යෙදුමෙන් කියවන්න

අධිකරණභෙදං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අධිකරණභෙදං

උක‍්කොටනභෙදාදිවණ‍්ණනා

උක්කොටනභෙදාදිවණ්ණනා

අධිකරණභෙදෙ ඉමෙ දස උක‍්කොටාති අධිකරණානං උක‍්කොටෙත්‍වා පුන අධිකරණඋක‍්කොටෙන සමථානං උක‍්කොටං දස‍්සෙතුං “විවාදාධිකරණං උක‍්කොටෙන‍්තො කති සමථෙ උක‍්කොටෙතී”තිආදිමාහ. තත්‍ථ විවාදාධිකරණං උක‍්කොටෙන‍්තො ද‍්වෙ සමථෙ උක‍්කොටෙතීති සම‍්මුඛාවිනයඤ‍්ච යෙභුය්‍යසිකඤ‍්ච ඉමෙ ද‍්වෙ උක‍්කොටෙති, පටිසෙධෙති; පටික‍්කොසතීති අත්‍ථො. අනුවාදාධිකරණං උක‍්කොටෙන‍්තො චත‍්තාරොති සම‍්මුඛාවිනයං, සතිවිනයං, අමූළ‍්හවිනයං, තස‍්සපාපියසිකන‍්ති ඉමෙ චත‍්තාරො සමථෙ උක‍්කොටෙති. ආපත‍්තාධිකරණං උක‍්කොටෙන‍්තො තයොති සම‍්මුඛාවිනයං, පටිඤ‍්ඤාතකරණං, තිණවත්‍ථාරකන‍්ති ඉමෙ තයො සමථෙ උක‍්කොටෙති. කිච‍්චාධිකරණං උක‍්කොටෙන‍්තො එකන‍්ති සම‍්මුඛාවිනයං ඉමං එකං සමථං උක‍්කොටෙති.

අධිකරණභෙදයෙහි “ඉමෙ දස උක්කොටා” අධිකරණයන්ගේ උගුළුවීම කියා නැවැත අධිකරණයන්ගේ උගුළුවීමෙන් සමථයන්ගේ උගුළුවීම දක්වන්නට “විවාදාධිකරණං උක්කොටෙන්තො කති සමථෙ උක්කොටෙති” යනාදිය කීහ. එහි “විවාදාධිකරණං උක්කොටෙන්තො ද්වෙ සමථෙ උක්කොටෙති”යි සම්මුඛාවිනයද යෙභුය්‍යසිකයද යන මේ දෙක උගුල්වාලයි. වළකාලයි. ප්‍රතික්‍රොෂණය කෙරේය යන අර්‍ත්‍ථයි. “අනුවාදාධිකරණං උක්කොටෙන්තො චත්තාරො”යි සම්මුඛාවිනයද සතිවිනයද අමූළ්හවිනයද තස්සපාපිය්‍යසිකයද යන මේ සිවු සමථයන් උගුල්වාලයි. “ආපත්තාධිකරණං උක්කොටෙන්තො තයො”යි සම්මුඛාවිනයද පටිඤ්ඤාතකරණයද තිණවත්‍ථාරකයද යන මේ තුන් සමථයන් උගුල්වාලයි. “කිඤ්චාධිකරණං උක්කොටෙන්තො එකං”යි සම්මුඛාවිනය යන මේ එක් සමථයක් උක්කොටනය කරයි.

කති උක‍්කොටාතිආදිපුච‍්ඡානං විස‍්සජ‍්ජනෙ පන ද‍්වාදසසු උක‍්කොටෙසු අකතං කම‍්මන‍්තිආදයො තාව තයො උක‍්කොටා විසෙසතො දුතියෙ අනුවාදාධිකරණෙ ලබ‍්භන‍්ති. අනිහතං කම‍්මන‍්තිආදයො තයො පඨමෙ විවාදාධිකරණෙ ලබ‍්භන‍්ති. අවිනිච‍්ඡිතන‍්තිආදයො තයො තතියෙ ආපත‍්තාධිකරණෙ ලබ‍්භන‍්ති. අවූපසන‍්තන‍්තිආදයො තයො චතුත්‍ථෙ කිච‍්චාධිකරණෙ ලබ‍්භන‍්ති; අපිච ද‍්වාදසාපි ච එකෙකස‍්මිං අධිකරණෙ ලබ‍්භන‍්තියෙව.

“කති උක්කොටා” යනාදි පෘච්ඡාවන්ගේ විසඳීමෙහි වනාහි දොළොස් උක්කොට අතුරෙහි “අකතං කම්මං” යනාදීවූ උක්කොට තුනක් විශෙෂයෙන් දෙවන අනුවාදාධිකරණයෙහි ලැබෙත්. “අනීහතං කම්මං” යනාදීවූ තැන ප්‍රථමවිවාදාධිකරණයෙහි ලැබෙත්. “අවිනිච්ඡිතං” යනාදී වූ තුන තෙවන ආපත්තියි කරණයෙහි ලැබෙත්. “අවූපසන්තං” යනාදීවූ තුන සිවුවන කිච්චාධිකරණයෙහි ලැබෙත්. තවද උක්කොට දොළොසම එක් එක් අධිකරණයෙහි ලැබෙත්මය.

තත්‍ථජාතකං අධිකරණං උක‍්කොටෙතීති යස‍්මිං විහාරෙ “මය‍්හං ඉමිනා පත‍්තො ගහිතො, චීවරං ගහිත”න‍්තිආදිනා නයෙන පත‍්තචීවරාදීනං අත්‍ථාය අධිකරණං උප‍්පන‍්නං හොති, තස‍්මිංයෙව ච නං විහාරෙ ආවාසිකා සන‍්නිපතිත්‍වා “අලං ආවුසො”ති අත‍්තපච‍්චත්‍ථිකෙ සඤ‍්ඤාපෙත්‍වා පාළිමුත‍්තකවිනිච‍්ඡයෙනෙව වූපසමෙන‍්ති, ඉදං තත්‍ථජාතකං අධිකරණං නාම. යෙනාපි විනිච‍්ඡයෙන සමිතං, සොපි එකො සමථොයෙව. ඉමං උක‍්කොටෙන‍්තස‍්සාපි පාචිත‍්තියං.

“තත්‍ථ ජාතකං අධිකරණං උක්කොටෙති” යම් විහාරයෙක්හි ‘මොහු විසින් මාගේ පාත්‍රය ගන්නා ලද්දේය, සිවුරක් ගන්නා ලද්දේය, යනාදි නයින් පාසිවුරු ආදිය පිණිස අධිකරණයක් උපන්නේවේද, එම විහාරයෙහිම ආවාසිකයෝ රැස්ව ‘ඇවැත්නි’ පාසිවුරු ආදිය නිසා ඩබර කිරීමෙන් කම්නැතැ’යි විවාදාදියෙහි දොස් දැක්වීම පමණකින් තම සතුරන්ට හඟවා ඔවුනොවුන් කමාකරවා පාලිමුක්තක විනිශ්චයෙන්ම ඒ අධිකරණය සන්සිඳවත්ද, මේ තත්‍ථජාතකඅධිකරණ තම. යම් විනිශ්චයකින් සන්හිඳවන ලද්දේද, හෙද එක් සමථයෙක්මය. මේ අධිකරණය උගුළුවන මහණහුටද පාචිත්තිය වේ.

තත්‍ථජාතකං වූපසන‍්තන‍්ති සචෙ පන තං අධිකරණං නෙවාසිකා වූපසමෙතුං න සක‍්කොන‍්ති, අථඤ‍්ඤො විනයධරො ආගන‍්ත්‍වා “කිං ආවුසො ඉමස‍්මිං විහාරෙ උපොසථො වා පවාරණා වා ඨිතා”ති පුච‍්ඡති, තෙහි ච තස‍්මිං කාරණෙ කථිතෙ තං අධිකරණං ඛන්‍ධකතො ච පරිවාරතො ච සුත‍්තෙන විනිච‍්ඡිනිත්‍වා වූපසමෙති, ඉදං තත්‍ථජාතකං වූපසන‍්තං නාම අධිකරණං. එතං උක‍්කොටෙන‍්තස‍්සාපි පාචිත‍්තියමෙව.

“තත්‍ථ ජාතකං වූපසන්තං” ඉදින් ඒ අධිකරණය නෙවාසිකයෝ සන්සිඳවන්නට නොහැකි වෙත්ද, නැවැත අන් විනයධරයෙක් තෙමේ අවුත් ‘කිම, මේ විහාරයෙහි උපෞෂථය හෝ පවාරණය හෝ සිටියාහුදැ’යි විචාරාද, ඔවුන් විසින්ද ඒ කාරණය කියූකල්හි ඒ අධිකරණය ඛන්‍ධකයෙන්ද පරිවාරයෙන්ද ගෙණ සූත්‍රයකින් විනිශ්චයකොට සන්සිඳුවයි. මෙය තත්‍ථ ජාතක අධිකරණය සන්සිඳුනේ නම.

අන‍්තරාමග‍්ගෙති තෙ අත‍්තපච‍්චත්‍ථිකා “න මයං එතස‍්ස විනිච‍්ඡයෙ තිට‍්ඨාම, නායං විනයෙ කුසලො, අසුකස‍්මිං නාම ගාමෙ විනයධරා ථෙරා වසන‍්ති, තත්‍ථ ගන‍්ත්‍වා විනිච‍්ඡිනිස‍්සාමා”ති ගච‍්ඡන‍්තා අන‍්තරාමග‍්ගෙයෙව කාරණං සල‍්ලක‍්ඛෙත්‍වා අඤ‍්ඤමඤ‍්ඤං වා සඤ‍්ඤාපෙන‍්ති, අඤ‍්ඤෙ වා තෙ භික‍්ඛූ නිජ‍්ඣාපෙන‍්ති, ඉදම‍්පි වූපසන‍්තමෙව හොති. එවං වූපසන‍්තං අන‍්තරාමග‍්ගෙ අධිකරණං උක‍්කොටෙති යො, තස‍්සාපි පාචිත‍්තියමෙව.

“අන්තරාමග්ගෙ” ඒ තම සතුරෝ ‘අපි මොහුගේ විනිශ්චයෙහි නොසිටුම්හ, මෙතෙමේ විනයෙහි දක්‍ෂනොවේ, අසුවල් නම් ගමෙහි විනයධර තෙරහු වසත්, එහි ගොස් විනිශ්චය කරන්නෙමු’යි යන්නාහු අතරමගදීම කරුණ සලකා ඔවුනොවුන් හෝ හඟවත්ද, අන්‍යයෝ හෝ ඒ මහණුන්ට අවබෝධ කරවත්ද, මෙය සන්සිඳුනේම වේ. අතරමගදී මෙසේ සන්සිඳුනු අධිකරණය යමෙක් තෙමේ උගුළුවාද, ඔහුටද පාචිත්තියම වේ.

අන‍්තරාමග‍්ගෙ වූපසන‍්තන‍්ති න හෙව ඛො පන අඤ‍්ඤමඤ‍්ඤං සඤ‍්ඤත‍්තියා වා සභාගභික‍්ඛුනිජ‍්ඣාපනෙන වා වූපසන‍්තං හොති; අපිච ඛො පටිපථං ආගච‍්ඡන‍්තො එකො විනයධරො දිස‍්වා “කත්‍ථ ආවුසො ගච‍්ඡථා”ති පුච‍්ඡිත්‍වා “අසුකං නාම ගාමං, ඉමිනා නාම කාරණෙනා”ති වුත‍්තෙ “අලං, ආවුසො, කිං තත්‍ථ ගතෙනා”ති තත්‍ථෙව ධම‍්මෙන විනයෙන තං අධිකරණං වූපසමෙති, ඉදං අන‍්තරාමග‍්ගෙ වූපසන‍්තං නාම. එතං උක‍්කොටෙන‍්තස‍්සාපි පාචිත‍්තියමෙව.

“අන්තරාමග්ගෙ වූපසන්තං” ඔවුනොවුන්ට හැඟීමෙන් හෝ සභාග භික්‍ෂූන්ගේ අවබෝධ කරවීමෙන් හෝ සන්සිඳුනේ නොමවේද, එතකුදු වුවත් පෙරමගට එන්නා වූ එක් විනයධරයෙක් තෙමේ ඔවුන් දැක ‘ඇවැත්නි’ කොතැන්හි යහුදැ’යි විචාරා අසුවල් ගමටය, මෙනම් කරුණ නිසාය’යි කියූකල්හි ‘කම් නැත. ඇවැත්නි’ එහි යෑමෙන් කිම්දැ’යි එහිදීම ධර්‍මයෙන් විනයෙන් ඒ අධිකරණය සන්සිඳවාද, මෙය අතරමගදී සන්සිඳුනේ නම. මේ අධිකරණය උගුළුවන මහණහුටද පාචිත්තියම වේ.

තත්‍ථ ගතන‍්ති සචෙ පන “අලං, ආවුසො, කිං තත්‍ථ ගතෙනා”ති වුච‍්චමානාපි “මයං තත්‍ථෙව ගන‍්ත්‍වා විනිච‍්ඡයං පාපෙස‍්සාමා”ති විනයධරස‍්ස වචනං අනාදියිත්‍වා ගච‍්ඡන‍්තියෙව, ගන‍්ත්‍වා සභාගානං භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙන‍්ති. සභාගා භික‍්ඛූ “අලං, ආවුසො, සඞ‍්ඝසන‍්නිපාතං නාම ගරුක”න‍්ති තත්‍ථෙව නිසීදාපෙත්‍වා විනිච‍්ඡිනිත්‍වා සඤ‍්ඤාපෙන‍්ති, ඉදම‍්පි වූපසන‍්තමෙව හොති. එවං වූපසන‍්තං තත්‍ථ ගතං අධිකරණං උක‍්කොටෙති යො, තස‍්සාපි පාචිත‍්තියමෙව.

“තත්‍ථ ගතං” ඉදින් ‘ඇවැත්නි’ කම්නැත. එහි යෑමෙන් කිමැ’යි කියනු ලබන්නාහුද, ‘අපි එහිම ගොස් විනිශ්චයට පමුණු වන්නෙමු’යි විනයධරයාගේ වචනය නොගෙණයෙත්මය. ගොස් සභාග භික්‍ෂූන්ට මේ කරුණ සැලකෙරෙත්. සභාග භික්‍ෂූහු ‘කම්නැත, ඇවැත්නි’ සඞ්ඝ සන්නිපාතය නම් ගරුකය’යි එහිම හිඳුවා විනිශ්චයකොට හඟවාලත්. මෙද සන්සිඳුනේම වේ. මෙසේ සන්සිඳුනාවූ එහි පැමිණි අධිකරණය යමෙක් උගුළුවාද ඔහුටත් පාචිත්තිය වේ.

තත්‍ථ ගතං වූපසන‍්තන‍්ති න හෙව ඛො පන සභාගභික‍්ඛූනං සඤ‍්ඤත‍්තියා වූපසන‍්තං හොති; අපිච ඛො සඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා ආරොචිතං සඞ‍්ඝමජ‍්ඣෙ විනයධරා වූපසමෙන‍්ති, ඉදං තත්‍ථ ගතං වූපසන‍්තං නාම. එතං උක‍්කොටෙන‍්තස‍්සාපි පාචිත‍්තියමෙව.

“තත්‍ථ ගතං වූපසන්තං” සභාගභික්‍ෂූන්ගේ හැඟීමෙන් සන්සිඳුනේ නොමවේද, එහෙත් සඞ්ඝයා රැස්කරවා සැලකෙරේද, විනයධරයෝ සඟමැදදී ඒ අධිකරණය සන්සිඳුවත්ද, මෙය එහි පැමිණි අධිකරණය සන්සිඳුනේ නම. මේ අධිකරණය උගුළුවන මහණහුටද පාචිත්තියම වේ.

සතිවිනයන‍්ති ඛීණාසවස‍්ස දින‍්නං සතිවිනයං උක‍්කොටෙති, පාචිත‍්තියමෙව. උම‍්මත‍්තකස‍්ස දින‍්නෙ අමූළ‍්හවිනයෙ පාපුස‍්සන‍්නස‍්ස දින‍්නාය තස‍්සපාපියසිකායපි එසෙව නයො.

“සතිවිනයං” ක්‍ෂීණාස්‍රවයාහට දුන් සතිවිනය උගුළුවාද පාචිත්තියම වේ. උන්මත්තකයාහට දුන් අමූළ්හවිනයෙහිද පාපොත්සන්නයාහට දුන් තස්ස පාපිය්‍යසිකාවෙහිද මෙම නය වේ.

තිණවත්‍ථාරකං උක‍්කොටෙතීති සඞ‍්ඝෙන තිණවත්‍ථාරකසමථෙන වූපසමිතෙ අධිකරණෙ “ආපත‍්ති නාම එකං භික‍්ඛුං උපසඞ‍්කමිත්‍වා උක‍්කුටිකං නිසීදිත්‍වා අඤ‍්ජලිං පග‍්ගහෙත්‍වා දෙසියමානා වුට‍්ඨාති, යං පනෙතං නිද‍්දායන‍්තස‍්සාපි ආපත‍්තිවුට‍්ඨානං නාම, එතං මය‍්හං න ඛමතී”ති එවං වදන‍්තොපි තිණවත්‍ථාරකං උක‍්කොටෙති නාම, තස‍්සාපි පාචිත‍්තියමෙව.

“තිණවත්‍ථාරකං උක්කොටෙති” සඞ්ඝයා විසින් තිණවත්‍ථාරකසමථයෙන් සන්සිඳුවනලද අධිකරණයෙහි ආපත්තිය නම් එක් මහණකු කරා එළැඹ උක්කුටිකයෙන් හිඳ ඇඳිලි බැඳගෙණ දෙසනු ලබන්නී නැගීසිටියි. යම් මේ වනාහි නිදන්නහුගේද ආපත්තිවුට්ඨාන නම. මෙය මට රුචිනොවේය’යි මෙසේ කියන්නේද තිණවත්‍ථාරකය උගුළුවා නම. ඔහුටද පාචිත්තියම වේ.

ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙතීති විනයධරො හුත්‍වා අත‍්තනො උපජ‍්ඣායාදීනං අත්‍ථාය “අධම‍්මං ධම‍්මො”තිආදීනි දීපෙත්‍වා පුබ‍්බෙ විනිච‍්ඡිතං අධිකරණං ද‍්වාදසසු උක‍්කොටෙසු යෙන කෙනචි උක‍්කොටෙන‍්තො ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති නාම. ද‍්වීසු පන අත‍්තපච‍්චත්‍ථිකෙසු එකස‍්මිං “අනත්‍ථං මෙ අචරී”තිආදිනා නයෙන සමුප‍්පන‍්නාඝාතො, තස‍්ස පරාජයං ආරොපනත්‍ථං “අධම‍්මං ධම‍්මො”තිආදීනි දීපෙත්‍වා පුබ‍්බෙ විනිච‍්ඡිතං අධිකරණං ද‍්වාදසසු උක‍්කොටෙසු යෙන කෙනචි උක‍්කොටෙන‍්තො දොසාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති නාම. මන්‍දො පන මොමූහො මොමූහත‍්තා එව “අධම‍්මං ධම‍්මො”තිආදීනි දීපෙත්‍වා වුත‍්තනයෙනෙව උක‍්කොටෙන‍්තො මොහාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති නාම. සචෙ පන ද‍්වීසු අත‍්තපච‍්චත්‍ථිකෙසු එකො විසමානි කායකම‍්මාදීනි ගහනමිච‍්ඡාදිට‍්ඨිං බලවන‍්තෙ ච පක‍්ඛන‍්තරියෙ අභිඤ‍්ඤාතෙ භික‍්ඛූ නිස‍්සිතත‍්තා විසමනිස‍්සිතො ගහනනිස‍්සිතො බලවනිස‍්සිතො ච හොති, තස‍්ස භයෙන “අයං මෙ ජීවිතන‍්තරායං වා බ්‍රහ‍්මචරියන‍්තරායං වා කරෙය්‍යා”ති “අධම‍්මං ධම‍්මො”තිආදීනි දීපෙත්‍වා වුත‍්තනයෙනෙව උක‍්කොටෙන‍්තො භයාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති නාම.

“ඡන්‍දාගතිං ගච්ඡන්නො අධිකරණං උක්කොටෙති” විනයධරව තමන්ගේ උපාද්ධ්‍යායාදීහු නිසා ‘අධර්‍මයධර්‍මය වේය’, යනාදිය දක්වා පෙර විනිශ්චය කරණලද අධිකරණය දොළොස් උක්කොට අතුරෙහි යම්කිසිවකින් උගුළුවා නම. අත්තපච්චත්‍ථික දෙදෙන අතුරෙහි එකතුකෙරෙහි “අත්‍ථං මෙ අචරි” යනාදි නයින් උපන් ආඝාතය ඇත්තේ ඔහුට පරාජය ආරොපණය කිරීම පිණිස “අධම්මං ධම්මො” යනාදිය දක්වා පෙර විනිශ්චයය කරණලද අධිකරණය දොළොස් උක්කොටයන් අතුරෙහි යම්කිසිවකින් උගුළුවන්නේ ද්වෙෂයෙන් අගතියට යෙමින් අධිකරණය උගුළුවා නම. මඳවූයේ මුළාවූයේ මුළාවූ බැවින්ම “අධම්මං ධම්මො” යනාදිය දක්වා කියූනයින්ම උගුළුවන්නේ මොහයෙන් අගතියට යෙමින් අධිකරණය උඟුළුවා නම. ඉදින් අත්තපච්චත්‍ථික දෙදෙනා අතුරෙහි එකෙක් විෂමවූ කායකර්‍මාදිය ග්‍රහණ සඞ්ඛ්‍යාත මිත්‍ථ්‍යාදෘෂ්ටිය බලවත්වූ ප්‍රසිද්ධවූ පක්‍ෂාන්තරික භික්‍ෂූන් නිඃශ්‍රිත බැවින් විෂම නිඃශ්‍රිත වූයේ ග්‍රහණ නිඃශ්‍රිතවූයේ බලවතුන් නිඃශ්‍රිතවූයේද වේ. ඔහුට බියෙන් ‘මෙතෙමේ මාගේ ජීවිතයට අන්තරායක් හෝ බ්‍රහ්මචර්‍ය්‍යයට අන්තරායක් හෝ කරන්නේය’යි “අධම්මං ධම්මො” යනාදිය දක්වා කියූනයින්ම උගුළුවන්නේ බියෙන් අගතියට යෙමින් අධිකරණය උගුළුවා නම.

තදහුපසම‍්පන‍්නොති එකො සාමණෙරො බ්‍යත‍්තො හොති බහුස‍්සුතො, සො විනිච‍්ඡයෙ පරාජයං පත්‍වා මඞ‍්කුභූතෙ භික‍්ඛූ දිස‍්වා පුච‍්ඡති “කස‍්මා මඞ‍්කුභූතාත්‍ථා”ති? තෙ තස‍්ස තං අධිකරණං ආරොචෙන‍්ති. සො තෙ එවං වදෙති “හොතු, භන‍්තෙ, මං උපසම‍්පාදෙථ, අහං තං අධිකරණං වූපසමෙස‍්සාමී”ති . තෙ තං උපසම‍්පාදෙන‍්ති. සො දුතියදිවසෙ භෙරිං පහරිත්‍වා සඞ‍්ඝං සන‍්නිපාතෙති. තතො භික‍්ඛූහි “කෙන සඞ‍්ඝො සන‍්නිපාතිතො”ති වුත‍්තෙ “මයා”ති වදති. “කස‍්මා සන‍්නිපාතිතො”ති? “හිය්‍යො අධිකරණං දුබ‍්බිනිච‍්ඡිතං, තමහං විනිච‍්ඡිනිස‍්සාමී”ති. “ත්‍වං පන හිය්‍යො කුහිං ගතො”ති? “අනුපසම‍්පන‍්නොම‍්හි, භන‍්තෙ, අජ‍්ජ පන උපසම‍්පන‍්නොම‍්හී”ති. සො වත‍්තබ‍්බො “ඉදං ආවුසො තුම‍්හාදිසානං භගවතා සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, ‘තදහුපසම‍්පන‍්නො උක‍්කොටෙති, උක‍්කොටනකං පාචිත‍්තිය’න‍්ති, ගච‍්ඡ ආපත‍්තිං දෙසෙහී”ති. ආගන‍්තුකෙපි එසෙව නයො.

“තදහූපසම්පන්නො” එක් හෙරණක් තෙමේ ව්‍යක්තවූයේ බහුශ්‍රැතවූයේ වේද, හෙතෙමේ විනිශ්චයයෙහි පරාජයට පැමිණ මකු මහණුන් දැක ‘කුමක්හෙයින් මකුවූවාහුදැ’යි විචාරයි. ඔවුහු ඒ හෙරණහුට ඒ අධිකරණය සැලකෙරෙත්. ඒ හෙරණතෙමේ ඒ මහණුන්ට ‘වේවා ස්වාමීනි’ මා උපසපන් කරණු මැනැව, මම ඒ අධිකරණය සන්සිඳවන්නෙමි’යි මෙසේ කියයි. ඒ භික්‍ෂූහු ඔහු උපසම්පදා කරත්. හෙතෙමේ දෙවන දිනයෙහි බෙරගස්වා සඞ්ඝයා රැස්කරන්නේය. ඉක්බිති මහණුන් විසින් ‘කවරකු විසින් සඞ්ඝයා රැස් කරවන ලද්දේදැ’යි විචාළ කල්හි ‘මා විසිනැ’යි කියයි. ‘කුමක් හෙයින් රැස්කරවන ලද්දේදැ’යි විචාළ කල්හි ‘ඊයේ අධිකරණය වැරදි ලෙසට විනිශ්චය කරණලද්දේය, මම එය විනිශ්චය කරන්නෙමි’යි කියයි. ‘තෝ ඊයේ කොතැන ගියෙහිදැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි’ මම අනුපසම්පන්න වීමි, අද උපසපන්වීමි’යි කියයි. එකල්හි හෙතෙමේ ‘ඇවැත’ තොප වැනියන්ට භාග්‍යවත්හු විසින් “තදහූපසම්පන්නො උක්කොටෙති, උක්කොටනකං පාචිත්තියං”යි මේ ශික්‍ෂාපදය පණවන ලද්දේය, යව, ඇවැත දෙසව’යි කියයුත්තේය. ආගන්තුකයා කෙරෙහිද මෙම නය වේ.

කාරකොති එකං සඞ‍්ඝෙන සද‍්ධිං අධිකරණං විනිච‍්ඡිනිත්‍වා පරිවෙණගතං පරාජිතා භික‍්ඛූ වදන‍්ති “කිස‍්ස, භන‍්තෙ, තුම‍්හෙහි එවං විනිච‍්ඡිතං අධිකරණං, නනු එවං විනිච‍්ඡිනිතබ‍්බ”න‍්ති. සො “කස‍්මා පඨමංයෙව එවං න වදිත්‍ථා”ති තං අධිකරණං උක‍්කොටෙති. එවං යො කාරකො උක‍්කොටෙති, තස‍්සාපි උක‍්කොටනකං පාචිත‍්තියං. ඡන්‍දදායකොති එකො අධිකරණවිනිච‍්ඡයෙ ඡන්‍දං දත්‍වා සභාගෙ භික‍්ඛූ පරාජයං පත්‍වා ආගතෙ මඞ‍්කුභූතෙ දිස‍්වා “ස‍්වෙ දානි අහං විනිච‍්ඡිනිස‍්සාමී”ති සඞ‍්ඝං සන‍්නිපාතෙත්‍වා “කස‍්මා සන‍්නිපාතෙසී”ති වුත‍්තෙ “හිය්‍යො අධිකරණං දුබ‍්බිනිච‍්ඡිතං, තමහං අජ‍්ජ විනිච‍්ඡිනිස‍්සාමී”ති. “හිය්‍යො පන ත්‍වං කත්‍ථ ගතො”ති. “ඡන්‍දං දත්‍වා නිසින‍්නොම‍්හී”ති. සො වත‍්තබ‍්බො “ඉදං ආවුසො තුම‍්හාදිසානං භගවතා සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං, ‘ඡන්‍දදායකො උක‍්කොටෙති, උක‍්කොටනකං පාචිත‍්තිය’න‍්ති, ගච‍්ඡ ආපත‍්තිං දෙසෙහී”ති.

“කාරකො” සඞ්ඝයා සමග එක් අධිකරණයක් විනිශ්චයකොට පරිවෙණට ගියක්හට පැරදි භික්‍ෂූහු ‘ස්වාමීනි’ කුමක්නිසා යුෂ්මතුන් විසින් අධිකරණය මෙසේ විනිශ්චය කටයුතු නොවේදැ’යි කියත්. හෙතෙමේ ‘කුමක් හෙයින් පළමුකොටම මෙසේ නොකීවහුදැ’යි කියා ඒ අධිකරණය උගුළුවයි. මෙසේ යම් කාරකයක් උගුළුවා නම් ඔහුටද උක්කොටනය නිමිතිකොට පාචිත්තිය වේ. “ඡන්‍දදායකො” එක් මහණෙක් තෙමේ අධිකරණ විනිශ්චයයෙහිදී ඡන්‍දය දී පරාජයට පැමිණ පැමිණි මකුවූ සභාගභික්‍ෂූන් දැක ‘දැන් හෙට මම විනිශ්චය කරන්නෙමි’යි සඞ්ඝයා රැස්කරවා ‘කුමක් හෙයින් රැස්කරවුයෙහිදැ’යි කියන ලද්දේ ඊයේ අධිකරණය නොමනාව විනිශ්චය කරණලද්දේය, මම අද ඒ අධිකරණය විනිශ්චය කරන්නෙමි’යි කියා නම්, ‘ඊයේ තෝ කොතැන ගියෙහිදැ’යි විචාළයුතුය. ‘ඡන්‍දයදී හුන්නෙමි’යි කියානම්, හෙතෙමේ ‘ඇවැත’ තොප වැනියවුන්ට භාග්‍යවත්හු විසින් “ඡන්‍දදායකො උක්කොටෙති උක්කොටනකපාචිත්තියං” යන මේ ශික්‍ෂාපදය පණවන ලද්දේය, යව, ඇවැත දෙසව’යි කියයුතුය.

අධිකරණනිදානාදිවණ‍්ණනා

අධිකරණනිදානාදිවණ්ණනා

විවාදාධිකරණං කිංනිදානන‍්තිආදීසු කිං නිදානමස‍්සාති කිංනිදානං. කො සමුදයො අස‍්සාති කිංසමුදයං. කා ජාති අස‍්සාති කිංජාතිකං. කො පභවො අස‍්සාති කිංපභවං. කො සම‍්භාරො අස‍්සාති කිංසම‍්භාරං. කිං සමුට‍්ඨානං අස‍්සාති කිංසමුට‍්ඨානං. සබ‍්බානෙතානි කාරණවෙවචනානියෙව.

“විවාදාධිකරණං කිංනිදානං” යනාදිතන්හි කිනම් නිදානයක් මෝහටදැයි කිංනිදාන නම. කවරය සමුදයෙක් මෝහටදැයි කිංසමුදය නම. කවර ජාතියක් මෝහටදැයි කිංජාති නම. කවර ප්‍රභවයෙක් මෝහටදැයි කිම්පභව නම. කවර සම්භාරයෙක් මෝහටදැයි කිංසමුට්ඨාන නම. මේ සියල්ල කාරණවෙවචනයෝමය.

විවාදනිදානන‍්තිආදීසුපි අට‍්ඨාරසභෙදකරවත්‍ථුසඞ‍්ඛාතො විවාදො නිදානමෙතස‍්සාති විවාදනිදානං. විවාදං නිස‍්සාය උප‍්පජ‍්ජනකවිවාදවසෙනෙතං වුත‍්තං. අනුවාදො නිදානං අස‍්සාති අනුවාදනිදානං . ඉදම‍්පි අනුවාදං නිස‍්සාය උප‍්පජ‍්ජනකඅනුවාදවසෙන වුත‍්තං. ආපත‍්ති නිදානං අස‍්සාති ආපත‍්තිනිදානං. ආපත‍්තාධිකරණපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජතීති එවං ආපත‍්තිං නිස‍්සාය උප‍්පජ‍්ජනකආපත‍්තිවසෙනෙතං වුත‍්තං. කිච‍්චයං නිදානමස‍්සාති කිච‍්චයනිදානං; චතුබ‍්බිධං සඞ‍්ඝකම‍්මං කාරණමස‍්සාති අත්‍ථො. උක‍්ඛිත‍්තානුවත‍්තිකාය භික‍්ඛුනියා යාවතතියං සමනුභාසනාදීනං කිච‍්චං නිස‍්සාය උප‍්පජ‍්ජනකකිච‍්චානං වසෙනෙතං වුත‍්තං. අයං චතුන‍්නම‍්පි අධිකරණානං විස‍්සජ‍්ජනපක‍්ඛෙ එකපදයොජනා. එතෙනානුසාරෙන සබ‍්බපදානි යොජෙතබ‍්බානි.

“විවාදනිදානං” යනාදිතන්හිද, අට්ඨාරස භෙදකරවස්තුසඞ්ඛ්‍යාත විවාදය නිදානය මෝහටනුයි විවාදාධිකරණ නම. විවාදය නිසා උපදින විවාදයාගේ වසයෙන් කියනලදී. අනුවාදය නිදානය මෝහටනුයි අනුවාදනිදාන නම. මෙද අනුවාදනිදානය නිසා උපදින අනුවාදයාගේ වසයෙන් කියන ලදී. ආපත්තිනිදානය මොහටනුයි ආපත්තිනිදාන නම. ආපත්තාධිකරණය ප්‍රත්‍යයයෙන් ඇවැත් සතරකට පැමිණේයයි මෙසේ ආපත්තිය නිසා උපදින ආපත්තියගේ වසයෙන් මෙය කියනලදී. කෘත්‍යය නිදානය මෝහටනුයි කිච්චයනිදාන නම. චතුවිධ සඞ්ඝකර්‍මය කාරණය මෝහටය යන අර්‍ත්‍ථයි. උක්‍ඛිත්තානුවත්තික වූ මෙහෙණගේ තුන්යල දක්වා සමනුභාසනාදීන්ගේ කෘත්‍යය නිසා උපදින කෘත්‍යයන්ගේ වසයෙන් මෙය කියනලදී. මේ සිවුවැදෑරුම් අධිකරණයන්ගේ විසර්‍ජන පක්‍ෂයෙහි එක් පදයක්හුගේ යෝජනාය. මේ අනුසාරයෙන් සියලු පද යෙදිය යුතුය.

දුතියපුච‍්ඡාය හෙතුනිදානන‍්තිආදිම‍්හි විස‍්සජ‍්ජනෙ නවන‍්නං කුසලාකුසලාබ්‍යාකතහෙතූනං වසෙන හෙතුනිදානාදිතා වෙදිතබ‍්බා. තතියපුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ බ්‍යඤ‍්ජනමත‍්තං නානං. හෙතුයෙව හි එත්‍ථ පච‍්චයොති වුත‍්තො.

ද්විතීය පෘච්ඡාවෙහි “හෙතුනිදානං” යනාදියෙහි විසර්‍ජනයෙහි නවවිධ කුශලාකුශලාව්‍යාකෘත හේතූන්ගේ වසයෙන් හේතුනිදානාදිභාවය දතයුතුය. තෘතීයපෘච්ඡා විසර්‍ජනයෙහි ව්‍යඤ්ජනය පමණක් වෙනස් වේ. හෙතුවම මෙහි ප්‍රත්‍යයයි කියනලදී.

මූලපුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ ද‍්වාදස මූලානීති කොධඋපනාහයුගළකාදීනි ඡ විවාදාමූලානි, ලොභදොසමොහා තයො, අලොභාදොසාමොහා තයොති ඉමානි අජ‍්ඣත‍්තසන‍්තානප‍්පවත‍්තානි ද‍්වාදස මූලානි. චුද‍්දස මූලානීති තානෙව ද‍්වාදස කායවාචාහි සද‍්ධිං චුද‍්දස හොන‍්ති. ඡ මූලානීති කායාදීනි ඡ සමුට‍්ඨානානි.

මූලපෘච්ඡාවිසර්‍ජනයෙහි “ද්වාදසමූලානි” ක්‍රොධ උපනාහ යුගලකාදී වූ විවාදමුල් සයය, ලෝභ, ද්වෙෂ, මෝහ තුනය. අලෝභ, අද්වෙෂ, අමෝහ තුනය යන මොවුහු ආද්ධ්‍යාත්මිකසන්තානයෙහි පැවැති මුල් දොළොස වෙත්. “චුද්දස මූලානි” ඒ මුල් දොළොසම කායවාචා දෙක සමග තුදුසක් වෙත්. “ඡමූලානි” කායාදී වූ සවැදෑරුම් සමුට්ඨානයෝය.

සමුට‍්ඨානපුච‍්ඡාය විස‍්සජ‍්ජනෙ අට‍්ඨාරස භෙදකරවත්‍ථූනි සමුට‍්ඨානානි, තඤ‍්හි එතෙසු අට‍්ඨාරසසු භෙදකරවත්‍ථූසු සමුට‍්ඨාති, එතෙහි වා කාරණභූතෙහි සමුට‍්ඨාති. තෙනස‍්සෙතානි සමුට‍්ඨානානි වුච‍්චන‍්ති. එස නයො සබ‍්බත්‍ථ.

සමුට්ඨාන පෘච්ඡාවිසර්‍ජනයෙහි අටළොස් භෙදකර වස්තූහු සමුට්ඨානයෝය. ඒ වස්තුව වනාහි මේ අටළොස් භෙදකරවස්තූන් අතුරෙහි නගියි. කාරණභූත වූ මොවුන් කෙරෙන් හෝ උපදියි. ඒ කාරණයෙන් මොවුහු, මොහුට සමුට්ඨානයෝයි කියනු ලැබෙත්. සියලු තන්හි විවාදාධිකරණාපත්ති යනාදි භෙදයෙහි මෙම නය වේ.

විවාදාධිකරණං ආපත‍්තීතිආදිභෙදෙ එකෙන අධිකරණෙන කිච‍්චාධිකරණෙනාති ඉදං යෙන අධිකරණෙන සම‍්මන‍්ති, තං දස‍්සෙතුං වුත‍්තං, න පනෙතානි එකංසතො කිච‍්චාධිකරණෙනෙව සම‍්මන‍්ති. න හි පුග‍්ගලස‍්ස සන‍්තිකෙ දෙසෙන‍්තස‍්ස කිච‍්චාධිකරණං නාම අත්‍ථි.

“විවාදාධිකරණං ආපත්ති” යනාදි භෙදයෙහි “එකෙන අධිකරණෙන කිච්චාධිකරණෙන” යන මෙය, අධිකරණයන් අතුරෙහි යම් අධිකරණයකින් සන්සිඳේද, එය දක්වන්නට කියනලදී. මොවුහු වනාහි එකාන්තයෙන් කෘත්‍යාධිකරණයෙන් පමණක්ම නොනසන්සිඳෙන්. පුද්ගලයක්හු සමීපයෙහි දෙසන්නහුට කෘත්‍යාධිකරණයෙක් නම් නොම ඇත්තේය.

න කතමෙන සමථෙනාති සාවසෙසාපත‍්ති විය න සම‍්මති. න හි සක‍්කා සා දෙසෙතුං, න තතො වුට‍්ඨාය සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාතුං.

“න කතමෙන සමථෙන” සාවශෙෂාපත්තිය මෙන් නොසන්සිඳේ. එය දෙසට එයින් නැගිට සුද්ධන්තයෙහි පිහිටන්නට නොහැකිය.

විවාදාධිකරණං හොති අනුවාදාධිකරණන‍්තිආදි නයො උත‍්තානොයෙව.

“විවාදාධිකරණං හොති අනුවාදාධිකරණං” යනාදී වූ නයතෙමේ ප්‍රකටමය.

තතො පරං යත්‍ථ සතිවිනයොතිආදිකා සම‍්මුඛාවිනයං අමුඤ‍්චිත්‍වා ඡ යමකපුච‍්ඡා වුත‍්තා, තාසං විස‍්සජ‍්ජනෙනෙව අත්‍ථො පකාසිතො.

ඉන් ඔබ්බෙහි “යත්‍ථ සතිවිනයො” යනාදීවූ සම්මුඛාවිනය නොමුදා යමක පෘච්ඡාසයක් කියන ලදහ. ඔවුන්ගේ විසර්‍ජනයෙන්ම අර්‍ත්‍ථය ප්‍රකාශ කරන ලද්දේය.

සංසට‍්ඨාදිපුච‍්ඡානං විස‍්සජ‍්ජනෙ සංසට‍්ඨාති සතිවිනයකම‍්මවාචාක‍්ඛණස‍්මිංයෙව ද‍්වින‍්නම‍්පි සමථානං සිද‍්ධත‍්තා සම‍්මුඛාවිනයොති වා සතිවිනයොති වා ඉමෙ ධම‍්මා සංසට‍්ඨා, නො විසංසට‍්ඨා. යස‍්මා පන කදලික‍්ඛන්‍ධෙ පත‍්තවට‍්ටීනං විය න සක‍්කා තෙසං විනිබ‍්භුජිත්‍වා නානාකරණං දස‍්සෙතුං, තෙන වුත‍්තං “න ච ලබ‍්භා ඉමෙසං ධම‍්මානං විනිබ‍්භුජිත්‍වා විනිබ‍්භුජිත්‍වා නානාකරණං පඤ‍්ඤාපෙතු”න‍්ති. එස නයො සබ‍්බත්‍ථ.

සංසෘෂ්ටාදි පෘච්ඡාවන්ගේ විසර්‍ජනයෙහි “සංසට්ඨා” සතිවිනය පිළිබඳ කර්‍මවාක්‍යක්‍ෂණයෙහිම සමථද්වය සිද්ධ බැවින් සම්මුඛාවිනයයි හෝ සතිවිනයයි හෝ මේ ධර්‍මයෝ ගැටුනාහ. නොගැටුනාහු නොවෙත්. යම්හෙයකින් වනාහි කෙහෙල් කඳෙහි පත්වැටිමෙන් ඔවුන් වෙන්කොට වෙන්කිරීම දක්වන්නට නොහැක්කාහ. “න ච ලබ්හා ඉමෙසං ධම්මානං විනිබ්භුජිත්‍වා නානාකරණං පඤ්ඤාපෙතූං”යි එහෙයින් කියනලදී. හැමතන්හි මෙමනය වේ.

සත‍්තසමථනිදානවණ‍්ණනා

සත්තසමථනිදානවණ්ණනා

කිංනිදානොති පුච‍්ඡාවිස‍්සජ‍්ජනෙ නිදානං නිදානමස‍්සාති නිදානනිදානො. තත්‍ථ සඞ‍්ඝසම‍්මුඛතා, ධම‍්මසම‍්මුඛතා, විනයසම‍්මුඛතා, පුග‍්ගලසම‍්මුඛතාති ඉදං සම‍්මුඛාවිනයස‍්ස නිදානං. සතිවෙපුල‍්ලපත‍්තො ඛීණාසවො ලද‍්ධුපවාදො සතිවිනයස‍්ස නිදානං. උම‍්මත‍්තකො භික‍්ඛු අමූළ‍්හවිනයස‍්ස නිදානං. යො ච දෙසෙති, යස‍්ස ච දෙසෙති, උභින‍්නං සම‍්මුඛීභාවො පටිඤ‍්ඤාතකරණස‍්ස නිදානං. භණ‍්ඩනජාතානං අධිකරණං වූපසමෙතුං අසක‍්කුණෙය්‍යතා යෙභුය්‍යසිකාය නිදානං. පාපුස‍්සන‍්නො පුග‍්ගලො තස‍්සපාපියසිකාය නිදානං. භණ‍්ඩනජාතානං බහු අස‍්සාමණකඅජ‍්ඣාචාරො තිණවත්‍ථාරකස‍්ස නිදානං. හෙතුපච‍්චයවාරා වුත‍්තනයා එව.

“කිං නිදානා” යන පෘච්ඡාවිසර්‍ජනයෙහි නිදානය මෝහටනුයි නිදාන නම. එහි සඞ්ඝසම්මුඛතා ධම්මාසම්මුඛතා විනයසම්මුඛතා පුග්ගලසම්මුඛතා යන මෙය සම්මුඛාවිනයට නිදානයයි. ස්මෘතිවිපුලත්‍වයට පැමිණි ක්‍ෂීණාස්‍රව තෙමේ ලැබූ අපවාද ඇත්තේ සතිවිනයට නිදානයයි. උන්මත්තක භික්‍ෂුතෙමේ අමූළ්හවිනයට නිදානයයි. යමෙක් දෙසාද, යමකුහට දෙසාද, දෙදෙනාගේ සම්මුඛභාවය පටිඤ්ඤාතකරණයට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ අධිකරණය සන්සිඳවන්නට නොහැකිබව යෙභුය්‍යසිකාවට නිදානයයි. පාපොත්සන්ත පුද්ගල තෙමේ තස්සපාපිය්‍යසිකාවට නිදානයයි. උපන්ඩබර ඇත්තවුන්ගේ බොහෝවූ අශ්‍රමණ අද්ධ්‍යාචාරය තෙමේ තිණවත්‍ථරකයට නිදානයයි හෙතුප්‍රත්‍යයවාරයෝ කියනලද නය ඇත්තාහුමය.

මූලපුච‍්ඡාය විස‍්සජ‍්ජනං උත‍්තානමෙව. සමුට‍්ඨානපුච‍්ඡාය කිඤ‍්චාපි “සත‍්තන‍්නං සමථානං කතමෙ ඡත‍්තිංස සමුට‍්ඨානා”ති වුත‍්තං, සම‍්මුඛාවිනයස‍්ස පන කම‍්මසඞ‍්ගහාභාවෙන සමුට‍්ඨානාභාවතො ඡන‍්නංයෙව සමථානං ඡ සමුට‍්ඨානානි විභත‍්තානි. තත්‍ථ කම‍්මස‍්ස කිරියාති ඤත‍්ති වෙදිතබ‍්බා. කරණන‍්ති තස‍්සායෙව ඤත‍්තියා ඨපෙතබ‍්බකාලෙ ඨපනං. උපගමනන‍්ති සයං උපගමනං; අත‍්තනායෙව තස‍්ස කම‍්මස‍්ස කරණන‍්ති අත්‍ථො. අජ‍්ඣුපගමනන‍්ති අජ‍්ඣෙසනුපගමනං; අඤ‍්ඤං සද‍්ධිවිහාරිකාදිකං “ඉදං කම‍්මං කරොහී”ති අජ‍්ඣෙසනන‍්ති අත්‍ථො. අධිවාසනාති “රුච‍්චති මෙ එතං, කරොතු සඞ‍්ඝො”ති එවං අධිවාසනා; ඡන්‍දදානන‍්ති අත්‍ථො. අප‍්පටික‍්කොසනාති “න මෙතං ඛමති, මා එවං කරොථා”ති අප‍්පටිසෙධනා. ඉති ඡන‍්නං ඡක‍්කානං වසෙන ඡත‍්තිංස සමුට‍්ඨානා වෙදිතබ‍්බා.

මූලපෘච්ඡාවිසර්‍ජනය ප්‍රකටමය. සමුට්ඨානපෘච්ඡාවෙහි කිසිසේත් ‘සත් සමථයන්ගේ සතිස් සමුට්ඨනයෝ කවරහුදැයි කියනලද්දාහු සම්මුඛාවිනය පිළිබඳ කර්‍මසඞ්ග්‍රහාභාවයෙන් සමුට්ඨානභාවයෙන් ෂට් සමථයන්ගේම සමුට්ඨනසයක් විභාගකරණ ලදහ. එහි “කම්මස්ස ක්‍රියා”යි ඤත්තිය දතයුතුය. “කරණං” එම ඤත්තිය තැබියයුතු කාලයෙහි තැබීමය. “උපගමනං” තමන්ගේ එළැඹීමය. තමන් විසින්ම එම කර්‍මය කිරීමය යන අර්‍ත්‍ථයි. “අජ්ඣූපගමනං” ආරාධනයට පැමිණීමය. අන්‍යවූ සද්ධිවිහාරිකාදීන්ට ‘මේ කර්‍මය කරව’යි ආරාධනා කිරීමය යන අර්‍ත්‍ථයි. “අධිවාසනා” ‘රුච්චති මෙ එතං කරොතු සඞ්ඝො”යි මෙසේ ඉවසීමය. ඡන්‍දය දීමය යන අර්‍ත්‍ථයි. “අප්පටික්කොසනා” “නමෙතං ඛමති මා එවං කරොථ”යි නොවැළකීමය. මෙසේ ෂට්ප්‍රකාර ෂට්කයන්ගේ වසයෙන් සතිස්සමුට්ඨානයෝ දතයුත්තාහ.

සත‍්තසමථනානාත්‍ථාදිවණ‍්ණනා

සත්තසමථනානාත්ථාදිවණ්ණනා

නානාත්‍ථපුච‍්ඡාවිස‍්සජ‍්ජනං උත‍්තානමෙව. අධිකරණපුච‍්ඡාවිස‍්සජ‍්ජනෙ අයං විවාදො නො අධිකරණන‍්ති අයං මාතාපුත‍්තාදීනං විවාදො විරුද‍්ධවාදත‍්තා විවාදො නාම හොති, සමථෙහි පන අධිකරණීයතාය අභාවතො අධිකරණං න හොති. අනුවාදාදීසුපි එසෙව නයො. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙවාති.

නානාර්‍ත්‍ථපෘච්ඡා විසර්‍ජනය ප්‍රකටමය. අධිකරණපෘච්ඡා විසර්‍ජනයෙහි “අයං විවාදො නො අධිකරණං” යනු මව්පුත් ආදීන්ගේ විවාදය විරුද්ධවාද බැවින් විවාදනම් වේ. සමථයන්ගෙන් සන්සිඳවියයුතුබවක් නැති බැවින් අධිකරණ නොවේ. අනුවාදාදීන් කෙරෙහිද මෙමනය වේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

අධිකරණභෙදවණ‍්ණනා නිට‍්ඨිතා.

අධිකරණභෙද වර්‍ණනාව නිමි