අත්ථවසපකරණාවණ්ණනා අට්ඨකථා
අත්ථවසපකරණාවණ්ණනා
අත්ථවසපකරණාවණ්ණනා
අත්ථවසපකරණෙ – දස අත්ථවසෙතිආදීසු යං වත්තබ්බං තං පඨමපාරාජිකවණ්ණනායමෙව වුත්තං. යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසූතිආදීසු උපරිමං උපරිමං පදං හෙට්ඨිමස්ස හෙට්ඨිමස්ස පදස්ස අත්ථො.
අර්ත්ථවශප්රකරණයෙහි - “දස අත්ථවසෙ” යනාදිතන්හි යමක් කිය යුතුද එය ප්රථමපාරාජික වර්ණනාවෙහිම කියනලදී. “යං සඞ්ඝසුට්ඨු තං සඞ්ඝඵාසු” යනාදිතන්හි උපරිම උපරිමපදය යට යන පදයාගේ අර්ත්ථයයි.
අත්ථසතං ධම්මසතන්තිආදිම්හි පන යදෙතං දසසු පදෙසු එකෙකං මූලං කත්වා දසක්ඛත්තුං යොජනාය පදසතං වුත්තං. තත්ථ පච්ඡිමස්ස පච්ඡිමස්ස පදස්ස වසෙන අත්ථසතං පුරිමස්ස පුරිමස්ස වසෙන ධම්මසතං වෙදිතබ්බං. අථ වා යෙ දස අත්ථවසෙ පටිච්ච තථාගතෙන සාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං, යෙ පුබ්බෙ පඨමපාරාජිකවණ්ණනායං “තත්ථ සඞ්ඝසුට්ඨුතා නාම සඞ්ඝස්ස සුට්ඨුභාවො ‘සුට්ඨු දෙවා’ති ආගතට්ඨානෙ විය ‘සුට්ඨු භන්තෙ’ති වචනසම්පටිච්ඡනභාවො, යො ච තථාගතස්ස වචනං සම්පටිච්ඡති, තස්ස තං දීඝරත්තං හිතාය සුඛාය හොති, තස්මා සඞ්ඝස්ස ‘සුට්ඨු භන්තෙ’ති මම වචනසම්පටිච්ඡනත්ථං පඤ්ඤපෙස්සාමි අසම්පටිච්ඡනෙ ආදීනවං සම්පටිච්ඡනෙ ච ආනිසංසං දස්සෙත්වා න බලක්කාරෙන අභිභවිත්වාති එතමත්ථං ආවිකරොන්තො ආහ – සඞ්ඝසුට්ඨුතායා”ති එවමාදිනා නයෙන වණ්ණිතා, තෙසං ඉධ දසක්ඛත්තුං ආගතත්තා අත්ථසතං තදත්ථජොතකානඤ්ච පදානං වසෙන ධම්මසතං වෙදිතබ්බං. ඉදානි අත්ථජොතකානං නිරුත්තීනං වසෙන නිරුත්තිසතං, ධම්මභූතානං නිරුත්තීනං වසෙන නිරුත්තිසතන්ති ද්වෙ නිරුත්තිසතානි, අත්ථසතෙ ඤාණසතං, ධම්මසතෙ ඤාණසතං, ද්වීසු නිරුත්තිසතෙසු ද්වෙ ඤාණසතානීති චත්තාරි ඤාණසතානි ච වෙදිතබ්බානි.
“අත්ථසතං ධම්මසතං” යනාදියෙහි වනාහි දසපදයන්හි යම්මේ එකක් එකක් මුල්කොට දසවරක් යොජනාවෙන් පදසියයක් කියනලදද, එහි පශ්චිමපදයාගේ වසයෙන් ධර්මසියයක් දතයුත්තේය. නොහොත් යම් දශඅර්ත්ථ වශයෙන් නිසා තථාගතයන් වහන්සේ විසින් ශ්රාවකයන්ට ශික්ෂාපදයක් පණවන ලද්දේ ද, පෙර කියූ ප්රථම පාරාජික වර්ණනාවෙහි එහි සඞ්ඝසුට්ඨුතා නම් සඞ්ඝයාට හිතබවය. “සුට්ඨු දෙව”යි ආතන්හි වෙත්. “සුට්ඨු භන්තෙ” යනු වචන පිළිගැණීමය. යමෙක් තෙමේ තථාගතයන් වහන්සේගේ වචන පිළිගණීද, ඔහුට ඒ වචන පිළිගැණීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වේද, එහෙයින් සඞ්ඝයාට “සුට්ඨු භන්තෙ” යන මාගේ වචනය පිළිගන්නා පිණිස පණවන්නෙමි. නොපිළිගැණීමෙහි ආදීනවයත් පිළිගැණීමෙහි ආනිසංසයත් දක්වාය. බලාත්කාරයෙන් අභිභවනය කොට නොවේය”යි මේ කරුණ ප්රකාශ කරමින් “සඞ්ඝසුට්ඨුතාය” යනු වදාළ සේකැයි මේ ආදිනයින් යම් දශඅර්ත්ථ කෙනෙක් වර්ණනා කරණලද්දාහුද ඔවුන් මෙහි දසවරක් ආබැවින් අර්ත්ථසියයක්, තදර්ත්ථදෙපාතකවූ පදයන්ගේ වසයෙන් ධර්මසියයක් දතයුත්තේය. දැන් අර්ත්ථ ප්රකාශක නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයෙක, ධර්මභූතවූ නිරුක්තීන්ගේ වසයෙන් නිරුක්ති සියයකැ’යි නිරුක්ති දෙසියයක්, අර්ත්ථසියයෙහි ඥානසියයෙක, ධර්මසියයෙහි ඥානසියයෙක, නිරුක්ති දෙසියයෙහි ඥානදෙසියයෙකැ’යි ඥානහාරසියයෙක්ද දතයුතුය.
“අත්ථසතං ධම්මසතං, ද්වෙ නිරුත්තිසතානි; චත්තාරි ඤාණසතානි, අත්ථවසෙ පකරණෙ”ති.
“අත්ථසතං ධම්මසතං ද්වෙ නිරුත්තිසතානි ච, චත්තාරි ඤාණසතානි අත්ථවසෙ පකරණෙ”
ඉති හි යං වුත්තං, ඉදමෙතං පටිච්ච වුත්තන්ති.
යි මෙසේ යමක් වදාරණ ලද්දේ ද, මෙය මේ සඳහා වදාරණ ලද්දේය.
ඉති සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය මහාවග්ගවණ්ණනා නිට්ඨිතා.
සිංහලසමන්තපාසාදිකාවෙහි මහාවර්ග වර්ණනාව නිමි.