යෙදුමෙන් කියවන්න

අධිකරණාධිප‍්පායො

අධිකරණාධිප‍්පායො

අධිකරණාභිප්‍රාය

1. විවාදාධිකරණං හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං :

1. විවාදාධිකරණය අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද යත්:

විවාදාධිකරණං න හොති අනුවාදාධිකරණං, න හොති ආපත‍්තාධිකරණං, න හොති කිච‍්චාධිකරණං. අපිච විවාදාධිකරණපච‍්චයා හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං. යථා කථං විය : ඉධ භික‍්ඛූ විවදන‍්ති ධම‍්මොති වා අධම‍්මොති වා දුට‍්ඨුල‍්ලාපත‍්තීති වා -පෙ- දුට‍්ඨුල‍්ලාපත‍්තීති වා, අදුට‍්ඨුල‍්ලාපත‍්තීති වා, යං තත්‍ථ භණ‍්ඩනං කලහො විග‍්ගහො විවාදො නානාවාදො අඤ‍්ඤථාවාදො විපච‍්චතාය වොහාරො මෙධගං ඉදං වුච‍්චති විවාදාධිකරණං, විවාදාධිකරණෙ සඞ‍්ඝො විවදති විවාදාධිකරණං,

විවාදාධිකරණය අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වේ. එහෙත් විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ධර්‍මය කියා හෝ අධර්‍මය කියා හෝ ... තුළුල් ඇවැත් කියා හෝ නො තුළුල් ඇවැත් කියා හෝ විවාද කරත් නම් එහි යම් අරගලයෙක් කලහයෙක් විරුද්ධග්‍රහණයෙක් විරුද්ධවාදයෙක් නානාවාදයෙක් අන්‍යථාවාදයෙක් සිතෙහි දුක් ඇති කිරීම පිණිස වූ පරුෂ වචනයෙක් ඩබරයෙක් වේ ද, මෙය විවාදාධිකරණ යයි කියනු ලැබේ. විවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණය යි.

විවදමානො අනුවදති අනුවාදාධිකරණං, අනුවදමානො ආපත‍්තිං ආපජ‍්ජති ආපත‍්තාධිකරණං, තාය ආපත‍්තියා සඞ‍්ඝො කම‍්මං කරොති කිච‍්චාධිකරණං. එවං විවාදාධිකරණපච‍්චයා හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං.

විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි. චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණය යි. ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ විවාදාධිකරණ හේතුයෙන් අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වේ.

2. අනුවාදාධිකරණං හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං.

2. අනුවාදාධිකරණය ආපත්තාධිකරණය වේ ද, කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද යත්:

අනුවාදාධිකරණං න හොති ආපත‍්තාධිකරණං, න හොති කිච‍්චාධිකරණං, න හොති විවාදාධිකරණං, අපි ච අනුවාදාධිකරණපච‍්චයා හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං, යථා කථං විය : ඉධ භික‍්ඛූ භික‍්ඛුං අනුවදන‍්ති සීලවිපත‍්තියා වා ආචාරවිපත‍්තියා වා දිට‍්ඨිවිපත‍්තියා වා ආජීවවිපත‍්තියා වා, යො තත්‍ථ අනුවාදො අනුවදනා අනුල‍්ලපනා අනුභණනා අනුසම‍්පවඞ‍්කතා අබ‍්භුස‍්සහනතා අනුබලප‍්පදානං, ඉදං වුච‍්චති අනුවාදාධිකරණං, අනුවාදාධිකරණෙ සඞ‍්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං. අනුවදමානො ආපත‍්තිං ආපජ‍්ජති ආපත‍්තාධිකරණං. තාය ආපත‍්තියා සඞ‍්ඝො කම‍්මං කරොති කිච‍්චාධිකරණං. එවං අනුවාදාධිකරණපච‍්චයා හොති ආපත‍්තාධිකරණං, හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං.

අනුවාදාධිකරණය ආපත්තාධිකරණය නො වෙයි, කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වේ. එහෙත් අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: මේ ශාසනයෙහි භික්‍ෂූහු ශීලවිපත්තියෙන් හෝ ආචාරවිපත්තියෙන් හෝ දෘෂ්ටි විපත්තියෙන් හෝ ආජීව විපත්තියෙන් හෝ මහණක්හට චෝදනා කරත් නම් එහි යම් චෝදනා කිරීමෙක් පුනපුනා කීමෙක් පුනපුනා තෙපලීමෙක් පුනපුනා බිණුමෙක් පුනපුනා තිදෙරින් අවනතවීමෙක් දැඩි නැඟී සිටීමෙක් අනුබල දීමෙක් වේ ද, මෙය අනුවාදාධිකරණය යි කියනු ලැබේ. අනුවාදාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණයි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ අනුවාදාධිකරණ හේතුයෙන් ආපත්තාධිකරණය වෙයි, කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වේ.

3. ආපත‍්තාධිකරණං හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං.

3. ආපත්තාධිකරණය කිච්චාධිකරණය වේ ද, විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද යත්:

ආපත‍්තාධිකරණං න හොති කිච‍්චාධිකරණං, න හොති විවාදාධිකරණං, න හොති අනුවාදාධිකරණං, අපි ච ආපත‍්තාධිකරණපච‍්චයා හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං. යථා කථං විය : පඤ‍්චපි ආපත‍්තික‍්ඛන්‍ධා ආපත‍්තාධිකරණං, සත‍්තපි ආපත‍්තික‍්ඛන්‍ධා ආපත‍්තාධිකරණං, ඉදං වුච‍්චති ආපත‍්තාධිකරණං. ආපත‍්තාධිකරණෙ සඞ‍්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං. අනුවදමානො ආපත‍්තිං ආපජ‍්ජති ආපත‍්තාධිකරණං. තාය ආපත‍්තියා සඞ‍්ඝො කම‍්මං කරොති කිච‍්චාධිකරණං. එවං ආපත‍්තාධිකරණපච‍්චයා හොති කිච‍්චාධිකරණං, හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං.

ආපත්තාධිකරණය කිච්චාධිකරණය නො වෙයි, විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වේ. එහෙත් ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ. කෙබඳු යැ යත්: ඇවැත්කඳු පස ම ආපත්තාධිකරණ යි, ඇවැත් කඳු සත ම ආපත්තාධිකරණ යි, මෙය ආපත්තාධිකරණ යි කියනු ලැබේ. ආපත්තාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාදා කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවැතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ ආපත්තාධිකරණ හේතුයෙන් කිච්චාධිකරණය වෙයි, විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වේ.

4. කිච‍්චාධිකරණං හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං :

4. කිච්චාධිකරණය විවාදාධිකරණය වේ ද, අනුවාදාධිකරණය වේ ද, ආපත්තාධිකරණය වේ ද යත්:

කිච‍්චාධිකරණං න හොති විවාදාධිකරණං, න හොති අනුවාදාධිකරණං, න හොති ආපත‍්තාධිකරණං, අපි ච කිච‍්චාධිකරණපච‍්චයා හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං. යථා කථං විය : යා සඞ‍්ඝස‍්ස කිච‍්චයතා කරණීයතා අපලොකනකම‍්මං ඤත‍්තිකම‍්මං ඤත‍්තිදුතියකම‍්මං ඤත‍්තිචතුත්‍ථකම‍්මං. ඉදං වුච‍්චති කිච‍්චාධිකරණං. කිච‍්චාධිකරණෙ සඞ‍්ඝො විවදති විවාදාධිකරණං. විවදමානො අනුවදති අනුවාදාධිකරණං, අනුවදමානො ආපත‍්තිං ආපජ‍්ජති ආපත‍්තාධිකරණං. තාය ආපත‍්තියා සඞ‍්ඝො කම‍්මං කරොති කිච‍්චාධිකරණං. එවං කිච‍්චාධිකරණපච‍්චයා හොති විවාදාධිකරණං, හොති අනුවාදාධිකරණං, හොති ආපත‍්තාධිකරණං.

කිච්චාධිකරණය විවාදාධිකරණය නො වෙයි, අනුවාදාධිකරණය නො වෙයි, ආපත්තාධිකරණය නො වේ. එහෙත් කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණය වෙයි, අනුවාදාධිකරණය වෙයි, ආපත්තාධිකරණය වේ. කෙබඳු යැ යත්: සඞ්ඝයාගේ අපලෝකන කර්‍ම යැ ඤත්ති කර්‍ම යැ ඤත්තිදුතිය කර්‍ම යැ ඤත්තිචතුත්‍ථ කර්‍ම යැ යි යම් කෘත්‍යභාවයක් කටයුතු බවෙක් වේ ද, මෙය කිච්චාධිකරණ යැ යි කියනු ලැබේ. කිව්වාධිකරණයෙහි සඞ්ඝ තෙමේ විවාද කෙරේ නම් විවාදාධිකරණ යි, විවාද කරමින් චෝදනා කෙරේ නම් අනුවාදාධිකරණ යි, චෝදනා කරමින් ඇවැතට පැමිණේ නම් ආපත්තාධිකරණ යි, ඒ ඇවතින් සඞ්ඝ තෙමේ කර්‍ම කෙරේ නම් කිච්චාධිකරණ යි. මෙසේ කිච්චාධිකරණ හේතුයෙන් විවාදාධිකරණ වෙයි, අනුවාදාධිකරණ වෙයි, ආපත්තාධිකරණ වේ.