගො ජානිතබ්බො” යනු නීලාදි වර්‍ණාවර්‍ණ යැ. කායසංසර්‍ග යැ දුට්ඨුල්ල වචන යැ අත්තකාමපාරිචරියා යැ ඔවුනොවුන්ගේ බස් දීම යැ යන මේ යැ.

9. කම‍්මං ජානිතබ‍්බන‍්ති : සොළසකම‍්මානි ජානිතබ‍්බානි : චත‍්තාරි අපලොකනකම‍්මානි ජානිතබ‍්බානි, චත‍්තාරි ඤත‍්තිකම‍්මානි ජානිතබ‍්බානි, චත‍්තාරි ඤත‍්තිදුතියකම‍්මානි ජානිතබ‍්බානි, චත‍්තාරි ඤත‍්තිචතුත්‍ථකම‍්මානි ජානිතබ‍්බානි.

9. කම්මං ජාතිතබ්බං යනු: ෂෝඩශ කර්‍ම දතයුතු යි: චතුර්විධ අපලෝකනකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිදුතියකර්‍ම දතයුතු යැ. චතුර්විධ ඤත්තිචතුත්‍ථ කර්‍ම දතයුතු යි.

10. අධිකරණං ජානිතබ‍්බන‍්ති : චත‍්තාරි අධිකරණානි ජානිතබ‍්බානි, විවාදාධිකරණං ජානිතබ‍්බං, අනුවාදාධිකරණං ජානිතබ‍්බං, ආපත‍්තාධිකරණං ජානිතබ‍්බං, කිච‍්චාධිකරණං ජානිතබ‍්බං.

10. අධිකරණං ජානිතබ්බං යනු: චතුර්විධ අධිකරණ දතයුතු යි; විවාදාධිකරණ දතයුතු යැ. අනුවාදාධිකරණ දතයුතු යැ. ආපත්තාධිකරණ දතයුතු යැ. කිච්චාධිකරණ දතයුතු යි.

11. සමථො ජානිතබ‍්බොති : සත‍්ත සමථා ජානිතබ‍්බා : සම‍්මුඛාවිනයො ජානිතබ‍්බො, සතිවිනයො ජානිතබ‍්බො, අමූළ‍්හවිනයො ජානිතබ‍්බො, පටිඤ‍්ඤාතකරණං ජානිතබ‍්බං, යෙභුය්‍යසිකා ජානිතබ‍්බා, තස‍්ස පාපිය්‍යසිකා ජානිතබ‍්බා, තිණවත්‍ථාරකො ජානිතබ‍්බො.

11. සමථො ජානිතබ්බො යනු: සප්තශමථයෝ දතයුතු වෙති: සම්මුඛාවිනය දතයුතු යැ. සතිවිනය දතයුතු යැ. අමූළ්හවිනය දතයුතුය. පටිඤ්ඤාතකරණ දතයුතු යැ. යෙභූය්‍යසිකා දතයුතු යැ. තස්සපාපිය්‍යසිකා දතයුතු යැ. තිණවත්‍ථාරකය දතයුතු යි.

12. න ඡන්‍දාගති ගන‍්තබ‍්බාති ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො කථං ඡන්‍දාගතිං ගච‍්ඡති : ඉධෙකච‍්චො “අයං මෙ උපජ‍්ඣායො වා ආචරියො වා සද‍්ධිවිහාරිකො වා අන‍්තෙවාසිකො වා සමානුපජ‍්ඣායකො වා සමානාචරියකො වා සන්‍දිට‍්ඨො වා සම‍්භත‍්තො වා ඤාතිසාලොහිතො වා”ති තස‍්සානුකම‍්පකාය තස‍්සානුරක‍්ඛාය අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං ආපත‍්තීති දීපෙති, ආපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො බහුජනඅහිතාය පටිපන‍්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං. ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො ච විඤ‍්ඤූනං, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො එවං ඡන්‍දාගතිං ගච‍්ඡති.

12. “න ඡන්‍දාගති ගන්තබ්බා” යනු ඡන්‍දයෙන් අගතියට යන්නේ කෙසේ ඡන්‍දයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් “මේ තෙමේ මාගේ උපාධ්‍යාය යි හෝ ආචාර්‍ය්‍ය යි හෝ සද්ධිවිහාරික යැ යි හෝ අන්තේවාසික යැ යි හෝ සමානෝපාධ්‍යයැ යි හෝ සමානාචාර්‍ය්‍ය යැ යි හෝ සන්දෘෂ්ට මිත්‍ර යැ යි හෝ සම්භක්ත මිත්‍ර යැ යි හෝ ඤාතිසාලෝහිතයැ යි හෝ ඔහුට අනුකම්පා පිණිස ඔහු රැක්ම පිණිස අධර්‍මය ධර්‍මයැ යි දක්වා ද, ධර්‍මය අධර්‍මයැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, අනාපත්තිය ආපත්තියැ යි දක්වා ද, , ආපත්තිය අනාපත්තියැ යි දක්වා ද, ලහුකාපත්තිය ගරුකාපත්තියැ යි දක්වා ද, ගරුකාපත්තිය ලහුකාපත්ති යැ යි දක්වා ද, සාවසේසාපත්තිය අනවසේසාපත්තියැ යි දක්වා ද, අනවසේසාපත්තිය සාවසේසාපත්ති යැ යි දක්වා ද, දුට්ඨුල්ලාපත්තිය අදුට්ඨුල්ලාපත්ති යැ යි දක්වා ද, අදුට්ඨුල්ලාපත්තිය දුට්ඨුල්ලාපත්තියැ යි දක්වා ද, මේ අටළොස් වැදැරුම් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණින් ඡන්‍දයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල් මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ඡන්‍දයෙන් අගතියට යන්නේ මෙසේ ඡන්‍දයෙන් අගතියට යේ.

13. න දොසාගති ගන‍්තබ‍්බාති : දොසාගතිං ගච‍්ඡන‍්තො කථං දොසාගතිං ගච‍්ඡති : ඉධෙකච‍්චො අනත්‍ථං මෙ අචරීති ආඝාතං බන්‍ධති, අනත්‍ථං මෙ චරතීති ආඝාතං බන්‍ධති, අනත්‍ථං මෙ චරිස‍්සතීති ආඝාතං බන්‍ධති, පියස‍්ස මෙ මනාපස‍්ස අනත්‍ථං අචරි, අනත්‍ථං චරති, අනත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති, අප‍්පියස‍්ස මෙ අමනාපස‍්ස අත්‍ථං අචරි, අත්‍ථං චරති, අත්‍ථං චරිස‍්සතීති ආඝාතං බන්‍ධති. ඉමෙහි නවහි ආඝාතවත්‍ථූහි ආඝාතො පටිඝාතිතො කුද‍්ධො කොධාභිභූතො අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි දොසාගතිං ගච‍්ඡන‍්තො බහුජනඅහිතාය පටිපන‍්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං, ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි දොසාගතිං ගච‍්ඡන‍්තො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො ච විඤ‍්ඤූනං, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති, දොසාගතිං ගච‍්ඡන‍්තො එවං දොසාගතිං ගච‍්ඡති.

13. “න දෝසාගති ගත්තබ්බා” යනු: ද්වේෂයෙන් අගතියට යන්නේ කෙසේ ද්වේෂයෙන් අගතියට යේ ද යත්: මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් මට (පෙරැ) අවැඩ කෙළේ යැයි වෛර බඳී ද, මට (දැන්) අවැඩ කෙරේ යැයි වෛර බඳී ද, මට (මතු) අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ ප්‍රිය මනාපයාහට අවැඩ කෙළේ යැ අවැඩ කෙරෙයි අවැඩ කරන්නේ යැ යි වෛර බඳී ද, මාගේ අප්‍රිය අමනාපයාහට වැඩකෙළේ යැ වැඩ කරයි වැඩ කරන්නේ යැයි වෛර බඳී ද, මේ නව ආඝාත වස්තූන් ගෙන් පහරණ ලද්දේ පුන පුනා පහරණ ලද්දේ කිපියේ ක්‍රෝධයෙන් මඩනා ලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද ධර්‍මය අධර්‍ම යැයි දක්වා ද ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවි මිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් ද්වේෂයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති වැ නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. ද්වේෂයෙන් අගතියට යන්නේ මෙසේ ද්වේෂයෙන් අගතියට යේ.

14. න මොහාගති ගන‍්තබ‍්බාති : මොහාගතිං ගච‍්ඡන‍්තො කථං මොහාගතිං ගච‍්ඡති : රත‍්තො රාගවසෙන ගච‍්ඡති, දුට‍්ඨො දොසවසෙන ගච‍්ඡති, මූළ‍්හො මොහවසෙන ගච‍්ඡති, පරාමට‍්ඨො දිට‍්ඨිවසෙන ගච‍්ඡති, මූළ‍්හො සම‍්මූළ‍්හො මොහාභිභූතො අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි මොහාගතිං ගච‍්ඡන‍්තො බහුජනඅහිතාය පටිපන‍්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං, ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි මොහාගතිං ගච‍්ඡන‍්තො ඛතං උපහතං අත‍්තානං පරිහරති, සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො ච විඤ‍්ඤූනං, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. මොහාගතිං ගච‍්ඡන‍්තො එවං මොහාගතිං ගච‍්ඡති.

14. “න මෝහාගති ගත්තබ්බා” යනු: මෝහයෙන් අගතියට යන්නේ කෙසේ මෝහයෙන් අගතියට යේ ද යත්: සංරක්ත වූයේ රාගවශයෙන් මෝහාගතියට යෙයි. දුෂ්ට වූයේ ද්වේෂවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ මොහවශයෙන් මෝහාගතියට යෙයි. පරාමෘෂ්ට වූයේ දෘෂ්ටිවශයෙන් මෝහාගතියට යෙයි. මුළා වූයේ අතිශයින් මුළා වූයේ මෝහයෙන් මඬනාලද්දේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් මෝහයෙන් අගතියට යන්නේ සාරාදැමූ කුසල්මුල් ඇති නසන ලද තමා පරිහරණය කෙරෙයි. (හේ) වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. මෝහයෙන් අගතියට යන්නේ මෙසේ මෝහයෙන් අගතියට යේ.

15. න භයාගති ගන‍්තබ‍්බාති භයාගතිං ගච‍්ඡන‍්තො කථං භයාගතිං ගච‍්ඡති : ඉධෙකච‍්චො “අයං විසමනිස‍්සිතො වා ගහනනිස‍්සිතො වා බලවනිස‍්සිතො වා කක‍්ඛළො ඵරුසො ජීවිතන‍්තරායං වා බ්‍රහ‍්මචරියන‍්තරායං වා කරිස‍්සතීති තස‍්ස භයා භීතො අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති, අවිනයං විනයොති දීපෙති, විනයං අවිනයොති දීපෙති, අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙති, භාසිතං ලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙති, අනාචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, ආචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙති, අපඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, පඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙති, අනාපත‍්තිං ආපත‍්තීති දීපෙති, ආපත‍්තිං අනාපත‍්තීති දීපෙති, ලහුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙති, ගරුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙති, සාවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙති, අනවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි භයාගතිං ගච‍්ඡන‍්තො බහුජන අහිතාය පටිපන‍්නො හොති බහුජනඅසුඛාය බහුනො ජනස‍්ස අනත්‍ථාය අහිතාය දුක‍්ඛාය දෙවමනුස‍්සානං, ඉමෙහි අට‍්ඨාරසහි වත්‍ථූහි භයාගතිං ගච‍්ඡන‍්තො ඛතං උපහතං අත‍්තානං පරිහරති සාවජ‍්ජො ච හොති සානුවජ‍්ජො ච විඤ‍්ඤූනං බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවති. භයාගතිං ගච‍්ඡන‍්තො එවං භයාගතිං ගච‍්ඡති.

15. “න භයාගති ගත්තබ්බා” යනු: බියෙන් අගතියට යන්නේ කෙසේ බියෙන් අගතියට යේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් මේ තෙමේ විෂම වූ කාය කර්‍මාදියෙන් යුක්ත යැ යි හෝ (අන්තග්‍රාහික මිථ්‍යා දෘෂ්ටි සඞ්ඛ්‍යාත) ගහණයන් ඇසුරු කරණ ලදැ යි හෝ බලවතුන් ඇසුරුකරණ ලදැ යි හෝ කර්‍කශ රළු වූයේ ජීවිතයට උවදුරක් හෝ බඹසරට උවදුරක් හෝ කරන්නේ යැ යි හෝ ඔහු කෙරෙන් බියපත් වූයේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වා ද, ධර්‍මය අධර්‍ම යැ යි දක්වා ද, අවිනය විනයැ යි දක්වා ද, විනය අවිනයැ යි දක්වා ද, තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පුරුදු නො කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැ යි දක්වාද, තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු නො කරණ ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වා ද, තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වා ද, නො ඇවැත ඇවැතැයි දක්වා ද, ඇවැත නොඇවැතැ යි දක්වා ද, ලුහු ඇවැත ගරු ඇවැතැ යි දක්වා ද, ගරු ඇවැත ලුහු ඇවැතැයි දක්වා ද, සාවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වා ද, අනවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වා ද, තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වා ද, නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වා ද, මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්‍ත්‍ථ පිණිස දෙවිමිනිසුන්ට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ වෙයි. මේ අටළොස් කරුණෙන් බියෙන් අගතියට යන්නේ සාරා දැමූ කුසල්මුල් ඇති වැ නසන ලදැ තමා පරිහරණය කෙරෙයි. වරද සහිත වූයේ ද වෙයි. නුවණැත්තන් විසින් චෝදනා කටයුතු ද වෙයි. බොහෝ අකුසල් ද රැස් කෙරෙයි. බියෙන් අගතියට යන්නේ මෙසේ බියෙන් අගතියට යේ.

16. ඡන්‍දා දොසා භයා මොහා යො ධම‍්මං අතිවත‍්තති, නිහීයති තස‍්ස යසො කාළපක‍්ඛෙව චන්‍දිමාති.

16. යමෙක් ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ ධර්‍මය ඉක්මවා ද, ඔහුගේ කීර්තිය කෘෂ්ණපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් වෙසෙසින් පිරිහේ.

17. කථං න ඡන්‍දාගතිං ගච‍්ඡති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අවිනයං අවිනයොති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, විනයං විනයොති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති,

17. කෙසේ නම් ඡන්‍දයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අවිනය අවිනය යැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. විනය විනය යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණලදැ යි ප්‍රකාශ කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි.

අනාචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, ආචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අපඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අනාපත‍්තිං අනාපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, ආපත‍්තිං ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, ලහුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, ගරුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, සාවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අනවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න ඡන්‍දාගතිං ගච‍්ඡති. එවං න ඡන්‍දාගතිං ගච‍්ඡති.

තථාගතයන් විසින් පුරුදු කරණලද්ද තථාගතයන් විසින් පුරුදු කරණලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවනලද්ද තථාගතයන් විසින් පණවනලදැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නොයෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ගරු ඇවැත ගරු ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. සාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ඡන්‍දයෙන් අගතියට නො යෙයි. මෙසේ ඡන්‍දයෙන් අගතියට නො යේ.

18. කථං න දොසාගතිං ගච‍්ඡති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො න දොසාගතිං ගච‍්ඡති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො න දොසාගතිං ගච‍්ඡති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න දොසාගතිං ගච‍්ඡති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න දොසාගතිං ගච‍්ඡති. එවං න දොසාගතිං ගච‍්ඡති.

18. කෙසේ නම් ද්වේෂයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෙසේ ද්වේෂයෙන් අගතියට නො යේ.

19. කථං න මොහාගතිං ගච‍්ඡති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො න මොහාගතිං ගච‍්ඡති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො න මොහාගතිං ගච‍්ඡති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න මොහාගතිං ගච‍්ඡති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න මොහාගතිං ගච‍්ඡති. එවං න මොහාගතිං ගච‍්ඡති.

19. කෙසේ නම් මෝහයෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍මය යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෝහයෙන් අගතියට නො යෙයි. මෙසේ මෝහයෙන් අගතියට නො යේ.

20. කථං න භයාගතිං ගච‍්ඡති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අවිනයං අවිනයොති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, විනයං විනයොති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අභාසිතං අලපිතං තථාගතෙන අභාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, භාසිතං ලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අනාචිණ‍්ණං තථාගතෙන අනාචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, ආචිණ‍්ණං තථාගතෙන ආචිණ‍්ණං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අපඤ‍්ඤත‍්තං තථාගතෙන අපඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, පඤ‍්ඤත‍්තං තථාගතෙන පඤ‍්ඤත‍්තං තථාගතෙනාති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අනාපත‍්තිං අනාපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, ආපත‍්තිං ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, ලහුකං ආපත‍්තිං ලහුකා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, ගරුකං ආපත‍්තිං ගරුකා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති,

20. කෙසේ නම් බියෙන් අගතියට නො යේ ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අවිනය අවිනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. විනය විනයැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො වදාරණ ලද්ද ප්‍රකාශ නො කරණ ලද්ද තථාගතයන් විසින් නො වදාරණ ලදැ යි ප්‍රකාශ නො කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් වදාරණ ලද්ද ප්‍රකාශ කරණ ලද්ද තථාගතයන් විසින් වදාරණ ලදැ යි ප්‍රකාශ කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් නො පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් නො පුරුදු කරණ ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පුරුදු කරණ ලද්ද තථාගතයන් විසින් පුරුදු කරණ ලදැයි දක්වන්නේ බියෙන් අගතියට නොයෙයි. තථාගතයන් විසින් නො පණවන ලද්ද තථාගතයන් විසින් නො පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තථාගතයන් විසින් පණවන ලද්ද තථාගතයන් විසින් පණවන ලදැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනාපත්තිය අනාපත්ති යැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ඇවැත ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ලුහු ඇවැත ලුහු ඇවැතැයි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. ගුරු ඇවැත ගුරු ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි.

සාවසෙසං ආපත‍්තිං සාවසෙසා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අනවසෙසං ආපත‍්තිං අනවසෙසා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො න භයාගතිං ගච‍්ඡති. එවං න භයාගතිං ගච‍්ඡති.

සාවසේස ඇවැත සාවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. අනවසේස ඇවැත අනවසේස ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ බියෙන් අගතියට නො යෙයි. මෙසේ බියෙන් අගතියට නො යේ.

21. ඡන්‍දා දොසා භයා මොහා යො ධම‍්මං නාතිවත‍්තති, ආපූරති තස‍්ස යසො සුක‍්කපක‍්ඛෙව චන්‍දිමාති.

21. යමෙක් තෙමේ ඡන්‍දයෙන් හෝ ද්වේෂයෙන් හෝ බියෙන් හෝ මෝහයෙන් හෝ යුක්තිධර්‍මය නො ඉක්මවා ද, ඔහුගේ කීර්තිය ශුක්ලපක්‍ෂයෙහි චන්‍ද්‍රයා මෙන් ක්‍රමයෙන් පිරෙන්නේ යි.

22. කථං සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති, එවං සඤ‍්ඤාපනීයෙ ඨානෙ සඤ‍්ඤාපෙති.

22. කිසෙයින් හැඳින්වියයුතු තන්හි හඳුන්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ධර්‍මය ධර්‍ම යැයි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ හැඳින්විය යුතු තන්හි හඳුන්වයි. මෙසෙයින් හැඳින්විය යුතු තන්හි හඳුන්වයි.

23. කථං නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති, -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති, එවං නිජ‍්ඣාපනීයෙ ඨානෙ නිජ‍්ඣාපෙති.

23. කිසෙයින් මෙනෙහිකරවියයුතු තන්හි මෙනෙහි කරවා ද යත්: අධර්‍මය අධර්‍ම යැයි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි. මෙසෙයින් මෙනෙහි කරවියයුතු තන්හි මෙනෙහි කරවයි.

24. කථං පෙක‍්ඛනීයෙ ඨානෙ පෙක‍්ඛති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො පෙක‍්ඛනීයෙ ඨානෙ පෙක‍්ඛති, ධම‍්මං ධම‍්මොති දීපෙන‍්තො, -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො -පෙ- අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙන‍්තො -පෙ- එවං පෙක‍්ඛනීයෙ ඨානෙ පෙක‍්ඛති.

24. කිසෙයින් දැක්විය යුතු තන්හි දක්වා ද යත්: අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ධර්‍මය ධර්‍ම යැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්විය යුතුතන්හි දක්වයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ දැක්වියයුතු තන්හි දක්වයි. මෙසෙයින් දැක්විය යුතුතන්හි දක්වයි.

25. කථං පසාදනීයෙ ඨානෙ පසාදෙති : අධම‍්මං අධම‍්මොති දීපෙන‍්තො පසාදනීයෙ ඨානෙ පසාදෙති, ධම‍්මං ධම‍්මොති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති -පෙ- අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති -පෙ- එවං පසාදනීයෙ ඨානෙ පසාදෙති.

25. කිසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවා ද යත්; අධර්‍මය අධර්‍ම යැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. ධර්‍මය ධර්‍ම යැ යි ... තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. නො තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වන්නේ පැහැදවිය යුතු තන්හි පහදවයි. මෙසෙයින් පැහැදවිය යුතු තන්හි පහදවයි.

26. කථං ලද‍්ධපක‍්ඛොම‍්හීති පරපක‍්ඛං අවජානාති : ඉධෙකච‍්චො ලද‍්ධපක‍්ඛො හොති ලද‍්ධපරිවාරො පක‍්ඛවා ඤාතිමා, ‘අයං අලද‍්ධපක‍්ඛො අලද‍්ධපරිවාරො න පක‍්ඛවා න ඤාතිමා’ති තස‍්ස අවජානන‍්තො අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, එවං ලද‍්ධපක‍්ඛොම‍්හීති පරපක‍්ඛං අවජානාති.

26. “කිසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් ලැබූ පක්‍ෂ ඇත්තේ ලැබූ පිරිවර ඇත්තේ පක්‍ෂ ඇත්තේ නෑයන් ඇත්තේ වෙයි. (හේ) මේ පුද්ගල නො ලද පක්‍ෂ ඇත්තෙක, නො ලද පිරිවර ඇත්තෙක, දක්‍ෂ නැත්තෙක නෑයන් නැත්තෙක” යි. ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ලැබූ පක්‍ෂ ඇත්තෙමි” යි පරපක්‍ෂයට අවමන් කෙරේ.

27. කථං බහුස‍්සුතොම‍්හීති අප‍්පස‍්සුතං අවජානාති : ඉධෙකච‍්චො බහුස‍්සුතො හොති සුතධරො සුතසන‍්නිචයො, අයං අප‍්පස‍්සුතො අප‍්පාගමො අප‍්පධරොති තස‍්ස අවජානන‍්තො අධම‍්මං ධම‍්මොති දීපෙති,

27. “කිසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් බහුශ්‍රුත වෙයි, ශ්‍රැතධර වෙයි, ශ්‍රැත සන්නිචය (ඇසූ පිරූ දැ රැස්කොට තබන්නේ) වෙයි, හේ පුද්ගල අල්පශ්‍රැතයෙක, නො පුහුණු වූ ආගම ඇත්තෙක, බණදහම් නො දරන්නෙකැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි.

ධම‍්මං අධම‍්මොති දීපෙති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තී’ති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, එවං බහුස‍්සුතොම‍්හීති අප‍්පස‍්සුතං අවජානාති.

ධර්‍මය අධර්‍මය යි දක්වයි ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැයි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැයි දක්වයි. “මෙසෙයින් බහුශ්‍රැතයෙමි” යි අල්පශ්‍රැතයාහට අවමන් කෙරේ.

28. කථං ථෙරතරොම‍්හීති නවකතරං අවජානාති : ඉධෙකච‍්චො ථෙරො හොති රත‍්තඤ‍්ඤූ චිරපබ‍්බජිතො, ‘අයං නවකො අපඤ‍්ඤාතො අප‍්පස‍්සුතො අප‍්පකතඤ‍්ඤූ ඉමස‍්ස වචනං අකතං භවිස‍්සතී’ති තස‍්ස අවජානන‍්තො අධම‍්මං ධම‍්මොති දීපෙති, ධම‍්මං අධම‍්මොති දීපෙති -පෙ- දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති, අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං දුට‍්ඨුල‍්ලා ආපත‍්තීති දීපෙති. එවං ථෙරතරොම‍්හීති නවකතරං අවජානාති.

28. “කිසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ ද යත්: මෙ සස්නෙහි ඇතැම් මහණෙක් රාත්‍රඥ වූයේ පැවිද්දෙන් බොහෝ කල් ඇත්තේ ස්ථවිර වෙයි. හේ මෙ පුද්ගල නවක යැ අප්‍රකට යැ විනයඥ නො වෙයි, තතු නො දනී, මොහුගේ වචනය නො කළයුතු වන්නේ යැ” යි ඔහුට අවමන් කරන්නේ අධර්‍මය ධර්‍ම යැ යි දක්වයි. ධර්‍මය අධර්‍ම යැ යි දක්වයි. ... තුළුල් ඇවැත නො තුළුල් ඇවැතැ යි දක්වයි. නො තුළුල් ඇවැත තුළුල් ඇවැතැ යි දක්වයි. “මෙසෙයින් ස්ථවිරතරයෙමි” යි නවකතරයාහට අවමන් කෙරේ.

29. අසම‍්පත‍්තං න ව්‍යාහරිතබ‍්බන‍්ති : අනොතිණ‍්ණං භාරං න ඔතාරෙතබ‍්බං.

29. අසම්පත්තං න ව්‍යාහරිතබ්බං යනු: අනවතීර්‍ණභාරය අවතරණය නොකට යුතු යි.

30. සම‍්පත‍්තං ධම‍්මතො විනයතො න පරිහාපෙතබ‍්බන‍්ති : යමත්‍ථාය සඞ‍්ඝො සන‍්නිපතිතො හොති, තමත්‍ථං ධම‍්මතො විනයතො න පරිහාපෙතබ‍්බං.

30. සම්පත්තං ධම්මතෝ විනයතෝ න පරිහාපේතබ්බං යනු: සඞ්ඝයා යම් කරුණක් සඳහා රැස් වූයේ වේ ද, එ කරුණ ධර්‍මයෙන් විනයයෙන් නො පිරිහෙළිය යුතු යි.

31. යෙන ධම‍්මෙනාති : භූතෙන වත්‍ථුනා.

31. යෙන ධම්මෙන යනු: විද්‍යමානවස්තුයෙනි.

යෙන විනයෙනාති : චොදෙත්‍වා සාරෙත්‍වා.

යෙන විනයෙන යනු: චෝදනා කොට (ඇවැත) සිහි කරවා.

යෙන සත්‍ථුසාසනෙනාති : ඤත‍්තිසම‍්පදාය අනුසාවනසම‍්පදාය. යෙන ධම‍්මෙන යෙන විනයෙන යෙන සත්‍ථුසාසනෙන තං අධිකරණං වූපසම‍්මති, තථා තං අධිකරණං වූපසමෙතබ‍්බන‍්ති.

යෙන සත්‍ථු සාසනෙන යනු: ඤත්තිසම්පත්තියෙන් අනුසාවනසම්පත්තියෙන්, යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසෙයින් ඒ අධිකරණය සන්හිඳවිය යුතු.