යෙදුමෙන් කියවන්න

සමථ නානත්‍ථාදියො

සමථ නානත්‍ථාදයො

ශමථ නානාර්‍ත්‍ථාදිය

1. සම‍්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාබ්‍යඤ‍්ජනා, උදාහු එකත්‍ථා බ්‍යඤ‍්ජනමෙව නානං : සම‍්මුඛාවිනයොති වා අමූළ‍්හවිනයොති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා පටිඤ‍්ඤාතකරණන‍්ති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා යෙභුය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තස‍්සපාපිය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තිණවත්‍ථාරකොති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා නානාබ්‍යඤ‍්ජනා උදාහු එකත්‍ථා බ්‍යඤ‍්ජනමෙව නානං :

1. සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජනයෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථතා ඇත්තෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් වූවාහු ද යත්: සම්මුඛාවිනය යි හෝ අමූළ්හවිනයැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යපසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථයෝ ද, නානාඛ්‍යඤ්ජන යෝ ද, නොහොත් ඒකාර්‍ත්‍ථයෝ ද, ඛ්‍යඤ්ජන මතුයෙක් වෙනස් ද යත්:

සම‍්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානාබ්‍යඤ‍්ජනා ච. සම‍්මුඛාවිනයොති වා අමූළ‍්හවිනයොති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා පටිඤ‍්ඤාතකරණන‍්ති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා යෙභුය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තස‍්සපාපිය්‍යසිකාති වා -පෙ- සම‍්මුඛාවිනයොති වා තිණවත්‍ථාරකොති වා ඉමෙ ධම‍්මා නානත්‍ථා චෙව නානා බ්‍යඤ‍්ජනා ච.

සම්මුඛාවිනයැ යි හෝ සතිවිනයැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙති. සම්මුඛාවිනයැ යි හෝ අමූළ්හවිනයැ යි හෝ .... සම්මුඛාවිනයැ යි හෝ පටිඤ්ඤාතකරණ යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ යෙභූය්‍යසිකා යැයි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තස්සපාපිය්‍යසිකා යැ යි හෝ ... සම්මුඛාවිනයැ යි හෝ තිණවත්‍ථාරක යැ යි හෝ මේ ධර්‍මයෝ නානාර්‍ත්‍ථ ද නානාඛ්‍යඤ්ජන ද වෙත්,

2. විවාදො විවාදාධිකරණං, විවාදො නො අධිකරණං, අධිකරණං නො විවාදො, අධිකරණංචෙව විවාදො ච.

2. විවාදය විවාදාධිකරණ වේ ද, විවාදය අධිකරණ නො වේ ද, අධිකරණය විවාද නො වේ ද, අධිකරණ වූයේ ම විවාද වේ ද යත්:

සියා විවාදො විවාදාධිකරණං, සියා විවාදො නො අධිකරණං, සියා අධිකරණං නො විවාදො, සියා අධිකරණංචෙව විවාදො ච.

විවාදය විවාදාධිකරණ විය හෙයි, විවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය විවාද නො විය හෙයි, අධිකරණ ද වූයේ ම විවාදත් විය හෙයි.

තත්‍ථ කතමො විවාදො විවාදාධිකරණං : ඉධ භික‍්ඛූ විවදන‍්ති ධම‍්මොති වා අධම‍්මොති වා -පෙ- දුට‍්ඨුල‍්ලාපත‍්තීති වා අදුට‍්ඨුල‍්ලා ආපත‍්තීති වා, යං තත්‍ථ භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො නානාවාදො අඤ‍්ඤථාවාදො විපච‍්චයතා වොහාරො මෙධගං, අයං විවාදො විවාදාධිකරණං.

එහි කවර විවාදයෙක් විවාදාධිකරණ වේ ද යත්: මෙ සස්නෙහි මහණහු ධර්‍ම යැ යි හෝ අධර්‍ම යැ යි හෝ විවාද කෙරෙත් ද ... තුළුල් ඇවැතැයි හෝ නො තුළුල් ඇවැතැයි හෝ විවාද කෙරෙත් ද, එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් හිංසායෙක් වේ ද, මේ විවාදය විවාදාධිකරණ වේ.

තත්‍ථ කතමො විවාදො නො අධිකරණං : මාතාපි පුත‍්තෙන විවදති, පුත‍්තොපි මාතරා විවදති, පිතාපි පුත‍්තෙන විවදති, පුත‍්තොපි පිතරා විවදති, භාතාපි භාතරා විවදති, භාතාපි භගිනියා විවදති, භගිනීපි භාතරා විවදති, සහායොපි සහායෙන විවදති, අයං විවාදො නො අධිකරණං.

එහි කවර විවාදයෙක් අධිකරණ නො වේ ද යත්: පුතු හා මවු ද විවාද කෙරෙයි, මව හා පුත් ද විවාද කෙරෙයි, පුතු හා පියා ද විවාද කෙරෙයි, පියා හා පුත් ද විවාද කෙරෙයි, බෑයා හා බෑයා ද විවාද කෙරෙයි, බුහුන හා බෑයා ද විවාද කෙරෙයි. බෑයා හා බුහුන ද විවාද කෙරෙයි. යහළු හා යහළුවා විවාද කෙරේ. මේ විවාද යි අධිකරණ නො වේ.

තත්‍ථ කතමං අධිකරණං නො විවාදො : අනුවාදාධිකරණං ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණං, ඉදං අධිකරණං නො විවාදො.

එහි විවාද නොවූ අධිකරණ කවර යැ යත්: අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ යන මේ විවාද නො වූ අධිකරණ යි.

තත්‍ථ කතමං අධිකරණං චෙව විවාදො ච : විවාදාධිකරණං අධිකරණඤ‍්චෙව විවාදො ච.

එහි කුමක් අධිකරණ වූයේ ම විවාදත් වෙයි යත්: විවාදාධිකරණය අධිකරණ වූයේ ම විවාද ද වේ.

3. අනුවාදො අනුවාදාධිකරණං, අනුවාදො නො අධිකරණං, අධිකරණං නො අනුවාදො, අධිකරණඤ‍්චෙව අනුවාදො ච.

3. අනුවාදය අනුවාදාධිකරණ වේ ද, අනුවාදය අධිකරණ නො වේ ද, අධිකරණය අනුවාද නො වේ ද, අධිකරණ වූයේ ම අනුවාදත් වේ ද යත්:

සියා අනුවාදො අනුවාදාධිකරණං, සියා අනුවාදො නො අධිකරණං, සියා අධිකරණං නො අනුවාදො, සියා අධිකරණඤ‍්චෙව අනුවාදො ච.

අනුවාදය අනුවාදාධිකරණ විය හෙයි, අනුවාදය අධිකරණ නො විය හෙයි, අධිකරණය අනුවාද නො විය හෙයි. අධිකරණ වූයේ ම අනුවාදත් විය හෙයි.

තත්‍ථ කතමො අනුවාදො අනුවාදාධිකරණං : ඉධ භික‍්ඛූ භික‍්ඛුං අනුවදන‍්ති සීලවිපත‍්තියා වා ආචාරවිපත‍්තියා වා දිට‍්ඨිවිපත‍්තියා වා ආජීවවිපත‍්තියා වා, යො තත්‍ථ අනුවාදො අනුවදනා අනුල‍්ලපනා අනුභණනා අනුසම‍්පවඞ‍්කතා අබ‍්භුස‍්සහනතා අනුබලප‍්පදානං : අයං අනුවාදො අනුවාදාධිකරණං.

එහි කවර අනුවාදයෙක් අනුවාදාධිකරණ වේ යැ යත්: මෙ සස්නෙහි මහණහු මහණක්හට ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටිවිපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ චෝදනා කෙරෙති. එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණීමෙක් පුනපුනා තිදොරින් අවනත වීමෙක් දැඩි වැ නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මේ අනුවාදය අනුවාදාධිකරණ වේ.

තත්‍ථ කතමො අනුවාදො නො අධිකරණං : මාතාපි පුත‍්තං අනුවදති, පුත‍්තොපි මාතරං අනුවදති, පිතාපි පුත‍්තං අනුවදති, පුත‍්තොපි පිතරං අනුවදති, භාතාපි භාතරං අනුවදති, භාතාපි භගිනිං අනුවදති, භගිනීපි භාතරං අනුවදති, සහායොපි සහායං අනුවදති, අයං අනුවාදො නො අධිකරණං.

එහි කවර අනුවාදයෙක් අධිකරණ නො වේ ය යත්: මව ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද මවට චෝදනා කෙරෙයි, පියා ද පුතුට චෝදනා කෙරෙයි, පුත් ද පියාට චෝදනා කෙරෙයි, බෑයා ද බෑයාට චෝදනා කෙරෙයි, බෑයා ද බුහුනට චෝදනා කෙරෙයි, බුහුන ද බෑයාට චෝදනා කෙරෙයි, යහළුවා ද යහළුවාට චෝදනා කෙරේ. මේ අනුවාද යි, අධිකරණ නො වේ.

තත්‍ථ කතමං අධිකරණං නො අනුවාදො : ආපත‍්තාධිකරණං කිච‍්චාධිකරණං විවාදාධිකරණං : ඉදං අධිකරණං නො අනුවාදො.

එහි කවර අධිකරණයෙක් අනුවාද නො වේ යැ යත්: ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ යන මේ අධිකරණ වෙයි, අනුවාද නො වේ.

තත්‍ථ කතමං අධිකරණඤ‍්චෙව අනුවාදො ච : අනුවාදාධිකරණං අධිකරණඤ‍්චෙව අනුවාදො ච.

එහි කවරෙක් අධිකරණ වූයේ ම අනුවාදත් වේ යැ යත්: අනුවාදාධිකරණය අධිකරණ වූයේ ම අනුවාදත් වේ.

4. ආපත‍්ති ආපත‍්තාධිකරණං. ආපත‍්ති නො අධිකරණං. අධිකරණං නො ආපත‍්ති අධිකරණඤ‍්චෙව ආපත‍්ති ච.

4. ආපත්තිය ආපත්තාධිකරණ වේ ද, ආපත්තිය අධිකරණ නො වේ ද, අධිකරණය ආපත්ති නො වේ ද, අධිකරණ වූයේ ම ආපත්තිත් වේ ද යත්:

සියා ආපත‍්ති ආපත‍්තාධිකරණං, සියා ආපත‍්ති නො අධිකරණං, සියා අධිකරණං නො ආපත‍්ති, සියා අධිකරණඤ‍්චෙව ආපත‍්ති ච.

ආපත්තිය ආපත්තාධිකරණ විය හෙයි, ආපත්තිය අධිකරණ නො විය හෙයි, අධිකරණය ආපත්ති නො විය හෙයි, අධිකරණ වූයේ ම ආපත්ති ද විය හෙයි.

තත්‍ථ කතමා ආපත‍්ති ආපත‍්තාධිකරණං : පඤ‍්චපි ආපත‍්තික‍්ඛන්‍ධා ආපත‍්තාධිකරණං, සත‍්තපි ආපත‍්තික‍්ඛන්‍ධා ආපත‍්තාධිකරණං. අයං ආපත‍්ති ආපත‍්තාධිකරණං.

එහි කවර ආපත්තියෙක් ආපත්තාධිකරණ වේ යැ යත්: පඤ්චාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යැ, සප්තාපත්තිස්කන්‍ධයෝ ද ආපත්තාධිකරණ යි, මේ ආපත්ති ආපත්තාධිකරණ වේ.

තත්‍ථ කතමා ආපත‍්ති නො අධිකරණං : සොතාපත‍්ති සමාපත‍්ති : අයං ආපත‍්ති නො අධිකරණං.

එහි කවර ආපත්තියෙක් අධිකරණය නො වේ යැ යත්: සෝතාපත්ති යැ සමාපත්ති යැ යන මේ ආපත්ති යැ, අධිකරණ නො වේ.

තත්‍ථ කතමං අධිකරණං නො ආපත‍්ති : කිච‍්චාධිකරණං, විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ඉදං අධිකරණං නො ආපත‍්ති.

එහි කවර අධිකරණයෙක් ආපත්ති නො වේ යැ යත්: කිච්චාධිකරණ යැ විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ යන මේ, අධිකරණ වෙයි, ආපත්ති නො වේ.

තත්‍ථ කතමං අධිකරණඤ‍්චෙව ආපත‍්ති ච : ආපත‍්තාධිකරණං අධිකරණඤ‍්චෙව ආපත‍්ති ච.

එහි කවරෙක් අධිකරණ වූයේ ම ආපත්ති ද වේ යැ යත්: ආපත්තාධිකරණය අධිකරණ වූයේ ම ආපත්ති ද වේ.

5. කිච‍්චං කිච‍්චාධිකරණං, කිච‍්චං නො අධිකරණං, අධිකරණං නො කිච‍්චං, අධිකරණඤ‍්චෙව කිච‍්චඤ‍්ච :

5. කෘත්‍යය කිච්චාධිකරණ වේ ද, කෘත්‍යය අධිකරණ නො වේ ද, අධිකරණය කෘත්‍ය නො වේ ද, අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ ද යත්:

සියා කිච‍්චං කිච‍්චාධිකරණං, සියා කිච‍්චං නො අධිකරණං, සියා අධිකරණං නො කිච‍්චං, සියා අධිකරණඤ‍්චෙව කිච‍්චඤ‍්ච.

කෘත්‍යය කිච්චාධිකරණ විය හෙයි, කෘත්‍යය අධිකරණ නො විය හෙයි, අධිකරණය කෘත්‍ය නො විය හෙයි, අධිකරණ වූයේ ම කෘත්‍යයත් විය හෙයි.

තත්‍ථ කතමං කිච‍්චං කිච‍්චාධිකරණං : යා සඞ‍්ඝස‍්ස කිච‍්චයතා කරණීයතා අපලොකනකම‍්මං ඤත‍්තිකම‍්මං ඤත‍්තිදුතියකම‍්මං ඤත‍්තිචතුත්‍ථකම‍්මං, ඉදං කිච‍්චං කිච‍්චාධිකරණං.

එහි කවර කෘත්‍යයෙක් කිච්චාධිකරණ වේ යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ, ඤත්තිකර්‍ම යැ, ඤත්තිදුතියකර්‍ම යැ, ඤත්තිචතුත්‍ථකර්‍මයැ, යම් කෘත්‍යභාවයෙක් කටයුතු බවෙක් වේ ද, මේ කෘත්‍යය කිච්චාධිකරණ වේ.

තත්‍ථ කතමං කිච‍්චං නො අධිකරණං : ආචරියකිච‍්චං උපජ‍්ඣායකිච‍්චං සමානුපජ‍්ඣායකිච‍්චං සමානාචරියකිච‍්චං : ඉදං කිච‍්චං නො අධිකරණං.

එහි කවර කෘත්‍යයෙක් අධිකරණ නො වේ යැ යත්: ආචාර්‍ය්‍ය කෘත්‍යයෙක් උපාධ්‍යාය කෘත්‍යයෙක් සමානෝපාධ්‍යාය කෘත්‍යයෙක් සමානාචාර්‍ය්‍ය කෘත්‍යයෙක් වේ ද, මේ කෘත්‍ය වෙයි. අධිකරණ නො වේ.

තත්‍ථ කතමං අධිකරණං නො කිච‍්චං : විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත‍්තාධිකරණං: ඉදං අධිකරණං නො කිච‍්චං.

එහි කවර අධිකරණයෙක් කෘත්‍ය නො වේ යැ යත්: විවාදාධිකරණයෙක් අනුවාදාධිකරණයෙක් ආපත්තාධිකරණයෙක් වේ ද, මේ අධිකරණ වෙයි. කෘත්‍ය නො වේ.

තත්‍ථ කතමං අධිකරණඤ‍්චෙව කිච‍්චඤ‍්ච : කිච‍්චාධිකරණං අධිකරණඤ‍්චෙව කිච‍්චං චාති.

එහි කුමක් අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ යැ යත්: කිච්චාධිකරණය අධිකරණ වූයේ ම කෘත්‍යයත් වේ.

අධිකරණභෙදො නිට‍්ඨිතො.

අධිකරණභේද නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. අධිකරණං උක‍්කොටා ආකාරා පුග‍්ගලෙන ච, නිදාන හෙතු පච‍්චයා මූලං සමුට‍්ඨානෙන ච. ආපත‍්ති හොති යත්‍ථ ච සංසට‍්ඨා නිදානප‍්පභවා,

1. අධිකරණ භේද යැ උක්කොට යැ උක්කෝටනාකාර යැ පුද්ගල භේදය සමඟ අධිකරණ නිදාන යැ හේතු යැ පච්ච යැ සමුට්ඨානය සමඟ මූල යැ ආපත්තිහොති යැ යත්‍ථ යැ සංසට්ඨ යැ නිදාන යැ පහව යැ,

2. හෙතුපච‍්චයමූලානි සමුට‍්ඨානෙන බ්‍යඤ‍්ජනා; විවාදො අධිකරණන‍්ති භෙදාධිකරණෙ ඉදන‍්ති.

2. හේතු යැ පච්ච යැ මූල යැ සමුට්ඨානය සමඟ ඛ්‍යඤ්ජන යැ විවාද යැ අධිකරණ යැ යන මෙය අධිකරණ භේදයෙහි උද්දානය වේ.