යෙදුමෙන් කියවන්න

අසාධාරණකාදි

අසාධාරණකාදි

අසාධාරණකාදිහු

1. වීසං ද‍්වෙ සතානි භික‍්ඛූනං සික‍්ඛාපදානි, උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු,

1. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙති.

2. තීණි සතානි චත‍්තාරි භික‍්ඛුනීනං සික‍්ඛාපදානි, උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු.

2. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.

3. ඡ චත‍්තාලීසා භික‍්ඛූනං භික‍්ඛුනීහි අසාධාරණා, සතං තිංසා ච භික‍්ඛුනීනං භික‍්ඛූහි අසාධාරණා.

3. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. මෙහෙණන් පිළිබඳ එක්සියතිස් සිකපද කෙනෙක් මහණුන් හා අසාධාරණ වෙත්.

4. සතං සත‍්තති ඡච‍්චෙව උභින‍්නං අසාධාරණා, සතං සත‍්තති චත‍්තාරි උභින‍්නං සමසික‍්ඛතා.

4. එක්සිය සසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට අසාධාරණ වෙති. එක්සිය සූසැත්තෑ සිකපද කෙනෙක් දෙපසට සම සිඛයෝ වෙත්.

5. වීසං ද‍්වෙ සතානි භික‍්ඛූනං සික‍්ඛාපදානි, උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු තෙ සුණොහි යථා කථං.

5. මහණුන් පිළිබඳ දෙසිය විස්සෙක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:

6. පාරාජිකානි චත‍්තාරි සඞ‍්ඝාදිසෙසානි භවන‍්ති තෙරස, අනියතා ද‍්වෙ හොන‍්ති නිස‍්සග‍්ගියානි තිංසෙව; ද‍්වෙ නවුති ච ඛුද‍්දකා චත‍්තාරො පාටිදෙසනීයා, පඤ‍්චසත‍්තති සෙඛියා.

6. සිවු පරිජි ද තෙළෙස් සඟවෙසෙස් ද දෙ අනියත ද තිස් නිසඟි ද, දෙ අනූ පචිති ද, සිවු පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛ කරණීහු ද වෙත්.

7. වීසං ද‍්වෙ සතානි චිමෙ හොන‍්ති භික‍්ඛූනං, සික‍්ඛාපදානි උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු.

7. මහණුන් පිළිබඳ මේ දෙසිය විස්සක් වූ සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.

8. තීණි සතානි චත‍්තාරි භික‍්ඛුනීනං සික‍්ඛාපදානි, උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු තෙ සුණොහි යථා කථං.

8. මෙහෙණන් පිළිබඳ තුන්සිය සතරක් සිකපදයෝ පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්. ඔවුන් අසව, කිසේ යැ යත්:

9. පාරාජිකානි අට‍්ඨ සඞ‍්ඝාදිසෙසානි භවන‍්ති සත‍්තරස, නිස‍්සග‍්ගියානි තිංසෙව සතං සට‍්ඨි ඡ ච‍්චෙව ඛුද‍්දකානි පවුච‍්චන‍්ති.

9. අට පරිජි ද සතළොස් සඟවෙසෙස්හු ද වෙති. නිසඟි තිසෙක් මැ යි. පචිතිහු එක්සිය සසැටෙකැයි කියනු ලැබෙත්,

10. අට‍්ඨ පාටිදෙසනීයා පඤ‍්ච සත‍්තති සෙඛියා, තීණි සතානි චත‍්තාරිමෙ හොන‍්ති භික‍්ඛුනීනං; සික‍්ඛාපදානි උද‍්දෙසං ආගච‍්ඡන‍්ති උපොසථෙසු.

10. අට පිළිදෙස්නීහු ද පන්සැත්තෑ සිඛකරණීහු දැයි මෙහෙණන් පිළිබඳ මේ තුන්සිය සතරක් වූ සිකපදයෝ වෙති. ඔහු පෙහෙවස්හි උදෙසීමට පැමිණෙත්.

11. ඡ චත‍්තාලීස භික‍්ඛූනං භික‍්ඛුනීහි අසාධාරණා, තෙ සුණොහි යථා කථං.

11. මහණුන් පිළිබඳ සසාළිස් සිකපද කෙනෙක් මෙහෙණන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව, කිසේ යැ යත්:

12. ඡ සඞ‍්ඝාදිසෙසා ද‍්වීහි අනියතෙහි අට‍්ඨ, නිස‍්සග‍්ගියානි ද‍්වාදස තෙ තෙහි හොන‍්ති වීසති.

12. සඟවෙසෙස් සදෙන දෙ අනියතය සමග අටෙකි. නිසඟි දොළොස යැ, ඔහු යථෝක්තයන් හා විස්සක් වෙති.

13. ද‍්වාවීසති ඛුද‍්දකා චත‍්තාරො පාටිදෙසනීයා, ඡ චත‍්තාලීසාපිමෙ හොන‍්ති භික‍්ඛූනං භික‍්ඛුනීහි අසාධාරණා.

13. පචිති දෙවිස්සෙකි. පිළිදෙස්නී සතරෙකි. මහණුන් පිළිබඳ මේ සසාළිස් සිඛයෝ මෙහෙණන් හා අසාධාරණ වෙත්.

14. සතං තිංසා ච භික‍්ඛුනීනං භික‍්ඛූහි අසාධාරණා, තෙ සුණොහි යථා කථං.

14. මෙහෙණන් පිළිබඳ එක්සියතිසක් සිකපදයෝ මහණුන් හා අසාධාරණ වෙති. ඔවුන් අසව කිසේ යැ යත්:

15. පාරාජිකානි චත‍්තාරි සඞ‍්ඝම‍්හා දස නිස‍්සරෙ, නිස‍්සග‍්ගියානි ද‍්වාදස ඡන‍්නවුති ච ඛුද‍්දකා අට‍්ඨ පාටිදෙසනීයා; සතං තිංසාපිමෙ හොන‍්ති භික‍්ඛුනීනං භික‍්ඛූහි අසාධාරණා.

15. සතර පරිජි ද සඞ්ඝයා කෙරෙන් බැහැර කටයුතු නිස්සාරණීය නම් වූ දස සඟවෙසෙස් ද දොළොස් නිසඟීහු ද සයානූ සුද්ධ පචිති ද අට පිළිදෙස්නීහු දැයි මෙහෙණන් පිළිබඳ මහණුන් හා අසාධාරණ වූ මොහු එක්සියතිස් සිඛයෝ වෙත්.

16. සතං සත‍්තති ඡච‍්චෙව උභින‍්නං අසාධාරණා, තෙ සුණොහි යථා කථං.

16. මහණ මෙහෙණ දෙපසට අසාධාරණ වූ සිඛ එක්සිය සසැත්තෑවෙක් මැ යි ඔවුන් අසව, කිසේ යැ යත්:

17. පාරාජිකානි චත‍්තාරි සඞ‍්ඝාදිසෙසානි භවන‍්ති සොළස, අනියතානි ච ද‍්වෙ හොන‍්ති නිස‍්සග‍්ගියානි චතුවීසති.

17. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සොළසෙක් ද වෙයි. දෙ අනියත ද සූවිසි නිසඟි ද වෙයි.

18. සතං අට‍්ඨාරසා චෙව ඛුද‍්දකානි පවුච‍්චන‍්ති ද‍්වාදස පාටිදෙසනීයා සතං සත‍්තති ඡ චෙවපිමෙ හොන‍්ති උභින‍්නං අසාධාරණා.

18. එක්සිය අටළොස් පචිතිහු ද දොළොස් පිළිදෙස්නීහු ද කියනු ලැබෙත්. (මහණ-මෙහෙණ) දෙපසට අසාධාරණ වූ මේ එක්සිය සසැත්තෑ ශික්‍ෂාවෝ වෙති.

19. සතං සත‍්තති චත‍්තාරි උභින‍්නං සමසික‍්ඛතා, තෙ සුණොහි යථා කථං.

19. මහණ-මෙහෙණ උභය සාධාරණ ශික්‍ෂාවෝ එක්සියසිවුසැත්තෑ කෙනෙකි. ඔවුන් මෙසේ අසව: කිසේ යැ යත්:

20. පාරාජිකානි චත‍්තාරි සඞ‍්ඝාදිසෙසානි භවන‍්ති සත‍්ත, නිස‍්සග‍්ගියානි අට‍්ඨාරස සමසත‍්තති ඛුද‍්දකා පඤ‍්චසත‍්තති සෙඛියා; සතං සත‍්තති චත‍්තාරිපිමෙ හොන‍්ති උභින‍්නං සමසික‍්ඛතා.

20. සතර පරිජි ද සත් සඟවෙසෙස් ද අටළොස් නිසඟිපචිති ද සම සැත්තෑ සුද්ධ පචිති ද පන්සැත්තෑ සිඛකරණීහු ද යන මේ එක්සිය සිවු සැත්තෑ ශික්‍ෂාවෝ. මහණ මෙහෙණ දෙපසට සම වෙත්.

21. අට‍්ඨෙව පාරාජිකා යෙ දුරාසදා තාලවත්‍ථුසමූපමා, පණ‍්ඩුපලාසො පුථුසිලා සීසච‍්ඡින‍්නොව සො නරො. තාලොව මත්‍ථකා ඡින‍්නො අවිරූළ‍්හී භවන‍්ති තෙ.

21. (සප්‍රතිභය හෙයින්) දුරාසද වූ (මූලෝච්ඡින්න) තාලවාස්තුවක් වැනි වූ පාරාජිකාපත්තීහු අට දෙනෙක් මැ වෙති. පරිජි අවන් පුඟුල් තෙම පඬුවන්පතක් සේ බිඳුණු ගලක් සේ හිස්සුන් එකක්හු සේ මුදුන් සුන් තලක් සේ වටාලා පියවිබවට නො එයි. එසෙයින් මැ ඒ පාරාජිකාපත්තීහු වටාලා ප්‍රකෘති භාවයට නො එත්.

22. තෙවීසති සඞ‍්ඝාදිසෙසා ද‍්වෙ අනියතා ද‍්වෙ චත‍්තාලීස නිස‍්සග‍්ගියා අට‍්ඨාසීති සතං පාචිත‍්තියා ද‍්වාදස පාටිදෙසනීයා,

22-23. තෙවිසි සඟවෙසෙස් ද අනියත දෙක ද දෙසාළිස් නිසඟි ද, එක්සිය අසූඅටක් පචිති ද දොළොස් පිළිදෙස්නීහු ද, පන්සැත්තෑ සිඛකරණීහු ද යන මොහු සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

23. පඤ‍්ච සත‍්තති සෙඛියා තීහි සමථෙහි සම‍්මන‍්ති. සම‍්මුඛා ච පටිඤ‍්ඤාය, තිණවත්‍ථාරකෙන ච.

24. ද‍්වෙ උපොසථා ද‍්වෙ පවාරණා චත‍්තාරි කම‍්මානි ජිනෙන දෙසිතා, පඤ‍්චෙව උද‍්දෙසා චත‍්තාරො භවන‍්ති අනඤ‍්ඤථා, ආපත‍්තික‍්ඛන්‍ධා ච භවන‍්ති සත‍්ත.

24. ජිනරාජයන් වහන්සේ විසින් දෙසන ලද (භික්‍ෂු-භික්‍ෂුණි) උපෝසථ දෙක ද පවුරුණු දෙක ද (අධර්‍මවර්‍ගාදී) කර්‍ම සතර ද පාමොක් උදෙසීම් පස ද (භික්‍ෂුණීන්ගේ වශයෙන්) සතර ද ඇවත් කඳු සතදැයි මොහු අන් පරිද්දකින් නො වෙත්.

25. අධිකරණානි චත‍්තාරි සත‍්තහි සමථෙහි සම‍්මන‍්ති, ද‍්වීහි චතූහි තීහි කිච‍්චං එකෙන සම‍්මති.

25. සතර අධිකරණයෝ සප්ත ශමථයෙන් සන්හිඳෙත්. දෙශමථයෙන් ද සිවු ශමථයෙන් ද තුන් ශමථයෙන් ද සන්හිඳෙත්. කිච්චාධිකරණය එක් ශමථයකින් සන් හිඳෙයි.