යෙදුමෙන් කියවන්න

අධිකරණභෙදො

අධිකරණ භේද

1. චත‍්තාරි අධිකරණානි : විවාදාධිකරණං, අනුවාදාධිකරණං, ආපත‍්තාධිකරණං, කිච‍්චාධිකරණං : ඉමානි චත‍්තාරි අධිකරණානි.

1. අධිකරණ සතරෙකි: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණ යි. මේ අධිකරණ සතර යැ.

ඉමෙසං චතුන‍්නං අධිකරණානං කති උක‍්කොටා : ඉමෙසං චතුන‍්නං අධිකරණානං දස උක‍්කොටා : විවාදාධිකරණස‍්ස ද‍්වෙ උක‍්කොටා, අනුවාදාධිකරණස‍්ස චත‍්තාරො උක‍්කොටා, ආපත‍්තාධිකරණස‍්ස තයො උක‍්කොටා, කිච‍්චාධිකරණස‍්ස එකො උක‍්කොටො, ඉමෙසං චතුන‍්නං අධිකරණානං ඉමෙ දස උක‍්කොටා.

මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන (යලි විසඳුම් පිණිස ඉදිරියට ඇදීම්) කෙතෙක් ද යත්: මේ සතර අධිකරණයන්ගේ උක්කෝටන දශයෙකි: විවාදාධිකරණය පිළිබඳ උක්කෝටන දෙකෙකැ, අනුවාදාධිකරණය පිළිබඳ උක්කෝටන සතරෙකැ, ආපත්තාධිකරණය පිළිබඳ උක්කෝටන තුණෙකැ, කිච්චාධිකරණය පිළිබඳ උක්කෝටන එකෙකි. මේ සතර අධිකරණයන්ගේ මේ දස උක්කෝටන යි.

2. විවාදාධිකරණං උක‍්කොටෙන‍්තො කති සමථෙ උක‍්කොටෙති, අනුවාදාධිකරණං උක‍්කොටෙන‍්තො කති සමථෙ උක‍්කොටෙති, ආපත‍්තාධිකරණං උක‍්කොටෙන‍්තො කති සමථෙ උක‍්කොටෙති, කිච‍්චාධිකරණං උක‍්කොටෙන‍්තො කති සමථෙ උක‍්කොටෙති :

2. විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේද, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ කෙතෙක් ශමථයන් උක්කෝටනය කෙරේ ද යත්:

විවාදාධිකරණං උක‍්කොටෙන‍්තො ද‍්වෙ සමථෙ උක‍්කොටෙති. අනුවාදාධිකරණං උක‍්කොටෙන‍්තො චත‍්තාරො සමථෙ උක‍්කොටෙති. ආපත‍්තාධිකරණං උක‍්කොටෙන‍්තො තයො සමථෙ උක‍්කොටෙති. කිච‍්චාධිකරණං උක‍්කොටෙන‍්තො එකං සමථං උක‍්කොටෙති.

විවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ දෙකක් උක්කෝටනය කෙරෙයි, අනුවාදාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ සතරක් උක්කෝටනය කෙරෙයි, ආපත්තාධිකරණය උක්කෝටනය කරන්නේ ශමථ තුණක් උක්කෝටනය කෙරෙයි, කිච්චාධිකරණය උක්කෝටනය කරන්නේ එක් ශමථයක් උක්කෝටනය කෙරේ.

3. කති උක‍්කොටා, කතිහාකාරෙහි උක‍්කොටනං පසවති, කතිහඞ‍්ගෙහි සමන‍්නාගතො පුග‍්ගලො අධිකරණං උක‍්කොටෙති, කති පුග‍්ගලා අධිකරණං උක‍්කොටෙන‍්තා ආපත‍්තිං ආපජ‍්ජන‍්ති.

3. උක්කෝටනයෝ කෙතෙක් ද, කෙතෙක් අයුරෙකින් උක්කෝටනය දනවයි ද, කෙතෙක් අඞ්ගයෙන් යුක්ත පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද, කෙතෙක් පුද්ගලයෝ අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්:

ද‍්වාදස උක‍්කොටා, දසහාකාරෙහි උක‍්කොටනං පසවති. චතුහඞ‍්ගෙහි සමන‍්නාගතො පුග‍්ගලො අධිකරණං උක‍්කොටෙති, චත‍්තාරො පුග‍්ගලා අධිකරණං උක‍්කොටෙන‍්තා ආපත‍්තිං ආපජ‍්ජන‍්ති.

උක්කෝටන දොළොසෙකි, දශ අයුරෙකින් උක්කෝටනය දනවයි, සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, පුඟුලෝ සතරදෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.

4. කතමෙ ද‍්වාදස උක‍්කොටා : අකතං කම‍්මං, දුක‍්කටං කම‍්මං, පුන කාතබ‍්බං කම‍්මං, අනිහතං, දුන‍්නිහතං, පුන නිහනිතබ‍්බං, අවිනිච‍්ඡිතං, දුවිනිච‍්ඡිතං, පුන විනිච‍්ඡිතබ‍්බං, අවූපසන‍්තං, දුවූපසන‍්තං, පුන උපසමෙතබ‍්බන‍්ති ඉමෙ ද‍්වාදස උක‍්කොටා.

4. දොළොස් උක්කෝටනයෝ කවරහු ද යත්: නොකරණලද කර්‍ම යැ, වරදවා කරණ ලද කර්‍ම යැ, නැවැත කටයුතු කර්‍ම යැ, නො සන්හිඳුවන ලද්ද යැ, වරදවා සන්හිඳු වන ලද්ද යැ, නැවැත සන්හිඳවියයුත්ත යැ, නො විසඳනලද්ද යැ, වරදවා විසඳනලද්ද යැ, නැවැත විසඳියයුත්ත යැ, ව්‍යුපශමනය නො කරණ ලද්ද යැ, වරදවා ව්‍යුපශමනය කරණ ලද්ද යැ, නැවත ව්‍යුපශමනය කටයුත්ත යැ යි. මේ දොළොස් උක්කෝටනයෝ යි.

5. කතමෙහි දසහාකාරෙහි උක‍්කොටනං පසවති : තත්‍ථ ජාතකං අධිකරණං උක‍්කොටෙති, තත්‍ථ ජාතකං වූපසන‍්තං අධිකරණං උක‍්කොටෙති, අන‍්තරාමග‍්ගෙ අධිකරණං උක‍්කොටෙති, අන‍්තරාමග‍්ගෙ වූපසන‍්තං අධිකරණං උක‍්කොටෙති, තත්‍ථ ගතං අධිකරණං උක‍්කොටෙති, තත්‍ථ ගතං වූපසන‍්තං අධිකරණං උක‍්කොටෙති, සතිවිනයං උක‍්කොටෙති, අමූළ‍්හවිනයං උක‍්කොටෙති, තස‍්සපාපිය්‍යසිකං උක‍්කොටෙති, තිණවත්‍ථාරකං උක‍්කොටෙති. ඉමෙහි දසහාකාරෙහි උක‍්කොටනං පසවති.

5. කවර දශ අයුරෙකින් උක්කෝටනය දනවා ද යත්: ඒ විහාරයෙහි හටගත් අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි හටගත් සන්හිඳුවන ලද අධිකරණ උක්කෝටනය කෙරෙයි, අතරමඟැ අධිකරණය උක්කෝටනය කෙරෙයි, අතරමඟ සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා විනිශ්චය කළ අධිකරණය උක්කෝටනය කෙරෙයි, එහි ගියහු එහි ම හිඳුවා සන්හිඳුවනලද අධිකරණය උක්කෝටනය කෙරෙයි, සතිවිනය උක්කෝටනය කෙරෙයි, අමූළ්හවිනය උක්කෝටනය කෙරෙයි, තස්සපාපිය්‍යසිකාව උක්කෝටනය කෙරෙයි, තිණවත්‍ථාරකය උක්කෝටනය කෙරේ. මේ දශ අයුරින් උක්කෝටනය දනවයි.

6. කතමෙහි චතුහඞ‍්ගෙහි සමන‍්නාගතො පුග‍්ගලො අධිකරණං උක‍්කොටෙති : ඡන්‍දාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති, දොසාගතිං -පෙ- මොහාගතිං -පෙ- භයාගතිං ගච‍්ඡන‍්තො අධිකරණං උක‍්කොටෙති : ඉමෙහි චතුහඞ‍්ගෙහි සමන‍්නාගතො පුග‍්ගලො අධිකරණං උක‍්කොටෙති.

6. කවර සිවු අඟෙකින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ ද යත්: ඡන්‍දයෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරෙයි, ද්වේෂයෙන් අගතියට යන්නේ ... මෝහයෙන් අගතියට යන්නේ ... බියෙන් අගතියට යන්නේ අධිකරණය උක්කෝටනය කෙරේ. මේ සිවුඅඟින් යුත් පුද්ගල තෙමේ අධිකරණය උක්කෝටනය කෙරේ.

7. කතමෙ චත‍්තාරො පුග‍්ගලා අධිකරණං උක‍්කොටෙන‍්තා ආපත‍්තිං ආපජ‍්ජන‍්ති : තදහුපසම‍්පන‍්නො උක‍්කොටෙති උක‍්කොටනකං පාචිත‍්තියං, ආගන‍්තුකො උක‍්කොටෙති උක‍්කොටනකං පාචිත‍්තියං, කාරකො උක‍්කොටෙති උක‍්කොටනකං පාචිත‍්තියං, ඡන්‍දදායකො උක‍්කොටෙති උක‍්කොටනකං පාචිත‍්තියං. ඉමෙ චත‍්තාරො පුග‍්ගලා අධිකරණං උක‍්කොටෙන‍්තා ආපත‍්තිං ආපජ‍්ජන‍්ති.

7. කවර පුද්ගලයෝ සතර දෙනෙක් අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත් ද යත්: එදවස උපසපන් වූයේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ආගන්තුක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, කාරක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වෙයි, ඡන්‍දදායක තෙමේ උක්කෝටනය කෙරේ නම් උක්කෝටනක පචිතිය වේ. මේ පුද්ගලයෝ සතර දෙන අධිකරණය උක්කෝටනය කරන්නාහු ඇවැත් අවදිත්.