යෙදුමෙන් කියවන්න

අධිකරණනිදානාදයො

අධිකරණනිදානාදයො

අධිකරණනිදානාදිය

1. විවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං : අනුවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං : ආපත‍්තාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං : කිච‍්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං :

1. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර (රැස්) කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: ආපත්තාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:

විවාදාධිකරණං විවාදනිදානං විවාදසමුදයං විවාදජාතිකං විවාදප‍්පභවං, විවාදසම‍්භාරං, විවාදසමුට‍්ඨානං. අනුවාදාධිකරණං අනුවාදනිදානං, අනුවාදසමුදයං, අනුවාදජාතිකං, අනුවාදප‍්පභවං, අනුවාදසම‍්භාරං, අනුවාදසමුට‍්ඨානං. ආපත‍්තාධිකරණං ආපත‍්තිනිදානං, ආපත‍්තිසමුදයං, ආපත‍්තිජාතිකං, ආපත‍්තිප‍්පභවං, ආපත‍්තිසම‍්භාරං, ආපත‍්තිසමුට‍්ඨානං. කිච‍්චාධිකරණං කිච‍්චයනිදානං, කිච‍්චයසමුදයං, කිච‍්චයජාතිකං, කිච‍්චයපභවං, කිච‍්චයසම‍්භාරං, කිච‍්චයසමුට‍්ඨානං.

විවාදාධිකරණය (අටළොස් භේදකර වස්තු සඞ්ඛ්‍යාත) විවාදය නිදාන කොට ඇත්තේ යැ, විවාදය සමුදය කොට ඇත්තේ යැ, විවාදය ජාති කොට ඇත්තේ යැ, විවාදය ප්‍රභවය කොට ඇත්තේ යැ, විවාදය සම්භාර කොට ඇත්තේ යැ, විවාදය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය චෝදනාව නිදාන කොට ඇත්තේ යැ, චෝදනාව සමුදය කොට ඇත්තේ යැ, චෝදනාව ජාති කොට ඇත්තේ යැ, චෝදනාව ප්‍රභව කොට ඇත්තේ යැ, චෝදනාව සම්භාර කොට ඇත්තේ යැ, චෝදනාව සමුට්ඨාන කොට ඇත්තේ යි. ආපත්තාධිකරණය ආපත්ති නිදාන කොට ඇත්තේ යැ, ආපත්ති සමුදය කොට ඇත්තේ යැ, ආපත්ති ජාති කොට ඇත්තේ යැ, ආපත්ති ප්‍රභව කොට ඇත්තේ යැ, ආපත්ති සම්භාර කොට ඇත්තේ යැ, ආපත්ති සමුට්ඨාන කොට ඇත්තේ යි. කිච්චාධිකරණය (සිවුවැදෑරුම්) සඞ්ඝකර්‍ම නිදාන කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුදය කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ජාති කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම ප්‍රභව කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සම්භාර කොට ඇත්තේ යැ, සඞ්ඝකර්‍ම සමුට්ඨාන කොට ඇත්තේ යි.

2. විවාදාධිකරණං කිංනිදානං කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං : අනුවාදාධිකරණං -පෙ- ආපත‍්තාධිකරණං -පෙ- කිච‍්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං :

2. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:

විවාදාධිකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුප‍්පභවං, හෙතුසම‍්භාරං, හෙතුසමුට‍්ඨානං. අනුවාදාධිකරණං -පෙ- ආපත‍්තාධිකරණං -පෙ- කිච‍්චාධිකරණං හෙතුනිදානං, හෙතුසමුදයං, හෙතුජාතිකං, හෙතුප‍්පභවං, හෙතුසම‍්භාරං, හෙතුසමුට‍්ඨානං.

විවාදාධිකරණය (කුසලාකුසල අව්‍යාකත) හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ. හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ, හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය හේතු නිදාන කොට ඇත්තේ යැ. හේතු සමුදය කොට ඇත්තේ යැ, හේතු ජාති කොට ඇත්තේ යැ, හේතු ප්‍රභව කොට ඇත්තේ යැ, හේතු සම්භාර කොට ඇත්තේ යැ. හේතු සමුට්ඨාන කොට ඇත්තේ යි.

3. විවාදාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං : අනුවාදාධිකරණං -පෙ- ආපත‍්තාධිකරණං -පෙ- කිච‍්චාධිකරණං කිංනිදානං, කිංසමුදයං, කිංජාතිකං, කිංපභවං, කිංසම‍්භාරං, කිංසමුට‍්ඨානං :

3. විවාදාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්: අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය කුමක් නිදාන කොට ඇත්තේ ද, කුමක් සමුදය කොට ඇත්තේ ද, කුමක් ජාති කොට ඇත්තේ ද, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද, කුමක් සම්භාර කොට ඇත්තේ ද, කුමක් සමුට්ඨාන කොට ඇත්තේ ද යත්:

විවාදාධිකරණං, පච‍්චයනිදානං, පච‍්චයසමුදයං, පච‍්චයජාතිකං, පච‍්චයපභවං, පච‍්චයසම‍්භාරං, පච‍්චයසමුට‍්ඨානං. අනුවාදාධිකරණං -පෙ- ආපත‍්තාධිකරණං -පෙ- කිච‍්චාධිකරණං පච‍්චයනිදානං, පච‍්චයසමුදයං, පච‍්චයජාතිකං, පච‍්චයපභවං, පච‍්චයසම‍්භාරං, පච‍්චයසමුට‍්ඨානං.

විවාදාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි. අනුවාදාධිකරණය ... ආපත්තාධිකරණය ... කිච්චාධිකරණය ප්‍රත්‍යය නිදාන කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුදය කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ජාති කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය ප්‍රභව කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය, සම්භාර කොට ඇත්තේ යැ, ප්‍රත්‍යය සමුට්ඨාන කොට ඇත්තේ යි.

අධිකරණමූලාදයො

අධිකරණමූලාදිය

1. චතුන‍්නං අධිකරණානං කති මූලානි, කති සමුට‍්ඨානා :

1. සතර අධිකරණයන්ගේ මුල් කෙතෙක් ද, සමුට්ඨාන කෙතෙක් ද යත්:

චතුන‍්නං අධිකරණානං තෙත‍්තිංස මූලානි, තෙත‍්තිංස සමුට‍්ඨානා.

සතර අධිකරණයන්ගේ මුල් තෙතිසෙක, සමුට්ඨාන තෙතිසෙකි.

2. චතුන‍්නං අධිකරණානං කතමානි තෙත‍්තිංස මූලානි :

2. සතර අධිකරණයන්ගේ මුල් තෙතිස කවර යත්:

විවාදාධිකරණස‍්ස ද‍්වාදස මූලානි, අනුවාදාධිකරණස‍්ස චුද‍්දස මූලානි, ආපත‍්තාධිකරණස‍්ස ඡ මූලානි, කිච‍්චාධිකරණස‍්ස එකං මූලං, සඞ‍්ඝො. චතුන‍්නං අධිකරණානං ඉමානි තෙත‍්තිංස මූලානි.

විවාදාධිකරණයාගේ මුල් දොළොසෙකැ, අනුවාදාධිකරණයාගේ මුල් තුදුසෙකැ, ආපත්තාධිකරණයාගේ මුල් සයෙකැ, කිච්චාධිකරණයාගේ මුල් එකෙකි, සඞ්ඝ තෙමේ යි. සතර අධිකරණයන්ගේ මේ මුල් තෙතිස යි.

3. චතුන‍්නං අධිකරණානං කතමෙ තෙත‍්තිංස සමුට‍්ඨානා :

3. සතර අධිකරණයන්ගේ සමුට්ඨාන තෙතිස කවර යත්:

විවාදාධිකරණස‍්ස අට‍්ඨාරසභෙදකරවත්‍ථූනි සමුට‍්ඨානා, අනුවාදාධිකරණස‍්ස චතස‍්සො විපත‍්තියො සමුට‍්ඨානා, ආපත‍්තාධිකරණස‍්ස සත‍්ත ආපත‍්තික‍්ඛන්‍ධා සමුට‍්ඨානා, කිච‍්චාධිකරණස‍්ස චත‍්තාරි කම‍්මානි සමුට‍්ඨානා. චතුන‍්නං අධිකරණානං ඉමෙ තෙත‍්තිංස සමුට‍්ඨානා.

විවාදාධිකරණයට අටළොස් භේදකර වස්තු සමුට්ඨානයෝ යැ, අනුවාදාධිකරණයට සතර විපත්තීහු සමුට්ඨානයෝ යැ, ආපත්තාධිකරණයට සත්තාපත්තිස්කන්‍ධයෝ සමුට්ඨානයෝ යැ, කිච්චාධිකරණයට සතර කර්‍මයෝ සමුට්ඨානයෝ යි. මේ තෙතිස සතර අධිකරණයන්ගේ සමුට්ඨාන යි.

අධිකරණපච‍්චයාපත‍්ති

අධිකරණප්‍රත්‍යයාපත්ති

1. විවාදාධිකරණං ආපත‍්තානාපත‍්තීති : විවාදාධිකරණං න ආපත‍්ති.

1. විවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: විවාදාධිකරණය ආපත්ති නො වේ.

කිං පන විවාදාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍යාති : ආම, විවාදාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍ය.

කිම, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, විවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.

විවාදාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : විවාදාධිකරණපච‍්චයා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති : උපසම‍්පන‍්නං ඔමසති ආපත‍්ති පාචිත‍්තියස‍්ස, අනුපසම‍්පන‍්නං ඔමසති ආපත‍්ති දුක‍්කටස‍්ස : විවාදාධිකරණපච‍්චයා ඉමා ද‍්වෙ ආපත‍්තියො ආපජ‍්ජති.

විවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: විවාදාධිකරණ හේතුයෙන් දෙඇවැත් අවදනේ යැ: උපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් පචිති ඇවැත් වෙයි, අනුපසපනක්හට (ජාත්‍යාදියෙන්) ගටා බෙණේ නම් දුකුළා ඇවැත් වේ. විවාදාධිකරණ හේතුයෙන් මේ දෙඇවැත් අවදනේ යි.

2. තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම‍්මන‍්ති :

2. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද යත්: සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං එකං විපත‍්තිං භජන‍්ති : ආචාරවිපත‍්තිං. චතුන‍්නං අධිකරණානං, ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං ද‍්වීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති. එකෙන අධිකරණෙන : කිච‍්චාධිකරණෙන. තීසු ඨානෙසු : සඞ‍්ඝමජ‍්ඣෙ, ගණමජ‍්ඣෙ, පුග‍්ගලස‍්ස සන‍්තිකෙ, තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් එක් ම ආචාරවිපත්තිය බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදැරුම් ආපත්ති ස්කන්‍ධ අතුරෙන් කිසි විටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැයි දෙආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. කිච්චාධිකරණය වූ එක් අධිකරණයෙන් සන්හිඳෙත්. සඟ මැද යැ ගණමැද යැ පුඟුලක්හු වෙතැ යි තුන් තන්හි යැ. කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

3. අනුවාදාධිකරණං ආපත‍්තානාපත‍්තීති : අනුවාදාධිකරණං න ආපත‍්ති.

3. අනුවාදාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: අනුවාදාධිකරණය ආපත්ති නො වේ.

කිම‍්පන අනුවාදාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍යාති : ආම, අනුවාදාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍ය.

කිම, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, අනුවාදාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.

අනුවාදාධිකරණපච‍්චයා, කති ආපත‍්තියො ආපජ‍්ජති : අනුවාදාධිකරණපච‍්චයා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛුං අමූලකෙන පාරාජිකෙනධම‍්මෙන අනුද‍්ධංසෙති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස, අමූලකෙන සඞ‍්ඝාදිසෙසෙන අනුද‍්ධංසෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස, අමූලිකාය ආචාරවිපත‍්තියා අනුද‍්ධංසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුවාදාධිකරණපච‍්චයා ඉමා තිස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

අනුවාදාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: අනුවාදාධිකරණ හේතුයෙන් තුන් ඇවැත් අවදනේ යි: මහණක්හට අමූලක පාරාජිකාපත්තියෙන් චෝදනා කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අමූලකසඞ්ඝාදිසේසාපත්තියෙන් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි, අමූලක ආචාරවිපත්තියෙන් චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අනුවාදාධිකරණ හේතුයෙන් මේ තුන් ඇවැත් අවදනේ යි.

4. තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම‍්මන‍්ති :

4. ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහා ද, සවැදැරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. චතුන‍්නං අධිකරණානං, ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං තීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං තීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති. යා තා ආපත‍්තියො ගරුකා තා ආපත‍්තියො එකෙන අධිකරණෙන, කිච‍්චාධිකරණෙන.

ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාර විපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි තුන් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහ. සවැදෑරුම් ආපත්ති සමුට්ඨාන අතුරෙන් තුන් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ ගරු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන්

එකම‍්හි ඨානෙ සඞ‍්ඝමජ‍්ඣෙ. ද‍්වීහි සමථෙහි සම‍්මන‍්ති : සම‍්මුඛාවිනයෙන ච, පටිඤ‍්ඤාතකරණෙන ච. යා තා ආපත‍්තියො ලහුකා, තා ආපත‍්තියො එකෙන අධිකරණෙන කිච‍්චාධිකරණෙන. තීසු ඨානෙසු : සඞ‍්ඝමජ‍්ඣෙ ගණමජ‍්ඣෙ පුග‍්ගලස‍්ස සන‍්තිකෙ. තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

සඟමැද යැ යන එක් තැනෙක්හි සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් සන්හිඳෙති. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් අධිකරණයෙකින්, සඟමැද යැ ගණමැද යැ පුඟුල්හු වෙතැ යි යන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි යන තුන් ශමථයෙන් සන්හිඳෙත්.

5. ආපත‍්තාධිකරණං ආපත‍්තානාපත‍්තීති : ආපත‍්තාධිකරණං ආපත‍්ති.

5. ආපත්තාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: ආපත්තාධිකරණය ආපත්ති වේ.

කිම‍්පන ආපත‍්තාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍යාති : ආම, ආපත‍්තාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍ය.

කිම ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, ආපත්තාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යි.

ආපත‍්තාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : ආපත‍්තාධිකරණපච‍්චයා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති : භික‍්ඛුනී ජානං පාරාජිකං ධම‍්මං පටිච‍්ඡාදෙති ආපත‍්ති පාරාජිකස‍්ස, වෙමතිකා පටිච‍්ඡාදෙති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස, භික‍්ඛු සඞ‍්ඝාදිසෙසං පටිච‍්ඡාදෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස, ආචාරවිපත‍්තිං පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස ආපත‍්තාධිකරණපච‍්චයා ඉමා චතස‍්සො ආපත‍්තියො ආපජ‍්ජති.

ආපත්තාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: ආපත්තාධිකරණ හේතුයෙන් සතර ඇවැත් අවදනේ යැ: මෙහෙණක් තොමෝ දැන දැන පරිජි ඇවැත සඟවා නම් පරිජි ඇවැත් වෙයි, විමති ඇත්තී සඟවා නම් ථුලැසි ඇවැත් වෙයි, මහණෙක් තෙමේ සඟවෙසෙස් ඇවැත සඟවා නම් පචිති ඇවැත් වෙයි, ආචාරවිපත්තිය සඟවා නම් දුකුළා ඇවැත් වේ. ආපත්තාධිකරණ හේතුයෙන් මේ සතර ඇවැත් අවදනේ යි.

6. තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති, චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, කතීහි අධිකරණෙහි කතීසු ඨානෙසු කතීහි සමථෙහි සම‍්මන‍්ති :

6. ඒ ඇවැත්හු සිවු වැදෑරුම් විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සිවු වැදෑරුම් අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. චතුන‍්නං අධිකරණානං ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං චතූහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. යා සා ආපත‍්ති අනවසෙසා සා ආපත‍්ති න කතමෙන අධිකරණෙන න කතමම‍්හි ඨානෙ, න කතමෙන සමථෙන සම‍්මති, යා තා ආපත‍්තියො. ලහුකා තා ආපත‍්තියො එකෙන අධිකරණෙන කිච‍්චාධිකරණෙන තීසු ඨානෙසු සඞ‍්ඝමජ‍්ඣෙ ගණමජ‍්ඣෙ පුග‍්ගලස‍්ස සන‍්තිකෙ. තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛා විනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සතර විපත් අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත් වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි සතර ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහකරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කයින් ද වචනයෙන් ද සිතින් දැයි එක් සමුට්ඨානයෙකින් නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි කවර ශමථයෙකිනුදු නො සන්හිඳේ. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙකින් සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැයන තුන් තන්හි කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැ යි තුන් ශමථයෙන් සන්හිඳෙත්.

7. කිච‍්චාධිකරණං ආපත‍්තානාපත‍්තීති : කිච‍්චාධිකරණං නාපත‍්ති.

7. කිච්චාධිකරණය ආපත්ති ද අනාපත්ති ද යත්: කිච්චාධිකරණය ආපත්ති නොවේ.

කිම‍්පන කිච‍්චාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍යාති : ආම, කිච‍්චාධිකරණපච‍්චයා ආපත‍්තිං ආපජ‍්ජෙය්‍ය.

කිම, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ ද යත්: එසේ යැ, කිච්චාධිකරණ හේතුයෙන් ඇවැත් අවදනේ යැ.

කිච‍්චාධිකරණපච‍්චයා කති ආපත‍්තියො ආපජ‍්ජති : කිච‍්චාධිකරණපච‍්චයා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති : උක‍්ඛිත‍්තානුවත‍්තිකා භික‍්ඛුනී යාව තතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජති ඤත‍්තියා දුක‍්කටං, ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා, කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාරාජිකස‍්ස. භෙදකානුවත‍්තකා භික‍්ඛූ යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්ති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස, පාපිකාය දිට‍්ඨියා යාවතතියං සමනුභාසනාය නප‍්පටිනිස‍්සජ‍්ජන‍්ති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. කිච‍්චාධිකරණපච‍්චයා ඉමා පඤ‍්ච ආපත‍්තියො ආපජ‍්ජති.

කිච්චාධිකරණ හේතුයෙන් කෙතෙක් ඇවැත් අවදනේ ද යත්: කිච්චාධිකරණ හේතුයෙන් පස් ඇවැත් අවදනේ යැ: උඛෙව්නීකම් අනුව වැටෙන මෙහෙණ තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරී නම් ඤත්තියෙහි දුකුළා වෙයි, දෙකම්වදනින් ථුලසීහු වෙති, කම්වදන් පිරියතැ පරිජි ඇවැත් වේ. භේදානුවර්‍තක භික්‍ෂූහු තුන්යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ලාමකදෘෂ්ටියෙහි තුන් යළ තෙක් සමනුභාසනකම් කරණ කල්හි එය නො හරිත් නම් පචිති ඇවැත් වේ. කිච්චාධිකරණ හේතුයෙන් මේ පස් ඇවැත් අවදනේ යි.

8. තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං කති විපත‍්තියො භජන‍්ති. චතුන‍්නං අධිකරණානං කතමං අධිකරණං, සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං කතීහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා, ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං කතීහි සමුට‍්ඨානෙහි සමුට‍්ඨන‍්ති, කතීහි අධිකරණෙහි කතිසු ඨානෙසු කතීහි සමථෙහි සම‍්මන‍්ති :

8. ඒ ඇවැත් සතර විපත් අතුරෙන් කෙතෙක් විපත් බෙජෙත් ද, සතර අධිකරණ අතුරෙන් කිනම් අධිකරණයෙක් ද, සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කෙතෙක් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු ද, සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් කෙතෙක් සමුට්ඨානයෙන් නගිත් ද, කෙතෙක් අධිකරණයෙන් කෙතෙක් තන්හි කෙතෙක් ශමථයෙන් සන්හිඳෙත් ද යත්:

තා ආපත‍්තියො චතුන‍්නං විපත‍්තීනං ද‍්වෙ විපත‍්තියො භජන‍්ති : සියා සීලවිපත‍්තිං, සියා ආචාරවිපත‍්තිං. චතුන‍්නං අධිකරණානං : ආපත‍්තාධිකරණං. සත‍්තන‍්නං ආපත‍්තික‍්ඛන්‍ධානං පඤ‍්චහි ආපත‍්තික‍්ඛන්‍ධෙහි සඞ‍්ගහිතා : සියා පාරාජිකාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා සඞ‍්ඝාදිසෙසාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා ථුල‍්ලච‍්චයාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා පාචිත‍්තියාපත‍්තික‍්ඛන්‍ධෙන, සියා දුක‍්කටාපත‍්තික‍්ඛන්‍ධෙන. ඡන‍්නං ආපත‍්තිසමුට‍්ඨානානං එකෙන සමුට‍්ඨානෙන සමුට‍්ඨන‍්ති : කායතො ච වාචතො ච චිත‍්තතො ච සමුට‍්ඨන‍්ති. යා සා ආපත‍්ති අනවසෙසා, සා ආපත‍්ති න කතමෙන අධිකරණෙන න කතමම‍්හි ඨානෙ න කතමෙන සමථෙන සම‍්මති. යා සා ආපත‍්ති ගරුකා, සා ආපත‍්ති එකෙන අධිකරණෙන කිච‍්චාධිකරණෙන. එකම‍්හි ඨානෙ සඞ‍්ඝමජ‍්ඣෙ. ද‍්වීහි සමථෙහි සම‍්මති : සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච. යා තා ආපත‍්තියො ලහුකා, තා ආපත‍්තියො එකෙන අධිකරණෙන කිච‍්චාධිකරණෙන. තීසු ඨානෙසු සඞ‍්ඝමජ‍්ඣෙ ගණමජ‍්ඣෙ පුග‍්ගලස‍්ස සන‍්තිකෙ. තීහි සමථෙහි සම‍්මන‍්ති : සියා සම‍්මුඛාවිනයෙන ච පටිඤ‍්ඤාතකරණෙන ච, සියා සම‍්මුඛාවිනයෙන ච තිණවත්‍ථාරකෙන ච.

ඒ ඇවැත්හු සතර විපත්ති අතුරෙන් කිසිවිටෙක ශීලවිපත්තිය ද කිසිවිටෙක ආචාරවිපත්තිය දැ යි විපත් දෙකක් බෙජෙත්. සතර අධිකරණ අතුරෙන් ආපත්තාධිකරණ යි. සත්වැදෑරුම් ආපත්තිස්කන්‍ධ අතුරෙන් කිසිවිටෙක පාරාජිකාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක සඞ්ඝාදිසේසාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක ථුල්ලච්චයාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක පාචිත්තියාපත්තිස්කන්‍ධයෙන් ද, කිසිවිටෙක දුක්කටාපත්තිස්කන්‍ධයෙන් දැ යි පස් ආපත්තිස්කන්‍ධයෙන් සඞ්ග්‍රහ කරණ ලදහු යැ. සවැදෑරුම් ආපත්තිසමුට්ඨාන අතුරෙන් එක් සමුට්ඨානයෙකින් නගිත්: කයින් ද වචනයෙන් ද සිතින් ද නගිත්. යම් ඒ පරිජි ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කවර අධිකරණයෙනුදු නො සන්හිඳෙයි, කවර තැනෙක්හිදු නො සන්හිඳෙයි, කවර ශමථයෙනුදු නො සන්හිඳේ. යම් ඒ ගරු ඇවැතෙක් වේ ද, ඒ ඇවැත කිච්චාධිකරණ නම් වූ එක් මැ අධිකරණයෙන් ද සඟමැද නම් වූ එක් තැනෙක්හි ද සම්මුඛාවිනයෙන් හා පටිඤ්ඤාතකරණයෙන් දැ යි දෙ ශමථයෙන් ද සන්හිඳෙයි. යම් ඒ ලුහු ඇවැත්හු වෙත් ද, ඒ ඇවැත්හු කිච්චාධිකරණ නම් වූ එක් ම අධිකරණයෙන් ද සඟමැද ගණමැද පුඟුලක්හු වෙතැ යන තුන් තන්හි ද කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද පටිඤ්ඤාතකරණයෙන් ද, කිසිවිටෙක සම්මුඛාවිනයෙන් ද තිණවත්‍ථාරකයෙන් දැයි තුන් ශමථයෙන් සන්හිඳෙත්.