යෙදුමෙන් කියවන්න

චොදනාකණ‍්ඩං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

චොදනාකණ්ඩං

අනුවිජ‍්ජකකිච‍්චවණ‍්ණනා

අනුවිජ්ජකකිච්චවණ්ණනා

ඉදානි එවං උප‍්පන‍්නාය චොදනාය විනයධරෙන කත‍්තබ‍්බකිච‍්චං දස‍්සෙතුං අනුවිජ‍්ජකෙනාතිආදි ආරද‍්ධං. තත්‍ථ දිට‍්ඨං දිට‍්ඨෙනාති ගාථාය අයමත්‍ථො – එකෙනෙකො මාතුගාමෙන සද‍්ධිං එකට‍්ඨානතො නික‍්ඛමන‍්තො වා පවිසන‍්තො වා දිට‍්ඨො, සො තං පාරාජිකෙන චොදෙති, ඉතරො තස‍්ස දස‍්සනං අනුජානාති. තං පන දස‍්සනං පටිච‍්ච පාරාජිකං න උපෙති, න පටිජානාති. එවමෙත්‍ථ යං තෙන දිට‍්ඨං, තං තස‍්ස “දිට‍්ඨො මයා”ති ඉමිනා දිට‍්ඨවචනෙන සමෙති. යස‍්මා පන ඉතරො තං දස‍්සනං පටිච‍්ච දොසං න පටිජානාති, තස‍්මා අසුද‍්ධපරිසඞ‍්කිතො හොති; අමූලකපරිසඞ‍්කිතොති අත්‍ථො. තස‍්ස පුග‍්ගලස‍්ස “සුද‍්ධො අහ”න‍්ති පටිඤ‍්ඤාය තෙන සද‍්ධිං උපොසථො කාතබ‍්බො. සෙසගාථාද‍්වයෙපි එසෙව නයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

දැන් චොදනාවක් උපන්කල්හි විනයධරයා විසින් කටයුතු කෘත්‍යය දක්වන්නට “අනුවිජ්ජකෙන” යනාදිය ආරබ්ධය. එහි “දිට්ඨං දිට්ඨෙන” යන ගාථාවෙහි මේ අර්‍ත්‍ථයි:- එකකු විසින් මාගමක සමග එක් තැනකින් නික්මෙන්නාවූ හෝ පිවිසෙන්නාවූ හෝ එකෙක් දක්නාලද්දේද, හෙතෙමේ ඔහුට පාරාජිකයෙන් චෝදනා කෙරේද, අනිකෙක් තෙමේ ඔහුගේ දැක්ම අනුදනියි. ඒ දැකීම නිසා පාරාජිකයට නොපැමිණේ. නොපිළිදනි. මෙසේ මෙහි ඔහු විසින් යමක් දක්නා ලද්දේද, ඔහුගේ එය “දිට්ඨො මයා” යන දිට්ඨවචනය හා එක්වේ. යම්හෙයකින් අන්‍යතෙමේ ඒ දැකීම නිසා දොසය නොපිළිදනීද, එහෙයින් අපිරිසිදුයයි සැක කරණලද්දේ වේ. මුල්නැතිව සැක කරණලද්දේ වේ යන අර්‍ත්‍ථයි. ඒ පුද්ගලයාගේ ‘මම පිරිසිදුවෙමි, යන ප්‍රතිඥාවෙන් ඔහු සමග උපෞෂථය කටයුත්තේය. සෙසු ගාථා දෙකෙහිද මෙමනය වේ. සෙසු සියලු තන්හි ප්‍රකටමය.

අනුවිජ‍්ජකකිච‍්චවණ‍්ණනා නිට‍්ඨිතා.

අනුවිජ්ජක කෘත්‍යවර්‍ණනාව නිමි

චොදකපුච‍්ඡාවිස‍්සජ‍්ජනාවණ‍්ණනා

චොදකපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා

චොදනාය කො ආදීතිආදිපුච‍්ඡානං විස‍්සජ‍්ජනෙ සච‍්චෙ ච අකුප‍්පෙ චාති සච‍්චෙ පතිට‍්ඨාතබ‍්බං අකුප‍්පෙ ච. යං කතං වා න කතං වා, තදෙව වත‍්තබ‍්බං, න ච චොදකෙ වා අනුවිජ‍්ජකෙ වා සඞ‍්ඝෙ වා කොපො උප‍්පාදෙතබ‍්බො. ඔතිණ‍්ණානොතිණ‍්ණං ජානිතබ‍්බන‍්ති ඔතිණ‍්ණඤ‍්ච අනොතිණ‍්ණඤ‍්ච වචනං ජානිතබ‍්බං. තත්‍රායං ජානනවිධි – එත‍්තකා චොදකස‍්ස පුබ‍්බකථා, එත‍්තකා පච‍්ඡිමකථා, එත‍්තකා චුදිතකස‍්ස පුබ‍්බකථා, එත‍්තකා පච‍්ඡිමකථාති ජානිතබ‍්බා . චොදකස‍්ස පමාණං ගණ‍්හිතබ‍්බං, චුදිතකස‍්ස පමාණං ගණ‍්හිතබ‍්බං, අනුවිජ‍්ජකස‍්ස පමාණං ගණ‍්හිතබ‍්බං, අනුවිජ‍්ජකො අප‍්පමත‍්තකම‍්පි අහාපෙන‍්තො “ආවුසො සමන‍්නාහරිත්‍වා උජුං කත්‍වා ආහරා”ති වත‍්තබ‍්බො, සඞ‍්ඝෙන එවං පටිපජ‍්ජිතබ‍්බං. යෙන ධම‍්මෙන යෙන විනයෙන යෙන සත්‍ථුසාසනෙන තං අධිකරණං වූපසම‍්මතීති එත්‍ථ ධම‍්මොති භූතං වත්‍ථු. විනයොති චොදනා චෙව සාරණා ච. සත්‍ථුසාසනන‍්ති ඤත‍්තිසම‍්පදා චෙව අනුස‍්සාවනසම‍්පදා ච. එතෙන හි ධම‍්මෙන ච විනයෙන ච සත්‍ථුසාසනෙන ච අධිකරණං වූපසමති, තස‍්මා අනුවිජ‍්ජකෙන භූතෙන වත්‍ථුනා චොදෙත්‍වා ආපත‍්තිං සාරෙත්‍වා ඤත‍්තිසම‍්පදාය චෙව අනුස‍්සාවනසම‍්පදාය ච තං අධිකරණං වූපසමෙතබ‍්බං, අනුවිජ‍්ජකෙන එවං පටිපජ‍්ජිතබ‍්බං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“චොදනාය කො ආදි” යනාදි පෘච්ඡාවන්ගේ විසර්‍ජනයෙහි “සච්චෙ ච අකුප්පෙ ච” සත්‍යයෙහිද අකොප්‍යයෙහිද පිහිටිය යුතුයි. යමක් කරණලද්දේ හෝ නොකරණලද්දේ හෝ ඒම කියයුතුය. චොදකයා කෙරෙහි හෝ අනුවිජ්ජකයා කෙරෙහි හෝ සඞ්ඝයා කෙරෙහි හෝ කොපය නොඉපදවිය යුතුය. “ඔතිණ්ණානොතිණ්ණං ජානිතබ්බං” චොදක චුදිතක දෙදෙනා විසින් කියූ නොකියූ වචන දැනගත යුතුය. එහිමේ දැනගන්නා විධියයි:- චොදකයාගේ මෙපමණ වූ පූර්‍වකථාය, මෙපමණවූ පශ්චිමකථාය, චුදිතකයාගේ මෙපමණවු පූර්‍වකථාය, මෙපමණවූ පශ්චිමකථායි දතයුතුය. චොදකයාගේ ප්‍රමාණය ගතයුතුය. චුදිතකයාගේ ප්‍රමාණය ගතයුතුය. අනුවිජ්ජකයාගේ ප්‍රමාණය ගතයුතුය. අනුවිජ්ජක තෙමේ ඇවත ටිකකුත් පිරිහෙලනේ නම් ‘ඇවැත’ නොපිරිහෙලමින් සලකා සෘජුකොට ගෙණව’යි කියයුතුය. විනිශ්චස්ථානයට පැමිණි සඞ්ඝයා විසින් මෙසේ පිළිපැදිය යුතුය. “යෙන ධම්මෙන යෙන විනයෙන යෙන සත්‍ථූසාසනෙන තං අධිකරණං වූපසම්මති” යන මෙහි “ධම්මො” යනු විද්‍යමාන වස්තුවය. “විනයො” යනු චොදනාව හා දොසය සිහිකරවීමය. “සත්‍ථුසාසනං” යනු ඤත්තිසම්පත්තිය හා අනුසාවන සම්පත්තියය. මෙම ධර්‍මයෙන්ද විනයයෙන්ද ශාස්තෘශාසනයෙන්ද අධිකරණය සන්සිඳුවයි. එහෙයින් අනුවිජ්ජකයා විසින් විද්‍යමාන වස්තුවෙන් චොදනාකොට ඇවැත සිහිකරවා ඤත්තිසම්පත්තියෙන්ද අනුසාවනසම්පත්තියෙන්ද ඒ අධිකරණය සන්සිඳවිය යුතුය. අනුවිජ්ජකයා විසින් මෙසේ පිළිපැද්දයුතුය.

උපොසථො කිමත්‍ථායාතිආදිපුච‍්ඡාවිස‍්සජ‍්ජනම‍්පි උත‍්තානමෙව. අවසානගාථාසු ථෙරෙ ච පරිභාසතීති අවමඤ‍්ඤං කරොන‍්තො “කිං ඉමෙ ජානන‍්තී”ති පරිභාසති. ඛතො උපහතින්‍ද්‍රියොති තාය ඡන්‍දාදිගාමිතාය තෙන ච පරිභාසනෙන අත‍්තනා අත‍්තනො ඛතත‍්තා ඛතො. සද‍්ධාදීනඤ‍්ච ඉන්‍ද්‍රියානං උපහතත‍්තා උපහතින්‍ද්‍රියො. නිරයං ගච‍්ඡති දුම‍්මෙධො, න ච සික‍්ඛාය ගාරවොති සො ඛතො උපහතින්‍ද්‍රියො පඤ‍්ඤාය අභාවතො දුම‍්මෙධො තීසු සික‍්ඛාසු අසික‍්ඛනතො න ච සික‍්ඛාය ගාරවො කායස‍්ස භෙදා නිරයමෙව උපගච‍්ඡති, තස‍්මා න ච ආමිසං නිස‍්සාය…පෙ… යථා ධම‍්මො තථා කරෙති. තස‍්සත්‍ථො න ච ආමිසං නිස‍්සාය කරෙ, චුදිතකචොදකෙසු හි අඤ‍්ඤතරෙන දින‍්නං චීවරාදිආමිසං ගණ‍්හන‍්තො ආමිසං නිස‍්සාය කරොති, එවං න කරෙය්‍ය. න ච නිස‍්සාය පුග‍්ගලන‍්ති “අයං මෙ උපජ‍්ඣායො වා ආචරියො වා”තිආදිනා නයෙන ඡන්‍දාදීහි ගච‍්ඡන‍්තො පුග‍්ගලං නිස‍්සාය කරොති, එවං න කරෙය්‍ය. අථ ඛො උභොපෙතෙ විවජ‍්ජෙත්‍වා යථා ධම‍්මො ඨිතො, තථෙව කරෙය්‍යාති.

“උපොසථො කිමත්‍ථාය” යනාදි පෘච්ඡාවිසර්‍ජනද ප්‍රකටමය. අවසාන ගාථාවන්හි “ථෙරෙ ච පරිභාසති” අවමන් කරමින් ‘මොවුහු කුමක් දනිත්දැ’යි පරිභව කරයි. “ඛතො උපහතින්‍ද්‍රියො” ඒ ඡන්‍දාදියට පැමිණවීමෙන්ද, ඒ පරිභව බිණීමෙන්ද තමන් විසින්ම තමන් කැණූ බැවින්ද, ඛත නමි. ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියයන් නැසූ බැවින් උපහතින්‍ද්‍රිය නමි. “නිරයං ගච්ඡති දුම්මෙධො න ච සික්‍ඛාය ගාරවො” කණින ලද කුසල් මුල් ඇති, නසන ලද ශ්‍රද්ධාදි ඉන්‍ද්‍රියන් ඇති, ප්‍රඥාව නැති බැවින් දුර්‍මෙධ වූ ත්‍රිවිධ ශික්‍ෂාවන්හි නොහික්මෙන බැවින් ශික්‍ෂාගෞරව නැත්තාවූ හෙතෙමේ කායභෙදයෙන් නිරයටම පැමිණේ. එහෙයින් “න චාමිකං හි නිස්සාය පෙ- යථා ධම්මො තථා කරෙ”යි කියන ලදී. එහි අර්‍ත්‍ථය මෙසේය: ආමිෂය නිසා නොකරන්නේය. චුදිතක-චොදකයන් අතුරෙහි එක්තරා එකකු විසින් දෙන ලද චීවරාදි ආමිෂය ගන්නේ ආමිෂය නිසා කරයි. එසේ නොකරන්නේය. “න ච නිස්සාය පුග්ගලං” ‘මේ මාගේ උපාද්ධ්‍යායයි හෝ ආචාර්‍ය්‍යයි හෝ යනාදිනයින් ඡන්‍දාදියෙන් අගතියට යන්නේ පුද්ගලයා නිසා කරයි. මෙසේ නොකරන්නේය. තවද මේ ආමිෂ පුද්ගල දෙදෙන දුරුකොට යම්සේ විනිශ්චය ධර්‍මය සිටියේද, එපරිද්දෙන්ම කරන්නේය.

උපකණ‍්ණකං ජප‍්පතීති “එවං කථෙහි, මා එවං කථයිත්‍ථා”ති කණ‍්ණමූලෙ මන‍්තෙති. ජිම‍්හං පෙක‍්ඛතීති දොසමෙව ගවෙසති. වීතිහරතීති විනිච‍්ඡයං හාපෙති. කුම‍්මග‍්ගං පටිසෙවතීති ආපත‍්තිං දීපෙති.

“උපකණ්ණකං ජප්පති” මෙසේ කළකල්හි වනාහි ‘මෙසේ කියව, මෙසේ නොකියව’යි කණමුලට කොඳුරයි. “ජිම්හං පෙක්‍ඛති” දොසම සොයයි. “වීතිහරති” විනිශ්චය පිරිහෙළයි. “කුම්මග්ගං පටිසෙවති” ඇවැත සේවනය කරයි. පවසයි.

අකාලෙන ච චොදෙතීති අනොකාසෙ අනජ‍්ඣිට‍්ඨොව චොදෙති. පුබ‍්බාපරං න ජානාතීති පුරිමකථඤ‍්ච පච‍්ඡිමකථඤ‍්ච න ජානාති.

“අකාලෙනච චොදෙති” අනවකාශයෙහි නො අණවන ලද්දේ චොදනා කරයි. “පුබ්බාපරං න ජානානි” පූර්‍වකථාවද, පශ්චිම කථාවද නොදනියි

අනුසන්‍ධිවචනපථං න ජානාතීති කථානුසන්‍ධිවිනිච‍්ඡයානුසන්‍ධිවසෙන වචනං න ජානාති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

“අනුසන්‍ධිවචනපථං න ජානාති” කථානුසන්‍ධිවිනිශ්චයානු - සන්‍ධිවචනපථය නොදනියි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

චොදනාකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

චොදනා කාණ්ඩ වර්‍ණනාව නිමි.