චොදකාදිපටිපත‍්ති
චොදකාදිපටිපත‍්ති
චෝදකාදිප්‍රතිපත්ති
1. චොදකෙන කථං පටිපජ‍්ජිතබ‍්බං, චුදිතකෙන කථං පටිපජ‍්ජිතබ‍්බං, සඞ‍්ඝෙන කථං පටිපජ‍්ජිතබ‍්බං, අනුවිජ‍්ජකෙන කථං පටිපජ‍්ජිතබ‍්බං :
1. චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද, අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද?
චොදකෙන කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති, චොදකෙන පඤ‍්චසු ධම‍්මෙසු පතිට‍්ඨාය පරො චොදෙතබ‍්බො : කාලෙන වක‍්ඛාමි නො අකාලෙන, භූතෙන වක‍්ඛාමි නො අභූතෙන, සණ‍්හෙන වක‍්ඛාමි නො ඵරුසෙන, අත්‍ථසංහිතෙන වක‍්ඛාමි නො අනත්‍ථසංහිතෙන, මෙත‍්තාචිත‍්තො වක‍්ඛාමි නො දොසන‍්තරොති : චොදකෙන එවං පටිපජ‍්ජිතබ‍්බං.
චෝදකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චෝදකයා විසින් සුදුසු කල්හි කියන්නෙමි නො සුදුසු කල්හි නො කියන්නෙමි, සත්‍යයෙන් කියන්නෙමි, අසත්‍යයෙන් නො කියන්නෙමි, මොළොක් බසින් කියන්නෙමි, රළු බසින් නො කියන්නෙමි, අර්‍ත්‍ථ සංහිතයෙන් කියන්නෙමි, අනර්‍ත්‍ථසංහිතයෙන් නො කියන්නෙමි, මෙත් සිත් ඇති වැ කියන්නෙමි, දූෂිත සිත් ඇති වැ නො කියන්නෙමි යි කරුණු පසෙහි පිහිටා මෙරමා චෝදනා කටයුතු වෙයි, චෝදකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
චුදිතකෙන කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති චුදිතකෙන ද‍්වීසු ධම‍්මෙසු පටිපජ‍්ජිතබ‍්බං : සච‍්චෙ ච, අකුප‍්පෙ ච. චුදිතකෙන එවං පටිපජ‍්ජිතබ‍්බං.
චුදිතකයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: චුදිතකයා විසින් සත්‍යයෙහි ද නො කිපෙන සුලු බවෙහි දැයි දෙ දහම්හි පිහිටිය යුතුයි. චුදිතකයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
සඞ‍්ඝෙන කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති සඞ‍්ඝෙන ඔතිණ‍්ණානොතිණ‍්ණං ජානිතබ‍්බං සඞ‍්ඝෙන එවං පටිපජ‍්ජිතබ‍්බං.
සඞ්ඝයා විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: සඞ්ඝයා විසින් (චෝදක චුදිතකයන්) බැස ගත් නො බැස ගත් පෙර පසු වචනය දතයුතු වෙයි. සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
අනුවිජ‍්ජකෙන කථං පටිපජ‍්ජිතබ‍්බන‍්ති අනුවිජ‍්ජකෙන යෙන ධම‍්මෙන යෙන විනයෙන යෙන සත්‍ථුසාසනෙන තං අධිකරණං වූපසම‍්මති තථා තං අධිකරණං වූපසමෙතබ‍්බං. අනුවිජ‍්ජකෙන එවං පටිපජ‍්ජිතබ‍්බං.
අනුවිජ්ජක විසින් කෙසේ පිළිපැදිය යුතු ද යත්: අනුවිජ්ජක විසින් යම් ධර්‍මයෙකින් යම් විනයෙකින් යම් ශාස්තෘශාසනයෙකින් ඒ අධිකරණය සන්හිඳේ නම් එසේ ඒ අධිකරණය සන්හිඳවිය යුතු යි. අනුවිජ්ජක විසින් මෙසේ පිළිපැදිය යුතු වේ.
2. උපොසථො කිමත්‍ථාය, පවාරණා කිස‍්ස කාරණා, පරිවාසො කිමත්‍ථාය, මූලායපටිකස‍්සනා කිස‍්ස කාරණා ; මානත‍්තං කිමත්‍ථාය අබ‍්භානං කිස‍්ස කාරණා.
2. උපෝසථය කුමක් පිණිස ද, පවාරණය කුමක් පිණිස ද, පරිවාසය කුමක් පිණිස ද, මූලායපටිකස්සනය කුමක් පිණිස ද, මානත කුමක් පිණිස ද, අබ්භානය කුමක් පිණිස ද යත්:
3. උපොසථො සාමග‍්ගත්‍ථාය විසුද‍්ධත්‍ථාය පවාරණා, පරිවාසො මානත‍්තත්‍ථාය මූලායපටිකස‍්සනා නිග‍්ගහත්‍ථාය ; මානත‍්තං අබ‍්භානත්‍ථාය විසුද‍්ධත්‍ථාය අබ‍්භානං.
3. උපෝසථය සමගබව පිණිස යැ, පවාරණය පිරිසිදුබව පිණිස යැ, පරිවාසය මානත්තය පිණිස යැ, මූලායපටිකස්සනය නිග්‍රහය පිණිස යැ, මානත අබ්භානය පිණිස යැ, අබ්භානය පාරිශුද්ධිය පිණිස යි.
4. ඡන්‍දා දොසා භයා මොහා, ථෙරෙ ච පරිභාසති, කායස‍්ස භෙදා දුප‍්පඤ‍්ඤො ඛතො උපහතින්‍ද්‍රියො ; නිරයං ගච‍්ඡති දුම‍්මෙධො න ච සික‍්ඛාය ගාරවො.
4. ඡන්‍දයෙන් ද ද්වේෂයෙන් ද බියෙන් ද මෝහයෙන් ද ස්ථවිර භික්‍ෂූන්ට පරිභව බෙණේ නම් දුෂ්පාඥ වූ කණන ලද කුසල් මුල් ඇති නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් ඇති ශික්‍ෂායෙහි ගෞරව නැති නුවණ නැත්තේ කාබුන් මරණින් මතු නරකයට යෙයි.
5. න චාමිසං හි නිස‍්සාය න ච නිස‍්සාය පුග‍්ගලං, උභො එතෙ විවජ‍්ජෙත්‍වා යථාධම‍්මො තථා කරෙ.
5. (චීවරාදි) ආමිෂය නිසා ද නො වැ, (ආචාර්‍ය්‍ය උපාධ්‍යායාදි) පුද්ගලයා නිසා ද නො වැ, මේ ආමිෂ පුද්ගල දෙපස ම නො තකා ධර්‍මය වූ පරිද්දෙන් විනිශ්චය කරන්නේ යි.