ගාථාසඞ්ගණිකං
ගාථාසඞ්ගණිකය
1. එකංසං චීවරං කත්වා, පග්ගහෙත්වාන අඤ්ජලිං, ආසිංසමානරූපො ව කිස්ස ත්වං ඉධ මාගතො.
1. සිවුර එකස් කොට පෙරැ වැ ඇඳිලි බැඳ ගෙණ කිසිවක් පතන්නකු සේ තෙපි කුමට මෙහි අවු ද?
2. ද්වීසු විනයෙසු පඤ්ඤත්තා යෙ උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු, කති තෙ සික්ඛාපදානි හොන්ති කතිසු නගරෙසු පඤ්ඤත්තා.
2. (භික්ෂු-භික්ෂුණී) උභය විනයයෙහි පණවන ලද යම් සිකපද කෙනෙක් පෙහෙවස් දිනයන්හි උදෙසීමට එත් ද, ඒ සිකපදයෝ කෙතෙක-කෙතෙක් නගරයන්හි පණවන ලදහු වෙත් ද?
3. භද්දකො තෙ උම්මග්ගො යොනිසො පරිපුච්ඡසි, තග්ඝ තෙ අහමක්ඛිස්සං යථාසි කුසලො තථා.
3. තොපගේ උන්මාර්ගය (ප්‍රඥාව) අවිද්යාන්ධකාරයෙන් ඉල්පී සිටි බැවින් සුන්දර යැ. නුවණින් විචාරහු, එහෙයින් මම තොපට දක්ෂයකු සෙයින් පවසන්නෙමි.
4. ද්වීසු විනයෙසු පඤ්ඤත්තා යෙ උද්දෙසං ආගච්ඡන්ති උපොසථෙසු, අඩ්ඪුඩ්ඪසතානි තෙ හොන්ති සත්තසු නගරෙසු පඤ්ඤත්තා.
4. යම් සිකපද කෙනෙක් උභය විනයයෙහි පණවන ලද්දාහු පෙහෙවස් දිනයන්හි උදෙසීමට පැමිණෙත් ද, ඔහු තුන් සිය පනසෙක් වෙති. නගර සතෙකැ පණවන ලද්දාහ.
5. කතමෙසු සත්තසු නගරෙසු පඤ්ඤත්තා ඉඞ්ඝ මෙ ත්වං බ්යාකර, තං වචනපථං නිසාමයිත්වා පටිපජ්ජෙම හිතාය නො සියාති.
5. කවර නගර සතෙක දී පණවන ලදහු දැයි ඔබ මට විසඳා පවසනු මැනවි, ඒ වදන් මග අසා පිළිපදිමු. එය අපට හිත පිණිස වන්නේ යැ.
6. වෙසාලියං රාජගහෙ සාවත්ථියං ච ආළවියං, කොසම්බියං ච සක්කෙසු භග්ගෙසු චෙව පඤ්ඤත්තා.
6. විසල් පුරයෙහි දී ද රජගහ නුවර දී ද සැවැත් නුවර දී ද අළව් පුරයෙහි දී ද කොසඹෑ නුවර දී ද ශාක්‍ය දනවුහි ද භගු දනවුහි ද පණවන ලදහු.
7. කති වෙසාලියං පඤ්ඤත්තා කති රාජගහෙ කතා, සාවත්ථියං කති හොන්ති කති ආළවියං කතා.
7. විසල් පුරයෙහි දී කෙතෙක් සිකපදයෝ පණවන ලදහු ද? රජගහ නුවරදී කෙතෙක් පණවන ලදහු ද? සැවැත් නුවර දී පණවන ලද ශික්ෂාවෝ කෙතෙක් වෙද්ද, අළව් පුරයෙහි දී කෙතෙක් පණවන ලදහු ද?
8. කති කොසම්බියං පඤ්ඤත්තා, කති සක්කෙසු වුච්චන්ති, කති භග්ගෙසු පඤ්ඤත්තා තං මෙ අක්ඛාහි පුච්ඡිතො.
8. කොසඹෑ නුවර දී කෙතෙක් පණවන ලදහු ද? ශාක්‍ය දනවුහි කෙතෙකැ යි කියනු ලැබෙත් ද? භගු දනවුහි කෙතෙක් පණවන ලදහු ද? මා විසින් විචාරණ ලද ඔබ එය මට වදාළ මැනැව.
9. දස වෙසාලියං පඤ්ඤත්තා එකවීස රාජගහෙ කතා, ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා.
9. විසල් පුරයෙහිදී සිකපද දසයෙක් පණවන ලදි. රජගහ නුවර දී එක්විස්සෙක් පණවන ලදි. සයකින් අඩු තුන්සියක් හැම ශික්ෂාවෝ සැවැත් නුවර දී පණවන ලදහ.
10. ඡ ආළවියං පඤ්ඤත්තා අට්ඨ කොසම්බියං කතා, අට්ඨ සක්කෙසු වුච්චන්ති තයො භග්ගෙසු පඤ්ඤත්තා.
10. අළව් පුරයෙහි දී සයෙක් පණවන ලදි. කොසඹෑ නුවර දී අටෙක් පණවන ලදි. ශාක්‍ය දනවුහි අටෙකැ යි කියනු ලැබෙයි, භගු දනවුහි තුනෙක් පණවන ලදි.
11. යෙ වෙසාලියං පඤ්ඤත්තා, තෙ සුණොහි යථා කථං, මෙථුන විග්ගහුත්තරි අතිරෙකඤ්ච කාළකං.
11. විසල් පුරයෙහි දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් මෙසේ අසව: මෛථුන යැ මනුෂ්‍යවිග්‍රහ යැ උත්තරිමනුෂ්යධර්ම යැ අතිරේකපාත්ර යැ ශුද්ධකාළක යැ.
12. භූතං පරම්පරභත්තං දන්තපොනෙන අචෙලකො, භික්ඛුනීසු ච අක්කොසො දසෙතෙ වෙසාලියං කතා.
12. භූතාරෝචන යැ පරම්පරභෝජන යැ දන්තපොන ය සමග අචේලක යැ භික්ෂුණීන් කෙරෙහි ආක්‍රොශය දැයි යන මේ දස සිඛය විසල්පුර දී පණවන ලදි.
13. යෙ රාජගහෙ පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, අදින්නාදානං රාජගහෙ ද්වෙ අනුද්ධංසනාපි ච.
13. රජගහ නුවර දී යම් සිකපද කෙනෙක් පණවන ලදහු ද, ඔවුන් අසව, කෙසේ යැ යත්: රජගහ නුවර දී අදින්නාදාන යැ අනුද්ධංසනා දෙක යැ.
14. ද්වෙ පිච භෙදා අන්තරවාසකං රූපියං සුත්තං උජ්ඣාපනෙන ච පාචීතපිණ්ඩං ගණභොජනං විකාලෙ ච චාරිත්තං නහානං ඌනවීසති.
14. සඞ්ඝභේදකභේදානුවත්තක දෙක යැ අන්තරවාසක යැ රුපියසංවෝහාර යැ (සාමං) සුත්ත යැ උජ්ඣාපනකය සමග (භික්ඛුණි) පරිපාචිත පිණ්ඩ යැ ගණභෝජන යැ විකාලභොජන යැ ගාමචාරිත්ත යැ නහාන යැ ඌනවිසතිවස්ස යැ.
15. චීවරං දත්වා වොසාසන්තී එතෙ රාජගහෙ කතා, ගිරග්ගචරියා තත්ථෙව ඡන්දදානෙන එකවීසති.
15. චීවර දත්වා යැ චොසාසනක යැ එහි ම ගිරග්ග යැ චාරිකා යැ අපක්කමන යැ ඡන්දදානය සමඟ එක් විස්සක් වූ මේ සිකපදයෝ රජගහ නුවර දී පණවන ලදහ.
16. යෙ සාවත්ථියං පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසා භවන්ති සොළස.
16. යම් සිකපද කෙනෙක් සැවැත් නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මෙහෙණන් පිළිබඳ වූ සිවු පරිජි ද සොළොස් සඟවෙසෙස්හු ද වෙති.
17. අනියතා ච ද්වෙ හොන්ති නිස්සග්ගියා චතුතිංසති, ඡ පඤ්ඤාසසතඤ්චෙව ඛුද්දකානි පවුච්චන්ති.
17. අනියත දෙක ද නිසගි සූතිසෙක් ද වෙයි, එක් සිය සපණස් පචිතීහු ද කියනු ලැබෙත්.
18. දසයෙව ච ගාරය්හා ද්වෙ සත්තති ච සෙඛියා, ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා.
18. දස ගාරයහ (පාටිදේසනීය) සිඛ ද, දෙ සැත්තෑ සේඛියා දැයි සැවැතෙහි දී පණවන ලද සියලු සිකපද සයෙකින් අඩු තුන්සියයෙකි.
19. යෙ ආළවියා පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, කුටි කොසිය සෙය්යා ච ඛනනෙ ගච්ඡ දෙවතෙ; සප්පාණකඤ්ච සිඤ්චන්ති ඡ එතෙ ආළවියං කතා.
19. යම් සිකපද කෙනෙක් අළව්පුර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: සඤ්ඤාචිතකුටි යැ, කෝසිය යැ සහසෙය්‍ය යැ, පඨවඛණන යැ, භූතගාම යැ, සප්පාණකසිඤ්චන යැයි තෙල ස සිඛයෝ අළව් පුර දී පණවන ලදහ.
20. යෙ කොසම්බියං පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, මහාවිහාරො දොවචස්සං අඤ්ඤං ද්වාරං සුරාය ච, අනාදරියං සහධම්මො පයො පානෙන අට්ඨමං.
20. යම් සිකපද කෙනෙක් කොසඹෑ නුවර දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: මහල්ලකවිහාර යැ, දෝවචස්ස යැ, අඤ්ඤවාදක යැ, යාවද්වාරකෝස යැ, සුරාපාන යැ, අනාදරිය යැ, සහධම්මික යැ, සුරුසුරුකාරකයෙන් අටවැනි වූ සිකපද යි.
21. යෙ ච සක්කෙසු පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, එළකලොමානි පත්තො ච, ඔවාදො චෙව භෙසජ්ජං.
21. යම් සිකපද කෙනෙක් ශාක්‍ය ජනපදයෙහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: එළකලෝම ධෝවන යැ, ඌනපංචබන්ධන යැ, භික්ඛුනෝවාද යැ, භේසජ්ජ විඤ්ඤපන යැ.
22. සූචි ආරඤ්ඤිකො චෙව ඡ එතෙ කාපිලවත්ථවෙ, උදකසුද්ධියා ඔවාදො, භික්ඛුනීසු පවුච්චන්ති.
22. සුචිඝර යැ, ආරඤ්ඤක යැ, මෙහෙණන් කෙරෙහි වූ උදකශුද්ධිකය සමඟ ඕවාද යැ යි යන තෙල අට සිඛය කිඹුල්වත් නුවර දී පණවන ලදැයි කියනු ලැබේ.
23. යෙ ච භග්ගෙසු පඤ්ඤත්තා තෙ සුණොහි යථා කථං, සමාදහිත්වා විසිබ්බෙන්ති සාමිසෙන සසිත්ථකං.
23. යම් සිකපද කෙනෙක් භගුදනවුහි දී පණවන ලදහු ද, ඔවුන් අසව. කෙසේ යැ යත්: ජෝතිසමාදහන යැ. සාමිසය සමග සසිත්ථකසිඛ යැයි (යන තුන් සිඛය භගුදනවුහි දී පනවන ලදී.)
24. පාරාජිකානි චත්තාරි සඞ්ඝාදිසෙසානි භවන්ති, සත්ත ච නිස්සග්ගියා අට්ඨ ද්වත්තිංසති ච ඛුද්දකා.
24. පරිජි සතරෙක් ද සඟවෙසෙස් සතෙක් ද නිසඟි අටෙක් ද පචිති දෙතිසෙක් ද
25. ද්වෙ ගාරය්හා තයො සෙක්ඛා ඡ පඤ්ඤාස සික්ඛාපදා, ඡසු නගරෙසු පඤ්ඤත්තා බුද්ධෙනාදිච්චබන්ධුනා.
25. ගාරය්හ දෙකෙක් ද සේඛිය තුණෙක් දැයි සපණස් සිකපද කෙනෙක් සූර්ය්යබන්ධු වූ බුදුන් විසින් නගර සයෙක දී පණවන ලදහ.
26. ඡ ඌන තීණි සතානි සබ්බෙ සාවත්ථියං කතා, කාරුණිකෙන බුද්ධෙන ගොතමෙන යසස්සිනා.
26. කාරුණික වූ යශස්වී වූ ගෞතම ගෝත්‍ර ඇති බුදුරජුන් විසින් සයකින් අඩු සෙසු සියලු තෙසිය සිකපදයෝ සැවැතෙහි දී පණවන ලදහු යි.