අපරගාථාසඞ‍්ගණිකං
අපරගාථාසඞ‍්ගණිකං
අපරගාථාසඞ්ගණිකය
1. චොදනා කිමත්‍ථාය, සාරණා කිස‍්ස කාරණා. සඞ‍්ඝො කිමත්‍ථාය මතිකම‍්මං පන කිස‍්ස කාරණා :
1. චෝදනාව කුමක් පිණිස යැ, වරද සිහිකරවීම කුමක් සඳහා යැ, සඞ්ඝ සන්නිපාතය කුමක් පිණිස යැ, යළි මතිකර්‍මය (විනයධරයන්ගේ විනය නය සංසන්‍දනය) කුමක් පිණිස යැ යත්:
2. චොදනා සාරණත්‍ථාය නිග‍්ගහත්‍ථාය සාරණා, සඞ‍්ඝො පරිග‍්ගහත්‍ථාය මතිකම‍්මං පන පාටියෙක‍්කං.
2. චෝදනාව කළ වරද සිහිපත් කරවනු පිණිස යැ, කළ වරද සිහිපත් කරවීම නිග්‍රහ පිණිස යැ, සඞ්ඝසන්නිපාතය (විනිශ්චයෙහි දැහැමි නො දැහැමි බව) දැනගන්නා පිණිස යැ, යළි මතිකර්‍මය වනාහි වෙන් වෙන් වැ විනිශ්චය මොනවට නිමවීම පිණිස යි.
3. මා ඛො තුරිතො අභණි මා ඛො චණ‍්ඩික‍්කතො භණී, මා ඛො පටිඝං ජනයි සචෙ අනුවිජ‍්ජකො තුවං.
3. ඉදින් තෙපි අනුවිජ්ජක වවු නම් යුහු වැ බස් නො කියව, සැඩ වැ බස් නො කියව, කෝපය නූපදව.
4. මා ඛො සහසා අභණි කථං විග‍්ගාහිකං අනත්‍ථසංහිතං, සුත‍්තෙ විනයෙ අනුලොමෙ පඤ‍්ඤත‍්තෙ අනුලොමිකෙ.
4. (පිරිස් කැළඹීම් ආදී) අවැඩින් යුත් කලහ උපදවන කථාවක් වහා නො කියව, උභතෝ විභඞ්ගයෙහි ද ඛන්‍ධකයෙහි ද පරිවාරයෙහි ද සියලු විනය පිටකයෙහි ද සතර මහාපදේසයෙහි ද,
5. අනුයොගවත‍්තං නිසාමය කුසලෙන බුද‍්ධිමතා කතං, සුවුත‍්තං සික‍්ඛාපදානුලොමිකං ගතිං න නාසෙන‍්තො සම‍්පරායිකං,
5. දක්‍ෂ වූ බුදුරජුන් විසින් එළවා තබන ලද මොනවට පනවන ලද සියලු සිකපදයන්ට අනුලොම් වූ අනුයෝගවත පරලොව ඉපැත්ම (පිහිට) නො නසමින් සලකා බලව.
6. හිතෙසී අනුයුඤ‍්ජස‍්සු කාලෙනත්‍ථූපසංහිතං, චුදිතස‍්ස ච චොදකස‍්ස ච සහසා වොහාරං මා පධාරෙහි
6. චුදිතකයාහට ද චෝදකයාහට ද මෙත් සිත් පෙරදැරි වැ සුදුසු කාලයෙහි අර්‍ත්‍ථසංහිත කොට විනිශ්චය කරව. ඔවුන් ලාහෙලා කියන ලද වචනය නො ගණුව.
7. චොදකො ආහ ආපන‍්නොති චුදිතකො ආහ අනාපන‍්නොති. උභො අනුක‍්ඛිපන‍්තො පටිඤ‍්ඤානුසන්‍ධිතෙන කාරයෙ.
7. චෝදක ඇවැතට අවන්නේ යයි කියා නම් චුදිතක නො අවන්මියි කියා නම් (එකල්හි) දෙපක්‍ෂයෙහි තෙපුල් බැහැර නො කරමින් කථානුසන්‍ධිය හා ප්‍රතිඥාව සලකා විනිශ්චය කරන්නේ යැ.
8. පටිඤ‍්ඤා ලජ‍්ජීසු කතා අලජ‍්ජීසු එවං න විජ‍්ජති, බහුම‍්පි අලජ‍්ජී භාසෙය්‍ය වත‍්තානුසන්‍ධිතෙන කාරයෙ.
8. ප්‍රතිඥාව ලජ්ජී භික්‍ෂූන් කෙරෙහි කරන ලද්දී යැ. අලජ්ජීන් කෙරෙහි මේ පිළින විද්‍යාමාන නො වෙයි. අලජ්ජි තෙමේ බොහෝ කොටත් කියන්නේ යැ. (එබැවින්) ඔහුගේ වත සමඟ යම් පිළිනෙක් ගැළපේ ද ඒ පිළිනෙන් විනිශ්චය කරන්නේ යැ.
9. අලජ‍්ජී කීදිසො හොති පටිඤ‍්ඤා යස‍්ස න රූහති, එවඤ‍්ච තාහං පුච‍්ඡාමි, කීදිසො වුච‍්චති අලජ‍්ජී පුග‍්ගලො :
9. අලජ්ජි පුද්ගල කෙබඳු වේ ද, යමක්හුගේ පිළින නො නගී ද, කෙබඳු වූයේ ‘අලජ්ජී පුද්ගල’යි කියනු ලැබේ දැයි මෙසේත් මම ඔබ විචාරමි.
10. සංචිච‍්ච ආපත‍්තිං ආපජ‍්ජති ආපත‍්තිං පරිගූහති, අගතිගමනඤ‍්ච ගච‍්ඡති එදිසො වුච‍්චති අලජ‍්ජීපුග‍්ගලො.
10. දැන දැන ඇවැතට පැමිණෙ යි, ඇවැත සඟවයි, (ඡන්‍දාදීන් අගතියට ද යෙයි, මෙබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
11. සච‍්චං අහම‍්පි ජානාමි එදිසො වුච‍්චති අලජ‍්ජීපුග‍්ගලො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි කීදිසො වුච‍්චති ලජ‍්ජීපුග‍්ගලො :
11. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ ‘අලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. කෙබඳු වූයේ ‘ලජ්ජි පුද්ගල’යි කියනු ලැබේ ද?
12. සංචිච‍්ච ආපත‍්තිං නාපජ‍්ජති ආපත‍්තිං න පරිගූහති, අගතිගමනං න ගච‍්ඡති එදිසො වුච‍්චති ලජ‍්ජීපුග‍්ගලො.
12. දැන දැන ඇවැතට නො පැමිණෙයි, ඇවැත නො සඟවයි, අගතියට නො යෙයි, මෙබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ.
13. සච‍්චං අහම‍්පි ජානාමි, එදිසො වුච‍්චති ලජ‍්ජීපුග‍්ගලො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි කීදිසො වුච‍්චති අධම‍්මචොදකො :
13. සැබැවැ, මම ද එය දනිමි. එබඳු වූයේ “ලජ්ජි පුද්ගල’ යි කියනු ලැබේ. මම අනෙකක් ද ඔබ විචාරමි. “අධර්‍මචෝදක’ කෙබඳු යැ යි කියනු ලැබේ ද?
14. අකාලෙ චොදෙති අභූතෙන ඵරුසෙන අනත්‍ථසංහිතෙන, දොසන‍්තරො චොදෙති නො මෙත‍්තචිත‍්තො එදිසො වුච‍්චති අධම‍්මචොදකො.
14. නො කල්හි චෝදනා කෙරෙයි, අභූතයෙන්, පරුෂවචනයෙන් අනර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි, ඇතුළත හටගත් ද්වේෂ ඇති වැ මෙත්සිත් නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ.
15. සච‍්චං අහම‍්පි ජානාමි එදිසො වුච‍්චති අධම‍්මචොදකො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි කීදිසො වුච‍්චති ධම‍්මචොදකො :
15. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘අධර්‍මචෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ ද?
16. කාලෙන චොදෙති භූතෙන, සණ‍්හෙන අත්‍ථසංහිතෙන, මෙත‍්තාචිත‍්තො චොදෙති නො දොසන‍්තරො එදිසො වුච‍්චති ධම‍්මචොදකො.
16. නිසි කල්හි චෝදනා කෙරෙයි, භූතයෙන් සිලිටි බසින් අර්‍ත්‍ථ සංහිතයෙන් චෝදනා කෙරෙයි. මෙත්සිත් ඇති වැ ඇතුළත හටගත් ද්වේෂ නැති වැ චෝදනා කෙරෙයි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’ යි කියනු ලැබේ.
17. සච‍්චං අහම‍්පි ජානාමි එදිසො වුච‍්චති ධම‍්මචොදකො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි කීදිසො වුච‍්චති බාලචොදකො :
17. සැබැව, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල ‘ධර්‍මචොදක’යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ ද?
18. පුබ‍්බාපරං න ජානාති පුබ‍්බාපරස‍්ස අකොවිදො, අනුසන්‍ධිවචනපථං න ජානාති අනුසන්‍ධිවචනපථස‍්ස අකොවිදො එදිසො වුච‍්චති බාලචොදකො.
18. පෙර පසු කථාව නො දනියි, පෙර පසු කථාවෙහි අදක්‍ෂ වෙයි, අනුසන්‍ධි වචන මාර්‍ගය නො දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි අදක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘බාලචොදක’ යි කියනු ලැබේ.
19. සච‍්චං අහම‍්පි ජානාමි එදිසො වුච‍්චති බාලචොදකො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි කීදිසො වුච‍්චති පණ‍්ඩිතචොදකො :
19. සැබැවැ, මම ද එය දනිමි. මෙබඳු පුද්ගල “බාලචොදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. කෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ ද?
20. පුබ‍්බාපරං විජානාති පුබ‍්බාපරස‍්ස කොවිදො, අනුසන්‍ධිවචනපථං ජානාති අනුසන්‍ධිවචනපථස‍්ස කොවිදො ; එදිසො වුච‍්චති පණ‍්ඩිතචොදකො.
20. පෙර පසු කථාව වෙසෙසින් දනියි, පෙර පසු කථාවෙහි දක්‍ෂ වෙයි. අනු සන්‍ධි වචන මාර්‍ගය දනියි, අනුසන්‍ධි වචන මාර්‍ගයෙහි දක්‍ෂ වෙයි, මෙබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ.
21. සච‍්චං අහම‍්පි ජානාමි එදිසො වුච‍්චති පණ‍්ඩිතචොදකො, අඤ‍්ඤඤ‍්ච තාහං පුච‍්ඡාමි චොදනා කින‍්ති වුච‍්චති :
21. සැබැවැ, මම ද එය දනිමි. එබඳු පුද්ගල ‘පණ්ඩිත චෝදක’ යි කියනු ලැබේ. මම අනෙකකුදු ඔබ විචාරමි. චෝදනා කිමැ යි කියනු ලැබේ ද?
22. සීලවිපත‍්තියා චොදෙති අථො ආචාරදිට‍්ඨියා, ආජීවෙනපි චොදෙති චොදනා තෙන වුච‍්චති.
22. ශීල විපත්තියෙන් චෝදනා කෙරෙයි, යළි ආචාර විපත්තියෙන් හා දෘෂ්ටි විපත්තියෙන් චෝදනා කෙරෙයි, ආජීව විපත්තියෙනුදු චෝදනා කෙරෙයි, එයින් ‘චෝදනා’යි කියනු ලැබේ.
අපරගාථාසඞ‍්ගණිකං නිට‍්ඨිතං.
අපරගාථාසඞ්ගණිකය නිමි.