යෙදුමෙන් කියවන්න

අත්‍ථවසප‍්පකරණං

අත්‍ථවසප‍්පකරණං

අත්‍ථවසප්පකරණය

1. දස අත්‍ථවසෙ පටිච‍්ච තථාගතෙන සාවකානං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං : සඞ‍්ඝසුට‍්ඨුතාය, සඞ‍්ඝඵාසුතාය, දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය, දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, අප‍්පසන‍්නානං පසාදාය, පසන‍්නානං භිය්‍යොභාවාය, සද‍්ධම‍්මට‍්ඨිතියා, විනයානුග‍්ගහාය.

1. කරුණු දසයක් පිණිස තථාගතයන් වහන්සේ විසින් ශ්‍රාවකයනට ශික්‍ෂාපද පණවන ලදි: සඞ්ඝයාගේ මනාබව පිණිස යැ, සඞ්ඝයාගේ පහසු බව පිණිස යැ, දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස යැ, ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස යැ, දිටුදැමියෙහි විඳිය යුතු දුක්ගැහැට වැළක්ම පිණිස යැ, පරලෙව්හි විඳිය යුතු දුක්ගැහැට නැසීම පිණිස යැ, නො පහන්වූවන් හෝ පහදනා පිණිස යැ, පහන්වූවන් හෝ වැඩියක් පහදනා පිණිස යැ, තුන් සසුනේ පැවැත්ම පිණිස යැ, විනයට රුකුල් පිණිස යි.

2. යං සඞ‍්ඝසුට‍්ඨු තං සඞ‍්ඝඵාසු. යං සඞ‍්ඝඵාසු, තං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය. යං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය, තං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය. යං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය තං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය. යං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, තං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය, තං අප‍්පසන‍්නානං පසාදාය. යං අප‍්පසන‍්නානං පසාදාය, තං පසන‍්නානං භිය්‍යොභාවාය. යං පසන‍්නානං භිය්‍යොභාවාය, තං සද‍්ධම‍්මට‍්ඨිතියා. යං සද‍්ධම‍්මට‍්ඨිතියා, තං විනයානුග‍්ගහාය.

2. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන්ගේ නිගැන්ම පිණිස වෙයි. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් නො පහන්වූවන් පහදනා පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.

3. යං සඞ‍්ඝසුට‍්ඨු තං සඞ‍්ඝඵාසු. යං සඞ‍්ඝසුට‍්ඨු, තං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය. යං සඞ‍්ඝසුට‍්ඨු, තං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය. යං සඞ‍්ඝසුට‍්ඨු තං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය. යං සඞ‍්ඝසුට‍්ඨු, තං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සඞ‍්ඝසුට‍්ඨු, තං අප‍්පසන‍්නානං පසාදාය. යං සඞ‍්ඝසුට‍්ඨු, තං පසන‍්නානං භිය්‍යොභාවාය. යං සඞ‍්ඝසුට‍්ඨු, තං සද‍්ධම‍්මට‍්ඨිතියා. යං සඞ‍්ඝසුට‍්ඨු තං විනයානුග‍්ගහාය.

3. යමක් සඞ්ඝයාගේ මනාබව වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනා බව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ මනාබව පිණිස වේ ද, එය විනයට රුකුල් පිණිස වේ.

4. යං සඞ‍්ඝඵාසු, තං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය. යං සඞ‍්ඝඵාසු, තං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය. යං සඞ‍්ඝඵාසු, තං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය, යං සඞ‍්ඝඵාසු, තං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය. යං සඞ‍්ඝඵාසු, තං අප‍්පසන‍්නානං පසාදාය. යං සඞ‍්ඝඵාසු, තං පසන‍්නානං භිය්‍යොභාවාය. යං සඞ‍්ඝඵාසු, තං සද‍්ධම‍්මට‍්ඨිතියා. යං සඞ‍්ඝඵාසු, තං විනයානුග‍්ගහාය. යං සඞ‍්ඝඵාසු, තං සඞ‍්ඝසුට‍්ඨු.

4. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසුව පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේද, එය පරලෙව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව වේ ද, එය විනයට රුකුල් පිණිස වෙයි. යමක් සඞ්ඝයාගේ පහසුව පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනා බව පිණිස වේ.

5. යං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය -පෙ- යං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය -පෙ- යං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය -පෙ- යං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය -පෙ- යං අප‍්පසන‍්නානං පසාදාය -පෙ- යං පසන‍්නානං භිය්‍යොභාවාය -පෙ- යං සද‍්ධම‍්මට‍්ඨිතියා -පෙ-

5. යමක් දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වේ ද ... යමක් ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වේ ද ... යමක් දිටු දැමියෙහි වින්ද යුතු දුක් ගැහැට වැළැක්ම පිණිස වේ ද ... යමක් පරලොව්හි වින්ද යුතු දුක් ගැහැට නැසීම පිණිස වේ ද ... යමක් නො පහන්වූවන් පැහැදීම පිණිස වේ ද ... යමක් පහන්වූවන් වැඩියක් පහදනා පිණිස වේ ද ... යමක් තුන් සසුන් පැවැත්ම පිණිස වේ ද ...

6. යං විනයානුග‍්ගහාය, තං සඞ‍්ඝසුට‍්ඨු. යං විනයානුග‍්ගහාය, තං සඞ‍්ඝඵාසු. යං විනයානුග‍්ගහාය, තං දුම‍්මඞ‍්කූනං පුග‍්ගලානං නිග‍්ගහාය. යං විනයානුග‍්ගහාය, තං පෙසලානං භික‍්ඛූනං ඵාසුවිහාරාය. යං විනයානුග‍්ගහාය, තං දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය. යං විනයානුග‍්ගහාය, තං සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය. යං විනයානුග‍්ගහාය, තං අප‍්පසන‍්නානං පසාදාය. යං විනයානුග‍්ගහාය, තං පසන‍්නානං භිය්‍යොභාවාය. යං විනයානුග‍්ගහාය තං සද‍්ධම‍්මට‍්ඨිතියාති.

6. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ මනාබව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය සඞ්ඝයාගේ පහසුව පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දුසිල් පුඟුලන් නිගැන්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය ප්‍රියශීල භික්‍ෂූන්ගේ පහසු විහරණය පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය දිටු දැමියෙහි වින්ද යුතු දුක්ගැහැට වැළක්ම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පරලෙව්හි වින්ද යුතු දුක්ගැහැට නැසීම පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය නො පහන්වූවන් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය පහන් වූවන් වැඩියක් පහදනා පිණිස වෙයි. යමක් විනයට රුකුල් පිණිස වේ ද, එය තුන් සසුන් පැවැත්ම පිණිස වේ.

අත්‍ථසතං ධම‍්මසතං ද‍්වෙ නිරුත‍්තිසතානි ච, චත‍්තාරි ඤාණසතානි අත්‍ථවසෙ පකරණෙති.

අර්‍ත්‍ථවශප්‍රකරණයෙහි (සඞ්ඝසුට්ඨු යනාදි දශයෙහි දසවර බැගින්) අර්‍ත්‍ථශතයෙක් ද, ධර්‍මශතයෙක් ද නිරුක්තීන්ගේ වශයෙන් ද්විශතයෙක් දැයි සතර ඥාන ශතයෙක් වේ.

අත්‍ථවසප‍්පකරණං නිට‍්ඨිතං.

අත්‍ථවස ප්‍රකරණය නිමි.

මහාවග‍්ගො නිට‍්ඨිතො.

මහාවර්‍ගය නිමියේ යි.

තස‍්සුද‍්දානං:

එහි නාමාවලිය:

1. පඨමං අට‍්ඨ පුච‍්ඡාය පච‍්චයෙසු පුනට‍්ඨ ච, භික‍්ඛූනං සොළස එතෙ භික‍්ඛුනීනම‍්පි සොළස.

1. භික්‍ෂු විභඞ්ගයෙහි පළමු වැ පුච්ජාවාර අට යැ නැවත පච්චයවාර අට යැයි භික්‍ෂූන් පිළිබඳ සොළොස ද භික්‍ෂුණීවිභඞ්ගයෙහි සොළොස දැයි මොහු වෙත්.

2. පෙය්‍යාල අන‍්තරා භෙදා එකුත‍්තරිකමෙව ච, පවාරණත්‍ථවසිකා මහාවග‍්ගස‍්ස සඞ‍්ගහොති.

2. අන්තරපෙය්‍යාල යැ (සමථ) භේද යැ ඒකුත්තරික නය යැ පවාරණ යැ අත්‍ථවස යැයි මහාවර්‍ගයාගේ සඞ්ග්‍රහය වේ.