යෙදුමෙන් කියවන්න

පාරාජිකාදි ආපත‍්ති

පාරාජිකාදි ආපත‍්ති

පාරාජීකාදී ආපත්ති

1. පාරාජිකන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, චුතො පරද‍්ධො භට‍්ඨො ච සද‍්ධම‍්මා හි නිරංකතො සංවාසොපි තහිං නත්‍ථි, තෙනෙතං ඉති වුච‍්චති.

1. පාරාජික යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: ශාසනයෙන් ච්‍යුත වී ද පැරැදුනේ ද, ගිලිහුණේ ද, දුරුකරණ ලද්දේ ද, ඔහු කෙරෙහි (උපෝසථ පවාරණාදී විසින්) සමග විසීමෙක් ද නැති. එහෙයින් මෙය පරිජි යැ යි කියනු ලැබේ.

2. සඞ‍්ඝාදිසෙසොති යං වුත‍්තං තං සුණොහි යථා කථං, සඞ‍්ඝොව දෙති පරිවාසං, මූලාය පටිකස‍්සති, මානත‍්තං දෙති අබ‍්භෙති තෙනෙතං ඉති වුච‍්චති.

2. සඞ්ඝාදිසේස යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඞ්ඝයා ම පිරිවෙස් දෙයි. මූලායපටිකස්සන කර්‍මය කෙරෙයි. මානත දෙයි. අබ්භාන කර්‍මය කෙරේ. (සඞ්ඝයා මුල මැද අග යන තුන් තැන ම කැමති විය යුතු ය යන) ඒ අර්‍ත්‍ථයෙන් තෙල ඇවැත සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබේ.

3. අනියතොති යං වුත‍්තං තං සුණොහි යථා කථං,2 අනියතො න නියතො අනෙකංසිකතං පදං; තිණ‍්ණමඤ‍්ඤතරං ඨානං අනියතොති පවුච‍්චති.

3. අනියත යැ යි යමක් කියනලද ද, එය අසව. කිසේ යැ යත්: නියත නැත්තේ අනියත නමි. නියම නො කරණ ලද සිකපද යයි. (පරිජි-සඟවෙසෙස්-පචිති යන) තුන් ඇවතින් එක්තරා ඇවැතකට පැමිණේ ද, (එහෙයින්) අනියත යැ යි කියනු ලැබේ.

4. ථුල‍්ලච‍්චයන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, එකස‍්ස මූලෙ යො දෙසෙති යො ච තං පතිගණ‍්හති; අච‍්චයො තෙන සමො නත්‍ථි තෙනෙතං ඉති වුච‍්චති.

4. ථුල්ලච්චය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: යමෙක් එකක්හුගේ සමීපයෙහි ඇවැත් දෙසයි ද, යමෙකුත් එය පිළිගණී ද එය හා සම වූ (අන් දේසනාගාමිනී) ඇවැතෙක් නැත් ද, එහෙයින් තෙල ථුල්ලච්චය යි කියනු ලැබේ.

5. නිස‍්සග‍්ගියන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං,2 සඞ‍්ඝමජ‍්ඣෙ ගණමජ‍්ඣෙ, එකස‍්සෙව එකතො; නිස‍්සජ‍්ජිත්‍වාන දෙසෙති තෙනෙතං ඉති වුච‍්චති.

5. නිස්සග්ගිය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: සඟමැද හෝ ගණමැද හෝ එකක්හු වෙතැ හෝ එක් වැ නිසදා ඇවැත් දෙසා ද, එබැවින් තෙල නිස්සග්ගියැ යි කියනු ලැබේ.

6. පාචිත‍්තියන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං,2 පාතෙති කුසලං ධම‍්මං අරියමග‍්ගපරජ‍්ඣති; චිත‍්තසම‍්මොහනට‍්ඨානං තෙනෙතං ඉති වුච‍්චති.

6. පාචිත්තිය යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: කුසලචිත්තය හෙළා ද ආර්‍ය්‍යමාර්‍ගය වරදවා ද සිත මුළාකිරීමට කරුණු වේ ද, එබැවින් තෙල පාචිත්තිය යි කියනු ලැබේ.

7. පාටිදෙසනීයන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, භික‍්ඛු අඤ‍්ඤාතකො සන‍්තො කිච‍්ඡා ලද‍්ධාය භොජනං. සාමං ගහෙත්‍වා භුඤ‍්ජෙය්‍ය ගාරය‍්හන‍්ති පවුච‍්චති.

7. පාටිදේසනීය යැ යි යමක් කියන ලද ද, එය අසව. කිසේ යැ යත්: භික්‍ෂු තෙම නොනෑ වූයේ දුකසේ ලද තැනැත්තියගේ බොජුනක් තෙමේ ගෙණ වළඳනේ ද ඒ ගර්‍හා කටයුතු යැ යි කියනු ලැබේ.

8. නිමන‍්තනාසු භුඤ‍්ජන‍්තං ඡන්‍දාය, වොසාසති තත්‍ථ භික‍්ඛුනී, අනිවාරෙත්‍වා තහිං භුඤ‍්ජෙ ගාරය‍්හන‍්ති පවුච‍්චති.

8. නිමන්ත්‍රණයන්හි වළඳන්නහු එහි දී මෙහෙණක් තොමෝ රුචියෙන් (“ඉධ ඕදනං දෙථ” යනාදීන්) විධාන කෙරේ නම් එහි දී (“අපසක්ක තාව භගිනී” යනාදීන්) නො වළකා වළඳන්නේ වේ ද ඒ ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.

9. සද‍්ධාචිත‍්තං කුලං ගන‍්ත්‍වා අප‍්පභොගං අනාළ‍්හියං, අගිලානො තහිං භුඤ‍්ජෙ ගාරය‍්හන‍්ති පවුච‍්චති.

9. ස්වල්ප සම්පත් ඇති නැළියකට වඩා වී නැති දිළිඳු වූ සැදැහැසිත් ඇති සේඛ කුලයකට ගොස් නො ගිලන් වැ එහි වළඳා නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.

10. යො චෙ අරඤ‍්ඤෙ විහරන‍්තො සාසඞ‍්කෙ සභයානකෙ, අවිදිතං තහිං භුඤ‍්ජෙ ගාරය‍්හන‍්ති පවුච‍්චති.

10. යම් මහණෙක් සැකසහිත වූ බියසහිත වූ වනයෙහි ඉදින් වසන්නේ එහි දී පෙරැ නො දන්වන ලද භෝජනය අනුභව කෙරේ නම් ගර්‍හා කටයුතු යයි කියනු ලැබේ.

11. භික‍්ඛුනී අඤ‍්ඤාතිකා සන‍්තා යං පරෙසං මමායිතං, සප‍්පි තෙලං මධුං ඵාණිතං මච‍්ඡමංසං අථොපි ඛීරං; දධිං සයං විඤ‍්ඤාපෙය්‍ය භික‍්ඛුනී ගාරය‍්හපත‍්තා සුගතස‍්ස සාසනෙ.

11. මෙහෙණක් තොමෝ නොනෑ වූවා අනුන් විසින් මමත්‍වය කරණලද ගිතෙල් තෙල් මී පැණි දියමස් ගොඩමස් කිරි දිහි තොමෝ විනවා පරිභෝග කෙරේ නම් බුදුසසුන්හි ගැරහියයුතු බවට පැමිණියා වෙයි.

12. දුක‍්කටන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, අපරද‍්ධං විරද‍්ධඤ‍්ච ඛලිතං යඤ‍්ච දුක‍්කටං.

12. දුක්කට යැ යි යමක් වදාරණ ලද ද, එය අසව කිසේ යැ යත්: නපුරු කොට කරණලද්දෙක් වරදවා කරණලද්දෙක් පමාදොසෙක් යම් (එබඳුවූ) දුෂ්කෘතයෙක් වේ ද,

13. යං මනුස‍්සො කරෙ පාපං ආවි වා යදි වා රහො, දුක‍්කටන‍්ති පවෙදෙන‍්ති තෙනෙතං ඉති වුච‍්චති.

13. මිනිස් තෙම එළියෙහි හෝ රහස්හි හෝ යම් පවක් කරන්නේ (එය) දුක්කට යැ යි (නුවණැත්තෝ) පවසත් ද, එහෙයින් මෙය දුක්කට යැ යි කියනු ලැබේ.

14. දුබ‍්භාසිතන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, දුබ‍්භාසිතං දුරාභට‍්ඨං සංකිලිට‍්ඨඤ‍්ච යං පදං; යඤ‍්ච විඤ‍්ඤූ ගරහන‍්ති තෙනෙතං ඉති වුච‍්චති.

14. දුබ්භාසිත යැ යි යමක් කියන ලද ද, එය අසව, කිසේ යැ යත්: යම් හෙයකින් නපුරු කොට කියනලද සකිළිටු වූ යම්බඳු වචනයකට දුඛභාසිත යැ යි නුවණැත්තෝ ගරහත් ද, එහෙයින් මෙයද දුබ්භාසිත යැ යි කියනු ලැබේ.

15. සෙඛියන‍්ති යං වුත‍්තං තං සුණොහි යථා කථං, සෙඛස‍්ස සික‍්ඛමානස‍්ස උජුමග‍්ගානුසාරිනො.

15. සේඛියා යැ යි යමක් කියනලද ද, එය අසව, කිසේ යැ යත්: ඍජුමාර්‍ගය අනුව හැසිරෙණසුලු වූ (උපරිගුණාධිගමය සඳහා) හික්මෙන්නා වූ ශෛක්‍ෂ පුද්ගලයාහට.

16. ආදිපෙතං චරණඤ‍්ච මුඛං සංයමසංවරො, සික‍්ඛා එතාදිසී නත්‍ථි තෙනෙතං ඉති වුච‍්චති.

16. තෙල සේඛියාව මුල් වෙයි, යළි පාදය ද වෙයි, ප්‍රමුඛද්වාරය වෙයි, සන්හිඳීම වෙයි, සංවරය වේ. එහෙයින් ම මේ හා සමාන වූ සිඛයෙක් නැති. මෙකරුණෙන් මෙය සේඛියා යි කියනු ලැබේ.

17. ඡන‍්නමතිවස‍්සති , විවටං නාතිවස‍්සති, තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සති.

17. ඇවැත් (සඞ්ඛ්‍යාත ගෙය) සොයන ලදුයේ අතිශයින් කෙලෙස් වැසි වසියි, විවෘත වූයේ කෙලෙස් වැසි නො වසියි, එහෙයින් පිළිසන් ඇවැත විවෘත කරන්නේ යැ. එසේ ඇති කල්හි කෙලෙස් වැසි නො වසී.

18. ගති මිගානං පවනං, ආකාසො පක‍්ඛිනං ගති, විභවො ගති ධම‍්මානං නිබ‍්බානං අරහතො ගති.

18. මෘගයනට වනලැහැබ පිළිසරණ වෙයි, පක්‍ෂීනට අහස පිළිසරණ වෙයි, සියලු සඞ්ඛත ධර්‍මයනට (ඔවුනතර) නොවීම පිළිසරණ (අස්වැසීම) වෙයි, රහත්හට (අනුපාදිශේෂ) නිර්‍වාණධාතුව එකැතින් පිළිසරණ වේ.

ගාථාසඞ‍්ගණිකං නිට‍්ඨිතං.

ගාථාසඩ්ගණිකය නිමි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. සත‍්ත නගරෙසු පඤ‍්ඤත‍්තං විපත‍්ති චතුරොපි ච භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච සාධාරණා අසාධාරණා; සාසනානුග‍්ගහාය, ගාථාසඞ‍්ගණිකං ඉදන‍්ති.

1. සප්ත නගරයෙහි පැණවූ සිකපද ද විපත්ති සතර ද භික්‍ෂු - භික්‍ෂුණීන් පිළිබඳ වූ සාධාරණ අසාධාරණ සිකපද ද ඇතුළත් මේ ගාථා සඞ්ඝණිකය ශාසනානුග්‍රහය පිණිස වේ.