චොදකස්ස අත්තජ්ඣාපනං
චොදකස්ස අත්තජ්ඣාපනං
චෝදකාත්මදහනය
1. කොධනො උපනාහී ච, චණ්ඩො ච පරිභාසකො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
1. ක්‍රෝධ ඇති වැ බද්ධ වෛර ඇති වැ සැඬ වැ පරිභාසික වැ නො ඇවැතෙහි ඇවැතැ යි නඟා ද, එබඳු වූ චෝදක තෙමේ තමා දවයි.
2. උපකණ්ණකං ජප්පති ජිම්හං පෙක්ඛති වීතිහරති කුම්මග්ගං පටිසෙවති, අනාපත්තියා ආපත්තීති රොපෙති, තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
2. (මෙසේ කියව මෙසේ නො කියව යි) කණමුල කොඳුරා ද, වරද ම සොයා ද, විනිශ්චය පිරිහෙළා ද, (නො මඟ සෙවී ද) ඇවැත් දක්වා ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
3. අකාලෙන චොදෙති අභූතෙන ඵරුසෙන අනත්ථසංහිතෙන, දොසන්තරො චොදෙති නො මෙත්තාචිත්තො අනාපත්තියා ආපත්තීති රොපෙති, තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
3. නො සුදුසු කල්හි අසත්‍ය වූ රළු වූ අනර්‍ත්‍ථසංහිතයෙන් චෝදනා කෙරේ ද, මෙත් සිත් නැති වැ දූෂිත සිත් ඇත්තේ චෝදනා කෙරේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
4. ධම්මාධම්මං න ජානාති ධම්මාධම්මස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
4. දහම් නො දහම් නො දනී ද, දහම් නො දහම්හි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
5. විනයාවිනයං න ජානාති විනයාවිනයස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
5. විනය අවිනය නො දනී ද, විනය අවිනයයෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැයි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
6. භාසිතාභාසිතං න ජානාති භාසිතාභාසිතස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
6. වදාළ නො වදාළ දැය නො දනී ද, වදාළ නො වදාළ දැයෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
7. ආචිණ්ණානාචිණ්ණං න ජානාති, ආචිණ්ණානාචිණ්ණස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
7. (බුද්ධාදීන් විසින්) පුරුදු කළ නො පුරුදු කළ දැය නො දනී ද, පුරුදු කළ නො පුරුදු කළ දැයෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
8. පඤ්ඤත්තාපඤ්ඤත්තං න ජානාති පඤ්ඤත්තාපඤ්ඤත්තස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
8. පණවන ලද නො පණවන ලද දැය නො දනී ද, පණවන ලද නො පණවන ලද දැයෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
9. ආපත්තානාපත්තිං න ජානාති ආපත්තානාපත්තියා අකොවිදො අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං
9. ඇවැත නො ඇවැත නො දනී ද, ඇවැතෙහි නො ඇවැතෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
10. ලහුකගරුකං න ජානාති ලහුකගරුකස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
10. ලුහුගුරු ඇවැත් නො දනී ද, ලුහුගුරු ඇවැතෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
11. සාවසෙසානවසෙසං න ජානාති සාවසෙසානවසෙසස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
11. සාවසේස අනවසේස ආපත්ති නො දනී ද, සාවසේස අනවසේස ආපත්තියෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
12. දුට්ඨුල්ලාදුට්ඨුල්ලං න ජානාති දුට්ඨුල්ලාදුට්ඨුල්ලස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
12. තුළුල් නො තුළුල් ඇවැත් නො දනී ද, තුළුල් නො තුළුල් ඇවැත්හි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
13. පුබ්බාපරං න ජානාති පුබ්බාපරස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති ; තාදිසො චොදකො ඣාපෙති අත්තානං.
13. පෙර පසු කථාව නො දනී ද, පෙර පසු කථාවෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
14. අනුසන්ධිවචනපථං න ජානාති අනුසන්ධිවචනපථස්ස අකොවිදො, අනාපත්තියා ආපත්තීති රොපෙති තාදිසො චොදකො ඣාපෙති අත්තානන්ති.
14. අනුසන්ධිවචනමාර්ගය නො දනී ද, අනුසන්ධිවචනමාර්ගයෙහි අදක්ෂ වේ ද, නො ඇවැතෙහි ඇවැතැ යි නගා ද, එබඳු චෝදක තෙමේ තමා දවයි.
චොදනාකණ්ඩො නිට්ඨිතො.
චෝදනාකාණ්ඩය නිමි.
තස්සුද්දානං:
එහි නාමාවලිය:
1. චොදනා අනුවිජ්ජා ච ආදි මූලෙනුපොසථො, ගති චොදනකණ්ඩම්හි සාසනං පතිට්ඨාපයන්ති
1. ශාසනයාගේ ප්රතිෂ්ඨායෙහි ලා චෝදනා යැ අනුවිජ්ජක යැ (චෝදනාවගේ) මූලය සමග ආදිය යැ උපෝසථ යැ අගති යැ (යන කරුණු) චෝදනා කාණ්ඩයෙහි වේ.