චතුවිපත‍්ති
චතුවිපත‍්ති
චතු විපත්තීහු
1. යං තං අපුච‍්ඡිම‍්හ අකිත‍්තයී නො, තං තං බ්‍යාකතං අනඤ‍්ඤථා; අඤ‍්ඤං තං පුච‍්ඡාමි තදිඞ‍්ඝ බ්‍රූහි.
1. යම් ඒ (ශික්‍ෂාපද භේදයක්) විචාළෙමු ද, ඒ භේදය අපට වදාළ සේක. ඒ ඒ සිඛ නො වෙනස් ව පවසන ලදී. ඔබගෙන් අනෙකක් පුළුවුස්මි. එබැවින් එය වදාළ මැනැවැ.
2. ගරුක ලහුකඤ‍්චාපි සාවසෙසං නාවසෙසං. දුට‍්ඨුල‍්ලඤ‍්ච අදුට‍්ඨුල‍්ලං යෙ ච යාවතතියකා.
2. ගරුලහු ඇවැත් ද සාවසේස අනවසේස ඇවැත් ද තුළුල් නොතුළුල් ඇවැත් ද යාවතතියක ඇවැත් ද,
3. සාධාරණාසාධාරණං විපත‍්තියො යෙහි සමථෙහි සම‍්මන‍්ති, සබ‍්බානිපෙතානි වියාකරොහි හන්‍ද වාක්‍යං සුණොම තෙ.
3. සාධාරණ අසාධාරණ ඇවැත් ද විපත්ති භේදය ද ශමථ භේදය ද මේ සියල්ල වදාළ මැනැවි. දැන් ඔබගේ වචනය අසමු.
4. එකතිංසා යෙ ගරුකා අට‍්ඨෙත්‍ථ අනවසෙසා, යෙ ගරුකා තෙ දුට‍්ඨුල‍්ලා යෙ දුට‍්ඨුල‍්ලා සා සීලවිපත‍්ති.
4. (මහණ මෙහෙණන් පිළිබඳ පැණ වූ) යම් ගරු ඇවැත් එක්තිසෙක් වේ ද ඔවුනතුරෙහි අටදෙනෙක් සාවසේස වෙති, යම් ඇවැත් කෙනෙක් ගරුක වෙත් ද ඔහු දුට්ඨුල්ල නම් වෙති, යම් ඇවැත් කෙනෙක් දුට්ඨුල්ල වෙත් ද ඒ සීලවිපත්ති නමු.
5. පාරාජිකං සඞ‍්ඝාදිසෙසො සීලවිපත‍්තීති වුච‍්චති, ථුල‍්ලච‍්චයං පාචිත‍්තියං පාටිදෙසනීයං තථා.
5. පරිජි සඟවෙසෙස් සීලවිපත්ති යයි කියනු ලැබේ. ථුලැසි යැ පචිති යැ එසේ ම පිළිදෙස්නි යැ.
6. දුක‍්කටං දුබ‍්භාසිතං යො චායං අක‍්කොසති, හස‍්සාධිප‍්පායො අයං සා ආචාරවිපත‍්ති සම‍්මතා.
6. දුකුළා යැ කෙළි සිනා අදහස් ඇති වැ යම් මේ පුද්ගලයෙක් ගටයා බෙණේ ද මේ දුබැසිය දැයි යන මේ ඇවැත් ආචාරවිපත්ති යි සම්මත යි.
7. විපරීතදිට‍්ඨිං ගණ‍්හන‍්ති අසද‍්ධම‍්මෙහි පුරක‍්ඛතා, අබ‍්භාචික‍්ඛන‍්ති සම‍්බුද‍්ධං දුප‍්පඤ‍්ඤා මොහපාරුතා අයං සා දිට‍්ඨි විපත‍්තිසම‍්මතා.
7. අසද්ධර්‍මයන් විසින් පෙරටු කරණ ලද නුවණ නැත්තා වූ මෝහයෙන් වැසී සිටියෝ මිසදිටුව ගණිත් ද, බුදුරජුන්ට නැතිදොස් පහළ කෙරෙත් ද, මේ දිට්ඨිවිපත්ති යි සම්මත යි.
8. ආජීවහෙතු ආජීවකාරණා පාපිච‍්ඡො ඉච‍්ඡාපකතො අසන‍්තං අභූතං උත‍්තරිමනුස‍්සධම‍්මං උල‍්ලපති, ආජීවහෙතු ආජීවකාරණා සඤ‍්චරිත‍්තං සමාපජ‍්ජති, ආජීවහෙතු ආජීවකාරණා ‘යො තෙ විහාරෙ වසති සො භික‍්ඛු අරහා’ති භණති, ආජීවහෙතු ආජීවකාරණා භික‍්ඛු පණීතභොජනානි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති, ආජීවහෙතු ආජීවකාරණා භික‍්ඛූ සූපං වා ඔදනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති. අයං සා ආජීවවිපත‍්ති සම‍්මතා.
8. ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් ලාමක අදහස් ඇත්තේ ලාමක අදහසින් මඩනා ලදුයේ තමා කෙරෙහි නැති තමා කෙරෙහි නොවූ උතුරුමිනිස්ධර්‍ම පවසා ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් සඤ්චරිත්තයට පැමිණේ ද, ආජීව හේතුයෙන් ආජීව කාරණයෙන් “තොපගේ වෙහෙරැ යමෙක් වෙසේ ද ඒ මහණ රහත්”යි කියා ද, ආජීව හේතුයෙන් ආජීවකාරණයෙන් මහණ තමා පිණිස පිණිබොජුන් විනවා ගෙණ වළඳා ද, ආජීව හේතුයෙන් - ආජීව කාරණයෙන් මහණෙක් සූප හෝ ඕදන හෝ නොගිලන් වැ තමා පිණිස විනවා ගෙණ වළඳා ද, මේ ආජීවවිපත්ති යි සම්මත යි.
9. එකාදස යාවතතියකා තෙ සුණොහි යථා කථං, උක‍්ඛිත‍්තානුවත‍්තිකා අට‍්ඨ යාවතතියකා ; අරිට‍්ඨො චණ‍්ඩකාළී ච ඉමෙ තෙ යාවතතියකා.
9. යාවතතියක සිඛ එකොළොසෙකැ, ඒ කිසේ යැයි අසව: උක්ඛිත්තානුවත්ත යැ. යාවතතියක අට යැ, අරිට්ඨ යැ, චණ්ඩකාළියැ යන මොහු යාවතතියක සිඛයෝ යි.