යෙදුමෙන් කියවන්න

පඨමගාථාසඞ‍්ගණිකං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

පඨමගාථාසඞ්ගණිකං

සත‍්තනගරෙසු පඤ‍්ඤත‍්තසික‍්ඛාපදවණ‍්ණනා

සත්තනගරෙසු පඤ්ඤත්තසික්ඛාපදවණ්ණනා

එකංසං චීවරං කත්‍වාති එකස‍්මිං අංසකූටෙ චීවරං කත්‍වා; සාධුකං උත‍්තරාසඞ‍්ගං කත්‍වාති අත්‍ථො. පග‍්ගණ‍්හිත්‍වාන අඤ‍්ජලින‍්ති දසනඛසමොධානසමුජ‍්ජලං අඤ‍්ජලිං උක‍්ඛිපිත්‍වා. ආසීසමානරූපො වාති පච‍්චාසීසමානරූපො විය. කිස‍්ස ත්‍වං ඉධ මාගතොති කෙන කාරණෙන කිමත්‍ථං පත්‍ථයමානො ත්‍වං ඉධ ආගතො. කො එවමාහ? සම‍්මාසම‍්බුද‍්ධො. කං එවමාහ? ආයස‍්මන‍්තං උපාලිං. ඉති ආයස‍්මා උපාලි භගවන‍්තං උපසඞ‍්කමිත්‍වා “ද‍්වීසු විනයෙසූ”ති ඉමං ගාථං පුච‍්ඡි. අථස‍්ස භගවා “භද‍්දකො තෙ උම‍්මඞ‍්ගො”තිආදීනි වත්‍වා තං විස‍්සජ‍්ජෙසි. එස නයො සබ‍්බත්‍ථ. ඉති ඉමෙ සබ‍්බපඤ‍්හෙ බුද‍්ධකාලෙ උපාලිත්‍ථෙරො පුච‍්ඡි. භගවා බ්‍යාකාසි. සඞ‍්ගීතිකාලෙ පන මහාකස‍්සපත්‍ථෙරො පුච‍්ඡි. උපාලිත්‍ථෙරො බ්‍යාකාසි.

“එකංසං චීවරං කත්‍වා” එක් අංශයෙක සිවුරකොට මනාකොට උත්තරාසඞ්ගයකොට, යන අර්‍ත්‍ථයි. “පග්ගණ්භිත්‍වාන අඤ්ජලිං” “දසනඛසමොධානයෙන් බබලන ඇඳිලි ඔසොවා. “ආසිංසමානරූපොව” පතන රූ ඇත්තකු මෙන්. “කිස්ස ත්‍වං ඉධ මාගතො” කවර කරුණක් නිසා කිනම් වැඩක් පතමින්, ‘උපාලි’ තෝ මෙහි ආයෙහිද, කවරෙක් මෙසේ වදාළේද, යත්:- සම්‍යක් සම්බුද්ධ තෙමේය. කවරක්හට මෙසේ වදාළේද, යත්:- ආයුෂ්මත් උපාලිස්ථවිරයන්හටය. මෙසේ ආයුෂ්මත් උපාලි ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹැ “ද්වීසු විනයෙසු” යන මේ ගාථාව විචාළේය. ඉක්බිතිව භාග්‍යවතුන්වහන්සේ මොහුට “භද්දකො තෙ උම්මග්ගො” යනාදිය වදාරා එය විසඳූ සේක. සියලුතන්හි මේ නයය. මෙසේ සියලු ප්‍රශ්නයන් බුද්ධකාලයෙහි උපාලි ස්ථවිර තෙමේ විචාළේය. භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළසේක. සඞ්ගීති කාලයෙහි මහාකාශ්‍යප ස්ථවිර තෙමේ විචාළේය. උපාලි ස්ථවිරතෙමේ ප්‍රකාශ කෙළේය.

තත්‍ථ භද‍්දකො තෙ උම‍්මඞ‍්ගොති භද‍්දකා තෙ පඤ‍්හා; පඤ‍්හා හි අවිජ‍්ජන්‍ධකාරතො උම‍්මුජ‍්ජිත්‍වා ඨිතත‍්තා “උම‍්මඞ‍්ගො”ති වුච‍්චති. තග‍්ඝාති කාරණත්‍ථෙ නිපාතො. යස‍්මා මං පුච‍්ඡසි, තස‍්මා තෙ අහමක‍්ඛිස‍්සන‍්ති අත්‍ථො. සම‍්පටිච‍්ඡනත්‍ථෙ වා, “තග‍්ඝා”ති හි ඉමිනා වචනං සම‍්පටිච‍්ඡිත්‍වා අක‍්ඛිස‍්සන‍්ති ආහ. “සමාදහිත්‍වා විසිබ‍්බෙන‍්ති, සාමිසෙන, සසිත්‍ථක”න‍්ති ඉමානි තීණියෙව සික‍්ඛාපදානි භග‍්ගෙසු පඤ‍්ඤත‍්තානි.

එහි “භද්දකො තෙ උම්මග්ගො” තාගේ ප්‍රඥාව යහපත්ය. ප්‍රඥා තොමෝ වනාහි අවිද්‍යාන්‍ධකාරයෙන් ඉල්ප සිටි බැවින් උම්මග්ගයි කියනු ලැබේ. “තග්ඝ” යනු කරණාර්‍ත්‍ථයෙහි නිපාතයෙකි. යම්හෙයකින් මා විචාරහිද, එහෙයින් තට කියන්නෙමි, යන අර්‍ත්‍ථයි. සම්පටිච්ඡනාර්‍ත්‍ථයෙහි හෝය. “තග්ඝ” යන මෙයින් වචනය පිළිගෙණ කියන්නෙමි’යි වදාළ සේක. “සමාදභිත්‍වා, විසිබ්බෙන්ති, සාමිසෙන සසිත්‍ථකං” යන මේ තුන් ශික්‍ෂාපදයෝ භග්ගජනපදයෙහිදී පණවන ලද්දාහුය.

චතුවිපත‍්තිවණ‍්ණනා

චතුවිපත්තිවණ්ණනා

යං තං පුච‍්ඡිම‍්හාති යං ත්‍වං අපුච‍්ඡිම‍්හා. අකිත‍්තයීති අභාසි. නොති අම‍්හාකං . තං තං බ්‍යාකතන‍්ති යං යං පුට‍්ඨං, තං තදෙව බ්‍යාකතං. අනඤ‍්ඤථාති අඤ‍්ඤථා අකත්‍වා බ්‍යාකතං.

“යං තං ආපුච්ඡිම්හ” තෝ යමක් විචාළමෝද, “අකිත්තයී” වදාළ සේක. “නො” අපට “තං තං බ්‍යාකතං” යමක් යමක් විචාරණ ලද්දේ ද, එය එයම ප්‍රකාශ කරණලද්දේය. “අනඤ්ඤථා” අන්පරිදි නොකොට ප්‍රකාශකරණ ලද්දේය.

යෙ දුට‍්ඨුල‍්ලා සා සීලවිපත‍්තීති එත්‍ථ කිඤ‍්චාපි සීලවිපත‍්ති නාම පඤ‍්හෙ නත්‍ථි, අථ ඛො දුට‍්ඨුල‍්ලං විස‍්සජ‍්ජෙතුකාමතායෙතං වුත‍්තං. චතූසු හි විපත‍්තීසු දුට‍්ඨුල‍්ලං එකාය විපත‍්තියා සඞ‍්ගහිතං, අදුට‍්ඨුල‍්ලං තීහි විපත‍්තීහි සඞ‍්ගහිතං. තස‍්මා “යෙ දුට‍්ඨුල‍්ලා සා සීලවිපත‍්තී”ති වත්‍වා තමෙව විත්‍ථාරතො දස‍්සෙතුං “පාරාජිකං සඞ‍්ඝාදිසෙසො සීලවිපත‍්තීති වුච‍්චතී”ති ආහ.

“යෙදුට්ඨුල්ලා සා සීලවිපත්ති” මෙහි කිසිසේත් සීලවිපත්ති නම් ප්‍රශ්නයෙක් නැත්තේය. එහෙත් දුට්ඨුල්ලය විසඳනු කැමැති බැවින් මෙය වදාරණ ලදී. සිවුවිපත් අතුරෙහි දුට්ඨුල්ලය එක් විපත්තියක් හා සඞ්ග්‍රහ කරණලද්දේය. අදුට්ඨුල්ලාය විපත් තුනක් හා සඞ්ග්‍රහ කරණලද්දේය. එහෙයින් “යෙ දුට්ඨුල්ලා සා සීලවිපත්ති” වදාරා එයම විස්තර වශයෙන් දක්වන්නට “පාරාජිකං සඞ්ඝාදිසෙසො සීලවිපත්තීති වුච්චති” යනු වදාළ සේක.

ඉදානි තිස‍්සන‍්නං විපත‍්තීනං වසෙන අදුට‍්ඨුල‍්ලං දස‍්සෙතුං “ථුල‍්ලච‍්චය”න‍්තිආදිමාහ. තත්‍ථ යො චායං, අක‍්කොසති හසාධිප‍්පායොති ඉදං දුබ‍්භාසිතස‍්ස වත්‍ථුදස‍්සනත්‍ථං වුත‍්තං.

දැන් තුන් විපත්තීන්ගේ වසයෙන් අදුට්ඨුල්ලය දක්වන්නට “ථුල්ලච්චයං” යනාදිය වදාළසේක. එහි “යො චායං අක්කොසති හාසාධිප්පායො” යන මෙය දුර්‍භාෂිතය පිළිබඳ වස්තුව දක්වනු පිණිස වදාරණ ලදී.

අබ‍්භාචික‍්ඛන‍්තීති “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමී”ති වදන‍්තා අබ‍්භාචික‍්ඛන‍්ති.

“අබ්හාචික්‍ඛන්ති” “තථාහං භගවතා ධම්මං දෙසිතං, ආජානාමි”යි කියමින් ගර්‍හා කෙරෙත්.

අයං සා ආජීවවිපත‍්තිසම‍්මතාති අයං ඡහි සික‍්ඛාපදෙහි සඞ‍්ගහිතා ආජීවවිපත‍්ති නාම චතුත්‍ථා විපත‍්ති සම‍්මතාති එත‍්තාවතා “අදුට‍්ඨුල‍්ල”න‍්ති ඉදං විස‍්සජ‍්ජිතං හොති.

“අයං සා ආජීවවිපත්ති සම්මතා” මෝ ආජීවවිපත්ති තොමෝ ශික්‍ෂාපද සයකින් සඞ්ග්‍රහ කරණලදී. ආජීවවිපත්ති නම් සිවුවන විපත්තියයි සම්මත කරන ලදී. මෙපමණකින් “අදුට්ඨුල්ලං” යන මෙය විසඳන ලද්දේය.

ඉදානි “යෙ ච යාවතතියකා”ති පඤ‍්හං විස‍්සජ‍්ජෙතුං “එකාදසා”තිආදිමාහ.

දැන් “යෙ ච යාවතතියකා” ප්‍රශ්නය විසඳන්නට “එකාදස” යනාදිය වදාළසේක.

ඡෙදනකාදිවණ‍්ණනා

ඡෙදනකාදිවණ්ණනා

යස‍්මා පන “යෙ ච යාවතතියකා”ති අයං පඤ‍්හො “එකාදස යාවතතියකා”ති එවං සඞ‍්ඛාවසෙන විස‍්සජ‍්ජිතො, තස‍්මා සඞ‍්ඛානුසන්‍ධිවසෙනෙව “කති ඡෙදනකානී”තිආදිකෙ අඤ‍්ඤෙ අන‍්තරාපඤ‍්හෙ පුච‍්ඡි. තෙසං විස‍්සජ‍්ජනත්‍ථං “ඡ ඡෙදනකානී”තිආදි වුත‍්තං. තත්‍ථ “එකං භෙදනකං, එකං උද‍්දාලනකං, සොදස ජානන‍්ති පඤ‍්ඤත‍්තා”ති ඉදමෙව අපුබ‍්බං. සෙසං මහාවග‍්ගෙ විභත‍්තමෙව. යං පනෙතං අපුබ‍්බං තත්‍ථ එකං භෙදනකන‍්ති සූචිඝරං. එකං උද‍්දාලනකන‍්ති තූලොනද‍්ධමඤ‍්චපීඨං. සොදසාති සොළස. ජානන‍්ති පඤ‍්ඤත‍්තාති “ජාන”න‍්ති එවං වත්‍වා පඤ‍්ඤත‍්තා, තෙ එවං වෙදිතබ‍්බා – “ජානං සඞ‍්ඝිකං ලාභං පරිණතං අත‍්තනො පරිණාමෙය්‍ය, ජානං පුබ‍්බුපගතං භික‍්ඛුං අනුපඛජ‍්ජ නිසජ‍්ජං කප‍්පෙය්‍ය, ජානං සප‍්පාණකං උදකං තිණං වා මත‍්තිකං වා සිඤ‍්චෙය්‍ය වා සිඤ‍්චාපෙය්‍ය වා, ජානං භික‍්ඛුනිපරිපාචිතං පිණ‍්ඩපාතං භුඤ‍්ජෙය්‍ය, ජානං ආසාදනාපෙක‍්ඛො භුත‍්තස‍්මිං පාචිත‍්තියං, ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජෙය්‍ය, ජානං යථාධම‍්මං නිහතාධිකරණං, ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙය්‍ය, ජානං ඌනවීසතිවස‍්සං පුග‍්ගලං උපසම‍්පාදෙය්‍ය, ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං, ජානං තථාවාදිනා භික‍්ඛුනා අකතානුධම‍්මෙන, ජානං තථානාසිතං සමණුද‍්දෙසං, ජානං සඞ‍්ඝිකං ලාභං පරිණතං පුග‍්ගලස‍්ස පරිණාමෙය්‍ය, ජානං පාරාජිකං ධම‍්මං අජ‍්ඣාපන‍්නං භික‍්ඛුනිං නෙව අත‍්තනා පටිචොදෙය්‍ය, ජානං චොරිං වජ‍්ඣං විදිතං අනපලොකෙත්‍වා, ජානං සභික‍්ඛුකං ආරාමං අනාපුච‍්ඡා පවිසෙය්‍යා”ති.

යම්හෙයකින් වනාහි “යෙච යාවතතියකා” යන මේ ප්‍රශ්නය “එකාදස යාවත්තියකා”යි සඞ්ඛ්‍යා වශයෙන් විසඳන ලදද, එහෙයින් සඞ්ඛ්‍යානුසන්‍ධි වශයෙන්ම “කති ඡෙදනකානි” යනාදීවූ අන් අතුරු ප්‍රශ්නයන් විචාළේය. ඒ ප්‍රශ්නයන් විසදනු පිණිස “ඡ ඡෙදනකානි” යනාදිය කියනලදී. එහි “එකං භෙදනකං එකං උද්දාලනකං -පෙ- සොදස ජානත්ති පඤ්ඤත්තා” යන මේ ම පෙර නොවීය. සෙස්ස මහාවග්ගෙහි විභාගකරණ ලද්දේමය. යම් මේ පෙර නොවූවක්වේද, එහි “එකං භෙදනකං” යනු හිඳිගේය. “එකං උද්දාලනකං” යනු පුළුන් එළා මැසූ ඇඳපුටුය. “සොදස” යනු සොළොසය. “ජානන්ති පඤ්ඤත්තා” “ජාතං”යි මෙසේ කියා පණවන ලද්දාහුය. ඔවුහු මෙසේ දතයුත්තාහ. “ජානං සඞ්ඝිකං ලාභං පරිණතං අත්තනො පරිණාමෙය්‍ය, ජානං පුබ්බූපගතං භික්‍ඛුං අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙය්‍ය, ජානං සප්පාණකං උදකං තිණං වා මත්තිකං වා සිඤ්චෙය්‍ය වා සිඤ්චොපෙය්‍ය වා, ජානං භික්‍ඛුණීපරිපාචිතං පිණ්ඩපාතං භුඤ්ජෙය්‍ය, ජානං ආසාදනාපෙක්‍ඛා භුත්තස්මිං පාචිත්තියං, ජානං සප්පාණකං උදකං පරිභුඤ්ජෙය්‍ය, ජානං යථාධම්මං නිහතාධිකරණං, ජානං දුට්ඨුල්ලං ආපත්තිං පටිච්ඡාදෙය්‍ය, ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙය්‍ය, ජානං ථෙය්‍යසන්‍ථෙන සද්ධිං, ජානං තථාවාදිනා භික්‍ඛුනා අකතානුධම්මෙන, ජානං තථානාසිතං සමණුද්දෙසං, ජානං සඞ්ඝිකං ලාභං පරිණතං පුග්ගලස්ස පරිණාමෙය්‍ය, ජානං පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං භික්‍ඛුණිං නෙව අත්තනා පටිචොදෙස්සං, ජානං චොරිං වජ්ඣං විදිතං අනපලොකෙත්‍වා, ජානං සභික්‍ඛුකං ආරාමං අනාපුච්ඡා පවිසෙය්‍ය” යන මේ සොළොසය.

අසාධාරණාදිවණ‍්ණනා

අසාධාරණාදිවණ්ණනා

ඉදානි “සාධාරණං අසාධාරණ”න‍්ති ඉමං පුරිමපඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො “වීසං ද‍්වෙ සතානී”තිආදිමාහ. තත්‍ථ භික‍්ඛුනීහි අසාධාරණෙසු ඡ සඞ‍්ඝාදිසෙසාති විස‍්සට‍්ඨි, කායසංසග‍්ගො, දුට‍්ඨුල‍්ලං, අත‍්තකාම, කුටි, විහාරොති. ද‍්වෙ අනියතෙහි අට‍්ඨාති ද‍්වීහි අනියතෙහි සද‍්ධිං අට‍්ඨ ඉමෙ.

දැන් “සාධාරණං අසාධාරණං” මේ පුරිම ප්‍රශ්නය විසඳමින්, “වීසං ද්වෙ සතානි” යනාදිය කීහ. එහි මෙහෙණන් හා අසාධාරණ තන්හි, “ඡ සඞ්ඝාදිසෙසා” සුක්කවිසට්ඨි-කායසංසග්ග- දුට්ඨුල්ල-අත්තකාම-කුටිකාර-විහාරකාර යන සයය. “ද්වීහි අනියතෙහි අට්ඨ” අනියත දෙක සමග අටය.

නිස‍්සග‍්ගියානි ද‍්වාදසාති –

මේ නිසගිදොළොසය -

ධොවනඤ‍්ච පටිග‍්ගහො, කොසෙය්‍යසුද‍්ධද‍්වෙභාගා; ඡබ‍්බස‍්සානි නිසීදනං, ද‍්වෙ ලොමා පඨමො පත‍්තො; වස‍්සිකා ආරඤ‍්ඤකෙන චාති – ඉමෙ ද‍්වාදස.

“ධොවනඤ්ච පටිග්ගහො කොසෙය්‍ය සුද්ධ ද්වෙභාගා, ඡබ්බස්සානි නිසීදනං, දෙවලොමා පඨමො පත්තො වස්සිකාරඤ්ඤකෙන ච”යි

ද‍්වෙවීසති ඛුද‍්දකාති –

“ද්වාවීසති ඛුද්දකා” -

සකලො භික‍්ඛුනීවග‍්ගො, පරම‍්පරඤ‍්ච භොජනං; අනතිරිත‍්තං අභිහටං, පණීතඤ‍්ච අචෙලකං; ඌනං දුට‍්ඨුල‍්ලඡාදනං.

සියලු භික්‍ෂුණී වර්‍ගය, පරම්පරභොජනය, අනතිරිත්ත භොජනය, අභිහට භොජනය, ප්‍රණීතභොජනය, අචෙලකය, විකාලයෙහි ගාමප්පවෙසය, දැන දුට්ඨුල්ලච්ඡාදනය,

මාතුගාමෙන සද‍්ධිඤ‍්ච, යා ච අනික‍්ඛන‍්තරාජකෙ; සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා, විකාලෙ ගාමප‍්පවෙසනා.

මාගමක හා සංවිධානකොට ගමනය, අනික්‍ඛන්තරාජකය, විද්‍යමාන මහණහු නොවිචාරා විකාලයෙහි ගාමප්පවෙසනය,

නිසීදනෙ ච යා සික‍්ඛා, වස‍්සිකා යා ච සාටිකා; ද‍්වාවීසති ඉමා සික‍්ඛා, ඛුද‍්දකෙසු පකාසිතාති.

නිසීදනයෙහි යම් ශික්‍ෂාවක්, යම් වස්සිකසාටිකා ශික්‍ෂාවක් කියනලදද, යන මේ දෙවිසි ශික්‍ෂාවෝ ක්‍ෂුද්‍රක වස්තුවෙහි මොනවට ප්‍රකාශ කරණලද්දාහුය.

භික‍්ඛූහි අසාධාරණෙසුපි සඞ‍්ඝම‍්හා දස නිස‍්සරෙති “සඞ‍්ඝම‍්හා නිස‍්සාරීයතී”ති එවං විභඞ‍්ගෙ වුත‍්තා, මාතිකායං පන “නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙස”න‍්ති එවං ආගතා දස. නිස‍්සග‍්ගියානි ද‍්වාදසාති භික‍්ඛුනිවිභඞ‍්ගෙ විභත‍්තානි නිස‍්සග‍්ගියානෙව. ඛුද‍්දකාපි තත්‍ථ විභත‍්තඛුද‍්දකා එව. තථා චත‍්තාරො පාටිදෙසනීයා, ඉති සතඤ‍්චෙව තිංසඤ‍්ච සික‍්ඛා විභඞ‍්ගෙ භික‍්ඛුනීනං භික‍්ඛූහි අසාධාරණා. සෙසං ඉමස‍්මිං සාධාරණාසාධාරණවිස‍්සජ‍්ජනෙ උත‍්තානමෙව.

මොවුහු මෙහෙණන් හා සාධාරණ නොවූ මහණුන්ට පණවන ලද ශික්‍ෂාපදයෝය. මහණුන් හා අසාධාරණ ශික්‍ෂාපදයන්හි “සඞ්ඝම්හා දස නිස්සරෙ” “සඞ්ඝම්හා නිස්සාරීයති”යි මෙසේ විභඞ්ගයෙහි කියන ලද මාතෘකාවෙහි වනාහි “නිස්සාරණීයං සඞ්ඝාදිසෙසං”යි ආ දසයය. “නිස්සග්ගියානි ද්වාදස” භික්‍ෂුණී විභඞ්ගයෙහි විභාගකරණලද නිසගිහුමය. ක්‍ෂුද්‍රශික්‍ෂාවෝද එහි භික්‍ෂුණි විභඞ්ගයෙහි විභාග කරණලද ක්‍ෂුද්‍ර ශික්‍ෂාවෝමය. එසේ සතර පාටිදෙසනීයයෝය. මෙසේ එක්සිය තිසක් ශික්‍ෂාවෝ විභඞ්ඝයෙහි මෙහෙණන්හට මහණුන් හා අසාධාරණයෝය. සෙස්ස, මේ සාධාරණ අසාධාරණයන් විසදීමෙහි ප්‍රකටමය.

ඉදානි විපත‍්තියො ච “යෙහි සමථෙහි සම‍්මන‍්තී”ති ඉදං පඤ‍්හං විස‍්සජ‍්ජෙන‍්තො අට‍්ඨෙව පාරාජිකාතිආදිමාහ. තත්‍ථ දුරාසදාති ඉමිනා තෙසං සප‍්පටිභයතං දස‍්සෙති. කණ‍්හසප‍්පාදයො විය හි එතෙ දුරාසදා දුරූපගමනා දුරාසජ‍්ජනා, ආපජ‍්ජියමානා මූලච‍්ඡෙදාය සංවත‍්තන‍්ති. තාලවත්‍ථුසමූපමාති සබ‍්බං තාලං උද‍්ධරිත්‍වා තාලස‍්ස වත්‍ථුමත‍්තකරණෙන සමූපමා. යථා වත්‍ථුමත‍්තකතො තාලො න පුන පාකතිකො හොති, එවං න පුන පාකතිකා හොන‍්ති.

දැන් විපත්තීහුද “යෙහි සමථෙහි සම්මන්ති” යන මේ ප්‍රශ්නය විසඳනසේක් “අට්ඨෙව පාරාජිකා” යනාදිය වදාළසේක. එහි “දුරාසදා” යන මෙයින් ඒ අෂ්ට පාරාජිකාවන් ප්‍රතිභයසහිතබව දක්වාලන්නෝය. මොවුහු කෘෂණ සර්‍පාදීන් මෙන් නොපැමිණිය යුත්තාහුය. නොඑළැඹිය යුත්තාහුය. නොලංවිය යුත්තාහුය. ලංවනු ලබන්නාහු මූලච්ඡෙදය පිණිස පවත්නාහුය. “තාලවත්‍ථුසමූපමා” සියලු තල් උදුරා දමා තල්වත්ත පමණක් කිරීම හා සමඋපමා ඇත්තාහුය. යම්සේ වස්තුව පමණක් කළ තල්රුක නැවැත පියවිසැහැවි ඇත්තේ නොවේද, මෙසේ නැවත පියවි සැහැවි ඇත්තෝ නොවෙති.

එවං සාධාරණං උපමං දස‍්සෙත්‍වා පුන එකෙකස‍්ස වුත‍්තං උපමං දස‍්සෙන‍්තො පණ‍්ඩුපලාසොතිආදිමාහ. අවිරුළ‍්හී භවන‍්ති තෙති යථා එතෙ පණ‍්ඩුපලාසාදයො පුනහරිතාදිභාවෙන අවිරුළ‍්හිධම‍්මා හොන‍්ති; එවං පාරාජිකාපි පුන පකතිසීලාභාවෙන අවිරුළ‍්හිධම‍්මා හොන‍්තීති අත්‍ථො. එත‍්තාවතා “විපත‍්තියො ච යෙහි සමථෙහි සම‍්මන‍්තී”ති එත්‍ථ ඉමා තාව අට‍්ඨ පාරාජිකවිපත‍්තියො කෙහිචි සමථෙහි න සම‍්මන‍්තීති එවං දස‍්සිතං හොති. යා පන විපත‍්තියො සම‍්මන‍්ති, තා දස‍්සෙතුං තෙවීසති සඞ‍්ඝාදිසෙසාතිආදි වුත‍්තං. තත්‍ථ තීහි සමථෙහීති සබ‍්බසඞ‍්ගාහිකවචනමෙතං. සඞ‍්ඝාදිසෙසා හි ද‍්වීහි සමථෙහි සම‍්මන‍්ති, න තිණවත්‍ථාරකෙන. සෙසා තීහිපි සම‍්මන‍්ති.

මෙසේ සාධාරණ උපමා දක්වා නැවත එකක් එකක්හට වදාළ උපමා දක්වන සේක්. “පණ්ඩුපලාසො” යනාදිය වදාළසේක. “අවිරූළ්හි භවන්ති තෙ” යම්සේ මේ පඬු පැහැති කොළපත් ආදී වස්තු නැවැත නිල් පැහැතිවීම් ආදිභාවයෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ද, එසේ පරිජි ඇවතට පැමිණියාහුද නැවැත පියවි සිල් නොලැබීමෙන් නොවැඩෙන සැහැවි ඇත්තාහු වෙත්ය යන අර්‍ත්‍ථයි. මෙපමණකින් “විපත්තියො ච යෙහි සමථෙහි සම්මන්ති” යන මෙහි අටවැදෑරුම් පාරාජික විපත්තීහු කිසියම් සමථයකින් සමථය නොවෙත්යයි මෙසේ දක්වන ලද්දේ වේ. යම් විපත්තීහු සමථය වෙත්ද, ඔවුන් දක්වනු පිණිස “තෙ වීසති සඞ්ඝාදිසෙසා” යනාදිය කියනලදී. එහි “තීහි සමථෙහි” යන මෙය සර්‍වසඞ්ග්‍රාහිකවචනයි. සඞ්ඝාදිසෙසයෝ සමථ දෙකකින් සමථයට පැමිණෙත්. තිණවත්‍ථාරකයෙන් සමථයට නොපැමිණෙත්. සෙස්සෝ තුන් සමථයෙන්ම සමථයට පැමිණෙත්.

ද‍්වෙ උපොසථා ද‍්වෙ පවාරණාති ඉදං භික‍්ඛූනඤ‍්ච භික‍්ඛුනීනඤ‍්ච වසෙන වුත‍්තං. විභත‍්තිමත‍්තදස‍්සනෙනෙව චෙතං වුත‍්තං, න සමථෙහි වූපසමනවසෙන. භික‍්ඛුඋපොසථො, භික‍්ඛුනිඋපොසථො, භික‍්ඛුපවාරණා, භික‍්ඛුනිපවාරණාති ඉමාපි හි චතස‍්සො විභත‍්තියො ; විභජනානීති අත්‍ථො. චත‍්තාරි කම‍්මානීති අධම‍්මෙනවග‍්ගාදීනි උපොසථකම‍්මානි. පඤ‍්චෙව උද‍්දෙසා චතුරො භවන‍්ති අනඤ‍්ඤථාති භික‍්ඛූනං පඤ‍්ච උද‍්දෙසා භික‍්ඛුනීනං චතුරො භවන‍්ති, අඤ‍්ඤථා න භවන‍්ති; ඉමා අපරාපි විභත‍්තියො. ආපත‍්තික‍්ඛන්‍ධා ච භවන‍්ති සත‍්ත, අධිකරණානි චත‍්තාරීති ඉමා පන විභත‍්තියො සමථෙහි සම‍්මන‍්ති, තස‍්මා සත‍්තහි සමථෙහීතිආදිමාහ. අථ වා “ද‍්වෙ උපොසථා ද‍්වෙ පවාරණා චත‍්තාරි කම‍්මානි පඤ‍්චෙව උද‍්දෙසා චතුරො භවන‍්ති, අනඤ‍්ඤථා”ති ඉමාපි චතස‍්සො විභත‍්තියො නිස‍්සාය “නස‍්සන‍්තෙතෙ විනස‍්සන‍්තෙතෙ”තිආදිනා නයෙන යා ආපත‍්තියො ආපජ‍්ජන‍්ති, තා යස‍්මා වුත‍්තප‍්පකාරෙහෙව සමථෙහි සම‍්මන‍්ති, තස‍්මා තංමූලකානං ආපත‍්තීනං සමථදස‍්සනත්‍ථම‍්පි තා විභත‍්තියො වුත‍්තාති වෙදිතබ‍්බා. කිච‍්චං එකෙනාති කිච‍්චාධිකරණං එකෙන සමථෙන සම‍්මති.

“ද්වෙ උපොසථා ද්වෙ පවාරණා” යන මෙය මහණුන්ගේද මෙහෙණන්ගේද වසයෙන් වදාරණ ලදි. විභක්තිය පමණක් දැක්වීම් වසයෙන්ම මේ වදාරණලදය. සමථයන්ගෙන් සන්සිඳීම් වසයෙන් නොවදාරණලදය. භික්‍ෂුඋපෞෂථය, භික්‍ෂුණි උපෞෂථය, භික්‍ෂු පවාරණය. භික්‍ෂුණි පවාරණය යන මේ සිවු විභක්තීහු විභජනයෝය යන අර්‍ත්‍ථයි. “චත්තාරී කම්මානි” අධර්‍මයෙන් ව්‍යාග්‍රාදීවූ උපෞෂථ කර්‍මයෝය. “පඤ්චෙව උපොසථා චතුරො භවන්ති අනඤ්ඤථා” මහණුන්හට උද්දෙස පසෙක්ද, මෙහෙණන්හට උද්දෙස සතරෙක්ද වෙත්. අන් අයුරකින් නොවෙත්. මේ අන්‍යවූද විභක්තීහු වෙත්. “ආපත්තික්‍ඛන්‍ධා ච භවන්ති සත්ත අධිකරණානි චත්තාරි” මේ විපත්තීහු වනාහි සමථයන්ගෙන් සමථයට පැමිණෙති. එහෙයින් “සත්තහි සමථෙහි” යනාදිය වදාළ සේක. නොහොත් “ද්වෙ උපොසථා ද්වෙ පවාරණා චත්තාරි කම්මානි පඤ්චෙව උද්දෙසා චතුරො භවන්ති අනඤ්ඤථා” යන මේ විභක්තීන් නිසාද “නස්සන්තෙ තෙ විනස්සන්තෙ තෙ” යනාදි නයින් යම් ආපත්තීහු උපදිත්ද ඒ ආපත්තීහු යම්හෙයකින් උක්තප්‍රකාරවූම සමථයන්ගෙන් සන්සිඳෙත්ද, එහෙයින් එය මූලක වූ ආපත්තීන්ගේ සමථය දක්වනු පිණිසද ඒ විභක්තීහු දක්වනලදහයි දතයුතුය. “කිච්චං එකෙන” කෘත්‍යාධිකරණය එක් සමථයකින් සන්සිඳෙන්නේය.

පාරාජිකාදිආපත‍්තිවණ‍්ණනා

පාරාජිකාදිආපත්තිවණ්ණනා

එවං පුච‍්ඡානුක‍්කමෙන සබ‍්බපඤ‍්හෙ විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි “ආපත‍්තික‍්ඛන්‍ධා ච භවන‍්ති සත‍්තා”ති එත්‍ථ සඞ‍්ගහිතආපත‍්තික‍්ඛන්‍ධානං පච‍්චෙකං නිබ‍්බචනමත‍්තං දස‍්සෙන‍්තො පාරාජිකන‍්තිආදිමාහ. තත්‍ථ පාරාජිකන‍්ති ගාථාය අයමත්‍ථො – යදිදං පුග‍්ගලාපත‍්තිසික‍්ඛාපදපාරාජිකෙසු ආපත‍්තිපාරාජිකං නාම වුත‍්තං, තං ආපජ‍්ජන‍්තො පුග‍්ගලො යස‍්මා පරාජිතො පරාජයමාපන‍්නො සද‍්ධම‍්මා චුතො පරද‍්ධො භට‍්ඨො නිරඞ‍්කතො ච හොති, අනිහතෙ තස‍්මිං පුග‍්ගලෙ පුන උපොසථප‍්පවාරණාදිභෙදො සංවාසො නත්‍ථි. තෙනෙතං ඉති වුච‍්චතීති තෙන කාරණෙන එතං ආපත‍්තිපාරාජිකන‍්ති වුච‍්චති. අයඤ‍්හෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො – යස‍්මා පරාජිතො හොති තෙන, තස‍්මා එතං පාරාජිකන‍්ති වුච‍්චති.

මෙසේ පෘච්ඡානු ක්‍රමයෙන් සියලු ප්‍රශ්න විසදා, දැන් “ආපත්තික්‍ඛන්‍ධො ච භවන්ති සත්ත” යන මෙහි සඞ්ගාහිත ආපත්ති ස්කන්‍ධයන්ගේ වෙන්ව නිර්‍වචන මාත්‍රයක් දක්වනසේක්. “පාරාජිකං” යනාදිය වදාළ සේක. එහි “පාරාජිකං” යන ගාථාවෙහි මේ අර්‍ත්‍ථයයි:- යම් මේ පුද්ගල ආපත්ති ශික්‍ෂාපද පාරාජිකාවන්හි ඇවත, පාරාජිකා නමැයි කියන ලදද, එයට පැමිණෙන පුද්ගල තෙමේ, යම්හෙයකින් පාරාජික වූයේ පරාජයට පැමිණියේ සද්ධර්‍මයෙන් ච්‍යුත වූයේ පැරදුනේ සසුනෙන් ගිලිහුනේ දුරුකටයුත්තේද වේ. ඒ පුද්ගලයා දුරු නොකළ කල්හි නැවැත උපෞෂථ පවාරණාදි ප්‍රභෙදවූ සංවාසය නැත්තේය. “තෙනෙතං ඉති වුච්චති” ඒ කාරණයෙන් මේ ඇවැත පාරාජිකැයි කියනු ලැබේ. මේ මෙහි සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථයයි. යම්හෙයකින් පාරාජික වූයේද එහෙයින් මෙය පාරාජිකයි කියනු ලැබේ.

දුතියගාථායපි බ්‍යඤ‍්ජනං අනාදියිත්‍වා අත්‍ථමත‍්තමෙව දස‍්සෙතුං සඞ‍්ඝොව දෙති පරිවාසන‍්තිආදි වුත‍්තං. අයං පනෙත්‍ථ අත්‍ථො – ඉමං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා වුට‍්ඨාතුකාමස‍්ස යං තං ආපත‍්තිවුට‍්ඨානං තස‍්ස ආදිම‍්හි චෙව පරිවාසදානත්‍ථාය ආදිතො සෙසෙ මජ‍්ඣෙ මානත‍්තදානත්‍ථාය මූලායපටිකස‍්සනෙන වා සහ මානත‍්තදානත්‍ථාය, අවසානෙ අබ‍්භානත්‍ථාය ච සඞ‍්ඝො ඉච‍්ඡිතබ‍්බො, න හෙත්‍ථ එකම‍්පි කම‍්මං විනා සඞ‍්ඝෙන සක‍්කා කාතුන‍්ති සඞ‍්ඝො, ආදිම‍්හි චෙව සෙසෙ ච ඉච‍්ඡිතබ‍්බො අස‍්සාති සඞ‍්ඝාදිසෙසො.

ද්විතීය ගාථාවෙහිද ව්‍යඤ්ජනය නොගෙණ අර්‍ත්‍ථය පමණක්ම දක්වන්නට “සඞ්ඝොව දෙති පරිවාසං” යනාදිය කියනලදී. මේ මෙහි අර්‍ත්‍ථයයි. මේ ඇවැතට පැමිණ නැගී සිටිනු කැමැත්තහුගේ යම් ඒ ඇවතින් නැගී සිටීමක් වේද, ඒ මහණහුට පිරිවෙස් දීම පිණිස ආදියෙහිද ආදියෙන් සෙස්සෙහි මානතදීම පිණිස, මූලාය පටිකස්සනය සමග හෝ මානතදීම පිණිස මද්ධ්‍යයෙහිද, අබ්හානය පිණිස අවසානයෙහිද සඞ්ඝතෙමේ කැමැති වියයුත්තේය. මෙහි සඞ්ඝයාගෙන් වෙන්ව එකද කර්‍මයක් කරන්නට නොහැකියයි සඞ්ඝ තෙමේ ආදියෙහිද මද්ධ්‍යයෙහිද සෙස්සෙහිද කැමැතිවිය යුත්තේ මෝහටනුයි සඞ්ඝාදිසෙස නම.

තතියගාථාය අනියතො න නියතොති යස‍්මා න නියතො, තස‍්මා අනියතො අයමාපත‍්තික‍්ඛන්‍ධොති අත්‍ථො. කිං කාරණා න නියතොති? අනෙකංසිකතං පදං, යස‍්මා ඉදං සික‍්ඛාපදං අනෙකංසෙන කතන‍්ති අත්‍ථො. කථං අනෙකංසෙන? තිණ‍්ණමඤ‍්ඤතරං ඨානං, තිණ‍්ණං ධම‍්මානං අඤ‍්ඤතරෙන කාරෙතබ‍්බොති හි තත්‍ථ වුත‍්තං, තස‍්මා “අනියතො”ති පවුච‍්චති, සො ආපත‍්තික‍්ඛන්‍ධො අනියතොති වුච‍්චති. යථා ච තිණ‍්ණං අඤ‍්ඤතරං ඨානං, එවං ද‍්වින‍්නං ධම‍්මානං අඤ‍්ඤතරං ඨානං යත්‍ථ වුත‍්තං, සොපි අනියතො එව.

තෘතීය ගාථාවෙහි “අනියතො” යම්හෙයකින් නියත නොවේද, එහෙයින් අනියතය. මේ ආපත්ති ස්කන්‍ධය යන අර්‍ත්‍ථයි. කවර කරුණකින් නියත නොවේද, යත්:- “අනෙකංසිකතං පදං” යම්හෙයකින් මේ ශික්‍ෂාපදය නොසනිටුහන් කරණලද්දේ ද යන අර්‍ත්‍ථයි. අනෙකාන්තයෙන් කරණලද්දේය. “තිණ්ණමඤ්ඤතරං ඨානං” පරිජි, සඟවෙසෙස්, පචිති යන තුන් ධර්‍මයන් අතුරෙන් එක්තරා එකකින් කරවිය යුත්තේමයයි එහි කියන ලදී. එහෙයින් “අනියතොති පවුච්චති” ඒ ආපත්තිස්කන්‍ධය තෙමේ අනියතයයි කියනු ලැබේ. එකාන්තයෙන් සනිටුහන් නොකොට හැකි පරිජි, සඟවෙසෙස්, පචිති යන ඇවැත් තුනින් උපදින ඇවැත අනියතය යන අදහසි. තුන් ධර්‍මයන් අතුරෙන් එක්තරා ස්ථානයකට යම්සේද, ධර්‍මදෙකක් අතුරෙන් එක්තරා ස්ථානයකට යම්සේද, ධර්‍මදෙකක් අතුරෙන් එක්තරා ස්ථානයකටද මෙසේයයි යම්තැනෙක්හි කියන ලද හෙද අනියතයමය.

චතුත්‍ථගාථාය අච‍්චයො තෙන සමො නත්‍ථීති දෙසනාගාමිනීසු අච‍්චයෙසු තෙන සමො ථූලො අච‍්චයො නත්‍ථි, තෙනෙතං ඉති වුච‍්චති; ථූලත‍්තා අච‍්චයස‍්ස එතං ථුල‍්ලච‍්චයන‍්ති වුච‍්චතීති අත්‍ථො.

චතුර්‍ත්‍ථ ගාථාවෙහි “අච්චයො තෙන සමො නත්‍ථි” දෙසනාගාමී වූ වරද අතුරෙහි ඒ හා සමාන මහත් වරදක් නැත්තේය. “තෙනෙතං ඉති වුච්චති” වරද මහත් බැවින් මෙය ථුල්ලච්චයයි කියනු ලැබේය යන අර්‍ත්‍ථයි.

පඤ‍්චමගාථාය නිස‍්සජ‍්ජිත්‍වාන දෙසෙති තෙනෙතන‍්ති නිස‍්සජ‍්ජිත්‍වා දෙසෙතබ‍්බතො නිස‍්සග‍්ගියන‍්ති වුච‍්චතීති අත්‍ථො.

පඤ්චම ගාථාවෙහි “නිස්සජිත්‍වාන දෙසෙති තෙනෙතං” නිසදී දෙසිය යුතු බැවින් “නිස්සග්ගිය”යි කියනු ලැබේය යන අර්‍ත්‍ථයි.

ඡට‍්ඨගාථාය පාතෙති කුසලං ධම‍්මන‍්ති සඤ‍්චිච‍්ච ආපජ‍්ජන‍්තස‍්ස කුසලධම‍්මසඞ‍්ඛාතං කුසලචිත‍්තං පාතෙති, තස‍්මා පාතෙති චිත‍්තන‍්ති පාචිත‍්තියං. යං පන චිත‍්තං පාතෙති, තං යස‍්මා අරියමග‍්ගං අපරජ‍්ඣති, චිත‍්තසම‍්මොහකාරණඤ‍්ච හොති, තස‍්මා “අරියමග‍්ගං අපරජ‍්ඣති, චිත‍්තසම‍්මොහනට‍්ඨාන”න‍්ති ච වුත‍්තං.

සවන ගාථාවෙහි “පාතෙති කුසලං ධම්මං” සිතා දැන පැමිණෙන්නහුගේ කුශලධර්‍මසඞ්ඛ්‍යාත වූ කුශලචිත්තය හෙලයි. එහෙයින් සිත හෙලානුයි පාචිත්තිය නම. යමකට සිත හෙලාද ඒ සිත යම්හෙයකින් ආර්‍ය්‍ය මාර්‍ගය වරදවාද සිත මුළාකිරීමට කරුණකුත් වේද, එහෙයින් “අරියමග්ගං අපරජ්ඣති චිත්තසම්මොහනට්ඨනං”යිද කියනලදී.

පාටිදෙසනීයගාථාසු “ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජි”න‍්ති වුත‍්තගාරය‍්හභාවකාරණදස‍්සනත්‍ථමෙව භික‍්ඛු අඤ‍්ඤාතකො සන‍්තොතිආදි වුත‍්තං. පටිදෙසෙතබ‍්බතො පන සා ආපත‍්ති පාටිදෙසනීයාති වුච‍්චති.

පාටිදෙසනීය ගාථාවන්හි “ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජි”යි කියනලද ගර්‍හා කටයුතු බව පිළිබඳ කරුණු දක්වනු පිණිසම “භික්‍ඛු අඤ්ඤාතකො සන්තො” යනාදිය කියනලදී. පිළිදෙසියයුතු බැවින් ඒ ආපත්ති තොමෝ “පාටිදෙසනීය”යි කියනු ලැබේ.

දුක‍්කටගාථාය අපරද‍්ධං විරද‍්ධඤ‍්ච ඛලිතන‍්ති සබ‍්බමෙතං “යඤ‍්ච දුක‍්කට”න‍්ති එත්‍ථ වුත‍්තස‍්ස දුක‍්කටස‍්ස පරියායවචනං. යඤ‍්හි දුට‍්ඨු කතං විරූපං වා කතං, තං දුක‍්කටං. තං පනෙතං යථා සත්‍ථාරා වුත‍්තං; එවං අකතත‍්තා අපරද‍්ධං, කුසලං විරජ‍්ඣිත්‍වා පවත‍්තත‍්තා විරද‍්ධං, අරියවත‍්තපටිපදං අනාරුළ‍්හත‍්තා ඛලිතං. යං මනුස‍්සො කරෙති ඉදං පනස‍්ස ඔපම‍්මනිදස‍්සනං. තස‍්සත්‍ථො – යථා හි යං ලොකෙ මනුස‍්සො ආවි වා යදි වා රහො පාපං කරොති, තං දුක‍්කටන‍්ති පවෙදෙන‍්ති; එවමිදම‍්පි බුද‍්ධප‍්පටිකුට‍්ඨෙන ලාමකභාවෙන පාපං, තස‍්මා දුක‍්කටන‍්ති වෙදිතබ‍්බං.

දුක්කට ගාථාවෙහි “අපරද්ධං විරුද්ධං ඛලිතං” යන මේ සියල්ල “යඤ්ච දුක්කටං”යි මෙහි කියනලද දුක්කටයාගේ පර්‍ය්‍යාය වචනයි. යමක් වනාහි නොමනාව කරණලදද, විරූපව හෝ කරණලදද ඒ දුක්කට නම. ඒ මේ දුක්කටය. යම්සේ ශාස්තෘහු විසින් වදාරණ ලද්දේද, එසේ නොකළබැවින් අපරද්ධ නම. කුසලය වරදවා පැවැති බැවින් විරුද්ධ නම. ආර්‍ය්‍යයවෘත්ත ප්‍රතිපදාවට නොනැගි බැවින් ඛලිත නම. “යං මනුස්සො කරෙ” යන මෙය වනාහි මෙයට උපමා දැක්වීමය. ඒ පිළිබඳ අර්‍ත්‍ථය මෙසේය:- යම්සේ ලෝකයෙහි මනුෂ්‍යයෙක් තෙමේ ප්‍රකටව හෝ රහස්හි හෝ යම් පාපයක් කෙරේද, එය දුක්කටයයි කියත්. මෙසේ මෙද බුදුරජුන් විසින් පිළිකුල් කළ ලාමක භාවයෙන් පැවැති පාපයෙකි. එහෙයින් දුක්කටැයි දතයුතුය.

දුබ‍්භාසිතගාථාය දුබ‍්භාසිතං දුරාභට‍්ඨන‍්ති දුට‍්ඨු ආභට‍්ඨං භාසිතං ලපිතන‍්ති දුරාභට‍්ඨං. යං දුරාභට‍්ඨං, තං දුබ‍්භාසිතන‍්ති අත්‍ථො. කිඤ‍්ච භිය්‍යො? සංකිලිට‍්ඨඤ‍්ච යං පදං, සංකිලිට‍්ඨං යස‍්මා තං පදං හොතීති අත්‍ථො. තථා යඤ‍්ච විඤ‍්ඤූ ගරහන‍්ති, යස‍්මා ච නං විඤ‍්ඤූ ගරහන‍්තීති අත්‍ථො. තෙනෙතං ඉති වුච‍්චතීති තෙන සංකිලිට‍්ඨභාවෙන ච විඤ‍්ඤුගරහනෙනාපි ච එතං ඉති වුච‍්චති; “දුබ‍්භාසිත”න‍්ති එවං වුච‍්චතීති අත්‍ථො.

දුබ්භාසිත ගාථාවෙහි “දුබ්භාසිතං දුරාභට්ඨං” නපුරුකොට කියන ලද්දේනුයි දුරාභට්ඨ නම. යමක් නපුරුකොට කියනලද්දේද, එය දුර්භාෂිතය යන අර්‍ත්‍ථයි. තවද බොහෝසේ සකිලිටි වූ යම් පදයක්වේද, එය සංකිලිට්ඨ නම. යම්හෙයකින් ඒ පදය වේය යන අර්‍ත්‍ථයි කීයේය, යත්:- “යඤ්ච විඤ්ඤූ ගරහන්ති” යම්හෙයකින් එයට නුවණැත්තෝ ගරහත්ද යන අර්‍ත්‍ථයි. “තෙනෙතං ඉති වුච්චති” ඒ සකිලිටි බැවින්ද, නුවණැත්තන්ගේ ගැරහීමෙන්ද මේ අයුරින් මෙය කියනු ලැබේ. දුර්‍භාෂිතයයි මෙසේ කියනු ලැබේය යන අර්‍ත්‍ථයි.

සෙඛියගාථාය “ආදි චෙතං චරණඤ‍්චා”තිආදිනා නයෙන සෙඛස‍්ස සන‍්තකභාවං දීපෙති. තස‍්මා සෙඛස‍්ස ඉදං සෙඛියන‍්ති අයමෙත්‍ථ සඞ‍්ඛෙපත්‍ථො. ඉදං “ගරුකලහුකඤ‍්චාපී”තිආදිපඤ‍්හෙහි අසඞ‍්ගහිතස‍්ස “හන්‍ද වාක්‍යං සුණොම තෙ”ති ඉමිනා පන ආයාචනවචනෙන සඞ‍්ගහිතස‍්ස අත්‍ථස‍්ස දීපනත්‍ථං වුත‍්තන‍්ති වෙදිතබ‍්බං.

සෙඛිය ගාථාවෙහි “ආදිචෙතං චරණඤ්ච” යනාදිනයින් ශෛක්‍ෂ්‍යයා සතුබව දක්වාලන්නේය. එහෙයින් ශෛක්‍ෂ්‍යයාගේ මේය යන අර්‍ත්‍ථයෙන් සෙඛියයි මෙහි මේ සඞ්ක්‍ෂෙපාර්‍ත්‍ථය වේ. මෙය “ගරුකං ලහුකං චාපි” යනාදි වූ ප්‍රශ්නයන් හා සඞ්ග්‍රහ නොකරණ ලද “හන්‍ද වාක්‍යං සුණොම තෙ” යන ආයාචන වචනය හා සඞ්ග්‍රහ කරණ ලද අර්‍ත්‍ථය දක්වනු පිණිස කියන ලදැයි දතයුතුය.

ඡන‍්නමතිවස‍්සතීතිආදිම‍්හිපි එසෙව නයො. තත්‍ථ ඡන‍්නමතිවස‍්සතීති ගෙහං තාව තිණාදීහි අච‍්ඡන‍්නං අතිවස‍්සති. ඉදං පන ආපත‍්තිසඞ‍්ඛාතං ගෙහං ඡන‍්නං අතිවස‍්සති; මූලාපත‍්තිඤ‍්හි ඡාදෙන‍්තො අඤ‍්ඤං නවං ආපත‍්තිං ආපජ‍්ජති. විවටං නාතිවස‍්සතීති ගෙහං තාව අවිවටං සුච‍්ඡන‍්නං නාතිවස‍්සති. ඉදං පන ආපත‍්තිසඞ‍්ඛාතං ගෙහං විවටං නාතිවස‍්සති; මූලාපත‍්තිඤ‍්හි විවරන‍්තො දෙසනාගාමිනිං දෙසෙත්‍වා වුට‍්ඨානගාමිනිතො වුට‍්ඨහිත්‍වා සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාති. ආයතිං සංවරන‍්තො අඤ‍්ඤං ආපත‍්තිං නාපජ‍්ජති. තස‍්මා ඡන‍්නං විවරෙථාති තෙන කාරණෙන දෙසනාගාමිනිං දෙසෙන‍්තො වුට‍්ඨානගාමිනිතො ච වුට‍්ඨහන‍්තො ඡන‍්නං විවරෙථ. එවං තං නාතිවස‍්සතීති එවඤ‍්චෙතං විවටං නාතිවස‍්සතීති අත්‍ථො.

“ඡන්නමතිවස්සති” යනාදියෙහිද මෙමනය වේ. එහි “ඡන්නමතිවස්සති” ගෘහය වනාහි තණපත් ආදියෙන් නොවසන ලද්දේ වැසිදියෙන් තෙමෙයි. මේ ආපත්ති සඞ්ඛ්‍යාතවූ ගෘහය වසන ලද්දේ නැවත නැවැත ඇවතට පැමිණීම් වසයෙන් ඉදින් තෙමෙයි. මුල් ඇවැත වසන්නේ අන් අලුත් ඇවතකට පැමිණේ. “විවටං නාතිවස්සති” ගෘහය විවෘත නොකරණලද්දේ මනාකොට වසන ලද්දේ වැසිදියෙන් තදින් ආපත්ති සඞ්ඛ්‍යාතවූ වැසිදියෙන් නොතෙමේ. මූලාපත්තිය විවෘත කරන්නේ දෙසනාගාමිනී ඇවැත දෙසා වුට්ඨානගාමිනී ඇවතින් නැගීසිට සුද්ධාන්තයෙහි පිහිටයි. මත්තෙහි සංවරය කරන්නේ ඇවැතකට නොපැමිණේ. “තස්මා ඡන්තං විවරෙථ” ඒ කාරණයෙන් දෙසනාගාමිනී ඇවැත දෙසමින් වුට්ඨානගාමිනී ඇවැතින්ද නැගී සිටිනුයේ පිළිසන් ඇවැත විවෘත කරන්නේය. “එවං තං නාතිවස්සති” එසේ ඇතිකල්හි මේ ඇවැත ඇවැත්වැසි නොවැස්වැසි යන අර්‍ත්‍ථයි.

ගති මිගානං පවනන‍්ති අජ‍්ඣොකාසෙ බ්‍යග‍්ඝාදීහි පරිපාතියමානානං මිගානං පවනං රුක‍්ඛාදිගහනං අරඤ‍්ඤං ගති පටිසරණං හොති, තං පත්‍වා තෙ අස‍්සාසන‍්ති. එතෙනෙව නයෙන ආකාසො පක‍්ඛීනං ගති. අවස‍්සං උපගමනට‍්ඨෙන පන විභවො ගති ධම‍්මානං, සබ‍්බෙසම‍්පි සඞ‍්ඛතධම‍්මානං විනාසොව තෙසං ගති. න හි තෙ විනාසං අගච‍්ඡන‍්තා ඨාතුං සක‍්කොන‍්ති. සුචිරම‍්පි ඨත්‍වා පන නිබ‍්බානං අරහතො ගති, ඛීණාසවස‍්ස අරහතො අනුපාදිසෙසනිබ‍්බානධාතු එකංසෙන ගතීති අත්‍ථො.

“ගති මිගානං පවනං” එලිමහන්හි ව්‍යාධාදීන් විසින් හෙලනු ලබන මුවන්ගේ වනලැහැබ, රුක් ආදියෙන් ගැවසීගත් වනයට යෑම පිළිසරණ වේ. ඒ වනයට වැද ඒ මෘගයෝ ආශ්වාස කෙරෙත්. මෙම නයින් පක්‍ෂීන්ට අහස අස්වැසුම් ලබන තැනය. අවශ්‍යයෙන් එළැඹීමේ අර්‍ත්‍ථයෙන් වනාහි “විභවො ගති ධම්මානං” ප්‍රත්‍යයයෙන් කරන ඒ සියලු ධර්‍මයන්ගේ විනාශය තෙමේ අස්වැසීමයි. ඔවුහු විනාශයට පැමිණෙන්නාහු සිටින්නට නොහැකිවෙත්. බොහෝ කලක් සිට ද ක්‍ෂීණාශ්‍රව රහත් වූවහුට අනුපාදිශෙෂ නිර්‍වාණධාතුව එකාන්තයෙන් ප්‍රතිෂ්ඨාස්ථානය යන අර්‍ත්‍ථයි.

පඨමගාථාසඞ‍්ගණිකවණ‍්ණනා නිට‍්ඨිතා.

ගාථාසඞ්ගණික වර්‍ණනාව නිමි.