යෙදුමෙන් කියවන්න

චූළසඞ‍්ගාමො

චූළසඞ්ග්‍රාමය

අනුවිජ‍්ජකස‍්සපටිපත‍්ති

අනුවිජ්ජකප්‍රතිපත්ති

1. සඞ‍්ගාමාවචරෙන භික‍්ඛුනා සඞ‍්ඝං උපසඞ‍්කමන‍්තෙන නීචචිත‍්තෙන සඞ‍්ඝො උපසඞ‍්කමිතබ‍්බො රජොහරණසමෙන චිත‍්තෙන, ආසනකුසලෙන භවිතබ‍්බං, නිසජ‍්ජාකුසලෙන ථෙරෙ භික‍්ඛූ අනුපඛජ‍්ජන‍්තෙන නවෙ භික‍්ඛූ ආසනෙන අප‍්පටිබාහන‍්තෙන, යථාපතිරූපෙ ආසනෙ නිසීදිතබ‍්බං, අනානාකථිකෙන භවිතබ‍්බං අතිරච‍්ඡානකථිකෙන, සාමං වා ධම‍්මො භාසිතබ‍්බො පරො වා අජ‍්ඣෙසිතබ‍්බො, අරියො වා තුණ‍්හීභාවො නාතිමඤ‍්ඤිතබ‍්බො.

1. සඞ්ග්‍රාමාවචර (සඟමැ ද අධිකරණ විනිශ්චය කරණ) මහණහු විසින් යටත් සිතින් පාපිස්නක් සෙයින් මන් නැති වැ සඞ්ඝයා වෙත එළඹිය යුතු යැ. තමහට සුදුසු අස්නක් තෝරා ගැන්මෙහි දක්‍ෂ විය යුතු යැ. හිඳීම පිළිබඳ දැනීමෙහි දක්‍ෂවූවහු විසින් ස්ථවිර භික්‍ෂූන් නො ගටා නවක භික්‍ෂූන් අස්නෙන් නො නෙරපා තමහට සුදුසු අස්නෙහි හින්ද යුතු යැ, රාජකථාදි තිරශ්චීනකථා නැති වැ නන්වැදෑරුම් අවැඩ කථාවෙන් තොර විය යුතු යැ, තමා විසින් හෝ දහම් දෙසිය යුතු යැ. අනෙකකුට හෝ ආරාධනා කටයුතු යැ, කමටහන් මෙනෙහි කිරීම් සඞ්ඛ්‍යාත ආර්‍ය්‍ය තුෂ්ණිම්භාවය හෝ අවඥා නො කට යුතු යි.

2. සඞ‍්ඝෙන අනුමතෙන පුග‍්ගලෙන අනුවිජ‍්ජකෙන අනුවිජ‍්ජිතුකාමෙන න උපජ‍්ඣායො පුච‍්ඡිතබ‍්බො, න ආචරියො පුච‍්ඡිතබ‍්බො, න සද‍්ධිවිහාරිකො පුච‍්ඡිතබ‍්බො, න අන‍්තෙවාසිකො පුච‍්ඡිතබ‍්බො, න සමානුපජ‍්ඣායකො පුච‍්ඡිතබ‍්බො, න සමානාචරියකො පුච‍්ඡිතබ‍්බො, න ජාති පුච‍්ඡිතබ‍්බා, න නාමං පුච‍්ඡිතබ‍්බං, න ගොත‍්තං පුච‍්ඡිතබ‍්බං, න ආගමො පුච‍්ඡිතබ‍්බො, න කුලපදෙසො පුච‍්ඡිතබ‍්බො, න ජාතිභූමි පුච‍්ඡිතබ‍්බා. තං කිං කාරණා : අත්‍රස‍්ස පෙමං වා දොසො වා. පෙමෙ වා සති දොසෙ වා ඡන්‍දාපි ගච‍්ඡෙය්‍ය, දොසාපි ගච‍්ඡෙය්‍ය, මොහාපි ගච‍්ඡෙය්‍ය, භයාපි ගච‍්ඡෙය්‍ය.

2. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු නැමැති අනුවිජ්ජක පුද්ගල විසින් උපාද්ධ්‍යාය (කවරෙ දැයි) නො විචාළ යුතු යැ, ආචාර්‍ය්‍ය නො විචාළ යුතු යැ. සද්ධිවිහාරික නො විචාළ යුතු යැ, අන්තේවාසික නො විචාළ යුතු යැ, සමානෝපාද්ධ්‍යායක නො විචාළ යුතු යැ, සමානාචාර්‍ය්‍යක නො විචාළ යුතු යැ, ජාතිය නො විචාළ යුතු යැ. නාමය නො විචාළ යුතු යැ, ගෝත්‍රය නො විචාළ යුතු යැ, (දීඝභාණකාදි) ආගමය නො විචාළ යුතු යැ, කුල ප්‍රදේශය නො විචාළ යුතු යැ, ජාතභූමිය නො විචාළ යුතු යි. එ කවර හෙයිනැ යත්: මෙහිලා ඔහුට ප්‍රේමය හෝ ද්වේෂය හෝ වන්නේ යැ, ප්‍රේමය හෝ ද්වේෂය හෝ ඇති කල්හි ඡන්‍දයෙනුදු අගතියට යන්නේ යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නේ යැ, මෝහයෙනුදු අගතියට යන්නේ යැ, බියෙනුදු අගතියට යන්නේ යි.

3. සඞ‍්ඝෙන අනුමතෙන පුග‍්ගලෙන අනුවිජ‍්ජකෙන අනුවිජ‍්ජිතුකාමෙන සඞ‍්ඝගරුකෙන භවිතබ‍්බං නො පුග‍්ගලගරුකෙන, සද‍්ධම‍්මගරුකෙන භවිතබ‍්බං නො ආමිසගරුකෙන, අත්‍ථවසිකෙන භවිතබ‍්බං නො පරිසකප‍්පිකෙන, කාලෙන අනුවිජ‍්ජිතබ‍්බං නො අකාලෙන, භූතෙන අනුවිජ‍්ජිතබ‍්බං නො අභූතෙන, සණ‍්හෙන අනුවිජ‍්ජිතබ‍්බං නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන අනුවිජ‍්ජිතබ‍්බං නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තාචිත‍්තෙන අනුවිජ‍්ජිතබ‍්බං නො දොසන‍්තරෙන, න උපකණ‍්ණකජප‍්පිනා භවිතබ‍්බං, න ජිම‍්හං පෙක‍්ඛිතබ‍්බං, න අක‍්ඛි නිඛණිතබ‍්බං, න භමුකා උක‍්ඛිපිතබ‍්බා, න සීසං උක‍්ඛිපිතබ‍්බං, න හත්‍ථවිකාරො කාතබ‍්බො, න හත්‍ථමුද‍්දා දස‍්සෙතබ‍්බා.

3. සඞ්ඝයා විසින් අනුමත කරණ ලද විනිශ්චය කරණු කැමැති අනුවිජ්ජක පුද්ගල විසින් පුද්ගලගරුක නො වැ සඞ්ඝගරුක විය යුතු යැ, ආමිසගරුක නො වැ සද්ධර්‍මගරුක විය යුතු යැ. පරිස සඞ්කප්පික නො වැ (පිරිස් අනුව කියන්නහු) අත්‍ථවසික විය යුතු යැ, නො කල්හි නො වැ නිසි කල්හි විනිශ්චය කළ යුතු යැ, අසත්‍යයෙන් නො වැ සත්‍යයෙන් විනිශ්චය කළ යුතු යැ, රළු බසින් නො වැ සිලිටි බසින් විනිශ්චය කළ යුතු යැ, අනර්‍ත්‍ථ සංහිතයෙන් නො වැ අර්‍ත්‍ථසංහිතයෙන් විනිශ්චය කළ යුතු යැ, දූෂිත සිතින් නො වැ මෙත් සිතින් විනිශ්චය කළ යුතු යැ, කණට කොඳුරා කියන්නකු නො විය යුතු යැ. වරද නො බැලිය යුතු යැ, ඇස නො කැණිය යුතු යැ. බැම නො නැඟිය යුතු යැ. හිස නො එසවිය යුතු යැ, හස්තවිකාර නො කට යුතු යැ, හස්ත මුද්‍රා නො දැක්විය යුතු යි.

4. ආසනකුසලෙන භවිතබ‍්බං නිසජ‍්ජකුසලෙන, යුගමත‍්තං පෙක‍්ඛන‍්තෙන අත්‍ථං අනුවිධීයන‍්තෙන සකෙ ආසනෙ නිසීදිතබ‍්බං, න ච ආසනා වුට‍්ඨාතබ‍්බං, න වීතිහාතබ‍්බං, න කුම‍්මග‍්ගො සෙවිතබ‍්බො න බාහාවික‍්ඛෙපකං භණිතබ‍්බං අතුරිතෙන භවිතබ‍්බං අසාහසිකෙන, අචණ‍්ඩික‍්කෙන භවිතබ‍්බං වචනක‍්ඛමෙන, මෙත‍්තාචිත‍්තෙන භවිතබ‍්බං

4. තමහට පත් අසුන නො ඉක්මැ අසුන් ගැන්මෙහි සමත් වූවහු හිඳීමෙහි නිපුණ වූවහු විය යුතු යැ. වියදඬු පමණ බලන්නහු විනිශ්චය පිළිවිදුනහු විසින් සිය අසුන්හි හිඳගත යුතු යැ, අසුනෙන් නො ද නැගී සිටිය යුතු යැ. විනිශ්චය නො පිරිහෙළිය යුතු යැ. ඇවැත නො දැක්විය යුතු යැ, බාහාවික්‍ෂේප කොට නො බිණිය යුතු යැ, ත්‍වරිත වැ ලාහෙළා නො බිණිය යුතු යැ, සැඬ නො වූවහු පරොස් බස් ඉවසන සුල්ලහු විය යුතු යැ, මෙත් සිත්

හිතානුකම‍්පිනා, කාරුණිකෙන භවිතබ‍්බං හිතපරිසක‍්කිනා, “අසම‍්ඵප‍්පලාපිනා භවිතබ‍්බං පරියන‍්තභාණිනා, අවෙරවසිකෙන භවිතබ‍්බං අනසුරුත‍්තෙන, අත‍්තා පරිග‍්ගහෙතබ‍්බො, පරො පරිග‍්ගහෙතබ‍්බො, චොදකො පරිග‍්ගහෙතබ‍්බො, චුදිතකො පරිග‍්ගහෙතබ‍්බො, අධම‍්මචොදකො පරිග‍්ගහෙතබ‍්බො, අධම‍්මචුදිතකො පරිග‍්ගහෙතබ‍්බො, ධම‍්මචොදකො පරිග‍්ගහෙතබ‍්බො, ධම‍්මචුදිතකො පරිග‍්ගහෙතබ‍්බො, වුත‍්තං අහාපෙන‍්තෙන අවුත‍්තං අපකාසෙන‍්තෙන ඔතිණ‍්ණානි පදව්‍යඤ‍්ජනානි සාධුකං පරිග‍්ගහෙත්‍වා පරො පටිපුච‍්ඡිත්‍වා යථා පටිඤ‍්ඤාය කාරෙතබ‍්බො මන්‍දො පහාසෙතබ‍්බො, භීරූ අස‍්සසෙතබ‍්බො, චණ‍්ඩො නිසෙධෙතබ‍්බො, අසුචි විභාවෙතබ‍්බො, උජු මද‍්දවෙන, න ඡන්‍දාගති ගන‍්තබ‍්බා, න දොසාගතිං ගන‍්තබ‍්බා, න මොහාගති ගන‍්තබ‍්බා, න භයාගති ගන‍්තබ‍්බා මජ‍්ඣත‍්තෙන භවිතබ‍්බං ධම‍්මෙසු ච පුග‍්ගලෙසු ච. එවඤ‍්ච පන අනුවිජ‍්ජකො අනුවිජ‍්ජමානො සත්‍ථු චෙව සාසනකරො හොති, විඤ‍්ඤූනං සබ්‍රහ‍්මචාරීනං පියො ච හොති මනාපො ච ගරු ච භාවනීයො ච.

ඇත්තහු හිතෛෂී වූවහු විය යුතු යැ, හිතවැඩ සොයන කාරුණිකයකු විය යුතු යැ, හිස් තෙපුල් නො කියන්නකු කෙළවර දැන බණන්නකු විය යුතු යැ, ක්‍රෝධ වසඟ නො වූවකු නො මනා තෙපුල් ඇතියකු වියයුතු යැ, තමා (විනිශ්චයට පොහොසත් නො පොහොසත් බව) පරීක්‍ෂා කොට දත යුතු යැ, මෙරමා පරීක්‍ෂා කොට දත යුතු යැ, චෝදකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, චූදිතකයා පරීක්‍ෂා කොට දතයුතු යැ, අධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ. අධර්‍ම වූදිතයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචෝදකයාගේ ප්‍රමාණය දත යුතු යැ, ධර්‍මචූදිතකයාගේ ප්‍රමාණය දත යුතු යැ, (චෝදක චූදිතකයන් විසින්) කියන ලද වචන නො පිරිහෙළමින් ඉදිරිපත් නො කළ කරුණු පහළ නො කරමින් බැසගත් පදව්‍යඤ්ජන මනා වැ සිත තබාගෙණ මෙරමා පිළිවිස පිළිණ පරිද්දෙන් කරවිය යුතු යැ, මුළා වූයේ තෙද ගැන්විය යුතු යැ, බියසුලු වූයේ අස්වැසිය යුතු යැ, සැඬ වූයේ (තර්‍ජනයෙන්) වළකාලිය යුතු යැ, අලජ්ජි මහණ ප්‍රකාශ කළ යුතු යැ. (ඇවැත් දෙසිය යුතු යැ.), ඍජු මහණ මොළොකින් විචාළ යුතු යැ, ඡන්‍දයෙන් අගතියට නො යා යුතු යැ, ද්වේෂයෙන් අගතියට නො යා යුතු යැ, මෝහයෙන් අගතියට නො යා යුතු යැ, බියෙන් අගතියට නො යා යුතු යැ, (ධර්‍මගරුක වැ) දහම්හි ද පුඟුලන් කෙරෙහි ද මධ්‍යස්ථ විය යුත්තේ යි. තව ද මෙසේ අනුවිජ්ජක තෙමේ විනිශ්චය කරන්නේ ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරන්නේ ද වෙයි. නුවණැති සබ්‍රම්සරුන්ට ප්‍රිය ද මනාප ද ගරුක ද සම්භාවනීය ද වන්නේ යි.

5. සුත‍්තං සංසන්‍දනත්‍ථාය, ඔපම‍්මං නිදස‍්සනත්‍ථාය, අත්‍ථො විඤ‍්ඤාපනත්‍ථාය, පටිපුච‍්ඡා ඨපනත්‍ථාය, ඔකාසකම‍්මං චොදනත්‍ථාය, චොදනා සාරණත්‍ථාය, සාරණා සවචනීයත්‍ථාය, සවචනීයං පළිබොධත්‍ථාය, පළිබොධො විනිච‍්ඡයත්‍ථාය, විනිච‍්ඡයො සන‍්තීරණත්‍ථාය, සන‍්තීරණං ඨානාඨානගමනත්‍ථාය, ඨානාඨානගමනං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහත්‍ථාය, පෙසලානං භික‍්ඛූනං සම‍්පග‍්ගහත්‍ථාය, සඞ‍්ඝො සම‍්පරිග‍්ගහත්‍ථාය, සම‍්පපරිග‍්ගහො සම‍්පටිච‍්ඡනත්‍ථාය, සම‍්පටිච‍්ඡනං අනිබ‍්බිදත්‍ථාය, සඞ‍්ඝෙන අනුමතා පුග‍්ගලා පච‍්චෙකට‍්ඨායිනො අවිසංවාදකට‍්ඨායිනො.

5. (අනුවිජ්ජක විසින් එළවන ලද) සූත්‍රය (ආපත්ති - අනාපත්ති) සංසන්‍දනය පිණිස යැ, උපමාව අරුත් දැක්වීම පිණිස යැ, අර්‍ත්‍ථය දැන්වීම පිණිස යැ, පිළිවිසීම (පුද්ගලයා) තැබීම පිණිස යැ, ඕකාස කර්‍මය චෝදනාව පිණිස යැ. චෝදනාව (දෝෂා දෝෂ) සිහි කරවීම පිණිස යැ, සිහි කරවීම කියයුතු බව පිණිස යැ. කියයුතු බව පළිබෝධය පිණිස යැ, පළිබෝධය විනිශ්චයට පමුණුවාලීම පිණිස යැ, විනිශ්චය (දෝෂාදෝෂ) තීරණය කිරීම පිණිස යැ, සන්තීරණය ඨානාඨානගමන (ගරුකලහුකඇවැත් දන්නා) පිණිස යැ, ඨානඨාන ගමන අලජ්ජීන්ට නිග්‍රහ පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ට රුකුල් පිණිස යැ, සඞ්ඝයා මොනවට විනිශ්චය ගන්නා පිණිස යැ, විනිශ්චය ගැන්ම සුවිනිශ්චිත දුර්විනිශ්චිත බව දන්නා පිණිස යැ, දැන ගැන්ම නො කළකිරීම පිණිස යැ, සඞ්ඝයා විසින් අනුමත පුද්ගලයෝ ඉසුරුබැව් දෙටුතැන් ඇත්තාහු ද, අවිසංවාදක ව සිටියාහු ද වෙත්.

6. විනයො සංවරත්‍ථාය, සංවරො අවිප‍්පටිසාරත්‍ථාය, අවිප‍්පටිසාරො පාමොජ‍්ජත්‍ථාය, පාමොජ‍්ජං පීතත්‍ථාය, පීති පස‍්සද‍්ධත්‍ථාය, පස‍්සද‍්ධි සුඛත්‍ථාය, සුඛං සමාධත්‍ථාය, සමාධි යථාභූතඤාණදස‍්සනත්‍ථාය, යථාභූතඤාණදස‍්සනං නිබ‍්බිදත්‍ථාය, නිබ‍්බිදා විරාගත්‍ථාය, විරාගො විමුත‍්තත්‍ථාය, විමුත‍්ති විමුත‍්තිඤාණදස‍්සනත්‍ථාය, විමුත‍්තිඤාණදස‍්සනං අනුපාදාපරිනිබ‍්බානත්‍ථාය. එතදත්‍ථා කථා එතදත්‍ථා මන‍්තනා, එතදත්‍ථා උපනිසා, එතදත්‍ථං සොතාවධානං යදිදං අනුපාදා චිත‍්තස‍්ස විමොක‍්ඛොති.

6. විනය (කායවාක්) සංවරය පිණිස යැ, සංවරය විපිළිසර නො වීම පිණිස යැ, විපිළිසර නො වීම ප්‍රමෝදය පිණිස යැ, ප්‍රමෝදය ප්‍රීතිය පිණිස යැ, ප්‍රීතිය දරථ සන්හිඳීම පිණිස යැ, ප්‍රශ්‍රබ්ධිය සුඛය පිණිස යැ, සුඛය සමාධිය පිණිස යැ, සමාධිය යථාභූතඥාන දර්‍ශනය පිණිස යැ, යථාභූඥානදර්‍ශනය නිර්වේදය පිණිස යැ, නිර්වේදය විරාගය පිණිස යැ, විරාගය විමුක්තිය පිණිස යැ, විමුක්තිය විමුක්තිඥානදර්‍ශනය පිණිස යැ, විමුක්තිඥානදර්‍ශනය අනුපාදාපරිනිර්‍වාණය පිණිස යැ, විනය කථාව යම් චිත්තයාගේ අනුපාදාවිමෝක්‍ෂයෙක් ඇත් ද, තෙල සඳහා යැ. විනයමන්ත්‍රණය තෙල සඳහා යැ. (විනයෝ සංවරත්‍ථාය යනාදි) පරම්පරප්‍රත්‍යය බව තෙල සඳහා යැ. සෝතාවධානය තෙල සඳහා යි.

1. අනුයොගවත‍්තං නිසාමය කුසලෙන බුද‍්ධිමතා කතං, සුවුත‍්තං සික‍්ඛාපදානුලොමිකං ගතිං න නාසෙන‍්තො සම‍්පරායිකං.

1. දක්‍ෂ වූ අග්‍රබුද්ධිමත් බුදුරජුන් විසින් (දේශනා) කරණ ලද මොනවට ප්‍රකාශ කරණලද සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව සුගතිගමන නො නසමින් අසව.

2. වත්‍ථුං විපත‍්තිං ආපත‍්තිං නිදානං ආකාරඅකොවිදො, පුබ‍්බාපරං න ජානාති කතාකතං සමෙන ච.

2. කරුණු නො කරුණෙහි අදක්‍ෂ වූයේ (පරිජි ආදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, සප්තාපත්තිස්කන්‍ධය ද, (සිකපදයන්ගේ) නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි නො දැනීමෙන් කළ නො කළ දැය ද නො දනී.

3. කම‍්මං ච අධිකරණං ච සමථෙ චාපි අකොවිදො, රත‍්තො දුට‍්ඨො ච මූළ‍්හො ච භයා මොහා ච ගච‍්ඡති.

3. කර්‍මය ද අධිකරණය ද (නො දනී). ශමථයෙහි අදක්‍ෂ වූයේ රාගයෙන් රත් වූයේ ද්වේෂයෙන් දුෂ්ට වූයේ මෝහයෙන් මූඪ වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට යෙයි.

4. න ච සඤ‍්ඤත‍්තිකුසලො නිජ‍්ඣත‍්තියා ච අකොවිදො, ලද‍්ධපක‍්ඛො අහිරිකො කණ‍්හකම‍්මො අනාදරො ; ස වෙ තාදිසකො භික‍්ඛු අප‍්පටික‍්ඛොති වුච‍්චතී.

4. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂයෙක් නො වේ ද, (කාරණාකාරණ) දැක්මෙහි අසමර්‍ත්‍ථ වේ ද, ලැබූ පක්‍ෂ ඇත්තේ ලජ්ජාවෙන් තොර වූයේ පව්කම් ඇත්තේ ද, ධර්‍මාදර පුද්ගලාදර නැත්තේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි නො තැබිය යුතු යැ යි කියනු ලැබේ.

5. වත්‍ථුං විපත‍්තිං ආපත‍්තිං නිදානං ආකාරකොවිදො, පුබ‍්බාපරං පජානාති කතාකතං සමෙන ච.

5. කරුණු නො කරුණෙහි දක්‍ෂ වූයේ (පාරාජිකාදි) වස්තුව ද, (චතුර්විධ) විපත්තිය ද, ආපත්තිය ද, නිදානය ද, පෙරපසු වචනය ද, එවැනි ම නො දැනීමෙන් කළ නො කළ දෙය ද දනී.

6. කම‍්මං ච අධිකරණං ච සමථෙ චාපි කොවිදො, අරත‍්තො අදුට‍්ඨො අමූළ‍්හො භයා මොහා න ගච‍්ඡති.

6. කර්‍මය ද අධිකරණය ද (දනී.) ශමථයෙහි ද දක්‍ෂ වූයේ රාගයෙන් රත් නො වූයේ ද්වේෂයෙන් දුෂ්ට නො වූයේ මෝහයෙන් මූඪ නො වූයේ බියෙන් ද මෝහයෙන් ද අගතියට නො යේ.

7. සඤ‍්ඤත‍්තියා ච කුසලො නිජ‍්ඣත‍්තියා ච කොවිදො, ලද‍්ධපක‍්ඛො හිරිමනො සුක‍්කකම‍්මො සගාරවො ; ස වෙ තාදිසකො භික‍්ඛු සප‍්පටික‍්ඛොති වුච‍්චතීති.

7. (මෙරමා) දැන්වීමෙහි දක්‍ෂ වේ ද, තෙමේ (කාරණාකාරණයන්) දැක්මෙහි දක්‍ෂ වේ ද, ලැබූ පක්‍ෂබල ඇත්තේ ලජ්ජා ඇත්තේ කුසල කර්‍ම ඇත්තේ ධර්‍මගෞරව පුද්ගලගෞරව සහිත වූයේ වේ ද, එබඳු වූ ඒ මහණ ඒකාන්තයෙන් දෙටු තන්හි තැබිය යුතු යැ යි කියනු ලැබේ.

චූළසඞ‍්ගාමො නිට‍්ඨිතො.

චූළසංග්‍රාමය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. නීචචිත‍්තෙන පුච‍්ඡෙය්‍ය ගරු සඞ‍්ඝෙන පුග‍්ගලො, සුත‍්තං සංසන්‍දනත්‍ථාය, විනයානුග‍්ගහෙන ච ; උද‍්දානං චූළසඞ‍්ගාමෙ එකුද‍්දෙසං ඉදං කතන‍්ති.

1. චූලසඞ්ග්‍රාමයෙහි උද්දානයට “නීච චිත්තේන පුච්ජෙය්‍ය, ගරුසඞ්ඝ න පුග්ගලෙ සුත්තං සංසන්‍දනත්‍ථාය” යන මේ පදයෝ ඇතුළත් වෙති. මේ ඒකුද්දේසය විනයානුග්‍රහයෙන් කරණ ලදි.