දුතියගාථාසඞ්ගණිකං අට්ඨකථා
දුතියගාථාසඞ්ගණිකං
චොදනාදිපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
චොදනාදිපුච්ඡාවිස්සජ්ජනාවණ්ණනා
දුතියගාථාසඞ්ගණියං චොදනාති වත්ථුඤ්ච ආපත්තිඤ්ච දස්සෙත්වා චොදනා. සාරණාති දොසසාරණා. සඞ්ඝො කිමත්ථායාති සඞ්ඝසන්නිපාතො කිමත්ථාය. මතිකම්මං පන කිස්ස කාරණාති මතිකම්මං වුච්චති මන්තග්ගහණං; තං කිස්ස කාරණාති අත්ථො.
දෙවන ගාථාසඞ්ග්රහයෙහි “චොදනා” වස්තුවද ආපත්තියද දක්වා චොදනා කිරීමය. “සාරණා” දොසය සිහිකිරීමය. “සඞ්ඝො කිමත්ථාය” සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිසද, “මතිකම්මං පන කිස්ස කාරණා” මන්ත්‍ර ග්‍රහණය මතිකර්මැයි කියනු ලැබේ. ඒ කවර කරුණක් නිසාද, යන අර්‍ත්‍ථයි.
චොදනා සාරණත්ථායාති වුත්තප්පකාරා චොදනා, තෙන චුදිතකපුග්ගලෙන චොදකදොසසාරණත්ථාය. නිග්ගහත්ථාය සාරණාති දොසසාරණා පන තස්ස පුග්ගලස්ස නිග්ගහත්ථාය. සඞ්ඝො පරිග්ගහත්ථායාති තත්ථ සන්නිපතිතො සඞ්ඝො විනිච්ඡයපරිග්ගහණත්ථාය; ධම්මාධම්මං තුලනත්ථාය සුවිනිච්ඡිතදුබ්බිනිච්ඡිතං ජානනත්ථායාති අත්ථො. මතිකම්මං පන පාටියෙක්කන්ති සුත්තන්තිකත්ථෙරානඤ්ච විනයධරත්ථෙරානඤ්ච මන්තග්ගහණං පාටෙක්කං පාටෙක්කං විනිච්ඡයසන්නිට්ඨාපනත්ථං.
“චොදනා සාරණත්ථාය” උක්තප්රකාරවූ චොදනාය. ඒ චුදිතක පුද්ගලයා විසින් කළ දොසය සිහිකරවන පිණිසය. “නිග්ගහත්ථාය සාරණා” දොසය සිහිකරවීම වනාහි ඒ පුද්ගලයාහට නිග්‍රහය පිණිසය. “සඞ්ඝො පරිග්ගහත්ථාය” එහි රැස්වූ සඞ්ඝ තෙමේ විනිශ්චයයෙහි ධාර්මික අධාර්මිකභාවය දැනගනු පිණිසය. ධර්මාධර්මදෙක තුලනය කිරීම පිණිසය. මැනැවින් විනිශ්චය කරණලද්ද නොමැනැවින් විනිශ්චය කරණලද්ද දැනගනු පිණිසය යන අර්‍ත්‍ථයි. “මතිකම්මං පන පාටියෙක්කං” සූත්‍රාන්තික ස්ථවිරවරුන්ගේද විනයධරස්ථවිරවරුන්ගේද මන්ත්රග්රහණය වෙන්වෙන්ව විනිශ්චය නිමවනු පිණිසය.
මා ඛො පටිඝන්ති චුදිතකෙ වා චොදකෙ වා කොපං මා ජනයි. සචෙ අනුවිජ්ජකො තුවන්ති සචෙ ත්වං සඞ්ඝමජ්ඣෙ ඔතිණ්ණං අධිකරණං විනිච්ඡිතුං නිසින්නො විනයධරො.
“මා ඛො පටිඝං” චුදිතකයා කෙරෙහි හෝ චොදකයා කෙරෙහි හෝ කොපයක් නොඋපදව “සචෙ අනුවිජ්ජකො තුවං” ඉදින් තෝ සඟමැදට බට අධිකරණය විනිශ්චය කරන්නට හුන් විනයධරතෙමේය.
විග්ගාහිකන්ති “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසී”තිආදිනයප්පවත්තං. අනත්ථසංහිතන්ති යා අනත්ථං ජනයති, පරිසං ඛොභෙත්වා උට්ඨාපෙති, එවරූපිං කථං මා අභණි. සුත්තෙ විනයෙ වාතිආදීසු සුත්තං නාම උභතොවිභඞ්ගො. විනයො නාම ඛන්ධකො. අනුලොමො නාම පරිවාරො. පඤ්ඤත්තං නාම සකලං විනයපිටකං. අනුලොමිකං නාම චත්තාරො මහාපදෙසා.
“විග්ගාහිකං” ‘තෝ මේ ධර්මවිනය නොදනිහි, යනාදිනයින් පැවැති කලහඋපදවන කථාවක්. “අනත්ථ සංහිතං” යම් කථාවක් අනර්‍ත්‍ථ උපදවාද, පිරිස කළඹා නැගිටුවාද මෙබඳුවූ කථාවක් නොකියව. “සුත්තෙ විනයෙ ච” යනාදිතන්හි සූත්‍ර නම් උභතොවිභඞ්ගයය. විනය නම් ඛන්ධකය. අනුලොම නම් පරිවාරය. ප්‍රඥප්ත නම් සියලු විනයපිටකය. අනුලොමික නම් සතරමහාප්රදෙශය.
අනුයොගවත්තං නිසාමයාති අනුයුඤ්ජනවත්තං නිසාමෙහි. කුසලෙන බුද්ධිමතා කතන්ති ඡෙකෙන පණ්ඩිතෙන ඤාණපාරමිප්පත්තෙන භගවතා නීහරිත්වා ඨපිතං. සුවුත්තන්ති සුපඤ්ඤාපිතං. සික්ඛාපදානුලොමිකන්ති සික්ඛාපදානං අනුලොමං. අයං තාව පදත්ථො, අයං පනෙත්ථ සාධිප්පායසඞ්ඛෙපවණ්ණනා – “සචෙ ත්වං අනුවිජ්ජකො, මා සහසා භණි, මා අනත්ථසංහිතං විග්ගාහිකකථං භණි. යං පන කුසලෙන බුද්ධිමතා ලොකනාථෙන එතෙසු සුත්තාදීසු අනුයොගවත්තං කථං සුපඤ්ඤත්තං සබ්බසික්ඛාපදානං අනුලොමං, තං නිසාමය තං උපධාරෙහී”ති. ගතිං න නාසෙන්තො සම්පරායිකන්ති අත්තනො සම්පරායෙ සුගතිනිබ්බත්තිං අනාසෙන්තො අනුයොගවත්තං නිසාමය. යො හි තං අනිසාමෙත්වා අනුයුඤ්ජති, සො සම්පරායිකං අත්තනො ගතිං නාසෙති, තස්මා ත්වං අනාසෙන්තො නිසාමයාති අත්ථො. ඉදානි තං අනුයොගවත්තං දස්සෙතුං හිතෙසීතිආදිමාහ. තත්ථ හිතෙසීති හිතං එසන්තො ගවෙසන්තො; මෙත්තඤ්ච මෙත්තාපුබ්බභාගඤ්ච උපට්ඨපෙත්වාති අත්ථො. කාලෙනාති යුත්තපත්තකාලෙන; අජ්ඣෙසිතකාලෙයෙව තව භාරෙ කතෙ අනුයුඤ්ජාති අත්ථො.
“අනුයොගවත්තං නිසාමෙථ” විනිශ්චය කරන්නවුන් විසින් යෙදිය යුතුවත ශ්‍රවණය කරවු. “කුසලෙන බුද්ධිමතා කතං” දක්ෂ වූ පණ්ඩිතවූ ඥානයෙහි කෙළවරට පැමිණියාවූ භාග්‍යවත්හු විසින් ගෙනහැර තබනලදී. “සුවුත්තං” මොනවට පණවන ලදී. “සික්ඛාපදානුලොමිකං” ශික්ෂාපදයන්ට අනුලොම්වූ එම අනුයොගවත. මේ වනාහි මෙහි පදාර්ත්ථයයි. මේ මෙහි අභිප්රායසහිත වූ සඞ්ක්ෂිප්ත වර්ණනාය:- “ඉදින් අනුවිජ්ජකු වූ ඔබ ඉක්මන්ව නොබෙණෙව, අනර්‍ත්‍ථ එළවන විග්රාහිකකථා නොබෙණව, දක්ෂ වූ බුද්ධිමත් ලොකනාථයන් විසින් මේ සූත්‍රාදියෙහි යම් අනුයොග වතක් කරණ ලද්දේ ද, මොනවට පණවන ලද්දේ ද, සියලු ශික්ෂාපදයන්ට අනුලොම්වූ ඒ ප්‍රඥප්ත අනුයොගවත අසව. විමසව. “ගතිං න නාසෙන්තො සම්පරායිකං” තමාගේ පරලෙව්හි ගතිය ඉපැත්ම නොනසමින් අනුයොගවත අසව. යමෙක් එය නොඅසා අනුයොග කෙරේනම් හෙතෙමේ තමාගේ පරලොව ගතිය නසයි. එහෙයින් ඔබ ඒ අනුයොගවත නොනසමින් අසව, යන අර්‍ත්‍ථයි. දැන් ඒ අනුයොගවත දක්වන්නට “හිතෙසී” යනාදිය කීහ. එහි “හිතෙසී” යනු හිතය සොයමින් ගවෙෂණය කරමින් මෛත්‍රියද මෛත්‍රී පූර්වභාගයද එළවා යන අර්‍ත්‍ථයි. “කාලෙන” යුක්තප්‍රයුක්ත කාලයෙහි ආරාධනා කළ කාලයෙහිම තට භාරකළ කල්හි විනිශ්චය කරව, යන අර්‍ත්‍ථයි.
සහසා වොහාරං මා පධාරෙසීති යො එතෙසං සහසා වොහාරො හොති, සහසා භාසිතං, තං මා පධාරෙසි, මා ගණ්හිත්ථ.
“සහසා වොහාරං මාපධාරෙසි” මොවුන් යම් ඉක්මන් කථාවක්වේද, ඉක්මන්කොට කියන ලද්දක්වේද, එය නොපවරව. නොගණුව.
පටිඤ්ඤානුසන්ධිතෙන කාරයෙති එත්ථ අනුසන්ධිතන්ති කථානුසන්ධි වුච්චති, තස්මා පටිඤ්ඤානුසන්ධිනා කාරයෙ; කථානුසන්ධිං සල්ලක්ඛෙත්වා පටිඤ්ඤාය කාරයෙති අත්ථො. අථ වා පටිඤ්ඤාය ච අනුසන්ධිතෙන ච කාරයෙ, ලජ්ජිං පටිඤ්ඤාය කාරයෙ; අලජ්ජිං වත්තානුසන්ධිනාති අත්ථො. තස්මා එව පටිඤ්ඤා ලජ්ජීසූති ගාථමාහ. තත්ථ වත්තානුසන්ධිතෙන කාරයෙති වත්තානුසන්ධිනා කාරයෙ, යා අස්ස වත්තෙන සද්ධිං පටිඤ්ඤා සන්ධියති, තාය පටිඤ්ඤාය කාරයෙති අත්ථො.
“පටිඤ්ඤා නුසන්ධිතෙන කාරයෙ” යන මෙහි “අනුසන්ධිතං”යි කථානුසන්ධිය කියනු ලැබේ. එහෙයින් ප්රතිඥානුසන්ධියෙන් කරවන්නේය. කථානුසන්ධිය සලකා ප්‍රතිඥාවෙන් කරන්නේය යන අර්‍ත්‍ථයි. නොහොත් ප්රතිඥාවෙන්ද, කථානුසන්ධියෙන්ද, කරන්නේය. ලජ්ජියා ප්‍රතිඥාවෙන් කරන්නේය. අලජ්ජියා වත්තානුසන්ධියෙන්ය, යන අර්‍ත්‍ථයි. එහෙයින්ම “පටිඤ්ඤාලජ්ජීහු” යන ගාථාව කීහ. එහි “වත්තානුසන්ධිතෙන කාරයෙ” වත්තානුසන්ධියෙන් කරන්නේය. මොහුගේ ව්රතානුසන්ධිය සමග යම් ප්‍රතිඥාවක් ගැළපේද ඒ ප්‍රතිඥාවෙන් කරන්නේය, යන අර්‍ත්‍ථයි.
සඤ්චිච්චාති ජානන්තො ආපජ්ජති. පරිගූහතීති නිගූහති න දෙසෙති න වුට්ඨාති.
“සඤ්චිච්ච” දන්නේ පැමිණේ. “පරිගූහති” වසයි. නොදෙසයි. ඇවැතින් නොනැගිටියි.
සා අහම්පි ජානාමීති යං තුම්හෙහි වුත්තං, තං සච්චං, අහම්පි නං එවමෙව ජානාමි. අඤ්ඤඤ්ච තාහන්ති අඤ්ඤඤ්ච තං අහං පුච්ඡාමි.
“සච්චං අහම්පි ජානාමි” තොප විසින් යමක් කියන ලද්දේ ද, ඒ සත්‍යය මමද ඒ කීම එපරිද්දෙන්ම දනිමි. “අඤඤ්ඤච්තාහං” අනිකුදු ඇත, එය මම විචාරමි.
පුබ්බාපරං න ජානාතීති පුරෙකථිතඤ්ච පච්ඡාකථිතඤ්ච න ජානාති. අකොවිදොති තස්මිං පුබ්බාපරෙ අකුසලො. අනුසන්ධිවචනපථං න ජානාතීති කථානුසන්ධිවචනං විනිච්ඡයානුසන්ධිවචනඤ්ච න ජානාති.
“පුබ්බාපරං න ජානානි” පළමුකියන ලද්ද ද, පසුව කියන ලද්ද ද නොදනියි. “අකොවිදා” ඒ පූර්වාපර දෙක්හි අදක්ෂ වූයේ “අනුසන්ධිවචනපථං න ජානාති” චුදිතක - අනුවිජ්ජක දෙදෙනාගේ කථාවෙහි අනුසන්ධියුක්තවචනද අනුවිජ්ජකයා විසින් කරණලද ආපත්ති - අනාපත්ති විනිශ්චය පිළිබඳ අනුසන්ධියුක්ත වචනද නොදනියි.
සීලවිපත්තියා චොදෙතීති ද්වීහි ආපත්තික්ඛන්ධෙහි චොදෙති. ආචාරදිට්ඨියාති ආචාරවිපත්තියා චෙව දිට්ඨිවිපත්තියා ච. ආචාරවිපත්තියා චොදෙන්තො පඤ්චහාපත්තික්ඛන්ධෙහි චොදෙති, දිට්ඨිවිපත්තියා චොදෙන්තො මිච්ඡාදිට්ඨියා චෙව අන්තග්ගාහිකදිට්ඨියා ච චොදෙති. ආජීවෙනපි චොදෙතීති ආජීවහෙතුපඤ්ඤත්තෙහි ඡහි සික්ඛාපදෙහි චොදෙති. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
“සීලවිපත්තියා චොදෙති” පාරාජික - සඞ්ඝාදිසෙස යන ඇවැත් කඳු දෙකින් චොදනා කරයි. “ආචාරදිට්ඨියා” ආචාර විපත්තියෙන්ද දෘෂ්ටිවිපත්තියෙන්ද, ආචාර විපත්තියෙන් චොදනා කරන්නේ ඇවැත් කඳුපසින් චොදනා කරයි. දෘෂ්ටිවිපත්තියෙන් චොදනා කරන්නේ මිත්ථ්යාදෘෂ්ටියෙන්ද, අන්තග්‍රාහික දෘෂ්ටියෙන්ද චොදනා කරයි. “ආජිවෙනපි චොදෙති” ආජීව හෙතුවෙන් පණවන ලද සිකපද සයින් චොදනා කරයි. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.
දුතියගාථාසඞ්ගණිකවණ්ණනා නිට්ඨිතා.
දුතිය ගාථාසඞ්ගණික වර්ණනාව නිමි.